Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහතුන්වන කොටස

5/5 - (1 vote)

? ඔහුත් නපුරෙක්?

………..දහතුන් වන කොටස………….

හවස් වෙද්දි  මුහුදු හුළඟ ටිකක්  තදට ආවේ හොඳ වැස්සක් වහින බවට පෙර නිමිත්තක් වගේ.අහසත් අඳුරු කරලා….සමහර අය තවත් රැල්ල පාග පාග සෙල්ලම් කරද්දි තවත් අය ගෙවල් වලට යන්න යනවා…මේ හැමදේම දිහා ඔහේ බලන් හිටිය මගෙ ඇස් ගියේ වම් අතේ වෙදගිල්ලෙ දාලා තියන මැණික් ගල් අල්ලපු රින්ග් එක දිහාවට..ඒත් එක්කම ඇස් වහගෙන මං මතක් කරේ ඊයෙ පාර්ටි එකේ වෙච්ච දේවල්…

……………..පෙර දින………………….

..දාලා තිබ්බ මියුසික් එක අඩු වෙද්දි මං බැලුවෙ ඉස්සරහා..

ඒත් එක්කම ඇමතිතුමයි එයාගෙ වයිෆ් එක්කයි  එතනට ඇවිත් හිටියෙ අහස්…මූගෙ ලස්සන යකෝ…ඒ කියන්නෙ අද බර්ත් ඩේ එක මේ සෙවල පෙඳෙයියගෙද…නෙදකින්, දන්නවනම් එන්නෙත් නෑ…එතකොට තාත්ති අච්චර වටින වොච් එක ගෙනාවෙ මේකටද….දන්නවනම් ඕකෙ අස්සට මොකෙක් හරි සතෙක්ව දාගෙන එනවා..අනික මේකත් මගෙ ඇඳුමටම මැච් වෙන්න ඇඳලා…රෙදි ටික මෙතනම ගලවලා මට ගෙදර දුවන්න හිතෙන්නෙ දැන්නම්…එක්කො කමක් නෑ… චූටිගේ ඇඳුමත් මගෙ එකමනෙ..ඒ හන්දා ශේප්..

මූනත් ඇඹුල් කරන් මං බැලුවෙ යසිතුයි චූටි දිහාවෙයි..මුන් දෙන්නා මං දිහාවෙයි අහස් දිහාවෙයි බල බල හිනා වෙනවා..ආව තරහටත් එක්ක මං උන් දෙන්නටත් රවලා ටේබල් එක උඩ තිබ්බ මල් වාස් එක දිහා බලන් හිටියෙ වැරදිලාවත් අහස් ඉන්න දිහා බලන්නෙ නෑ කියලම හිතාගෙන..තප්පර කිහිපයක් ගියාට පස්සෙ මට ඇහුනෙ ඇමතිතුමාගෙ කතාව…

” හැමෝටම සුභ සන්ධ්‍යාවක්….අද මගෙ එකම පුතා අහස්ගෙ විසි නවවෙනි උපන්දිනය….ඉතින් ඇවිල්ලා ඉන්න හැමෝවම ආදරයෙන් පිලිගන්නවා…. “

ඒත් එක්කම හැමෝම අත්පුඩි ගහන්න ගත්ත නිසා මං ඒ පැත්ත නොබලම අත්පුඩි ගැහුවෙ නොකර බැරි කමට..ඒත් එක්කම ආයෙම ඇමතිතුමා කතාව පටන් ගත්තා.. පුදුමාකාර සතුටක් ඒ කට හඬේ  අද  තියෙන්නෙ කියලා ඇමතිතුමා කතා කරන විදිහත් එක්ක  කාටත් ඒක තේරෙනවා.

” ඉතින්   අපි මේක  මේ සැරේ ජයටම ගන්න හිතුවෙ තවත් විශේෂ දෙයක් හින්දා..අද මගෙ පුතාගෙ ජීවිතේ  ලස්සනම දවසක්.ඒ දවස  ලස්සන කරන කෙනත් අද අපි එක්ක මේ වෙලාවෙ ඉන්නවා  .”

ඇමතිතුමා එහෙම කියද්දිනම් හෝල් එකේ කට්ටිය දිහාවට මං බැල්මක් දැම්මෙ කට්ටියගෙ රියැක්ෂන් බලන්න..සමහරු කටත් ඇරන්..සමහර අය ලඟ ඉන්න අය එක්ක කතා කරනවා..කෙල්ලොත් කට ඇරන් බලාගෙන…මාත් ඉතින් රොයිටරේනෙ.. වටේටම සර්ච් පාරක් දාලා ආයෙම ටේබල් එක දිහා බලාගෙන හිටියෙ අහස් ඉන්න පැත්ත නොබලම..මොකාද දන්නෙ නෑ මුගෙ ලස්සන කරන්න ඇවිත් ඉන්න එකා…ශුවර් එකටම ඒ ආපු එකාට මොලේ නැතුව ඇති..නැත්තන් මේ සෙවලයගෙ දවස ලස්සන කරන්නෙ…චික්…මෙහෙමත් නාඩගම්…හිත අස්සෙන් මං අහස් ට දෙහි කප  කප හිටියෙ…පුදුමයි මුට හැච්චින් නොයන එක…නහය දනවද දන්නෙත් නෑ..ඒත් නහය ගැන බලන්නත් ඌ දිහා බලන්න එපැයි…පාඩුවෙ හිටපන් තමීරෝ කියලා හිත කෑ ගහද්දි මං ශේප් එකේ පෝන් එක අතට ගත්තා විනූට මේ ගැන කියලා මැසේජ් එකක් දාන්න..

“දුව…..අර ගිෆ්ට් එක කෝ…” තාත්ති එහෙම අහද්දි තමා මට මතක් උනේ ඒක කා එකේ කියලා..

“අයියෝ තාත්ති…ඒක කා එකේනෙ…” මම මූනත් ඇඹුල් කරන් එහෙම කිව්වෙ  තැන නොතැන නොබලා තාත්ති මෙතනත් අමතයිද දන්නෙ නෑ කියලා බයෙන්…..

“එහෙමද… එහෙනම් ඒක පස්සෙ ගමු..” තාත්ති එහෙම කිව්වම තමා මට ඇඟට ලේ ටිකක් ඉනුවෙ… එතකොටම ආයෙම ඇහුනෙ ඇමතිතුමාගෙ කට හඬ …

“එහෙනම් තවත් වෙලා නොගෙන  අපි එන්න කියමු මෙතනට ඒ කෙනාට නේද.”

..එහෙම කියපු ඇමතිතුමා ඊලඟට කියපු දේ එක්ක මගේ මුලු සර්වාංගෙම සීතල  වෙලා  ගියේ   මොකද්ද ඒ උනේ කියලා හිතා ගන්න බැරි වෙද්දි..

“තමීරා… දෝණි එන්න ඉස්සරහට”

ඇමතිතුමා එහෙම කියද්දිම මට මූත්‍රා විතරයිි නොගියෙ…කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා මම බැලුවෙ ඇමතිතුමා ඉන්න දිහාව..ඒ හැමෝම හිටියෙ මං දිහා බලාගෙන…එහෙමම මං බැලුවෙ තාත්ති දිහාවෙ…තාත්තිිත්  හිනා වේගෙන අම්මිත් එක්ක නැගිටලා මාවත් නැගිට්ටවගෙන ඇමතිතුමාලා ඉන්න තැනට  එක්ක ගියේ හීනෙන් වගේ මාත් ඒ පස්සෙ ඇදෙද්දි…හැමෝගෙම අත්පුඩි මැද්දෙ තාත්ති මාව අහස් ලඟින් හිටවලා ටිකක් එහාට වෙන්න හිට ගත්තා…බයටම ලඟ තිබ්බ අතකින් අල්ල ගත්ත මං ඒ අත තද කරගෙන අල්ලන් හිටියෙ මෙතනම මාව ඇදගෙන වැටෙයි කියලා හිතලා….

ඇමතිතුමා ආයෙම මොන මොනවද කිව්වත් මං ඒවා හරියකට අහන් හිටියෙ නෑ…කවුද යකෝ දන්නෙ මෙහෙම සීන් එකක්. මේ ඇමතිතුමත් කරන වැඩ…මේ වැඩ වලින් කොයි වෙලේ හරි මං නහරයක් පුපුරලා තමා මැරෙන්නෙ..මදැයි මේ කසාදෙ නැති වෙනකන් බලන් හිටියා…චික් මේ සෙවලයා ලඟටම එන්න උන හැටියක්..අනේ කඩවුලේ මාව බේරගන්න අප්පා…මං උඩ බලලා හැරුනෙ අහස් දිහාවෙ…ඉන්න හැටි විතරයක් කොබෙයියා…ගල් මූසලයා…දෙන්ඩ හිතයි මූනට එකක් චප්ප වෙලා යන්න..

මං අහස්ට රවලා අහක බලාගත්තෙ පොර ලාවට වගේ කින්ඩි හිනාවක් දාද්දි..ඒත් එක්කම වේටර් කෙනෙක් බර්ත් ඩේ කේක් එක අරන් ඇවිත් එතන තිබ්බ ලස්සන ටේබල් එකකින් තියලා යන්න ගියෙත් වාඩි වෙලා හිටිය අයත්  නැගිට්ටෙත් අහස් කේක් එක කපන්න රෙඩි නිසා…

“මේ …දැන්වත් අත අරිනවා මගෙ අත…තමුසෙගෙ ඔය කොටි නියපොතු වලින් පහුරු ගාලාම අත දැවිල්ලයි…”

මගෙ කන ලඟට ලං වෙලා අහස් එහෙම කියද්දි මං බැලුවෙ මගෙ අත දිහා..හුටා…මෙච්චර වෙලා මූගෙ අතද අල්ලන් හිටියෙ…ශික් විතරක්…මම ඉක්මනට අත අයින් කරන් අහස් දිහා බලලා මහ ගොන් විදිහට හිනා වෙලා සොරි කියලා  රවලා අහක බලාගත්තෙ කාටවත් පේන්නෙ නැති විදිහට..

හැමෝම බර්ත් ඩේ සෝන්ග් එක කියද්දි මාත් බොරුවට හිනාවක් ඇඳගෙන ඔහේ අත්පුඩි ගගහා හිටියෙ තාත්තිත් ලඟ නිසා..කේක් එක කපලා අහස් එයාගෙ අම්මටයි තාත්තටයි කවලා අපෙ අම්මිට යි තාත්තිටයි කවලා ඊලඟට ආවෙ මං ලඟට..හතුරා උනත් මොකද කවන්නෙ කෑමක්නෙ…ඔන්න ඔහෙ කනවා කියලා මාත් කටක් කාලා කට්ටියට පේන්නත් එක්ක අහස්ව හග් කරේ විෂ් කරන ගමන්..එහෙම දෙයක් මේ වෙලාවෙ අහස් මගෙන් බලාපොරොත්තු නොවිච්ච නිසාදෝ ඒ ඇස්වල තිබ්බෙ පුදුමයක්…

ඒ කේක් කැවිල්ලත් ඉවර උනාම වේටර් කෙනෙක් ඇවිත් බර්ත් ඩේ කේක් එක එතනින් අයින් කරද්දි මාත් හැරුනෙ ආපහු ටේබල් එකට යන්න…මෙතන ඉඳන් ප්‍රදර්ශනය උනා මදැයි..එහෙම හිතලා මම යන්න යද්දිම කවුරු හරි මගෙ අතින් අල්ලලා නතර කරගත්තෙ මට මල ඕවර් වෙද්දි…මොන මඟුලක්ද අප්පා මේ… මෙච්චර වෙලා මෙතන හිටියම මදිද..අල්ල ගත්ත එකා මොකා උනත් උට අමතනවා කියලා හිතාගෙන මම හැරුනෙ තරහෙන්…

” තා..තාත්තී……”

ආපු තරහා එහෙමම නිවිලා ගියෙ එතන හිටියෙ තාත්ති නිසා…

“කොහෙද ලොකූ යන්නෙ…” මගෙ අත අතෑරලා තාත්ති එහෙම ඇහුවෙ…මොනා උනත් ඒ මූනෙන් මං දැක්කෙ සතුට විතරයි…

“ටේබල් එකට යන්න කියලා තාත්ති.. කේක් එක කපලත් ඉවරයිනෙ..” මාත් හිනාවක් මූනෙ ඇඳගෙන එහෙම කිව්වෙ ..

“පිස්සුද ළමයෝ…දැන් තමා වැඩේ පටන් ගන්න හදන්නෙ…ඔයා මෙතන ඉන්නම ඕන” එහෙම කියපු තාත්ති මගෙ අතින් අල්ලගෙන ඇමතිතුමා ඉන්න පැත්තට ගියෙ වෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව මාත් ඒ පස්සෙන් ඇදෙද්දි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මොකක් වෙනවා ඇද්ද …නේද ? ?

 

 

 

 

 

 

89 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහතුන්වන කොටස”

      1. Tharusha Nethmal

        අනේ සමාවෙන්න මං ඔයා අක්කා කෙනෙක්ද නංගී කෙනෙක්ද කියල දන්නේ නෑ.ඒකයි මං ඔයාට නමින් කතා කළේ.????

  1. රිතූ ?

    හනේ අම්මේ ??

    සැක් ?? අහස් තමීරාව සින්නක්රේටම ලියාගෙන නේද ?????

    හයියෝ පව් තමීරා ??? මොනවා හිතෙන්න ඇතිද ඒ වෙලාවේ ?? මූණ බලාගන්න තිබ්බා නම් ????

    තමීරා එතකොට හිතින් බැන බැන ඉඳලා තියෙන්නේ එයාටමයි නේද ???? හයියෝ ???

    හෙට තමා ඉතින් හොඳම කොටස ?

    කියවනකන් ඉවසිල්ලක් නෑ ?

    අවුලක් නෑ ඉතිම් ? හෙට අපිට බෝනස් කොටසක් හම්බෙනවනේ ? නේ දිසා අක්කේ??

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

  2. ඊලග කොටස කියවනකම් ඉවසිල්ලක් නෑ අප්පා. හෙට තමා හොදම කොටස ??
    All the best akki kathw nm niyami

        1. රිතූ ?

          ඔහේ ඉන්නවා බොලව් ??? මම මේ උභතෝකෝටික ගැටලුවකට මුහුණ පාලා ඉන්නේ ???

          බොලාට කොහොමද ?

  3. අක්කියෝ…කතාවනම් නියමයි…..❤️❤️❤️❤️❤️❤️

    පව් ඉතින් තමීරා…මට මැවිලා පේනෝ අප්පා එයා ගේ මූණ ????????????

    මටත් ඉවසිල්ලක් නෑ හෙට මොනාද වෙන්නේ කියලා බලන්න..??

  4. Tharusha Nethmal

    Happy Birthday නවෝද්‍යා අක්කියෝ.?????️?️?️?️
    කතාව නම් හුගාක්ම ලස්සනයි.?????
    ඔයාට මේ වගේ ඉදිරියටත් ලස්සනම ලස්සන කතා ලියන්න හැකියාව ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️❤️??
    May all your wishes come true.??
    Stay safe.???

  5. Sandu (kandy girl)

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි සුබම සුබ උපන් දිනයක් වේවා දිසා නංගී… සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම ..තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️???? ? ??????????????????????????????????????????????

    දිසා නාලිකාව ආයෙමත් ගේන්න ඈහ්.

      1. පරණ කමෙන්ට්වල තියෙනවා අක්කියෝ…. කතා අහුර ටීවී චැනල් එක….. ඒක දිසා අක්කි කෙරුවේ….

        1. රිතූ ?

          මොන කතාවේ කමෙන්ට්ස් වලද කවී ???? මම එහෙම එකක් දැක්කේ නෑ…. මටත් කියවන්න ඕනි ??

          1. කමෙන්ට්ස් වලට ගිහින් දිසා නාලිකාව කියලා search කරන්නකො අක්කියෝ…..

  6. Tharusha Nethmal

    අනේ නවෝද්‍යා අක්කියෝ අද ඔයා අපේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙනවා නේද ? ???
    ඇඩ්මින් සර්ට කියලා අපිට අද බෝනස් කතා කොටසක් ඉල්ලා දෙන්නකෝ අක්කියෝ????
    please…please…please???

      1. Tharusha Nethmal

        ගුඩ් මෝනින් CID.???
        CID ඔයා මල්ලියෙක් නේද ? (සමවෙන්න CID එහෙම ඇහුවේ මං අලුත් නිසා කට්ටිය ගැන විස්තර දන්නෙ නැති හින්දා)

    1. රිතූ ?

      අපිට අද නිවාඩු ? මං ඊයේ ගියෙත් නෑ…. පුලුවන් වුණොත් හෙටත් නොයා ඉන්නවා ?

  7. රිතූ ?

    කෝ දිසා අක්කා ? අද පාටියක් දාමු ????

    ඊළඟට පිස්සු පූසාගේ උපන්දිනේ නේ ????

      1. රිතූ ?

        පිස්සු පූසා කියන්නේ දඟයට ??? දඟයා means ඉමාන් අරුන්දිත් ? ඔයාට නම් මල්ලි කෙනෙක්…..

        මම අවුරුද්දේ ආසම දවස් වලින් එකක තමා මේකා ඉපදිලා තියෙන්නේ? සැක්… වාසනාව තමා ඉතිම් ??

          1. රිතූ ?

            පෙබරවාරි 5 ?

            අවුරුද්දේ මං ආසම දවසක් ?? neymar ගෙයි ronaldo ගෙයි දෙන්නගෙම උපන්දිනේ ???

            පිස්සු පූස් ගේ වාසනාව ?

            1
  8. නෙරංජලා අක්කි ඔයාව සාදරයෙන් පිළිගන්නවා දඟ පවුලට….???

    කවුරු හරි එයාට පෙට් නේම් එකක් දැම්මද???

          1. රිතූ ?

            ඇප් එකේ හැමෝටම පෙට් නේම් එකක් තියෙනවා මල්ලියා ??

          1. Tharusha Nethmal

            දැන් මම ඒ නම rename කර ගන්නද රිතූ අක්කියෝ..??

          2. නෙත් FM

            දැන් හරිනේ රිතූ අක්කියෝ.Name එක display වෙනවනේ.???

          3. රිතූ ?

            ඕ යෑස් කොම්ලෝ ? ඔය තියෙන්නේ නම දිලිසි දිලිසි ✨

            1
          1. රිතූ ?

            ඔන්න මට නම් පෙට් නේම් දෙක තුනක්ම තියේ ?? ඒත් වැඩි පුරම භාවිතා වෙන්නේ “ඩෝනට් ” කියන එක තමා ???

  9. තිබුනා කට පාඩම් කරන්න
    ඉතිහාස මහ ගොඩක්
    කොච්වර ට්‍රයි කරත් නෑ පාඩම්
    වෙන්නේ ඒ එකක්වත්…..

    අසනීප නිවාඩුවක් දැම්මා
    බෙරෙන්න කියා අද එයින්
    සිහියට නැගුනේ දැනුයි
    ඉතිහාස තියනවා කියලා හෙටත්….

    ??????????

    1. විෂයන් ගොඩක් ඇත මටත්
      පාඩම් කරන්නට ඉතින්
      මහ රෑ වෙන තුරු පාඩම්
      කළත් මතක නෑ අකුරක්වත්

      ඒත් ගියා මං විභාගෙට තුටින්
      අමාරු වුණා ඒත් ලිව්වා හොඳින්
      ලකුණු නැතත් සතුටුයි ඉතින්
      උත්සහ කළා මං ඉතා හොඳින්

      ප්‍රශ්නෙන් පැන යාමෙන්
      නොලැබේවි උත්තරේ
      මුහුණ දුන්නොත් හොඳින්
      ලැබේවි පිළිතුරක්
      ????????????
      කාලෙකට පසු දුටුවේ කවියක්
      දිලිසි දිලිසි බබලනවා මෙහි
      මල් වත්තක් පිපුණා හිසේ මගේ
      කඳුළු කතාවක් කවියේ ඇතේ
      ඒත් සිනා නැඟුණා දුටු සැණින්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.