Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් එක්වෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

හතළිස් එක්වෙනි පියාපත..

—————————————————————————————————————————————–

උත්තර නැති ප්‍රශ්නයක් ඒක..?? කොහේ කියලා යන්නද මං….???

ටික වෙලාවකින් ශේශ්ගේ චායාව දොර ගාවින් මෑත් වුණා..

හරියට බැලුවොත් මට යන්න තියෙන්නේ අම්මා ගාවට විතරයි.. මාව පිලිගන්න ඉන්නෙත් මේ ලෝකේ අම්මා විතරයි…

තව තවත් මං එකම සිතුවිලි ගොඩක අතරමං වෙලා වගේ.. හරිම නීරසයි මේ ජීවීතේ..

පාන්දර මට ඇහැරුනේ කවුරු හරි මං දිහා බලන් ඉන්නවා දැනිලා..

ඒත් මං ඇස් ඇරිලා බලද්දි කවුරුවත් නෑ..

මං.. මං කවුද..?? ගිනීද..?? පිනී ද…??

මට පිනී වෙන්න බෑ.. මට ඕන ගිනී වෙන්න.. ශක්තිමත්, සතුටෙන් ඉන්න ගිනී වෙන්න..

මං කොහෙන් හරි ජීවිතේ පටන් ගන්න ඕනී කියන හැඟීම මගේ හිතට පළවෙනි පාරට දැනෙන්න ගත්තා..

තව දුරටත් කාමරයක් අස්සට වෙලා ආදරයක් වෙනුවෙන් හඬා වැටෙන බොලඳ කෙල්ලව මං මගේ හිතින් අයින් කරොත් මට ගිනී වෙන්න පුලුවන්..

මං බාත් රූම් ගිහින් පැයකටත් වඩා නෑවා..

තවත් මෙහෙම කාටවත් බරක් වෙන එකේ කිසි තේරුමක් නෑ..

තොල් රතු යක්ෂනී කිව්වා හරි.. ශේශ් මේ පිස්සු කෙල්ලට අනුකම්පාව දක්වන්න ඇති.. දැං මට හොඳයිනේ.. මොකටද අනුකම්පාවක්..

මට එහෙමම හිතන්න ඕන වුණා..

මං මෙහෙන් යන්න ඕනි.. අම්මා කොහේ හිටියත් මට උදව් කරාවි..

ඇස් වලට තවත් උනම කඳුලු බිංදු මං පිහිදලා දැම්මා..

මට රස්සාවක් තිබුනා නම් මෙහෙන් ගිහින් ජීවත් වෙන්න තිබ්බා.. ඒත් මං මහ ගොඩක් ඉගෙන ගෙන නෑ..

කාමරේට එද්දි දැක්කේ නැන්දා ඇවිත් කෑම තියලා ගිහින්..

කන්න හිතක් නොතිබ්බත් හිතට වගේම ඇඟටත් ශක්තියක් ඕන නිසා සැන්ඩ්විච් එකක් කෑවා..

කොළයක ඔතන තිබ්බ කෙසෙල් ගෙඩියක් ලෙලි ගහන් කෑවා..

ඉස්සර නම් ශේශ් කෙසෙල් ගෙඩිය ලෙලි පවා ගලවලා දෙනවා මට..

මගේ ජීවීතේ අන්තිම හුස්ම ගිලිහෙන තප්පරේ පවා මට ඔයාව මතක් වෙයි ශේශ්..

කවදාවත් මට සුව නොවුණා නම් ඔයා මට ආදරේ කරාවී..

මං නිකමට වගේ කෙසෙල් ගෙඩිය ඔතලා තිබ්බ කොළේ කියෙව්වා..

ඇඟළුම් සේවීකාවන්ට ඇබෑර්තු….!!

මං සම්පූර්නයෙන්ම කියෙව්වා.. නවාතැන් පහසුකම් අවටින්ම, ආහාර පානත් දෙනවලු.. ඔක්කෝටම වැඩිය අධයාපන සුදුසුකම් ලොකූ දෙයක් එයාලා බලාපොරොත්තු වෙන එකක් නෑ වගේ..

මං හිතන්නේ මේක තමයි මගේ අවස්තාව..

කොළේ එහෙමම නවලා අරන් වතුරත් බීලා පහලට ගියේ මේකේ තිබ්බ නම්බර් එකට කෝල් එකක් ගන්න..

මේ වෙලාවට ගෙදර ඉන්නේ නැන්දයි ගෙදර ගාඩ්ස්ලයි විතරයි…

දවස් පහකට පස්සේ මං මේ කාමරෙන් එළියට ආවේ. අලුත් බලාපොරොත්තුවක් එක්ක..

පොඩිම තැනින් හරි මට පටන් ගන්නයි ඕන වුනේ..

ඒත් ශේශ් දැන ගත්තොත් නම්..??

එතනින් එහා හිතන්න ගියේ නෑ මං.. හිතුවොත් ශේශ්ගේ මතක අස්සේම මට ආයේ අතරමං වෙන්න වෙයි..

ගැහෙන ඇඟිලි තුඩු වලින් මං පත්තරේ තිබ්බ අංකයට කෝල් එකක් ගත්තා..

ටික වෙලාවක් යද්දි එහා පැත්තෙන් ආන්ස්වර් කරේ ටිකක් වයසක ගෑනු කෙනෙක් වගේ..

මගේ විස්තර අහලා මට හෙට ඉන්ටවිව් එන්න කිව්වා..

එහෙනම් අද තමයි මං මේ ශේශ්ගේ පරන ගෙදර ඉන්න අන්තිම දවස..

ලොකූ සුසුමක් හෙළලා මං එහෙමම සැටියෙන් වාඩි වුණා..

“ඔය ළමයා මෙහෙන් යනවද..??”

මගේ පිටිපස්සේ හිටියේ ඇන්ටි.. සමහරවිට එයාට ඔක්කොම ඇහෙන්න ඇති..

තවත් හංගන්න හිතුනේ නෑ මට. මං ඔළුව වැනුවා..

මුකුත්ම නොකිය ඇන්ටි ඇවිත් මගේ ඔලුව අත ගෑවා..

“කොහේ ගියත් දුව පරිස්සමින්..”

හුඟ වෙලාවකට පස්සේ ඇන්ටි මට කිව්වා..

අපි දෙන්නා එකතු වෙලා දවල්ට උයලා, කෑමත් කෑවා.. මං හිතන්නේ මන් ඇන්ටි එක්ක ඉද්දි එයා සතුටින්..

පලවෙනි දවසේ මං බය වුන හැටි.. ඒත් අද.. අම්මා කෙනෙක් වගේ.. මං කොයි තරම් හිතුවක්කාර වුණත් මං වටේම ඉන්නවා..

මං හවස කාමරේට ගියේ ඇදුම් දෙක තුනක් ගෙනියන්න හදා ගන්න..

එකපාරම ආපු සිතුවිල්ලක් නිසා මං ගියේ ශේශ්ගේ කාමරේට..

මං කිසි දෙයක් අල්ලන්න නැතුව වටේම බැලුවා.. කොයි තරම් නම් මතක මේ කාමරේ තියෙනවද..??

දාලා යන්න බැරි තරම්…

පපුව කඩා ගෙන ලොකූ දුකක් දැනෙද්දි මං දුවගෙන මගේ කාමරේට ආවා…

මට සමාවෙන්න ශේශ්.. මං දන්නවා මං හිත හදා ගන්න ඕනි..

බෑග් එක අල්මාරිය උඩින් අරන් මගේ ඇඳුම් දෙක තුනක් මං ඒකට දා ගත්තා..

මේක තමයි අපේ වෙන්වීම ශේශ්..

වාහනයක් නතර කරා වගේ සද්දයක් ඇහුණා..

කවුද මේ වෙලාවේ…?? ශේශ් එන වෙලාවක් නෙවෙයි මේක..

මොකක්දෝ අමුත්තක් මගේ හිතට දැනුනා.. මං කෝකටත් මගේ ඇදුම් බෑග් එක ඇඳ යටට දාලා මං හෙමීට කොරිඩෝවට ආවා..

සාලේ නම් කවුරුත් නෑ වගේ.. ඒත් වාහනයක් ආවානේ..

මං පඩි පෙළ බැහැගෙන පහළට එද්දී දැක්කේ පඩි පෙළ පාමුල හිටපු තොල් රතු යක්ෂනී…

අද නම් ඒ මූණ හොඳම නෑ..

“ආ කුමාරිහාමි.. තමුසෙව අල්ල ගන්නමයි මං හිටියේ.. ”

“මගෙයි, ශේශ්ගෙයි අතරට තමුසෙට ආයේ කවදාවත්ම එන්න බෑ..”

“අද මං තමුසෙව ඉවර කරාම සදහටම ශේශ් මගේ..”

මොනවද මේ මෙයා කියන්නේ..?? මට මුකුත්ම තේරුනේ නෑ..

ඒත් ඊළඟ තප්පරේ තොල් රතු යක්ෂනී අතේ හංගන් හිටපු පිහියක් මට ඇන්නා..

දෙයියනේ…!!!

මං බිත්තිය පැත්තට පැනලා බේරුනා..

“අම්මා..”

මං කෑ ගහගෙන එයාව තල්ලු කරලා කුස්සියට දිව්වා.. කුස්සිය ගාව කොරිඩෝවේ ගාඩ් කෙනෙක් ඉන්න බව මං දන්න නිසා..

ඒත් ඊට කලින් තොල් රතු යක්ෂනී දෙවෙනි පාරටත් මට පිහියෙන් ඇන්නා..

මගේ අතක් කැපිලා ලේ ගලා ගෙන ගියා..

“බේර ගන්න.. උදව් කරන්න.. ශේශ්….”

මාව පැන්ට්‍රි කබඩ් ගාව බිම වැටෙද්දි මං හයියෙන් කෑ ගැහුවා..

තොල් රතු යක්ෂනී මහ හයියෙන් හිනා වෙවී ඇවිත් මට තුන් වෙනි පාරට පිහියෙන් අනින්නයි හැදුවේ…

නොහිතපු මොහොතක අපි දෙන්නා අතරට ආපු නැන්දටයි පිහි පාර වැදුනේ..

“නැන්දා…”

——————————————————————————————-

ඔව්.. ඔව්.. මං මේ ඉක්මනටම ඉවර කරන්නයි හදන්නේ… එහෙම හිතපු හැමෝම වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක්.

ආදරෙයි පැලෙන්න… හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

කතාව ආයෙම උනුසුම් වේගෙනයි එන්නේ…

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි.. !!

18 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් එක්වෙනි කොටස | නවකතා”

    1. Dulanjali piumika

      මොනවද මේ වෙන්නේ… ??? අනේ මන්දා හිතාගන්න බැ.. දැන්නම් මං අක්කිගේ කතාව guess කරන එක අතැරලා ඉන්නේ … ?? guess කරාට වැඩක් නැනේ මං හිතන දේවල් වෙන්නේ නැනේ……

      කතාව නම් සුපිරි අක්කියෝ… ආය කතා ⁣දෙකක් නැ… කියන්න වචන නැ මට නම්….
      සතුටින් ඉන්න අක්කියෝ බුදුසරණයි …❤❤❤

  1. Ane akki ai mee mkda wenne hitha gnnvat baa shesh giniva bera gani neda thol rathu yakshanita hoda padamak ugannai neda shesh akki katawa nm lassanai anee htat enna digaa kotasak aran budu saranai akki parissamin inna ❤❤❤❤???????????????

  2. ..Sandashen..

    අයියෝ කඩවලේ මේ මොකද්ද වෙන්නෙ ඒ පාර ගිනිට…මේ දවස් වල ගිනීගේ ග්‍රහයෝ නීච වෙලා ඉක්මනට කේන්දරේ බලවන්න…???? නැත්තං තව මොන මොන කරදර එයිද දන්නේ නැහැ …..?????????????

    1. නිෂා සශී ?

      මැණික ඔයාගෙ උපන්දිනේ නේද සුබම සුබ උපන්දිනයක් වේවා සෙව් පැටියෝ…. පරිස්සමින් සතුටින් ඉන්න සුබ අනාගතයක් කෙල්ලේ ඔයාට. ????????

  3. අයියෝ අක්කියෝ ඔයානම් බාල්දි පිට බාල්දි පෙරලනවනේ අපේ ගිනී කෙල්ලටයි ශේශ් කොල්ලටයි ……??????

  4. නිෂා සශී ?

    ආ මාධි අක්කියෝ…. කෝමෙයි ඉතින්. කතාව ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑනේ…පට්ට සුපිරියි. ඒක නෙමේ අක්කි මේ සූටි අපට ඔච්චර ලොකු දුකක් දෙන්න දුක නැද්ද අනේ. ගිනිය දැන් පිනිය වෙලා ශේශ් දැන් නියම නයා. අනේ මන්ද මොනා වෙයිද කියලා.අපේ මාධි අක්කි ඉතින් වෙනස්නේ….. හෙටත් එන්න අක්කියෝ.. බුදු සරණයි දළදා සමිදු පිහිටයි ????????

  5. නයෝ මධූ

    මොකක්ද අප්පා මේ වෙන්නේ? අහක හිටපු නැන්දට මොනවා වෙයිද? අනේ මන්දා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.