Katha Ahura

?අප්සරාවී?|පනස් අටවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//පනස් අටවන දිගහැරුම //

ලොකු බේබි මොකක් කරන්න හදනවාද කියලා ටානිටාගෙ හිත ඇයගෙන්ම විමසද්දි ලොකු බේබි ඒ ඇස් මග හැරලා මැණිකෙ දිහාවට හැරුනේ බැරෑරුම් පෙනුමක් මුවගට මවාගෙන යි … ටානිය ලොකු බේබිගෙ මේ වෙනස දිහා බලා ගෙනම ලොකු බේබි පිටු පසට වී සිටියෙ මැණිකෙ දෙස බලාසිටීමට අපහසුවක් දැනුණු නිසයි ….

හැබැයි මේ වෙලාවෙ ලොකු බේබිටත් ,ටානියාටත් වඩා ගොඩාක්ම බය වෙලා හිටියෙ වලවුවෙ මැණිකෙ … මොකද මැණිකෙ ටානියාව පොඩි බේබිට බන්දන්න පංකරාදු කලේ නිකන්ම නෙවෙයි … ඇගේ යටි සිත තුල එයටත් ලොකුම ලොකු හේතු කාරණා
රාශියක් තැග් ගැහිල තිබුණා …..??

ඇයි අම්මෙ … අම්මා කතා කරනවා ඇහුනා ටානියාටයි මටයි …
??????????????
මොකක් හරි ප්‍රශ්නයක්වත්ද ….?

අහස පොලොව ගැටලන්න කල්පනා කරමින් පුටුවකට වාරු වෙලා ඉන්න මැණිකෙගෙන් ලොකු බේබි එහෙම ඇහුවෙ ඔහුත් ටානියාත් අතර කිසිදු සිදුවීමක් සිදු නොවුන අයුරින් …. ලොකු බේබිගෙ කටහඩින් පියවි සිහියට ආව මැණිකෙ තරහෙන් පිපිරෙන්න ගත්තෙ
උන් කිසිවක් නොදන්නා ගානට තමා සමග කතා කරන තම පුතණ්ඩියාව දුටු විටයි….. ඇය ලොකු බේබි සමග වචනක් හෝ කතා නොකොට ගිණි පිටවෙන ඇස් වලින දවා අලුකර හැකි බැල්මක් හෙලුවේ ලොකු බේබි පිටුපසට වී සැගව සිටින ටානියා දෙසටයි ….

ලොකු පුතා .. යනවා ඔයා ගෙට … මට තියෙනවා මේ ලමයා එක්ක ටිකක් කතා කරන්න ….

මැණිකෙ ටානියාට ඔරවලා ලොකු බේබි දිහා නොබලම පුටුවෙන් වාඩි උනා …
ටානියා ලොකු බේබිගෙ අත තද කරලා අල්ල ගත්තෙ යන්න එපා කියන්න වගේ …

ඇයි අම්මෙ …
මන් මොකටද ගෙට යන්නෙ … අම්මා කතා කරන්න තියෙන් දෙයක් දැන් කතා කරන්න .. මන් හිටියා කියලා අවුලක් නෑ …. අනික මන් පිට කෙනෙක් නෙවෙයිනෙ …

??????????????

අකුණක් ගහන් සැරට ලොකු බෙබි කිව්ව වචන ටිකෙන් මැණිකෙ වෙව්ලලා ගියා …. මැණිකෙ දැනන් හිටියා ලොකු බේබිට දෙයක් කියලා කීයටවත්ම දිනන්න බෑ කියලා …

ආ… හ් .. නෑ .. නෑ .. ලොකූ …
මන් මේ ටානියා දුවට .. මේ .. අපි …
අපි … මේ …….

ඇයි අම්මා … මොකක් හරි ප්‍රශ්නයක්වත්ද ….???
අම්මා මොකද නිකන් බය වෙලා .. කියන්න අම්මෙ ….

නැ .. නෑ .. ලොකු ….
අප්පච්චි කිව්වා … මෙ … ලබන සු .. සුමානෙ දිහාවට දලදා මාලිගාව වදින්න් ය .. යමුයි කියලා …
ම ..මන් මේ ඒකයි ටානියා ලමයට කියන්න ගියේ ….. ඒ ලමයත් කැමතිනම් මේ .. මේ .. අපිත් එක්ක යන්න එන්න කියලා …

මැණිකෙ කටට ආව බොරු ටිකක් එකතු කරලා කියද්දි ටානියා හිටියෙ ඇස් දෙක නලලෙ තියන් … මැණිකෙගෙ හැසිරීම් ටානියාට වගේම ලොකු බේබිටත් ගෙනාවෙ ලොකු පුදුමයක් …

ආහ්…අප්පච්චි කිව්වෙ වත් නෑනෙ අම්මෙ ඔය වගක් …
??????????????

අප්පච්චි මොකද් හදිසියේම ඔය වගේ තීරණයක් ගත්තෙ …. කවදාවත් නැතුව අනික …
???????????????????

අ… නෑ .. නෑ .. ලොකූ … මේ …
මල්ලිගෙ ඒම ප්‍රතිඵලත් එනවනෙ ලබන සතියෙ … ඉතින් ඊට කලින් ගිහින් දලදා වහන්සෙ වැද පුදා ගෙන එන්න කියලා හැදුවෙ .. ටානියා දුවටත් ඉතින් එන්න පුලුවන්නෙ ..

???????????????

ආහ් .. ඒමද …
ඒක නම් හොදයි තමයි … ටානියා ඔයත් එනවා නේද් අපිත් එක්ක යන්න ….

ලොකු බේබි ටානියා දිහාවට හැරිලා එහෙම ඇහුවෙ ඇහැක් ඉගිමරන ගමන් ….

හැබැයි මැණිකෙ මේ දිහාවෙ බලන් හිටියෙ තවත් බය වෙලා .. මොකද මේ වෙලාවෙ මැණිකෙ කටට ආපු බොරුවක් කියලා දැම්මට මේ ගැන් හීන් කවිසියක්වත් හාමුමහත්තයා නොදන්න නිසා .. ලොකු බේබි බැරි වෙලාවත් හාමු මහත්ත්‍යාගෙන් මේ ගැන ඇහුවොත් වෙන දේ මැණිකෙට ඉවෙන් වගේ දැනුනා ….

ආ… හ් .. මේ ටානියා දුව දැන් ඇතුලට ආවනම් … ඔතනට වෙලා හිටගෙන් ඉන්නද කල්පනාව … මන් දුවට බොන්න දෙයක් හදන් එන්නම් විගහට ……

අ… අනේ ඕන්නෑ ආන්ටි … ආන්ටි මේ බොරුවට කරදර වෙනවා .. අ.. අනික මන් දැන් ඇවිත් වැඩි වෙලාවකුත් නෑනෙ .. තව ටිකකින් බැරියැ ….

ටානියා පිලිතුරු දෙනවත් එක්කම මැණිකෙ වලවුව ඇතුලට ගියේ කර කියා ගන්න දෙයක් නොමැති තැනයි ..
??????????????

මැණිකෙ යන දිහා ටානියා බලන් හිටියෙ තාමත් ගැහෙන හදින් .. මොනවා උනත් බේබියි ටානියයි අතර වුනු හැමදේම මැණිකෙ දැකලා කියන දේ ටානියාගෙ යටි හිතේ තිබුනා .. ඒත් ඒ දේ එහෙමමයි කියලා කියන්න ටානියාට පුලුවන් කමක් නෑ ….

ම්ම් .. මොකෝ මේ දාඩිය දාලා …

මැණිකෙ වලවුව ඇතුලටම යනකන් බලන් හිටිය ලොකු බෙබි කතා කරන්න පටන් ගත්තා … ලොකු බේබිගෙ කටහඩින් ටානියා ගැස්සිලා බැලුවෙ ලොකු බේබි දිහා … ඒත් ඒ මූණෙ කිසිම වෙනසක් නැ .. පෙර තිබුන දගකාර හිනාවම මුහුනෙ තිබ්බා …..

………………………………………………………………………………

කෝඩුකාර හිත් මගෙ
ඔය හිත ලග නැවතුනේ
සංසාරේ පුරුද්දට වගේ …
දැනුනේ නුහුරු හැගුමන්
පොදි පිටින් මුල් දිනයේ …
පෙම් කලේ එකසිතින්
පැතුවේ ඔබව හැම බවේ ..
ආදරේ කලේ මා ඔබටයි
වස්තුවේ …
හැරදමා ඔබ ගියත් ..
දැනේවි මගෙ ආදරේ..
දිවුරුම් දුන්නා මා
ඔබ මගේ ප්‍රේමේ …
සත්තයි පෙම් සුරිදේ
ඔබටයි මේ ආදරේ …
මහමෙරක් දුක් උසුලනා මේ
පුංචි හිත …
ඔබට පමණයි ආදරේ…
ආදරේ වේදනා අපමණයි ..
නමුදු එය මට පුරුදුයි ..
ඉන්න හැකිනම් ආදරෙන් වෙලී
නමුදු නොපවසන්න
වෙන්ව යන්නට කිසි දිනේ ..
මන්ද ….
නුබයි මගේ ප්‍රාණේ…
ඔබට පමණයි ආදරේ ….???

සුට්ටක් දැම්මා ඔන්න ..??? හෙටත් ඕනිද …????

???????????????

??සිහින සිත්තරාවී ??

11 thoughts on “?අප්සරාවී?|පනස් අටවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක”

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      හෙටත් ඕනි … දිගටම ඕනි …?????????? අලේ …. ඒම් කලන්න අපා අලේ ……. මේ සූටි කෙල්ල පවු …..???????????????? මේ වගේ කොටස් දෙන්නම් ඕනිනම් .. ගොඩක් දිගට නම් දෙන්න අමාරියි …. නැත්නම් මේ වගෙ කොටස් දෙකක් දෙන්නම් දවසට .. ඒ කට ඇඩ්මින්ගෙන් අවස්‍ර පතන්න …??? එහෙම උනොත් උදේ එකයි හවා එකයි දෙබ්නම්…

  1. Chathu indeewaree

    අනේ සුද්දී ඔයා හරි නෝටි. කාලෙකට පස්සේ කතාවනම් දාලා. ඒත් සූටි එපිසොඩ් එකක්. ඒ මදිවට තව අහනවා හෙටත් ඕනද කියලා. ඇයි අලේ ඔයා ඒම සුද්දී ??? හෙටත් එන්න අනේ දිගගගගගගගගග එපියක් අරන්…

  2. කතාව දානකන් කොච්චර දවසක් අපි බලන් හිටියද?
    කතාව හෙටත් ඕනද කියලා අහන එක හරිද කාංචියෝ
    හෙටත් කතාව ඕන. දිගගගගග කොටසක් ඕන.
    පුලුවන් නම් හැමදාම කතාව දාන්න .
    All the best .
    ????????

  3. Ranmali subasinghe

    හෙටත් නම් අනිවාර්යයෙන් ඕනා කතාව… ඔන්න කිව්වා.. නැත්නම් බලාගමුකෝ ?????????

    ඇයි අප්පා … කොච්චර දවස් බලන් හිටියද කතාව දානකල් … නරකයි සිත්තරාවීයෝ ඔයා… තරහයි මම… ???????

    හෙටත් එන්න චූටියෝ… හොද කෙල්ලනේ… ???

    ???????සුභ පැතුම් !!! ???????

  4. Nirosha Lakmali

    Ane ai kathawa danne neththe. Hari asawen kiyeuwe. Hemadama balanawa kathawa dalada kiyala. Pls kathawa danna. Api paune ane. Ikmanata danna hodada. Pls………….

  5. මේ කතාව අය update වෙන්නෙම නැද්ද අනේ… ආසාවෙන් කියෙව්වෙ… මාස ගානක් බලං ඉන්නෙ… please ඉක්මනට update කරන්නකෝ
    ?

  6. Nirosha Lakmali

    ඇයි මේ ලස්සන කතාව මගින් නතර කලේ. තාමත් ඇවිත් බලනවා දාලාද කියලා. දැන් කොච්චර දවස් වෙනවද. අනේ ඉතුරු ටිකත් දාන්නකෝ.

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.