Katha Ahura

? ගිනි කිරිල්ලී | පනස්වෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

පනස්වෙනි පියාපත… (සුසුම් ලමින්..)

———————————————————————————————————————————————

“ශේ..ශ්”

හරිම අමාරුවෙන් මගේ උගුරෙන් හඬක් පිට වුණා..

“මොකක්ද ගිනී කිව්වේ..??”

ශේශ් ඉක්මනට ඇඳ උඩ වාඩි වෙලා මගේ මූණ ඒ දෝතට ගත්තා..

“කෝ.. කතා කරන්නකෝ ගිනී”

මං හිතන්නේ එයාට ඇහෙන්න ඇති.. මගේ මුවින් වචන පිට වුණා..

මං හිත තද කරන් ආයේම උත්සහ කරා කතා කරන්න..

මට කියන්න ඕන වුණේ ශේශ්… ශේශ් කියලා විතරමයි..

“ශේශ්….”

“ගිනී.. ඔයාට පුලුවන්..”‘

ඔව්.. මට පුළුවන්…

“ශේශ්….”

මගේ ඇස් වලින් සතුටු කඳුලු ගලා ගෙන ගියා..

‘මට සතුටුයි කෙල්ලේ..”

ශේශ් මගේ නළලට හාදුවක් දුන්නා.. මේක නේද මං හැමදාම පතපු ආදරේ..??

“දැං ටිකක් රෙස්ට් කරමු.. ඔයා පව් ගොඩක් මහන්සි ඇති..”

ශේශ් මං ගාවින් හාන්සි වෙලා මගේ ඔළුව අත ගාන්න ගත්තා..

දැං නම් මේ හිතට දැනෙන සැනසීම මට වචනයෙන් කියා ගන්න බැරි තරම්.. මෙතුවක් කලක් හැමදාම රෑට මං ඉල්ලා ඉල්ල ඇඬුවේ මේ ආදරය, මේ සැනසීම…

ඉතින් ඒ හැමදේම ලැබිලා මට..

අනේ අම්මා… මේ සැනසීම මගෙන් උදුර ගන්න දෙන්න එපා කාටවත්ම..

මට අහේතුකව මතක වුණේ තොල් රතු යක්ෂනී…!! එයා මේ හැමදේම කරේ ශේශ් හින්දා නම්..???

මං තවත් ශේශ්ගේ පපුව අස්සේ ගුලි වුණා..

දැං නම් කොහෙත්ම මට ශේශ්ව යක්ශණීට දීලා පැනලා යන්න බෑ.. මං ශේශ්ගේ.. හිතින් වගේම ගතින්..

ජීවත් වෙන්නෙත් මිය යන්නෙත් ඔයා වෙනුවෙන් ශේශ්…

නීතිය ඉස්සරහ අපි කවුරුත්ම නොවුණත් දෙවියන් ඉස්සරහ මගේ හැම හුස්මක්ම අයිති ඔයාට ශේශ්..

මං හරි සනීපෙට ශේශ්ගේ පපුවෙන් ඔළුව තියා ගත්තා..

හුඟ කාලයකට පස්සේ මට හිත සතුටින් නින්ද ගියා..

පාන්දර යාමේ මට ඇහැරුණා.. දරා ගන්න බැරි බඩගින්නක් එක්ක.. තාමත් මං ඉන්නේ ශේශ්ගේ පපුව උඩ..

බඩේ ගින්න නිවා ගන්න නම් බඩට මොනව හරි දාගන්නම ඕනි.. ඒත් ඉතින් ශේශ් නම් හොඳටම නිදි වගේ..

මෙයාව ඇහැරවනවද..??? නැද්ද…???

එහෙමෙයි කියලා බඩගින්නේ ඉන්න පුළුවන්ද..?? දැනටමත් බඩෙන් බාගයක් විතර පනුවෝ කාලා වගේ..

නිදන් ඉන්න හැටි දැක්කම ඇහැරවන්න ලෝභයි.. මං ඇඳෙන් බැස්සොත් මෙයාට ඇහැරෙයි.. ඒක ශුවර්..

කොහෙන් ගියත් අන්තිමේට ශේශ් ඇහෙරෙනවා..

මං ඒවා හිත හිත ශේශ්ගේ මූණ පුරා වැවිලා තියෙන රැවුල ඇල්ලුවා.. මේ ටික කාලෙකට දෙයියනේ මෙච්චර වැවෙනවද..??

මෙයා බොරු රැවුලක්වත් දාගෙනද..??

මං චුට්ටක් ඇද්දා.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.. ඇත්ත එකක් තමයි..

මගේ ඇඟිලි ඊළඟට ගියේ ශේශ්ගේ නහය ගාවට..

නහය නම් ටිකක් ලොකුවට තියෙනවා.. ඒත් ඉතින් නහය උඩ බිබිලි බිබිලි අහු වෙනවා..

අපේ කොල්ලෝ දෙන්නටත් මේ ජාතියේ නහයක් ආවොත් මං වැලි කඩදාසියකින් නහය මදිනෝ..

“ඇති ඇති.. අත අරිනවා.. ඕනත් ඇත්ත නහයක්..”

අපෝ.. මෙයා ඇහැරිලා…

“ශේශ්..”

“මොකද..??”

මෙයාගේ නපුරු…??? නපුරු මිනිහම තමයි..

“මට… බඩගිනීයි…”

ටිකක් වෙලා ගිහින් මං වචන දෙක තුනක් පිට කර ගත්තා.. මෙහෙම වචන කතා කරන්නම ඕනි…

මට ගොළුවෙක් වගේ ඉන්න බෑනේ..

“ඔහොම ඉන්න පෙරව ගෙන. මං මොනවා හරි අරන් එන්නම්..”

ශේශ් බෙඩ් ශීට් එකෙන් සම්පූර්නයෙන්ම මාව වහලා සාලේ පැත්තට ගියා..

මං බෙඩ් ශීට් එක ළැම දක්වා පෙරව ගෙන ඇඳේ වාඩි වුණා..

ශේශ් මං ගොඩක් ආදරෙයි.. මගේ ජීවීතේ ඔයා එක තප්පරෙන් සතුටු යායක් කරලා..

මේ සතුට විඳින්න මං කොයි තරම් නම් දුක් විඳින්න ඇත්ද…?? ශේශ් කොයි තරම් නම් දුක් විඳින්න ඇත්ද..??

ලොකූ සුසුමක් පිට වුණේ දුකකට නම් නෙවෙයි…

මුළු ඇඟ පුරාම සියුම් වේදනාවක් දැනුණත් ඒ මොහොත මතකෙට එද්දිත් කියා ගන්න බැරි තරම් සතුටක් මට..

ටිකකින් ශේශ් ආවේ බත් එකක් බෙදා ගෙන..

මට පිඟාන දැක්කම මතක් වුණේ ඇන්ටිව.. අනේ ඇන්ටි කෑවද දන්නේ නෑ…

“ශේශ් ඇන්ටි…??”

“ඔයා බාත් රූම් ඉද්දි මං කිව්ව ඔයා මාත් එක්ක ඉඳි ඇන්ටිට කාලා නිදා ගන්න කියලා..”

ඇන්ටි කෑව නම් ඇති..

ශේශ් අලි අලි කටවල් මහ ගොඩක් කැව්වා.. හරි අමාරුවෙන් එයාටත් බත් කටක් දෙකක් කැව්වේ..

අත සෝදන් ඇඳට ආවේ නින්ද ආයේම කන්ටිනිව් කරන්න..

අනේ හැමදාමත් මට ශේශ් අස්සේම ගුලි වෙලා නිදා ගන්න පුලුවන් වෙන්න දෙයියනේ…!!

මං එහෙම හිතන් ඇස් පියා ගත්තා..

ශේශ් ගාවදි මගේ හිත අස්සේ ඉන්න පිස්සු ගිනී මතු වෙනවා වගේ..

අනේ මන්දා ශේශ්… මං ඔයාට ආදරෙයි.. උමතුවටත් එහා ගිහින්…

පාන්දර මට ඇහැරෙද්දීත් ශේශ් මගේ ඔළුව අත ගානවා…

“ශේශ්..”

“ගිනී… අද ඉඳන් මේ කෙල්ල මගේ..”

ශේශ් මගේ නළලට උණුසුම් හාදුවක් දුන්නා..

“යන්න ඇඳුමක් දාගෙන එන්නකෝ”

මං බෙඩ්ශීට් එකත් ඇඟේ ඔතා ගෙනම පස්ස නොබලම බාත් රූම් එකට දිව්වා..

ලැජ්ජාවේ බෑ… ඊයේ රෑ ඇහැරුණ වෙලේ මට ඇඳුමක් දා ගන්න තිබ්බේ..

පාන්දරම ඇඟ සෝද ගෙන මං ගියේ කණ්ණාඩිය ගාවට.. ඊයේ කුණු පෙරා ගෙන හිටපු හපුටු කෙල්ල වෙනුවට අද කණ්ණාඩිය ඉස්සරහ මේ ඉන්නේ වෙනස්ම කෙනෙක්..

ශේශ්ගේ ගිනී..

මං මටම හිනා වෙවී ගවුමක් ඇඳගෙන සාලෙට ගියා..

ශේශ් සාලේ හිටියේහ් නෑ..

කුස්සියේ ඉඳන් මාව දැකලා මං ගාවට ආවේ ඇන්ටි..

“අනේ කෙල්ලේ.. මං හිතුවේ..”

“ඇන්ටි.. ඔයා මුකුත් හිතන්න එපා.. ඔයා.. ඔයා.. හිතන්න.. ඔයා අහිංසක කෙල්ලෙක්… කෙල්ලෙක් බේර ගත්තා කියලා..”

තාමත් මට හරියටම කතා කර ගන්න අමාරු වුණත් ඇන්ටිට මගේ හිතට දැනුණ අවංක හැඟීම කිව්වා..

“ඔය දරුවා සතුටින් ඉන්නවා දකින්නයි මටත් ඕනි.. මං දවල් වෙන්න මුඩුක්කුවට යනවා. දවල්ට උයලාම යන්නම්..”

“අනේ ඇන්ටි.. කොහේ යන්නද…??? මාත් එක්කම ඉන්න ඕනි..”

මං ඇන්ටිගේ උරහිසක එල්ලිලාම කිව්වා..

එයාටත් සතුටු ඇති..

මං වට පිට බැලුවේ ශේශ්ව හොයන්න.. එයා පේන්න නෑ

මං ගෙදරින් එලියට ඇවිත් මිදුලට යද්දි මං දැක්කේ ශේශ්…

————————————————————————————–

ඔව්.. සුසුම් ලමින්.. ගිනි නෙවෙයි මං..

ගිනී.. මගේ හදෙහි ඇවිළෙන ගින්න.. තව කොටස් දහයකින් සමුගන්නවා.. ගිනි කිරිල්ලී ඉගිල්ලිලා යන්න යාවි..

ඒත් ලස්සන මතක ගොඩක් ශේශ් ගිනී අපේ හදවත්වල ඉතුරු කරලා

ඉතින් ආදරෙයි පැලෙන්න.. ඔයාලත් මට ආදරේ කරන්න.. සත්තයි මං නිතරම ඔයාලගේ ආදරේ බලාපොරොත්තු වෙනවා..

හැමදාමත් මාත් එක්කම ඉන්න.. බාල්දියක් කමින් සූන්…

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි..!!

28 thoughts on “? ගිනි කිරිල්ලී | පනස්වෙනි කොටස | නවකතා”

  1. Chamodya Madusanki

    කතාව ලස්සනයි අක්කා…
    ඔන්න බකට් එකක් නම් දාන්න එපා හොදේ ..
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න

  2. Mechchara sathutak deddi itin api kohomat dannwa akkiyoo baldiyak comming soon kiyla mn nm itin tissue box ekak ehma ready kran tamai hina wevi balan hitiyet

    Mko itin api dannwame ape madi akki sathutak dunnot dawas dekai baldiyak nm sathiyak vitra kiyla

    Anee ikmnta iwara wenvada gini kirilli aiyooo dukaii ane mnwa unat ara thol rathu yakshani sadde wahala mko danna ilagata baldiyak peralanna wennama ati ??

    Mnwa unat katwa pattama lassanai akkiyoo parissamata inna budusaranai ????????

    Adareii palenna ❤❤❤❤❤❤

  3. අපෝ බාල්දි පෙරලන්න එපා මාධි බබෝ ???පවුනෙ ගිනි…කතාව නම් ඉතින් හරීම ලස්සනයි ????????????????????????????????????????

  4. අනේ අක්කියෝ… බාල්දි එපා සත්තලන්…. ඇයි අනේ දවස් දෙකයි නේ සතුටින් හිටියෙ…?
    කතාව ලස්සනයි අක්කියෝ…. හී අම්මෝ ශේශ්…..අනික ගිනී කතා කරා නේ… ඒක නම් සතුටක්… හැබැයි අර යක්ෂනී නිකන් ඉන්න එකක් නම් නැහැ ….. කමක් නැහැ හ්හ් මොනවා හරි කරන්න ආවොත් ගහන්වා අගහරු ලෝකෙට වැටෙන්න…?

  5. ❤️?kaushi?❤️

    Mmm monad gini dakke.ara yakshani wath awillada…?ane ehema nam wenna epa.ane akki ikmanatam thawath baldiyak nam dann epa…..lassanai akki kathaw.adarei akkita godaaaaaaaaak.parissamin inna akki budu saranai oyata.❤️❤️?????

  6. නිෂා සශී ?

    ඔය බලන්නකො ඉතින් මේ මාධි අක්කිට දෙන්න හිතෙනෝ ලොකු ගුටියක් බාල්දියක් කමින් සූන් කියපු ලස්සන අනේ අනේ… අඬල අඬ හිත හදාගත්ත විතරයි ආයෙත් බාල්දි. ඇයි අක්කි ඕම. නයි කොල්ලයි ගිනි කිරිල්ලියි පව් නැද්ද. සතුටින් ඉන්න අයට ඕම කරන්න හොඳ නෑ කීල මං අහල තීනවා….?? අක්කි ආදරෙයි මේ චරිත දෙකට අනිත් ඒවට වගේම සංචි අභී වගේම දැන් ගිනී ශේශ් මගේ මතක චරිත වෙලා…. හෙටත් එන්න අක්කියෝ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි ?????????????

  7. සතුටු දවසක්… ගිනියි ශේශුයි සතුටින් ඉන්නවා නේ… කවදා වෙනකන් මෙහෙම සතුටින් තියන්න ද නේද… මං නම් දන්නවා අක්කි ළගදිම ලොකු බාල්දියක් පෙරලනවා… හෙට අනිද්දම වෙන්නත් පුළුවන්… මොකද බාල්දියක් පෙරලන් නැතුව තොල් රතු යක්ෂනිගේනුයි, අර ඇමතියාගෙනුයි සදහටම ගිනිටයි ශේශ්ටයි ගැලවෙන්න බැනේ… එ හින්දා කමක්නැ එක්කෝ… ඒත් අක්කි ආයි ශේශුයි ගිනි වෙන් කරන්න නම් එපා හොදේ…
    සතුටින් සනීපෙන් පරෙස්සමින් ඉන්න අක්කියෝ …
    ❤️❤️❤️

  8. ..Sandashen..

    උයා මොනවා කරත් කමක් නැහැ …..ඒ දෙන්නා වෙන් කරලා එහෙම කතව ඉවර කරලා අහු වෙන්න එපෝ….කතව ගොඩක් ලස්සනයි …..ඉක්මනට ඉවර කරන්න එපා තව ටිකක් දික් කරන්න කෝ …..????????????????

  9. සෙසඳි

    මාධි මැණික .. කොහොමද ඉතිං ? නිකන්වත් ඇවිත් යන්න එන්නෙ නෑ නේද? ඔයා හොඳින් ඉන්නවා නේද ? කතාව නම් ඉතින් සුපිරි… බාල්ද් පෙරලනවා කියලා ඔහොම බාල්දි පෙරලනවද මං අහන්නෙ? චූටි සතුටක් දීලා පොඩි ඉඟියක් දෙනවා බාල්දි ගනන් දුකක… ????? ඒක නෙමේ මොකෝ කතාව සුසුම් ලමින් ලිව්වෙ… දුකින්ද මැණික ?
    ශේශ් නාගයා ගිනීගෙම විතරයි… එලිවෙන ජාමෙටලුනේ හොඳ හොඳ සෙල්ලම් නේද?… වෙනස් මාධි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

  10. ලස්සනයි අක්කි.හැබැයි ඉතින් ඉක්මනට ඉවරවෙනවා කිව්ව හින්දා දුකයි

  11. නිරෝෂා ලක්මාලි

    අම්මෝ ඇති යන්තම් ගිනීට දැන් ටික ටික හරි කතා කරන්න පුළුවන්. ශේශ්ගේ ආදරේ නිසා තමයි ඉතින්. ශේශ් ගිනීට දුකක් දෙන එකක් නෑ. අර යක්ෂනී මොනවා කරයිද කියලා තමයි බය. බලමුකෝ මාධි නංගි ගිනී කෙල්ලට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ කියලා නම් ෂුවර් ඉතින්.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.