Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං?| සයවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

4/5 - (3 votes)

“අම්මා …..අනේ මගේ අම්මේ …..”

“මගේ පුතේ ….”

ඔහු මවගේ දෙපා අභිමුව ඇද වැටුණේ සමාව අයැදමිනි.මෑණියන් ඔහු නැඟී සිටුවා මුහුණ සිපගත්තේ මහත් සෙනෙහසකිනි .

” මට සමාවෙන්න අම්මේ..”

“එහෙම නෑ මගේ පුතේ…ඔයා නැතුව අප්පච්චිටයි මටයි ජීවිතයක් නෑ. බලන්න මගේ පුතා කොච්චර ලොකු මිනිහෙක් වෙලාද? පුතා අපි ළඟ නොහිටියත් අපි ඈතින් ඉඳලා පුතා ගැන ආඩම්බර වුනා ..”

මෑනියන්ගේ දෙනෙතින් කඳුළු කඩා හැලුනේ සිව් වසරකට පසු තම පොඩි පුතු මුණගැසීම දරාගත නොහැකි සතුටක් වූ නිසාවෙනි .

“අනේ අම්මේ … මං කොච්චර නරක මනුස්සයෙක්ද? මගේ අම්මටයි අප්පච්චිටයි කොච්චර දුක් දුන්නද? ”

“චූටි පුතේ… එහෙම හිතන්න එපා..පුතාගෙන් ආයෙම අප්පච්චි කියලා අහන්න මං කොච්චර ආසාවෙන් හිටියද පුතේ..”

පියාණන් පැවසුවේ කෞෂාල්ගෙ උරහිස මත අත තබමිනි .

“අප්පච්චි .මට සමාවෙන්න මගේ අප්පච්චි …”

කෞෂාල් සිය පියාණන්ගෙන්ද දෙපා නැමැද සමාව අයැදීමට සූදානම් වුවද වික්‍රමසිංහ මහතා පුතුන්ව වළකා ඔහුව වැළඳ ගත්තේය.

“චූටි පුතේ…අපි ඒ කෙල්ලව පුතාගෙන් ඈත් කලේ පුතාගේම හොඳට නේද ..තාම පුතා අපි එක්ක තරහින්ද?”

“නෑ…මං මගෙ අම්මයි අප්පච්චියි එක්ක තරහ වෙන්නෑ ආයෙත්.”

ඔහු සිය මෑනියන් තුරුළු කරගනිමින් මොහොතක් ගතකල අතර පියාණන් ඔවුන් දෙදෙනාගේ හිස් පිරිමැද්දේය.

“අනේ මේ පුතානම්…අම්මාවයි අප්පච්චිවයි දොර ළඟ තියාගෙන ම කතාව ….”

පහත මාලයට පැමිණෙමින් සිටි ආශා පැවසුවේ මද සිනහවක් මුවගට නගා ගනිමිනි .ඇගේ වදනින් සිහි එළඹවා ගත් ඔහු දෙමාපියන් කැදවා අසුන් ගැන්වූවේය.
ඈ දෙමාපියන්ගෙ දෙපා නැමැද ,කලකට පසු මුණගැසුණු පවුලට නිදහසේ කතාබහ කිරීමට ඉඩ සලසමින් මුළුතැන් ගෙයට පිවිසියේ බීමට යමක් සූදානම් කරන අටියෙනි .

“පුතේ අර ගෑනු දරුවා හරි හොදයි නේද …ගොඩක් පිරිසිදු ,ලස්සන හිතක් තියෙන්නේ ඒ දරුවට..හිත වගේ ම රූපෙනුත් හරි ලස්සනයි නේ…. කොහෙද පුතේ ඒ දරුවා ඉන්නේ..කොහොමද පුතාට මුණගැහුනේ ”

“ඔව් අම්මේ …අවුරුදු විස්සයි …එයා අම්මා තාත්තා නැතුව හැදුණු ළමයෙක් . සීයා එක්ක තමයි ඉඳලා තියෙන්නේ .එයත් නැති වුනා මේ ළඟදි.කවුරුවත් නැති නිසා වෙන්න ඇති නේද අම්මේ එයා අම්මාට එහෙම මෙච්චර ආදරේ …ඇත්තටම එයා නැත්නම් මට මගේ අම්මලා එක්ක කතා කරන්න වෙන්නේ නෑනේ …”

ඔහු ඈ පිළිබඳ සියළු දේ හෙළිකලද ඈ හමුවූ අයුරු හා ඈ මුහුණදුන් සිදුවීම දෙමාපියන්ගෙන් වසන්කලේය.

“අනේ දෙයියනේ …පව් අහිංසක කෙල්ල …ඒ දූ තමයි අපෙන් ඈත් වෙලා හිටිය ඔයාව ආයෙම ළං කලේ.පුතා නොදන්නවා වුනාට මේ දවස් ගානක් ‘අයියා මෙහෙම කීවා ,අයියා මෙහෙම ඉන්නේ ‘ කියලා පුතා ගැන හැමදෙයක්ම අපිට කීවා …ගොඩක් හිත හොද දරුවෙක් …”

“ඒක නම් ඇත්ත අම්මේ .මට මගෙන් වෙච්චි වැරැද්දත්,ඒක හරිගස්සන්න ඕනි විදියත් කියලා දුන්නේ එයා.. එයාව පරිස්සම් කරන එක දැන් මගේ වගකීමක් නේද ”

“ඒක හරි පුතා .. සීතාව පුළුවන් දවස්වලට මෙහෙ නවත්තගන්න එකත් ගොඩක් හොදයි…”

එවිටම ආශා තේ රැගෙන පැමිණියෙන් ඔවුන් කතාබහ නැවතූහ.

“දූ තේත් හැදුවා ද? ම්ම්…කෝ එන්නකෝ මෙතනින් වාඩිවෙන්න….”

කෞෂාල්ගෙ පියා ඇයව තමා අසලින් හිදුවා ගත්තේ ය.

“වුණු දේවල් වලින් වැඩක් නෑ දූ….මින් පස්සේ දූ ළඟ අපි ඔක්කෝම ඉන්නවා …මං දූ ගේ අප්පච්චි ..මේ දූ ගේ අම්මා ….තේරුනා ද ”

ඔහු පැවසුවේ ආශාගේ හිස පිරිමදිමිනි.ඈ කෞෂාල් දෙස නෙත් යොමුකළ අතර ඔහු තමා කිසිවක් හෙළිනොකල බව ඇඟවූවේය.

“ඔව් දූ…ඔයා කිසිම වෙලාවක හිතන්න එපා තමන් තනිවෙලා කියලා …චූටි පුතා හිටියත් නැතත් අපි දූව බලාගන්නවා….”

මෑණියන් ඇයව තමා වෙත තුරුළු කර ගත්තා ය.

“එතකොට අම්මා මට මොකද වෙන්නේ ….මං කවුද …”

“ඒකනම් දන්නේ නෑ චූටි …මදැයි අවුරුදු තිස් ගානක් කොල්ලෝ හුරතල් කලා…මාත් ආසයි කෙලි පැටියෙක් හුරතල් කරන්න …”

කෞෂාල් සිය මවගේ උරහිසට ළං වත් ම ඈ නෝක්කාඩු ස්වරයකින් පැවසුවාය .

“කියන්නකෝ දූ…දූ කැමතිද අපිත් එක්ක ඉන්න …”

“ම්ම්…ඔව් අම්මේ මං ඉන්නම් …මං ජීවිතේ පලවෙනි වතාවට අම්මා කෙනෙක්ගෙ තුරුලේ ඉන්නෙ….අම්මට පින් මාව බාර ගත්තාට.මගේ පවුලේ අය වත් මාව මේ විදියට පිලි අරගෙන නෑ …”

“අපි කීවනේ දූ…අපි දූව තනි කරන්නේ නෑ….”

ආශා එලෙස තම මෑනියන්ගේ තුරුලේ සිටිනු දැකීමෙන් කෞෂාල්ගෙ සිතට දැනුනෙ මහත් සැනසීමකි..

*************************************************
එදා පටන් ඔහුගේ මව උදෙ සවස සිය පුතු ඇමතීම සිරිතක් කරගත්තාය.දිනක් ඔහු නිවසට පැමිණි මොහොතේ ම ඇමතුමක් පැමිණියේ සුපුරුදු පරිදි සිය මෑණියන් වෙතිනි .

“?හෙලෝ චූටි පුතේ ….ගෙදරද ඉන්නේ….”

“ඔව් අම්මේ …මං ෂොප් එක පැත්තේ ගිහින් දැන් ආවේ…රෑ වුනා ටිකක් ….”

“හරි පුතේ එහෙනම් …මට අප්පච්චිත් කීවා මේ දේ අහන්න කියලා …පුතා ආයේ රට යන්නේ නෑ නේද ..”

“ම්ම්ම්….අනේ අම්මේ …මං ඉන්න ආසයි .ඒත් මං නෙක්ස්ට් වීක් වල යන්නෝනී …”

“ඒත් පුතේ …පුතාට මෙහෙ ඉඳලා ෂොප් එකේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නේ…”

“එතකොට මගේ ජොබ් එක…ඒ අය මං එනකම් බලන් ඉන්නවා ..ඇවිත් මාසයකට වැඩීනේ…ඉතින් මට යන්නම වෙනවා….”

“අනේ පුතේ …පුතා අපි ළඟට ආවා විතරයි ..ආහ් පොඩ්ඩක් ඉන්න චූටි …මේ අප්පච්චි ඉන්නවා .මං අප්පච්චිට දෙන්නම් හොදද ..”

“හෙලෝ චූටි පුතා …මොකක්ද ඔයාගේ අන්තිම තීරණේ …අම්මාට කියනවා ඇහුණා පුතාට රට යන්න ඕනිම කියලා ..”

“ඒක ඇත්ත අප්පච්චි ….මට යන්න වෙනවා…එහෙ ජොබ් එක නිසාම .”

“එතකොට පුතේ , ආශා ගැන මොකක්ද ඔයාගෙ තීරණේ ..”

“මට තේරෙන්නේ නෑ අප්පච්චි …මං කල්පනා කලේ ඒ ගැන තමයි ..මට යන්නත් ඕනි ..ඒත් මේ කෙල්ල මෙහෙම දාලා යන්නත් බෑ මට .මොකද තාම මෙයාට තිබුණු අනතුර ඉවර නෑ …”

“ඒකනේ පුතේ….එක විසඳුමයි තියෙන්නේ ..එහෙනම් පුතේ කෙල්ලව ලොකු පුතාලගේ ගෙදර නවත්තමු…හැබැයි ආශා කැමති නම් විතරයි . .”

“මං ඕක එයාගෙන් ඇහුවා .එයා කැමති නෑ ඔයාලට කරදරයක් වෙන්න …එයා කියනවා එයාට අපි කවුරු ළඟ හිටියත් ප්‍රශ්නයක් නෑ ..ඒත් එයා නිසා අපිට කරදරයක් වෙනවට කැමති නෑ කියලා …..”

“අනේ ඒ කෙල්ලට එහෙම හිතන්න එපා කියන්න ..එයාව අපිට පිට කෙනෙක් නෙවෙයි නේ…ඉතින් එයා ගැන අපි හිතන්න ඕනි …චූටි පුතා මොකද කියන්නේ …”

“කමක් නෑ අප්පච්චි …අප්පච්චිලාගෙ කැමැත්තක් කරන්න …අනික් එක අයියා ළඟ මෙයාට ආරක්ෂාවක් තියනවා නේ.. ඒ වගේම ආශා කැමති වුනොත් මං මොනා කියන්නද? ”

මද සිනහවක් නගමින් ඔහු එසේ පැවසුවද තම හිත තුළ ඒ පිලිබද යම් ශෝකයක් වැනි හැඟීමක් ඇති බව ඔහුම වටහා ගත්තේය .

“ඕ.කේ පුතේ ….ලොකුට තව දවස් දෙක තුනකින් ඇවිත් මෙයාව අරගෙන යන්න කියන්නම් ….”

*************************************************

සියල්ලන්ගේ ම එකඟත්වය මත ආශා තම සොයුරාගේ නිවසේ නැවතීමට පොරොන්දු වුවද ඇගේ නික්ම යාම කෞෂාල් ගේ සිතට නිතරම වද දුනි. එහෙයින් හේ නිවසේ රැදෙන බොහෝ වේලාවට ඇයව මඟඇර සිටීමට කටයුතු කලේ ය.

‘මොකද මං මේ කෙල්ල යන එක ගැන මේ තරම් හිතන්නේ …එයා අයියලා එක්ක ඉන්න කොට සතුටින් ඉන්න පුළුවන් නේ..ඒත් …ඒත් ඇයි මට අමුත්තක් දැනෙන්නේ …එයා නොගිහින් හිටියා නම් කියලා ….
එක්කෝ මං අයියට කියනවා එයා ඉතුරු දවස් ටිකත් මෙහෙ ඉඳපුදෙන් කියලා ….’

ඔහු අවසානයේ එලෙස තීරණය කර එවෙලේම සිය සොයුරාට ඇමතුමක් ගත්තේ තම තීරණය වෙනස් වේ යැයි බියෙනි .

“?හෙලෝ අයියේ ….”

“කියන්න කෞෂාල් ….ඔයා කලබලයෙන් වගේ …”

“එහෙම න්…නෑ අයියේ ….ම්..මං මේ ගත්තේ …අ..ර…”

“මල්ලී….මොකද වුනේ කියහන් ….මොකක් හරි ප්‍රශ්නයක් ද ගෙදර ….”

“නෑ අයියේ ….මං කෙලින් ම කියන්නම්….මං ගත්තේ ආශා ගැන කතා කරන්න …..”

“ඇයි මල්ලි ..කවුරුහරි ප්‍රශ්නයක් දාලාද කෙල්ලට ?”

“නෑ බන්….මට එයාව ඔයාලා ළඟට එවන්න බෑ …”

“ඒත් ඇයි ….මෙහෙ ඉද්දී එයාට අඩුපාඩුවක් වෙයි කියලා හිතුණද? ”

“අනේ නෑ ….මං දන්නවා අයියලා එහෙම නෑ කියලා …මට එයාව එවන්න බැරි …මං ..අයියේ මං ….”

එවිටම පැමිණි අයෙකු ඔහුගෙන් දුරකථනය උදුරා ගත්තෙන් හේ ඒ කවුරුන්ද දැනගැනීමට පිටුපසට හැරුණේය.

99 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං?| සයවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා”

    1. සුභ පැතුම් මගේ අක්කී ….??.

      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ රූ මැණික ?? ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Nishu මැණික,අදත් කතාව ලස්සනයි.❤
    කෞෂාල්ට එයාගෙ අම්මයි,තාත්තයි එක්ක එකතු වෙන්න ලැබුනඑක ගැන නම් සතුටුයි.❤කෞෂාල්ගෙ අම්මයි,තාත්තයි නම් ගොඩක් හොදයි වගේ.
    කවුද අනේ කෞෂාල්ගෙන් ෆෝන්එක උදුරගත්තෙ ????
    අනේ මන්ද.ඉස්සරහට කතාවෙ මොනා වෙයිද කියල මට නම් හිතාගන්න බෑ.කෞෂාල්,ආශව දාල රට යන එකක් නෑ නේද??අනේ මන්ද,හෙට කතාව දානකල් බලන් ඉන්නව නංග.❤
    තෙරුවන් සරණයි?
    පරිස්සමෙන් ඉන්න????

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී …???

      ජීවිතේ නොලබපු සතුටක් ලැබෙන්නයි යන්නේ ආශාට … මොකද කෙල්ල මීට කලින් අම්මා තාත්තා ගේ ආදරේ ලබලා තිබුණේ නෑනේ …

      කෞෂාල්ගෙ අම්මයි අප්පච්චි ගොඩක් හොද මිනිස්සු …

      ෆෝන් එක උදුරගන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඊළඟ කොටසෙදි තමයි මගේ අක්කී ….

      කෞෂාල් ආශා දාලා යාවිද ඉදීවී ද මන්දා … බලමු නේද අක්කී …???

      ගොඩක් පින් මගේ අක්කී හැමදාම කතාව කියවලා කමෙන්ට් එකක් දානවාට…

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම අක්කියෝ …

  2. මගේ අක්කියෝ ලස්සනයි අද කතාව ???
    මන් කිව්ව එක හරි ගියේ කෞශාල්ගේ අම්මයි තාත්තායි තමා ආවේ ??
    ආශා නම් හරීම හොද අහිංසක කරුනාවන්ත චරිතයක් ❤️❤️
    දැන් නම් කෞශාල් ආශාට කැමති වගෙ න්හ් ❤️❤️
    අර phone එක ගත්තේ සුවර් එකට ආශා තමා ??
    අද කතාව ලස්සනයි අක්කියෝ
    මගෙ අක්කිලා අයියලා හැමොම සුබ රාතියක්????

    1. ගොඩක් ස්තූති මගේ නංගා …???

      දැක්කනේ මගේ චූටි කෙල්ල කියපු දේ හරි එහෙනම් … කෞෂාල්ගෙ අම්මයි තාත්තායි ආවේ කියලා …

      ආශා ගොඩක් අහිංසක කෙල්ලෙක් තමයි … ඒ වගේම ගොඩක් හොදයි …

      ආශා කෞෂාල් අතරේ සම්බන්ධයක් ඇතිවෙයිද කියලා දැනගන්න අන්තිම වෙනකම් ඉවසන්න වේවී නංගා …

      බලමු කෙල්ල අද කියන එක කොහොම වෙවී ද කියලා …

      ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  3. නිශු අක්කියෝ ….මාත් එක්ක තරහා වෙන්න එපා ….අද මන් scl යන්න ඕනේ…ඉතින් අද හවසට comment එකක් දාන්නම්…හොදද අක්කියෝ …..???තේජා අක්කිගේ කතාවටත් එක්ක හවසට comment එකක් දන්නම් ……

    1. නෑ මැණික … මං චුට්ටක් වත් තරහ නෑ …

      පරිස්සමෙන් ගිහින් එන්න හොදද …
      පිස්සු කෙල්ල …??

      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

      1. Avi 1999 (kandy)?

        හයියො නිෂු නෙවේ රූ බෝලෙනෙ මේ..??
        ගුඩ් මොර්නින් මගෙ රූ මැණික ??

          1. මං 2000.
            ඒනම් ඔයා මට නංගියෙක්?
            තරූ නංග❤❤❤❤

          2. Avi 1999 (kandy)?

            හුටා අද නම් මට හොදටම මොන්ගල් වගෙ ??
            අනෙ සමාවෙන්න මගෙ බෝලෙ නම් ඔක්කොම ටැපලිලා මට තියෙන්නේ ??

            ගුඩ් මොර්නින් මගෙ තරූ මැණික ??

          1. කොහොමද අක්කිලා අයියලා හැමොම ටම ?????

          2. Avi 1999 (kandy)?

            මම් නම් හොදින් ඉන්නවා මැණික ??

  4. Avi 1999 (kandy)?

    අනෙ නිෂු මැණික දැන් තමා කතාව කියවැව්වෙ බෝලෙ ?? … අද කොටසත් ගොඩක් ලස්සනයි මැණික .. මම් කීවා වගෙම කෞෂාල්ට ආශා ගැන ආදරයක් දැනෙන්ට පටන් අරන් නෙ… නියමයි නියමයි ? .. ඔන්න ඒකටත් සුභ මංගලම් කීවා එහෙනම් ??.. හැබැයි නිෂු බෝලෙ ඔයා ඒ දෙන්නට බාල්දි මුකුත් පෙරලන්නැනෙ.. අනෙ එහෙමනම් කරන්ට එපා හොදෙ ?? කොහොම හරි එයාලව එකතු කරවන්ට හොදද ??

    යේ.. මම් ඊයේ කීව අනුමානෙත් ඩිංගක් විතර හරි නෙ ..මම් කීවේ කෞෂාල්ගෙ අම්මා වෙන්ටැති නෙ එන්ට ඇත්තෙ කියලනෙ ඒත් අම්මයි තාත්තායි දෙන්නමනෙ ඇවිත් තියෙන්නේ ??…
    අනෙ කෞෂාල්ගෙ අම්මලා කොච්චර හොදද නෙද ආශා ව එයාගෙ පව්ලෙ අයම එයාව ඈත් කරද්දී කොන් කරද්දී කෞෂාල්ගෙ අම්මලා එයාව එයාලගෙම දුවෙක් විදියට පිළිගත්තා .. ඇත්තටම ඒ වගෙ දෙවිවරු වගෙ මිනිස්සුත් ඉන්නවා නේද අපි අතර❤️… ආශාත් ගුණ යහපත් ,අහිංසක හිත හොද කෙල්ලෙක් නෙ ??

    කෞෂාල් කතා කර කර ඉද්දි කව්රු වෙන්ටැතිද 4න් එක උදුරලා ගත්තෙ ??මට හිතෙන්නෙ ආශා කියලා .. එයාද දන්නැ නෙ … ??

    ලස්සනයි මැණික කතාව ..ගොඩක් ආසාවෙන් කියවන්නෙ … ඔයාට තව ලස්සන කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? ඒ වගෙම ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ?? … දැන් ඔයාට කොහොමද බෝලෙ .. සනීපයිද ..ඉක්මනටම සනීප වෙලා නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලාත් ප්‍රාර්ථනා කරනවා මම් මැණිකට ??
    පරිස්සමින් සතුටින් ඉන්න මගෙ සුද්දි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

      1. Avi 1999 (kandy)?

        අනෙ තරූ මැණික සොරි හොදද මට ඔයාව අමතක වෙලා නැ මට නම් ටිකක් ටැපලිලා තියෙන්නේ.. තරහා වෙන්නැ නේද බෝලෙ ??
        හොදට ඉගෙන ගන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

        1. ?Tharushi? Jayawardhana

          අයියෝ මගෙ අක්කියෝ මන් නිකන් එහෙම කිව්වේ.. මන් තරහා නෑ අනී..❤️❤️❤️❤️❤️❤️❤️??????????? බුදුසරණයි අක්කි ඔයාට.. තව හිටියොත් සර්ග්ගගෙන් ගුටි කන්න වෙනෝ.. මන් යනෝ.. බුදුසරණයි හැමෝටම.. මැරිලත් පැයක් ආදරෙයි

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී …???

      අක්කී ඊයේ කියපු දේ ඕන් හැබෑ වෙන්න පටන් අරන් … කොල්ලාට නම් මොකක්දෝ එකක් දැනිලාලූ…???

      ඒක ස්ථීර ව දැනගන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි ඉතින් … අද චුට්ටක් එහෙම දැනුනා විතරයි නේ…

      බාල්දි ගැන නම් කියන්න බෑ මගේ අක්කී … ??
      ඒවා එන්නේ අපි හිතන්නෙවත් නැති වෙලාවට නේ.. මාත් එක්ක තරහ නම් වෙන්න එපා හොදද හදිස්සියේ බාල්දියක් වැටුනොත්…

      අක්කිගේ ඊළඟ අනුමානයත් හරි ගියාට මටත් ගොඩක් සතුටුයි …

      ආවේ අම්මයි තාත්තායි කියලා …
      ඒ දෙන්නා ගොඩක් හොද මිනිස්සු තමයි …
      ඒකනේ ආපු දිහාවක් වත් හරියට නොදැන ඔය තරම් ආදරේ කරන්නේ …

      කෞෂාල්ගෙ කෝල් එකට බාධා කලේ කවුද කියලා අපි ඊළඟ කොටසෙදි දැනගමු මගේ අක්කී …???

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …???
      ඒ වගේම ආසාවෙන් කතාව කියවනව ට…???
      එතකොට අක්කිගේ ප්‍රාර්ථනා වලට ….????

      මට දැන් ටිකක් සනීපයි අක්කියෝ … බෙහෙත් බිව්වා මං … අදත් ටිකක් ඇප් එකට එන්න වුනා මට කතාවේ ඊළඟ කොටස් ආයේ කියවලා බලන්න …??

      දළදා සමිදුන්ගේ පිහිටයි මගේ සුද්දි අක්කියෝ .. ????
      ඔයාටත් මං ඒක කියන්නම්.. එතකොට ෂෝයි …??

      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  5. දිල් (නුවර)

    අනේ නිෂු බෝලේ මේ කතාවත් කියවන්න තියෙනවා.කියවලා කමෙන්ට් කරන්නම් හාද. බියුටි චූටිගේ කතාවටත් කමෙන්ට් එකක් දැම්මේ නෑ ?

    1. අනේ ඒකට කමක් නෑ මගේ අක්කී ..
      අක්කී පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

  6. Sandu (kandy girl)

    නිශූ නංගෝ..

    එළ නේහ් ..අපිට තව වෙඩිමක් අත ළඟ වගේ.. අභීගෙයි දෙව්ගෙයි වෙඩිමට ගිහින් ආවා විතරයි .. ම්.. ආශායි කෞශාල් ගෙයි වෙඩිම ගන්නවා නේ කෝමත් දෙනෙත්ගෙයි විමූගෙයි වෙඩිමට කලින්..

    එළ එළ.. මේ කස්ටියගෙ හනිමුන් බබාලාගෙ වෙඩින් තුනත් එක ළඟ ගන්න කියමු නේහ්??? …

    හරිනෙ මං කීවා..ආ නෑ නෑ.. හරි නෙ මං හිතුවා.. ආවෙ අම්මයි තාත්තායි නේ.. ආශා ? කෙල්ලක්.. අද නම් ආශා තමා පෝන් එක උදුරා ගන්න ඇත්තේ.. එයාට ආදරේ කරන්න එපා කියන්න තමා ඔය හදන්නෙ.කෙල්ල කියයි අයියගෙ ගෙදර එන්නම් හෝ යන්නම් කියලා..

    ම් කොල්ල රට නම් යයි..බාගදා ගිහින් එයි..නැත්තන් කෙල්ලව අරන්ම යයි..

    ලස්සනයි කෙල්ල කතාව.. ඉවසීමෙන් ඉන්නෙ ඊලඟ කොටස බලන්න.. මේ වගෙ තව කතා ගොඩක් ලියන්න මගේ නංගා අනිවාරෙන් .. බුදු සරණයි .. ලස්සන අදහස් ලැබෙන්න ඕනි ඔයාට…

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී …

      ඔව් අක්කියෝ … වෙඩිමට තව දවස් දෙකක් හෝ තුනක් තියෙන්නේ …??
      ඇදුම් එහෙම ලෑස්ති කරගන්න මහන්සි වෙන්න එපා මයෙ අම්මා … කොරෝනා නිසා වෙඩිමක් ගන්නේ නැතුව ඉන්න බැලුවේ මං …??

      විමූගේ වෙඩිමට කලියෙන් ආශා වෙඩිම ගනීවි …

      අප්පෝ මං චූටි කෙල්ලනේ තාම … මං දන්නේ නෑ ඕවා ගැන … ???

      හනිමූන් බබාලා ගැන නම් කියන්න දන්නේ නැතෝ ඒ නිසා … ලියන්න දන්නෙත් නෑ ඔය කිව්වට …??

      ම්ම්ම්ම්… මට ඔයා හිතපු දේ සාසින් වත් කීවා නම් ලකුණු දෙන්න තිබුනා … කීවේ නැති නිසා ලකුණු නෑ ඒකට නම් …

      ෆෝන් එක උදුරා ගත්ත එක නම් ඊළඟ කොටසෙදි දැනගන්න කම් මං මුකුත් කියන්නේ නෑ …???

      බලමු අක්කිගේ අනුමාන ටික හරි යාවිද කියලා …

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒවගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට …

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

      1. Sandu (kandy girl)

        ??අපොයි..වෙඩිමක් ගමු ඒයි..ඒකෙ කාලා බීලා මැරුනත් සැපයි කියලා අපි නම් එනෝ අනිවා..

        ????දන්නෙ නෑ.. ඒනම් මට කියන්න තියෙන එකම දේ “උඹ බබා”
        ????

        මං හීනෙන් කීවා නිශු..ඔයාට මතක නෑ..?????

        හරි යාවි නෙවේ..හරි ගියෙ නැති උනොත් ඔයාගෙ සූටි සුලැගිල්ල පරිස්සම් කරගන්න වෙයි .හුම්..???

        1. සූටි සුලැඟිල්ලයි අනුමාන හරියන්නේ නැති එකෙයි සම්බන්ධය හොයන මං …?

          1. ?Tharushi? Jayawardhana

            කොහොමද නිශු අක්කි ඉතිම්.. අනිත් අයියලා අක්කලා නන්ගිලා මල්ලිලා හැමෝම හොදින් නේද..?

          2. Avi 1999 (kandy)?

            මම් නම් හොදින් ඉන්නවා මැණික ?? ඔයාට කොහොමද ඉතින්

          1. මාත් ඉතින් ඉන්නවා
            අනේ මගෙ අක්කියෝ අක්කි ට සනීප න්හ් කිව්ව නෙද දැන් අක්කිට අඩුයිද❤️❤️

          2. අඩුයි මගේ නංගා ටිකක් …??
            ගොඩක් පින් මගේ නංගා මේම හොයල බලනවට

          3. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

          4. අනේ අක්කියෝ අක්කි බේත් ගත්තද බේත් බීලා අක්කි ඉක්මනට සනීප වෙන්න ඔනී ??❤️❤️????

        1. මට අඩුයි දැන් අක්කියෝ …
          ගොඩක් පින් මේම මං ගැන හොයල බලනවට…???

  7. ශේනූ

    කතාව හරිම ලස්සනයි නංගි. කෞෂාල්ගේ ගෙදර අයත් ගොඩක් හොඳයිනේ. කෞෂාල් ආශාට ආදරෙයි නේද. ඒකනේ අශාව යවන්න අකමැති. රට යන්නේ නැති වෙයිද නැත්නම් ගිහින් ඉක්මනටම ආයෙත් ⁣එයිද දන්නේ නෑ. අපරාදේ අයියට කියන්න නේද ගියේ හිතේ තියෙන දේ. ඒත් කවුද මේ එකපාරම ෆෝන් එක අරගත්තේ. ආශා නම් වෙන්න බෑ. තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න.
    තෙරුවන් සරණයි..

    1. ගොඩක් ස්තූති මගේ අක්කී …??

      කෞෂාල්ගෙ අම්මා තාත්තා ගොඩක් හොද මිනිස්සු … ඒකනේ ආශාට වෙනස්කමක් නොකෙලේ…

      කෞෂාල් නම් ඒ වගේ තමයි …

      කෞෂාල්ගෙ රට ගමන දැනගන්න පුළුවන් වෙන්නේ අන්තිමට තමයි ඉතින් …

      කවුද ෆෝන් එක උදුරා ගත්තේ කියලා ඊළඟ කොටසෙදි දැනගන්න පුළුවන් …

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  8. ගුඩ් නයිට් මදෙ තුදූ අක්කිලා අයියලා හැමොම ?????දොයීයන්න යන්න ඔනී කතාත් නැනී අද ???
    බුදු සරනයි ????
    ආදලෙයි හැමොම ටම ❤️❤️

  9. Sleeping beauty

    සිහිනයක් සේ ඇවිත්
    මගෙ සිතට
    කාටත් හොරා
    ඇතුල් වූ
    සොදුරු කුමරියේ
    මුවැත්තියක සේ
    අහිංසක නුබෙ
    දෑස් අභිසට
    මාත් ගොලුවෙමි
    සිනිදු සියුමැලි
    නුබේ මුවගට
    සිනහා කැන්දන
    ඉනාවක් වෙමි
    සැමදිනම නුබෙ
    ලගම රැදෙමින්
    ආදරෙන් නුබ
    සනසවන්නෙමි
    දෙනෙත් අභියස
    නිතර රැදෙමින්
    මගේ තුරුලේ
    සනසවන්නෙමි

    ❤️❤️❤️❤️❤️

    ඒ ආවෙ කොල්ලගෙ අම්මයි තාත්තයි නේද ..අනේ ඒ දෙන්නගෙ ආදරේ ..?? දෙමාපිය දූ දරු සම්බන්දතාවය ඔයා නියමෙටම පෙන්නලා..??

    කොල්ලට චූටි ඉරිසියාවකුත් හිතුනා නේද ..එයාට වඩා අම්මලා ආශව හුරතල් කරද්දී..මාත් ඔහොමයි අනේ..ආදරේට පෙරේතයිනෙ.??

    අනේ කොල්ලා රට යයිද..ඒත් මට හිතෙනවා එයා ආශා ගාව නතර වෙයි කියලා..එයාට ආශව දාලා යන්න නම් හිතක් නෑ වගේ..එහෙම වෙන්නත් එපැයි ඉතින්..ඒ දෙන්නා අයිති ඒ දෙන්නටනේ..??

    කොල්ලා අයියගෙ ගෙදරට ආශව යවන් නැති වෙයි…හෑ ??කවුද බොලේ ඒ පෝන් එක උදුරලා ගත්තු හෝතඹුවා..ගානට කියා ගෙන ආපු එක කෑවනෙ අප්පා..??ඒ ආශවත්ද …ඒ ආශා නමැයි එහෙම දෙයක් කලේ …අනේ මංදා …නිෂූ බබා තමා ඒවා දන්නේ ඉතින්..??

    ඉතින් මගෙ බෝලේ.. කතාව නම් සුපිරී..ලස්සනට ගලාගෙන යනවා..නියමයි මැණික ..? ?

    තව මේ වගේ අපේ හිතට හොදින් දැනෙන කතා ගොඩාක් ලියන මගෙ බෝලේ..හොදට ඉගෙනගන්න ..තෙරුවන් සරනයි මැණික ..හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න මැණික ???

    1. අහඹුවක් සේ
      ළඟට ඇවිදින්
      මා රැකිය
      කුමරාණනේ
      මිණක් රක්නා
      නා රජිඳු මෙන්
      ළඟින් රැදෙමින්
      දුන් සෙවණ ඒ
      දුකක් ආ කල
      කඳුළු පිසිමින්
      සනසනා මා
      පුදා සෙනෙහස
      කිමද මෙලෙසින්
      ළං වුයේ මට
      නුහුරු වේ මේ
      සිදුවනා දේ…

      ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී …???

      මටත් මුලදී අම්මයි තාත්තායි එක්ක කෞෂාල් හැසිරෙන විදිය කියන්න තේරුනේ නෑ … මොකද ඒ වගේ අවස්ථාවක් මට එකපාරටම හිතාගන්න බැරි වුනා …??

      ඉරිසියා හිතෙන එක අහන්නත් දෙයක් ද අක්කියෝ … අවුරුදු ගානකට පස්සේ අම්මා තාත්තා හම්බුනාම තමන් නැතුව වෙන කෙනෙක් එයාලා ළඟට ගද්දී ….
      ඒත් කෞෂාල් අහිතක් නෑ එයාලා ළඟ ආශා ඉන්නවට..

      ආශා දාලා කෞෂාල් යාවිද ඉදීවී ද කියලා දැනගන්න වෙන්නේ අන්තිමට තමයි ඉතින් ..??
      ඒ දෙන්නා ඒ දෙන්නට අයිතියිද ඇත්තටම …???

      බලමු ආශාව යවයිද කියලා අයියා ගාවට… ෆෝන් එක උදුරා ගත්ත එක නම් අපරාදේ තමයි …?

      මාත් දන්නේ නෑ අක්කී බෝලේ .කවුද දන්නේ නෑ .. ???

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ලස්සනම ලස්සන නිසදැසක් එක්ක ….
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …

      අක්කිගෙත් ඉගැනීම් වැඩයි කතා ලියන්නයි මං අක්කිට සුභ ප්‍රාර්ථනා කරනවා …???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  10. .මගේ බියූ නැන්දි ඒ කවිය සස්සනයි හොදේ……
    ඔව් ඔයා කොහොමත් ආදර පෙරෙති නේ . .
    මගේ හදවතත් ගත්තා humm….

    හරි මන් මෙහෙම්මම කතාවට කමෙන්ට් එකත් දාන්නම්.
    කොටස් දෙකම දැන් තමයි කියෙව්වේ ….. ගොඩක් ලස්සනයි කතාව. ගොඩක් ආදර නියයි. ඔය කොල්ලා ඒ කෙල්ලට ආදරෙයි.
    ඒකයි එයා ගැන හිතන්නේ… එයාල දෙන්න මෙහෙ නවතී…
    රට යන එකක් නෑ… එත් ඒ දෙන්න රට ගියානම් හොදයි. මොකද ප්‍රදහන හතුරා නිදැල්ලේ තාමාත්….. කවුද බොලේ ෆෝන් එක උදුර ගත්තා ඒ හොර ගෙඩිය. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා කතාව ලස්සනයි හොදේ.
    ගුඩ් ලක්‌, ❤️

    1. ගොඩක් ස්තූති මගේ මල්ලියෝ ….????

      කෞෂාල්ගෙ හිතේ මොකක් නමුත් තියනවා නම් තමයි ඉතින් ….??

      බලමු ඒ දෙන්නා එකතු වේවී ද කියලා …කෞෂාල් රට යාවිද ඉදීවී ද කියලා දැනගන්න පුළුවන් වේවී අන්තිම වෙනකොට ….

      ගොඩ ගොඩක් පින් මගේ මල්ලියෝ කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    2. Sleeping beauty

      ගුඩ් මෝනින් මගෙ දග බබෝ..??

      අනේ ඉතින්..ඔයාට තවමත් මතකයි නේද ..හදවතේ කතාව..??ඒක මං ගාව හරිම පරිස්සමට තියනවලු හොදද පැටියෝ ??

  11. Sandali nithya

    අනේ මගේ නිශූ අක්කියෝ මට සමාවෙන්න… මන් කතාව කියෝලා රේට් කරාට මට CComment කරන්න වෙලාවක් තිබුනේ නෑ… අනේ මට සමාවෙන්න අක්කියෝ ????

    අනේ අක්කි කෞශාල් ආශාට ආදරෙයි වගේ… අනේ ඒක නම් ශෝයි අනේ… ලස්සන ආදර කතාවක් බලාගන්න පුලුවන් අපිට ඉස්සරහට… ????

    අනේ මන්දා ආශාගෙ පව්ලෙ අය නම් මොන වගේද කියලා… පව් ආශා… එයා ගොඩක් දුක් විදපු කෙනෙක් වගේ… ඒත් දැන් නම් එයාට සතුටින් ඉන්න පුලුවන් වෙයි… ඒත් පොඩි දුකක් තියෙනවා අත්තා නැති උනු එකට නම්… ???

    ඉතින් නිශූ අක්කියෝ ඔයාට කෝමද… කොහෙන්ද අනේ මේ හැකියාව ආවෙ… පුදුම ලස්සනක්නේ කතාවෙ තියෙන්නේ… මම කතාව කියවන්නේ අනේ දැන්ම ඉවර වෙන්න එපා දැන්ම ඉවර වෙන්න එපා කිය කිය…???

    කතාව ගැන නම් මට කියන්න වචන නෑ අක්කියෝ… ඔයාගෙ මේ හැකියාව තව තවත් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… බුදුසරණයි අක්කි පරිස්සමින් ඉන්න… ❤️❤️❤️❤️❤️❤️❤️

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ නංගා …???

      මගේ නිතූ බෝලේ …සමාව ඉල්ලන්න එපා මැණිකේ …මං චුට්ටක් වත් තරහ නෑ හොදද … කෙල්ල පාඩම් වැඩ ටික කරගන්න ඕනි හොදට…. පිස්සු කෙල්ල … දුකින් ඉන්න එපා අනේ …???

      කෞෂාල්ගෙ හිතේ දෙයක් තියනවා ද මන්දා ඉතින් … ඒ ආදරේ කොයි වගේ ලස්සන වේවී ද කියලා නම් මට කියන්න දන්නේ නෑ බෝලේ … ???

      ආශාගේ පවුලේ අය ගොඩක් නරකයි … ඒ වගේ ම කෞෂාල්ගෙ පවුලේ අය ගොඩක් හොදයි… ඉතින් කෞෂාල් මුණගැහෙන්න කලින් කොහොම වෙනස්කම් වින්දත් දැන් පවුලක් තියනවා නේ එයාට …

      අත්තා එයාව දාලා ගියපු එක නම් ගොඩක් පව් තමයි …

      මං හොදින් ඉන්නවා මගේ නංගා … ඔයාත් හොදින් නේද … මේ දවස් වල පන්ති එහෙම වැඩි ඇති නේද … හොදින් ඒ වැඩ කරගන්න ඕනි හොදද …

      කොටස් හයකින් ඉවර කරන්න හිටියේ කතාව … ඒත් තව කොටස් කීපයක් ඇදුනා… හැබැයි ඕන් අවසානය ළඟයි හොදද නංගා …???

      ගොඩ ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …???
      ඒවගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට ….???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  12. මගෙ මචියේ…
    ඔන්න කතාව කියෙව්වා …අනේ කෞශාල්ගෙ අම්මලා එච්චර ආදරෙන් ආශව බාරගත්ත එක කොච්චර ලොකු දෙයක්ද…ඒක කොච්චර ලොකු සතුටක්ද ආශාට…කෞශාල්ගෙ හිතේ ආශා ගැන අදහසක්වත් පහල වෙලාද මන්දා…එයා අයිය ලගට යන එකට අවුල් අරන් ඉන්නේ…අනේ කෞශාල් රට නොගිහින් උන්නනම් මොකද …කවුද දන්නෙ නැහැ අර ෆෝන් එක උදුරගත්තෙ…ආශා වෙන්න ඇති නේද …අනේ මන්දා බලන් ඉන්නම්කො මොනා වෙයිද කියලා …ඔයා කතාව හරිම ලස්සනට ලියනව මචියේ …ඔයාට සුබ පතනවා මන්…පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම …තෙරුවන් සරනයි ඔයාට …?

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ මචීයෝ …
      ???

      මං දන්නවානේ මගේ මචී වරද්දන්නේ නැතුව කතාව කියවනව කියලා …

      කෞෂාල්ගෙ දෙමාපියන් ආශාව භාරගත්ත එකනම් හොදයි තමයි මගේ මචීයෝ …

      කෞෂාල් ගේ හිතේ තියන එක අද කතාවෙන් දැනගන්න පුළුවන් මගේ මචීයෝ …ඒ වගේම ෆෝන් එක උදුරා ගත්ත කෙනාත්…

      රට යාවිද ඉදීවී ද කියලා දැනගන්න වෙන්නේ අන්තිම කොකොටසෙදි තමයි ඉතින් ….

      ගොඩ ගොඩක් පින් මගේ මචීයෝ කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.