Katha Ahura

?බඹර ඉසව්ව ? | 60 කොටස | නවකතාව

5/5 - (2 votes)

තවමත් ෆෝන් එකේ එබිලා ඉන්න විභූ වගේම එහා පැත්තේ ඉන්න සර් දිහාත් බලලා. විභූගේ අම්මා කිව්වේ .. මූනේ හිනාවක් පුරෝගෙන …

මන් හිනාවෙන් ඒක පිලිගත්තත් .. අම්මා කිව්ව කතාව ඇත්ත කියලා මේ කාලයට මන් අදුනගත්තා.. ඒ නිසා මන් විභූව හොදටම දන්නවා කියලා හිතුනා මට …

ජීවිතේ ආයම අලුත් වෙලා වෙච්ච දේවල් එක්ක හිතට යම් තරමකවත් සැනසීමක් හිතට ඇවිත් ..ඒ උනාට සර් වත් මැඩම් වත් මට දොසක් නොකියන්නේ ඇයි කියලා හිතාගන්න බැරිඋනා …

විභූගෙන් අහන්න දේවල් ගොඩක් තියෙනවා උනත් අද විභූ මට හැම දේම කියන්න පොරොන්දු වෙලා ඉවරයී .. ඒ නිසා මගේ හිතේ තියන ප්‍රශ්න එකින් එක විසදෙයී කියලා මන් හිතනවා …

”දෙන්නම ගිහින් වොශ් දාගෙන එන්න පුතේ … මන් ඔන්න දූ කැමතී විදියටම කෑම හදලා තියෙන්නේ ….

මට විභූගේ අම්මා එහෙම කියද්දී පුදුමත් හිතුනා …

මන් ආස විදිය කොහොමද මෙච්චර ඉකමනට අම්මා දන්නේ …

මන් එහෙම හිත හිතම විභූ එක්ක කාමරේට ගියේ විභූගේ පස්සෙන්මයී …
… විභූ මට ඉස්සර වෙලා කාමරේට ඇතුල් වෙලා එකපාරම හැරිලා අතකින් ඇදලා මාව එයාගේ තුරුලට ගත්තා …

”අහ්හ් …. ”

මට ඇත්තටම කෑගැහුනා ….

”පිස්සුද විභූ …. ”

”මොකද්ද කිව්වේ …. ”

විභූ එකපාරම සැරකරද්දී තේරුනේ … මන් ඇත්තටම කිව්වේ වැරදී වචනයක් කියලා ,….

මොකද්ද කිව්වේ කියනවා …
විභූ එකපාරම මගේ කනෙන් ඇදලා අායෙම ඇහුවම මට පුදුම හිතුනා ….

“ඉතින් …කිය..වුනානේ ”

මට එකපාරම ආයෙම එහෙම කියවුනා

”ආ…ය කිව්වොත් ,…..”
විභූ මට ඇගිල්ල උලුක් කරලා එහෙම කිව්වම මට ඉබේටම බිම බැලුනා …
එහෙමම විභූ මගේ මූන නිකටෙන් උස්සලා මගේ ඇස් දිහා කෙලින් බලද්දී ඇත්තටම මට අපහසුවක් දැනුනේ …

විභූගේ බැල්මට මට බලන් ඉන්න බැරි තරම් ..
ඒත් මමත් ඉවසගෙනම විභූ දිහා බලාගෙන හිටියා …
හැමදාම විභූටම දිනන්න දෙන්න බෑනේ ..
හිටපන්කෝ මාත් හොද වැඩක් කරන්න ..

මන් ඒහෙම හිතලා විභූ දිහා එක එල්ලේ බලන් හිටියා …
හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් තද කරගෙන දරාගත්තේ විභු ඉස්සරහා පසු බහින්න බැරි නිසා

“පිස්සී..”
ගිහින් වොශ් දාන් එන්න

විභූ එකපාරම නැමිලා මගේ කම්මුල සිප අරගෙන එහෙම කිව්වේ මාව තේරිලා වගේ ..

තේරුම් ගන්න බැරිවෙන්නේ මොකෝ
මගේ සීයිඩී මහත්තයානේ …

මට එහෙම හිතුනාම කට කොනකින් හිනා ගියා …

“මේකී දැන් ඉදන්ම ඕනවට වැඩී …
තනියම හිත හිත හිනාවෙනවා …
විභූ එහෙම කියලා ආයෙම මාව අල්ලන්න හදද්දීම මන් බාත් රූම් එකට පැන්නා …

ඇත්තටම මට තනියම හිනා ..
වෙනදා ඉන්න විභූ අද කොහෙද හැන්ගිලා
..

දැන්ද කොහෙද හිතට නිදහසක් තියෙන්නේ …
මටත් ඒ වගේ න්හ් ….
මන් එහෙම හිත හිතම වොශ් දාගත්තා …
සීතල වතුර ඇග දිගේ පෙරෙද්දී නම් ඇත්තටම හරීම සනීපයක් දැනුනේ ..

මන් ඇස් පියා ගත්තා …

සෙව්වා මතක් උනේ මට එක පාරමයී ..
කෙල්ලට මන් නැතුව පාලු ඇතී …
නාරා අයියා කෙල්ලව බලාගනී හොදට ..
මන් කොච්චර මෝඩ වැඩ කරත් සෙව්වා එහෙම නෑ ..
නාරා අයියා එක්ක .. කෙල්ල ඉන්නේ ඒ නිසා න්හ් ..

මන් එහ්ම හිතලයී හිත හදාගත්තේ …

මන් සීතල වතුරේ සනීපෙට පැය භාගයක් විතර ඉන්නැති ..
විභූගෙන් කිසි සද්දයක් නෑ …මන් ඉක්මනට බාත් රොබ් එක ඇග පටලගෙන එලියට ආවේ විභූ හොයාගෙන …

මන් එලියට එනවත් එක්කම විභූ හැරිලා බැලුවෙ ජනේලේ ලග හිටගෙන එපිට බලාගෙන තේ එකක් බොද්දී …

“ඔයා වොශ් දැම්මාද ”

“හ්ම්ම් ඔව් ඔයාව තනියෙන් තියන්න බෑ කියලා හිතුනා පහලට ගිහින් වොශ් දාගෙන. එන ගමන් තේ එකකුත් අම්මගෙන් ඉල්ලන් ආවෙ .ඕනේද ”

විභූ අතේ තිබ්බ තේ එක මට දික් කරලා ..
එහෙම ඇහුවේ …
මන් ඔලුවෙන් සන් කලේ .. තේ බොන්න පිරියක් ඇත්තටම නැති නිසා ..

මන් විභු ලගට එද්දීම විභූ මාව එයාගේ ලගට අරගෙන ආදරෙන් හිස සිප ගත්තා

“අම්මා කෑම ටික කාමරේටම එවලා .. ”

විභූ කාමරේ පැත්තක තිබ්බ ටී ට්‍රොලි එකේ වහලා තිබ්බ දීසී පෙන්නලා කිව්වේ ……

“ඔයාට පහලට බහින්න නගින්න අමාරු නිසා කියලා කිව්වේ ”

අනේ මට අම්මා ගැන දුකක් දැනුනේ ..
මට කවදාවත් හිමි නොවුන ඒ ආදරේ මට අද ලැබෙද්දී දරාගන්න බැරි තරමට හිත බොලද වෙනවා ..

මට. හැඩුම් එන්න ආවත් මන් ඉවසගෙනම හිටියේ විභූ ඉස්සරහ අඩන්න බැරි හින්දත් .. අද අපි දෙන්නගේ ලස්සනම දවසක් නිසාත් ..

ඒත් දරාගන්න බැරි තැන ..
මට ලොකු සුසුමක් පිට උනෙ හිතේ බර නිදහස් කරලා

” තවමත් .. කල්පනා කරනවාද …හැමදේම හරි දේදූ”

විභූ මාව එයාගේ තුරුලට අරගෙන එහෙම කිව්වේ මාව දැනිලා වගේ

“අම්මා ඔයා එනකන් බලන් ඉන්නේ කී දවසක ඉදන් ද ..
මටත් වඩා ඔයාව දකින්න බලන් හිටියේ අම්මා ”

මට විභූ එහෙම කිව්ව්ම පුදුම හිතුනා ..

විභූ කියලා කියන්නේ කවදාවත් මන් වගේ කෙල්ලෙක්ට ලබාගන්න පුලුවන් කොල්ලෙක් නෙමේ .. ඒ උනාට විභූ .. අද මටම අයිති වෙලා .. මේ හැමදේටම සර්ගේ වගේම අම්මාගෙත් ආශිර්වාදේ ලැබිලා …
ඒක ඇත්තටම මට පුදුම හිතුනා …

“අම්මාට පුන්චී බොරු ටිකක් කියන්න උනා .. දුක් වෙයී කියන බයට ..හැබෑයී එකා මහ වැරදී නෙමේ න්හ්හ්”

?

විභූ එහෙම කියලා එයා ගේ තේ එක මගෙ අතින් තිබ්බා

” බොන්න..”

විභූ තේ එකෙන් බාගයක් මට ඉතුරු කරලා ..
මන් ආසාවෙන් දෝතින් අරන් බිව්වේ විභූ මට තේ එක දීපු නිසා ..

හ්ම්ම් ඇතී දැන් බත් කමූ …
බඩගිනි නේ හ් හොදටම ..
අම්මා රසට උයලා ..
මගේ කෙල්ලට බබෙක් හම්බෙන්නලූ න්හ්හ් ..

විභූ එහෙම කියලා මාව තදින් තුරුලු කරගත්තා ..
අනේ ඒ ආදරේ ..
කෙල්ලෙක්ට කොච්චර වටිනවාද ..
විභූ මෙච්චර බොලද වෙලා තියෙනවාද .. මතක ඇති කාලයක නෑ ..කියලා මට හිතුනා ..

ඒත් විභූ අද ඉන්නේ සතුටෙන් .. එයාගේ හිතත් නිදහස් වෙලා වගේ ..
හේතුවක් දන්නේ නැති උනත් .. විභූට කියන්න ගොඩක් කතා තියෙන බවනම් මට හිතුනා

“දැන් මන් තුන්දෙනෙක්ට කන්න එපැයී …

විභූ එහෙම කියලා .. මන් දිහා බලලා ඇහැක් ගැහුවා ..

“ශෝක් දරුවාගේ තාත්තා …
බබා ලැබෙන්න මට ..තුන් දෙනෙක්ට කන්න ඕනේ තාත්තා .. ”

මන් එහෙම කියලා විභූ කෑම බෙදන්න හදද්දී පිගාන අතට ගත්තා …

“කෝ දෙන්න මෙහාට .. අද මන් තමයී බලන්නේ ඔක්කොම .. හොදද ..
ඔක්කොම කන්න ඕනී නැත්නම් දෙන්නේ ගුටී .?

? විභූ ඇයී එහෙම ..
කමක් නෑ කොල්ලගේ ආසාවනේ

මන් විභූගේ අනසකට යටත් වෙලා .. කීකරු විදියට ගිහින් වාඩි වුනා ..
විභූට හිනා ..

මන් කොල්ලා දිහා බල බල රවන ගමන්.. හිටියේ ..
ඇත්තටම මට විභූ ට කියලා දේවල් කරවගන්න එක හිතට අපහසුවක් උනත් විභූගේ … හැටි දන්න නිසාමයී විභූ ඉස්සරහ මන් පසු බැස්සේ

විභූ කෑම එකත් අරගෙන මන් ලගින් වාඩි වුනා …
ඇත්තටම අම්මා මන් ආසම විදියට උයලා ..
මේ දේවල් කොහොම දැනගෙනද මන්දා …

පොලොස් ,මාලු ,සම්බෝල එක්ක ගොටුකොල සම්බෝලයක් තිබ්බේ කන්නත් කලින් කටට කෙල උනන විදියට ..

?

විභූ බත් අනද්දී මන් විභූගේ අතින් අල්ලා මන්ම කවාගත්තා ..
විභූට හිතාගන්න බැරිවෙන්නැතී …

“බ…බා…ඔයා බඩගින්නෙද හිටියේ මෙච්චර වෙලා ”

විභූ එහෙම ඇහුවම මට ලැජ්ජා හිතුනා .. .
මන් නෑ කියන්න ඔලුව වැනුවේ .. විභූගේ මූනේන් පෙන්නපු දුක මන් දැක්ක නිසා …

ඇත්තටම මට තිබ්බේ බඩගින්නටත් වඩා ආසාවක් ..
දොලදුක කියන්නේ මේකද කියලා හරියට .කියන්න දන්නේ නැති උනත් .. මට විභූ බත් කට කවනකන්වත් ඉන්න බැරි තරම් …

විභූත් ඉක්මනට ඉක්මනට ආසාවෙන් බත් කැව්වේ මාව තේරුම් අරගෙන වගේ .. .

“ඔයා කෑවේ නෑනේ … ”

බත් කවලා ඉවර වෙද්දී. . මට ඒක මතක් උනේ ..
අනේ ..
ඇ…යි…

මට මන් ගැනම ඇති උනේ කලකිරීමක් …

ඇත්තටම විභූ එක බත් කටක් වත් කෑවේ නෑ නේද…

මන් මගෙන්ම ඇහුවා ..

“මේකේ ඉන්න දග බඩ්ඩ ඔක්කොම කෑවනේ .. ..මන් කන්නම් බබා බඩගිනී නෑ මට එච්චර..”

විභූ එහෙම කිව්වේ මගේ ඔලුව අතගාලා ..

එයා එහෙමම නැගිටලා පිගාන තියලා .. මට බොන්න වතුර එකකුත් ලන් කරලා .. විභූ ගියේ කන්න ..

මට දුකක් දැනුනේ ..

“පිස්සී …”

මොනාද දැන් කල්පනා කරන්නේ ..

විභූ ගැන නොහිතෙන්න තරම් මන් ආත්මාර්ථකාමී උනාද …
මට ඒක හිතට වද දෙන්න ගත්තේ හරි අමුතු විදියට ..

ඒත් විභූ නම් ඒ ගැන වද වෙන බවක් පෙන්නුවේ නෑ .. .
ඒ නිසාම තමයී ඒ දුක හොදටම දැනුනේ මට ..

❤️

දවස් ගෙවුනේ විභූ අම්මා සර් එක්ක ගොඩක් සුහදව …
විභූ උදේම පුරුද්දක් විදියට ..ගෙදරම තිබ්බ. ජිම් එකේ ජොගින් කරා .. මන් ගොඩක් වෙලාවට එයා ලගටම වෙලා හිටියේ .. විභූගේ ආසාවට ..
අම්මා නම් කිව්වේ .. විභූ ගේ .. ආසාව ඒ යකඩ ගොඩට ඇරුනම මන් තමයී ..කියලා …
මට එහෙම වෙලාවට මගේ කොල්ලා ගැන ආඩම්බරයක් තිබ්බේ ..

“ඔය ඉතින් දුවට කොච්චර කීවත් බෑනේ ..
ඔය දේවල් කරන්න පුලුවන්න්හ් මට … ”

මන් කුස්සියේ .. ඉදගෙන වැඩට ඉන්න සුමනා අම්මා එක්ක කතා කර කර පලා තෝරන ගමන් හිටියේ …
ඒත් එක්කම අම්ම ඇවිත් කෑගැහුවේ .. කුසකුත් තියාගෙන වැඩ කරනවාට. අකමැති නිසා …

“අනේ මන් කිව්වා නෝනා ..
ඒත් ඉතින් කොහෙද පුන්චී නෝනේට කරන්න ඕනෙමයී කිව්වා …”

“අපේ කොල්ලා වගේම යක්ශයෙක් වෙන්නැති එහෙනම් එන්න ඉන්නේ. . ”

අම්මා එහෙම කිව්වේ. හිනාවෙලා ..

එතකොටම ..යී ..

ඊලග කොටසට …

29 thoughts on “?බඹර ඉසව්ව ? | 60 කොටස | නවකතාව”

  1. දැන් නම් හරිම ලස්සනයි කතාව …ආයෙත් බාල්දි පෙරලන්න නම් එපා මේ දෙන්නට ????
    ??????????????????????

  2. Ammooo vibuge adare ❤❤❤❤ attamai katawa gdak gdak lassanai akkiyo ane hamadama katawa dennako
    Budusaranai akki parissamin inna ?????????????

      1. සෙව්මි

        දිල් අක්කි … කොහොමද ඉතින් .. පරිස්සමෙන් ඉන්නවා නේද … ??

  3. ???කතාව ගොඩක් ලස්සනයි අනේ. ???

    කරන කියන සියලු දේ සාර්ථක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සුභ පතනවා.පරිස්සමින් ඉන්න බුදු සරණයි

  4. ?නොහදුනන්නී ?

    කුමක් කියම්ද කෙසේ දරම්ද
    නුබේ මේ ආදරය
    හිතුවෙ නෑ සුදු මහත්තයෝ
    උබ මට මෙච්චර ආදරේ කලාද
    දරන්නෙ කොහොමද බන් මන්
    උබේ මේ නුහුරු සෙනෙහස
    විදින ආසයි බන් හැමදාම උබේ උනුහුම
    තාමත් ගැහෙනව බන් පපුව
    උබේ සෙනෙහෙ දරන්න බැරිව
    මැරෙනකල් ලැබුනොත් ඇති බන්
    උබේ ලග ඉන්න අපේ පැටියත් එක්කම
    කෝ උබේ ලග තිබුන අර නපුරුකම
    ආසයි බන් බය උනත් උබේ ඒ නපුරුකමට
    අදහන්න බෑ බන් මට මේ හැමදෙයක්ම
    බයයි බන් හීනයක් කියල මගදි ඇහැරෙන…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.