Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහ අටවන කොටස

5/5 - (1 vote)

? ඔහුත් නපුරෙක්?

……………..දහ අටවන කොටස………

සති දෙක ගියා නෙවෙයි ඉගිලුනා….හෙට සෙවලයගෙයි මගෙයි වෙඩිම…මං ඇර අනිත් හැමෝම ගැම්මෙන් වෙඩින් එකේ වැඩ.මම නම් ඉතින් කතා බිබී ඔහේ නට නට හිටියෙ අම්මිලත් මට කිසි වැඩක් බාර දුන්නෙ නැති හන්දා…

මොනවා උනත් පවුලෙ කට්ටිය ගෙදරට එනකොටනම් මාරම ජොලි..පොඩි පොඩි ඇච්චො සෙට් එක කෑ ගගහා ගෙදර එහෙ මෙහෙ දුවන හින්දා කිසි පාලුවකුත් නෑ…අම්මිටයි තාත්තිටයිත් මාමලා නැන්දලා පුංචිලා බාප්පලා ඉන්න නිසා හෙන ජොලියෙන්….ජොලිය කෙසේ වෙතත් ආව ගමන් හැමෝම කරේ එන්ගේජ්මන්ට් එක නොකියම ගත්ත එකට ජාතිය අමතන එක…..එයාලා තියා මනමාලි උන මමවත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ කිව්වට පස්සෙ තමයි කට්ටිය ශේප් උනේ..

එදා ඩිනර් එකෙන් පස්සෙ මම අහස්ව නම් දැක්කෙම නෑ…දැක්කා කියලා ආයෙ මොකෝ මම පොර එක්ක ලව් කරන්න ඇයි..මොනවා නැතත් මගෙ වෙඩින් එක මාර්ගෙන් චූටිටයි යසිත්ටයි හම්බවෙන්න පුලුවන් වාර ගාන නම් වැඩි උනා….යසිතුත් අර වැඩේට මේ වැඩේට ගගා බොරුවට අපෙ ගේ අස්සෙ රිංගන්න ගත්තෙ ..මම දන්නවනෙ ගොනා හැරෙන්නේ මොකටද කියලා. ..හී..හී….මොනාද උනත් පව් හැබැයි…උන් දෙන්නට තව සෑහෙන කල් තියනවනෙ බඳින්නත්..

“හම්මේ……මාර මහන්සියි යකෝ….”

කරන්න වැඩකුත් නැති එකේ මං ඇඳට වෙලා එෆ්බී එක පැත්තෙ සර්ච් පාරක් දාගෙන ඉද්දි විනූ ඇවිත් ඇඳට පතබෑවුනෙ එහෙම කියාගෙන…

“හහ්….මේං බලාපන්කො….පහලට වෙලා ගෙනත් තියන කේක් එහෙම ගිල ගිල ඉඳලා දැන් බොරුවට මහන්සියි කියන ලස්සන “

එහෙම කියන ගමන් මම ෆෝන් එකත් පැත්තක තියලා බැලුවෙ විනූ දිහා..

“අනේ මේ පලයන් ප### මගෙන් අහගන් නැතුව….දවස තිස්සෙම කකා බිබී මේකෙ අස්සේ හිටියනං තොගෙ මඟුලෙ වැඩ කරන්නෙ කවුද ආ…..”

යක්සාවේස වෙලා මගෙ ඇඟට කඩා පනින ගමන් විනූ එහෙම කියද්දි මට හිනා ගියෙ තවත් තරහටම විනූගෙ මූන රතු වෙද්දි…

“හිනා වෙයන් …හිනා වෙයන්….මම යනවා වොශ් එකක් දාගන්න….තොට කොච්චර කරත් ඔච්චර තමා….පලයන් මට තේ එකක් හදපන් උඹේ අතින්ම…”

එහෙම කියාගෙන මටත් ගස්සන අතරෙ විනූ ගියෙ වොශ් රූම් එකට….විහිලුවට වගේ කෙල්ලව අවුස්සන්න වැඩ කරන්නෙ නෑයි කිව්වට අම්මිලත් එක්ක වෙඩින් එකේ වැඩ සේරම බැලුවෙ විනූ… කෙල්ල සතියක් තිස්සෙ අපෙ ගෙදර….පව්….අරහෙට මෙහෙට දුවලම මහන්සි ඇති….ඔන්න ඔහෙ තේ එකක් මමම හදනවා කියල හිතාගෙන මං ඇදෙන් බැස්සෙ පහලට යන්න හිතාගෙන…

…………………………………………………

“මොනවා නැතත් පුතේ මහත්තයට ගරු කරන්න ඉගෙන ගන්න…”

“කඩ කෑම නැතුව හැම වෙලේම තමන්ගෙ අතින් හදපු කෑම තමා දෙන්න ඕනෙ……”

“ඒ දෙමාපියන්ටත් තමන්ගෙ දෙමාපියන්ට වගේම සලකන්න…” බ්ලා බ්ලා බ්ලා…..

රෑ කෑමෙන් පස්සෙ මට අවවාද දෙන්න ගත්තෙ අපෙ ලොකු ආච්චි…අපෙ මව් රැජිනිගෙ මව් රැජින….කියවනවා කියවනවා ඉවරයක් නෑ…ඒ අස්සෙ බාප්පලත් ඇවිත් එක එක දේවල් කියලා විහිලු කරන්න ගත්තෙ ලොකු ආච්චිගෙ රැවිලි මැද…උන්දැට නම් ඉතින් පේන්න බෑ ඒ වැඩ….ඒ අතරෙ අද කවදාවත් නැතුව අපෙ චූටිත් සංවර වෙලා…හේතුවනම් ඉතින් අපෙ යසිත්ගෙ අම්මලා එහෙම ආව නිසාද කොහෙද…නැත්තන් බලන්න තිබ්බෙ එයාගෙ කැටයම්…කොහොමෙන් කොහොම හරි ලොකු ඈයොන්ගෙන් බේරිලා මායි විනුයි රූම් එකට ආවෙ නිදාගන්න…උදෙන්ම අන්දන අයත් එනවනෙ…නැත්තන් ඉතින් වෙන්නෙ පෝරුවට නැගලත් නිදි කිරන්න…

“තමී…………මට හෙන දුකයි බං..”

රූම් එකට ඇවිත් වොශ් එකකුත් දාගෙන අපි දෙන්නා ඇඳට පැන්නෙ නිදා ගන්න…ඒත් ඇස් පියාගත්තත් නින්දක් නම් අහලකවත් නෑ..මට වගේම විනූටත් එහෙමයි කියලා හිතුනෙ කෙල්ල මට කතා කරද්දි..

“ඇයි….උබෙ වෙන්ඩ හබියවත් බැන්නද..” එහෙම අහන අතරෙ මම හැරුනෙ විනූ ඉන්න දිහාවට..

“නෑ….එහෙම දෙයක් නෙවෙයි….මට දුක උඹ මගෙන් ඈත් වෙන හන්දා..උඹ දන්නවද මට කොච්චර යාලුවො  හිටියත් උඹ වගේ යාලුවෙක් හම්බවෙලා නෑ මීට කලින්…යාලුවෙකුටත් වඩා උඹ මගෙම සහෝදරියක් වගේ.ඉතින් , හෙට ඉඳන් උඹ වෙනම ගෙදරක… අලුත් කට්ටියක් එක්ක…එතකොට මාව මග ඇරෙයි උඹට..නේද…”

ඇස් දෙකේ කඳුලු පුරවගෙන විනූ එහෙම කියද්දි මටත් ඇස්වලට කඳුලු ආවෙ කෙල්ල කොයි තරම් මං ගැන හිතනවද කියලා මතක් වෙද්දි…

“යකෝ විනූ…නවත්තපන්…උඹ මාව අඬවනවා….අනික මම අහස්ගෙ ගෙදර ගියාට උඹව අමතක කරනවද…උඹව අමතක කරන්න නම් මට මැරෙන්න වෙයි…අනික උඹ දන්නවා අහස්ගෙයි මගෙයි අතරෙ සම්බන්දයක් නෑ කියලා…නමට විතරක් හෙට ඉඳන් මම එයාගෙ වයිෆ්.මට පොරව අමතක උනත් උඹව අමතක නෑ.උඹ මගෙ යාලුවා හැමදාටම…හරිද…මෝඩි….”

එහෙම කියන ගමන් මං විනූගෙ නහය මිරිකුවෙ විනූ හිනා වෙද්දි…

…………………………………………. 

පාන්දර එකේ ඉඳන් නැගිටගෙන මගෙ බ්‍රයිඩ් මේඩ්ස්ලා ටික අන්දනකම් මම හිටියෙ නිදි කිර කිර….විනූයි චූටියි චූටිගෙ යාලුවො දෙන්නෙකුයි තමා මගෙ ගෘප් එකේ හිටියෙ.. ෆ්ලවර් ගර්ස්ලත් හතරයි….උනුත් මං වගේම නිදි කිරනවා..පොඩි උන්නෙ..පව් හැබැයි….ඔන්න පැය ගානක් තැපලා තැපලා තමා සැලොන් එකේ අක්කා මාව අන්දන්න ගත්තෙ…

“ආව්….යකෝ….හෙමීට ඔය කට්ට ගහපියකො…”

සාරිය අන්දන්න සැලෝන් එකේ අක්කට උදව්වෙන්න කියලා ඇවිත් විනූ සාරියට කටුවක් ගහන්න ගිහින් ඒක ඇනුනෙ මගෙ ඉනේ…මූත්‍රා විතරයි නොගියෙ..බැ## මෙතන පොඩි උන් නොහිටියනම් මම ඕකිට අමතන්නෙ ඒකිගෙ සාරිය ගැලවෙන්න…

“දඟලන්නෙ නැතුව හිටපන්කො යකෝ…උඹේ නැටිල්ල හන්දනෙ  කට්ටක්වත් ගහන්න බැරි…” එහෙම කියන ගමන් විනූ ආයෙම කටුව ගහන්න ගත්තෙ අනිත් අය හිනාවෙන අතරෙ…

පැය ගානක් මේකප් තට්ටු පිටින් උලද්දි මං හිටියෙ ඇස් වහගෙන..ඒ උලපු ඉලිල්ලෙ හැටියට මටනම් හිතුනෙ මාව විකෘති කරලද දන්නෙ නෑ කියලා…ඒක අතකට එහෙම උනොත් සෙවලයා මාව නිකන්ම එපා කියයි…ඒ කියන්නේ මඟුල කැන්සල්…එතකොට මට තියෙන්නෙ කිඹුල් කඳුලු ටිකක් දිය කර හැරලා තියන දේවල් ටිකකුත් කාලා  ගෙදර එන්න…ඕ යෑස්…

“කෝ නංගි… දැන් ඇස් ඇරලා බලන්න…ලස්සනයිද කියලා…” ටිකකින් සැලෝන් එකේ අක්කා එහෙම කියද්දි හෙමින් හෙමින් මං ඇස් ඇරියෙ මගෙ විකෘති වෙලා තියන මූන බලන්න…

“ආව්ස් යකෝ…..මේකිගෙ ලස්සන…උඩරට මැණිකේ කෙනෙක්ම තමා….” මං කට අරින්නත් කලින් එහෙම කිව්වෙ විනූ…. ආව්ස් තමයි…යකෝ මගෙ ලස්සන… කැන්ඩියන් එකට මාර ලස්සනක්නෙ…පුහ්…මම හිතුවෙ ඉලපු ඉලිල්ලට මගෙ මූන විකෘතිම වෙලා ඇති කියලා…

“ලස්සනයි අක්කෙ…තැන්කිව්…” මං එහෙම කිව්වෙ සැලෝන් එකේ අක්කා හිනා වෙද්දි….

“අම්මට සිරි…තාත්තට ආසිරි කිව්වලු….කවුද බං මේ ….”

එහෙම කියාගෙන එතනට කඩා පාත් උනේ යසිත්…මූ යකෝ….වෙලාවට රෙදි ඇඳගෙන හිටියෙ…බාගෙටවත් ඇඳගෙන ඉන්න අතරෙ ආවනම් තමා වැඩේ…වෙලාවකට මට හිතෙනවා මූ ඉංජිනේරුවෙක් උනේ බොරු කරලද කියල…ඇයි යකෝ හැසීරීම නම් අන්තිමයි…මොනා නැතත් චූටිට ගැලපෙනවා..

” ඈ බං මස්සිනෙ..ඒ ටිකට තමුසෙට මේ ලස්සන නෑනව අමතක උනාද ආහ්…” එහෙම කියන ගමන් මං ආඩම්බර හිනාවක් දැම්මෙ යසිත් බොරුවට ඇස් ලොකු කරගද්දි…මූ හදන්නෙ අපිව අන්දන්න…මම දන්නවනෙ මිනිහගෙ හැටි..

“ආහ්…මොකක්…මේ අපෙ අර කැත හොට්ටිද….යකෝ මොනා නැතත සැලොන් එකේ අක්කා පට්ටෙට වැඩේ කරලා….තැන්කිව් අක්කෙ මගෙ මේ අජූත නෑනව ලස්සන කරාට….” එහෙම කියන ගමන් යසිත් බැලුවෙ සැලෝන් එකේ අක්කා දිහාවට…

“අනේ මේ මස්සිනේ…උදේ පාන්දරම මං අමතන්න කලින් කියනවද මේ කෙල්ලො ගොඩක් ඉන්න රූම් එකක් අස්සට තමුසෙ රිංගුවෙ ඇයි කියලා..” ඉනට අතත් තියාගෙන මං එහෙම ඇහුවෙ යසිත්ට රවාන..

“මං ආවෙ මේ කුන්ඩවාලියො සෙට් එකගෙ මූනු බලලා යන්න…මේකප් හින්දා හොදයි…නැත්තන් තමුසෙලාගෙ සෑබෑ පෙනුම දැක්කම බත් කටක් කන්නවත් හිතෙන්නෙ නෑනෙ…” එහෙම කියලා යසිත් යන්න ගියෙ අපි ඔක්කොම පොරට රවාන ඉද්දි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඔන්න වෙඩින් එකත් ඇවිත්…මාත් යනවා වෙඩින් එකට…කවුද තව එන්නේ. ???

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

123 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහ අටවන කොටස”

  1. රිතූ ?

    හත්තික්කේ… මෙච්චර ඉක්මනට වෙඩිමත් ආවද ??? යකූ ඇඳුමක් වත් ලෑස්ති කරගත්තේ නෑනේ ??‍♀️??‍♀️

    හෙට වෙඩිම නම් දැන්ම ඇඳුමක් ලෑස්ති කොරගන්න වෙයි ???

    දැන් ලෑස්ති කරගන්න බෑ… කරන්ට් එක ඤෑ?

    අහසුත් හැන්ඩියා වගේ ඇති නේ ? තමීරාගේ ඇස් දෙක උඩ යන්න අහස් හිටියොත් හොඳා

    එහෙනම් හෙට මන්දීනා ගේ වෑන් එකවත් කතා කොරන් යමල්ලා වෙඩිමට ???

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

    1. නෙත් FM ?

      තමුන් wedding එකට ගියාට කමක් නෑ සිඩ් මස්,මාලු,බිත්තර,ඉස්සෝ,දැල්ලෝ එහෙම කනව නෙමයි හරිද.????
      බොදු දරුවා?????

      1. අඩේ අයියෝ…ඕවා කන්නේ නැත්තම් වෙඩිමට යන්නේ මොන වෙඩිමකට කියනඩකෝ..??

        1. මේකයි fm අයියේ කේස් එක..කවී අක්කි කිව්වේ නෙත් fm එකට භාර දෙන්න කියලා..ගන්නවද නැද්ද කියන එක ඔබ අතේ..?????

          මට මැවිලා පේනෝ dj එක…??????????
          (මිනිස්සූ මේස පුටු පෙරලන් දුවන විදිහා..)???????????

  2. අඩේ දිසා අක්කි…ඕව කැත වැඩ ඈ…කෝ අනේ වෙඩින් කාඩ්…අනික් අය වෙඩිමට යන්න ලැහැස්ති…මේ මාත් එනෝ ඈ…?

    යසිත් තම යසිත්…මොනා වුනත් ඌ මරු.??කිව්වත් වගේ නංගිටම ගැලපෙනෝ..??

    තමීර මෙච්චර ලස්සයි නම්…අහස් කොලුවත් හැන්ඩියා වගේ ඇති නේ…මරු මරු..????වෙඩින් කේක් කන්ඩ අපි එනෝ…?????

  3. නෙත් FM ?

    ඕ ලෑස්තියි රිතූ අක්කේ.
    ස්කෝලේ අත් දිග සුදු ෂර්ට් එකයි,සුදු දිග කලිසමයි,ස්කෝලේ ටයි එකයි හොදයිනේ…???

    1. රිතූ ?

      යකූ school day එකකට නෙමේ යන්නේ ? වෙඩින් එකකට….. ෆුල් සූට් ගහගෙන වර ????

    2. ඈ අයියේ….. ස්කූල් යුනිෆෝම් එක ඇදගෙනද ඔයා වෙඩින්වලට යන්නේ???? ?? ?????????‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️ බුරුල් වුණු නට් එක තද කරන්න මං එන්නද අයියේ????‍??‍??‍??‍??‍??‍?

  4. අවසාන මොහෝත අපගේ
    විභාගේ දෑස මානේ
    මැවේවි රූපේ ඔබගේ
    මැවි මැවී මාගේ දෙවිදේ

    1
        1. රිතූ ?

          තාම වෙඩිම පටන් ගත්තේ නෑනේ ? කස්ටිය සැලුන් ගිහින් ඇති ???? පොටි උලාගෙන එයි දැම්???

          1. රිතූ ?

            නෙත්… ෆුල් සූට් ගහගෙන එන්න ඈ ?

  5. රිතූ ?

    හත්තික්කේ මං පාඩම් කරලා එද්දි පාටිය ඉවර වෙලා තියෙයිද ??‍♀️??‍♀️??‍♂️

  6. රිතූ ?

    ලමායි….. අපි දැන් මේ ඇඳුම් ලෑස්ති කරගෙන වෙඩිමට යන්න ලෑස්ති වෙන්නේ තමීරා අපිට ආරාධනා කරාද ????

    1. ආරාධනා කරන්න ඕනද අපිට???? අපි කොහොමත් වෙඩිමකට ගිහිල්ලා පුළුවන් තරම් කාලා මුළු වෙඩිමම අවුල් කරලා දාලා එන එකනෙ කරන්නෙ…. ඒකට ආරාධනා මොකටද??? අනිත් එක ආරාධනා නොලැබුණා කියලා අපි වෙඩිමට යන්නෙ නැතුව ඉන්නවද?

  7. ගායිස්…වෙඩිම අද නෑ වගේ..???හැමෝම ඔය මේකප් ටික හෝදන් රෑට කාල නිදියමු…???

      1. රිතූ ?

        මේං ඇවිල්ලා ??? කොහෙද බොලව් හිටියේ…. මං එදා කස්ටියගෙන් ඇහුවත් එක්ක ඔයා කෝ කියලා ??? තව ටික දවසක් නෑවිත් හිටියා නම් සිඩ්ව එවනවා හොයන්න ???

          1. ඕ අවුලක් නෑ මචන් කකුල් සනීපයි දැන් ????

          2. ඕ අවුලක් නෑ මචන් කකුල් සනීපයි දැන් ????

          1. අඩේ..ෆෙරෝ අක්කිව දැකපු කල්…????

            කෝමැයි ඉතින්..??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.