Katha Ahura

? සමනල පියාපත් ? 70 වෙනි පියාපත්

5/5 - (1 vote)

70 කොටස

මගේ නම කියලා කතා කලාම මම හැරිලා බැලුවා කවුද කියලා.

” ආ … මේ මෙයානේ …… ”

මල්ලි කිව්වෙ අපි දිහාවට දුවගෙන එන ෂානිගෙ නංගිව දැකලා.

” නංගි …… ෂානිලගෙ අම්මලා ගෙදර නැද්ද … එයාලා කොහෙද ගියේ ….. ”

මං අහද්දි නංගි මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

” අක්කව චතුර අයියට හම්බ වෙලා කියලා අයියා දන්නවනේ …අයියේ ”

නංගි මගෙ දිහාවට හැරෙද්දි මට තේරුනා එයා ඊළගට අහන්න යන ප්‍රශ්නෙ මොකද්ද කියලා.

” නංගි ඔයත් චතුර කියන ඒවා විශ්වාස කරනවද ”

මං ඇහුවම නංගි ටික වෙලාවක් බලාගෙන හිටියා.

” ඊයෙ චතුර අයියා කෝල් කරද්දි එතන මමත් හිටියා. ඊට පස්සෙ කතා කලේ අක්කා. අක්කා නැන්දත් එක්ක ගොඩක් වෙලා කතා කලා. …. නැන්දා පස්සෙ මට කිව්වා එයා කිව්ව දේවල් …… ”

” මොනවද නංගි එයා කියලා තියෙන්නෙ ”

” අනේමන්දා අයියේ .. එයා කියලා තියෙන්නෙ එයාව පැහැරගෙන ගිහින් තියෙන්නෙ ඔයා කියලා …ඒත් එයාට මොනවත්ම මතක නෑලු .. වෙද ගෙදරකදි ඔයාව ආයෙමත් අහම්බෙන් හම්බ උනාලු …. ඒත් චතුර අයියා ඇවිත් එයාව එක්කන් ගියාලු ….. මට නම් මොනවත් තේරෙන්නෙ නෑ අයියේ …..මොනවද මේ කියවන්නේ … අක්කා නැති වෙනකොට ඔයා ලංකාවෙ හිටියෙ නෑ නේද ”

නංගි කතා කලේ ඇත්තටම අසිහියෙන් වගේ.

හැමදේම නූල් බෝලයක් වගේ පැටලිලා.කොහෝමද මේක තේරුන් කරන්නේ …

” මේ අහන්න නංගි …..මං ෂානිගෙන් කිසිම මැසේජ් එකක් නැති නිසයි ලංකාවට ආවේ ….. ඊට පස්සෙ මං කෙලින්ම ආවෙ මෙහෙට.. .එයාව හොයාගෙන … ”

මං කතාව කියන්න පටන් ගත්තා.

” ඔයාලට නොකිව්වට අපිට මුල ඉදන්ම සැකයක් තිබ්බා චතුර ගැන ….. ”

මල්ලි මගේ කතාවට මැදින් පැනලා කිව්වා.

” ඇත්තටම අයියේ මටත් එහෙම හිතුනා .. මොකද එයා අක්කට කැමතියි කියලා අපේ නැන්දලටත් කියලා තිබ්බනේ ”

නංගි කිව්වා.

” හ්ම්ම් .. එදා අපි මෙහේ ආව දවසේ චතුරත් ආවනේ .. අපි ඌව ෆලෝ කලා … එදා අපි ගිහින් සෑහෙන්න ජර මර ගොඩක් උනා … අපිව කට්ටියක් කිඩ්නැප් කලා… අපි මාරම ගේමක් දීලා එහෙන් පැන්නේ … ඒ එන පාරෙදි තමයි අහම්බෙන් කවීෂ් ව හම්බ උනේ ……එයත් එක්ක කතා කරද්දියි දැනගත්තෙ එයා ඔයාලව අදුරනවා කියලා ”

” හ්ම්ම් .. එච්චර කරදර උනාද අයියේ … එතකොට අයියා මෙච්චර දවස් කොහෙද හිටියේ ”

ඒක නම් නංගි ඇහුවෙ ටිකක් සැකෙන් වගේ.කෙල්ලොත් ඉතිං කොහේ හරි චූටි තැනක් අල්ලගෙන ෂර්ලොක් හෝම්ස් වෙන්න යනවනේ.

” අන්න නංගි නියම පොයින්ට් එකට ආවා ”

මල්ලි පැනලා කිව්වා. අපේ මල්ලි කතා කරද්දි නම් කෙල්ලගෙ මූණෙ තිබ්බෙ අමුතුම එළියක්. මට මූව මගෙ මස්සිනා පොඩ්ඩත් කරගන්න පුලුවන් වෙයි වගේ.

” උඹම කියපන් ඉතිං ”

මල්ලි මගේ දිහා බලන් ඉන්න නිසා මං කිව්වා.

” මෙයා කාර් එකේ යද්දි කවීෂ් කෝල් කරලා … ඒ වෙලාවෙ කවීෂ් කියලා තියෙනවා ෂානි ගැන ආරංචියක් තියෙනවා කියලා .. ඒ සතුටට මේ මිනිහට සිහිකල්පනාව නැතිවෙලා ගිහින් ටිපර් එකක ඇනගත්තා. ..නූලෙන් ජීවිතේ බේරුනේ ”

අපෙ මල්ලි කියාගෙන යද්දි නංගි මං දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්.

” ඇත්තද අයියේ … අයියෝ …. මොනවා කරගන්නවද මන්දා ”

” ඔව් නංගි … එදා මං ඇක්සිඩන්ට් නොවුනා නම් මට ෂානිව හොයාගන්න තිබ්බා චතුරට කලින්. ….. ”

” හ්ම්ම් … දැන් මොනවා කරන්නද ? වෙච්ච දේ උනා .. අපි කොහොම හරි අක්කගෙ හිත හදමු ……… ”

නංගි කිව්වෙ කර් එකට හේත්තු වෙනගමන්.

” නංගි …….. මමයි ෂානියි ආදරේ කලා කියලවත් එයාට මතක නැතුවැති නේද ”

මං ඇහුවෙ හරිම අසරණ විදිහට.

” නැතුවැති අයියේ ..චතුර අයියා ඒ හැමදේම හංගලා කියන්න ඇත්තේ …. ”

” නංගි … මේ වෙලාවෙ මට ඔයාගෙ උදව් ඕනේ …. එයාගෙ හිත හදන්න පුලුවන් ඔයාට … මොකද අපි ආදරේ කලා කියන්න දන්නෙ ඔයානේ ……… ”

මං කිව්වෙ නංගිගෙ උරහිසක් උඩින් අතක් තියලා.

” මං ඔයාට උදව් කරන්නම් අයියේ …අක්කා මුරණ්ඩුයි තමා .. ඒත් එයාගෙ හිත මම කොහොම හරි ඔයාගෙ පැත්තට හරවගන්න බලන්නම් … අනික චතුර අයියා හරිම කපටියි .. අක්කට ඇවිදින්න බැරි ඇයි අයියේ ”

” නංගි … ඒක ශොක් එකක් … එයා ඇක්සිඩන්ට් වෙලා තියෙනවා .. ඒ කොහොමද කියලා දැනගන්න වෙන්නෙ එයාට මතකෙ ආවම. .. ඒ ශොක් එක නිසයි එයාට ඇවිදින්න බයක් තියෙන්නේ ”

මං කිව්වා.

” එහෙනම් ඒකත් චතුර අයියා එයාගෙ වාසියට තියාගනී …එයා දන්නවා ඇතිනෙ අක්කට ඇවිදින්න තියෙන්නේ බයක් මිසක් වෙන අමාරුවක් නෙවෙයි කියලා …… ඉතිං එයා කියයි අක්කව බදින්න කැමතියි කියලා ”

ටිකක් වෙලා කල්පනා කරලා බලලා නංගි කිව්වම මට හීන් දාඩියත් දැම්මා.

අසරණ වෙලා මොනවත්ම හිතාගන්න බැරි වෙලාවක ෂානිගෙ අම්මටයි තාත්තටයි චතුර එහෙම යෝජනාවක් ගෙනාවොත් අකමැති නොවී තියෙයිද ?

” දැන් ඉතිං මෙතන කල්පනා කර කර ඉදලා වැඩක් නෑ ………. මොනවම හරි කරන්න ඕනි බං ”

මල්ලි කිව්වා. මම ඒකට මුකුත් නොකියා ඔලුව වැනුවා.

තවත් ටික වෙලාවක් ෂානිගෙ නංගිත් එක්ක කතා කර කර ඉදලා අපි එතනින් පිටත් වෙලා ආවා ගෙදර එන්න. ෂානිලගෙ අම්මලව මුනගැහෙන්න බැරි උන එක නම් අපරාදෙ කියලා මට හිතුනා. ඒත් ඉතිං මොනවා කරන්නද … පුලුවන් තරන් ඉක්මනට ෂානිව අපේ පැත්තට හරවගන්න එක තමයි කරන්න තියෙන්නෙ. ඒ කොහොම උනත් අපිට ලොකු කාලයක් නම් ඉතුරු වෙලා නෑ කියලා මට හිතුනා.

___________________________________

පහුවදා උදේම මට ෂානිගෙ නංගිගෙන් මැසේජ් එකක් ආවා. ඒකෙ තිබ්බේ ෂානිව ගෙදර එක්කගෙන ආවයි කියලා.
මගේ හිතට පුංචි සහනයක් දැනුනා. ඒත් ගෙදර එක්කන් ආව පලියට හැමදේම අවසන් වෙන්නෙ නෑනෙ. කොයිම වෙලාවක හරි ඉක්මනින්ම චතුර එයාගෙ ෂානිගැන තියෙන අදහස ආයෙමත් එළියට දානවා. ඊට කලින් මම ඉස්සර වෙන්න ඕනෙ.

මම ඇදෙන් නැගිටලා වොශ් රූම් එකට ගියා. මට ඕනෙ උනේ උදේම ලෑස්ති වෙලා ෂානිගෙ ගෙදර යන්න. මම ඉක්මනට වොශ් එකක් දාගෙන ඇවිල්ලා මල්ලිටත් කෝල් එකක් අරන් කිව්වෙ ලෑස්ති වෙලා අපේ ගෙදරට එන්න කියලා.

” පුතේ ……….. ”

අම්මා මගේ කාමරේට ආවෙ තේ එකකුත් අරගෙන. මම හිටි හැටියෙ ගෙදර ආවම අම්මා පුදුම උනා වගේම මගේ මතකය ආයෙමත් ආවම අම්මා තවත් පුදුම උනා.මට පරණ දේවල් අමතක නිසා පවනි මම බදින්න හිටිය ගෑණු ළමයා කියලා මට ඒත්තු ගැන්නුව එක දැන් මම දන්නවනේ. ඒ නිසා අම්මා මගෙත් එක්ක හරියට කතා කලේ නෑ.

මම අම්මගෙ අතින් තේ එක ගත්තා.

” කොහෙද ඊයෙ මල්ලිත් එක්ක ගියේ ”

අම්මා ඇහුවෙ ඇදෙන් වාඩි වෙලා.

” අර ළමයගෙ ගෙදර ……… ”

” ඒ ළමයා ගැන තාම හිතනවද පුතා ඔයා ”

අම්මා ඇහුවෙ කේන්තියෙන් .

” අම්මා එයා ජීවතුන් අතර ඉන්නවා ”

මම එහෙම කිව්වම අම්මා හිතුවෙ ඒක මම මගෙ හිතින් විශ්වාස කරන දෙයක් කියලා. එයා මගේ දිහා බැලුවෙ නොදරුවෙක් දිහා බලනවා වගේ.

” පුතේ ඔයාට නම් පිස්සු ……. මෙච්චර මේ හොද ළමයෙක් ඉද්දී ඒ ගෑණු ළමයා පස්සෙන්ම යන්නෙ මොකද ”

අම්මා ඇහුවා.

” අම්මට මේ රටේම ඉන්න කෙල්ලො අතරින් පවනිව විතරක් පේන්නෙ මොකද … ඒ එයාගෙ මොකක් හරි විශේෂත්වයක් අම්මට පේන නිසානෙ .. ඒ වගේ තමයි අම්මා මටත් ………. ”

මම කිව්වෙත් හිතට ආව ආවේගෙට.

” පුතා මේ අහන්න …… ඔයාලා කසාද බදින්නයි හිටියේ කියලා මේ හැමෝම දන්නවා … ඒක වෙනස් කරන්න හදන්න එපා .. අපි හැමෝටම ලැජ්ජ වෙන්නයි වෙන්නේ ………..”

අම්මා කිව්වෙ ඇදෙන් නැගිටලා .

” අම්මා මම පවනි එක්ක සම්බන්දයක් ඇතිකර ගත්තෙත් නෑ.. එයාට මං ආදරෙත් නෑ … මට කිසිම දෙයක් මතක නැති කාලෙ පවනි ඇයි මට කිව්වෙ මම එයාව බදින්න ඉන්න කෙනා කියලා .. ඒක මං කල වැරැද්දක්ද …….අම්මේ මාව පොඩ්ඩක් තේරුන්ගන්නකෝ………… ”

මම කිව්වෙ අම්මගෙ අත් දෙකෙන් අල්ලලා.
අම්මා ටික වෙලාවක් මගෙ දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙයි එයා කතා කරන්න පටන් ගත්තේ.

” මාවත් තේරුන් ගන්න පුතේ …….අම්මා කෙනෙක් විදිහට මමත් ආසයි ඔයා ඉක්මනට කසාද බැදලා සතුටින් ඉන්නවා දකින්න ”

අම්මා එහෙම කියද්දි මගෙ හිතට ලොකු වේදනාවක් දැනුනා. අම්මා කෙනෙක් විදිහට එයා හදන්නෙ මගේ ජීවිතේ පිළිවෙලක් කරන්න. මම සතුටින් ඉන්නවා දකින්න. ඒත් මගෙ සතුට තියෙන්නේ පවනි ගාව නෙවෙයි ෂානි ගාව. ඒකත් අම්මා ටිකක් තේරුන්ගන්න ඕනෙ.

” අම්මා … ඉතිං මම ආදරේ කරන කෙනාව මට කසාද බදින්න දෙන්නකෝ ……. ”

” ඉතිං පුතේ ඒ ළමයා ජීවතුන් අතර නැත්තන් ”

” නෑ අම්මා … එයා ජීවතුන් අතර ඉන්නවා … මට තව ටික දවසක් දෙන්න.. මම මේ හැමදේම හරිගස්සගන්නම් …”

මං එහෙම කියලා අම්මා එක්ක හිනා උනා. ඒත් එයා හිනා උනේ නම් දෙගිසියාවෙන්. අපි දෙන්නගෙ කතාව එතනින් නවත්තන්න උනේ මල්ලි ආව නිසා. මං තේකෙන් උගුරු දෙකක් විතර බීලා ඉතුරු ටික මල්ලිට දුන්නා.ඌත් ඒක උගුරට දෙකට බීලා එළියට බැස්සෙ ඉක්මනටම යන්න.

කොයි ගමනටත් උදේම පිටත් වෙන එක හොදයිනේ. ඒක නිසා අපි දෙන්නා උදේ අට වෙනකොට ගෙදරින් පිටත් උනා ෂානිලගෙ එහෙට යන්න.

” මොකද නැන්දා උදේම මූණ එල්ලගෙන හිටියේ ……. ”

මල්ලි කතාව පටන් ගත්තා.

” පවනිව මැරි කරන්න කියනවා බං…. අම්මා කියනවා ෂානි ජීවතුන් අතර නෑ කියලා ”

” ඉතිං උඹ කිව්වෙ නැද්ද වෙද ගෙදරදි එයාව හම්බ උනා කියලා .. එයා ජීවතුන් අතර ඉන්නවයි කියලා ”

” මං ඒවා කියන්න ගියේ නෑ මල්ලි .. කොහොමද ඕවා තේරුන් කරවන්නෙ.. සමහර වෙලාවට ඒ දේවල් උන විදිහ අපිටත් පැටලෙනවනේ…….”

” හ්ම්ම් … ඔව් බං … මමත් ඔතන එක වැරදි කාරයෙක් අයියේ …….. ”

මල්ලි එහෙම කියලා වීදුරුවෙන් එළිය බලාගත්තා.

” ඇයි බං…. දැන් මං උඹට කලිනුත් කිව්වා නේද .. ඒවා අමතක කරපන් කියලා ”

” එහෙම නෙවෙයි අයියේ … පවනි අක්කා ඒකි උඹ බදින්න ඉන්න කෙනා විදිහට රගපාද්දි මට තිබ්බා එක්කො ඒකිට බනින්න .. එහෙම නැත්තන් උඹට ඇත්ත කියන්න .. .ඒත් මං ඒ දෙකෙන් එකක්වත් කලේ නෑනෙ බං.. මං විදෙව්වා සෑහෙන්න … ඒකි උඹට ළං වෙන දිහා බලලා .. ඒත් මං හිතුවෙම ෂානි මේ ලෝකෙන් ගිහිල්ලා ඇති කියලා.. උඹට හොදක් කරනවා කියලා හිතාගෙන මම ඒවට උදව් කලේ ….. ”

මල්ලි කිව්වෙ ඇත්තටම හිතේ වේදනාවෙන්. මං උගෙ උරහිසට තට්ටුවක් දැම්මා.

” මං දන්නවා බං … උඹ , අපෙ අම්මා , පවනි උනත් මගේ ජීවිතේ සතුටින් තියන්න කියලා මේ ඔක්කොම කරන්නේ .. ඒත් බං … මං ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවනේ … ඉතිං මං මේ වෙලාවෙ ඒ කෙල්ල වෙනුවෙන් ඉන්න ඕනේ ……. ”

මං කියද්දි මල්ලි ඔලුව වැනුවා. ඒත් උගේ ඇස් දෙක තිබ්බෙ මගේ පැත්තෙ තියෙන සයිඩ් කණ්නාඩියෙ. ඌ දෙපාරක් විතර පිටි පස්ස හැරිලත් බැලුවා.

” මොකද මල්ලි ……… ”

” ඔය කණ්නාඩියෙන් බලපන් .. පිටි පස්සෙන් කලු පාට කේඩීඑච් වෑන් එකක් එනවා .. ඒක අපිව පහු කරලා යන්නෙත් නෑ …අපේ පස්සෙන්මයි එන්නේ …”

” උඹට හොදටම ෂුවර්ද .. උඹ දැක්කෙ කොයි හරියෙදි විතරද …. ”

” අපේ හරියෙදි නම් මම ඕනෙකමින් බැලුවෙ නෑ.. ඒත් අලුත්ගමින් මෙහාට දිගටම පස්සෙන් ආවා ….. ”

මල්ලි කිව්වා. මාත් දෙතුන් වතාවක් සයිඩ් කණ්නාඩියෙන් බැලුවා.

” ඕනෙ එකක් .. බලමුකො මොකාටද එන්නේ කියලා ……. ”

මං එහෙම හිතාගෙන වාහනේ වේගෙ වැඩි කලා.

අපි කලුතර ඔරලෝසු කනුවෙන් දකුණට වාහනේ දාද්දි කලු පාට කේඩීඑච් එකත් අපේ පස්සෙන්ම හැරෙව්වා. දැන් නම් හොදටම ෂුවර් මුන් එන්නෙ අපේ පස්සෙන්ම තමයි.

කිලෝමීටරයක් විතර මේ විදිහට ගිහිල්ලා පාලු හරියකදි උන් අපිව ඉස්සර කලා.

” අයියේ .. මුන් මොකාටද එන්නේ ”

” දන්නෑ බං … බලමුකෝ ”

මමත් වාහනේ වේගෙ ටිකක් අඩු කලා.

කේඩීඑච් එකත් ඉස්සර කල තරම් වේගෙන් ගියේ නෑ.
ටික දුරක් මේ විදිහට ගිහින් එක පාරම ඒක බ්‍රේක් කරලා අපේ පාර හරස් කරලා නැවැත්තුවෙ අපිටත් මුකුත් හිතාගන්න බැරි වෙන්න.
මමත් දන්න සෙල්ලම් ඔක්කොම දාලා පුලුවන් ඉක්මනට බ්‍රේක් කලා.

” ක්‍රා…ස්……………………………..”

සීට් බෙල්ට් නොතිබ්බනම් මල්ලියි මමයි කෙලින්ම ඉස්සරහා වීදුරුවෙ වැදිලා ස්ටිකර් වෙනවා.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
ඔන්න ඔයාලට අනුමාන කරන්න අවස්තාවක් දුන්නා . කවුද ඒ ආවෙ ? ඇයි එයාලා වාහනේ ෆලෝ කලේ ? ඔයාලා පොඩ්ඩක් ගෙස් කරලා බලන්නකෝ මොකද්ද වෙන්න යන්නෙ කියලා …..අපි බලමුකො රවීන් එයාගෙ මල්ලිත් එක්ක කොහොමද මේවට මූණ දෙන්නෙ කියලා ??? ඉස්සරහට මොකද වෙන්නෙ කියලා දැන්ම කියන්න අමාරුයි …ඒ නිසා දිගටම කතාවත් එක්ක එකතුවෙලා ඉන්නකෝ ?❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ⭐⭐⭐⭐⭐click කරන්න

මම ඩී.සුමිත්

128 thoughts on “? සමනල පියාපත් ? 70 වෙනි පියාපත්”

    1. හුරේ අද මන් 1st වෙලා ???…..වාහනෙ හරස් කලේ ඉතින් වෙන කවුද චතුරයා මිසක් ??….ආපහු රවීන්ව කිඩ්නැප් කරයිද මන්දා….හිතාගන්න අමාරුයි ඉස්සරහට මොනවා වෙයිද කියලා…චතුරයටම දිනන්න දෙන්න නම් එපා ඔන්න ???….පොලිස් පට්ටමත් නැති වෙලා යන්න ඕන ඔය හෝතඹුවගෙ ????????….කතාව අදත් එළකිරි සුපිරි අයියෙ ????????

        1. හරි වැඩේ… මේ දවස් වල රාජ වෛද්‍ය හංසක ඩොකත් අතුරුදන් වෙලා නෙ ඉන්නේ… ඉක්මනට බේත් ගනින් බන් ඇහැට..

          1. බෙහෙත් ගත්තාට වැඩක් නැලු… ඒක ඇරෙන් නැලු… මෙහෙම තමා ඉන්න වෙනනේ… ????

          2. ඒක තමා දකින දකින හැමෝටම ඇස් ගහන්න එපා කියන්නෙ.. ??

    1. හෝ හෝ හෝ… යාළුවනේ… ??????????? මොකෝ මේ වෙන්නේ… රවීන් කොලුවා ඉක්මනටම ෂානිගේ මතකේ ගනී ද… එහෙම වුනොත් කතාව ඉක්මනට ඉවර වෙයිද… ප්‍රශ්න ගොඩාාාායි….??

      අර ආවේ ෂානිගේ නංගි වුන එකනම් හොදයි… නංගි මාර්ගෙන් ෂානිට හැමදේම මතක් වුනා නම් හරි…. ගල් මූසලයායට තරු පේන්න…? උනහපුලුවා…

      අම්මා හදන්නේම රවීන් අයියව පවන්සලාට බන්දලා දෙන්නනේ… එක අතකින් අම්මා පව්… එයා දන්නැ නේ ෂානි තාම ජීවත් වෙනවා කියලා… අම්මලා හැමෝම කැමති තමන්ගේ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙනවා දකින්න නේ… ??

      කොහොම වුනත් පවන්සලෝ… දැන් නැටුවා ඇති… බොගේ කාලේ ඉවරයි දැන්..? හොයාගනින් දැන් වෙන නැට්ටුවෙක්ව නටන්න… කෙනෙක් ඉන්නවා හොදට නටන්න පුළුවන් සෙට් කරන්නෙයි බොට… අපේ හාල් ගැරඬි කොල්ලාටත් හොදට නටන්න පුළුවන්…???????

      කෝ අයියේ හාල් ගැරඬියා ?? … තාම ආවේ නැත්තේ ඇයි… හෙට දිහාට ගෙනල්ලා ෂානිව බන්දලා දෙනවා එහෙම නෙවෙයි හොදද…?? එහෙම වුනොත් මං මෙතන නාගීනා නටනවා… හරියැ…

      මොකද්ද අන්තිමට වුන චකබ්ලාස් එක… රවීන් අයියලාව ෆලෝ කරන්නේ… චතුරයාගේ කටු කන බල්ලෙක් වෙන්න ඇති…?? හෙට රවීන් අයියායි මල්ලි කොල්ලායි… ෆයිට් කරන සීන් එකක් එහෙම නැතෙයි…. ?? එහෙම සීන් එකක් තිබ්බ නම් හරි….??

      මොකක් වුනත් රවීන් අයියාටවත් මල්ලි කොල්ලාටවත් තුවාලයක් නොවුනොත් හොදටම ඇති… ඇති අයියේ දැන් එයාලට කරදර කරා… රවීන් අයියා දිනන චතුරයා පරදින කාලේ ගේන්න අයියේ… ?? ප්ලීස් ප්ලීස්…??

      ???????????

      දිනක් දැක්කෙමි හඩා වැලපෙන රෝස මලක්…
      සහෝදර ප්‍රේමයේ වියොවෙන් විදවන ලදක්…
      ඔබේ වත කදුලින් තෙත් වි ඇති බවක්…
      දුටු මට දැනුනා ඔබේ වේදනාවෙන් බිදක්…

      ආලෙන් වෙලීලා මාගේ සොහොයුරා හා…
      සිටියේ ඔබේ සොහොයුරියයි පෙර දිනක එදා…
      ඔබට දැනෙන දුක නිසැකව දනිමි මෙමා…
      මගේ සොහොයුරා දුක් වනයුරු දකින නිසා…

      හිස අතගා ඔබේ දුක නිවීමට සිතුනි මට…
      එය කළ නොහැකි බව සිත පහදා දුනී මෙමට…
      ආසයි දිනක ඔබගේ දුක් නිවන්නට…
      දෙනවද ඔබේ අයිතිය එය කරන්නට…

      අහස උසට හීන මැදුරු මම හැදුවත්…
      ඔබේ සිතේ මා ගැන අදහස් නැත්නම්…
      බලා සිටිමි කවදා හෝ ඇති වෙනකල්…
      මගේ සිත සඳා ඔබේ නමටයි දිවි ඇති තෙක්…

      ???????????

      ඉතින් අයියේ පරෙස්සමින් ඉන්නවා නේද… බෙහෙත් බිලා පරෙස්සමින් ඉන්නෝන හොදද… හොදටම සනීප වෙනකන් රිප්ලයි එහෙම දානවා නෙවෙයි ලොකු… ඔයා රිප්ලයි නොකෙරුවාට අපි හැමදාම දිග කමෙන්ට් දානවා… ඔයා එවා කියවලා සතුටු වෙන්නකෝ… ඉක්මනට සනීප වෙලා එන්න… තෙරුවන් සරණයි !…
      ????

      1. ආාා කියන්න අමතක වුනා… මල්ලි කොල්ලාගේ ෂානිගේ නංගිට නිසදැස…
        ???

          1. හරි අහම්බෙන් වගේ හමුවුනේ…
            දඟ කරනා ඇස් දෙක මට ඔබේ…
            හිත වසග කලා පෙම් හීනයේ.. හැඩකාරීයේ…
            හද නොසන්සුන් කලා රුව ඔබේ…
            හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ…
            සද කිරණයි ඔබ මගේ ජිවිතේ.. හිමිකාරියේ…

            සිහිලැල් වු ආදරයේ…
            සෙවනැල්ලයි මා ඔබගේ…දිවි ගමනේ හැම භවයේ…
            මට දෙව්යන් දුන් තිළිනේ…

          2. දුලෝ……අම්ම්බෝ ඒක්.. ලස්සනයි හාද.. ?

      2. දේවාෂි

        අහ්හ් මගේ මචී ලාස්සනයි මැණික ❤?
        පින් මගේ ගැන හෙව්වට…?❤?

        1. ආනේ…. ඔයා ඇවිත්… ??? පට්ට හැපි හොදේ… මචී දැන් ප්‍රශ්න ඉවරද… සතුටින් ද ඉන්නේ මැණික…

          1. දේවාෂි

            ප්‍රශ්න නම් ඉවරෙටම ඉවර නැහැ මැණික…… ඒත් බන් හැමදාම අවුලෙන් ඉන්න බැහැ නේ… එහෙම උනොත් ප්‍රශ්න මාව චකබ්ලාස්ට් කරල තලලා සමතලා කරවී?❤

          1. ම්… මොනාද…. මට හිතාගන්න බැරියෝ… අක්කියෝ…
            ??

          2. ම්…….කියන්න බෑනෙ ඉතින් දැක්කෙ මොකක්ද කියලා..

          3. අනේ… හරි ප්‍රශ්නේ නේ දැන් මට ඒක දැනගන්නම ඕනිනේ අක්කි.. ?? කියන්න විදියක්ම නැද්ද අක්කියෝ.. ??

          1. ආහ්… ?????? අක්කි ඒක ගැනද කිවේ… හි… හි… ඒකනේ.. හරිම නපුරුයි… ??

          1. ? මහිංසා ?

            හරි ලස්සනයි මැණික ????????????????????????????

  1. තනිකමද තක්සලාවක්..
    ඉගෙනුමට ජීවිතය..
    මතකයද ඔසුවක්..
    හදවතම සුව කරන….

        1. තැන්කූ අක්කියෝ.. Hamadama thaniyen jeewath wenna mamath asai.. eth e thiiranee gana thawa tikak hodata hithala balannako.. kauda danne akkige oya thirane wenas karannna puluwan kenek munagahunoth..????

          1. හිතෙෂි මෙත්දරා

            Apooo ema kenek mata muna gahenna epaaa kiyala prarthana karanwa

    1. චතුර කියන ඇනකොන්ඩා වෙන්නත් පුලුවන්…. හාල් ගැරඩියදත් මන්දා… හැබැයි පාලු පාරක ඉස්සර කලා කියද්දිනම් ෂුවර් බඩ කට පිරෙන්න කෑමක් ලැබේවි කියලා.. බ්‍රෙක් කරද්දි කියලා බ්‍රේක් කරපන්කො චිම්පන්සියෝ.. පව්…… අර මල්ලි පැටියා.. තුවාල උනාදත් මන්දා…? මේ කොස් ඇට මීයා කලොත් ඉතින් ඔය වගේ බුද්ධිමත් වැඩමනී….?

      චතුරයෝ………… තමුසෙවනම් ඉතුරු කරන්න වටින් නෑ.. හිකනලා.. පුස් බුන්නා දෙපත් නයා පොළගා පිඹුරා කොකු පණුවා දිවියා ලූලා මෝරා තල්මහා මිනී මෝරා හැල ගෙම්බා ඇහැටුල්ලා උගුඩුවා බස්සා උලමා බෝදිලිමා හැකරැල්ලා නයි කූබියා පත්තෑයා මතක් වෙන්නෙත් නෑ ඕයි තමුසෙට කියන්න ඒවා.. අර පවන් සලාවම තමා ගැලපෙන්නෙ තමුසෙට…

      මේ ෂානිගෙ නංගි පැටියට නම් මොලේ සූට්ටක් තීනෝ නේ.. ඒ හින්දා හොදයී.. ඒත් ඉතින් ෂානිගෙ ගෙදර අය මොනා හිතනවා ඇතිද දන් නෑ.. අර චතුරයා අබරපු ගුලිය ෂානිගෙ ගෙදර අයත් ගිලීද මන්දා.. තින්කින් පොඩ්ඩක් හරි තිබ්බොත් හොදයි නැත්තන් පව් අර රවීන් කොලුවා.. අනේ අම්මපා අර ජීවත් වෙලා ඉදපු කෙල්ලට පාංශුකූලේ දෙන්න එපා කියලා අනන්තවත් කිව්වා ඔය අයට මම.. කෝ ඉතින් ඇහුවෙ නෑනේ.. දැන් හොදයිනේ.. තව ඉතින් ගිහින් අර කෙල්ලව එක්කගෙනත් ඇවිත්.. කමක් නෑ ඉතින් ෂානි කෙල්ලගෙ ආයුෂ හරි වැඩි වේවි නේ… එක්කන් ආව එකත් හොදයි අර චතුර බූරුවා ලග නොතියා.. ඒකටවත් මොලේ පෑදුණු එක හොදයී..

      ආව්.. ආව්.. මල්ලිටත් මල්සරා විදලා නේ.. ඒකත් මරු අයියට අක්කා මල්ලිට නංගි.. අනේ අයියා මචන් මේ ඒ ලව් එකත් ලප් තැනම ලොප් කරන්න ඒම එපා හරී…

      අම්මත් පව්.. ඒ අම්මගෙ හිතේ තමන්ගෙ පුතා ගැන කොයි තරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇතිද.. අම්මා කියන දේත් ඇත්ත.. තමන්ගෙ දරුවා තනියම ජීවත් වෙනවා දකින්න කැමති නෑනෙ අම්මා කෙනෙක්.. ආදරේ නිසානෙ කියන්නේ.. අනික අම්මා දන්නෙ නෑනෙ ෂානි ජීවතුන් අතර කියලා.. ෂානි නැති උනානම් ෂානි වෙන කෙනෙක් ලගට ගිහින් තිබුණනම් ඔන්න ඒ අම්මා හරියටම හරි.. ගිය කෙනෙක් ගැන හිත හිත ජීවිත කාලෙම විදවනවට වඩා අම්මගෙ සතුට වෙනුවෙන් හරි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනි නේද රවීනයෝ…

      අයියා කලුතර ගැන කියද්දි මතක් උනේ ගෙදර.. ඔය ඔරලෝසු කණුව ලගින් කී පාරක් එහාට මෙහාට ගිහින් තීනවද මම.. දකින්නත් ආසයී…. අවුරුදු පහට කොච්චර වෙනස් වෙලා ඇතිද… කතාව ලස්සනයි අයියා මචන්.. සුභ පතනවා ඔයාට.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි..!

      1. කැරපොත්තා, ඇඹලයා, කලවැද්දා, දෙපත් නයා, මාපිලා, බිං ඌරා, ගැඩවිලා, ⁣හැකරැල්ලා, ඉත්තෑවා, ඌරු මීයා,උලමා තව නම් ගොඩාාාරියක් කියමු අක්කි ලොකේ ඉන්න හැම සතෙක්ගෙම නම් කීවත් මදි ? ඒ සත්තුන්ටත් හරි නැ චතුරයා වගේ කුපාඩියෙක්ට ඒ සත්තුන්ගේ නම් කියන එක..??

        1. ඒක ඇත්ත බන්.. ඔය ගල් වැද්දට කියන්න නමක් නෑ මේ ලෝකේ කබරගොයා

          1. හා……….. පොඩි එකීගෙ ආසාවනෙ ඉතින්.. ???

    2. මගෙ ආදරේ වචනෙන්
      කියන්නම ඕනිද මැණික
      මේ පපුව ගැහෙන හඩින්
      තේරුම් ගන්න බැරිද උබට
      මගේ ආදරේ කොයි තරම්ද කියලා..

      වචන කරන්න බැරි
      හැගුම් කොතෙක් නම්
      ගොලු වෙලා ඇත්ද
      සුසුම් ලන හදවත් තුළ…

      මගෙ මැණික හැමදාම
      උබ මගෙම විතරමයි
      බෑ දෙන්න කාටවත්
      මගේ සුදු නෝනෙ උබ…

      °° රවීන් °°

      අසරණයි රත්තරනේ
      හිතන්නටවත් බැරි තරම්
      හැමදාම ආදරෙයි
      හමුණොවුණු කුමරුනේ

      රිදුම් දෙන හදවතේ
      නිදන් උනු ඔය රූපෙ
      මැවි මැවී පෙනෙනවා
      හැම මොහෙතෙ සොයනවා..

      ආදරේයී තාම මන්
      එදා මෙන් අදටත්
      කවුරුන් කෙසේ කීවත්
      මගේ හුස්මම නුඹයී..

      සුදු මහත්තයෝ මගේ
      ලගදීම මන් නුඹේ
      වැඩි දුරක නෑ ඉතින්
      අපි අපේ වෙන දවස…

      °° ෂානි °°

      ??????????
      ??????????
      ??දෙඅත් පටලන් යන්න
      ??ඔය දෑස් දැක ගන්න
      ??ඔය උණුහුමට ගුලි වෙන්න
      ??ඔය පපුවෙ නිදියන්න
      ??හැගුම් උතුරන ඔය මූණ
      ??සිපගන්න උමතුවෙන්
      ??සිහිනයෙන් හෝ වරම්
      ??ලැබේවිද මතු බවේ…
      ???????????
      ????????????

      1. දේවාෂි

        ලස්සනයි මගේ අක්කියෝ… ❤❤?
        ගොඩක් පින් ඔයාලා කියලා දුන්න දේවල් වලට…?❤ ආදරෙයි මැණික ❤?

        1. ඔයා ඉතින් මගේ නංගිනේ මැණික.. තැන්කූ හොදේ.. ආදරෙයි බන් මාත්.. හැමදාම නාවත් හැමදේටම ලගින් ඉන්නවා මැණික… ඔන්න අක්කි හෙට ඉදන් නෑ…

          1. හෙට අයියා යනවද අක්කි… ආයි දවස් ගානකට අක්කි එන නැ නේද එතකොට… ??

          2. දේවාෂි

            ඔයා හැමදාම ඉන්නේ අපි එක්කම තමයි අක්කියෝ…. ඉක්ම්නට එන්න මැණික ?❤?
            පාලුයි ඔයා නැතුව….❤??

        1. ඔව් මැණික.. නෑ තමා… මේ වදේ නැති එකම තමා හොද නේ… ටැංකූ මැණික.. ????

          1. අනේ පැළුයිනේ…?? මේ වගේ පිස්සියක් අඩු වෙනවා කියන්නේ…??

  2. හිතෙෂි මෙත්දරා

    E parath awe chathurayage kattiya wenna athi. Ekko policyen awada dan na ravinwa aran yanna. Ane manda kathawe issarahata mona weida kiyala. Ravinta aye karadarayakwath weida dan na. Paw ane ahinsakaya lankawata apu dawase idan prashanane. Danwath tikak eyata paduwe inna dennako loku aiye.

    Ravin wage kollo aththatama innawanm kochchchara hodada. Hama karadarekadima thamange kellawa dala yanne nathuwa parissam karanna uthsaha karana kollo godak aduine dan. E wagema thama kelloth.Adare wenuwen Kapa kirim karanna puluwan aya dan nane ithimmmmm. Shanita ikmanta parana dewal mathak unoth hodai. Ethakota chathura hala gembawa thalala thalala choppa karanna denna Ravinta. Harida aiye. Chathurage ammala thaththalath puduma ayane. Eyala danne nadda eyalage putha karana jara wada. Aththatama kathawa kiyawagena yankota chathura hal paruwawa mara gena kanna hithenawa.

    Cathurata pavaniwa set kalanm hari. Hodata galapena joduwa. Aaa thawa magulak set wei wage neda. Malli shanige nangiwai onna ohe set karalama danna loku aiye. E dennata denna kamathida koheda.

    Kathawanm godakma lassanai aiye. Oyage sinduth e wagema thama.ethkota nisadas marama lassanai. Oyata hamadama me wage dewal karanna puluwan wanna shakthiya dairya labenna kiyala and ikmanata oyage leda saneepa wela hamadama niduk nirogiva inna puluwan wanna kiyala mn prarthana karanwa aiye. Budu saranai mage aiye. Hamadema parissamin kara ganna.

    Daga paule hamomath parissamin inna. Oyalage nisadas godakma lassani. Budu saranai hamotama. Sadi akki mahi akki oyala hodin neda

  3. දේවාෂි

    හී…. ඔන්න මම ආවා…. පලවෙනි කොමෙන්ට් එක දාන්න තමයි කෙල හල හල හිටියේ නම්… කොහෙද….?? කමක් නැහැ මම ඉතින් සදාචාර සම්පන්න කෙල්ල නේ… ?? ඒ නිසා වැඩිහිටියන්ට මුල් තැන දෙනෝ….?
    අනේ සාන්ත…. ඇයි බන් මෙහෙම…. අපිට මෙහෙම කරන්න බැරි වෙයිද අයියේ ? ශානිවත් අපේ කොල්ලා වගේම ලිස්සලා වට්ටවමුකෝ…??? එතකොට ඔය මකුළු දැල් ටික කැඩේවි නේ මොලේ බැදිල තියෙන….???

    එතකොට අපේ කොල්ල ගැන කතා කොරත් මේ දවස් වල සෙනසුරු බ්‍රහස්පති විතරක් නෙවෙයි නෙප්චූන් , ප්ලූටෝ හිටන් මුගේ නලලේ ද කොහෙදෝ….???? අත පය කඩා ගන්න වැඩම නේ සෙට් වෙන්නේ… අපරාදේ කාලෙකින් වලියක් බැලුවේ නැහැ.. මුලින් කිව්ව නම් මාත් එනෝනේ…? කවුරු වෙන්න පුලුවන් ද ඔය… ??
    පාලු පාරක් කිව්වා නේ… අපේ කොලු පැටියට කරදර කරන්න ආවොත් නම්.. හ්හ් මෝහිනීම ගහන්න ඕන….??

    චතුර කියන ගල් මූසලයා ගැන කිව්වොත් නම්….. පොල් බූරුවා මල පෙරේතයා…??? ඕකට නම්…. හ්හ්… මට ඌට ගහන්න තිබ්බා නම්…. එක සැරයකට අරන් දෙන්නකෝ අප්පා ඒ චාන්ස් එක…?? දැන් නම් හොඳටම විශ්වාසයි ඕක කරන්නේ චතුර කියන ගස් ගෙම්බා කියලා…. හ්හ් දවසක ඌ කනවා ආයේ නැති වෙන්න…? එදාට අනිවා මම දානෝ පාර්ටි එකක්…????

    හිකිස්…. මල්සරා ආයේ ඊතලයක් විදලා නෙවෙයි මල්ලිට?? කඩුවෙන් ම කොටලා හදවතට…. ආවුස්… ලැජ්ජයි වගේ අප්පා….??.. හ්හ්… ඒ ගොන් නාම්බටත් දැන් තමයි තේරෙන්නේ කරපු ගොන් කම්…. ඒඒඒඑ…. කාට කියන්නද මේවා….??

    කතාව නම් වෙනදා වගේම එල…. පට්ට…. අනේ අයියේ බාල්දි ඇති නේ දැන්… පෙරලනවා කියලා ඔහොමත් පෙරලනවද අප්පා..? අනික අයියේ ඔයා පෙරලන්නේ බාල්දි නෙවෙයි අප්පා… ළිං නේ…???
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ??❤?

    1. ඔන්න අපේ පිස්සිගේ නැවත සම්ප්‍රාප්තිය වෙනුනෙන් මං ගානේ හැමොටම… ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      මචී ? ඔක්කොම කනවා එහෙම නෙවෙයි හොදද…
      ??????????

      1. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????? මේ මන් ගානේ මගේ පිස්සු නංගියගෙ ආගමනයට…..

      2. දේවාෂි

        හී ? ඔයා දාලා නැහැ නේ මචී…. මට නම් පේන්නේ නැහැ … ඔන්න ඒ ටික මගේ බඩේ නම් නැහැ හොදේ ???

    2. දේවාෂි

      අද ගොඩක් අය නැහැ නෙ…???
      මගේ චූටි අක්කියෝ… කොහෙද ඔයා…❤❤?
      මහී අක්කිත් නැහැ නේ… සදත් නැහැ තව ගොඩක් අය නැහැ නේ… අනේ නම් නැත්නම් සමාවෙන්න කවුරුත් මතක් වෙනවා…❤❤?

  4. හොදම තැනින් නවත්තනව හැමදාම …කතාව නම් සුපිරි එන්න ඇත්තෙ අර චතුරයගෙ එවුන් තමා නියමයි ….. නියමයි….. බලන් ඉන්නව ඊලග කොටස එනකම්????

    1. හලෝ.. කෝමද ඔයාට… පොඩි හැදින්වීමක් කරන්න පුළුවන් ද…. හදුනා ගැනිම පිණිස කරනු ලබන කාරුණික ඉල්ලීමකි…
      ??

  5. Chamodya Madusanki

    සුවර් ඒ ආවේ චතුරයා එහෙම නැත්තම් එයගේ චක්ගෝලයෝ ටිකක් වෙන්න ඇති???
    අපේ ශානියට ආයේ මතකය එන්නෙ නැති වෙයි ද? වැඩිය ඕනි නෑ රවීන් අයියව විතරක් මතක් උනාම ඇති.?? රවීන් අයියාට ආයේ මතක අමතක වෙන්නම කෑමක් හම්බවෙයිද දන්නේ නෑ.
    මොනා කරත් අපේ ශානිට ඉක්මනටම මතකය ආයේ අරන් දෙන්න හොදේ පීස්ස්ස්ස්ස්ස්???
    හැමදාමත් වගේ කතාවනම් සුපිරී??
    ?????????
    සදේ සද රැස් දියේ
    පැමිණ සිහිනෙට ඔබේ
    නිදන තුරුලට ලංව
    අවසර ද කුමරියනේ මගේ

    දින ගණන් ඉමක් ඇත
    දැනේ කල්පයක් මෙන්
    නමුදු අප දෙතැනකය
    වරම් නැත හමුවන්නට

    නෙත සොයයි රුව ඔබේ
    පහස නැත මට ඔබේ
    ඔබේ සුවද ඇත හදේ
    අමතකට මා ඔබේ
    ?????????
    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

  6. ? එරන්දි ?

    අභීව ආයෙමත් කිඩ්නැප් කරයිද දන්නෑ.මේකත් චතුරගෙම වැඩක් වෙන්න ඇති…..
    හෙට ලොකු කමෙන්ට් එකක් දාන්නම් ලොකු අයියේ අද ටිකක් අසනීපයි.පරිස්සමින් ඉන්න හැමෝම බුදු සරණයි……!!!!

    1. අනේ අක්කිත් අසනීපෙන්ද… ඉක්මනින්ම සනීප වෙන්න අක්කියෝ.. බුදුසරණයි මයෙ අක්කියට.. ????

    2. අනේ අක්කිත් අසනීපෙන්ද… ඉක්මනටම සනීප වෙන්න අක්කියෝ… බුදුසරණයි !…
      ???

  7. අද කුට්ටද මන්දා කතාවේ.???
    කොහොමද අප්පු අයියේ හොදිනේ ද..
    මටනම් දැන් පිස්සු වගේ මේ ඩබල පාරට බැස්සොත් කාලු හරි එනවනේ හොරගල් ඇහිදින්න.අනේ මන්දා මොනා උනත් සුපිරි මීටරේ මල්ලි බබා නේද.
    කතාව පට්ටම ලස්සනයි අයියේ.

    කඳුළු බර වැඩියි
    දෙනෙතට දරාගන්න බෑ
    සතුට දුර වැඩියි
    තව දුර සොයා යන්න වෙයි

    කරදර බෝමයි කොතනින්වත්
    කෙලවරක් නැතී
    මැණික උබ මගේ
    සදහට අන්සතු වෙයිදෝ…..

    පරිස්සමෙන් සතුටින් ඉන්න අයියණ්ඩි.
    ජේසු පිහිටයි !!!!!!!!

  8. උක්කූං පුතා(SuMi )

    අද නං නිසඳැස් වලට reply කරන්න වෙන්න දැන් තමයි ගෙදර ආවේ මං හරි මහන්සි මට. ඒතං රිප්ලයි එකක් දාන්නම් ඔයාලා ඔක්කොටම මගේ දග සෙට් එක.

    සමනල පියාපත් ආදරේ
    ලස්සනට ගලාගෙන ගියා
    ඒත් අහම්බෙන් කරදර ගොඩක්
    ඒ ආදරේට කඩන් පාත් උනා

    ආදරණීයම හිත්
    කදුලින් පිරුනා
    ළගදීම අවසානයක් මෙයට
    ගෙනෙන්නට හිතුවා

    ආයෙමත් රවීන්
    කතාවට නොඑන බවක් හිතෙනවා
    ෂානි චතුරත් එක්ක
    නව යුග දිවියක් අරඹනවා

    මෙලෙස කතාව නිමකරනවාට
    මම සමාව ඉල්ලනවා
    දග සෙට් එක තරහා නොවී
    අන්තිම වෙනකන්
    කතාවත් එක්ක රැදෙන බව දන්නවා ?

    මගේ දග සෙට් එක ,,,,, තව ගොඩක් දුරට කතාව ඇදගෙන යන්න අමාරුයි. ඒක නිසා ඉක්මනටම කතාව ඉවර කරනවා. මොකද මේක දෙපාරක් තුන් පාරක් අතරමග නතර උනා. ඉතිං දැන් ඔයාලා ළං වෙලා ඉන්නෙ සමනල පියාපත් අවසානෙට .

    ඉතිං ඉක්මනටම අවසානයක් කරන නිසා ඔයාලා නොහිතුව අවසානයක් තමයි වෙන්නේ. ඒ ගැන ඉතිං වැඩිය හිතන්න එපා මගෙ දග සෙට් එක. අයියා එක්ක තරහා වෙන්නත් එපා . කමෙන්ට් නොකර ඉන්නත් එපා හොදේ. එකම එක ඉල්ලීමයි තියෙන්නේ අවසානය වෙනකන් කතාවත් එක්ක එකතුවෙලා ඉන්නකෝ????

    1. නයෝ මධූ

      මොකක්ද අයියෝ ඒ කතාව? ඇයි අනේ එහෙම කරන්නේ? අපි පව් නැද්ද?

    2. අහිංසක අපිව අංගුලි මාල කරගන්න එපා අයියේ… මේම හිටියට අපි හරි වසයි… ෂානි රවීන්ගේ… එච්චරයි… ෂානි චතුරයාට දුන්නොත් මං බලාගන්නම්කෝ…. එනවා හොයාගෙන බලපිටියේ මං… දකුණේ කොල්ලා දන්නැ මේ ඇතුගල්පුර ඇත්තු ගැන..???

      1. දේවාෂි

        මේ මේ නංගී දකුණට මුකුත් කියන්න එන්න එපා හොදේ ??
        හැබැයි අයියට මුකුත් කිව්වට නම් කමක් නැහැ ???

    3. Chamodya Madusanki

      අනේ ලොකු අයියේ
      ඔබටයි මේ පවසන්නේ
      දැන් දග පවුලේ සැමගෙන්
      ගුටිකන්නයි යන්නේ..
      එහෙමද අක්කාලා???

      1. ඕ යර්ස්… රවීන් ෂානි වෙන් කලොත් ඔය චිම්පන්සියට විරුද්දව මන් යනෝ පාඨක හිමිකම්… ??

        මන් යනෝ ළමයී… ගිහින් එන්නම්කෝ.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න හැමෝම. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි..!!!

        1. පරෙස්සමින් ඉන්න අක්කියෝ… ආපහු ඉක්මනටම එනකල් බලන් ඉන්නවා… අයියා නිවාඩු ආවාම ඉක්මනට එන්න… සුභ රාත්‍රීයක් අක්කියෝ ❤️❤️❤️
          තෙරුවන් සරණයි !..
          ????

  9. නිරෝෂා ලක්මාලි

    මොනවා කියන්නද තේරෙන්නේ නෑ අයියේ. සෂානිගේ නංගි හරි අභිව විශ්වාස කරන එක නම් ලොකු සතුටක්. එදා ඇක්සිඩන්ට් එක නොවුණා නම් අභි චතුරට ඉස්සරහින් ඉන්නවා එහෙනම්. ඒකත් ප්ලෑන් කරලා කෙරෙව්වද දන්නෙත් නෑ ඉතින්. මොන දේ වුණත් මල්ලි අභිට හයියක් වෙලා ඉන්න එක නම් හොඳයි. මල්ලිට කැමතියි වගේ⁣ නේද සෂානිගේ නංගි.

    ඒත් සෂානි කොහොමද මේ තරම් මෝඩ වුණේ. ආදරේ කරපු අභි එයාව කිඩ්නැප් කරා කියලා හිතන්නවත් පුළුවන් ද. අනික මොකටද එහෙම කරන්නේ. අනික මේ දේවල් වෙද්දි ඒ කොල්ලා හිටියේ රට. මට නම් හිතෙන්නේ සෂානිත් හැමදේම අමතකයි වගේ රඟපානවා. සමහර විට අභිගේ ජීවිතේම බේරගන්න එහෙම කරනවද දන්නේ නෑනේ.

    සමහර විට ඒ ඉන්දුගේ ඩයිරියේ මොනවාහරි හෝඩුවාවක් ඇති. ඒක අභිට විතරක් කියවන්න දුන්නේ මොකක්ම හරි හේතුවක් ඇතුව වෙන්න ඇති කියලාත් හිතෙනවා. කොහේද ඉතින් ඒක මේ අභි හරියට බැලුවේ නෑනේ.

    අම්මාත් ඇවිත් අභිගේ හිත අවුල් කරනවනේ. ඔය සේරටම මුල පවනි. දැන් ඉතින් බොරු කියලා හරි සතුටු ඇතිනේ. ඔක්කොම අභිගේ මතකය ඇවිත් කනපිට පෙරළුණානේ. හොඳම වැඩේ බලෙන් අභිගේ ජීවිතේට එන්න ආවාට.

    මොනවා වුණත් මට හිතෙනවා චතුර නම් මාරම මොළකාරයෙක්. මේ පාර අභිලට මොනවා කරයිද මන්දා. මොකක් නමුත් මෙතන ලොකු රහසක් තියෙනවා. ඒක මේ සෂානි අයිති කරගන්න එකක් නෙමෙයි කියලා හිතෙනවා.

    එක්කෝ සෂානිගේ ඇත්ත දෙමව්පියෝ සම්බන්ධ ප්‍රශ්නයක් ⁣වෙන්න පුළුවන් කෙල්ල පස්සේ පන්නන්නේ. එක එක ඒවා හිතෙනවා. මොනවා වුණත් කතාව ප්ලෑන් කරලා තියෙන විදිහ නියමයි. අපිව එක එක වෙලාවට සප්‍රයිස් වෙනවා හිතාගන්නවත් බැරි විදිහට.

    අයියා ඉතින් හරිම දක්ෂයිනේ. ඒ ගැන ඉතින් කතා දෙකක් නෑනේ. හිනස්සන වෙලාවට අපිව හිනස්සනවා කට රිදෙනකම්ම . බය කරන වෙලාවට අපිව බය කරනවා රෑට හීනෙන් බය වෙන්නම. අඬවන වෙලාවට අඬවනවා හොටු හූර හූර අඬන්න. සතුටු වෙලාවට සතුට දෙනවා උඩ පැනලා නටන්න හිතෙන තරමට. තවත් මොනවත් කියන්න ඕන නෑනේ.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    හැමෝගෙම නිසදැස් හරිම ලස්සනයි..
    ??????????

    අද කතාව කියෙව්වම ආයේ එන්නේ හෙට. ඉතින් ඔයාලා දාන කමෙන්ට්වලට රිප්ලයි කරන්න වෙන්නේ නෑ. ඒකට සමාවෙන්න.

    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..
    ???????????

    තෙරුවන් සරණයි !

  10. නිෂා සශී ?

    අයියා අපිට හාට් ඇටෑක් හදවන්නද යන්නෙ ආ..??. අනේ ලොකු අයියේ. ඇයි අප්පා ඒම. ලොකූ කමෙන්ට් දාන්න අමාරුයි අයියකොටේ..???.. කතාව හරිම ඉන්ටරෙස්ටින්ග්. ඒ වුනාට ඔයා හරි දුෂ්ටයි ලොකු අයියේ .. ….. ???ෂානිව චතුරට දෙන්න එපා වෙන කෙනෙකුට දුන්නත් කමක් නෑ හෙටත් එන්න අයියේ…..

    මේ මගෙ දඟ සෙට් එකට ??
    අක්කිලා නංගිලාට වෙන වෙනම කමෙන්ට් කලන්න බෑ වස්තුලා…. තරා වෙන්න එපා මේ වැඩ ටික ඉවර වුන ගමන් මං එනෝ පිස්සු නටන්න හොඳේ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න …….??????????

  11. ..Sandashen..

    ලොකු කොහොමද හොඳින් ඉන්නවද .කතව නම් ලස්සනයි .මම කිවුවනේ ඉන්දු කියන්නෙත් ශානීට කියලා ….
    මේ ශානී කෙල්ල දෙන්න ඕනෑ ඔලුව හිල් වෙන්න .ඇයි අප්පා අර ගෙම්බා කියන හැම දේම ඇත්ත කියලා පිලිඅරගෙන රවීන්ට ගැහුවත් එක්ක.
    රවීන්ට ගහපු එකට නම් ශානීට හොද පාඩමක් උගන්වන්න ඕනෑ .??….
    අනික අර ගස් ගෙම්බා ඌටත් හොද පාඩමක් උගන්වන්න ඕනෑ …..මේ ලොකු ඔයාට බැරිද ඔය ගස් ගෙම්බාගේ කකුල් කඩලා මතකය නැති කරලා ශානී ගේ රෝදපුටුවේ ඉන්දවන්න…? එක්කෝ පවනි යාලූ කරමු ඔය ගස් ගෙම්බට එතකොට නිකම්ම ප්‍රශ්න ටික විසදෙනවා.???☺️☺️☺️☺️☺️

    ඔන්න ලොකු අද තමයි මේ 4n පොජ්ජ මට දුන්නේ …මට තහනම් කලාපයක් කරලා නේ තිබ්බේ ….කොහොමද ඉතින් ඔයා හොඳින් ඉන්නවද .දැන් සනීප ද. බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න .බුදු සරනයි ලොකු .සුභ රත්‍රියක් .?????

  12. ..Sandashen..

    හී…..ලමායි මම ආවෝ….කොහොමද ඉතින් .හැමෝම හොඳින් ඉන්නවද . ඔයාලා නැතුව පාලුවෙන් හිටියේ ….???????????????????????????????????????????????????? මේ ඔයාලා හැමෝටම …….

  13. නයෝ මධූ

    ෂුවර් එකටම අර චතුර කියන හාල් පාරුවා වෙන්න ඇති ෆලෝ කරන්නේ රවීන්ව. නතර කරගත්තෙනම් හොඳකට වෙන්න බෑ හැබැයි. මොකෙක්ද මන්දා චතුරනම්. ඉරිසියා කරනවා කියලා ඔහොමත් ඉරිසියා කරනවාද අනේ ආදරේකට. ෂානිට මතකේ නැති එක එයාට වාසියක් කරගත්තා එයා. අනේ මන්දා ඉස්සරහටනම් මොනවා වෙයිද කියලා. රවීන්ව මරන්න එපා අයියේ. පව්නේ අනේ.

    අයියේ ඔයා හොඳින් ඉන්නවා නේද? පරිස්සමෙන් හොඳේ. බුදු සරණයි.

    1. ලොකු කතාව වෙනදා වගේම සුපිරි.
      කියන්න දේ බෝමයි. ඒත් දිග කමෙන්ට් දෙන්නම් ඉක්මනටම.

      ඔයා හොදින්ද ලොකු අයියේ.
      සතුටින් පරිස්සමින් ඉන්නවා නේද
      බුදු සතුටින්
      ගුඩ් නයිට්

      මගෙ අක්කිලා නංගිලා මචංලා හැමෝම හොදින් නේද.
      සතුටින් පරිස්සමින් ඉන්න.
      බුදු සරණයි .ගුඩ් නයිට් .
      ???????????

  14. Chamodya Madusanki

    සුබ උදෑසනක් වේවා මගේ අක්කලා අයියලා හැමෝටම????

    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න නිරෝගිමත් සුබ දවසක් වේවා..
    බුදුසරණයි

  15. ? මහිංසා ?

    කතාව නම් පට්ට සුපිරි… කියන්න වචන නෑ.ඒ තරම්ම නියමයි.. බලන් යද්දි ශානිත් මහා ගොන් ගහක්., ඇයි අනේ තමන් පණ වගේ ආදරේ කරපු තමන්ගෙ කොල්ලට ඔහොම කරන්න පුළුවන් කියලා හිතෙනවද….. shani එක්කත් එන්නේ මහා කේන්තියක් ????????? චතුර කියන දේ ඉස්මුදුනින් පිළිගන්න අන් දෙක විතරයි අඩු…. කොහොමත් ඉතිං ගොඩාක් ආදර කතා ඔහොම තමයි ආදරේ කරන කෙනාගේ ආදරේ දැනෙන්නේ නෑ… ආදරේ නැති කෙනෙක් ගාව නවතිනවා. ජීවිතේ ඉතින් එහෙමයි.

    හැමදාම ගුටි කන්න බෑ නේ රවීන්…. මේ පාර දෙකක් දෙන්න ඔය මැරයො ටිකට දුවන්න…. ඇයි දෙයියනේ හැමදාම ගුටි කන්න බෑ නේ ????????????????? පාඩුවේ ඉන්න ඉන්න ඔළුවටම අත හෝදනවා නේ මෙයාලා…. නයා වුණත් අන්තිමට පෙනේ පුප්පනවා කියනවනේ…. නැත්තං ඉතින් දරමිටියට බැඳන් ගිහින් නවතින්නේ නෑ ලිපේ දානවා …..???✍️✍️✍️✍️ ලොකු පෑන තියෙනවා නම් චුට්ටක් ඔය චතුරයට අමතක නොවෙන්න පාඩමක් උගන්වමු ද….ඔයා මේ කතාවේ තියෙන්නේ ඇත්තටම ඔයාගෙ ජීවිතේ අත්දැකීම් වලින් ද..,?????? නෑ නේද.

    පරිස්සමට බෙහෙත් බීලා නිදහසේ සතුටින් සනීපෙන් ඉන්න…. අපේ සතුට තියෙන්නේ ඔයා සනීපෙන් එක මත…. ඉතින් රත්නත්තරේ පිහිටයි… කමෙන්ට් කරන්න පරක්කු උනාට සොරි. මාත් චුට්ටක් අසනීපයෙන් හිටියේ ඊයේ…. හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා නේද දඟ පවුලේ හැමෝටම රත්නත්තරේ පිහිටයි.,

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.