Katha Ahura

? ඔහුත් නපුරෙක් ?| නවවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

2.7/5 - (6 votes)

 

? ඔහුත් නපුරෙක් ?

………නවවෙනි කොටස…………….

……..හිර කරන් හිටපු කඳුලු එලියට ගලාගෙන එනකොටම ඉකියක් පිට වුනේ අනික් අයත් මං දිහා බලද්දි …

???????අද එතැන් සිට ???????

හිතේ තිබ්බ තරහටයි දුකටයි අඬ අඬා ම මං රෑම් එකට දුවගෙන ගියේ අම්මි කතා කරද්දිමයි..ඕන උනේ තනිවෙලා අඬන්න ..කවුරුත් ආදරේ නෑනෙ මට..ඒකනෙ මේ විදිහට මට සලකන්නෙ..මම බාත්රෑම් එකට ගිහින් ශවර් එකත් ඇරගෙන බිම වාඩි වෙලා කෑ ගගහා ඇඬුවෙ හිතේ දුක යනකන්ම..විනාඩි විස්සක් විතර ගිහාම මම නැගිට්ටෙ හිතට පොඩි සහනයක් ලැබෙද්දි..තෙමිච්ච කිකිලියක් වගේ වතුර පිටින්ම රෑම් එකට ගිහින් ටවල් එකත් අරන් කොණ්ඩෙත් එහෙන් මෙහෙන් පිහාගෙන ඇදුමකුත් දාගෙන ඇඳට වැටිලා මං එහෙමම මං බලන් හිටියෙ සිවිලිම දිහා..

ටිකකින් මට ඇහුනේ වාහනයක සද්දෙ..අහස්ලා යනවා ඇති…ඒත් එක්කම මට ඇහුනේ පඩිපෙල නැගගෙන කවුරු හරි එන සද්දෙ..

“අක්කේ…දොර අරිනවකෝ…” මගෙ රූම් එකේ දොර ලග ඉඳන් කතා කරේ චූටි.

“එන්න චූටි…දොර ඇරලා තියෙන්නෙ.. ” මං කියපු ගමන්ම චූටි දොරත් ඇරගෙන ආවෙ රෑම් එකට..

“ලොකූ….තමුසෙ නෑවද ඕයි…බලනවා වෙලාව පාන්දර දෙකටත් කිට්ටුයි..” චූටි එහෙම කියන ගමන් ඇවිත් මගෙ ලගින් වාඩි උනා..

“මේ බලනවකො…කොන්ඩෙත් හරියට පිහාගෙන නෑ..මෝඩි..මෙහෙ එනවා ..ඔහොම හිටයොත් උදේට තමුසෙට නැගිටගන්න බැරි වෙයි…විහින් හදාගන්නෙ ලෙඩ..”

චූටි එහෙම කියන ගමන් මාව ඉන්දවලා  හෙයාර් ඩ්‍රයි එකෙන් කොන්ඩෙ වේලන්න ගත්තෙ බැන බැනමයි…කතා කරන්නවත් හිතක් නෑ මට..චූටි බනින එක අහගෙන හිටිය මං ගැස්සිලා ගියේ අම්මිගෙ සද්දෙට…

“ලොකූ….පුතේ , මොකද මේ…මේ මහ රෑ නෑවද….”

“ඒකනේ අම්මා..මේ පිස්සිට දැන් හොදට ම පිස්සු..මං ආවෙ නැත්තන් තෙත කොන්ඩේ පිටින් එහෙමම නිදා ගයි..මෝඩ ගහ..”.චූටිත් අම්මිට උල්පන්දම් දෙන්න පටන් ගත්තෙ අම්මිත් ඇවිත් මං ලගින් වාඩි වෙද්දි..

“ඇයි රත්තරන් මෙච්චර හිතුවක්කාර වෙන්නෙ..බලන්න අර අයට කතා කරන්නෙත් නැතුව ඔහේ දුවගෙන ආවා අඬාගෙන…ඒ මිනිස්සු මොනවා හිතනවා ඇතිද.තාත්තිටත් තරහා ගිහින් ඉන්නෙ ඒ වැඩේටනම්….අනික පුතේ අපි ඔයාට වැරැද්දක් කරන්නෙ නෑ..ඒක තේරුම් ගන්න”…බ්ලා …බ්ලා …බ්ලා…

අම්මි මොන මොනවද කියාගෙන යනවා..මං ඒවා තේරුම් ගන්න තත්වෙක නෙවෙයි හිටියේ..එකම දේ ගැන හැම වෙලේම හිතලා දුක් වෙන එකනම් මගේ තියරිය නෙවෙයි..අම්මි ඇති වෙනකන් කියවලා යන්නෙ නැතෑ…චූට්ත් ඒ අස්සෙ කියවනවා..මට හිනා යන්නත් එනවා..කොහෙද සීරියස් මූඩ්  එකක ඉන්න බෑනේ..මේ වෙලාවෙ මට ඕන උනේ හැමදේම අමතක වෙන්නත් එක්ක හොදට නිදා ගන්න..

“අම්මි…චූටි…දැන් ඇති , මට නිදා ගන්න ඕන…ඔයාලත් නිදා ගන්න..ගුඩ් නයිට්…යද්දි දොර ලොක් කරගෙන යන්න..”

මං එහෙම කියලා ඇඳට වැටිලා ෂීට් එකත් ඔලුවෙ ඉදන් පොරවගත්තෙ අම්මිගෙයි චූටිගෙයි කියවිල්ල නතර වෙද්දි..

“මෙයා බලහන්කෝ…අපි මේ මෙයා ගැන හිතලා දුක් වෙනවා..මේක නිදි…අපිත් යං අම්මි…”

චූටි එහෙම කියද්දි අම්මි හිනාවෙන සද්දෙත් එක්ක මට ඇහුනෙ ඒ දෙන්නා ලයිට්ස් ඕෆ් කරගෙන දොරත් ලොක් කරගෙන යන සද්දෙ..ටිකක් වෙලා එහෙමම ඉද්දි යාන්තමට ඇස් පිය වෙලා හීන ලෝකෙට සම්ප්‍රාප්ත වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට ඇහුනේ ෆෝන් එක වයිබ්‍රේඩ් වෙන සද්දෙ..

“මේ මහ පාන්දර මොකාද යකෝ කෝල් ගන්නේ…” එහෙම කියන ගමන් ඇස් දෙකත් පියාගෙනම මං ෆෝන් එකත් හොයාගෙන ආන්සර් කරලා කනේ තියාගත්තෙ කතා කරන එකෙක් කතා කරයි කියලා…ඒත් කෝ..මොකක්වත් කතා නෑනෙ…මං ලාවට ඇස් ඇරලා බැලුවෙ කට් වෙලාද කියලා..ඒත් නෑ…

“මේ ඕයි…කෝල් කරලා කතා නොකර ඉන්නෙ අමු කැවිලද…තමුසෙට නිදිමත නැති උනාට මට නිදිමතයි…වද දෙන්නෙ නැතුව තියනවා හලෝ…මඟුල..”

මං තරහෙන්ම එහෙම කියලා කෝල් එක කට් කරලා ෆෝන් එක සයිලන්ට් කරේ මොකා උනත් ආයෙත් කෝල් කරයිවත් කියලා හිතාගෙන.

ෆෝන් එකත් පැත්තක තියලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුව මං එක පාරට දෙයක් මතක් වෙලා ආයෙම ෆෝන් එක අතට ගත්තෙ හොඳට ඇස් ඇරගෙන…එහෙමම දැන් ආව නම්බර් එක චෙක් කරද්දි තමා මං දැක්කෙ ඒ කෝල් එක අහස්ගෙන් කියලා..

හුටා…නින්දෙන්ම අමතලා තියෙන්නෙ අහස් කාරයටනේ..ශී…එක්කො ඔන්න ඔහෙ කමක් නෑ..මූ මට වද දුන්න එකමනේ කරේ..ඒකටත් එක්ක මම බැනපු එක හොදයි…අනික මූ මොකටද මට කෝල් ගන්නෙ..මඟුල කැන්සල් කියන්න වෙන්න ඇති..ඇමතිතුමත් කොච්චර මගෙ හොඳ ගැන කිව්වට මම හැසිරෙන විදිහට හොදටම ශුවර් මට නම් මේ වැඩේට දං අංකල් තියා අහසුත්  කැමති නෑ කියලා..මරේ මරැ….අනේ දෙවියනේ මේ මගුල කැඩෙන්න ම ඕනෙ..

මං උඩ බලාගෙන මටම කියාගත්තෙ වැඳගෙන දෙයියන්ටත් කියන අතරේ…ඕයේ….ඒ කියන්නෙ මේ තමීරා තව කාලයක් යනකන් කසාදයක් කරගන්නෙ නෑ..අනික කොහොමත් අර අහස්වනම් මට එපාමයි…උඬඟු හිපයියා…මස් ගුලි ටිකක් ආව පලියට හිතන් ඇති පොර කියලා..

මං අහස්ටත් හිතින් බැන බැන ම ෆෝන් එක බලද්දි තමා දැක්කෙ අහස්ගෙන් මිස් කෝල් තුනක් ඇවිත් මං මනෝ ගහන ටිකට..ඒත් එක්කම මැසේජ් එකක් ආවෙත් අහස්ගෙන්..මම කෝල්ස් ආන්සර් නොකරන නිසා වෙන්න ඇති..එහෙම හිත හිතම මම මැසේජ් එක ඕපන් කරා..

“ආ ලොකු මැඩම්…අපිට ප්‍රශ්න ඇති කරලා තමුන් හොඳට නිදි නේද ? බලාගමු.. තමුන් දන්නෙ නෑ මේ අහස්ගෙ හැටි..අද මාව රවට්ටපු එකට කවදා හරි රිටන් එකනම් ලැබෙයි…ඔය ලොකු කම මම බස්සවලා ගන්නම්…”

සුද්ද සිංහලෙන්ම මැසේජ් එකක් අහස් එවලා…පව් අසරණයා…හිහ්..  මං බය වෙයි මුගෙ ගෙරවිලි වලට..අනික මූට නින්ද යන්නෙ නෑ කියලා මං පලිද..හිටපන්කෝ හොද මැසේජ් එකක් යවන්න..කෝකටත් මාත් සිංහලෙන්ම ටයිප් කරනවා..නැත්තන් වැරදිලාවත් වෙන වෙන වචන ටයිප් උනොත් මංමනේ කිච වෙන්නෙ..එහෙම හිතන ගමන් මාත් මැසේජ් එකක් ටයිප් කරන්න ගත්තා..

“අනේ මේ ඕයි…තමුසෙට නින්ද යන්නෙ නෑ කියලා මං පලිද? තමුන් වගෙ අය ලගට නින්දක්වත් ලගට එන්න කැමති නැතුව ඇති…අනික මගෙ ලොකුකම බස්සන්න තමුන් වද වෙන්න ඕනෙ නෑ…තමුන් මගෙ කවුරුත් නෙවෙයිනෙ…අනික මස් ටික පුම්බන් පොර වගේ  හිටියම හිතන්න එපා මේ තමීරා ඔය වගෙ නරියන්ට බය වෙයි කියලා…ගුඩ් බායි මිස්ටර් අහස් ????????????”

ඔන්න ඔහොම මැසේජ් එකක් ටයිප් කරල සෙන්ඩි කරපු මං ඒ නම්බර් එක බ්ලොක් කරලා දැම්මෙ තවත් මේ මනුස්සයා එක්ක වචනයක්වත් හුවමාරු කරගන්න අකමැති නිසා.එහෙමම අනිත් පැත්ත හැරිලා ඇස් පියාගත්තෙ මං හිතට මොකක්දෝ සැනසීමක් දැනෙද්දී…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

අදහසක් කියාගෙන යන්ඩෝ…

 

 

 

 

24 thoughts on “? ඔහුත් නපුරෙක් ?| නවවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. ඔය වැඩේ හරියන්නේ නෑ..???
    අපේ තමීරාට අහස් කොලුවව බදින්න වෙනවා..??අනේ අක්කි..අපි ඔය මගුල ඉක්මනට කරවමු…එතකොට වෙඩින් කේක් කෑල්ලකුත් කෑවා හැකි…???????

    කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ..❤️❤️

  2. රිතූ ?

    තමීරා තමීරා තමීරා ?? ඕක හරියන්නේ නෑ කෙම්ලේ….
    ඔයැයිට අහස්ව බඳින්නම වෙනවා ?

    සැක් ? තමීරා මං වගේ ? සීරියස් වෙලාවටත් හිනා යනවා ????

    අහස් ඔය කිව්වට ලොකුවට මුකුත් කරන්නේ නෑ ? මොකද අහස් තමීරාට කැමතියි…?

    තමීරා ඔය දැන් කියෙව්වට මුලින්ම අහස්ට කැමති වෙන්නේ එයාම වෙන්නත් පුලුවන් ? බලමුකෝ ඉස්සරහට ?

    දිසා අක්කේ… මුන් දෙන්නව ඉක්මනට සෙට් කරමු ඈ ? පාටියක් එහෙම දාන්න පුලුවන් නේ ???

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

  3. සිරා මූඩ් එකෙන් ඉන්නකොට හිනා යන ලෙඩේ නම් මටත් තියෙනවා… මොනා උනත් තමීරාත් මං වගේම යි.

    අනේ දිසා අක්කියෝ තමීරවයි අහස්වයි සෙට් කරන්න හොඳ ද….
    අපිට පාටියක් වත් දාන්න….???

    1. රිතූ ?

      මේ දඟ පවුලේ ඉන්න හැමෝම එක වගේ ?? හැමෝටම වගේ සිරා මූඩ් ඉද්දි හිනා යනවා ???????
      තමීරාත් අපිටම ගැලපෙනවා ???

        1. එ ලෙඩේ මරු ලෙඩක් හැබැයි නේ…????ඇයි අප්පා…කාටවත් බනින්නත් බෑ…හිනා යනෝ…අඩනකොටත් හිනා යනෝ..???

          1. Nawodya Dissanayake

            Ado nooo….math ehemai ???….ona ekatai EPA ekatai dekatama Hina yanw

          2. රිතූ ?

            අම්මෝ ඔව් ???? මට හිනා වෙන්න පටන් ගත්තම නවත්තගන්න බෑ ?????

            මේ ළඟදි ඉස්කෝලේ ඇරිලා එද්දි බස් එකේ වුණු දේකට මට හිනා ගියා හොඳටම ???? මිනිස්සු බාගෙට බාගයක් බලන් හිටියා මං හිනා වෙන දිහා ????? ඒත් ලැජ්ජාවක් නෑ මට….. තවත් හිනා වෙනවා ??? දෙපැත්තේ දෙන්නා මට අනිනවා හිනා වෙන්න එපා කියලා ???? එහෙම කිව්වට මං සැලෙනවද… නෑනේ ??? තව හයියෙන් හිනා වුණා ????? බස් හෝල්ට් එකෙන් බහිනකන්ම මට හිනාව නවත්ත ගන්න බැරි වුණා ???

          3. ??? මං නම් හිනා වෙලා හිනා වෙලා පස්සෙ දවස් දෙක තුනක් යනකල් මතක් කර කරත් හිනා වෙනවා….???? සමහර වෙලාවට හිනා වුණේ මොකටද කියලා හිතලා බලද්දි ඒකෙ හිනා යන්න තරම් දේකුත් නෑ???

          4. රිතූ ?

            අඩෝ නෝ ????? මමත් එහෙමයි කියහන්කෝ ???? නිකමට ද ඉතින් දඟ පවුලේ ඔක්කොම එක වගේ කියන්නේ ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.