Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහසය වන කොටස

5/5 - (1 vote)

? ඔහුත් නපුරෙක්?

……..දහසය වන කොටස………..

“අක්කී……මොකද අනේ කරන්නෙ … ඉක්මනට එලියට එන්නකෝ”

අහස් එක්ක ඩිනර් එකත් අරගෙන මහ වැස්සෙම ගෙදර ආව මං වොශ් එකක් දාගන්න බාත්රූම් එකට රින්ග ගත්තෙ ඉක්මනට නිදා ගන්න ඕනෙ හන්දා…ඒත් ගිය වෙලාවෙ ඉඳන් චූටිගෙ වැඩේ මට කතා කරන එක.. ඉක්මනට ඇඟත් හෝදගෙන පිජාමා කිට් එකත් දාගෙන මම එලියට ආවෙ හිතින් චූටිට දෙස් තියන ගමන්..ඇයි යකෝ මේ මහ වැස්ස වෙලාවෙ පොරවගෙන නිදා ගන්නෙ නැතුව මොනවට මාව හොයනවද මන්දා..

“මොකද යකෝ කෑ ගහන්නෙ… තමුසෙට නින්ද යන්නෙ නැද්ද චූටි…” තරහෙන්ම මම එහෙම කියන ගමන් ඇඳට පැන්නා..

“හරි හරි අනේ…බලනවා ඊයෙ හවස කතා කරයින් පස්සෙ තමුසෙ එක්ක හරියකට කතා කරන්න බැරි උනානෙ..ඒකයි..ඊයෙත් පාටි එක ඉවර වෙලා ආවට කතා කරන්න බැරි උනා…අදත් තමුසෙ ගෙදර නෑ…ඉතින් මෙහෙමවත් අල්ල ගන්න එපැයි… ” එහෙම කියන ගමන් චූටි එයාගෙ අතේ තිබ්බ මග් දෙකෙන් එක මග් එකක් මගෙ අතට දුන්නා…

“මොනාද….” එහෙම අහන ගමන් මං මගෙ මග් එක අතට  ගත්තෙ…

“කොෆී එකක්.” එහෙම කියන අතරෙ චූටිත් ඇඳෙන් වාඩි උනා..

” ආහ් මරු මරු…මේවා හොඳ වැඩ…මොකද එක පාරට මෙහෙම සලකන්නෙ මට..ආහ්….” කොෆී එකටත් වග කියන අතරෙ මං චූටිගෙන් එහෙම ඇහුවෙ..

“එහෙමට විශේෂයක් නෑ ඉතින්..කටවහගෙන ඕක බොනවකො අක්කෙ…”

“කට වහගෙන කොහොමද බං බොන්නෙ…”

” හරි හරි කට වහගෙන හරි ඇරගෙන හරි බොනවා…ඒක නෙවෙයි…මේ …මස්සිනා හෙන රොමෑන්ටික් පොරක් වගේ නේද? “

කොෆි එකත් බීලා ඉවර වෙලා මග්  එක ටේබල් එකෙන් තියන අතරෙ චූටි මගෙන් එහෙම ඇහුවෙ හිනා වෙවීම…

“ඇයි තමුසෙ එහෙම කියන්නෙ….”

“නෑ ඉතින්…මායි යසී බබයි ඊයෙ පාටි එකේදී ඔයාලා නැති නිසා හොයන්න කියලා එලියට ආවා…මෙන්න බොලේ එකපාරම මස්සිනා තමුසෙව ඇදලා අරන් බදා ගත්තා…”

එහෙම කියලා චූටි හිනා වෙන්න ගත්තම තමා මට ඊයෙ සීන් එක මතක් උනේ…හරිනෙ ඉතින්…මාව බදාගෙන අහසුත් කිව්වනෙ නංගිලා එනවා කිියලා..ඒ  කියන්නෙ යසිතුයි චූටියි ඒක දැකලා… දැකපු එකත් හොඳයි…නැත්තන් එතනත් අපි වලි කියලා දැනගත්තනම් මුන් දෙන්නා ශුවර් එකට ඕක අම්මිලාගෙ කනේ තියනවනෙ…අහස්ගෙ මොලේ තමා මොලේ…

“ආහ්….මේ….ඒකද…ඔව් ඉතින් උඹලට විතරද අතේ එල්ලි එල්ලි එහෙ මෙහෙ යන්න පුලුවන්…අපි ගියාම තමා නරක නේද…හහ්….”  සීරියස් මූඩ් එකකින් මං එහෙම කිව්වෙ  එතන උනේ බොරුවක් කියලා කියන්න බැරි නිසා..

“අනේ නෑ…නරක නෑ..ඒ උනාට මට පුදුම මෙච්චර දවසක් යනකන් පොර කුකුල්ලු වගෙ වලි දාගෙන කතා නොකර හිටිය ජෝඩුවනෙ…ඊයෙ එන්ගේජ් උනාට පස්සේ ගැරඬි දෙන්නා වගේ වෙලිලා ූූූූූූූූූූූූූූූූූූූූූ හිටිය එකනෙ පුදුම…” එහෙම කියලා චූටි ආයෙම හිනා වෙද්දි නම්  මට ආවෙ තරහක්…

“චූටි  මේ..මගෙ කට අවුස්සගන්නෙ නැතුව යනවා මෙතනින්..මට නිදි මතයි…”

එහෙම කියලා මං ශීට් එකත් පොරවන් අනිත් පැත්ත හැරුනෙ චූටි හිනා වෙවීම කාමරෙන් එලියට යද්දි..ටිකක් වෙලා එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියත් නින්දක් නම් අහලකවත් නෑ…ශික් විතරක්..හිතාගෙන ආවෙනම් ඇඳට පැන්න ගමන් නිදා ගන්න…ඒ උනාට මොනා උනාද මන්දා..එහෙම හිත හිතම මම ඇඳෙන් පැනලා බැල්කනියෙ දොරත් ඇරගෙන අත්වැටට බර වෙලා බලාගෙන හිටියෙ වැස්ස දිහාවෙ..වැස්ස දිහා බලාගෙන හිටිය මගෙ හිත දිව්වෙ අද හවස අහස් එක්ක උන කතා බහට…

…………………………………………

“හ්ම් කියන්නකෝ….”

එහෙම කියපු අහස් බර හුස්මක් පිට කරලා හරි බරි ගැහිලා වාඩි උනේ මගෙ තීරණේ මොකක් උනත් බාර ගන්න සූදානමෙන් වගේ..

“දන්නවද අහස්….මගෙ නංගි අකීරයි එයා මැරි කරන්න ඉන්න යසිතුයි…යසිත් චූටිට ප්‍රපෝසල් එකක් අරන් තමා අපේ ගෙදර ආවෙ ..ඉතින් කොල්ලගෙත් වරදක් නැති නිසා තාත්තිලා ඒකට කැමති උනා…ඉතින් එදා ඉඳන් ඒ දෙන්නා ගොඩක් ආදරෙන් තේරුම් අරගෙන ඉස්සරහට යනවා..මටත් ඕනෙ උනේ ඒ වගේ ආදරේ කරලා පස්සෙ මැරි කරන්න…අකීරට යසිත්ගෙන් ප්‍රපෝසල් එකක් ගේන කාලෙමයි ඔයාගෙ අප්පච්චිත් මට ප්‍රපෝසල් එකක් ගෙනත් තියෙන්නෙ..ඒත් ඔයා ගැන ,මේ ප්‍රපෝසල් එක ගැන එයාලා මට කිව්වෙ නෑ.ඉතින් එකපාරම දැකලවත් නැති කෙනෙක්ව කසාද බඳින්න කියද්දි මම මොකද කරන්නෙ අහස්.ඒකමයි මං මේකට ගොඩක් අකමැති.තාත්තිලත් වැරදියිනෙ.අකීරට එක විදිහකට,මට තව විදිහකට .එහෙම වැරදියිනෙ.මාත් ආසයිනෙ ආදරේ කරන්න.හරියට මගෙ නංගියි යසිතුයි වගේ.” එහෙම කියද්දිම හිතේ හිර වෙලා තිබ්බ දුකට මට ඉකි ගගහා ඇඬුනෙ ..

ඒත් එක්කම මං ඇදිලා ගියෙ අහස්ගෙ තුරුලට…ඕන උනේ නෑ මට අයින් වෙන්න එයාගෙන්…හිතේ තියන දුක යනකම්ම මම අහස්ගෙ පපුවෙ ඔලුව තියාගෙන ඇඬුවෙ ඒකයි..අහස්. ..හරි පුදුම හිතෙන කොල්ලෙක්…මං හැමදේම කියනකම් මොකුත් නොකියා අහන් හිටිය එයා මං අඬලා ඉවර කරනකම්ම මගෙ ඔලුව අතගගා හිටියෙ කිසිම බදාවක් නොකර.. ඒත්  විනාඩි පහලවක් විතර අහස්ගෙ තුරුලෙ හිටිය මං එතනින් ඈත් උනේ දෙයක් මතක් වෙලා…

“දැ….දැන් කවුද අපි දිහා බලාගෙන හිටියෙ..”  කඳුලු පිහාගන්න අතරෙ මං ඇහුවෙ වට පිටත් බලන ගමන්…ම්හු…අන්දකාරයයි වැස්සයි මීදුමයි ඇරෙන්න නම් වෙන කිසි දෙයක් නෑ…ඒත් මොකටද සෙවලයා මාව බදාගෙන හිටියෙ….

“ඇයි දැන් එහෙම අහන්නෙ තමුසෙ…” වාහනේ ලෑම්ප් එකත් ඔන් කරන ගමන් අහස් එහෙම ඇහුවෙ…ඒක පාරම ලයිට් එලියට ඇස් හුරු නැති නිසාම මං ඇස් තද කරගෙන පියාගත්තා.

“ආහ්…ඕක ඕෆ් කරන්නකෝ…ඇස් වලට අමාරුයිනෙ…” ඇස් දෙකත් තද කරගෙනම මම එහෙම කිව්වෙ…

“ආ…දැන් ටිකකට කලින් කිව්වා නේද ලෑම්ප් එක ඔන් කරන්න කියලා” ..හිනා වෙවීම අහස් එහෙම කියලා ලෑම්ප් එක ආයෙ ඕෆ් කරාම තමා මං ඇස් ඇරියෙ..

“තමීරා…කියනවා තමුසෙ ඇයි අර විදිහට ඇහුවෙ…..” ටිකක් වෙලා යනකන් තිබ්බ නිහඬ බව බිඳිමින් අහස් ආයෙම කතා කරේ…

ආහ් ඒකද….ඊයෙත් අපෙ නංගියි මස්සිනයි හිටිය නිසානෙ මාව බදාගෙන හිටියෙ…..ඒකයි.. අදත් කවුරු හරි බලන් හිටිය නිසා මාව බදාගත්තද දන්නෙ නෑනෙ…ඒකයි….

“ආහ්….ඒකද….තමුසෙ ඉතින් හොටු පෙරාගෙන අඬනකොට මෙතන මට අහක බලාගෙන ඉන්න බෑනෙ…ඒකයි.  ” අහස් නිකන් කින්ඩියට වගෙ එහෙම කියද්දිනම් මං හිතාගත්තා මොන හේතුවකටවත් ආයෙ මේ සෙවලයා ලඟ නම් අඬන්නෙ නෑ කියලා..

“තමීරා…..”

“ඇයි ? “

“තමුසෙ  කියන්න හදන්නෙ  මේ මැරේජ් අකමැතියි කියලා නේද…මම මේක නතර කරන්න ට්‍රයි කරන්නම්…දැන් හැමෝම අපි ගැන දන්න නිසා මේක ටිකක් අමාරුවෙයි…අනික තමන් අකමැති කෙනෙක් එක්ක ඉන්න අමාරුයි තමා…තමුසෙ කියන විදිහට ආදරයක් මගෙන් ලැබෙයිද කියන්නත් මම දන්නෙ නෑ..මොකද මට මීට කලින් එෆෙයාර්ස් තිබිලා නෑනෙ..අපි දැන් ගෙදර යමු…තමුසෙ දැන් ඕවා හිතන්න එපා…මම මේ වැඩේ ගැන බලාගන්නම්..ඕකෙ…”

එහෙම කියපු අහස් වාහනේ ස්ටාර්ට් කරන්න හදනකොටම මං ඉක්මනට ඒ අතකින් අල්ල ගත්තෙ ලැජ්ජාවයි තරහයි පැත්තක දාලා…

“ඇයි තමීරා…” 

“අ..අහස්….ඇයි අපි ගෙදර යන්නෙ..ඔයා කිව්වෙ ඩිනර් එකට යනවා කියලනෙ…”

“ආහ්…ඒකද…ඩිනර් එකට යමු කිව්වා තමා…ඒත් දැන් ගෙදර යන එක හොදයි…වැඩි වෙලාවක් ගියෙත් නෑනෙ…අනික කල් අරින්නෙ නැතුව මේ ගැන අදම කතා කරන්න ඕනෙ තමීරා …ඒකයි…”

“ඒත් අහස්…මම තාම කතාව කියලා ඉවර නෑනෙ…”

මම එහෙම කිව්වේ හිතේ තිබ්බ හැම දේම කියලා ඉවර කරගන්න බැරි උන නිසා…කොහෙද ඉතින් ඔක්කොටොම කලින් ඇඬිල්ල ඉස්සර උනානෙ…

“ඒ උනාට ඔය කියපු ටිකෙන්  තමුසෙගෙ තීරණය මම දැන ගත්තා…ඒ නිසා තවත් කතා කරන්න දෙයක් නෑ… “

ටිකක් තරහෙන් වගේ අහස් එහෙම කිව්වත් ඊළඟට මං කියපු දෙයින් නම් එයා සතුටු උනා කියලනම් මට තේරුණා…   

“ඒත් දැන් මම මේ මැරේජ් එකට කැමතියි අහස්…ඔයා කිව්වා හරි…අම්මියි තාත්තියි කියන්නෙ මට ජීවිතේ ලැබුන ලොකූ තෑග්ගක්.එයාලා නැත්තන් අද මම මෙතන නෑ.එයාලා මං වෙනුවෙන් කැප වෙද්දි මටත් පුලුවන් එයාලගෙ සතුට දෙන්න මගෙ සතුට කැප කරලා හරි.ඒ නිසා මේ මැරේජ් එක වෙනවා.ඒක ස්තීරයි.දැන් යමු…මට බඩගිනියි…”

එහෙම කියලා මං එලිය බලාගද්දි මට ලාවට වගේ ඇහුනේ අහස්ගෙ හිනා සද්දෙ.එහෙමම වාහනෙත් ස්ටාර්ට් කරගෙන අපි ගියෙ රෙස්ටුරන්ට් එහෙකට…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ කතාව ගැන අදහසක් කියාගෙන යන්න ළමායි ???????

 

 

 

 

 

 

112 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහසය වන කොටස”

  1. රිතූ ?

    අන්න තමීරා හොඳ තීරණයක් අරගෙන ???

    තමීරා අර විදිහට අහස් ට කියද්දි මගේ ඇස් වලටත් කඳුලු ආවා දිසා අක්කේ… ඇත්ත.. ඒක අසාධාරණයි තමා ? දෙන්නාට දෙවිදියක් නේ….?

    අර චූටිටත් ඕනේ නැති වෙඩිමක් නෑ…. පොඩි උන් ඔහොම්මමයි ??

    තමීරා කැමතියි කිව්වම අහස් නම් හිනා වුණා කිව්වා නේ… ඒ කියන්නේ අහස් මේ මැරේජ් එක කරන්නේ එයාලගේ තාත්තා කියපු නිසාවත් , මුලු රටම මේක ගැන දන්න නිසාවත් නෙමේ…. අහස් ඇත්තටම තමීරාට කැමතියි…

    හැබැයි ටික කාලයක් ආශ්‍රය කරද්දි තමීරාත් ඇත්තටම අහස් ට ආදරේ කරන්න පටන් ගනීවි ?

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤❤❤

    මට මතක විදිහට ඔහුත් නපුරෙක් පලවෙනි කොටස එපි විස්සකින් ඉවරයි ? ඒ කියන්නේ තව කොටස් හතරද ??

  2. සූර වීර රිතූ….???????????????කාට කියන්නද මේවා………………..මේ දැන් අප්පා මම කමෙන්ට් ටික කියෙව්වේ……?අර මෙලඩියක් හොයන්නේ අන්න එ සින්දුව නියමයි……?‍♂️ලකී නංගද කොහෙද ලියලා තිබ්බේ…………ටැපලිලාද මන්දා…….?සොලී ඈ එහෙමනම්……..එක නියමයි……..බම්………??……………………………………………………………………………………………මේ මේ මම ආය එනවා දොදොල් දඩු කද අරන් ටික දවසකින්………එතකොට කොහොමත් රැජින පැය 24ම…………?………………………………….මේ කස්ටිය අර ඇහැටුල්ලා එහෙම ආවේ නැද්ද එකට ඇප් එක අමතක වෙලාවද්ද…………………………..??????????????????????????????????????????????????????????????ඇහැටුල්ලෝ……………………….අලුත් කස්ටිය ගොඩායි……………?දුක කියන්නේ ආය මට කස්ටියම පැටලිලා………අර කාලෙකට හැදෙන්නේ ටැපලෙන ලෙඩේ වැඩි වෙලා…………

    1. රිතූ ?

      සූර වීර ඩෝනට් ???

      ඔයා එනකන් තමා පිනෝ බලන් ඉන්නේ ??

      ප්‍රබුද්ධ ආවේ නෑ හලෝ ??? අමතක වෙලාද මන්දා අපිව

      රැජිණ ආයේ ආවම පැටලුම් ලිහලා දෙන්නම්…. එතකන් පාඩම් කරපුවා පටලව ගන්නේ නැතුව ඉන්නවා ඕවා හිතන්න ගිහින් ??

      1. ඇහැටුල්ලා ????? බිසී වැඩිවෙලා..පව් අසරණයා ? ඉක්මනට එන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ?

          1. රිතූ ?

            ඔව් ??? එක්සෑම් ඉවර වෙලා එයිනේ… රැජිණත් එක්සෑම් ඉවර වුණු ගමන් ඇප් එකේ පැලක් බැඳ ගන්නවා කිව්වේ ???

          2. රිතූ ?

            මරු හැබැයි ???? දඬු කඳයි, දොදොලයි ආයේ එනෝ???? යුරේකා

  3. දිසා අක්කියෝ………………………..??????????????????
    කතාව නියමයි ඈ…………………………….ගොඩාරියක් ලස්සනයි……………තමරා ගත්ත තීරණය හොද එකක් වගේ………………..මොනා වෙයිද ඉස්සරහට ?අක්කි දනෝ ඉතින්………..මා නොදන්නෙමි………………………………බුදු සරණයි අක්කි…..♥

  4. මේ මේ ඊයේ රිතු අක්කි කිව්වා කතා ලියන එක නැවැත්තුවා කියලා ගුටි නොකා ලියන්න…….??නවත්තන්න එපා……………අර ලිය ලිය හිටපු එකනම් නවත්තන්න හිතන්නවත් එපා මට කියවන්නම ඔනී…………අන්තිම වෙනකම්………….

    උපුටා ගැනීමකි…මුල් අයිතිය පිනෝ සතුයි..?

    මොකද්ද ඩෝනට් මේ කතාව..පිස්සු ද ඔයැයිට ?

      1. රිතූ ?

        මං ඒත් බැලුවා බටේට මොන යකෙක් වැහිලා ද කියලා මට මට ඔහොම කතා කරේ ? ” රිතූ අක්කි ” ????????

        නැවැත්තුවේ නෑ බටේ…. ඔයාගේ කතාව වගේ මගේ එකත් තාවකාලිකව නැවතිලා ?????

        1. ????????වැඩේමයි ?????

          ඒ මොකෝ..එතකොට අර ඔයා අලුතින් ලියන එක ? මේ මාසේ ඉවර කරන්න ඕනි නේ

          1. රිතූ ?

            මොකක්ද අර තරගයට ලියන එකද ??? ඒක නම් මම ලියලා සබ්මිට් කරලා ඉවරයි ????

            ඔය මග නැවතිලා තියෙන්නේ නවල් එක ??

          2. රිතූ ?

            උභතෝකෝටික ගැටලුවකට මුහුණ පාලා ඉන්නේ මම කතාව සම්බන්ධව ?? ඒකයි

          3. ඔයාගේ ප්‍රශ්නය මොකක්ද කියලා ඇහුවේ ?

          4. රිතූ ?

            ආහ් නෑ නෑ… ඒක නෙමේ…. මේක අලුත් එකක් ??

  5. කව්ද අලුත් අය ?

    පරණ හැමෝමව මතක් කරනවා ? කස්ටිය හිටයනම් ඇප් එක මෙහෙම නෑ නේ ?❤

    මරාලේ දැක්කෙත් නෑ..සකලේ අක්කි

    ඔයාලා සින්දු කියලා ?

    කවී කෝ

    කාලෙකින් කවියක් දැක්කෙ නෑ තමයි

    පිස්සු පූසා
    චූටි නංගියා

    නෙත් fm කව්ද..අපේ හොර ඩොකා ගේ නම හොරකන් කරලා නේ..ඇප් එකේ හොරෙකුත් ඉන්නවනේ දැන්..සිඩ් ට හොදයි ?

    ඩෝනට් ?

    1. රිතූ ?

      අලුත් දෙන්නෙක් ඉන්නවා…. නෙත් FM , නෙරා

      අනේ ඔව් ???

      පිස්සු පූසා නම් ඉන්නවා…
      චූටි ආගිය අතක් නෑ ???

      නෑ නෑ හොරකම් කරේ නෑ ???? මම දුන්නේ ඒ නම…. එයාගේ නම නෙත්මල් නිසා ???? දුලාන් අයියට ඉතින් ඩොකා කියන තියෙන්නේ ???

      ඉන්නවා බම් ? මොකද කෑ ගහන්නේ…. කනත් ඉවරයි මගේ ??

  6. රිතූ ?

    කවී ට JJP වැඩි වෙලා ??? ඉක්මනට ඩොකා අයියට එන්න කියන්නෝ ????

    1. නෙත් FM ?

      කවී නංගිට ඉක්මනින් ම බෙහෙත් දෙන්න වෙනවා මට පේන්නේ.මට පේන විදිහට කවී නංගී ඉන්නේ රෝගේ උච්චතම අවස්තාවේ?????

          1. රිතූ ?

            ඔක්කොම පස් දෙනයි….

            කවී
            ජසී
            ඔමී
            සිඩ්
            පිස්සූ පූසා

            ???

      1. අහ් අයියේ…. මං මේ අංගොඩ ඉදලා ගෙදර යන ගමන්…. මට බේත්දෙන්න කලින් රෝගෙ බෝ කරපු කෙනාට බේත් දෙන්න….

          1. රිතූ ?

            ජසී හෙවත් ජවුසමා තමා ඕක බෝ කරේ ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.