Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහ නමවන කොටස

5/5 - (1 vote)

? ඔහුත් නපුරෙක්?

………………දහනමවන කොටස…………

“ආ…අන්න මනමාලිත් එනවා…”

උදේම ෆොටෝ ශූට් එකට යන්න ඕන හන්දා මායි මගෙ ගෘප් එකේ අයයි යසිත් එක්කයි තව අපෙ කසින් කෙනෙක් එක්කයි ආවෙ හොටෙල් එකට…මං එනවා දැකපු කෙනෙක් එහෙම කියලා කෑ ගහද්දි මට බැලුනෙ  ඉස්සරහින් මට  පිටුපාලා ඉන්න අහස් දිහාවට… ඒත් එක්කම තමයි අහසුත් මා දිහාවට හැරුනෙ…

ඒ ඇස් මාව දැක්කම ගැස්සුන විදිහනම් මං විතරක් නෙවෙයි අනිත් අයත් දැක්ක කියලා මට හිතුනෙ විනූලගෙ කැකිරි පැලිල්ලට…..ඇහිපිල්ලමක්වත් නොගහා මං දිහාම බලන් ඉන්න අහස් දැක්කම නම් ආව ලැජ්ජාවත් එක්කමයි මට බිම බැලුනෙ..අහස් හිටියෙ නිලමෙ ඇඳුම ඇඳලා…. මේ සති දෙකට රැවුලකුත් ඇවිල්ලනෙ පොරට…පෙනුමනම් හෙනම නපුරු පාටයි…ඒත් ඒ පෙනුමනම් අහස්ට ගැලපෙනවා කියලා තමා මටනම් හිතුනෙ..මොනා නැතත් අහස් දැක්කම හීනියට වගෙ මටත් චූටි ගැම්මක් ආවා…දැන් ඉතින් මේ හැන්ඩියා මගෙ මිනිහනෙ…

“ආ….දැන් අපෙ මනමාලි යන්නකො මනමාලයා ගාවට…තව පරක්කු නොවී ෆොටෝස් ගන්න ඕන…”

එතන හිටපු කොල්ලෙක් එහෙම කියලා කැමරාව අතට ගද්දි මං ගියෙ අහස් ලඟට…පුහ් මුගේ ගෑස්…කලින් මං දිහා කන්න වගේ බලන් හිටිය මිනිහා දැන් ඉන්නෙ මාව නොදන්න ගානට..හහ් මටත් මොකෝ…මේ තමීරත් එහෙම ලේසියෙන් කාටවත් සකන්ඩ් වෙන්නෙ නෑ…එහෙම හිතාන මාත් අහක බලාගත්තෙ චූටිලා මං දිහායි අහස් දිහායි බල බල හිනා වෙද්දි… අම්මපා වෙලාවකට මට හිතෙනවා මං පෙර ආත්මෙක හෙන පවක් කරලා කියලා…නැත්තන් ඉතින් මේ වගේ උන් ටිකක් මටම හම්බවෙයිද…

“ආ…කෝ ඔය මනමාලි දැන් මනමාලයගෙ උරහිසෙන් අත තියලා ටිකක්  මූන ඇල කරලා ලස්සනට බලන්න …”

“කෝ දැන් දෙන්නා මූනෙන් මූන බලාගන්න….”

“කෝ දැන් මනමාලි වාඩි වෙන්න…එතකොට ඔය චූටි පැටව් ටික අක්කව වට කරගන්න….”

“අරහෙට ඇල වෙන්න…මෙහෙට හැරෙන්න ….වාඩි වෙන්න, හිට ගන්න..බ්ලා බ්ලා බ්ලා..” හරියට සරඹ සංදර්ශන වගේ…එහෙට මෙහෙට ඇඹරිලාම එපා වෙලා මටනම්….මට වගේම අහස්ටත් එපා වෙලා කියලා පොරගෙ මූන තිබ්බ හැටියට තේරුනෙ….හොඳ වැඩේ ඕකට…එපා කියද්දිනෙ එක එක මඟුල් කියලා මටත් කැමති වෙන්න කිව්වෙ… කොහොමෙන් කොහොම හරි ෆොටෝසුත් අරන් අපි ආවෙ හොටෙල් එක ඇතුලට..

…………………………………………

මැති ඇමතිවරුන්ගෙන් , පවුලෙ අයගෙන්,යාලුවන්ගෙන් පිරිච්ච හෝල් එක….හැම චාරිත්‍රයක්ම ලස්සනට ඉවර උනේ මගේ හිතේ තිබ්බ බරත් ටිකක් නිදහස් වෙද්දි…ඇයි අප්පා නොකීවට වැඩ ටික හරියට ඉවර වෙයිද කියලා මං පුදුම බයකින්නෙ හිටියෙ….

අද අම්මිගෙයි තාත්තිගෙයි හිනාවෙනම් අඩුවක් තිබ්බෙම නෑ …අහස්ලගෙ අම්මලත් එහෙමයි… කොච්චර සතුටක් ඒ හිත් වල ඇතිද කියලා ඒ මූනු දකිද්දි මට හිතුනෙ මම ගත්ත තීරණය හරියි කියලා…

“මොනවද මැඩම් කල්පනා කරන්නෙ ආහ්…මෙතනින් පැනලා යන්නවත්ද…”

එහෙම අහන අතරෙ අහස් ඇහුවෙ මගෙ අතක් උඩ එයාගෙ අත තියන ගමන්…මූ උදේ ඉඳන් රඟපාන්නෙ හරියට අපි කාලයක් තිස්සේ ආශ්‍රය කරන ගානට…දකින උන් හිතන්නෙත් එහෙමයි…ඇයි වදේ එක්කෝ බොරුවට අතින් අල්ලන් ඉන්නවා…එක්කෝ ඉනට අත තියාගෙන…බොරුවට හිනා වෙනවා..ඒ රඟපෑම් ගැන් දන්න නිසාම මාත් කටවහගෙන හිටියෙ කට්ටිය ඉස්සරහ ලැජ්ජා වෙන්න බැරි හන්දා…නැත්තන් මිනිහා කියලා බලන්නෙ නෑ මුගෙ අනාගතේම අඳුරු වෙන්න මම අනින්නෙ අතනටම…ඇයි ආය මට කියලා ඒකෙන් පලක් නෑනෙ…හී..හී…

“පැනලා යන්න තිබ්බා….ඒත් දැන් තමුසෙ මාව කසාද බැඳලා ඉවරනේ…”

එහෙම කියන ගමන් හිනාවෙලා බැලුවෙ අහස් දිහාව….

” තමුසෙගෙ කට වැඩී තමීරා…මම දැන් තමුසෙගෙ හස්බන්ඩ්…ටිකක් රෙස්පෙක්ට් කරලා කතා කරනවා..”

දත් මිටි කාගෙන හෙමින් ඒත් දැඩිව ඒ වචන කියද්දිනම් මට හීනියට බයකුත් ආවා…ඇයි අප්පෙ මූත් එක්ක අද ඉඳන් මම තනියමනෙ…මාව මරලා දාන්න උනත් මෙයාට බැරි කමක් නෑ…

” හහ්….අපි බලමුකෝ….”

හිනාවෙන ගමන් එහෙම විතරක් කියලා මම අහස්ගෙ අත් කොනිත්තන්න ගත්තෙ පොරගෙ මූන ඇඹුල් වෙද්දි…කට්ටිය නැත්තන් පොර මෙතනම මාව පොලේ ගහලා..ඒත් ඉතින් මාව මැරුවත් මම මේ වගේ වැඩ නතර කරන්නෙ නම් නෑ…කට්ටිය ඉන්න අතරෙම මෙහෙම දෙයක් කරොත් තමයි… අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා කතාවකුත් තියෙනවනේ..

………………………….

උදේ ඉඳන් මුල් ඇඳුමෙන් හිටිය අපි දෙන්නා ඊළඟට රෙඩි උනේ වයිට් ඇන්ඩ් බ්ලූ කලර් මික්ස් වෙච්ච ෆ්‍රොක් එකකිනුයි ඒ කලර් එකෙන්ම බ්ලේසර් එකකිනුයි.. කට්ටියගෙ සප්‍රයිස් ඩාන්ස් එක්ක කාලෙත් ඉගිලිලා ගියේ අපි දෙන්නා පිටත් වන වෙලාවත් ලං වෙද්දි…

“පුතේ අහස්…මගෙ කෙල්ලව පරිස්සමින් බලා ගන්න…දඟයි තමයි…ඒක පස්සෙ හරියයි…දැන් එයාට උනත් තේරෙනවනෙ එයා කසාද බැඳපු කෙල්ලෙක් කියලා..ප්‍රශ්න ඇති උනොත් දෙන්නා කතා බහ කරලා විසඳගන්න…දෙන්නටම මගෙන් සුභ පැතුම්….”

එහෙම කියන ගමන් තාත්ති අහස්ව බදා ගත්තෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන…මාත් අම්මවයි චූටිවයි බදාගෙන අඬන්න ගත්තෙ හරියට හදවතින් කෑල්ලක් කැඩිලා යනවා වගේ වේදනාවක් දැනෙද්දි..

“බය වෙන්න එපා තාත්තෙ..මම තමීරව ඔය දෙන්නා ඔයාව බලා ගත්තා වගේම බලාගන්නම්….” එහෙම කියන ගමන් අහස් අම්මිගෙයි තාත්තිගෙයි අත් දෙක අල්ලගත්තෙ..

“බය වෙන්න එපා දේවක…මේ දරුවා මගෙ ලේලි නෙවෙයි මගෙම දරුවෙක් වගේ..අනික ඕන වෙලාවක අපෙ ගෙදර ඇවිත් දුවව බලන්න ඔයාලට පුලුවන්නෙ… ”

එහෙම කිව්වෙ ඇමතිතුමා…යසිත් ,විනූ,චූටි…මේ සේරම එක්ක කතා කරලා මං ගියෙ තාත්ති ලඟට…මේ ඇඳුම් සේරම අයින් කරලා මුද්දත් ගලවලා විසික් කරලා  මට ආයෙම ගෙදර දුවන්න තරම් හිතුනා…

“තාත්ති…”

එහෙම කියන අතරෙ ඇඬුම් පිටින්ම මම තුරුලු උනේ ඒ පපුවට..කටින් නොකීවට ඒ හිතේ මං ගැන වගේම චූටි ගැන තියන ආදරෙත් මහ මෙරක් තරම්…දාලා යන්න බැරි මහා ලෝබකමින් හිත පිරෙද්දි මම එහෙමම හිටියෙ ටිකක් වෙලා යනකන්..

“දූ….දැන් යන්න රත්තරන්…වෙලාවත් හරි…”

එහෙම කියන ගමන් තාත්ති මාව ඒ තුරුලෙන් අයින් කරේ..නොකීවට ඒ හිතේ මට කියන්න දේවල් දහසක් ඇති…තාත්තිගෙන් මං ඈත් උනාට පස්සෙ අහස් ඇවිත් ඒ ගතට මාව වත්තම් කරගෙන යන්න ගියේ කා එකට… වාහනේට නගින්න කලින්  මං ආයෙම හැරුනෙ කට්ටියගෙ දිහාවට….හැමෝගෙම ඇස් වල කඳුලු….

“දැන් නගින්න තමීරා…” එහෙම කියලා අහස් මාව වාහනේට නැංගුවෙ හැමෝම අපි දෙන්නට අත වනද්දි..

 

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අදහසක් කියාගෙන යන්න ළමායි…❤️

 

 

 

 

 

ොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොොො

 

48 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දහ නමවන කොටස”

  1. අම්මෝ වෙඩින් එක නම් තිබ්බා නේද…
    තමීරයි ,අහසුයි වෙඩින් එක දවසෙත් රන්ඩු. හැබැයි මරු කපල් එක ???

    දිසා අක්කි කතාව නම් නියමයි…
    All the best akki

  2. රිතූ ?

    හයියෝ ??? මං ක්ලාස් ආපු ටිකට වෙඩින් එකත් තිබ්බද… ? සැක්….

    කමක් නෑ දුකක් නෑ..?

    ඔන්න මනාල යුවළට සුබ පැතුම් ???

    මේ දෙන්නා වෙඩින් එකෙත් රණ්ඩු ????

    දැන් ඉතින් මොනා වෙයිද මන්දා ?? හෙටම බලමු…

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

    2
  3. කස්ටිය…??කෝමැයි ඔයාලට…

    මන් ඔක්කෝලාම දැක්කා වෙඩිමෙදි..??

    කෝ බලන්න මාව දැකපු කෙනෙක් ඉන්නෝද..??

    1. රිතූ ?

      මමත් පරක්කු වෙලා හරි වෙඩිමට ආවා ?

      ඔයාව දැක්කේ නෑ සිඩ් ??? මං ලකීව නම් දැක්කා ? ලකීත් මාව දැක්කා ?

      1. ඒකනේ ….??මාව කදුරුත් දැකලා නෑ..???

        මන්න දැක්කා අක්කිවා..බුෆේඑක ලගින් හෙල්ලෙන්නෑ..????කනවා කන්වා කනවා…

        1. රිතූ ?

          යකූ මූ ? ඒ කිව්ව කතාව බලහල්ලකෝ ????මම දවල්ට කන්නේ නෑ බොලව්… ???

          1. ඒ වුනාට මන් දැක්කනේ අක්කි කනවා..?හත් අවුරුද්දකින් කාලා නෑ වගේ..??

          2. රිතූ ?

            මං කෑවේ නැත්තන් කොහොමද එහෙම දැක්කේ ?? දැන් නැගිටින්න… ඕක හීනයක්

      1. ආහ් fm අයියේ…?මන් ඔයා වත් දැක්කා..??

        මොකද්ද බං අයියේ සුදු පාට හොල්මනක් වගේ ඇදන් ඇදිත් ප්ලේ කරපූ සින්දුව..???

        “වැඩ කරන අපේ විරුවා…”

        ???

        1. නෙත් FM ?

          කොහෝ ගියත් ඒ සිංදුව දාන්නම ඕනේ සිඩ් ඒකයි.ඒක වර්තමානයට ගැලපෙනවනේ…??

  4. අනේ….. මෝනින් එක ගුඩ් නෑ….. මට දුකායි…..????????????????????? ඔයාලා හැමෝම නරකයි….. කට්ටියම ගිහින් වෙඩින් එකට…… අනේ මං පව්……??????????????????????? දිසා අක්කේ මං තරහම තරහයි ඔයත් එක්ක……. කළු කපුටා සුදු වෙන තුරු මෝල් ගහේ දළු ලන තුරු ආයෙත් යාලු වෙන්නෙම නෑ…..?????????? අහස් තමීරා මේ හොඳ හිතින් කියන්නේ ආපහු තියනවා වෙඩින් පාටිය….. මට ආපහු කියන්න තියෙන්න එපා හරී….????????????? එහෙම නොකළොත් මං ඇවිත් ඔයාලගෙ පැණි හඳ කෑළි කෑළිවලට කඩලා දානවා හරිද…….?????????ඔන්න මං නොකිව්වයි කියන්න එපා…….

      1. නෙත් FM ?

        අනේ කවී එයාලගේ පැණි හද වෙලාවට යන්න එපා..???
        වෙන වෙලාවක ගිහින් රණ්ඩු කරන්න හොදේ..???
        නැත්නම් හරි නෑනේ ???

        1. රිතූ ?

          හම්මෝ නෙත් ????? මෙතන වැඩි හරියක් ඉන්නේ පොඩි අය නේද කියලා හිතලා මම මුකුත් නොකියා හිටියට මේකා කියලා ?????? මටත් ඕක කියාගන්න ඕන වෙලා තිබ්බේ

          1. මේ අපි පොඩි උන් ඈ..වැඩිහිටියෝ විදිහට ආදර්ශමත්ව ඔයලා දෙන්නා හැසිරෙන්න ඕනේ..????????????????????

          2. රිතූ ?

            ඒක නිසා තමා මං මුකුත් කිව්වේ නැත්තේ ???

            1
          3. අම්මෝ මම තාම පොඩියි හොදේ?? ඇයි අනේ ඔයාල ඔහොම ???

          4. නෙත් FM ?

            පොඩි ජෝක් එකක්නේ කලේ ගණන් ගන්න එපා හොදේ කස්ටිය ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.