Katha Ahura

සූරියකන්දේ අභිරහස (08. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(08. කොටස)

පසුදින උදෑසනම තමා පැමිණි රාජකාරියට පියවර තැබූ සහකාර පොලිස් අධිකාරී අදීශ තමාට අයත් මෝටර් රථයෙන් වතුයායේ වැටී ඇති සෑම මාර්ගයකම ගමන් කලේය. මෙසේ ගමන් කරන ඔහු එක් ස්ථානයක මෝටර් රථය නවතා තම දුරදක්නය ගෙන අවට වටපිටාව සියුම්ව නිරීක්ෂණය කරයි. ඒ අතර ඔහු දකින්නේ මල්ලක් රැගෙන තමා සිටි දෙසට පැමිණෙන පුද්ගලයෙකි. වැරහැලි ගැසුනු සමරකින් හා බැනියමකින් නිරුවත වසාගත් ඔහු ගෝනියක් කර තබා ගෙන සහකාර පොලිස් අධිකාරිවරයා සිටි තැනින් ගමන් කලේ ස.පො.අධිකාරිවරයා දෙස එකවරක් බලමිනි. සහකාර පොලිස් අධිකාරිවරයා පසුපස හැරී ඔහු දෙස නෙත් යැවීය. ඔහු ගමනේ යම් වෙනසක් ඇති බව සහකාර පොලිස් අධිකාරිවරයාට දැකගන්නට ලැබුණි. තම ජංගම දුරකථනය ගෙන ඔහුට සැක නොසිතෙන සේ ඔහුගේ ඡායාරූප කිහිපයක් ලබා ගත් ස.පො.අධිකාරිවරයා ආපසු නවාතැනට යන අතරතුර අතරමඟදී වූ කුඩා බෑවුමක් සහිත සුන්දර පරිසරයක් සහිත ස්ථානයක මෝටර් රථය නතර කලේය.
ඊට පහළින් ගලා ගියේ කුඩා දොළ පහරකි. අදීශ අසල වූ ගලක් මත වාඩි සියුම් කල්පනාවක නිරත විය.

” ගුඩ් මෝර්නින්ග් මිස්ටර් අදීශ ”
පිටුපසින් ඇසුනේ තරුණියකගේ කටහඩකි. අදීශ දුටුවේ විලී මහතාගේ බංගලාවට පැමිණි දවසේ බංගලාවේ සිටි තරුණියයි.
” ගුඩ් මොර්නින්ග් , මං හිතන්නෙ මේ මිස්ටර් විලීගේ දුව”
” Yes ,im චාපා , ඒක නෙවෙයි ඔයා මොකද මෙතන ?”
තරුණ වියේ කඩවසම් නිළධාරියෙක් වූ අදීශ දුටු සෑම තරුණියක්ම ඔහු සමඟ කතාබහ කිරීමට ඇළුම් කලේය. චාපාගේ සිතද ඔහු වෙත ක්ෂණයෙන් ඇදී යන්නට විය.
” මම Estate එකේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. එනගමන් පොඩ්ඩක් මෙතන නතර වුනා”
” මං දෙයක් කියන්න ද?”
” Whatever ” අදීශ සිනාසී පැවසුවේය.
” අඩි හතක් විතර උස , උස මහත ගානට තියෙන ඔයා වගේ හැන්ඩ්සම් කෙනෙක් පොලිස් ඩිපාර්ට්මන්ට් එකට වඩා මැච් වෙන්නෙ ෆිල්ම් ඇක්ටර් කෙනෙක්ට”
” මොනවා කරන්නද මට පොඩි කාලේ ඉදන් තිබුන ආසාව ”
” මම ඇවිල්ලා ඔයාගේ නිදහසට බාධාවක් කරාද?”
ඇය තරමක් සෙමින් පැවසුවේය.
” නෑ .එහෙම දෙයක් නෑ .. මම මේ කල්පනා කරේ කොහෙන්ද පටන් ගන්නෙ කියලා”
” ඇත්තටම අදීශ පහුගිය දවස් ටිකේ සිද්ධ වෙච්ච දේවල් මට නම් හිතාගන්නවත් බෑ. කොහොම හරි වත්තෙ මිනිස්සු ඒ හැම දේකටම අපරාධකාරයා කලේ අපේ අප්පච්චිව”
” ⁣චාපා ඒකට හේතුවක් තියෙනවා . මම කියන්නෙ මිස්ටර් විලී අපරාධකාරයෙක් කියලා නෙවෙයි. ඔයාලා මේ එස්ටේට් එකට අැවිල්ලා අවුරුද්දක් වගේ. හැබැයි ඊට කලින් එස්ටේට් එකේ මේ වගේ මර්ඩර්ස් වෙලා නෑ”
” ඉතින් ඒකට හේතුව අප්පච්චි වෙන්නෙ කොහොමද ?”
” චාපා මං ඔයාට කලින් කිව්වනේ.. මම එහෙම දෙයක් කියනවා නෙවෙයි. ටිකක් හිතන්න මේ මිනිස්සු නූගත් .. හිතට සැකයක් ආවොත් එයාලා ඒක පස්සෙ දුවනවා. එහෙමයි කියලා අපි මෝඩ වෙන්න හොඳ නෑ”
” ඒත් කවුද මේ දේවල් කරන්නෙ?”
” කවුරු වුනත් මිස්ටර් විලීව නැති කරන්න එයාට ඕන”
අදීශ ඇයගේ මුහුණ දෙස බලමින් පැවසුවේ ඇයට අනතුරක ඉඟියක්ද දෙමිනි.
…………………………………………………………………..

රාත්‍රීයේ එළිමහනට වී ⁣මීදුමෙන් වැසී ගිය පරිසරයේ සුව පහස විඳිමින් සිටි ස.පොලිස් අධිකාරිවරයා අසලට පැමිණියේ වෛද්‍යවරියයි.
මුළු දවසම රෝහලේ ගත කල ඇය යම් තරමක හෝ නිදහසක් ලබන්නේ රාත්‍රියට පමණි . නමුත් ඇය සිරිමෙවන් මහතා සමඟ වතුයායට පැමිණියේ එහි පැතිර යන දරුණු රෝගය සොයා එයට පිළියම් සෙවීමටයි.
” අදීශ බර කල්පනාවක වගේ”
” එහෙමත් නෑ ඩොක්ටර් , මේ පරිසරය හරිම සුන්දරයි”
අදීශ සාක්කුවේ ඔබාගෙන සිටි තම දෑත් එළියට ගනිමින් පැවසුවේය.
” හ්ම් … හරිම ලස්සනයි ”
ඒ මොහොතේම සැරයන් විජයරත්න ටී පනස් හය ගිනි අවියක්ද රැගෙන බංගලාව තුල සිට පැමිණ ස.පොලිස් අධිකාරිවරයා අතට දුන්නේය.
” අදීශ කොහෙද යන්නෙ”
” මම පොඩ්ඩක් එළියට යනවා ඩොක්ටර් ”
” අදීශගේ අකමැත්තක් නැත්නම් මාත් එන්නද , හරිම කම්මැලි”
අකමැත්තෙන් වුවද ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල නොහැකි නිසාම ඇය කැ⁣ටුව යාමට ඔහුට සිදුවිය. අඳුර කපාගෙන මෝටර් රථය ඉදිරියට ධාවනය කල අදීශ ඉස්ටෝරුව අසල නැවැත්වීය.
මෝටර් රථය මාර්ගයේ පසෙක නවතා ස.පො.අධිකාරිවරයා එයින් බැසගත්තේ ගිනි අවියද අතැතිවය. පසුව වෛද්‍යවරියද ඔහු පසුපසින් වැටුනි.
” ඩොක්ටර් බය නැත්ද මේ වගේ පාළු තැනක තනියම ඉන්න”
” මුලින්ම මට ඩොක්ටර් කියන එක නවත්තන්නකො. මම අවන්ති. මම මොකටද බය වෙන්නෙ ඔයා වගේ කෙනෙක් ළඟ ඉන්නකොට”
” අවන්ති දන්නවද , දැන් සතියකට කලින් මෙතන මර්ඩර් එකක් වෙලා තියෙනවා ”
ස.පොලිස් අධිකාරිවරයා එය පවසා අවසන් වත්ම මෙතෙක් නොතිබූ යම් අවිනිශ්චිත බියක් ඇයගේ සිතට දැනුනි. එය දෙගුණ තෙගුණ වී ගියේ ඇතැම් දිනවල ඇසෙන ඒ මූසල අදෝනා හඬටයි. එය ඔවුනට තරමක් ළඟින්ම ඇසුනු නිසාදෝ අවන්ති අදීශගේ පපුවට තුරුල් වූයේ දෑස් පියාගනිමිනි.
” මොකක්ද ඒ සද්දෙ?”
” අනේ අපි මෙතනින් යමු අදීශ ”
ඇය සෙමෙන් හිස ඉවතට ගනිමින් පැවසුවේය. ඇයගේ බල කිරීම නිසාම ස.පො.අධිකාරිවරයා නැවත බංගලාවට ගියේ සිතේ මතු වූ චකිතයක්ද ඇතිවයි.
ඔවුන් දෙදෙනා බංගලාවට පැමිණෙත්ම සැරයන් විජයරත්න මග බලා සිටියේය.
” අදීශට ඇහුනද ඒ සද්දෙ”
” ඇහුනා විජයරත්න .. හෙට උදේම මට එස්ටේට් එක චෙක් කරන්න ඕන ..රක්වාන ස්ටේෂන් එකට කතා කරලා කියන්න පී.සී ලා දෙන්නෙක් එවන්න කියලා”
අදීශ තම කබාය ගලවමින් පැවසූ අතර අවන්ති ඔහු දෙස පුදුම වී බලාසිටියේය. ” අපි යමු ඩිනර් එක ගන්න” අදීශ ඇයට පැවසූ අතර ඇය තරමක ලැජ්ජාවකට පත් වූයේ අදීශගේ පපුවට හිස තබා සිටි අයුරු සිහියට නැඟීමත් සමඟයි.
**********………………………………………………..*************

?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

35 thoughts on “සූරියකන්දේ අභිරහස (08. කොටස)”

          1. Thanku
            Dul akki
            Dula akki
            Sandashen akki
            Kaushi akki
            ????????????????????????????????????????

          2. A……….. නස්බුල් අයියෙ කොහොමද ඉතින් .
            කතාව නම් ගොඩ ගොඩ ගොඩා…………… ලස්සනයි . නිම්නාද & නස්බුල් අයියලාට මගෙ හද පිරි සුබපැතුම් . මේ වගෙ ලස්සන කතා තවත් ලියන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
            තෙරුවන් සරණයි

  1. අනේ……. මොකක්ද වෙන්නේ… හෙටත් කාව හරි මරයිද…. හිතා ගන්න බෑ අප්පා… කතාව පට්ට ලස්සනයි.. සුභ පතනවා මල්ලියෝ ඔයාලා දෙන්නටම.. කමෙන්ට් දාන්න නම් වටි නෑ පුන්චිම පුන්චි රිප්ලයි එකක් වත් නැති නිසා… ? සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න ඕනි දෙන්නම.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!!

      1. හප්පා… ඇති යන්තම් අන්තිම දවසෙවත් මල්ලිට අක්කගෙ කමෙන්ට් දර්ශනය වෙලා.. සාධු… සාධු…

        1. අද තමයි Free එකක් හම්බුනෙ … ඕන දෙයක් අහන්න හැමෝම …හැමෝටම reply දෙන්නම් ආාා??

          1. මෙන්න මෙයා… අහන්න ප්‍රශ්න ගොඩයි මල්ලියෝ.. ඒත් ඉස්සරහට හැමදේම විසදෙනකල් ඉවසන එක හොදයි… මොකෝ ඇහුවා කියලා කතාවෙ අවසානෙ කියන් නෑ නෙව…. ????????

          2. රමණිට මොකෝ වුනේ දන් නෑ නේද….ඒක තමා මට තියන ප්රශ්නෙ ?????

  2. ..Sandashen..

    අභිරහස් කතව අස්සේ ඔයා හදන්නේ ආදරය ගැන පොඩී කතවකුත් දෙන්න නේද …..එල එල කතව නම් සුපිරි හොදේ …????????

  3. හොල්මන් ඉන්නීවා කියලා වත්තෙ මිනිස්සු බය කරන්න හදනවද දන් නෑ ??????…….කතාව නියමයි් රශ් ?????….

  4. අද තමයි කතවෙ ඔක්කොම කොටස් ටික කියෙව්වෙ හලිද…
    කතාව නම් ගොඩක් ලස්සනයි අයියා.
    ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.