Katha Ahura

? සමනල පියාපත් ? 68 වෙනි පියාපත්

4.8/5 - (16 votes)

68 කොටස

බොද වෙලා තිබ්බ ඇස් මම ඇරියේ පුදුම අමාරුවකින්. මගේ ඔලුව පිටි අස්සෙන් තාමත් දැනුනෙ හිරි වැටිලා යන තරමෙ වේදනාවක්. මම අමාරුවෙන් ඇස් ඇරලා මගෙ වටේ ඉන්න අය දිහා බැලුවා.

” අයියේ …… ”

මල්ලි මගෙ දිහා බලාගෙන කතා කලේ සැකෙන් වගේ. ඒත් මං මුකුත්ම නොකියා හැමෝගෙම මූණු දිහා හොදට බලාගෙන හිටියා.

” රවීන් අයියේ … ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ නේද …….. ”

පවනි ඇහුවෙ මගෙ ඔලුවට අතක් තියලා. මං පවනිගෙ අත මගේ ඔලුවෙන් අයින් කලා. එයා මගෙ දිහා අමුතු විදිහට බලලා පැත්තකට උනා.

මම අත් දෙකෙන්ම කොණ්ඩෙත් අවුල් කරගෙන නැගිට්ටා. නැගිටලා එරමිණියා ගොතාගෙන ඇද උඩින් ඉදගත්තා.

ඊට පස්සෙ මං මාරුවෙන් මාරුවට හැමෝගෙම දිහා බැලුවා.

” ම්ම්ම්ම්හ්…. මගෙ ඔලුව විකාර වෙලා වගේ …….. ”

මං කිව්වෙ බිම බලාගෙන.

” අයියේ … උඹට අවුලක් නෑ නේද ..මං හිතුවෙ ඔලුව වැදිච්ච විදිහට ඉවරයි තමා කියලා ”

මල්ලි කිව්වෙ ඇදේ කොනකින් වාඩි වෙලා.

” අම්මපා උඹ එහෙම හිතුවද .. නොදකින් උඹේ කට ”

මං කිව්වෙ හිනා වෙවී.

” රවීන් අයියේ … ඔයාට අවුලක් නෑ නේද අයියේ …. රිදෙනවද ගොඩක් ”

පවනි මගෙ අතකින් අල්ලගෙන ඇහුවා. මං මගෙ අත එයාගෙ ළගින් ඇදලා ගත්තා. මං පවනියි මල්ලියි දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ හිනා වේගෙන.

” මහත්තයෝ ….. මුකුත් ප්‍රශ්නයක් නෑ නේද …. ”

වෙද මහත්තයා ඇහුවෙ මගෙ උරහිසට අතක් තියලා. මං හිනාවෙලා වෙද මහත්තයා දිහා බැලුවා.

” නෑ වෙද මහත්තයෝ .. මං හිතන්නෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ විසදුනා ”

මං එහෙම කිව්වම මල්ලියි පවනියි මගෙ දිහා බැලුවෙ බය වෙලාවගේ. වෙද මහත්තයා මගෙ දිහා බලලා හිනා වෙලා කාමරෙන් එළියට යන්න හැරුනා.

මම මල්ලි එක්කවත් පවනි එක්කවත් වචනයක්වත් කතා නොකර ඇදෙන් බැහැලා එළියට ගියා. මට ඕනෙ උනේ මගෙ අවුල් වෙලා තිබ්බ මනසෙ නූල් බෝලයක් වගේ පැටලිලා තිබ්බ සිදුවීම් හරි පිළිවෙලට ගලපගන්න.

මම අඹ ගහ යටට ගිහිල්ලා හොදට කල්පනා කරලා බැලුවා.මං ඇක්සිඩන්ට් වෙනවා මට හොදටම මතකයි. එතනින් එහාට මට තියෙන්නෙ විකාර මතකයන් ටිකක් විතරයි.

ඒ එක්කම මම කල්පනා කලේ මට එහෙන් මෙහෙන් මතකෙට එන ඒ මතකයන් මොනවද කියලා.

මං කොච්චර කාලයක් මගෙ මතකය නැතුව ඉන්න ඇද්ද … ඒ කාලෙ ඇතුලත මගෙ කෙල්ල ෂානිට මොනවා වෙලා ඇද්ද …. දැන් මං මොනවද කරන්නේ .. කොහෙන්ද කොහොමද පටන් ගන්නේ. මගෙ හිතට එක පාර ප්‍රශ්න ගොඩක් ආවා.

ඒ එක්කම මං දැක්කෙ මගෙ දිහාවට එන මල්ලිවයි පවනිවයි. උන් දෙන්නව දැක්කම මට යක්ශයා ආවේශ උනා.

” අයියේ ………. ”

” අයියේ …. මට උඹ ගැන ලැජ්ජයි බං ….. උඹ දන්නවා මං කාටද පිස්සුවෙන් වගේ ආදරේ කලේ කියලා … ඒත් උඹත් මාව රැවැට්ටුවා ……….. ”

මං කිව්වෙ පවනි දිහා ඔරවලා බලලා. පවනි මගෙ ඇස් මග ඇරලා බිම බලාගත්තා.

” අයියේ ….මං උඹට වැරැද්දක් කරන්න හිතුවෙ නෑ ”

” වැරැද්දක් කරන්න හිතුවෙ නෑ …? එහෙනම් මට මගේ මතකෙ අමතක වෙච්ච කාලෙම ෂානි ගැන කියන්න එපැයි .. කෝ උඹ මට කිව්වද ? ”

” අයියේ … අපි … අපි හිතුවේ ”

” ඔව් …. ඔව් උඹලා හිතුවෙ මගෙ කෙල්ල මැරිලා කියලනේ … ඒකනෙ උඹලා හිතුවේ …. මට මාවම නැති කලා උඹලා ”

මං ඔලුවත් අල්ලගෙන අඹ ගහ යට බංකුවෙන් වාඩි උනා.

මගෙ ඔලුවෙන් දරාගන්න බැරි තරන් වේදනාවක් දැනුනේ.

” මගෙ.. මගෙ ෆෝන් එක හැංගුවා.. මට මතකෙ ආවෙ නැත්තන් මෙයාව මට බන්දලත් දෙනවා ….. ”

හිතට ආව ආවේගෙට මම කියාගෙන කියාගෙන ගියා. පවනි මුකුත් නොදන්න ගානට ඔලුව බිමට නවාගෙන ඉන්නවා දැක්කම මට තවත් තරහා ගියා.

මතකෙ එන්න කලින් වෙද ගෙදර ගත කරපු දවස් ගැන මතකය ගන්න මම සෑහෙන්න ට්‍රයි කලා.

” අයියේ ෂානි ……… ”

” කටවහන් ඉදපන් .. උඹලා මගෙ කෙල්ලගෙ නමවත් කියන්න නරකයි ”

මං සැර උනේ මල්ලිට. ඌ එහෙම්ම කට පියාගත්තා.

” රවීන් අයියේ ඉන්දු …. ”

පවනිත් මොනවද කියන්න ලෑස්ති උනා.

” තමුසෙත් කටපියාගෙන ඉන්නවා ”

මං එයාටත් සැර උනා.

මුකුත් දන්නැති බබා වගේ දැන් හුරතල් වෙන්න එනවා එයත්.

මං ඔලුව පල්ලෙහාට හරවගෙන ටිකක් වෙලා කල්පනා කලා. මගෙ ඔලුව කැරකෙනවා වගේ . මට ෂානිව මැවිලා පෙනුනා. ඒත් වෙනදට වඩා වෙනස් විදිහට . මම නිකන් ප්‍රෙහෙලිකාවක් පුරවනවා වගේ මට සැරින් සැරේට පේන එක එක රූප ගලපන්න උත්සාහා කලා.

ට්‍රයි කරලා කරලා මම බංකුවෙන් නැගිට්ටෙ පුදුම කලබලේකින්.

” කොහෙද එයා ඉන්නේ ………. ”

මං ගේ දිහාවට දිව්වෙ පිස්සුවෙන් වගේ.

___________________________________

පාර අයිනෙ බෝඩ් වල ගහලා තියෙන නම් හැම එකක්ම මං හුගක් පරිස්සමින් කියෙව්වා.පේරාදෙණියට යනකන් මට ඉවසිල්ලක් තිබ්බෙ නෑ. ෂානියි ඉන්දුයි කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියලා මගේ සිහියට එන්න මට ගොඩක් වෙලා ගියේ නෑ. හැම සිදුවීමක්ම මගෙ ඇස් ඉස්සරහා ෆිල්ම් එකක් පෙන්නනවා වගේ මැවිලා පෙනුනා.

” අයියේ … ටිකක් හෙමින් යමන් ”

මල්ලි කිව්වෙ එහා සීට් එකේ ඉදගෙන.පිටි පස්ස සීට් එකේ පවනි හිටියට මුකුත්ම කිව්වෙ නෑ එයා.

” වෙද මහත්තයා කිව්වට අපි කොහොමද අයියේ දන්නෙ .. එයාලා ඉන්නෙ පේරාදෙණියෙමයි කියලා ”

මල්ලි ආයෙමත් කිව්වා.

” හෝඩුවාවක් නැතිම තැන තියෙන තොරතුරු පස්සෙන් හරි හොයාගෙන යන්න ඕනේ ”

” එයාව ගෙදර අය ඇවිත් එක්කන් ගිහින් නම් … අපි මෙහේ හොයලා වැඩක් නෑනෙ …”

” මං හිතන්නෙ නෑ බං .. ඒ ආවෙ ගෙදර අයයි කියලා …. ”

මං කිව්වෙ වාහනේ වේගෙ තව ටිකක් වැඩි කරන ගමන්.

” අනේ අයියේ … අපි හෙමින් යමුකෝ ”

වේගෙ එන්න එන්නම වැඩි වෙද්දි තමයි පවනිගෙ කට ඇරුනේ.

” ඇයි මොකද බයද ”

” නෑ අයියේ .. ඔයා කලින් පාරත් ඇක්සිඩන්ට් උනේ පරිස්සමක් නැතුව ගිහිල්ලනේ ”

පවනි කිව්වා.

” දැන්ද තමුසෙ මං ගැන හිතන්නේ .. ඇයි ඕක කලින් කරන්න බැරි උනේ. ඇයි මට එයා ගැන නොකිව්වෙ කලින් … ”

මං අහද්දි පවනි බිම බලාගන්නවා මම ඉස්සරහා කණ්නාඩියෙන් දැක්කා. එතනින් එහාට මම පවනිගෙන් මුකුත්ම අහන්න ගියේ නෑ. මේ වෙලවෙ එයා ඉන්නෙත් සෑහෙන්න අවුලෙන් කියලා මට තේරුනා.

” අයියේ .. අපි මේ යන්නෙ තේරුමක් නැති ගමනක් …. පේරාදෙණියෙ ගෙයක් ගෙයක් ගානෙ යන්නද අපි …….. ”

” උඹට බැරි නම් ඉදපන් … මං යනවා ”

මං කිව්වෙ කේන්තියෙන් .

පේරාදෙණිය ටවුන් එකට එනකොට හොදටම හවස් වෙලා තිබ්බේ. ඒ ආවත් කොහෙන් කියලා හොයන්නද .. කොහොම පටන් ගන්නද …
මං කාර් එකෙන් එළියට බැස්සා. ටවුන් එකේ එහාට මෙහාට ඇවිදලා මං හෙම්බත් උනා.

ඇස් පනාපිටම තේරුනත් මේ කරන්නෙ තේරුමක් නැති වැඩක් කියලා මගෙ හිත මට කිව්වෙම පිස්සෙක් වගේ ඇවිදපන් කියලා .

එහාට මෙහාට ඇවිදලා මටම හති වැටුනට පස්සෙ මම ශොප් එකක ඉස්සරහා පඩියක් උඩින් ඉදගත්තා.

මගෙ ළගට දුවගෙන ආවෙ මල්ලි.

” අයියේ ….. මෙන්ටලි වැටෙන්න එපා.. දැන් අපි දන්නවනෙ එයාට මොනවත්ම වෙලා නෑ කියලා ……… ”

මල්ලි කිව්වෙ මගෙ උරහිසට අතක් තියලා. ඒ කොහොම කිව්වත් මගෙ පන මගෙ ළග නැතුව මං කොහොමද හිත සනසවගන්නේ.

ඇස් දෙක ළගටම ඇවිල්ලත් මට මග ඇරුන හැටි. දෙයියනේ එයාව අරගෙන ගියේ කවුද කියලවත් බලාගන්න මට බැරි උනා.

ඉන්දු ෂානි චරිත දෙකෙන්ම එකම කෙල්ල මගෙ ලෝකෙම ලස්සන කලා. ෂානි මට පන නෑර ආදරේ කල කාලෙ මං මගෙ කෙල්ලව හැබැහින් දැකලා තිබ්බෙ නෑ.

ඒත් එයා ඒ ඉන්නෙ මං කියලවත් නොදැන මම ඒ ඉන්නෙ එයා කියලවත් නොදැන කොයිතරම් නම් හදවත් වලින් බැදුනද ? ඒ ආදරේ ඒ ගත කරපු දවස් මට ආයෙ ආයෙමත් මතක් වෙන්න පටන් ගත්තා.

” මල්ලි …….. ජීවිතේ කියන්නෙ මේකටද බං … ළං වෙලා ආයෙමත් ඈත් වෙනවා … මේක ජීවිතේද බං ……..”

මං මල්ලිගෙන් අහද්දි ඌ මගෙ ළගින් වාඩි උනා.

” අයියේ … මේ හැමදේටම හේතුව ආත්මාර්ථකාමීකම ……. ”

” ඇයි උඹ එහෙම කියන්නේ ”

” එකම හදවතකට දෙන්නෙක් ආදරේ කලොත් ඒ දෙන්නටම ඕනෙ වෙන්නෙ කොහොම හරි ඒ ආදරේ තමන්ගෙ කරගන්න…කවුරුත් ආස නෑ ඒ ආදරේ තව කෙනෙක්ට දෙන්න … මේ ලෝකෙ දේව්දාස්ලා ඉන්නෙ ෆිල්ම් වල අයියේ ”

මල්ලි කියද්දි මං කල්පනා කලා . මට මතක් උනේ ඉන්දු එහෙම නැත්තන් මගෙ ෂානි මට කිව්ව දේවල්. අයිති කරගැනීම නෙවෙයි ආදරේ කියන්නේ. එයා නිතරම කිව්වෙ ඒක.

” මල්ලි .. මට මේක තාම විශ්වාස කරන්න බෑ … මට හැමදේම අමතක වෙලා තියෙන කාලෙ අහම්බෙන් මගෙ කෙල්ලව හම්බ වෙනවා….එතකොට එයාටත් මුකුත්ම මතක නෑ … මට එහෙම උනේ ඇක්සිඩන්ට් වෙලානෙ ….එතකොට ෂානිට එහෙම උනේ කොහොමද ? ”

” මමත් ඕක සෑහෙන්න කල්පනා කලා අයියේ ….ඒත් අපි නොදන්න කොයිතරම් දේවල් වෙලා තියෙනවද කියලා දන්නෙ ඒ කෙල්ල විතරයි. ඒවත් අපිට දැනගන්න පුලුවන් එයාගෙත් පරණ මතකෙ ආවට පස්සෙ විතරයි. …. ”

” චතුර …….. ඌ තමයි මේ සේරම කරන්න ඇත්තේ …… මල්ලි … මේ පාරත් ඌ ඉස්සර වෙලානම් ”

මම එහෙම අහලා මල්ලි දිහා බැලුවා.

” එහෙම වෙන්නෙපා කියලා අපි ප්‍රාර්තනා කරමු …. ”

මල්ලි කිව්වා .

ගිනි බොලයක් වගේ දවල් දවසෙ ඉදන් පිච්චි පිච්චි හිටිය ඉර බටහිර අහසෙන් බැහැගෙන යන්න හදනවා. මගේ හදවතත් ඒ ඉර තරමටම පිච්චෙනවා. දම් පාට කහ පාට රතු පාට තැඹිලි පාට වයිරම් වැටුන අහස කොච්චර ලස්සනද …

මේ එකම අහසක් යට අපි දෙන්නා තැන් දෙකකට වෙලා ඔහේ හූල්ලනවා ඇති . එදා වගේ අදත් ඔයා මගේ ඇස් මානෙ හිටියනම් . දෙයියනේ .. ඒ රෝස පාට තොල් මගේමයි නේද කියලා නොදැන මං ඒවට කොච්චර වශී උනාද … ඒ හිනාව .. ඒ දිගැටි ඇස් .. මාව කොයිතරන් නම් පිස්සු වැට්ටුවද ….

ඒදණ්ඩ දිගේ මම එයාව උස්සන් ගිය හැටි .. කාටත් හොරෙන් එයාව ඉම්බ හැටි .. එයාගෙ ඇස් ළගදි මට මේ මුලු ලෝකෙම අමතක උන හැටි මම මතක් කලේ පුදුම ලෝභ කමකින්.

රුදු වදන් කටු ඇනී ඉහිරුනු
සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අමුනා
නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙම
නොතෙමා යටි හිත
පිණි බිදක් වෙලා තිබුණත්
ඇති ආදර පවසට

මේ ඉරයි හඳයි එක අහසක
පායන දවසක
එක මොහොතක් මගේ වෙලා
උයනක වෙරලක
එදා වගේ හමුවන්නට
සුන්දර හවසක
හීන මවනවද හිරවී
හිමි නැති පපුවක …………

ඒ ළගම තිබ්බ ලොතරයි කූඩුවකින් ඇහුනේ මගෙ හදවතම හිරිවැටිලා යන සිංදුවක්.
ආයෙමත් මට එයාව කවදා දකින්න ලැබෙයිද …….. මං ඇහුවෙ මගෙ හිතෙන්මයි .

” අයියේ ……. අර .. අර බලපන් …. ”

මල්ලි මගේ පිටට තට්ටු කරලා පෙන්නන දිහාව මමත් බැලුවා.

අපිට ඉස්සරහින් තිබ්බ ශොප් එකේ දොර ඇරලා තිබ්බේ. ඒ ශොප් එකෙන් එළියට ආවෙ හුරුපුරුදු රෝද පුටුවක්.

” මගෙ මැණික ……….. ”

මං ඉදගෙන හිටිය තැනින් නැගිට්ටෙ හීනෙකින් ඇහැරුනා වගේ. මං ඉවක් බවක් නැතුව එයා ළගට දුවගෙන ගියා.

” ෂානි ………. ”

මං රෝද පුටුව ඉස්සරහා දන ගහගෙන කතා කරද්දි ෂානි මගෙ දිහා බැලුවෙ පුදුමෙන් වගේ.

මං හිතුවෙ එයාගෙ මූණ ලස්සන හිනාවකින් පිරෙයි කියලා … ඒත් එයා මගෙ දිහා බලාගෙන හිටියේ කේන්තියෙන් .

” මැණික ……… කතා කරන්නකෝ ”

මං ඒ දිගැටි ඇස් වලට එබිලා බැලුවේ හරි ආදරෙන්.

ඒත් එයා මගෙ දිහා බලාගෙන හිටියෙ කේන්තියෙන් .

ඊළග තප්පර ගාන ඇතුලත එයාගෙ අත වේගෙන් ඇවිත් නතර උනේ මගේ කම්මුලක.

” චටා……..ස් ”

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
මොකද්ද ඒ උනේ …. ඇත්තටම ඒ ඉන්නෙ අපේ ෂානිමද … එහෙම නැත්තන් වෙන කෙනෙක්ට රවීන් ෂානි කියලා රැවටිලාද …….එතකොට ඉන්දු විදිහට ඉදලා තියෙන්නෙත් අපේ ෂානිමයි නේද ? ඔන්න එහෙනම් ප්‍රදාන චරිතෙ ආයෙමත් ආවා… ඒත් … මොකක් හරි වැරැද්දක් තියෙනවා නේද කොහේ හරි තැනක. ඔව්.. අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා ?❤❤❤???

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ⭐⭐⭐⭐⭐click කරන්න

මම ඩී.සුමිත්

359 thoughts on “? සමනල පියාපත් ? 68 වෙනි පියාපත්”

    1. සෙව්මි

      ? නුරා පෙම් දෑසේ
      ? මැවූ ඉගි සේනා
      ? සදාකල් සසරේ
      ? විදගන්න ඕනා
      ? ආයෙත් පායා ඇවිදින්
      ? පෙම් වසන්තේ සිසාරා
      ? හීනෙන් වුවද එන්නම්
      ? නුඹ සොයාලා…..

      තවත් ලස්සන සින්දුවක් … ???

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      අම්මෝ අම්මා ගෙදර නැති හින්දා ඉක්මනට කතාව බලලා යන්න ආවෙ.. කතාව ගැන නම් හිතා ගන්න බෑ අයියේ

      ලොකු අයියේ කොහොමද ඔයාට.. බේත් බොනවා නේද වෙලාවට.. පරිස්සමෙන් ඉන්න.. දග පවුලෙ අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි .. ආදරේයි ????????

      1. සෙසඳි

        සුභ පැතුම් සෙව් මැණික … අම්බෝ අම්මත් ගෙදර නැති වෙන්නේ හරිම වෙලාවට නෙද? මං හිතන්නෙ අම්මත් මේකිට සපෝර්ට්ද කොහෙද 1 වෙන්න… ??

      2. උක්කූං පුතා(SuMi )

        සෙව්මි නංගියෝ කොහොමද ඉතින් ඔයාට දැන් නං මට ටිකක් හොඳයි ඒ සිංදුවට නම් මමත් හරි ආසයි …හෙට ඉඳලා වැඩිය එන්න හොඳ නෑ මොකද අනිවාර්යෙන්ම හෙට මගෙ දඟ සෙට් එක මට වෙඩි තියෙනවා මාත් එක්ක වලියට එනවා අනිවාර්යෙන්ම..ඒක නිසා වැඩිය එන්න ඕන නෑ මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි මගේ නංගී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න පාඩම් වැඩම කරන්න තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්

      3. අයියෝ මන්නම් මේක අහලත් නෑ අනේ ඇප් එකෙන් තමයි ගොඩාක් සින්දු ඇඇහුවේ මම.

      1. සෙව්මි

        මගේ අක්කිලා නංගිලා හැමෝටම ටැංකු .. ආ… ලොක්කයියේ ටැංකු ඈ…..?????????????????????????????????????????????

    1. ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා… දැන්නම් මාරම හැපි ඉන්දු කියන්නේ ෂානිමයි නේ…
      ??????????
      පවන්සලා බොට හොද වැඩේ ????ටිකක් හිතන්න තිබ්බා රවීන් අයියාට මතකේ ආවාම මොනවා වෙයිද කිලා… දැන් හරිනේ… දැන් සතුටුයි නේ… මොලේ නැති එලදෙන, ගොන් ගහ…??

      මල්ලිට බනින්න එපා අයියා මචෝ… ඌට ගෙදරින් බලපෑම් තිබ්බලු… මරණ තර්ජන පවා එල්ල වුනාලු… ඇත්ත කිවොත් මරණවා කිලා..??? පව් පොඩි එකා… ඌ කැමැත්තෙන් නෙවෙයි ඇත්ත නොකියා ඉදියේ… අපි දැක්කනේ… වගකීමෙන් මං මේ කියන්නේ… මල්ලි නෙවේ වැරදි ඔය පවන්සලා.. ඕකිට බනින්න පලු යන්න…?? ඔහොම බැනලා මදි තව බනින්න සුදු අයියේ.. ??

      රවීන් අයියා කිවා වගේ මේ පාරත් චතුරයා ඉස්සර වුනාවත් ද…?? මොකද ෂානිට වුනේ… ඇයි එයා රවීන් අයියාට ගහන්නේ… ???එයා නෙවේද දන්නැ… රවීන් අයියාට මැවිලා පේනවා වෙන් බැනේ… මල්ලිනේ එයාව පෙන්නන්නේ… ම්… අනේ මන්දා… හෙට අනිද්දාම මං යනවා අංගොඩ ගිහින් නතර වෙනවා එහෙ….?? නිව්ස් වල හෙඩ් ලයින් එකක් යයි “කතා අහුර ඇප් එකේ ඇති කතාවක් නිසා තරුණියකගේ මානසික තත්ත්වය පහල බසී” කියලා… ??

      අයියා හදන්නේ චතුරයාව ඉක්මනටම කතාවට ගේන්න නේද… ඊට කලින් අපේ හාල් ගැරඬි අයියව ගෙනත් පවනිට මුණ ගස්වන්න අනේ… දෙන්නට ප්‍රේමෙන් වෙලෙන්න…?? හාල් ගැරඬියා ?? හා කූඩැල්ලි ?? ගැලපෙනවනේ… ?

      ඇති නේද අයියේ දැන්… කතාව නම් මරු… ??

      දැන් කොහොම ද අයියේ ඔයාට… දැන් ඔළුවේ අමාරුව හොදයිද.. බෙහෙත් බිවද… අපි දන්නවා ඔයාගේ එකම සතුට දිගගගග කමෙන්ට් කියලා… ඔයාට ඒ සතුට දෙන්න උපරිම උත්සහ කරනවා අයියේ… ඉක්මනටම සනීප වෙන්න අයියේ… ඔයාට අදත් අමාරු නම් රිප්ලයි එපා හොදේ… පොදු රිප්ලයි එකක්වත් එපා… මහන්සි නොවි ඉන්න ඕනි ඔයා… ඉක්මනටම සනීප වෙලා එන්න අයියේ… පරෙස්සමින් ඉන්න..
      දළදා සමිදු පිහිටයි..

      ???❤️❤️❤️???
      පියාඹලා ගියා ඔයා
      මා මෙහේ තනිකරලා
      මතක් වුනත් අතීතය මට
      එන්න බැනේ සොයලා…

      කියලා යන්න තිබ්බා ඔබට
      යන්නේ කොහෙද කියලා
      සොයලා එනවා හනික ඔයා
      එහෙනම් මං පියඹා…

      ඔබත් ඇයත් දෙදෙනෙක් නොව
      එක් කෙනෙකුයි කියලා
      හිතුනේ ටිකක් පහු වෙලානේ
      සමාව දෙනු ඉවසා…

      මතකේ නොමැති සමයේ අපි
      එකට හිටියේ වෙලිලා
      සසර පුරුදු වෙන්න ඇති
      මගේ රන් කද ෂානි…
      ???❤️❤️❤️???

          1. තැන්ක්ස් අයේෂා අක්කියෝ ❤️❤️❤️
            කෝද අනේ හිටියේ.. මං ඊයේ ඔයා ගැන අහලා කමෙන්ට් එකකුත් දැම්මා… මොකෝ ආවේ නැත්තේ…. ??

        1. සෙසඳි

          ලස්සනයි දුලා…. මේ මාත් එනවා බන් උඹත් එක්ක අංගොඩ යන්න… ??

          1. යමු යමු අක්කි හැමෝම යමු ගිහින් එහෙත් පිස්සු නටලා එමු…???

        1. ? මහිංසා ?

          දුලා පැටියො කෝමද ඉතින්…… හරි ලස්සනයි මැණික…..??????????????????

          1. තැන්ක්ස් අක්කියෝ… කෝද අක්කි හිටියේ මේ දවස් ටිකේ…
            ???

          2. ? මහිංසා ?

            මේ ටිකේ චුට්ටක් බිසි වුණා සුද්දි…. අදත් ඉතින් වැඩ ගොඩයි… ඒත් ඉතිං ඔයාලා බලලා යන්න

      1. අනේ හලි ලස්සනයි අනා….මෙ චතුරයා ගෙනෙයි ලොකු…කතාවට මුලින්ම..මොකද දුශ්ටයා කැමති දුශ්ටයින්ටනේ……?

        1. තැන්ක්ස් දිව් අක්කියෝ ❤️❤️❤️ ඒකනේ නේද.. ලොකු නේ ඉතින් අපේ…
          ??

      2. උක්කූං පුතා(SuMi )

        දුලා නංගියාකොහොමද ඉතිං ඔයාට දැන් සනීපයි නේද ඉතින් ඊයේ පෙරේදා වැඩිය කොමෙන්ටුවට රිප්ලයි කරන්න බැරි උනාට සමාවෙන්න ඕනේ චුට්ටක් අසනීපෙන් ඉන්න ඒකයි…අද ඉදල අනිවාර්යෙන්ම දානවා පෝන් එක දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න බෑ ඒකයි මේ ඔක්කොටම අවුලක්

        කෙල්ලේ වැඩිය උඩ පනින්න එපා හෙට ඉඳලා වෙනත් බාල්දි එකක් වැටෙන්නේ හිතාගන්නවත් බෑ මොකද වෙන්නේ කියලා…ඊට වැඩිය මේ පැත්තේ එන්න ඕනෑ අනිවාර්යෙන්ම මම බැනුම් අහනව එක ෂුවර් හෙට ඉඳලා දඟ සෙට් එකේ ලේ කෝප වෙනවා

        මේ හැම දේකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි යා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

        සසරෙ පුරුදු සිතට ඇවිත්
        නුඹේ ළගින් වෙලිලා
        උන්න කාලෙ මතක් වෙනවා
        අදටත් හිත ගැහිලා

        දන්නවාද මහත්තයෝ
        මම කවුදෝ කියලා
        නොදැන නනුත් පෙම් කලානෙ
        සත්තයි අපි සැමදා

        දුරක යන්න ඉගිල්ලිලා
        නොසිතූ ලෙස පියඹා
        තනිකර නුඹ නුඹේ ලොවේ
        පියවි සිහිය පතලා

        ඉන්න ළගින් මටත් සිතුනි
        මගෙ රන්කද හැමදා
        එනමුදු නුඹෙ සතුට පතා
        වහන් වෙන්නෙ සිතලා

        – ඉන්දු –

        1. මට නම් දැන් අවුලක් නැ අයියේ… අයියට තවත් හොද නැත්නම් රිප්ලයි ඕනි නැ… සමාව ඉල්ලන්නේ මොකටද අලේ… ??
          හෙට ඉදන් එන්නම ඕන… හෙට මං වේවැලකුත් අරන් එන්නේ.. ?? පන්න පන්න නෙලන්න…
          වැරැද්දට බැන්නත් සිතකින් නොවේ… ??
          පරෙස්සමින් ඉන්නෝ බෙහෙත් බිලා එහෙම…
          දළදා සමිදු පිහිටයි හොදේ…???

      1. නිෂා සශී ?

        මගෙ සඳ අක්කියෝ කොයි අනේ ගිහින් හිටියේ??? සනීපෙන් ඉන්නවා නෙද අක්කි කොටේ ????????????

    1. සදී අක්කි අනේ ඔයා ඇවිල්ලා මට ගොඩාාාරියක් සතුටුයි අක්කියෝ… මොකද අක්කි ආවේ නැත්තේ… ඔයා හොදින් නේද..
      ❤️❤️❤️❤️

      1. ? මහිංසා ?

        මගේ සඳ කෝමද ඉතිං… ඔයා අසනීප වෙලා හිටියද…. පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න මැණික…. බුදු සරණයි ඔයාට…??????????????????

      1. සෙසඳි

        සමාවෙන්න මගේ දඟ පවුලෙ හැමෝම…. මං හොදින් නම් ඉන්නවා… ඒත් මේ ඇප් එකට එන්න පුලුවන් ඩේටා තිබ්බොත් විතරනේ අනේ… ඉතිං ඩේටා රාජයා කොහෙද ගිහිල්ලා බං… ඒ නිසයි ආවෙ නැත්තේ… සමහර අයට නම් ඉතිං මං දැනුම් දුන්නා… කොහෙද ඉතිං අනිත් අයට කියලා නෑනේ… ???? වැඩෙ කියන්නෙ යකූ… දන්න අයත් මාව හොයලනෙ කෝ කියලා.. ?????

        1. උක්කූං පුතා(SuMi )

          අම්මෝ මගේ මැණික ඇවිල්ලා.. සතුටින් සනීපෙන් ඉන්නවා නේද… ඔයා data rajayata කියන්නකො ඉක්මනටම එන්න කියලා.. දිග කමෙන්ට් එකක් නැති වුණත් මට හරි දුකයි කියලා දන්නේ නැද්ද ඩේට රාජ්‍යයා… හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

          1. සෙසඳි

            ඔයාට බැරිද අනේ ඩේටා රාජයට කියන්න… නම්බරෙ දෙන්නම් එයාගෙ…??

        2. සෙසඳි

          ලොකු අයියේ… අපි මේ බලන් ඉඳලා ඉඳලා එනවා ඉක්මණට කතාව කියවල කමෙන්ට් 1 දාන්න… ඒ ගැන හිතලවත් පොඩි සතුටක් දෙන්න… අනේ මංදා ඔයත් අනේ…???????? සතුට දෙනවා කන් හැන්දෙන් එකක් ඊට පස්සෙ දුක බෙදනවා පොල් කටු හැදි හතර පහකින්….?????????? අනේ මංදා ඔයා නම් මහ අමුතු කෙනෙක් අනේ… ඇයි යකූ… ???
          මේ ඔහොම මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා අනේ… පව් නැද්ද ඒ මිනිස්සු… එක වෙලාවකට රවීන් කොල්ලව අල්ලගන්නවා .. නැත්තං ශානි කෙල්ලට දුකක් දෙනවා… එහෙමත් නැත්තං අර අහිංසක හාල් ගැරඬි පැටියව අල්ලගන්නවා… ???????? මොකද්ද අනේ මේ… අම්මා පල්ලා ඒ සෙට් එකට හිතෙනවා ඇති මොකට මේ උක්කුං පුතාගෙ කතාවෙ ප්‍රධාන් චරිත උනාද කියලා… අම්මපා පුලුවන් උනා නම් සෙට් එකම රෙසිග්නේෂන් ලෙටර්ස් දීලා යනවා ඔයාට… ??????

          රවීන් කොල්ලව හොඳ වෙලාවට නේද වැටුනේ… නැත්තං ඉතිං කවදා ගන්නද ඔය මතකෙ..???
          අර පවනි ගැන නම් මට දුකේ බෑ අනේ… ?????? පව් නේද ලොකූ …. ?? ඔයා ඉතිං බලං හිටියෙ එයාව වයිපරේ කරගන්නනේ… ඔයා නම් මහා වල් නේද ලොකූ… පවනිව වයිපරේ කරගන්න… ඉන්දුව කිස් කරන්න… ශානිට ලව් කරන්න…???????????? යකූ මං ඔය කතාවෙ හිටියා නම් දණ ගස්සවලා ටොකු අනින්නෙ අපේ කෙල්ලො ටික දාලා… ඕ යෑස්… ?????

          පොඩී පරහක් නම් තියෙනෝ… කවුද අනේ ඉන්දුව එක්කන් ආවේ ?????? ඒත් ඇයි ඒකි ශානි නම් රවීන් කොල්ලට චටාස් ගාලා කම්මුල් පාරක් ගැහුවෙ…??? ????? දැවෙන ප්‍රශ්න ලොකූ මේවා… ඔයා අපේ මතකෙ නැති කරයි වගේ මේවා ගැන කියලා..??????

          මේ ශානිට කවුරු හරි රවීන් ගැන වැරදියට මුකුත් කියලද… එහෙමත් නැත්තං ශානිටත් මතකෙ ඇවිත් රවීන් ඉන්දුව ලං කරගත්තා කියලා මතක් උන නිසාද… ???? අයියෝ දැන් හෙට වෙනකම් ඉන්න එපැයි කම්මුල් පාරට හේතුව දැනගන්න… ඔයාට කම්මුල් පාරක් දෙන්න හිතෙනෝ අපිව මෙහෙම අමාරුවෙ දානවට… ????? ( විහිලුවක් කරේ… )

          ඒක නෙමේ කෝ අනේ… හාල් ගැරඬියා … මං මේ බලන් ඉන්නෙම එයා එනකම් අනේ… ????? දෑසත් සිදෙනෝ …. මේ අර චතුරත් මිසින්ග් වෙලානේ අනේ… කෝ ඒ දුෂ්ඨ රජා… ??????? ඔයා දුෂ්ටයට මුකුත් කරන්නෙ නෑ… දෙන ඔක්කොම වද කරදර කරන්නෙ වීරයගෙ චරිතෙටම තමයි…. මැටි අලයා…

          පරිස්සමෙන් ඉන්න ලොකූ… වෙලාවට කාලා බේයි ටික බොන්න …. අත සිදෙද්දි රිප්ලයි කමෙන්ට් දාලා බැනුම් අහගන්න එපා මගෙන්. …. බුදුසරණයි ලොකූ… ඔයා හොඳින් ඉන්නයි අපිට ඕනේ…

          දඟ පවුලෙ හැමෝමත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ආදරෙයි ගොඩාක් හැමෝටම ?????????????????????

          1. සෙසඳි

            ආත්මයක් ආත්මයක් පාසා..
            සිතේ සැරිසැරුව ආදරේ
            මගේමයි නේද…
            කියන්න මැණික…
            බලන් හිටියෙ නුඹ එනකම්
            නුඹ දකිනකම්…
            ඒත් කොහොමද මැණික
            අපිට අපි මඟ ඇරුනෙ
            මේතරම් ළඟින් ඉඳලත්…
            කොහොමද වස්තුවේ
            සිත විතරක් අඳුනගත්තේ…
            රූපෙටත් අමතක වෙද්දි ..
            මුලු හිතේම හිටියේ
            අපි විතරමක් නිසාද අපේ…
            නැත්තං …
            සංසාරගත ආදරයක්මද මේ..
            කියලා දෙන්නකො මැණික ..
            ඒත් ඇයි රත්තරං ..
            ආයෙත් අපිට අපි මඟ ඇරුනෙ
            කරපු අකුසලයක්ද
            සසරෙ කොතැනකදි හරි වුණු..
            අපිත් නොදැනිම
            අපිට පඬිසන් දෙනවද මැණික
            තේරෙන්නෙ නෑ රත්තරං
            දරාගන්න…
            සත්තමයි මං යනවා
            මේ හැම බැඳීමක්ම අත හැරලා..
            ඔයාව මට අහිමි වෙන දවසක
            ඔබටත් නොකියම…
            ඒත් එන ආත්මෙදි වත්
            මගේ වෙන්න.. මගේම වෙන්න..
            මඟදි අතනොහැරෙන්න
            අල්ලගන්න මාව.. එදාට
            පොරොන්දු වෙන්න දැන්ම…

            – ශානි –

          2. මඟ බලාගෙන හිටපු කමෙන්ට් එක දැක්කාම තින සතුට…?? පවනිට රිදෙද්දිවත් මෙච්චර සතුටු වුන් නැද්ද කොහෙද..
            අක්කි කොහෙන්ද අනේ මේ වචන… මරු කමෙන්ට් එක…
            නිසදැස සුපිරි අක්කියෝ ❤️❤️❤️

          3. සෙසඳි

            තැන්කූ මැණික … මං දන්නෙත් නෑ මැණික …. මට හිතට එන ඔක්කොම කියෝනවා…. ???

          4. උක්කූං පුතා(SuMi )

            හෙට ඉඳලා කොහොමත් ආයෙ සතුටක් වෙන්නේ නෑ කතාවේ.. ඒක නිසා මම එන්නෙ නෑ වැඩිය මේ පැත්තේ.. මොකෝ බැනුම් අහන්න නඩු දාගන්න මට බැහැ.. ඇත්තටම හරි සතුටුයි දිග කමෙන්ට් දකිද්දී..ලොකු රිප්ලයි එකක් නැති උනත් දාපු කොමෙන්ට් එකට වටිනාකමක් එන් රිප්ලයි එකක් මම දාන්නම් හරිද..මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි mage nangiyawa ඔයා හොදින් නේද දැන් වෙලාවට බේත් බොන්න ඕනේ හරිද තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයාට මගේ නංගී

            රූපයත් අමතක වෙද්දි
            මතකයත් අපෙන් ගිලිහෙද්දි
            රත්තරනේ මේ තරම් අපි
            ළං උනේ
            සංසාරගත බැදීමක්
            නිසාම තමයි ,,,,,
            මට උඹව හුරු පුරුදු විදිහට
            දැනෙද්දී
            මගේ ඇස් අස්සේ ඔයාගෙ ඇස්
            දගකාරකම් කරද්දී
            රත්තරනේ මට දැනුනේ
            උඹ මගේ ජීවිතේම කියලා ,,,
            මගෙ පුංචි සුරංගනාවි
            යන්න දෙන්න උඹට
            මගෙන් මිදිලා
            කොහොමද මම ඉන්නෙ මේ ලෝකෙ
            මට තනියි ,, මට බයයි ,, මට පලුයි
            ඔව් ඒ උඹ හින්දා
            පපුවෙ එක පැත්තක් හිස් වෙලා
            හිරිවැටිලා
            රත්තරනේ දැනෙන්නෙ නැද්ද උඹට
            මම තනිවෙලා
            උඹේ සුදු මහත්තයා තනි වෙලා ,,,
            ඉරණම කියලා ඈත් වෙන්න බෑ පන
            මං එනවා ඔයා ළගට ,,
            ඔයාව මගේම කරගන්න
            මං ඕනෙම දෙයක් කරනවා මැණික

            – රවීන් –

          5. සදී අක්කියෝ අයියේ දෙන්නගෙම නිසදැස පට්ට සුපිරි හොදේ…????

          1. ? මහිංසා ?

            මගේ සඳ, ලොකු හරි ලස්සනයි…..????????????????

  1. Dushi pathiraja

    ඔන්න මගේ අයියේ ඔයා කිව්ව නිසා මාත් ආවා.. මම කතා අප්ඩේට් කරා ඉක්මනටම දාවි නේද… අද තමයි ඔයාගේ දඟ සෙට් එකේ කොමෙන්ට් බැලුවෙ හිනා ගිහිල්ලා මැරෙනවා අයියේ… එයාලා හරි ෂෝක් නේද… තෙරුවන් සරණයි මගේ අයියා

    1. නිෂා සශී ?

      කාද මේ දුෂියා අලුත් බුලට් එකක්ද???
      මේ පාතාල සෙට් එකේ දැකල නැති මූණක්. තරහ නැතුව පොඩි හැඳින්වීමක් නරන්නකෝ…???

    2. යාස් යාස්… අලුත් බුලට් එකක් දැයි කියලා කියලා එවන්න.. කියලා නෙවේ… ටයිප් කොලලා එවන්න…
      සාදරයෙන් පිළිගනු ලැබේ…
      ආයුබෝවන්… හැන්ඩ් ශේක් කරන්න බැ.. කොරෝනානේ…
      ???

      1. උක්කූං පුතා(SuMi )

        මේ මගෙ පුංචිගෙ දුව ඒ කියන්නේ මගේ නංගි.. ඔයාලා වෙනුවෙන් එයා ලියන කතා දාන්න ඇවිල්ල තියෙන්නේ. දැන් ඉතින් පරිස්සමෙන් ඉන්න වෙනවා මට ????????

      2. උක්කූං පුතා(SuMi )

        දුලා නංගියා හැන්ඩි ශේක් ????? ලෙඩ කොහේ ගියාද මන්දා ???????

        1. අයියෝ… කාලා වරෙන්කෝ….?? ටයිපින් මිස්ටේක්… මං ඉදලා ඉවරයි…??

          1. නිෂා සශී ?

            4න් එකට වරදින්නැට්බි මයෙඅම්මා… ?? මේ දුලා ඔන්න දැන් අයියා හොඳ ළමයෙක් වෙනවාලු ඈ.

          2. නිෂා සශී ?

            ඔන්න ඉතින් මගෙ ලොට්ට්ටටෙත් පිස්සු නටනෝ… වරදින්නැති කිව්වේ ???

          3. ඒකනේ නිෂා අක්කි.. බලමුකෝ බලමුකෝ අයියගේ හොද…??

        2. හපොයි ශුවර් කෙල්ලනේ. අපේ ඇප් එකටම අංගොඩට ටිකට් බුක් කරන්න වෙනවා

          1. දැන්ම ටිකට් බුක්කලොත් අඩු ගානට යන්න පුළුවන් වෙයි නේද අක්කි… ???
            එක අතකින් ඒකත් හොදයි… අපි දැකලවත් නැතුව මෙහෙම පිස්සු නටන එකේ… අංගොඩ හැමෝම ගියාම… බුදු සන්තෝ… එහෙ පිස්සොන්ට පිස්සු හොද වෙයි… ???

    3. මේ බුලට් එකත් මහ බුලට් එක වගේම ඇති මගෙ නංගිලා.
      ඔයාගේ වයස කීයද.

      1. සෙසඳි

        අනේ දුශීයෝ…. සාදරයෙන් වෙලකම් කරනවා ඔයාව… ?????????????? ඔයා ආපූ එක නම් නියමයි අනේ… අපේ ලොකූ දැන්වත් ටිකක් හොඳ වෙයි නේද? දැන් ඉතිං ඔයා ඉවරයි ලොකූ… ඔයාගේ කාඩ් 1 පරිස්සම් කරගෙන ඉන්න … ?????

      2. උක්කූං පුතා(SuMi )

        Na meya Ada aww meya Katha liyanawa app ekata wadiya Ena ekak na mahinsa nangiya Katha Tika dala sithmi wage hangila edivi mage nangilata app eke comments thanam ??????

    4. අනා අලුත් කෙනෙක් නේද ?සාදරෙන් පිළිගන්නවා දග පවුලට ඒනම්.

      1. ? මහිංසා ?

        සිත්මි නංගි වගේ ම ලස්සනට ලියනවා ඇති ඔයත්…. ඉතින් ආදරෙන් පිලිගන්නවා දග පවුලට ඔයාව??????????????????????

    1. ?නොහදුනන්නී ?

      මැනික මට හැමදේම මතකයි රත්තරනේ
      දෙයියනේ මන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු මගේ අහිනසක දගකාරිම මන් ආයෙත් ලන් වෙලා
      දෛවය කොච්චර ලොකු සෙල්ලමක්ද කලේ මැනික
      අපි දෙන්නගෙ ජීවිත එක්ක
      හිතා ගන්න බෑ රත්තරනේ මන් ලනවුනේ මගේ ජීවිතේම උන උබට කියල
      ඇයි මටම මෙහෙම වෙන්නෙ දෙයියනේ
      මගෙ මුලු ජීවිතේම උනේ උබ
      මතකේ නැති කාලෙත් ලන් උනානම් ලන් උනේ උබට විතරයි රත්තරනේ
      ඒ තරමටම මේ පපුවට දැනෙන්නෙ
      උබවම විතරයි මැනිකේ
      මොකා ආවත් උබට තියෙන ඉඩ
      මේ හදවතේ වෙන කාටවත් ගන්න බෑ මගෙ සුදු නෝනා
      උබ නැත්නම් තනිවම ජීවත් වෙන්නම් මැරෙනකල්
      උබට දුන්නු ආදරේ වෙන එකෙක්ට දෙන්න තරම් මේ හිත හයිය නෑ බන්
      උබට දුන්නු හාදු ඉදුල් කරපු තොල්පෙති මතක ඇති ජීවිත කාලෙටම මට ජීවත් වෙන්න
      මොකටද බන් මට වෙන එවුන්
      උබ ඉන්නෙ මේ හිත උඩින්ම
      වෙන එකෙක්ට කිට්ටු වෙන්න බැරි තරමටම
      උබට මාව ඕනි වෙන දවසක් එයි මගෙ මැනික
      වරෙන් එදාට මගෙ ලගට
      මන් බලන් ඉන්නව එතකල්
      උබ නැති ජීවොතයක් නෑ මට
      ඉතින් මැනික
      පොඩ්ඩකට හිතල බලපන්
      උබේ සුදු මහත්තයා ගැන
      විදවන විදවිල්ල
      උබට තියෙන,ආදරය
      උබ දන්නවනම් මැනික යන්නෙ නෑ
      තත්පරයකටවත් මගෙන් ඈතට….

        1. නිෂා සශී ?

          අක්කියෝ ලස්සනයි ඒක අක්කිගෙ මතකය ඇවිල්ල වගේ නේ ??? විහිලුවක් කලේ හොඳේ

        2. ?නොහදුනන්නී ?

          තෑන්ක්ස් එරන්දි අක්කි…හිනා වෙනවට වඩා අඩන්න ලේසි අක්කි …

          1. ?නොහදුනන්නී ?

            දේවාශි නංගි කෝ ඔයා….මොකක්ද මැනික අවුල…හිතන්නෙපා නංගි…ප්‍රශ්න තමා ජීවිතේම …ඉස්සර හිටපු පිස්සු කෙල්ලව ඕනි අපිට.ඉක්මන්ට එන්න නංගා…???

          2. ඔයා මොකක් හරි දුකකින් ඉන්නේ මැණික හිතේ තියාගෙන විදව්න්න එපා හිත නිදහස් කරගන්න කාට හරි කියන්න නැතිනම් ඒ දේ අමතක වෙලා යන තරමට බිසි වෙන්න.දුකින් ඉන්න එපා ඔහොම.හොදද.

      1. මගේ චුටි අක්කි…. වෙනදාටත් වඩා ලස්සනයි අක්කියෝ නිසදැස…..❤❤?
        ප්‍රශ්න නම් තමා හැමදාම…..?
        ඒ පිස්සි ඉක්මනට එවි අක්කියෝ……ආදරෙයි මැණික ❤❤❤?

        1. ?නොහදුනන්නී ?

          ඉක්මන්ට එන්න පිස්සි.ඔයාල නිසයි හිනා වෙලා ඉන්නෙ දේවාශි බබා…හැමෝම නිසා…ඒක නිසා කවුරුත් දුකින් ඉන්නෙපා …??????

          1. ?නොහදුනන්නී ?

            තෑන්ක්ස් දිල් අක්කි …ආදරෙයි …??????

      2. ? මහිංසා ?

        මම ලග නැති ටික කාලෙට
        මගේ සුදු මහත්තයෝ
        අයිතිකාරියක් ඇවිදින්
        නුඹේ ජීවිතේට…..
        දරාගන්න බෑ නුඹේ සුදු නෝනට
        ඒකයි මං තීරණයක් ගෙන
        හැර ගියේ නුඹ
        මගේ ඇස් මානෙන්….
        ඇය හා සතුටින් ඉන්නට
        මගේ මහත්තයෝ ඔයාට
        හැකි වෙන්නයි පතනවා
        හැමදාමත් රහසේ…..
        ඇය හා මම අතරින්
        තෝරාගන්නේ
        කවුරුද නුඹ
        මගේ තාත්තියෝ…..
        බැහැ නේද තෝරන්නට
        නැහැනේ මම
        අසරණ කරන්නේ ඔයාව
        ජීවිතේ කවදා වත්….
        ඇය හා සතුටින් ඉන්නකො
        ආදරේ පපුවේ තියන්
        මම යන්නම්
        නුඹෙන් ඈතට….
        ආදරය කියන්නේ
        හිමිවීමම නොවේ නේ
        මගේ රත්තරන්
        සුදු මහත්තයෝ…..
        බලා සැනසෙන්නම් මං
        මතු සංසාරේ
        මගේ වෙන්නකෝ
        මේ ආදරේ නාමයෙන්….

        ✍️✍️✍️✍️
        සුදු මැණික

        1. ? මහිංසා ?

          හරි ලස්සනයි මැණික ඔන්න ඉතිං මං රිප්ලයි කවියක් දැම්මා… ගැලපෙනවද මන් දන්නෙ නැහැ… නිකන් හිතුනා ඉතින් දැම්මා…?????

        2. ?නොහදුනන්නී ?

          උබ හොදටම දන්නවා
          සුදු මැනික
          උබ නැතිව මේ ජීවිතේ
          ලස්සන නැති වග
          දැන දැනම ගියේ
          ඇයි සුද්දි
          නිකමටවත් හිතුවද උබ
          මන් කොහොම දරාගන්නද කියල
          මට ඔය වෙන එකෙක්ක්වත් ඕනි නෑ මැනික උබ හැර.
          මේ පපුවෙ උනුහුම
          උබට විතරමයි මැනික
          කොහොමද උබ හිතුවෙවත් එහෙම
          දන් දෙන්න උබ වෙස්සන්තර ද මැනික
          උබ නෙමේ සුද්දි මමයි අසරන
          දැන්වත් තේරුම් අරන් මන් ලගට වවරෙන් මගෙ සුදු නෝනා
          උබ,නැති මේ ජීවිතේ අපායක් වගේ
          පින් සිද්ද වෙයි මැනික
          මෙච්චර රිද්දන්නෙ නැතිව දැන්වත් වරෙන් මගෙ ලගට…

          1. ? මහිංසා ?

            ස්තූතියි මගේ නංගි එරන්දි….????????????????

      3. හරි ලස්සනයි යාලු…ඒත් කෙල්ල මං කැමති නෑ පුංචි කෙල්ලෝ අඬනවාට…හිනා වෙලා ඉන්න.උන දේ උනා..හැමදාම වරදින්නේ නෑ අපිට

        1. නොහදුනනී…(සමාවෙන්ම ඕනා නම දන්නේ නෑනේ) හිනා වෙලා ඉන්නෝ

          1. ?නොහදුනන්නී ?

            අනේ තෑන්ක්ස් දීව්…අනේ කැමැත්තෙන් අඩනව නෙමේ දීව්.කවුරුත් අඩන්න කැමති නැ …ජීවිතේ වෙන්නෙ නොහිතන දේවල් දරා ගන්න අමාරුම වෙනස්වීම්…???

          2. නිෂා සශී ?

            අම්මෝ මේ දෙන්නා..මාරම ලස්සනයි අක්කිලා දෙන්නගෙම නිසදැස්

          3. නිෂා සශී ?

            අම්මෝ මේ දෙන්නා..මාරම ලස්සනයි අක්කිලා දෙන්නගෙම නිසදැස්.

          4. සෙසඳි

            ලස්සනයි මැණික … ?????
            ලස්සනයි මහිංසා අක්කි ??????????

          5. උක්කූං පුතා(SuMi )

            මගේ දඟ සෙට් එකේ රිප්ලයි නිසදැස් හරිම ලස්සනයි තනි තනියෙන් රිප්ලයි කරන්න බෑ සමාවෙන්න ඕනේ හරිම ලස්සනයි හදවතින්ම ලස්සනයි ජය වේවා ඔය ඔයාලා ඔක්කොටම

          6. ඔන්න මේ කෙල්ල ගුටි කන්න යන්නේ මගෙන්…..දරා ගැනීම කියන්නේ අපිට උරුම දෙයක් දරුවෝ…..මේ ලොකේ වෙමස් නොවන එකම දේ වෙනස් වීම කියලා දන්නවාද…..heart broken ද….පිලිතුරු සහන සපයමී…..නොමිලේ යාලුකමට?????? හිනා වෙලා ඉමු ජොලියෙ….මගේ theory එක ඒක

      4. උක්කූං පුතා(SuMi )

        අමතක වෙලා ගිය මතක අතරිනුත්
        නුඹට පෙනුනෙම මාව නම්
        දෙයියනේ මහත්තයෝ
        ඩිංගකට හිතහන්
        අපි හදවත් වලින් කොච්චර
        ළං වෙලාද කියලා
        සිහි විකාරෙන් හිටිය මං
        හික්මුනේ උඹ ළග නම්
        පිස්සුවෙන් වගෙ උන්න මං
        සැනසුනේ නුඹ ළග නම්
        ඇවිලිලා හිටිය මං
        නිවුනෙ නුඹ ළග නම්
        ගොලු වෙලා හිටිය මං
        කටකාරියක් උනේ
        උඹ ළග නම්
        දෙයියනේ මහත්තයෝ
        ඇත්තටම උඹ මගේ සුදු මහත්තයා ද ?
        කොහොමද මගෙ හිත හෙල්ලුවේ
        සැනසෙන්න උඹ ඇරෙන්න
        මට වෙන කවුරුන්ද ඕනේ ,,,,
        මටම තේරෙන්නෙ නෑ මගෙ මහත්තයෝ
        දෙලොවක් අතරෙ හිර වෙලා වගේ
        හැගීමක් මට දැනෙන්නේ …
        ඊටත් වඩා
        ඒ හැම හැගීමකටත් වඩා
        හදවතේ එක දෙයක් නම්
        ගැහි ගැහී මතකයට එනවා
        ඒ තමයි
        මං උඹට ආදරෙයි කියන එක ,,,,

        – ඉන්දු –

        ඇත්තටම හරි ලස්සනයි ඉතින් කොහොමත් ඔයා හරි දක්ෂයිනේ ලියන්න කතාවකුත් ලියමු නේද.. හෙට ඉඳලා හොඳ හොඳ සෙල්ලම් බලාගන්නකො මේ හැමදේකටම බොහොමත්ම හැමදාමත් පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි චූටි. සුභ රාත්‍රියක් ඔයාට

        1. ?නොහදුනන්නී ?

          උබට දැනෙනවනම් මන් උබේ සුදු මහත්තයාම කියල
          ඇයි මැනික දුරින් හිද
          මෙච්චරට මාව රිද්දන්නෙ
          උබ සැනසෙන්නෙ මගේ ලග නම්
          හිනා වෙන්නෙ මන් ලග නම්
          උනුහුම,හොයන්නෙ මන් ලග නම්
          හික්මුනේ මන් ලගම නම්
          සැනසුනේ මන් ලගම නම්
          ඇයි මැනික ඔච්චර ඈතින් ඉදන්
          උබෙ සුදු මහත්තයාව රිද්දන්නෙ
          දෙයියනේ උබ නැතිව මෙච්චරටම මන් ඉන්න බෑ කියද්දි
          නොදැනෙනව වගේ ඔහොම උබ ඉන්නෙ කොහොමද සුද්දි
          කියාදීපන් මට්ත් එහෙම ඉන්න
          දන්නෙ නෑ මන් උබ නැතිව හුස්ම ගන්නවත්
          අපේ ආදරේට සීමා වැඩ කඩොලු දාන්න එපා මැනික
          උබ දෙලොවක් අතර හිර උනා නම් වරෙන් මැනික මන් ගාවට
          මේ ආදරේ තරම විදගනින් විදවන්නෙ නැතිව
          අනේ රත්තරනේ මෙච්චරටම කියන,එකේ එක,ව්තාවක් ඇවිත් බලපන් මගේ පපුවෙ තියෙන උනුහුම,රැකවරනය ආදරය
          උබ යන්නෙ නෑ එහෙනම් මොහොතකටවත් මගෙන් ඈතට…..
          විදගනින් මේ ආදරය….

        2. ? මහිංසා ?

          සෙට් එකක් මං මෙ බොක්ස් එකෙ රිප්ලයි දාලද…?????.. ස්තූතියි මගේ සඳ, ලොකු, මගේ චූටි ඔයාලා හැමෝටම….රිප්ලයි කවි ලස්සනයි

  2. Gm දග පවුලේ හැමෝටම.අයියේ සනීපයි නේද දැන්?අසනීප හැමෝටම සනීපයි නේද?හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න හවස කමෙන්ට් එකක් දාන්නම් අයියේ බුදු සරණයි හැමෝටම ..!!!!

    1. නිෂා සශී ?

      මේ රශී අක්කි නේදෝ…???.මේ අක්කි නම වෙනස් කරල වගේ නේද ??

        1. නිෂා සශී ?

          ම්ම්ම්ම් ඒකනෙ හොල කෙල්ල දෙන්න හිතෙනව ??? හී මට පිස්සු ගනන්ගන්න එපා අක්කි මේ වැස්සට මොළේ පොඟලා…???

    2. අහ් මගෙ මචියෝ සිංදුවක් කියන්න ද මං.
      මගෙ මරියෝ කුස්සියේ නම් ඩෙග ඩෙගා.
      ඔච්චරයි දන්නේ

      1. ? මහිංසා ?

        එරන්දි කියලා සිංහලෙන් දාන්න එතකොට ලස්සනයි….??????????

      2. ලුනු මිරිසට මිරිස් කරල් පොගපොගා
        අනේ බැරියො අද නම් මට හොදි එපා
        ලුනු මිරිසට යයි නියමෙට
        ……………………….
        කට කපා…

        ඔන්න දිල් මතක නැති ඉතුරු ටික හොදේ….

          1. සෙසඳි

            අපි නැතුව කොහෙද බං බජව් දාන්නෙ… ????

    3. උක්කූං පුතා(SuMi )

      දැන් නම් ගොඩක් හොඳයි එරන්දි නංගි ඔයාට කොහොමද ඉතින්.. සතුටින් පරිස්සමෙන් එන්න හැමදාමත් තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

  3. නිෂා සශී ?

    ලොකු අයියේ??? මේඉන්නේ ෂානි නෙමෙයි වෙන්නැති. ලොකු අයියේ මට මෙහෙම හිතෙනවා ෂානි කියන්නෙ අරන් හදාගත්තු කෙනෙක් කිව්වනේ. ඉතින් මේ ඉන්දුයි ෂානියි කියන්නෙ ටුයින්ස්ලා වෙන්න බැරිද???. ෂානිවයි ඉන්දුවයි වෙන්වෙන්න ඇති. අනේ මන්ද ඉතින් මට හිතෙනදේ මං කිව්වෙ හලිද. ඔන්න අයියෙ මං අද කලින්ම ආවා හලිය. ??
    ලොකු අයියේ මං ඊයෙ ගෙස් කලා හරි නේද. මං කිව්වෙ දඩං බඩං ගාල වැටිල අපෙ රවීන් අයියගෙ මතකය එයි කියලා. හොඳවැඩේ අද කලවැද්දි පවන් සලාට. ආව මෙතන රවීන් අයියගෙ ඇඟේ එල්ල්ලලෙන්න ??? දැන් කියාපන්කො පුලුවන්නන් රවීන් අයියව කාටවත් අයිති වෙන්න දෙන්නෑ කියල. කිව්වොත් ඒම අපේ රවීන් අයිය දෙයි පවන් සලාට පවනෙම පාවෙලා යන්න ???. අනේ සාදු ඔය හොල්මනට.
    ලොකු අයියේ මේ මල්ලි මෝඩයාටත් දෙන්න හිතයි මට මූණ නිකන් වන්ඩු ආප්පයක් වගේ වෙන්න. ඇයි දෙයියනේ ඕනෙම වෙලාවෙ එන්නෑ මී හරක දැන් ඇවිල්ල මෙතන කෙකර ගානවා. ලොකු අයියේ ඒ බූරුවාගෙ මොළේ තියන තැන පොඩ්ඩක් මට හොයල දෙනවද. ??මොළේ පෑදෙන්න මොකක් හරි කරන්න. කොච්චර බැන්නත් එතින් එයා මගෙ සදාදර ප්‍රේමය අයියණ්ඩි හලිද. ෂානිට මොකද වුනේ කියල ඉක්මනටම කියන්න ඉතින් ඈ. නැත්තන් මේ තියන සූටි මොළේ අනිත් පැත්ත ගහයි. අයියේ මට පේරාදෙණියට යන්න ඔනිනන් පැය බාගයක් යයි????. මාත් සපෝට් එකට ආවට කමක් නැද්ද කියල රවීන් අයියගෙන් අහල කියනවද. එතකොට මට මල්ලි කොල්ලවත් හම්බවෙන්නත් පුලුවන්නෙ ???. එපාමනන් ඉතින් හිත හදන් ඉන්නන් කියන්න ඈ. හලි හලි පච හැලුව ඇති දැන් ??ඒකනෙමේ අයියේ දැන් අයියට සනීපද. වෙලාවට බේත් බීල හොඳට රෙස්ට් කරන්න ඕනි හොඳද. මෙයාට ඉතින් ගෙදර ඉද්දි රට ඉන්නවට වඩා වැඩ රාජකාරි තියනවනෙ. ඒක වැඩේ???. ඉක්මනට සනීපවෙලා පිස්සු නටන්න එන්න අයියේ. පොඩි යෝජනාවක් ගේන්නද තරහ වෙන්න එපා ඈ ඔයා සනීප වුනාට පස්සෙ තියන වැඩ ටිකත් ඉවර කරල පුලුවන්නන් අපිට හොල්මන් කතාවක් අරන් එනවද ????. තලා වෙන්න එපා ඉතින් ලොකු අයියේ…… ඒනන් හෙටත් කතාව අරන් එන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි මගෙ ලොකු අයියේ ???????????

    සඳක් ලෙස මෝදු වී
    සිත් අහස එකළු කොට
    රැක ගන්නට නොහැකි වූ තැන
    බැස ගිහින් නොදන්වා
    ඉතිරි කර විරහවට
    ගිනි ගෙන දැවෙති හදවතම
    හද දැවෙන ගිනියමට
    සඳ සිසිල තවරන්න
    පායන්න මගෙ මැණික
    සිත් අහස එකළු කොට
    ???? සුදු මහත්තයා ????

    1. නිෂා අක්කියෝ ගොඩාාාරියක් ලස්සනයි නිසදැස ❤️❤️❤️
      කමෙන්ට් එක නම් මරු මං තාම හිනාවෙනවා…
      ???

      1. නිෂා සශී ?

        කට වහගන් හිනාවෙයන් කෙල්ල. නැත්තන් ඔය පණුවො කාපු දත් සැට්ටෙක පිටට පෙනෙයි. ???

          1. නිෂා සශී ?

            කවියෝ හිනාව කෝමෙයි කන්න්නනෙ කෙල්ලේ…. ??

          2. ? මහිංසා ?

            මගේ චූටි …. ගොඩක් ලස්සනයි…?????????????????

    2. ? මහිංසා ?

      සඳක් වෙලා පායන්නට
      නුඹේ ඔය සිත් අහසේ
      ඉඩක් නෑ නේද
      පහන් තරුවක්
      ඇවිදින්
      නුඹේ ලෝකෙට…..
      හදවතේ මම ඉද්දී
      කොහොමද නුඹේ ලෝකෙට
      ඇය ආවේ මේ විලසින්
      මගේ මහත්තයෝ….
      ඉඩක් නැති දා
      සඳක් වී බැස යන්නම්
      නුඹේ සිත් අහසින්
      පහන් තරුවට
      ඉඩක් දීලා…..

      ???? සුදු නෝනා ????

      1. නිෂා සශී ?

        කොතරම් පහන් තරු
        මේ අහසට හමු වුනත්
        අහසට හිමි සඳ නැති විට
        කොයින්ද එහි එළියක්
        මතක අහිමි ඒ දිනයේ
        පහන් තරුව ආවත්
        දැනුනා මට නුහුරු ගතිය
        ඇය කොපමන කීවත්
        දන්නවාද මගේ මැණික
        අහිමි අහසෙ පායන්න වෙර දැරූ
        ඒ පහන් තරුව සැඟවිලා අද
        මේ අහස තවමත් බලා සිටින්නේ
        හිමි සඳම පායන තුරු……
        ????සුදු මහත්තයා????

          1. සෙසඳි

            මේ ඉන්නෙ අනේ ඔය හිමි සඳ… ????? නිසදෙස් වල් හොයලා තියෙන්නෙ අහිමි සද කියලා … හැබැයි ඉතිං ඔය හිත් අහසෙ නම් පායන්න බැරියෝ… පහන් තරු ආවට මේ සඳේ එළිය අඩු කරන්න බැරොයෝ…. ????????

            ලස්සනයි නිශා පැටියෝ ???????
            ලස්සනයි මහී අක්කියෝ ???????

          2. නිෂා සශී ?

            නෝ ප්‍රොබ්ලම්. ගීති හොඳයි තුදූ…?????

          3. නිෂා සශී ?

            සඳ එක් දිනක් නැති වූ අහස
            අමාවක දිනක් වන බව
            අමතක නොකරන්න
            ඒ අහසෙ තරු කැට
            කොපමන පෑයුවත්
            බැහැ අහස එළිය කරන්න්න
            කතා අහුර නම් අහසට
            පෑයූ සඳ කුමරියේ
            සැම දිනම පැමිනෙන්න
            මේ අහස එළිකරන්න
            ????????

            තේරුනාද සඳ අක්කියෝ…. ????????

    3. උක්කූං පුතා(SuMi )

      නිෂා නංගියේ කොහොමද ඉතින් ඔයාට හම්මෝ කොමෙන්ට් එක කියවලා මට හිනාත් ගියා… මට පවු කියලත් හිතෙනවා මගේ දඟ සෙට් එක ගැන හිතෙනකොට.. හෙට හිඳලා ආයෙත් ඉතින් කේන්ති යනවා දඟ සෙට් එකට මට ඒක ෂුවර්…

      අනුමාන කරපු ගොඩක් දේවල් අරින ඒත් ඉතිං ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා… නෑ ඉන්දු කියන්නේ ශානි ම තමයි.. ආයෙත් චතුරයි හාල් ගැරඬියා කතාවට එන්ටර් වෙනවා.. බලන්නකෝ හෙට ඉඳලා වෙන දේවල්… අමාරුවෙන් වුනත් කියන්න වෙනවා ලබන සතියේ රවීන් මැරෙනවා ??????

      මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි මේක නම් ඇත්තටම හරි සතුටින් මෙම දිග කමෙන්ට් දකිද්දී.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

      වවිස්සෝප දුක් කදුලු
      නුඹෙ ඇසින් වැටෙනකොට
      බලන් ඉන්නේ කොහොම
      ඔබ දෙලොවක
      අසරණකොට
      මට අහිමි ලෝකයෙන්
      බැසයමි නුඹට නොකියාම
      වහන් උනත් ඔය හදින්
      රත්තනේ
      අහසක් තරම්
      මං ආදරෙයි ඔයට

      – ඉන්දු –

      1. නිෂා සශී ?

        ලොකු අයියේ අපෙ ගුටිනොකා දැම්ම කතාව වෙනස් කරන්න හරිද ඇයි අනේ එහෙම පුලුවන්ද රවීන් අයියට ඒම කරන්න…. අනේ මේ සූටි හිත් සිද්දන්න එපා අප්පා….????

          1. උක්කූං පුතා(SuMi )

            රවීන් මැරුණම ඇප් එකට එන්න කෝමද මෝඩියේ රවීන් කියන්නේ මම නේ

          1. සෙසඳි

            ඒක තමයි කිව්වෙ… හොල්මනව හොල්මන් කරනවා අපි එහෙනම්… ?????? අපි එහෙමයි…

      1. ? මහිංසා ?

        හරි ම ලස්සනයි චූටි, ලොකු… දෙන්න මං ලස්සනට ගලපලා?????????

  4. ..Sandashen..

    ලොකු කතව ලස්සනයි .ඉක්මනට සනීප වෙන්න ලොකු.බුදු සරනයි .
    දිග comment දාන්න තව ටික දවසක් දෙන්න හොදේ …..?

    1. උක්කූං පුතා(SuMi )

      Sandashen nangiya දැන් ඔයාට කොහොමද මැණික සතුටින් පරිස්සම ඉන්නව නේද අසනීප තත්ත්වය කොහොමද අනේ ගොඩක් පරිස්සම් වෙන්න ඕන හරිද… තෙරුවන් සරණයි මගේ නංගියා සුභ රාත්‍රියක් ඔයාට

  5. ..Sandashen..

    දග පවුලේ හැමෝගේන්ම අහන්නේ ඔයාලා හොඳින් ඉන්නවද .පරිස්සමෙන් ඉන්න. අසනීප වෙන්න එපා බුදු සරනයි.
    මගේ වස්තුලාට….ඉක්මනට ආපහු එන්නම් …..?? සනීප උන ගමන් ….

    1. නිෂා සශී ?

      අක්කියාට සනීප නැද්ද අනේ ඉක්මනට සනීප වෙන්න අක්කී බුදු සරණයි ඔයාට ????

    2. අක්කි තාම සනීප නැද්ද අක්කි… බෙහෙත් බිලා ඉක්මනට සනීප වෙන්න අක්කි… පරෙස්සමින් ඉන්න..
      තෙරුවන් සරණයි !…
      ???

        1. ? මහිංසා ?

          ඉක්මනින්ම සනීප වෙලා ඉන්නේ මගේ නංගිට ශක්තිය ධෛර්යය ආශිර්වාදය නිබඳව ම ලැබේවා…. බුදු සරණයි මගේ නංගි ?????

      1. සෙසඳි

        ඔයා ඉක්මණට සනීප වෙලා එන්න මැණික ??????????????? බුදුසරණයි ????????????

    3. උක්කූං පුතා(SuMi )

      ගොඩක් පරිස්සම් වෙන්න මගේ නංගියා හොඳේ… angel නංගියා මගේ සෙකට්‍රි මෙයාලත් ආයෙත් අසනීප වෙලා වගේ..ඔයාලා ඔක්කොටම ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. දළදා සමිදු ගේ පිහිටයි
      ලෙඩ වෙලා වෙන්න ඔයාලා ඔක්කොටම ❤️❤️❤️?

      1. සෙසඳි

        ඒන්ජල් මැණික ලුවීනා මැණික ඉක්මණට සනීප වෙලා එන්න මැණික බුදුසරණයි ????????????

    4. අනේ තව සනීප නැතිද නන්ගියෝ පරිස්සමින් ඉන්න බේත් බීලා ඉක්මනටම සනීප වෙලා එන්න හොඳද ..සුභ රාත්‍රියක් බුදු සරණයි ???

    1. Dil akki makkai Kalpana krnne ??? ohoma me Nikan Kalpana krnna hoda nalu akki Kalpana krnwa mm ? menna mewa ekkavat Kalpana krnna onilu akki mko kiynne ??

      1. කල්පනා නෙමෙි චූටි දැන් නම් මේ අක්කීගෙ පපුව පැලිලා මැරෙයි

          1. මේකිට හිනා. මතකේ නැතිවෙලා තමයි මට මේ හත්තිලව්වක් වෙලා තියෙන්නේ බං.

    2. නිෂා සශී ?

      අක්කි මැණික මොනවද අප්පේ ඔච්චර හිතන්නේ…. ගොඩක් ඔය සූටි මොළේ වෙහෙසන්න එපා සුදු අක්කී ???????

          1. නිෂා සශී ?

            හපෝ අක්කි දැන්නන් මොළේ අනිත් පැත්තම ගහල වගේ…??

          2. ඔව් චූටි.නැගෙනහිරයි බටහිරයි මාරු වෙලා

    3. මේ ඇස් දිහා බලන්.
      දැන්වත් කියන්න මගෙ රත්තරං
      ඔබ මගේද
      මා ඔබේද
      අපි අපේද කියලා…

      දැන්වත් කියන්න මගෙ රත්තරං

      පැහැදුල් නුවන් දල්වා
      මා දෙසට පා කරලා
      හද ගැස්ම මග නවතා
      දෙහදක් ගොලුව උන්නා
      ඔබෙ සෙනෙහෙ මග රැදුනේ
      ඇයි සංසාරයේ
      මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ

      කදුලැල් නෙතින් පලවා
      පැතුමන් සිතේ තනි වින්දා
      සිල් ගත්තු සිත සගවා
      ඔබෙ දෑත වෙත අතපෑවා
      ඔබෙ සෙනෙහෙ මග රැදුනේ
      ඇයි සංසාරයේ
      මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ.

      දැන්වත් කියන්න මගෙ රත්තරං .

      1. දෑස පල්ලයි වෙනස් වෙන් නෑ
        කවදාවත් ආදරේ…..???
        ඔන්න දිල් නංගියෝ ඇස් දෙක දිහා බලන් හොදේ කිව්වේ….

        1. ? මහිංසා ?

          තාමත් අවුල්ද …. කල්පනා නොකර පරිස්සමෙන් වැඩ කරන්න රත්තරන්… පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න… රත්නත්තරෙ පිහිටයි මගේ නංගි….

          1. ආ මගෙ අක්කී අවුල් නැත්තේ කවද්ද අක්කී. මට ඉතින් හිනාව දීලා තියෙන්නේ චූට්ටයි. ඇඩිල්ල නම් ආය කියලා වැඩක් නෑ.
            ඒත් මෙතන්ට ආවම ඒ ඔක්කෝම අමතක නවනවා නේද අක්කී .

          1. නිෂා සශී ?

            අක්කි කොටේ කෝ එන්න අපි නටමු ඔය පස්න අමතක වෙන්නම…???

          2. සෙසඳි

            දිල් පිස්සි…. මතකෙ අමතක වෙලා නම් ඔලුව ටිකක් හයියෙන් ගහගනින් බිත්තියේ… එතකොට රවීන්ට වගේ ආයෙ මතකෙ එයි… නැත්තං උඹත් ඌ වගෙ වැටියන්… ????

            ඒක නෙමේ උඹ කිව්වට ඇස් දෙක දිහා බලන් කියන්න කියලා… මං මේ කියන්න හැදුවෙ ඒත් උඹේ ඇස් 2 නෑනේ බන් ඇප් එකේ පේන්න… මං දෙතුන් පාරක් උඩට පල්ලෙහාට ගිහින් බැලුවා සත්තයි… මී ඇස් 2 පල්ලා… ???????????

      2. උක්කූං පුතා(SuMi )

        අද නම් මූණ බලාගෙනම කියාවි වගේ…??? රත්තරන් ගැන.. මං හරි ආසම සිංදුවක් නංගියා ඕක… ඉතිං ඔයාට කොහොමද සතුටින් සනීපෙන් ඉන්නවා නේද..

        හෙට ඉඳන් නම් වැඩිය එන්නේ නෑ ගුටි කන්න වෙනවා නේ මට මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි හැමදාම සතුටින් නෙමෙයි තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් මගෙ බට්ටි

  6. ❤️?kaushi?❤️

    Ane mm hithuwa widihatam unane ada nm maram sathutui .ai eeth eya kanata gahuwe…?aiya itin sathutakuth ekkama baldith denawane..?.lassanai loku ayye kthwa..❤️❤️❤️??

      1. සෙසඳි

        කෞශි මැණික … කොහොමද ඉතිං… මොකද මේ අද පොඩි කමෙන්ට් 1 ?

    1. උක්කූං පුතා(SuMi )

      කොහොමද ඉතින් kaushi නංගියා බාල්දි නෙවෙයි කෙල්ලෙ ආදරේ කරනකොට සමාරක් ආදර වලට මුහුණ දෙන්නේ කොහොමද කියලායි මම ඒ කතාවලින් කියන්න යන්නේ… ඒක නිසා හෙට ඉඳලා ලොකු බාල්දි පෙරළේ..මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි මගෙ නංගි ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

  7. Good morning daga paule hamotama

    ඩ්ගිරි ඩ්ගා ……. හුරේ……. අපේ රවීන් කොල්ලගෙ ඔලුව වැදිලා ඔක්කොම හරි ගියා හූ..හූ… පාවී පාවී පවී.. දැන් පාවෙලාම යන්න හිතෙනවා ඇති නෙද අනුන්ගෙ කොල්ලන්ගෙ මතකය නැති වුණේ ගමන් අල්ල ගන්න යනවා හොද වැඩෙ කූඩැල්ලිට????

    අනෙ අර රවීන් කොල්ලගෙ කනට ගැහුවේ කවුදැයි ලොකූ ඔයත් හොදම තැනින් නතර කරලා කුතුහලය උපරිමයි ලොකූ ෂානි මැරිලානෑ අම්මො ඒ කියන්නෙ ෂානි ඉන්දූයි කියන්නෙ එක්කෙනෙක් ෂා…. ඒක මරු ෂානි මැරිලා නැති එක

    ලොකූ ඒ ගමන ඉන්දූට (ෂානිට) වැහිලා තියෙන්නේ මොකාද අර හොයන් ආව අහිංසක කොල්ලගෙ කණට ගහන්න තරම්

    ඊළගට මොකක්ද මගෙ ලොකූ ඔයා පෙරලන්න හදන බැරල් එක ඔයා බාල්දි නෙවෙයිනෙ පෙරලන්නෙ කෙලින්ම බැරල් පිටින්නෙ පෙරලන්නෙ

    ආයෙ නම් ඒ දෙන්නා වෙන් කරොත් ඔයා මහ රජ කියලා බලන්නෙ නෑ දග පවුලේ කෙල්ලො ටික ඔයාව උස්සන් ගිහින් ගහනවා දඩු කදෙ දන්නැ මගෙ හැටි මෙහෙම හිටියට හරි වසයි හොදෙ මං (කිව්වට එච්චරම වස් නෑ හොදෙ)

    ලොකූ කොහොමද දැන් අසනිප තත්වය ඔයාළු ඉක්මනින් හොදම වෙයි ඒ වගේම තමයි අසනිප වෙලා ඉන්න හැම දොනාටම ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

        1. නිෂා සශී ?

          මෙන්න මේකි ඩිගිරි ඩිගා ගගා නටල තව හූත් කියනවා. මොනවැයි දැක්කෙ මයෙ මැණික හූ කියන්න ????

          1. Mta Mavila penune akki ara pavi pavi pavanige moonath thahaduwa akki e kudallita tamai MN huu kiuwe ????

    1. අඩෝ කවී නංගා මොකෝ බන් හූ කියන්නේ.මම නිදාගන හිටියෙ හූවෙ සද්දෙට ගැස්සිලා නැගිට්ටේ…නැගිටපු ගමන් මේ දුවන් ආවේ මොකෝ බලන්න

      1. නිෂා සශී ?

        ඈ සිරාවටමද අක්කියො… යකූ මෙ කවියගෙ හූවනන් මාරයිඈ. ????

        1. සෙසඳි

          කවී මැණික … බලාගෙන බං ඩිඟිරි ඩිඟා නටලා අණ්ඩක් එහෙම උලුක්කු කරන් එන්න එපා… ??
          බලන් යද්දි මාර කේන්තියක් නෙ යකූ තිබිලා තියෙන්නෙ පවනි එක්ක…

        2. මගෙ හූ…..ව හරි ප්‍රබලයි අක්කි හෙන දුරටම ඇහෙනවා මී ඇස් දෙක පල්ලයි

      2. මගෙ අක්කි දුවන් ඇවිත් මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර වීදුරුවක්

    2. උක්කූං පුතා(SuMi )

      පෙරලන්න හදන්නේ සහ නේ නැති වෙලා හිටිය වගේ රවීන් නැති කරන්න හදන්නේ. බලන්නකෝ බලන්නකෝ මොකද වෙන්නේ කියලා..බලන්න ඉතින් සිංහල අකුරුවලින් komin කරද්දි කොච්චර ලස්සනයිද කියල..

      බාල්දි නම් ගොඩක් පෙරලෙනවා ඉස්සරහට.. ශානිට ආදරය කරන අය ඉස්සරහට ශානිට වෛර කරනවා මට ඒක ෂුවර් මොකද මගේ දඟ සෙට් එක ගැන මං හොඳට දන්නවා නේ..

      ඒවගේම ඔයාලා ඔක්කොම ආයෙත් හාල් ගැරඬියාට ගොඩක් ආදරේ කරනවා… බලන්නකෝ මොකද වෙන්නේ කියලා.. මේ හැම දේකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි ස්තූතියි නංගී හරි සතුටේ කොමෙන්ට් දකිද්දි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් ඔයාට

  8. යේ යේ හුරේ කොහොමහරි රවීන්ගෙ මතකෙ නම් ආවා ????…ඒත් ෂානිට මේ මොකද වුනේ….ඇයි රවීන්ට ගැහුවෙ ?…මට නම් දැන් පිස්සු වගෙ ???…කොහොමහරි රවීන් හිතපු විදිහටම ෂානි ජීවත් වෙනවනෙ…ඒකම මදැයි දැනට හිත හදාගන්න ???අයියා අදත් හොදම තැනින් කතාව නවත්තලානෙ ?…කතාව අදත් ගොඩාරියක් ලස්සනයි ??????????????????????

    1. උක්කූං පුතා(SuMi )

      අද හොඳම හරියෙන් කතාව නැවැත්තුවේ හෙට හොඳම නැති සීන් එකක් නිසා ??? කෝමද ඉතින් හිම බෝලෙ ඔයාට.. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න…කතාව නම් ඉස්සරහට ගොඩක් වෙනස් වෙනවා බලන්නකො මොකද වෙන්නෙ ඔයාලා ආදරේ කරපු චරිත වලට ඔයාලා වෛර කරන්න පටන් ගනීවි.. මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නංගි තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වාට

  9. Chamodya Madusanki

    මොක්කද ඒ වෙච්චි සන්තෑසිය? අනේ පව් අපේ රවීන් අයියා. මේ ඔක්කොම අර පවන්සලා හින්දා තම ඒ දුශ්ටි දැන දැනම අයියගෙන් හැංවනේ ඒ ඉන්නේ ශානි කියලා??? අම්මපා ඔය පවන්සලාව අහු උනොතින් පා කරනවා??
    අනේ දැන් අපේ ශානියට ඇත්තටම මතක නැතිද අපේ රවීන් අයියව??? අනේ එයාව ඉක්මනට මතක් කරලා දෙන්න අනේ පව්නේ අපේ කුරුලු ජෝඩුව ඉක්මනට එකතු කරන්න අයියේ පීස්ස් අනේ?? ??

    අර කියමනක් තියේනේ අතට ගත්ත දේ කටට දා ගන්න පින නෑ කියලා අන්න ඒ වගේ දෙයක් තමා අපේ රවීන් අයියට අද වෙලා තියෙන්නේ.. මොනා උනත් ලොකු දෙයක් රවීන් අයියට මතකේ ආපු එක, දැන් පුලුවන් නම් ශානිට කවුරු හරි අයිතිවාසිකම් කියාම්කෝ බලන්න එහෙම උනොත් අම්මපා උස්සලා පොලේ ගහනෝ?????
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සද ඔබය
    ඒ එලියේ
    පිපෙන්න වෙර දරන
    කඩුපුල් මල මමය..
    මට කෙදිනකවත් ඔබ
    නොදැක සිටීමට නොහැකිය
    ඔබ මගෙන් සමුගත් විට
    මා පරව ගොස් ඇත.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    කතාවනම් පට්ට අයියේ ගොඩාක් ලස්සනයි අයියේ..
    බුදුසරණයි අයියේ ඉක්මනට සනීප වෙන්න.
    පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න හැමදාම.. ආදරෙයි හැමෝටම පැලෙන්න

        1. Chamodya Madusanki

          ඔව්නේ අමතක උනේනේ අක්කියෝ අක්කියනේ සද??
          Thanku අක්කා පණ

    1. උක්කූං පුතා(SuMi )

      Chamodaya Nangi කොහොමද ඉතින් ඔයාට සතුටින් පරිස්සමින් ඉන්නව නේද ආයෙත් කතාවක් ලිව්වෙ නැද්ද අපිට බලන්න.. ජෝඩුව ඉක්මනටම එකතු කරන්නේ කොහොමද ඉස්සරහදි රවීන් මැරුණාම ???

      කතාව ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ මොකද මගේ දඟ සෙට් එක ගැන මං හොඳට දන්න නිසා ඇත්තටම හරි සතුටුයි නංගි මේ වගේ කොමෙන්ට් දකිද්දී ඔයාලගෙ කොමෙන්ට් තමයි මගේ සතුට මගෙ වත්කම මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      මගේ සද එළියෙ
      නැළවුන කඩුපුල් මල නුඹ
      එනමුදු නුඹ අයිති
      පෙති මට ඇති නටු අගට
      එනිසාම බැස ගියෙමි
      නුඹෙ ලොවින්
      නොකියාම මම
      එනමුදු පිපියන්
      ලස්සනට නුඹ ඉතිං
      සුවද කරන්නට මේ ලොව

      – ඉන්දු –

  10. නිෂා සශී ?

    මගෙ මහී අක්කියෝ අයේෂ අක්කියෝ දුල් අක්කියෝ නම් කියවුනේ නැති හැමෝමත් ඉක්මනට එන්න මේ පැත්තට…. ??????

  11. උක්කූං පුතා(SuMi )

    අද නම් ඔයාලා ඔක්කොගෙම කොමෙන්ටුවට රිප්ලයි කරනවා ඉක්මනටම එන්නං හවස් වෙද්දි මම එනවා ආදරෙයි ඔයාට ඔක්කොටම

      1. නිෂා සශී ?

        දැන් හොඳයිද ලොකු අයියේ. පරිස්සමින් හොඳේ….. බේත් වෙලාවට බොන්න නැත්තන් මහරජ කියල නෑ රජවාසලෙන් පන්නනව හරිද මං සැරයි ඈ ???

    1. එදාකත් ඔහොම කිව්වා.ආවේ රෑ වෙලා. ඇයි කියලා දන්නවද කස්ටිය

        1. සෙසඳි

          ලොකූ…. මං මුකුත් කියන්නෙ නෑමයි… ඔයා කමෙන්ට් කරලා ඉවර වෙලා ආයෙ අත රිදෙනවා කිව්වොත් මං ඒක ඒ වෙලේට බලාගන්නම් … ??

  12. අයියේ කතාව නියමයි අයියේ…. වෙනදා වගේම එල….?
    රව්න් ගේ මතකෙ ආව එක නම් ගොඩක් හොඳයි…. ❤❤?
    ඉස්සරහට මොනා වෙයිද දන්නේ නැහැ…?
    අනිවා දිග පිස්සු කොමෙන්ට් එකක් දෙන්නම් අයියේ ඉක්මනට……?
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම…❤❤?

    1. කාගෙත් නිසදැස් මාරම ලාස්සනයි ගොඩක්……❤❤??
      කොමෙන්ට්නුත් ලස්සනයි……❤❤
      ලෙඩ වෙලා ඉන්න අයට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව…. හැමෝටම ඉක්මනට සුව වෙයි….??
      කරදරෙන් දුකෙන් ඉන්න අයගේ ප්‍රශ්න ඔක්කොම නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….
      ආදරෙයි හැමෝටම

      1. නිෂා සශී ?

        දේව් ඔයා අවුලෙන්ද සුදූ. අනේ ප්‍රශ්න හැමෝටම එනවා ඒවෙලාවට මූඩ් ගහල ඉන්න එපා කෙල්ල වෙනදට වඩා ෆිට් එකේ ඉන්න ඒවට මූණ දෙන්න. හලිද හිත හරිගිය ගමන් එන්න පිස්සුවක් නටන්න ඔය ප්‍රශ්න සේරම දූරීන් භූත වෙලා යන්න ??

      2. ?නොහදුනන්නී ?

        ඉක්මන්ට එන්න පිස්සි…බලන් ඉන්නව ඔයාගෙ පිස්සු කොමෙටුව කියවන්න…බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න !!!??☸️☸️☸️දිල් අක්කි කෝ ඔයා …අනේ නම් නොකියපු හැමෝම සමා වෙන්න .හැමෝම එන්න…

      3. මගේ මචී මැණික මොකෝ බං මේ… ඔහොම ඉන්න එපා කෙල්ලේ… ඉක්මනටම අපිට පිස්සු දේවාෂි ඕන… ප්‍රශ්න විසදගෙන ඉක්මනින් එන්න මැණික..
        ????

    2. දේවාශි නංගියෝ මිකක් හරි අව්ලකද.කෝ අද කතා පෙට්ටිය වැහිලද.හිනා වෙලා සතුටින් ඉන්න හලිද.ආදරෙයි ??????

    3. උක්කූං පුතා(SuMi )

      අද මොකද මගේ නංගියා දුකෙන් මගේ කොමෙන්ට් කරලා… ඔයා ලෙඩ වෙලාද dewashi නංගියෝ… මේ ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ අරිද… කතාව ගැන මුකුත් නොකියා ඉන්නම් කෝ.. හෙට ඉඳලා බැනුම් නාන්න වෙන නිසා..මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  13. යකු එතෙක්වත් නෑ. මං ඉතින් ගොනා වගේ කියවලා. මං යනවා යන්න. හ්ම්

    1. යන්න එපා තුදූ.ඔන්න අපිනම් ඔයාට ගොනා කිව්වේ නෑ.. මැණික ඔයාමයි කියා ගත්තේ ???

    1. උක්කූං පුතා(SuMi )

      කොහොමද නංගියා ඊයේ දැක්කෙත් නෑ මම ඔයා හොදින් නේද තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

  14. නිරෝෂා ලක්මාලි

    හත්දෙයියනේ හිතුවා වගේම අභිගේ මතකය ආවා එහෙනම්. පුදුම සතුටක් දැනුණේ. පවනිගේ කන හරහා හොඳ පාරක්නේ දෙන්න තිබුණේ කියපු බොරුවට. මල්ලිගේ නම් වරදක් නෑ එයා කරේ අභිට තවත් බලපෑමක් වෙයි කියලානේ ෆෝන් එක ගැන වුණත් හැංගුවේ.

    වෙලාවට අභිට ඉන්දුවත් මතකයි. දෙන්නම එක්කෙනෙක් කියලා දැන ගත්තා. ඒ වගේම සෂානි මැරිලා නෑ කියලත් දැන ගත්තා. ඒත් මට හිතාගන්න බැරි ඒ ෆොටෝ වගයක් වෙද මහත්තයාට පෙන්නුවේ කොහොමද සෂානිගේ ෆොටෝ කොහෙන්ද ඔය එක්ක ගිය අය එක්ක හිටිය ඒවා. පිස්සුත් හැදෙනවා මේවා හිතලා දැන්.

    ඒ චතුරගේ අම්මායි තාත්තායි වෙන්නම ඇති. එතකොට මේ හැමදේම ඒ මිනිස්සුත් දන්නවද. තියන්න වටින්නේ නෑනේ ඔය හැමෝම. ඒත් සෂානිට මෙහෙම දෙයක් කරන්නේ ඇයි. ඒ ගැන නම් තාම මොකුත්ම හිතාගන්න බෑ.

    සතුටින් කතාව කියවන් ආවා ඒත් මේ මොකක්ද අන්තිමට වුණේ. සෂානිව හම්බ වුණ සතුටට මේ මොකක්ද ඒ පාර වෙන්න යන්නේ. ඉන්දුට අභි දැක්කම සතුටු හිතෙන්න එපැයි ඒත් මේ ඇයි ගැහුවේ. ඔළුවත් එක්ක අවුල් වෙනවා වෙන දේවල් දැක්කම.

    ඇයි අයියා ඔයා ඔහොම බාල්දි පෙරලන්නේ මේ ආදරේට. එක කරදරයක් ද. මෙච්චර දේවල් වෙලත් මෙහෙම ඉන්නවා කියන්නේ නම් ලොකු පුදුමයක්. ඇති වගේ නැද්ද අයියා ඔය කරදර දුන්නා ඒ දෙන්නට.

    ?????????????
    ? ලෝකය දිහා අපි මොන විදිහට
    ? බැලුවත්
    ? අපි දන්න ඇත්තක් තියෙනවා
    ? අටවකදාට
    ? හඳ (?) පාළුයි
    ? පසළොස්වකදාට
    ? හිත පිරෙන්න
    ? හඳ (?) අහසින් එකයි
    ? අමාවකදාට
    ? තරු (?) විතරයි
    ? හඳ (?) පේන්නවත් නෑ
    ? ඒත්,,
    ? අමාවක ගෙවුණට පස්සේ
    ? වළාකුළු (☁) ඈත් කරන්
    ? හඳ ආයෙත් එනවා
    ? ආදරයේ වසන්තයත්
    ? හරි ඉක්මනට ඒවී
    ? හැමදාම සතුට නෑ තමයි
    ? ඒත් දුක සදාකාලික නෑ
    ?????????????

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. ලාස්සනයි නිරෝ අක්කියෝ…
      ????
      චතුරගේ ගෙදරින් ආවානම්… ෂානි ඒ ගෙදර ඉද්දි ගහපු ෆොටෝ ද දන්නැ නේ ද අක්කි සමහර විට වෙන්න පුළුවන් ඉතින්…
      ???

    2. ? මහිංසා ?

      නිරෝ මගේ මැණික… හරි ලස්සනයි…ඒ ගැලපීම… ලොකු පණිවිඩයක් තියෙනවා එකේ… ඉතින් මැණික කොහොමද පරිස්සමින් සතුටින් සනීපයෙන් ඉන්නව නේද

    3. උක්කූං පුතා(SuMi )

      කොහොමද මගේ නිරෝෂා nangiya ඔයා හොදින් නේද ෆෝන් එකට නම් මුකුත් වෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා මං ඒ මොහොතේම මට මේ ලැබෙන කොමෙන්ට් එකත් නැති වෙනවා ඔයා ගැන හොයන්න විදිහකුත් නැති වෙනවා..

      කතාව ගැන නම් මුකුත්ම කියන්න මොකද හෙට ඉඳලා බාල්දි පෙරලෙන නිසා… තව දවස් දෙක තුනකින් ශානි තමයි කතාව කියන්නේ රවින් නෙවෙයි ????

      මේ වගේ ඒ දිග කමෙන්ට් දකිද්දී ඇත්තටම සතුටුයි නම් ගේ රිප්ලයි කරන්න කොච්චර ආස වුනත් ගොඩක් වෙලා ඉන්න බැරි නිසයි පොඩි රිප්ලයි එකක් දාන්න…මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි මගේ නංගී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

      හැමෝම කවි ලියන්නෙ
      පසළොස්වකට
      හැඕටම අමාවක අමතක වෙනවා
      වේදනාත්මක මතකයක් විතරයි
      අමාවක කියන්නේ
      ඒ උනත්
      සොලොස්කලා පහු කරලා
      අවසානයට ආයෙමත්
      පසළොස්වක උදාවෙනවා
      ආයෙමත් සතුට පැමිණෙනවා
      එහෙම තමයි ජීවිතෙත්
      අදුරු වලාකුලු අස්සේ
      ලස්සනම රිදී රේකාවක් තියෙනවා
      දිග සීත කාලෙකට පස්සේ
      ආයෙමත් වසන්තය එනවා
      ඉතිං ඒ වගේම
      ආයෙමත් මේ ජීවිත වලට
      ලස්සන වසන්තයක් ඒවි කියලා
      අපි හිතමු ,,,,,,

  15. ඔයෙ මං කිවානේ ……අර බූරු හිපාටුවගෙ ගෙදර අය වෙන්න ඇති…ශානි ඉන්නවානේ ලොකූ……මේක ඔයාට ???
    හොඳ වැඩේ පවන් සලාට…ඒ හැකරැල්ලී දැන ගෙන ඉදලානේ ඒ ශානි කියලා…අහු උනොත් මට හම ගහනව ඕඕ යැස්….
    ශුවර් එකට් ශානිගේ ඔලුව වෙනස් කරන්න ඇති අර එක්ක ගිය අය.
    ඒකනේ රවීන්ට කන පුරොලා දුන්නේ…..මොනා උනත් රවීන්ට මතකේ ආව එකනම් ලොකු දෙයක්…මේ අයියේ කෝ අර නිර්වාන් ….මොකා කොහේ පතබෑවිලාද
    හි හී මරු දැන් කතාව…..

    අයියේ ඔයාට කොහොමද දැන් …..අඩුයිද ….බෙහෙත් එහෙම බීලා එන්න අපි එක්ක රන්ඩු කරන්න….

    හිතම හිරි වැටෙනා
    මතකයන් අතරේ
    ඔබ ඉන්නවා අදටත් ජීවත් වෙලා
    දෙතැන පිරි දිලා
    උන්නාට මෙලොවේ
    මට දැනෙනවා ඔබ ලග ඉන්නවා
    ආදරේ මා සොයනා මොහොතේ ඇයි
    මගෙන් ඈතට ඔබ යන්නේ
    මතු බවයෙදි අපි දෙන්නා
    නැවතත් හමු වෙන්න කියා
    මං පතනවා දිවිය පුරා
    ඔබ මගේ වෙනවනම්
    සත්තකින් ඒ තරම් සැනසුමක්
    නෑ තවත් ඇත්තමයි රත්තරං
    මිය යන්න ඔබගේ රුව පෙනෙන
    මානයේ මට වරම් නෑ
    ඔබ කොහේ සැග
    අපෙ පෙම් කතාවෙ අවසානයි මේ
    ඔබේ වෙන්න මා කල පින් මදි උනේ
    ආදරේ මා සොයනා මොහොතේ ඇයි මගෙන් ඈතට ඔබ යන්නේ
    මතු බවයෙදි අපි දෙන්න හමුවෙන්න
    කියා මා පතනවා දිවිය පුරා

    1. ?නොහදුනන්නී ?

      මේ සිංදුව ගොඩක් ලස්සනයි …හිංදි සින්දුවක…සින්හල වර්ශන් එක…අශාන් ප්‍රනාන්දුඑ නේද…

      1. කබි අල්විදා නා කෙහෙනා සිංදුවේ සිංහල වර්ශන් එක තමා මතක විදියට.හ්ම්ම්ම් අශාන් ප්‍රානාන්දු ගෙ තමා.

    2. උක්කූං පුතා(SuMi )

      කොහොමද මගේ පෙරේරා නංගී.. කෑවද බීවද සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද…ඇත්තටම අර සතුටුයි නංගි මේ වගේ කොමෙන්ට් දකිද්දී ඒක වචනයෙන් කියන්න මම දන්නෙ නෑ..ඒත් අයියට දිග රිප්ලයි කරන්න හරි අමාරුයි මේ දවස්වල හොඳේ ඒකට අයියට සමාවෙන්න ඕනේ…

      ඇත්තටම හරි සතුටුයි කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ මම මොකද මම දන්න මගේ දඟ සෙට් එක හරි නපුරුයි කියලා හෙට ඉඳලා අනිවාර්යෙන්ම මට බැනගෙන බැනගෙන යාවි.. මේ හැමදේකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්..

      වෙන් නොවන ලෙසින් මට
      ආසයි දිවුරන්න
      ළං වෙන්න නුඹ ළගට
      ආසයි මට සැනසෙන්න
      දිවිපුරා ළගතියන්
      සිනහවෙන් සරසන්න
      අනේ මට වරම් නෑ
      ඔබේ අතිනත ගන්න
      රත්තරං මේ ලෝකේ
      ලස්සන්‍යි පියකරුයි
      උඹ නිසයි එළිය උනේ
      අදුර දැන් මට හුරුයි
      ආයෙමත් එනවාද
      හිත අසන හැටි දැනෙයි
      රත්තරනේ මම තනිව
      ඉවසන්න බෑ අනේ

      1. ඊයා පෙරේරා කියන්න එපා අයියෝ….diw කියන්න….. කලා බීලා පරිස්සමින් ඉන්නවා අයියේ …ඔයාත් පරිස්සමින් ඉන්නවා නේ බෙහෙත් බීවද….
        ඔව් අපි නපුරුයි..මොකද අපිට ඉන්නේ නපුරු ලොකු අයියෙක් නේ.අනේ සමාවෙන්න කියන්න එපා.අයී එහෙම කිවොත් හොයන් අවිල්ලා ටොකු අනින්නේ…..

        බැහැ අපිට අපේ වන්නට
        එපා දිව්රන්නට බැහැ
        ලබන ඊළඟ භවේදීත්
        ඔබව අහිමි කර ගන්නට
        සිනා වී දඟ කරන්නට වරම් නෑ
        අපිට අපේම වී
        ඔබ නැති මා
        සද නැති අහසක් වී
        හැගෙනවාද මා වේදනා
        හැකි නම් දිව ඇවිත්
        හිස හොවා ගනිමි ඔබ ලයේ
        හිමියනි මා තොටියෙක්
        නැති ඔරුවක් වෙමි
        ආදර ගඟේ අතරමං වූ
        – ඉන්දු –

  16. මුලින් සමා වෙනු මට
    ඊයේ කමෙන්ට් නොකලට
    නිදි දෙව්දුව තුරුලට
    කලින්ම ගිහින් දොයිගන්න
    ? ????

    අනේ ඇත්තටම මට
    පනින්න හිතයි ළිදකට
    කනේ පාරක් සැරටම
    වැදුනා නේද අයියට ?

    ඇත්තමයි මේ කෙල්ලට
    මොන යකෙක් වැහිලද
    හැසිරුනේ මේ ලෙස
    මහ පාර මැදදිම

    මගෙ සුදු මල්ලිට
    එපා ඔහොම බනින්නට
    කරන්න කීව දේ කොල්ලට
    සිදුවුනේ දුකෙන් කරන්නට❤️

    වෙලාවකට මේ චතුරයත්
    පිස්සු නරලෝ හොල්මනක්
    කොහෙන් හරි මැද්දට
    කඩාගෙන පනිනවා

    අනේ අම්මපා ලගක
    හිටියනම් මූ පේන්නට
    හොම්බට හැට දෙකක්
    අනිනවා කොර වෙන්නට?

    ඇත්තටම මේ ප්ලෑන
    කාගේ වෙන්නට ඇතිද
    ඉන්දු කෙල්ලව ගෙන ගියේ
    රවින් මෙහි බව දැනගෙනද

    අයියේ නුඹෙ කතාව
    ඇත්තටම හරි ලස්සනයි
    කියවගෙන යනකොට
    මැවෙයි රූප එක පෙලකට

    ඉතින් අයියන්ඩියේ
    අදට සමු ගන්නද
    හෙටත් එන්නම් හනික
    පියාපතක සුව විදින්නට

    ලොකු අයියේ නුබට නිතර
    හිනාවෙලා සතුටින් ඉන්නට
    නිරෝගි සුව ලැබෙන්නටත්
    පතමි හැම දෙවි රැකවරනේ නුබහට..

    ජේසු පිහිටයි !!!!!!!”
    ???❤️❤️❤️????

    1. නිෂා සශී ?

      ගීති අක්කියෝ අම්මෝහ් ඒක මාව පිස්සෙක් කලා ඒයි ??????

      1. අනේ මයෙ මැණික උඹ දැක්කම මගෙත් පිස්සු ඩබල් උනා මයෙ සත්තලනේ.අපි දෙන්නම යමු ද එහෙනම් මෙන්ටල් හොස්පිට්ල් .හැබැයි කෝච්චියෙන් යමු හලිද

        1. නිෂා සශී ?

          යමු යමු පට්ට වැඩේ මට පුලුවන් කලින්ම රූම් එකක් බුක් කරගන්න එහෙන්

    2. උක්කූං පුතා(SuMi )

      සමාව ඉල්ලන්න එපා
      නංගි මගෙන් නම්
      නිදි ගත්තට අවුලක් නෑ
      ඔයා හොදින් නම්

      කනේ පාර වැදුනට
      නොහිතුව විදිහට දැන්
      වෙන්න තියෙන දේ තමානෙ
      වෙන්න යන්නෙ දැන්

      චතුර ඉතිං මහ ඇනයක්
      ඉස්සරවාගේ
      බාල්දිමයි පෙරලන්නේ
      කවදත් එකසේ

      හැමදාමත් අදත් නංගි
      කමෙන්ට් හරිම ලස්සනයි
      කවි ගානට ගලපනවා
      ඔබේ දක්ශකම එයයි

      කතාවෙ ඉදිරියට යද්දි
      හුගක් කතා වෙනස් වෙයි
      නොහිතුව ලොකු දෙයක් වෙලා
      ඔයාලා හැමෝම පුදුම වෙයි

      දිගටම කියවන්න නගෝ
      ඔයා ගොඩක් ආස වෙයි
      දිගටම ලොකු කමෙන්ට් ඕනා
      අයියගෙ පැතුම එයම වෙයි ?

      තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් මගෙ නංගි

  17. උක්කූං පුතා(SuMi )

    එක දිගට කොමෙන්ට් කරන්න අමාරුයි ඒක නිසා ටික ටික කරන්නේ අනිවාර්යෙන්ම ඔයාලා ඔක්කෝගෙම කමෙන්ට් වලට රිප්ලයි කරනවා මම හොඳේ

    1. නයෝ මධූ

      හාකෝ සුදු අයියේ…. මං දැන් ආවේ මේ පැත්තට. අදනම් බිසී ටිකක්.

  18. නයෝ මධූ

    දැන් හොඳයිද අයියා පන ඔයාට? වෙලාවට බෙහෙත් බීලා රෙස්ට් කරන්නත් ඕනේ හොඳේ මෙහෙම අපිට රිප්ලයි දැම්මට. නැත්නම් ආයේ ඔයාව අල්ලගන්න අපිට CID එක ගෙන්න ගන්න වෙනවනේ….. ???????

    අම්මෝ ඉතිං අපේ රවීන් කොල්ලට මතකය ආවා නේද? ඇති අප්පා ඔයින් ගියා නැත්නම් අර කිව්වා වගේ පවනිව කර ගහගෙන තමා ඉන්න වෙන්නේ. ඒත් ඉතිං පවනිත් පව් ඉතිං. ඒකපාර්ශ්වික ලව් එකක් නිසා එයා විඳින දුකක් ඉතිං. රවීන්ව මරන්න ප්ලෑන් කරලා ඔයා සතුටින් ඉන්නකෝ හොඳේ අයියේ. ඔයා ඉතිං කොහොමත් අපිට සතුට කන් හැන්දෙන් බෙදලා දුක දෙන්නේ කන්ටේනර් පිටින්නේ ඉතිං. ඒ නිසා සතුටින් ඉන්නකෝ ඔයා හොඳේ. මට හිතෙනවා ෂානි රවීන්ට ගහන්න ඇත්තේ පවනි ඉන්නවා කියලා දන්න නිසා වෙන්න ඇති නේද? ෂානි හිතනවා ඇති පවනිව රවීන්ට දෙන්න. ඒකනේ එයා ඩයිරියෙත් හැම තැනම වගේ ලියලා තිබ්බේ ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවෙයි කියලා. මෙහෙම කිව්වට ඉතිං මේ මගේ පණ්ඩිත කතා හොඳේ. අපේ අයියා ඉතිං හරි වෙනස්නේ. බලමුකෝ ඉතිං ඉස්සරහට.

    හැමෝම හොඳින් නේද? මං එන්නේ එක පාරයි වගේ අනේ මේ පැත්තට. ඒ නිසා අනිත් මැසේජ්වලට රිප්ලයි නෑ කියලා තරහා වෙන්න එපා සුදූලා හොඳේ. කට්ට්ටටිය හොඳින් ඉන්නවා නේද? අසනීප අය ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ සුමී අයියටත් එක්කම. බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න.

    1. උක්කූං පුතා(SuMi )

      දැන් මට ගොඩක් හොඳයි මගේ සුදු.. කොහොමද ඉතින් ඔයාට කෝ අපේ කසාද බැඳපු masi එයාට අපිව මතක නැද්ද ආදරෙන් මතක් කරා කියන්න.. බුද්ධිනි නංගිත් දැන් වැඩිය එන්නේ නෑ නේද.. එතකොට අපේ රෝස බෝලෙ ගෙ අම්මා.. චතු nangiya..ෂානි nangiya.. රුවන්ති .. චන්දි නංගි.. නෙතූ … ගොඩක් අය නෑ නේද දැන් ඔයාලගේ ගෲප් එකේ ඉන්නවද මතක් කරා කියන්න ඔක්කොම

      කතාව ගැන නම් ගොඩක් දේවල් කියන්නෙ නෑ මං හෙට ඉඳලා ලොකු රණ්ඩු බලාගන්න පුළුවන්.. හෙට ඉඳලා වැඩිය එන්න ඕන නෑ මොකද ගේ දඟ සෙට් එක ගැන මම දන්නවනේ ෂුවර් එකටම මාව අල්ලගෙන කාවි…

      මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි හරි සතුටින් මෙහෙම කොමෙන්ට් දකිද්දී.. හැමදාමත් සතුටින් පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔයාට ුබ රාත්‍රියක්

      1. නයෝ මධූ

        ගෲප් නෑ අයියේ. කට්ටියව හොයාගන්නවත් නෑ. මාෂිනම් ඉන්නවා. අයියවත් ආදරෙන් මතක් කළා කියන්න කිව්වා. ඔයා හැමදාම පරිස්සමෙන් ඉන්න ඕනේ හොඳේ. ගුඩ් නයිට් මගේ අයියේ. අනිත් හැමෝටමත් ගුඩ් නයිට්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.

  19. කතාව ගොඩක් ලස්සනයි අයියේ. ඔයා සාර්ථකයි. ඇත්තටම ඔයාගේ හැකියාව ගොඩක් ඉහළයි . ඒ හැකියාව තව තවත් සාර්ථක වෙන්න හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා මං. හෙට කොටස බලනකල් ඉවසිල්ලක් නෑ දැන්.

    චූටි කමෙන්ටුවක් උනාට තරහා වෙන්න එපා. හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න.
    බුදු සරණයි.

    මගෙ අක්කීලා නංගිලා මචංලා හැමෝටම ගුඩ් නයිට්. හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න.
    බුදු සරණයි
    ආදරෙයි මං ගොඩක් හැමෝටම.

    අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා. පරිස්සම් වෙන්න.

    ගුඩ් නයිට්.

    1. මගෙ බබාලා අහන්නකෝ. මේ ඇඩ් සීන් එන්නේ මට විතරද. ඒවා හරි වදේනේ. සමහර වෙලාවට අකුරු වරදිලා ටයිප් වෙන්නේ ඒවා නිසා.

    2. උක්කූං පුතා(SuMi )

      අනේ තරා නෑ බට්ටි මොකද මං දන්නවනේ අද ඇයි ඔයා එහෙම කරන්නේ කියලා ????

      හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ මගෙ නංගි හරිද තෙරුවන් සරණයි ඔයාට ඔයාගේ උඩ එකට මං කොමෙන්ට් කර බලන්න… සුභ රාත්‍රියක් ඔයාට.. මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි මගේ නං ගියා

  20. Chamodya Madusanki

    මගේ අක්කලා අයියලා හැමෝටම ලස්සන හීන දකින් ලස්සන හීන පේන සුබ රාත්‍රියක් වේවා.
    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න මගේ අක්කලා අයියලා හැමෝම
    ආදරෙයි ????

    1. උක්කූං පුතා(SuMi )

      සුබ රාත්‍රියක් ඔයාටත් නංගී හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

  21. දැනුයි කතාව කියෙව්වෙ අයියේ.ඕයේ අභීට මතකේ ආවා නේද අම්මෝ මේ දවස එනකන් බලාගෙන හිටියේ අප්පා.අදනම් සතුට කියලා වැඩක් නෑ.මේ සතුටට අයියට මන් ගානේ ලොකුම ලොකු චොකො එකක් දෙනවා.මේක අයියට ඔන්න ??????????????????????????????????????????????

    ඔයානම් මාර සප්‍රයිස් දෙන්නේ අප්පා.මේමත් කරනවද අනේ.මතකෙ ආවට ඉන්දු නෑනේ ඉතින්.මදැයි කොලා.මන්නම් හිතුවෙ පවනිව සරණපාවා ගනීම කියලා අනේ.මේම උන එකනම් හොදම හොදයි මතකේ ආවනේ දැන් ශානිව හොයන්නයි තියෙන්නෙ ඉතින්.පවනි කීව බොරු වලට දෙන්න තිබුනේ කන පුරෝලා දෙකක්ම.ඇයි අනේ එල්ලෙන්න හැදුවෙ අභීගේ ඇගේ හොදම වැඩේ දැන් ඉන්නවා මූකලන් බ්ස්සි වගෙ.ඇයි අප්පා.අයියෝ තලා ගත්තා මදි අප්පා අභී ඔයිට වඩා තලා අරගෙන බයින්නනේ තිබ්බෙ.මන් ඒමනම් දෙනවා කන රත් වෙන්නම ඇයි අනේ කොච්චර ලොකු වැරැද්දක්ද කෙරුවෙ පරණ දේවල් අමතකම වෙන්න දීලා.මල්ලිටත් දෙන්න තිබ්බෙ පාර අමතක දේවල් අමතකම කරලා දාන්න හැදුවෙ කට්ටිටම එකතු වෙලා.???අභීගේ වෙලාවට කරනමක් ගහලා හරි ඔලුව වැදුනේ නැතිනම් මොන විනාසයක් වෙයිද දන්නෑ ඔක්කොටම හපන් අර බස්සි එල්ලුනොත් ඒම ආයේ අයින් කරනවා බොරු.

    හැබැයි පවනි ඉන්දු ගැන කියන්න හැදුවා නේද අභී කියන්න දුන්නෑනේ යක්ශාවේශ වෙලා කෑ ගාන්න ගත්තනේ මුකුත් කරන්න බැරි ඕකනේ ඉතින්.නැට්ට පාගගෙන කෑ ගානවනේ.නපුරු උනාමත් මරු ඉතින්.ඒත් වැඩියෙ නපුරු නරක ළමයෙක් ඒම වෙන්න එපා ඔන්න..

    මල්ලි කීව එකනම් ඇත්ත මේ ලොකේ දේව්දාස්ලා නෑ ආදරේ අයිති කරගන්න මොන දේ හරි කරන්න තරම් ශක්තියක් තියෙනවා කාට උනත්.එක හිතින්ම ආදෙරේ කරද්දී ඒ ආදරේ අතඇරගන්නෑ කවුරුවත්ම.හැමෝටම ඕනා ඒ ආදරේ තමන්ගෙම කරගන්න.ඒ අතින් පවනි කරන්න හැදුවෙත් ඒ දේම තමයි.පවනි අහීට ආදරේ කලාට අභී ආදරේ ශානිට.ශානිත් අභීට පණ ඇරලා ආදරේ කරදිදි පවනි ආදරේ හිතෙ තියාගෙන ඒ දෙන්නගේ ආදරේ බල බලා විදවනවා ඒ දෙන්නා අතරට තුන් වෙනියා වෙලා පවනි බොරුවට විදවනවා තමන්ට ආදරේ කරන්නැති කෙනෙක්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන එක මෝඩකමක් අපි ආදරේ කරන්න ඕනා අපිට ආදරේ කෙනෙක්ට අපි ආදරේ කෙනෙක්ට නෙවෙයි.ඉන්දුට අභී නැතිවවත් අභීට ඉන්දු නැතිවවත් ජීවිතයක් නෑ ඒකයි ඇත්ත…හපොයි කියෙව්වා වැඩි වගේ නේද…

    අනේ අභීට ඉන්දු ගැහුවෙ ඇයි.මන් හිතන්නේ ඉන්දුව අරන් යන්න ඇත්තේ චතුරගේ ගෙදර අය වෙන්න ඇති.සමහරවිට එයාලා කීවද දන්නෑ ඉන්දුට මෙහෙම උනේ අභී නිසා කියලා.ඒ තරහට ගැහුවාවත්ද හිතාගන්න බෑ මටනම්.හාල් ගැරඩිය පෙන්නත් නෑ සාධාරණ සැකයක් එනවා අලි බාල්දියක් පෙරලයි කියලනම්.ලොකු අයියනේ.ශුවර් කරන්නම බෑ…

    සනීපයි නේද අයියේ දැන් බේත් බීලා පරිස්සමින් ඉන්න.කියන දෙයක් අහන්නෑනේ ඉතින් 4න් එකේම ඉන්න එපා.හොදේ දළදා සමිදු පිහිටයි අයියේ බුදු සරණයි සුභ රාත්‍රියක් …????

    1. උක්කූං පුතා(SuMi )

      අනේ ඉතිං මෙච්චර ආදරෙන් කොමෙන්ට් කරද්දි මම පෙරන බාල්දි වලට කොච්චර දුක හිතෙන ද ගෙන මට දැන් දැනෙනවා… ඒත් මොනව කරන්නද.. කතාව කියවන ඔයාලට දෙයක් දෙන්න නේ මට ඕනේ…..ඒක නිසා දුක සතුට ඔක්කොම ඉවසගෙන ඉන්න වෙනවා හොදේ මොකද හෙට ඉඳලා කතාව වෙනස්ම විදියට හැරෙන නිසා.. සමහර විට ඔයාල ආදරේ කරපු චරිත වලට ඔයාලා වෛර කරන්නත් පුළුවන්

      ඇත්තටම හරි සතුටු මේ වගේ කොමෙන්ට් දකිද්දී ඔයාලා නිසයි මං සතුටින් ඉන්නේ ඔයාලගෙ කොමෙන්ට් තමයි මගෙ වත්කම ඔයාලා නිසයි මට කතා ලියන්න ආස වෙන්නේ…ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ මගේ නං ගියා මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් මගෙ නංගි ඔයාට

  22. කාලුත් නෑනේ ඉතින් මන් තනිවම කතාව කියවලා කමෙන්ට් දාලා ගියා ඔන්න.
    අසනීප වෙලා ඉන්න අය ඉක්මනටම සනීප වෙලා දුවලා එන්න හොදද දුකින් ඉන්න අයගෙ හිත් ඉක්මනටම සතුටින් පිරිලා ඉතිරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    සුභ රාත්‍රියක් දගයෝ හැමෝටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි ආයේ හෙට එන්නම්කෝ…??????????

    1. උක්කූං පුතා(SuMi )

      මම තාම රිප්ලයි කරනවා නංගියා…මම ඒත් බැලුවා පොඩි කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ මොකද කියලා දැන් තමයි ඔයාගේ කොමෙන්ට් එක දැක්කෙ

  23. ? මහිංසා ?

    ?????????????

    සඳක් වෙන්නට
    ඔබේ ලොවේ
    නෑ මට ඉඩහසරක්
    සැබෑවට
    මගේ සුදු රත්තරනේ…..
    පුරහඳ වී
    ලඟ ඉන්නට
    ඉඩ නැති වුවත්…
    අමාවක සඳ සේ
    ඉන්නම් සැඟවී
    ලොවට හොරෙන්
    නුඹේ සිත් අහසේ……

    ?????????????

    කතාව නම් පට්ට සුපිරියි…. එකෙන්ම… ඔයා ඉතින් හරි දක්ෂයිනේ ලොකු. අන්තිමට කොහොමහරි රවින්ගේ මතකය ආවා නේද…. මටනම් හිතුනා ඊයේ කොටස කියවද්දී… කවියෙන් වැටිලා ඔහොම එකක් වෙයි කියලා… රවීන්ගෙ කේන්තියෙන් හරිම සාධාරණයි.., කමක් නෑ ඉතින් කොහොම හරි අන්තිමට කවීන්ගෙ මතකය ආවා නේ. පවනි නැත්තං රවීන් බැඳගන්නවා… පව් මල්ලි බැනුම් ඇහුවා… පවනි ගිහින් මල්ලිට කියන්න ඇති. ඒකනේ මල්ලි ඔච්චර විස්තර ඇහුවේ ඉන්දු ගැන….

    මොනා උනත් ලොකු හා රවීන් ඔයා නිසා අවසානයෙ රවීන් ජීවත් වෙන්න ඕන… එහෙම නැති වුනොත් කතාවෙන් මොන තරම් ආදර්ශ තිබුනත් ඒක හදවතට දැනෙන එකක් නෑ ලොකු දැන් ඔයාට කොහොමද …. බෙහෙත් ටික බීලා පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න. ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ඔයාටත් අසනීප වෙලා ඉන්න දඟ පවුලෙ හැමෝටමත් …..???????????????????????????

    1. උක්කූං පුතා(SuMi )

      අම්මෝ මගෙ ලොක්කි එක නං හරිම ලස්සනයි

      සඳක් වෙන්නට
      මගේ ලොවේ
      නුඹට තිබේ ඉඩහසරක්
      ජීවත් වෙන්නට
      මගේ ලොවේ
      මගෙ රත්තරනේ…

      වෙන්නට එපා අමාවක
      මගේ ජීවිතේ අඳුරු වෙන්න
      වෙයන් පුර සඳක්
      දිදුලන්න මගේ ලොවේ…

      හරියට ආවෙත් නෑ නංගියා නිදිමත විකාරය ලියන්නෙ…කතාව ගැන නම් මොකුත් කියන්නේ නැහැ මොකද මම දන්නවනේ මගේ දඟ සෙට් එක ගැන හෙට ඉඳලා හොඳ හොඳ සෙල්ලම් දකින්න නිසා.. හැංගිලා ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම බනිනවා කියලා මම දන්නවා..

      කෑවද බිව්වද සතුටින් ඉන්නව නේද.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි මගේ නංගියා තෙරුවන් සරණයි ඔයාට ුබ රාත්‍රියක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හරිද

  24. අම්මෝ……… හරි මාන්සී අප්පා පහළට රූටලා… ? ? කෝමද අයියා මචන් වදකාර ඔලුව කැක්කුම හොදයිද දැන්.. බේත් ගත්තද.. බේත් බිව්වද… සැපෙන් සනීපෙන් ඉන්නෝද…
    හිටපු ගමන් මතකෙ යනෝ ආය නොකියම මතකෙ එනෝ.. ඒමත් ෂෝයි නේ..? මේ ටිකිරි මොලෙත් කොහෙ හරි වද්දන් බලන්නෝන මතකෙ යයිද කියලා..? ම්…………… ? දැන් එතකොට රවීන් හිපාටුවට මතකෙ ආවා නේ… දැන් පුරස්නෙ තීන්නෙ ෂානි ගෙම්බි ලග නේද.. ෂානි I LOVE YOU SOOOOOOOOOOOOOOOOOOOOOOOOO MUCH ඕම නෙමෙ වස්තුවෙ තව ටිකක් සැරෙන් වැරෙන් කම්බුල අතගෑවනම් තමා වටින්නෙ ඔය හැකරල්ලගෙ… සාදු රවීනයො සාදු තමුන්ට… අර කොහෙවත් ඉන්න පවන් සලෙක්ව හුරතල් කර කර ඉදියට හොද තඩි මඩු වලිගයකින් සලකන්න ඕනි… මතකෙ නැති උණත් කොහෙවත් ඉදන් ආපු පවනෙක්ව හුරතල් කලානෙ ඇටි රිලවා.. ඒත් ඇයී ෂානි රවීන්ට ගැහුවේ… ? අන්න ඒක නම් ටිකා……..ක් හිතන්න ඕනි දෙයක්… කෝම උනත් අවසානෙ සුභ වෙන්න ඕනි අයියා මචන්…… ඒම නොවුනොත්….. බලාගමු හරිය…
    පවනි ගැඩවිලිච්චියේ…. කොයි බලන්න ඔය අපාය සහයක මූණ පොඩ්ඩක්… ආයිස් අප්පා…… ලස්සනයි හොදේ.. ඕම නෙමේ තමුසෙට වෙන්න ඕනි බටකොළ ආච්චි.. ගියා රවීන්ට ලව් කොරන්න උලමි… ඔය දුෂ්ඨවතීට අර රවීන් කොලුවා.. කවදාවත් වෙන් නැති දෙයක්… ඔය හැකරැල්ලිට ගැලපෙන්නෙ අර චතුර වගේ රීරි යකෙක්ව තමා.. මහසෝනී. මෝහිනි.. ගොන් බතලි.. යසම යසයි යසම යසයි… යනවකෝ වදේ යන දීපන්කරේක මේ කතාවට ඇණයක් නොවී.. මේ… ඒක නෙමේ කෝ අනේ අර ෂාන් කොලුවා.. දකින්නත් ආසයි අප්පා… මතක් කරා කියන්නකෝ..??
    කතාව ලස්සනයි අයියා මචන්.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි..බුදුසරණයි..!!

    1. උක්කූං පුතා(SuMi )

      දුල් මචී මොකෝ බං මට ඔය විදිහට බනින්නෙ රවීන් කියන්නේ මම කියලා දන්නේ නැද්ද ????

      හද මේම බනිනව නම් හෙට ඉඳලා කෝම බනීවිද ඒක නිසා එට ඉදල එන්නෙ ම නැතිව ඉන්න ඕනේ…ඇත්තටම සතුටුයි බං මේ වගේ කොමෙන්ට් දකිද්දී මම නිදාගන්න යන්න ඇතිවේ මට නිකං සුවඳක් ඇවිල්ලා තමයි මේ පැත්තට ආවෙ අන්තිම කොමෙන්ට් එක ඔබගේ කියලා දැනගෙන…කොහොමද ඉතින් මගේ නංගියේ ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නව නේද අපේ චූටි දූ හොඳින් නේද මාව ආදරෙන් මතක් කරා කියන්න..මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි යා කතාව ගැන මම මොකුත් කියන්නේ නෑමයි මම දන්නවනේ මගේ දඟ සෙට් එක ගැන

      කම්මුල අත ගෑවේ මොකද කියලා හෙට දැනගන්න පුළුවන්..මේ හැමදේකටම බොහෝමත්ම ස්තුතියි සතුටින් පරිස්සමෙන් ඉන්න මචං තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. ඒ රවීන් කොස් ඇට මීයා ඔයා කියාලා දන්න නිසාම තමා බනින්නෙ.. ? අපි හොදින් අයියා මචන්.. චූටි දූ සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නෝ අයියේ.. හෙට ඉදන් කතාව මට කියවන්නෙ වෙන් නෑනෙ.. කමක් නෑ පස්සෙ කියවන්නම්කෝ.. අයියා මචන්නුත් සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. සුභම සුභ රාත්‍රියක් ඔයාට..

    2. ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
      ❣️නොදුටුවට ඔය රූපෙ
      ❣️හදවතට පෙම් කලේ
      ❣️මතකයම හැර ගියත්
      ❣️නිමක් නෑ ආදරේ
      ❣️සංසාරෙ පුරාවට
      ❣️පතන් ආ ආදරේ
      ❣️දන් දෙන්න පුලුවනිද
      ❣️පවසන්න රත්තරන්..
      ❣️ඔය අතින් අල්ලාන
      ❣️දිවි මගෙ ඇවිදින්න
      ❣️ඔය තුරුලෙ සැනසෙන්න
      ❣️ජීවිතය විදගන්න
      ❣️මේ හිතේ මැව් හීන
      ❣️දැණුනාද ඔය හිතට..
      ❣️හැරයන්නෙ නෑමයි
      ❣️දිවුරුවෙත් ඔබමයී
      ❣️අද මෙලෙස දුරකින්
      ❣️රැදෙන්නෙත් ඔබමයී…
      ❣️දන්නවද මේ පපුව
      ❣️අයදිනා තරමක්
      ❣️ඔබේ සෙනෙහස
      ❣️පෙර දිනේ මෙන් අදත්..
      ❣️පැතුවෙ එක පැතුමයි
      ❣️ඒ ඔබේ සතුටයි
      ❣️කොතැන කා සමගින්
      ❣️දිවිගෙවූවත් මෙලොව
      ❣️සතුටින්ම හිනැහෙන්න
      ❣️මගේ රත්තරනෙ නුඹ…..
      ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

      රවීන්ගෙන් ෂානිටද ?
      ෂානිගෙන් රවීන්ටද ?
      අනේ…………….. මන්දා…
      ??????????

  25. හැමෝගෙම කවි නිසදැස් ඒ වගේම රිප්ලයි කවි නිසදැස් හරිම ලස්සනයි.. තනි තනියෙන් කමෙන්ට් නොකලට සොලී.. උදේ ඉදන් චූටි දූ එක්ක පෙර පාසැල් වැඩ.. ඒ නිසා තරහා වෙන්න එපා කස්ටිය… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න ඕනි හැමෝම.. දළදා සමිදු පිහිටයි ඔයාලා හැමෝටම.. බුදුසරණයි..!!!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.