Katha Ahura

සූරියකන්දේ අභිරහස (13. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(13. කොටස)

තවත් රෝගීන් පස් දෙනෙකු රෝහලේ සිටින බව දැනගත් වෙද මහතා ඔවුන් සමඟ රෝහලට යාමට තීරණය කලේය. ඔවුන් සියලු දෙනා පසුදින උදෑසනම නැවත වතුයායේ රෝහලට පැමිණියේය. එතැන් පටන් මහචාර්යවරයාගේ උපදෙස් හා වෙද මහතාගේ අණු දැනුම ඇතිව සියල්ල දිවා රෑ නොබලා රෝගයට පිළියම් සෙවූ අතර වෙද මහතා වතුයායේ තරුණයන් පිරිසක් ලවා බෙහෙත් වර්ග සො⁣යන්නට විය. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහයද ලැබුණි.

දිනක් පරීක්ෂණ කටයුතු අවසන් කර රාත්‍රියේම රෝහලේ සිට බංගලාවට පිටත් වීම සඳහා වෛද්‍යවරිය තනියම පාරට බැස්සේය සැරයන් විජයරත්න බංගලාවේ සිටියද ඔහුට පැමිණීම සඳහා මඟක් නොවූයේ සහකාර පොලිස් අධිකාරිවරයා චාපාව පිටත් කිරීම සඳහා ඇයගේ නිවසට ගිය බැවිනි.

රෝහලේ සිට හැතැප්ම තුනක පමණ දුරක් බංගලාවට තිබුනි . ඇය තම ජංගම දුරකථනයේ විදුලි එළිය ආධාරයෙන් ඉදිරියට ඇදුනේය. ඒ වන විට වේලාව රාත්‍රී අට පසුව තිබුනි.

හැතැප්මක් පමණ ගෙවා දැමූ ඇයට ඉදිරියෙන් හමු වන්නේ ඝන අඳුරෙන් වැසී ගිය රබර් යායයි. ඇයගේ සිතෙහි යම් චකිතයක්ද ඇති වූවා නොවේ. නමුත් පසු නොබලාම ඇය ඉදිරියට ගමන් කලද ඇයට තවත් යා හැකි වූයේ නැත ඇය තම ගමන නතර කලේය. රබර් කැලේ මැදින් මතු වූ මිනිස්සුන් දෙදෙනෙකි. ඔවුන් මුහුණු ආවරණය කර සිටියේය.

ගැහෙන හදවතින් ඇය ආපසු රෝහල දෙසට දිව යාමට පටන් ගත්තද එයින් ඵලක් නොවීය ඇය පිටුපසින් පැමිණි දෙදෙනෙකු ඇයව ග්‍රහණය කර ගත්තේය. ⁣මුහුණට ඇල්ලූ රෙදි කැබැල්ලෙන් ඇය එතනම සිහිසුන් විය. ඇයව ඔසවාගත් අයෙකු අසල වූ වෑන් රථයට දමා ගත්තේය.
” රංජියා ඉක්මනට වාහනේ ගනින් ”
රියදුරු අසුනට පැමිණි පුද්ගලයාට අණ ලැබුණු අතර ඔහු වෑන් රථය වේගයෙන් ධාවනය කලේය .. අංක තහඩු රහිත වෑන් රථය ධාවනය වූයේ කෑළෑබඳ මාර්ගයකයි.
” අම්මෝ මට මේක දකිනකොට ඉන්න බෑ”
” කලබල වෙන්නැතුව හිටපන් අපේ පොට් එකට අරන් ගිහින් ඇති තරම් විනෝද වෙමු”
සිහිසුන්ව සිටි අවන්තිගේ සුදු පැහැති දෙපා දෙස බලමින් ගිජුලිහිනියන් සේ බලමින් එක් අයෙකු පැවසීය.
එකවරම වෑන් රථයේ තිරිංග ක්‍රියාත්මක වූයේ පිටුපස සිටි අයගේ කතාවට බාධා කරමිනි.
” මොකද බං , රංජියා ”
” පාර මැද්දට ගහක් කඩන් වැටිලා ”
” ලොකු ගහක්ද?”
” නෑ ලොක්කා.. පොඩි ගහක් පොඩ්ඩක් ඉන්න මං අයින් කරලා එන්නම්”
රංජි වෑන් රථයෙන් බැස ඉදිරියට ගියේය . කිසිවෙකු දකිවී යැයි සිතා ඔහු විදුලි පහන් නිවා දැමුවේය . විනාඩි කිහිපයක් ගත වුවද රංජිගේ පැමිණීම ප්‍රමාද විය. දෙපස වූ රබර් යාය නිසා ඝන අන්ධකාරය හා මීදුම පරිසරය වෙලා තිබුනි.
” ⁣අඩෝ බැහැලා ගිහින් බලපන් , අරූට ගහ තනියම අයින් කරන්න බැරුව ඇති”
පිටුපස ආසනයේ සිටි තිදෙනාගෙන් ප්‍රධානියා පැවසූ පසු අනෙක් දෙදෙනාද වෑන් රථයෙන් බැස ඉදිරියට ගියේය. වෑන් රථයේ ඉතිරි වූයේ එක් අයෙකි. ඔහුගේ සිතට සියුම් කෝපයක්ද පැමිණියේය.
” මුන් තුන් දෙනාටම ගහ අයින් කරගන්න බැරි වුනානේ ”
ඔහු තමාටම පවසා ගනිමින් වෑන් රථයෙන් බැස ඉදිරියට ඇදුනේය. ඔහු තරමක් කලබලයට පත් වී තම ඉනේ තිබූ පිස්තෝලය අතට ගත්තේය. ගස ඉවත් කිරීමට පැමිණි කණ්ඩායමේ තිදෙනාගෙන් එක් අයෙකුවත් අසල නොසිටියේය.
ඔහුට නොදැනීම පිටුපසින් පැමිණි අයෙක් එල්ල කල පොලු පහරින් ඔහු එතනම ඇද වැටුනි.වහාම ඒ පැමිණි පුද්ගලයා වෑන් රථයේ සිහිසුන්ව සිටි අවන්තිගේ මුහුණට වෑන් රථයේ වූ වතුර බෝතලය ගෙන වතුර බිංදු කිහිපයක් ඉසින්නට විය…
” මට මොකද වුනේ”
අැය දුටුවේ තමා අසල වූ මුහුණ ආවරණය කර ගත් පුද්ගලයාය.
” අනේ මට කරදර කරන්න එපා.. ඔයාට මොනවද ඕන?”
ඇය බියෙන් වේවලමින් පැවසුවේය.
” බය වෙන්න එපා . මම ඔයාව බේරගන්න ආවේ. අපි ඉක්මනට මෙතනින් යන්න ඕන තව ටිකකින් මුන්ට සිහිය එනවා. ඉක්මනට එන්න”
ඔහු අවන්තිව ඔසවාගෙන රබර් යාය මැදින් වැටී තිබූ මාර්ගය දිගේ දුවන්නට විය.

සිදුවූ සියල්ල ඇයට හීනයක් මෙන් විය. එම සිදුවීම් සිහියට එන විටත් ඇයගේ සිතට ගෙන ආවේ බියකි. එකම ප්‍රහේලිකාව වූයේ තමාව බේරාගත් පුද්ගලයාය. මුහුණ ආවරණය කල සිටි හෙයින් ඔහුව හඳුනා ගැනීමට මගක් ඇයට නොවීය. නමුත් ඇය කිසිදු කරදරයකින් තොරව බංගලාවට පැමිණියේ ඔහු නිසාය…

එම සිදුවීමත් සමඟ සහකාර පොලිස් අධිකාරිවරයා නැවත දිනක් යොදා ගනිමින් වතුයාය පරීක්ෂාවට ලක් කරන්නට විය . ඒ සඳහා ඔහු පොලිස් නිළධාරීන් කණ්ඩායමක්ද යොදා ගත් අතර ඔවුන් වතුයායට ඇතුල් වන මාර්ගයන් සියල්ලක්ම හොදින් පරීක්ෂාවට ලක් කරේය.
හතරවන ලයිම් පේළියට ඉහළින් වූ ගරා වැටුනු ගොඩනැගිල්ලකි. ඔහු එම ස්ථානයෙන් මදක් නැවතී ගිමන් හරිමින් සිටින අතරතුර හිඟන මිනිසා ඒ අසලින් ගමන් කරන්නට විය.
” ඒ පොඩ්ඩක් ඔහොම ඉන්නවා… විජයරත්න අර මනුස්සයාගේ බෑග් එකේ මොනවද තියෙන්නෙ බලන්න ”
සහකාර පොලිස් අධිකාරිවරයා සැරයන්වරයාට එසේ පවසත්ම හිඟන මිනිසා ගමන ඉක්මන් කල අතර පාදයක් නොන්ඩි ගසමින් ඔහු දිව යාමට සැරසුනි. සැනින් ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරිවරයා දුව ගොස් ඔහුගේ ගෙලෙන් අල්ලාගෙන ඔහුගේ අත වූ කවරය ගෙන එහි තිබූ සියල්ල බිමට හැලුවේය. එහි වූයේ ටින් හා හිස් බෝතල් කිහිපයකි.
” අදීශ මම කිව්වනෙ ඔයාට මේ මනුස්සයා අහිංසකයෙක්”
බිම වැටී තිබූ දේ අහුලමින් සිටින හිඟන මිනිසා දෙස බලා සැරයන්වරයා පැවසුවේය.
” නවතින්න කිව්වහම දුවන්නෙ මොන මඟුලටද ඕයි”
සහකාර පොලිස් අධිකාරිවරයා තරමක් උස් හඬින් හිඟන මිනිසා දෙස බලා පැවසුවාය.
***************………………………………**********—
?️නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

5 thoughts on “සූරියකන්දේ අභිරහස (13. කොටස)”

  1. සෙසඳි

    රශ් පැටියෝ … කොහොමද ඉතිං ? කතාව තව පටලවනවා අනේ ඔයා… ඔලුව කුරුවල් වෙනවා මේවා හිතද්දි… දැන් නම් මට ඔක්කොම පැටලිලා… ????

  2. අම්මෝ… මේක කතාවක්ද අනේ… හරියට ටිවි සීරියස් එකක් බලනවා වගේ… මරු අප්පා කතාව නම් සුපිරි…
    ???

  3. රශ් මල්ලියෝ අනේ මාව ටැපලිලා.හැබැයි කතාව නම් සුපිරි පට්ටම හොදේ .සුබ පතනවා මල්ලියෝ හදවතින්ම ඔයාට.
    ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.