Katha Ahura

සිහින සිත්තරාවී | විසිතුන්වන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

මුලු රෑම නින්දක් නැති නිසාද කොහෙද උදේ ඇස් ඇරගන්නවත් බෑ..ඊටත් වඩා ඊයේ පාරවල් වැදුණ තැන්වල වේදනාව..ඇදෙන් නැගිට ගන්න බැරි තරම් රිදෙනවා..ෆෝන් එක එක දිගටම රින්ග් වෙනවා..ඒක ගන්නවත් හිතක් නෑ මට..කවුරු කතා කලත් මොකටද දැන්..වෙන්න ඕනේ හැමදේම වෙලා ඉවරයිනේ..

“විමූ කෝ තමුසෙගේ ෆෝන් එක..”

“අ..අතන..” මං අත දික් කරලා පෙන්නුවේ පුටුව..දේශිත අයියා ෆෝන් එක බලලා ආයේ මගේ ලගට ආවේ කේන්තියෙන්..

“දැන් කන් ඇහෙන්නෙත් නැද්ද..මෙච්චර කෝල් ඇවිල්ලා තියනවා..අහ්හ්..මොළයක් නැද්ද තමුසෙට..ගෙදර මිනිස්සු බය වෙනවා කියලා..”

මං කොහොමද දන්නේ කෝල් ආවේ ගෙදරින් කියලා..අනික ඕකට ඔච්චර බනින්න ඕනෙද..මට තියන වේදනාව දන්නේ මමනේ..

“ආයේ ආයේ මට කියන්න තියන්න එපා..අනිත් එක බොරුවට අඩන්න ලෑස්ති වෙන්න එපා..මට පේන්න බැරි කිඹුල් කදුලු..බබෙක් නෙවෙයිනේ..මෙච්චර හරියක් කරන්න පුලුවන් නම් ඒවා ඉවසන්නත් පුලුවන් ඇතිනේ..”

මෙහෙම කතා අහන්න තරම් මං කරපු වැරැද්ද මොකද්ද දෙවියනේ..ඇයි කිසිම කෙනෙක් මාව තේරුම් නොගන්නේ..කාටවත් බැරි ඇයි මගේ ලගට වෙලා මේ දුක ටිකක් අහන් ඉන්න..අම්මවත් හිටිය නම්..ඒත් දැන් කොහොමද අම්මා ලගට යන්නේ..එයාලත් මං නිසා කතා අහනවා ඇති..අම්මද දන්නේ නෑ කෝල් ගත්තේ..කදුලු අතින් පිහිදගෙන ඇදෙන් නැගිට්ටේ ගෙදරට කෝල් එකක් ගන්න හිතාගෙන..

“නංගී..ම..ම..”

“මොනවද හලෝ මේ කරේ..බලනවකෝ පාරට බහින්න බෑ මිනිස්සු හිනා වෙනවා..අම්මා අඩා ගත්ත ගමන්මයි..මට ක්ලාස් යන්නවත් නෑ..”

“අනේ නං..ගී..” අමාරුවෙන් ඇඩුම් පාලනය කරගෙන කතා කලේ අම්මගේ කටහඩ පොඩ්ඩක් අහන්න ඕනේ නිසා..

“ආයේ මේකට ගන්න එපා..අයියා දැක්කොත් මටත් බැනුම් අහන්න වෙනවා..මං තියනවා..”
බුදු සරණයි කියලවත් කියන්න කලින් නංගි ෆෝන් එක තිබ්බා..අම්මා එක්ක එක වචනයක් කතා කරන්න තිබ්බ නම්..

සේමිණී ආන්ටි උදෙන්ම කොහෙද ගිහිල්ලා..දේශිත අයියයි ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනයි විතරයි ගෙදර..උදේ ඉදන්ම මුකුත් කාපු නැති නිසා කුස්සියට යන්න හිතාගෙන එළියට ගියත් දකින දකින පාරට දේශිත අයියා බනිනවා..බැනුම් අහලම මට දැන් ඇති වෙලා..මට ඕනේ කාගේ හරි ලගට වෙලා දුක නැති වෙනකම්ම අඩන්න..ඒත් මං කාගේ ලගට කියලා යන්නද..කන්න යන එක පැත්තකට දාලා ආයෙත් කාමරේට ආවේ තවත් දේවල් අහන්න තරම් හයියක් නැති වෙද්දී..

“විමූ..මේ දොර අරිනවා..” කඩන්න තරම් හයියෙන් දොරට ගහන ගමන් දේශිත අයියා කෑ ගහනවා..

“ඇ..යි..” දොර අරින්නේ නැතුවම මං එහෙම ඇහුවේ ඇතුළට ආව නම් තව මොනව හරි කියන නිසා..

“අරින්න කිව්වම මේ දොර අරිනව මගේ යකා අවුස්සන්නේ නැතුව..” හෙමිහිට ගිහිල්ලා දොර ඇරියේ හිතුවක්කාරකමට ඉන්න මේ අපේ ගෙදර නෙවෙයි නිසා..මගේ දිහා නොබලම දේශිත අයියා ගිහිල්ලා මගේ ෆෝන් එක අතට ගත්තා..

“තමුන්ට ආයේ කිසිම කෙනෙක්ට කෝල් ගන්න බෑ..හරිද..අඩුම තරමේ අම්මා තාත්තටවත්..මේ ෆෝන් එක මං ගන්නවා..ලෑන්ඩ් ලයින් එකෙන් හරි හොරෙන් කතා කරලා මට අහුවෙන්න එපා..මේ මං මෙහෙම කියන පළවෙනි සහ අන්තිම වතාව..”

“මට බෑ..මට අම්මා එක්ක කතා කර..න්න ඕනේ..ගෙදර යන්න ඕනේ..හිර කරන්න එ..පා අයියා මාව මෙ..හෙම..පින් සිද්..ද වෙයි..”

කොච්චර අඩ අඩ කෑගැහුවත් මං කියන දේවල් නෑහුනා වගේ එයත් යද්දී මට හැමදේම එපා වුණා..මං ගැන බලන්න කවුරුවත්ම නැද්ද..

“මාව මෙහෙට ගෙනා..වේ හිර කරලා තියාගන්නද..මට මෙහෙම ඉන්න බෑ…. දෙයියනේ..” මගේ වේදනාව අහන්න කවුරුවත් නෑ..නොකරපු වරදකට මෙච්චර දඩුවමක් ඇයි..

අඩලම හෙම්බත් වුණ මං හෙමි හෙමින් පහළට ආවේ අරමුණක් නැතුව..දැන් මං ඇවිදින මළකදක් ගානයි..එහෙම්ම ඇවිදගෙන ගේට් එකෙනුත් එළියට එනවා කිසිම කෙනෙක් දන්නේ නෑ..ඊයේ රෑ ඇදන් හිටිය චීත්ත ගවුම පිටින්ම මං පාර දිගේ ඔහේ ඇවිදන් ආවා..දකින දකින මනුස්සයා මට හිනාවෙනවා වගේ..එහෙමයි මට හිතුණේ..තියන අඩියක් අඩියක් ගානේ මුලු ඇගම රිදුම් දෙනවා..හරියට කොණ්ඩයක්වත් පීරලා නැති මාව මිනිස්සුන්ට පිස්සියක් වගේ පේනවා ඇති..

දවල් ගෙදරින් එළියට බැහැපු මං පයින් ගොඩක් දුර ඇවිද්දා..දැන් නම් කලුවරත් වැටීගෙන එනවා..අම්මා තාත්තා ඇරෙන්න කිසි කෙනෙක් මට ඇත්තට ආදරේ කලේ නෑ..ඒත් එයාලටත් වෙච්ච දේවල් නිසා මාව පිළිකුල් වෙලා ගෙදරින් යැව්වා..එතකොට දේශිත අයියා..මේකද එයා කියන මහලොකු ආදරේ..ආදරෙයි නම් මාව එක තත්පරේට සැක කරයිද..එක විනාඩියක් එයාට තිබුණා මං කියන දේත් අහන්න..ඒත්..ඒත්..එයා මොනවද කලේ..ගැහුවා..බැන්නා..දකින දකින පාරට මට මාවම එපා කලා..දෙනෙත්..කවදම හරි දවසක මේ දේවල් වලට වන්දි ගෙවන්න වෙයි..ඔයත් මං උහුලපු ගින්දරම උහුලයි දවසක..මං පිච්චෙන තරම් දන්නේ මං විතරයි..මං සාප කරන්නේ නෑ..ඒත් උඩත් කට්ටියක් ඉන්නවනේ..එයාලා මේවා බලන් ඇත්තේ..මේ ආත්මෙම ඒවට විදවයි දෙනෙත් ඔයා..

තවත් නම් බෑ ඉවසන්න..මේ ඇති හොදටම..ඒ ගෙදර හිරකාරියක් වෙන්න බෑ මට..ඉස්සර වගේ සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න ඕනේ..අනේ අම්මේ..මට පාලුයි..මට ආයේ ඔයා ලගට එන්න ඕනේ..තුරුල් වෙලා ඔය උණුසුමේ ගුලිවෙන්න..ඇයි මාව ඔයාලගෙන් ඈත් කලේ..මගේ කියන්න කවුරුවත් මට නෑ දැන්..

ඈතින් වාහනයක් නතර කරනවා දැක්කත් ටික වෙලාවක් යනකම් ඒ කවුද කියලා අදුරගන්න බැරි වුණා..අඩලා අඩලම කදුලු වලින්ම ඇස් පිරිලා..ඔව්..ඒ දේශිත අයියයි සේමිණී ආන්ටියි..කොහෙද කියන්න නම් දන්නේ නෑ..ඒත් මං හිටියේ ගුවන් පාලමක් උඩ වාඩිවෙලා..ඒ දෙන්නම මගේ පැත්තට දුවගෙන එද්දී මං නැගිට්ටා..

“මට සමාවෙන්න සුදු අයියේ..ඔයාට දුන්න ගින්දරට..ඔයා හිතන්න වගේ මං නරක කෙල්ලෙක් නෙවෙයි..මේ පපුව හැමදාම ගැහෙන්න ඔයා වෙනුවෙන් විතරමයි..එකම එක පාරක් හරි මට සමාව දෙන්න..”

දේශිත අයියා දිහාම බලගෙන එහෙම් හිතපු මං අන්තිම වතාවටත් එයා දිහා බලලා පාලම උඩ ඉදන් බිමට පැන්නේ හැම දුකක්ම දැන්වත් ඉවරයි නේද කියලා හිතාගෙන..දේශිත අයියා සේමිණී ආන්ටි කෑගහනවා මට ඇහුණා..ඒත් මට ආයේ හැරෙන්න බෑ..පාරේ ගියපු සුදු පාට වෑන් එකක් උඩට වැටෙනවා එක්කම ඔලුව හිරි වැටිලා ගියා..අතක් පයක් හොල්ලන්න බෑ..වාහනේ බ්‍රේක් ගහපු පාරට මාව පාර මැද්දට වැටෙනවා මතකයි..ඇස් පියාගන්න ඕනේ මට..ඒත් පියවෙන්නේ නෑ..මගේම ඇගෙන් ලේ ගලාගෙන යනවා..ඔව් මට පේනවා..හැබැයි වෙනදා වගේ බයක් නෑ..මං අඩන්න ඕනේද හිනාවෙන්න ඕනේද..මට ඕනේ දේ වුණා..ඉතින් ඇයි මං දුක් වෙන්නේ..ඇස් වලින් කදුලු ගලනවා..දුකටද සතුටටද කියන්න මං දන්නේ නෑ..

“අනේ මගේ දරුවෝ…ඇයි මෙහෙම දෙයක් කර ගත්..තේ..මං දැන් අම්මලට මොකද්ද පුතේ කිය..න්නේ..”

සේමිණී ආන්ටි අඩනවා..අඩන්න එපා කියන්න ඕනේ වුණත් මට බෑ..කාගෙදෝ අත් දෙකකට මාව අරගත්තා..ඔව්..මං හැමදාම හොයපු උණුහුම මේක නෙවෙයිද..කොච්චර නම් පෙරුම් පිරුවද ඔය පපුවට ඔලුව තියාගෙන ඉන්න..දැනුත් මට දැනෙනවා ඒ පපුවේ ගැස්මන් පවා..ඒ උණුහුමේ මං ගොඩක් වෙලා හිටියා..හැබැයි එක පාරටම ඒ පපුවේ රස්නේ නැතුව ගියා..හොස්පිටල් එකේ..මගේ ජීවිතේ වෙනුවෙන් අනිත් අය දෙවියෝ යදිද්දී මං ප්‍රාර්ථනා කලේ ආයේ මේ ජීවිතේ එපා කියලා..

මැෂින් ගොඩක් මැද්දේ ඩොක්ටස්ලා තවත් මහන්සි වෙනවා..සැරින් සැරේට අතට ගහන කටු වලින් පොඩිම වේදනාවක්වත් නෑ..ඔලුවට මැහුම් දානවා..අත් වලට කකුක් වලට බැන්ඩේජ් දානවා..කෑගහලා කියන්න හිතුණා ඕවා කලාට වැඩක් නෑ කියලා..ඒත් තවත් මං බලන් ඉන්නවා..තත්පර විනාඩි පැය ගණන් යනකම් ඩොක්ටස්ලා නර්ස්ලා මගේ ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙනවා..දැන් නම් බලන් ඉදලම මහන්සී..ටිකක් නිදා ගන්න ඕනේ කියලා හිතනකොටම ඔලුවට දැණුනේ ලොකු බරක්..වේදනාවක්..අතපය හිර කරලා වගේ..ඇස් පියවෙලා..අමාරුවෙන් ඇස් අරින්න හැදුවත් ඈතින් පේන් සුදුපාට එළිය නිසා ඇස් ඇරගන්න බෑ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කොයි තරම් කාලයක් ගත වෙනවද කියන්න මට තේරුමක් නැහැ..සැරෙන් සැරේ නර්ස්ලා ඇවිල්ලා අතට කටු ගහද්දි නම් රිදෙනවා..මං අඩනවා..ඒත් එයාලා ගානක් නැතුවම යනවා..නොදැක්කා වගේ..මං ආස කරන උණුහුම මගේ ආදරේ එක විනාඩියක් මාව තනි නොකර මගේ ලගටම වෙලා ඉන්නවා..මට දැනෙනවා ඒ ආදරේ මහමෙරක් තරමටම..වෙලාවකට ඒ ආඩම්බර ඇස් වල කදුලු..තවත් වෙලාවකට මගේ මැණික කිය කිය මුමුණන සද්දේ..අනේ මට ඒ හැමදේම ඇහෙනවා දෙයියනේ..

අම්මා වරු ගණන් මාව බදාගෙන අඩන්න ඇති..තාත්තා හැමදාම වගේ සන්සුන්..ඒත් ඒ පිරිමි ඇස් වල මං කවදාවත් නොදැකපු වේදනාවක් තියනවා..හැමෝම මං ලගට ඇවිල්ලා ගියත් මගේ ආදරේ මාව දාලා යන්න බැරුව වගේ නිතරම මං වටේ කැරකෙනවා..ඔලුව අතගානවා..ඒ වෙලාවට නම් හරිම සනීපයි..ඇයි මට බැරි වෙනදා වගේ හුරතල් වෙවී ඒ පපුවට තුරුලු වෙන්න..දාලා යන්න ලෝබයි මහත්තයෝ..මට ඕනේ හැමදාම මෙහෙම ඉන්න..ඔය ආදරේ විදින්න..අපිව වෙන් කරන්න බලන් ඉන්න මේ හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙන්න..එහෙම දවසක් එනකම් මං බලාගෙන ඉන්නවා..කවදම හරි අපි අපේ වෙයි..ඔය ආඩම්බරකාර ඇස් සදහටම මගේ වෙයි..අනේ ඒක හීනයක් නම් වෙන්න එපා..

187 thoughts on “සිහින සිත්තරාවී | විසිතුන්වන කොටස | නවකතා | කතා අහුර රචක”

  1. .අරකෙ කමෙන්ට් 1000 ට පොඩි ශප් එකක් දීලා මේකට එන්නම්………..
    ❤️❤️❤️❤️❤️❤️?

    කේන්ති ගියාට කටට එන හැමදේම කියන්න එපා.
    කිව්ව කෙනාට අමතක වුනාට අහගෙන ඉන්න කෙනාට ඒක හැමදාමත් මතකේ තියෙන්න පුළුවන්….
    gn guys

  2. .මගේ රුවී අක්කි තන්කුයි හොදේ… අනේ හංසි අක්කි නාඩා ඉන්න ඊලග වාරය ඔයාගේ වෙන්න පුළුවන්. ආ සින්ඩරෙල්ල කොහොමෙයි….
    තව එතකොට නිතුෂි ටෙනාශ ඔයා අලුත් කෙනෙක්ද මට ඔයාව මතක නෑ ඒකයි…
    අනේ සමාවෙන්න හැමෝටම එකට කමෙන්ට් කරාට මොකද මගේ සිග්නල් අවුල් ඒකයි… uuuuuuummmmmmaaaaaa…..

  3. Sandu (kandy girl)

    තේජෝ.. කීවා වගේම උනා නේද.. පව් අහිංසක කෙල්ල. ඔයා විමූට මැරෙන්න ඉඩ දෙන්න එපා.. එයා කෝමා එකක නේද ඉන්නෙ..නැත්තං ආත්මයක් වගේ පාවෙනවාද ..තාමත් එලොව මෙලොව අතර ඉන්නවද විමූ… මට එහෙම හිතෙනෝනෙ. හරිම ලස්සනයි අද කොටස නම්..වෙනදටත් වඩා හිතට දැනුණා ඒ විමූව..

    එයාට රිද්දපු හැම කෙනාටම රිදෙන්නෙ එයා ජීවත් වෙලා ජීවිතේ ඉස්සරහට ම ගියොත් විතරයි . මැරුණොත් දුක තියෙයි ඕං නම් තුන් මාසෙ දානෙ දෙනකන්.

    දේශිත ඇයි මේ තරම් පහත් වැඩක් කරේ කෙල්ලට.. මෙතනදි දෙනෙත්ට වඩා පහත් දේශිත.මං නම් කවමදාවත් එයාට සමාව දෙන් නෑ.

    පොටෝ ටික ගන්න ඇත්තේ සමරසිංහ වෙන්න ඇතී..දෙනෙත් එයා එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති.

    එක්කො දෙනෙත්ගෙ හරි සමරසිංහට ගෙ හරි තනි ප්ලෑන් එකක් වෙන්න ඇති ඒක.

    ලස්සනයි තේජො කතාව.. සුබපැතුම් ඔයාට මේ වගේ තව කතා ගොඩක් ලියන්න..

    බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න …

  4. .මේ දගයා වොෂ් එකක් දාගෙන එන්නද තාම හේදුවේ නෑ අෆ්ෆා..
    තව ටික වෙලාවක් මෙහෙම අපතයා වගේ හිටියොත් අම්මගෙන් බැනුම් තමයි. එහෙනම් මන් ගියා

  5. අක්කියෝ,මට නම් වෙනදටත් වඩා ගොඩාක් හිතට දැණුන කතාව.

    අනේ විමූ පව්?,තමන් නොකරපු වරදකට කෙල්ල වන්දි ගෙවන්නෙ.ජීවිතේට ප්‍රශ්නයක් ආවම ඒ වෙලාවෙදි තමන්ව තේරුම් ගන්න,දුක බෙදාගන්න කවුරුවත් නැති වෙද්දි කොහොමත් දරාගන්න අමාරුයිනෙ.අනේ ඔය වගේ ප්‍රශ්නයක් තියෙද්දි විමූ කොහොම දරාගන්නද?

    දේශිත කොහොම විමූට
    බැන්නත්,දේශිත්ගෙ හිත දන්නව විමූ වැරදි නෑ කියල.ඒත් දේශිත විමූව තේරුම් අරන් ලගින් හිටියනම් ඔහොම දෙයක් විමූට වෙන්නෙ නෑ.?විමූට මේ වෙලාවෙ ඕන දුක බෙදාගන්න පුලුවන්,තමන්ව තේරුම් ගන්න කෙනෙක්ව.තමන්ව ලගින් ඉදන් සනසන කෙනෙක්ව.
    නෙතූශ නම් ගොඩක් වැරදියි.එයත් කෙල්ලෙක්නෙ,එයා තේරුම් ගන්න ඕන දැන් විමූ ඉන්න තත්ත්වෙ.
    කතාවෙ ඊලග කොටස දානකල් බලන් ඉන්නව.
    තෙරුවන් සරණයි??

  6. මගේ තේජා අක්කියෝ ….

    අනේ අක්කියෝ මං හිතුවෙ නෑ කොහොමටවත් මේ කෙල්ල මෙහෙම දෙයක් කරගනීවී කියලා … මං හිතුවෙ එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලා ….

    ඒත් එයාට වැරැද්දක් කියන්න බෑ තමයි ….අනේ අහිංසක කෙල්ල ….හීනෙකින්වත් හිතුවෙ නෑනේ අර වගේ තිරිසනෙක්ගේ තිරිසන් ආශාවන් සපුරගන්න මේ අහිංසකී පාවිච්චි වෙයි කියලා … මොනතරම් පව්කාර වැඩක් ද නේද ඒ කරලා තියෙන්නේ … ඒ වෙච්චි දේ නිසා හැමදාම වෙනස් වුනා .. අම්මා තාත්තගෙන් කෙල්ලට වෙන් වෙන්න වුනා … නෑනා වුනත් එයාට කතා කරපු විදිය … කොහොමත් එයා නම් ජරා කෙල්ලෙක් නෙර්…

    ඒත් දේශිත ට තිබුණේ ඔය තරම් කෙල්ලට වේදනා නොදී ඉන්න ..එයා තේරුම් ගන්න තිබුනා හැම පැත්තෙන් ම තැලෙද්දී ඒ අහිංසකී මොන මානසිකත්වයකින් ඉදීද කියලා … එයා කොච්චර වැටෙන්න ඇඇතිද ඒ වේලාවේ… නැත්නම් ඔච්චර උගත් කෙල්ලට මේ වගේ දෙයකට හිත හදාගන්න කොච්චර කලකිරීමක් දැනෙන්න ඇතිද ….

    අනේ කෙල්ල ඉක්මනට සනීප කරන්න අක්කියෝ … ???

    ගොඩ ගොඩක් ලස්සනයි අක්කියෝ කතාව … ඒත් අද කතාව ගොඩක් වේදනාකාරී .. ගොඩක් සංවේදී …

    ඉතින් මගේ අක්කී මං අක්කිට සුභ පතනවා ඉස්සරහට ත් මේ වගේ කතා අරගෙන එන්න පුළුවන් වෙන්න කියලා …

    අක්කිගේ සියළු දේ සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම
    ….

    1. ?????????

      දුන්නේ මගේ ආදරය
      නොකර අඩුවක් නුඹට
      කිසිවෙකුත් ළං නොවූ
      නුඹයි මා පළමු පෙම

      හිතුවෙ නෑ කිසිදිනෙක
      රුවට පෙම් කලේ නුඹ
      මුළු හදම නුඹේ නමට
      ලිව්වේ මා සැක නොකර

      යුවතියක වටිනකම
      රැකියේ මා පතිව්‍රතය
      කිමද සබඳේ මෙලෙස
      නැති කලේ පෙමද බිඳ

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      ළං වුනේ මා නුඹට
      යැදිය පෙරදා ආදරය
      යලි පෙමට බියෙන් මුදු
      ලොබ කලා උනුහුමට

      නෑ කලේ වැරැද්දක්
      ආදරය නාමයෙන්
      රකිමි දිවි ඇති තුරා
      මේ සෙනෙහෙ පණමෙන්

      සුදු අයියේ මම යන්නම්
      හිතේ තරහක් නොවෙන්නම්
      ළඟ නැතත් පෙම රකින්නම්
      මතු බවේ ඔබේ වෙන්නම්

  7. .. අනේ අක්කේ මොකක්ද මේ කතාව කියවල මගේ පපුව හෝස් ගාලා ගියා. හිතට නම් පට්ටම දුකයි.. මටත් ඒ වෙලාවේ දැනුනේ මේ වේදනාව ඉවසනවට් වඩා මැරෙන එක සැපයි කියලා…
    මන් දන්නවා මේ දේ කරන්න ඇත්තේ දෙනෙත්.
    මට මේ කතාව කියවද්දී අර ගායිකාවක් ඉන්නේ උමාරිය කියලා එයාට වෙච්ච සීන් එකකුත් මතක් වුණා…
    ඒක ස්වර්ණවාහිනී නිවුස්වල පෙන්නද්දි පොලිසියෙන් කිව්වා මේ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා…
    හැබැයි මේ දෙනෙත් ටනම් පොලිසියෙන් නෙමෙයි කර්මයෙනුයි දඩුවම් හම්බුවෙන්න ඕනි…
    ඇයි කොල්ලෝ ඇත්තටම මෙහෙම….
    බොරු කියන්න ඕනි නෑ ඇත්තටම පපුව චුට්ටක් රිදෙනා වගේ ඒ තරම් දුකයි…
    බයවෙන්න එපා වැරදි කරපු හැමෝටම දඩුවම් ලැබෙයි ඒ කාලේ ඉක්මනටම එයි,.
    ඒ වගේම මං බලාපොරොත්තු වෙනවා දෙනෙක්ට දඩුවම් ලැබෙන හැටි ඔයා ලස්සනට විස්තර කරයි කියලා…
    ඇත්තටම කතාව සුපිරි අක්කෙ පට්ටයි. නියම කතාවක්ම. ම මාරම ආසාවෙන් කියෙව්වෙ කොටස් දහනම යි මං කියවලා තිබ්බේ.අද තමයි කොටස් දහනම ඉඳන් විසි ගණන් වෙනකම්ම එක පිට කියෝගෙන ගියේ. ඉතින් ඒක නිසා කතාව හිතට සුපිරියටම ඇදුනෙ ඇයි නියම කතාවක් කැමැත්තෙන්ම කියපු කතාවක්… සුභ පැතුම් අක්කෙ….
    තව දේශිත කරේ මහා බලු වැඩක් පොඩ්ඩක්වත් හොයන්නේ බලන්නේ නැතුව අර කෙල්ලට බැන්න…
    ඒ උනාට ඉතිං ඒ වෙලාවේ හිතට දැනෙන කේන්තිය තමයි පිට කරේ…. ඒකේ ඇති වැරැද්දකුත් නෑ ඉතිං….. ඒ උනාට ටිකක් හොයල බැලුව නං ඉවරයිනේ.
    මගේ හිතටත් පොඩි කේන්තියක් එක්ක දුකකුත් හිතට ආව අද කතාව එනකම් බලන් ඉන්නවා.
    මම මේ කතාව කියෝල iwarana කම මේ කතාව ඇතුලෙ තමයි ජීවත් උනේ ඇත්තමයි.. මරුම කතාව මට මේ කමෙන්ට් එක කොහොමද ඉවර කරන්න කියලා කියන්න තේරෙන්නෑ.. තව කමෙන්ට් එක දිගට දාන්න ඕනේ ඒත් දැනටම මෙතනින් නතර වෙනවා..
    ???????

  8. අය්යෝ මොකද්ද ඒ වුනේ. විමංසා පව් අනේ… නොකරපු වරදකට නේ එයාව අහුවුනේ…. පව් අනේ මේ කෙල්ල… ඇත්තටම ඔය දෙනෙත් කියන එකා මට අහුවුනොත් නම් ඉතුරු කරන්නේ නෑ… මේ කොල්ලෝ හිතාගෙන ඉන්නේ ගැනු ළමයි කියන්නේ සෙල්ලම් බඩු කියලද? ඇයි මේ මිනිස්සු මෙච්චර පහත් වෙලා තියෙන්නේ….. ඇත්තටම අනේ මන්ද කතාව කියවද්දී මාර තරහකුයි, දුකකුයි එන්නේ දෙශිතටත් ගොඩක් දුකයි නේද? ඒත් එයාට විමංසා මේ ඉන්න තත්වේ ගැන හිතන්න තිබ්බ…. දේශිතටත් තේරෙනවා ඇති විමංසා මෙහෙම කෙනෙක් නෙමෙයි කියලා…. ඒත් බලන්නකෝ අද මොකද වුනේ කියලා… එයා පන්නනේ පාලමෙන්…. ඔය දෙනෙත් කියන එකාටනම් හොඳක් වෙන්න හොඳ නෑ…. මේ වගේ හොඳ කෙල්ලෙක් ගේ ජීවිතෙත් එක්කනේ මේකා සෙල්ලම් කරන්නේ… ඌට අවශ්‍ය වෙලාවට සුදුසුම දඬුවම ලැබයි… අනේ අක්කි විමංසව ඉකමනට හොඳ කරන්නකෝ….. අර දෙනෙත් කියන නරුමයව ඉක්මනට ඉවරයක් කරලා දාන්න ????????
    ඉතින් අක්කි ඔයාගේ කතාව හරිම අසාවෙන් කියවනවා…. පුළුවන් වෙලාවට මෙහෙම කමෙන්ට් එකක් දාල යන්න එන්නම්… ඔයාගේ මේ හැකියාව තව තවත් වර්ධනය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි!???

  9. Sleeping beauty

    ඇහෙනවද මහත්තයො
    මගේ සිත ඉකි ගගහා
    වැලපෙනා තරම
    දන්නවද මා මෙලෙස
    දුක් වෙන්න කාරනා
    මොනවාද කියා නුබ
    නොකල වරදකට අද
    වරදකාරිය වෙලා
    මුලු මහත් ලෝකයම
    පිටුපාලා ඇති නිසා
    යදින්නේ එකම එක
    ආදරනීය බැල්මක්
    පමනයි නුබෙන්
    එයත් නොලැබෙනා විට
    මං කෝම ඉවසම්ද
    නුබත් මට බනින විට
    හදවතින් තැවෙනවා
    නුබට මා නොදැනෙයිද
    හැමදාම පැතුවෙ මං
    නුබෙ තුරුලෙ උනුසුමයි
    මා මෙලෙස වැලපෙන්නෙ
    නුබත් මට නපුරු ලෙස
    වෙනස්කම් කල නිසයි

    ???විමූ???

    අනේ තේජා අක්කී..අද කතාව ගොඩාක් දුක හිතුනා..ඇස් වලට කදුලුත් ආවා..??

    විමූ පව් දෙයියනේ..ඒ කෙල්ල කොච්චර නම් විදවනවා ඇද්ද..පවුලේ කවුරුවත්ම එයා ගාව නැති වෙද්දි, දේශිත අයියත් කෙල්ල දකින දකින පාරට බනිද්දී..මට එහෙම දෙයක් වුනොත් මං අඩලම මැරෙයි..??

    දේශිත අයියා කෙල්ලට ආදරෙයි ..ඒකෙ කතා දෙකක් නෑ..ඒත් එයා හැසිරුනු විදිය නම් අන්තිම නරකයි..එයාට තිබුනා විමූගෙ මානසික තත්වෙ ගැන හිතන්න..අනික විමූ ඇගෙනුත් ගොඩක් දුර්වල වෙලා හිටියේ..

    මට හිතෙන්නෙම සමරසිංහ සරුයි දෙනෙතුයි එකතු වෙලා ගහපු ප්ලෑනක් කියලා මේ..එදා කෙල්ලව kidnappe කරපු වෙලාවෙ සමරසිංහ කාරයා photos ගහ ගත්තද දන් නෑ..විමූ සිහි නැතුව ඉද්දී..???

    දෙනෙත් කියන අසමත් ජාතියා භංගවේවා…භංගවේවා..??උන්දට මං අටවනවා හොද බෝම්බයක් චකබ්ලාස්ට් වෙලා යන්න??..හිටපංකෝ දෙනෙතෝ.. උබව හම්බවෙයිනේ මට හතරමං හංදියකින් වත්..මං බොලාගෙ අත් කකුල් කඩනවා බෝංචි කඩනවා වගේ..??

    අනේ තේජා අක්කී..දෙනෙත්ව පොලීසියට යවන්න නම් ලෑස්ති වෙන්න එපා හරිය??..පොලීසියට බාර දුන්නා කියන්නේ නිකන් නිරුපද්‍රිතව අම්මට බාර දුන්නා වගේ..කිරි පොව පොව ඇති කරන්න හොද නෑ ඔය වගේ නයි??..ඌව නම් මරන්නම ඕනි..මට නම් පුදුම තරහක් තියෙන්නේ දෙනෙත් ගැන..නම දෙනෙත් වුනාට ඒකා අන්දයෙක්ද කොහෙද..??

    ඉතින් මගෙ අක්කී??..මං කීවනේ..මට දැනෙන්නෙ මේ හැමදේම මට ඇස් දෙකට පේනවා වගේ..ඒ තරමටම තාත්විකයි..නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ..??හරිම ලස්සනට කතාව ලියලා ඔයා..ඒ දක්ශකම නම් සුපිරී මගෙ අක්කී..???

    තව මේ වගේ ලස්සන කතා ගොඩාක් ඕනි ඔයාගෙන්..ඔයා කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි මගෙ අක්කී..පරිස්සමට සතුටින් ඉන්න හැහැමදාමත් ???

  10. අනේ මොලක්ද මේ උනෙ ??
    විමූ නොකරපු වැරද්දකට අහුවෙලා අර දෙනෙතයට හොදක් වෙන්න එපා ඌව මරන්න වටිනවනේ මොඩ හරක පොල් බූරුවා බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙ ???????????
    දෙශීත ත් පුදුම එකෙ ක් තමා විමූ ට ගැහුව එක හරි කියමුකෝ එත් දකින දකින තැන් එක එක එවා කියගෙනත් එනවා ?
    විමු පව් ඒ කෙල්ල කෝහොම දරාගන්නද මෙවා
    එ මදිවට අර නෙතූශා මට් හිතෙන්නේ එකිත් එවට සම්බන්ද වෙලා ඇති කියලා ??ඇත්තමයි එහ්ව්ම උනොත් එයාටත් හොදක් වෙන්න එපා එකී කෙල්ලෙක්ද වෙන කෙල්ලෙක්ට ඔහොම කරන්නෙ
    විමූ පාලමින් පනී කියාලා හිටුවෙම නෑ දෙශීත ට දැන් තමා විමු ව වටින්නෙ උන් අච්ච්‍ර එවා කිව්ව හින්දනේ මේ ඔක්කොම………දෙශීත ට හිටම්නෙ තිබ්බ විමූ ගැන තව නැත්නම් විමූ ට මෙහෙම වෙන්න නෑ

    අක්කියෝ විමූව කොහිම හරි සනීප කරගන්නෙ ඔනී ???
    අද මන් බලාගෙන ඉන්නවා මොනා වෙඉද කීලා….
    අද කතාව ලස්සනයි ඒ වගේම දුකයි ???????

  11. මගේ දඟ යාළුවනේ … සමාවෙන්න අද උදේ ඉදන් කමෙන්ට් එකක් වත් දාන්න මෙතනට එන්න බැරි වුනාට … මං ඔයාලාගේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා අනිවාර්යයෙන් … දැනට රශී අක්කිගේ කමෙන්ට් එකට එනකල් රිප්ලයි කලා…

    මට ක්ලාස් යන්න වෙනවා මගේ යාළුවනේ … මං ගිහින් ඇවිත් ඉතිරි හැමෝටම රිප්ලයි කරන්නම් …

    මං ගිහින් එන්නම් මගේ මැණිකලා… මට ඉතින් දහවෙනිදා පහුවෙනකම් සැනසීමක් නෑ …

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
    ආදරෙයි ඔයාලා හැමෝටම ….

  12. .කොහොමද කස්ටිය.
    සිල්ගන්නවත් ගියාද….
    ඒ.. මේ… දහම්පාසල් මේ එන ඉරිදට පටන්ගන්නවා කියන්නේ. පලවෙනි පාරට තමයි දහම්පාසල් පටන්ගන්නව කිව්වම සතුටක් දැනුනේ….

  13. කෝ අනී අද කාලුත් නැද්ද ……..නිශූ අක්ක ,සිතූ අක්කා අවී.අඅක්කි ,රුවී අක්කි ,තරූ අක්කි එහෙම ??? නම් නැති අය සොලි හිදද මතක් උන අය විතරයි කිව්වෙ ??

  14. Avi 1999 (kandy)?

    නිෂු මැණික , සින්ඩි මැණික, සිතු මැණික , රූ මැණික ,තරූ මැණික කොහොමද ඔයාලට මැණිකලා ??

      1. Avi 1999 (kandy)?

        මගෙ රූ මැණික මොකො අවුලින් ??
        අක්කිනම් හොදින් ඉන්නවා මැණික ??

          1. ඒමද අක්කියෝ ………බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙන්න මගේ අක්කියෝ ……….???

    1. අවී අක්කියෝ මන් හොදින් ………..ඔයාට කොහොමද මගේ අක්කි මැණික ………. ????

          1. හා අක්කිත් හෙල්ප් එකක් දෙන්න ඕනී

  15. කොල්ලා = බබා ඔයා ලෑස්තියි ද මන් එන්න හදන්නෙ
    කෙල්ල = ටිකක් ඉන්න බබා මන් මෙකප් දානවා
    කොල්ලා =අනේහ් ඔයාට මෙකප් හරියන්නෙ නෑ
    කෙල්ල = අනී පැටියෝ ඔයාට මාව එච්චර ටම ලස්සනයි ද …
    කොල්ලා =නෑ කරනවන්ම් ඔයාට හරියන්නෙ ප්ලාස්ටික් සැත්කමක් තමයි
    කෙල්ල =??????????

          1. ?Tharushi? Jayawardhana

            ඒකම්නි කෙම්ල පැනම්ලවත් ගිහිම්ද?

          2. අනේ අම්මේ මුන්ට හිතෙන දේවල්……….???

  16. ගෙදර හිටිය රෝස කැකුල රොසා
    කොමල අගර දගර දාපු රොසා
    අපිත් එක්ක හරි යාලුයී රෝසා
    රෝසා නැතුව ගේ පාලුයි රෝසා

    1. ?Tharushi? Jayawardhana

      දිය කිදුරිය සේ සාගරේ
      දෝතින් ගෙන ආ ආදරේ…
      මහද විමනේ ආල හැගුමන්
      රුවන් රූ පිලි රූ මැවේ..

      1. ?Tharushi? Jayawardhana

        ටජ් මහලක් තනවන්න නෑ ඔබේ සෙනහසට හිමි..
        හිස් අහසේ ගෑවෙන්න තරමට හී සැරයක් බදිමි..
        (වචන හරිද මන්දා..?)?

  17. කෝ මේ අවී අක්කි රූ අක්කි බියූ අක්කි රස්තා අයියා බූබූ අයියා දග මල්ලි ???

    1. අනික් අය තරහා වෙන්න එපා ……..මන් කිව්වෙ හැමදාම වගෙ එන කට්ටිය ගැන ……..හලිද ………

    2. තව විශේෂ කෙනෙක් ඉන්නවා ……..මේ සිත්තප්පලම් ගේ අයිතිකාරිත් නෑනේ ……..???……අයිතිකාරි සිත්තප්පලම් ව දාලවත් ගිහින්ද ……???

        1. ?Tharushi? Jayawardhana

          අනේ පැටියෝ ඒකනම් හොද දෙයක්.. එතකොට ඉක්මනට සසරින් එතර වෙන්න පුලුවන්

          1. හි.හි.හි.මට දැන් මේ පාඩම් වැඩ එපා වෙලා තියෙන්නේ අක්කියෝ …………කොයි වෙලේ බැලුවත් පාඩම් පාඩම් පාඩම් …………..☹️☹️☹️☹️☹️☹️

        1. මන් තේජ් අක්කිගේ කතාවට comment එකක් දාන්න ගියා
          අද කතාව දුකයි අෆා

  18. නිශු අක්කි …….මෙන්න මුන් දෙන්න ඔයාගේ චරිත ඝාතනය කරනවා…….ඉන්න තැනකින් එන්නෝ ………….

    1. ?Tharushi? Jayawardhana

      මම්ට දැම් කෝම්ල් එම්කක් ආවා.. නිශූ අම්කි cls යම්නවා කියම්ලා පැනම්ලා ගිහිම්ලූ…

      1. තරූ මැණික,දැන්ම ඇඳුම් ලෑස්ති කරගන්න.නිශූ මැණික ආවාම ගුටිකාල ඉස්පිරිතාලෙ යන්න ?

          1. ?Tharushi? Jayawardhana

            හා ඉක්මනට එවන්න නගා අපේ නිශූ කිරි අම්ම එන්න කලින්.. ඩයිනෝසර් බිත්තර කට්ටක් නම් ගොඩක් හොදයි?

        1. ?Tharushi? Jayawardhana

          ?මට කවුරු හරි ගැහුවොත් මන් බලන් ඉන්නෙ නෑ… එත් මේ නිශු අක්කිනේ ගුටි කන්නම වෙයි වගේ

          1. ?Tharushi? Jayawardhana

            වටු බිත්තරේ ලොකු වැඩී නගා.. ඩයිනෝසර් බිත්තරේ හොදා..

          2. නිශූ අක්ක්කකි ආපුවාම shep එකක් දාමු මන් උදව් කරන්නම්

        2. ?Tharushi? Jayawardhana

          කවුරු හරි මට ගැහුවොත් නම් බලන් ඉන්නෙ නෑ… එත් මේ අපේ නිශූ අක්කිනේ ගැහුවොත් ගුටි කම්නම වෙනෝ…

          1. ?Tharushi? Jayawardhana

            තෑම්ස් සිම්ඩි නගා.. ඔය එකක් අස්සේ හැන්ගෙන්න පුලුවන්ද මට..?

          2. ඉන්න ?????????????????????????????????????????????????????????????????මෙන්න

  19. තරු අක්කි සින්ඩි බබෝ ………මන් හෙට clz වල වැඩ කරන ගමන් ඉන්නේ………මන් පස්සේ එන්නම් හොදද ………මට ෆෝන් එක ඔබන ගමන් ගනන් හදන්න බෑ වැරදෙනවා…….ඒකයි හාද ..තලා වෙන්න එපා හොදද ……..

    1. ?Tharushi? Jayawardhana

      හරි සුද්දෝ ගනන් හදලා පුලුවන් නම් මේ පැත්තට වඩින්න..

  20. ?Tharushi? Jayawardhana

    අවී ඇන්ටි,රූ සිරියාව,සින්ඩි පුන්චි……….. කෝ කස්ටිය(ඔක්කෝගෙම නම් නෑ අර හිස්තැනට ඒ නම් දා ගන්න)

        1. ?Tharushi? Jayawardhana

          සින්ඩියෝ නිශු අක්කි දකුනු පලාතේ පිරිමි දරුවෙක් සමගලු පැනලා ගිහින් තියෙන්නේ…?

          1. ?Tharushi? Jayawardhana

            හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

          1. ?Tharushi? Jayawardhana

            නෑ පුන්චියෝ කන්න යන්න ඕනි

          2. කෝ අක්කියෝ නිශූ අක්කි ආවොත් එවරයී??

          3. අක්කියෝ මන් පොල් කෙන්දක් අස්සෙ හැන්ගිලා ඉන්නා අක්කි ආවොත්

          4. ?Tharushi? Jayawardhana

            අර කිව්වත් වගේ නිශු අක්කි අවෝත් දුවන්න පාරකුත් නෑ

    1. ?Tharushi? Jayawardhana

      කෝ ඒ පාර අනිත් අය රූ සිරියාව, අවි අක්කිත් හිටියා නේද..?

      1. ඇයි අක්කියෝ නිශූ අක්කි ගැහුවොත් අපිට පෙට්ටිය ක් වෙන්කර ගන්න වෙයි

        1. ?Tharushi? Jayawardhana

          හ්ම්ම්ම්?? මෙහ් අවී අක්කි ඇතුලු අනිත් හැමෝම සිල් අරන්ලූ ඒකලූ ඇප් එක පැත්තේ ආවේ නැත්තේ..

          1. හෑ අපි විතරද සිල් ගත්තෙ නැත්තෙ

  21. මන් ටාර් ගාලා කාලා එන්නම් අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      1. ඒත් කමක් නෑ චූටියෝ … ගියේ නැත්තම් ඒක පාළු වෙයිනේ … අපි ඒකේත් ටිකක් ඉමු…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.