Katha Ahura

??දෝනි??|කෙටි කතාව| කතා අහුර රචක තරගය 2020

5/5 - (1 vote)

මචං,අපි ආවා… බැහැපන්
නිසල..නිසල

ආ..අ..හ් මොකක්ද?

අපි ආවා තැනට.. බහින්න

“නිසල අරණ පොදු සුසාන භූමිය”මේ බෝඩ් එක දකිනකොට මගේ මුලු ඇගම පණ නැතිව යනවා..අදට අවුරුදු දෙකක් මගේ දෝනි මාව දාලා ගිහින්.

නිසල..යමු.

අපි කනත්ත ඇතුලට ඇවිත් හැරුනේ මිල්ල ගහ පැත්තට.. මිල්ල ගස් සෙවණේ තියෙන මගේ දෝනිගේ සොහොන්කොත ලග මං දණගහගත්තේ ඇස් වලින් කදුලු පිටාර ගලනකොටමයි.මට කදුලු අතරින් පුංචි හිනාවක් ආවේ මගේ දෝනිව මුණ ගැහුන පලවෙනි දවස මතක් වෙලා.
———————————–
මම නිසල සදරුවන් ජයමාන්න, මම දැන් වයස අවුරුදු 25 කොල්ලෙක්. පුංචි ගමක හැදුනු මම සාමාන්‍ය පව්ලක බාල පුතා. පුංචි කාලේ ඉදලා අම්මෙක්ගේ ආදරේ නොලැබුණ මාව ගමේ මිනිස්සු දැක්කේ හිතුවක්කාර ඇට්ටර කොල්ලෙක් විදියට,මට මගේ දෝනිව හම්බෙනකොට වයස 18.

නිසල වරෙන්කෝ බං ඉක්මනට..

හිටපන් යකෝ… උබ හිතුවද මම යෝදයෙක් කියලා මේ උස තාප්පෙන් පනින්න.

ඔව් ඉතින්.. තෝ කොටයිනේ.
අනේ මගේ රත්තරනේ පැනපන් මයෙ අම්මා ඉක්මනට, අපෙ පින්සිපල් කියන එකා අවොත් දෙන්නම ඉවරයි..

ඒයි ඒයි.. කව්ද ඔය ලමයි.
බහිනවා ඔතනින්..

නිසලයෝ තෝ වරෙන් මං ගියා..

ඒයි ඔහොම හිට්…ට..පා..න්

මං පනිනකොට වැටුනේ කාගෙ හරි ඇගක් උඩට..

ආ..ආ..ව්.

මං ඔලුව උස්සලා බැලුවේ ඒ කව්ද කියලා..බලනකොට එතන හිටියේ ගෑණු ලමයෙක්.මම ඉකමනට ඒ කෙල්ලගේ ඇග උඩින් නැගිට්ටේ ඒ කෙල්ලටත් නැගිටින්න උදව් කරලා..

මොන මෝඩයෙක් ද? පාරේ මිනිස්සු යනවද බලලා පනින්න බැරිද?

අනේ සොරි නංගි.

නංගි ඔයා කොහොමද දන්නේ මං නංගියෙක්ද අක්කකෙක්ද කියන්න.

නෑ ඉතින් ඔය වගේ…

මං කියන්න ගිය එක ගිලගත්තේ කෙල්ලගේ අතින් ලේ එනවා දැකලා.

අනේ ඔයට තුවාල වෙලා. ලේ එනවා..

ඒයි ඔය ලමයා මෙහෙට එනවා.. නැත්තම්

හපොයි මං ඉවරයි..
අපේ අර විදුහල්පති කියන කෙනා සිකුරුට්ටත් එක්ක අපි හිටපු පැත්තට එනවා දැක්කා විතරයි මං කෙල්ලවත් ඇදගෙනම දුවන් ආවෙ කෙල්ල මගේ අතට ගගහා කෑගහනකොටමයි.මේ පැත්තෙ එච්චර මිනිස්සු නැති නිසා හොදයි නැත්තම් දහ පහලොස් දෙනෙක්ගෙන් ගුටි කාලා.

මගේ අත අතරිනවා..

මං දුවන එක නැවැත්තුවේ කෙල්ල කෑ ගහපු නිසා

අනේ සොරි නංගි..
ඔයාට මං හින්දා තුවාලත් උනානේද? එහෙම කියලා මං මගේ ලේන්සුවෙන් කෙල්ලගේ තුවාල වෙලා තිබ්බ වැලමිට හරිය ගැටගැහුවා.

අනිත් දවසේ තාප්ප වලින් පනිනකොට පාරේ යන්නේ එන්නේ කව්වද කියලා බලලා පනින්න.ඔහොම ඉස්කොලෙන් පැනලා ආවම හරියනවද? හොදට ඉගෙන ගන්න ඒක තමා අපි ලබන එකම ජයග්‍රහණය.. මං යනවා.

එහෙම කිව්ව කෙල්ල දිහා මං බලන් හිටියේ හරිම පුදුමෙන් වගේ. මොකද මං ගින්දා එයාට තුවාලත් උනා ඒත් එයා මට ගැහුවෙත් නෑ බැන්නෙත් නෑ.වෙන කෙල්ලෙක්නම් මෙලහකට හොද කනේ පාරක් දීලා.
———————————–
නං..ගි නංගි..

මගේ අම්මගේ ඒ බැල්ම මාව පිස්සෙක් කරනවා.
එදා තමා හරියටම මං කෙල්ලගේ ලස්සන දැක්කේ.හරිම චාම් කෙල්ලෙක්.

නංගි.. නංගිට මාව මතකද?

ආ..හ් ඔයාව කොහොම අමතක වෙන්නද?

ගොඩ දවසකින් නංගිව දැක්කේ..නංගි තරහින්ද මා එක්ක..

අනේ නෑ. මං මොකටද තරහ වෙන්නෙ..මට හිතේ තරහ තියාගෙන පුරුද්දක් නෑ.ඒක එතනින් ඉවරයි.

මම නංගි නංගි කිව්වට හරියට නමක්වත් දන්නේ නෑ.
මම නිසල.ඔයා?

මම සෙනුදි. සෙනුදි මෙතුල්‍යා.

එදා තමයි හරියමට අපි අදුනගත්තේ.දින සති මාස ගෙවිලා ගිහින් අපි නිදැනීම ආදරේ කරන්න පටන් ගත්තා.
———————————–
දෝනී..

ම්ම්ම්ම්.. කියන්න තාත්තියෝ.

ආදරෙයි මැණික.පණටත් වඩා ආදරෙයි මං

මං දන්නවා ඒක..
දන්නවද තාත්තියෝ.. ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා.ඉස්සර හිටපු අර දග කොල්ලා නෙවී ඉන්නේ.

ඒ වෙනසට හේතුව ඔයයි මගෙ දෝනියෝ.පුංචි කාලේ ඉදලා අම්මගේ ආදරේ නොලැබුණ මට අම්මෙක් වගේ ආදරේ දීලා මාව හරි පාරට ගත්තේ ඔයයි මගෙ මැණික.
මට ඔයාව නැති උනොත් මං මැරෙයි රත්තරනේ

තාත්තියෝ..

ම්ම්ම්.. කියන්න දෝනියෝ.

මට එක පොරොන්දුවක් වෙනවද?

මොකක්ද මැණික.ඕනි දෙයක් පොරොන්දු වෙන්නම්.

දවසක මං නැති උනොතින් මගේ තාත්ති කවදාවත් ජීවිතේ නිකරුනේ විනාස කර ගන්නෙ නෑ කියලා,මගේ ඔලුවේ අත තියලා පොරොන්දු වෙනවද?
ම්ම්ම්ම්… කියන්නකෝ

මොනාද දෝනි මේ කියවන්නේ.. තමුසෙට මාව දාලා යන්නද ඕනි..
මම පලවෙනි පාරට මගෙ දෝනිට සද්දෙන් කතා කලේ.

අනේ නෑ තාත්තියෝ..හීනෙකින්වත් නෑ.ඔය නැතුව මට ඉන්න පුලුවන්ද? ඒත් මට මේ පොරොන්දුව වෙනවද?

පොරොන්දු වෙනවා මැණික.. මැරෙනක්ම්ම මම මේ පොරොන්දුව රකිනවා. මං දන්නවා මගෙ මැණික මාව දාලා යන්නේ නෑ කියලා.

මම එහෙන්මම මට තුරුල් වෙලා හිටිය මගෙ දෝනිගේ නලල සිපගත්තේ එයා නමින්ම උපන් සෙනහසින්..
———————————–
අවුරුදු පහකට වැඩි කලායක් අපේ ආදරේ ලස්සනට ගෙවිලා ගියා..

තාත්තියෝ…

ම්ම්ම්ම්ම්ම්ම්..

ආදරෙයි මං ගොඩ ගොඩ ගොඩක්…

අනේ මගෙ පිස්සි.. ආදරෙයි මාත් ගොඩක්

දෝනි… අපේ තාත්තා අම්මත් එක්ක කතා කරනවා කිව්වා අපේ වෙඩින් එක ගැන..

අපේ අම්මත් කිව්වා.. දැන් උබ ගෙදරට වෙලා හිටියා ඇති.. ඉක්මනට පෙලවහක් කර ගනිනින් මං හෙට අනිද්දාම නිසල් පුතගේ තාත්තගෙන් අහන්නම්කෝ..කියලා කිව්වා.

මං බලන් හිටියේ මගේ දෝනි හුරතල් වෙවී ඒ කියවන දිහා.

දෝනි.. අපි දෙන්නා බැදලා පැටව් පඩිපෙලක් හදමු.. හා ද?

අනේ අම්මෝ මැට්ටෝ..

ඇයි බෑ ද?
මම එහෙම කියලා පාත් උනේ ඒ ලස්සන තොල් දෙකට.. විනාඩි ගානක් යන්න ඇති.මං ඒ තොල් වලින් ඈත් වෙනකොටත් දෝනි තාමත් ඇස් පියාගෙන.

තව ඕනි ද?

අනේ ඔයා නරකයි තාත්තියෝ..

එහෙන්මම දෝනි ආයෙම මගේ පපුවට තුරුල් උනා.
———————————–
ට්‍රින්න් ට්‍රින්න්…

කව්ද අප්පා මේ මහ පාන්දර කෝල් කරන්නේ..
හලෝ..

තාත්තියෝ..

දෝනි.. මං ෆෝන් එකේ ස්ක්‍රින් එක ඕන් කරලා බැලුවේ දැන් වෙලාව හරියට දොලහයි.

සුබම සුබ උපන්දිනයක් මගෙ තාත්තියෝ..මගෙ තාත්තියගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි.මගේ තාත්තියට මේ ලෝකෙ තීන හැම සතුටක්ම ලබෙන්න ඕනි..
ආදරෙයි මැණික..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..

දෝනියෝ… ඔහොම කීලා මදි හුදේ.. මට තෑගි ඕනි හරි ද?

දෙන්නම් දෙන්නම් මගෙ මහත්තයෝ…වෙනදා වගේම එහෙනම් උදේ දහය වෙනකොට ඇවිත් ඉන්න හොදේ..

හරි මැණික.

එහෙනම් හොදට නිදාගන්න මැණික. මාවත් තුරුල් කරන් නිදාගන්න හොදේ.
බුදුසරණයි තාත්තියෝ.

බුදුසරණයි මැණික..

ඔච්චරයි ද?

අ…හ් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.. දැන් හරිද මගෙ දොනිට සතුටුයිද?

ඕඕඔ ගොඩක්.. බුදුසරණයි තාත්තියො..

බුදුසරණයි මගෙ දෝනියෝ.
———————————–
එදා තමයි මගේ අමතක නොවෙනම දවස.
දෝනියෝ මං ඇවිත් ඉන්නේ.
ඔයා කොහෙද?

ඔයාගේ ඉස්සරහා ඉන්නෙ තාත්තියෝ..ඔහොම ඉන්න මං එන්නම්.

කෝල් එක කට් කරලා එයා පාර පනින්වත් එක්කම ලොරියක් ඇවිත් මගෙ දෝනිව යට කරගෙන යන්කොට මගේ කකුල් පණ නැතිව ගියා වගේ.හැමෝම මගේ දෝනිව වට කරගන්නකොට මං ඒ අස්සෙන් ගිහින් එයාගෙ ඔලුව මගේ උකුලට ගත්තේ..මගෙ ඇස්වල කදුලු පුරෝගෙන.

මගේ මැණික,ඔයාට මුකුත් වෙන්නේ නෑ,නෑ ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ මං.

අනේ කවුරුහරි Ambulance එකකට කතා කරන්නකෝ ඉක්මනට. Plzzzz

සු..සු..බ උප්..පන් ද්.දින්න..ය..ක් ම්ම්..මග්..ගේ තා..ත්..ත්..ති..යෝ…

කතා කරන්න එපා මගෙ මැණික.. අනේ ඇස්නනම් වහගන්න එපා මැණික ඇස් ඇරගෙන ඉන්න..
අනේ මගෙ මැණික ඔයාට මුකුත් වෙන්නෙ නෑ..

දෝනි අමාරුවෙන් එයාගේ බෑග් එකේ තිබ්බ ජුවලරි බොක්ස් එකක් අරගෙන එක ඇරලා ඒකේ තිබ්බ මුද්ද මගේ අතට දුන්නේ ඒ මූණේ කදුලු අතරේ හිනාවක් ඇදගෙන..

ත්..ත්…තා..ත්ත්..ත්..ති..යෝ අ..ආ..දරෙ..යි ම්..මං

දෝ….නී අනේ නැගිටින්නකෝ. සෙල්ලම් කරන්න එපා මැණික. අනේ නැගිටින්නකෝ මාව පිස්සෙක් කරන්න එපා බං.. මන් දෝනිව තුරුල් කරගෙනම කෑ ගගහා ඇඩුවේ පිස්සෙක් වගේ..

2018.05.07 හරියටම උදේ 10.10 මගේ දෝනි මාව දාලා මේ ලෝකෙන් යන්න ගියා.. මාව දාලාම ගියා.
————————————
නිසල…

මං කල්පනාවෙන් මිදුණේ චතුරගේ කටහඩට

නිසල අඩන්න එපා බං.
මේ අහපන් උබ ඇඩුවයි කියලා දෝනි ආයේ එන්නෙ නෑ බං..

ඇයි මේකි මට මෙහෙම කලේ.. ආහ් කියපන්කෝ..
ඇයි බං මාව දාලා උබ යන්න ගියේ.කාටවත් කීකරු නොව්න මම උබ ලග විතරයි කීකරු උනේ.. අයාලේ ගිය මගේ ජීවිතේ හරි පාරට ගත්තෙ ඔයයි මගෙ දෝනියෝ.. අම්මෙක් නැති මට අම්මෙක් වෙලා මාව බලා ගත්තේ උබයි මගෙ මැණික.. ඇයි මෙහෙම මාව දාලා ගියේ.

උබ මං අරන් දීපු සුදු ගව්ම ඇදන් පෙට්ටිය උඩ ඉන්නවා දැක්ක්ම සත්තයි මට මැරෙන්න හිතුණා මගෙ දෝනියෝ. උ…බ උ..බ හරිම නපුරුයි දෝනියෝ.උබ එදා මගෙ අර විදියට පොරොන්දුව ගත්තෙ නැත්තම් ඇද මමත් උබ ලග මගෙ මැණික.අද උබ මාව පිස්සෙක් කරලා යන්න ගියා..

නිසල අඩන්න එපා බං දෝනි කවදාවත් කැමති උනේ නෑනේ බං උබ අඩනවා බලන්න..

අඩන්නේ නැතුව ඉන්නෙ කොහොමද බං..
මං මගේ දෝනියේ සොහොන ලග දණ ඇඩුවා.. අපි ගෙනාපු මල් කලබත් දෝනියේ සොහොන ලගින් තියලා ඒ සොහොනට දෙතොල තිබ්බෙ මගේ දෝනි ආසම සිපගැනීම් වලට නිසා..

නිමි.
———————————-
මේ මං ලියපු පලවෙනි කතාව අඩුපාඩුනම් ගොඩක් ඇති..ඒකට සමාවෙන්න..
හොද නරක කමෙන්ට් එකක් දාන් යන්න.

බුදුසරණයි…
හැමෝම පරිස්සමින් ඉන්න..
හැමෝටම සුබ වෙසගක් වේවා…

43 thoughts on “??දෝනි??|කෙටි කතාව| කතා අහුර රචක තරගය 2020”

  1. උක්කූං පුතා(SuMi )

    කතාව නං ඇත්තටම ලස්සනයි අඩුපාඩු චුට්ටක් තියෙනවා මුල්ම කතාව නිසා..ඒ දෙබස් ලියද්දි ඇති වෙච්ච අඩුපාඩු විතරයි නැත්තං kathawa supirima supiri මගේ භාෂාවෙන් කිව්වොත් සුප්පා…මගේ දඟ පැමිණි එකේ මෙච්චර වැඩ කාර කෙල්ලො ඉන්නවා කියල මම දන්නෑ නේ… සුපිරි හොදේ ඇත්තටම ජීවිතේ කියන්නේ තාත්ත කෙනෙක් අම්මා කෙනෙක් වෙන වාසනාව නේද කියලා හිතෙනවා වෙලාවකට…

    100%❤️❤️❤️??? පට්ට මේ වගේ තවත් කතා ලියන්න ශක්තිය ධෛර්යය ඔයාට ලැබේවා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    1. Chamodya Madusanki

      තැන්කූ ලොකු අයියේ කමෙන්ට් එකට, පුලුවන්නම් ආඩු පාඩු හදාගන්න උදව් කරන්න මේ නංගියට
      බුදුසරණයි අයියා

          1. උක්කූං පුතා(SuMi )

            බොහොමත්ම ස්තුතියි මගේ නංගිලා සෙට් එක ඒ කියන්නේ මම ද පළවෙනියා ???

      1. උක්කූං පුතා(SuMi )

        අනිවාරෙන්ම කියලා දෙන්නම් ඕනම දෙයක් කන්න නංගී වගේ youtube චැනලයේ කොමෙන්ට් එකක් දාලා.. සුභ උදෑසනක් ඔයාට

  2. Mn nm kiynna danne na adu padu gana mta nm hithenne katawa maru kiyla vitrai gdaaaak dukai itin mnwa krnnda

    Mnwa unat tawa kata liynna manika budu saranai parissamin inna

  3. ලස්සනයි නගෝ…. ම්ම්ම් කොල්ලා පව්…. එහෙම තමයි හරි කෙල්ලෙක්ට අනිවා පුලුවන් ඕනම කොල්ලෙක්ව හොඳ පැත්තට ගන්න…. එල එල….???
    ඉස්සරහටත් තව මීටත් වඩා ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මගෙ නන්ගියාට….?❤?
    බුදු සරණයි මගෙ මැණික …. පරිස්සමින් සතුටින් ඉන්න …..❤❤???

    1. Chamodya Madusanki

      තැන්කූ මගේ අක්කා මැණික කමෙන්ට් එකට..
      බුදුසරණයි මැනික
      මැනික
      පරිස්සමින් ඉන්න

  4. දෝනි…
    ඇයි උඹ මට මෙහෙම කරේ
    කොහොම ද රත්තරනේ
    මං නැතුව උඹ ඉන්නේ
    හැමදාම මං ළග ඉන්නවා කීවා උඹට මතකද
    කොහොමද ඒක අමතක කරලා උඹ තනියම ගියේ
    ඇයි බං උඹ මාව පොරොන්දු කර ගත්තේ
    උඹ නැතත් සතුටින් ඉන්න
    උඹට පේනවද මං විදවන තරම උඹ නැතුව
    උඹ එදා මාව පොරොන්දු නොකර ගත්තා නම්
    මං අද උඹත් එක්ක
    උඹේ ළගමයි මැණික
    ටිකක් ඉවසන් ඉන්න රත්තරනේ
    නුඹ සොයාගෙන මමත් එනකල්

    කතාව සුපිරි මගේ නංගියා… ඔයා ගොඩක් දක්ෂයි පැටියෝ… තවත් කතා ලියන්න මැණික එතකොට ඔයාගේ චූටි චූටි අඩුපාඩු හදාගන්න පුළුවන්.. ඔයාට සුභ පතනවා නංගියා… සතුටින් සනීපෙන් පරෙස්සමින් ඉන්න…
    තෙරුවන් සරණයි!…

    1. Chamodya Madusanki

      තැන්කූ මගේ අක්කා මැණික.
      ලස්සනයි අක්කා ඒක..
      බුදුසරණයි මගෙ අක්කියෝ ??

  5. නිෂා සශී ?

    කතාව පට්ට හොඳේ සුපිරි….. බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️?????

  6. ??????????????

    කතාව ලස්සනයි මගෙ නංගා. ඇත්තටම ලස්සනයි. ඔයත් දක්ෂයි නේද. තවත් ලස්සනට කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා මං.
    පරිස්සමින් ඉන්න
    බුදු සරණයි

  7. ..Sandashen..

    කතව ගොඩක් ලස්සනයි පැටියා ….තව මේ වගේ ලස්සන කතා ලියන්න සුභ පතන්වා. බුදු සරනයි …..?????????????????????????????????????

  8. නිරෝෂා ලක්මාලි

    මාරම දුකයි ඒක නම්. ඒත් කියන්න හදපු දේ හරියටම දුන්නා කියලා හිතෙනවා. නිසලට දෝණි හම්බ නොවුණා නම් නිසලගේ ජීවිතේ ගැන හිතාගන්න බෑ. ආදරේට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒත් ඒ ආදරේ නැති වේදනාව දරාගන්න සෑහෙන අමාරුවෙයි. ඒ පොරොන්දුව නිසලව තාමත් ජීවත් කරවනවා. ඇත්තටම මෙහෙම දඟ පවුලේ අයගේ දක්ෂතාවයන් දකිනකොට හරිම සතුටුයි.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  9. අනෙ හරිම ලස්සනයි කතාව…අද තමා කියෙව්වෙ …සත්තයි ඇස් දෙකට කදුලු ආවා..

  10. ? මහිංසා ?

    කතාව ලස්සනයි මැණික…. ඉතින් පලවෙනි කතාව නෙ ඔයගෙ…අද තමයි කතාව කියෙව්වේ…. චූටි චූටි අඩුපාඩු හදාගෙන දිගටම ලියමු…..දිගටම ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  11. nayomi nadeera

    ගොඩක් ලස්සනයි කතාව.. අද තමා කියවන්න ලැබුනේ… තව කතා ලියන්න ❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.