Katha Ahura

? පෙමක මහිම ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

5/5 - (1 vote)

වට්ස් ඇප් මැසෙජ් සංවාදයක්

අනූ : මේ අද මොනාද කලේ බන්.

තාරු : මොනාද ? මොනාද කියලා අහන ලස්සන.මොනාද නොකලේ කියලා අහපන්.

අනූ : හරි හරි. තුදූ…….. දැන් වත් කියන්නකෝ…… මොනාද අද කලේ කියලා.

තාරු : එපා කියද්දි අර ගස් ගෙම්බගේ පාර්ටි එකට ගිහින් ඇවිත් මට මෙතන බටර් ගානවා.

අනූ : හරි හරි. ඔයා මගේ සූටි මැණිකනේ නෝට්ස් ටික එවහන්කෝ…….

තාරු : හා…..

අනූ : අනේ මගෙ සුදු බෝලේ.

තාරු : අනේ පලයන් යන්න.

—————————————————————————

අනූ කියන්නෙ A/L කරන්න ආපු ස්කොලෙන් හම්බුන හොඳම යාළුවා.කෙල්ල ගියේ සිහිනගේ බර්ත් ඩේ පාර්ටි එකට.මටත් ඉතින් ඉන්වයිට් කරා කොහේ යන්නද.අපේ ගෙදරින් මට දණ්ඩ නීති සංග්‍රහයම දාලා තියද්දි. ඒවා ඉතින් හීන තමා.කැම්පස් යන නිසා තමා මෙහෙම හරි නිදහසක් තියන්නෙ….ඒක නිසාම හිත හදාගෙන ඉන්නවා…..
අනුයි මායි සිහිනයි A/L කොමස් කරලා තුන් දෙනා එකටමයි ජ’පුර කැම්පස් ආවේ.අපිට කැම්පස් එකේ වගේම ස්කොලෙනුත් කිව්වෙ තුන් කට්ටුව කියලා. ඒ තරමට අපි තුන් දෙනා එකතුයි.

කැම්පස් එකේ තෙල් බැම්මෙ වාඩි වෙලා මනෝපාර ගහන් හිටපු මට බකට් පෙරලුවේ වෙන කවුරුත් නෙමෙයි. මගේ සංසාරගත කර්මය අනුවා තමා.

” අම්මෝ…… බන් මොනාද අප්පෙ ඔච්චර කල්පනා කරන්නෙ.අවින්ක ගැනද.”

“අනූ මං උබට කී පාරක් කියලා තියනවද ඔය නම මට මතක් කරන්නවත් එපා කියලා. මං කල්පනා කරේ වෙන දෙයක් ගැන.”

මං එහෙම කියලා අනූට ගස්සලා අනිත් පැත්තට හැරුනා.

” ආ………… මෙන්න මෙයාට කේන්ති ගිහින්.හරි හරි ඒවා වැඩක් නෑ.අර මොකක්ද කිව්වෙ කල්පනා කරේ වෙන දෙයක් ගැන කියලා .”

ආ……….. ඒකද මෙච්චර බටර් ගන්නෙ. මං මොකක්ද කල්පනා කරේ කියලා අහන්න ගිහින් මගේ හිතත් රිද්දුවනේ කොහෙද ඉන්න උලමෙක් මතක් කරලා.
දෙන්නම් ජම්බු .

” මං කල්පනා කරේ……………”

“ඉක්මනට කියහන්කො. මොකෝ ඔච්චර අඳින්නෙ. දවල්ට කෑවේ ඉලස්ටික්ද.”

“ඔව් ඇයි.සුට්ටක් හිටහන්කො මැදින් ඇඩ් නොදා.”

“හ්ම්…….”

“මං මේ මෙච්චර කල්පනා කරේ උබලා දෙන්නා කවදා සෙට් වෙයිද කියලා.”

” මොන දෙන්නද…..”

“උබයි සිහිනයයි.”

“මං උබට කිව්වනේ ඌ මගේ හොඳම යාළුවා විතරයි.”

“ඒත් බන් උබට සිහින ආදරෙ කරන්නෙ A/L කරන කාලේ ඉඳන්නෙ….මතක නැද්ද.”

ඔන්න ඉතින් ඔය ටික කිව්වම අපේ අනුවගේ සුදු මූණ රතු වෙන්න වැඩි වෙලා ගියේ නෑ. ඔනෙම නම් විකලාංග භාගයක් යන්න ඇති.මාත් ඉතින් කකුල් දෙකට වැඳලා බෝල්ට් අයියව මතක් කරලා දුවන්න පටන් ගත්තා. අම්මෝ අනුවට කොහෙන් කෝට්ටක් හම්බෙලාද මන්දා ඒකත් අරන් මගේ පස්සෙන් දුවන් ආවා.

” තාරු නවතිනවා.මං අද………”

“අද……..අද මොනා කරන්නද ආ……………”

” අද මං ඉතුරු කරන්නෙ නෑ. තමුසෙගේ හම ගහලා හැට්ට මහනවා අද මං.”

“ඔච්චර මහන්සි වෙන්න එපා බන්.අපි ඔඩෙල් යන්.මං උබට හැට්ටයි සාරියි ඔක්කොම ………………”

කියලා ඉවර කරන්න හම්බුනේ නෑ මොකෙක්දෝ ගස් දණ්ඩෙක් පෙරලගෙන මං බිම.
ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.අපි රන්ඩු වෙවී දුවන් ඇවිත් තියන්නෙ ඉන්ජිනියර් ෆැකල්ටි එකට.

” මේ මිස් වැටිලා ඉවර නම් නැගිටිනවද ?”

අයියෝ සංසාරේ………එතකොට මං වැටිලා කල්පනා කර කරද ඉඳලද දනි පනි ගාලා මං ඉතින් සුටුස් ගාලා නැගිට්ටා.

“සොරි….”

මං ඒ කෙනාගෙ මූණවත් නොබලා බිම බලන් කිව්වා.

“ඒම කිව්වම ඔක්කොම හරිද ආ………….”

ටිකක් සැරෙන් මේ ගස් දණ්ඩා කෑ ගහන්න ගත්තා.මං ඉතින් මගේ නිහඬ බව රැකගෙන හිටියා.මොකද මං කතා කරන්න ගත්තොත් මෙයාට කන් දෙකක් පංචිකාවත්තෙන් තමා ගෙන්න වෙන්නෙ ඒ තරමටම මං හරි අහිංසකයි. මං මගේ නිහඬ බව රකින අතරේ මට ඇහුනේ අනූගෙ සද්දෙ.කෙල්ල කෝට්ටත් අරන් මගේ පැත්තට එනවා. මේ ගස් දණ්ඩා මගේ දිහාම බලන් ඉන්නවා කන්න වගේ.දවල්ට කාලා නැද්ද මංදා.

එතකොටමයි මං දැක්කෙ ගස් දණ්ඩා අතේ ෆෝන් එකක් තියනවා.දෙපාරක් නොහිතා මගේ සයිඩ් බෑග් එක දණ්ඩාගෙ බෙල්ලට දාලා අතේ තිබ්බ ෆෝන් එකත් උස්සන් මං දිව්වා.

” තාරු……. තාරු…… නවතිනවකෝ…..”

” බෑ මං නවතින්නේ නෑමයි.”

මගේ රාහු කාලෙ එච්චරටම නරක නෑ වගේ. මං දැක්කෙ සිහිනයා ඉස්සරහින් එනවා.

” සිහිනයො……සිහිනයෝ….. අනුවා මට ගහන්න එනෝ….. මාව බේරගනියෝ……”

හති දදා සිහිනගේ පිටිපස්සෙ ගිහින් හිට ගත්තෙ.මේ ගස් ගෙම්බා මොනාම හරි කරයි කියලා.

“සිහින… සිහින … ඔයා තාරුව දැක්කද. මං අද ඉතුරු කරන්නෙ නෑ .”

හති ඇර ඇර කතා කරන අනූව අඳුර ගන්න මට අමාරු උනේ නෑ.

“හරි අනූ. මං තාරුව හොයලා දෙනවා කියලා ප්‍රොමිස් වෙනවා.ඉස්සල්ලාම ඔය කෝට්ට විසි කරන්නකො.”

අනේ……. කිව්ව ගමන්ම විසි කරා…..

“තාරු එන්න දැන් එලියට.”

මං ඉතින් එලියට ආවා වෙන මොනා කරන්නද……..

“දැන් අනූ මට කියන්න ගහන්න තරම් මෙයා ඔයාට කරපු විහිළුව මොකක්ද කියලා.”

දැන් කියපන්කො. මේකට කියන්න පුළුවන්ද මං කරපු විහිළුව.

“මුකුත් නෑ .”

” ඒනම් ඇයි තාරු පස්සෙන් පැන්නුවේ.”

“නිකම්”

එතකොටමයි මගේ අතේ තිබ්බ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තෙ.අනුයි සිහිනයි ඇස් ටෙනිස් බෝල කරන් මං දිහා බලන් ඉන්නවා.

“ඔහොම බලන් ඉන්න එපා බන්.උබලා දෙන්නගෙ ඇස් බිමට වැටුනොත් ඒවා දන් දෙන්න කාලුත් නෑ.”

මං කෝල් එක කට් කරලා එහෙම කිව්වා.

“තාරු කියනවා ඔය ෆෝන් එක කාගෙද කියලා.එතකොට කෝ ඔයාගෙ සයිඩ් බෑග් එක.”

ඒ සිහින ප්‍රශ්න පත්‍තරේ.අනුත් ඒකම අහන්න ගිහින් නතර කරේ සිහින ඉස්සර උන නිසා.මං ඉතින් වෙච්ච කෙටි කතාව ශෝට් ඇන්ඩ් ස්වීට් කියලා දැම්මා.

“අනේ සිහින කෝම හරි මගේ සයිඩ් බෑග් එක අරන් දෙන්න.”

“හරි හරි. ඔය ෆෝන් එක දෙනවා මෙහෙට.ඔයාගෙ නම්බර් එක ඩයල් කරාම හරි.”

ඒහෙම කියලා සිහින ෆෝන් එක ඉල්ල ගත්තා.මං නම් වෙච්ච දේවල් වලට ගොඩක් බය වෙලා හිටියෙ.අනූ කරේ මගේ මයින්ඩ් එක් රිලැක්ස් කරපු එක.ටික වෙලාවකින් සිහින ආවා.

“මොනාද සිහින එයාලා කිව්වෙ…”

“එයාලා ඉන්නවලු තාමත් ඔයාලා දෙන්නා බිම පතබරියම් වෙච්ච තැනම.ඔයාට මතකද එතන.”

“ලාවට වගේ මතකයි.”

“හරි යමු එහෙනම්.”

එහෙම කියලා සිහින ඉස්සර වෙලා ගියා.මං අනූගෙ අත තද කරන් ගියෙ තිබ්බ බයටමයි.බය වැඩි කමට අත් දෙකට හොඳට්ම දාඩියත් දාලා.
අපි යනකොට එයා ඉන්නවා එයාගේ යාළුවො ටිකත් වට කරගෙන නිකම් ගෲප් ෆොටො එකකට වගේ.

” ආ…………… ගන්නවා. මේකනෙ ඔනේ.”

“අර ගස් දණ්ඩා ඒහෙම කිව්වම මං ගිහින් මගේ සයිඩ් බෑග් එක ගත්තා.”

“මොකද ඔළුව උස්සන්නම බැරිද.”

තවත් බයටම මං අඩියක් විතර පස්සට ගියා.

“මොකද යන්නෙ.මාවත් පෙරලන් බිම පතබරියම් වෙලා මගේ ෆෝන් එකත් උස්සලා මුකුත් නොකියම යන්නද හදන්නේ.”

අන්න එහෙම කියනකොට නම් මගේ නිහඬ බවේ සීමාව පැන්නා.

” මේ……. මිස්ටර්. මං ඔයාට කිව්වා සොරි කියලා ඇහුනේ නැත්තම් යනවා හොස්පිටල්.මෙතන කියවන්නෙ නැතුව.අනික මේ වෙච්ච හැම දෙයක්ම අත් වැරදීම් වගේම අහම්බෙන් සිද්ධ වෙච්ච දේවල්. ඒ සිටුවෙශන් එකේ කරන්න තිබ්බ හොඳම දේ තමා මං කරේ.ඒවා කොහේ තෙරෙන්නද මේ ගණන් මැට්ටන්ට.මොකො ඉකොන් වල ආවස්ථික පිරිවැය ඉගෙන ගෙන තියනවද ආවස්ථික පිරිවැයෙන් හොඳම විකල්පය තෝරන්න.”

” ඇති ………. නවත්තගන්නවා.”

ගස් දණ්ඩා එහෙම කියලා මං දික් කර කර කතා කරපු දඹර ඇඟිල්ල අල්ල ගත්තා. අන්න එතකොට නම් පලවෙනි පාරට මට මේ ගස් දණ්ඩාගේ මුහුණ බැලුනා.ඒත් මටම පුදුමයි ඒ මූණ දැකලා මං ෆේයින්ට් නොවී බේරුනා.
ඇස් වලට කඳුලු ඉනුවෙ හරි ඉක්මනට කියා ගන්න බැරි දුකක් හිත ඇතුලෙ හිර වෙද්දි ඒත් එක්කම ආපු කේන්තියට මං එයාගෙ අත ගසලා දැම්මා.

” අවින්ක ඔයා……….”

හිතේ තිබ්බ දුකයි කේන්තියයි මං පිට කරේ මං දකින්න ආසම නැති කෙනාගෙ නම කියලා.

“ඔව් තාරු.මේ ඔයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් අවින්ක.”

” නවත්තගන්නවා ඔය බොරු කෙරිල්ල දැන් වත්.මට එහෙම කෙනෙක් හිටියා ඒත් එයා දැන් මැරිලා. ඔව් ඔයා ජීවත් උනාට මගේ ජීවිතෙට ඔයා මැරිච්ච කෙනෙක්.අපි යමු අනූ.”

අනුයි සිහිනවයි මං එක්කන් එන්න හැදුවේ.

” එහෙම කියන්න එපා තාරු……”

මං ඉන්න සිටුවෙශන් එක තෙරුම් ගත්ත අනූ මාව එක්කන් යනකොට සිහින එතනම නතර උනා.
හිතට දැනෙන දුක අච්චරයි මෙච්චරයි කියලා කියා ගන්න බැරි තරම්.බෝඩිමට ආපු ගමන්ම කරේ අනූව බදන් අඬපු එක අනූ එක නවත්තන්න ගියේ නෑ.මොකද කෙල්ල දන්නවා නවත්තන්න උත්සහ කලොත් මං ඊට වඩා අඬනවා කියලා.

මගේ මතකය ගියෙ මීට අවුරුදු 06 ට කලින් අතීතයට.

—————————————————————————

මං එදා ස්පෙශල් ක්ලාස් ගිහින බස් එකේ එන ගමන් හිටියේ.ස්පෙශල් ක්ලාස් කිව්වෙ ඒක වැටෙන්නෙ මාසෙකට සැරයයි ටිකක් දුර තමා ක්ලාස් එක තිබ්බෙ.ඉතින් එදා යාළුවො කාලුත් හිටියේ නෑ.තනියම තමා ගෙදර එන්න උනේ.බස් එකෙ යද්දී මගේ එහා පැත්තෙන් වාඩි උනේ මගේම වයස කියලා හිතන්න පුළුවන් කොල්ලෙක්ව.

“හලොව්…”

මං ජනේලයෙන් එහා පැත්ත බලන් හිටියේ.කතා කරාම මාත් ඉතින් හැරිලා බැලුවා මොකද කියලා අහන්න වගේ.

“මේක ඔයාගෙද.”

හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරද්දී මට තවත් ඔරවන් ඉන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.මං දිහාට දික් කලේ මගේ ෆෝන් එක

“තැන්ක්ස්.”

“යුවර් වෙල්කම්.”

“ඔයාගෙ නම මොකක්ද ? මං අවින්ක.”

ඒම කියලා මෙන්න මේයා මට හැන්ඩ් ශේක් කරා.ඒ පාර මෙ කටුස්සා මොකටද එන්නෙ කියලා මං කල්පනා කරා. වෙන දෙයක් වෙද්දෙන් කියලා. මාත් හැන්ඩ් ශේක් කරා.

” මං තාරු.”

” මේ……….. ඔයා කැමති නම් අපි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙමුද? ”

ඒ පාර නම් මං මහ සැක සහිත බැල්මක් හෙ‍ළුවා.

” ඔයා කැමති නම් විතරයි.අපි ආශ්‍රය කරලා බලමු.මාව යාළුවෙක් විදිහට ඔයාට ගැලපෙන්නෙ නැත්තම් අපි මේක නවත්තමු.මේ තියන්නෙ මගේ නම්බර් එක. මං එහෙනම් මෙතනින් බහිනවා තාරු එහෙනම්.පරිස්සමින් ගෙදර යන්න.”

මට හිතන්නවත් ඉඩක් නොතියා අවින්ක ගියා.
උන හැමදේම ගෙදර ඇවිත් කිව්වේ අනූට. අනූ නම් කිව්වෙ කැමති නම් කතා කරලා බලන්න කියලා.ඉතින් අපි දෙන්නා බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා උනා හිතුවටත් වැඩිය ඉක්මනට.එයා කරේ මැත්ස් මං කරේ කොමස්.ඒත් එක දවසක මං දාපු මැසෙජ් එකකටවත් රිප්ලයි නෑ. මං හිතුවෙ වැඩ ඇති කියලා. ඒත් මං දාන මැසෙජ් සීන් කරා විතරයි මට එක රිප්ලයි එකක්වත් හම්බුනේ නෑ.මෙහෙම මාස ගානක් උනා ඒත් මං පුළුවන් තරම් උත්සහ කලේ මේ රිලෙශන්ශිප් එක් රැකගන්න ඒත් එයාට ඔනේ උනේ නෑ.

සමහරවිට….
අද නුඹට නොතේරුනාට
මේ බැඳීමේ වටිනාකම
දවසක නුඹට තෙරෙයි
නුඹේ වෙනස් වීම්
උහුලග්න්න බැරිම තැන
අකමැත්තෙන් හරි මට
වෙනස් වෙන්න වුනු බව
එපා පසුතැවෙන්නට
ළඟ තියද්දි රැකගන්න
බැරි උන එකට….

අනූ ගොඩක් මහන්සි උනා මාව නොමල් කරන්න.ඇත්තටම කෙල්ලට මේ පිනම ඇති කෙල්ලට හරියන්න.අද කැම්පස් ඉන්නෙ මං අනූ නිසා. කෙල්ල නැත්තම් මං අද මෙහෙ නෑ එහෙනම් මං රට. මොකද ගෙදරින් කැමති උනේ නෑ මං කැම්පස් යනවට එයාලට ඔනේ උනේ මාව රට යවන්න. ඒත් අනූ දැනන් හිටියා මං කැම්පස් යන්න කොච්චර ආසද කියලා ඒක නිසාමයි අනූ ගොඩක් මහන්සි උනේ මාව නොමල් කරන්න. මේ වෙච්ච හැම දෙයක්ම සිහිනත් දැනන් හිටියා.
සිහිනව මතක් කරනකොටම සිහින අපේ බෝඩිමට එනවා මං දැක්කා.
මං කඳුලු පිහිද ගත්තේ ඇඬුවෙ නෑ වගේ ඉන්න.ඒත් මගෙ කඳුළු හංගන්න පුළුවන් උනාට මං ඇඬුවේ නෑ කියලා හංගන්න මට බැරි උනා මොකද ඒ වෙනකොට මගේ ඇස් දෙකම ඉදිමිලා තිබ්බෙ.

“තාරු.”

“කියන්න සිහින.”

“මං එයා එක්ක කතා කරා.”

“ඉතිං…”

“ඔන්න එයාම ඇවිත් ඉන්නවා. ඔයා එක්ක කතා කරන්න කතා කරනවද?”

“හා….”

බෝඩිමට අවින්ක එනවත් එක්කම අනුයි සිහිනයි එලියට ගියා.

“තාරු…..”

“කියන්න අවින්ක.මෙච්චර දවස් එපා උන මාව අද ඔයාට කතා කරන්න තියන්නෙ මොනාද ?”

“මෙ අහන්න තාරු…..”

“කියන්න.”

“ඔයා හොඳටම දන්නවා අපදෙන්නටම නිදහස කියන දේ ගෙවල් වලින් නැති බව.අනික ඔයා පොඩි දේ ගැනත් මහ ලොකුවට හිතනවා . එක වචනයකට පුළුවන් ඔය බෝල ඇස් ඉක්මනට තෙමන්න.අනික් ඔයාගෙ පස්සෙන් කොල්ලො එන්කොට ඔයා කොච්චර මෙන්ටලි ඩවුන් උනාද. එයාලා පස්සෙන් එන්න ගත්තම එක ඔයාට වදයක් උනා මොකද ගෙදරට කිව්වොත් අනිවාර්යයෙන්ම ඔයාව ක්ලාස් වලින් වගේම ස්කොලෙනුත් අයින් කරනවා කියලා දැනන් හිටපු නිසා ඔයාට ඔනෙ උනේ තනියම මේවා විස‍ඳ ගන්න .ඔයාගේ පේපර් වල මාක්ස් අඩු උනා සර්ලා ප්‍රශ්න කලා එක පාර ලකුණු අඩු වෙන්න හෙතුව මොකක්ද කියලා .ඊට පස්සෙ තමා මං ඔයාට කිව්වෙ ඔයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ව bf විදියට එයාලට කියන්න කියලා .ඒක ලොකු සහනයක් උනා ඔයාට .”

“අවින්ක දැන් ඇයි ඔයා මගේ අතීතය මතක් කරන්නෙ ?. මේ කිසිම දෙයක් මට අමතක නෑ අමතක කරන්න පුළුවන් දේවල් ද උනෙ ?”

“හරි තාරු මං දන්නවා ඒත් මේ හැම දෙයක්ම කිව්වෙ ඔය ටික නොකිව්වොත් මං කියන්න යන දේ සම්පූර්ණ නැති නිසා .”

“හ්ම් කියන්න .”

“ඔයා හැම තිස්සෙම වගෙ එක එක විකාර කෙරුවා.වැරද්දක් කරාම අම්මට වැඩිය බනින්නෙ ඔයා .බනින නිසාම හංගනවා . ඒත් වැරදිලා කටින් එලියට පැන්නාම ඊට වඩා බැනුම්. පස්සෙ පස්සෙ ඔයාට කේන්ති ගියාම එක එක ඉන්ග්‍රිශ් සොන්ග්ස් වල ලිරික්ස් දානවා ss ගහලා . ඇත්තටම ඉවරයක් නැති කියවිල්ලටයි .ඔයාට කේන්ති ගියාම හැසිරෙන විදියයි මාව පිස්සෙක් කලා.ඇත්තටම කිව්වොත් මං ඔයාට ආදරෙ කරන්න පටන් අරන් තිබ්බා . ඒක දවසින් දවස වැඩි උනා මට ඒක පාලනය කරගන්න බැරි උනා .මේක ඔයාට කිව්වොත් ඔයාගෙ මානසික වැටීම් ගැන මං බය උනා .ඒක නිසාම මං ඔයාව ඈත් කරන්න ගත්තා .ඇත්තටම එදා ගත්ත සොලුශන් එක් වැරදි කියලා තෙරුනෙ අද?.

“අද……….. මොකක්ද ඒ කතාවේ තෙරුම”

“ඔව් අද. ඔයා මගේ ඇගෙ හැප්පුන වෙලාවේ මට හිතාගන්න බැරි උනා මේ ඔයාමද කියලා. ඒත් ඔයාගෙ යාළුවා ඔයාගෙ නම කිය කිය පස්සෙන් එනකොට මං දැනගත්තා මේ ඔයාමයි කියලා ඒත් නිකමට වත් ඔයා මගෙ මූණ දැක්කෙ නෑ. ඒත් ඔයා බෑග් එක ගන්න අයෙමත් අපුවහම. ඔයා මාව දැක්කා . ඊට පස්සෙ මට සිහින හැම විස්තරයක්ම කිව්වා. ඔයා මට හංගපු දේවල් පවා.”

” මං ඔයාට කිසි දෙයක් හංගලා නෑ …..”

“නෑ නෙමෙයි ඔව්. මං ඔයාව මඟ හරින්න ගත්ත මුල්ම දවස් වල ඔයා ඉඳලා තියන්නෙ හොස්පිටල් එකේ. ඔයාට ගොඩක් අමාරු වෙලා තියනවා.අදටත් ඔයාට ජීවිත අවදානමක් තියනවා නේද . මොකද ඒ ලෙඩෙ ඔයාට හැදිලා තියන්නෙ දෙවනි පාර . ඒ කිසිම දෙයක් ඔයා මට කිව්වෙ නෑ . ඒවගෙම ඔයා එදායින් පස්සෙ කිසිම යාළුවෙක් එක්ක හරියට කතා කරලත් නෑ .මං දන්නවා මං කරේ කිසිම විදිහකින් සමාව දෙන්න බැරි වරදක් බව. ඒත් ඔයාට පුළුවන් නම් විතරක් මට සමාව දෙන්න.”

” මං අල්ල ගත්ත දෙයක් අතරින්නෙ නෑ වගෙම අත ඇරපු දෙයක් අල්ල ගන්නෙත් නෑ . ඔයාට මට සමාව දෙන්න පුළුවන් උනත් මට ආයෙ ඔයාට අවස්ථාවක් දෙන්න බැරිවෙයි.”

“කමක් නෑ තාරු.ඔයා මට සමාව දුන්නනෙ මට ඒ ඇති. මං යනවා තාරු”

මං කිසිම හැඟීමක් නැතුව අවින්ක යන දිහා ඔහේ බලන් හිටියා. එයා ගිහින් ටික වෙලාවකින් වගෙ අනගියි සිහිනයි ආවා.

“මොකක්ද බන් ඒ කලේ.සමාව දෙන්න පුළුවන් නම් ඇයි බැරි උබලට යාළුවො වෙන්න”

ඔන්න සිහිනයාගෙ ප්‍රශ්න පත්තරේ පටන් ගත්තා.

” මට ආයෙ අවස්ථාවක් දෙන්න බෑ එයාට ..”

“එහෙම කරන්න එපා තාරු”

” ම්ම් බලමු”

ඊට පස්සෙ කවුරුත් කතා කරේ නෑ.
ඒත් එක පාරටම මගෙ ෆෝන් එක රින්ග් උනා. සේව් කරපු නැති එකක් නිසා කට් කරා. ඊට පස්සෙ මට ටෙස්ක් එකක් ආවා.
ඒකෙ තිබ්බෙ
” මං අවින්ක ප්ලීස් ගිහින් වට්සැප් එක බලන්න කියලා ”

මාත් ඉතින් ගිහින් බැලුවා ඒකෙ තිබ්බෙ විඩියෝ එකක් මට තැන්ක්ස් කරලා
මං වෙල්කම් කියලා ෆෝන් එක ඔෆ් කරා.
මං උදේ එලි වෙනක්ම් කල්පනා කරේ ආයෙමත් අවස්ථාවක් මට අවිනකට දෙන්න පුළුවන්ද කියලා . අන්තිමට මං තීරණයක් ගත්තා ඒයාට මං අවස්ථාවක් දෙන්න.

පහුවෙනිදා උදේම නැගිලා ලෑස්ති උනේ කැම්පස් එකට් යන්න.මායි අනුයි යනකොට.අවින්ක ඉන්න්වා අපෙ ෆැකල්ටි එකට යන තැන.
මං එයාව මගඇරලා ගියේ ලෙච්චස් වලට.අනූ නම් මට බැන්නා ඒත් මං කරන්න යන දේ කිව්වම කට වහන් හිටියා.
කැන්ටිම වඳින්නෙ යන්නෙ කොයි වෙලාවට කියලා මං බල බල හිටියෙ.කොමින් කෝම හරි බන්ඩි ෆුල් වෙන්ක්ම් කලා මං ගියේ ඉන්ජිනේරින් ෆැකල්ටි එකෙ මං අර මිහිකත නමස්කාර කරපු තැනට. මං යනකොට අවින්ක ඉන්නවා යාළුවො එක්ක මං එනවා දැකලා එයලා ටික සොවාන් උනාද කොහෙද .

“ඇයි තාරු මෙහෙ”

“මං ආවේ උදෙ මොකටද මාව හම්බෙන්න ආවෙ කියලා අහන්න.”

“මං….. මං ආවෙ ඔයාව හම්බෙන්න නෙමෙයි මගෙ කෙල්ලව ඇරවන්න.”

“අහ් එහෙමද සොරි එහෙනම් මං යනවා.”

එහෙම කියලා මං යන්න හැරෙනකොට මගෙ අත අල්ල ගත්තා.

“ඔහොම ඉන්න. මං ආවෙ ඔයාව හම්බෙන්න තමා”

” ඒ මොකටද”

“අයේ ඔය ජිවිතෙ ඉඩක් දෙන්නම බැරිද?”

“දෙන්න පුළුවන් ………”

“ඔය ඇත්තමද තාරු”

“ඕඕඕඕඕඕඕඕඕඔ”

“අම්මො මේක නම් අයිස්ක්‍රීම් ලීටරයක් කාලා සමරන්න ඔනේ”

” ලීටර නම් එපා අවින්ක මට කොනෙටො හතරක් තිබ්බොත් හොඳටම ඇති .”

” එන්න යමු අයිස්ක්‍රීම් පෙරෙතී”

මායි අවිනකයි ගිහින් ඇති වෙන්න අයිස්ක්‍රීම් කෑවා අන්තිම එක කනකොට අනු සිහින අවින්කගෙ යාළුවො ඔක්කොම කන්න වගෙ බලන් ඉන්නවා.

” අවින්ක ….. බලන්න මෙතනට මියුසිශියන් කෙනෙක් ඇවිත් ද කියලා ”
එම කිව්වම නම් අවින්කට හිනා.

“මියුසියන්ලා නෙමෙයි මෙතන අපි දැක්කා රෝස් ඇන්ඩ් ජැක් ඉන්නවා”
ඒ කිව්වෙ අවින්කගෙ යාළුවෙක්

“ජැක් නම් මෙතන ඒත් රෝස් අතන පොතක් අතේ තියන් හොරෙන් බලන් ඉන්නවා”
මං පෙන්නුවේ ටිකක් එහායින් හිටිය ගෑනු ළමයෙක්. ඒක කිව්වම නම් අවින්කයි අවින්කගෙ යලුවොයි ඇස් දෙක බාස්කට් බෝල කරන් මං දිහා බලන් හිටියා.

” ඔයා…. ඔයා…… කොමද දන්නෙ තාරු”

“මංද……. ඔයාගෙ ෆෝන් එක උස්සපු වෙලාවෙ”

එක කිව්වම හැමෝම හිනා උනා.ඊට පස්සෙ හැමොටම අයිස්ක්‍රීම් අරන් දිලා මං ගියෙ අර ගෑනු ලමයා ගාවට.

“මං මෙතනින් ඉඳ ගන්නද….”

“හා…….”

“ඔයා සෙකන්ඩ් ඉයර් එකෙද.”

“ඕඕඕ ඔයා කොහොමද දන්නෙ”

“ඔයාගෙ මූණ දැක්කම කියන්න පුළුවන් ”

“හ්ම්”

“අර ඔයාගෙ බොයිෆ්‍රෙන්ඩ් නේද ”

“හ්ම්”

“ආපෝ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හොයන් තියන්නෙ බස්සියක්වනෙ.මෙ අහන්න නංගී මං එයාගෙ හොඳම යාළුවා A/L කරන කාලෙ ඉඳන් කොමද කියලා අයියගෙන් අහගන්න.ඔයා අකමැති නම් අයියා මේ වගෙ රිලෙශන්ශිප් එකක් තියාගන්නවට මට කියන්න මං අයියට කියන්නෙ නෑ ”

“මොන කෙල්ලද අක්කා කැමති තමන්ගෙ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා දකින්න.යාලුවො වෙලා හරි ”

“හරි නංගී මට තෙරෙනවා.මං යනවා නංගී කෙහෙ හිටියත් දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න.”

එහෙම කියලා මං ආයෙ ආවෙ යාළුවො ටික අයිස්ක්‍රීම් කකා හිටපු තැනට.අපි හැමොම බොඩිමට ආවා.ඊට පස්සෙ මං අවින්ක එක්ක කතා කරේම නෑ . නිතරම එයාව මඟ හැරියා.අනුයි සිහිනයි ඇති වෙන්න බැන්නා.ඒත් මං ඒවා ගනන් ගත්තෙ නෑ .

අවුරුදු 04 ට පසු.

මං ලංකාවට ආවා. මං මගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරාට පස්සේ ඔස්ට්‍රේලියා ගියා. අද ලංකාවට ආවෙත් ලබන සතියෙ අනුවගෙයි සිහිනයගෙයි වෙඩිමට.

ඒ සතිය ගෙවිලා ගියේ හරිම ඉක්මනට.
මං ගියේ ලෝන්ග් බ්ලූ කලර් ෆ්‍රොක් එකක් ඇඳලා මගේ ඉන ගාවට වෙනක්ම් දිග බ්‍රව්න් කර්ල් කොන්ඩෙ කඩලා දාලා.සූටි සිම්පල් මේක් අප් එකක් කරලා.

පල්ලියේ පූජාව ඉවර උනාට පස්සෙ ගියේ හොටෙල් එකට.ස්කොලෙ යාළුවො ගොඩක් හම්බුනා.එයාලා එක්ක කතා කර කර ඉද්දි මං දැක්කෙ කොනෙම මෙසයකට වෙලා මං දිහා කන්න වගේ බලන් ඉන්න අවින්කව.මං ඒ ගමන්ම ගියේ අනුයි සිහිනයි ගාවට.ගිහින් දෙන්නගෙම මැද්දෙන් මං ඉඳ ගත්තා.

“මොකද බන් කොල්ලෙක්වත් ආවද උබේ පස්සෙන්.”

“නෑ අනු.මේ පාර්ටි එකෙ එකෙක්ට මාව කෑමක් වගේ පේනවා. ඒකයි ආවේ.”

“උබ දිහා බලන් හිටියෙ එක්කෙනයිද.මං දැක්කා පාර්ටි එකට ඇවිත් ඉන්න ගොඩක් කොල්ලො උබට පැණි හලනවා.”

“අනේ යනවා යන්න.මේ සිහින උබ කට ඇරියොත් කියන්නෙ මහ………”

“මහ මොකක්ද මහ………… මෙතන ඒන්ජල් කෙනෙක් වගේ……”

එතකොටමයි මගේ ෆෝන් එක රින්ග් උනේ.

“මං උබ ගැන පස්සෙ බලාගන්නම් සිහිනයෝ.එතකන් දෙන්නා එක්ක මලක් කඩහන්.”

“මල් ගහේ මල් ඉවරයි හලෝ.”

“මල් බැරි නම් ඕන ක්ලෝත් එකක් කඩා ගන්නවා. මං යනවා.”

මට කෝල් එක ඇවිත් තිබ්බෙ නංගිගෙන් ඒයාට පාලුයි ගෙදර එන්න කියලා.එයා එක්ක මං ටික වෙලාවක් එලියට වෙලා කතා කරා.ඊට පස්සෙ ගාඩ්න් එකෙ තිබ්බ බෙන්ච් එකක වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.අද අහසත් මං වගේමයි කියලා හිතුනේ ඒ අහස හිස් නිසා. ටික වෙලාවකින් කවුද පිරිමි කෙනෙක් නෑ කොල්ලෙක් මං ඉඳන් හිටපු බෙන්ච් එක එහා පැත්‍තෙන් වාඩි උනා. මං යන්නයි හැදුවේ ඒත් හිටපු කෙනා මගේ අත අල්ල ගත්තා.මට ඉබේටම එයාගේ මූණ බැලුනා.

“අවින්ක. ඔයා………”

“ඔව්. මං තමා. මාව ම‍ඟ හරින්න හේතුව මං දන්නවා.”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්”

“ඇයි ඔයා ඒ කෙල්ල කියන දේ ඇහැව්වෙ. එ කෙල්ල මහ බොරු කාරියක්.”

“මොකා……ක්”

“ඔව්. ඒ කෙල්ලට හිටියේ මං විතරක් නෙමෙයි.ඒක දැනගන්නකොට ගොඩක් පරක්කුයි.මං අනූගෙ ගෙදර ගියා. එතකොටයි දැනගත්තෙ ඔයා රට්ද් ගිහින් කියලා. ප්ලීස් මාව තවත් මඟ හරින්න එපා.”

අන්තිම වචන ටික කියනකොට අවින්කගෙ හඬ බිඳලා ඇස් වල් කඳුලු පිරිලා තිබ්බා.

” මේ අහන්න අවින්ක.ඔයාගේ සතුට තිබ්බෙ එයා ළඟ. ඒකයි මං ඔයාව මඟ හැරියේ.ඒක හිතන තරම් ලේසි නෑ . ඔයාව මඟ හරින ඔනෙ නිසාමයි මේ හැමදේම අතහැරලා මං ඔස්ට්‍රේලියා ගියේත්.”

“ආයේම මාව කවදාවත් මඟ හරින්නෙ නෑ නේද.”

“ප්‍රොමිස්. කවදාවත්ම නෑ .”

=======================================================================
කඳුළු ඔබේ ප්‍රශ්නය පහසු කරන්නෙ නැත.
කෝපය ඔබේ ප්‍රශ්නයට විසඳුම වන්නේද නැත.
සිත් රිදීමෙන් නොලැබුනු දේ නැවත ලැබෙන්නේද නැත.
එහෙත් ඉවසිම මෙ සියල්ල දරා ගැනිමට ශක්තියක් වනු ඇත.

මේ මගේ පළවෙනි කතාව.
වැරදි අඩුපාඩු ගොඩක් ඇති.
ඉතින් ආදරණීය දඟ පවුලගෙන් මෙ සෙකට්‍රියා ඉල්ලන්නේ ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා.

56 thoughts on “? පෙමක මහිම ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020”

    1. ලුවී නංගා ඔයාදෙ මේ කතාව.. writer ගේ නම දාලා නැනේ… මාරම ලස්සනයි කතාව… තවත් මේ වගේ කතා ලියන්නෝ… සුභ පැතුම් ඔයාට… පරෙස්සමින් සතුටින් සනීපෙන් ඉන්න…
      තෙරුවන් සරණයි !…
      ❤️❤️❤️

      1. ස්තුතියි අයියේ..
        ස්තුතියි දුල් අක්කියෝ…
        දෙන්නටම සුභම සුභ රාත්‍රීයක්…
        ❤️❤️❤️

          1. ඔව් දුලා අක්කියො මං තමා.ගොඩාක් ස්තූතියි අක්කියො.ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි මගෙ අක්කිට.

    1. ගොඩක් ස්තූතියි Likez.
      ඔයා ඉතින් අක්කෙක්ද , අයියෙක්ද , නංගියෙක්ද , මල්ලියෙක්ද කියන්න දන්නෙ නෑනෙ එක නිසා නම කියලා කතා කරා.

  1. උක්කූං පුතා(SuMi )

    මං මොනවද මේ කතාවට කියන්න කියලා මට හිතාගන්නවත් බෑ මම හිතුවේ නෑ මගේ සෙකට්‍රි මට වඩා වැඩ කාරයෙක් කියලා.. ඇත්තටම හරිම ලස්සනයි ආදරෙන් ආදර්ශමත් හරිම දුකයි ඇත්තටම සම්පූර්ණ ලකුණු ඔයාට දෙන්න ඕනේ මොකද ඒ තරම් ලස්සනට අර්ථවත් හදවතට දැනෙන්න ලියල තියනව මේක මං කියන්නේ හදවතින්මයි..මගේ දඟ පවුලේ කොච්චර අය ඉන්නවා දක්ෂතා තියෙන ඔයාලා ඔක්කොම මේ වගේ එළියට එන්න ඇත්තටම ඇස් දෙකට කඳුලකුත් ආවා ඇත්තටම දක්ෂයි..

    ඒත් දුකයි අද අයියට දෙක කොමෙන්ට් එකක් දාන්න බෑ හරි මාන්සි මගේ සෙකට්‍රි ඔයා මගේ එකට දාපු එකටත් පොඩි එකක් මම දැම්මෙ…

    තවත් මේ වගේ සුපිරි කතා ලියන්න ඔයාට පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන් නවකතාවටත් අත තියන්න අනිවාර්යෙන්ම පුළුවන් ඔයාට..මේ කතාව මේ සතියේ හොඳම කතාව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම දන්නවා එක වේවි කියලා මොකද ඒ තරම් හරිම ලස්සනට ගැලපෙන්නම ලියලා තියෙනවා..ඔයාට ජයෙන් ජයම ඒ වගේ තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් මගේ සෙකට්‍රි

    1. අනෙ අයියේ මං මොනා කියන්නද කියලා මට හිතාගන්න බෑ ඇත්තටම කතාවක් ලියන්න හෙතුව මට ලැබුනු අභිප්‍රේරණය අයියලා වගේම මෙකෙ කතා ලියන හැමොම. ඇත්තටම අයියා මට ගොඩක් සතුටුයි .
      ඒකට කමක් නෑ අයියා. මට මේ කමෙන්ට් එක ගොඩක් වටිනවා.
      අයියගෙ ආශිර්වාදය ඇති මට.
      ගොඩක් ස්තූතියි අයියගේ වචන වලට.ඇත්තටම ගොඩා……..ක්
      අයියත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.
      කමෙන්ට් කරන්න පරක්කු උනාට සමාවෙන්න.
      තෙරුවන් සරණයි අයියට

  2. අනේ මගෙ මැණික… මේ ඔයාමද…. අනේ… හිතා ගන්න බෑ මැණික.. හරිම ලස්සනයි කතාව.. හැම වචනයක් වචනයක් ගානෙම හරිම ආසාවෙන් කියෙව්වෙ.. ඔයා ගොඩක් දක්ෂයිනෙ නංගියෝ.. මෙච්චර කාලයක් හොර පූසියෙක් වෙලා ඉදියා නේ.. ඒකටනන් දෙන්න ඕනි ගුටි… හොද වෙලාවට කතාව අදම දැම්මෙ මන් යන්න කලින්… ඔයා පසුවදනින් කියපු දේ නම් ඇත්තම ඇත්ත.. හැමකෙනෙකුගෙම ජීවිතවලට ගොඩක් වැදගත් වටින දෙයක් කියලා දුන්නෙ ඔයා…තව තවත් ගොඩාරියක් මේ වගේ ලස්සන කතා ලියන්න මගෙ නංගියට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මගේ මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා පැංචියේ.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි මැණික… බුදුසරණයි… ජේසු පිහිටයි….

    1. අනෙ මගෙ අක්කි මට දුකයි මොකද මෙ කමෙන්ට් එක දකින්න අක්කි නෑනෙ .
      ඇත්තටම අක්කි මට ගහනවද…………….. ඇත්තටම ගොඩක් ……ගොඩක් ස්තූතියි අක්කි .ඊයෙ කතාව දැම්මට ස්තූති කරන්න ඔනෙ ඇඩ්මින් සර්ට. අක්කිගෙ වාසනාව තමා ඉතින් ඊයෙ කතාව කියවන්න ලැබුනේ.
      අක්කත් අක්කගෙ චූටි දෝණියත් අක්කිගෙ මහත්තයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . තෙරුවන් සරණයි . ජේසු පිහිටයි .

    1. ..Sandashen..

      Luvi menika kathawa godak lassanai .. ….monwa kiyannada kiyala hitha ganna beruwa innee ….oyage palaweni kathaea unata aka lassnata liyla thiyenwa …thawa me wage lassana katha liyanna suba pathanawa menika ……

      1. ..Sandashen..

        අපේ සෙකට්‍රිට මන් ගානේ මේක…????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. Sandashen අක්කි ගොඩක් ස්තූතියි අක්කි . මේ හාට් ඔක්කොම මටද එකටත් ගොඩක් ස්තූතියි .අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.
          තෙරුවන් සරණයි ..
          ????????????????????????????????????????????????????????????????????????????????????????????

  3. අනේ දෙය්යනේ…. නන්ගො …. ආදරෙයි මැණික ගොඩාරියක්… හිතා ගන්න බැහැ නන්ගියා…. වචන නැහැ …. ඔයා නියමයි මැණික කව්ද අනේ කියන්නෙ පලවෙනි කතාව කියලා…. මම නම් හිතන්නේ නැහැ ඒ තරමට මේ කතාව ගොඩක් ලස්සනයි නන්ගො…….
    හරිම ආදර්ශමත් ඒ කතාව යාලුකම ආදරය කියන දෙක වරද්දගෙන ගන්න වැරදි තීරණ නිසා අද සමාජයේ ගොඩක් අය දුක් විදිනවා…ඔයා අන්තිමට කියලා තියන කතාව ගොඩක් වටිනවා බබෝ ගොඩාක්…. එ කතාව හරියටම හරි පැටියො ඉවසීම අපිට ගොඩක් දේවල් දරා ගන්න ශක්තිය දෙනවා….

    ඔයා චුටි උනාට ඒ කතාව ගොඩක් ලොකුයි….
    ආදරෙයි මැණික ගොඩාරියක් ……
    ඔයා නියමයි… සුපිරි …. එල……❤❤????

    1. Dewashi අක්කි මාත් ආදරෙයි ගොඩ ගොඩ ගොඩා………..ක්.ඇත්තටම මේ මගෙ පලවෙනි කතාව අනී බොරු නම් අහන්න සුමී අයියගෙන් එයා කියයි.
      ගොඩක් ස්තූතියි අක්කි අක්කගෙ වචන වලට. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි අක්කියාට.???????

  4. ගොඩ ගොඩාක් ලස්සනයි නංගි බබෝ කතාව .
    සුබ පතනවා ඔයාට ලස්සන ලස්සන කතා ගොඩ ගොඩාක් ලියන්න අදහස් ගලාගෙන ගලාගෙන එන්න කියලා ඕං……..?????????

    1. ගොඩ ගොඩ ගොඩා……..ක් ස්තූතියි uthpala අක්කි . ????හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි .

  5. නිරෝෂා ලක්මාලි

    අම්මෝ දඟ පවුලේ හැමෝම හරි දක්ෂයිනේ.. හැමෝම මෙහෙම කතා ලියද්දි හරිම සතුටුයි.

    ඇත්තටම කතාව ගැන මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරමට ලස්සනයි. ආදර්ශයක් එක්කම මෙහෙම කතාවක් දුන්නට අපේ ලුවීනා නංගියාට ගොඩක් ස්තූතියි. ඒ යාළුකම් ඒ ආදරේ හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම තවත් කතා ලියන්න.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. කොහොමද නිරෝ අක්කි . ඒකනෙ දඟ පවුලේ හැමෝම දක්ශ වෙන්න හේතුව කතා කියවලා කියවලා ඌශ්නෙ වැදිලා ඒකයි ???.
      ගොඩ ගොඩ ගොඩා……….ක් ස්තූතියි අක්කි .
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි .
      ආදරෙයි මාත් පැලෙන්න .??

  6. ගොඩාරියක් ලස්සනයි අක්කි මේ කතාව…. ??මේ වගේ තව කතා ගොඩාක් ලියන්න……

    1. ගොඩක් ස්තූතියි නංගී බබෝ.
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .ජේසු පිහිටයි .තෙරුවන් සරණයි .

  7. Yalukama….❤ mulinma kiynna oni manika oyge palaweni katwa unata oyge katawa attatama gdaaak lassanai gdak katha liyapu kenek liyala tiynva wagema tiynva waradi adu padu ati kiyla nm mma hithnne na manika tawa katha liynna kiyla bohoma adaren illnva manika

    Yalu kama gana mnwada manika mn kiynna oni mge jiwithe nm mn kalakirunu ekama deyak tiynva nm e mage yalu kama mmm mtat hitiya boy kenek mage hodama yaluwa api denna athare tibbe puduma yalu kamak eka yalu kamak vitarak newei sahodara kamak e badim deka vitrai api atare tibbe ita eha badimak api dennatama api denna atharin oni une na api krnna puluwan magodi wada okkoma kala? e kale mathak weddith hrima sundarai ? et kalayak yaddi eya wenas una mn wena badimak athi kra gttat eya ekka wenada wagema hitiya et eyata ehma inna bari una eyta girl kenek hambuna eya ara wagema akamati ati eka nisa mge best freind wenas una kalayat ekka oyge katawe nm iwasimen balan hitiyama eyge yaluwa apahu labuna et mge yaluwa ape freindship ekta aye log wenne na eka mn dnnwa oya mge yalu kama mta ayemat mathak krla dunna nangi patiyo ekta gdak pin ??

    Mn kiueuwa wadida mnda ane sry hode kiueuwa wadine manika ??????????????

    Manika katwa gdaaaak lassanai parissamin inna budu saranaii ????????????

    1. Yaluwo kiyanne gdk venas aya.mt gdk yaluwo hitiya denatath innaw eth gdk aya namt vitharayi . Eyl hari ikmanata venas venw. E venas vima awanka hadawathakata dharaganna amaruyi. Yaluwek dala giyt passe api gdk try krnw e mathka amathka karanna api vayira karanavaa e mathak valata aththatama tikak hithuwoth e mathaka thamaa sundarama mathaka.hemadema venne hodatayi kiyala hitha hadaganna akki .kalayata idadenna samahara vita oyw hoyan eyi eyth.???
      Me hemadekatama gdk thanku akkiyo .????
      Hemadama sathutin parissamin inna. Theruvan saranayi .???

        1. ❤️?kaushi?❤️

          Oyath parissmin sathutin inna loviiii.mana oyata lovi kiyannam hada.oyata thawath ne wagae katha godak liyanna shakthiya labenna kiyala prarthana karnawa manik.budu saranani

          1. Kmk ne kaushi manika.oyt kemathi nmk kiyanna . Mn inne kohed kiyala aheww neda mn inne colombo ani

    1. මගෙ නංගා කමෙන්ට් එකක් දාන්නම්.සමාවෙන්න පරක්කු උනාට. වැඩ අතරේ ආවේ

  8. සෙව්මි

    චූටි නංගා.. අනේ මං දැන් කතාව කියෙව්වේ .. අනේ ඒ කතාව හරිම ලස්සනයි … ගොඩක් අත්දැකීම් තියන කෙනෙක් වගේ ඔයා නියමෙටම ලියලා තියනවා .. ඉතින් මැනික ඔයාට මේ වගේ තව ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මං.. පරිස්සමෙන් ඉන්න නංගා.. බුදුසරණයි ??????????????????????????????????

    1. සෙව්මි අක්කි ළඟදිම අම්මගෙන් හොඳට ගුටි කයි. පාඩම් වැඩෑ අතරෙත් එන්වා නේද .ගොඩක් ස්තූතියි අක්කියො ඔයාගෙ වචන වලට.පාඩම් වැඩ හොඳට කරගන්න හරිද අක්කිත් පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ??????????????????????????????????????????

  9. මේ ලුවී පැට්ටගෙ කතාවක් නේද ???……කතාව ලස්සනයි ලුවී……..නියමයි ??????????????????????????????????????????????????????????

      1. ගොඩක් ස්තූතියි හිමා අක්කියො . ඒකට කමක් නෑ හිමා අක්කි . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️?????????️?????️?????????️?️???????????????????????

  10. ? මහිංසා ?

    මගේ පිනි නංගා ….අනේ කතාව ගොඩක් ලස්සනයි …????? කියන්න වචන නෑ ..දැන් තමා කියෙව්වෙ … ඔයා කැමති ම රෝස මල් නේ…ඔන්න මං ගානේ පිනි පැටියාට ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ඉගෙනීමේ කටයුතු හොඳින් කරන්න …ලස්සනට ලියන්න පුළුවන් ඔයාට…හරි සතුටුයි මැණික …පුළුවන් වෙලාවට ලියන්න ඉතිම් … සුභ අනාගතයක් පතනවා ඔයාට …පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න …බුදු සරණයි මගේ නංගා ඔයාට ??????????????????

    1. ? මහිංසා ?

      ????????????

      හිරුට හොරා….
      සඳට හොරා…
      පෙම් කරමි රත්තරන් …
      හිතට හොරා…
      පෙම් කරන්න …
      බැහැ මගේ රත්තරන් …

      දුරට ගියාමයි දැනුනේ..
      ආදරේ රත්තරන් ….
      ආයෙත් යන්නෙපා…
      මගෙන් ඈතට….
      මගේ රත්තරනේ ….
      ????????????

      1. මහ මෙරක්
        ආදරය කලත්
        පැතුවෙ නුඹෙ
        සතුටයි සැමදා….
        ඒකයි දුරු රටකට ගියෙ
        සියල්ල හැරදා…

        සිතුවේ නෑ
        නුඹ රැවටෙයි කියා…
        පැතුවෙ නෑ
        ඔය නෙතු අගට
        කඳුලක් කිසිදා…
        රැඳෙන්නම්
        ඔබ ළඟටම වෙලා…
        නොයමි හැරදා
        මින් මතු සදා. ..
        ??????

    2. මුලින්ම මට සෝස මල් ගෙනාවට මේක ?????????????????????????????????????????????????????????????????????????

      ගොඩක් ස්තූතියි මහිංසා අක්කි .අක්කිත් හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි අක්කි ඔයාට .?????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.