Katha Ahura

?සෙල්ලක්කාර ආදරේ?|දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක

කතාව කොහොමද?

සෙල්ලක්කාර ආදරේ 13

අපි අද ඉස්කෝලේට ආවේ ඇඩ්මිෂන් ගන්න…හැමෝම ඇවිල්ලා..කාලෙකින් අපි ආයෙම එක තැනකට එකතු වෙලා..හිතට දැනුනේ අමුතුම සතුටක් වගේම දුකක්..ඉස්කෝලේ එන අවසාන දවස..අවුරුදු දහතුනක්ම ඉස්කෝලේ ගිහිල්ලා මේ අවසාන දවස කියලා දැනෙද්දී මොකක්දෝ ලොකු දුකක් හිත පුරාම පැතිරිලා යනවා..සනුල්ගෙයි මගෙයි මොන තරම් මතකයන් මේ ඉස්කෝලේ ඇතුලේ ඇතිද..අපි හම්බවුනේ,ආදරේ කලේ,ඇඩුවේ,හිනාවුණේ අන්තිමට වෙන්වෙලා ගියෙත් මෙතනදී..

ඇඩ්මිෂන් අරන් ගෙදර ඇවිල්ලා අම්මත් එක්කත් දවසේ විස්තර කතා කර කර ඉදලා කාමරේට ඇවිල්ලා පොතක් අතට ගත්තේ පාඩම් කරන්න..පැය දෙක තුනක් පාඩම් කරලා ඇගත් සෝදගෙන රෑට කෑමත් කාලා ඇදට වැටුනම දන්නෙම නැතුව සනීපෙට නින්ද ගියා..

❤️❤️❤️❤️❤️❤️❤️

දවස් ගතවෙන ඉක්මන හිතාගන්නත් බෑ..අම්මා කවපු කිරිබත් කෑල්ලත් කාලා අම්මටයි තාත්තටයි වැදලා බුදු පහනත් පත්තු කරලා එළියට බැස්සේ එක්සෑම් එක හොදට ලියන්න පුලුවන් වෙන්න කියලා හිතන ගමන්..මුල්ම දවසේ සිංහල පේපර් එක..රංගයි තරූයි බස් එකේ එනවා කිව්ව නිසා මාත් ඒ බස් එකම අල්ල ගන්න අඩිය ඉක්මන් කරලා පාර පැත්තට ඇවිදගෙන ගියා..

බස් එක එන්නත් තව විනාඩි දහයක් විතර තියනවා..උදේ පාන්දර නිසා පොඩ්ඩක් සීතලයි වගේ..වටපිට බල බල ඉන්නකොට පාර එහා පැත්තේ දැක්කේ හුරුපුරුදු රුවක්..දෙයියනේ..මගේ  ඇස් දෙක නළලේ…එදා වැස්සේ මට සැර දැම්ම කොල්ලා..නිල් පාට කොට ශෝට් එකකට සුදු පාට ශර්ට් එකක් ඇදලා..එදා අපිලිවෙලට වැවිලා තිබුණ රැවුල අද ගානට කපලා..කොණ්ඩෙත් ජෙල් කරලද කොහෙද…අම්මෝ..මට එච්චර දේවල් මතක තිබුණද…මටම හිනා..ඒ ඇසුත් නතර වෙලා තිබුණේ මගේ ළගමයි…

බස් එක ඇවිල්ලා නතර කරනවත් එක්කම පාර එහා පැත්තේ ඉදපු එයා මං ඉන්න තැනට ආවා..මාත් එක්කම බස් එකට නැගලා මට ටිකක් එහායින් හිටගන්නවා මං ඇස් කොනින් දැක්කා..

“අම්මෝ..කෙල්ලගේ මූණේ සිරියාව…මොකද අද උඹ ඇදේ අනිත් පැත්තෙන්ද ඇහැරුණේ..”

“මොනාද බං කියවන්නේ..හෙමින් කතා කරපන්කෝ..”

තරූට අතින් අනින ගමන් මං හෙමීට බැලුවේ එයා බලන් ඉන්නවද කියලා..ඔව් ඒ ඇස් තාමත් මගේ ළග..

“නෑ ඉතින් තරූ කියන කතාවත් ඇත්තනේ බං..වෙනදා ඉස්කෝලේ යද්දී මූණ දෙක කරන් ඉන්නේ..අද මොකද දන්නේ නෑ..”

“අයියෝ..මුකුත් නෑ යකුනේ..කටවල් වහන් හිටපියව්..”

විහිලු තහලු මැද්දේ බස් එක ඉස්කෝලේ ළගටම ඇවිල්ලා..ළමයි ගොඩක් මැද්දේ අපිත් තෙරපිලා දොර ලගටම ආවා..රංග ඉස්සර වෙලා ඊට පස්සේ තරූ..මං තමයි අන්තිමටම බහින්න හිටියේ..නුහුරු ස්පර්ශයක් අතට දැනෙද්දී මං පිටිපස්ස හැරිලා බැලුවා..

“හොදට එක්සෑම් එක කරන්න..බය වෙන්න එපා..ඔයාට පුලුවන්..ගුඩ් ලක්..”

එහෙම කිව්ව එයා බස් එකේ ඉස්සරහට ගියා…මාව එතනම ගල් වෙලා වගේ…තරූ මගේ අතෙන් ඇදගෙන වගේ බස් එකෙන් බැස්සේ…ඈතට යන බස් එක දිහා මං තවත් බලාගෙන ඉන්නවා..

“මොකද බං උඹට වෙලා තියෙන්නේ..පරක්කු වෙලා..මෙහෙ වරෙන් යන්න..”

එක්සෑම් හෝල් එක ඇතුළට ගිහිල්ලත් මගේ හිතේ හොල්මන් කලේ ඒ වචන..

“ඔව්..මං හොදට එක්සෑම් එක කරනවා..”

පේපර් එක හිතුව තරම් අමාරු නෑ..ඒත් ලේසියි කියන්නත් බෑ..හැබැයි හිතට සතුටුයි…මොකද මට විශ්වාසයි..මං හොදට ලිව්වා කියලා…

හෙට එක්සෑම් නෑ..ඒ නිසා ගෙදර ගිහින් නාගෙන බත් කාලා ඇදට වෙලා ඇස් පියාගෙන හිටියේ වෙන කරන්න තරම් දෙයක් නැති නිසා..

“පේපර් එක ලේසිද පුතේ..”

අම්මා මගේ ඔලුව අතගාන ගමන් අහනවා..මගේ මූණට ලාවට හිනාවක් ආවා..

“අම්මා දැන් මගෙන් ඕක ඇහුව කී වෙනි පාරද අම්මා..”

“මට දරුවෝ දහයක් නෑනේ ඉතින්..ඉන්න හුරතලේ තමයි මේ..”

අම්මගේ අත් හරි සනීපයි..ඔලුවේ අත තියාගෙන විතරක් හිටියත් ඇති නින්ද යනවා..අඩ නින්දේ හිටිය මං අහැරුනේ උඩ ගිහිල්ලා..

“අඩෝ..නැගිටපන්…ගෙම්බා පොලවේ ගහලා වගේ නිදාගෙන ඉන්නේ..”

“ගෙවල් නැද්ද බං උඹලට..මෙහෙට බඩ ගාන්නේ..”

රංගගේ සද්දෙට අම්මත් සාලෙට දුවන් ආවා..රංගව දැක්කා විතරයි අම්මගේ මූණ හිනාවෙන් පිරුණා…

“ඉලන්දාරියා දැන් අපිව අමතක කරලම දාලා නේද..”

“අනේ නෑ සුදු නැන්දේ…අම්මා කොහෙවත් යන්න දෙන්නේ නෑනේ..”

ඔව්..රංගගේ අම්මා හරි නපුරුයි..ඒ නිසාද කොහෙද රංග නරක වැඩ වලට ඇබ්බැහි වෙන්න බය වුණා..යාලුවෝ විදියට රංග ගොඩක් අයව ආශ්‍රය කලේ නෑ..අපේ අම්මා නම් පොඩි කාලේ ඉදන්ම රංගට හරි ආදරෙයි..එයාට කොල්ලෙක් නැති නිසාද කොහෙද..අපි දෙන්නත් එක්ක අම්මා හදලා දුන්න තේ බීලා බිස්කට් කාලා එළියට ආවේ රංග මොකද්දෝ කතා කරන්න තියනවා කිව්ව නිසා..අපේ ගෙදර තාප්පේ එච්චර උස නෑ..ඒ නිසා වත්තේ කෙලවරේම තියෙන පේර ගහට නැග්ගම තාප්පෙට නගින්න පුලුවන්..මටයි රංගටයි එතන නුපුරුදු තැනක් නෙවෙයි..පොඩි කාලේ ඉදන්ම අපි එතන ඉන්න ආස කලා..

“මට උඹෙන් දෙයක් අහන්න ඕනේ අශී..”

“මොකද්ද..”

“කවුද ඊයේ බස් එකේදී උඹේ අතින් අල්ලපු කොල්ලා..”

“උඹ ඒක දැක්කද..”

මං ඇස් දෙකත් ලොකු කරන් අහද්දී රංග ලාවට හිනා වුණා..

“මං දැක්කා බං..නොදැක්කා වගේ හිටියේ බස් එක නිසා..අනික උඹ ඌව දන්නවද..”

“මතකයිද මං කිව්වේ ක්ලාස් ගිහින් එද්දී වැස්සේ හම්බවුණ කෙනෙක් ගැන..ඒ එයා..”

“දැකලම නැද්ද බං ඌව…මං හිතුවේ දන්නව ඇති කියලා..මහ දුරක නෙවෙයි ඌ ඉන්නේ…තරූලගේ ගෙවල් වලට ටිකක් මෙහා..”

මට හිතුනෙම රංග එයාව දන්නවා කියලමයි…රංගගේ මූණෙන්ම ඒ බව පෙනුනා..

“එයාව දන්නවද බං උඹ..”

“මං විතරක් නෙවෙයි බං…ඕන කෙනෙක්ගෙන ඇහුවම කියයි උගේ විස්තර..හැබැයි හොදක් නම් කියන්නේ නෑ..මෙච්චරයි අශී…උඹ පොඩි කාලේ ඉදන්ම මගේම සහෝදරියක් වගේ..මට කියලා සහෝදරයෝ නැති වෙද්දී අම්මා කිව්වේ අශී ඔයාගේ නංගී කියලා හිතාගන්න කියලා..එදා ඉදන්ම අද වෙනකං උඹ මගේ නංගී..ඒක හෙටත් එහෙමයි…උගෙන් ඈත් වෙලා ඉදපන්…දැන දැන ගින්දරට පනින්න එපා..”

“මොකද්ද එයාගේ වරද..”

හිතේ තිබුනේ කුතුහලයක්..පෙනුමෙන් එයා නරක නෑ…ඒ ඇස් බොරුවක් කලේ නෑ මට..බැන්නේ ඇත්තටම තරහට..මට විශ් කලේ හදවතින්ම..

“කාලයක් තිස්සෙම ගමේ රස්තියාදු ගහනවා..කට්ටිය කියන්නේ ගමේ කොල්ලෝ නරක් වෙන්නේ ඌ නිසා කියලා..ඌ නොකරන දෙයක් නෑ කියනවා..මං නම් ආශ්‍රය කරලා නෑ බං..ඒත් කොල්ලෝ වුණත් ඌ ගැන කතා වෙනවා..වලියක් නම් ඌ එතන වරදින්නේ නෑ..ඒකත් කමක් නෑ කියමු..ඌ බොනවා බං..බොන්නේ නැති දෙයක් නෑ..ඒ නිසයි මෙච්චර මං කියන්නේ..”

දාහක් දේවල් කියලා මට එයා ගැන තේරුම් කරලා දීලා රංග ගෙදර ගියේ අපේ ගෙදරින් රෑටත් කාලා..මොකද මන්දා..කියාගන්න නොතේරෙන දුකක් හිතට ඇවිල්ලා…

27 thoughts on “?සෙල්ලක්කාර ආදරේ?|දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක”

        1. තැන්කූ මැනික උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  1. ආශි නෙත්සරා

    අම්මෝ අක්කි දවසෙන් දවස කතාව වෙනස් කරනවනෙ අලේ ඔයා……..

        1. ආශි නෙත්සරා

          ඔව් නංගො හැමෝම එකම වෙලාවට එන්නෙ නෑ නේ ඉතිම්…. ඒත් හැමෝම එනවා

          1. ආශි නෙත්සරා

            ඉස්සර වගේ හැමෝම රෑට ටිකක් සතුටු සාමීචියෙ යෙදෙමුකෝ අලේ

            1
  2. එතකොට දැන් අශී ඒ කොල්ලට කැමතියිද ?.මං හිතුවෙ කොහොම හරි සනුල්,අශී එකතු වෙයි කියල .
    කොහොම වුණත් කතාව නම් ගොඩක් ලස්සනයි තේජ අක්කියො❤️

Leave a Comment