Katha Ahura

සූරියකන්දේ අභිරහස (12. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(12. කොටස)

පෙරදින රාත්‍රියේ සිදුවූ සියල්ල ඇසූ විලී තරමක් කලබලයට පත් විය. එමෙන්ම ඔහුට තම දියණිය ගැනද බියක් දැනුනි. එනිසාම ඔහු තම බිරිඳ සමඟ කතාබහ කොට තීරණයක් ගත්තේ අදීශ ඉදිරිපිටයි.
” අපි කැමතියි පුතා අපේ පවුලට එකතුවෙනවම් මොකද අපිට මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම දුව ගැන බයක් දැනෙනවා”
විලී හා ඔහුගේ බිරිඳ තමා ඉදිරියේ අසුන් ගෙන සිටින අදීශ හට පැවසුවේය පෙරදින රාත්‍රියේ ඔවුන්ගේ ආරක්ෂාවට සිටි බැවින් ඔවුන් අතර බැඳීම තවත් වැඩි වී තිබුනි.
” අන්කල් මට තව ටික දවසක් දෙන්න. මේ ප්‍රශ්න ඉවර වුන ගමන් මම චාපා එක්ක කතා කරලා බලන්නම් . එතකන් එයාගේ ආරක්ෂාව ගැන මම බලාගන්නම් , ඒ ගැන බය වෙන්න එපා ”
විලී සහ දිස්නා එකවරම නැඟිටියේ චාපා ඔවුන් අසලට පැමිණි නිසාය. දෙදෙනාට තනිවම කතා කිරීමට ඉඩ දී ඔවුන් ඉවත් විය.
ඇය සූදානම්ව පැමිණියේ රෝහල වෙත යාමටයි. ඒ යන අතරතුර ඔවුන් ⁣මුණගැසෙන සුපුරුදු ස්ථානයේ මෝටර් රථය නතර කලේය චාපා විසිනි. මෝටර් රථයෙන් බැසගත් දෙදෙනාම ඒ අසල කුඩා කඳුගැටය අසලට පා තැබුවේය.
” අදීශ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා”
” මොකක්ද ?”
” මම අහගෙන හිටියෙ අප්පච්චි කියපු දේ, මං හිතන්නෙ එයාලා ගත්ත තීරණය හරි. විල් යූ මැරී මී”
ඇය සහකාර පොලිස් අධිකාරිවරයාගේ දෑත් මත ඇගේ දෑත පටලමින් ඇසුවේය.
” ඔව්, හැබැයි දැන්ම නෙවෙයි . තව ටික දවසකින් හරිද? ”
ඔහු ඇසක් ඉඟිමරමින් පවසා ඇයව තුරුල් කරගත්තේය.

?

රෝහලට පැමිණි දෙදෙනාටම දැකගත හැකි වූයේ කලබලකාරී තත්වයකි. මිනිසුන් කිහිප දෙනෙකු රෝහල් භූමියේ සිටි අතර ඔවුන් අතරින් අවන්ති මතු විය.
” පුදුම වැඩක්නෙ වෙලා තියෙන්නෙ අදීශ ?”
අවන්ති ඔවුන් සමීපයට පැමිණ පැවසුවේය
” ඇයි අවන්ති මොකක්ද ප්‍රොබ්ලම් එක? ”
චාපා ඇසුවේය
” හොස්ටල් එකේ හිටිය ළමයෙක් අතුරුදහන් වෙලා.”
” කොහොමද එහෙම වෙන්නෙ , ඊයේ රෑ හොස්ටල් එකේ හිටියෙ කවුද? ”
” නර්ස්ලා දෙන්නෙකුයි. අැටෙන්ඩන්ට්ලා තුන්දෙනෙකුයි. උදේ බලනකොට ළමයයි , අම්මයි දෙන්නම ඉදලා නෑ”
” අදීශ අපි මොකද කරන්නෙ ? ”
මහාචාර්යවරයා පැමිණ ඇසුවේය. ඒත් සමඟම තලෛයිවා නැමැති මහලු පුද්ගලයා සහකාර පොලිස් අධිකාරිවරයා අසලට පැමිණ යමක් පැවසීමට මෙන් ඔහුට පෞද්ගලිකව කතා කලේය.

” ඇයි තලෛයිවා ?”
” ෂර් , ඔය ගෑනි ළමයව උෂ්ෂගෙන ගියේ කොඑද කියලා මම දන්නවා”
” ඒ කොහෙද?”
” මේක ලේෂියෙන් ඔද වෙන ලෙඩක් නෙවෙයි කියලා ඉතුනා. ගෑනි ළමයව උෂ්ෂගෙන වෙද මාත්තිය ළඟට අරගෙන ගියා. මට අන්ඩ්‍රඩ් ප්‍රෂන්ට් ෂුවර්”
” කොහෙද වෙද මහත්තයා ඉන්නෙ?”
” අත්වෙනි ලෙයිමට උඩින් තියෙනවා පොඩි පාරක්. අද්ද කැලේ .ගමන ලේෂි නෑ ෂර්,කඳු බඩගාගෙන යන්න තියෙනවා ..”
තලෛයිවා අතපය විහිදමින් පැවසුවේය.
” හරි අපි දවල්වෙලා මෙහෙන් යමු. තලෛයිවට පුළුවන්ද අපිට පාර පෙන්නන්න. බය වෙන්න එපා මම තමුසෙට ගෙවනවා”
” ෂල්ලි දෙනවනම් මොනවද ෂර් කරන්න බැරි”
තලෛයිවාගේ කතාවට සහකාර පොලිස් අධිකාරිවරයා සමච්චලයට මෙන් සිනාසුනි.
……………………..
පැය තුනකටත් අධික කාලයක් ගෙවමින් සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුලු කණ්ඩායම වෙද මහතා නවැතැන් ගෙන සිටින ස්ථානයට ළඟා වීමට හැකි විය. වෛද්‍යවරිය හා චාපා හති අරිමින් ගමන් කල අතර අදීශ ඔවුනට විහිළු කරමින් තලෛයිවා සමඟ ඉදිරියෙන් ගමන් කලේය. කැළෑබඳ මාර්ගයක් පසුකලද වෙද මහතාගේ නිවස තිබුනේ එළිමහන් පෙදෙසකයි එය කටුමැටි බිත්තියෙන් තනා තිබුනි. තලෛයිවාගේ නිගමනය නිවැරදි වූ බැවින් එකිනෙකා මුහුණ බලා ගත්තේය. රෝහලෙන් අතුරුදහන් වූ දරුවා මිදුලෙහි වූ බෙහෙත් ඔරුවක දමා තිබුනු අතර දරුවාගේ මව ඔවුන් දැක තරමක් කලබලයට පත් වුවද වෙද මහතා සිනාසී ඉදිරියට පැමිණියේය.

” මහත්තයලා නෝනලා තියෙන විදිහට ඈදී ගත්තනම්”
වෙද මහතා ලී බංකු ⁣දෙක තුන පෙන්වා පැවසුවේය.
වෛද්‍ය අවන්ති හා චාපා කෙලින්ම ගියේ දරුවා දමා තිබූ බෙහෙත් ඔරුව අසලටයි. ඔවුන් දෙදෙනා පුදුමයෙන් මෙන් එකිනෙකාට බලාගත්තේය.
” හරි පුදුමයි චාපා, මේ ළමයගෙ මූණේ තිබුන කොළ පාට පැල්ලම් ඔක්කොම නැති වෙලා. මං හිතන්නෙ මෙයාට දැන් හොඳයි”
දරුවා සුව වී සිටින අයුරු දුටු සැවොම සතුටු වූවාය. එයට සම්පූර්ණ ස්තූතිය දිය යුත්තෙ වෙද මහතාට බව ඔවුන් සියල්ලට වැටහී ගියේය….
” මට නම් හිතාගන්නවත් බෑ. ඇත්තටම වෙද මහත්තයා කොහොමද මේ ළමයට සනීප වුනෙ?”
” නෝනා මේ ළමයගෙ ශරීරයට විසක් ඇතුල් වෙලා තියෙනවා. ”
” වෙද මහත්තයා අපේ පරීක්ෂණ වලින් ඒ දේ ඔප්පු වුනා නමුත් අපිට තියෙන ප්‍රශ්නෙ කොහොමද මේ විස මිනිස්සුන්ගෙ ශරීරයට ඇතුලු වෙන්නෙ කියන එක”
අවන්ති දිගින් දිගටම වෙද මහතාගෙන් ප්‍රශ්න කලේය.
” කුඩා සතෙක්ගෙන් නෝනා”
************************…………………………………………..***************
☄️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

6 thoughts on “සූරියකන්දේ අභිරහස (12. කොටස)”

  1. සෙසඳි

    රශ් පැටියෝ …. මොනාද අනේ කරන්නෙ? දැන් ඉතිං අද රෑ වෙනකම් ඉන්න එපැයි මොකාද ඔය කුඩා සතා කියලා බලන්න…. අද නම් කතාව පොඩ්ඩ්ඩයි.. මොකද වැඩ වැඩිද? පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.