Katha Ahura

? ගිනි කිරිල්ලී | පනස් දෙවන කොටස | නවකතා

2.5/5 - (2 votes)

පනස් තුන්වෙනි පියාපත..

—————————————————————————————————————————————————————————————-

ඒ තුවක්කුකාරයත් අඩියක් ඉස්සරහට ආවා.. යාන්තම් එලියෙන් මං දැක්කේ කවදාවත් යළිත් දකින්න විශ්වාස නොකරපු කෙනෙක්.

ඇත්තමයි… මං ගල් වෙලා ඔහේ බලන් හිටියා. මගේ ඇස් මාවම රවට්ටනවද කියලා හිතා ගන්න බැරුව..

ඒ තුවක්කුව පහතට වැටුණා.. ඇයි මං තවත් බලන් ඉන්නේ…?

“දීපක්..”

මං දුවන් ගිහින් දීපක්ව වැළඳ ගත්තා.. දෙයියනේ..!! මේක නම් ලෝක පුදුමයක්…

“ඔයා ඉන්නවා දීපක්.. අනේ මට සමාවෙන්න මං..”

“මුකුත් කියන්න එපා ගිනී.. දැං හැමදේම හරි..”

“බොස් ඔයාව කොච්චර හෙව්වද. ?? ඒ යකා පිස්සෙක් වගේ ඔයාව හෙව්වේ.. ”

මට දැනුණ සතුට කියා ගන්න බැරි තරම්.. එදා මං එහෙන් පැනලා ආපු වෙලේ ඉඳන් මං මහා ගොඩාක් පසු තැවුණා මං නිසා දීපක් මැරුණා කියලා හිතන්..

ඒත් දීපක් ජීවත් වෙනවා. එහෙනම් ඇන්ටිත්..??

“දීපක්.. ඇන්ටි..??”

එයා මුකුත්ම නොකියා බිම බලා ගත්තා.. මට සමාවෙන්න.. මං නිසයි මේ සේරම…

“යමු ඉක්මනට ඇතුළට.. එළිය සීතලයි..”

ඇන්ටිත් වාහනෙන් බැහැලා අපි ගාවට ආවා..

ඒත් එක්කමයි රාජ් අපෙන් සමු අරන් ගියේ.. එයා ඇවිත් තියෙන්නේ අපිව පරිස්සමින් ඇරලවන්න විතරයි..

දීපක් මට ඉන්න කාමරයක් පෙන්නුවා.. ඇන්ටි එහා කාමරේට ගියා..

පැය ගාණක් එක දිගටම ඇවිල්ලා ඇඟට හරි වෙහෙසයි… ඊටත් වඩා ශේශ් නැති හැම මොහොතක්ම මට වේදනාවක්..

රත්තරන්.. ඔයා කොහෙද දෙයියනේ…!!!

එදා ගිනී ශේශ්ගෙම වෙච්ච සුන්දර රෑ මේ දැනුත් මට පෙනී නොපෙනී යනවා. හැම මොහොතකම උතුරා ගලා යන පෙමක් අපි අතර මැවිලා…

ශේශ්.. ඔයා පරිස්සම් වෙන්න.. දැං මට මේ ලෝකේ තියෙන එකම බැඳීම ඔයා විතරයි..

දන්නේ නෑ කොයි වෙලාවේ කොහොම නින්ද ගියාද කියලා.. හැබැයි මං නිදාගත්තේ බිම සීතලේ ගුලි වෙලා..

ශේශ් නැති තැනක මට සැප සම්පත් ඕන නෑ.. ඒ දවස් වලත් ශේශ් නැති වෙද්දි නිකම්ම මාව අඩපණ වෙලා යනවා..

ඒත් මං ඇහැරෙද්දි හිටියේ ඇඳේ.. කවුරුහරි මාව තුරුල් කරන්.. මගේ ඇඟට කකුලකුත් දාන්..

මං හයියෙන් තල්ලු කරා… බිමටම වැටෙන්න.. එහෙම පුලුවන්ද ගිනීට අතක් වත් තියන්න කාටවත්ම..

“ඒයි ගිනී…”

ඕඕඕ ශිට්… මං ඉවරයි…

“ශේශ්….”

මං හනිකට ඇඳෙන් බිමට එබුනා..

ගිනී… උඹේ වෙලාව නම් ගොඩක් නරකයි වගේ..

“උදේ පාන්දර පිස්සුද හලෝ.. ශික් මගේ හීනේ.. ලස්සන කෙල්ලෙක් කිස් එකක් දෙන්න හැදුවා විතරයි..”

ඕහ්හ්.. මේ ශේශ් නාගයා…

අතට අහු වුණු කොට්ටෙනුත් මං ශේශ්ට දමලා ගැහුවා.. ඇයි අප්පා…

“මේකි යකෝ.. රෑට මහත්තයා ඇවිත් උස්සලා ඇඳෙන් තියලා තුරුල් කර ගනිද්දි නින්දෙනුත් මේකි තුරුල් වෙනවා.. හැබැයි ඇහැරුණාම මිනිහා ඇඳෙන් බිමට දානවා..”

“ඒක තමයි දඬුවම. මහ රෑට කෙල්ලෝ ගාවට එනවට. ”

“මේ ශේශ් ආවේ මගේ කෙල්ල ගාවට විතරයි.. හරී.. දැං තමුසේ දඬුවම් දීලා ඉවරයිනේ.. දැං මගේ වාරේ..”

ශේශ් නැඟිටිලා ඇඳෙන් වාඩි වෙච්ච තාලේ නම් මට ඇල්ලුවේ නෑ..

“අයින් වෙන්න.. මට බඩගිනියි.. ”

මං ඉක්මනටම ඇඳෙන් බැහැලා යන්නයි හැදුවේ..

“ඉන්නවා ඔහොම.. මං ගින්න නිවන්නම්..”

“අනේ ශේශ්…”

තවත් මං මුකුත් කියන්නත් කලින්ම ශේශ් මාව ඇඳලා එයාගේ පපුවට තද කර ගත්තා..

“මගේ කෙල්ල පරිස්සම් කර ගන්නයි මට ඕනි..”

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….

මේ උණුසුම මට තියෙන එකම සැනසීම.. ඊළඟ තප්පරේ ශේශ්ගේ දෙතොල් මගේ තොල් අස්සේ දඟ කරන්න පටන් ගත්තා..

එතනින් එහා තව තවත් ශේශ්ගේ ආදරේ තුරුල්ලේ මං ගුලි වුණා..

තවත් අනුරාගී හෝරාවක් ගෙවිලා යද්දි මං හිටියේ ශේශ්ගේ පපුව උඩ.

“ගිනි…”

“ම්ම්ම්ම්ම්ම්”

“ආයේ අර බිම නිදා ගන්න එපා..”

“මාව තනි කරන්නත් එපා…”

“හිතුවක්කාර වෙලා මේකි…”

ශේශ් මගේ නිරුවත් බෙල්ල අත ගානවා..

“කිති අනේ…”

මං ශේශ්ට අතට අහු වෙච්ච කොට්ටෙකින් ගැහුවා..

“අහ්හ්හ්හ්හ්හ්…”

“අනේ ඇයි ශේශ්..”

මට දැනුනේ ශේශ් වේදනාවකින් කිව්වා වගේ..

“මුකුත් නෑ ගිනී.. කෝ අපි ගිහින් කමු.. ”

ශේශ් මගෙන් අත හංග ගත්තා..

“මේ මොකද ශේශ්.. අනේ මොකද වුණේ..”

ඒ තප්පරේට මගේ ඇස් වලට කඳුලු උනන්න ඇති..

ශේශ්ගේ උරහිස හරියේ ප්ලාස්ටර් දාලා.. හිතට දැනුනේ මාව පිච්චෙනවා වගේ..

“ඕකනේ මුකුත් කියන්න බැරි. බබලා වගේ ඇස් වල කඳුලු පුරෝ ගන්නවා..”

“අනේ මේ ශේශ්.. ඒ පණ්ඩිතකම් වැඩක් නෑ.. මොකද වුණේ කියන්නකෝ..”

මං හෙමින් ඇඟිලි තුඩු වලින් ශේශ්ගේ තුවාලේ පිරිමැද්දා..

“පොඩි වලියක් තිබ්බා එච්චරයි..”

ශේශ් හරිම සැහැල්ලුවෙන් කියලා ඇඳෙන් බැස්සා..

“ඒක කිව්ව ලස්සන.. ඔයාට හරිම සිම්පල් නේද..?? මම එපැයි ඔයා පොඩි පොඩි වලි වලට ගිහින් එනකම් ඔයාගේ පැටියත් බඩේ තියන් පිච්චි පිච්චි ඉන්න ඕන..”

ශේශ් පොඩි ළමයෙක් වගේ ඇස් දෙක ලොකු කරන් මං දිහා බලන් හිටියා..

“ගිනී..”

“ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…”

“මං ඉක්මනටම මේ හැමදේම ඉවර කරනවා..”

“එතකොට ගිනි කිරිල්ලිටයි, මගේ චූටි පැටියටයි පුලුවන් අරම් මනම් අරගෙන තාත්තා එනකම් බලන් ඉන්න..”

“ශේශ්…”

මං ශේශ්ගේ අත් දෙකම අල්ල ගත්තා.. ඒ වගේ ලස්සන දවස් ගොඩක් ගෙවන්න මං පිං කරලා තියෙද අම්මේ…???

“මගේ පිස්සු ගිනී..”

මට ටොක්කකුත් ඇනගෙන ශේශ් බාත් රූම් එකට ගියා..

අනේ මට ඇත්තටම ආසයි ශේශ්ගේ පැටියෙක්ගෙන් මගේ බණ්ඩිය බෝල ගෙඩියක් කරන් මිදුලට වෙලා හවසට ශේශ් එනකම් බලන් ඉන්න..

මාත් මූණ අත පය සෝදන් කුස්සියට ගියා.. ශේශ් නම් දීපක් එක්ක ලොකූ කතාවක්..

ඇන්ටිගෙන් ඉල්ලගෙන මං දෙන්නටම තේ හැදුවා..

මං තේ අරගෙන යද්දිත් දෙන්නගේ කතාව නම් ඉවර නෑ..

“ආ බොන්න දීපක් අයියේ.. රෑට හොරෙන් එන අයට තේ දෙන්න හොඳ නෑලු..”

ශේශ්ට යන්තම් රවාගෙන මං දීපක්ට තේ එක දුන්නා..

“මෙන්න මෙහෙ දෙනවා.. දැං නම් ඇත්තටම පිස්සුද කොහෙද..??”

ශේශ් මෙහෙම සැහැල්ලුවෙන් කතා කරනවා දකින එකත් ලොකූ සැනසීමක් මට..

මාත් ශේශ්ට තේ එක දීලා ශේශ් ගාවින්ම වාඩි වුණා..

එතකොටයි මං දැක්කේ ශේශ්ගේ ලැප් එකේ දාලා තිබ්බ ෆොටෝ එක..

————————————————————————

ඔයාලා කියන තරම් මං නපුරු නෑ.. ඊට වඩා නපුරුයි..

මගේ ගිනී හොරෙන් කියවලා අහක බලන් ගිහින් ඔයාලා සතුටින් ඉන්නකෝ එහෙනම් හොඳේ…

ආදරෙයි පැලෙන්න..!! හැමදාමත්, හැමවෙලේම මාත් එක්කම ඉන්න..

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

26 thoughts on “? ගිනි කිරිල්ලී | පනස් දෙවන කොටස | නවකතා”

    1. Chamodya Madusanki

      කතාවනම් සුපිරි අක්කියෝ,මාරම ලස්සනයි
      අනේ දීපක් ජීවත් වෙනවා… ලොකු දෙයක් ඒක
      කාගේ පින්තූරෙද තිබ්බේ ලැප් එකේ??? අනේ ආයේ ජාත්‍යන්තර මරාලනම් එපා අපේ මේ ගිනීටයි ශේශ්ටටයි..

      ඔය සුමුදු හද මඩල මට වටී
      මහමෙර ලෙසට
      එක සිතින් පැතුවේ මම
      ඔබේ තුරුලේ සැනසෙන්න
      මගේ පෙම් පැතුම ඉටුවෙලා
      නොසිතූ ලෙසට
      සිතන්නට පුලුවන්ද මට
      ඔබ නොමැති ලොවක් ගැන…

  1. Ammee… ela ela deepak jeewath wenawa kiyanne nm gdk homda deyak… sudu manika… baaldi epa honde… lassanai akkiyo kathawa… adarei..❤??❤

  2. ❤️?kaushi?❤️

    ?? ammo akki mm nm hithuwe baldiyak kiyala…ammo ame dipak jiwath wenawada …ane sathutui akki gdaaariyak.lassanai akki kathawa godak….❤️❤️

  3. අනේ……දීපක් ඉන්නවා …හරිම සතුටුයී…
    දැන් ගීනීට බය වෙන්න ඕන නෑ…
    අනේ බාල්දී එපා ඔන්න….
    කතාව ගොඩක් ලස්සනයි අක්කා …මේක ඔයාට ??????

  4. නයෝ මධූ

    අම්මෝ දීපක් ඉන්නවා ඒ කියන්නේ නේද? ඒත් පව් ඇන්ටි. ගිනීව පරිස්සම් කරන්නනේ හැමෝම පොර කන්නේ. ඒ ආදරේනම් නියමයි අනේ. ඉරිසියත් හිතෙනවා.

  5. දීපක්… දීපක්… දීපක්… අනේ කොච්චර දෙයක්ද දීපක් ඉන්න එක… ශේශ් කොල්ලානම් නෝටි වෙලා… ???අර ගිනි කෙල්ලට ඉන්න දෙන්නෙම නැනේ…. ලැප් එක නේද.. අද හිතන්න තියෙන ප්‍රශ්නයේ… ම්…ම්…. කවුරු වුනත් තරහා කාරයෙක් තමා එක්කේ අර ගිනිගේ තාත්තා මරපු මිනිහද දන්නැ… කියන්න බැනේ….??

    කතාවනම් මරු අක්කි… ඒත් අක්කි කෝ අනේ ඔයා… අන්තිමට දැක්කේ ඊයේ සෙසඳි අක්කි කිවා වගේ අවුරුදු උත්සවේ දවසේ… එදායින් පස්සෙ අක්කි ආවෙම නැනේ… එක දවසක් ඇවිත් යන්න එන්නකෝ අක්කි… ඔයාට අසනීපයක් නැ නේද අක්කි… ඔයා හොදින්නේ… පරෙස්සමින් ඉන්න… බුදුසරණයි !…
    ❤️❤️❤️❤️

  6. දීපක් මැරිලා නැත්තම් එදා මලගෙදර තිබුනෙ කාගෙද ???….ගිනි ත් එදා ගියානෙ…දැවෙන ප්රස්න අප්පා මේවා ????

  7. ලස්සන කතාව . ☺️☺️☺️☺️☺️
    මම මේ app එකට අලුත් නිසා අහන්නෙ මේ app එක use කරන්න වයස් සීමාවක් තියෙනවද? මට අවුරුදු 15 යි. ඒකයි.

  8. නිරෝෂා ලක්මාලි

    අනේ දෙයියනේ දීපක් බේරිලා. එතකොට අර මලගෙදර කොහොමද. මට දැන් පිස්සු හැදෙනවා. තොල් රතු යක්ෂනී රවට්ටන්න කරපු වැඩක්ද ඒ. දීපක් මෙහෙම හැංඟිලා වගේ ඉන්නේ ඒකද. ශේශ් නියමයි. ගිනී කෙල්ලව පරිස්සම් කරගන්න කොච්චර දේවල් කරන්න වෙයිද දන්නේ නෑ.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  9. අන්න ඒ නිසානෙ දීපක්ටයි නැන්දටයි නිවන් සුව පැතුවෙ නැත්තෙ….. ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.