Katha Ahura

? ඔහුත් නපුරෙක් ?| විසිි එක්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා

4/5 - (5 votes)

?  ඔහුත් නපුරෙක් ?

………….විසි එක්වන කොටස…………….

“තමීරා…..කෝ මගේ කොෆී එක…මම තමුසෙටයි මටයි දෙකක්ම ගේන්න කියලා ඕඩර් කරානෙ….”

එහෙම කියාගෙන අහස් ආවෙ බැල්කනියට වෙලා හිටිය මං ලඟට…

“ආහ්… හස්බන්ඩ්, සොරි අනේ…කොෆි දෙකක්ම ගෙනාවා..මාර රසයි…මම කලින්ම   මගෙ එක බිව්වා.. ඔයා ටිකක් වෙලා ගියානෙ වොශ් දාන්න…කොෆි එක නිවෙයි කියලා හිතලා මම මේ ඉතින් ඒකත් බොනවා…නිවුනනම් අපරාදෙනෙ නේද….හී…….”

එහෙම කියලා මං හිනා වෙද්දි ලාවට වගේ හිනාවක් අහස්ගෙ මූනෙ ඇඳුනත් පොර ඒ බවක් පෙන්නන්නෙ නැතුව රකුසු වර්ශන් එකට එන්ටර් උනා…

“තමුසෙගෙ බඩක්ද ඕයි තියෙන්නෙ ..ඇඟේ හැටියට නෙවෙයි කෑම බීම.  පෙරේත කම…”

එහෙම කියලා සෙවලයා යන්න ගියේ මට රවලා…ඒත් ඉතින් ඔය වචන වලට සැලෙනවද මේ තමීරා…කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි…

“ඔය එලියට වෙලා ඉන්නෙ නැතුව එනවා…පේන්නෙ නැද්ද වහිනවා කියලා…ඇවිත් වද දෙන්නෙ නැතුව නිදා ගන්නවා…” ආයෙම අහස් කෑ ගැහුවා..

“හරි හරි අනේ එනවා…”

හිස් මග් එකත් අරගෙන මම බැල්කනියෙ දොරත් වහගෙන ඇතුලට ආවා…හීටර් එක නිසා රූම් එකට නම් සීතල නෑ…ඒ හන්දා හොඳයි…. නැත්තන් මෙලහටත් මං ගල් ගැහිලා…

“මේ හස්බන්ඩ්…අපි කවද්ද ගෙදර යන්නෙ…”

කතා කරන්න කවුරුත් නැති එකේ   කටත් නලියන හන්දාම මම එහෙම ඇහුවෙ  ෆෝන් එක බල බල ඉන්න අහස්ගෙන්..

“තව දවස් දෙක තුනකින් යනවා…ඇයි…”

මං දිහා නොබලම අහස් එහෙම ඇහුවෙ…මුගේ ගෑස් තමා ගෑස්…හරියට මම නිකන් බලෙන් මෙයාව කසාද බැන්දා වගේනෙ..හහ්…

“නෑහ්… නිකං….”

එහෙම කියලා මාත් මගෙ ෆෝන් රාජයා අතට ගත්තෙ චූටිට වීඩියො කෝල් එකක් ගන්න..පව් කට්ටිය මොනා කරනවද දන්නෙ නෑ…

“ආහ්…..නෑනන්ඩි….මොකද කරන්නෙ ආ….වැඩ ඇල්ලුවෙ නැද්ද තාම…කෝ මස්සිනා…”

ගත්තෙ චූටිට උනාට ආන්සර් කරේ යසිත්….හැන්ඩ් ෆ්‍රී නොගහ හිටිය නිසා යසිත් කියපු කුප්ප කතාව අහස්ටත් ඇහුනා කියලා තේරුනෙ පොර කින්ඩි හිනාවක් දාගෙන මගෙ ලඟට එද්දි..

“ආහ් මචං….මොකද කරන්නේ කට්ටිය…”

එහෙම අහන ගමන් අහස්  පිටි පස්සෙන් ඇවිත් මගෙ බඳ වටේ අත දාලා  උරහිස උඩින් නිකට තියාගත්තම මට දැනුනෙ ඇඟට කරන්ට් එකක් වැදුනා වගේ…යසිත්ලා බලාගෙන ඉන්න නිසා තමයි මුගෙ ඔක්කොම රඟපෑම්…කියලා කරානම් එකක්….එකපාරට ඔහොම කරද්දි මං කන්ෆියුස් වෙනවා නේද කියලා මුට හිතෙන් නැති හැටි….

“අවුලක් නෑ බ්‍රෝ..කට්ටිය එක්ක සාකච්චාවක් දාගෙන ඉන්නවා…ඉන්නකො කට්ටියම පෙන්නන්න..”

එහෙම කියලා යසිත් හැමෝවම අපිට පෙන්නුවා…විනූ,චූටි,අම්මි,තාත්ති, ලොකු ආච්චි, පුංචිලා මේ සේරම එක්කලා කතා කරලා ඉවර වෙද්දි පැයක් විතර ගිහින්..ඒ වෙනකම්ම මේ ගස් නරියා හිටිය විදිහමයි…මුගෙ අලි ඔලුව උස්සන් ඉඳලා මගෙ උරිස්සත් රිදෙනවා…එහෙමම අහස්ගෙ ගෙදර අයටත් කෝල් කරලා මම අහස්ගෙ අත් දෙකත් අයින් කරලා ගිහින් දොර ඇරියෙ කවුරු හරි බෙල් කරපු නිසා…

“මැඩම් මෙන්න ඔයාලගෙ ඕඩර් එක….”

එහෙම කියලා ආපු සර්වන්ට් යන්න ගියේ මට හිනාවකින් සංග්‍රහ කරලා…

“අහස්….ඩිනර් රෙඩි….එනවද කන්න…” ගෙනාව රයිස් එකෙන් ප්ලේට් එහෙකට බෙදා ගන්න අතරෙ මං එහෙම ඇහුවෙ අහස් දිහා නොබලමයි…

“මේකි යකෝ…..හරිනම් මුලින්ම හස්බන්ඩ්ට නේද බෙදන්න ඕනෙ…ඔක්කොටොම කලින් තමුසෙ බෙදා ගත්තා නේද….පෙරේති….”

එහෙම කියන ගමන් අහසුත් බෙදන්න ගත්තෙ මට රව රව…මොකුත් නෑහුන ගානට මං කන්න ගත්තෙ කන කොට කතා කරන්න හොඳත් නැති නිසා…හි…හී….

………………………………

කාලා බීලා එහෙට මෙහෙට වෙවී ඉන්න අතරෙ කම්මැලිකම යන්නත් එක්ක මං එෆ්බී එක පැත්තෙ සර්ච් පාරක් දැම්මෙ ඒ පැත්තෙ තත්වෙ බලන්න…ලොග් උනා විතරයි තිබ්බෙ අහස්ගෙයි මගෙයි  ෆොටෝ එකක්…. ෆොටෝ එක දාලා තියෙන්නෙ විනූ….මේකිනම් ගම කාලා…මදැයි…තව කාලයක් තනිකඩව මේකෙ ඉන්නවා කියලා හිතුවා..

හැමෝගෙන්ම සුබ පැතුම් ඇවිත්….සමහර කෙල්ලොනම් අහස් ගැන වර්ණනා තරලා තිබ්බෙ හරියට ලංකාවෙ එකම කොල්ලා මූ ගානට දාලා… ලස්සනයි නම් තමා…ඒ කියලා මෙහෙම කමෙන්ට් දානවද….පුහ්…අර මෝඩයා දැක්කොත් එහෙම තව අඩි දෙක තුනක් උඩින් යන්නෙ…

“දැන්වත් ඔය හුචක්කුව පැත්තක තියලා නිදා ගන්නවා තමීරා…ලයිට් එලියට මට නින්ද යන්නෙ නෑ..” සෙවලයා බෙරිහන් දෙන නිසා මාත් ෆෝන් එක පැත්තකින් තියලා ආවෙ ඇඳට….

“ඒයී..තමුසෙ මොකද ඇඳට ආවෙ…යනවා සෝෆා එකට…. “

මං ඇඳට නගිනවත් එක්කම අහස් එහෙම කිව්වෙ…අනෙ අම්මපා මේ මිනිහා හිතක් පපුවක් නැති ගානට ඒක කියපු ලස්සන…වෙන කපල්ස්ලා නම් මෙලහට කොච්චර රොමෑන්ටික් ඇද්ද…ඒකට මගෙ මිනිහා….හනිමූන් නම් මූ එක්ක ඕන නෑ…ඒත් නිදා ගන්න ආවම එලවන ලස්සන….හිටපන්කො කරන්න හොද වැඩක්…

එහෙම හිතලා මම බැස්සෙ ඇදෙන්…ෆෝන් එකත් අරගෙන නම්බර් එකක් ඩයල් කරපු විදිහට ඇක්ට් කරලා බොරුවට ෆෝන් එක කනේ තියාගත්තෙ අහස් පුදුමෙන් මං දිහා බලාගෙන ඉද්දි..

“ආ…හෙලෝ තාත්ති…..මම මේ ගත්තෙ පොඩි දෙයක් දැන ගන්න…”

“ඔව් ඔව් තාත්ති… මේ මේකයි.. මේ හොටෙල්ස් වලට තාත්ති සල්……..'”

කියලා කියනවත් එක්කම අහස් මගෙ කට වහලා ෆෝන් එක ගන්න හදනකොටම මං එයාගෙන් බේරිලා එහාට උනේ පොර අතින් ෆෝන් එක කට් කරන්න කියලා මට කියද්දි…බොරුවට මාත් කෝල් එක කට් කරා වගෙ රඟපාලා ෆෝන් එක පැත්තකින් තිබ්බෙ සෙවලයි සැනසුම් සුසුම් හෙලද්දි…පුහ්…මුගෙ ඇඟ විතරයි…ඔහොම බය උනොත් මදැයි…

“මොකද්ද තමීරා කරන්නෙ…විහිලුවටනෙ මම ඇඳෙන් බහින්න කිව්වෙ…ඒ ටිකට තාත්තිට කෝල් ගත්තෙ..බැන්ද දවසෙම තියන ප්‍රශ්න ඒ අයට කියද්දි එයාලා මං ගැන මොනව නොහිතයිද …”

“අහ්…ඇත්තද…එහෙනම් කියන්න කලින් දෙපාරක් හිතනවා….තමුසෙගෙ තාත්තා වගේ ම මගෙ තාත්තාත් මේවට වියදම් කරා…ඒ හන්දා මං මට ඕන තැනක නිදා ගන්නවා…තමුසෙට ඕනනම් බිම හරි ඉන්නවා….”

තුශ්නිම්බූත වෙලා වගේ මගෙ දිහා බලාගෙන ඉන්න අහස්ට රවලා මං ඇඳෙ එහා පැත්තට පැනලා ඔලුවෙ ඉඳන් ශීට් එක පොරවගත්තා…

…………………………………….

දවස් දෙකක්ම ගෙවිලා ගියේ කිසිම විශේෂයක් නොවී….හනිමූන් ආවට මොකද අපි දෙන්නා අතර කිසිම දෙයක් නම් උනේ නෑ.එක අතකට ඒකත් හොඳයි…හදවතින් බැඳෙන්නෙ නැතුව ගතින් බැඳිලා තියේද…මොනාද උනත් දෙමාපියන් වෙනුවෙන් වෙච්ච කසාදයක් හන්දා මම වගේම අහසුත් ඒ ගැන හිතන්න නැතුව ඇති…නැත්තන් ඉතින් මොන කොල්ලද කෙල්ලෙක් ලඟ තියාගෙන සිල් රකින්නෙ..හී….හී…..සෙවලයගෙ ගෙරවිලියි මගෙ මෝඩ වැඩයි එක්ක කාලෙත් ගෙවිලා ගියේ අපි කොළඹ යන දවසත් ලං වෙද්දි.

                     (    කෙටි විරාමයක්…….)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මං හිතනවා මේ තාක් කතාව කට්ටිය රස විඳලා ඇති කියලා…අඩුපාඩු නම් බොහෝ ඇති.ඒකට මුලින්ම සමාව ඉල්ලනවා…

මේ කතාවත් තව දුර ලියන්න තියනවා…ඒත් මේ කොටසින් කතාව නතර කරන්න වෙලා තියනවා මට..ඒකට හේතුව මගෙ ඉගනීම් කටයුතු…කතාව නොදාම ඉන්නවා කියලා හිතලා ඒත් මෙච්චර ටයිප් කරපු එකේ අපරාදෙ කියලා හිතුනා…

කතාවෙ ඉතුරු කොටස් ටික දෙවන දිග හැරුමක් ලෙසින් ආයෙම ගේන්න මම අපෙ ඇඩ්මින් සර්ගෙනුත් අවසර ගත්තා…කතාව මගින් නතර කරපු එකට අනේ මට බනින්න එපෝ??…ඉක්මනට ඉක්මනට ටයිප් කරන්න පුලුවන්.  ඒත් එතකොට කතාව ලස්සන නැති වෙයි කියලා හිතනවා…අනික ප්‍රින්ටින් මිස්ටේක් හදන්න එපැයි….මං හිතනවා කට්ටිය මාව තේරුම් ගයි කියලා.. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න..” ඔහුත් නපුරෙක්” දෙවන කොටසින් ආයෙ හමුවෙමු…

හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…❤️

           මම නවෝද්‍යා දිසානායක?

 

 

 ෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙ

 

103 thoughts on “? ඔහුත් නපුරෙක් ?| විසිි එක්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා”

      1. රිතූ ?

        තැන්කූ කවී ???? පස්සේ කන්න තියා ගන්නම් ඔය ටික…. දැන් චොකෝ අයිස් ක්‍රීමක් කෑවා විතරයි ???

        1
    1. Akki..????

      ඩෝනට් ගන්න සල්ලි නැතෝ…??ෆ්‍රිජ් එකේ තිබ්බ වේලිච්ච බටු ටිකක් …කමක් නෑ නේ..?

        1. නෙත් FM ?

          කමක් නෑ රිතූ අක්කේ වම්බටුවලින් බටු මෝජුවක්වත් හදාගෙන කන්නකෝ????

  1. රිතූ ?

    තමීරා මරු ??

    බඩක් නෙමේ ඒක නම් ????

    අහස් ට හොඳ වැඩේ ???? බය වෙන්න ඇති හොඳටම තමීරා තාත්තාට කෝල් කරාම…. ???

    තාම නැති වුණාට ඉස්සරහට දෙන්නා ආදරේ කරයි…. ? තාම ඉතින් හරියට දෙන්නා අඳුර ගත්තේවත් නෑනේ ? අහස් නම් තමීරාට කැමතියි… තමීරාගේ අතේ තමා දැන් වැඩේ තියෙන්නේ….? වැඩේ ගොඩ ගියොත් හොඳයි ?

    හඤේ ??? ඒක ඉවරයි….?? කමක් නෑ දුකක් නෑ ? තව කොටසක් එනවනේ…..

    කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි දිසා අක්කේ ❤
    දෙවෙනි කොටසත් අරන් ඉක්මනට එන්න….. අපි බලන් ඉන්නවා..?
    පරිස්සමින් ඉන්න..
    බුදු සරණයි
    ජේසු පිහිටයි ??

    1
  2. රිතූ ?

    තරූ අක්කා, මුතූ අක්කා, නිතූ මචී, දුලාන් අයියා ඇතුලු හෙට උසස් පෙල විභාගය සඳහා මුහුණ දෙන හැම කෙනෙක්ටම විභාගයට හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ? (කාගේ හරි නමක් අමතක වෙලා නම් සමා වෙන්න..?.)

    ඔයාලා මේ ඒලෙවල් වලට එන්නෙම ගොඩක් බාධක මැද්දේ ? බෝම්බ ගැහුවා, කොරෝනා හැදුණා…. ඉතින් ගොඩක් වෙලාවට පාඩම් මග හැරෙන්න ඇති, පාඩම් කරගන්න බැරි වෙන්න ඇති….? ඉතින් ඒ දේවල් අමතක කරලා ඔයාලා පාඩම් කරපු ටිකෙන් හොඳ ගේමක් ගහන්න ? අනිවාරෙන් ඔයාලට ඒක කරන්න පුලුවන්…..

    ඔයාලා හැම කෙනෙක්ටම නීරෝගි සුව ලැබේවා?? මතක ශක්තිය දියුණු වේවා….

    කලබල නැතුව සැහැල්ලු මනසින් විභාගය ලියන්න ?

    ඔයාලට පුලුවන් ???❤

    එහෙනම් All the best හැමෝටම….. ?
    Jesus may bless you ? ♥️✨
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    එක්සෑම් ඉවර වෙලා හැමෝම ඇප් එකට එන්න ආයේ ?? අපි බලන් ඉන්නවා…?❤

    5
  3. Heta exam akata Inna hamotama All the best??
    Hodata exam karanna.

    Menna ada dinner aka man gane hamotama. Monahari madinam kiyanna????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕???????????????????????????????????????????????????????????????????????????????????????????????????hodata kanna hari.

    2
  4. හෙට විභාගය ලියන්න ඉන්න හැමෝම හොඳින් විභාගය ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ??
    හැමෝටම බුදු සරණයි.

  5. හෙට විභාගය ලියන අක්කිලා ..අයියලා හැමෝටම හොදින් මූණ දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා…

    Good luck!

  6. නෙත් FM ?

    හෙට උසස් පෙල විභාගයට මුහුණ දෙන්න ඉන්න අයියලා අක්කලා ඔක්කෝටම විභාගයට හොදින් මුහුණ දෙන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම මං ප්‍රාර්ථනා කරනවා…❤️❤️❤️??
    Best of luck ❤️❤️❤??

  7. දුලාන් අයියේ…. මුතූ අක්කේ…. තරූ අක්කේ…. දිසා අක්කේ…. නිශා අක්කේ….පියූ අක්කේ….. කෞශි අක්කේ…. නිතූ අක්කේ…. ඔයාලා හැමෝටමත් හෙට විභාගෙට මුහුණ දෙන හැමෝටමත් හොඳින් විභාගෙට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….. ජේසු පිහිටයි…. බුදු සරණයි….

  8. හෙට විභාගයට යන අයියලා අක්කලා හැමෝටම all the best

    And eat my grapes ok?

    ?????????????????????????????????????????????????????????????☺️?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    මෙ food හෙට විභාගෙට යන අයියලා අක්කලාට

    1. කවුරුත් මෙයා දෙන කෑම කන්න එපා…. මේ කෑම කාලා බඩේ අමාරුව හදා ගන්න තමයි වෙන්නෙ….

        1. නෙත් FM ?

          මං නෙවෙයි කවී මැසේජ් එක දාලා තියෙන්නේ අපේ මල්ලී දාලා තියෙන්නේ…??????

  9. Aiyoo thamath app ake Inna podima kena mamada? Aluth kattiya visthara tikak kiyan yandooo.me March valata passe grade 9 kauruhari innavada app ake(2008 ipadunu Aya) innavanam kiyannoo

  10. කස්ටිය ගුඩ්ඩා මූනින්… අහ් වැරදුනා ගුඩ්ඩා ඊවිනින්…… ඔයාලගෙ සෝස මල ආවා….. මුන් ටික මැරිලාවත්ද දන්නෑ? ?????

  11. …………………….@…………………

    එක වතුර බෝතලයක් සුපර් මාකට් එකේ රුපියල් 30 යි..හෝටලේක 100 යි..එයාර්පෝර්ට් එකේ රුපියල් 200 යි…

    වටිනාකම දැනෙන්නැති තැන ඉන්නවට වඩා වටිනාකම තියෙන තැන හොයාගන්න… වටිනාකම ලැබෙන්නැත්තන්ස්ථානය වෙනස් කරන්න…ගැලපෙන තැන වටිනාකම ලැබෙයි…

    1. සහතික ඇත්ත අක්කේ…. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි…. මේ ඇප් එකට ආවට පස්සෙ තමයි මට ඕක හරියටම තේරුණේ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.