Katha Ahura

සූරියකන්දේ අභිරහස (11. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(11. කොටස)

කුඩා උපකරණයක්ද අතැතිව ඔවුන් අසල කරබාගෙන සිටියෙ තලෛයිවා නැමැති මහලු පුද්ගලයාය. ඔහු හොර බළලෙකු මෙන් ස.පො.අධිකාරිවරයා දෙස බලන්නට විය.
” මොකක්ද අයිසෙ මේ ?”
ස.පො.අධිකාරිවරයා එම උපකරණය අතට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කලේය.
” ෂර්, මම මේක අපේ මුණුබුරාට දෙන්න තමා ඇදුවෙ ”
” තමුසෙ මාර මිනිහෙක්නෙ ආ… මේ මඟුල නිසා වත්තෙ මිනිස්සු හවස හයෙන් පස්සෙ එළියට බහින්න බයයි හොල්මන් ඉන්නවා කියලා. ඇත්ත කියනවා තමුසෙ මොනවා කරන්න හිතාගෙනද මේක හැදුවෙ?”
” අනේ එත්තමයි ෂර්, දෙයි ආමුදුරුවන් පල්ලා .. මම කොල්ලට දෙන්න තමා ඇදුවෙ ඕක”
” අයිසෙ මේ වගේ බඩකඩිත්තු දෙනවද ළමයින්ට.. හැබැයි තමුසෙ කරේ ලොකු වැරැද්දක් හරිද?”
” අනේ ෂර්… මාව ඇරස්ට් කරන්න එපා ..මම අරිම අහිංෂක මිනිහා. ”
තලෛයිවා ස.පො.අධිකාරිවරයා ඉදිරියේ බැගෑපත් වන්නට විය.
” හොඳයි , මම තමුසෙට අදට සමාව දෙනවා. හැබැයි අදින් පස්සෙ මේ සද්දෙ මට ඇහුනොත් මම තමුසෙව අවුරුදු ගානකට ඇතුලට යවනවා හරිද?”
” අරි ෂර්… ආයෙත් වෙන්නෑ.. එහෙම වෙන්නෙ නෑ”
තලෛයිවා සිදුවූ දෙයින් උපරිම ලෙස බියට පත්ව සිටියේය. ඔහුට තරයේ අවවාද කල සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුව පිටත් කලේය. එදින තරමක් කාර්යබහුල වූ බැවින් චාපා පියාගේ අවසර ඇතිව රාත්‍රීය බංගලාවේ ගත කලේය.

දින තුනකට පසු…………………………

දිනක් රාත්‍රියේ චාපා සමඟ බංගලාවට පැමිණෙන සහකාර පොලිස් අධිකාරිවරයා හට විලී මහතාගේ සොයුරු ඩන්කන් මුණගැසුනි . එදින විලී නිවසේ නොසිටිය බැවින් ඩන්කන් අදීශ සමඟ කතාවට වැටුනි.
” මට A.S.P අදීශ ගැන අයියා කියලා තියෙනවා. අදුරගන්න ලැබීම සතුටක්. ”
ඔහු සහකාර පොලිස් අධිකාරිවරයාට අතට අත දුනි.
” දැන් මොකද අදීශ එස්ටේට් එකේ තත්වෙ එහෙම?”
” මිස්ටර් ඩන්කන් , අපිට ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් මේ වත්තෙ පැතිර යන රෝගයට පිළියමක් හොයන එක , ඒකට අපේ ප්‍රොෆෙසර් රණතුංගයි එයාගේ ටීම් එකයි ⁣ගොඩක් කැපෙවෙනවා. විශේෂයෙන්ම චාපා එයාගේ දැණුමත් එක්ක එයා අපිට ගොඩක් උදව් කරනවා… දෙවෙනි ප්‍රශ්නය මේ එස්ටේට් එකේ සිද්ධ වුන ඝාතන පෙළ .. ඒ ප්‍රශ්නය විසඳන්න තියෙන්නෙ මට තමයි”

” අනිවාරෙන් අදීශ අපි මේ කේස් එකේ අපරාධකාරයො හොයා ගන්න ඕන මොකද ඔය ප්‍රශ්නය නිසා අපේ අයියගෙ නම තමයි කැත වුනේ”
ඩන්කන් දැඩි ස්වරයෙන් පැවසුවේය.
” කොහොමත් ඔය හැංගිලා ඉන්න එවුන් තව වැඩි කාලයක් යන්න කලින් එළියට එනවා මිස්ටර් ඩන්කන්. බය වෙන්න එපා උන්ට තව ටික දවසයි තියෙන්නෙ”
“චටාස්…..”
එකවරම ඔවුන්ගේ කතාවට බාධා කරමින් බංගලාව තුලින් ඇසුනේ යමෙකු විලාප නඟන හඬකි එය ගැහැණියකගේ කටහඩක් වූ නිසාම අදීශ කලබලයෙන් බංගලාව තුලට දිව ගිය අතර ඩන්කන්ද ඔහු පසුපස වැටුනි. ඒත් සමඟම මුරට සිටි නාලකද පිටුපස දොර අසලට පැමිණියේය.
” අනේ අදීශ , ඉක්මනට එන්න ”
මුළුතැන්ගෙයි බිම වැටී චාපා තම මව බදාගෙන සිටින අයුරු සහකාර පොලිස් අධිකාරිවරයා දුටුවේය.
” ඇයි අක්කෙ මොකද වුනෙ?”
ඩන්කන් විලී මහතාගේ බිරිඳ වන දිස්නාගේ උරහිසෙන් අල්ලා පැවසුවේය. ඇය බියවී සිටින බව පිටතට ඇසෙන හෘදස්පන්දනයෙන් දැනුනි.
” චාපා මොකද වුනේ?”
” මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඇඳුම් අැදගත්තා විතරයි අදීශ එකපාරටම මට ඇහුනා වීදුරුවක් බිදෙන සද්දෙ ඒත් එක්කම අම්මා කෑ ගහනවා ඇහිලා මම කිචන් එකට ආවේ”
” නාලක , පොඩ්ඩක් බංගලාව වටේ සර්ච් කරන්න ”
සහකාර පොලිස් අධිකාරිවරයා ඒ අසල සිටි මුරකරු නාලකට පැවසුවේය.
” ඇන්ටි බය වෙන්න එපා රූම් එකට යමු.”
ඇයව කාමරයට ගෙන ගොස් , ඇගේ හිතේ ඇති වූ බිය පහව යනතෙක් සියල්ල ඇය අසලින් සිටියේය. පසු සහකාර පොලිස් අධිකාරිවරයා එහි වූ ජනේලයෙන් අවට පරීක්ෂා කලේය. පසුව ඔහු තිර රෙදි දමා එය වසා දැමුවේය. එවෙලේම ඩන්කන්ට දුරකථන ඇමතුමක් ආවේය.
“සෑම් කතා කරනවා. මං හිතන්නෙ ෆැක්ට්‍රි එකේ වාහනේ ඇවිල්ලා ඇති , මට යන්න වෙනවා..අදීශට පුළුවන්ද අද මෙහේ ඉන්න ”
” මේකයි මිස්ටර් ඩන්කන් ….”
අදීශ පැවසීමට ගිය දේ නතර වූයේ දිස්නා ඔහුගේ අතින් ඇල්ලූ නිසාය.
” අනේ පුතේ අදට විතරක් මෙහේ ඉන්න.. හෙට උදේ අන්කල් ආවම යන්න”
” ඩෝන්ට් වොරි ආන්ටි… මම ඉන්නම් මිස්ටර් ඩන්කන් ”
ඩන්කන් තම යතුරුපැදියෙන් පිටව ගිය අතර අදීශ ඔවුන් දෙදෙනාගේ තනියට සිටීමට තීරණය කලේය.
දිස්නා නින්දට වැටුන පසු අදීශ හා චාපා මුළුතැන්ගෙය අවට පරීක්ෂා කලේය. මුලින්ම ඔහු නාලකව හමු විය.
” නාලක වටේ චෙක් කරාද?”
” ඔවු සර් …”
තරමක කල්පනාවක සිටි අදීශ දුටුවේ තමාට ඉදිරියෙන් වූ ජනේලයේ වීදුරුව වෘත්තාකාරව බිඳී ඇති දර්ශනයයි. ඒ ඔස්සේ පරීක්ෂා කල සහකාර පොලිස් අධිකාරිවරයා හට ශීතකරණය යට තිබී හමුවන්නේ ⁣පතුරමකි. එය අතට ගෙන ඔහු පරීක්ෂා කල අදීශ නැවත ජනේලය අසලට ගමන් කරයි.
” ඇයි අදීශ ?”
සහකාර පොලිස් අධිකාරිවරයාගේ අසලට පැමිණි චාපා ඇසුවේය.
” ස්නයිපර් බුලට් එකක්, අම්මගෙ පෙර පිනකට එයාව බේරුනෙ
චාපා ඔයාලා ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕන …එස්ටේට් එක ඇතුලෙ ස්නයිපර් කෙනෙක් ඉන්නවා ”
……………………………………………………………….

එදින රාත්‍රී දහයට පමණ බොස් තම සහචරයින් සිව් දෙනාට සුපුරුදු ස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබුනි. සිව්දෙනාට අමතරව තවත් අයෙකු ඔවුන් අතර සිටියේය.

” ෂික් , උඹලා ඔක්කොම එකයි. අද අර ගෑනිව ඉවරයක් කරා නම් විලී කාරයගෙ කතාව ඉවරයි. ”
බොස් මේසයට පහර දෙමින් පැවසුවේය.
” බොස් මම ටාගට් එක තිතටම ගත්තා. කරුමෙට මේ ගෑනි අනිත් පැත්ත හැරුනා.”
” උඹ කොහෙද ප්ලේස් වුනේ?”
” මම පාරට එහා පැත්තෙන් තියෙන රබර් වත්තෙ ඉදන් තමයි ටාගට් එක ගත්තෙ . ඇයි බොස් ? ”
” අපි දැන් පරිස්සම් වෙන්න ඕන , මතක තියාගනිල්ලා A.S.P අදීශ කියන්නෙ ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. උඹල වෙනද වගේ ගේම් වලට බහින්න හිතන්නවත් එපා. ”
බොස් තම සහචරයන් හට අනතුරු අඟවන්නට විය.
” බොස් මොකද කියන්නෙ , අපි හෙට අනිද්දම ගෑනිව ඉවරයක් කරමුද?”
” නෑ.. ඊළඟ තුරුම්පුව අදින්න තාම වෙලාව ආවේ නෑ ”
****************………………………………………….***********************

?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

9 thoughts on “සූරියකන්දේ අභිරහස (11. කොටස)”

  1. මටත් හිතෙන්නේ ඩන්කන් තමා ⁣මේවා කරන්නේ… චාපායි අදීශයි සෙට් වෙයි වගේ… ⁣ඩොක්ටත් කැමති අදීශට… තුන් කොන් පෙමක් වගේ මේකත්…
    කතාව සුපිරි අයියේ… බුදුසරණයි!…
    ???

  2. මේ ඩන්කන් කාරයා නම් සැකයි …..ලගින්ම ඉදලා ගේම දෙන්නයි හදන්නෙ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.