Katha Ahura

?ගිනි කිරිල්ලී | හතළිස් නවවෙනි කොටස | නවකතා

3.7/5 - (3 votes)

හතළිස් නවවෙනි පියාපත…

—————————————————————————————————————————————

කවුද ඒ…?

මං ඒ ගැනම හිත හිත විනාඩි දහයක් විතර හිටියා.. බැරිම තැන සාලුව ගලවලා ගවුමක් අඳින්න හදද්දිම ශේශ් ආවා..

කලින් තිබ්බ නිවිච්ච පාට ඒ මූණේ නෑ වගේ.. කවුරු කෝල් කරත් ශේශ්ව කේන්ති ගස්සවන්න ඇති..

සමහරවිට තොල් රතු යක්ෂනී වෙන්න ඇති..

මාව තනියම දාලා එලියට ගියේ අර යක්ෂනී උකුළු මුකුළු දාන හින්දා වෙන්න ඇති.. මෙයාටත් නැලවෙන්න තමයි මට නෑහෙන තැනකට ගියේ..

මං ශේශ් දිහා නොබලම වතුර බේරෙන කොණ්ඩේ උඩට කරලා ගැටයක් ගහ ගත්තා..

ශේශ් එක්ක ඉරිසියාව මෝදු වෙන වෙලාවේ මේ කෙහෙල්මල් කොණ්ඩෙත් වද දෙනවා..

දෙපාරක් තුන් පාරක් උත්සහ කරද්දි යන්තම් ලොකු ගෙඩියක් ගහ ගත්තා..

ගවුමත් අරන් බාත් රූම් එකට යන්න හදද්දි මට ඇහුනා ශේශ් උරුවම් බාන හඬ..

ඇත්තමයි පලවෙනි වතාවටයි ශේශ් උරුවම් බාන්නේ.. මට පුදුමෙනුත් පුදුමයි..

ඒත් පිටිපස්ස හැරිලා බලන්න තිබ්බ ලැජ්ජාව හින්දා මං එහෙමම හිටියා..

ශේශ් හෙමින් මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ බඩ හරහා අත් දෙක දාලා මාව එයාගේ ඇඟට තද කර ගත්තා..

ශේශ්ගේ උණුසුම මගේ ඇඟ පුරාම විදුලියක් වගේ දුවද්දී ඇත්තමයි මට දැනුනේ නිමාවක් නැති ආදරයක්..

ඇත්තමයි ශේශ්.. මං උමතුවෙන් වගේ ඔයාට ආදරේ කරන්න පටන් අරන්…

“මාව මතක් වුණාද…?? එක දවසක්වත්…”

ශේශ්ගේ වේගවත් සුසුමක් මගේ නිරුවත් උරහිස සිප ගත්තා…

“හැමදාම…”

ලොකූ හුස්මක් එක්ක මං උත්තර දුන්නා…

“මාව හොයන් එන්න හිතුණෙම නැද්ද..??”

ශේශ් මූණ මගේ කොණ්ඩේ ගෙඩියේ වද්දලාම කොණ්ඩේ කඩලා දැම්මා…

“හැම මොහොතෙම හිතුණා…”

ආයේම මං ශේශ්ට හිර වෙලා…

“තාමත් මං නපුරු මිනිහද…?”

ඒකට නම් මට කට කොණකට හිනාවක් ආවා..

“කවදාවත් වෙනස් වෙන්නේ නෑ…”

ශේශ් එක ඇඟිල්ලක් මගේ බෙල්ල වටේම අරන් ගියා..

හිතට දැනෙන දහසක් හැඟීම් මං කොහොම ඉවසන් ඉන්නවද මන්දා…

“ගිනී…..??”

“ම්ම්ම්ම්ම්ම්ම්ම්”

“බොරුවට ගණන් උස්සද්දී අල්ලලා මිරිකන්න හිතෙනවා..”

“ගිනී.. මං තාම හිතනවා… මේ වුණ හැම දෙයක් ගැනම… මොනාද මට කරන්න පුලුවන්..”

ශේශ් හෙමින් සීමාවේ මගේ කුස අත ගානවා.. මං තාමත් ශේශ්ට පිටුපාලා..

ආයෙම ශේශ් උරුවම් බාන්න පටන් ගත්තා…

කලින් සිංදුවමයි… මට යන්තම් පද පේළි ටිකක් මතකයි.. කෝවිලේ ඉස්සරහ ලොතරැයි කූඩුවේ තිබ්බ රේඩියෝ එකෙන් නිතර ඇහුන සිංදුවක්…

“හැමදාම ඔය දෑස හමු නොවන විට…
නොසංසුන් හිත තාම වාරු නෑ මට…”

ඒ වචන ඇහුනේ මගේ හද පතුලෙන්මයි..

“ඔබ ගැන හිත හිත මිය යනවා හැර
සොඳුරු මිනිහෙක් වෙන්න
හිතක් නෑ මට…//”

ශේශ්.. ඔයා මට ආදරෙයි නේද…?? කිසිම සැකයක් හිතේ කොණකවත් නොතිබුණත් ඒ වචනේ අහන්න මං ආසයි..

තාමත් ශේශ් උරුවම් බාන ගමන් මගේ කුස වටා ඇඟිලි අරන් යනවා..

“හරි.. මං හිතලා ඉවරයි…”

“මං වැරදීයි.. මේ කෙල්ල මාව මේ තරම් දුක් විඳින්න සැලැස්සුවා.. ඉතින් මිරිකලා මදි.. ”

“මරන්න ඕනි… හුස්ම හිර වෙනකම්ම මෙහෙම කරලා..”

ශේශ් එකදිගටම මාව සිප ගෙන සිප ගෙන ගියා..

මගේ බෙල්ල.. මගේ මූණ.. මගේ කම්බුල් පවා ශේශ්ගේ දෙතොල් වලින් නැහැවුණා…

එකපාරටම ශේශ් නැවතුණා.. මගේ මූණ ශේශ්ගේ දෑත මතට අරන් ශේශ් නැවතුනා..

“ගිනී.. මං අහපු එකම එක දේකටවත් උත්තර දෙන්න බැරිද..?”

අනේ ශේශ්…!!! මං උත්තර දුන්නා.. ඒත් හිතින්.. මගේ මුවින් එකඳු වචනයක් වත් පිට වුණේ නෑ..

“මං දන්නවා.. මට දැනෙනවා..”

ශේශ් මාව තුරුල් කරන් මගේ නළල මහමෙරක් තරම් ආදරයෙන් සිප ගත්තා..

ඇත්ත.. මං මේ ආදරයෙන් මත් වෙලා…

ශේශ් පුදුම තරම් ළයාන්විතව මගේ දෙතොල් වලට බර වුණා…

මට කතා කර ගන්න පුළුවන් වුණා නම් මං කෑ ගහලා කියයි මේ පිස්සු කෙල්ල උමතුවෙන් වගේ ඔයාට ආදරේ කරන තරම්..

තවත් මොහොතකින් ශේශ් මාව උස්සන් ගිහින් ඇඳ උඩින් තිබ්බා..

දෙවියනේ.. ජීවීතේ හැම සතුටක්ම මට ඔයා එකපාර දෙනවද…??

ගහක් වටා එතෙන වැලක් වගේ මං ශේශ්ගේ උනුසුමට ගුලි වුණා…

සත්තයි මට මුලු ලෝකයක්ම අමතක වෙලා..

ශේශ්ගේ රළු ඇඟිලි මගේ සියුර පුරාම දුවද්දී මගේ වතින් සාළුව ගැලවිලා යන්න ඇති..

ඇඳ ඇතිරිලි පවා පොඩි වෙලා ගිහින් මේ නුරාගී රැය අපි අපේම කරා..

ඉතින් ශේශ්… අදින් පසුව මේ ගිනීට නුඹම පමණයි… නුඹේ හද ගැහෙන තුරු මගේ හදද ගැහේවී.. නුඹේ හුස්මන් නුඹෙන් ඉහිලෙන දාට මමත් මගේ හුස්මන් ඈතට පා කරමි…

ලෙයින් දිවුරා දෙතොලින් සපථ කර අපේ ආදරයේ උමතුව මෙයයි…

වේගවත් හුස්මන්, හීන් කෙඳිරි හඬ, රළු සිපගැනීම් ගොඩකට පස්සෙ මං ශේශ්ගේ පපුව මතින් හිස තියා ගත්තා..

“මං රිද්දුවද ගිනී…??”

මං හෙමිට පහත් වෙලා ශේශ්ගේ විසල් පපුව සිප ගත්තා..

“කෙල්ලට තව ඕන වෙලා වගේ..”

අපෝ මෙයා නම්..

මහ වල් විදියට ශේශ් ඒක කියද්දි මාව රතු වෙලා ගියා ලැජ්ජාවට..

“මේ එහා පැත්තෙන් මගේ කොල්ලෝ දෙන්නා නිදා ගනිද්දිත් උඹ මෙහෙමම මගේ පපුව උඩ හිටපන්කෝ..”

“එතකොට ඉක්මනටම මගේ කොල්ලෝ දෙන්නට නංගි කෙනෙකුත් එයි..”

එකපාරටම මගේ දෙපතුල් පවා සීතල වුණා.. දෙයියනේ..!!!

ශේශ්ට මං ආදරේ කරා තමයි.. නිකන් නෙවෙයි මං උමතුවෙන් වගේ ආදරේ කරන්නේ.. ඒත් කවදාවත් මේ තරම් සුන්දර අනගතයක් මැව්වේ නෑ..

පිස්සු ගිනීටයි, නපුරු ශේශ්ටයි පුංචි කොල්ලෝ දෙන්නෙක්.. තව පුංචි කෙල්ලෙකුත් ඉන්නවද..??

අනේ දැනුනේ පුදුම නොඉවසිල්ලක්…

මට මගේ ළමා කාලේ බොහෝ තැන් අමතකයි.. ඒත් අපේ කොල්ලෝ දෙන්නා..

මගේ ඇස් අගින් කඳුලක් මෝදු වෙන්න ඇති..

“අනේ ගිනී ඔයා අඬනවද..? මං නිකම් කිව්වේ.. ඔයා බය වුණාද ගිනී..”

ශේශ් නැඟිටිලා මගේ ඇස් පිහි දැම්මා..

නෑ ශේශ්.. මට කියා ගන්න පුලුවන් වුණා නම්..???

මගේ පපුවම රිදීගෙන ලොකූ ඉකියක් පිට වුණා..

“ශේ…ශ්….”

——————————————————————————————————–

මං දන්නවා ආයේ බාල්දියක් එනකම් මං ඔයාලගේ ස්වීට් කෙල්ල කියලා..

ගිනී… කතා නොකර ඉද්දි මට නම් හිතෙන්නේ ඔයාව හොල්ලන්න ටිකක් නෙවෙයි හයියෙන්.. ආදරෙයි ගිනි ගිනි බෝලේ…

ආදරෙයි ඔයාලා හැමෝටම පැලෙන්න..

හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ…

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

54 thoughts on “?ගිනි කිරිල්ලී | හතළිස් නවවෙනි කොටස | නවකතා”

  1. නිෂා සශී ?

    පට්ට අක්කියෝ අනේ ඒකනන් සුන්දර හීනයක් ආදරෙයි පිස්සු ගිනීටයි නපුරු නාගයාටයි.?????????

  2. Mnwada kiynne hitha gnnvat bane ane antimata gini sheshgema una ????????????? ammooo kollo dennekui kellekuit genna hdnne ???????

    Akki mechchra sathutak apita dila oya ilagata lokuu baldiyak peralanna neda hdnne mnwa unat ada nm patta pata pata katwa akki ane tawa tikak digata dennkoo katawa pizzzzzzz??????

    ජීවිතේ ඔබට පිදු ආදරේ
    මහ මෙරක් තරම් වටිනවා
    මට සත්තකින්
    ඔබෙන් ලද නිකලැල් ස්නේහයෙන්
    මා උමතු වූවා ආලයෙන්
    කට හඩ අවැසි නම් මා හට
    මා බහ තෝරාවී නුඹේ නමින්
    සත්තයි රත්තරනේ
    නුඹ නමින් මගෙ ආදරේ
    උමතුවක්……❤

  3. ❤️?kaushi?❤️

    Sha ada nam harima sathutui…ane akkiyo oya ayeth adanna wena kotasak ehema denna hithan athi ned apiw mehem sathutu karwanne…

      1. සෙව්මි

        අපොයි … අම්මගෙන් බේරෙන්න පුලුවන් .. මගේ දග සෙට් එකෙන්නේ බේරෙන්න අමාරු ?????

  4. අම්මෝ… අද නම්…??? කට්ටියගෙම කට කනේ ඇති… සතුට වැඩි කමට…
    අක්කි අපිව අඩවලා අඩවලා.. චූටි සතුටක් දිලා තඩී බාල්දි එහෙම පෙරලනවා නෙවේ හෙදේ… අපේ සත්තලං අක්කි පැටියනේ…

    ආදරෙයි පැලෙන්න අක්කියෝ සතුටින් සනීපෙන් පරෙස්සමින් ඉන්නෝ… කතාව සුපිරි…
    තෙරුවන් සරණයි !…
    ❤❤❤

  5. නිරෝෂා ලක්මාලි

    ?????

    අම්මෝ ගිනී ශේශ්ගෙම වුණා. සතුටට නැටවෙනවා.. මේ නපුරු ශේශ් හීන දැකලා තියෙන දුර.. නියමයි ඉතින්. අනේ ඒත් ගිනීට හිතෙන දේවල් කියාගන්න බෑනේ තාමත්. ඒ ගැන නම් දුකයි ඉතින්. ඉක්මනටම ගිනී කෙල්ලට කටහඬත් දෙන්න මාධි පැංචි.. අර තොල් රතු යක්ෂනී නම් මේවා දැනගත්තොත් මොනවා කරයිද දන්නේ නෑ. මොනවා කලත් ගිනී කෙල්ලවයි ශේශ් කොල්ලවයි එකතු කරලා ඕන දෙයක්..

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  6. Chamodya Madusanki

    ආසයි කවියක් ලියන්නට ඔබට අද
    දහසක් පැතුම් ගොනුකර මම ලියමි අද
    රහසක් කියන්නම් කාටත් නොකියන්න
    යන මේ කවියේ මුලකුරු ටික බලනවද? ???

    කතාවනම් ගොඩාක් ලස්සනයි අක්කියෝ.. අනේ ආයේ බකට් එකක්නම් එපා මැණික..?? හැමදාම ඔහොම ශේශ්වයි ගිනීවයි සතුටින් තියන්න…
    කතාවනම් මල් හතයි හොදේ .. පට්ට ලස්සනයි..
    බුදුසරණයි????
    පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ඉන්න හැමෝම❤️❤️

    නෙතු පියා ගන්න බැරි තරමට රැදී නෙතු අග
    පෑව සිනා ආදරයට නෙතින් හැම දින
    සත්තයි මම පැතුවේ ඔබයි සසර පුරාම
    ඔයාව සිප ගන්නම් හරි ආදරෙන් මම

    සංසාර මතක සැමරුම් සිත ලගට එන කොට
    මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක
    පෙම් සිහින වලට ලං වෙනු ඔබෙ ඔය හිත
    මට කියා දෙන්න ඇයි මෙතරම් ආදරේ මට….

    ආදරෙයි හැමෝටම..??
    බුදුසරණයි

  7. ම්…….. හෙට ඉදන් අලුත් බකට් එකක්… ? දරාගන්න බැරි තරමෙ ලොකු බකට් එකක්…?
    මන් ආය එනකොට ඔයා නැති වේවි.. ? ඒත් සතුටින්ම ඉන්න හැමදාකම හැම මොහොතෙම.. ජීවිතේ දුක නැත්තම් රහක් නෑ… ඔයා දන්නවා ඒක.. දුකක් නෑ ගිනී ඔයා ගැන.. ඔයාගෙ ආදරේ ඔයා ලග හැම මොහොතෙම මැරෙනකල්ම ලගින්ම ඉන්න නිසා.. ඉතින් ඔයා වාසනාවන්තයි.. කවුරු උදුර ගත්තත් ඒ ආදරේ නවතින්නෙ ඔයා ලගම විතරක් නිසා… සතුටින්ම ඉන්න.. පරිස්සමින්ම ඉන්න.. ගිනී ඔයත් මාධි ඔයත්… දළදා සමිදු පිහිටයි දෙන්නටම…. බුදුසරණයි….!!!!!!!!

  8. සාන්ත මම මුකුත් කියන්නේ නැතෝ…. හී අම්මො මම රතු වෙලා අප්ප… අම්මගෙන් ආයේ බැනුන් අහගත්තා ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙන්නවා කියලා??

    ලාස්සනයි අක්කියෝ කතාව ….. පරිස්සමින් සතුටින් ඉන්න …. බුදු සරණයි ….❤❤?

  9. ..Sandashen..

    අයියෝ මුරුගන් ….අද මරේ මරු කතවනම් ……මෙහෙම ආදරේ දෙනවනම් ශෙශ් ගීනීට වෙන මොනවත් ඔනේ නැහැ අපේ ගිනිට ….. අනේ ගිනිට ඉක්මනට කතා කරන්න පුළුවන් වෙන්න ……කතව ගොඩක් ලස්සනයි ……????????

  10. ගොඩක් ලස්සනයි අක්කි කතාව. ඔයා ඉතින් බකට් පෙරලනකොට තමා අපිට දුක. හැමදාම සතුටින් පරිස්සමින් ඉතින් ඉන්න ජේසු පිහිටයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.