Katha Ahura

? ඉන්නම් ඔබ ගාවින් මං? | අවසන් කොටස | කොටස් වශයෙන් පළවන කතා

කතාව කොහොමද?

“අ…අයි…යේ ඔයා …මේ..”

කෞෂාල් ඇගේ මුව මත් අත තබමින් ඈ නවතාලීය.

ඔහු හා වාද කිරීමට හෝ ශක්තියක් නොවුණු ඈ ඔහුට ඉඩහැරියාය.දෙදෙනා තනිව කතාබහකට ඉඩහළ ශනීෂා , කුටියෙහි දොරටුව අභිමුව හුන් අෂාන්වද කැටුව ඉවතට ගියාය .මොහොතක් එලෙසම හුන් ඔහු ඇයව ඇමතුවේය.

“මං ගැන මටත් වඩා ඔයා හිතනවා කියලා මං දන්නවා …දැන්නම් මට ඔයා නැති තැන සතුටක් නෑ දෝණි … මං දන්නවා ඔයා මගෙන් යන්න හදන්නේ කැමැත්තෙන් නෙවෙයි කියලා ..”

කෞෂාල් පැවසුවේ ඇයව තමා වෙත හරවාගනිමිනි.

“මාව තේරුම්ගන්න අයියේ…ඒත් අයියේ මගේ අතීතයෙන් කවදාවත් මට ගැලවෙන්න බෑ …මගේ ජීවිතේ දැනටමත් විනාශ වෙලා ඉවරයි .ඒත් මං ඔයා ළඟ හිටියොත් ඔයාත් ජීවිත කාලේම දුක් විඳියි…ඒ නිසා මං ඈත් වෙන්නම් …”

“අනේ ආශා… මං ඔයාට කියලා තියනවා මට ඒ දේවල්වලින් වැඩක් නෑ කියලා.. මට ඕනි ඔයා මං ගාවින්ම තියාගෙන පරිස්සමෙන් බලාගන්න.. ඔය ඇස්වලට ආයේ කඳුලක් දෙන්න මං කැමති නෑ..”

“දුක කියන දේ මට නුහුරු දෙයක් නෙවෙයිනේ.අයියාට සතුටින් ඒ රටට ගිහින් වැඩ ටික කරගන්න පුළුවන් මං ඈත් වුනාම..”

“ඔයා දුකින් තියලා මං එහෙ ගිහින් හිත හදාගෙන වැඩ කරන්නේ කොහොමද? දෙන්නා රටවල් දෙකේ ඉඳලා විඳවනවා කියලා ඔයා හොදටම දන්නවා ..කොච්චර කිව්වත් ඔයා මට ආදරෙයි කියලාත් මං දන්නවා..”

ආශා ලැජ්ජාවෙන් දෙනෙත් පහතට යොමු කලෙන් හේ ඇගේ දෑත් සිය දෑතින් මුදුව අල්වාගත්තේය .

“මගේ දෝණි ..ඔයාගෙ සතුට වෙනුවෙන් මට හැමදේම කැපකරන්න පුළුවන් … මොකද මං දෝණිට පණ තරම් ආදරේ කරනවා.කියන්න මගෙන් ඈත් වෙන්නේ නෑ නේද …”

“අනේ අයියේ.. මටත් ඕනි අයියා ගාවින්ම ඉන්න…ඒත් මං .. ”

“ඒ හොඳටම ඇති මගේ මැණික …”
ඇයට තවදුරටත් පැවසීමට ඉඩ නුදුන් ඔහු ඈ තමා වෙත තුරුළු කරගත්තේය .

*****************************************

” චූටි පුතේ … ඔයා අර දරුවා ගැන අදහසක් තියාගෙන ඉන්නවා නම් ඒ දරුවත් පුතාට කැමතියි නම් මෙහෙම ඔක්කෝම දාලා යන එක හරි ද ?”

“මට තේරෙනවා අප්පච්චි … ඒත් මං යන්නේ එහෙ නවතින්න නෙවෙයි. මං එහෙ කරපු ජොබ් එක පිලිවෙලක් කරලා එන්න ඕනිනේ….”

“අනේ මන්දා පුතේ..පොඩ්ඩක් හිතලා බලන්නකෝ … එතකොට පුතා කවදා විතරද යන්නේ .දැන් ටිකට් එහෙම වෙන් කරගත්තද. ”

“අප්පච්චි මං හිතාගෙන ඉන්නේ ලබන සතියේම ගිහින් එන්න .. මං අද හවස හැමදේම ලෑස්ති කරගන්නම්”

මව්ගේ පෙරැත්තය මත දෙදිනක සිට ආශා සහ කෞෂාල් සිටියේ සිය මව්පියන් විසූ නිවසෙහි ය. පිය පුතු දෙපළ කතා කරමින් සිටියදී මෑණියන් එතැනට පැමිණියාය .

“අප්පච්චිට විතරක් නෙවෙයි චූටි … මටත් දෙයක් තියනවා ඔයාට කියන්න ..”

“ඒ මොකක්ද අම්මේ …”

“පුතා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනේ .. අනික මං දන්නවා මගේ පුතා ආයේ කවදාවත් වැරදි දෙයක් කරන්නේ නෑ කියලා …ආශා ගොඩක් අහිංසක දරුවෙක්.. දැන් ඒ කෙල්ල මට මගේම දුවක් වගේ.. දිල්කි ඔයාට දුන්නු වේදනාව ඒ දරුවවත් මගේ පුතාවත් ආයේ විඳිනවාට මං කැමති නෑ පුතේ.. ඒ නිසයි මං සම්බන්ධෙට අකැමැත්තක් නැත්තේ… මොකද මං දන්නවා මගේ පුතා එහෙම කෙනෙක් නෙවෙයි කියලා ..ඒත් ගිනි පෙනෙල්ලෙන් බැට කෑවම කණාමැදිරි එළියටත් බය හිතෙනවා පුතේ …

“නෑ අම්මේ … කොහොමටවත් මගේ අතින් එහෙම දෙයක් වෙන්නේ නෑ .මං එයාට වගේම අම්මටත් ඒ ගැන පොරොන්දු වෙන්නම්”

“ඒවගේම තව දෙයක්… පුතා ඒ දරුවට ටිකක් පැහැදිලි කරලා දෙන්න ඔයා ඉක්මනට එනවා කියලා .. මට හිතන්නේ කෙල්ල ගොඩක් හිත්වේදනාවෙන් ඉන්නේ ඔයා යන නිසා ”

ඊට පිලිතුරු නොදුන් හේ සිය කුටියට වැදී මොහොතක් ගතකර නගරය වෙත පිටත්ව ගියේය.

*********************************************

කෞෂාල් නැවත පැමිණෙන විට රාත්‍රිය එළඹ තිබූ අතර ආශා සිටියේ යහන මත සිය සොයුරුගේ සය හැවිරිදි පුතු මිතූෂ සමඟින් සෙල්ලම් කරමිනි . ඔහු සෙමෙන් කුටිය වෙත ඇතුල් වී ඒ වෙත ගමන් කලේය .

“චූටි බාප්පි … ඔයත් එනවද අපිත් එක්ක අතුරු මිතුරු කරන්න … ”

“අනේ මිතූ… මං දන්නේ නෑනේ එහෙම සෙල්ලමක්…”

“මටත් පුංචි තමයි කියලා දුන්නේ බාප්පි … එන්නකෝ මං කියලා දෙන්න ..”

“අහන්නකෝ පුතේ… අපි හෙට සෙල්ලම් කරමුද..බාප්පිට දැන් ගොඩක් මහන්සි . ”

“ඔයා නම් හොද නෑ බාප්පි … මං දන්නවා මාව යවන්නේ ඔයාට පුංචි එක්ක සෙල්ලම් කරන්න කියලා … ඉන්නකෝ මං ආච්චිට කියනවා …”

කුඩා දරුවා දිවගියේ හුරතල් ලෙස මුව පෙරලා පවසමිනි .

“පැහිච්ච කොල්ලා ….”

“අනේ ඇයි අයියේ යැව්වේ එයාව. පව් නේ ඒ දරුවා ….”

“එතකොට මට කියන්නේ පොඩි එකාව ළඟ තියාගෙන මගේ කෙල්ල එක්ක කතා කරන්න කියලා ….”

“මාත් එක්ක මොනවා කතා කරන්නද ඉතින් …”

ආශා දෙනෙත් පොලොවට බර කරගත්තාය.ඔහු යහන මත හිඳි ඈ අසලින්ම හිඳගත්තේය.

“ආශා… අනේ ඉතින් ..මූණ එල්ලගත්තා නේද .”

තවමත් ඈ නිහඬය.

“අනේ මැණික … කියන්නකෝ මොනවාහරි … මාත් එක්ක තරහයිද..ඕන් කතා කලේ නැත්නම් මං අදම යනවා යන්න..”

එය ඇසෙද්දීම මදක් හිස එසවූ ඈ ඔහුගේ උරහිස මත හිස හොවාගත්තේ ඉකිබිදීමිනි.

“අනේ අයියේ … එහෙම කරන්න එපා … ඔයත් මාව දාලා ගියාම කවුද මට ඉන්නේ.. මං ආයේ තනිවෙනවා අයියේ ”

ඔහු ඇගේ ගෙල වටා සිය අත යොමා ඈව තමා වෙත ළං කරගත්තේය.

“මගේ පිස්සු කෙල්ල … එච්චර ආදරෙයිද මට … ”

“මං දන්නේ නෑ …”

“ඔයා ඒක කීවොත් පොඩි බඩ්ඩක් දෙනවා මං ..අනික අයියා ආසයිනේ ඔයාගෙන් එහෙම අහන්න.අනේ කියන්නකෝ එකපාරක්..ප්ලීස්.ප්ලීස්…”

“ම්..මං ආ… ආදරෙයි අයි..අයියට….”

“මොකක්ද … මට හරියට ඇහුණේ නෑනේ.. කෝ කෝ ආයේ කියන්න බලන්න..ඒක කිව්වේ නැත්තන් දෙන්නේ නෑ අර දේ හොදද..”

“අනේ ඉතින් … මං මගේ අයියට ගොඩක් ආදරෙයිනේ .. ඔයා ඔච්චර කියන දේ මොකක්ද අයියේ … පෙන්නන්නකෝ…”

ඔහු සිය බෑගයෙන් ගත් ගුවන් ටිකට්පත් දෙකක් ඈ වෙත පෑවේය .විශ්මයට පත් ආශා ඒ කුමටදැයි අසන්නාක් වැනි බැල්මක් කෞෂාල් වෙත හෙලීය.

“දෝණිට වගේම මටත් ඉන්න බෑ මගේ කෙල්ලගෙන් ඈත් වෙලා … මට එහෙ නොයත් බෑ … ඒ වගේම දෝණි දාලා යන්නත් බෑ … මං ඔයාට පොරොන්දු වුනානේ ඔයාව මං ගාවින්ම තියාගන්නම් කියලා .. ”

“ඒත් අයියේ … එහෙම හරිද… අපි දෙන්නා තාම කසාද බැඳලා නෑනේ ”

“මෙයා හිතලා තියන දුර .ඇයි මාව සැකයිද…මගේ අපාය සහායක මිත්‍රයා එයාගේ ප්‍රියම්බිකාව එක්ක එනවා අපි එක්ක .අපි නිසා ඒ දෙන්නටත් සතුටක් තිබුණේ නෑනේ .මං එයාලාව එකතුකරගන්න හිතුවා..ආහ් අපි මෙහෙම කරමු.. අපි යන්න කලින් එන්ගේජ් වෙමු..එතකොට කාගෙන්වත් කතා අහන්න ඕනි නෑනේ මගේ කෙල්ලට… දැන් හරි නේද ..”

කෞෂාල් ඇගේ කනක් මිරිකමින් පැවසුවේය.

“ආව් අයියේ .. රිදුනා …අයියේ මේක හීනයක් ද.. මට හිතාගන්න බෑ මාත් ඔයා එක්ක එහෙ යනවා කියලා … ”

දිනගණනාවක් සැඟවී තිබුණු ඇගේ දඟකාර සිනහව මුවගින් නැගුණෙන් හේ ඈ දෙස බලාගත් වනම බලාසිටියේය. ඒ දුටු ආශා ලැජ්ජාවෙන් එසැනින් ඔහුගේ පපුතුරේ මුහුණ සඟවා ගත්තීය.මොහොතකට පසු එහි නොවැසුණු දොරටුවෙන් මෑත් වූයේ අෂාන් සහ ශනීෂා ම විය.

“මේ… මිස්ටර් කෞෂාල් මුණගැහෙන්න පුළුවන්ද …”

අෂාන් විමසුවේ සිනහසෙමිනි.ආශා ඉක්මනින් කෞෂාල්ගෙන් ඈත් වූවාය.

“අප්පෝ උඹලානම්.. කාමරේකට එද්දී කියලා එන්න දන්නේ නැද්ද …”

” අනේ මේ කෞෂාල් .. කියලා එන්න උඹලා බදාගෙන ඉඹගෙන ඉන්නවා කියලා අපි දන්නවද.. අනිත් එක අපි බබාලානේ නේද ශානු මේවා දැකලා බයවෙන්න …”

“මං මුකුත් කියන්නේ නෑ අෂාන් උඹට ..ඒකනෙවෙයි.. ඇයි දැන් මේ අපිව මතක්වෙලා මේ දෙන්නට…”

“මේවා දැක්කම ඒකත් අමතක වුනානේ.. මචන් මට කියන්න දෙයක් තියනවා… ”

ඔහු කෞෂාල්ව කුටියෙන් පිටතට කැදවාගෙන පැමිණ දුරකථනය මිතුරාගේ මුහුණට එල්ල කලේය. එහි වූයේ රෝහිතගේ ඡායාරූපයකි. කෞෂාල්ගෙ මුහුණේ ප්‍රශ්නාර්ථයක් සටහන් විණි.

” උඹ කොහොමද බන් මූව දන්නේ.. තිරිසනා.. අනික එකපාරටම මොකද…”

“ඒකව දැකලා නැති උනාට නිවුස් එකේ ඌ ගැන කියද්දි මං අදුනගත්තා..උගේ ජරා බිස්නස් එක පොලිසියට අහුවෙලා .. පොලිසියෙන් බේරෙන්න පැනලා යද්දී ලොරියකට හැප්පිලා එතැනම ඉවරයි… ඉනෙන් පහල කෑලිවත් නෑ කියලා තමයි ආරංචිය.. ඌ කරපු පව් ගෙව්වා මචන් .. ආශා වගේ කී දෙනෙක් විඳවන්න ඇතිද ඒකා හින්දා …”

කිසිවක් නොපැවසූ කෞෂාල් දිගු සුසුමක් හෙලුවේය.

*************************************************
ගතවූ තෙමස තුළ ආශා කෙමෙන් සුව අතට පැමිණ තිබුණාය.එහෙයින් විදේශ ගමන ඇයට අපහසුතාවයක් නොවුනේය. සති දෙකක කාලයක් එහි සතුටු දායක නිවාඩුවක් ගතකල සිව්දෙනා ලංකාවට පැමිණ මසකින් පමණ දිනයකදී ආශා සහ කෞෂාල් යුග දිවියට පත්වූහ.කෞෂාල් සිය විදේශ රැකියාව අතහැර ඇඳුම් අලෙවිසැල වෙත පූර්ණ අවධානය යොමු කලේය.

( දෙවසරකින් පසු )

?” හෙලෝ කෞෂාල් … වැඩකද ඉන්නේ …”

“අයියේ… මොකක්හරි ප්‍රශ්නයක්ද.. දැන් තමයි මගේ මීට්න් එක ඉවර වුනේ…”

” හරි මල්ලි … ඉක්මනට ගෙදර එන්නකෝ…”

සොයුරාගේ ඇමතීම කුතුහලයක් වූයෙන් ඔහුගේ සිත මදක් කැළඹී ගියේය..මේ වනවිටත් සම්පූර්ණයෙන් සුවය ලබාසිටි සිය බිරිඳ පිළිබඳ යම් බියක් ඔහු තුළ හටගත්තෙන් හැකි විගස නිවසට පැමිණියේය.

ඔහු පැමිණෙන විට සොයුරා සිය බිරිඳ හා මිතූෂ ද, අෂාන් ශානු හා වසරක් වයසැති ඔවුන්ගේ කුළුදුල් දියණිය නෙතුකි ද ආශාද ආලින්දයේ රැස්ව සිටියහ. කෞෂාල් නිවසට පාතබද්දීම මිතූෂ දිවගොස් ඔහුගේ ඇගේ එල්ලුනේය.

“චූටි බාප්පි … අපේ පුංචි මට මල්ලි බබෙක් ගේන්නලු යන්නේ … අපෙ අප්පච්චි කීවා කාටවත් කියන්න එපා කියලා … ඒත් මං බාප්පිට කීවා..”

පුතුව සියතට ගෙන සිපගත් හේ කඳුළු පිරි දෙනෙතින් යුතුව ආශා වෙන පියමැන ඈ අසලින් දරුවා බිමින් තැබීය.ආශා මෙතෙක් පහතට යොමු කර සිටි වත සෙමෙන් එසවූවාය.

“මිතූ කියන්නේ ඇත්තක්ද මගේ මැණික … මං අප්පච්චි කෙනෙක් වෙන්නද යන්නේ …”

“ඔව් මගේ මහත්තයා… එයා ඇවිත් අපි ළඟට.. අපේ ජීවිතේට තවතවත් සතුට දෙන්න චූටි පැටියෙක් අපි ළඟට ඇවිල්ලා ..”

“දන්නවද දෝණි මට අද කොයිතරම් සතුටුයිද කියලා…ඔයා මට ජීවිතේ ගොඩක් වටිනා තෑග්ගක් අරන් ඇවිත් .. තවත් සුභ ආරංචියක් තියනවා… අපේම කියලා ගාමන්ට් එකක් කරන්න අද මීට්න් එකේදී තීරණය වුනා .. ඉතින් මැණික .. ගොඩක් පින් මගේ ජීවිතේට ආයෙම සතුට අරන් ආවාට..”

ඔහු ආශාගේ නළලත සියුම්ව හාදුවක් තබා ඇයව ඔසවා ගත්තේ මහත් සතුටකිනි.

“ඒයි මෝඩයෝ… ඔය කෙල්ල පරිස්සමෙන් බිමින් තියනවා … පුදුම දාංඟලයක් නේ තාම තියෙන්නේ ..”

සොහොයුරා ඔහුට ඇනුම්පද කියන විට අෂාන් ඔහුව නවතාලිය.

“අදට ඔහොම කියන්න දෙන්න අයියේ .. දැන් ඉතින් ආයේ දෝණි කියලා හුරතල් කරන්න ලැබෙන්නේ නෑනේ පොරට.. දෝණියෙක්ගේ අම්මා වෙන්න හිතාගෙන ඉන්නේ කෙල්ල දැන් … ”

“දෝණි කිව්වම මොකද දෝණිගේ අම්මා කිව්වම මොකද නේද මැණික…”

ආශා සෙමෙන් තැබූ හේ ඈ දෙස ආදරණීය ලෙස බලා ඇගේ හිස පිරිමැද්දේය.

????????
නොසිතූ හමුවක් ලෙසින්
ළං වුනේ කෙලෙසකින්
පෙමින් බැද අහම්බෙන්
දිවිය සුවපත් කලෙන්

පෙර දවස හැරලමින්
මතු දිවි ගැන සිතමින්
නොහැර සසරේ ආදරෙන්
ඉන්නම් ඔබ ගාවින් මං ..

?? කෞෂාල් ??

අදුරු වූ දිවි අත දරන්
මුණගැසුණු මා ආදරෙන්
රැකියේ නුඹ පණ ලෙසින්
ණයගැතිය මගේ දිවියෙන්

පෙර මතක දුරලමින්
ඔබේ සෙවණේ රැදෙමින්
ඔබේ සතුට මම ම නම්
ඉන්නම් ඔබ ගාවින් මං …

?? ආශා ??

* * * * * * * * ? ? නිමි ? ? * * * * * * * * *

දඟ යාළුවනේ මගේ පළවෙනි කතාවේ අවසානය මේ… මං පසුවදනක් නම් ලියන්නේ නැහැ … ඒක මගේ දඟ යාළුවෝන්ට බාරයි …

ගොඩක් ස්තූති මාත් එක්ක අවසානය තෙක් එකතු වෙලා හිටිය මට හයියක් වුනු ලොකු අයියා, මගේ අක්කිලා ඇතුළු දඟ පැටව් ඔක්කොටම ..??
ඒ වගේම මගේ කතාව කලින්ම කියවලා අකුරු අඩුපාඩු , වචන නොගැලපීම් පෙන්නලා මට හයියක් වුනු මගේ නංගි ( ඔයාලාගේ මාෂි ) ඔයාටත්…???
ඉතින් යාළුවනේ … මං නවතින්නම්
දළදා සමිදුන්ගේ පිහිටයි දඟයෝ හැමෝටම ….

? නිෂූ ?

1,122 thoughts on “? ඉන්නම් ඔබ ගාවින් මං? | අවසන් කොටස | කොටස් වශයෙන් පළවන කතා”

    1. සුභ පැතුම් මගේ චූටියෝ ….?????

      ???????????????
      ???????????????
      ???????????????
      ???????????????
      ???????????????
      ???????????????
      ???????????????

    2. Avi 1999 (kandy)?

      Congratulations මගෙ සින්ඩි මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Sleeping beauty

        ලොකු අයියේ..❤️❤️

        මං හොදින් ලොකූ..ඔයාට කොහොමද ..සැපේ ඉන්නෝ නේද ❤?

    1. Avi 1999 (kandy)?

      Congratulations මගෙ බියු මැණික ?? ?????????????????????????????????????????????????????????????????????????❤️??????????????????????

  1. උක්කූං පුතා

    මිනිස්සු හිටියා,
    සංස්කෘතිය නිසා සමහර දේවල් නොකර තමන්ව පාලනය කරගත්තු

    සමහරු හිටියා,
    සංස්කෘතිය නිසා පිටට හොඳට ඉඳලා ඇතුලෙන් ගේම ගහපු.

    සමහරු හිටියා,
    සංස්කෘතියට බම්බු ගහන්න කියලා පෙනි පෙනී ඕනේ හැමදේම කරපු.

    ඔයත් මේ ගොඩෙන් එකකට අයිති ඇති… අනිවාර්‍යෙන්ම..❤️

  2. උක්කූං පුතා

    ඔන්න ලොකු අයියා ආවා පොරොන්දුව ඉෂ්ට කරන්න කොමෙන්ට් දහක් දාලා අන්තිමටම කතාවට කොමෙන්ට් එක දාන්නම්

    1. ලොකු අයියේ ….??

      අම්මේ මට දැනෙන සතුට …
      කතාව දාන්න පරක්කු වෙද්දි මං හිතුවා අයියත් නෑවිදින් ඉදීද කියලා ….☺️☺️

      කොහොමද ඉතින් අයියේ ඔයාට …

      1. උක්කූං පුතා

        මේ දවස් වල නාස් ලණුවක් අඹරනවා නංගී වැඩ වැඩියි ඒක නිසා.. මගේ චූටි කෙල්ලට කොහොමද පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ හරිද අයියා ඉක්මනටම එන්නම්

        1. අනේ ඉතින් …☺️☺️☺️

          මාත් හොදින් අයියේ ..
          මේ දවස් වල යාපනේ පැත්තට වත් යන්න කියලා දෙමළ ඉගෙන ගන්නවා…??

          හරි අයියේ …පරිස්සමෙන් ….

  3. උක්කූං පුතා

    සමහර දේවල් කෙනෙක්ට තේරුම් ගන්න කාලය ඕනේ..
    ඒ වෙනකොට අපේ කාලය අවසන් වෙලා තියෙන්න පුළුවන්..

    ගොඩක් කතා වල අවසානයට හේතුව ඒකයි.. ඉවසීම තිබුනට කාලය නෑ..

    1. R_s_Th_A(නිම්? )

      මෙන්න මෙයා තනියම කම්න යම්නවා??
      හරි අකියෝ ෆරිස්සමින් කාලා එන්න හොඳේ?

  4. උක්කූං පුතා

    මගේ දඟ ඔක්කොම සතුටින් ඉන්නව නේද ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඔයාලා ඔක්කොටම මගේ youtube channel එකට ඇවිල්ලා මගේ වීඩියෝවට කොමෙන්ට් කරනවට… මට සුභ උදෑසනක් සුබ රාත්‍රියක් තියෙන මාව නිතරම මතක් කරන මගේ සමාරක් ලෙන්ගතුකම ආදරේ තියෙන මගේ දඟයෝ ටිකට පැලෙන්න ආදරේ…ආයෙත් ඉතින් මේ කතාවෙන් පස්සේ මම කවද ඒවිද දන්නෙ නැහැ ඒක නිසා ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද…

    1. R_s_Th_A(නිම්? )

      ලොකු අයියේ??
      මන් අයියට comment එක දාල එද්දී මෙන්න මෙයා මෙතන??

  5. උක්කූං පුතා

    මගේ රස්ත මල්ලි බොහොමත්ම ස්තුතියි යූටියුබ් එකේ කොමෙන්ට් එකක් දාල කතාව අවසන් කොටස දැම්මා කිව්වට

    1. R_s_Th_A(නිම්? )

      මන් ඒක දාද්දි අයියා ඇවිල්ලනේ??
      මන් පරක්කුයි සොලි වෙන්න ඕනි.දැම් දැක්කෙ කතාව දාලා තියෙනවා ඒකයි??

      1. R_s_Th_A(නිම්? )

        අන්න දැක්කා නේද කොල්ලගෙ කොමෙන්ට් මන්තරේ වැඩ කරලා??

      1. ? Imasha Shehani ?

        ආ… රස්තා ?
        දැක්ක කල්………….

        මං හොදින් ඉන්නෝ .ඔයාට කොහොමද ? ?

        1. R_s_Th_A(නිම්? )

          අන්න එකනි ඉතිම්ම්.?
          කොල්ලහ් සැෆේ ඉන්නෝ ඉමා?
          ඉමා සැෆෙන්නම් ඇල ඉතිම්☺️☺️?

  6. උක්කූං පුතා

    කෙලෙසක කීවත්
    ඔබ ගැන මතකය
    අමතක කරනු කියා…

    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ…

    1. R_s_Th_A(නිම්? )

      කෙලෙස හෝ අමතක
      කරන්නටම සිදු වෙයි
      ඇය ඉතින් අන් සතු නිසා
      නුඹේ මතකය
      මරා දමනෙමි
      විඳින්නට බෑ මට
      දුක් සදා…???

          1. මගේ රුවී අක්කියෝ ….

            ගොඩක් ස්තූති මගේ අක්කී කතාව කියවලා ඔයාගෙ අදහස් කිව්වට ….

            දළදා සමිදුන්ගේ පිහිටයි ????
            පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  7. උක්කූං පුතා

    #ආදරේ තියෙන තැන් වල හැමදාම තියෙනවා…

    ඒවා අයිති උන් හිටියත් නොහිටියත්…

    1. ඔන්න මමත් ආවා අපේ නිශු කෙල්ලගේ කතාවේ අන්තිම කොටසට කමෙන්ට් එකක් දාන්න…?

          1. R_s_Th_A(නිම්? )

            සැෆේ ඉන්නෝ අක්කියෝ??
            අක්කිට කෝමැයි ඉතිම් සැෆේ ඉන්නෝ නේද☺️☺️

    1. R_s_Th_A(නිම්? )

      එයා දැන් බිසී මේ දවස් ටිකේ භාර්‍යාව නඩත්තු කරනෝනි ඉමා??

  8. උක්කූං පුතා

    කතාවෙන් කෙනෙක්ව මනින්න බෑ කිව්වට.. සම්පූර්ණයෙන්ම නොවුනත් යම්කිසි අවබෝධයක් ඒ චරිතේ ගැන ගන්න පුලුවන්…

    මොකද… හැසිරීම හොඳ අය, තැනට සුදුසු විදියට හැඩ ගැහෙනවා මිස උන්ට ඕනේ ඕනේ විදියට හැසිරුනේ නෑ..

    හා නැද්ද ?

    1. R_s_Th_A(නිම්? )

      මන් නම් අහලා තියෙන්නේ හිත හොඳ අයගේ කට හොඳ නෑ කියලා??
      මගෙ නම් ඉතිම් දෙකම හොඳ නෑ ඕං??

  9. Fire ball බූබූ ?

    නිෂූ අක්කේ කතාවට කමෙන්ට් එක හෙට දමන්න අවසර දෙනු මැනවි … ?❤️

    1. R_s_Th_A(නිම්? )

      ඉශූ අක්කියා අම්මොහ් මෙයාලව දකින්න තියන අමාලුව??
      කෝමැයි අක්කි සැෆේ ඉන්නෝද☺️☺️

      1. ඔන්න ඔහේ ඉන්නවා මල්ලියා
        මෙ ටිකේ ටිකක් වැඩ අප්පා ඉතින් මේ පැත්තේ එන්න වෙන්නේ නෑ
        කොහොමද ඉතින් හොදින් ඉන්නවා නේ

      1. අවී අක්කා.. ❤ මන් හොදින් ඉන්නවා අක්කෙ ඔයත් හොදින් ඉන්නවා නේ

      1. මතකයි කියලා කවුද කියලා අහන්නේ බොල ?

        මන් සුරංගනාවියක් මතක නැද්ද අප්පා ?
        කොහොමද මල්ලි ඉතින්

      1. පැන්ඩා බේබී ❤❤
        මතකයි නේ මාව ?
        කොහොමද නංගා ඉතින් හොදින් ඉන්නවා නේ

      1. Avi 1999 (kandy)?

        මම් හොදින් ඉන්නවා පීහු බෝලෙ ..ඔයාට කොහොමද ඉතින් පරිස්සමින් සතුටින් ඉන්නවා නේද ??

        1. මාත් හොදින් ඉන්නවා…
          මම ඉතින් තව ටික දවසයි නෙහ් මෙහෙ ඉන්නේ..

          1. ඈ ඔයා කසාදයක් වත් බඳින්න ද යන්නෙ දුර ඈතකින් ….??

  10. ? Imasha Shehani ?

    සසර යනු,

    ඔබ තනිව යන ගමනකි.
    සෙස්සෝ තාවකාලික වෙන්නන් පමණි .
    සියලු බැදීම් අනිත්‍ය වේ

    * තේරුම් ගත්තොත් ගොඩ ? *

  11. ❤️? රශී ?❤️

    රිදෙන
    කැඩෙන
    විදින
    විදවන
    හැදෙන
    හරි අපූරූ තැන
    හිත……

  12. ?Tharushi? Jayawardhana

    “කාලයක්”
    ආලයක් වෙනුවෙන් කාපු
    “කාලය්ක්”
    උබටත් තියනවද…?

  13. නිෂූ නංගා තරහා වෙන්න එපා හොදේ කතාව කියවලා කමෙන්ට් එකක් දාන්නම් හරිද හෙට

      1. චුට්ටක් පැත්තකට වෙලා ඉන්නවද මල්ලි ??

        එතකොට මේ දාන්නෙ කමෙන්ට් නෙමෙයිද බොල ??

    1. තරහ නෑ මගේ අක්කී ….චුට්ටක් වත් …
      ඔයා කතාව කියවලා කමෙන්ට් එකක් දාන්න හෙමින් …☺️☺️☺️☺️
      අක්කි අද ආව එක කොච්චර සතුටක් ද …

      කොහොමද ඉතින් අක්කී ….????

          1. ඉන්න අක්කියෝ උනුවෙනකම් ඉදලා කියන්න.ම් ?

      1. ?Tharushi? Jayawardhana

        කෙනාගෙන් කෙනාට වෙනස්.. හිත හොද මිනිස්සුන්ගේ ගොඩාක් ඉක්මනට

      1. ?Tharushi? Jayawardhana

        ඔව් අක්කි ටිකක් පාඩම් කරන්න ඕනි.. නැත්නම් විභාහගෙට ලියන්න වෙන්නේ අක්කිලාගේ කතා වල කොටස් තමා??

        1. ආහ්… ඒකනේ …
          හොදට පාඩම් කරන්න ඕනි මගේ නංගා ….
          පරිස්සමෙන් ඉන්න …

        1. හලි අක්කි මැණික පාඩම් කරලා වෙලාවක් තිබුනොත් මේ පැත්තේ එන්න

  14. ? Imasha Shehani ?

    උඩපලගත්තත් වට්ටක්කා ???

    ඔය තියෙන්නේ වට්ටක්කා හරිය ??

      1. ? Imasha Shehani ?

        පීහු අක්කියි ,මිනෝ අක්කියි විතරයි හරියට මෙව්වා එක තේරුම් ගත්තේ ???

    1. උක්කූං පුතා

      දකුණේ නම කන්න එපා නපුරි ඔය තියෙන්නෙ වම්බටු වට්ටක්කා නෙවෙයි… අපේ කොල්ල දිනුවා ඒ කියන්නේ නේ

      1. ? Imasha Shehani ?

        කොල්ලා දිනුවා තමයි උක්කුං අයියේ ?

        දකුණෙ දකුණෙ කිව්වට ඔයා මේක ?
        වම්බටු ලු නෙහ් ?

      1. බැනලද මන්දා..මොකක්ද අයියෙ එ කිව්වෙ තේරැම් ගන්නම බැ?

    1. ❤️? රශී ?❤️

      අනා මගෙ අක්කා කෝමද ඔයාට…කොහේ යන්නද අනේ ඔයා මාව දාලා….?????

      1. මං යනව කොහේ හරි එනවද මාව හොයාගෙන?
        මං හොඳින් නංගා ඔයාට කෝමද?❤

  15. ? Imasha Shehani ?

    Nishu අක්කි ?

    ලස්සන සින්දුවක් තියෙනවා කතාවෙ නමින්…

    ? ඉන්නම් ඔබ ගාවින් මං ? කියලා ?

  16. කස්ටිය ඔන්න මාත් ආවා……….අද හැමෝම ඇවිල්ල නේද .මට නම් හරි සතුටුයි ……..???

          1. මාත් හොදින් ඉන්නවා මගේ අක්කියෝ …❤️❤️❤️

  17. උක්කූං පුතා

    දුකට හරියට
    අඬන්නවත් අවස්තාවක් නැතුව
    පපුව සුසුම් වලින් හිර කරන්න ඉන්න අය…

    හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙන්න වෙර දරන්නේ.. සම්බන්ධකම් තවත් සුසුම් බර වැඩි කරපු නිසයි..

  18. ❤️? රශී ?❤️

    නිශූ නංගා කමෙන්ට් එකක් පස්සේ දාන්නම් මන් හොඳද තරා නෑ නේද….මේ කොටස කියවලා දාන්නම් ඉක්මනටම …..

  19. ? Imasha Shehani ?

    අඩ්ඩඩ්ඩා….. ??

    මං එක comment එක දාද්දී මෙයාලා සෑහෙන්න දුර ගිහිල්ලනෙහ් ?

  20. මිනිස්සු ආසම අයත් එක්ක නිතරම ඉන්නේ
    සතුට තියෙන්නෙ එතන නිසා❤

    1. Sandu (kandy girl)

      මතක් කරාට ස්තූතියි ලොක්කයියේ .. ඩේටා ඉවර වුනාට දාගන්න හම්බුනේ නෑ.. නයිට් ඩේට වලින් ආවෙ ඉතිම් …

      ☺️☺️☺️☺️☺️☺️☺️

      1. ? Imasha Shehani ?

        භාෂා පරිවර්තක තාම ආවෙ නෑ ?

        පිප්පි අක්කියි, ශේනු අක්කියි ගැන ද කොහෙද කියලා තියෙන්නේ ?

  21. R_s_Th_A(නිම්? )

    ෆෙන් මන් පුළුවන් උනොත් රෑවෙලා එන්නම්.ගෙදර නෙවෙයි දැන් ඉන්නේ ඒකයි☺️☺️
    නිශූ අක්කි ඔයාගෙ කතාවට කොමෙන්ට් එක හෙට දෙන්නම් හොඳේ??
    කස්ටියම ෆරිස්සමට ඉන්නලා
    කවුරුත් වැරදියට හිතන්න එපා plzz ??
    බුදු සර්ණයි ඔයාලට♥️♥️???????
    Gn

    1. ඇයි රස්තා අයියේ …….ගෙදරට හොරෙන් කිතුලක් වත් හොයාගෙන ගියාද ….???

    2. ❤️? රශී ?❤️

      සුභම සුභ රාත්‍රියක් මල්ලියෝ …
      සතුටින් පරිස්සමින් ඉන්න …
      බුදු සරණයි ඔයාට ….❤️❤️❤️

    3. Avi 1999 (kandy)?

      හරි මල්ලී ❤️❤️ පරිස්සමින් ඉන්න හොදද ..ගුඩ් නයිට් මල්ලි ❤️

    4. ඒකට කමක් නෑ මල්ලියෝ ….
      පරිස්සමෙන් සතුටින් ඉන්න …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? …

  22. අර හිත හොද නම් වරදින්නේ නෑ කියපු එකා ඔයාලා අදුරනවද….
    .
    .
    .
    ඔයාලට හම්බුනොතින් මට පොඩ්ඩක් දැනුවත් කරන්න පීස්…
    මට තියනවා ඕක එක්ක ගනුදෙනුවක් බේරගන්න…?

    1. ඔයාට කවුරු හරි කිව්වොත් මටත් පණිවිඩයක් දෙන්න මටත් තියනවා ගනුදෙනුවක් එයත් එක්ක ?

  23. දන්නවද බඩ්ඩක්….
    .
    .
    .
    .
    .
    ඔය කියන තරම් කේන්ති යද්දී වයසට යනවනම්….
    මට දැන් ආලෝක වර්ෂ බිලියන ගානක් වයසයි බොලව්…?

  24. ? Imasha Shehani ?

    ඊතලයක් විස පොවපු වැදුනා වාගේ දැනුනා
    ???????????????
    ඔබ වෙනතක ගිය අයුරූ සිහි වී වැටුණා කදුලු
    ?????????

    1. ❤️? රශී ?❤️

      ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා
      ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා

  25. කතාව ගොඩක් ලස්සනයි නිෂු අක්කේ …
    මේක ඔයාගේ පලවෙනි කතාව නේ.ඉතිං ලස්සනට ලියපු ලස්සන කතාවක් මේක ඒවගේම මෙතනින් නවත්තන්න එපා හොදද කතා ලියන එක තව ගොඩක් කතා ඕනේ අපිට ??

    ඉතිං ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..තෙරුවන් සරණයි ?❤️

    1. සහන් මල්ලියෝ ….

      ගොඩ ගොඩක් ස්තූති මල්ලියෝ කතාව කියවලා ඔයාගේ අදහස් කිව්වට ….
      ගොඩක් දුරට මං ආයේ කතාවක් අරන් එන්නම් …. ඒත් තව ටික කාලෙකින් …

      ගොඩක් පින් මල්ලියාගේ ප්‍රාර්ථනා වලට …??
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  26. ? Imasha Shehani ?

    පෙනනා තෙක් මානේ රැදිලා එදා
    හැමදා වැරදිමයි කළේ දැන දැනත් ඔයා
    හැමදා සංසාරේ තියෙනා තුරා
    යළි නොයෙන ඔබට ආදරේ තව තවත් කළා

    හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
    නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා

  27. අධිමාත්‍රාවෙන් ගන්නකොට බේතක් වගේම
    ආදරෙත් විෂ වෙන්න පුළුවන්…

  28. රශී අක්කියෝ ……ඔයා උඩ comment එකක් දාලා තිබුනා ……මන් එතන රිප්ලයි කලේ නෑ මෙතෙන්ට ආවා…….කෝමද අක්කියෝ ඔයාට ඉතින් ……..

  29. අවසානයක් නොමැති ප්‍රේමයක…
    හිමි අහිමිවීමක් නොදන්නා කතාවක…
    එක කොනක උබ…
    තව කොනක මම….
    ???

  30. උක්කූං පුතා

    වැටෙන්න වදිනකොට life එක ,
    උරහිසක් ඕනමයි මිනිස්සුන්ට
    වාරුවට..!! ?

    +++++++++ #ප්‍රේමය +++++++++

  31. හිත හැමදාම නතර වෙන්නෙ කවදාවත් මගේ කරගන්න බැරී අය ලග…………

          1. Sleeping beauty

            හැදුව නෙමේ මැණික ..කාලා ඉවරයි..??

  32. අදටත් තියාගෙන පෙම් හිත මා ගාව
    නුඹ දුක් විඳිනවා උහුලන්නද කෝම
    ඉර හද සේම අෑතින් ඉදගෙන බෝම
    සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරැම…

  33. Avi 1999 (kandy)?

    ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  34. ? Imasha Shehani ?

    විශ්වාසෙ කඩකරපු
    නුඹට හිත් දෙකක් සුදු ❤️❤️

    * කැත වැඩ සුදූ * ?

    1. මං උඩ රිප්ලයි කරා ඔයා දැක්කෙ නෑද❤?
      තරහ වෙන්න එපා මං පව්නෙ❤?

    1. ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
      ආදරයෙන් හමු වෙන්න ඇති …❤️❤️

  35. වෙන කාගෙවත් වෙන්න දෙන්නේ නෑ
    අඩු කඩනවා මරනවා කියපු උන්
    දාලා ගියොත් හොයන් එනවා කියපු උන්
    වෙන කාවවත් බදින්න දෙන්නේ නෑ කියපු උන්
    ඉන්නවා නේද….
    උන් අදටත් ඉන්නවා…
    අපිත් එක්ක නෙවෙයි වෙන උන් එක්ක
    හරි ලස්සනට ?

  36. සූර පප්පි?

    අයිතියක් නැති තැන
    බැදුනු හිත්
    අයිතියක් ඇති තැන
    නොබැදුනු හිත්
    ප්‍රේමය නිසා
    විඳවයි නම්
    තවත් කුමටද
    පෙම කර

    සංසාර ආදරී❤️

    මාව මතකද මන්දා?

    1. Sleeping beauty

      ඒක ලස්සනයි අක්කී..??

      කෝමද ඉතින් මදූ අක්කී..හොදින් නේද..බබයි අම්මයි දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න ඕනි හොදද ..?

      1. සූර පප්පි?

        දෝ…. ඉන්නවා නන්ගා කියන්න තරන් හොදකුත් නෑ? ඇද බදන් ඉන්න්වා…ඔයාට කොහොමද අම්ම අයිය හොදින් ද

  37. ? Imasha Shehani ?

    ” ක ” යන්න කියන්න ලොවටම ඇසෙන්න එන්න මගේ නංගී ?

    කෝ..

    එන්න ඉතිං ?

  38. පුපුරා ගිය හිරෝෂිමා වේ යලි සකුරා මල් පිපුනට
    දෙදරා ගිය හද්වතක යලි ආදර මල් පිපේවිද……….

          1. මේක පොතක තිබුන එකක් ඉමා අක්කියෝ ??

  39. ❤️? රශී ?❤️

    මතක තියාගන්න
    මම නැති දිනෙක හිනාවෙන්න
    මින්මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න…..

  40. උක්කූං පුතා

    කාටහරි දෙන්ඩ හිතෙනව
    තැලිච්ච හූනෙක් වගේ බිත්තියෙ
    ඇලවෙන්න..!! ?️

  41. ආදරෙත් හරියට නින්ද වගේ…

    ඕනේ වෙලාවට ළග පාතකවත් නෑ…
    එත් හැම වෙලාවේම නිදි කිරනවා..??

  42. උක්කූං පුතා

    කොච්චර කළත් කොහොම කළත්
    අන්තිමට ඇහෙන උදාන වාක්‍යයක්
    තමයි

    ” ඔයාට පොඩිදෙයක්වත් කරන්න
    බෑ මම වෙනුවෙන් ” ?

  43. උක්කූං පුතා

    ඔයාලා ඇදගෙන යන්න මම වැඩ කරන ගමන් ඉන්නේ 11හමාරෙන් පස්සේ එන්නම්

      1. හරි අයියේ… මාත් මේ බේත් බීල ඉන්නේ… ඒවාට නිදි මත එනවා. පුළුවන් වෙලාවක් ඉන්නම් මම..

          1. උක්කූං පුතා

            එතකොට ඔයා හැප්පින්නිද ??

          2. Sleeping beauty

            ඒම හිතෙනවා නම් මොනා කලන්නද ඒයි..??

  44. තේරුම් ගත්තා හැමදේම
    හොදම දේ වුනේ සමුදීම
    හැම සතුටකටම අවසානෙදී
    හිමිවෙන්නේ දුක විතරක්ද

      1. බියුටි අක්කා.. ?
        ඒකනි වැඩ අක්කා මේ ටිකේ හරියට
        කොහොමද ඉතින් හොදින් ඉන්නවා නේ

        1. නෑ නෙහ්. ඊයෙත් බේත් ගේනවා මම. උණ nam දැන් හොදයි. එත් ඔලුව රදයක් හැදිලා ඉන්න බැරුව ඉන්නේ.
          මම ඔයාට පොරොන්දු උනා නෙහ් අන්තිම කොටසට එනවාමයි කියලා ඒ නිසා මේ ආවේ..

          1. අනේ මගේ අක්කියෝ …???
            මහන්සි වෙනවා නේද මං නිසා …
            මං තරහ නෑ අක්කියෝ … අක්කී අසනීපෙන් ඉන්නේ කියලා මං දන්නවා නේ හොදට…

            මගේ අක්කිට ගොඩක් පින් ..????

            ඉක්මනට සනීප වෙන්න ඕනි අක්කිට …???
            දළදා සමිදුන්ගේ පිහිටයි ????

  45. අවස්ථාවාදී මිනිස්සු ඉස්සරහ
    මානුෂීය හදවත් හරි අසරණයි බන්.?

  46. ඔබේ අතැගිලි අතර අවකාශය
    නිර්මාණය කොට තිබෙන්නේ
    තවකෙකුට ඒවා
    පිරවීම සදහාය ……..
    සදහටම ඔබේ අත අල්ලා ගන්නා
    ඒ අත හමු වී යැයි
    මම සිතමි
    ඔබ කැමතිද ඒ මගේ අත්දැයි බලන්න……………

  47. උක්කූං පුතා

    nisu මගෙ නංගි කතාව කියවලා නෑ කොමෙන්ට් දාහක් දාන්න එන්න වෙන්නෙත් නැහැ ඒකට මට සමාවෙන්න හරි මහන්සි මට හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හරිද

    මම
    සඳ අක්කා

        1. අනේ මගේ අක්කියෝ ….
          ඒකට කමක් නෑ ….සමාව ඉල්ලන්න එපා මගේ අක්කී . එතකොට මට දුකයි හොදද …
          … මං චුට්ටක් වත් තරහ නෑ අක්කී එක්ක … මං දන්නවානේ අක්කී වැඩ ගොඩක ඉන්නේ කියලා …
          අක්කී පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද ….
          දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට ???
          හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ….
          ආදරෙයි අක්කිට ගොඩක් ….
          **************************
          අයියේ ….සඳ අඅක්කිට කියන්න හොදද ….☺️☺️☺️

  48. ඔබ‍ට වෙනස් විය යුතුම නම්…
    ඔබ වෙනස් වන්න…
    ඒ ඔබේ සැනසීම උදෙසාම මිස
    කිසිසේත්ම
    වෙනකෙකු සතුටු කිරීමට නොවේ.

      1. Ya ya long long time…
        ඉන්නවා ලොකු… මේ ටිකේ සනීප නෑ. බේත් බීල මේ දැනුත් ඉන්නේ..

  49. ජීවිතයට ආදරය කරන්න
    ආදරේ කරන්න ජීවත් වෙන්න
    ආදරය ජීවිතය ජීවත් කරාවි

  50. සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගව්ම ඇදලා
    අදනම් ඔයා ලස්සනයි
    ඇස් දෙක පියන් ඉන්න එපා තරහාවීලා
    මගෙ හිතට දැන් හරි බයයි
    පාලුවේ මාව තියලා යන්නෙපා යන්නෙපා යන්නෙපා

  51. Avi 1999 (kandy)?

    ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????????????????????????????????????????????????????????????????

  52. Hi. Daga බබාලා කොහොමද හොදින් ඉන්නවාද.අද නම් ඉතින් අම්මා ෆෝන් එක තියපන් කියලා බනිනකම්ම ඉන්නයි කල්පනාව මොකද අද ඉන්නම ඕනි දවසක්නේ…. nadda නිෂූවෝ ?.

    හරි එහෙනම් මුලිම්ම කතාවට කමෙන්ට් එකක් දාල එන්නම්කෝ

    අක්කි කතාවනම් ඇත්තටම කට කොනේ හිනාවක් තියාගෙන තමයි කියෙව්වේ… ඒ තරම් කතාව සුන්දරනියයි වගේම ආදර නියයි…කෙටියෙන්ම කියනවානම් කතාව ෆට්ට…..
    ගොඩක් ආසාවේන් කියවපු කතාවක් මේක….

    ඇත්තටම සුදුස්සාට සුදුසු දඩුවම හම්බ වුණා… අර කෙල්ලව අනාත කරපු ඒ මිනිහට නියම දඩුවමක් හම්බවුනා එත් ඒ දඩුවම එයාට මදි….
    අර කෙල්ල ගොඩක් දුක් විදපු කෙල්ලෙක් එක නිසා එයාට කවද හරි සතුට ලැබෙන්න එපැයි …
    ඒ වගේම අර කොල්ලට හිටිය අපාය සහගත මිතුරා අන්න නියම යාළුවා… එකටත් වරදින්නේ නෑ… එයටත් හොද ලස්සන කෙල්ලෙක් හොයලා දීලා තියෙනවා දෙයියෝ නෙමෙයි ඔයා ?…..
    මේ මුළු කතාවම ලස්සනට ගලාගෙන ගියා ඇත්තටම ලස්සනයි. මේ කතාවේ කොටස් 9යෙන් කොටස් 5කට වගේ තමයි කමෙන්ට් දාන්න පුළුවන් වුනේ. අනේ එකට සමාවෙන්න හොදේ..
    ඒ වගේම ඔයාගේ ඊලග කතාව එනකම් මන් බලන් ඉන්නවා අක්කි.. සුබපැතුම් අක්කි uuuuummmmmmaaaaaa…..
    ❤️?❤️?❤️
    Gn අක්කි ??…
    අක්කිගෙ වැඩ කටයුතුත් සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි.
    මයේ අක්කිට බුදුසරණයි ❤️?

    1. මගේ දඟ මල්ලියෝ .

      අනේ ඉතින් …..ගොඩක් සතුටුයි මල්ලියෝ ඔයා ගොඩක් ආසාවෙන් කතාව කියෙව්වා කීවම ….හදිස්සියේ වගේ ලීවේ… මං හිතුවෙ නෑ මගේ දඟ පැටව් මේකට ආසා වේවී කියලා ….

      වැරැද්දක් කලා නම් අනිවාර්යයෙන් දඬුවමක් ලැබෙන්න ම ඕනි කෙනෙක්ට … නීතියෙන් දඬුවමක් නොලැබුණත් අනිවාර්යයෙන් ස්වභාව ධර්මය හරි එයාලාට දඬුවම් දෙනවා කියලා මට කියන්න ඕනි වුනේ … අනේ ඉතින් … මට හිතුනේ නෑ ඊට වඩා ලොකු දඬුවමක් ….

      අෂාන්ගේ යාළුකම ඇත්තටම කෞෂාල්ට ලොකු ආශිර්වාදයක් වුනා ..මොකද ඒ වගේ යාළුකමක් ලැබෙන්න මං වත් පින් කරලා තියනවා කියලා මං හිතන්නේ නෑ …

      අෂාන්ගේ වයිෆ් උනත් එයාටම ගැලපෙන හොද කෙල්ලෙක් … කෞෂාල් ට එයාත් හොද යාළුවෙක් වුනා ….

      කමක් නෑ මගේ මල්ලියෝ …. හැමදාම කමෙන්ට් නැති වුනත් , මගේ මල්ලියා කතාව කියවලා මං දෙන්න උත්සාහ කරපු දේ හිතට ගත්තානම්…. සමාව ඉල්ලන්න එපා කවදාවත් … ඒක අඅක්කිට ලොකු වේදනාවක් ….??

      ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා ඔයාට දැනුනු දේ කිව්වට …??
      ඒ වගේම අක්කී වෙනුවෙන් කරපු ප්‍රාර්ථනා වලට ….????

      මල්ලියා හිතන පතන සියළු දේ සාර්ථක වෙන්න වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  53. ආදරය ඔබට ආදරය නොකරනවානම් ආදරයට් ආදරය කරන්න එපා
    ආදරය ඔබට ආදරය කරනවානම් ඊට කවුරුත් නොකල තරමට ආදරය කරන්න
    ආදරයට ආදරය කරන්න

  54. උක්කූං පුතා

    කිසිම කෙනෙක්ගෙන් මොනම
    මඟුලක්වත් බලාපොරොත්තු
    වෙන්න යන්න එපා..

    තමන්ගෙ part එක හරියට කරල
    බලාගෙන ඉන්න..

    මිනිස්සු හැසිරෙන විදිහෙන්
    දැනගන්න පුලුවන් ඉතුරු ටික..??

    #දැකලා_හිතුණා

    1. Avi 1999 (kandy)?

      ලොකු අයියෙ කොහොමද ඉතින් ඔයාට ❤️❤️ පරිස්සමින් සතුටින් සැපෙන් සනීපෙන් ඉන්නවා නේද ??

      1. උක්කූං පුතා

        මම හොදින් ආවී නංගී ඔයාට කොහොමද.. පරිස්සමින් සතුටින් ඉන්නව නේද.. අයියා වැඩ කරන ගමන් ඉන්නේ reply කරන්නම් හොඳේ

  55. ❤️? රශී ?❤️

    ආදරේ ඔබෙන් දැනුණු තරම්
    දැවී දැවී හිතම පෙළුණු තරම්
    ජීවිතේ සතුට මේ තරම්
    නැහැ දැනුණේ මේ ලෝකේ
    මට ලැබුණු ඔබගෙන් තරම්….

  56. ටික කලක සිටන් මා අමතක
    වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට
    කදුලැලි පිරුනා…
    පිපි මලක් එලෙස මහ වන මැද
    පරවී යනවා
    ලං වී සිටි ඔබ මාගෙන් ඈතට
    ඉගිලෙනවා..

    1. සූර පප්පි?

      හිතුන හිතුන වෙලාවට අයිස්ක්‍රීම් කන්න පුලුවන් එතකොට ?

    2. Avi 1999 (kandy)?

      කැමති වෙලාවක කන්ට පුළුවන්
      කැමති වෙලාවක නිදාගන්ට පුළුවන්
      කැමති තැනක යන්ට පුළුවන් ..
      නීති දාන්නෙත් නැ..
      කැමති කෙනෙක්ව ආශ්‍රය කරහැකි
      ????

    1. මොනාද අයියේ මේ කියවන්නේ…
      හිමිකාරී අන්න අරහේ බලන් ඉන්නවා. මෙය මෙතන වැලපෙනවා..?

      1. උක්කූං පුතා

        කෑගහන්න එපා යකෝ.. ඕකි මේ ඇප් එකේ කොමෙන්ට් බලනවා.. මේවා දාන්න එයාට කියලා කියන්නේ මම ??

  57. රණ්ඩු කෙක්ක මාත් එක්ක
    හේතු හොය හොය පැටලිච්ච
    කාලේ රැක්ක පෙමත් එක්ක
    හීන අඩනවා පැරදිච්ච

  58. උක්කූං පුතා

    ඔබ ලඟ නැති මේ සසරේ..
    තනිකම දැණුනා අඳුරේ..

    පැතුවා ඔබේ
    සිසිල උණුසුම් කතරේ..
    ඔබ මා ලඟ නැති අතරේ…!!

  59. Avi 1999 (kandy)?

    සුසුමක දැවටිලා කදුලින් බොදවෙලා
    මතකේ…. ඔබේ ආදරය තිබුණා
    තරුවක් ඉකිගසා හැඩුවා රෑ පුරා
    රහසේ පැතු ආදරය සැමදා ❤️❤️

  60. සූර පප්පි?

    ඉදලා හිටලා එන එකෙත් මොකක්ද එකක් තියෙනව නේ ???

    හැබැයි බලන්න එපිසෝඩ් ගොඩක් එකතු වෙලා?

  61. ❤️? රශී ?❤️

    පෙම් හීන මල් පිපෙන මාවතේ
    අපි ආදරෙන් උන්නු කාලයේ
    හදින් පෙම් කතා ඇසුනා
    හදේ රූ රටා මැවෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ…..

  62. කදුලට හේතු නොදී
    සිනහවකට හේතු දෙන්න පුළුවන් වෙන්නේ හරි අදරේකට විතරයි..❤

  63. ඔබේ සිනහව ලැබෙනවානම් මට් මල් උවමනා නැත්
    ඔබේ කටහඩ ඇහෙනවනම් මට සන්ගීතය උවමනා නැත්
    ඔබ මට කතාකරනවනම් මට කිසිවෙක් උවමනා නැත්
    ඔබ මගේ මිතුරා වෙනවානම් මට ලෝකයම උවමනා නැත්

          1. හ්ම්ම්ම්ම් ඔව් අක්කියෝ ……මන් ආවෙ හරියටම ලොකු අයියා යන්න ටික දවසකට කලින්…

  64. Avi 1999 (kandy)?

    මතකයන් හිත පාරවයි
    වසන්තේ කොහෙදෝ ගිහින්
    ජීවිතේ තැනක නතර වී
    මැකී යයි පිය සටහන්
    පාසලෙන් ❤️

    1. සෙනෙහක් නෑවිදින් ඇවිදින් ගියා
      නුබ වදන් මතකෙන් ගිලිහී ගියා ❤️

  65. ..ප්‍රේමයකදී වැඩිපුරම සමාව ගත්තේ වැරදි කරපු කෙනා නෙමෙයි වැඩිපුරම ආදරේ කරපු කෙනා…, ❤️??

  66. ? Imasha Shehani ?

    නිශූ අක්කි ❤️

    කතාව හරිම ලස්සනයි අක්කියො ?

    ගෑනු ළමයෙක්ගෙ ජීවිතය වීදුරුවක් වගේ කියන එක ඇත්ත. බිදුනොත් බිදුනමයි. වටිනාකම නැති වෙලා යනවා.

    හැබැයි එහෙම වැරදුන ගෑනු ළමයෙක්ට සුන්දර ජීවිතයක් දෙන්න පුලුවන් තවත් සුන්දර මනුස්සයෙක්ටම විතරයි ?
    හරියට කෞෂාල් වගේ. ❤️

    ආශා එක පාරක් ජීවිතය වරද්ද ගත්තා. තවදුරටත් වැරදෙන්න තිබුණා… කෞෂාල්ව මුණ නොගැහුණා නම් ?
    එහෙනම් අර නපුරු මිනිස්සුන්ට අහුවෙලා වෙන්න ඕන ඔක්කෝම වෙලා ලස්සනට ගෙවන්න ඕන තවත් එක ජීවිතයක් විනාස වෙලා යනවා.

    ඒත් මට හිතෙනවා ආශා මුල් කාලෙ හැසිරුණු විදිය වැරදියි කියලා . ඒ කිව්වෙ කෞෂාල් එයාගෙන් ආදරේ ගැන අහන කාලේ…

    ආශා හිතුවෙ ගොඩාක් negative විදියට නේහ්. කාන්තාවක් කියන්නෙ පුදුමාකාර ශක්තියක් තියෙන පිරිසක්. පොඩි දේටත් කෑගහලා ,ඇඩුවත් ගැහැනියක්ට පුලුවන් උත්සාහ කළොත් ඕනම තත්ත්වයකින් මිදිලා ජීවීතේ ඉස්සරහටම යන්න.
    ආශා ඕක තේරුම් ගන්න ටිකක් පරක්කු උනා. නැත්නම් හිත හදාගෙන මුලදිම කෞෂාල් ළගට යන්න තිබුණනේ ?

    සමාජෙ හරි කෲරයි. තාවකාලික සැපතක් නිසා ගෑනු ළමයෙක්ගෙ ජීවීතේ විනාස කරන්න දෙපාරක් හිතන්නෙ නැති මිනිස්සු ඉන්නෙ.

    එහෙව් මිනිස්සු අතරේ ඉන්න සමහර මිනිස්සු අපි කාගෙ කවුද කියලවත් නොදැන අපිට උදව් කරන්න එන හැටි ඊටත් පුදුමයි.

    ආශාගෙ නෑදෑයොම ආශාව පිළිකුල් කරද්දී කිසිදවසක තමන්ව අදුරන්නෙ
    නැති කෞෂාල් එයාට රැකවරණය දුන්නා.

    ඉතින්… අක්කි ඇත්තටම මට තේරෙන්නෙ නෑ කතාව ගැන කියන්න ඕන මොනවද කියලා ??

    අපි ඕනම කෙනෙක්ට සුබවාදීව හිතලා බුද්ධිමත්ව වැඩ කළොත් සාර්ථක ප්‍රතිඵල ලබන්න පුලුවන්…?
    හරියට ආශාගෙ අසනීපය ගැන කෞෂාලුයි ,එයාගෙ යාලුවොයි එකතු වෙලා වැඩ කරා වගේ.

    ගොඩාක් අයට දෙවෙනි පාරට ලස්සන ජීවිතයකට යන්න තියෙන ඉඩ අඩුයි..
    ඒත් ආශාට අහම්බෙන් හරි ඒ ලස්සන ජීවීතේ විදින්න ලැබුණා කොහොම හරි ?

    කතාවට ලස්සන අවසානයක් ලැබුණ එක ගැන නම් මාර සතුටුයි අක්කියො ☺️ නැත්නම් මාස ගාණක් යනකන් හරි දුකයිනේ….

    ඉතින් අක්කියා…?
    අක්කිට හදවතින්ම සුබ පතනවා මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ,ධෛර්යය ,වාසනාව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ?

    තවත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඉක්මනින් ම එන්න ?

    අක්කිගෙ සියලු අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා ?

    ජය වේවා ✌

    අදුරේ තිබුණූ මගෙ දිවියට ආ
    සද එළිය නුඹයි
    නිවෙමින් තිබුණූ මේ පහනේ
    ගිනි සිළුව නුඹයි
    වැටෙමින් තිබුණූ මේ පිණි බිංදුව
    රැක ගත්තෙ නුඹයි
    ඉතින් හිමියනී පණ ගැහෙන මහදේ
    හිමිකරු නුඹම තමයි
    ? ආශා ?

    1. මගේ ඉමා නංගා ……

      ඔයා හරි නංගා … කෙල්ලෙක් ගේ වීදුරුවක් වගේ ඒ ජීවිතේ දෙමාපියන් භාරකාරයින් ඇහේ කනේ තියලා පරිස්සම් කලාට වැරදි ආශ්‍රයක් නිසා , වැරදි බැඳීමක් නිසා ඒ වටිනාකම බිඳිලා යන්න ගතවෙන්නේ චූටිම චූටි කාලයක් ….

      ඒ වීදුරුව ආයේ තිබුනා වගේ හරිගස්සන්න බැරි වුනත් ආයේ ම ජීවිතයක් දෙන්න පුළුවන් වටිනා මිනිස්සු මේ ලෝකේ නැතුවම නෙවෙයි ඉතින් … හරියට කෞෂාල් වගේ ….කෞෂාල් තමයි ආශාගේ වාසනාව වුනේ ….

      ආශා ගැන ඔයා හිතුවා වැරදිත් නෑ … ඒත් නංගා ආශා හිතුවෙ කෞෂාල් ගැන … එයා කෞෂාල්ට මුළු හදවතින්ම ආදරේ කලා …

      ආශා නෙගටිව් වෙච්චි එක නම් වැරදි තමයි .. මොකද කෙල්ලෙක් උනාම නංගා ඒ කිව්ව හයිය අනිවාර්යයෙන් ම තියෙන්න ඕනි …. මට ඕනි වුනා ඒ වගේ චරිත ත් මේ ලෝකේ ඉන්නවා කියලා පෙන්නන්න …

      මේ සමාජයේ රෝහිත වගේ මිනිස්සු ඕනි තරම් ඉන්නවා … කෙල්ලෙක්ගේ ජීවිතේ සෙල්ලම් බඩුවක් කරගන්න ….

      ඒ වගේම කෞෂාල් වගේ අයත් හැමතැනම නැතත් අතරින් පතර හරි ඉන්නවා ….

      හැමදේකම නරක පැත්තක් වගේම හොද පැත්තකුත් තියනවා …. ඒක හරි විදියට පාවිච්චි කරලා වැඩ කලොත් කරන්න අමාරු දෙයක් වුනත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා….

      ආශාගේ පවුලයි කෞෂාල්ගෙ පවුලයි හාත්පසින්ම වෙනස් සමාජ කොටස් දෙකක් ඔයාලාට පෙන්නනවා…

      ඉතින් මගේ නංගා මට ගොඩක් සතුටුයි කතාවෙන් කෙල්ල දෙයක් අරන් කියලා දැනගත්තාම….නිසදැස ගොඩක් ලස්සනයි හොදද …..

      ගොඩ ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා ඔයාට දැනුනු දේ වචන කලාට….???
      ඒවගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට ..???

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      වරක් රැවටුණු මගේ
      දිවිය හැඩකලෙ නුඹයි
      අහඹුවෙන් හමුවුනත්
      හිත ඉල්ලුවේ නුඹයි
      මලක් අග රැදි පිණි බිදක් සේ
      සිනහ දුන්නේ නුඹයි
      ළඟ ඉන්න රත්තරන්
      මගේ පණ ටික නුඹයි ……

  67. රේඩියෝ චැනල් වලට කතා කරලා සින්දු ඉල්ලන මට
    .
    .
    .
    Spotify අහන ඔයාව ගැලපෙන්නේ නෑ රත්තරන් ???

        1. අනේ 4n එකේ අවුලක් උනා මැණික.මාත් බයේ හිටියෙ එන්න බැරිවෙයි කියල

  68. Ane nishu….mt oyawa ibinna hithenawa…kathawa lassanai mge metti……….❤️❤️❤️❤️????????????????????? ammo kelle.iwra unta mt mra sathutui.kathawann lassanama lassanai.

    1. හංසි බෝලේ …

      ගොඩ ගොඩක් සතුටුයි හංසියෝ කතාව කියවලා ඔයාගෙ අදහස් කිව්වට

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  69. ? Imasha Shehani ?

    කිසිදාක රණ්ඩු කරන්නෙ නැතුව සතුටින් ඉන්න ජෝඩුව තමයි
    ” සෙරෙප්පු ජෝඩුව “

  70. ඇස්වල තිබ්බ කදුලු හැමෝටම පෙනුනට හිත්වල තියෙන කදුලු පේන්නේ අපි ගැන දන්න අය්ට විතරයි …………

      1. මොකද්ද අනි… මල් මාලයක් දිලා ශේප් වෙන්න හදන්නේ… කන්නත් මොකුත් ගේන්න ඉතිං ???

  71. හිත් ගත් මිනිස්සු අතර
    වෙස් ගත් මිනිස්සු බොහෝ ඇත..

    #පරිස්සමින්

  72. නෑදෑයී අසල්වැසි යෝ යාලුවො අපේ මරනයට හැර අන්ත් හැම දේටම ඉරිසියා කරනවා

  73. නිශු බෝලේ අක්කි හෙට උදේ කමෙන්ට් එක දෙන්නම් ද… තරහ වෙන්න එපා මැණික මං තාම කතාව කියෙව්වේ නැ…. ?? මං කියවලා හෙට කමෙන්ට් එකක් දාන්නම්… කමෙන්ට් 1000 දාන්න ඉන්නවා හොඳද මං… ක්ලාස් එකක් තිබ්බා මැණික අද…

    1. ඒකට කමක් නෑ මගේ අක්කියෝ ….
      ඔයා අසනීපෙන් හිටියේ නේද …
      දැන් කොහොමද ….

      මං ඒත් ඔයාව තනියම මතක් කලා … අසනීපෙ අඩු නැද්ද දන්නේ නෑ කියලා මුකුත් ඇහුවේ නෑ මං ….
      පරිස්සමෙන් ඉන්න හොදද මගේ අක්කී ….

  74. නෑදෑයී අසල්වැසි යෝ යාලුවො අපේ මරනයට හැර අන්ත් හැම දේටම ඉරිසියා කරනවා??

  75. නිශු අක්කියෝ මාත් හෙට උදේට comment එකක් දන්නම් හරිද මගේ අක්කියෝ ………

  76. ? Imasha Shehani ?

    අපි ඉන්න තැනින් නැගිටිනකන් බලාගෙන ඉදලා අවංකව සතුටු උනේ බස් එකේ හිටගෙන ගිය මිනිස්සු විතරයි ???

  77. කාලයක් යද්දී තේරෙනවා
    කාලය ගියා විතරයි
    ඇත්තටම මොකුත් තේරුනේ නෑ කියලා…?

  78. ? Imasha Shehani ?

    ? අයියේ කේන්දර බලලා කසාද බැන්ද අය ඩිවෝස් වෙලා තියෙනවද?

    ? දෙපැත්ත බලලා කහ ඉර පැනපු උනුත් හැප්පිලා මැරිලා තියෙනවා බන්
    ?????

    1. Avi 1999 (kandy)?

      පායන සදේ සීතල රෑයේ
      නුබ වාගෙ හින හෙන්නෙ
      නාදෙට නුබේ සැලුනා මගේ
      හෘදේ නුබටයි පූජ කලේ

      ?????

  79. ? Imasha Shehani ?

    ? මට ඔයාගෙ ලොකුකම තමයි දිරවන්නෙ නැත්තේ…

    ? දිරවන්නෙ නැත්නම් ගස්ලබු කෑල්ලක් කන එකයි ඇත්තේ …

    ???

  80. ගොනෙක් වගේ ඉදල බලන්නකෝ ටිකක්…
    කි දෙනෙක් උබව දක්කන්න බලන් ඉන්නවද කියලා එතකොට තේරෙයි…??

      1. එහෙම අමතක වෙනවද අප්පේ…මතකයි ලොකු අයියේ …හොදින් ඉන්නෝ නේද …?

  81. ❤️? රශී ?❤️

    හැම හමුවීමක් යටින්
    මහ නොලැබීමක් අරන්
    කාලය ඉන්නවා බලන්
    සත්තයි මගේ රත්තරන් ….

  82. උක්කූං පුතා

    මගුල කසාද බදින්න කලින් ඔය කෙල්ලො ලොකු ටොක් දුන්නට නැන්දම්මට ගූ බයයි ඒකයි???????

  83. Avi 1999 (kandy)?

    හම්බන්තොට මුහුදු වෙරළෙ වැලි කැට ගානට
    මම් ඇඩුවා ඔයත් එක්ක පැන ආ පාපේට
    අම්මා එක්ක තරහා වුනේ පළමු වතාවට..
    දුකක් දෙන්න එපා දෙයියො අසරණ කෙල්ලට ??

    1. උක්කූං පුතා

      නෑ නෑ කවදාවත් දුකක් දෙන්නෑ මාළු අල්ලන්න මුහුදට පිටත් කරනවා ඇරෙන්න

  84. ? Imasha Shehani ?

    පාඩම් කරන්න ඕනෙ කියලා ෆෝන් එක පැත්තකින් තියනවා ?

    ෆෝන් එක : ඔය ඇස් කතා කරනවා
    මගෙ දිහා බල බලා

    ????

  85. මං බස් එකේ පිටි පස්සේ දොරෙන් නැග්ගේ.. මැද හරියේ තියෙන අයිනේ සීට් එකක ඉඳගෙන ඉද්දි තමා ඔයාව දැක්කේ… මටම දැනුණා මගේ ඇස් ඔයාව දැකලා දිලිසෙනවා… මට හරි සතුටක් දැනුණා ඒ වගේම ලැජ්ජාවකුත්…??

    ඔයා ඉස්සර දොරෙන් නැග්ගේ… අම්මෝ සුවද.. මට ඉවසන්නම බැ… ඔයා ටික ටික ළගට එනවා…

    අහන්නත් ඕන… ඉවසන්නම බැනේ.. ඒත් ලැජ්ජයි… කොහොම හරි මං ඔයාගෙන් අහනවා කියලම හිතා ගත්තා…

    හිතට ගට අරගෙන ලගට ආව ඔයාගෙන් මං ඇහුවා…???

    ” අයියේ ඉස්සෝ වඩේ පනහට කීයක් දෙනව ද…”

    ??????

  86. ❤️? රශී ?❤️

    ඔබට මතක නැති මතක මැවේ
    රිදුණා මේ දෑස ආයේ කදුලු පිරී….

  87. ? Imasha Shehani ?

    ඩොක්ටර් කිව්වා රෑට හිගන්නෙක් වගේ කන්න කියලා ?

    මං මේ ඉරුණු ඇදුම් ඇදගෙන බිම වාඩි වෙලා කොත්තුවක් කන ගමන් ?

    ??

    1. උක්කූං පුතා

      වටපිටාවේ කවුරුත් නෑනේ නැතිනම් නූල් බඳින්න වේවි ඉරිච්ච ඇඳුම් ඇඳගෙන

  88. . කෙල්ල : මේ ඇයි අනේ ඔයා ඔච්චර බොන්නේ.
    දවසකට 1000ක විතර බොනවානේ ?
    කොල්ලා : ඉතින් ඔයත් 2000 විතර මේකප් කරන්නේ?
    කෙල්ල : ඉතින් ඒ ඔයාට ලස්සනට පෙන්නනේ ☺️.
    කොල්ලා : ??????. ඉතින් මටත් ඔයාව ලස්සනට පෙන්නේ බිව්වට පස්සෙනේ… ?

    ඒ මේ යාලු එහෙනම් මාත් කැෆුන හොදේ මගේ සිග්නලුත් ටිකක් අවුල් ඒකයි අම්මා තාම ජාතිය ඇමතුවේ නෑ අමතන්න කලින් ෆෝන් එක තියන්නත් එපැයි…
    එහෙනම් මන් ගියා හැමෝටම සුබරත්රියක්. මයේ ලොකු ඔයාටත් good night කිව්වා ඕන් .
    එහෙනම් මගේ බුද්දිමත් දගයිනේ මේ මෝඩ දගයා දැනට ගියා…. uuuuuuuuuummmmmmmmaaaaaa… ?

    1. උක්කූං පුතා

      සුබ රාත්‍රියක් මගෙ මල්ලි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

    2. සුභ රාත්‍රියක් මගේ මල්ලියෝ ..
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    3. ගුඩ් නයිට් මල්ලි…
      සතුටින් පරිස්සමින් ඉන්න…
      බුදුසරණයි…

    4. ගුඩ් නයිට් දගයෝ…පරිස්සමෙන් සතුටින් ඉන්න …බුදු සරනයි ඔයාට …?

  89. යන්න එපා…. කියලා කැගැහුව…
    නවත්තගන්න හැදුව….
    බැරිම තැන අත්පුඩිත් ගැහුවා….
    එත් දාල ගියා..??
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කොල්ලා නෙවෙයි අනේ…
    .
    .
    .
    .
    චූන් පාන් එක….????

    හූ හූ… රැවටුනා නෙහ්…

    1. චූන් පාන් කියන්නේ බොරුවට යැ… අපිව චූන් කරලා එයා පලායනවා…???

  90. උක්කූං පුතා

    නිරෝදායනය කරන තැනත් බෝතලයක් 5000/= කියන්නේ??????? සල්ලි අරන් ගියාම ඇති අරක්කු අරන්යන්න ඕන නෑ.

    1. ? Imasha Shehani ?

      මං නම් හොදින් ,සැපේ ඉන්නවා මලී අක්කියා ?

      ඔයාට කොහොමද ?

  91. ? Imasha Shehani ?

    EGB නැතුව කෑම එපාය
    Sprite පැහැදිලිවම තිබහටය
    M S G මැගී රස ගුණය
    ? මහරගම ?
    අපේක්ෂා රෝහලේ ඉඩ මදිය

  92. උක්කූං පුතා

    ජීවිතේ විඳපු සුන්දරම් වේදනාව සිපර් එකට අහු වීමම තමයි?

      1. උක්කූං පුතා

        හිනා වේවි ඔයා අත් දැකීම ලබන්න පුලුවන් උනානම් ???

  93. සොයා බැලුවේ තරහා ගත්තේ ටිකක් සැර කරලා නීති දැම්මේ මගේ හින්දයි
    හදා ගන්නයි ඔයා වැරදියට වටහා ගත්තේ………….

  94. උක්කූං පුතා

    ගෙයක් හදන්න වැලි ඕනේ උනාට,
    ගේ හැදුවට පස්සේ වැලි ගෙට එනවට
    මිනිස්සු කැමති නෑ..
    හරිනේ….
    ?

    1. සහතික ඇත්ත…
      සමහරු වැලි පැගෙනවටත් කැමති නෑ. ගේ ඇතුලටත් සෙරෙප්පු දාන් ඉන්නේ..?

  95. හිත රිදෙන හැම වෙලේම??????

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    අයිඩෙක්ස් ගාලා චේදනාව සමනය කරන්න බැ ෆෙන්ඩ්ස්…
    ????

  96. උක්කූං පුතා

    හැම කෙනෙක්ටම වැස්ස එක්ක ලස්සන මතක තියෙනවා.
    එක කුඩේ යටින් අත් අල්ලන් යන ගමන් එකපාරම වැස්සේ තෙමි තෙමී දුවනවා වගේ ඒවා. ❤️?

  97. .දාන කමෙන්ට් එක දාන තැනට නෙමෙයි වැටෙන්නේ එක මගේ අවුලක් නෙමෙයි ඔයාලගේ ඉස්පිඩ් එකේ අවුල් විනාඩියකට කමෙන්ට් හත අටක්ම වැටෙනවා…. සතුටුයි හොදේ…..
    සමාවෙන්න කමෙන්ට් දාහා ෆීල් වෙනකන් ඉන්න බැරිවුනාට……
    කමක් නෑ තව ටිකයි තියෙන්නේ ඔයාලට පුළුවන් කමෝන්. එහෙනම් දගයා දෝ ගන්න වෙලාව ආව මම ගියා

  98. උක්කූං පුතා

    කවදද බං අපි ආයෙම මේ මාස්ක් ගලවලා නිදහසේ හුස්ම ගන්නේ?

  99. ? Imasha Shehani ?

    Good Night උක්කුං පුතා අයියා
    Good night දග ගෙඩි හැමෝටම
    ????????

    හැමෝම පරිස්සමට ඉන්න,සතුටින් ඉන්න.
    තෙරුවන් සරණයි හැමෝටම

    ටටා ????
    ????

    1. උක්කූං පුතා

      කොහෙද යන්නෙ මෙන්න මේ ඉන්නං කොමෙන්ට් දාහක් හුරුවන යමු… කතාවට ගැලපෙන කොමෙන්ට් එක හෙට දෙන්න

  100. එදිරිමුණි ලියන කතා වගේද බන්
    අපි ළග හිටපු උන් අපිට කිව්ව කතා…

    රයිගම් නෙවෙයි ඔස්කා සම්මානේ දීලත් මදි ඒවාට…? ඒ තරම් එව පට්ට..?

  101. අහන තරමක් පද අහගත්තේ

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    සංගීත කාමරේදි තමා.. මිස්ගෙන් එක පදෙන් පදේ අහගෙන සිංදු පාඩම් කරේ අපි… හ්ම්…??

  102. උක්කූං පුතා

    දොයි මතයී…? කිව්වම නිදා ගන්න බූරුවො කියන්න කවුරුත් නෑනෙ.? සෝ සෑඩ්ඩ්ඩ්

  103. ප්‍රාර්ථනා කරන්න් ජීවිතේ පහසු වේවායි කියා නොව
    අපහසු අවස්ථාවලදී මුහුණ දෙන්න ශක්තිය ලැබේවා කියා

      1. ? Imasha Shehani ?

        බලාපොරොත්තු දහස් ගාණක් හිතේ පොදි බැදගෙන ඒවා එකින් එක ඉටු කරගන්න දගලා දගලා ඉස්සරහට යන හරි අමාරු, මහන්සි දැනෙන දිගු ගමනක් ?

  104. ? Imasha Shehani ?

    ඇත්තම කිව්වොත් උක්කුං පුතා අයියගෙ කටින් ‘ ආයෙ එන්නෙ නෑ ‘ වගේ වචනයක් අහන්න බය නිසයි මං good night කියලා මාරු වෙන්න හැදුවෙ ?

    1. උක්කූං පුතා

      ආයෙත් ඉතින්. ආයෙත් ඉතිං එන්නේ මගේ දගගේ කතාවක් අවසන් කොටසට තමයි… නොකිය මාරු වෙනවට වඩා ඔය වගේ කියලා යන එක හොඳයි නංගී… ආදරෙයි ඔයාට පැලෙන්න

  105. උක්කූං පුතා

    ඕනම ප්‍රශ්නෙකට ක්ෂණිකව නිවැරදිම උත්තර දෙන දෙවිවරු දෙන්නෙක් මට දීලා තියනවා..මොන ප්‍රශ්නෙ ආවත් මුල්ම කෝල් එක මේ දෙන්නට තමා..
    තාත්තා❤️
    අම්මා ?
    පැය ගානක් කල්පනා කලා අද ප්‍රශ්නයක් ගැන මේ දෙන්නා විනාඩි 5න් විසදුමක් දුන්නා..මං කොච්චර දුරින් ඉදියත් එයාලගෙ ආදරේ කවදාවත් අඩු වෙන්නෙ නෑ..?

    1. අනිවාර්යයෙන්ම කොච්චර ප්‍රශ්න ආවත් අත් නොහැර ලගින් ඉන්න දෙන්නා
      තාත්තා ❤?
      අම්මා ❤?

    2. කොච්චර දුරින් හිටියත් අම්මගෙයි තාත්තගෙයි ආදරේ වගේම ආශිර්වාදය ත් කවදාවත් නැති වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ ……….

  106. රූපෙට ආදරේ කරන එකා
    උබට වඩා තව ලස්සන එකෙක් දැක්කම උබව දාල යන බව මතක තබාගන්න…

  107. උක්කූං පුතා

    දතක් එනවා..? මුලු කම්මුලම ඉදිමිලා..ඈ යකෝ 28 වෙලත් දත් එනවද.

    1. යකූ මෙන්න වැඩක් …..අයියගේ බබාලට දත් එන්න ඕනේ කාලේ අයියගේ දත් එනවලු……???

        1. උක්කූං පුතා

          අපි තාම අත දරු පොඩි චූටි හුරතල් නාම්බෙක් ඒකයි තවමත් එන්නෙ හරිද mali නංගී

          1. උක්කූං පුතා

            කුක්කු මතක් කරන්න එපා යෝදියේ ????

          2. ඇයි අනේ කුක්කු මතක් කරන්න එපා කියන්නේ…ඕනේ වෙලාද ….???

  108. ❤️? රශී ?❤️

    මගෙ නිශූ බෝලේ කමෙන්ට් එක දාන්න හිතුණා මට….ඒක නිසා කියවලා දැම්මා ඔන්න……

    ඇත්තමයි නිශූ ලස්සනට ලියන්න පුලුවන්නේ මැණික ඔයාට…….ආසාවෙන් කතාව කියෙව්වා මන්…ඒත් සමාවෙන්න අන්තිම කොටසට විතරක් කමෙන්ට් එකක් දාන්න උන එකටනම්….මේක දැන්ම දැම්මේ මට වෙලාවක් එන්නැතිවෙයි කියලා හිතුණ නිසා……

    ආශා දුක් වින්දට අවසානේ හරි ආදරයක් හම්බුණ නිසා ඒ හිත සතුටින් පිරිලා ඉතිරිලා ගියා නේද….ජීවිතේ නවකතාවක් වගේ අපිටම ලියාගන්න පුලුවන් උනානම් ඒම නෑනේ ඉතින්….ගොඩාක් අය වචනෙට කතා කරන විදියට රැවටෙනවා නන්ගා….ගොඩාක් විශ්වාස කරලා ජීවිතේ වරද්දගත්තාම තමයි තේරුම් යන්නේ තමන් විසින්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගෙන කියලා…හැබැයි ආශාට වරදක් කියන්නත් බෑ….චූටි වයසට සමාජේ ගැන දැනුමක් නෑනේ කොහොමත්…ඒ නිසා රැවටුණ එක ආශාගේ වරදක් විදියට මන් දකින්නෑ……

    කෞශාල් මාරම කොල්ලෙක්….දිල්කි ඒ ජීවිතෙන් ගිය එක හොදයි ඒම නැතිනම් ආශා වගේ කෙල්ලෙක් කෞශාල්ට හම්බෙන්නෑනේ….හැමදේම වෙන්නේ හොදට කියන්නේ ඒක තමයි….පහු වෙලා හරි ජීවිතේට හරියන කෙනා හම්බුණානේ….ඉතින් ඒකම ඇති ඒ ලෝක ලස්සන වෙන්න…..දෙන්නට දෙන්නා ආදරේ නිසාමනේ අනිත් කෙනාගේ සතුට ගැන විතරක්ම හොයන්නේ…එහෙම ආදරයක් තමයි හැමෝගෙම පැතුම….හරි ලස්සනට ඔයා ඒ කතාව ලියලා නන්ගා….

    ආයෙම කතාවක් ලියනවා නේද….කමෙන්ට් එක පොඩි උනාට සමාවෙන්න මැණික හොඳද …..

    තව මේ වගේ කතා ගොඩාරියක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නන්ගා….සතුටින් පරිස්සමින් ඉන්න …..බුදු සරණයි ඔයාට……❤️❤️❤️❤️❤️

    කප්පරක් දුක් ගොඩක
    ගෙව්වා දින ගනන් මම
    කදුලු මුතු මගෙ තනිය
    රැක්කා මහ රෑ නිතර
    අමාවකින් පසු පෑයූ
    පුරවකට සම කෙරුව
    සද කුමරු නුඹ ඇවිත්
    නොකියාම මගෙ ලගට

    …..❤️❤️ ආශා ❤️❤️…..

    ලියන්නට පද පෙලක්
    හිස්ව ගිය මගෙ පොතට
    පසුවදන ගැලපූවා
    මගෙ කුමරි හරි යසට
    ආදරේ සෙනෙහසේ
    පිළිඹිබුව නුඹ වූ කළ
    කුමට නම් ලතැවුල්ද
    ගෙවී ගිය කාලයට….

    ❤️❤️ කෞශාල් ❤️❤️

    1. මගේ රශී අක්කියෝ …..??

      ගොඩ ගොඩක් සතුටුයි අක්කී කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා කීවම…
      හැම කොටසකම කමෙන්ට් නෑ කියලා මං තරහ නෑ මගේ අක්කී … සමාව ඉල්ලන්න එපා අක්කී ඔයාගේ නිෂූ නංගිට එතකොට දුක හිතෙනවානේ…

      ඇත්තමයි මගේ අක්කී … කෙනෙක් චාටුවෙන් හුරතල් වෙවී කතා කරද්දී ගෑනු හිත් ඒ ඉස්සරහ ගොඩක් සංවේදී වෙනවා… ඒකට හරිම වචනය මං හිතන්නේ රැවටීම තමයි …. ආශා වුනත් මූණ දුන්නේ එහෙම දෙයකට ..එයා හිතුවෙ රෝහිත කියන්නේ ගොඩක් හොද කෙනෙක් කියලා …. ඒත් නොතේරුම් කමට ඒ හිතට වැරදුනා …

      මේ සමාජයේ ආශා වගේ හදිස්සි තීරණ හින්දා ජීවිතේ විනාශ කරගත්ත අය කොච්චර නම් ඇතිද ….

      කෞෂාල් වගේ කොල්ලෙක් ලබන්න ආශා ගොඩක් පින් කරලා තියනවා …. ඒ වගේ තමන් ගැන හිතන කෙනෙක් ..
      ??
      දිල්කි කෞෂාල්ගෙන් ඈත් වුනේ කෞෂාල්ට හොද පාඩමක් කියලා දීලා …
      ඉතින් ඒ නිසා ආයේ පාරක් වැරදි තීරණයක් ගත්තේ නෑ …

      අක්කී හරියට ම හරි … කෞෂාල්ගෙ වගේ ආදරයක් ලැබෙන්න තමයි කෙල්ලෙක් ගොඩක් කැමති ….

      ආයෙම ලියන්නම් මගේ අක්කී … මේ ලැබුනූ වටිනාකම නිසාම ඒ ආසාව තවත් වැඩි වුනා මට …

      කමෙන්ට් එක පොඩි නෑ මගේ අක්කී … හිත පිරුනා ඒ වචන වලට …

      ගොඩ ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා ඒ ගැන අක්කිගේ අදහස් කිව්වට …??
      ඒවගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …??

      අක්කිගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම…

      කොතෙක් දුක් ගැහැට
      වින්දත් එදා නුඹ
      නුඹේ ඔය දුක් කඳුළු
      හරි බරයි මගේ හිතට
      අහඹුවෙන් දිවි පැමිණි
      නුඹට මා හිත බැඳුන
      ළඟ තබා රකිමි මං
      ආදරෙයි මගේ මැණික …

      ❤️❤️❤️ කෞෂාල් ❤️❤️❤️

      පලමු පෙම හින්දා
      නුඹත් දුක් වින්දා
      හිතුවෙ නෑ ළං වෙන්න
      ආදරේ ඉල්ලා
      නුඹට රිසි නම් මාව
      දිවිතුරා පෙම් දීලා
      හිඳිමි පෙම්බරාණෙනි
      නැත තැවුල් හංගා…
      ❤️❤️ ආශා ❤️❤️❤️

  109. කවදාවත් අමතක කරන්න එපා
    කිසි කෙනෙක් නැති වෙලාවක
    ඔබ ලගින් ඉදපු මිනිස්සුන්ව
    ඔබේ මුවට සිනහවක් ගෙනාපු මිනිස්සුන්ව

    1. උක්කූං පුතා

      දැන් කාලේ ඉන්න උන් කරන්නේ ඕකෙ අනිත් පැත්ත නේ… දුක නැති කරාම සතුටින් ඉන්න පුරුදු කරාම තව උන් සෙට් උනාම අර දුක නැති කරපු එක අමතක වෙනවා.. නිකන් නෙවෙයි අමතක කරන්නේ මොනවා හරි කියලා හිත රිද්දලා

    2. ❤️? රශී ?❤️

      ඒකනම් ඇත්ත නන්ගා දුක නැති කරලා සතුට දුන්න අයව සතුටින් ඉන්නකොට අමතක වෙනවා…..

  110. හොදයි කියලා හිතන් ඉන්න අයත් අපිව රවට්ටද්දි…

    අනිත් අය ගැන කවර කතා ද…

    1. අම්මෝ… ඒක නම් හරියට ම හරි අක්කියෝ …
      අත්දැකීමෙන් ම කියන්න පුළුවන් ….

  111. ? Imasha Shehani ?

    හෙමින් කතා කරන පුරුද්දක් මට නම් ඇත්තෙම නෑ

    ළග ඉන්න කෙනාට රහසින් දෙයක් කිව්වත් මුලු ගමම දන්නවා ?

    1. ❤️? රශී ?❤️

      හපොයි පියූ බෝලේ කොහෙදැයි මේ ඉන්නේ…..??????

      ස්තූතියි මගෙ බෝලේ….❤️❤️❤️

  112. සමහර හිත් හරිම නම්බුකාරයි
    මොනතරම් අඩු පාඩු තිබුනත්
    හැමදෙම දරාගෙන
    හැමදාම එකම එක හිතක් මත්තේ ම nahina

    1. කොහොමද ඒ හිත මත්තෙම නැහිලා ඒ හිත වෙන කෙනෙක්ගේ වෙද්දි දැනෙන සතුට ?

    1. අනේ ඒක දැනුම් දෙන්න ඔයා හරියට මහන්සි උනා නේද මගේ අක්කියෝ ……පව් ඔයා……????

  113. ? Imasha Shehani ?

    Good Morning Everybody ?
    හැමෝටම ලස්සන,වාසනාවන්ත ,සුබම සුබ දවසක් වේවා ?

    1. ගුඩ් මෝනින් පැන්ඩෝ ❤

      ගුඩ් මෝනින හැමෝටම ❤❤
      ලස්සන දවසක් වේවා හැමෝටම

    2. අඩේ…….උදෙත් වෙලා….අක්කි ගුඩ් මෝනින් කිව්වහම තමා වෙලාව බැලුවේ …….මන් අද හවස2.30 විතර ඉදන්ම ඇප් එකේ ….යකූ දැන් පැය කීයක්ද…මන් තාම රෑට කාලත් නෑ ……කෑම ගැනවත් සිහියක් නෑ නේ ඉතින් ඇප් එකට ආවහම ????

  114. සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යලි දකින තුරා
    රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඬ
    යලි මගෙ සවනට වැකෙන තුරා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  115. නිශු මැණික.❤

    ඉස්සල්ලම අක්කි ඔයාගෙන් සමාව ඉල්ලනවා ඔයාගේ කතාවේ මුල ඉදන් මට ඉන්න බැරි උන එකට වගේම කමෙන්ට් කරන්න බැරුව ගිය එක ගැන.

    කතාව අද හවස මම කියෙව්වා නංගියෝ ඔක්කොම ටික. ඇත්තටම ගොඩාක් ලස්සනයි ඔයාගේ කතාව. මේක ඔයාගේ පලවෙනි කතාව නේද. ඒ උනත් ඔයා හරි ලස්සනට කතාව ගොඩ නගල තිබුන. කොටස් කීපයක කෙටි කතාවකින් උනත් ඔයා ගොඩාක් වටිනා අදහසක් දීලා තියනවා කතාව කියවන අයට.

    ඔයා කමෙන්ට් වලට ගොඩක් ආසයි කියල දන්නවා මම. දිග කමෙන්ට් එකක් දෙන්න තමයි හිතන් උන්නේ එත් මට අද එක පොඩ්ඩක් අමාරුයි. සමාවෙන්න ඕනේ එකටත්.
    සමාවෙන්න හොදේ…

    ඔයාට හදවතින්ම සුභ පතනවා නංගි ඔයාගේ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.
    ඒ වගේම මේ වගේ කතා තව තවත් ලස්සනට ලියන්න ඔයාගේ හැකියාව දියුණු වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා හදවතිනම…??

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න නංගියෝ…

    තෙරුවන් සරණයි ඔයාට….

    ❤❤❤❤

    1. මගේ පීහූ අක්කියෝ …???

      අනේ මගේ අක්කී … සමාව ඉල්ලන්න එපා රත්තරනේ … මං දන්නවා අඅක්කී අසනීපෙන් ඉන්නේ කියලා …. මං චුට්ටක් වත් තරහ නෑ මගේ අක්කී එක්ක …

      මං කිසිම දෙයක් හිතන්නේ නෑ අක්කී හැමදාම කමෙන්ට් නොදැම්මත් මගේ අක්කී මැණික කතාව කියවලා තියනවා නේ..මට ඒ තරම් සතුටක් නෑ ආයේ ….

      පලවෙනි කතාව උනත් මේක මං හදිස්සියේ ලිව්වේ … මොකද අක්කී මං නවකතාවක් ටයිප් කරන ගමන් හිටියේ … ඒත් ආසා හිතුණා ඉක්මනට කතාවක් දාන්න තිබුනා නම් කියලා …. ඒ නිසා යි මං මේක ලිව්වේ …

      මට තියන ඊළඟ සතුට තමයි අක්කී , ඔයාලාට මේකෙන් දෙයක් ලැබුනා කියලා …මේකේ අන්තර්ගතය අක්කිලා ට තේරුනා නම් මට ඒකයි වවටින්නේ …

      දිග කමෙන්ට් වලට පෙරේතයි තමයි … ඒක මං පිලිගන්නවා… ඒත් අක්කිගේ මේ වචන ටික මට ගොඩක් වටිනවා …. අනික කොහෙද අක්කී මේක පොඩි කමෙන්ට් එකක් වෙන්නේ …??

      ඉතින් මගේ අක්කී ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා අක්කිට දැනුනු දේ කීවාට…??
      ඒවගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ….??

      අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ??

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …???
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..
      ආදරෙයි අක්කිටත් ගොඩක් ..??

  116. ලෙන්ගතුකම සිතග තියා බලනා විට ඔබ
    සගවා ඉන්නට බෑ මගේ ආදර සිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත් ලග
    සොදුරිය කර ගන්නයි මා සිතුවේ හැම විට

      1. රශී කොටේ මගේ මන් හොදින් අක්කි ❤❤
        ඔයත් හොදින් නේද අක්කි ❤❤

  117. මේ අහස යටම
    යලි හමුවන්නට
    ගිවිසාගත් හැටි
    ඔබ හා මම
    මතකද මතකද කියන්න
    ඔබ හා මම මතකද කියන්න
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  118. ළමයි එනම් මට යන්න අවසරයි…

    දැන් නම් අමාරුයි මට. බේත් වලට නිදිමතයි හොදටම. අයෙත් ඔලුව රදේ haදීගෙන වගේ එන්නේ. ඉක්මනටම මම මේ axe oil ටිකක් ගගත්ත දැන්.

    එහෙනම්….

    සුභ රාත්‍රියක් හැමෝටම….

    අසනීප වෙලා ඉන්න දගයන්ට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…?

    හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න හැමෝම…

    පරිස්සමින් ඉන්න…

    තෙරුවන් සරණයි…

    ❤❤❤❤

    1. උක්කූං පුතා

      හරි නං ගියා බොහොම ස්තූතියි කොමෙන්ට් දහස් දාන්න ආවට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

    2. හරි අක්කි
      ගුඩ් නයිට් අක්කියා
      පරිස්සමින් සතුටින් ඉන්න
      ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ?❤️
      බුදුසරණයි ?

    3. පීහූ අක්කියෝ …..ගුඩ් නයිට් ඔයාටත් ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කියෝ ….ඔයාටත් තෙරුවන් සරනයි …….

  119. කස්ටිය මට දැන් නම් බඩගින්නක් එනවා දැන් කන්න බෑ…..මන් ගිහින් කිරි එකක් හදාගෙන එන්න්ම්……….

  120. Sleeping beauty

    පැරදී එදා ජීවිතයෙන් පැන ආව
    කෙල්ලක් වුනා මං නෙත කදුලැලි බීව
    නුබ දුටු විටදි සුසුමක් පිටවුනි බියව
    එනමුදු ගියා ටිකකින් ඒ බිය පහව

    නුබ මා ලගට අරගෙන සිත සනසාලා
    මැරයන් පිටත් කෙරුවා ගුටි බැට දීලා
    මාවත් අරන් නුබෙ නිවසට පැමිනීලා
    රැකවරනයක් දුන්නා කරුනා වීලා

    මාගෙන් ඇසුවෙ පැන යන්නට හේතු කිම මැරයන් මගේ පස්සෙන් ආවේ කොහොම
    කිසිවක් නොසගවා එය නොවරදවාම
    පැහැදිලි ලෙසට කීවා මං හැමදේම

    මගෙ මව හැරගියේ මා ඉපදුනු දිනයේ
    පිය සෙනෙහසත් මට නොලැබී පිටව ගියේ
    එදිනේ පටන් ගත වුනු මාගේ දිවියේ
    අත්තා පමනි මගෙ තනියට ලග හිටියේ

    අම්මා මරාගෙන ඉපදුනු කෙල්ල කියා
    මට බැන වැදුනා පවුලේ සියලුම නෑයා
    මා කොන් කලා සැමදෙන සිත දුක් දේයා
    එනමුත් අත්තා හැමදා මගෙ ලග සිටියා

    අපෙ ගම් පියසෙ පොඩි දරුවන් යහ මගට ගන්නට සිතා ගුරු හරුකම් ලැබ දෙන්ට
    දහම් පාසලේ ගුරු වරියක් ලෙසට
    කටයුතු කලා ඒ කාලේ සිත සතුට

    කාලය හිමින් ගත වී ගෙන දිව යද්දී
    පංසලෙ දියුනුවට කෙනෙකුන් අත දෙද්දී
    ඔහු මා ගැනත් හරි හරියට වද වෙද්දී
    අත්තා හමු වෙලා මා ගැන විමසද්දී

    ඔහුගේ සිතේ මා ගැන යම් කිසි කරුනක්
    තිබෙනා බවක් කීවා නෑ කිසි සැකයක්
    ඔහු මට සෙනෙහෙ වන්තයි යැයි කී අයුරක්
    අත්තා පැවසුවා ඔහු ගැන මට දවසක්

    මගෙ දූ බලා ගන්නට පුලුවන් සැමියෙක්
    ඔහු වේ ඔහු සමග යන්නට කී විලසක් අකමැත්තෙන් වුවත් ඔහු සමගින් සරනක්
    යන්නට වුනා එය අත්තගෙ ඉල්ලීමක්

    ඔහු සමගින් ආවෙ අත්තව තනි කරලා
    මා රැක ගන්න බව අත්තට පවසාලා
    ආ දින පටන් ඔහුගේ පතිනිය වීලා
    මට හිමි වුනේ දුක පමනයි වද විදලා

    සතියක් පමන ගත වන විට පැහැදිලිව
    වැටහුන මෙමට ඔහු තිරිසන් අයෙකු වග
    දාගෙන හිටපු වෙස් මුහුනේ තිබුනු රග
    දැනෙනා විටදි පෙරහැර ගොස් තිබුනි මග

    මා කෙලෙසුවේ සිත් පිත් නැති අයෙකු ලෙස
    විකුනන්නටයි හැදුවේ මගෙ ඇග විලස
    මා පැන ආවෙ ලැබු තත්පරයෙන් විගස
    පන්නා ආවේ මා සොයනා මැර පිරිස

    සිදු වූ සියලු දේ ඔහු හට පැවසූවා
    එනිසා සිතට නිදහස් සිතුවිලි ආවා
    ඔහු හොද අයෙක් බව සිත මට පෙන්වූවා
    ආරක්ශාව මා ඔහුගෙන් නිති පැතුවා

    දින දින ගතවෙලා යන විට පසු වීලා
    ඔහු වදවුනා මා ගැන සොයලා බලලා
    මව් පිය දෙපල හැරදා ඔහු තනිවීලා
    ඉන්නා බවක් කීවා කදුලැලි සලලා

    ඔහුගේ මව පියා සමගින් අමතාලා
    පැහැදිලි කලා ඔහු ගැන මං විමසාලා
    දෙමාපියන් ඔහු ගැන නිති වද වීලා
    සොයලා බලනවලු පොඩි පුතු ගැන සිතලා

    කාලය ගත වෙලා වේගෙන් ගත වෙද්දී
    මා හා ඔහුගෙ ඇසුරත් නිති වැඩි වෙද්දී
    ඔහුගේ සිතේ මා ගැන සිත උපදිද්දී
    අසරන වුනා දින දින මං වද වෙද්දී

    දවසක් ගියා අත්තා බැලුමට ගමට
    ලොකු අම්මාගෙ බැනුමන් වුනි ඉවසන්ට
    කදුලැලි උරුම බව දැනුනා මහ උසට
    අත්තා මිය ගිහින් ඇත මගෙ කරුමයට

    අඩනා විටදි හිස අතගා සනසන්න
    ඔහු මා ගාව සිටියා තතු විමසන්න
    නුබ මගෙ දෝනි යැයි කියමින් අමතන්න
    පිය සෙනෙහසත් දැනුනා නුබගෙන් ඔන්න

    එදිනේ නිවස වෙත ඇවිදින් අපි දෙන්නා
    නිතරම සැනසුවා ඔහු මා සිත නිතිනා
    මගෙ සිත පුරා ඔහු ගැන මතකය දෙන්නා
    ඔහුගේ උහුසුමට මගෙ සිත ලොබ වන්නා

    එනමුත් මෙමට බෑ ඔහු වෙත නම් යන්න
    මගෙ පව් වලට ඔහු ඕනෑ නෑ ඔන්න
    ඔහුගේ ජීවිතේ සතුටින් පුරවන්න
    වෙන සිතකටයි හැකි වෙන්නේ දැන ගන්න

    මගෙ සිත පුරා තිබුනා වූ එක් රහසක්
    මා පැවසුවා ඔහු අමතා එක් දිනයක්
    දනිසට උඩින් කුශ්ටය සේ තිබුනු සෙයක්
    පෙන්නුවෙ කරන්නට පිලිකුල් නොවී සැකක්

    එනමුත් සිදුවුනේ නොසිතුව දෙයක්මයි
    ඔහු මා අරන් රෝහල වෙත සැනෙන් දුවයි
    පෙන්නා තුවාලය වෙදදුරු වරු හමුවෙයි
    ඉන්පසු පරතිකාර කරනට ඔහු වෙහෙසෙයි

    දින සති මාස ගත වුනි අපෙ සෙනෙහසට
    දින දින වැඩුනා ආදරේ රන් රස ලෙසට
    අසනීපෙත් හැරුන ටික ටික සුව අතට
    මට බැරි වුනා ඔහු මග හැර දා ඉන්ට

    මගෙ සිත තිබුනු සෙනෙහස නිබදව ඔහුට
    පැවසුවෙ ඔහුව අවැසිය දැනිලා සිතට
    ඔහුගේ තුරුලේ උනුසුම විද සැනසෙන්ට
    මට හැකි වුනා ඔහුගේ ලෝකෙම වෙන්ට

    ආදර මහත්තයො මේ ටික අහගන්න
    නුබ දෙවි කෙනෙක් මේ කෙල්ලට පිලිගන්න
    ආදරෙ නුබේ සැමදා මා හට දෙන්න
    මගෙ පන සේම නුබ රැකගමි දැන ගන්න

    නුබගේ සෙනෙහෙ මහමෙර සේ මට දුන්න
    ලෝබයි නුබගෙ පපුවෙන් දුරකට වෙන්න
    එනිසා එපා මා මෙහි හැරදා යන්න
    යන තැනකට මාව අරගෙන නුබ යන්න

    දුක් වින්දාට නෙත කදුලැලි පුරවාන
    හිතුවේ ජීවිතේ අවසන් බව එදින
    එනමුත් දෙවි කෙනෙක් වාගෙ නුබ පැමින
    දිවි මග එලි කලා පුන් සද විලසින්න

    මගෙ ජීවිතේ දැන් නුබ හට බාර දෙමී
    නුබෙ මත්තේම මා නිරතුරු කැප වීමී
    සැමදා නුබේ ලග රැදෙමින් සතුටු වෙමී
    නුබෙ සෙනෙහසින් මගෙ ජීවිතේ ගොඩ නගමී.

    ❤️❤️❤️ ආශා ❤️❤️❤️

    මගෙ නිෂූ මැණික ..??

    කතාව ඉවර වුනා නේද ..ඒකට නම් දුකයි පැටියෝ ..හැබැයි ඔයාගෙ නවල් එක කියවන්න නම් ආසාවෙන් බලාගෙන ඉන්නවා මං..???

    හරිම ලස්සන හිතට වැදුනු කතාවක් මේක ..ඇත්තටම හරිම ලස්සනයි මැණික ..පට්ට..❤️❤️

    මේ කතාවෙ චරිත මට නම් මැවිල පෙනුනා..හරිම තාත්විකයි…නියමයි..සුපිරියි ..??

    ආශාගෙ දුක් නිමා වුනා..අනේ ඒක කොච්චර දෙයක්ද..එයා විදපු වේදනා කවුශාල් අය නම් කවදාවත්ම විදින්න දෙන් නැති වෙයි..අශාන්,එයාගෙ වයිෆ් ගනීශා..ඇත්තටම හොදම යාලුවො දෙන්නෙක්..එහෙම අය ජීවිතේටම ආශිර්වාදයක් ..❤️❤️❤️

    එතකොට රෝහිත..අර හිකනලා..ඌට නම් නියමම දඩුවම හම්බ වුනා..ඔය වගේ තිරිසන්නුන්ට ස්වභාවදර්මයෙන්ම දඩුවම් ලැබෙනවා..ඒක නවත්තන්න කාටවත්ම බෑ..??හොද මූන පෙන්නගෙන බලු වැඩ කරන මිනිස්සු කොච්චර නම් මේ ලෝකෙ ඉන්නවද..එහෙම අයට ආශා වගේ කොච්චරක් නම් මිනිස්සු රැවටිලා ඇද්ද..??

    ඉතින් මගෙ බෝලේ..ඔයාගෙ පලවෙනි කතාව අති සාර්තකයි ..සුපිරී..??

    මං නිදිමතේ මොනා ටයිප් කරලද දන් නෑ..වැරදි තිබුනොත් අක්කිට සමා වෙන්න හොදද?? ..මගෙ මැණිකගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි මගෙ බෝලේ ..හොදට ඉගෙනගන්න .පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් …ආදරෙයි මං..????

    1. උක්කූං පුතා

      හම්මෝ පට්ට කියන්න වදන් නෑ සුපිරි හොදේ නියමටම ලියල තියෙනවා

    2. අනේ මගේ අක්කියෝ ….
      කමෙන්ට් එක ඩෑෂ් බෝර්ඩ් එකෙන් දකිද්දී මට ඇඬුණා අක්කී ….ඒ වගේම තාමත් ඒමයි ….

      ගොඩ ගොඩක් ලස්සනයි මගේ අක්කී ඒ කවි ….❤️❤️❤️❤️

      1. Sleeping beauty

        මගෙ නිෂූ මැණික ..??

        අක්කි කීවනේ ඔයාට ..ඔයා කැමතිම විදියට කමෙන්ට් එක දෙන්නම් කියල අවසන් කොටසට..ඉතින් සතුටුද දැන්..ඔයට සතුටුයි නම් ඒක මටත් ලොකු සතුටක් මගෙ බෝලේ..???

        1. ගොඩ ගොඩක් සතුටුයි …. අද සතුට පිටවෙන්නේ හිනාවෙන් නෙවෙයි කදුලු වලින් මගේ අක්කී …

          ආදරෙයි ගොඩක් මගේ අක්කී …???
          රිප්ලයි එක මං දාන්නම් අක්කියෝ …

    3. Avi 1999 (kandy)?

      මගෙ සුදු බෝලෙ ?? ඒක ගොඩක් ගොඩක් ලස්සනයි මැණික සුපිරි ..වචන නැ කියන්ට ඒ තරම් ලස්සනයි බෝලෙ …???

    4. හැඩ වැඩ කටහඬට වසඟව එදා මම
      ඈ වෙත බහදුන්නේ ඈමයි පළමු පෙම
      මුතු කැට සිනා කැන් බැදුනේ මා හදට
      හිතුවෙ ළඟ රැදෙයි ඈ මගේ මුළු ලොවම

      නිල්වන් නෙතු සඟල යට ඇති දරුණු විස
      මට නොදැනුනේ අන්ධයි මගේ ආදරය
      මගේ මව්පියන් සොයුරු ද මිතුරන් සැවොම
      එක් වී වෙන්කලා ඈ මාගෙන් සදහටම

      ඈ මට ඕනිමයි ඈ නැති ලොවක් නැති
      මව්පිය වෙතට දී දුක් ගිනි පිටත් වෙමි
      සිව්වසරකට පවුලෙන් මා දුරස් වෙමි
      මිතුදම නිසා අකැමැත්තෙන් යලිත් එමි

      මා පියගෙන් වෙන් වී තනිවී ඉන්න
      මා හට සිටියේ මිතුරන් පමණකි දන්න
      නොපැතූ එදා රෑ නුඹ සැඟවී උන්න
      දැනුනා අමුත්තක් නැගණියේ මෙහෙ එන්න

      ගුලි වී සිටින නුඹ වෙත දී අනුකම්පා
      මා රැකියේ ඔබ මා නැගණියයි කියා
      ඒ නොමිනිසුන් වටිනාකම අරන් ගියා
      කම් නෑ මැණික නැත නුඹ වරදක් කරලා

      මා පිය නැදි මළුන් නැතුවට කමක් නැතේ
      ඉන්නම් ළඟින් යලි කඳුලක් නුඹට නොවේ
      දිවි රැකි අත්තාද මිහිදන් වී පොලොවේ
      රකිනෙමි සෙනෙහෙ දී සැමදා ජීවිතයේ

      කොතරම් කතා හැදුවත් නුඹේ නෑදෑයන්
      හැරදා නොයමි සෙවනැල්ලක් ලෙස ඉදිමින්
      අත්තා නැති ලොවේ නුඹ තනිකම මකමින්
      ඉන්නම් මගේ දෝණි නහවා නුඹ සෙනෙහින්

      මව්පිය නැති මහට මිතුරන් සිව්දෙනෙකි
      සිතුවේ නිබඳ හිදියේ ඔවුන් පමණකි
      දුන්නේ සෙනෙහසක් උන්ගෙන් එක් අයෙකි
      දුක් විදි මගේ ළඟ සිටි ඔහු දෙවියෙකි

      දුර උන් මව්පියන් වෙත නුඹ පෙම් වී ඇමතූ
      යලි ගෙන ආවේ මගේ දිවියම මට නැති වූ
      මව් තුරුලේ පිය සෙවණේ අද රැදුණු
      මට සිහිවුනේ ඒ විය සතුටින් ඉදපූ

      මගෙ මව් ළඟින් නුඹ ඉන්නේ තුරුළු වෙලා
      පියතුම පොවා සෙනෙහෙ හිස පිරිමැද්දා
      නෑ කිසි දුකක් දැක ආදරේ ඒ දෙන්නා
      කඳුලක් නැගේ සතුටින් නුඹ සිනහා හින්දා

      කිසිදා දැනුනෙ නෑ නුඹ අසනීපෙන් උන්නේ
      ගෙනෙමින් සිනා උපහාසෙන් දුක් දුන්නේ
      දෙනු මැන කමා ඔබෙ අයියා නැත දන්නේ
      මගේ පණ ඇති තුරා දෝණිව රැකගන්නේ

      තෙමසක් පුරා නෙතඟට නොම හමු වුණිද
      සෙනෙහෙ වැඩි වුනා මිස අඩුවක් නැද්ද
      නුඹෙ වේදනා දැන මා හිත දුක් වින්ද
      මගේ මිතුරේ අදවත් ඈ දකින්නද

      නුඹ හද පුරා ඉන්නේ මා පමණක් ලූ
      දෙනු බැරි වේදනා ඒ පෙම සඟවයි ලූ
      නෙතඟින් කඳුළු වැටුනෙ ආදරේ හින්දාලූ
      දුර රැදුනත් නුඹ හද මගේ වෙන්නේ ලූ

      කඳුලක් නොදී දෝණිව මා රැක ගන්නම්
      මගේ පපුතුරේ නිබඳ ව සඟවා ගන්නම්
      මගෙ දිවි ඇති තුරා දෝණිට කැපවෙන්නම්
      මියෙනා තුරා මා නුඹ ගාවින් ඉන්නම්

      ❤️❤️ කෞෂාල් ❤️❤️

      1. මගේ කවිකාර බියූ අක්කියෝ ….

        ඔයාගෙ චූටි නංගිට සමාව දෙනවා නේද රිප්ලයි එක පරක්කු වුනාට…??

        මට කොච්චර සතුටුයි ද දන්නවා ද අක්කියෝ … අක්කී මගේ ආසාව ඒ විදියට ම ඉඉෂ්ට කරලා… ඒ කවි ටික මං ss ගහලා තියාගන්නවා හොදද … මට ඒවා දකිද්දී ගොඩ ගොඩක් සතුටුයි …

        මං නවල් එක ටයිප් කරන්න පටන් ගන්නම් මගේ අඅක්කී දහවෙනිදා යින් පස්සේ… මේ දවස් වල හිරවෙලා ඉන්නේ මං ගොඩක් ….

        ආශාගේ වේදනා හමාර වුනා කෞෂාල් එයාට ළං වුනු නිසා ….

        ඒවගේම කරපු පව් ඔක්කොම රෝහිත එකපාරට විදෙව්වා ….

        අක්කිට කතාව දැනුනා කියන්නේ මං සාර්ථක යි කියලා නේද අක්කී ….ඒ මට ඇති මගේ අක්කී ..
        .ඒ වගේම මගේ අක්කී මට දෙන මේ සහෝදර කමට ගොඩක් ආදරෙයි මං …

        මගේ අක්කිට ගොඩක් පින් මගේ කතාව කියවලා ඒ ගැන දැනුනු දේ කවි කරලා මට තෑගි කලාට …
        අද විතරක් නෙවෙයි … හැම කොටසක්ම මග අරින්නෙ නැතුව ම…තරහ වෙන්න එපා මගේ අක්කී මං ඒ කවි නිසදැස් ඔක්කෝම ළඟ තියාගන්නම් ….

        ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ගොඩක් පින් අක්කියෝ ….???

        මාත් ප්‍රාර්ථනා කරනවා අක්කිට තව තවත් ලස්සන කතා ලියන්න පුළුවන් වෙන්න කියලා …
        ඒ වගේම අක්කිගේ සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා …???

        දළදා සමිදුන්ගේ පිහිටයි ????
        පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
        ආදරෙයි මගේ අඅක්කිට මහ ගොඩක් ….

        1. Sleeping beauty

          අනේ මගෙ පැටියෝ ..ඔයාගෙ රිප්ලයි එක??..අනේ ගොඩාක් පින් මගෙ මැණික මෙහෙම රිප්ලයි එකක් දුන්නට..මට ගොඩාරියක් සතුටුයි..හැමදාමත් සතුටින් ඉන්න මැණික ..තෙරුවන් සරනයි ඔයාට..????

        2. Sleeping beauty

          ඒ කවි ටික මාරම ලස්සනයි මැණික ??..මාත් ආදරෙයි මගෙ බෝලෙට ගොඩාරියක් ??

  121. තව කමෙන්ට් 150ක්‌ වගේ ඕනේ…
    අනේ සමාවෙන්න මට කමෙන්ට් 1000 සම්පුර්ණ වෙනකන් ඉන්න බැරි වෙන එකට..?

    1. අනේ ඒකට කමක් නෑ මගේ අක්කී ….
      ගොඩක් පින් මගේ අක්කිට අසනීපෙ තියාගෙන මෙච්චර වෙලා මං වෙනුවෙන් හිටියාට..?????

      මගේ අක්කීට ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ..
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  122. උක්කූං පුතා

    ළමයි කතාවට ගැලපෙන කොමෙන්ට් එකකුත් දාන්න එතකොට කොමෙන්ට් දහක් හරි… මම ඉතින් මේ කොටස තාම කියෙව්වේ නෑ අනිත් කොටස් කට විතරයි බැලුවේ… මේ භාරගත්ත වැඩේ ඉවර කරල කතාවක් කියවලා කොමෙන්ට් එකක් දාන්නම් හරිද නංගී

  123. දුක හාදු දෙන රැයේ
    සිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා
    ❤❤❤❤❤❤❤❤❤❤

    1. ගහකොළ මල් පිපේ
      ඇල දොල නිල කඩා හැලේ
      පෙරදාක් මිරිගු සයුරෙ
      ඒ රුවට රැවටුනේ ??

  124. විසල් තුරු මුදුන් පල නැත නොපිපුනු කැකුලූ …
    දසන් දෙතිස කුමටද නැතිවිට මුව මුකුළු …
    ගගක් ලෙස ගලාවිත් නැමි නැමී දග වැදී …
    මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී…

  125. කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී …
    හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී …
    ගිම්හානය පැමිනෙයි එක් තැනම නොම රැදී …
    පැමිණෙන දුක් පැණිරස බව නොසිතුනිද ලදේ…

    1. උක්කූං පුතා

      සිංදුවක් ද නැතිනම් ඔයා ලියපු එකක්ද මොනවා උනත් පට්ට ලස්සනයි පියුමි නංගි

          1. අහලා බලන්නකො මචී…හරි ලස්සනයි …ටිකක් පරන සින්දුවක් ඒක…

  126. උක්කූං පුතා

    ජීවිතයක සෙනෙහස බැඳිලා
    ආදරයක සෙවණැලි අතුරා
    මා හදවත විසිතුරු කරලා
    ඇඳි සිතුවම් නොමයයි මැකිලා

    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
    සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
    ඔබ හමුවී නව කෙනෙක් වුණා
    ? ? ❤️ ? ?

      1. Ayiye matat katawak liyanna asayi .mn e katawe kotasak potak liwwa katawa okkom liyld submit karanna one nattam dawasin dawasa liya liyada…mokada mata padam karanna thiyena nisa katawa okkoma eka para liyanna amarui .ekai mn ara pote liyn ekt nawattuwe ..dawasin dawas liyanawanam kohomhri welw hoyagaththahakine…ekai

        1. උක්කූං පුතා

          නං ගියා පොතේ ලියපු කතාව සැම්සුං නෝට්පෑඩ් එකක් හරි මොකක් හරි හොඳ notepad එකක් download කරගෙන… ඒකෙ සිංහල අකුරු වලින් ටයිප් කරගන්න පළවෙනි කොටස දෙවැනි කොටස තුන්වැනි කොටස ඒම ටයිප් කරගන්න… කතාව ඔක්කොම ලියල ඉවර කරගන්න…ඊට පස්සේ ඔයා කතාව ආයෙත් මුල ඉඳලා කියවන්න අකුරු වැරදි ද වචන කෝමද දෙබස් හරියට කඩල තියෙනවද…. කතාවේ බෝරින් ගතියක් එනවද චරිත වලට හොඳ වටිනාකමක් දීලා තියෙනව ද.. කාල පරාසය ඉරකින් වෙනස් කරලා තියෙනවද… ඔය හැම දෙයක්ම බලන්න… කොටසක් ඉවර කරද්දි අන්තිමට කුතුහලයක් ඇති වන විදියට ඉවර කරන්න… ඔය ඔක්කොම බලල අඩුපාඩු හදාගෙන ඊට පස්සේ කතාව එක දවසින්ම upload කරල දාන්න… මොකද මේ, කතා copy paste කරන්න පුළුවන්..එතකොට කතාවේ අඩුපාඩුවක් නැතුව ලස්සනට කතාව දාන්න පුළුවන් ඒ වගේම කියවන්න ආස වෙන විදිහට

          1. මට ලියන්න ආසයි ……ඒත් ටිකක් බයයි අයියේ ……ඒක හරියන්නේ නැති වෙයි කියලා ………

  127. හොයාගන්න පාලුව මැකෙන්න ඔයාව හොයන කෙනෙක්ව නෙමෙයි කොච්චර බිසී වුනත් ,දෙනෝදහක් අතර වුනත් ඔයාව වටින කෙනෙක්ව

    1. දිල් (නුවර)

      කොයිතරම් මතක් උනත්, වදයක් වෙවී හොයන්න හිතුනත්, එකම එක තැනකදිි ඒක කරන්න නොහිතෙන හේතුත් තියෙනවා බෝලේ.

      තමන්කොයිතරම් හොයන්න උත්සහ කරත්, ඒ කෙනාට ඒක වදයක්,
      නැතිනම් තමන්ව ගනන් ගන්නේ නෑ කියලා අපිටම දැනෙන්න ඇරියොත්,
      අදරේ නෙමේ මොන බම්බුවක් තිබ්බත් හිරකරන් ඉන්න විතරයි පුලුවන්.අත්දෑකිමෙන් කියන්නේ ??

  128. ආදරේ ගිනි පුපුරූ…
    ලබන විට ඔබ නෑලූ…
    තනි වෙලා හිත පාලූ…
    ඇයි උනේ අපි යාලූ…

  129. උක්කූං පුතා

    වෙස් මුහුණු බැදන් ආවට
    අපි නැහැ රැවටෙන්නේ
    අපි නෑ රැවරෙන්නෙ නටපු දා එලිවෙන්නේ

    ගල් මුදුනෙහි නැහැ සුන්දර වනමල් හටගත්තේ
    බල්ලන් බිරුවට නැත මහ කදුනම් දෙදරන්නේ

    බඹරා මිස නිලමැස්සා නැහැ මලට වහන්නේ
    අඩු කලය තමා පිරුනු කලේ නැහැ සෙලවෙන්නෙ
    ???????

  130. ගැහැනිය රාගය මිශ්‍ර ආදරය සොයන විට සමහර පිරිමි රාගයම පමණක් පතයි

    1. උක්කූං පුතා

      පිරිමියා ආදරය එකතුවෙච්ච රාගය සොයද්දී.. ගැහැණිය රාගය මිශ්‍ර ආදරය වටේටම පතයී.

  131. Sleeping beauty

    නිදිමතයි මට..මෙච්චර රෑ වෙනකම් ඇහැරලා හිටියමද කොහෙද මම..මං නිදා ගන්න යන්නම් හොදද නිෂූ බබා..ඇස් දෙක හිටාර් ගහනෝ??..?

    ගුඩ් නයිට් ලොකු අයියේ.❤️

    ගුඩ් නයිට් දග පැටව්..❤️

    හැමෝම හැමදාමත් සතුටෙන් පරිස්සමට ඉන්න ..අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි හැමෝටම ❤️❤️??

    1. ගුඩ් නයිට් බියු අක්කේ …පරිස්සමෙන් සතුටින් ඉන්න …බුදු සරනයි ඔයාට …?

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් මලී මැණික .පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ..තෙරුවන් සරනයි පැටියෝ ❤️❤️

    2. උක්කූං පුතා

      සුබ රාත්‍රියක් නංගී පරිස්සමින් සතුටින් ඉන්න i miss you. ආයෙත් ඉතින් කවදා දකීවිද අපේ. .හැමදාමත් සතුටින් ඉන්න පවුලේ ඔක්කෝම ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක් නෙමෙයි සුභ උදෑසනක් ඔයාට ආදරේ අයියා ගොඩාරියක්

      1. Sleeping beauty

        අඩෙහ්..ඔව්මයි..ඒ කියන්නෙ මං පාන්දර වෙනකම් ඇහැරලා ඉදලා..ලෝක පුදුම හත අටක් කරන්න වෙයි වගේ..??

        ලොකු අයියේ ..ආයෙත් එන්න දවසක ..මේ වගේම ඉදලා යන්න…youtube එකෙන් හරි හම්බවෙයිනේ නේද ..??ලොකු අයියව හැමදාමත් මතක් වෙයි අපි හැමෝටම ..ආදරෙයි ලොකු අයියේ. තෙරුවන් සරනයි…පරිස්සමට සතුටින් ඉන්න ඕනි හරිය..අක්කව පරිස්සමට බලා ගන්න..එයාටයි ඔයාටත් හැපි හැපෙන මැරේජ් ලයිෆ් එකක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..ආදරෙන් ඉන්න හැමදාම..❤️❤️❤️

    3. අනේ හරි මගේ අක්කී ….??

      මගේ අක්කිට ගොඩක් ස්තූති මෙච්චර වෙලා මං වෙනුවෙන් හිටියාට…
      ඒ වගේම ලස්සන කමෙන්ට් එකක් දුන්නට ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      ආදරෙයි අක්කිටත් ගොඩක් …..

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් නිෂූ මැණික ..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ..මාත් ආදරෙයි මගෙ බෝලෙට..තෙරුවන් සරනයි ..❤️❤️

    4. ගුඩ් නයිට් මගේ බියූ අක්කියෝ …..ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ අක්කියෝ …..ඔයාටත් තෙරුවන් සරනයි ……

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් සිතූ මැණික ..පරිස්සමට සතුටින් ඉන්න ඕනි හොදද ..තෙරුවන් සරනයි මගෙ බෝලේ..❤️❤️

    5. ගුඩ් නයිට් බියූ අක්කා
      සතුටින් පරිස්සමින් ඉන්න
      බුදුසරණයි ?❤

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් ඉෂූ මැණික ..පරිස්සමට සතුටින් ඉන්න ඔයත්..තෙරුවන් සරනයි පැටියෝ ❤️❤️

  132. ළමයායි…. මට පොඩ්ඩක් කියනව ද මේ වෙලාවේ ඇහැරන් ඉන්නේ කවුද කියලා ??

      1. ගොඩක් ස්තූති මගේ අයියේ ……මන් උත්සාහ කරලා බලන්නම් මට පුළුවන් ද කියලා …….

        1. උක්කූං පුතා

          මට පුළුවන් කියන අධිෂ්ඨානයෙන් ඉන්න නංගි එතකොට අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්…මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ එය හැකියාව සාර්ථක වෙන්න කියලා,..සමහරක් විට අදින් පස්සේ අයියා වැඩිය ඉන්න එකක් නැහැ ඔයාගේ කතාවක් දැම්මොත් යූටියුබ් එකේ කොමෙන්ට් එකක් දාන්න එතකොට මං අනිවාර්යෙන්ම එන්නම්

  133. තරු කඩා හැලෙන දවසක් …
    අපි හිනා උනා වරුවක් …
    මේ ජීවිතයට නැහැනෙ බාදා …
    සද ගයා වයා ගීයක් …
    මට කියා දුන්න රහසක් …
    මේ දකින හීනෙ ඉන්නයි ආසා…

  134. තව කමෙන්ට් 75යි ඕන… එක්කෙනෙක් 10ක් 12ක් දාමු එතකොට ගාන හරි යයි…?

  135. දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
    මියෙනා දිනයේ කදුලක රස විදිමින් …..

  136. රන්තාලිය වැව ලග…
    උන් කාලය මතකද …
    අතීත මතක අරන් …
    නුබ ගිය දුරක තරම …
    කුරුණෑගල අහසත් දැන් …
    හඩාවි දුකට රත්තරන් …

  137. ❤️? රශී ?❤️

    සුභම සුභ රාත්‍රියක් අයියා බෝලේ …❤️❤️
    සුභම සුභ රාත්‍රියක් දග බෝල ටික….❤️❤️

    පීහූ බෝලේ ඇතුලු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..???

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ……බුදු සරණයි ….❤️❤️❤️???

    අයියා ආයෙම දවසක එන්න මේ වගේ කට්ටියම එක්ක ඉන්න….පරිස්සමින් ඔයත් හොඳද …..බුදු සරණයි …❤️❤️❤️

    1. සුභ රාත්‍රියක් මගේ අක්කී ….

      අක්කිට ගොඩ ගොඩක් ස්තූති මේ කතාව වෙනුවෙන් අපිත් ගොඩක් වෙලා හිටියාට …
      මට ගොඩ ගොඩක් සතුටුයි අක්කියෝ … රිප්ලයි එක ඉක්මනට දාන්නම් හොදද ….

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි අක්කිටත් ගොඩක්

    2. සුභ රාත්‍රියක් මගේ අක්කියෝ ඔයාටත් …..ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කියෝ ……

  138. උන්මාද සිතුවම් මැවේ බිඳේ
    මීදුම් වලා මැද අතීතයේ
    බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
    තනිවේවි එක්ටැම් ගේ
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  139. මම බොහොම බය උනා
    මගෙ පන එපා උනා රෑ 12 ට
    හොල්මනකට මාව
    අසුවුනා

    1. උක්කූං පුතා

      ඕව දාලා මාව බය කරන්න එපා බං කෙල්ලෙ මම තනියම ඉන්නෙ ගෙදර

      1. මම උත්සවය ට ගියා සින්දු කියන්න
        ආපසු යන්න ලැබුනා රෑ 12 ට
        මම බැහැලෑ පාරට හැරුනා කනත්ත දෙසට
        කලු මිනිහෙක් හිටිය උසට පාර හරහට

    2. සින්ඩරෙල්ලා… නංගා අලුත් නේද… මං කාලෙකින්නේ ආවේ….?? කොහොමද ඉතිං

  140. උක්කූං පුතා

    කොවුලෙක් මොටද
    මට මිහිරිම ගී ගයනා..

    උලලේනෙක් වෙයන්
    ඉඳහිට දුක අහනා….!! ?

  141. යනෝද රශි අක්කේ …සුබ රාත්‍රියක් අක්කේ …පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම …බුදු සරනයි ඔයාට …?

      1. මන් හොදින් ඉන්නෝ දුලා අක්කේ …ඔයත් හොදින් ඉන්නෝ නේද …?

  142. ගිනි නැගෙනා අකුණු පහරේ සැර පපු ගැබුරේ තියෙනවා
    මද්දහනේ දැනෙන අව් රශ්මේ සැර පිනි පොද සේ විදිනවා

    1. සිතු නංගා කෑවේ නැ නේද… නොකා ඉදලා ලෙඩක්වත් හදාගන්නවා දැන් …

      1. මන් දැන් ටිකකට කලින් කිරි එකක් හදාගෙන බිව්වා අක්කියෝ …….??

  143. රශි අක්කි හෙට අතට බෙහෙත් බැන්දනම් හොදයි නේද… හෙට නිවාඩුනේ ..?

  144. Sleeping beauty

    දිය කිදුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් වූ පිලිරූ මැවේ
    කිවමැන ඔබ කවුදෝ ලදේ..

    මං මේ සිරිය ලතා..??

  145. දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
    සැප දුක් සොයා බලන්න..
    මගෙ දුරකථනයෙ අංකය මතකද
    මොහොතක කතා කරන්න..

  146. උක්කූං පුතා

    පුංචිම හේතුවකටත් සමහරු
    අනිකාව මග දමා යද්දි ජීවිතේ..

    කොච්චර රිදෙව්වත් හැමදාම
    ඉඹින්නට හිතෙන එකයි ආදරේ..?

    #නිකන්_හිතුණා

  147. ප්‍රේමේ උසයි…
    සුසුම් නම් විසයි…
    තනිකම් දොසයි…
    සදාකාලිකයි …

  148. සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඇතී
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  149. Sleeping beauty

    මීදුම් වලාවන් ගලාලා
    කදුලැලි පාමුලේ
    සවනට මොනවාද
    මුමුනා කියන්නේ

    ❤️❤️

  150. හදවතේ නිරුවත නුබට හන්ගන්න බෑ
    මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ

  151. සමාවෙන්න මට ඔබ සිය දහස් වාරයක්
    අනාගතය ගැන මැව්වට සිහින රාශියක්

    ඉතුරු ටික මතක නෑ කියහන්කො ??

  152. උක්කූං පුතා

    ශ්‍රී ලංකා මාතා
    අප ශ්‍රී….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්තී පූජා
    නමෝ නමෝ මාතා
    අප ශ්‍රී….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    ඔබ වේ අප විද්‍යා
    ඔබ මය අප සත්‍යා
    ඔබ වේ අප ශක්ති
    අප හද තුළ භක්තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්‍රාණේ
    ඔබ අප ජීවන වේ
    අප මුක්තිය ඔබ වේ

    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
    ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා.??

  153. උක්කූං පුතා

    ඔය තුරුලේ
    මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා..

    නෙතු නොනිදා
    ඔබ ම සිතා
    සැනසුණ දා නෑ ආයෙ එන්නේ..?
    ඔය තුරුලේ
    මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා..

    නෙතු නොනිදා
    ඔබ ම සිතා
    සැනසුණ දා නෑ ආයෙ

  154. උක්කූං පුතා

    ඔය තුරුලේ
    මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා..

    නෙතු නොනිදා
    ඔබ ම සිතා
    සැනසුණ දා නෑ ආයෙ එන්නේ..?

  155. සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ…

  156. උක්කූං පුතා

    ඔන්න ජයග්‍රහණයේ 1000 වෙනි කොමෙන්ට් එක මම දැම්මා… ආදරේ පැලෙන්න දහ වෙනුවෙන් කොමෙන්ට් කරපු ඔක්කොටම

  157. උක්කූං පුතා

    නිශූ නංගී මං ගෙදර ඇවිල්ලා වොස් එකක් එහෙම දාලා කතාවේ අවසන් කොටස කියවලා කොටස් නවයටම ගැලපෙන්න කොමෙන්ට් එකක් දාන්නම්

  158. කෝ බොලේ දැන් දාහ දානකන් හිටපු කස්ටිය …..එකෙක්වත් නෑනේ ……..

  159. නිශු බෝලේ අක්කි හෙට කතාව කියවලා කතාවට කමෙන්ටි එකක් දාන්නම් හොඳද…. සමාවෙන්න අද දාන්න බැරි වෙනවට…

    ආදරෙයි හැමෝටම.. ගුඩ් නයිට් ඇන්ඩ් ගුඩ් මෝනින්ග් ???

    බුදුසරණයි ❤️❤️❤️❤️

    1. ඔයාටත් ගුඩ් මෝනින් ඇන්ඩ් ගුඩ් නයිට් මගේ අක්කියෝ …..ඔයාටත් ආදරෙයි මගේ අක්කියෝ …..??

  160. ගුඩ් නයිට් ලොකු අයියා ඇතුලු දග පවුලේ හැමෝටම
    පරිස්සමින් සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි?❤️
    ජේසු පිහිටයි ?❤

    අසනීපයෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ?❤️

    පුලුවන් දවසක ආයෙත් එන්නම් ❤

  161. Comment 1000පැන්නා නී මාත් එහෙනම් යනවා දැන් ගොඩාක් රෑ වෙලනේ තව ඉන්න ආසයි එත් නිදිමතයි..?????
    සුබ උදැසනක් සහ සුබ රාත්‍රි යක් වෙවා
    ලොකු අයියෙ ඔත් පරිස්සමින් සතුටින් ඉන්න ඔනී
    මගෙ අක්කිලා අයියලා හැමොම සතුටින් ඔඅරිස්සමින් ඉන්න ඔනී ❤️❤️❤️?
    හැමෝටම ගොඩාරියායායාක්ක්ක්???????????? ආදලෙයි
    සුදු අක්කියෝ මන් හෙට ලොකුම ලොකු comment එකක් දාන්නම් හලිද තරහා වෙන්න එපා.❤️❤️
    හැමොම ටම තෙරුවන් සරනයි ????

    1. මගේ නන්ගි බබාටත් ගුඩ් නයිට් ඇන්ඩ් ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ඔයාටත් ආදරෙයි ගොඩාරියක්

    2. උක්කූං පුතා

      සුබ රාත්‍රියක් නංගියෝ ඔයා පරිස්සමෙන් සතුටු ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි

  162. ලොකු අයියේ ගුඩ් නයිට් ❤️❤️❤️❤️???? දග පවුලේ හැමෝටම ගුඩ් නයිට් ❤️❤️❤️❤️????
    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ????? හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ……තෙරුවන් සරනයි …..

    1. හ්ම්ම්.
      ගුඩ් නයිට් නංග.
      පරිස්සමින් ඉන්න???
      තෙරුවන් සරණයි??

    2. උක්කූං පුතා

      සුබ රාත්‍රියක් සිතු නංගී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි ඔයාට

  163. උක්කූං පුතා

    ඔන්න නිසු නංගි දැන් තමයි කතාව ඉවර කරලා කතාවට ගැලපෙන කොමෙන්ට් එක දාන්න හදන්නේ…මම දැන් කොතනින්ද පටන් ගන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නේ… මුලින් කතාව ගැන කියලා ඉන්නම්

    ඇත්තටම ඔයාගේ පළවෙනි කතාව උනාට සුපිරි කියවන්න ආස වෙන විදියට ඔයා කතාව ලියල තියෙනවා ඒ චරිත වලට මාර විදිහට වටිනාකමක් දීලා තියෙන්නේ…මේකෙ කෙල්ලගේ ඒ චරිත ඔයාට සමානයි කියලා හිතෙන්නේ මට විතරද ඔයාගේ දේවල් මේකට ඇතුලත් කරලා තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද…. මොකද ඇත්ත කතාවක් විදියට මේ කතාව දැනෙන විදියට ලියලා තියන නිසයි මට එහෙම හිතෙන්නේ…

    වැරදිකරුවන්ට සොබාදහමෙන් කොහොමද දඬුවම් කරන්නේ..කොහොමද ඒ දේවල් වෙන්නේ කියන එක ඔයා ලස්සනට ගලපලා තියෙනවා ලස්සනට ලියලා තියෙනවා… කතාවෙන් ගන්න දේවල් ගොඩාරියක් තියෙනවා ඔය විදියට ලියද්දි නංගී

    ආදරේ කියන්නේ මොකක්ද ආදරේ කරන්න ඕනේ කොහොමද කෙල්ලෙක් බොළඳ වෙන්නේ කොහොමද කෙනෙක් ආදරේ කරන්නේ කොහොමද හැම දෙයක්ම හරිම ලස්සනට හදවතට දැනෙන විදියට ඔයා ලියල තියෙනවා….හිතේ තියාගෙන ආදරේ කරන්නේ කොහොමද යාලුවෙක් විදිහට සහෝදරයෙක් විදියට ආදරේ කරලා ඊට පස්සේ එයා ආදරේ තමන්ගේම බිරිඳක් විදිහට පෙරළෙන්නේ කොහොමද මේ හැම දෙයක්ම හරිම තාත්වික විදියට ඔයා ලියලා තියෙනවා…

    එතකොට කෙල්ලෙක් පරිස්සම් වෙන්නේ කොහොමද කෙල්ලෙක් බොළඳ උනාම සිදුවෙන දේවල් හැම දෙයක්ම ඔයා හරි ලස්සනට ලියලා තියෙනවා නංගී…ලස්සන අවසානයක් දීලා කතාව හැමෝගෙම හිතට දැනෙන විදියට ලියන්න හැමෝන්ටම බැහැ නංගී… ඒ අතින් ඔයා අති සාර්ථකයි,.. ඒ වගේම තව දෙයක් කියන්නම් පැය හයක් වගේ පොඩි කාලෙකින් කතාවකට කොමෙන්ට් දහක් දාපු කතා අතරට මේ කතාවත් එකතු වුණා.. ඒ තමයි ඔයාට තියන ආදරේ ඔයාගේ කතාවට දෙන්න වටිනාකමක් ඔයාගේ සාර්ථකත්වයට ලැබුණු වටිනාකම…ඇත්තටම හරිම ලස්සන ආදරණීය කතාවක් මුල් කොටස් වලින් කතාව කියවද්දී කොටින්ම හිතුවේ නෑ අවසානය මේ වගේ වේවි කියලා… හරිම ලස්සනයි නංගී සුපිරි පට්ට සුප්පා

    තවත් කතා ලියන්න ඔයාට ආස වෙන නිසා මම මේ කතාවේ දැක්ක පුංචි අඩුපාඩු ටිකක් පෙන්වලා දෙන්නම් … ලොකු අඩුපාඩු නෙවෙයි කතාවකට වෙන්න ඕනේ දේවල් ටිකක් විතරයි මං දැක්කේ ජිනීවා පෙන්නලා දෙන එක මගේ යුතුකමක් මොකද දන්නවද මං ආසයි මගේ කතා වලට වැඩිය ඔයාලගේ කතා ලස්සන වෙනවද හදවතින්මයි කියන්නේ…

    මුල්ම එක තමයි නංගි ඔයා කතාව පටන් ගන්න විදිය චුට්ටක් වෙනස් කරන්න ඔය විදියට කතාව පටන් ගත්ත.. දක්ෂ අය ලියපු කතා චුට්ටක් බලන්නං ඒ වගේ ඔයාට දේවල් ගන්න පුළුවන් වේවි… දෙවෙනි එක තමයි ඔයා සමහර ගැලපෙන් නැති වචනෙකින් පටන් අරන් ආයෙත් වෙන වචනයකින් කතාව ඉවර කරනවා. ඒක ඔයාට පෙන්නල දීල තිබ්බ සදු නංගි මම දැක්කා… ඒව චුට්ටක් බලන්න..
    අනිත් එක තමයි ඔයා දෙබස් කඩද්දි පොඩිවට කඩද්දි ඒත් දෙබස් වලට දෙන වටිනාකම වැඩි කරන්න නංගි… එතකොට තව ආස හිතෙනවා කතාව කියවන්න… අනිත් එක තමයි ඔයා කාලය පෙන්වද්දී සමාරක් වැලපෙන් නැති තැන් වලත් ඔයා කාලය පෙන්නන්න ඉරක් ඇඳලා තියෙනවා ඒ වගේ දේවල් කරන්න එපා ඒ වගේ ඉරකින් කතාව වෙන් කරන්නේ කාලය පෙන්නන්න විතරයි ඒ ගැන දැන් දෙයක් කරලා නිදාගන්න ගියා කියමුකෝ ආයෙත් අවදි වන්නේ අන්න ඒ වගේ වෙලාවකට හිරක් දාන්න…වටිනාම දේ තමයි මේක කතාවක් ලියද්දි කතාවේ ජීවත්වෙන චරිත විතරක් ගන්න එපා නංගී වටපිටාව ගැන අනිවාර්යෙන්ම ගන්න.. ආදුනික චරිත දෙක තුනක් දාන්න එතකොට කතාව තව ලස්සන වෙනවා…ඔයාට මේක නවකතාවක් කරන්න හොඳටම පුළුවන් කමක් තිබිලා තියනවා ඒ වගේ දේවල් ඔයා මේ කතාව ඇතුලට දැම්මා… ඉතින් නංගියේ මං දැක්කා ඔන්න ඔය අඩුපාඩු ටික ඔයා හදාගන්න එතකොට ඔයාට ලස්සන කතා ලියන්න පුළුවන් මටත් වැඩිය…..

    නංගි ඇත්තටම ලස්සන කතාවක් දුන්නාට බොහොමත්ම ස්තුතියි ආසාවෙන් කියෙව්වා ඒ වගේම මට සමාවෙන්න කොටස් රටකටම කොමෙන්ට් කරන්න බැරි වුණා ඒකට. ඉතින් මං ඇප් එකේ හිටිය නං අනිවාර්යෙන්ම කොමෙන්ට් කරනවා ඉතින් මට app එකෙන් යන්න වෙලානේ තියෙන්නේ…

    ඉතින් මේ වගේ ලස්සන කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අයියා දීපු උපදෙස් අරගෙන හැමදාම සතුටින් ඉන්න කවදාවත් වැටෙන්න එපා වට්ටන්න ගොඩක් අය ඉන්නේ නැගිටින්න තමන්ගේ විතරයි ඉන්නේ අන්න ඒක මතක තියාගන්න…ඉතින් මොනවා හරි අඩුපාඩුවක් උනානං මට සමාවෙන්න හැමදාම සතුටින් ඉන්න ඕන හරිද තෙරුවන් සරණයි ආදරෙයි අයියා ගොඩාරියක්…♥️♥️

    සංසාරෙ පෙර පුරුදු ලෙසකට
    නුඹ ඇවිත් නැවතුනා
    මගෙ හද අරණ වෙත
    පතා ආවා සේ දැනුනා මට
    නුඹේ ආදරේ මහ මෙරක්
    මැණිකේ මගෙ හිතට  ,

    හිනැහෙමින් ළංවෙනා
    ඔය මුව කමල මම
    සිප ගනිමි දිවිපුරා ආදරෙන්
    සතපමින් මගේ හදසයනේ නුඹ
    සතුටෙදිත් දුකේදිත්
    මා අසල රැදි ඔබ
    අත්වැලක් වූවා මේ දිවිමගේ
    මම පසුබසින හැම මොහොතකදිම ,

    නෑ දැනුනෙ පාලුවක් තනිකමක්
    ගැවසෙනා විට නුඹ මගෙ ළගින් හැමදින
    දෙව්දුවකි සැබැවින්ම
    නුඹ මගේ ලොව එකලු කල
    ඉතිං මගෙ මැණික
    මට වටිනවා නුඹව හැමදාම
    මුණ ගැහුන දවසමෙන්
    අදත් හෙටත් මතුවටත් මට

    සැනසෙන්න මගෙ ළගම ආදරෙන්
    මැණික ,
    හිනැහෙන්න හුරු ලෙසින්
    මගේ ළග හිද  ,
    පතමි මම හදවතින්ම අද  ,
    මතු සසරෙදිත් වෙන්න නුඹ
    මගෙ පණටික
    ♥️♥️♥️♥️

    ඉතින් මගේ දඟ සෙට් එක මට යන්න අවසර ආයෙත් ඉතින් කවදා අපි හමු වේවිද කියන්න මම දන්නෙ නැත… ඒ වගේම අවි නංගිගෙන් මං ඉල්ලීමක් කරනවා…චැනල් එකේ කොමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම.,. ලෙඩ වෙලා ඉන්න කට්ටියට ඉක්මනින්ම සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ වගේම තමයි ඉල්ලීමක් කරන්නම් මම දැක්ක දේවල් ගොඩක් වෙලාවට දැන් කොමෙන්ට් අඩුයි එහෙම කරන්න එපා කතාවට ගැලපෙන කොමෙන්ට් දාන්න කතාවට වටිනාකමක් දෙන්න කතා ලියන කට්ටියගේ එක්ක මං ශක්තිය එකම වත්කම එච්චරයි….. ඇප් එක ගැන තව කට්ටිය ද කියන්න එතකොට මේ වගේ අලුත් සෙට් එකක් ඒවි… එතකොට කොමෙන්ට් ගොඩක් ගන්න පුළුවන්… හැමෝටම එක විදිහට ආදරේ කරන්න හැමෝම. එක්ක සමගියෙන් සතුටින් ඉන්න… ඉතින් මට යන්න අවසරයි ඔයාලා ඔක්කොම ගොඩක් මිස් කරනවා මම… ආදරෙයි ලොකු අයියා ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි සුභ දවසක්

    1. Avi 1999 (kandy)?

      ඒක ගොඩක් ලස්සනයි ලොකු අයියෙ ❤️❤️ … අයියත් පරිස්සමින් සතුටින් සැපෙන් සනීපෙන් ඉන්න හැමදාම හොදද . තෙරුවන් සරණයි අයියෙ ❤️❤️

    2. මගේ ලොකු අයියේ …..

      ඇස් වල කඳුළු තියාගෙන කියවපු දෙවැනි කමෙන්ට් එක …..මං කතාව ඇප් එකට දාපු දවසේ ඉදලා බලාගෙන හිටපු කමෙන්ට් එකක් මේ … මං දන්නවා එහෙම කිව්වට මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා තරහ වෙන්නේ නෑ කියලා … මොකද ඕනිම කෙනෙක් බලාපොරොත්තු වෙනවා අයියගේ මේ උපදෙස් ටික ….

      ලොකු අයියේ …. මට තේරෙන්නේ නෑ මං මොනවා කියන්නද කියලා ….

      අයියේ ඔයා හරි …. ඔයාට දැනුනු දේ ඇත්තටම ඔව්..මගේ දෙමාපියන් මං ළඟ ඉන්නවා … ආශා වගේ හදාගන්න බැරි වරදක් කරලා නැ කවදාවත් … ඒත් අනිත් ගොඩක් තැන්වල කතාව ඇතුලේ හිටියේ මම … අයියේ … ආශාගේ අසනීපෙ … ඒත් මගේ අත්දැකීමක් අයියේ … මං වින්ද වේදනාව ආශාට නම් දුන්නේ නෑ මං … මොකද මං කැමති නෑ මගේ කතාවල චරිතයක් වත් ඒ දුක විඳිනවා ට…. මට පුදුමයි අයියේ ඔයාගේ මේ හැකියාව… කතාව තේරුම් අරන් ඔයා ..

      ගොඩක් කෙල්ලෝ ආදරේ ඉස්සරහ ගොඩක් බොලදයි.. මට ජීවිතේ ගැන මහ ලොකු අත්දැකීම් නම් නෑ ..ආදරේ ගැන උනත් .. ඒත් මේ සමාජයේ වෙත දේවල් නිසා යමක් තේරුම් ගන්න පුළුවන් මටත් ….

      ඒවගේම අයියේ මං කතාවේ සබ්මිට් කලේ මුලදී කොටස් අටයි… ඒත් මට හිතුණා ඒ අවසානය සාර්ථක වෙන්නේ නැති වෙයි කියලා … මොකද මගේ දඟ යාළුවෝ ඔක්කෝම ඉල්ලුවේ ආදරණීය අඅවසානයක් … ඒ නිසා මං කතාව එඩිට් කරන්න හිතුවෙ …. අන්තිම කොටස් දෙක කීප වතාවක් එඩිට් කරන්න වුනා මට …

      ඇත්තටම සතුටුයි අයියේ මේ ඇප් එකේ තාත්තා වගේ ඉන්න අයියගෙන් අතිසාර්ථකයි කියලා අහන්න පුළුවන් වුනා කියන්නේ ඒක මං වින්ද ලොකු ජජයග්‍රහණයක් ..

      අයියා තමයි මට මුලින්ම කෙටිකතාවක් ලියන්න අදහසක් දුන්නේ … මං හිතුවෙ නෑ කවදාවත් මට කෙටිකතාවක් ලියන්න පුළුවන් වේවී කියලා …. ගොඩක් පින් ලොකු අයියේ … ලියන්න ඕනි විදිය පවා කියලා දීලා මාව දිරිමත් කලාට …..

      ඇත්තටම මට හිතාගන්න බෑ අයියේ ඔයාලා මට දුන්නු මේ තෑග්ග … කතාව පරක්කු වෙන්න පරක්කු වෙන්න මං හිතාගත්තා කවුරුවත් එන්නේ නැති වෙයි කියලා ….?? ඒත් කතාව දැම්මා විතරයි අක්කිලා නංගිලා මල්ලිලා මචීලා ඔක්කෝම ඇප් එකට ළං වුනා අසනීපෙන් හිටිය අය පවා… අයියා කියපු දේ හරි අයියේ … මට මේ කතාව නිසා තේරුනා මේ ටික කාලෙට මං ඇප් එකෙන් මිල කරන්න බැරි වත්කමක් හම්බ කරලා කියලා …. ඒ මගේ යාළුවෝන්ගේ ආදරේ ….අයියේ මං කමෙන්ට් වලට ඇත්තටම හරි ලෝබයි …. දිග කමෙන්ට් එකක් දාන්න , ඒවට දිග රිප්ලයි එකක් එයාලාගෙන් ගන්න ගොඩක් ආසා කලා … කීවේ නැතත් මගේ යාළුවෝ දන්නවා ඒක … ඒත් මං හිතුවෙ නෑ මේ තරම් වටිනා කමෙන්ට් ගොඩාරියක් මට ලැබේවි කියලා … අයියගේ රත්තරන් වටිනා කමෙන්ට් එකත් එක්ක ….. මගේ කතාවට ලැබෙන්න පුළුවන් උපරිම වටිනාකම තමයි මේ…. එක යාළුවෙක් මගෙන් ඇහුවා එෆ් බී දාමුද කතාව කියලා … ඒත් මට එහෙම ඕනි නෑ කවදාවත් … මට ඔයාලාගේ ආදරේ ඔයාලාගේ වටිනාකම ට එහා ආයේ මුකුත් ඕනි නෑ අයියේ …

      අයියේ … මට තේරුනා අයියා පෙන්නපු අඩුපාඩු … මට කතාවේ ආරම්භය ගන්න ඇත්තටම තේරුනේ නෑ …. මං කතාව ලියපු විදියට ගොඩක් වචන නොගැලපීම් ඇති… මොකද ඒ සාමාන්‍ය ලියන භාෂාවෙන් නෙවෙයි නිසා …. මට මගේ වැරදි පැහැදිලියි අයියේ … මං ඒ ගැන ගොඩක් හිතන්නම් අනිවාර්යයෙන් ම….සදූ අක්කී පෙන්නපු වැරැද්දත් මට හොදට තේරුම් ගියා ….
      අයියේ ඔයාට ගොඩක් පින් මට මගේ වැරදි පෙන්නලා දුන්නට …. මං ඇත්තටම මේ දේ බලාපොරොත්තු වුනා …කතාවක් දාන්න හිතුනෙත් මට මගේ වැරදි අඩුපාඩු තේරුම් ගන්න පුළුවන් වෙන නිසා ….

      මට ගොඩක් සතුටුයි අයියේ අයියා මගේ කතාව ආසාවෙන් කියෙව්වා කිව්වම…කතා ලියන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නේද අයියේ ….

      ලොකු අයියේ …..කවදාවත් එපා මගෙන් සමාව ඉල්ලන්න ….. ඔයාගේ නංගිට ඒක ලොකු වේදනාවක් … මොකද මං දන්නවා අයියාට ඒක බැරි වුනේ ඇයි කියලා … මං කවදාවත් අහිතක් හිතුවෙ නෑ අයියාගේ කමෙන්ට් එකක් නැති වුනා කියලා … අයියා මගේ කතාවට දෙන්න පුළුවන් හොදම වටිනාකම දීලා තියෙද්දි ආයේ සමාව ඉල්ලන්න එපා ලොකු අයියේ …. ඒක මට කියා ගන්න බැරි දුකක්….

      ගොඩක් පින් ලොකු අයියේ ඔයා කරපු මේ ප්‍රාර්ථනා වලට …..
      මං අයියගෙන් ඉගෙන ගත්ත පාඩම් කොච්චර වටිනවා ද කියලා මගේ හෘද සාක්ෂිය දන්නවා …. මං වැටෙන්නේ නෑ අයියේ …. කඩා වැටෙන හැම තැනකදිම මට මේ සහෝදරයාගේ රත්තරන් වටිනා උපදෙස් මතක් වේවී ….

      ඉතින් අයියේ … කවදාවත් අයියාගේ එකම එක වචනෙකින් වත් මගේ හිත රිදිලා නෑ … ඒක ඇත්තමයි … අයියේ මගෙන් කවදා හරි අයියට වැරැද්දක් වුනා නම් මං අයියගෙන් සමාව ඉල්ලනවා ….??

      අයියගේ ඉදිරි ජීවිතේට මං හදවතින්ම සුභ පතනවා …. අයියයි අක්කි හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ඕනි …???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම අයියත් අක්කිත්….

      නංගිත් ලොකු අයියට ගොඩක් ආදරෙයි … මේ සහෝදරකමට ගොඩක් පින් අයියේ …????

      1. වැරදුණ මගේ ජීවිතයට
        එලිය ගෙනා ආදරයෙන්
        හදවත දවනා ඒ දුක් ගිනි
        නිබඳ දවයි ඒ මතකෙන්
        හිතුවෙ නෑ කවදාවත්
        ලැබේ මෙතරම් ආදරයක්
        වරක් වැරදුණ මගේ
        ආත්මය නුඹගේ කරන්

        තනි කමෙක් නෑ කිසිත්
        සිටිනවිට ඔබේ පපුතුරේ
        ලොබයි හැර ඉන්න මා
        මොහොතක් හෝ මේ සෙනේ
        ළඟ තියන් නහවනා
        සෙනෙහෙ අපමණ තරම්
        නලලේ තැවරූ දෙතොල්
        ගෙනේ සැනසුම නොනිම්

        යන්නෙපා දුර මගෙන්
        මට නුඹයි හිදින්නේ
        නුඹ සුවද ළඟ රැදී
        නෑ බියක් දැනෙන්නේ
        හිදින්නම් ආදරෙන්
        නුබෙ පැතුම එයම නම්
        නොවෙන්නම් වරදක් යලිත්
        ආදරෙයි නුඹට මං ………

        ආයෙමත් එන්න අයියේ මේ වගේ කාලෙකට සැරයක් හරි ඔයාගේ දඟ පැටව් එක්ක ඉදලා යන්න ….

        දළදා සමිදුන්ගේ පිහිටයි ????
        පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  164. නිශූ නංග❤
    නංග කතාව ඇප් එකට දාන්න පටන් ගත්ත දවසෙක තමයි මං ඇප් එකේ account එකක් හදාගත්තෙ.එදා ඉදන් හැමදාමත් කතාව දානකල් බලන් හිටිය,මොකද මං මේ කතාව ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ නංග.?

    ආශා❤,
    ?ජීවිතේ ගොඩාක් දුක් විදපු අහිංසක,දුප්පත් කෙල්ලෙක්.කෙල්ල දුප්පත් වුනත් හදවතින් නම් කෙල්ල ගොඩක් පොහොසත්,මොකද කෙල්ල ගොඩාක් හොද ගතිගුණ තිබුන කෙනෙක්.

    ?අනිත් දේ තමයි ආශාට තමන්ගෙ අම්මා,තාත්ත,තමන්ව ආදරෙන් බලාගත්ත අත්තා මේ හැමෝම නැති උනත්,නෑදෑයන්ගෙන් කොච්චර වෙනස්කම් වුනත් ඒ හැමදේම දරාගෙන ජීවිතේට මුහුණදෙන්න තරම් කෙල්ලගෙ හිත ගොඩක් ශක්තිමත්.තමන්ගෙ ජීවිතේ අහිමිවීම්,දුක් ඉදිරියේ හිත හයිය කරන් ජීවිතෙන් පලානොයා ජීවිතේ ඉස්සරහට යන්න උත්සහ කරපු කෙල්ලෙක්.දැන් කාලෙ ඉන්න ගොඩක් කෙල්ලන්ට ඒ හිතේ හයිය නෑ.කෙල්ලෙක් වුනත් ජීවිතේට මොන ප්‍රශ්න ආවත් ඒ හැමදේටම ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන කියන ආදර්ශය නංග ආශාගෙ චරිතෙන් අපිට දෙන්න උත්සක කරල තියෙනව.

    ?අනිත් දේ තමයි ආශා ආදරේට ගොඩක් ආදරේ කරන ආදරණීය චරිතයක්.මොකද කෞෂාල් තමන්ට කැමතියි කියල කියද්දිත්,තමනුත් හිතින් කෞෂාල්ට ගොඩක් ආදරේ කරද්දිත් ආශා තමන් ආදරේ කරන කෞශාල් වෙනුවෙන් කෞෂාල්ට කැමති වෙන්නෙ නෑ.හිතේ දුක් ගොඩක් එකතුවෙද්දි,කෙල්ල හිතින් විදව විදව හරි තමන් ආදරේ කරන කෞෂාල්ගෙන් ඈත්වෙන්නෙ කෞෂාල්ගෙම යහපත ගැන හිතල.ඉතින් සැබෑ ආදරේ කියන්නෙ තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කරන එක්තරා පරිත්‍යාගක් කියල ආශාගෙ චරිතෙන් පෙන්නල තියෙනව.

    ?ආශාගෙ ජීවිතේ එක තැනක වරදිනව,ආයේ ඒ වැරැද්ද හදාගන්න බැරි විදිහටම,ඒකෙන් අපිට පෙන්නල තියෙනව කෙල්ලෙක් වුනාම තමන්ගෙ ජීවිතේ ගන්න හැම තීරණයක්ම ගොඩක් හොදට හිතල බලල ගන්න ඕන කියල.මොකද කෙල්ලෙක්ගෙ ජීවිතේ කියන්නෙ හරියට වීදුරුවක් වගේ.බිඳුණොත් ආයේ තිබුන විදිහට හරිගස්සන්න බෑ.

    ආශාගෙ චරිතෙ මට ගොඩාක් දැණුන.ඒකට ලොකු හේතුවක් වුනා ආශාට වගේම ඒහා සමාන අසනීපයක් තියෙන,ආශා වගේම ජීවිතේ ගොඩක් දුක් විදපු කෙල්ලෙක්ව මන් ඇත්තටම අදුරනව,තියෙන එකම වෙනස ආශාවගේ මුලින් ජීවිතේ හරිගස්සන්න බැරි විදියට වරද්දගෙන නැති එක විතරයි.ඉතිම් මන් ඒ ආශාගෙ අසනීපෙ,ජීවිතේ ප්‍රශ්න හැමදේම අතරින් දැක්කෙ අර මන් කිවුව ගෑනු ළමයගෙ චරිතෙ.

    කෞෂාල්❤,
    ?සල්ලි තිබුන කියල ඒ සල්ලිකාරකම ඔළුවට අරන් ඔළුව උදුම්මන් හිටිය කොල්ලෙක් නෙවේ.සාමාන්‍ය විදිහට පොළවෙ පයගහල ජීවත් වුනු කොල්ලෙක්.

    ?ආදරේ ඉස්සරහ ගොඩක් අවංක,සැබෑ ආදරේ අදුරන කොල්ලෙක්.තමන් ආදරේ කරන කෙල්ලට අසනීපයක් තියෙද්දිත් ඒ කෙල්ල වෙනුවෙන්ම බලන් ඉන්න,ජීවත් වෙන කොල්ලෙක්.අද කාලෙ නම් ගොඩක් කොල්ලො කරන්නෙ තමන් ආදරේ කරන කෙල්ලට ඔයවගේ අසනීපයක් තිබ්බ නම් අතාරින එක.ඒත් කෞෂාල් එහෙම නෑ.මොකද කෞෂාල්ගෙ ආදරේ ගොඩක් අවංකයි.

    ?අනිත් දේ තමයි ජීවිතේ කලින් වැරදුනු කෙල්ලෙක්ව බැන්ඳත් අද කාලෙනම් බැඳල ටික කාලයක් යද්දි මුලින් ඒ වැරදීම ප්‍රශ්නයක් නෑ කිවුව කොල්ලම ඒ වැරදීම හාරවුස්සල කෙල්ලට වෙනස්කම් කරන්න,ඇනුම්පද කියන තත්වයක් තියෙන්නෙ.ඒත් කෞෂාල් එහෙම නෑ.

    ?කෞෂාල් නරක කොල්ලෙක් වුනා නම් ආශාව තමන්ගෙ ගෙදර නවත්තගත්ත වෙලාවෙ උදවු කරන මුවාවෙන්ම කෙල්ලට වැරැද්දක් වුනත් කරන්න තිබුන.ඒත් කෞෂාල් එහෙම පහත් කොල්ලෙක් නෙවේ.අපි අද සමාජෙ ගොඩක් දකින්නෙ පහත් ආශාවන් වෙනුවෙන් කෙල්ලන්ගෙ ජීවිත විනාශ කරන කොල්ලන්ව,ඒ නිසා හැම කොල්ලෙක්වම ඒ ගොඩට දානව ගොඩක් අය.ඒත් ඒ දේ වැරදියි කෞෂාල් වගේ හොද කොල්ලොත් සමාජෙ ඉන්නව කියල කතාවෙන් පෙන්නල දීල තියෙනව.

    අශාන්,ශනීෂා❤,
    ?ඒ වගේම කෞෂාල්ගෙ යාළුවො අශාන්,ශනීෂා ගොඩාක් හොද යාලුවො.ඒ වගේ යාළුවො අද සමාජෙ ගොඩක් අඩුයි.

    ?අනිත් දේ තමයි වැරදි කරන මිනිස්සුන්ට වැඩි ආයුෂ නෑ කියන එකත්.තමන් කරන වැරදිවලට විපාක විදින්න වෙනව කියන දේත් කතාවෙන් පෙන්නල තියෙනව.

    ඉතින් නිශූ නංග,කතාවෙ කොටසින් කොටස බැලුවොත් තව ගොඩාක් වටින ආදර්ශ තියෙනව අපේ ජීවිතේට ගන්න.❤
    ඉතින් මේවගේ ලස්සනම ලස්සන කතාවක් අපි වෙනුවෙන් අරන් ආවටත්,ඒ කතාව තුලින් අපිට කතා රසයක් වගේම,ජීවිතේට වටින ආදර්ශ ගොඩකුත් දුන්නට ගොඩාක්ම ගොඩාක් ස්තුතියි නංග ඔයාට ❤❤❤❤
    මං මේ දවස් ටිකේ අසනීපෙන් හිටියත් ඔයාගෙ කතාව නම් කියවන්න අමතක කලේ නෑ නංග.මොකද කතාවට ගොඩාක් ආසාවෙන් හිටියෙ.
    ඉතින් නිශූ නංග ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන කතාවක් අපි වෙනුවෙන් අරන් එන්න ලැබෙන්න කියලත්,ඒ වෙනුවෙන් ඔයාට ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව.??????
    ඒවගේම ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
    හැමදාමත් පරිස්සමින් ඉන්න ?????
    තෙරුවන් සරණයි ඔයාට?????
    ගොඩාක් ආදරෙයි නංග ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. මගේ රූ අක්කියෝ ….

      අනේ මගේ අක්කී … මං කොහොමද අක්කියෝ ඔයාට රිප්ලයි එකක් දෙන්නෙ… මට හිතාගන්න බෑ අක්කී මගේ අක්කී මේ තරම් හොදට කතාව තේරුම් අරන් තියනවා කියලා …

      චරිතයෙන් චරිතය වෙනවෙනම අරන් එයාලාගෙන් ගන්න තියන දේවල් වෙන වෙනම පෙන්නලා ….

      මං දන්නවා හොදටම අක්කී … කොකොහොමටවත් මට නම් අක්කි දුන්නු කමෙන්ට් එක තරම් ලොකු රිප්ලයි එකක් දෙන්න බෑ කියලා …. මට ගොඩක් සමාවෙන්න ඒකට නම් ….

      රූ අක්කී ඔයා මේ දුන්නු වටිනාකම ට මට දෙන්න තියෙන්නේ පුංචි දෙයක් විතරයි ….

      මෙලොවට ආ දිනේ ඉද
      විදි ගැහැට ඈ නිබඳ
      කොතෙක් වුවමුත් හිතට
      තරහ නෑ කා වෙතට

      ඒ නරුමයන් එදා
      බිද හෙලූ ආත්මය දරා
      රැකියේ ඔහු හිත හදා
      නෑ තවත් දුක් දෙවා

      මව්පියන් යලි ගෙනත්
      ළං කලා සොහොයුරන්
      ඈ වෙතද සෙනෙහෙ දී
      දූ වුනා අද ඉදන්

      දැනෙන්නේ පෙම දෝ
      ඔහු ඈට රිසී දෝ
      ළඟ ඉන්න පතාදෝ
      දිවි තුරා රකී දො

      ඈ හදෙත් ගලයි පෙම
      නමුදු ඈ ලෙඩෙක් බව
      සිත දරා වෙන්වන්න
      දැනුනු පෙම සඟවන්න

      බෑ වෙන්ව ඉන්න
      දෙන්නාම පෙම දන්න
      හිතුවෙ ළං වෙන්න
      දිවි පුරා නොහරින්න…..

      අක්කියෝ … අක්කිට ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා අක්කිට දැනුනු දේ අක්කී තේරුම් ගත්ත දේ මට කීවට….

      ඒ වගේ ම අක්කිගේ ප්‍රාර්ථනා වලට ….

      මගේ අක්කී ඇප් එකට ආපු දවස් වල ඉදලා අපි ගොඩක් අදුනගත්තා …මේ සහෝදර කම්ට යාළුකමට මං ගොඩක් ආදරෙයි මගේ අක්කී ….

      ඒ වගේ ම අසනීපෙ තියාගෙනත් මෙච්චර වටිනා කමෙන්ට් එකක් අක්කි මට තෑගි කලා.. ඒ වගේම හැම කොටසකම ත්.. අක්කිට ගොඩක් ස්තූති මේ දුන්නු වටිනාකම ට….

      අක්කිගේ අසනීපෙ ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….

      ඒවගේම අඅක්කිගේ අනාගතය සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි අක්කිටත් මහ ගොඩක් ….????

  165. මගේ ලොකු අයියේ , මගේ අක්කිලා ,මගේ නංගිලා , මගේ මල්ලිලා එතකොට මගේ මචීලා ඔක්කොටම …….❤️❤️❤️❤️

    මුලින්ම සමාව ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම ඔයාලට වචනයක් නොකියා යන්න වුනාට .මං නිදාගන්න ගියා නෙවෙයි .. කෙනෙක් නිසා යන්න වුනා … ඒකට මං ඔයාලාගෙන් වැදලා සමාව ඉල්ලනවා …????

    මට අද මේ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ කවදාවත් …. කොච්චර කමෙන්ට් දාහ දාන තැන් වල හිටියත් කතාව ලියන කෙනාට ඒක කොයිතරම් සතුටක් ද කියලා දැනුනෙ අද මට .. … ඔයාලා හැමෝටම ගොඩක් පින් ඒ සතුට මට දුන්නට ….???

    මුලින්ම ස්තූති කරන්න ඕනි චන්දිම සර්ට …?? කතාව ඇප් එකට දානකොට තිබුණු ගැටළු හොදින් විසඳල දුන්නට … ඒ වගේම හිතපු නැති විදියට මේක ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් දඟ පැටවුන් ට අරන් ආවට…

    මේ මං ලියපු පළවෙනි කතාව ඇප් එකට … මීට කලින් නවකතා දෙකක් ලීවත් මං දැනන් හිටියේ නෑ මේ ඇප් එක ගැනවත්… මට ඒ දේ හොයල දුන්නේ එක යාළුවෙක් … එයාට මං ගොඩක් ණයගැතියි…???

    මං නවකතාවක් ටයිප් කරන්න පටන් ගෙන තිබුණේ මේක දාන්න කලින් … ඒත් ලොකු අයියේ ඔයා දවසක් කෙටිකතාවක් හරි ඇප් එකට අරන් එන්න කියලා කියපු වෙලාවේ තමයි මට ම්‍රෙ ගැන ආසාවක් හිතුනේ …ඒවගේම අයියේ ඔයා මට කතාව ලියන්න තිබ්බ ගැටළු උනත් විසදලා දුන්නා… ලොකු අයියේ ඔයාට ගොඩක් පින් …???

    ඒවගේම මගේ අක්කිලා, නංගිලා, මල්ලිලා ,මචීලා … ගොඩ ගොඩක් ස්තූති මාත් එක්ක හැමදාම හිටියට..මට මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නට .. ඒ වගේම හැමදාම කතාව හැඩකලාට…. මං නම් කියෙව්වෙ නැත්තේ බැරිවෙලාවත් කාවහරි මට ඇරුනොත් ඒක හදාගන්න බැරි වැරැද්දක් වෙන නිසා … මොකද මං කැමති නෑ මං දාන ඉමෝජියක් නිසාවත් මගේ මැණිකලාගේ හිත් රිදෙනවට…..

    අන්තිමට තව කෙනෙක් මතක් කරන්න ඕනි … ඒ මගේ ලොකු නංගි … මං ලියන ලියන කොටස ,ඒවා එඩිට් කරන වාරයක් ගානේ කියවලා මගෙන් වෙන්න ගිය අත්වැරැදීම් ගොඩක් නැවැත්තුවේ එයා … අකුරු වරදිද්දි, වචන ගැලපෙන්නේ නැති වෙනකොට එයා ඒවා මට පෙන්නලා දුන්නා… ගොඩක් ස්තූති මගේ මාෂි මැණික …???

    මට ගොඩක් සතුටුයි මගේ යාළුවනේ … කතාව දැම්මේ ගොඩක් හවස් වෙලා උනත් මගේ මැණිකලා ඔක්කොම එකතු වෙලා ගොඩක් රෑ වෙනකම් ඇහැරලා ඉඳලා මේ දුන්නු වටිනාකම ට ඔයාලට ගොඩක් පින් …???

    ඉතින් මං නවතින්නම් එහෙනම් … කතා ලියන්න තිබ්බ ආසාව තවත් වැඩි වුනා අද… එක්සෑම් එකෙන් පස්සේ මං කොහොම හරි නවකතාවක් අරන් එන්නම් ඔයාලට …

    අන්තිමට දෙයක් ඉල්ලන්නම්… හැමදාම ත් මේ දඟ පවුල පරිස්සමෙන් බලාගනිමු කියලා … කවදාවත් කැඩිලා යන්න නොදී…

    සුභ රාත්‍රියක් මගේ යාළුවනේ …..
    දළදා සමිදුන්ගේ පිහිටයි මගේ අක්කිලා නංගිලා මල්ලිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ඔයාට …..???
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
    මං ආදරෙයි ගොඩක් මේ දඟ පවුලේ ඔක්කොටම ….❤️❤️❤️

  166. Fire ball බූබූ ?

    දැන් තමා නිෂූ අක්කේ කතාවට කමෙන්ට් එකක් දාන්න හදන්නේ … ???

    ඒ වගේම මට සමාවෙන්න නොකියම යන්න වුනාට ….. ??????
    ඒක නිසා මට කමෙන්ට් දාහ දාන්න ඉන්න බැරි වුනා… ???
    ඒත් කොහොමහරි දඟ පවුලේ දඟයෝ ටික කමෙන්ට් දාහ දාලා,ඒක නිසා සතුටුයි.. ???
    ඒකත් අඩු කාලෙකින් ???
    ඒකට මුලින්ම සුභ පැතුම් අක්කේ ???

    ඕකෙන් මේකෙන් මේ හිමිදිරි උදෑසනේ,සුභ උදෑසනක් පතන්න අමතක වෙනවා මට තව ටිකෙන්….?‍♂️?‍♂️?‍♂️?‍♂️
    ඒක නිසා ඔන්න,
    ? ඉන්නම් ඔබ ගාවින් මං ? කතාව ලියපු අපේ නිෂූ අක්කටයි,
    ලොකු අයියා උක්කුං පුතාටයි,
    දඟ පවුලේ දඟයන්ටයි,
    සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..???

    හරි හරි ,වටේ යන්නෙ නැතුව කතාව ගැන කමෙන්ට් එක පටන් ගන්නම්කෝ…???
    ටටර ටටර ටාං…..?️?️?️?️

    අක්කගේ මුල්ම කතාව නේද මේක ???
    හැබැයි ඇත්තටම කිව්වොත් ,
    මේක කියවපු ඕනෙම කෙනෙක්ට දැනෙන්න ඕනේ,
    අක්ක කතා ලියන්න ආධුනිකයෙක් නෙවෙයි කියල …
    මොකද අක්ක ඒ තරමට හොඳට කතාව ලියලා තියෙනවා…??????
    සුපිරියි, නියමයි ???
    මේක කොටස් විදියට දාපු කෙටිකතාවක් ,
    එහෙනම් නවකතාවක් ලිව්වොත් කොහොමට ඇතිද ????
    ඒක නිසා අනිවාරෙන්ම නවකතාවක් ලියන්න ,ඒක මීටත් වඩා ලස්සන වෙයි ???

    කතාවේ ප්‍රධානම චරිතේ වුනු ආශා කියන්නෙත් ,
    ඇත්තටම ජීවත් වෙන තවත් එක කෙල්ලෙක් වෙන්න පුලුවන් …??
    ඒ වගේම නැති වුනත්,
    ආශට වඩා වැඩියෙන් හරි ,අඩුවෙන් හරි කරදර විඳපු කෙල්ලො ඉන්නවා ඇති අපේ සමාජෙම…..

    අම්මයි,තාත්තයි නැතුව හැමෝගෙම වෙනස්කම්,ප්‍රශ්න ගොඩක් මැද්දෙ වුනත් ,
    ඒවා දරාගෙන ,ඒ ප්‍රශ්නවලට මුහුණ දීපු ආශගේ චරිතේ,
    අද ඒ වගේ ප්‍රශ්න වල ඉන්න හැමෝටම ලොකු ආදර්ශයක්…..???

    දැන් කාලේ කොල්ලො කෙල්ලො ප්‍රශ්නයක් ආපු ගමන් කරන්නේ,
    මට තවත් මේ දුක දරන්න බෑ කියලා ,
    කෝච්චියේ බර බලන්න යනවා ?????
    නැත්තං වස කුප්පියක රස බලනවා ☠️☠️☠️
    එහෙමත් නැත්තං මුහුදේ ගැඹුර බලන්න යනවා….?️️?️️???️️?️️
    ඒත් ප්‍රශ්නවලට තියෙන විසඳුම ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි ,
    ඒක ප්‍රශ්න වලට බයේ හොරෙන් පැනල යන ක්‍රමයක් විතරයි ,ඒත් ඒකෙනුත් ලැබෙන්නෙ තව දුකක් විතරයි ???

    එතකොට දෙවෙනියට ප්‍රධාන චරිතේ වුනු,
    කෞෂාල් වගේ චරිතත් මේ ලෝකෙ ඇති…
    ආශගේ ජීවිතේ ලස්සන වුනා නම් ලස්සන වුනේ කෞෂාල් නිසාම විතරයි…

    කෞෂාල්ගෙ ආදරේ ගොඩක් වටින ආදරයක්…..???
    ආශා කොච්චර දුක් වින්දත් ,කෞෂාල් වගේ කොල්ලෙක්ගේ ආදරයක් ලබන්න තරම් ,
    ආශා පින් කරලා තියේ …..???
    කිසි ප්‍රශ්නයක් ආවත් කෞෂාල් වෙනස් වුනේ නෑ වගේම,
    කෞෂාල්ගෙ ආදරෙත් වෙනස් වුනේ නෑ ??
    ඒකමයි ඒ ආදරේ වටිනාකම වැඩි ???
    ඒ වෙනස් නොවීම නිසාම,
    ආශගේ දුක්බර ජීවිතේ වෙනස් වුනා …???
    කලු වලා ඇතුලේ රිදී රේඛාවක් තියෙනව වගේම හැම නරක දේකම හොඳ පැත්තකුත් තියෙනවා කියන්නේ කට කහනවට නෙවෙයිනේ ????

    එතකොට රෝහිත ………????
    ඒ වගේ චරිතත් අඩු නැතුව ඇති මේ සමාජේ…….???
    උන් ගැන කතා කරල වැඩක් නෑ ????
    හැබැයි රෝහිතට සුදුසු දඬුවමක් ලැබුනා……
    තව ටිකක් දරුණු වුනා නම් තව හොඳයි ??

    කර්මයෙන් බේරෙන්න බෑ කියලා හොඳටම පෙන්නනවා කතාවෙන්….?
    තමන්ගෙ වැරදි වැඩවලට ,හොඳ වැඩවලට වෙන වෙනම විපාක ලැබෙනවා කවදහරි…………☝️☝️☝️☝️

    ඒක රෝහිතකාරය දන්නේ නෑ වගේ……?
    අඩුම තරමේ,
    මේ වගේ දාර්ශනික ටෝක් දෙන
    ?බූබූගෙන්වත්? අහගන්න හිතුනේ නැති හැටි ඒ ගස් හිවලට……???
    මොනව කරන්නද,අහවලාගේ ඉරණම එයයි කියලා හිතමු ???

    රෝහිත අයියේ ,
    මගේ ආගමේ විදියට නිවන් සුව ලැබේවා කිරි අයියේ ???
    ඒත් නිවන් සුව මැරුනු කෙනෙක්ට කවදාවත් ගන්න බෑ ???
    මොකද,ජීවත් වෙලා ඉදිද්දි විතරයි නිවන අවබෝධ කරගන්න පුලුවන් ???
    ඉතින් කරපු පව්වලට වන්දි ගෙවහන් මා පුතී…..????

    අශාන්,ගනීෂා ඩබලවත් මතක් කරන්නම ඕනේ ???
    නැත්තං මාව කෝටුමස් කරයි ???
    තමන්ට ඉන්නම ඕනේ විදියේ යාලුවෝ තමා ඒ…..☝️☝️☝️
    හොඳ යාලුවෝ ඉන්නව නම් අපිට වැරදෙනව අඩුයි….. ???

    දැන් කමෙන්ට් එක ඉවර කරන්නම් නේද ??
    අවුලක් නෑනෙ ?

    ❤️ නියම ආදරයක, ලස්සන අවසානයක් ❤️
    දුන්නු,
    නිෂූ අක්කට ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් අපි වෙනුවෙන් ලිව්වට…………. ???
    ඒ වගේම කතාවේ අඩුපාඩු ,වැරදි හදපු ,අක්කගෙ නංගිටත් ස්තූතියි ???
    එයා දඟ පවුලේ හිටිය කෙනෙක් ද ???
    වැඩිය මතකයක් නම් නෑ ????
    සමාවෙන්න ඒකට ???

    මට සමාවෙන්න අක්කේ ,
    කතාවේ කලින් කොටස්වලට කමෙන්ට් එකක් දාන්න බැරි වුනාට….??
    එක දවසක් නම් දාන්නම හිටියා කමෙන්ට් එකක් ,එදත් බැරි වුණා ???
    පුලුවන් වුණා නම් මං අනිවාරෙන්ම කමෙන්ට් එකක් දානවා ❤️❤️❤️
    ඒත් හිතන් හිටියා ,කොහොමහරි අන්තිම කොටසට නම් කමෙන්ට් එකක් දානවමයි කියලා …. ???
    ඒකනිසා ඇවිල්ලා කමෙන්ට් එක දැම්මා ?

    අක්ක හිතපු තරම්ම කමෙන්ට් එක දිග නැතුව ඇති ,ඒකටත් සමාවෙන්න අක්කේ ???

    කමෙන්ට් එක පුරාවටම,
    මං අක්කගෙන් සමාව ඉල්ලලා ඇති සැරින් සැරේ,ඒකටත් සමාවෙන්න අක්කේ ???
    සමාව ඉල්ලලම හති අක්කණ්ඩියේ….???
    එහෙනම් මං යනවා අක්කේ …..????
    හැමෝටම සුභ උදෑසනක් ???
    .

    .

    .

    .

    .

    මොකක්ද හිතුවෙ ???
    මං එහෙම ලේසියෙන් යයි කියලද ???
    එහෙනම් සමාවෙන්න ඕනේ ???
    එහෙම ලේසියෙන් මාව යවාගන්න බෑ ???

    අක්කගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ….?
    හිතන පතන හැම හොඳ දෙයක්ම ඉෂ්ට වෙන්න කියලත් ?
    හැමදාම සතුටින් ,පරිස්සමෙන් ඉන්න ❤️?

    ලියනවා කිව්ව නවකතාවත් ඉක්මනින්ම ලියන්න ???
    මීටත් වඩා ලස්සන ,මීටත් වඩා හිත් ඇදගන්න එකක්…………❤️❤️❤️

    එහෙනම් ඕං මං ගියා අක්කණ්ඩියේ ?
    ලැබුවා වූ සුභ උදෑසන,
    සාමය සතුට සපිරුණු සුභ උදෑසනක් වේවා………????
    ?????????

    1. මගේ බූබූ මල්ලියෝ ….

      අනේ බොල …කොහෙන්ද රත්තරනේ මේවා කටට එන්නේ..

      මං බලාගෙන හිටියා නම් තමයි අපේ බූබූ බබාගේ ඉමෝජී පිරුණු කමෙන්ට් එක එනකල් …

      ඇත්තටම මල්ලියෝ … මේ ලෝකේ ගොඩක් ආශා වගේ අය ඇති … ආශාට වඩා දුක් විදපු අයත් ගොඩක් ඇති … ජීවිතේ හරි හැටි අවබෝධයක් නැතුව ආශා වගේ වැරදි තීරණ ගත්ත ගොඩක් අය ඇති මේ ලෝකේ …

      ආශා තමන්ගේ පව්ලෙන් හරි ආදරයක් නැතුව දෙකක් කියලා දෙන්න කෙනෙක් හරි හැටි නැතුව ඇතිවෙන්න දුක් විදපු කෙල්ලෙක් ….

      ඒත් එයා කවදාවත් ජීවිතේ නිරපරාදේ නැති කරගන්න උත්සාහ කලේ නෑ … ඒක හොද දෙයක් තමයි …. ඒත් මේ වගේ දේවල් නිසා හදිසි ආවේගෙට ජීවිතේ විනාශ කරගන්න අය ගොඩක් අය ඉන්නවා නේද ….

      ඒ වගේ ම කෞෂාල් … එයා ගොඩක් වටිනා චරිතයක් වුනා මේ කතාවේ … මල්ලියා කිනවා වගේ කෞෂාල් වගේ අයත් අතලොස්සක් හරි ඉන්නවා ඇති මේ ලෝකේ ….

      රෝහිත කරපු ප්ව් එයා මේ ජීවිතේ දී වින්දා … මල්ලියෝ ඔයා නම් ඉතින් … බුදු දහමට අනුව ඔය රස්සාව කරන අයට නිවන් ලබන්න අමාරුයි නේද …

      අෂාන් ශනීෂා කපල් එක ගැන නම් ඉතින් ඔයා කිව්වා හරි බෝලේ …. ඒ වගේ යාළුවෝ හරි වටිනවා …..

      ඉතින් මල්ලියෝ ඔයාට ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා මල්ලියාට දැනුනු දේවල් හරි ලස්සනට අකුරු කලාට…
      මං හරි ආසා කරන කමෙන්ට් එකක් මේ…

      සමාව ඉල්ලන්න එපා මල්ලියෝ … මං දන්නවා ඔයාලා වැඩ ගොඩක ඉදලා එන්නේ කියලා …. ඔච්චර සමාව ඉල්ලන්න එපා අක්කිට දුක හිතෙනවා නේ..

      මල්ලියාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

      ඒවගේම ඔය හිනාව කවදාවත් නැති කරගන්න එපා … හැමෝ එක්කම ආදරෙන් ඉන්න … පුළුවන් වෙලාවට අපිත් එක්ක යන්න එන්න … මං එච්චරයි ඉල්ලන්නේ මගේ මල්ලියාගෙන්…

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  167. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබ උදෑසනක්❤❤❤❤

    හිතේ තියෙන සියලු සිතුම් පැතුම් ඉටුවෙන දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    හැමෝම පරිස්සමින් ,සතුටින් ඉන්න??????
    තෙරුවන් සරණයි?? ????

  168. දිල් (නුවර)

    පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා.
    ??????????????

    ලොකූ,
    ඇතුලු
    දග පවුලේ හැමෝටම සුභ උදෑසනක් වේවා.
    හැමෝම සතුටින් පරෙස්සමින් ඉන්න.
    තෙරුවන් සරණයි.

    නිෂු බෝලේ මං පස්සේ එන්නම්.කතාව කියවලා ලස්සන කමෙන්ට් එකක් දෙන්නම්.

  169. Sandali nithya

    අනේ නිශූ අක්කි මට ඊයෙ එන්න බැරි උනා… අනේ මට ඊයෙ රෑ වෙනකල් cls අක්කි… අනේ සමාවෙන්න අක්කි බෝලේ… ???

    අනේ කතාව ඉවරයි නේද නිශූ අක්කියෝ… අනේ හරි දුකයි… අනේ ආයෙ කතාවක් ලියන්න අක්කි… ???

    කතාව නම් හරිම ලස්සනයි අක්කියෝ… මන් හරිම ආසාවෙන් කියෙව්වේ… ආශායි කෞශාලුයි එකතු උනු එකට නම් හරි සතුටුයි… ❤❤❤❤❤❤❤

    අක්කිගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… බුදුසරණයි අක්කි ❤️❤️❤️❤️❤️❤️

    1. මගේ නිතූ මැණික ….

      අනේ ඉතින් සමාව ඉල්ලන්න එපා අප්පා ඔහොම …. මං දන්නවානේ කෙල්ල මේ පාර එක්සෑම් කියලා … ඉතින් චුට්ටක් මුකුත් හිතන්න එඑපා … අක්කී මුකුත් හිතන්නේ නෑ නංගා ආවේ නෑ කියලා … ඕන් අඬන්න ඔඔට්ටු නෑ හොදද …. අක්කිට දුකයිනෙර් එතකොට ….

      මට ගොඩක් සතුටුයි නංගා ඔයා කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා කියද්දි … ඒක තමයි මගේ කතාවට ලැබෙන වටිනාකම …..

      ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා ඔයාට දැනුනු දේ අකුරු කලාට….
      ඒවගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට ….

      හොදින් ඉගෙන ගන්න මගේ නංගා ….
      මං ඔයාට සුභ පතනවා ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න ඉන්න හොදද හොදද ….

  170. Sandeepani Pramo

    Sty nishu iye mt clz. Ena bri una… ktwa lssni. ඔයාගේ කරන කියන හැම දෙයක්ම හොදින් කරන්න ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා….. බුදුසරණයි මැණික ????

    1. සඳී අක්කියෝ ….

      අනේ මං තරහ නෑ චුට්ටක් වත් … අක්කිට ක්ලාස් තිබුණු නිසානේ ආවේ නැත්තේ …. සමාව ඉල්ලන්න එපා අක්කියෝ …

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා අක්කිට දැනුනු දේ කීවට…

      අක්කිගේ ඉගනීම් වැඩ ටික සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  171. නිශු අක්කියෝ මගේ ……
    ඔන්න මන් දැන් තමයි comment එකක් දාන්න හදන්නේ……
    ඇත්තටම අක්කියෝ ඔයා මේ කතාව හදවතට දැනෙන්න ලස්සනට ලියලා තියෙනවා …….ඇත්තටම කෞශාල් ගෙයි ආශා ගෙයි ආදරේ හරිම ලස්සනට ඒ වගේම තාත්වික ව ලියලා තියෙනවා …….මට ලොකු අයියා වගේ කතාවෙ වැරදි අඩුපාඩු කියන්න දන්නේ නෑ …….මොකද මන් කතා ලියලා නෑ නේ මීට කලින් ……ඉතින් මට දැනෙන දේ තමයි මම් කිව්වේ……..

    ආශා එයාගේ ජීවිතේ පොඩි කාලේ ඉදලම් දුක් වින්ද කෙල්ලෙක් උනාට එයා පෙර කරපු පිනක් නිසා කෞශාල් එයාගේ ජීවිතේට ඇවිල්ල එයාට සතුට ගෙනාවා…..ඇත්තටම ඒ අතින් නම් ආශා වාසනාවන්ත කෙල්ලෙක් ……

    කෞශාල් ගැන කතා කරොත් කියන්න තියෙන්නේ එයා දැන් කාලේ හොයා ගන්න අමාරු හොඳ හදවතක් තියෙන කොල්ලෙක් …..ආදරේ කියන්නේ රාගය නෙවෙයි කියන එක වටහා ගත්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොල්ලෙක් …….නැත්තන් ආශගේ ජීවිතේ වෙන කෙනෙක් අතින් විනාශ වෙලා කියලා දැන ගෙනත් කෙල්ලව බාර ගන්නෙ නෑ නේ …….

    අශානුයි ගනීශයි ගැනයිත් කතා කරේ නැත්තන් හරි නෑ නේ ….ඒ දෙන්න නම් පට්ට ආත්ල් එකේ ඉන්න කපල් එකක්….සමහර අය බැන්ද ගමන් හිනා වෙන්නෙත් නෑ ඔහේ ඉන්නවා …ඒ අතින් මුන් දෙන්න නම් පපට්ට ආත්ම …..

    ආයෙත් පාරක් මන් කියන්නේ මගේ අක්කියෝ ඔයා කතාව මාර ලස්සනට ලියලා තියෙනවා අක්කි මැණික …..

    1. අක්කියෝ comment එක ඉවර කරන්න කලින් ඒක පෝස්ට් උනා……ඉතුරු ටික දැන් දාන්නම්..

      මගේ අක්කියෝ මේ කතාව ඉවර උනාට අපිට තව දිගගගගගගගගගම දිගගගගගගගගග කතාවක් ඕනේ හොදද ……නැත්තන් අපි පව්නේ……

      මගේ අක්කියෝ ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ………ඒ වගේම ඔයා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ ……

      මට දිග comment දාන්න තේරෙන්නේ නෑ ..මගේ අක්කි මැණික ….ඒකට සමාවෙන්න හොඳද මගේ අක්කියෝ …..මන් මට පුළුවන් විදිහට comment එක දැම්මා…..

      ආ තව දෙයක අක්කියෝ …..මට ඔයාගේ කතාවට වටිනාකමක් දෙන්න මට නිසදැස් ලියන්න බෑ අක්කියෝ ……ඒත් මන් මට් පුළුවන් උපරිමෙන්ම ඔයාගේ කතාවට වටිනාකමක් දුන්නා…..නිසදැස් නැති උනාට සොරි වෙන්න ඕනේ මගේ අක්කියෝ …????

      මගේ අක්කිට තෙරුවන් සරනයි …..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කි මැණික ❤️❤️❤️ ආදරෙයි ඔයාට ගොඩාරියක් ????? ……..

      1. මගේ සිතූ නංගා …..

        මගේ සුදු බෝලේ ….කතාව ඔයලාට දැනුනා නම් ආදරේ කලා නම් ඒක තමයි මැණික මට වටින්නේ …
        මට ගොඩක් සතුටුයි නංගා හැමදාම ආසාවෙන් කතාව කියෙව්වා කීවාම….

        ඔයා කිව්වා වගේම ආශා පොඩි කාලේ ඉදලා දුක් වින්දට එයා පින් කරලා තිබුනා කෞෂාල් වගේ කෙනෙක් මුණගැහෙන්න … ඒ වගේ කෙනෙක් ගේ ආදරේ ලබන්න … ඒ වගේ කෙනෙක් එක්ක ජීවිතේ ගෙව්න්න….

        කෞෂාල් වගේ අය තවත් ඇති මේ සමාජයේ … ඒත් ඒ වගේ අය හොයාගන්න ගොඩක් අමාරුයි …. මොකද කාලා බලලා වගේ අදුනගන්න බෑනේ මිනිහා නොමිනිහා කවුද කියලා …සමහර අය හිතන්නේ ඇත්තටම ආදරේ කියන්නේ රාගය විතරයි කියලා … ඒත් ඇත්ත තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් එහෙම හිතන්නේ නෑ ….

        කෞෂාල් වගේමයි අෂාන් ශනීෂා ඩබලත්… හොයාගන්න අමාරු ගොඩක් වටිනා චරිත දෙකක් … කොයි දේ උනත් කොච්චර වේදනා වින්දත් තමන්ගේ යාළුවෝ තනි කරන්නේ නැති ඒ වගේ යාළුකමක් ලබන්න කෞෂාල් උනත් පින්වන්තයි …..

        ඉතින් මගේ නංගා …. මං ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයා මේ ඇප් එකේ … මට නෙවෙයි කාට වුනත් අලුත් උනත් පරණ උනත් ඔයා හැමෝටම හරි ලෙන්ගතු කෙල්ලෙක් …ඒ ගතිගුණය මේ ඇප් එකට ගොඩක් වටිනවා …ඒ වගේ ම නංගා මට අටවෙනි කොටසෙදි ඔයා මට දුන්නු වටිනාකම .. මට ඇඬුණා ත් එක්ක එදා… මං කියන දේ ගැන නංගි දන්නවා හොදටම ….

        සමාව ඉල්ලන්න එපා නංගා … මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා … කවි නිසදැස් නැති වුනාට මට නංගාගේ කමෙන්ට් එකයි මේ ආදරණීය කමයි ගොඩක් වටිනවා….සමාව ඉල්ලන්න එපා … ඔයාගෙ අක්කිට ගොඩක් දුකයි එතකොට ….

        මං දැක්කා අයියා අඅතින් කියලා තියනවා ඔයා කතාවක් ලියනවා කියලා … මං හදවතින්ම සුභ පතනවා හොදද … ඔයාගෙ කතාව එනකල් බලාගෙන ඉන්නවා මං ….

        හොදින් ඉගෙන ගන්න නංගා …

        දළදා සමිදුන්ගේ පිහිටයි ????
        පරිස්සමෙන් සතුටින් ඉන්න ඉන්න හොදද හැමදාම ….
        ආදරෙයි අක්කි මගේ නංගාට ගොඩාරියක් ….

  172. මගෙ මචියේ …
    සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට…කතාව ඉතින් හැමදාම වගේ හරිම ලස්සනයි …ඔයා ලස්සන අවසානයක් දීලා කතාවට …මන් බයේ උන්නෙ දුක හිතෙන අවසානයක් දෙයිදෝ කියලා …කොහොමහරි කෞශාල් ආශා දෙන්නා එකතු උනානෙ… ඒකනම් ලොකු දෙයක්…කතාවෙ චරිත ටිකත් හරිම හොදයි …කෞශාල්ගෙ පවුලේ අයත් හරිම හොද මිනිස්සු…එහෙම අය ඇත්ත ජීවිතේ හරිම අඩුයි …කෞශාල් කියන්නෙත් කොච්චර හොද කොල්ලෙක්ද…ආශා ගැන හැමදේම දැන දැනත් කිසිම අහිතක් නොහිහා ඒ කෙල්ලට පන වගේ ආදරේ කරේ කෞශාල්ගෙ තියෙන ලස්සන හිත නිසාමයි නේද …කෞශාල්ගෙ යාලුවයි එයාගෙ කෙල්ලයි දෙන්නත් හරිම හොදයි…ඒ වගේ රහස් රකින අවංක යාලුවොත් හරිම අඩුයි …
    ඒ වගේම ඔයා කතාවෙන් ගොඩක් හොද පනිවිඩත් අපිට දීලා තියෙනවා…සමාජෙ ඇතුළේ ජීවත් වෙද්දි
    කොයිතරම් පරිස්සම් වෙන්න ඕනිද…ඉවසන්න ඕනිද කියලා ඔයා කතාවෙන් ලස්සනට අපිට කියලා තියෙනවා …ඒවට ඔයාට ස්තූතියි මචී…ඔයාගෙ පලවෙනි කතාව උනත් මේක ඇත්තටම හරිම ලස්සනයි මචී …
    ඔයාගෙ මේ හැකියාව තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචියේ …හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ…තෙරුවන් සරනයි ඔයාට …?

    1. මගේ මචීයෝ ….???

      සසමාව ඉල්ලන්න එපා මගේ මචීයෝ … මගේ මචීත් කමෙන්ට් දාහා වෙනුවෙන් මහන්සි වුනානේ.. ඉතින් මං කිසිම දෙයක් හිතුවෙ නෑ එහෙම … මචී ඔහොම සමාව ඉල්ලනකොට මට ගොඩක් දුකයි..

      අනික් එක මගේ මචී ඇප් එකට ආවේ නැති දවස් වල පවා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නා හරියට ඇප් එකේ දී දෙනවා වගේ ම…. ඔයාට ගොඩක් පින් මචීයෝ ඒකට …මට සතුටුයි ඒ නිසා

      කෞෂාල් කියන ආදරණීය චරිතය නිසා තමයි කතාවට වැඩි වටිනාකමක් ආවේ… ඒවගේ අය මචී කියනවා වගේ ම හොයාගන්න බෑ තමයි ….

      ආශාගේ වේදනා විදලා හෙම්බත් වුනු ජීවිතේට සැනසීමක් දුන්නේ එයානේ…

      අෂාන් ශනීෂා කියන්නේ කතාවේ තවත් වටිනා චරිත දෙකක් … ඒ වගේ යාළුවෝ හැමෝටම ලැබෙන්නේ නෑ … මොකද එහෙම චරිත ඉන්නේ මේ ලෝකේ ගොඩක් අඩුවෙන්…

      ඉතින් මගේ මචීයෝ … ඔයාට ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා ඔයාට දැනුනු ඔයා තේරුම් ගත්ත දේවල් මං වෙනුවෙන් අකුරු කලට…
      ඒවගේම මගේ මචීගේ ප්‍රාර්ථනා වලට …

      ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මචීයෝ ..

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  173. R_s_Th_A(නිම්? )

    නිශු අක්කියා මුලිම්ම සොරි වෙන්න ඕනි අකිගෙ කතාවේ comment 1000ට ඉන්න බැරි උනාට??
    ඊයේ පොඩි ගමනක් සැට් උනා අක්කියෝ ඒකයි ඉන්න බැරි උනේ??
    ……………………………………….
    මේක අක්කියාගෙ පළවෙනි කතාව නේද?.ඒ උනාට කිසිම ආධුනික ගතියක් තින්බෙ නෑ අක්කියෝ කතාව නියමෙටම ලියල තිබ්බා අක්කියා.good job හොඳේ??
    හාරිම ආසාවෙන් කියෙව්ව ලස්සනම කතාවක්♥️
    අක්කියා කතාව ලියලා තිබ්බ සිටා එකටනම් ඇත්තටම මන් ගොඩක් කැමතියි අක්කියෝ මේ සිටා එකට කතා ලියන්න අමාරුයි.ඒත් අක්කියා ලස්සනට ලියලා තිබ්බා?.අඩුපාඩු කියන්න නම් මන් දන්නි නෑ ඕං ඒඑත් අඩුපාඩුවක් කියන්න නැති තරම් අක්කියෝ හරිම ලස්ස්නයි කතාව☺️?

    අපේ කෞශාල් බොසාට ආශාව සැට් උන එකටනම් සතුටුයි?
    දැන් ඉතිම් දෙන්නා සතුටිම් සමාදානෙන් ඉඳියි.තම අලුත් කෙනෙකුත් එකතු වෙන්වනි දෙන්නගෙ පවුලට නේද?
    ආශාගේ අතීතේ අමතක කරන්න දැන් ඉතිම් පුලිවම් වෙයි?
    අපි හැමෝටා ලස්ස්න අතීතයක් නැති වෙන්න පුලුවන් ඒත් ඒක ගැන හිතලා අපේ අනාගතේ විනාශ කර ගන්න එකනම් ගොන්ම ගොන් තකතීරු වැඩක්??
    අශා ඒ තකතීරු වැඩේ කරපු නැති එකටනම් සතුටුයි.කෞශාල් වගේ හිත හොඳ මිනිස්සු ඕනි තැනක ඉන්නවා ඒම අය ජීවිතේට ලං කර ගෙන ජීවිතේ විනාශ කරපු ගොබ්බයනව ඈත් කර්ලා උන්ට පේන්නම සතුටිම් ඉන්න ඕනි.නැතුව උන් හින්දා විදවන්න ගියොත් අපි නිකම්ම පරාදයි.
    ඇත්තටම අක්කියගෙ කතාවෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.අපිට ඒම ආදර්ශ දුන්නට අක්කිට ගොඩක් පින්??
    රෝහිතට නම් හොඳම වැඩේ?. තමන් කරපු අපරාද වලට උට මේ ආත්මෙදිම විපාක හම්බ උනා☺️
    අෆරාදේ උන ඒ දුන්න දඬුවම මදි වගේ තව ටිකක් විඳවලා මැරෙන්න තිබ්බේ ඔය ගොබ්බයාව?.ඕම කෙල්ලො අනාත කරන උනට කියන්න වචන නම් තියෙයි ඒත් ඒවා කියන්න බෑනී මෙතන?.මන් ඒවා කීවා කියලා හිතා ගන්නකූ හොඳේ☺️☺️

    ඔන්න අක්කියෝ අක්කිගේ තවත් ලස්සනම ලස්ස්න කතාවක් අපිට අනිවාඅරෙම් ඕනි හොදේ☺️☺️ .
    අක්කිට මේ වගේ කතා ලිය්න්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කිය්ලා කොල්ලහ් ප්‍රාර්තනා කරනෝ ඔන්න☺️☺️
    අක්කිගෙ ඉදිරි වැඩ කරයුතු ඔක්කෝම සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න ඕනි.
    හැමදාම ෆරිස්ස්මට සතුටිම් ඉන්න අක්කියෝ☺️☺️
    බුදු සරණයි අක්කිට??
    …………………………….

    1. R_s_Th_A(නිම්? )

      Comment එක අතුරුදහන් වෙයි කියලා කවිය type කරන්නි නැතුව comment eka post kale☺️☺️

      සිත් අහසේ පෑයූ
      අහිංසක සඳසාවි
      මා සිතින් පෙම් කෙරූ
      වේය නුඹ මා ප්‍රියාවී
      මා නුඹේ නුඹ මගේ
      හැර නොයමි
      කිසිදා ලඳේ
      දිවි මගේ තිබෙන තුරු
      සෑමදා අපි අපේ…
      නුඹෙ කඳුළු අතීතය
      සිහිනයක් සේ සිතා
      මුදු සුළඟේ පා කරමු
      අපි දෙදෙන එක් වෙලා
      නුඹ සිතේ ඇති සියලු
      දුක් දුරුව යන්නටා
      ඉදිමි මම ආදරෙන්
      නුඹ මගේ පන නිසා…
      මතකයිද මා එදා
      නුඹ දුටුව මුල් දිනය
      වෙව්ලුවා නුඹ බියෙන්
      මා සමඟ දොඩන්නට
      එදා ඒ සිටි අහිංසක
      පොඩි කෙල්ල
      අද මවක් වීලා ඇතේ
      මා නමින් සැමදාට
      ………..♥️♥️කෞශාල්♥️♥️……..

    2. මගේ මල්ලියෝ ….??

      සමාව ඉල්ලන්න එපා මගේ මල්ලියා … මං තරහ නෑනේ මල්ලි එක්ක… අනික් එක ඔයා පුළුවන් වෙලාවක් හිටියානේ අපි එක්ක …පුළුවන් වුනානම් ඔයා ඉන්නවා කියලා මං හොදටම දන්නවා …. සමාව ඉල්ලලා අක්කිට දුක හිතෙන්න දෙන්න එපා හොදද ….

      මං ඇත්තටම කියන භාෂාවෙන් ලියන්න දන්නෙම්ම් නෑ පොඩ්ඩක් වත් … මං හිතුවෙ නෑ භාෂාව ගැන ඉතින් …

      කොහොම උනත් මල්ලියෝ ඔයාලා ආසාවෙන් කියෙව්වනම් හදවතට දැනුනා නම් ඒක තමයි මගේ ලොකුම සතුට ….

      දුක අවසානයක් අරන් එන්න හිතුවෙ නෑ ඉතින් මං … මං චුට්ටක් වත් එහෙම අආසා නෑ … ඒ නිසා දෙන්නව ජෝඩු කලා…

      මේ සමාජයේ ආශා වගේ වේදනාව විදපු විදින අය ගොඩක් ඇති … ඒත් හැමෝම ආශා වගේ ඒ දේවල් දරා ගන්නේ නෑ … ඒ වගේම හැමෝටම කෞෂාල් කෙනෙක් හම්බවෙන්නෙත් නෑ …මොකද ආශා ගේ ජීවිතේට ආයේ සතුට ගෙනාවේ එයා නිසා ..

      ඔයා හරි මගේ මල්ලියෝ …. අපිට කෙනෙක් වේදනා දුන්න නම් ඒ නිසා එයාගෙන් පලිය ගන්න එකවත් තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එකවත් නෙවෙයි කරන්න ඕනි … තමන් ව වට්ටන්න බැරි බව දැනෙන්න ආයේ නැගිටින්න ඕනි …

      රෝහිත කරපු පව් වලට ජීවිතේන් වන්දි ගෙව්වේ වේදනාවක් විදලා… මට ඊට වඩා වේදනාව දෙන්න තේරුනේ නෑ අප්පා..??

      මොනාද බොලේ කියන්නේ නැත්තේ …??

      ඉතින් මගේ මල්ලියෝ ….ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා ඔයාට දැනුනු දේවල් ඔයා තේරුම් ගත්ත දේවල් මං වෙනුවෙන් අකුරු කලාට ….

      ඒ වගේම මල්ලියාගේ ප්‍රාර්ථනා වලට ….

      හොදින් ඉගෙන ගන්න මල්ලියෝ …
      ඒ වගේම ඔය ලෙන්ගතු කම , ආදරණීය කම , හිනාව හැමදාම තියාගන්න පරිස්සමෙන් ……

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පපරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

      1. මා හද විමනට වැඩි
        දෙවිදුනේ අහඹුවෙන්
        වැරදි මඟ ආ මගේ
        දිවි රැකියේ සෙනෙහසින්
        හිතුවෙ නෑ නුඹේ වෙන්න
        නමුදු ලෝබයි හිතින්
        කවුරුවත් නැති මහට
        නැත දුන්නේ තනිකමක්
        පපුතුරේ මා හොවා
        මුදු වදන් ගෙනෙමින්
        විදවීම උරුම වුනු
        කදුලැලි සාගරෙන්
        මුදා මා ළං කලේ
        හදවතට ආදරෙන්
        රිසී නම් ළඟ ඉන්න
        හැර නොයමි කෙදිනවත්
        මව් වෙලා නුඹේ පුතුට
        හිදිමි නුඹේ නාමයෙන් ….

        ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  174. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද
    බලාන්නකී අක්කියෝ මට උන දේ විනාඩි 20 ක් විතර පොස්ට් එකක් දැම්මා එක නැති උනානී…….බලන්නකො අක්කියෝ ……..ෆොන් එක ගනන් එක බොහොම සූක්ශමව කරන්න ඔනී අපේ නන්ගි දැක්කොත් එවරයි??
    ආයේ කීමුකෝ ලස්සනයි අද කතාව ❤️❤️❤️
    ආශා හොද අවන්ක අහිංසක කරුනාවන්ත චරිතයක් ❤️❤️ පොඩි කාලේ ඉදලා අම්මා තාත්තායි නැතුව කොච්චර දුක්විඳ ඇද්ද… එයා ට ආදරෙ කරපු එයාගේ අත්තාර්හ් දාලා යද්දී එයා ට පිහිට උනේ කෞශාල් එයා ඇත්තටම කෞශාල් දෙවියෙක් ??❤️
    එටකොට කෞශාල් පල්මු ආදරයෙන් පැරදිලා තමන්ගේ පව්ලෙන් ඈත් වෙලා හිටපු කෙනෙක් ආශා එයට හැමදේම දුන්නා පවුල ආදරෙ ඔක්කොම දුන්නා එ අතින් ආශා ත් දෙව්දුව ක් ❤️❤️❤️❤️

    අද අර කෞශාල් නී අල්ල ගත්‍තෙ එයා කොහොම හරි දැනගත්තා නේද ආශා එයාට කැමති කීලා. ??
    කොමාලී ඒ දෙන්නම රට යනවා නී ????

    එතකොට එයාගේ යලුවෝ දෙන්නා මාර හොදයි ඒ වගෙ යාලුවො හොයාගන්නා ගොඩාක් ආමාරුයි.? අද එ වගෙ අය ඉන්නේ දාහෙන් එක්කෙනයි ??කොහොමහරි උන් දෙන්නා හින්දා තමා කෞශාල් ආශා යාලු වෙන්නෙ ???

    එටකොට අර රෝහිතයා ඌට හොද ක් වෙන්නෙ නෑ කෙල්ලොන්ට කරන ජරා වැඩ වලට ඌව මරන්න ව්ටිනවා කොහොම හරි ඌට සුදුසු දඩුවම ලැබුනා ?????

    මෙච්චර දවසක් ආසාවෙන් කියෙව්වෙ අක්කියෝ ටිකක් දුකයි කතාව එවර උනා ට ????
    අක්කියෝ ඔයගෙ 1st කතාව හරිම ලස්සනයි අක්කියෝ ඉක්මනට න්වල් එකක් ඔනී කොටස් 5000 ක් විතර වයස ට යනකම් කියවන්න ???
    මගෙ සුදු අක්කිට මෙ වගෙ තව ලස්සන කතා ගොඩාක් ලියන්න ශක්තිය දෛරිය ලැබෙන්න ඔනී ???❤️❤️❤️❤️??????

    මන් එහෙනම් පසුව පැමිනෙන්න්නනම් යන්න අවසර ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ????

    1. මගේ චූටියෝ

      අනේ අනේ කෙල්ලට වෙන් දේවල් …???

      ආශා එයාගේ අවාසනාවකට අම්මා එයාව දාලා ගියාට තාත්තා පවුලේ අය ඈත් වුනාට , එයා වාසනාවන්ත වුනා අත්තා හරි එයා වෙනුවෙන් ඉඉන්න …
      ඒ වගේමයි තමන්ගේ ආත්මය නැති වෙන්න , වේදනාකාරී අසනීපෙකින් දුක් විදින්න තරම් එයා අවාසනාවන්ත වුනාට එයා වාසනාවන්තයි කෞෂාල් වගේ ආරක්ෂාවක් ලබන්න …. ආදරයක් ලබන්න ……

      කෞෂාල් ගැන කිව්වොත් පලවෙනි ආදරේ නැති වුනාට එයා පින් කරලා තිබ්බා තමන්ගේ ජීවිතේ ගැන තමන්ට වඩා හිතන කෙල්ලෙක් ගේ ආදරේ ලබන්න …රෙ වගේම වැඩකට නැති කෙල්ලෙක් නිසා අහිමි වෙච්චි තමන්ගේ අම්මා තාත්තා පවුලේ අය එයාට ඇත්තටම ආදරේ කෙල්ලෙක් නිසා ආයෙම ලබන්න ….

      ඇත්තමයි අක්කී … අෂාන් ශනීෂා කියන්නේ එයාලා දෙන්නගේ අත්වැල… මොකද එයාලා වැටුනු හැම තැනකම ඒ දෙන්නා හයියක් වුනා… එයාලා වගේ යාළුවෝ හැමෝටම නෑ …

      රෝහිත උනත් ගොඩක් පව් කලා… ඒවගේ පව් එයාම ගෙව්වා…

      ඉතින් මගේ චූටියෝ …. සමාවෙන්න සුදු අක්කිට රිප්ලයි එකක් දාන්න පරක්කු වුනාට …

      මං දන්නවා මගේ කෙල්ල ආපු දවසේ ඉදන් කතාව කියෙව්වෙ ආසාවෙන් කියලා …. ගොඩ ගොඩක් ස්තූති මැණිකේ ඒකට ….

      අනේ දෙයියනේ …. ඔයාට එච්චර දිග කතාවක් ලියන්න මට ආත්ම දෙකක් වත් ඕනි වෙයි… මෙයාට හිතෙන දේවල් තමයි ඉතින් …???

      ඉතින් නංගා …. හැමදාම මේ වගේ අක්කිලා අයියලා එක්ක ඉන්න ….මං දන්නවා කෙල්ල හරි සතුටින් විනෝදයෙන් ඉන්න කෙනෙක් කියලා .. හැමදාම ඉන්න මේ වගේ …

      ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා ඔයාට දැනුනු දේ අකුරු කලාට …
      ඒවගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට …..

      ඔයා හිතන පතන සියළු දේ සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      ආදරෙයි සුදු අක්කී ඔයාටත් …..

      1. අනී අක්කියෝ ඔයිට වඩා හපාන් වැඩ මට වෙන්නෙ ….??
        අක්කියෝ ඇයි මගෙ අක්කි සමාව ඉල්ලන්නෙ අක්කි ට වැඩ කොච්චර ඇත්ඩ …අක්කි කෝම හරි අක්කි දැම්මනු ඒඑ ඇතී……????
        ඕ..අක්කියෝ මන් ගොඩාක් විනෝදය න් සතුටින් ඉන්න කෙන්ක් මන් දුකින් හිටියත් අනිත් හැමොමවම සතුටින් තීනවා ඒ මගෙ හැටී අක්කියෝ මන් ආදලෙ අය දුකින් ඉන්නාට මන් ස නෑ ???
        එකනී අක්කියෝ හැමොම මට ආදලෙ අනිත් එක මන් වගෙ ලස්සන අහිංසක කෙල්ලෙක්ට ආදලේ නැත්තේ කාද එහෙනම් ඉන්නෙ කන් පොට්ට ඇස් බිරි කෙන්ක් තම ??
        මන් මේ ඇප් එකට ඇවිත් සතියක් විතර ඒ සතිය ට හැමොම මට හොදට දැනුනා…අක්කිලා කීනා කතාව ඇත්ත හදවත් වල බැදීම ලස්සනයි හරි ශශක්තිමත් ???..
        අක්කි ට මේ පාර exam නෙද අක්කි exam එක පාස් වෙන්න ඔනී ..මගෙ සුදු අක්කි පාස් වෙනී ????
        අක්කියෝ ආත්ම දෙකක් පොල් ගාන්නද අපි ආත්ම 7ක න්වල් එක්ක් ඩාමූ ??
        මගෙ සුදු අක්කියාට තෙරුවන් සරනයි ???? ආදලෙයි මහා ගොඩාක් ❤️❤️❤️ඔයාගේ චූටියා.උම්මාමාමාමාමාමාමාමාමා ???????????

        1. ආ …තව එකක් සොලි කතාවට comment එකක් පරක්කු වෙලා දැම්මාටා….. .??

  175. මගේ නිශූ අක්කියෝ…. ඔයා මාත් එක්ක තරහ ඇති නේද? මට ඔයාගේ කතාවේ එක කොටසකටවත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනානේ…. මම කමෙන්ට් දාන්න තමයි හිටියේ… ඒත් මේ දවස් වල පොඩි ප්‍රශ්නයක් වුණා අක්කි….. ඒකයි දාන්න බැරි වුනේ…. I’m so sorry අක්කි ?????මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙයි කියලා….

    කතාවනම් හරිම ලස්සනයි අක්කි….. දැන් තමයි කතාව කියවලා ඉවර කරේ…. හරිම අසාවෙන් තමයි කතාව කියෙව්වේ…

    දැන් කෞෂාලුයි, ආශායි සතුටින් ඉඳියි
    ඒ දෙන්නට දැන් අලුත් අමුත්තෙකුත් ඉන්නවනේ….???අර රෝහිතටනම් යස වැඩේ…. ඌට ඔහොම තමයි වෙන්න ඕන…… ආශාගෙයි, කෞෂාලුගෙයි ආදරේ ගොඩක් ලස්සන එකක් වෙයි…. එතකොට එයාගේ යාලුවෝ ඒ අයත් ගොඩක් හොඳයි… ආශාට දැන් අතීතේ අමතක කරල ලස්සනට ජිවත් වෙන්න පුළුවන්…. කෞෂල් වගේ හොඳ කොල්ලෝ ගොඩක් අඩුයි…. ඒත් තාමත් ඒ වගේ හොඳ කට්ටිය සමාජේ ඉන්නවා..
    අක්කිගෙ කතාවෙන් අපිට ගොඩක් ආදර්ශ හම්බවුනා…
    ඇත්තටම මේක අක්කිගෙ පලවෙනි කතාව වුනාට ගොඩක් ලස්සනට, කියවන්න ආස හිතෙන විදිහට ලියල තියෙනවා….
    අක්කිගෙ මේ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!???හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි මගේ අක්කිට!???

    සංසාරේ පැතූ ඔබ
    දැන් මගේ තුරුලේ
    මගේ පණ තරම් රැක ගන්නම්
    කඳුළු වෙටෙන්නට ආයේ නොදෙන්නම්
    හැම බවයේ මගේම වෙලා
    ඉපදෙමු අපි අපේම වෙලා

    පුළුවන් නම් මාත් එක්ක තරහ වෙන්නේ නැතුව ඉන්න… මම දන්නවා අක්කි කතාවක් ලිව්වහම තමන්ගේ කතාව කොච්චර දුර‍ට සාර්ථකද කියලා බලාගන්න, අනිත් අයගේ අදහස් ගැන දැන ගන්න ගොඩක් ආසයි කියලා… ඒත් මට එහෙම කරන්න බැරි වුණා… මට ගොඩක් දුකයි අක්කිගෙ එක කතාවකටවත් කමෙන්ට් කරන්න බැරි වුනාට, කමෙන්ට් 1000සම්පුර්ණ කරන්න එන්නත් බැරි වුණා….. පුළුවන් නම් විතරක් මට සමාව දෙන්න අක්කි ??????????????

    1. ජසී නංගා ….

      කවදාවත් ම තරහ වෙන්නේ නෑ නංගා මං …. කමෙන්ට් එකක් දාන්න බැරි වුනා කියලා එහෙම තරහ වෙනවාද බොලේ මං
      …. මට සතුටුයි නංගා කතාව කියෙව්වට….
      හේතු ඕනි නෑ නංගා … මොකද මං තරහ නැති නිසා ….

      ආශා කෞෂාල් ආයේ ගොඩක් සතුටින් ඉදීවී … චූටි පැටියා ත් එක්ක … හැමදාම විදවීම වත් හැමදාම සතුට වත් උරුම වෙච්චි අය නෑ නංගා මේ ලෝකේ … ආශා වින්ද වේදනාව ත් කෞෂාල් වින්ද වේදනාව ත් ඉවර වෙන්නේ ඒ නිසා …

      අනික එඑයාලා ට සෙවනැල්ලක් උනේ අෂාන් ශනීෂා ජෝඩුව … ඒ දෙන්නා නොහොටින්න ඒ දෙන්නා ඉක්මනට එකතු වෙන්න බැරි වෙන්නත් ඉඩ තිබුනා …ඒ වගේ යාළුවෝ හැමෝටම ලැබෙන්නේ ත් නෑ මං දන්න තරමින්

      මට ගොඩක් සතුටුයි ඔයා මගේ කතාව කියවලා මං දෙන්න හදපු දේවල් ගත්තට…

      සමාව ඉල්ලන්න එපා අනේ ආයෙම … ඔයා වරදක් කරලා නෑ මට …

      ගොඩක් පින් මගේ කතාව කියවලා ඔයාට දැනුනු දේ මගේ අතින් කීවට…

      ඔයාට සුභ පතනවා හොදද හොදින් වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් වෙන්න කියලා …….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පපරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

      නොසිතූ විලසින් පැමිණ
      හදට ළං කර සෙනෙහසින්
      දැනේ රැකවරණයක් මට
      නුඹේ පපු තුරුල්ලේ
      හැම බවේ මාත් ප්‍රේමෙන්
      ඉන්නම් සැමදා ඔබ ගාවින් …..

  176. Sandu (kandy girl)

    නිශු නංගා..

    ඊයෙ සෑ තේජා නංගට කමෙන්ට් එක දාලා ඔයාට කමෙන්ට් එකක් කෙටුවා.. හෝම් කී එක ටච් වෙලා සේරම නැති උනාම මට යකා ආවේශ උනා අනී.. ඊට පස්සෙ නිදාගත්තා මන්…

    ඔන්න ඉතින් දෙවියො සිහි කරලා පෝන් එක අතට ගත්තේ දැනුත් කමෙන්ට් එක අතුරුදහන් වෙන්න එපා කියලා..☺️

    ම්.. නිශු නංගා.. එළ නේ .. ඔයා අපිට මංගල කේක් රස මතක් කරලම කතාව ඉවර කරලානේ.. හැබෙයි හනිමුන් බබෙක් ගෙනත් නෑනේ..?

    අභීගෙ වෙඩිමෙන් පස්සෙ වේලි වේලි හිටියේ අෆ්ෆා..??

    ආශා නම් මාර වාසනාවන්ත කෙල්ලෙක්.. ඕකට හොඳ උපහැරණයක් මතක් උනා..ඒත් කියන්න බෑ බෑ වගේ..?

    කව්ශාල් නම් හරි හොඳ කොල්ලා බබෙක්. අර දේශාන් ගෙ අහලකින් තියන්න වටින් නෑ.. ?

    ඒ විතරක් නෙවේ..කොල්ලගෙ පව්ලේ අය කොයිතරම් ලස්සන හදවත් තියෙන අයද.. දෙමාපියන් දරුවන්ගෙ සතුට බලාපොරොත්තු වෙනවා..ඒත් ඒ සතුට නිවැරදි වෙන්න ඕනි . ඒ වගේම දරුවෙක් ට කරදරයක් වෙයි කියලා හිතෙන කිසි දෙයක් එයාට ලං කරන් නෑ දෙමාපියෝ ..ඒකට වයස් බේදයක් නෑ..

    කව්ශාල් ට හම්බුන යාලුවොත් නියම යාළුවෝ. ඕනිම වෙලාවෙදි එයාල උදව් උනා.පිහිට උනා.

    රොහාන් ට කර්මය දිට්ටධම්මවෙව්දනීයව පටිසන් දුන්නා. ඕම උන්ට ඕම වෙලා මදි නේද.. විදවන්නයි තියෙන්න ඕනි… අපි කීවට බෑ ඉතින්.. එක එක අය ගෙනාව දයිවයට අනුව එයාලා යනවා.

    ආශාගෙ ලෙඩේ ගැන මං අහලා තියෙනවා.. ඒක තියෙන කෙනෙක් හිටියා අපේ ගම පැත්තේ .. සිංහලබ් බෙහෙත් කරා මතකයි එයාට..

    පලවෙනි කතාව උනාට හරිම ලස්සනයි පැහැදිලි යි නංගා කතාව.. මං ආසයි මේ වගේ හිතට දැනෙන කතා කියවන්න.. ඒ නිසා දිගටම ලියමු නේහ්..නවල් එකක් ඒම.. මං මේ කීවෙ එපි පනහක හැටක එකක්…?

    නංගිට මං සුබපතනවා ලස්සන අනාගතයකට..

    සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .. බුදු සරණයි …

    1. සඳූ අක්කියෝ ….

      අනේ ඒකට කමක් නෑ මගේ අක්කී , ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි නේ…
      සමාව ඉල්ලන්න එපා ඒ නිසා ….

      අක්කිගේ ආසාවනේ ඉතින් දෙන්නව කූඩු කරන එක… ඉතින් ඕන් අක්කිගෙ ආසාව ඉෂ්ට කලා මං … වෙඩිමක් අරගත්තා මං ඒ දෙන්නා වෙනුවෙන් ….
      මං කීවානේ අලේ මං ඔය හනිමූන් බබාලා ගැන දන්නේ ම නෑ කියලා …???

      ඒත් කොහොම හරි ඒ දෙන්නට චූටි පැටියෙක් ගේන්න කීවා නේ….??

      ඒමොකො බොලේ කියන්න බැරි … සාසින් කියන්නකො ….?

      කෞෂාල් වගේ ම කෞෂාල්ගෙ පවුලේ අය උනත් හැසිරුණේ හරි විදියට … ආශා තනි නොකර බලාගත්ත නේ ආදරෙන් ….

      ඇත්තටම අක්කී … කෞෂාල්ගෙ යාළුවෝ නම් නියම යාළුවෝ තමයි ….ගොඩක් වටිනවා එයාලා වගේ අය.

      රොහාන් නෙවෙයි අලේ… රෝහිත … මොකක් උනත් එයා එයාගේ පවට දිට්ඨධම්මවේදනීයව විපාක වින්දා තමයි අක්කී කීවා වගේ ….

      අප්පෝ අක්කී …. මාත් ඒ ලෙඩේ ඕනිවටත් වඩා හොදින් දන්නවා …

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා ඔයාට දැනුනු දේ අකුරු කලාට ….
      ඒවගේම අඅක්කිගේ ප්‍රාර්ථනා වලට …

      ආහ් තව දෙයක් අක්කියෝ …. අක්කිට ගොඩක් පින් මට පලවෙනි දවසේම අක්කිට අහුවුනු වැරැද්දක් පෙන්නලා දීලා මාව නිවැරැදි කලාට … අක්කිට ගොඩක් පින් ඒකටත්…

      අක්කිගේ කැමැත්ත ගැන බලන්නම්කෝ මාත් …

      ඉතින් අක්කියෝ … මං අක්කිට සුභ පතනවා ඉස්සරහට ත් තව තවත් ලස්සන කතා ලියන්න පුළුවන් වෙන්න කියලා ….

      ඒවගේම අක්කි හිතන පතන සියළු දේ සාර්ථක වෙන්න කියලා ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න ඉන්න හොදද හැමදාම …..

  177. සමාවෙන්න නිෂූ නංගි කතාවේ කොටස් තුනක් මඟ ඇරුණා. අදයි ඒ ටික කියෙව්වේ කතාව ඉවරයි නේද. මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙයි කියලා නම් හිතුවේ නැහැ ඉතින්. ඒත් ඉතින් ලස්සන අවසානයක් කතාවට දීලා නිසා සතුටුයි. කෞෂාල් නම් ඉතින් මාරම හොඳ කොල්ලෙක් නැත්නම් ආශාට මේ තරම් ආදරේ කරයිද. ආශාගේ නොතේරුම්කමට ජීවිතේ විනාශ වුණත් අන්තිමට හරිම කෙනා ජීවිතේට ලැබුණු නිසා සතුටින් තමන්ගෙම පවුලක් එක්ක සතුටින් ජීවත් වෙන්න වාසනාවක් ලැබුණා නේද. පළවෙනි කතාව වුණාට ඔන්න මම නම් හරි ආසාවෙන් කියෙව්වා. ඉතින් තවත් මේ වගේ ලස්සනම ලස්සන ආදරණීය කතා ලියන්න හදවතින්ම සුබ පතනවා.
    තෙරුවන් සරණයි..

    1. ශේනු අක්කියෝ ……

      අනේ මැණිකේ සමාව ඉල්ලන්න එපා ඔහොම …. එතකොට නංගිට දුක හිතෙනවා නේ….

      මගේ අක්කී …..කතාව කොටස් හයකින් ඉවර කරන්න හිටියේ …. ඒත් බැරි වුනා මට … පස් වෙනි කොටස පබ්ලිෂ් වෙද්දි තමයි නවවෙනි කොටසක් ගැන හිතුවෙ මං ….

      ආශා වින්ද වේදනා වල අඅවසානයක් වෙන්න ඕනි නේ… මොකද කාට වුනත් හැමදාම සතුට හෝ දුක විතරක් ම උරුම නෑ නේද අක්කී ….

      කෞෂාල්ගෙ හිත හොද වෙච්චි නිසා තමයි කෙල්ලට ආයේ ජීවිතේ ලැබුණේ ….

      ඉතින් මගේ අක්කී …. නංගා ට සමාව දෙන්න රිප්ලයි එක පරක්කු වුනාට ….හිතලා කලා නෙවෙයි හොදද ….????

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා ඔයාට දැනුනු දේ මං වෙනුවෙන් අකුරු කලාට ….?
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ..?
      ආහ් තව දෙයක් … අක්කී ඔයා පහලින් වටිනා අදහස් වගයක් දාලා තිබුනා … ඒවා ගොඩක් වටිනවා අක්කියෝ …. ඒ වගේ දේවලින් කතාව පිරෙව්වට අක්කිට ස්තූති ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  178. මං උඹ ගැන

    හිතනවා, හොයනවා…
    දවසකට දහස් වතාවක් මතක් වෙනවා…
    දවසින් දවස
    අමුතු දේවල් වෙද්දී
    උඹ වැරදි දෙයක්
    කරයිදෝ කියලා
    පණ ගැහෙනවා මගේ…

    ඉතින්,
    උඹ කොහොමද කියන්නේ
    මම හිතන්නේ නෑ කියලා…
    හිත හොඳටම රිදෙනවා…
    හැමදාම සද්දේ දාන උඹ
    පැයක් සද්ද නැති වුණාම හිත
    පුදුමාකාර
    විදිහට රිදෙනවා…

  179. ඔබව මගහරින බව
    දැනෙන විට
    නිහඬවෙන්න…

    ඔබව අමතක වෙන බව
    තේරුණ විට
    නිහඩවෙන්න…

    ඔබ ගැන තිබූ හැඟීම්
    නැතිවෙන බව
    දැනෙන විට
    නිහඬවෙන්න…

    මන්ද ඔබව නොදැනෙන
    මිනිසුන්ට තවදුරටත්
    ඔබව ඇසෙන්නේ නැත…

  180. මගහැරීම්
    නොසලකාහැරීම්
    වෙනස්කම්
    තමන් වැඩියෙන්ම
    ආදරේ කරන අයගෙන් වෙද්දී
    ඇති වෙන්නේ මට මං ගැනම
    කලකිරීමක්

  181. සමහර
    හිත්වල ඇති
    කවුරුත් නොදන්න
    ආදරයක්…

    මැරෙන තුරු
    අමතක කරන්න
    බැරි…

  182. නිශු මැණික…. දැන් තමා කතාව කියෙව්වේ නංගා… මට කොටස් තුනක් කියවන්න තිබ්බා… සමාවෙන්න හොඳද අක්කිට කමෙන්ට් කරන්න එන්න බැරි වුනාට… අක්කි අසනිප වෙලා හිටියනේ බබා … ඔයා දන්නවානේ… මං ඔයාට පොරොන්දු වුනා වගේම කමෙන්ට් 1000 දාන්න ඕන්න මං ආවා නංගා ??

    ඉතිං නිශු නංගා… හරිම ලස්සන කතාව… ඔයා හොඳට කතාව ගලපලා ලියලා තියෙනවා.. මං හරිම ආසාවෙන් කියෙව්වේ… පළවෙනි කතාව වුනාට ලස්සනටම ලියලා තියෙනවා… මං එහෙම ලොකවට අඩුපාඩු නම් දැක්කේ නැ… මට සමහර තැන්වලදි දැනුණා කතාව ඉක්මනට ඉවර කරන්න හදනවා වගේද කියලා… නිකන් හදිසියේ ලිවා වගේ දෙයක්…?? කොහොම වුනත් කතාව කියලා වැඩක් නැ සුපිරි….??

    අකුරෙන් අකුර අමුණාලා
    ඔබේ අදහස් ගලපලා
    හරිම ලස්සනට ගොතා
    කතාවක් ඔබ ගෙන ආවා…

    මුල්ම ඔබේ කතාවලු
    අඩුපාඩුත් නොම වේලු
    කියවන්නත් ආසයිලු
    අපේ නිශුගේ කතාවලු…
    ????

    කතාවේ චරිත වලින් අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් නංගා… කෞෂාල් ගත්තොත්… ගොඩක් හිත හොද චරිතයක්… ආශා කියන්නේ ජිවිතේ වරද්ද ගත්ත කෙල්ලෙක් කියලා දැන දැනත් ඒ කෙල්ලව තමන්ගේ ඕනැ එපා කම්වලට යොදාගන් නැතුව… තමන්ගෙම සහෝදරියට වගේ සලක්න්නේ… ඕන නම් කෞෂාල්ට තිබ්බා ආශාට ආයි නැති වෙන්න දෙයක් නැති එකේ ආශාව පාවිච්චි කරන්න… ඒත් කෞෂාල් ආශාව ආරක්ෂා කරා… ගොඩක් පිරිමි කියන කතාවක්නේ.. කෙල්ලෙක් ගේ ඇතුලේ තියාගෙන මට සිල් අරන් වගේ ඉන්න බැ කියන එක… ඒත් කෞෂාල් හැමදාම සිල් ගත්තා වගේ ආශාව රැක්කා.. ඒක තමා නියම පිරිමි කම…. ඒ අතින් කෞෂාල් කියන්නේ මේ සමාජේ සමහර පිරිමින්ට හොද ආදර්ශයක්…???

    දුටුවා අහිංසක මුවැත්තියක් මම
    ගැහෙමින් හිටියා කුමකටදෝ වීලා බිය
    විමසා තතු ඇගෙන් මා ඇය ගැනම
    වූවා පිහිට ඇගේ සොහොයුරු විලසටම

    රැක්කා ඇයව මා පණ මෙන් හැමදාම
    නොදැන බැදුනා ඇ කෙරේම මාගේ සිත
    ඈ අකමැතිය මාගේ පතිනිය වන්න
    හේතුව නොදත් මා තැවෙනවා මුළු රෑම

    අසා ඇගෙන් හේතුව මා දැනගත්තා
    විසඳුම් සොයා අපි අපගෙම අද වූවා
    සතුට මගේ නුඹ පමණයි මා දන්නා
    වෙන්න මැණික මගේ පතිණි මතු සසරෙත්….

    ආශා කියන්නෙත් මේ කතාවේ ඉන්න ආදර්ශ බහුල චරිතයක්… තමන්ට හැමදේම නැති වුනත් ඒවා විද දරාගෙන ජිවත් වෙන ශක්තිමත් ගැහැනියක්… අම්මා තාත්තාගේ ආදරේ මොනවගේද කියලවත් නොදන්න… ආත්තගෙන්ම විතරක් ආදරය ලබපු අහිංසක කෙල්ලෙක් ඒ විතරක් නෙවේ… අවුරුදු ගානක්ම ලෙඩක් හින්දා විදවපු කෙල්ලෙක්… තමන්ගේ මෝඩකම හින්දම තමන්ට තිබුන වටිනමදේ නැති කරගත්ත කෙල්ලෙක්…. මෙච්චර දේවල් වෙලත් හිනාවෙලා ඉන්න එක කොච්චර අමාරු දෙයක් ද… අද කාලේ කොල්ලා තරහ වුනා එක්සැම් ෆේල් වුනා කියලා තමන් විහින්ම මරෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්න සමාජයකට මේ ආශාගේ චරිතෙන් ගන්න කොච්චර ආදර්ශ තියෙනවා ද… තමන් ගැන නැතුව තමන්ට ආදරේ ගැන හිතන කෙල්ලෝ දැන් අඩුයි ඒ අතින් කෞෂාල් ගොඩක් වාසනව⁣න්තයි…

    බිය වී ඔවුන් හට මා සැගවී වුන්නා
    එතනට ඔයා ඇවිදින් මට කතා කරා
    ගහලා ඔවුන් හට මා ඔබ බේරාගත්තා
    පින් සිදු වෙනවා අයියේ නුඹ හට සැමදා

    මගේම සොහොයුරා වාගේ මට නුඹ අයියේ
    නුමුදු හදට සිමා නැ මගේ අයියේ
    වරදක් නුඹට නොකරමි මා මගේ අයියේ
    එනිසා සගවමි මා මාගේ ප්‍රේමය අයියේ

    ⁣නුඹට හොරෙන් ප්‍රේමය සඟවාගෙන හිටියත්
    නුඹට දැනුණා මගේ ආදරයේ තරමත්
    එබැවින් සියලු බාධා අප පසෙක තබා
    වූවා අපේ අප සැමදා දිවි ඇති තෙක්…

    නංගා… මේ ප්‍රධාන චරිත දෙක වගේම අනිත් චරිතත් මේ කතාවට ලොකු දායකත්වයක් දිලා තියෙනවා… අශාන් & ශානි… ඇත්තටම හොද යාළුවෝ දෙන්නෙක්.. කෞෂාල්ගගේ අනිත් යාළුවෝ දෙව්නනම් එච්චර හොද නැ වගේ නේද… එතකොට කෞෂාල්ගගේ ගෙදර අය අම්මා තාත්තා අයියේ චුටි බෝලේ මේ හැමෝම… හරි ලස්සනට මේ ප්‍රධාන චරිත දෙක කැපිලා පේනන්නන්න යොදාගෙන තියෙනව… ඒක තමා මගේ නංගිගේ දක්ෂ තාවය… ??

    ඉතින් හරිම ලස්සනයි නංගියා කතාව… ආයි ආයිමත් කියන්න තියෙන්නේ කතවෙ ලස්සනයි කියලා තමා මැණික..?? තවත් කතාවක් අරන් එන්න… ඔයාට ජයෙන් ජය… සුභ අනාගතයක්…
    මේ කමෙන්ට් එකත් බොහොම අමාරුවෙන් නංගාකෙටුවේ..?? පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️

    1. මගේ දුලා අක්කියෝ …..???

      අනේ ඉතින් .. අපේ අනිත් කවිකාරි …… ගොඩ ගොඩක් ලස්සනයි මගේ අක්කී කවි ටික … මං දැනන් හිටියා අක්කිගේ කවිත් ඒවී කියලා මගේ කතාව හැඩකරන්න … මේවා මං මගේ ළඟම තියේවි හැමදාම ….???

      මුලින්ම කියන්න ඕනි මට සමාවෙන්න මගේ අක්කී රිප්ලයි එකක් පරක්කු වුනාට … ???

      අනිත් එක අක්කියෝ මගෙන් සමාව ඉල්ලන්න එපා ඔහොම … අක්කී අසනීපෙන් කියලා මං දන්නවා නේ.අක්කී සමාව ඉල්ලද්දී නංගිට ගොඩක් දුකයි ….ඇත්තටම අක්කිගේ කමෙන්ට් එකක් බලාපොරොත්තු වුනා …ඒක බොරුවක් නෙවෙයි … ඒත් මං හිතුවෙ නෑ අක්කී අසනීප වෙලා ඉද්දිත් ඉක්මනට ම ඇප් එකට ඒවී කියලා …. ගොඩක් ස්තූති මගේ අක්කී …..???

      අක්කී හරි …. සමහර කොටස් ලියනවා ලියනවා ඉවරයක් නෑ … මොකද ලියන්න ගියාම සීමාවක් නැතුව යනවා ….. ඉතින් කොටස් ඕනිවට වඩා දිග් කරන්න බැරි නිසා අමාරුවෙන් ඒවා ටික ටික අඩුකලා… ඒ නිසා වෙන්න ඇති අක්කියෝ අක්කිට එහෙම හිතෙන්න ඇත්තේ…ගොඩක් පින් මගේ අක්කී ඒ අඩුපාඩුව පෙන්නලා දුන්නට …
      ???

      මගේ අක්කියෝ ….
      අක්කී කතාවේ චරිත ටික වෙනම පෙන්නලා…
      අක්කී කිව්වා වගේම කෞෂාල් වගේ කෙල්ලෙක්ට වටිනාකමක් දෙන පිරිමි මේ සමාජයේ ගොඩක් අඩුයි …ඒත් එයාලා මේ සමාජයට ගොඩක් වටිනවා …..

      ඒ වගේම ආශා … සීමාවක් නැතුව ඉඉපදුණු දවසේ ඉදලා වේදනාව විතරක් ම වින්ද කෙනෙක් වුනත් හිතේ ශක්තිය අඩුවක් නැතුව තිබුනා … අක්කී හරි … කාන්තාවක් වුනාම හිතේ ශක්තිය ගොඩක් වැදගත් …..

      අනිත් එක අෂාන් ශනීෂා ගොඩක් හොද යාළුවෝ දෙන්නෙක් තමයි … යාළුකමට එහා ගියපු සහෝදරකමක් ඒ දෙන්නාගෙන් මෙයාලාට ලැබුනා …

      ඉතින් මගේ අක්කී ….
      අක්කිට ගොඩ ගොඩක් පින් මගේ කතාව කියවලා අක්කිට දැනුනු දේ මං වෙනුවෙන් අකුරු කලාට …මොකද ඒකනේ අපේ සතුට … ????
      ඒවගේම අක්කී මගේ අඩුපාඩු පෙන්නලා දුන්නට …..???
      ඒවගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …???

      අනේ අක්කී … ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …??
      ඒවගේම තවත් ලස්සන කතාවක් ඉක්මනට අරන් එන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..
      ආදරෙයි අක්කිටත් ගොඩක් ….

      1. සිටියේ සැඟවී ඔහුගෙන් මිදිලා
        ගැහුනා බියවී හසුවේ සිතිලා
        විමසා කරුණාවෙන් තතු දැනිලා
        සොයුරෙකු විලසින් සරණක් වීලා

        රැක්කේ ඔහුගේ ප්‍රාණය විලසින්
        දැනේ මටත් නුඹ සොයුරුට එපිටින්
        රැකගත් වස්තුව මා ළඟ නැතියෙන්
        කෙලෙස කියම්දෝ නුඹ හද රිදමින්

        අසනීපයි මා සිට පොඩි කාලේ
        නුඹ හින්දයි ආ සුවයක් ලැබුණේ
        ඔබ හට හද තුළ දීලා සෙනෙහෙ
        ඉන්නම් පතිනිය වීලා සසරේ …….

        ❤️❤️❤️ ආශා ❤️❤️❤️

        බියවී සිටි නුඹ රක්නට හිතුනේ
        කතා කලේ හැදිනට නුඹ කෙලෙසේ
        නොමිනිස් කැලගෙන් නුඹව මුදන්නේ
        නැගණියේ මා සැමදා ළඟ ඉන්නේ

        කලෙකට මුත් නුඹ මා හා උන්නා
        හද පතුලේ පෙම ඇති බව දන්නා
        නුඹට වින්ද දුක නැවත නොදෙන්නා
        සගවනු ඇයි අපේ පෙරදා හින්දා

        හදේ සැඟව ඇති පෙම මට දෙන්න
        මටත් හැකි ප්‍රේමෙන් නහවන්න
        බාධා ඇති මුදු හැරදා ලන්න
        දිවිතෙක් මාගේ පතිනිය වෙන්න ….

        ❤️❤️❤️ කෞෂාල් ❤️❤️❤️

  183. Avi 1999 (kandy)?

    නිෂු මැණික සමාවෙන්න බෝලෙ කමෙන්ට් එක පරක්කු වුනාට හොදද ??? කතාව ඉවරයි නේද … ඒ වුනාට කතාව හරි ලස්සනට ඉවර කරලා තියෙනවා ඔයා.. ලස්සන අවසානයක් දුන්නට තැන්ක්‍යු මගෙ බෝලෙට ??

    අනෙ මේ කොටස අන්තිම කොටස වුනත් ගොඩක් ලස්සනයි මැණික … මම් හිතුවා ඔයා කොහොම හරි ඒයාලව එකතු කරවයි කියලා .. මොකද මම් දන්නවා නෙ ඔයා ගැන ??.. කෞෂාල් ආශා ගොඩක් හොද ආදරවන්තයො වෙයි ඉස්සරහට .❤️.

    මම් ඔයාගෙ කතාව මුල ඉදන්ම කියවන්ට පටන් ගන්නකොටම කතාව කියවන්ට ආසා හිතුනා මට ඒ තරම් ලස්සනයි …. කෞෂාල් කියන්නෙ ඇත්තටම ගොඩක් හොද කොල්ලෙක්… ජීවිතේ වැරදුනු අසරණ කෙල්ලෙක්ව හම්බුනාම ඒ කෙල්ලව තවත් අසරණ කරලා අයුතු ප්‍රයෝජන ගන්න ඉන්න මිනිස්සු අතර කෞෂාල් කියන්නෙ උතුම් චරිතයක් …. ඒ වගෙ මිනිස්සු අපි අතරත් ඉන්නවා අතලොස්සක් විතරයි … කෙල්ලෙක්ගෙ ජීවිතේ සෙල්ලමක් කියලා හිතලා ඒ කෙල්ලගෙ මුලු ආත්මයම නැති කරන මිනිස්සු ඉන්නකොට කෞෂාල් ආශාව බලාගත්ත හැටි එයාව පරිස්සම් කරපු හැටි එයාට අවංක ආදරයක් දීපු හැටි දැක්කම කෞෂාල් කියන්නෙ රත්තරන් මනුස්සයෙක් ❤️❤️..
    ඒ වගෙම කෞෂාල්ගෙ දෙමාපියො ඒ වගෙ දරුවෙක් ඉන්න දෙමාපියොත් ඒ තරම්ම හොද මිනිස්සු වෙන්ට ඕනි නෙ… ඒකනෙ දැක්ක පළවෙනි සැරෙම ආශාව එයාලගෙම දුවෙක්‍ට වගෙ සැලකුවේ, ආදරෙ කරේ.. නැත්නම් සමහර අයනම් ඔහොම කෙල්ලෙක්ව දැක්කම ගෙදරිනුත් පන්නලා .. ඒ අතින් කෞෂාල්ගෙ දෙමාපියො ගැන කියන්ට වචන නැ මට දෙවිවරු වගෙ මිනිස්සු❤️

    ආශා ගැන කියනව නම් අම්මා තාත්තාගෙ ආදරෙ සෙනෙහස නැතුව පොඩි කාලේ ඉදන්ම අත්තගෙ ආදරෙන් හැදුනු වැඩුනු අවාසනාවන්ත කෙල්ලෙක් … හැබැයි මොකක්දො කරපු පිනකට වෙන කෙනෙක් අතින් එයාගෙ ජීවිතේ විනාස වුනාට ජීවිතේ අලුතින්ම පටන් ගන්ට එයාට තව අවස්ථාවක් හම්බුනා කෞෂාල් නිසා …. කෞෂාල්ගෙ ආදරෙ ලබන්ට , ඒ දෙමාපියන්ගෙ ආදරෙ ලබන්ට ආශා වාසනාවන්තියක් වුනා …. ආශා කියන්නෙ ජීවිතේ ගොඩක් දුක් විදපු කෙල්ලෙක් කියලා කතාව කියවන ඕනිම කෙනෙක්ට තේරේනවා.එහෙම වෙලත් ජීවිතේ විනාස නොකර ශක්තිමත්ව හැම ප්‍රශ්නයකටම හොදින් මුහුණ දුන්නා..කෙල්ලෙක්ගෙ ජීවිතේට අන්න ඒ ශක්තිය ගොඩක් වටිනවා බෝලෙ … ඒ වගෙම කෞෂාලුත් ආදරෙන් පැරදිලා දුක් වින්දත් අවසානෙදි එයාටත් ලස්සන අවංක ආදරයක් හම්බුනා ආශා නිසා නෙද මැණික ??

    ජීවිතේ කොච්චර දුක් වින්දත් අවාසනාවතියක් කියලා තමන්ගෙම පව්ලෙ අය ආශාව කොන් කරද්දී පව්ලෙන් ඈත් කරද්දී එයාට එයාගෙම කියන ආදරයක් ලස්සන පව්ලක් ලැබුනා… ඒකට තමා කියන්නෙ කොච්චර අපිට දුකෙන් ඉන්ට සිද්ද වුනත් දවසක හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් කාලයක් අපිට එනවා කියලා .. ඒ නිසා ජීවිතේන් කඩන් වැටෙන්නැතුව ඉවසීමෙන් හැමදෙම දරාගන්ට ඕනි…. ඒ වගෙම කල හොද කවදා හරි අපිට ලැබෙනවා වගෙම කරපු පව් වැඩත් අපි පස්සෙන්ම ඇවිත් පරිසන් දෙනවා.. හරියට කෙල්ලොන්ගෙ ජීවිත විනාස කරපු රෝහිතට අන්තිමට වුනා වගෙ ??

    හොද යාලුකම් ගැනත් කතාවේ පෙන්නලා තියෙනවා ඔයා බෝලෙ ඇත්තටම ඒ යාලුකමත් ගොඩක් ලස්සනයි … කවදාවත් දුකෙදිවත් අපිව තනි නොකරන යාලුවෝ ගොඩක් වටිනවා අපේ ජීවිත වලට ❤️❤️

    කතාවේ ආදර්ශ ගොඩක් තියෙනවා ගන්ට බෝලෙ ගොඩක්ම ගැහැණු ළමයෙක්ගෙ ජීවිතේට ගන්ට ගොඩක් දේවල් තියෙනවා … අපී තීරණයක් ගද්දි ඒක එක පාරක් දෙපාරක් නෙවේ දහස් පාරක් විතර හිතලා තීරණ ගන්ට ඕනි නැත්නම් මුලු ජිවිතේම විනාසයි …

    කතාවෙ චරිත වලට ඔයා හොදට පණ දීලා තියෙනවා සමහර තැන් වලදි කතාව මැවිලා පේන විදියටම… ඒ වගෙම ඔයා ලස්සනට ලියලා තියෙනවා බෝලෙ …
    නවකතාව කියවන්ටත් මම් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මැණික ?? …..ඔයා ගොඩක් දක්ෂ හිත හොද මැණිකක් …ඒ නිසා තව තව මේ වගෙ ලස්සන කතා ලියන්ට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම් ?? …. ඒ වගෙම ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බෝලෙ ❤️❤️

    හැමදාම පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න මැණික ?? තෙරුවන් සරණයි මගෙ සුද්දි මැණික ??

    මව පියා නොමැතිව
    ජීවිතේ ගෙවද්දි
    ආදරෙත් මගෙන් දුර
    ඈතකම තියෙද්දී
    අවාසනාවතියක් වී
    ජීවිතේම වරදිද්දි
    අසරණ වුනා ජිවිතේම
    කදුලු විතරක් උරුම වෙද්දී

    අහම්බෙන් හමුවුනු
    නුබ සමග කල් ගෙවද්දි
    අමුතුම හැගිමක්
    මුලු සිතෙ ම වෙලෙද්දි
    නුබත් මට මුලු හදින්
    ආදරෙ කරද්දී
    සත්තමයි බිය වුනා මම්
    නුබේ ජීවිතෙත් අදුරකට
    යයි කියා සිතද්දි ..

    හිත අස්සෙම පෙමත්
    නුබට හොරා හැංගද්දි
    නුබ ඇවිත් මගෙ ළගින්
    ආදරෙ ඉල්ලද්දි
    නුබෙ උණුහුමත් මට
    හිමි හිමින් දැනෙද්දි
    මටත් නොදැනිම මසිත
    පෙම් කරා මුලු හදින්
    නුබේ ආදරෙ සුවදත් විදිද්දි
    ❤️❤️ ආශා ❤️❤️

    1. මගේ අවී අක්කියා…???

      මුලින්ම කියන්න ඕනි මට සමාවෙන්න හොදද රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට ….අද නම් හිතාගෙන ආවේ කොහොම හරි රිප්ලයි කරනවාමයි කියලා …

      අනේ මගේ අක්කියෝ …. කමෙන්ට් එකක් පරක්කු වුනා කියලා මට චුට්ටක් වත් තරහ හිතුනේ නෑ අක්කී … මොකද මං දන්නවා මගේ අක්කී කොහොමටවත් ඒක හිතාමතා මග අරින්නෙ නෑ කියලා …. මගේ අක්කී මගෙන් සමාව ඉල්ලන්න එපා කවදාවත් … ඒක ඔයාගේ සුද්දිට හරි දුකක් නේ…??

      කෞෂාල් ජීවිතේ ඇත්ත තේරුම් ගත්ත පිරිමියෙක් … එයා උනත් කෙනෙක්ව ඕනිවට වඩා විශ්වාස කරලා ජීවිතේ පහලට කඩාගෙන වැටුනු කොල්ලෙක් … එයා ඉගෙන ගත්තා ඒ වගේ දෙයක තියන වේදනාව …. ආශාගේ සිදුවීම ඊට වඩා වෙනස් තමයි … ඒත් ඉතින් කෙල්ලව තේරුම් ගන්න පුළුවන් හොද හදවතකුයි මොලේකුයි කෞෂාල්ට තිබුනා …..අනිත් එක තමන්ගේ කියලා කෙනෙක් ළඟ නැති වෙනකොට දැනෙන හැගීම ටික කාලයක් හරි එයා වින්දා …. ඉතින් එයා ඒක නිසා ආශාට සතුට දෙන්න උත්සාහ කලා ….

      ආශා සමහර විට ජීවිතේ සදහටම විදවන්න ඉඩ තිබුනා කෞෂාල් නොහිටින්න … ඇත්තටම කිව්වොත් එයා තමයි කෙල්ලගේ වාසනාව …. කෞෂාල් නිසා ආශාට එයාගෙම කියලා පවුලක් ලැබුනා …

      ආශා වගේ විදවපු විදවන තවත් කොච්චර අය ඉන්නවා ඇතිද මේ සමාජයේ ….

      මට ගොඩක් සතුටුයි අක්කී මං කතාවෙන් ඔයාලට දෙන්න හදපු දේවල් අක්කිලා ට දැනුනට….
      ඒ වගේම මගේ අක්කී ආසාවෙන් කතාව කියෙව්වට…

      ඉතින් අක්කියෝ …මට සමාවෙන්න අක්කිගේ කමෙන්ට් එක වගේ හොද රිප්ලයි එකක් දෙන්න මට බැරි වුනාට … වෙලාවක් එනකල් තවත් පරක්කු කලොත් මේමේක තවත් කල් යාවි ….

      මගේ අක්කියෝ ….
      ගොඩක් පින් මගේ කතාව කියවලා අක්කිට දැනුනු දේ මං වෙනුවෙන් අකුරු කලාට….???
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ….????

      ආහ් තව දෙයක් අක්කී … මං ඇප් එකට ආපු දවසේ ඉදන් ගොඩක් ළං වෙච්චි ගොඩක් වටිනා , ගොඩක් හිත හොද , ගොඩක් ආදරණීය සහෝදරියක් තමයි ඔයා …පුංචි පැටව් එක්කත් ලොකු අක්කිලා එක්කත් හරි ආදරෙන් ඉන්නේ .හිතක්‍ රිද්දලා නෑ කවදාවත් .. මේ සහෝදරකමට , මේ යාළුකමට මං ගොඩක් ගරු කරනවා … ගොඩක් ආදරේ කරනවා ….
      අක්කී මේ ආදරණීය , ලස්සන හදවත හැමදාම තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …..
      ඒ වගේම අක්කිගේ අධ්‍යාපන කටයුතු , අනික් සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා මං මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ……

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

    2. මගේ පණ ටික කියා
      ළඟ උන්නු ඈ නැති
      ඈ වෙන් කලා කියා
      මව්පියන් හැරලමි
      ඈ දුන්නු වේදනා
      මහමෙරක් සේ දැනී
      සිහි වුනා අම්මෙ ඔබේ
      පපු තුරුල පෙම රැදී….

      අහම්බෙන් නෙතු ගැටුනු
      නුඹව මට දැනෙද්දී
      රකින්නට සිත් වුනේ
      හදේ ඉඩ ගනිද්දී
      ලොබ වුනා නුඹට මම
      මා ළඟින් රැදෙද්දී
      නොවෙමි සොයුරන් මෙමා
      පෙමක් මයි හිත කියද්දි …

      මා හදට නුඹම වෙයි
      සිතම තරවටු කරද්දී
      පැවසුවේ සෙනෙහෙ මා
      ළඟ ඉදියි සිතද්දී
      නුඹේ නෙතඟින් පවා
      ආදරේ දැනෙද්දී
      මුළු හදම වෙන් කලා
      සසරේ මතු බැදෙද්දී….

      ❤️❤️❤️ කෞෂාල් ❤️❤️❤️

      1. Avi 1999 (kandy)?

        මගෙ පුංචි කවිකාරි?? ගොඩක් ලස්සනයි ඔයාගෙ කවි ටික මැණික… රිප්ලයි එක පරක්කු වුනාට මම් කවදාවත් තරහා වෙන්නැ .. එහෙම තරහා වෙන්ට පුලුවන්ද මගෙ සුද්දි එක්ක .. මම් දන්නවනෙ ඔයත් පාඩම් වැඩ එක්ක ගොඩක් බිසි කියලා…??

        ඔයත් මගෙ හිතට දැනුනු මම් ගොඩක් ආදරෙ කරන ,ගොඩක් දක්ෂ, අහිංසක මැණිකක්… හැමදාමත් ඔයාගෙත් ඔය ලස්සන ආදරණීය හිත හොදකම තියෙන්න ඕනි❤️❤️ මාත් ගොඩක් ආදරෙයි මේ ලෙංගතුකමට සහෝදරකමට මැණික… හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න මගෙ සුද්දි.. තෙරුවන් සරණයි ඔයාට??

  184. දිල් (නුවර)

    මගෙ නිශු මැනික කොහොමද ඔයාට.සතුටින් පරෙස්සමින් ඉන්නවා නේද.සමා⁣ව දෙන්න බෝලේ අක්කීට කමෙන්ට් දාන්න පරක්කු උනාට.
    ඊයේ කමෙන්ට් 1000ට එකතු වෙන්න බැරි උනාට.ඩේටා තිබුනේ නෑ. එක එක දේවල් නිසා හුගක් මගහැරුනා කතාව වගේම ඔයාලව.

    ඉතින් මගෙ නංගි මුලින්ම කියන්නම් කතාව පට්ට. මට නම් කියවන් යද්දි ආස හිතුනා. කොටස් දෙකයි මං කියවලා තිබුනේ. අද තමයි ඉතිරි කොටස් ටික කියවලා ඉවර කලේ.එක දිගට කියවන එකත් මාරම ගති.? අපරාදේ බෝලේ නවකතාවක් කරන්න තිබුනේ. හරිම ලස්සනයි. සමාජේට ගැලපෙන කතාවක්. ආදර්ශමත් කතාවක්. මැනිකටත් කතා ලියන්න පුලුවන්නේ. දිගටම ලියන්න ඕන හොදද. ඔයාට පුලුවන්.

    කෞශාල් අනේ පුදුම කොල්ලෙක්. නන්නාඳුනන කෙල්ලෙක්ව තමන්ගේ නංගී විදියට බාරගෙන ලස්සනට බලාගත්තා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. රත්තරං මනුස්සයෙක්.එහෙම ගතිගුණ පිහිටන අය මං තවම දැකලා නෑ. සමාජේ. හුගාක් ඉන්නේ කෙල්ලෙක්ගේ පවිත්‍රකම හොයන්න බලන් ඉන්න අය. ඒක නැතිනම් කෙල්ල හොද නෑ.බඩුවක්,එක්කෝ …ඒවා ඕන නෑ ඉතිම්. කෙල්ලන්ට මවපු දේ කොල්ලන්ට මැව්වා නම් හුගක් කොල්ලෝ අනාථයි අද.
    ආදරේ නිසා කෞශාල් වැරදි පාරක යන්න ගිහින් බේරිලා තියෙන්නේ අනූ නවයෙන්. හොද දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නකොට කෞශාල්ට වරදිද. කවදාවත් නෑ.

    ආශා ගැන කලින් නම් තරහත් ආවා. අනේ මෝඩියෙක්නේ කියලා.ඒත් අහිංසක කෙල්ලෙක් ආශා කියන්නේ. අම්මා තාත්තා පවුලේ අය නැතිව අත්තා එක්ක තනි උන කෙනෙක්. කොහොම නම් ජීවිතේ හදාගන්න ඇතිද. අසරණ වෙලා ඉද්දි ඒකෙන් අයුතු දේවල් ගන්න මාන බලන් ඉන්න මිනිස්සු වැඩී අද කාලේ. හැමතැනකම එහෙම අය ඉන්නවා. කෙල්ලො අපි කල්පනාවෙන් ඉන්න ඕන. හිතුම⁣නාපෙට තීරණ ගන්න හොද නෑ. තමන්ට මනුස්සයෙක්ගෙන් කරදරයක් වෙන්න වගේ කියලා දැනෙනකොට කටපියන් ඉන්න හොද නෑ. බය පෙන්නන්න හොද නෑ. ශක්තිමත් වෙන්න ඕන.

    කොහොමහරි කෞශාල් & ආශා එකතු උන නිසා කතාව තවත් නියමයි. මං හිතුවේ ආශා නංගී විදියටම ඉදීවීදෝ කියලා. කෞශාල් රට යාවී කියලා.ඒත් අපිටත් නොකියම ඒ දෙන්නා මැරි කරලා හනීමූන් එකටත් යවලා අන්තිමට පැට්ටෙක් ගේන එක විතරක් ලියලා. ? ඒකට නම් තරහයි.නරකද හනිමූන් සීන් එක දැම්මා නම්. ???
    මේ දවස්වල මාව කචල් වෙලා.මාත් මේ වෙඩිමක් ගන්නවද, පාඩුවේම යනවද කියලා කල්පනා කරනවා. තනියම ඉදලා එපා වෙලා.?

    අමතක වෙනවා තව පොඩ්ඩෙන්. අහන්නකෝ කතාවක් ලියනකොට කාලය පෙන්වන්න දිග ඉරක් දාන්න. එහෙම තැන් වල ඔයාගේ කතාව එක පාරට අදුනගන්න බැරි උනා මට. මටත් අපේ ලොකූ කියලා දීලා තමයි ඉගෙන ගත්තේ. මාත් කෙටි කතාවක් ලීවා. ඒක ඇප් එකට දාලා සති දෙකක් විතර ඇති. මගෙත් පලවෙනි කතාව. කියවලා බලන්න හොදද.

    ඉතින් මන් නවතින්නම් බෝලේ. කමෙන්ට් එක ටයිප් කලේ නෝට්පෑඩ් එකේ. අකුරු වැරදිනම් හදාගෙන කියවන්න අනේ. මං කීවේ ෆෝන් එක වැටුනා කියලා.තවම හදාගත්තේ නෑ.
    තව තවත් ලස්සන කතා ගොඩක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්රාර්තනා කරනවා මං. හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න.බුදු සරණයි උඩරට මැනිකේ. ❤️❤️❤️

    1. මගේ දිල් අක්කියෝ …???

      මගේ අක්කී … මට සමාවෙන්න …??
      මගෙන් එදා වෙච්චි අත්වැරැද්දට… මං අක්කිව මඟ ඇරියේ වත් අක්කී එක්ක තරහ වෙලාවත් නෑ චුට්ටක් වත් හොදද …
      මං දන්නවා අක්කියෝ … එදා මං නිසා අක්කිගේ හිත ගොඩක් රිදුනා කියලා … මට සමාවෙන්න ආයෙම …???

      අක්කී ඔහොම සමාව ඉල්ලන්න එපා අනේ … මං මුකුත් හිතුවෙ වත් නෑ අක්කී නැති වුනා කියලා … මොකද අක්කී එහෙම මං තරහ වෙනවානම් ඒක මගේ මෝඩකමක්… අක්කිලා ගොඩක් වැඩ අස්සේ , ප්‍රශ්න අස්සේ අපිත් එක්ක ඉදලා යන්න එන්නේ කියලා මං දන්නවා අක්කියෝ ….හිත රිද්දගන්න එපා මගේ අක්කී ..අක්කිව අපිට අමතක නම් වෙන්නේ නෑ හොදද …. මං අක්කිට ආදරෙයි නෙ..

      අක්කී නම් හරි … දවසක් බලාගෙන ඉන්නවා කියන්නේ මාර කට්ටක්…??

      මාත් බයේ හිටියේ අක්කී මේක නවකතාවක් වෙයි කියලා … මොකද කොටස් හයකින් ඉවර කරන්න හිටපු කතාව මෙච්චර දුර ඒවී කියලා මං වත් හිතුවෙ නෑ ….

      කෞෂාල් පුදුමයි වගේම ලකී කොල්ලෙක් එයාත්… කෙල්ලෙක් නිසා විනාශ වුනු ජීවිතේ කෙල්ලෙක් නිසාම ලස්සන වුනා …. කෙල්ලෙක් නිසා ඈත් වුනු දෙමාපියන් කෙල්ලෙක් නිසාම ආයේ ළං වුනා …. කෙල්ලෙක් ගියාම ශක්තිමත් වුනු ඒ හිත කෙල්ලෙක් නිසා තව තවත් දියුණු වුනා …

      අක්කී හරි … කෙල්ලෙක් ගැන සමාජය මනින එක එක විදිය නිසා වැරදි නොකලත් කෙල්ලෙක් අසරණ වෙන සමාජයෙන් කොන් වෙන අවස්ථා ඕනි තරම් තියනවා… අක්කිට තේරෙන්න ඇති මං අදහස් කරපු දේ… ඒත් කෞෂාල් ඒ කිසිම දෙයක් තැකුවේ නෑ … පස්සේ ආශා ගැන අදහසක් ඇති වුනත් මුලදී ඒ පිරිමි හිතේ තිබුණේ මනුස්සකම විතරයි ….

      ආආශාගේ ජීවිතේ තනිකරම වේදනා ගඟක ගිලිලා තමයි තිබුණේ … එයා වැරදි … ගොඩක් දැන අදුන ගන්නේ නැතුව කෙනෙක් හදවතින්ම විශ්වාස කරන එක…

      ආශා කෞෂාල් එක වහලක් යටට කරන එක මගේ ලොකුම අරමුණ තමයි …??
      ඒක එඑහෙම නොවුනානම් කස්ටිය මාව ඉතුරු කරන්නේ නැති වෙයි ….??

      ඒ දෙන්නා සහෝදරයෝ විදියට තියන්න නම් හිතුවෙ වත් නෑ මං …

      පොඩි ඈයෝ විදියට මීට වඩා දුරදිග යවන්නේ කොහොමද ඒයි මං … ඒකයි දෙන්නා බන්දලා පැටියා හම්බෙන්න ඉන්න කොටස විතරක් දැම්මේ … තාම චූටි හිත් නේ…???

      ආහ්.. අක්කී කසාදයක් බදිනවා කීවානේ.. ඒකනේ මේ චුට්ටක් අවුල් වෙලා තියෙන්නේ …???

      මං අක්කිට හදවතින්ම සුභ පතනවා හොදද අක්කිග්‍ර්ර් අනාගත ජීවිතයට….

      හරි අඅක්කියෝ …. මට ඒ දේ හොදට තේරුනා… ආයේ මං එහෙම කරන්නම් අක්කියෝ … අක්කිට ගොඩක් පින් මට ඒ දේ පෙන්නලා දුන්නට ….???

      අනිවාර්යයෙන් අක්කී .. මං බලාගෙන ඉන්නවා අක්කිගේ කතාව කියවන්න ….

      ඉතින් අක්කී … ගොඩක් පින් මගේ කතාව කියවලා අක්කිට දැනුනු දේ අකුරු කලාට ….?
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට ..??

      අක්කිගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      ආදරෙයි අක්කිටත් ගොඩක් ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.