Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහහත්වන කොටස

5/5 - (1 vote)

? ඔහුත් නපුරෙක්?

…………..දහහත්වන කොටස………..

“තමීරා…..තමීරා……නැගිටපන් යකෝ….පුපත් උඩ දාන නිදාගෙන ඉන්න ලස්සන….අද මම උඹව කනවා….නැගිටපන් ඉතින්….. ”

රෑ වෙනකන් සෙවලයා එක්ක කතා කරපුවා සිහි කර කර හිටිය මං නිදා ගද්දි රෑ එකත් පහුවෙලා.  දවල් වෙනකන් නිදා ගන්නම් කියලා හිතාගෙන හිටියත් හෙනහුරා පාත් උනා වගේ විනූගෙ කට හඬ ඇහෙද්දිනම් මට හිතුනෙම අද දවසනම් ඉවරෙටම ඉවරයි කියලා..

“ඇයි ඇයි සුදූ බෙරිහන් දෙන්නෙ….මේ නැගිටිනවා…”

ඇසුත් කහ කහම ඈනුමක් අරින ගමන් එහෙම කියාගෙනම මං ඇඳෙන් ඉඳගත්තෙ…

“සුදූ….සුදූ තමා….තමන්ගෙ හොඳම යාලුවා වෙච්ච මටවත් නොකියම එන්ගේජ් උනා..අනික ඊයෙ දවසම කෝල් එකක් වත් ගත්තද උඹ..ආහ්..කියපන්…මාත්  මගෙ බෙස්ටි ගගා වැලලෙනවා… තොට ගානක්වත් නෑ…”

නහ කුනු ගගා ලඟ තිබ්බ කොට්ටයක් අරන් විනූ මට ගහන්න ගත්තෙ දුකෙන් වගේම තරහෙන් කියලා කෙල්ලගෙ මූනෙන් මට හොඳට තේරුනා..

“ගහපන්…ගහපන්….උඹේ දුක යනකන් මට ගහපන්….එන්ගේජ් උනාට මමවත් දන්නෙ නෑ  එහෙම දෙයක් වෙනවා කියලවත්..එහෙව් එකේ උඹට කියන්නෙ කොහොමද.උඹට තියා අපෙ නෑයෙක් වත් නෑ…යසිත්ගෙ ගෙදර අය විතරයි හිටියෙත්….”

විනූ කෑ ගහපු එකටත් වඩා සද්දෙන් මාත් කෑ ගැහුවෙ ඇත්තටම දුකෙන්…ගෙදර අය ඇරෙන්න මං ගොඩාක් ලඟින් ආශ්‍රය කරේ විනූව…මගෙ හැමදේම දන්නෙ විනූව…ඒත් මගෙ එන්ගේජ් එක සිද්ද වෙන වෙලාවෙ විනූ මං ලඟ හිටියෙ නෑ..ඒ වගේම අපෙ පවුලෙ අනිත් අය..විනූට තරහා යන එක නම් සාධාරණයි..ඒත් ඒක මං හිතලා කරේ නෑ නේ….

“මොනවද තමී උඹ මේ කියන්නෙ…ඒ කියන්නෙ උඹ දන්නෙ නැද්ද එන්ගේජ් වෙන එක ගැන ආහ්…”

මගෙ කෑ ගැහිල්ලත් එක්ක විනූ මගෙ අත් දෙක අල්ලගෙන එහෙම ඇහුවෙ පුදුම වෙලා…

” නෑ විනූ නෑ…මම හැමදේම කියන්නම්.  ඒත් ඊට කලින් මම වොශ් එකක් දාගෙන එන්නම්…” 

එහෙම කියලා ඇඳෙන් නැගිට්ට මං ටවල් එකත් අරගෙන වොශ් රෑම් එකට ගියෙ විනූ ඔහේ බලාගෙන ඉද්දි.

…………………………..

” ඒ කියන්නෙ එදා උඹ දන්නෙ නෑ එන්ගේජ් වෙන එක ගැනවත් අහස්ගෙ බර්ත් ඩේ එක ගැනවත්…”

වොශ් එකකුත් දාගෙන අම්මිට කියලා රස ටී දෙකකුත් හදාගෙන බැල්කනියට වෙලා සිද්ද වෙච්ච හැමදේම මං විනූට කිව්වෙ එයාගෙ හිතෙ මං ගැන තිබ්බ වැරදි අදහස අයින් කරන්න ඕන නිසා…

“නෑ නෑ මැට්ටියෙ..දන්නවනම් මම එදා ඒකට යන්නෙ නෑ…අනික මම දැනගෙන මේ දේවල් වලට යනවනම් මම උඹට නොකියා යනවද….මැරෙන්න හරි මම උඹව අරන් තමා යන්නෙ….” මම එහෙම කිව්වෙ විනූගෙ පිටට එකක් ගහන අතරෙ…

“අපෝ ඔව්…උඹ මොක නැතත් මැරෙන වෙලාවෙනම් මාවත් ඇදන් යයි තමා… එච්චරට උඹ මට ආදරෙයිනෙ….”

“නැතුව නැතුව….උඹ මගෙ පනනෙ සප්තලන්…..” 

“අනේ පල පල යන්න…උඹ දැන් පන ගංගා වැලලුනාට තව ටික දවසකින් අර අහස්ව ඔලුවෙ තියන් ඉඳී පන ගගා…” 

” අනේ මේ…මට ඔය එක එක සෙවලයන් ඔලුවෙ තියන් ඉන්න ඕන නෑ…මම මේ දේවල් කරන්නෙ අම්මගෙයි තාත්තිගෙයි සතුට ගැන හිතලා… මං විතරක්ම නෙවෙයි අහසුත් එහෙමයි…ඒ නිසා උඹ ඔය වගේ කතා කියලා මට කියලා ඔය ලස්සන කට තලාගන්න එපා හරිද…

මං එහෙම කියන ගමන් විනූට රවලා අහක බලාගත්තෙ ඒකි සිරික්කිය දාද්දී..

“ආහ්…මේ….එන්ගේජ් එක ගැන නම් හරි කියපන්කො….එතකොට උඹට බැරි උනාද අඩුම මට කෝල් එකක් අරන් කියන්න ඊයෙ… මං ඒත් කෝල් නොකර බලන් හිටියෙ උඹම කතා කරයි කියලා හිතාගෙන..ඒත් උඹ මට එක කෝල් එකක් ගත්තද…ආහ්…”

දැන් දීපන්කො උත්තර…මේකිටත් ඕන නැති සෙද්දක් නෑනෙ…හැම එකම හොයනවා…හොයලා පත්තරේට ලියන්නද මන්දා…එක්කො ඔන්න ඔහෙ කියලා දානවා ඉතුරු ටිකත්… 

“කියන්න තරම් සිහියක් තිබ්බේ නෑ බං..මම ඊයෙ හවස් වෙනකන්ම බීච් එකට වෙලා හිටියේ…”

“වට්… බීච් එකේ  ….තනියමද….” විනූ ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන..

“ඔව් ඔව්…තනියම තමා…මට ඕන උනේ පොඩ්ඩක් රිලෑක්ස් වෙන්න…ඒත් උඹ දන්නවද ඊයෙ මට බීච් එකේදී ආකාශ්ව මීට් උනානෙ..”   ආකාශ්ව මීට් උන තැන ඉඳන්ම මං හැමදේම විනූට කිව්වෙ ඒකිත් පුදුම වෙලා සිද්දිය අහන් ඉද්දි…

“මොක උනත් පුතේ උඹෙ මැරේජ් එක වෙනකන් ආකාශ්ව නම් මග ඇරපන්…ඌ ඔය එන්නෙ හොඳකට නෙවෙයි…ඔන්න මං නොකිවූවයි කියන්න එපා හරිද… ” විනු එහෙම කියද්දි මං ඔලුව වැනුවෙ ඒක අනුමත කරන්න වගේ…

“මේ දැන් වෙඩින් එකට තව සති දෙකක් වගේ නේද තියනවා කියන්නෙ.. උඹ දැන් බ්‍රයිඩ් මේඩ්ස්ලා හොයා ගත්තද…” විනූ ඒක මතක් කරද්දියි මටත් ඒක සිහියට ආවේ…

“ඔව්මයි යකෝ…..ඒක අමතක උනානෙ…අනිත් වැඩනම් අම්මලයි අහස්ලගෙ අයයි බලාගයි…මේ වැඩේවත් මම කරන්න එපැයි…නැද්ද…”

“හරි හරි….ඒ වැඩේ මට බාර දියන්…අද රෑ වෙද්දි මම කට්ටිය හොයා  ගන්නම්…මායි උඹලගෙ නංගියි ඉන්නවනෙ…තව දෙන්නෙක් හිටියනම් ඇතිනෙ… ෆ්ලවර් ගර්ස්ලා ටිකක් තමා ආයෙ ඕනෙ….” 

“ආහ් ඔව්නෙ…උඹලා දෙන්නත් ඉන්නවනෙ…ඒ හන්දා අවුලක් නෑ…අද රෑම කියපන්…එතකොට මට සෙවලයට කෝල් එකක් දෙන්න පුලුවන්…” මං එහෙම කියද්දි විනූගෙ කට ඇදවෙලා ගියෙ මට හිනා යද්දි…

“හෑපෝ..ච්ක්… අච්චර ලස්සන කොල්ලට නේද උඹ මේ සෙවලයා ගාන්නෙ…අනික උඹෙ හස්බන්ඩ් නේද තව ටික දවසකින්..යකෝ හරියට කතා කරන්න ඉගෙනගනින්කෝ….” “

අනේ මේ….උට ගැලපෙනම නම තමයි ඒ…ඒ හන්දා මම නම වෙනස් කරන්නෙ නෑ නෑමයි…”

එහෙම කියලා මං දිවත් ඇද කරලා විනූට ගස්සලා පහලට යන්න ගියේ විනූත් මට විරිත්තද්දි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අදනම් කතාව චුට්ටයි අප්පා…කතාව බෝරින් වගේද දන්නෙ නෑ…???

 

225 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහහත්වන කොටස”

    1. සයියො මං හිතුවේ මං තමා අන්තිමට ම කතාව කියවන්නේ කියලා, කතාව කියවලා comment වලට එනකොට අක්කි විතරනේ ??????????? , සැක් කෙලින්ම comment කියවන්න එන්න තිබ්බෙ ??????????

      1. ආ????? Congratulations විතරක් කියලා බේරෙන්න බෑ නෙත්, මේ අපි වගේ මොනාහරි gift එකක් දෙන්න ඕනි , නේද රිතු අක්කියෝ ??

        1. නෙත් FM ?

          හම්ම්. දෙන්නංකෝ
          ????????????️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????????
          මේ ඇත්ද

        1. බින්දු බින්දු වැහි වැටිලා
          අපේ මිදුල ගඟක් වෙලා
          බින්දු බින්දු එකතු කරලා
          තිබහට බොමු එකතු වෙලා
          ???????
          ඒ වතුර බින්දු…..

  1. රිතූ ?

    අකාශ් එන්නේ නම් හොඳකට නෙමේ කියලා මටත් තේරුණා ???? ඌ මොන වෙඩිමක් නටයි ද දන්නෑ??

    දැන් ඔය සෙවලයා කියලා කිව්වට අර විනූ කිව්වත් වගේ බලන්න බැරියැ තව ටික දවසකින් සෙවලයා පණ වෙන හැටි ??

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ.❤

    අද නම් කතාව චුට්ටයි තමා ???

    1. මං ඉන්නෝ…..?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️ මට අයියගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා….?

          1. නෙත් FM ?

            අයියෝ මං දන්නේ නෑ මෙලඩි දාන්න.???
            හැබැයි මං යුටියුබ් එකෙන් ටියුටෝරියල් එකක් හොයා ගත්තා.තාම බැලුවේ නෑ?

  2. කතාව හරිම ලස්සනයි දිසා අක්කී…. ළඟදීම වෙඩින් එකකුත් එනවනේ… එදාට නම් කට්ටියම ලොකු පාටියක් දාමු අක්කිගෙ බර්ත්ඩේ පාටියටත් හරියන්න….. හොඳට පාඩම් වැඩ කරලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ….. All the best…. ජේසු පිහිටයි…. බුදු සරණයි….

      1. ඉස්කෝලේ යන බොදු දරුවෝ ? මොකක් හරි කොස්සක් තියෙනෝ කියලා පේන්නෙ මට විතරද ??

          1. ?ඉමී නේද..ඔලුව කොහෙහරි දාලා ඇවිල්ල ඇති

  3. නැතිද කිසිවෙකු මේ ගං තීරේ
    යමුනා නදී දේවි ඇත්තෙ පාලුවේ
    මගේ බටනලා වාදනය අසා ගෙන
    පැමිණෙන්න රාධා හනි හනිකට

    ගස් ඇත මල්වලින් බර වෙලා
    සුවඳ හමයි මේ යමුනා ගඟ පුරා
    හරිතයි සුන්දරයි මේ බ්‍රින්දා වනේ
    ඇති එකම අඩුව රාධා ඔබයි මෙහි

          1. රිතූ ?

            ??? පිනෝ මුලින් කවියක් දීලා ඉන්නකෝ ? ඊට පස්සේ මම

          2. රිතූ ?

            ලොක්කා ඉන්න දවස් වල ඉඳන් මේකාගෙන් අපි කවියක් ඉල්ලන්නේ ?? තාම නෑනේ

          3. ලොක්කා ගේ කවි හැමදාම රෑට දෙන්නන් නේ..රෑ වෙන්නැති එක නේ අවුල ☹

          4. රිතූ ?

            අන්න ඒකයි ?????? එයාට රෑ වෙන්නේ දවස් දෙක තුනකට සැරයක් ?????

          5. ඒකනේ…. තියෙන ලොකුම ප්‍රශ්නෙ අපිට තේරෙන දිවා රාත්‍රී වෙනස එයාට නොතේරෙන එකනෙ…. හිරු නොබසින අධිරාජ්‍ය වගේ තමයි ඉතින්….

          6. රිතූ ?

            ????? එයාට රෑ වෙච්ච දවස් වලට මරු ඉතිම්….. ඇයි ඉතින් දෙනවනේ කවි රිප්ලයි ටිකක් අනිත් කවි කැලේට විසි වෙන්නම ?????

      1. nath fm කොල්ලෙක්ද……?සැක්……..ඇහුවම විස්තරයක් කිව්වෙත් නෑ…………….

          1. ?පටන් ගත්තා………මනීෂාලු ආය…….අනේ මන්දා

          2. කොහොමත් පිස්සු නැතත් අපෙන් හරි බෝවෙනවනේ?

          3. ඒක තමයි…. මේ මාව උදාහරණෙකට ගන්නකො…. මේ ඇප් එකට එන්න කලින් මං කොච්චර හොඳට හිටියද??? ඒත් දැන් අංගොඩට ටිකට් එක අතේ තියාගෙන ඉන්නේ….

          4. රිතූ ?

            පිනෝට නම් ඉතින් ඕක බෝ වුණේ මමයි, බටෙයි නිසා ?????

          5. රිතූ ?

            අනේ මේ බටේ….?? මං කිව්වා කියලා හිතා ගන්නවා ???? ඔයාගෙන් තමා ගොඩක් අයට බෝ වුණේ…. මට තිබිච්ච පිස්සුව වැඩි වුණෙත් ඔයාගේ පිස්සු වැඩ නිසා තමා ??

          6. නෑ නෑ නෑ..මාව අල්ලගන්න එපා ඕවට..? ඩෝනට් තමයි

            මට පිස්සු නෑ ඔයාලට තමයි පිස්සු ??

            මන්දීනා කෝ

          7. රිතූ ?

            ආහ් ? මේං වැඩක්….. මාව විතරක් ඒකට අහු කරලා ඔයා බේරෙන්නද හදන්නේ ආහ්? ?? එව්වා ඉතින් හීනෙන් තමා…. වලපල්ලට ගියත් ඔහේව ඇදගෙන යන්නේ මං…. ඒක මතක තියා ගන්නවා ?

            පිස්සෝ කවද්ද තමන්ට පිස්සු කියලා පිළිගත්තේ ?

            මන්දීනාගේ කතාව තියේ? මන්දීනා නෑ

          8. රිතූ ?

            දාන්න කවී පහක් ?? ???? මං කියපු එකම කියලා

          9. ඕක ඉතින් මත් කියන්න හිටියේ..කිව්වෙ නෑ ඔය දෙන්නා පව් නේ ?

          10. අද දින මං පිළිගන්නවා මට පිස්සු කියලා….. දිනේ ලියලා තියාගන්න ලෝකෙන්ම පළමු වතාවට පිස්සෙක් තමන්ට පිස්සු කියලා පිළිගත්තා කියලා…

  4. ???????????????????????????????????අසව් අසව්…අසව් අසව්…ජන හිතවාදී..රැජින සම්ප්‍රප්ත උන වගයි?????

    1. රිතූ ?

      හෙට ඉඳන් පටන් ගන්නෝ ???? පෙබරවාරි මාසේ ඉඳන් හැදෙනවා මම

    1. රිතූ ?

      කවී, බටේ වගේ කවිකාරියෝ දෙන්නෙක් ඉද්දි කවියක් නැතුව ඇප් එක මෙහෙම පාලුවට යන එක හරි නෑ අප්පා ????

      ඔය දෙන්නා පටන් ගන්න බලන්න ?

          1. ?බලමු බලමු..කවි සිතුවිලි නෑ අප්පා

          2. රිතූ ?

            එකක් ලියන්නකෝ… ඊට පස්සේ ඔයාට කවි සිතුවිලි ගලාගෙන එනවා ?

      1. රිතූ ?

        සිඩ් නෑනේ ????

        මේ බටේ… මං එදා සිඩ් ට මේල් එකක් දැම්මා…. ඒත් එහෙම මේල් එඩ්රස් එකක් නෑ කියනවනේ Gmail වලින් ???

          1. රිතූ ?

            ආවා ආවා… ඔය අර බොදු දරු සීන් එක කිව්වේ එයානේ ???

  5. රිතූ ?

    අහම්බෙන් නෙත ගැටුණු යෙදුමක්
    අහම්බෙන් මුණ ගැසුණු පවුලක්
    නීරස මාගේ දිවි වෙනස් කළ
    එතැන මා හට වාසනාවන්

    යෙදුම කියන්නේ app එක කියන එක හොඳේ *

    ලස්සන නම් නෑ ???? සොරී

  6. මං යනවා…. දැන් වැඩි වෙලාවක් ෆෝන් එක යූස් කරන්න තහනම් ඕ ලෙවල් නිසා…. ගුඩ් නයිට් හැමෝටම…. ආපහු පුළුවන් වෙලාවට එන්නම්….. බායි…..

  7. හෙම්බිරිස්සවක් හැදිලා තියන මට
    ඔලුව කැක්කුමක් දැනෙයි තදටම
    අසනීප ගොඩක සිටින මට
    කවි සිතුවිලු එන්නේ නෑ හදට…….

    ????????

    ??????

  8. නෙත් FM ?

    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා…
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා…

    මේ හැටි ලස්සන රූ වරුනාවට
    ඉබේම නැවතුනු හිටි පාදෙම
    ඔය කී රූ වරුණා…
    මා ගැන නම් මේ අහන්න ආසයි
    ආයෙම මයෙ වරුණා…

    මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
    බොරළු ප‍යේ ඇනිලා
    මා‍ ගැන මන්දෝ මේ අනුකම්පා
    හිතට දුකක් දැනිලා…
    ආලේ කුසුමෙන් මා හිත පිපිලා
    සුවඳ හදේ රැඳිලා…

    පේර ද නාරං බෝවිටියා දං
    අපට කඩා දෙයිදෝ
    බුරුතු පිටින් මේ වාරේ අවාරේ
    නෙලාන ඉන්නම් දෝ…
    මේ ගුරු පා‍රේ මේ නෙතු ආයේ
    හෙටත් සිනා සෙයිදෝ…

    2
  9. නෙත් FM ?

    ඈ සිඩ් මං දැන් කමෙන්ට්ස් ටික කියෙව්වේ.?????
    කොහෙද බං නුබලා ස්කෝලේ ගිය පලියට බොදු දරුවෝ වෙන්නේ.?????

    1. එහෙම තමා බන් අයියේ..අපි බොදු දරුවෝ ..????

      (ඇත්තටම ඒකේ තේරුම මොකද්ද…??)

  10. නෙත් FM ?

    මන්ද නෙවෙයි බොල ඉර අවරට යන්නට පෙර ආහාර ගත යුතුයි නේ?

    1. ???දිවා ආහරය මෙන්ම දවල් ආහාරයද මා ගෙන අවසානයි අයියන්ඩිය…????????????(ගෙදර බත් මුට්ටිය ඉවරයි..??)

  11. තරු රටා…බල බලා..
    මම ඇවිදිමි ගේ වටා
    කලුවරේ…ඉන්නැති…
    ග්‍රහා ලොව සොය සොයා…

    ?????
    Copied ..

  12. නෙත් FM ?

    බොදු දරුවා මං අහන්නමයි කියලා ඉදියේ.අද මොකෝ ස්කෝලේ නොගියේ

  13. මා පන්තියට පැමිණෙන විට
    පොත් ගොඩක් තිබුණේ ගුරු මේසෙ
    මත
    ගුරුතුමියවත් වැසිලා ඒ පොත්වලට
    එතරම් පොත් තිබුණා පෙනෙන්නට

    පිටු සීයෙ දෙසීයේ පොත් සැම
    පොත් හතලිහ ගණනේ ගොඩවල්
    වලට
    වෙන් කර තිබුණා අහස උසට
    මා මුව වියලුණා දැකලා එය

    ගුරුතුමී කතා කෙරුවා ගුරු මේසෙ
    වෙත
    දුන්නා පොතින් පොත මා අතට
    ඔසවාගෙන සිටියා මා බියෙන
    ටොන් ගණනක බරක් දැනුණා
    දෙඅතට

    ගණන් පොතේ කොටස් තුනක්
    ඇතේ
    කොමස් ගිණුම් සැම හිනා වෙතේ
    ඉතිහාස විද්‍යා ඉංග්‍රීසි පාඩම් ද තිබේ
    දැනුණා මට කැරකෙනවා සේ
    ලොවම මගේ

    ඉගෙන ගත යුතු පාඩම් ගොඩක්
    ඇතේ
    මතක තබා ගත යුතු දේ ද ඇතේ
    මුහුණ දෙන්නට ඕ ලෙවල් විභාගෙ
    තියේ
    තාම මා අතේ ඇත්තේ පොත්
    පමණේ

    3
      1. මට මතක විදිහට නෑ..?අක්කි කෙනෙක් නේ…එක දවසක් ආවා වගේ මතකයි..මේ එයාමද…?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.