Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං? | සත්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

කතාව කොහොමද?

ඒ ආශා ය.ඈ කෞෂාල්ගෙ සොයුරාට කතා කලාය .

“ලොකු අයියේ ..සොරී දෙන්නට බාධා කලාට.එයා තව ටිකකින් ආපහු ගනියි හොදද …..තෙරුවන් සරණයි අයියට ”

ඈ කෞෂාල් වෙත හැරුණා ය.

“මොකද අයියේ මේ…මොනාද ඒ කරන්න ගියේ ”

“ආශා,මං වෙන මොනවාද කරන්නේ ,මට ඔයා එයාලා ළඟට යනවා බලන්න බෑ …”

“ඒත් අයියේ ….ඇයි ඒ ? .අයියා අකැමැති නම් මං අයියා ගේ පවුලේ අය එක්ක ඉන්නවට මං යන්නම් වෙන කොහෙ හරි .ඒත් මට අයියා ළඟ තවත්නම් ඉන්න බෑ ..”

“ඉන්න බැරි ඇයි ආශා…මාව දාලා යන්න හදන්නේ ඇයි ..මට ඔයාව මගේ ළඟම තියාගන්න ඕනි …මොකද දෝණි මං ඔයාට ….”

ඔහු තම සිත තුළ තිබූ දේ පැවසීමට තැත් කල ද ඈ ඔහුගේ මුව වසා ඔහුව නවතාලිය .

“එපා අයියේ ..මුකුත් කියන්න එපා.මං ගැන ඒ විදියට හිතන්න එපා අයියේ …අනිත් එක ඒ දේ කීවොත් අපි දෙන්නම විඳවයි…”

“ඒත් ඇයි ආශා ..ඔයා හිතනවද මං ඔයාට ළංවෙලා ඔයාව අතාරියි කියලා ”

“මං දන්නවා අයියේ ඔයා එහෙම නෑ …ඒත් මං නිසා ඔයා දුක් විදිනවා බලන්න බෑ …ඔයාට ගොඩක් හොද කෙල්ලෙක් මුණගැහෙයි අයියේ.මගේ ජීවිතේ වෙන මිනිහෙක් අතින් විනාශවෙලා ඉවරයි..මං කොහොමද අයියේ මගේ පව් අයියගේ පිටින් යන්න දෙන්නේ. .”

“අහන්න ආශා .. මං ඒක දන්නවානේ.. ඒක ඔයා කැමැත්තෙන් කරගත්ත දෙයක් නෙවෙයි නංගි.. අපි ඒදේ අමතක කරලා සතුටින් ඉමු ආශා.. ”

“සතුට කියන්නේ මට උරුම දෙයක් නෙවෙයි අයියේ.. දෛවය මට වේදනාව විතරයි විඳින්න දෙන්නේ..තවත් හේතුවක් තියනවා මට අයියේ ඔයාට ළං වෙන්න බැරි.. පොඩ්ඩක් ඉන්න ඔහොම. මේ රහස මට තවත් අයියගෙන් හංගන්න බෑ”

යහන මත හිඳගත් ඈ හැද සිටි ගවුම මදක් මෑත් කර දෙදණ දක්වා සිය දෙපා නිරාවරණය කලාය.ඉදිමී ගිය දෙපා මත කුඩා බිබිලි හටගෙන තිබූ අතර එනිසාම වළලුකර දක්වා ම දෙපා අවපැහැයට හැරී තිබිණ .

“අ..ආශා ….ම්..මොකද මේ …..ඔයා මට මේ ගැන කියලා නෑනේ ..ඇයි මේක මගෙන් හැංගුවේ…”

“මට සමාවෙන්න අයියේ …මං මේක කලින් කීවා නම් ඔයාගේ හිතේ එහෙම දෙයක් ඇති වෙන්නේ නෑ නේද …ඒත් මං දැන් හරි මේක නොකිව්වනම් තවත් ලොකු වේදනාවක් වෙයි අයියාට…”

ඔහු ඈගේ දෙපා අසල දණ තබා හිඳ ගෙන ඇගේ දෑත් සිය දෑතින් අල්වා ගත්තේ ය.

“මෝඩී….මොනාද කියන්නේ …මං ඒ ගැන නෙවෙයි හිතුවෙ …කොහොමද මට මේ දේ මඟ ඇරුනේ.අනේ කවදද මෙහෙම උනේ…ගොඩක් අමාරුද ඔයාට …”

“මේ වේදනාව මට හුරුයි අයියේ ….අවුරුදු පහළවේ ඉඳලා මං මේ වේදනාව විඳිනවා.බෙහෙත් කරන්න අත්තා මාව අරන් කී තැනකට ගියාද…ඔයා මට විහිළු කලේ තාරාවෙක් වගේ ඇවිදිනවා කියලා .ඒ මේ අසනීපෙ නිසා අයියේ … අයියා එහෙම කියද්දී මගේ හිත පොඩ්ඩක්වත් රිදුනේ නෑ .මොකද මට ඒ කාලේ ඉඳලාම හැමෝම කතා කරන්නේ ඔහොම තමයි ….”

“අනේ මගේ දෝණි …ඒත් …මට සමාවෙන්න …මං දැනගෙන හිටියේ නෑ මගේ මැණික මේ තරම් වේදනාවක් විඳිනවා ඇති කියලා .. .ඔයාට මුකුත් වෙන්න මං ඉඩ තියන්නේ නෑ… අපි කොහොමහරි සනීප වෙමු හොදද …?”

“ඒත් මට තව ඔයා ළඟ ඉඳලා ඔයාව රිද්දන්න බෑ අයියේ..මං යන්නම් ඔයාගෙන් ඈතට.මට යන්න දෙන්න අයියේ …මං ඔයාට වඳින්නම්.”

“අනේ ආශා …යන්න හදන්නේ ඇයි ඔයා ..මං ඔයාව බලා ගන්නම්කෝ..ඇයි මං ළඟ ඉන්න බැරි …මං ඔයාට අඩුවක් කරන්නේ නෑ කවදාවත් ….”

“ඒක කරන්න බෑ අයියේ ..මට මෙහෙ ඉන්න බෑ .ඒක තමයි මගේ අන්තිම තීරණේ …මට බල කරන්න එපා ..”

ඔහුගෙන් තම දෑත් මුදාගත් ඈ අපහසුවෙන් වුවද හැකි ඉක්මනින් කෞෂාල්ගෙ කුටියෙන් ඉවත් ව ගියාය. එහෙත් ඔහු හුන් අයුරින් ම හිඳ බොහෝ වේලාවක් ගතවන තුරුම තමා මොහොතකට පෙර අත්විඳි සිදුවීම පිලිබද කල්පනා කලේ ය.

************************************************

“කෞෂාල්….නැගිටපන් බන්….මොකද යකෝ උඹට වෙලා තියෙන්නේ …ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ ..ඇඳ තියෙද්දි මොකද බන් උඹ මේ බිමට වෙලා කරන්නේ …”

ඒ අෂාන් ය.ආශා කුටියෙන් පිටව ගිය පසු කල්පනාවෙහි යෙදී සිටි කෞෂාල් එහිම නින්දට වැටී සිටි අතර මිතුරා ඔහුව අවදි කලේය .

“අනේ මන්දා බන් …මං දන්නෙත් නෑ නින්ද ගිහින් …උඹ ගොඩක් වෙලා ද ඇවිල්ලා …”

“ටිකක් වෙලා බන් ..නංගි පේන්නත් නැති නිසා මං මේ ඇවිත් බැලුවේ උඹ කෝ කියලා …”

“හ්ම්ම්…… ආශා එයාගේ රූම් එකේ ඇති…ඕනිනම් උඹ කතා කරලා වරෙන්…”

“අඩෝ මොකද වෙලා තියෙන්නේ …මොකද උඹ අප්සෙට් එකේ.අර කෙල්ල එක්ක වලියක් වත් දාගත්තද..”

“එහෙම දෙයක් නෑ බන් …ඔහොම ඉන්නවාකෝ..මං මූණ හෝදගෙන එන්නම් …”

“කෞෂාල්…..පොඩ්ඩක් ඉන්නවා ඔහොම .කෝ මේ පැත්ත බලනවා…යකෝ උඹේ ඇස් දෙක…මචන් ඇත්ත කියපන් …මොකද වුනේ….”

“මුකුත් නෑ අෂාන්…මං මේ ඉන්නේ හොඳට …”

“මේ මට කොලේ වහන්න බෑ මචන් උඹට . අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් එකට හිටියේ .උඹේ මගේ කියලා රහස් තිබුණේ නෑ බන්…ඇයි එහෙනම් මට හංගන්නේ ..උඹ හැරෙද්දි මට කියන්න පුළුවන් මොකක් හරි වෙලා කියලා …උඹ මගේ සහෝදරයා නේද …කියපන් දැන් හොද එකා වගෙ….”

මදක් සිතුවිල්ලෙහි යෙදී සිටි කෞෂාල් අෂාන්ගේ බලකිරීම මත සිදුවූ සියල්ල හෙලිකලේය.

“මං දෙවැනි වතාවටත් කෙනෙක්ට ආදරේ කලා බන්….ඒ වගේ ම දෙවැනි වතාවටත් ඒ ආදරේ නැති වුනා බන්…මං එච්චර පව්කාරයෙක් ද අෂාන් …මට ම මේ දේවල් වෙන්නේ ..”

“මට තේරෙන්නේ නෑ බන් මොනවා කියන්නද කියලා ..දිල්කි ගැන නම් මං කොහොමත් මුකුත් කියන්නේ නෑ …ඒකි උඹ ගැන හිතුවෙ නෑනේ ටිකක්වත් ..ඒත් බන් ආශා හිතන්නේ උඹ ගැන ..ඕනි නම් ඒ කෙල්ලට තිබුණා මුකුත් නොකියා උඹෙ කරේ එල්ලෙන්න…”

“මට තේරෙනවා බන් …ඉතින් මට එයාගේ අතීතේ ප්‍රශ්නයක් නෙවෙයි… උඹයි මායි ශානුයි ඇරෙන්න වෙන කවුරුවත් දන්නෙත් නෑනේ මේ ගැන .. ඒ දේ හැමදාම අපි අතරේ තියෙයි …ඒත් ඇයි බන් මං ළඟ ඉන්න බැරි එයාට .”

“එකි ගොඩක් ගරු කරනවා බන් උඹට . ඒක නිසා වෙන්න ඇති උඹට වේදනාවක් දෙන්න ඒ කෙල්ල ඒ තරම් බය.. . අනික කොච්චර කීවත් ඒකි කොහොමද බන් එහෙම කිව්ව ගමන් ඒ වෙච්චි දේවල් අමතක කරන්නේ …..”

“මං ඒක දන්නවා අෂාන් …ඒත් මං ආශාට ආදරෙයි බන්…ගොඩක් ආදරෙයි..මොන දේ වුනත් මට එයාව අමතක කරන්න බෑ…මට ඒ කෙල්ල ඇරෙන්න වෙන කෙනෙක් එපා මචන් ….”

ඔහු එසේ පවසද්දී ම අෂාන් ඔහුගේ ගෙල වටා අතක් දැමුවේ ඔහු අසලින් හිඳ ගනිමිනි .

“කෞෂාල් …….උඹ සන්සුන් වෙයන්කෝ.මට තේරෙනවා උඹව.දිල්කි ගැන උඹ ඔය දේ ඒ විදියට ම කියද්දි මතක ඇති මං උඹේ කම්මුල රත් කලා.මොකද ඒ වෙලාවේ උඹ ගැන තරහක් ආවේ මට .ඒත් මං දන්නවා ආශා මොනවගේ කෙල්ලෙක් ද කියලා .ඒ කෙල්ල ජීවිතේට ළං කරගත්තා කියලා කවදාවත් වරදක් වෙන්නේ නෑ …”

“අනේ මචන් …මට මේ දේ අම්මලාට කියන්න බෑ කොහොමත් ..මොකද ඒක දැනගත්තොත් අම්මලා මොනවගේ තීරණයක් ගනීද කියන්න බෑ..මට උඹ විතරයි ඉන්නේ මේවා කියන්න …උඹ ෆෝන් එක ගත්තේ නැති නිසා මං මලීෂ්ට එහෙමත් ගත්තා ..උන් මට බැන්නා කොහෙවත් යන ගොඩේ එකියක් කරේ ගහගන්න එපා කියලා ..”

“මට තේරෙන්නේ නෑ දෙයියා මං මොකක්ද කරන්න ඕනි කියලා ..හැමදේටම මං උඹ ළඟ ඉන්නවා කොහොමත් .එවුන් මොනවා කිව්වත් නංගි ගැන අපි දන්නවනෙ ..ඇත්තටම මචන් මට එදා අර ගමට ගියපු වෙලාවේම තේරුනා ඕක …කියපන්කෝ..මං නංගිට කතා කරන්නද..”

“ඒක හරියයි ද කියන්න බෑ බන් ..අනික එයා මේ වෙලාවේ කතා කරන්න පුළුවන් මූඩ් එකක නැතිවැති…මං දන්නවා ආයේ කෙල්ල මගේ මූණවත් බලන්නේ නෑ කියලා ..ප්ලීස් අෂාන් ..උඹට පුළුවන් නම් මෙහෙ නැවතියන්…මොකද ආශා ගැන හොයලා බලන්න විදියක් නෑ මට ..මට ඒ උදව්ව විතරක් කරහන්…”

“ම්ම්ම්…..උඹ කියනවා නම් මං ඉන්නම්..දැන් හරි ..හොද එකා වගේ ගිහින් මූණ ටිකක් හෝදගෙන වරෙන් මයෙ අම්මා…කෙල්ලෙක් වගේ හොටු පෙරාන.මටත් ලැජ්ජයි යකෝ….”

“තෑන්ක්ස් බන්…උඹ නොහිටින්න මං මොනා කරගනී ද දන්නේ නෑ ..”

කෞෂාල් සිය මිතුරාව වැළඳ ගත්තේ සෙනෙහසිනි .

***********************************************

240 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං? | සත්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා”

    1. Sandu (kandy girl)

      සුබපැතුම් නංගා.. ???????????

      ම්න්න් කතාව කියෙව්වානෙ ගොනා වගේ කමෙන්ට් බලන් නැතිව.. නැත්තන් මං එක..????

      1. Sandali nithya

        අනේ තැන්කූ මගේ සදූ අක්කියෝ… ❤️❤️❤️❤️ හොද වෙලාවට අක්කි එහෙම කරේ… නැත්තම් මට එක වෙන්න වෙන්නෙ නෑනෙ ????

    2. සුබ පැතුම් අක්කියෝ ?????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Sandali nithya

        තැන්කූ මගේ සින්ඩි නංගා… ❤️❤️❤️❤️ පලතුරු ගොඩ අප්පේ… ???????

      1. Sandali nithya

        තැන්කූ මගේ රුවී අක්කියෝ… ❤️❤️❤️❤️ චොක්ලට්ට්ට්ට්ට්ට්… ?????

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ නිතු මැණික ?? ??????????????????????????????????????????????????????????????????????????????????????????

          1. Sandali nithya

            තැන්කූ මගේ අවී අක්කියෝ… ❤️❤️❤️❤️ චොක්ලට් වලට තමා ආසම… ????

      1. Sandali nithya

        තැන්කූ තරූ මචී… ❤️❤️❤️ අද ගොඩක් අය චොක්ලට් දෙන්නේ… අල්මාරියම පුරෝගන්න පුලුවන් ????

      1. Sandali nithya

        තැන්කූ මගේ නිශූ අක්කියෝ… ❤️❤️❤️❤️ අම්මේ මේවගෙ රස… ?????

  1. දැක්කනේ මන් කිව්වෙ ඒ ආශා කීලා ??
    අක්කියෝ කෞශාල් කියන්න නේ ගියේ කැමති කීලා ? අක්කියෝ ආශා ෆොන් එක ගත්තෙ නැත්නම් අයියා ට කීන වා නේද ??
    අක්කියෝ ආශා ට ලෙඩක් නේද අනී මගෙ අක්කියෝ මන් කවදාවත් හිටුවෙ නැනී එහෙම දෙයක් ???
    කෞශාල් පව් අෆ්ෆා මටත් දුකයි ??
    එතකොට කෞශාල් ට ඉන්නෙ මාර හොද යාලුවෙක් ??
    අනෙ අක්කියෝ ප්ලීස් ආශා ට මුකුත් කරන්න එපා ප්ලීස් එතකොට කෞශාල් ලුත් පව් මාත් පව් ????
    කෞශාල් කෝමහරි හොදකරග්නී නෙද අශාව නෙද ??
    හෙට මොනා වෙයිද දන්නෙ න්හ්

    ලස්සනයි අද කතාව මගෙ අක්කියෝ ❣️❣️❣️
    හෙටත් මගේ සූටි ඇස් දෙක බලාන් ඉන්නවෝ
    ආශා ව හොදකර ගනී නෙද ???????

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ චූටියෝ ….???

      ඒකනේ ඔයා කියපු දේ හරි එහෙනම් ….???
      මටත් සතුටුයි ඉතින් …??

      ආශා ගොඩක් පව් තමයි මගේ නංගා ..
      එයා අසනීපෙන් …

      කෞෂාල් නම් දුකින් තමයි … මං දන්නේ නෑනේ මගේ චූටියාත් දුකින් කියලා …??

      අෂාන් හොද යාළුවෙක් තමයි බෝලේ

      බලමු නේද මොකද වෙන්නේ කියලා …

      ගොඩ ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  2. Sandali nithya

    අනේ කෞශාල් කැමතියි නේද ආශාට… ??? ආශාත් කැමතියි කෞශාල්ට ඔහොම හිටියට… ???? අනේ ඒ දෙන්නා ඉක්මනට යාලු උනොත් නම් හොදයි… ❤️❤️❤️

    අනේ අක්කියෝ මට ලෙඩේ මොකක්ද කියලා නම් චුට්ටක් වත් තේරෙන්නෙ නෑනේ… ??? කකුල් ඉදිමෙන්නෙ චූටි පැටියෙක් බන්ඩි ගෙඩියට ආවාම කියලා නම් දන්නවා… ඒත් මම හිතනවා මේ පාර මම වැරදියි කියලා… ??? මොකද කකුල් වල බිබිලි එන්නෙ නෑ වෙන්න ඕනි… අනික චූටි කාලෙ ඉදන්ලුනෙ තියෙන්නේ… අනේ හෙට වෙනකල් ඉන්න එපැයි ලෙඩේ මොකක්ද කියලා බලන්න… මට දැන් ලෙඩේ දැනගන්නකල් පිස්සු වගේ අප්පා… ????

    අදත් කොටස හරිම ලස්සනයි නිශූ අක්කියෝ…❤️❤️❤️❤️ අනේ කතාව ඉක්මනට ඉවර වෙනවා නේද… ඒකට නම් ගොඩක් දුකයි… ????

    අක්කිගෙන් තවත් දිගගගගගගගගගගගග කතාවක් ඕනි මන් වයසට යනකල්ම කියවන්න… ???? අනේ ආයෙ කතාවක් ලියන්න මගෙ අක්කියෝ මේ කතාව ඉවර උනාම… ????

    පරිස්සමින් ඉන්න අක්කියෝ… බුදුසරණයි ❤️❤️❤️❤️

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ නිතූ බෝලේ …???

      කෞෂාල් නම් කැමති තමයි … ආශා මොනා හිතනවද කියලා නම් ඊළඟ කොටසෙදි තමයි ඉතින් දැනගන්න වෙන්නේ …???

      අම්මෝ එච්චර හිතුවෙ නෑ මං වත් නංගා … ආශා අසනීපෙකින් ඉන්නේ … ඒත් ඒක නංගා හිතන වගේ එකක් නම් නෙවෙයි ඉතින් …. බලන්නකෝ ඊළඟ කොටසෙදි තේරෙයි සමහර විට …☹️☹️

      කතාව ඉක්මනට ඉවර වෙනෝ ඉතින් බෝලේ … මං වත් හිතපු නැති දුරක් කතාව ආවා…?? තව ඇද්දොත් නවල් එකත් මේකට ම ඒවී.. මගේ ඔළුව ඒ තතරම් හොදයිනේ …??

      අනේ අනිච්චං … වයසට යනකම් කියවන්න …???
      මේ කෙල්ලට හිතෙන දේවල් …

      ගොඩ ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම කතාව ආසාවෙන් කියෙව්වා ට..

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

        1. දුකෙන්,සැපෙන්,සතුටින් ඉන්නව මැණික ????
          ඔයාට කොහොමද තරූ නංග❤❤❤❤

  3. කතාව දාල තියෙනව දැක්කම නම් මාර සතුටක් ආවෙ.????ඊයෙ ඉදන්නෙ බලන් ඉන්නෙ.
    අනේ කෞෂාල්,ආශාට කැමතියි කිව්වනෙ.❤❤❤❤
    ආශාත් කෞෂාල්ට කැමතියිනෙ.ඒත් ඉතින් කෙල්ල කෞෂාල්ට ගොඩක් ආදරේ නිසාම තමයිනෙ කෙල්ලගෙ අසනීපෙත් නිසා කෞෂාල්ගෙන් ඈත් වෙන්න යන්නෙ.????ආශා පව්,පොඩි කාලෙ ඉදන් දුක් විදල, අන්තිමට සතුට,ආදරේ තමන් ලගටම ආවත් ඒ දේ තමන්ගෙ කරගන්නත් මොනාහරි බාධාවක්.????
    කෞෂාල්,ආශා දෙන්නට දෙන්න කැමැත්තෙන් ඉදලත් විදවනව.ඉස්සරහට මොනව වෙයිද මන්ද?.
    අදත් කතාව ගොඩක් ලස්සනයි❤❤❤❤
    කතාවෙ අනිත් කොටස දානකල් බලන් ඉන්නව නිශූ නංග.
    පරිස්සමින් ඉන්න.
    තෙරුවන් සරණයි?? ??

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ රූ අක්කියෝ …????

      අනේ ඉතින් … මං දැක්කා අක්කී කතාව දානකම් බලාගෙන ඉන්නවා කියලා තිබුනා …මට ගොඩක් සතුටුයි …

      කෞෂාල් නම් ආශාට කැමති කීවා … ඒත් ආශා ….☹️☹️☹️

      ආශා නම් විදින දුක කෙලවරක් නෑ තමයි ඉතින් … බලන් ඉමු අක්කියෝ එයාට සතුට ලැබෙනකම්… හැබැයි ගොඩක් දවස් නෙවෙයි ඉතින් …???

      ඉස්සරහට මොනවා වෙයිද ….???
      බලමු නේද අක්කී …

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

          1. Sandali nithya

            ඔව් අක්කි… කොමස් තමා කරන්නේ… ??? ඇයි අක්කියෝ ???

          2. බය වෙන්න එපා මැණිකේ … කොහෙද ක්ලාස් යන්නේ කියලා අහන්න හැදුවේ …???

          3. Sandali nithya

            මන් Cls යන්නෙ අක්කි කුලියාපිටියේ LTC එකට… අක්කි නම් දන්නෙ නැතුව ඇති… කුරුණෑගලට මෙහානෙ අපි ඉන්නෙ අක්කි… ???

          4. ම්ම්ම්.. එහෙමද …
            නෑ මං මාස හයක් විතර හේමාල් සර්ගේ පන්ති ගියා … ඒකයි ඇහුවේ ….

          1. ඒ මොකෝ ටිකක් ????
            තාම අසනීපෙන් ද ඉන්නෙ මැණික????

  4. අනේ ඒ මොකද උනේ පටන් ගැන්ම ලස්සනයි මඟදි මොකද උනේ… ඉක්මනට ඉතුරු ටිකත් දාන්න ලස්සනයි කතාව සුබ පතනවා ඔයාට සහෝදරි…

    1. ගොඩක් ස්තූති මගේ අනූ මැණික ….???

      ඔයා කමෙන්ට් එක දැම්මා දැම්මාමයි හොයාගන්න වත් නෑ නේ… කීවෙත් නෑ අක්කියක්ද නංගියක් ද කියලා … කමක් නෑ …??

      සමාවෙන්න හොදද දුක හිතෙන කොටසක් දැම්මාට … අවසානය වෙනකම් ඉන්නකෝ… එතකොට ආයේ කොහොම වෙනස් වේවී ද කියලා දැනගන්න පුළුවන් ඔයාට …

      ගොඩ ගොඩක් පින් අනූ බෝලේ කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  5. ?Tharushi? Jayawardhana

    කතාව නම් මාරම ලස්සනයි මගේ අක්කියෝ… අශාන් ලා වගේ යලූවෝ ලබන්න පින් කරන්න ඕනී..

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ තරූ නංගා …???

      ඔයා හරි … අෂාන් වගේ යාළුවෝ ගොඩක් අඩුයි … ඒත් නැත්තෙම ත් නෑ ඉතින් … හොයාගන්න අමාරුයි ….

      ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  6. Sandali nithya

    අනේ අපිට profile 4to එකක් දාන්න පුලුවන් නේද… මේකෙ අක්කිලා නංගිලා pp එකක් දාලද ඉන්නේ… මට පේන්නෙ නෑනෙ ?????

    1. කලින් නම් තිබුනා.. දැන් කවුරුවත් දාලා නැද්ද , නැත්නම් අපිට පෙන්නනේ නැද්ද මන්දා නංගා …☹️☹️

      1. පුළුවන් ද මන්දා බෝලේ … මං නම් කවදාවත් දාලා නෑ … අනිත් අක්කිලා අයියලා ඒමනම් දාලා තිබ්බා.. ඒත් දැන් නෑ බෝලේ …

        මාත් හරියට දන්නේ නෑ මොකද වුනේ කියලා …???

        1. Sandali nithya

          මාත් තාම දැම්මෙ නෑ… මම දාලා බලන්නද… පෙන්නනවා නම් කියන්නකෝ

          1. Sandali nithya

            පෙන්නනවා නම් කට්ටියව බලන්න පුලුවන්නේ… මන් හරි ආසයි මගේ අක්කිලවයි නංගිලවයි බලන්න… ????

          2. Sandali nithya

            අනේ බෑනෙ අක්කියෝ… ???? මන් upload image කියන එක ක්ලික් කරා… මොකුත් වැටෙන්නෙ නෑ… සුදු පාට screen එකක් විතරයි වැටෙන්නේ… ??????

          3. ඒක තමයි නංගා … මොකක් හරි නිසා බැරුව ඇති …??

          4. අක්කියෝ අර gaveter කියලා එක්ක් තියේ නේ

          5. Sandali nithya

            මට හරි දුකයි… ඔයාලව බලන්න පුලුවනුත් ඇප් එකෙන් විතරයි… ?????????????????? මන් අඩනවා ??????????

          6. Sandali nithya

            ඉතින් සින්ඩියෝ ඒකෙන් මොකද වෙන්නෙ

          7. ඔව් අක්කියෝ මත් upload කරා මතත් එහෙම ආවේ

  7. අක්කියෝ එකෙ මොක්ක්ද එනව gaveter eka create karanne kiyaa පින්තුරෙ මාරු කරන්නෙ

          1. චන්දිම සර් ගෙන් අහන්න පුලුවන් ?

          2. Sandali nithya

            සර්ගෙන් කොහොමද සුදූ අහන්නේ… ????

          3. අර නම්බර් එකට මැසේජ් එකක් දාන්න… නැත්නම් මේල් එකක් දාන්න සර්ට.. සර් ඒ ගැන කියලා දේවී..

            ලොකු අක්කිලා කවුරුවත් හිටියානම් දැනගන්න තිබුනා අනේ …

            එයාලා ආවොත් අහමු අපි …

            දැන් කලබල නොවී ඉන්නකෝ ඉතින් …

    1. Sleeping beauty

      නිත්‍යා බෝලේ..pp දාන්න බෑ දැන්..සර් දාලා තිබුනු pp අයින් කලා..හේතුවක් ඇති මැණික මොකක් හරි

      1. Sandali nithya

        ඔව් නේද බියූ අක්කි… කමක් නෑ දුකක් නෑ… ඒත් ටිකක් දුකයිත් වගේ… ????? තැන්කූ මගේ අක්කියෝ ඒක ගැන කිව්වට

  8. Sleeping beauty

    පැටවුනේ…සර් මොකක් හරි හේතුවක් නිසා profile picture ටික අයින් කලා. ..ඒ නිසා දැන් profile picture දාන්න බෑ..සමහර විට සර් ආපහු pp දාන්න පුලුවන් වෙන්න හදයි..❤️❤️

    1. Sandali nithya

      ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️

      1. Sleeping beauty

        මූනු දැකලා කතා කරනවට වඩා මේ බැදීම පට්ට …එහෙම හිතෙන් නැද්ද ඔයාලට..??

        1. ඒක නම් හරියට හරි අක්කියෝ … මූණ මූණ දකින බැදීම් වලට වඩා හදවතට හදවත මුණගැහිලා ඇතිවන බැදීම ගොඩක් ලස්සනයි …?????

          1. Sleeping beauty

            මගෙ නිෂූ මැණික ..මං කතාව කියෙව්වා ..කමෙන්ට් එක ටිකකින් දාන්නම් පැටියෝ ..නැත්තම් හෙට උදේම දාන්නම් හොදද ..??

    2. Sandali nithya

      තැන්කූ අක්කි කිව්වට… නැත්තම් මම තාමත් ඒකත් එක්ක ඔට්ටු වෙනවා… pp දාන්න පුලුවන් විදියට හැදුවොත් හොදයි ආයෙ… ❤️❤️❤️❤️

      1. Sleeping beauty

        අනේ පැටියෝ ..ඔට්ටු වුනාට දාන්න බෑ..ඉවසලා ඉන්නකෝ..සර් ආපහු තිබුනු විදියට හදයි සමහර විට …හොදද බෝලේ❤️❤️

          1. Sleeping beauty

            ඔය තේරුනේ බබාලා තුන් දෙනාටම..එහෙනම් මං ගිහින් එන්නම් පැටව්නේ..ගුඩ් නයිට් ..තෙරුවන් සරනයි ..පරිස්සමට සතුටින් ඉන්න හැමෝම ..හොදට ඉගෙන ගන්න..????

          2. හරි මගේ අක්කී …
            සුභ රාත්‍රියක් අක්කිටත් ..??
            දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …???
            පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….???
            අක්කිත් ඉගනීම් වැඩ ටික සාර්ථකව කරගන්න හොදද ….
            ආදරෙයි අක්කිටත් ගොඩක් ….??

          3. Sandali nithya

            අනේ අක්කි යනවද… බුදුසරණයි අක්කි… පරිස්සමින් ඉන්න ????❤️❤️❤️

          4. අක්කිටත් ගුඩ් නයිට් බුදු සරනයි ???? ආදලෙයි ??

        1. අනී මගෙ අක්කිලා මට දැන් දොයියන් මත එනවෝ මාව නිදි කුමාරිකාව අර්න් යන්න කලින් ෆොන් එක තියන්නෙ ඔනී ???
          ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????
          බුදු සරනයි ????

          1. Sandali nithya

            ගුඩ් නයිට් නංගා… බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️

          2. Avi 1999 (kandy)?

            ගුඩ් නයිට් සින්ඩි මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

          3. ගුඩ් නයිට් සින්ඩි මැණික.❤❤❤❤
            පරිස්සමින් ඉන්න????
            තෙරුවන් සරණයි ????

        2. හරි මගේ චූටියෝ …
          සුභ රාත්‍රියක් …
          දළදා සමිදුන්ගේ පිහිටයි ????
          පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
          ඔයාටත් ආදරෙයි ගොඩ ගොඩක් …???

  9. Avi 1999 (kandy)?

    ඔන්න නිෂු මැණික මම් ඊයෙ කීව අනුමානෙත් තක්කෙටම හරි ගිහින් නෙ. ? අදත් කතාව ගොඩක් ලස්සනයි හැබැයි චූටි දුකක් හිතුනා මැද හරියෙදි කෞෂාල් ගැනයි, ආශා ගැනයි අනෙ ??

    කෞෂාල් ආශාට ගොඩක් ආදරෙයි වගෙ නේද අනෙ ඇයි ඉතින් ආශා ඒකට කැමති නැත්තෙ… සමහර විට ආශා නිසා කෞෂාල්ට ඉස්සරහට ගොඩක් දුක් විදින්ට සිද්ද වෙයි කියලා භයටද දන්නැ නෙ … ආශා කෞෂාල්ට ආදරෙයි වගේ ඒ වුනාට ඒක එයා හංගන් ඉන්නවා වගෙ… ආශා ගොඩක් හොද කෙල්ලෙක් එයා කවදාවත් තමන් ගැන හිතන් කෞෂාල්ගෙ ඇගෙ එල්ලෙන්ට ගියේ නැ.. ඒ කෞෂාල්ට ඇත්තටම ආදරෙ නිසා වෙන්ටැති ☺️☺️

    ආශාට මොකක්ද දන්නැ තියෙන අසනීපෙ නෙද … පිළිකාවක් වගේ මොකක් හරි භායානක අසනීපයක්ද දන්නැ … අනෙ එහෙම නම් වෙන්ට එපා එතකොට කෞෂාල් තනි වෙයිනෙ?… මම් හිතන්නෙ කෞෂාල් එයාව ඉක්මනටම සනීප කරයි කියලා ….. ආශාට මුකුත් වෙන්නැති වෙයි නේද බෝලෙ?? …මම් හිතුවා වගෙම ඔයා ඒ දෙන්නට බාල්දි පෙරලන්ට පටන් අරන් වගෙ ??

    අනෙ කෞෂාල්ගෙ යාලුවා නම් මාර හොද යාලුවෙක් නේද … එයා කෞෂාල්ව හොදට බලාගන්නවා සහෝදරයෙක් වගෙම .. ඒ යාලුකම හරි ලස්සනයි බෝලෙ ❤️❤️ කෞෂාල්ට අන්තිමට දැනගන්ට ඇත්තටම හොද යාලුවෝ කියන්නෙ කවුද කියලා නෙද ??

    කතාව ගොඩක් ලස්සනට ගලන් යනවා මැණික .. සුපිරි ?? … තව මේ වගෙ ලස්සනම ලස්සන කතා ලියන්ට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අවී අක්කියෝ..???

      අක්කි කියපු අනුමානය හරි ගිහින් නේද …???? හරි සතුටුයි ….

      අක්කී හරි … කෞෂාල් ආශාට ගොඩක් ආදරෙයි … ඒත් ආශා ඒක පිලිගන්නේ නෑ .. එයාගේ හිතේ තියන දේවල් දැනගන්න ඊළඟ කොටස වෙනකම් ඉවසන්න වේවී අක්කියෝ … ආශා ගොඩක් හොද කෙනෙක් තමයි ඉතින් …☺️☺️☺️☺️

      අසනීපෙ ඇයි කියලා ඊළඟ කොටසින් දැනගන්න පුළුවන් වේවී … ඒත් අක්කියෝ මට පිලිකාවක් තරම් වේදනා කාරී අසනීපයක් දෙන්න බෑ ආශාට… මොකද මං ඒ වචනය කියන්නත් බයයි …?? ඒ තරම් දුර යවන්න හිතන්නෙවත් නෑ මං ඒක …?

      අක්කී හරි .. කෞෂාල් දැනගන්න ඇති ඇත්ත යාළුවෝ කවුද කියලා …. අෂාන් ගොඩක් වටිනා චරිතයක් …

      ඉතින් අක්කී ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ….
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  10. Avi 1999 (kandy)?

    Good night ලොකු අයියෙ ❤️❤️

    Good night දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. Sandali nithya

      ගුඩ් නයිට් අක්කි… පරිස්සමින් දොයිය ගන්න ගෝනිබිල්ලා අරන් යයි… ??? බුදුසරණයි අක්කි… ❤️❤️❤️❤️

    2. සුභ රාත්‍රියක් මගේ අක්කී ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      ආදරෙයි අක්කිටත් ගොඩක් ..
      ????

    3. ගුඩ් නයිට් අවී අක්කියෝ.❤❤❤❤❤
      පරිස්සමින් ඉන්න?????
      තෙරුවන් සරණයි ??????

  11. Sandali nithya

    ගුඩ් නයිට් මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොටම… ???

    පරිස්සමින් ඉන්න හැමෝම… ???

    හොද හීනයක් දැක දැක හොදට දොයිය ගන්න… ???? බුදුසරණයි… ❤️❤️❤️❤️❤️

    1. Avi 1999 (kandy)?

      ගුඩ් නයිට් මගෙ නිතු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    2. සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ඔයාටත් හොද හීනම පේන රාත්‍රියක් වේවා ..
      ආදරෙයි ගොඩක් ඔයාටත් …??

    3. ගුඩ් නයිට් නංග❤❤❤❤❤❤
      පරිස්සමින් ඉන්න මැණික????
      තෙරුවන් සරණයි ???

  12. Sandali nithya

    ගුඩ් නයිට් මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොමටම… ???
    හැමෝම පරිස්සමින් ඉන්න… ??? හොද හීනයක් දැක දැක දොයිය ගන්න… ????
    බුදුසරණයි කට්ටියටම… ❤️❤️❤️❤️❤️

          1. මේ…….ම්න් අක්කිලා දොයියන් වෙලාද බලන්නාආවා ……..හී………හී

          2. මේ දොයියනව කියල ගිය සින්ඩි මැණික නේද????????

          3. අක්කිලා දොයි නැති උනාම ම්න් තනියෙන් දොයියන් වෙන්න එක හරි නැනෙ

        1. සින්දු අහනව.
          නිශූ මැණිකයි,සින්ඩි මැණිකයි එක්ක msg කරනව????
          දැන් සින්ඩි මැණික මොකෝ කරන්නෙ

    1. ඇයි අනේ අපේ නිශූ මැණිකත් රෑවෙනකල් දොයි නෑ නේද????
      සින්ඩි මැණිකත් ඉන්නෙ ????

      1. ඕ අක්කියෝ මට සින්දු ටිකක් දාගන්න තියේ එකයි ඇහැරිළා ඉන්නේ

        1. අක්කියෝ මන් 12 පසුව පැමිනෙන් වෙන්න ???????????අක්කිලා දොයියන් වෙන්න වද

          1. අනේ මන්ද?
            සින්දුව කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.ඉතින් දොයියන්නත් බෑ?

          2. ඕ අක්කියෝ ම්න් අද දවල් දොයියන් උනා න්වෙ

          3. හ්ම්ම්.ඒකනෙ සින්ඩි මැණික තාම දොයි නැත්තෙ

      2. හී.. ඔයාව මෙතන ට ගෙන්න ගන්න මං එහෙම කිව්වේ …??

        මං නම් සිංදු අහලාම නෑ රෑට … ඇප් එකේ හරි රවුම් ගගහ ඉන්නවා …???

  13. රූ අක්කියෝ , සින්ඩි නංගා …
    හදිස්සියේ නින්ද ගියොත් කියලා කලින්ම කියන්නේ … තරහ වෙන්න එපා ඒම උනොත් හොදද ..

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම …

    1. ඔයාටත් සුබ රාත්‍රියක් නිශූ මැණික❤❤❤❤❤❤❤❤❤
      පරිස්සමින් ඉන්න.??????
      තෙරුවන් සරණයි ????

  14. මාත් යනව සින්ඩි මැණික.❤
    ගුඩ් නයිට්?????
    පරිස්සමින් ඉන්න.
    තෙරුවන් සරණයි ????

  15. මගෙ මචියේ …
    ඔන්න කතාව කියෙව්වා …ආශා නේද ෆෝන් එක උදුරගත්තෙ …ඇයි අනේ මේ ආශා කෙල්ල කෞශාල්ට ලන් වෙන්න අකමැති වෙන්නෙ…එක අතකින් ඒක එයාට කරන වැරැද්දක් කියලා කෙල්ලට හිතෙන එකත් සාදාරනයි…ඒත් ඒ දෙන්නා එකතු වෙනවනම් කොච්චර ශෝක්ද… අනේ මන්දා බලමුකො මචී ඒ දෙන්නට මොනා කරයිද කියලා …ඔයා ලස්සනට කතාව ලියනවා මචී …සුබ පතනවා ඔයාට …පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම …තෙරුවන් සරනයි ඔයාට …?

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ මචීයෝ ….???

      ආශා තරහකින් කෞෂාල් ව ඈත් කරනවා නෙවෙයි මගේ මචීයෝ … කෞෂාල් ගොඩක් ආදරෙයි ආශාට …. හැබැයි ආශාගේ හිතේ තියන දේ දැනගන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි ඉතින් …

      ඒ දෙන්නට මොකද වෙන්නේ කියලා දැනගන්න ඉවසන්න මගේ මචීයෝ …

      ගොඩ ගොඩක් පින් මගේ මචී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  16. Sleeping beauty

    අවිහිංසක ඔය සිතට
    පෙම් කරමි තදින් මම
    නුබට බැදි සෙනෙහසට
    වදන් නෑ පවසන්නට
    මේ මුලු ලෝකය තරමටම
    ආදරෙයි සංසාරෙ පුරාවට
    නුබ දුටුව මුල් දින සිට
    පෙරුම් පිරුවා මං නුබ ගැන
    නුබව මගෙ කරගන්න
    සිහින දැක්කා රෑ තුන්යම
    දැනුනෙ නැතිවද නුබට
    මගෙ සිතේ
    නුබට බැදි සෙනෙහස

    ❤️? කෞෂාල් ?❤️

    පෝන් එක උදුරලා ගත්තෙ ආශා නේද ..මට හිතුන එයා වෙන්න ඇති කියලා..මොකද ඒ ගෙදර වෙන හිටියෙ ආශයි අර වැඩකාර කෙනයි විතරනේ..❤️

    ආශට එවෙලේ තේරෙන්න ඇති කෞෂාල් එයාට ආදරෙයි කියලා අයියට කියන්න තමයි හදන්නෙ කියලා..❤️

    ආශා කරන දේ වැරැද්දකුත් නෑ..ආශා කොල්ලට ගොඩක් ආදරෙයි ..ඒ නිසාමයි එයා හිතන්නෙ එයා කොල්ලට ආදරේ කලොත් කොල්ලට දුක් විදින්න වෙයි කියලා..නැත්තම් කෙල්ලට එක පාර කොල්ලගෙ කරේ එල්ලෙන්න තිබුනා..මොකද ඒ වගේ චාන්ස් හම්බෙනවා අඩු නිසා..ඒත් කෙල්ල එහෙම නොකලෙ කොල්ලට ඇත්තටම ආදරේ නිසා…අනේ ඒ ආදරේ නම් නියමයි..❤️??

    කෙල්ලට මොකක්ද තියන අසනීපෙ..??එහෙම බිබිලි දාලා තුවාල හැදෙන්නෙ නම් අනිවා ලේ වල ප්‍රශ්නයක් වෙන්න ඕනි..මොකද මටත් ඔහොම වෙලා ලේ චෙක් කරන්න වුනා..මගෙ ඇග කසන නිසා..මට හිතෙන්නෙම ආශටත් එහෙම අවුලක් ඇති කියලා..සම සම්බන්ද ගොඩක් ගැටලු වලට හේතුව ඉතින් ලේ වල ප්‍රශ්න තමයි…මොනා උනත් කෙල්ලව ඉක්මනටම සනීප කර ගන්න පුලුවන් වුනොත් නම් හොදයි..??

    අශාන්..මාරම හොද යාලුවෙක්..ඔහොම යාලුවො හරි වටිනවා..දුකේදි සැපේදි ඕනිම කට්ටක් කන්න එකටම ඉන්න අය ඉන්නවා..සමහරු යාලුවොන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගෙන කටයුතු කරන අය ඉන්නවා..එහෙම කරලා වැඩේ එක දෙක කරන යාලුවොත් නැතුවම නෙමෙයි.??ඒත අශාන් කියන්නෙ නම් මාරම හොද යාලුවෙක් ..❤️??

    ඉතින් මගෙ බෝලේ ??අදත් පරක්කු වුනා..සමා වෙන්න පැටියෝ ..ඔයා හොදින් නේද ..exam ලග නිසා පාඩම් කරන්න හොදද බෝලේ..මටත් exam ලගයි දැන්..❤️

    කතාව නම් සුපිරී මගෙ බෝලේ..හරිම ලස්සනයි ..ඇත්තටම මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ..ඔයා ඔයාගෙ පලවෙනි කතාවෙන්ම ඔයාගෙ දක්ශතා වෙනම කතා ශෛලියකින් පෙන්නුවා..ඒ විදියට ලියන්න හැමෝටම බෑ..ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි නිෂූ මැණික..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ???

    1. පින්වන්ත ඔය හිතට
      ගරු කරමි නිබඳ මම
      රැකවරණයක් දැනේ
      නොනිම් සතුටක් සමඟ
      මා කෙරේ බැඳි සෙනේ
      එපා යලි පවසන්න
      නුඹ විඳී වේදනා
      බැහැ සබඳ ඉඉවසන්න
      හිදිමි ඈතින් නුඹේ
      එපා තරහා වෙන්න
      මවැනි ලදකට උරුම
      දුක පමණි මේ සසර …..

      ?? ආශා ??

      මගේ බියූ අඅක්කියෝ ….

      ගොඩ ගොඩක් ලස්සනයි අක්කී ඒ නිසදැස ….????

      අක්කී හිතපු දේ හරි තමයි ….
      ඇත්තමයි අක්කී … ආශා කිසිම දෙයක් තරහකින් කරන්නේ නෑනේ … කෞෂාල් තමන් නිසා විදවයි කියලා බයයි කෙල්ලට.. එයා ගොඩක් හොදයි තමයි අක්කියෝ .. හැමදේම එයාට හෙලි කලේ ඉස්සරහට වේදනාවක් නොවෙන්න ….

      අක්කී … ආශාට තියන අසනීපෙ එච්චර දුරදිග යවන්න බෑ අක්කී මට … මොකද මං ඒ වේදනාව හොදට දන්නවා …
      මං කතාව සබ්මිට් කරද්දී අසනීපෙ ට හේතුවක් දාන්න හිතුවෙ නෑ .. ඒත් මට ඒක අඩුවක් කියලා තේරුනු නිසා ඊළඟ කොටස ඉක්මනට වෙනස් කලා ….

      අෂාන් කවදාවත් කෞෂාල්ව අඅතෑරලා ගියේ නෑ … ඒක හොද යායාළුකමක් තමයි අක්කියෝ ….

      කමෙන්ට් එක පරක්කු වුනා කියලා දුක හිතන්න එපා මගේ අක්කී …. මං දන්නවා මගේ අක්කී පාඩම් කරන්න ඕනි කියලා … මං චුට්ටක් වත් තරහ නෑ … මොකද මං දන්නවා අක්කිගේ කමෙන්ට් එකක් කතාවට වරදින්නේ නෑ කියලා ….

      ලස්සනම ලස්සන නිසදැසක් එක්ක ….???

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා දිගම දිග කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම මගේ අක්කිගේ ප්‍රාර්ථනා වලට …

      මාත් අක්කිට ප්‍රාර්ථනා කරනවා දිගටම අර වගේ ලස්සන ආදර්ශමත් කතා ලියන්න පුළුවන් වෙන්න කියලා ….???
      ඒවගේම අක්කිගේ බලාපොරොත්තු ඔක්කෝම සාර්ථක වෙන්න කියලා …???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.