Katha Ahura

?ගිනි කිරිල්ලී | පනස් හයවෙනි කොටස | නවකතා

5/5 - (3 votes)

පනස් හයවෙනි පියාපත..

—————————————————————————————————————————————

කවුරුහරි මගේ කොණ්ඩෙන් ඇඳ ගෙන කියද්දි මං හැරිලා බැලුවේ ඒ මූණ දිහා…

මේ දුශ්ඨවතී.. එදා ශේශ්ගේ ගෙදරදි මාව බලා ගන්න කියලා ශේශ් කිව්වම මට දස වද දුන්න ගෑණී..

එදා ඒ සිද්දිය මතකෙට එද්දිත් හිතට දැනුනේ බයක්.. එදා මේකි මට ගැහුවා හින්දා ශේශ් මෙයාව අයින් කරා.. එදයින් පස්සේ මං මේ දැක්කමයි..

“මොකෝ.. උඹට මාව මතක් වුණාද මාව..?”

මගේ කොණ්ඩෙන් ඇඳගෙන මාව වෑන් එකට ඇඳන් යන ගමන් දුශ්ඨවති මට අහන් ඉන්න බැරි තරම් කැත වචන වලින් බැන්නා..

හිත රිදුණේ නෑ.. ඒත් හිත යකඩයක් වගේ ගිනියම් වෙනවා..

ශේශ් ඔයාට මං ගාවට එන්නම වෙනවා..

තවත් ටික වෙලාවකින් මගේ මූණ රෙදි කෑල්ලකින් වැහුවා.. මං හිතන්නේ මුං මාව ගෙනියන තැන මං දන්නවා වෙන්න ඇති..

මං ගාවම වාඩි වෙලා හිටියේ දුශ්ඨවතී..

ලොකු සුසුමක් හෙළුනේ ඉබේටමයි..

මං මඟ දිඟටම ප්‍රාර්තනා කරේ මෙහෙම යද්දිවත් ශේශ්ට මාව මුණ ගැහෙන්න කියලා..

අනේ අම්මා…!!! මුන් මට මොනවා කරාවිද කියලා මට හිතා ගන්නවත් බෑ..

හැබැයි මං එකක් දන්නවා මට කරදරයක් බව දන්න හින්දා ශේශ් ඇත්තේ පිච්චි පිච්චි..

ගිනී හින්දා ගිනි ගන්නේ ශේශ්..

මුළු මූණම රිදෙනවා.. කම්බුල් පාරවල් කාලමද කොහෙද..?? ඒ මදිවට අත් දෙකම පුපුරු ගහනවා..

ගොඩක් තිබහයි..

අඬලම උගුර වේලිලා…

කොහොමද දෙයියනේ මං මේ තරම් අවාසනාවන්ත වුණේ..??

ශේශ් ඉන්න තැනකින් එන්නකෝ..

මඟ නවත්වලා උන් තේ බිව්වා.. මං එතකොටවත් පැනලා යන්න පුළුවන්ද කියලා බැලුවා.. බෑ…

දුශ්ඨවතී මං ගාවින් නැඟිටිලා ගියාම නෑ…

“උඹටත් ඕනද…???”

මං ඔළුව වත් හෙලෙව්වේ නෑ.. ශේශ්ගේ ආඩම්බරකම මටත් බිංදුවක්වත් තියෙන්න ඕනිනේ..

“ඉඳා…”

දුම් දාන තේ එක දුශ්ඨවතී මගේ කකුල උඩ හැලුවා..

ඇස් වලින් කඳුලු පනින තරම් වේදනාවක් දැනුණත් මං නොසැලී උන්නා..

මේ ගින්න නවත්වන්න තමුසෙට තියා තොල් රතු යක්ශණීටවත් බෑ..

ලොකූ හුස්මක් පපුවට අරන් මං වේදනාව පපුව අස්සෙම තුනී කර ගත්තා..

අන්තිමේ පැය ගාණක ගමනකට පස්සේ මුන් මාව ගේන්න ඕන තැනට ගෙනත් වගේ..

වාහනේ නවත්වලා තවත් විනාඩි විස්සකට පස්සේ දුෂ්ඨවතී මාව ඇඳගෙන ඇතුළට ගියා..

එතන හිටපු ටික වෙලාවට මට දැනුණේ සීතලක්.

මේ කොහේද…??

මාව අරන් ගිහින් පඩි පෙළක් වගේ එකකින් බැස්සා.. අන්තිම පඩි ටිකේදි විතර දුෂ්ඨවතී මාව බිමට තල්ලු කරා.

මං බිම වැටෙද්දි මගේ දණහිස් දෙකම තුවාල වුණා.. මට රිදුනේ තුවාල වෙච්ච එකට නෙවේ.. මේ යක්කු මට හිනා වෙන එක..

මුන් මාව ගෙනත් කාමරේකට තල්ලු කරා..

තොල් රතු යක්ෂනී ඇවිත් මගේ මූණට දාපු රෙදි කෑල්ල ගැලෙව්වා..

මූසල පෙනුමක් තිබ්බ අඳුරු කාමරයක්..

“මගේ වැඩ ටික ඉවර වෙනකම් උඹට මෙතන ඉන්න පුළුවන්… ඊට පස්සේ පොළව යටට තමයි..”

“අන්න උඹේ පෙම් කුමාරයා ශේශ් උඹ නැතුව හඬා වැළපෙනවලු.. මං එයාව නළවලා එන්නම්.. ”

තොල් රතු යක්ෂනීගේ නපුරුකම පිරුණු මූණ කවදාවත් මට අමතක නොවේවී…

“ඒයි රයිනි.. මේකිව බලා ගන්නවා.. මේකි පැනලා ගියොත් හිතා ගන්නවා අන්කල් තමුසෙවත් මැරුවා කියලා..”

ඒ වේගෙන්ම තොල් රතු යක්ෂනී යන්න ගියා..

කවුද මෙයා කිව්ව අන්කල්..??

දුශ්ඨවතී මං ගාවට ඇවිත් මගේ වටේ කැරකුණා..

“ඇහුණනේ.. උඹට මෙහෙන් පැනලා යන්න බෑ.. ”

මගේ අත් දෙක ගැට ගහලා එයත් දොර වහගෙන යන්න ගියා..

අන්තිමේ මං තනි වුණා.. අඳුරු කාමරයක් මැද්දේ නෙවෙයි.. අඳුරු ලෝකයක් මැද්දේ…

මට මගේ කියලා හැඟීමෙන් කියන්න පුලුවන් කෙනෙක්ට හිටියේ ශේශ් විතරයි.. ඒත් අන්තිමේ මං එයාට ගින්නක් වෙලා..

මං බිම වාඩි වෙලා මගේ ජීවීතේ ගැන සිහි කරා..

කොයි තරම් ආදරයෙන් බැඳිලා උන්නත් අද අපි වෙන් වෙලා.. නෑ මේ නපුරු මිනිස්සු අපිව වෙන් කරලා..

හැමදාමත් මගේ හිත දුක් වෙන එකම කාරණය..

මට කවදාවත් සැනසීමෙන් ශේශ් ළඟ ඉන්න බැරිවෙයි කියන කාරණාව..

ආදරේ කියන්නේ විසක්.. ගෑවුණු ගෑවුණු තැන තියෙන්නේ දුකක්.. වේදනාවක්..

අද දවසටම මං මුකුත් කාලා නෑ.. වතුර ටිකක් වත්..

මුළු ඇඟම පණ නෑ.. ඒත් හදවතින් අවදියෙන්..

මගේ ඇස් වලින් කොච්චර කඳුලු වැටුණද කියන්න මං දන්නේ නෑ.. ඒත් මං හිටියේ අසරණකමේ අන්තම අඩියේ..

පෙර ආත්මෙක මං දරුණු පවක් කරන්න ඇති.. ඒකයි මං මේ තරම් ජීවීතේ විඳ වන්නේ…

මගේ වටේ හැමදේම බොඳ වෙලා මට සිහි නැතුව යන්න ඇති.. අසිහියෙන් වුණත් මට දැනුනේ මං ශේශ්ගේ පපුව උඩ ඉන්නවා කියලා..

ඒ හැඟීම හිත පුරාම විදුලියක් වගේ දැවටිලා..

“ඒයි.. නැඟිටපන්…”

කවුරු හරි මගේ ඔළුවට ගහපු පාරටයි මං හීනෙන් මිදුණේ..

වෙන කවුද ඉතින් මෙහෙම දුශ්ඨ වැඩ කරන්නේ…?? දුශ්ඨවතීම මිස..

“කනවා.. ”

මගේ ඉස්සරහට බත් පැකට් එකකුයි වතුර බෝතලේකුයි විසි කරලා ඒකි යන්න ගියා..

බත් එක විසි කරපු පාර බත් එක චප්ප වෙලා.. වෙන කෙනෙක්ට නම් කන්න හිතෙන එකක් නෑ..

ඒත් මේ ගිනී මාස ගාණක් කෝවිලක් ඉස්සරහ හිඟා කෑවා.. ඉතින් අද මෙහෙම කන එක මට ගාණක් නෑ..

මං වතුර බෝතලේ අරන් වතුර බීගෙන බීගෙන ගියා..

ඊට පස්සේ හෙමින් සැරේ මං බත් එක දිග ඇරගත්තා..

හිතේ දුකට නොකා ඉන්නවා නම් මට දවස් ගාණක්ම වුණත් නොකා නොබී ඔහේ බලා ගත්තු අත බලා ගෙන ඉන්න පුළුවන්..

ඒත් මං මෙතනින් පැන ගන්න ඕනි.. ශේශ්ට මාව හොයා ගන්න බැරි නම් මං ශේශ්ව හොයා ගන්න ඕනි…

ඒකට මං ශක්තිමත්ව ඉන්නෙ ඕනි.. කොයිම වෙලාවක හරි මට අවස්ථාවක් ලැබෙයි..

අන්න ඒ මොහොතෙදි පැන ගන්න සූදානම් වෙලා ඉන්න ඕනි.

මේ ගින්න නිවන්න කාටවත් බැරි වෙයි.

ගංගාවක් ගලන් ගිහින් කවදාහරි මුහුදට වැටෙනවා.. මං මගේ හිතට පොරොන්දු වෙනවා මගේ අවසානය ශේශ් ගාවම විතරයි..

ශේශ්…. මං එනවා ඔයා හොයා ගෙන…

දුෂ්ඨවතී සැරින් සැරේ ඇවිත් මාව බලලා යනවා. මං ඔහේ කිසිම හැඟීමක් නැතුව බිත්තියට හේත්තු වෙලා හිටියා..

මේ විදියට දවස් පහක් ගත වුණා.. එළි වෙනවා රෑ වෙනවා.. මං දන්නේ නෑ.. මට පේන්නේ නෑ..

බිම් මහළක අඳුරු කාමරේක මං ඔහේ වැතිලා ඉන්නවා..

දුෂ්ඨවතී ඇවිත් කෑම වතුර දීලා යනවා.. තොල් රතු යක්ෂනී එදයින් පස්සේ මං තාම දැක්කේ නෑ..

හැබැයි මං එක දෙයක් දන්නවා.. දැං ගිනීට පිස්සු නෑ.. හැබැයි ගිනී ඉන්නේ දැං උමතුවකින්..

පුළුවන් ඉක්මනින් මෙතනින් ගිහින් ශේශ්ගේ පපුවේ උණුසුම විඳින උමතුව මගේ හිත පෙලන එකම අරමුණ…

හයවෙනි දවසේ රෑ නොහිතපු වෙලාවක කාමරේ දොර ඇරුණා..

තොල් රතු යක්ෂනී සමච්චලේ පිරුණු කැත හිනාවකින් මූණ පුරවා ගෙන මං දිහාම බලන් හිටියා..

“කොහොමද ගිනී. කට්ටිය හොඳට සලකනවනේ…??”

“මං තමුසෙට තෑග්ගක් ගෙනාවා.. හෙට ලොකූ සප්‍රයිස් එකක් දෙන්න ඕනිනේ…”

තොල් රතු යක්ෂනීගේ පස්සෙන් ආපු පිරිමි දෙන්නෙක් කාමරේට ඇවිත් ටීවී එකකුයි, තව මොනවද වගයක් සෙට් කරා..

“හෙට ලයිව් සප්‍රයිස් එකක් තියේ ගිනී සුදු මැණික”

තොල් රතු යක්ෂනී තාලෙට ඇඳලා පැඳලා කියපු විදිය නම් මට ඇල්ලුවේ නෑ…

මං ඒකී දිහා බලන් හිටියේ ගිනි පිට වෙන ඇස් වලින්…

“උඹ මටද රවන්නෙ….?”

තොල් රතු යක්ෂනී මගේ උරහිසකින් ඇඳලා…..

—————————————————————–

ඔව් උඹ ගින්නක් වෙයන්.. හුළඟකටවත් නවතන්න බැරි…

ගිනී… හැමදාමත් මගේ තෙලි තුඩින් මැවුණේ දිරියෙන් නැඟිටින ගැහැණුන්… ගිනීටත් ඒ හැකියාවම ලැබේවා…!!

ගිනි ගිනි බෝලේ … ශේශ් නාගයා එනකම්…

ආදරෙයි පැලෙන්න.. ඔයාලට හිතෙන දේ වචන කිහිපයකින් කියන්නකෝ..

පොරොන්දුවක් වෙන්නම් පළමු වතාවට.. මේ සතියේ ඇතුළට මං ගිනි කිරිල්ලිව නිමක් නැති අහසට මුද හරිනවා…

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!!

15 thoughts on “?ගිනි කිරිල්ලී | පනස් හයවෙනි කොටස | නවකතා”

    1. අයි අයියෝ…… ????

      ? ?????????
      ?මගෙ ගිනී කෙල්ලේ…
      ?ඉවසපන් මයෙ මැණික…
      ?හෙට තමයි දවස..
      ?ඉවසීම ගොඩක් ඕනි
      ?රත්තරනේ උබට..
      ?ඔය කදුලු අතරින්ම
      ?නැගිටින්න ගිනි මකරියේ..
      ?අලු කරන්න ඔය හැමෝම..
      ?ගිනි කදුලු වැස්සකින්….
      ?ආදරෙයි බව හැබැයි…
      ?අතාරින්න බැරි බව..
      ?ඊටත් වඩා හැබැයි..
      ?උබේ පණ ටික..
      ?වෙන කෙනෙක්ගෙම..
      ?වෙන දිහා බලන් ඉන්නෙ..
      ?කෝමද උබ මෙහෙම..
      ?කකියන තරම් ඔය පපුව..
      ?හිතන්නටවත් බැරි තරම්..
      ?පතන්නම් එක දෙයක්..
      ?උබේ පණ උබටම විතරක්..
      ?සදාකාලිකවම හිමි වෙන්න කියා….
      ????????????

  1. හිතෙෂි මෙත්දරා

    Godak lassanai akki kathawa. Anthimata giniwai sheshwai ekathu karanna hode. Parissamin inna akki. Budu saranai

  2. ලියවෙන් නැති පෑන වගේ ඔබේ ආදරේ
    හදුනන්නැති දෑස වගේ මගේ ජීවිතේ
    විදවන්නද මෙවන් දුකක් ඔබට පෙම් කලේ
    ඇයි රත්තරනේ මගෙන්ම පලි ගන්නේ මේ වගේ

  3. කියන්න දෙයක් තේරෙන් නැ… දුකයි දුකයි දුකාාාායි… ගිනි ඉවසපන් තව ඉවසපන්…
    සුභ පැතුම් අක්කියෝ කතාව සුපිරි..
    තෙරුවන් සරණයි !…
    ????

  4. අයියෝ ගිනී ???….කෝ ගිනීගෙ තිබුන ශක්තිය… අඩා අඩා හිටියොත් නම් බේරෙන්න තියා හිතන්නවත් බැරි වෙයි ???..

  5. උක්කූං පුතා(SuMi )

    madhavee නංගි ඔයාගේ කතා වලට ගොඩක් ආදරේ කරන අක්ක කෙනෙක් ඔයාට මේ කොමෙන්ට් එක දෙන්න කියලා කිව්වා…

    නංගියා ඔයාගේ කතා ගොඩක් ලස්සනයි…ගිනි කිරිල්ලි පටන් ගත්තු දවසේ ඉදන් එකක් නෑර හැමදාම බලන්නේ ඇත්තටම ලස්සන හින්දයි….කමෙන්ට් එකක් දෙන්න විදිහක් නෑ….සුපිරි නංගියා කතාව…ආයේ ලියන එක නවත්වන්න එපා..දිගටම ලියන්න…ගිනී නම් මරු අනේ ඔයා ලස්සනට ලියලා චරිතේ…හිනා කාලා මැරෙනවා සමහර වෙලාවට…හදවතින්ම සුභ පතනවා තව තවත් නිර්මාණ ආදරණීය ඔයාගේ පන්හිදෙන් ඔයාට ලියන්න ලැබෙන්න කියලා…..

    නපුරු ශේශ් අම්මෝහ්හ් බය හිතෙනවා…ඒත් ඒ තරම්ම ගිනීට ආදරෙයී…ඒ කතාව ලස්සනටම ගලාගෙන යනවා….කියන්න වචන නෑ…..

    නපුරුම ඔය දෑස
    අඩවන් කරන් බැලුවාම
    හිත ගැස්සෙනා මොහොතේම
    මතක් වෙන්නේ මට
    නුබව….
    දරුණු නම් මේ ආදරය
    වැලද ගමි හදවත් රෑන
    තුරුල් වී මා
    සතපාන
    ඉන්න හිතෙනවා
    හැමදාම……
    නොසන්සුන් නුබේ
    හිතගාව
    දැවෙනවා මා අලු සේම
    භවෙන් භවේ
    හමු වී මේම
    ඉන්න ඇති නේ
    ගිනි මේම..

    සදා: ❤️❤️

  6. Kiynna deyak terenne na akki

    Gini tawa iwasanna iwasala kohoma hri shesh lagta ynna gini ikmnta iwara wenvane ekta nm dukai et aluth katwak aran enna akkiyo nawattanna epa
    Loku commnet ekak danna ba akki ada mn wada ane wada asse me awe duwala awe comment ekak kotala ynna

    Parissamin inna akkiyoo budu saranai

  7. නයෝ මධූ

    හෙට ශේශ්ගේ වෙඩින් එකවත්ද…………..? ???????? අයියෝ එහෙම කරන්න එපා. ගිනීව හොයන් ශේශ් ඉක්මනට එයි.

  8. නිරෝෂා ලක්මාලි

    අයියෝ ගිනී පව්. මේ හැමදේම කරන්නේ අන්කල් කෙනෙක් කියනවනම් තොල් රතු යක්ෂනී ඒ ශේ⁣ශ්ගේ තාත්තා වෙන්න ඇති. රයිනිව කොහොමද මේ තොල් රතු යක්ෂනී දන්නේ. කෙල්ලට වද දෙනවනේ. කෝ අනේ මේ ශේශ්. කෙල්ලව හිර කරගෙන තොල් රතු යක්ෂනී හදන්නේ ශේශ්ව මැරි කරන්න නේද. එහෙම වුණොත් ගිනීට මොනවා නම් හිතෙයිද. බලමුකෝ නේද..

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.