Katha Ahura

?ගිනි කිරිල්ලී | පනස්දෙවන කොටස | නවකතා

5/5 - (1 vote)

පනස් දෙවන පියාපත….

————————————————————————————————————————————-

එහා පැත්තෙන් ඇහුණේ හයියෙන් හුස්ම ගන්න හඬක්.. ඔව්..

මට වැරදුනේ නැත්නම් මේ ශේශ්…!!!

එහෙනම් ගේ ඉස්සරහ නවත්වපු වාහනේ කාගෙද…??

උත්තරයක් නැති ප්‍රශ්නයක් එක්ක මං තවත් හයියෙන් ෆෝන් එක අල්ල ගත්තා..

“ශේශ්…”

“ගිනී…”

එක තප්පරෙන් ශේශ්ගේ කටහඬ මට ඇහුණා…

“මොකද වෙන්නේ ශේශ්..”

“අහන්න ගිනි.. විනාඩි පහළොවෙන් ඔයාගේ ඇඳුම් ටිකත් අරන් ඇන්ටිත් එක්ක එළියේ තියෙන මගේ වාහනේට යන්න.. ඔයා අඳුරන කෙනෙක් ඇත්තේ…”

“ඒත් ශේශ්.. ??”

“හැමදේම පරණ විදියමයි.. ඔයා ආරක්ශා වෙන්න ඕනි. මං එනකම්.. පරිස්සමින් ඉන්න ගිනී. බුදු සරණයි..!!”

මං මුකුත්ම කියන්න කලින් ෆෝන් එක කට් වුණා..

තවත් විනාඩියක් විතර මං බලන් හිටියේ වුණේ මොකක්ද කියලා මට තෝර ගන්න බැරුව..

ඒත් ඊළඟ විනාඩියේ මං ඇන්ටිට විස්තරේ කියලා කාමරේට ආව ඇඳුමක් දාගන්න..

ශේශ් ගෙනත් තිබුණු ඇඳුම් මොනවද කියලවත් නොබල මං ඉක්මනින් ඇඳුම් ටික බෑග් එකට ඔබා ගත්තා.

මං ඉක්මනින් කාමරෙන් දොර වහලා එළියට එන්නයි හැදුවේ.. ඒත් ඊට කලින් මං කාමරේ වටේම ඇස් යැව්වා..

මේ කාමරය මට ගොඩක් විශේශයි.. මේ ගිනී ශේශ් වෙනුවෙන් හුස්ම ගන්න පටන් ගත්තේ මේ කාමරේ ඇතුළෙදි..

මොනවා වෙනවද කියලා හරි හැටි තේරුමක් නැති වුණත් ශේශ් මං ගාවට ඉක්මනින්ම එනවා කියන විශ්වාසය මගේ හිත ඇතුළේ තියෙනවා..

මං ආයේම කාමරෙන් එලියට එද්දි මට යමක් මතක් වුණා..

ශේශ් කිව්වේ හැමදේම පරණ විදියමයි.. මොකක්ද ශේශ් කියන්න උත්සහ කරේ.. ??

ඔව් මට මතක් වුණා…

මං ආයේම හැරුණේ කාමරයට යන්න..

මට මතකයි එය හැමදාම අපේ ඇඳ උඩින් තුවක්කුවක් තියලා යනවා. නැත්නම් කිණිස්සක් හරි..

ඒ මගේ ආරක්ශාවට..

ඉස්සර පිස්සු ගිනී බය වුණා ශේශ් නැතුව ඉන්න.. ඒ නිසාම තමයි ශේශ් හැමදාම මොකක් හරි තියලා ගියේ..

ඒ සිතුවිල්ලෙන්ම මං මුලු ඇඳේම හෙව්වා.. කොට්ට යටත් නෑ.. මං මෙට්ටේ උස්සලා බලද්දි දැක්කේ කොණකට වෙන්න ශේශ්ගේ තුවක්කුව තියෙනවා..

මං ඒක අරන් හංග ගෙන පුලුවන් ඉක්මනින් එළියට ගියා..

මාත් එක්කම ඇන්ටිත් ආවා..

අපි දෙන්නම ශේශ්ගේ වාහනය ගාවට යද්දි දොරත් ඇරන් එළියට බැස්සේ මං දන්න කෙනෙක්..

ඒ වෙන කවුරුවත් නෙවෙයි.. ගඳ ගහන කැත සතාගේ අනිත් කෙනා..

“දෙයියනේ..!! මිස් ජීවත් වෙනවා. ”

මං දිහා පුදුමෙන් බලන් ඒ මනුස්සයා කියද්දි මට දැන ගන්න ඕන වුණේ ශේශ් ගැන..

“කොහෙද ශේශ්. ??”

“බොස් පරිස්සමින් ඒවි.. අපි ඉක්මනට යමු..”

ඊළඟ විනාඩියේ අපි වාහනේ පාරට දැම්මා.. ඒත් එක්කමයි මට ලොකූ සුසුමක් පිට වුණේ..

මුලු ජීවීත කාලය පුරාවට මං කී පාරක් නම් අරහෙන් මෙහෙට මෙහෙන් අරහෙට යන්න ඇත්ද…??

එක තැනක සැනසීමෙන් මං ආදරය කරන අයත් එක්ක ජීවත් වෙන්න මං පිං කරලා නැද්ද දෙයියනේ…!!!

එහෙම හිතෙද්දිත් මගේ ඇස් වලට කඳුලු උනනවා..

මං මේ කෙනාව අඳුරනවා වුණාට නම දන්නේ නෑ..

“ඔයා දීපක්ගේ යාළුවා නේද..? මට සමාවෙන්න.. මාව ආරක්ශා කරන්න ගිහිල්ලයි දීපක්ට එහෙම වුණේ..”

එයා මුකුත්ම නොකියා ඉස්සරහා බලා ගත්තා..

“මං රාජ්… දීපක් කියන්නේ මගේ මල්ලි..”

ඇත්තමයි මේ වෙනකම් මං ඒක දැනන් හිටියේ නෑ..

“ඔයාටත් මං වෙනුවෙන් මැරෙන්න වුණොත් ප්ලීස් මාව ආරක්ශා කරන්න හදන්න එපා..”

මං එහෙම කියලා ජනේලයෙන් එළිය බැලුවා..

ශේශ්… ගිනී, ගිනි අරන්.. ඔව්.. ලැව් ගින්නක් වගේ මේ ගින්න මගේ හදවතේ පැතිරිලා.. ඔයා මං ගාවට එනකම්ම..

ඇස් අග යන්තම් තෙත් වෙද්දි මං නිකමට පිටිපස්ස බැලුවා..

දැං විනාඩි විස්සකට කලින් මං බලද්දිත් ඒ කාර් එක අපේ පස්සෙන්මයි. දැනුත්..

“රාජ්..අර අළු පාට කාර් එක අපේ එකක්ද..? ඒක අපිව ෆ්ලෝ කරනවා විනාඩි විස්සක විතර ඉඳන්…”

රාජ්ටත් යමක් දැනෙන්න ඇති. රාම් අරහෙන් මෙහෙන් දාලා වටයක් යන්න ගත්තා..

ඔව්.. ඒක එන්නේ අපේ පස්සෙන් තමයි..

පැයක් විතර යනකම් ඒක අපේ පස්සෙන් ආවා..

ඒත් එකපාර ඇහුන සද්දයක් නිසා මං පිටි පස්ස හැරිලා බැලුවා.. ඒ කාර් එක ලොරියක හැප්පිලා..

මං හිතන්නේ දෙයියෝ අපිත් එක්ක අද ඉන්නවද කොහෙද..??

කවුරු මෙහෙම අපේ පස්සේ එනවද කියන්න දන්නේ ශේශ් විතරයි.. ඔයා ඉක්මනින්ම එන්නකෝ..

ඔයා නැතුව මට දැනෙන්නේ ලොකූ අසම්පූර්ණ බවක්. හරියට මට මං නෑ වගේ..

බර සුසුම් මහා ගොඩක් මඟ දිගට විසිරෙන්න ඇති..

අන්තිමේ ඇන්ටි මාව එයාගේ උකුලෙන් තියා ගත්තා.. ඇත්ත.. මේවා දරන්න පුලුවන් තරම් වේදනා ගොඩක් නෙවෙයි..

ශේශ්ගේ රූපය මගේ මුලු මනසේම ඇදෙද්දී මං ඇස් පියා ගත්තා..

අපි යන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ.. ඒත් මට ඕන මං යන හැමතැනකම ශේශ්ගේ මතක මගේ හිත සුවපත් කරන්න..

පැය ගාණක්ම අපි යන්න ඇති.. ශේශ්ව මතක් නොවුණු තප්පරයක් මගේ මතකේ නැතුව ඇති..

ලොකූ බඩගින්නක් දැනුණත් මං ගහක් ගලක් වගේ දරා ගෙන හිටියා..

මට කඩා වැටෙන්න බෑ.. එහෙම කඩා වැටෙන්න බලාගෙන මං මෙච්චර දුරක් ජීවීතේ ඉස්සරහට ආවේ නෑ..

ශේශ් ඔයාට කරදරයක් නැත්නම් ඇති..

එකපාරට වාහනේ නතර වුණා..

මගේ අත හංග ගෙන හිටපු තුවක්කුව දිහාට යද්දි රාම් කාටද කෝල් එකක් ගත්තා..

“අපි ඇවිත් ඉන්නේ..”

“හරි..”

රාජ් කියනවා ඇහුනේ එච්චරයි..

ආයේ අපි යන්න ගත්තා.

තවත් විනාඩි විස්සකින් විතර ඈත කොණක එළියක් පේන්න ගත්තා. අපි යන්නේ එතනට වෙන්න ඇති..

දැං නම් හිතට දැනුනේ ලොකූ වෙනසක්.. දරා ගන්න බැරි තරම් ලොකූ පීඩනයක් මං ඉස්සරහ..

ශේශ්.. ඔයා කොහෙද…??

අපි ලොකූ ගේට්ටුවක් ඉස්සරහ නතර කරා..

රාම් බැහැලා ගිහින් ගේට්ටුව ඇරියා..

පේන විදියට මේක වතු යායක් වගේ..

අන්තිමේ අපි ඇවිත් නතර වුණේ ගෙයක් ගාව..

අපේ වාහනේ නතර වෙද්දිම ගේ ඇතුළේ හිටපු කෙනෙක් තුවක්කුවක් දික් කරන් එළියට බැස්සා..

මොකද මෙතන වෙන්නේ…?

ඇන්ටි මාව නවත්වන්න හදද්දි මං දොර ඇරන් එලියට බැස්සා..තව කාටවත් මාව ආරක්ශා කරන්න ගිහින් මැරෙන්න දෙන්න බෑ..

යන්තම් ආලෝකයත් එක්ක ඒ හිටපු කෙනා ඉස්සරහට ආවා.. හැබැයි තුවක්කුව තාමත් තිබුණේ මාව ඉලක්ක වෙලා..

මං අඩියක් ඉස්සරහට තිබ්බේ රාජ් මගේ නම කියලා කෑ ගහද්දි…

ශේශ් ඔයා හිටියා නම් මට ගහවි.. ඒත් ආයේ කාටවත් මැරෙන්න දෙන්න බෑ..

ඒ තුවක්කුකාරයත් අඩියක් ඉස්සරහට ආවා.. යන්තම් එලියෙන් මං දැක්කේ…

—————————————————————————————————————–

ආදරෙයි ගිනී..

කවුද හිටියේ. ? අනුමාන කරන්නකෝ…

ආදරෙයි පැලෙන්න ඔයාලා හැමෝටම… හැමදාමත් මාත් එක්කම ඉන්න..

නැවතුමක් නැති නිසා යන්න ගියා නැවතුමක් තියලා..

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි..!

29 thoughts on “?ගිනි කිරිල්ලී | පනස්දෙවන කොටස | නවකතා”

  1. හිතෙෂි මෙත්දරා

    Apo aye baldiyak peraluwa neda.meka iwara unama thawa kathawak Genna akkiyo hide.parissamin inna akki.budu saranai

  2. ඇයි අක්කි අපිට උස්සගන්නවත් බැරි බාල්දි පෙරලන්නේ… අපි පව් නැද්ද අනේ… ගිනි …ගිනි… කවුද ඒ කෙනා ගිනිට පිස්තෝලේ දික් කරන් ඉන්න… හිතාගන්න බැ අනේ… හෙටම බලමු… පරෙස්සමින් ඉන්න අක්කියෝ
    බුදුසරණයි!…
    ❤️❤️❤️

  3. නිරෝෂා ලක්මාලි

    දැන් තමයි හොඳම ටික. මොකුත්ම නොකියා ඉන්නම්. ගිනීට ශේශ්ට කිසිම කරදරයක් වෙන්නේ නෑනේ. ඒ නිසා බය නෑ. වෙන දේ බලන් ඉන්නම්.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  4. අයියෝ අක්කියෝ…. මම ඊයෙත් කිව්වා බාල්‍දි වැඩි නම් දෙන්න මම බාරගනු ලැබේ කියලා…?
    ඒ පාර මොකද්ද වෙලා තියෙන්නේ… අනික මේ ගිනි නම් අම්මපා…. කොන්ඩෙ වත් පීර ගන්න බැහැ හැබැයි පන්ඩිතකම නම් තියෙනවා හ්හ්…??
    කරදරයක් කරන්න එපා…?
    කතාව ලස්සනයි අක්කියෝ…. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ …..???

  5. ❤️?kaushi?❤️

    Mmmm kauda e awe ?? ane akki baldiyak danna ned hadnne oya me….ane dwas dekaine sathutin hitiye appa…ai ale mema karanne…??? Kathwa ikmanata owara wena ekata nam godak dukai akkiyo…..ane giniwai sheshwai wen karann nam epa…kathw godak lassanai madi akkiiiii….❤️❤️❤️❤️????

  6. Rasikala Erandi

    Aiyoo aye baldiyak peraluwa neda ?ai sudu a dennata sathutin enna denneththe.tika welawai aye m hari karadarayak danawane ethin madhi wenas kiyanne nikanda.ane mona weida heta.ginita wedi tiyannethiwei kiyalanam hithenawa.koheda me madhi akka bene hithana de wenna dennene.

  7. ..Sandashen..

    Man kiuwe me madhavita baldith ekka loku tharahak thiyenwa kiyala ….aka dawasak adare karoth anith dawase mokak hari baldiyak peralanawa me dennata …..kathawa godak lassanai akkiyooo ????? ??????????

  8. සෙසඳි

    ආ.. කියන්න ලමයි … කාවද දැක්කෙ…?? ඔන්න මාවනම් නෙමෙයි හරිද? නමක් ගමක් දන්නෙ නම් නෑ… හැබැයි මනුස්සයෙක්… නිකන් නෙමෙයි තුවක්කුවත් අතින් ගත්ත මනුස්සයෙක්… ??????????? නේද මාධි ….???? ඔයා නම් ඉතිං අපිට බකට් පෙරල පෙරල ඉන්නව… නිකන් වත් එන්නෙ නෑ පොඩි කමෙන්ට් 1 දාලා වත් යන්න… අනේ මංදා අවුරුද්දෙන් පස්සෙ දැක්කෙම නැද්ද කොහෙද… ?

    ශේශ් කොල්ලා කෝ…
    තොල් රතු යක්ෂණී කෝ…. කස්ටිය එන්නකො ඉක්මණට …. දැන් තමයි සුපිරිම ටික…. ඉවර වෙන්න ළඟයි නේද??? දුකයි දුකයි දුකයි ????????? ඒත් ඉතිං අපි චුක්කිට දේව්ට වගේම සංචිට අභීට වගේම ගිනීටයි ශේශ්ටත් ආදරෙයි ??????

    පරිස්සමෙන් ඉන්න මාධි මැණික බුදුසරණයි ????????????

  9. නයෝ මධූ

    කතාව මාරම ලස්සනයි නංගියෝ. ඒත් මේ බාල්දි පෙරලුවා ඇති නේද දැන් අප්පා……… පව්නේ ඒ දෙන්නා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.