Katha Ahura

? ගිනි කිරිල්ලී | පනස් පස්වෙනි කොටස | නවකතා

3.9/5 - (9 votes)

පනස් පස්වෙනි පියාපත..

—————————————————————————————————————————————————

ඒත් මොනා වුණාද මන්දා… මට එහෙමම නින්ද ගියා..

දරා ගන්න බැරි තරම් ඔළුව කැක්කුමක් දැනෙද්දී මං බොහොම අමාරුවෙන් ඇස් ඇරියා..

විශ්වාස කරන්නත් බෑ මට.. මාව මත් වෙලා වගේ.. කළුවරම ඇරෙන්න මුකුත්ම නෑ..

මං ආයේම ඇස් පියා ගත්තා.. ලොකූ වෙහෙසක් දැනෙනවා.. මං දිග හුස්මකින් පපුව පුරව ගෙන හිතන්න ගත්තා..

ශේශ්… ශේශ්.. මගේ යටි හිත කෑ ගහලා ශේශ්ව හොයද්දි මං අමාරුවෙන් ඇස් ඇරියා..

මං හිටියේ ඇඳක නෙවේ.. හාන්සි වෙලත් නෙවෙයි..

මං හිටියේ පුටුවක… අත් දෙකම පිටි පස්සට කරලා ගැට ගහලා වගේ… හෙල්ලෙන්නවත් බෑ මට..

දෙයියනේ කොහෙද මං…!!

“ශේශ්… ශේශ්..”

හැමදාමත් මේ ගිනීගේ ආරක්ශකයා ශේශ්.. ඒත් අද මං ශේශ්ගේ නම කියලා කෑ ගැහුවත් උගුරෙන් හඬක් වත් පිට වුණේ නෑ..

තප්පරෙන් තප්පරේ මං හයියෙන් හුස්ම ගන්නවා..

රෑ මොකද වුණේ…?? එහෙනම් මට ඇහුණ සද්දේ මාව මේ අරන් ආපු අයගෙද…?? ඒත් ශේශ්ගේ තුරුල්ලේ හිටපු මාව මෙහෙම අරන් අපු මුන් කවුද..??

අනේ ශේශ්…!!!!!

එයාට මොනවා වෙලාද..?? මගේ ශේශ්..

එයාට කරදරයක් වෙලාද.. මගේ පපුව කඩා වැටෙන්න ඔන්න මෙන්න..

ඇයි අම්මේ මේ තරම් ප්‍රශ්න ගොඩක් මට.. අපිට සැනසීමෙන් ඉන්න පුලුවන් දෛවයක් ඇත්තෙම නැද්ද…???

ටිකකින් ඇහුනේ දොරක් ඇරෙන්න හඬක්…

ඒත් එක්කම හැමපැත්තෙන්ම ලයිට් පත්තු වුණා.. ආලෝකය දරා ගන්න බැරුව මං ඇස් පියා ගත්තා..

මට ඇහුණේ හිනා හඬක්..!! සමච්චලේට හිනා වෙන ගෑණු හඬක්..

“ගිනී…..”

ඒ කටහඬ….??? ඔව් මං දන්නවා..

එකපාරටම මගේ මූණට වතුර එකක් ගැහුවා..

ඒ සීතලට මං ගැස්සිලා ඇස් ඇරියා..

“තමුසේ තාමත් ජීවත් වෙනවානේ… හරිම වාසනාවන්තයිනේ..”

මං ඉස්සරහ හිටියේ මං බලාපොරොත්තු වෙච්ච රුවමයි.. තොල් රතු යක්ෂනී…!!!

“හැබැයි තමුසෙට දැං හිතේවි එදා මැරුන නම් ඉවරයි කියලා.. අපරාදේ මගෙන් බේරිලා පැනලා ගියේ කියලා..”

තොල් රතු යක්ෂනී මගේ මූණට පහත් වෙලා තදින් මගේ නිකට මිරික ගෙන මගේ මූණට එබුණා..

“ශේශ් මගේ.. මගේම විතරයි.. තමුසේ වගේ හිඟන්නියක් මැද්දට ආවේ නැත්නම් සමහරවිට මේ දේවල් ඔක්කොම ඉවර වෙලා තියෙන්න තිබ්බා..”

එයා මාව අත ඇරලා මගේ පුටුව වටේ ඇවිද්දා…

“තමුසේ මැරෙනවා.. නෑ මං තමුසෙව මරනවා.. ටිකෙන් ටික..”

තොල් රතු යක්ෂනී මහ හයියෙන් හිනා වෙනවා..

මාව තාමත් ගල් වෙලා වගේ.. හිතා ගන්න බෑ මේ වෙච්ච දේවල්..

කෝ මගේ ශේශ්…!!!

“ශේශ්…”

ගොරහැඬි හඬකින් මං ශේශ්ගේ නම කිව්වා..

“ඒ මෝඩයා තමුසෙව හොයනවා.. පිස්සෙක් වගේ.. ඌට ජීවිත කාලෙම වෙන්නේ තමුසෙව හොය හොය ඉන්න තමයි..”

මං අකමැතිම ජරා හිනාව ආයේම ඇහෙනවා..

තවත් මොනවද මොනවද කියලා තොල් රතු යක්ෂනී යන්න ගියා..

මට දැනුනේ ලොකූ අසරණබවක්.. තොල් රතු යක්ශණීට මේ තරම් මගෙන් පන්න පන්න පලි ගන්න තරම් හේතුවක් නෑ..

මං එයාගෙන් ශේශ්ව උදුර ගත්තේ නෑ.. ශේශ් කොහොමත් එයාට ආදරේ කරේ නෑ..

ඒත් ඇයි…??

අනේ ශේශ් මට සමාවෙන්න දෙයියනේ…!! හැමදාමත් මං ඔයාට මං දුන්නේ දුක, වේදනාව විතරයි..

මට සමාවෙන්න ශේශ්…!!

ආයේම කාමරේ ලයිට් නිවුණා..

කෑලි කපන්න පුළුවන් කළුවරේ මං ලොකූ අසරණකමකින් ඔහේ ඉන්නවා..

මං ඇස් පියන් අපි අතර ගෙවුන සුන්දර දවස් සිහි කරා.. අපි අපේම වුණු අමරණීය මතකයන්..

මගේ ඇස් වලින් කඳුලු බිංදු පේළියක් ගලන් ගියා..

මැරෙන්න බයක් මට දැනුනේ නෑ.. ඒත් මගේ ශේශ්.. එයා මොනවා කරයිද..??

මං ඔයාට ආදරෙයි ශේශ්.. උමතුවෙන් වගේ..

මරණයට බෑ අපිව වෙන් කරන්න..

අම්මේ.. මගේ ශේශ්ව බලා ගන්න..

ආයේම කාමරේ ලයිට් දැම්මා..

“පව්නේ ශේශ්.. තමුසෙව හොයනවනේ.. අපි තමුසේ තාම ජීවත් වෙනවා කියලා ෆොටෝස් ටිකක් යවමු..”

තොල් රතු යක්ෂනී ඇවිත් මගේ ෆොටෝස් ගත්තා..

“හිනා වෙනවා…”

මගේ හිනාව නැති කරලා දැම්මේ තමුසෙමයි.. දැං මට හිනා වෙන්නලු..

“මෙහෙම හරි නෑ.. කිසි ලස්සනක් නෑ..”

තොල් රතු යක්ෂනී මං ගාවට ඇවිත් මගේ කම්බුල් වලට පාරවල් හතරක් පහක් හයියෙන් ගහගෙන ගියා..

කම්බුල් දෙක පුපුරු ගහන තරම්..

“ම්ම්ම්ම්ම්ම්ම් දැං හරි.. ඔය තියෙන්නේ රතු වෙලා..”

ඒ ගෑණි ෆොටෝ දහයක් විතර ගත්තා..

“ශේශ්.. ඔයාගේ කුමාරිකාව.. මේ පළවෙනි ස්ටෙප් එක විතරයි.. ඉස්සරහට තවත් තියෙනවා..”

තොල් රතු යක්ෂනී ඒ ෆොටෝස් ටික ශේශ්ට යවන්න ඇති..

මේකි පලි ගන්නේ මගෙන් විතරක් නෙවෙයි.. ශේශ්ගෙනුත් මේකි පලි ගන්නවා..

දැං නම් මගේ ගැට ගහල තිබ්බ අත් දෙක රිදෙනවා.. ඒ අස්සෙන් කම්බුල් දෙක ඉන්න බැරි තරම් වේදනාවයි..

ශේශ් ඔයාව හුඟක් මතක් වෙනවා රත්තරන්..!!!

ටිකකින් කවුද පිරිමි දෙන්නෙක් කාමරේට ආවා..

“තමුසෙව අරන් එන්න කිව්වා.. ”

“වතුර.. වතුර ටිකක්..”

මං වතුර ටිකක් ඉල්ලුවා.. කෑ ගහන්නවත් උගුරට හයියක් නෑ වගේ..

එකෙක් වතුර බෝතලයක් ගෙනැල්ලා මගේ ඔලුව උස්සලා වතුර කටට වක් කරා..

වතුර උගුරයි…

“මට යන්න දෙන්න.. ”

“මට යන්න ඕනි..”

මං යන්තමින් වචන දෙක තුනක් කිව්වා..

එකෙක් මාව පුටුවෙන් ලිහුවා.. අනිත් කෙනා මාව දොර දිහාට තල්ලු කරා..

පැය ගාණක් එක දිගට වාඩි වෙලා ඉඳලා ඇවිද ගන්න කකුල් දෙකට පණක් නෑ.. මාව බිමට ඇඳ වැටුණා..

“මෙහේ වරෙන්..”

උන් දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලගෙන ඇඳ ගෙන ආවා..

මේ තැන අඳුර ගන්න මං උත්සහ කරා.. ඒත් මං දන්නේ නෑ..

කොහොමහරි ශේශ් ගාවට යන්න ඕනි කියන හැඟීම විතරයි මට හිතුනේ..

මෙයාලා මාව එක්කන් ආවේ ලොකූ එළිමහන් භූමියකට..

එතන හුඟක් අය හිටියා.. වැඩි හරියක් එතන හිටියේ ශේශ්ගේ ගෝලයෝ..

මං හොඳටම අඳුරන ගොඩක් දෙනෙක් එතන හිටියා..

මුන් ඔක්කොම එකතු වෙලා තමයි මගේ ශේශ්ට ද්‍රෝහි වුණේ..

කට්ටියක් වට වෙලා කාටද වද දෙනවා..

ඒ කෙනා කෑ ගහනවා..

මාව ඇඳන් ගියේ එතනට..

රාජ්.. දෙයියනේ රාජ්..

මුං රාජ්ව මේසයක ගැට ගහලා පණ පිටින් වද දෙනවා..

ලේ පිරිච්ච මේ මූණ මං එදා දැක්කට වඩා සෑහෙන්න වෙනස් වෙලා..

ශේශ්ට විශ්වාසවන්ත මිතුරෙක් වෙච්ච නිසාද රාජ්ට මෙහෙම කරන්නේ මුං…

“රාජ්…!!”

“උඹ අඳුරනවා නේද..?? බලන් හිටපන් මූට කරන දේ..”

මගේ පිටිපස්සෙන් ආපු යක්ෂනී මගේ කොණ්ඩෙන් ඇඳන් මට පෙන්නුවේ රාජ්ව..

“ඕකගේ ඇඟිල්ලක් කරලා අරන් වරෙන් මේකිට පෙන්නන්න..”

අනේ එපා..

“එපා…..!!!!”

“අහ්හ්හ්හ්හ්….”

යක්ෂණී මාව බිමට තල්ලු කරා..

රාජ් මහ හයියෙන් විලාප තියද්දිම උන් රාජ්ගෙන් ඇඟිල්ලක් කපන්න ඇති..

මුළු ශාලාවම නිහඬ වෙද්දි රාජ්ගේ වේදානාත්මක කටහඬ විතරක් මට පැහැදිලිව ඇහුණා..

“ඉඳා..”

මගේ ඉස්සරහට කපපු ඇඟිල්ල විසි කරා..

තාමත් ලේ ගලන ඒ ඇඟිල්ල දැක්කම මට පලවෙනි වතාවට දැනුණේ වෛරයක්..

මේ ඔක්කොම විනාශ කරලා දාන්න තරම් වෛරයක්, කේන්තියක් මගේ හිතට දැනුණා..

තොල් රතු යක්ෂනී.. උඹලා ඔක්කෝටම මේ හැමදේම වෙනුවෙන් ගෙවන්න වෙයි… ඝොඩක් විඳවන්න වෙයි..

“තමුසෙගේ පෙම්වතාට මේකත් යවමු..”

යක්ෂණී ඒකෙත් ෆොටෝස් ගත්තා. මුංට ඕනි ශේශ්ව අවුස්සන්න වගේ..

රාජ්ගේ කටහඬ නැති වෙලා ගිහින්.. එයාට සිහි නැති වෙන්න ඇති.

පව්.. ඒ මනුස්සයාත් මේ තරම් දුක් විඳින්නේ මේ කෙහෙල්මල් තුවක්කුවක් අතට අර ගත්තු නිසා..

මේ ඔක්කොම මැරයෝ… ඒක තමයි ඇත්ත.. ඒත්…??

“මේකිව ගිහින් දාන්න එළියේ තියෙන වාහනේට..”

ආයේම මාව ඇඳන් ආවේ එළියට..

කලු වෑන් එකක දොර ඇරලා මාව ඇතුළට වීසි කරා..

උන් දොර වහලා ආපහු ඇතුළට ගියා..

ඔව්.. මුන් දොර ලොක් කරේ නෑ. ඇඟට ශක්තිය ඇරන් මං නැඟිට්ටා..

අත් දෙක තාමත් ගැට ගහලා.. ඒත් මට පුළුවන් වෙයි මේ ලැබුණ ඉඩෙන් පැන ගන්න.

මං පිටිපස්ස හැරිලා අත් දෙකෙන් දොර ඇර ගත්තා..

අනේ දෙයියනේ මට උදව් කරන්න..

දන්න කියන සේරෝම දෙවියන් සිහි කරගෙන මං වෑන් එකෙන් එලියට බැහැලා පාර දිගේ දිව්වා..

මාව විසී වෙනවා වගේ.. ඒත් මං පුළුවන් තරම් වේගෙන් දිව්වා..

ඈත් ගේට්ටුවක් පේනවා. එතනින් එහාට මහපාරට පැන ගත්තා නම් මට පුලුවන් ශේශ් හොයා ගන්න..

ගේට්ටුව පේන මානෙට එද්දිම එකපාරටම මාව කවුරුහරි තල්ලු කරා.. මාව විසී වෙලා ගිහින් බිමට වැටුණා..

මගේ ඔළුව කොහේහරි වැදුණා..

“වේ# බැල්ලි.. තෝ පැන ගන්නද හිතුවේ..”

කවුරුහරි මගේ කොණ්ඩෙන් ඇඳගෙන කියද්දි…

—————————————————————————

ගිනී… මල් වෙඬි පටන් ගත්තේ දැං…

ශේශ් ඔයා ඔය කොණේ ඉන්නකෝ.

වස්තුලා තව කොටස් පහයි.. වැඩි වෙන්නෙත් නෑ.. අඩු වෙන්නෙත් නෑ.. ගිනි ගිනි බෝලේ යන්න යාවි…

ගිනී.. සමහරවිට හුඟ කාලයකට මං ලියන අවසාන කතාව වේවි… එක දිගට දිනපතාම ඔයාල ඉල්ලන විදියට ලියන්න පුලුවන් කාලෙක මේ මාධවී ලියාවී..

ආදරෙයි ඔයාලා හැමෝටම.. කොච්චර මං පරක්කු වුණත් හැමදාමත් මාත් එක්ක හිටපු ඔයාලට මං හැමදාමත් ණයයි..

ඉතින්.. ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..!!
බුදු සරණයි..!!

12 thoughts on “? ගිනි කිරිල්ලී | පනස් පස්වෙනි කොටස | නවකතා”

  1. Rashmika sandaruwan

    Ane madawee akka. Ayeth ikmanata kathawak genna. Apita godak palui oyage kathawak nathi unoth. Meka mage witharak nemei danga pawle hamomatama danenawa. Bs madawee akka. Hamoma parissamen inna.

  2. නිෂා සශී ?

    අක්කි කතාව පට්ට මොකද අනේ මේ වෙන්නේ. අක්කිනන් බාල්දි පෙරලන්න උපන් හපන් අනේ. පව් මාධි අක්කියෝ කුරුළුජෝඩුව ?????

  3. පට්ට පට පට.. මොකෝ අක්කි මේ කරන්නේ… දැන්නම් අඩලා අඩලා එපා වෙලා… මෙහෙන් අක්කි අඩවනවා අරහෙන් අයියා අපිව අඩවනවා… දැන් ඇති හොදටම ඇති.. දැන් මං හිනාවෙනවා… ???? මරු අක්කි කතාව.. ගිිට පැනලා යන්න බැ… ශේශ් නාගයාම පිබ පිබ එන්න ඕන.. ගිනිගේ අත්තටු තුවාල වෙලානේ… හෙටත් කතාව ගේන අක්කියෝ… පරෙස්සමින් ඉන්නෝ…
    ????

  4. නිරෝෂා ලක්මාලි

    මං නම් මොකුත්ම කියන්නේ නෑ. තොල් රතු යක්ෂනී ගිනීව හිර කරන් ශේශ්ව නටවන්න වගේ හදන්නේ. පව් ගිනී. හැමදේම විසඳෙන්න ළඟයිනේ. ගොඩක් ලස්සනයි.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  5. නයෝ මධූ

    මොකක්ද නංගියෝ මේ කරන්නේ? කොහොමත් ඒ ගෑනි විශ්වාස කරන්න පුළුවන්කමක් තිබ්බේ නෑ තමා. පව් අනේ ගිනී. ශේශ් පිස්සෙක් වෙලා ඇති දැන්.

    ඇයි නංගියෝ ආය කතා ලියන්නේ නෑ කියන්නේ? අපි වෙනුවෙන් හැමදාම ලියන්නකෝ…… පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.

  6. Sadamali nuwanthika

    අනේ ගිනි පවු අප්පා ….ශේශ් පිස්සුවෙන් වගේ ගිනි ව හොයනව…අනේ ඒ දෙන්නව ඉක්මනටම අයෙත් එකතු කරන්න මාදි අක්කියෝ…??

  7. උක්කූං පුතා(SuMi )

    අද කොටස් හරිම ලස්සනයි නංගි ඔයා ඉතින් සුපිරි වැඩිය කියලා මම දන්නවා නේ ඔයාට ජය තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ඔයාට

  8. අයියෝ…….. ඇයි අක්කි ඔයා… පව් අර ඇගිල්ල.. බයෙත් බෑ අක්කි ඔයා නපුරු විතරක් නෙමේ හරි කුරිරුයි අප්පා.. පණ පිටින් මිනිහෙක්කෙ ඇගිල්ලක් කපනවා ඊටම අමු අමුවේ.. ? බුදාම්මෝ…….. ඒම හිතුවෙවත් කෝමද අනේ… හෙට ඉදන් ලස්සන සීන් නේ තීන්නෙ.. මට හිතෙන්නෙ ටිෂූ ඕනිම නැති වේවි.. ?? මන් දන්නවනෙ අපෙ අක්කිව.. ෂුවර් ෂොට් ලොකුම බාල්දිය මේ අතලගටම ඇවිත් ඇවිත් වගේ… කතාව ලස්සනයි අක්කියෝ.. සුභ පතනවා අක්කියෝ ඔයාට.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!

  9. කතාව හරිම ලස්සනයි ??ලගදි තමා මන් මේ ඇප් එකට ආවෙ එක හුස්මට තිබ්බ කොටස් සේරම ආසවෙන් කියෙව්ව ?? මග බලන් ඉන්නෙ ඉතුරු කොටස් ටිකත් බලන්න …..සුභ පැතුම්..?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.