Katha Ahura

?බඹර ඉසව්ව ? | 68 කොටස | නවකතාව

5/5 - (1 vote)

බඹර ඉසව්ව

මන් සුසුම් පිට කරලා .. තේසු දිහා බලන් හිටියේ හසිත එක්ක හුරතල් වෙන හැටී .. නාරා අයියාත් තේසුට ගොඩක් ලං වෙලා කියලා මට හිතුනා ….

❤️

අදට දවස් හතරක් ගතවෙලා ..
මගේ කිරි සප්පයා වගේම විභූව දකින්නත් මගේ හිත පෙරුම් පුරන්නේ දවස් ගානක ඉදලා ..
ඒත් මට ගත වෙන හැම තප්පරයක්ම මහ මෙරක් තරම් හිතට බර වෙලා දැනුනේ ..

සෙව් මාව බලන්න පුලුවන් හැම වෙලාවකම වගේ කෙල්ල ආවා .. කෙල්ලට ඇඩ්මින් එකට ප්‍රමෝශන් එකක් ලැබිලා ..
මට කිව්වේ නාරා අයියා ..
සෙව්ට .. එහෙම ලැබුන එක නම් ලොකු දෙයක් ..
කෙල්ල ආව දා ඉදන්ම .. කටින් සෙක්ශන් එකේ . නොසෑහේන්න වැඩ කලා ..
කෙල්ලට ඒ නිසාම මෙහෙම උසස් වීමක් ලැබුන එක නම් මගේ හිතට සහනයක් …
ඔෆිස් එකේ වැඩගැන නිතරම .. සර් බලනවා කියලාත් කිව්වා ..
තවමත් මට තාත්තෙක් උන ලොකු සර් ට මට ඒ ගෞරවය හිතෙන් අයින් කරගන්න හිතෙන්නේ නැති තරම්
නාරා අයියා නම් නිතරම වගේ හොස්පිට්ල් හිටියේ ..
මන් ඉන්න හොස්පිට්ල් එකේම පිරිමී වාටුටුවේ විභූ හිටිය නිසා …
මන් කවුරුත්. නැතී පාලු කාමරේ පැත්තකින් එලිය දෙන කුඩා ලයිට් එක දිහා බලාගෙන හිටියේ ..
හිතට හරිම පාලුවක්..
ඊටත් දවස් ගානක්ම
එකම විදියට ඉදලා .ඇගටවත් පහසුවක් .. නෑ …

එකපාරම දොර ඇරගෙන ආවේ .. නර්ස් කෙනෙක්..

“අම්මාට මන් කතාකරනවා ඇහුනේ නෑ වගේ”

මන් ඇත්තටම කල්පනාවක හිටපු නිසා මට නර්ස් කතාකරනවා ඇහෙන්නේ නැතිවෙන්නේ නැතී …

“මිස් මට කතා කලාද ”
මන් ආයෙම නර්ස්ගෙන් ඇහුවා
..ඔව් කියන්න කෙල්ල ඔලුව වැනුවා ..
මට වඩ අවුරුදු දෙක තුනක් බාල හරි හුරුබුහුටි කෙල්ලෙක් .. හරිම කාරුනික කතාබහක් තිබ්බේ එයාට …

“අද ඔන්න අම්මාට. අපි බබාව ගෙනත් දෙනවා හොදද .. හැබැයී වැඩි වෙලා තියාගන්න බැරිවෙයී.. තාම ඉතින් නිතරම එයා ගැන බලන්න ඕනී ”

නර්ස් ඒහ්ම කිව්වම මගේ හිත සතුටින් ඉපිලුනා ..

අනේ දවස් හතරක් .මන් ඉවසුවා ..
මගේ දරුවාගේ මූන දකින්න …
මට ඒ තරම් සතුටක්..
මට ඇත්තටම මගේ ඇස් දෙකට ඕන කලා .. විභූගේ ලෙයින් බිහිවෙච මගේ පණ කෙන්ද දකින්න ..

ඊට ටික වෙලාවකට පස්සේ කාමරෙන් නර්ස් පිට උන ගමන් ..
කාමරේට ආවේ සෙව් .. .
ඒත් එක්කම කෙල්ල පස්සෙන් ආවේ ..
අන්ජි…

“දූදු …
අනේ උබ කෙල්ලේ .මහත් වෙලා ….”

අන්ජිඇතුල් වෙනවත් එක්කම එහෙම කිව්වා ..
ඇත්තටම මන් කලින්ට වඩා ටිකක් මහතයී ..දරුවා ලැබුන නිසා වෙන්නැතී.. ඒ උනාට මන් ඒ ගැන එතරම් හිතුවේ නෑ …

මන් කෙල්ල දිහා හිනාවෙලා බැලුවා …

අන්ජිගේ මූනේ නම් තිබ්බේ .. ඔක්කොම
හොර අල්ලා ගත්තා වගේ බැල්මක්…

“අන්ජී…කොහොමද කෙල්ලේ”

“අනේ ඉන්නවා කෙල්ලේ ..උබත් නෑනේ ඉතින් පාලුයී ..මොනා කරන්නද ..
උබේ යාලුවා ආවා මගේ ලගට උබ නැති පාලුව මකන්න …”

එහෙම කියල කෙල්ල හිනා උනා ..
දෙන්නම එක සෙක්ශන් එකේ නිසා දෙන්නටම පාලුවක් නැතුව නැතී …

“මොනා උනත් .. බන් .. උබ ට කපපු එවුන්ට හොදම වැඩේ ….”

අන්ජී .. එහෙම කිව්වම මන් … අන්ජිගේ අතින් අල්ලගත්තා …

“මට කාත් එක්කවත් තරගයක් තිබ්බේ නෑ අන්ජී”

“ඒකතමයී ..උබ එහෙම කලේ නැති උනාට අනිත් උන් එහෙම කලානේ .. ඒකනේ ඔහොම උනේ ..
සේනකයට ආය එන්නවත් ලැබෙන්නෙ නැති වෙයී .. ඇයී ෆියෝනි.. තව ලැජ්ජා නැතුව කොහොම ඔෆිස් නෙකේ ඉන්නවද මන්දා .. ”

“එහෙම කියන්න එපා කෙල්ලෙ … ”

“හ්ම්..”

“උබ තාමත් ඉස්සර වගේමයී දේදු..බලපන් ..හිත උනු වෙනවා … මොනා උනත් සර් කාරයාගේ පින .. ඉතින් ”

අන්ජි එහෙම කිව්වා ..
සෙව්ත් ලගට වෙලා මේ හැමදේම අහගෙන හිටියා .. .

“සෙව්.”

“හ්ම්”

“විභූට කොහොමද ”

“දැන් හොදයී කෙල්ලේ. උබ ඒ ගැන හිතන්නේ නැතුව ඉදපන් අයියත් කියනවා සර් අහන්නේ උබ ගැනලූ ඒකට උබත් මෙතන එහෙමයී”

“එහෙම තමයී බන් පතාගෙන ආවාම නැත්නම් ඉතින් අපිත් හිටියේ ඔෆිස් එකෙ න්හ් බන් ”

අන්ජි එහ්ම කිව්වම අපි තුන් දෙනාටම හිනා ගියා …

විභූ තවත් හිතන්නේ මන් ගැන .. පව් ..
කොච්චර දුකක් ද එයා විදලා තියෙන්නේ .. විභූටත් මට වගේම මගේ දරුවා දකින්න විදියක් ලැබුනේ නෑ …
මට අද හරි එයාව දකින්න ලැබෙනවා .
මට විභූව දකින්න එක පාරක් … ලැබුනොත් ..මට තියෙනවා .. කියන්න දේවල් ගොඩක් ..
මගේ පපුව කීරි ගැහෙන්නෙ හැමදාම විභූ නිසා නෙමේද. අපිදෙන්නාගේම දරුවා නිසා නෙමේද …

මට කෑගහලා අඩන්න තරම් දුකක් හිතේ තෙරෙපුනා ..
ඒත් සෙව් වගේම අන්ජි හිටියේ තරමක සතුටෙන් නිසා. මන් මට දැනෙන හැම හැගීමක්ම දරාගත්තේ මේ නීමේශය කදුලු වලින් කිලිටි කරන්න ඕනේ නැති නිසා …

දොර ඇරුනාත් එක්කම මට ඇහුනේ .. කිරි දරුවෙකුගේ අඩන හඩක් .. මෙච්චර වෙලා හිටපු කල්පනා ලෝකෙන් මන් මිදුනෙර් එකපාරමයී …

“අනේ. මගේ … පුතා … ”

මට එකපාරම කිය වුනේ ලමැදට තිබ්බ අතත් ඉබේටම තද වෙද්දී ..

අනේ රෝස පාට බබෙක් .. මගේ දෑතින් තිබ්බම ..මට ඉභිලිම් නැතිඋනා .. පපෞවට දැනුන හැගීම වචන වලට පෙරලන්න බැරි තරම් …

“ම. .ගේ. …. පු…තේ…”

මගේ ඇස් වලින් වැටෙන කදුලු බින්දූ මූන දිගේ වෙරෙද්දී. මන් මගේ කිරිකැටියාව ලමැදට තුරුල් කරගරගත්තේ හරි පරිස්සමට …
හරිම සියුම් අතැගිලි ..මාව නිමේශයකට .. නතර කරේ දුර ඈත අතීතේ . .

“ද්‍දුනු … උබ මන් නිසා අම්මා කෙනෙක් වෙන්න ඕන .
මගේ ශක්තිය .. උබ ලග තියෙන්න ඕන …”

අහම්බෙන් හම්බුන ඩයරි එකෙ ..විභූ ලියලා තිබුන කතා අස්සේ තිබුනේ එහෙම වචන පෙලක් …

මේ දරුවා මගේ ශක්තියද විභූ ….

තවමත් ඇස් තදකරගෙන ඉන්න විභූගේ හැඩහුරුව මගේ පුන්චි පුතාගේ මුහුනෙන් මන් දැක්කා .. .

හයියෙන් අඩන දරුවාව .. නර්ස් ආයෙම අතට ගත්තේ .. අඩු මසින් උපන් නිසා .. විශබීජ් වලින් … පරිස්සම් කරන්න ඕන හින්දා .
තවමත් දෝවා පොවන කිරි නිසා .. මගේ ලැමෙහි .. දරුවා වෙනුවෙන් ඉහිරෙන කිරි ඔහේ මගේ ලැම තෙත් කලා … .

මට පුතා මගෙන් වෙන් කරපු දුකට ආව හැඩුම්නවතගන්න බැරි තරම්…
හැමදේම හොදට කියලා දැනුනත් තව තප්පරයක් වත් මගේ ලැමෙහි මගෙ දරුවව උනුසුමට තියන්න මට ඕන කලා …

මන් අත් දෙකෙන් මූන වහගෙන ඇඩුවේ .. හොදටම්.. …
තව කී දවසක් මේ දුක දරන් ඉන්නද විභු
මට කෑගහලා අහන්න හිතුනා …

“බබා….”

මගේ හිසෙහි රැදුන ස්පර්ශයත් එක්කම .. ඇහුන පිරිමි කටහඩ මගේ හැඩුම් ඉබේටම නතර කරා …
මන් දැස් විවර කලේ .. මූන දිගේ පෙරුන කදුලු ඔහේ තියෙද්දී….

දෙවියනේ … මම මේ දකින්නේ .හීනයක් .ද …
මන් ඇස් පිල්ලමක් වත් නොගහා බලන් ඉන්න ගමන් .. ඇහුවේ මගෙන්ම යී …

මට අත පය හිට වෙලා ..මුව ඉබේටම ගොලු උනේ .. පපුව දෑවෙන ගමන් …

“ම…හ…ත්…ත…යා…”

මන් වචන එකතු කලේ හරි අමාරුවෙන් …
මූන පුරා වැවුන රැවුල …
අතට වෙලපු වෙලුම් පටියත් එක්ක …
විභූ ව එක අතකට වාරු කරගෙන හිටියේ නාරා අයියා ….
මන් විභූගේ මූන ලගට අත ගෙනාවේ ඇත්තටම මේක හීනයක් ද කියලා හිතාගන්න බැරුව …
රලුවට අහුවෙන ඒ මුහුන ..මන් අත් දෙකෙන්ම අල්ල ගත්තා ….

” හීනයක් . නෙමෙ නේද . මහත්තයා…ඔයා මන් ලගමයී නේද …

මන් පිස්සුවෙන් වගේ .. විභූගේ කම්මුල් සිප ගන්න ගමන් එහෙම ඇහුවා …

“මගේ රත්තරන් රිදුනද .. ”

“නෑ .. මහත්තයා ඔයාට තරම් නෑ. . .”

මන් විභූගේ කම්මුලක් බදාගෙන එහෙම කිව්වා …

විඩාබර ඒ මූනේ යන්තම් ඇදුන හිනාව .. මගේ ඇස් කදුලු වලින් බර කලා. .

“අපේ දරුවා… හොදින් … බබ…”

“ම්හ්හ්…”

මන් හැඩුම් තද කරගෙන විභූට එහෙම කිව්වේ …

විභූගේ ඇස් පලවෙනි පාරට බොර වෙලා තියෙනවා දැක්කා …
ඒ ඇස් වලින් මන් ආදරේ දෝර ගලනවා දැක්කා…

මට ඕන කලා විභූ ලගින් තියන් සනසවන්න .. ඒත් ඒකට වෙලාව මේක නෙමේ කියලා මන් දන්නවා …
මන් ඒ නිසා ඉවසගත්තා ..

“තව ටික දවසයී … ඉවසමු රත්තරන් … ”

විභූගේ වචන හරි වෙනස් ..
කලාතුරකින් ඇහෙන ඒ වචන වලට මන් ලෝබ කලා. .

“හ්ම් ඉවසන්නම්. තවත්… ඔයා කියන හින්දා … ”

මන් දෝතට ගත්ත විභූගේ කම්මුල් ලාවට සිප ගත්තේ විභූට නොරිදෙන්න .. .
ඒය මගේ හිස දිහා බලාගෙන හිස අතගන්න ගත්තේ .. මගේ දෑස් දිහා බලන් ඉන්න බැරුව කියලා මට හිතුනා ..

ඊලග කොටසට ….

19 thoughts on “?බඹර ඉසව්ව ? | 68 කොටස | නවකතාව”

    1. උක්කූං පුතා(SuMi )

      සුභම සුභ උපන්දිනයක් වේවා සදෙව්මි නංගියා.. තෙරුවන් සරණයි කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා ඔයාට..❤️❤️??

          1. සෙසඳි

            සෙව් චූටි මැණික ඔයාට නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා මැණික … පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ??????????

            මම මහිංසා අක්කි

      1. සෙව්මි

        ටැංකු ලොකු අයියේ .. ආ මේ මං සදෙව්මි නෙමේ.. සෙව්මි .. හරිද . ????

  1. ???සුභම සුභ උපන් දිනයන් වේවා මගෙ සෙව්මි නංගා ඔයාට. ???
    ලස්සන අනාගතයක් පතනවා මං.සතුටින් ඉන්න.බුදු සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.