Katha Ahura

? සිහිනයක්ද ජීවිතේ ? |කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

කතාව කොහොමද?

? සිහිනයක්ද ජීවිතේ ?

ජනේලයට වැටෙන වැහි බිංදු දිහා බලාගෙන මං කල්පනා කරේ මගේ ජීවිතේ ගැන… මං මොන වැරද්දක් කරාටද දෙවියෝ මට මේ වගේ දඩුවමක් දුන්නේ කියලා මං කල්පනා කරේ වැහි බිංදු වගේ බිම වැටෙන්න පොරකන මගේ කදුලු බිංදු හංගගෙන…

මට ඔයාව මතක් වෙනවා සේපාලිකා … මට තාමත් ඔයා අමතක කරන්න බෑ… ඔයා මට මෙහෙම දෙයක් කරා කියලා මට තාම හීනයක් වගේ.. ඒත් දෙයියනේ මගේ ඇස් දෙකින් දැකපු දේ මං කොහොම අමතක කරන්නද? මට හිතාගන්න බෑ… ඒ ගැනම හිතලා මගේ පපුව රිදෙන්න ගත්තා.. මං ෆෝන් එකේ තාමත් තියෙන ඩිලීට් නොකරපු ඔයාගේ ෆොටෝ එක දිහා බලන් ඇදට ආවේ අවුරුදු පහක් ගිහිල්ලත් තාම මගේ හිතින් මැකිලා ගියේ නැති ඔයා නිසා රිදෙන පපුව අල්ලගෙන…

මෙච්චර අහිංසක විදියට හිනා වෙලා ඉන්න ඔයා මෙහෙම දෙයක් කරයි කියලා කොහොම විශ්වාස කරන්නද … මට දැනුණු දුක කියලා නිම කරන්න බෑ… මං නිසා මගේ අම්මලා දුක් විදින තරම් මට ඉවසන්නත් බෑ…. මං ආයෙත් මතක් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටිය අතීතයට මගේ හිත දුවලා ගියේ ඉබේටම..

මං තරිඳු දුලාජ් සමරසේකර.. පවුලේ එකම කොල්ලා… මට හිටියේ එක අක්කයි.. අක්කත් මැරි කරලා වෙනමම පදිංචි වෙලා හිටිය නිසා ගෙදර හිටියේ අම්මයි තාත්තයි මමයි… කුරුණෑගල තමා අපේ ගෙදර තියෙන්නේ … අපිට ලොකුවට සල්ලි නැතත් සැලකිය යුතු මට්ටමකට සල්ලි තිබුනා.. ලොකු ආර්ථික ප්‍රශ්න අපට තිබ්බේ නෑ.. මං වැඩ කරේ කුරුණෑගල සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් එකේ… සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් එකේ වැඩ කරද්දී තමා සේපාලිකා මට මීට් වුනේ …සේපාලිකා එයාගේ අයියත් එක්ක ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන්න ආව වෙලාවක තමා සේපාලිකාගේ අහිංසක මූණට, හිනාවට මට හිත ගියේ ..

මං හොරෙන් සේපාලිකා දිහා බලලා හිනා වෙද්දී කෙල්ලත් හොරෙන් මගේ දිහා බලලා හිනා වුනු නිසා මං දැනගත්තා කෙල්ල මට කැමති වගේ කියලා .. කොහොම හරි සේපාලිකා යන්න කලින් කොල කෑල්ලක මගේ නම්බර් එක ලියලා දීල මට කැමති නම් කතා කරන්න කියලා මං සේපාලිකාට කියද්දි ඔලුව වනලා අහිංසක විදියට හිනා වුනු විදිය තාම මට මතකයි ..

එදා හවස ෆෝන් එකට මැසේජ් එකක් ආවේ අයියේ මං සේපාලිකා … සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් එකට ආවට පස්සේ ඔයා මට නම්බර් එක දුන්නේ… කියලා … මට එවෙලාවේ දැනුනු සතුට කියලා නිම කරන්න බෑ.. මාත් එහෙම මැසේජ් කරන්න පටන් අරං අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ ඉක්මනින් … අපිට තරම් සේපාලිකාට සල්ලි තිබුනේ නෑ.. කෙල්ල ටිකක් දුප්පත්.. කෙල්ල රැජිනක් වගේ බලාගන්න ඕනි කියලා මං හිතුවෙ කෙල්ල දුප්පත් කියලා දැනගත්ත වෙලාවෙමයි..

කොහොම හරි අපේ සම්බන්දෙට ගෙවල් දෙකේ අකමැත්තක් තිබ්බෙත් නැති නිසා අපි දෙන්නා මැරි කරා… හැමෝගෙම ආශිර්වාදය මැද්දේ… පුංචි පුංචි රණ්ඩු වුනාට අපි හරි ආදරෙන් හිටියා.. කෙල්ලට මං කිසිම අඩුවක් කරේ නෑ.. කොහේ ගියත් මගේ කාර් එකෙන් එක්ක ගියා . අදින්න ඇදුම් ගෙනත් දුන්නා.. ඉදලා හිටලා කෑමකට එළියට එක්ක ගියා.. ෆිල්ම් එකක් බලන්න ගියා.. අපේ මහ ගෙදර වගේම අපි දෙන්නට ඉන්න කියලා මං කුලියට ගත්ත ගෙදරත් අපි හරි ආදරෙන් හිටියා..

එහෙම ඉද්දි සේපාලිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා ලැබුන ආරංචියට මට දැනුනේ මය රජකම ලැබුනා වගේ හැගීමක්… සත්තයි එදා මට හිතුනා උඹ වගේම ලස්සන සුරංග්නාවියක් මට ලැබෙයි කියලා … දැනුනු සතුටට උඹව වඩාගෙන නළල ඉඹිද්දි පිස්සුද අනේ බිමින් තියන්නකෝ කියලා උඹ කෑගහපු හැටි තාමත් මට ඇහෙනවා …

එදා ඉදන් මාස නවයක් හෙමින් හෙමින් ලොකුවෙන බණ්ඩි ගෙඩිය එක්ක හරි පරිස්සමෙන් උඹව බලාගත්තා.. කන්න ආශා දේ ගෙනත් දුන්නා.. කන්න බැරිව උඹ වමනේ දාද්දි මාත් නොකා කදුලු පිරිච්චි ඇස්වලින් උඹ දිහා.බලන් හිටියේ උඹ කොච්චර වේදනාවක් විදිනවා ඇත්ද කියලා… අපිට ඉන්නේ දුවෙක් කියලා ඩොක්‍ටර් ස්කෑන් කරලා කියද්දි වැඩිපුරම සතුටු වුනේ මං. මොකද මං දුවෙක්ට ගොඩක් ආශාවෙන් හිටියේ …

අපේ කෙල්ලට කියලා ගෙදර පුරා ගෙනත් දාපු සෙල්ලම් බඩු, ඇදුම් තාමත් අල්මාරියේ තියෙනවා … මට බෑ මගේ සුරංගනාවිගේ කිසිම දෙයක් අයින් කරන්න.. මටත් නොදැනීම ලොකු සුසුමක් පිටවුනේ මගේ චූටි කෙල්ල ආලෝකා මතක් වෙලා.. කෙල්ලට මං ආලෝකා කියලා නම තිබ්බේ අපි හැමෝගෙම ජීවිත එලිය කරයි කියලා හිතලා… ඒත් ඒ ආලෝකේ නිවිලා ගියා කියලා මං කොහොම විශ්වාස කරන්නද… ඒත් දැන් මා ලග ඒ ආලෝකේ නෑ.. මට ජීවිතේ ලොකු අදුරක් දැනෙනවා… මං වැස්ස දිහා බලාගෙන කල්පනා කරේ ජීවිතේ ගැන…

එදත් මේ වගේම වැස්ස… සේපාලිකාට අමාරුවෙලා ඉස්පිරිතාලෙට ගියාම පුංචි සුරංග්නාවියක් අපේ ලගට ආවේ කිසිම කරදරයක් නැතුව … බබා ලැබිලා සේපාලිකාට තනියම වැඩ කරගන්න බැරිවුණ නිසා සේපාලිකාගේ අම්මත් ඇවිත් අපි එක්ක නතර වුනා.. දවස් පහ හයක් යද්දී චූටි පැටික්කිගේ ඇග පුරා රතු පාට බිබිලි දාන්න පටන් ගත්තා.. අපි ඩොක්‍ටර් කෙනෙක්ට පෙන්නමු නේද කියලා මං සේපාලිකාට කිව්වත් සේපාලිකාගේ අම්මා කිව්වේ ඕවා රතගෙඩි… රත කල්කේ ටික්ක පෙව්වම හරියනවා කියලා …

තාම හරියට කිරි බොන්නත් අමාරුයිනේ අම්මා චූටික්කිට… අනික ක්ලිනික් වලින් කිව්වනේ මාස හයක් යනකල් වතුර ටිකක්වත් පොවන්න එපා කියලා … මං එහෙම කිව්වේ මිඩ්වයිෆ් මිස්ලා කිව්ව දේවල් මතක් වෙලා..

අපිත් ළමයි හදලා උස් මහත් කරලා තියෙනවා … මං පොඩි කාලේ සේපාලිකාට රත කල්කේ දීලා තියෙනවා … පොඩි එකීටත් ටික්ක පෙව්වා නම් ටක්ගාලා හොද වෙයි කියලා සේපාලිකාගේ අම්මා කිව්වා..

අපේ අම්මා දන්නවා කරන්න ඕනි දේ.. ඔයා කටවහං ඉන්න කියලා සේපාලිකා මට කියද්දි දුක හිතුනත් මං සද්ද නැතුව හිටියේ වැඩිහිටියෙක්නේ කියලා .. කොහොම හරි එදා රෑ අම්මා රතකල්කේ.කෙල්ලට පෙව්වා … කෙල්ල මහ හයියෙන් අඩද්දි සේපාලිකා කෙල්ලගේ කටට කිරි දීලා නිදිකරා.. පහුවදා උදේම මං නැගිටලා චූටික්කිට හාද්දක් දුන්නත් චූටික්කි හෙලවුනේවත් නෑ.. සේපාලිකා කියලා මං කෑගහද්දි සේපාලිකා අම්මා එක්ක දුවගෙන ආවා.. අපි ඉක්මනින් ඩොක්‍ටර් ගාවට ආලෝකා අරං ගියත් ඒ වෙද්දිත් පැටියා අපිව දාලා ගිහින් තිබුනා..

කිරි වගේ පොවපු දෙයක් හිර වීමකින් මරණයට පත් වුනා කියලා තමා ඩොක්‍ටර් කිව්වේ … රත කල්කේ පොවන්න ගිහින් තමා මට මගේ දූ පැටියා.නැති වුනේ කියලා මගේ හිත හැමවෙලාවෙම කිව්වා.. මං ඒක සේපාලිකාට කිව්වම එයා මා එක්ක රණ්ඩු වුනා.. කොහොම හරි හැමදේම අමතක කරලා සේපාලිකා එක්ක ආදරෙන් ඉන්න මං උත්සාහ කරා..

ඒත් සේපාලිකා එන්න එන්නම වෙනස් වෙනවා කියලා මට තේරුනා.. දවසක් මං ඔෆිස් එකේ ඉද්දි යාලුවෙක් කෝල් කරා..මචං කලබල වෙන්න එපා.. උඹේ වයිෆ් මනුස්සයෙක් එක්ක …….. හොටෙල් එකට ගියා… මට දැනුනේ ලෝකෙම කඩා වැටුනා වගේ හැගීමක්… මට හිතාගන්න බැරි වුනා සේපාලිකා මට මෙහෙම දෙයක් කරා කියලා ..

මං කාර් එකේ යාලුවා කිව්ව හොටෙල් එකට ගියා… ගිහින් බලාගෙන හිටියා.. සේපාලිකා ආවා කොල්ලෙක්ගේ අතේ එල්ලිලා.. මං සේපාලිකා පස්සෙන් ගියා… ඒ කොල්ලා දැක්කම මට මතක් වුනා ඒ කවුද කියලා .. සේපාලිකාගේ අයියගේ යාලුවෙක් … එදා අපේ ගෙදර පාටි එකක් තිබ්බ… ඌ ඒකටත්.ඇවිත් හිට්යා.. එදා මං ටිකක් බිව්වා.. මට මතකයි සේපාලිකා ඌ එක්ක කතා කර කර ඉන්නවා..

හැමදේම බොදවෙලා වගේ මගේ ඇස් ඉස්සර මැවිලා පේද්දි මං සේපාලිකා පස්සෙන් ගියා… කොල්ලා සේපාලිකාට සමුදීලා ගියාට පස්සේ මං සේපාලිකා අහම්බෙන් දැක්ක විදියට සේපාලිකා කාර් එකට දාගත්තා… කිසිම වරදකාරි හැගීමක්වත් නැතුව සේපාලිකා වාහනේට නැගලා ගෙදර ආවා.. ගෙදර ඇවිත් සේපාලිකා වොෂ් දාලා ආවට පස්සේ මං දැක්ක දේ ගැන සේපාලිකාගෙන් ඇහුවා… සේපාලිකා නෑ කියලමයි කිව්වේ.. මං ඇස් දෙකටම දැක්කා කිව්වම සේපාලිකා මං බොරු කියනවා කියලා මට කෑ ගැහුව ..

මං ඉවසපු ඉවසීම වෙන මනුස්සයෙක් නම් ඉවසයිද.. පාර මැද්දේ සේපාලිකාගේ ආත්ම ගරුත්වෙ නැති කරලා කෑගහන්න මට ඕනි වුනේ නෑ.. ඒ නිසාමයි ගෙදර ඇවිත් ඇයි රත්තරනේ මට මෙහෙම කරේ? මොනවද මං ඔයාට අඩුවක් කරේ කියලා ඇහුවෙ … පිරිමියෙක් වුනු මගේ ඇස්වලට පලවෙනියට කදුලු ආවේ මගේ චූටික්කි නැති වුනු නිසා.. අද මගේ ඇස්වලින් කදුලු වැටුනේ සේපාලිකා නිසා. මං කොහොම ඇහුවත් සේපාලිකා කිව්වෙම මං බොරු කියනවා කියලා .. මට මං ගැනම දැනුනේ මහා අසරණකමක්…

මට අදහගන්න බෑ අහිංසක හිනාවෙන් මාව වශී කරපු සේපාලිකා මට බොරු කරා කියලා .. මෙහෙම පටන් ගත්ත රණ්ඩු අන්තිමට නතරවුනේ උසාවියෙන් … සේපාලිකා දිගින් දිගටම අර කොල්ලව මුන ගැහුනා… ආරංචි වුනු විදියට මාව බදින්න කලින් ඉදලම සේපාලිකා ඒ කොල්ලා එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා … මං ඒ බව සේපාලිකාගේ ගෙදර අයට කිව්වම එයාලත් ඇගිල්ල දික් කරේ මට.. කොහොම හරි අපි දෙන්නා දික්කසාද වුනා… සේපාලිකා අර කොල්ලා කසාද බැන්දා කියලා මට ආරංචි වුනා.. දැන් ඒ කසාදෙත් ඉවරයි කියලා තමා ආරංචි ..

මට දුකයි සේපාලිකා දුක් විදින එක ගැන.. ඒ වගේම මට මං ගැනත් දුකයි.. මගේ යාලුවො එයාලගේ වයිෆ්ලා, දරුවො එක්ක සතුටින් ඉද්දි මට ආශයි ආයෙත් ජීවිතේ අලුතින් පටන් ගන්න… ඒ කොහොම වුනත් අදටත් මට සේපාලිකා අමතක් කරන්න බෑ.. කාමරේ ගහලා තිබුනු බුදු පිංතූරය දිහා බලාගෙන මං කල්පනා කරේ හැමදේම දුකක් කියලා බුදු හාමුදුරුවෝ කිව්වේ මේ නිසා නේද කියලා හිතලා.. මේ හැම බැදීමකින්ම නිදහස් වෙන්න තිබ්බානම් කියලා මට හිතුනා .. ඒත් මහන වෙන්න තරම්වත් අපි සුදුසු නෑ නේද කියලා මට හිතුනේ අපි ගිහි ජීවිතේට තදින්ම බැදිලා ඉන්න නිසා ..

යාලුවෙක් දවසක් මට කිව්වා පොල්ගහවෙල ආරණ්‍ය සේනාසනයක් ගැන .. බලවත් විදියට ජීවිතේ කලකිරීමක් ඇතිවුන අය, මානසිකව කඩා වැටුන අය එතනට ඇවිත් භාවනාවලට යොමු වෙලා හිතට සැනසීමක් ලබාගන්න බව… මාත් එතනට යයන්න ඕනි … මේ හැම්දේකින්ම නිදහස් වෙන්න ඕනි කියලා හිතලා .. අවුරුදු පහක් තිස්සේ ජීවිතේ විදවලා විදවලා හෙම්බත් වෙලා ඉන්න මට ජීවිතේට සැනසීමක් ලගාකරගන්න ලැබෙයි කියලා හිතලා මං ඇස් පියාගත්තා…

—–=නිමි=——-

– නයෝමී නදීරා ධීරසිංහ-

33 thoughts on “? සිහිනයක්ද ජීවිතේ ? |කෙටි කතා | කතා අහුර රචක තරගය 2020”

    1. ගොඩක් ලස්සනයි කතාවක්… සුභ පතනවා ඔයාට… තවත් මේ වගේ කතා ගේන්න..
      ❤❤❤

  1. කතාව ගොඩක් ලස්සනයි අක්කි. සුබ පතනවා ඔයාට.
    බුදු සරණයි .??????????

  2. ලස්සනයි අක්කියෝ… ඒ වගේම දුකයි….???
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ ?❤?

    1. nayomi nadeera

      ස්තූති Dewashi… ❤️❤️❤️මේක ඇත්ත කතාවක්.. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ?

  3. උක්කූං පුතා(SuMi )

    කතාව නං හරිම ලස්සනයි ඔයාට ජයෙන් ජයම මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  4. හිතෙෂි මෙත්දරා

    ,කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ.තව කතාවක් ගෙන්න හොදෙ.පරිස්සමින් ඉන්න අක්කි.බුදු සරණයි

  5. නිරෝෂා ලක්මාලි

    මොනවා කියන්න ද කියලා හිතාගන්න බෑ. කවදාමහරි මැරිලා යන ජීවිතේ මේ විදිහට අනික් අය රවට්ටලා තව තව සම්බන්ධකම් තියාගෙන මොනවට ජීවත් වෙනවද කියලා හිතාගන්න බෑ. පුදුම ඉක්මනටම මිනිස්සු වෙනස් වෙනවා. ඒක තමයි ඇත්ත ඉතින්.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. nayomi nadeera

      ඒක ඇත්ත නිරෝෂා.. මේක් ඇත්ත කතාවක් . මං දන්න මල්ලී කෙනෙක්ට වුනු.. ස්තූති ඔයාගේ අදහස්වලට ❤️❤️ තෙරුවන් සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.