Katha Ahura

? ගිනි කිරිල්ලී | පනස් එක්වෙනි කොටස | නවකතා

4.8/5 - (31 votes)

පනස් එක්වෙනි පියාපත..

——————————————————————————————————————-

මං ගෙදරින් එළියට ඇවිත් මිදුලට යද්දි මං දැක්කේ ශේශ් කණුවකට හේත්තු වෙලා ෆෝන් එකෙන් බර කතාවක ඉන්නවා..

දුවලා ගිහින් ෆෝන් එක අයින් කරලා ශේශ්ව තුරුල් කර ගන්න හිතුනත් ඒ අදහස මං හිතින් අයින් කර ගත්තේ මං තව දුරටත් පිස්සු ගිනී නොවන හින්දා..

මං ශේශ්ගේ ගිනී…

ඇත්ත මේ ආදරයෙන් මං උමතු වෙලා..

අඩියට දෙකට මං කාමරේට ගියා..

ලොකූ හුස්මක් අරන් වටයක් කැරකුණා.. අනේ මන්දා..

ශේශ්ගෙයි මගෙයි ඊයේ මතක ආයේ මතක් වෙද්දිත් හිතට අලුත්ම ගැම්මක් එනවා.. හරියට නිකම් පිස්සු ගිනීට අත්තටු ඇවිත් වගේ..

“ගිනී.. මොකද මේ..??”

ලේසියකට කොණ්ඩේ පීරන්නේ නැති මං පනාවක් අරන් කොණ්ඩේ පීරන්න හදන හැටි දැකලා ශේශ්ට පුදුම ඇති..

“පණ්ඩිත වැඩ නැතුව මෙහෙන් වාඩි වෙනවා.. ”

මාව ඇඳෙන් වාඩි කරලා ශේශ් කොණ්ඩේ පීරනවා..

“ආයේ නම් මාව දාලා පැනලා යන්න එපා ගිනී.. ඔයා හුඟක් දුක් විඳලා.. හැබැයි තමුසෙට මෙච්චර දුක් දුන්නු එකාව මං පණ පිටින් තියන්නේ නෑ…”

“අනේ ශේශ්.. ඔහොම කියන්න එපා.. ඔයා මාව දාලා කොහේවත් යන්නේ නැත්නම් මං පැනලා යන්නේ නෑ..”

ශේශ් මුකුත් නොකිය ලොකූ කල්පනාවක..

“ශේශ්…”

“ම්ම්ම්ම්…”

“එදා මං පැනලා ගියපු දවසේ… ”

“ම්ම්ම්ම්ම්ම්”

“මොකද වුණේ කියලා අහන්නේ නැද්ද. ??”

“මං දන්නවා… ”

“මොකක්ද…??”

“එදා වෙච්ච දේ..”

ඈ බොලේ…!!! මෙයා කොහොමද එදා වෙච්ච දේ දන්නේ..??

“ශේශ්.. කොහොමද ඔයා දන්නේ…??”

“දීපක් හොස්පිටල් එකට අරන් යද්දි කිව්වා. ”

ඒ කියන්නේ දීපක් මැරිලා තියෙන්නේ හොස්පිටල් එකට අරන් ගියාටත් පස්සෙද..?

“අනේ මට සමාවෙන්න ශේශ්.. මං නිසයි එදා හැමදේම වුණේ..”

වැටෙන්න ඔන්න මෙන්න කඳුලු බිංදු ඇස් වල තියා ගෙන මං ශේශ් දිහා බැලුවා..

“ගිනී… අපි පරිස්සම් වෙමු…”

ශේශ් මගේ අත තදින් මිරිකගෙන කිව්වා..

දවල්ට කාලා ශේශ් මාව නිදි කරලා එයත් මං ළඟින් හාන්සි වුණා.. ඇත්තම කිව්වොත් ඊටත් පස්සෙයි මට නින්ද ගියේ..

සමහරවිට මං ඉන්න ඇත්තේ අඩ නින්දේ..

මට ඉස්සර වෙච්ච දේවල්.. මගේ මතකයෙන් අමතක වෙච්ච සමහර දේවල් මට යන්තම් මතක් වුණා..

අම්මායි, තාත්තයි ගැන.. අර මගේ චිත්‍ර පොත ගැන.. ඒක මගේ නෙවෙයි. ඒක මට දුන්නේ සුදු අයියා..

ඔව් එයාගේ නම සුදු අයියා.. මං ඒ චිත්‍ර පොතේ එයාව ඇඳලා ඇති.. තවත් අනේ මන්දා අපැහැදිලි චායාවන් ගොඩක් මගේ මතකේ ඇඳිලා නොපෙනී ගියා..

තාත්තයි, තව කවුද කෙනෙකුයි රණ්ඩු කරනවා.. මං හොරෙන් බලන් ඉද්දි අම්මා ඇවිත් මාව එලෙව්වා..

අන්තිමේ අම්මා මාව රෙද්දකින් වහගෙන බස් එකක නැගලා දුර ගමනක් ගියා.. එදා අම්මගේ නළලින් ලේ ගොඩක් ඇවිත් තිබ්බා..

මේ අලුත් ගෙදර ඉන්න බෑ කියලා මං අඬපු හැටි.. මට පිස්සු කියලා ස්කෝලේ ටීචර් අම්මට බැනපු හැටි… සිනමා පටයක් වගේ මගේ මනසේ ඇඳිලා නොපෙනී ගියා…

“ගිනී නැඟිටින්නකෝ.. ”

කණ ගාවින් ඇහුන කටහඬ එක්ක මං ගැස්සිලා වගේ ඇහැරුණා..

“මොකද වුණේ..??”

අනේ මන්දා. මටත් හිතා ගන්න බෑනේ.. මට හොඳටම දාඩිය දාලා එක්ක..

“ඔහොම ඉන්නකෝ.. මං වතුර එකක් අරන් එන්නම්..”

ශේශ් කුස්සියට ගිහින් ඉක්මනට වතුර වීදුරුවක් අරන් ආවා..

එක හුස්මට වීදූරුවම බීලා මං ශේශ්ගේ අතට දුන්නා..

“මට ගොඩක් දේවල් මතක් වුණා ශේශ්. ”

“මං අම්මා එක්ක හිටපු කාලේ ඒවා.. එතකොට තව අපේ තාත්තවත් මට මතක් වුණා.. මං ඉකෝලේ ඉද්දි..”

“ගිනී….”

“මේ අහන්නකෝ.. ඩොක්ටර් කිව්වා ඔයාට හෙමීට හැමදේම මතක් වෙයි කියලා.. ඒ හින්දා ටිකක් සංසුන් වෙලා ඉන්නකෝ.. කලබල වෙන එක ඔයාට හොඳ නෑ..”

“ඔයා සංසුන් වෙලා ඉද්දි ඔයාට හෙමීට හැමදේම මතක් වෙයි..”

ශේශ් කියන එකත් ඇත්ත තමයි..

හුඟ කාලයකට පස්සෙනේ මට ආයේම මේ දේවල් මතක් වුණේ.. ඉතින් මං සංසුන් වෙලා ඉන්න ඕනි..

ඒත් බෑ වගේ අප්පා…

කවුද මේ සුදු අයියා..?? අර කවුද එතකොට තාත්තා එක්ක රණ්ඩු වුණේ..???

පිස්සු හැදිලා මදි මට.. පිස්සු ඩබල් වෙන්න ඕනි..

යන්තම් කළුවර වැටෙද්දි ශේශ් කොහෙද යන්න ලෑස්ති වුණා..

මං මුකුත් නොකියම ගල් පිළිමයක් වගේ බලන් හිටියා.. රවන්න්න පුළුවන් උපරිමය රවාගෙන..

මං පව්… තප්පරයකටවත් මාව දාලා යන්න පුලුවන්ද මගේ ලස්සන මූණ දිහා බලා ගෙන..

“ගිනී.. මං පැයෙන් එනවා.. ”

“කෝ රවන්න එපා…”

ශේශ් කොච්චර කිව්වත් මං නම් ශේශ් දිහා බැලුවෙම නෑ..

“ඉන්නවකෝ මගේ ගිනි කිරිල්ලී…”

ශේශ් මං ගාවින් වාඩි වෙලා මාව තුරුල් කරන් මගේ නළල සිප ගත්තා. උණුසුම් හාදු වැස්සකට පස්සේ නපුරු ශේශ් මාව කිති කවන්න ගත්තා..

“ඒවා ඔට්ටු නෑ ශේශ්..”

මං කියලා ඉවර කරන්නත් කලින් ශේශ් මගේ දෙතොල් අල්ලා ගත්තා..

ලොකූ හාදුවකින් පස්සේ ශේශ් මාව අත ඇරියා..

“මං පැයෙන් එනවා.. ඔයාව පරිස්සම් කරන්න ඕනි හින්දා මං යන්නේ.. බය නොවී ඉන්න කෙල්ලේ..”

ශේශ් මගේ ඔළුව අත ගාගෙනම ඇඳුමත් හදන් කාමරයෙන් පිට වුණා..

අම්මෝ.. මේ ශේශ් ගියා විතරයි.. මට දැනුනේ පිහියක් අරන් කෑලි කපන්න පුළුවන් පාලුවක්…

ශේශුත් හුඟක් දඟ වෙලා වගේ. නපුරු මිනිහනේ මගේ..

පැයක් ගෙවිලා ගියා.. මං ශේශ් යද්දි හිටියා වගේම ඇඳ උඩට ඒ විදියටම උන්නා.

ඒත් ශේශ් තාම නෑ..

මං ඇන්ටිට කිව්වා නිදා ගන්න කියලා..

කොහේ ගියාද අනේ මේ මනුස්සයා..??

තව විනාඩි පහක් යද්දිම මට ඇහුණා ශේශ්ගේ වාහනේ..

ඒත් එක්කමයි ගෙදර ෆෝන් එක රින්ග්ස් යන්න ගත්තේ..

මොකක්දෝ අමුත්තක් මට දැනෙද්දිම මං ඇඳෙන් බැහැලා ෆෝන් එක කනේ තියා ගත්තා..

එහා පැත්තෙන් ඇහුණේ…

——————————————————————————————————————–

ගිනි කිරිල්ලී… ඉගිල්ලෙන්නේ පරිස්සමින්.. ඔයාව ලියන්නේ නපුරු කුමාරියෙක්..

ආදරෙයි පැලෙන්න…

මට ආදරය කරන හැමෝටම හුඟාක් ආදරෙයි.. පැලෙන්නම..

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

27 thoughts on “? ගිනි කිරිල්ලී | පනස් එක්වෙනි කොටස | නවකතා”

    1. ඉගිල්ලෙන්න සුසුම් අරන්
      හිතට බර වැඩී
      අතරමං ද අහන්නෙපා
      කඳුළු දුක ඇතී
      රහස් එක්ක කතා කරන
      ඇස් වලට එබී
      හැඟුම් වලට පන දෙනවද
      නුඹ කවදා හරි….???❤️❤️❤️❤️

  1. Chamodya Madusanki

    කතාව ගොඩක් ලස්සනයි අක්කා
    ඔන්න තඩි බාල්දි පෙලලන්න එපා හොඩේ
    බුදුසරණයි අක්කා
    පරිස්සමින් ඉන්න හැමෝම

  2. ❤️?kaushi?❤️

    Kauda ane e kath kre.sudu aiya kiyanne sheshd…??? Ane manda hitha ganna ba appa.baldiyak peralanna newei neda akkiyo hadanne…..

  3. නිෂා සශී ?

    හෙට බාල්දිය ඔලුවටම වැටෙනවා ?නේද මාධි අක්කි??. ඇයි අප්පා ඒම මේ සූටි අපි ප්ව් නැද්ද. අක්කි කතාවනන් පට්ට ඈ සුපිරි හෙට බාල්දියත් එන්න නැවත හමුවෙමු. බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ????????????

  4. Katawa hrima lassanai akki onna itin baldiyakda koheda e wahane enna atte shesh nm wenna ba wena kuru hrida danna ara cl kre shesh wenna ati ane mnda mnwa unat lokuu baldiyak nm danna epa itin sathutin parissamin nirogiva inna akkiyo budusaranai

  5. කව්ද අනේ ඒ කතා කරේ❓….. අයියෝ අය නම් ශේශ්වයි…ගිනීවයි…. වෙන්කරන්න එපා…..
    ගොඩ ගොඩක් ලස්සනයි අක්කි අදත් කතාව…..????

  6. හයියෝ….. මම ඕන ඔට්ටුවක් අල්ලනවා…. හෙට අනිවා වැටෙන්නේ ආයෙ නොම්මල එකේ එලකිරි බාල්දියක් ????

    ඇයි මැණික ඔයා මේම…. බාල්දි වැඩි නම් මට දෙන්නකෝ අන්නේ… මෙයාල දෙන්නටම බාල්දි පෙරලන්නේ…..
    කතාව ලස්සනයි අක්කියෝ …. අම්මෝ ශේශ් ටත් ගිය කල නේද…?
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ …..??❤

  7. කවුද මේ සුදු අයියා ❓…ශේශ් නේද ඒ ????…කතාව ලස්සනයී මාධි…දීපක් නම් පවු අනේ ???

  8. නපුරු නාගනා ද මේ….?? අම්මෝ… එයාගේ රොමැන්ස්… ගිනි කෙල්ලේ පරෙස්සමින් හොදේ… ගිනිගේ සුදු අයියා ශේශ් වෙන්න ඇති නේද…
    හෙට අක්කි පෙරලන බාල්දිය බලාපොරොත්තුවෙන් මං මගබලාගෙන ඉන්නේ අක්කි… සාදරයෙන් පිළිගන්නවා අක්කිගේ බාල්දි…??

    ????????????
    බලා සිටියෙමි මෙතෙක්
    දවසක්
    ඔබේ ආලය ලබා ගන්නට…
    සිහින දැක්කා
    ඔබ ගැන මා
    දිවිය පුරා ඔබේ හදේ රැදෙන්නට…
    සැනසෙන්න පිරුවා
    පෙරුමන්
    ඔබේ හදවතේ ගුලි වී සිටිමින්…
    උදා වූවා එදින
    මෙලෙසින්
    පුබුදමින් මගේ සතුටු හැඟුමන්…
    ගියත් ඔබ මා දමා
    මෙලෙසින්
    පැයක්වත් මට ඉන්න බෑ…
    හනික එනවද පියවර
    තබමින්
    ගිනි කිරිල්ලිය සොයා විගසින්…
    ????????????

    තෙරුවන් සරණයි අක්කියෝ පරෙස්සමින් ඉන්න…
    ❤❤❤❤

  9. ..Sandashen..

    මේ මාධී ට බාල්දිත් එක්ක මොකක් හරි තරහක් තියෙනවා මට හිතෙන්නේ …කොයි වෙලාවෙත් බාල්දියක් පෙරලා දාන්නමනේ බලන්නේ….කතව නම් සුපිරි හොදේ ….???????????????????????????

  10. නිරෝෂා ලක්මාලි

    මාරම ලස්සනයි. ගිනීටත් අතීතය මතක් වෙන්න පටන් අරන්. ඒ සුදු අයියා ශේශ්ම වෙන්න ඇති. හැම ඇත්තක්ම ගිනීගේ මතකයක් එක්ක පැහැදිලි වෙයි. දැන් ඉතින් පුදුම දේවල් ටිකක් වෙයිනේ. හැමදේම ලස්සනටම විසඳෙයි.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.