Katha Ahura

?අප්සරාවී?|විසි නවවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//විසි නවවන දිගහැරුම //

ඔයාට කියන්න ඇතිනෙ නේද මිසී……??
අනික ඉතින් ඔයානෙ මේ රූප සුන්දරීට බෙහෙත් දැම්මෙත්….

ආ… ආ.. මේ.. මෙයා එක්ක හස්බන් රණඩු වුනා කිව්වා…

මොකක්ද මන්දා ප්‍රශ්නයකට…

එතකොට තුවාල වුනා කියලා කිව්වෙ…

මන් දන්නෙ එච්චරයි ඩොක්ටර්….

ඊට පස්සෙ මන් බෙහෙත් දැම්මා…..

ආහ්… හස්බන්ද…

ඕහ් මයි ගෝඩ්….

දුලංග… මේ ගර්ල් මැරි කරලද….??

ශෙරී … මේ… මේ .. කියන්නෙ මොනාද…

ආ… කවුද තමුන්ගෙ හස්බන්…

ඇත්ත කියනවා ශෙරී….

මොනාද මේ මුන් කියන්නෙ… ආ….???

අනේ නෑ දුලංග…. ම… ම… මන් … එහෙම දෙයක් කිවේ නෑ…

මේ මේ නර්ස් කියන්නෙ බොරු….

තනිකරම බොරුකාරියක්…….

දැන් දැන් ශෙරීගෙ ඇගට හීන් දාඩිය දාගෙන ඇවිත් ..

ශෙරී ඉන්නෙ ගොඩක් බය වෙලා …

ශෙරීගෙ බොරු අතේ මාට්ටු වී ගෙන එනව කියලා ශෙරීට දැන් ඉවෙන් වගේ දැනිලා තියෙන්නේ…..

දුලංගනම් ඉන්බෙ සැගවුනු ප්‍රීතියකින් වගේම ලොකු සතුටකින්…

මෙච්චර දවසක් වැහිලා හිටිය මායා ලෝකෙන් අදවත් ගැලවෙන්න පුලුවන් කියල දුලංග හිතින් හිතනවා..

ඒත් ශෙරීට දුලංගගෙන් ලේසි පහසු ගැලවීමක් නම් හම්බෙන එකක් නෑ…

මොකද ප්‍රීතියට එහා ගිය වෛරයක් දුලංගගෙ හිතේ කාටත් හොරා බුර බුරා නැගෙනවා….

මිසී… කියනවා බලන්න මෙතන තියෙන ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා….

අපිට තව වැඩ තියෙනවා..

මේ ප්‍රශ්නෙටම යට වෙලා ඉන්න වෙලාවක් නෑ මට…..

විතාරණගෙ ප්‍රශ්න හමුවේ මිසී වගේම ශෙරීත් ඉන්නෙ ගොඩාක් අසරණ වෙලා…

ම.. මන් ඇත්තම කියන්නම් ඩොක්ටර්…

මේ මිස්••••••••••••••••••••••••••••••••••••••••
එන්න ඒකයි ඩොක්ටර් වුනේ… අනේ ප්ලීස් ඩොක්ටර් මගෙ රස්සාව නම් නැති කරන්න එපා…..

ම්ම්… ඒ කියන්නෙ ඔයා මේ පේශන්ට් දුන්න සල්ලි ගත්තෙ නෑ කියලා….

ඔ..ඔව් ඩොක්ටර්…
ම..මන් මෙයා දුන්න සල්ලි ගත්තෙ නෑ….
මන් එපා කියද්දිත් මෙයා බලෙන් දුන්නා…

ඒත් ඉතින් මන් ගන්න ගියේ නෑ… මන් මගෙ රස්සාවට ගරු කරනවා ..

හරි… මිසී දන්නවද රෝහල් ගතව ඉන්න පේශන්ට් කෙනෙක්ගෙන් පගාව ගැනීම් නීති විරෝදී ක්‍රියාවක් වගේම ඒ වගේ ක්‍රීයාවකට සම්බන්ධ වීමේ දඩුවම තමුන්ට රැකියාව අහිමි වීම වගේම ලක්ශයක් මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිදු වීම කියලා….

ම…. මන් ඒක දන්නවා ඩොක්ටර්….
ඒත් ඉතින් මන් එයාගෙන් සල්ලි ගත්තෙ නෑනෙ ….

**********

එහෙනම් ශෙරී මන් හිතුවා හරි…

උබ මහම මහා වංචාකාරියක් …

මගේ සල්ලි වලට මගේ ඇගේ එල්ලිලා හිටිය එකියක් …

උබත් අනිත් ගෑනු වගේමයි…

ඒත් ඉතින් ඒ වෙනුවෙන් උබට හම්බෙන දඩුවම උබට කවදාකවත් හිතාගන්නවත් බැරි තරම් ලොකු දෙයක් වෙයි……

දුලංග කල්පනාකරන දිහා බලන් ඉන්න් තව කෙනෙක් ඉන්නවා..

ඒ ශෙරී…

මේ සැරේ දුලංගගෙන් කිසිම බේරිල්ලක් නෑ කියලා ශෙරී දන්නවා…

දුලංගගෙ හිත දිනා ගන්න, දුලංගගෙ අනුකම්පාව දිනාගන්න පුලුවන් අන්තිම තුරුම්පුවත් ශෙරී ප්ලෑන් කරනවා..

මේ ගෑනි මගේ ප්ලෑන්ස් ඔක්කොම් කනවා…

ඒ මදිවට මගෙන් සල්ලි ගත්තෙත් නෑලු…

සල්ලි ගත්තා මදිවට ගත්තෙ නෑ කියලා බොරුත් කියනවා මගෙ දිහා බල බල…

හැබැයි මිසී මන් අමාරුවේ වැටුනොත් එහෙම ඔයාවත් අමාරුවේ වට්ටලාම තමා පස්සෙ බලන්නෙ ….

හරි දුලංග…

ඔයා එහෙනම් ඔයාගෙ යාලුවාගෙ මාර්ගයෙන් මට වැඩ පෙන්නුවා….

ඒකෙ රිටන් එක ගන්න එහෙමනම් මාත් කරන්නම් වැඩක්…

ඔයා එතකොට මා ගාවට ඇවිත් වැදලා සමාව ගනියි….

එතකොට ඔයාගෙ මේ මහලොකු ඩොක්ටර් යාලුවාට වඩා මේ සියුමැලි ශෙරී උත්තමාවියගෙ රගේ තේරෙයි….

හරි.. මිසී දැන් යන්න එලියට…

මන් ඔයාට ආයි සැරයක් කතා කරන්නම්….

හ…හරි ඩොක්ටර්…
මන් එලියෙන් ඉන්නම්….

මිස් සදුනි…
මට පුලුවන්ද ඔයාට ඇත්තටම තුවාල වුනු තැන පරීක්ශා කරන්න…

මොකද ඉතින් ඇග හැමතැනම ප්ලාස්ටර් ගහන් හිටියට ඔයාට ඇති තුවාලයක් නෑනෙ…

කාගෙන් හරි හොදට කන පිරෙන්න කාලා ඇවිත් හිටන් මෙතන බොරුව්ට ඇග හැමතැනම තුවාල වුනා කියලා පෙන්නුවට වැඩක් වෙන්නෑ…

ඔයා ඔයතරම් ලොකු බොරුවක් කලේ මෙච්චර වැදගත් ඔයාගෙ බොස්ට පේන්න වෙන්න ඇති ….

ඒත් ඉතින් දැන් ඔක්කොම වැඩ අතේ මාට්ටු වුනා කියලා අපිට රිටර්න් දෙන්න වෙන්න් ඇති හිත හිතා ඉන්නෙ..

අ.. අනේ නෑ ඩොක්ටර් ..

එහෙම දෙයක් නැ….

මගෙන් උනේ වරදක් තමා…

ඒකත් එසේ මෙසේ පොඩි වරදක් නෙවෙයි…

ලොකුම ලොකු වරදක් …

මට ඒක දැන් තේරෙනවා…

මට සමාවෙන්න ඩොක්ටර්…

දුලංග ඔයාටත් මන් වැදලා කියන්නම් මට සමාවෙන්න…. ප්ලීස් ..

හහ්… උබට සමාව දෙන්න මන්…

උබ මට එක ඇත්තක් කියලා තියෙයිද දන්නෑ බැල්ලි…..

සදුනිලු …ශෙරීලු… උබට තව නම් කීයක් තියෙයිද දන්නෑ..

මන් වගේ පිරිමි කී දාහක් එක්ක උබ බුදියනවද කියලා කවුද දන්නෙ…..

උබ මේ පාර තමා වැඩේ වරද්ද ගත්තේ…..

උබ මෙ සැරේ මගෙනුයි පාඩම් ඉගෙන ගන්නෙ….

කි..කතාව යන්න දුලංග… ඔ.. ඔයා මට සමාව දෙනවද…??

මන් ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්… ප්ලීස් මට සමාවෙන්න…

මට ඔයා නැතුව ඉන්න බෑ රත්තරනේ …..

ඔයා බය වෙන්න එපා ශෙරී… මන් ඔයාට සමාව දෙනවා..

මටත් ඔයා නැතුව ඉන්න් බෑ……..

පොල්ලෙන් ග්ඃහුවා වගේ දුලංග ඒ වචන ටික කියද්දි ශෙරී වගේම විතාරනත් හිටොයෙ ඇස දෙක නලලෙ තියාගෙන…

දුලංගගෙ මේ හැසිරීම පිටිපස්සෙ තියෙන සැගවුනු රහස ශෙරීට නොදැනුනත් විතාරණටනම් ඉවෙන් මෙන් දැනුනා…
……………………………………………………………………………………

ඒ ඇස් මග හරින්න මදූගෙ හිත ලෝබ උනා…

බේබිගෙ ඇසුත් මදූගෙ ඇසුත් එකට ගැටෙද්දි ඒ දෙදෙනාට දැනුනු හැගීම් ඒ දෙන්නටම පාලනය කරගත නොහැකි තත්වයකට ඇවිත් තිබුනා…

ඒත් ඒ ගැන වගේ වගක් දෙන්නගෙන් කාටවත්ම තිබ්බෙ නෑ….

ඒ දෙන්නා ඒ තරමටම ඒ සුන්දරත්වයට වශී වෙලා හිටියෙ..

පෙර පුරුදු හැගීම් අතර ඒ දෙන්නා වෙලී ගියේ හදවතින්මයි…

ඒ මැදට වෙන කාටවත්ම එන්නට බැරි තරම්….

“”ඇති නිසල් ඇති….

තවත් නම් ඔය ඇස් දිහා බලන් ඉන්න එපා යකෝ…

ඒ අහින්සක දිලිසෙන ඇස් උබව පිස්සු වට්ටයි…

උබට ආයිමත් දුක් විදින්න හයියක් නෑ…

පේන , මවා ගත්ත අහින්සකකමක් පස්සෙ ගිහින් රැවටුනා මදිද උබට…

දැන්වත් නැගිටහන් නිසල් ඔය අදුරු හීනෙන්…

නැගිටහන්…

ඔය හීනෙන් පියවි ලෝකෙට වරෙන් ඉක්මන්ට….””

බේබි තමන්ගෙ යටි හිතේ සිතුවිලිත් එක්ක ලොකු සටනක…

එක සැරයක් සයුරි හින්දා හොදටම් දුක් වින්ද බේබිට ආදරය තහනම් වචනයක් වෙලා ඉවරයි දැන්….

ඒත් ඒ තහනම් වචනේ ආයිමත් හිතේ රජකරන්න් පටන් අරන්…

හරියට ඒ හදවත අලුත් උරුමක්කාරියක් හොරකම් කරන්න හදනවා වගේ….

ඒත් ඒ අසරණ හිතට ඒ වෙනුවෙන් ඉඩක් දෙන්න තියෙන්නෙ ලොකුම ලොකු බයක්….

“”අයියෝ මදූ….

උබේ ඇස් අහකට ගනින්..

නැත්නම් උබ බේබි මත්තෙ නැහිලා පිස්සු හදා ගනියි…

උබට ඔය ලොකු අතු අල්ලන්න බෑ බන්…

පොඩ්ඩක් තේරුම් ගනින්..

උබ වලවුවෙ ඉදුල් හෝදන් කෙල්ල…

එහෙම එකේ උබව කැන්දන් යන්න රාජ කුමාරයෝ එන්නෙ නෑ බන්…

ඔය රාජ කුමාරයන්ට රැවටෙන්න එපා..””

බේබිගෙ හිත වගේම මදූගෙ හිතත් තමන්ගෙ යටි හිතත් එක්ක ලොකු සටනක……

මදූ හිතන්නෙ ලබා ගන්න බැරි දෙයකට පෙරුම් පුරනවා කියලා…

හරියට අපි පුන්චි කාලෙ බැලුව සින්ඩරෙල්ලා කතාවෙ වගේ…

කුඩම්මගෙ කරදර මැද්දෙ හිටිය සින්ඩරෙල්ලාව අරන් ගියේ රජ කුමාරයෙක්..

ඒත් ඒ සුරංගනා කතාවල…

ඇත්ත ජීවිතයේ එහෙම දෙයක් වෙයි කියලා කීයටවත් හිතන්න පුලුවන්ද….??

කොහොම උනත් දුප්පත් පැලක දුක් වින්ද කෙල්ලෙක් සින්ඩරෙල්ලා වගේ වෙන්න හීන මවන්නෙ ඒ දේවල් කවමදාකවත් ඉටු වෙන්නෑ කියලා දැනගෙනමයි….

සර් මොනවද බැලුවෙ…..
සර්…. සර්….

එකපාරටම කනලගින්ම වගේ ඇහුනු කටහඩක් නිසා මදූ මෙන්ම බේබිද් පියවි සිහියට ආවෙ ලැජ්ජාවෙන් රතු වුනු මුහුනුත් සමගමය….

ආ… මොකක්ද ඇහුවෙ ඔයා…

සර්ලා මොනවද බැලුවෙ…. ඕනි දේ කිව්වනම් මට උදවු කරන්න පුලුවන්….

තැන්ක් යූ…. මේ ගර්ල්ට ඇදුම් ටිකක් බැලුවෙ…

මේ මැඩම්ටද…..

හරි…. එන්න සර් මගෙ පිටිපස්සෙන් මන් පෙන්නන්නම්……

…………………………………………………………………………………

මොකෝ අප්පේ මේ වෙන්නේ…..
දැන් නම් ප්‍ර්ශ්න ඉවර ඇති නේද ටික්ක්ක් හරි කස්ටියගේ…..

විශේශ දැනුම් දීමක්…..???

හෙට කතාව දාන්න වෙන එකක් නෑ මට… මන් පුලුවන් තරම් උත්සාහ කරන්නම්….

?KANCHANA?

5 thoughts on “?අප්සරාවී?|විසි නවවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|”

  1. Kinduri ahassaya

    Meyalata ikmnta ekathu wenna kynna akkiyoo ara sherita pennath ekka….kthawa dnna try krnna hoda lmya wage…kthawa lassanai akkiyo hugaaaaak
    ?❤???❤???❤???

Leave a Comment