Katha Ahura

? ඔහුත් නපුරෙක් ?| දහවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (1 vote)

ඔහුත් නපුරෙක්……

…………දහවෙනි කොටස…………..

❤️ සතියකට පසු.❤️

සතියක විතර කාලයක් ගෙවිලා ගියේ හරි ඉක්මනට.ඒ කාලෙදි අම්මියි  චූටීයි ඇරෙන්න තාත්ති මා එක්ක කතා බහක් නොකර තරම්..කොයි තරම් ට්‍රයි කරත් කතා කරන්න තාත්ති මාව පුදුම විදියට මග ඇරියේ..

හිත රිදුනෙ නෑ කිව්වොත් නම් ඒක බොරුවක්.. කවදාවත් තාත්ති මේ විදියට මට කතා නොකර ඉඳලා නෑ..මේ හැමදේම අහස් නිසා..ඒ සෙවල පෙඳෙයියා ගැන මට තිබ්බ තරහා තවත් වැඩි උනා මිසක් ඒක අඩු උනේ නම් නෑ..

සතියක් තිස්සේ මූඩ් අප්සෙට් නිසා ගෙදරින් එළියටවත් බැස්සෙ නැතිව ගෙදරට වෙලා හිටිය මට විනූ කතා කරලා හෙට ශොපින් යං කිව්වමනම් මං එක පයින් කැමති උනේ ඒක මගෙ ෆේවරිට්ම වැඩක් නිසා…මොනා උනත් මේ දවස් ටික ඇතුලෙනම් අහස් කියන නම නම් ගේ ඇතුලෙ කියවුනේම නෑ…

“අක්කි මේ…. මේක තමුසෙට “

රූම් එකට වෙලා  කාර්ටූන් එකක් බල බල හිටිය මට කතා කරේ චූටි..ටීවි එකත් ඕෆ් කරලා මං බැලුවෙ චූටි දිහාවෙ..

” කෝ….දෙනවා බලන්න ඕක “

ලස්සන සිල්වර් කලර් බොක්ස් එකක් චූටි අතේ තියනවා දැක්ක මං ඒක උදුරලා ගත්තෙ හරි ආසාවෙන්… බොක්ස් එක මෙහෙම ලස්සන නම් ඇතුලෙ තියන එක කොහොම ලස්සන ඇතිද… එහෙම හිත හිත මං ඒක ඕපන් කරද්දිම චූටිත් ඇවිත් මං ලඟ වාඩි උනා..

” වාව්……. වොච් එකක් ..ඒකෙ ලස්සන යකෝ..කොහෙන්ද ඕයි මේක තමුසෙට…අනික මේක රට එකක්.. ඒත් බං මේක බෝයිස්ලා යූස් කරන එක්කනෙ  “

වොච් එක අතට අරන් ඒකෙ ලස්සන බලන අතරෙ චූටි ගෙන් මං එහෙම ඇහුවෙ පුදුම වෙලා..

” යසිත්ගෙ බර්ත් ඩේ එකද ? ”

චූටි කට අරින්න හදනකොට මං ආයෙත් එහෙම ඇහුවෙ බෝයිස්ලා යූස් කරන වොච් එකක් නිසා…අපෙ ගෙදරට ඉන්න කොලු පරානෙ ඉතින් යසිත්නෙ..

“අයියෝ නෑ අනේ..යසී බබාගේ බර්ත් ඩේ එකට තව කල් තියෙනවා..මේක තාත්ති ඔයාට දෙන්න කිව්වෙ..”

මගෙ කියවිල්ල නිසාමද කොහෙද චූටි එහෙම කිව්වේ මල පැනලා වගේ.

” වට්… තාත්ති දුන්නා…මට…. ඒකත් මේ බෝයිස්ලා යූස් කරන එකක්..”

“අනේ මන්දා… දැන් ආවම ඕක මට දීලා කිව්වා ලොකූට දෙන්න කියලා…තමුසෙට දෙන්න කලින් මාත් බලන්න එපැයිි.ඒ නිසා කලින්ම මම ඕක බලලා ගෙනාවේ…ඕක ලස්සන බෑග් එහෙක තිබ්බෙ.. ඉන්නව මං අරන් එන්නම්..”

චූටි එහෙම කියලා එයාගේ රූම් එකට ගියා..

යසිත්ටත් නැතුව මේක තාත්ති මටම දෙන්න කිව්වෙ ඇයි දන්නෙ නෑ..ඒත් ඉතිං බෝයිස්ලා යූස් කරන එකක්..එක්කො තාත්තිට වැරදිලා ග(ර්)ල්ස්ලා යූස් කරන එකක් වෙනුවට මේක ගෙනත් ඇත්තෙ..මොක උනත් සෑහෙන්න වටිනවා..අනේ මගෙ තාත්ති..මේ දවස්වල කතා කරෙත් නෑනෙ මට..දුක හිතිලද කොහෙද…

මං වොච් එකත් අතේ එකත් අතේ තියන් මනෝ ගහන අතරෙ ආයෙම චූටි ආවෙ ආවෙ ලස්සන බෑග් එකක් අරන්..යකෝ ඒකෙ ලස්සන…මං බෑග් එකත් උදුරන් ඉක්මනට වොච් එකත්  බොක්ස් එකට දාලා ඒක බෑග් එකට දාලා අල්මාරියට දැම්මෙ වැඩි පරිස්සමට.. නැත්තන් මගෙ පිලිවෙලත් එක්ක ආයෙ ඕක හොයනවා බොරු…මොනා උනත් ඒක තාත්ති දීපු එක…පස්සෙ තාත්තිට කියලා මේක මාරුවක් කරගන්න බැරියැ…

“අක්කි….එනවා යන්න කෑම කන්න…”

චූටි කියද්දී මාත් කෙල්ලගෙ කරට වටින් අත දාගෙන පහලට බැස්සෙ පොඩ්ඩක් මේකිව අවුස්සන්නත් හිතාගෙන…මූනෙ හැටියට නම් ටිකක් අප්සෙට් එකේ වගේ කෙල්ල..පව් ඉතින්…තාත්ති මට වොච් එකක් දීපු හින්දා තමයි ශුවර් එකටම.. පොඩ්ඩක් අවුස්සලා ගන්න ඕන..

” චූටි මේ….එක අතකට මට තමුසෙ පව් කියලා හිතෙනවා ඕයි …”

මං සීරියස් මූඩ් එකකින් එහෙම කියන ගමන්  බැලුවෙ චූටිගෙ මූන…

” ඇයි ඒ…”

නළලත් රැලි කරන් චූටි එහෙම අහන ගමන් මං දිහා බැලුවා…

“නෑ ඉතින්…බලන්නකෝ…තාත්ති මේ දවස්වල මා එක්ක කතා නොකරට ඒවට හරියන්නත් එක්ක අද ගෙනාව ගිෆ්ට් එක.. සෑහෙන්න වටිනවා මං හිතන්නෙ ලක්ෂ තුන හතරක් විතර….මං ඉතින් එයාගෙ ප්‍රින්සස්නේ….”

මං එහෙම කියන ගමන් කොන්ඩ කෑල්ලක් අරන් කරකව කරකව ලාවට බැලුවෙ චූටි දිහාවෙ..පුපුරන සයිස් එක කෙල්ලගෙ මූන..

“ඉතින් මට මොකද? ”

චූටි එහෙම ඇහුවෙ තරහෙන්… නට්ටෙට තද වෙලා මේකිට… ඒත් ඉතිං මං සැලෙනවද… යසිත් එක්ක එකතු වෙලා අනිත් වෙලාවට මාව පච කරන එකට රිටර්න් එකක් දෙන්න එපැයි…

“නෑ…මේකයි…මම තමුසෙට ඒ කාලෙ ඉඳන්ම කියනවනෙ තමුසෙව හදාගන්න ගත්ත ළමයෙක් කියලා.. නැත්තන් බලනවා, අද මට  වොච් එකක් ගෙනාවා.. ඒත් තමුසෙට ගෙනාවද ?නෑනෙ..ඒකෙන්ම හිතාගන්න බැරි ද? අනික තමුසෙ දැන් ඔය මගෙ පාටට හිටියට ඉස්සර කට්ට කලුයි…අම්මියි මායි තාත්තියි තමුසෙව අපෙ පාටට ගන්න පුදුම කට්ටක් කෑවෙ.. නැත්තන් වෙනස පේනවනෙ පිට අයට..අනික…”

ඉතුරු ටික කියන්න යද්දිම චූටි මගෙ අතත් අයින් කරලා ගස්සන් මාව දාලා යන්න ගියේ මං හයියෙන් හිනා වෙද්දි…හනෙ අම්මේ මෙහෙමත් එකියක්..විහිලුවක්වත් තේරෙන්නෙ නැති හැටි...

මං එහෙම හිත හිත ම ගිහින් කෑම මේසෙ වාඩි උනේ අනිත් තුන් දෙනා ඒ වෙද්දී වාඩි වෙලා ඉද්දි..

” ලොකූ……”

කෑම බෙදාගන්න අතරෙ තාත්ති මට කතා කරේ ..අදනම් පට්ට හැපී මට..සතියකට පස්සේ තාත්ති කතා කරේ..

“කියන්න තාත්ති…”

හිතේ තිබ්බ සතුටත් එක්කම මම හිනා වෙලා තාත්තිගෙන් එහෙම ඇහුවෙ..” 

“හෙට ගමනක් යන්න තියනවා.. ලෑස්ති වෙන්න..”

“ඒ කොහෙද තාත්ති”

  තාත්ති එහෙම කියද්දි මං අහන්නත් කලින් චූටි එහෙම ඇහුවා..

” බර්ත් ඩේ පා(ර්)ටි එකක් චූටි.. තුන්දෙනාම හෙට හවස් වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ඕකේ..”

තාත්ති එහෙම කියලා අම්මිගෙයි චූටිගෙයි මගෙයි දිහා පිලිවෙලට බැල්මක් දාගෙන ගියා..

“ඒත් කාගෙද තාත්ති බර්ත් ඩේ එක..”

මං එහෙම ඇහුවෙ යන්න කලින් කාගෙ බර්ත් ඩේ එකද කියලා දැනගන්න..අනික යන්න ඕනම කෙනෙක් ගෙද නැද්ද කියලා දැනගන්නත් එපැයි…

“කාගෙ බර්ත් ඩේ එකද කියලා ගිහාම බලාගන්න ලොකූ..ප්‍රශ්න අහන්න එපා..අනික මම චූටි අතේ එවපු ගිෆ්ට් එක තියනවා නේද..ඒක ලස්සනට රැපින් කරලා ලෑස්ති කරන්න හෙට අරන් යන්න..ඕකේ…”

තාත්ති එහෙම කියද්දිම මගෙ මූන රත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..එතකොටම මට ඇහුනෙ චූටිගේ හිනාව…ශැක් යකෝ…වලක් කපන් වැලලිලා ගියත් මදි මේ වෙච්චි නව නිංගිරාවට…යකෝ මං එද්දි චූටිට කියපු කතා ටික..

“චූටි….. කනකොටවත් සංවරව කනවා ළමයෝ…හැදෙනවා අන්තිමයි දැන්…”

අම්මි චූටිට සැර කරද්දි තමා මං ඒ දිහා බැලුවෙ… චූටි මං දිහා බැලුවෙ චාටර් හිනාවක් දැම්මෙ…යකෝ රෙදි නැතුව ඉන්නවා සැපයි දැන්නම්…ඔක්කොමත් හරි මේකි යසිත් ට කිව්වොත් තමා වැඩේ..මං ලාවට හිනාවක් දාලා ආයෙම කෑම කන්න පටන් ගත්තා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ?? පව් නේද ලමයි තමීරා… අදහසක් කියාගෙන යන්න කට්ටිය…?

 

 

 

 

 

 

 

 

 

 

 

 ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්

 

 

 

56 thoughts on “? ඔහුත් නපුරෙක් ?| දහවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා”

      1. ?මේ අක්කණ්ඩිය දැන් පවසනු මේ අලුත් ලෙඩෙද ඇප් එකට හැදුන ……….නැති නම් කියන්නේ?……….නරංජනාලු එ සැරේ……..

        1. රිතූ ?

          අර්ර්…. මෝඩි…. නෙරන්ජලා තමා අද 1st comment ??? නැති නමක් නෙමේ… තියෙන නමක් කිව්වේ ?

          ඒ කමෙන්ට් පෙන්නේ මොලේ තියෙන අයට විතරයි පිනෝ ?

          1. අනේ අක්කි එයාගෙ comment එක පෙන්නේ නෑනේ ??

        1. හරි මට මොලේ නැ…….නෑ නෙමෙයි කොහොමත් නැ….?පෙන්ඩින්…..?මේ මේ කව්‍රැ හරි මට මේක විස්තර කරලා තෙරැම් කරනව්ද ……….මොනා උනත 1st උන කෙනාට මන් ගානේ……??මොකුත් නැ……?දැන් බඩු හරි ගණන් අප්පා

          1. රිතූ ?

            එයාගේ කමෙන්ට් බලන්න ඕනි නම් කමෙන්ට් ලිස්ට් එකට යන්න පිනෝ ?????? මෙතන පෙන්නන්නේ නෑ ඒවා ?????? පෙන්ඩින්

          2. ?කොහෙද අක්කි එහෙම එකක් තියෙන්නේ………අප්ඩේට් එකෙන් පස්සේ අද මම ආවේ නිකක් කරකවලා ඇරිය වගේ…….හරියටම කිව්වොත අප්ඩේට් කරේ අද?

  1. රිතූ ?

    හයියෝ තමීරා ???????

    පව් අප්පා…. චාටර් වුණා ?????

    ෂුවර් එකටම බර්ත්ඩේ එක අහස් ගේ වෙන්න ඇති ? ඕක කලින් කිව්වොත් මේ පාරත් තමීරා මොකක් හරි මගුලක් කරයි කියලා වෙන්න ඇති තාත්තා ඒක කිව්වේ නැත්තේ ?

    හෙට බලමු මොකෝ වෙන්නේ කියලා ?

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

  2. රිතූ ?

    මේ කෝ අනේ ඔමී ??? ආවේ නෑනේ කාලෙකින් ??? එතකොට අර දිගට හරහට අලුත් සෙට් එකක් ආවේ… එයාලත් නෑ නේ ???

  3. රිතූ ?

    නෙරන්ජලා… අක්කද නංගිද දන්නේ නෑ ?

    ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ…… නම, ගම, උපන්දිනය එහෙම ?

  4. දිසා අක්කි ඔන්න අද තමයි මම කියෙව්වේ…….??…………..♥කතාව ගොඩාරියක් ලස්සනයි…….තමීරා නියමයි ……ඇමති පුත්‍රරත්නය ඊලග මොන බාල්දියක් දායිද දන්නේ නැ…….ගොනා දැන ගත්තනම් කට පියන් ඉන්න ඔන………පුත්‍රරත්නයාගෙද කොහොද වෙඩිම…….ආ නෑ නෑ ටැපලුනා ඈ…….birthday පාටිය……..හී හී වැටිය ඔකටත් හොද බකට් එකක් …….ඔ යෑස්…..ඔහොම වෙන්න….ඔන………?මම විදින කුරිරැ සතුටක් අප්පා……..?මම කිව්වා කියලා කියන්න එපා කාටවත්……..එනම් අක්කි තවත් ගොඩාක් කතා ලියන්න ……….බුදු සරණයි……….

    1. Nawodya Dissanayake

      තැන්කිව් හේෂි…..ඔයාටත් බුදු සරණයි පැටියෝ ♥️♥️♥️♥️???

  5. ☹කාලුත් නෑ ද කොහෙද එනම් මම යනෝ ඉතින්……………බුදු සරණයි good night ……… හැමෝම පරිස්සමෙන්……….????????????????????????????මේ කවියගේ කැරපොතු හොල්මන් සේනාව……..බය කරයි ඈ……..?‍♀️?

  6. Sandu (kandy girl)

    ආහ් නෙංගිලා..??

    තෙපි ඔය ටිකට මගෙ තුන්මාසෙ දානෙත් දුන්නෙයි.??

    අහෝ මා නැවත මියැදුනා නම් කෙතරම් සැපද??

    සදාදර නයෝ මගේ …
    ඔබගේ පොඟෝව එසැනින් අමතක වීද..???

    ආදරණීය වික්ටෝරියා ..
    නුඹත් මා අමතක කළාද..??

    කඳුළ නුබ නාඩන්…?????

    මා ඉතින් යන්න යනවා….( හා ද??)
    මට යන්න අවසරයි …( හා කීවෙ නැත්තන් මරනෝ ඈහ්.?)

    මට අරන් යන්න ඇත්තේ…(මල්ලක් ගේන්න බැරි උනා හැබෙයි)

    අපෙ මතකය විතරයි ..( ඇති මේ රට යන විදියට ඒක වත් ඉතුරු වුනා)

    ??? බායි ? ?????

    1. ඈ අක්කේ… අපි කොයි වෙලාවෙද අක්කිගෙ තුන් මාසෙ දානෙ දුන්නෙ???? මට ඒක මඟ ඇරුණද එතකොට???? අපරාදේ…..???

      නැවත මියදෙන්න කියන්නෙ අක්කියෝ ඔයා කලින් මියැදුණාද???? ඇයි ඉතින් ආපහු නැගිට්ටෙ???? මැරිලම හිටිය නම් ඉවරයිනෙ…. අපිට අඬ අඬ චොකලට් බිස්කට් කකා ඉන්න තිබුණා එහෙම වුණා නම්….

      කවුද මේ නයෝ???? එතකොට කවුද වික්ටෝරියා???? ඒ මළගිය ඇත්තන්ගෙ ලෝකෙදි හම්බවුණු අයද???? නැත්තන් මේ දඟ පවුලෙ සාමාජිකාවොද??? මොන කාවා වුණත් වැඩක් නෑ මට නමයි උපන්දිනෙයි දීලා රෙජිස්ටර් වෙන්න….

      ඒ පාර කඳුළට අඬන්න එපාලු… ඇත්තටම අක්කේ ඔයාගෙ මොළේ අවුල් වෙලාද??? නැත්තන් මගෙ මොළේ අවුල් වෙලාද???

      ඔය ඉතින් ආපු ගමන්ම යන්න හදනවා…. අවසර නම් දෙන්නෙ නෑ…. පුළුවන් නම් හොයන් ඇවිල්ලා මරන්න…. එනව මෙතන බොරුවට මරණීය තර්ජන කරන්න…

      ඒකනෙ අක්කේ… මල්ලක් ගන්නත් බැරි තැනකනෙ අපෙ අහිංසක ලංකා මාතාව ඉන්නෙ….

      ????????

      1. Sandu (kandy girl)

        යකූ..මේකි බලකු..

        මා මියැදෙනවට සතුටු වෙන එකම ජීවියා මේ කවී වෙලා..?????

        හිටුකො…

        මා මළ දවසට ඔබ වටේ තියන ලෝකෙ පුරා.. ඔබ බය කරමින් හොල්මන් කරමින් ඉන්නම් සුදු කවියා..??

        මේ මං අලුතින් එන දඟයන්ට දාන්න හිතන් ඉන්න කාඩ් ටික.බොලා කෙමෙති නෙං එකක් දෙන්නම්..?

        ඉටින් අනී කදුලුනෙ .අපි යැ.

        ඔබ ඇසුරු කල පසු මගේද ඔලුව අවුල් වී පිස්සුව බෝ වී ඇත.???

        මේහ් නෙංගි මට ඔයැයිගෙ ඇඩරස් එක දෙන්න ටිකකට.☺️☺️

        ඊලඟ ආත්මෙ මං මොන ලෝකෙ ඉපදුනත් ලංකාව බලන්න යනවා කොහෙ කෞතුකාගාරයක තිතිබුනත්??

      1. Sandu (kandy girl)

        එහෙනම් ඉන්න මං ඔයාට මඤ්ඤොක්කා දෙන්නම් රිතූ නෙංගියෝ…???

        1. රිතූ ?

          සැක් ???? මෙයා මං නැති වෙලාවටම යි එන්නේ

          මං මඤ්ඤොක්කා කන්න එච්චර ආසාවක් නෑ ??

  7. Sandu (kandy girl)

    ආහ් දිසා නෙංගී..මා ඔබේ කතිකාවත කියවා අවසන් වූ සැනින් එසැනින් කමෙන්ට් එකක් කොටන්න ංං ආ…ගුඩ්නයිට් නෙංගිලා මෙල්ලිලා ..?️?️?️

  8. කොටස් දහයම එක හුස්මට කියවගෙන ගියා අක්කියෝ…. එක හුස්මට කිව්වට ඉතින් හුස්ම කොටස්වලට කඩලා තමයි කියෙව්වෙ…… හරියට නිකන් කොටස් වෙළඳපළෙ වගේ…. ආ නෑ නෑ…. මං හුස්ම විකුණුවෙ නෑනෙ වෙළඳපළ වගේ වෙන්න….. අයියෝ මමත් මේ මොනවා කියවනවද මන්දා කතාව ගැන කියන්නෙ නැතුව…. දිසා අක්කගෙ නේද කතාව??? මං හරිනේ….. ලියපු කෙනාවවත් මතක නෑ…. එච්චරටම හොඳයි මගෙ මතකෙ…. කවුරු වුණත් කමක් නෑ…. කතාව හරිම ලස්සනයි…. තමීරා අපෙ මේ පිස්සො රැළටම ගැලපෙන පිස්සු ඩයල් එකක් නේද…. ආයෙ ඉතින් සීයට දෙසීයක් විස්වාසයි ඇමති පුත්‍ර රත්නය අහස්ගෙ හෙලුකුට්ටන් ඩේ එක තමයි තියෙන්නේ…. අනේ දෙවියනේ තමීරාට අනාගතය බැලීමේ මහානර්ඝ බලයක් දෙන්නකො මේ පාර්ටිය ගැන දැන ගන්න….. එකට දහයක් බාල්දි පෙරලන්න ඕනා ඕකට….. අහක යන ඒවත් ඕකටම ඇදිලා එන්න ඕනා…. කොච්චර ලස්සනට තිබුණු පවුලක්ද ඒකා වෙන් කරලා කඩලා බිඳලා දැම්මේ…. අහස් තමීරාට මොනා කරන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ….. අන්තිමට අහස්ට පෙරලන්න කියලා ප්‍රාර්ථනා කරන බාල්දි බකට් බේසම් ඔක්කොම තමීරාටම කැරකිලා එයිද දන්නෙ නෑ…. ඉක්මනටම බාල්දියක් පෙරලන්නකො අප්පා….. බාල්දිය ඔයා නැතුව හරි පාලුයි ඉක්මනට පෙරලෙන්නකෝ….. ඉස්සරහට මෙනා වෙයිද මංදා…. මොනා වුනත් කතාව කියවන්න ආසාවෙන් කෑදරයෙන් මඟ බලාගෙන ඉන්නවා…. ඒත් මේ විභාගෙ නිසා ෆෝන් එක තහනම් භාණ්ඩයක් වෙලානෙ….. ඒ නිසා පුළුවන් වෙන හැම වෙලාවකම කතාව කියවලා කමෙන්ට් එකක් දාන්නම්…. කමෙන්ට් කෙරුවේ නෑ කියලා තරහ වෙන්න එපා හොඳේ….. කිසිදු අතුරු ආන්තරාවක් නොවී සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…. තව තවත් අදහස් ගලා ගෙන එන්න කියලා ප්‍රාර්ථනා කරනවා…. ඒ අදහස්වල ගිලිලා ගහ ගෙන යන්න කියලත් ප්‍රාර්ථනා කරනවා…. ජේසු පිහිටයි…. බුදු සරණයි…..

    1. Nawodya Dissanayake

      කවී…තැන්කිව් පැටියෝ…. පාඩම් කරන්න හොඳේ පිස්සු නටන්න එපා…. බුදු සරණයි ඔයාට…ආදරෙයි…♥️?

      1. පාඩම් කරන එක කෙසේ වෙතත් පිස්සු නටන එක නම් කරනවා අක්කේ…… විභාගෙ කාලෙට මට කොහොමත් පිස්සුව ඩබල් ත්‍රිබල් වෙනවා…

  9. කෝ අප්ප මේ ඇප් වාසීන්???? කවුරුත් නෑනෙ…. මං යනවා යන්න…. කළු කපුටා සුදු වෙන තුරු ආපහු මේ පැත්ත පලාතක එන්නෙ නෑ මම……………..????????????????????????????????බය වෙන්න එපා ළමයිනේ….. කළු කපුටා සුදු වුණේ නැත්තන් මං ඌව සුදු පාට තීන්ත බාල්දියකින් නාවනවා…..???? තාවකාලිකව සමු ගනිමු ඉතින් අපි….????? බායි…. ගුඩ් නයිට්…..

  10. ගුඩ් මෝනින් …?❤️

    කෝ කස්ටිය.. ඔයැයිලා නිද්දි ද..???නැගිටින්ඩෝ…මේ මන් වගේ උදේම නැගිටලා දවස පටන් ගන්න..???

    අවදි වන්න අවදි වන්න
    ඊයේ පායපු ඉරම අදත් පායා තිබෙන්නේ…
    හිතනවාට වඩා සොදුරු….

    ඉතුරු ටියක මතක නෑ..??

        1. හායි අක්කි…. ඔයාව සෑහෙන කාලෙකින්නෙ දැක්කෙ…. මං නම් හොඳින් කියන්න නම් බෑ….. ඔයාට කොහොමද අක්කියෝ???? හොඳින් ඉන්නවා නේද????

          1. පොඩ්ඩක්වත් හොඳින් නෙවෙයි නංගා මං… මෙ දවස් වල වැඩ වැඩියි ඒකයි එන්න බැරි උනේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.