Katha Ahura

? ගිනි කිරිල්ලී | පනස් හතර වෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

පනස් හතරවෙනි පියාපත

————————————————————————————————————————————

එතකොටයි මං දැක්කේ ශේශ්ගේ ලැප් එකේ දාලා තිබ්බ ෆොටෝ එක..

ඇත්තමයි මගේ කකුල් දෙක පන නැති වුණා වගේ..

ෆොටෝ එකේ ශේශ් හිටියේ පිරිමි කෙනෙක් එක්ක..

ඒ කෙනා…

එයා තමයි එදා තොල් රතු යක්ශණී එක්ක මළ ගෙදරදි කතා කර කර හිටියේ.. මට විශ්වාසයි..

ඊටත් වඩා මගේ මතකේ මට විශ්වාසයි… මෙයා තමයි මගේ තාත්තගේ මිනීමැරුවා..

මං ඇස් දෙකෙන්ම දැක්කා මෙයා මගේ තාත්තට පිහියෙන් අනිනවා.. මට අදටත්, මේ දැනුත් ඒක මැවිලා පේනවා වගේ..

මගේ මුලු ඇඟම හිරි වැටීගෙන එද්දි මං අඩියක් දෙකක් පස්සට ගියා..

ඒ මිනීමැරුවා ශේශ් එක්ක..

මං එහෙම කාමරේට ආවා.. මට දැනුනේ මගේ ඔළුව වටේ මුළු ලෝකෙම කැරකෙනවා වගේ..

මං ඇඳෙන් වාඩි වෙලා කොට්ටෙන් ඔළුව වහ ගත්තා..

ශේශ් කියන්නේ මේ ගිනීගේ ජීවිතය.. කිසිම පිරිමියෙක්ගේ හුස්මක්වත් නොවැටුනු මගේ පිස්සු හිත ලස්සනට සංසුන් කරලා මගෙන් ගිනීව මැව්වේ ඔයා..

ඒත් දෙයියනේ.. කොහොමද ඔයා අර මිනීමැරුවා එක්ක හිටියේ.. එයත් එක්ක එදා හුඟක් ළඟින් කතා කර කර හිටියේ තොල් රතු යක්ශණී..

මොකක්ද මෙයාලාගේ අතර තියෙන සම්බන්දේ…

ශේශ් එදා වෙච්ච දේ මුල ඉදන් දැනන් හිටියානම් ඇයි තොල් රතු යක්ෂනීට එච්චර සමීප වෙලා හිටියේ එදා..

මොකක්ද මේ වෙන්නේ..?? ශේශ්, තොල් රතු යක්ෂනී, අර මිනිහා.. මේ තුන් දෙනා කොහොමද එක පැත්තක් වුණේ..??

ශේශ් දන්නවා නම් තොල් රතු යක්ෂනී තමයි මේ හැමදේම කරේ කියලා ඇයි තාමත්..

මේවා හිතද්දි මගේ ඔලුවත් රිදෙනවා.. ශේශ් මට ආදරෙයි.. ගොඩක් ආදරෙයි..

මං දන්නවා ශේශ් මට හෙමීට පැහැදිලි කරලා දේවි.. වුණේ මොනාද..? වෙන්නේ මොනාද කියලා.. නිකම් හිත කලබල කර ගන්න එපා ගිනී..

මං හෙමීට ඇස් පියා ගත්තා..

මට ඕනි වුණේ සැනසීමෙන් ලොකූ හුස්මක් ගන්න විතරයි..

ශේශ් මට ගොඩාක් ආදරෙයි කියන සිතුවිල්ලෙන් මගේ ළය පුරව ගෙන මං ලොකූ හුස්මක් ගත්තා..

එකපාරටම මට මතක් වුණේ ශේශ්ගේ කබඩ් එකේ තියලා මට හම්බ වෙච්ච ෆොටෝ එක..

ඒකේ හිටියෙත් මෙයාම තමයි.. එතකොට අර ඒකේ හිටපු බබා ශේශ්ද..?? එහෙනම් මගේ තාත්තගේ මිනීමැරුවා ශේශ්ගේ..???

නෑ.. එහෙම නෑ.. මොනාද මං මේ හිතන්නේ.. එහෙම වෙන්නේ නෑ.. එහෙම වෙන්නත් බෑ..

මටත් නොදැනුව මං හයියෙන් හුස්ම ගන්න පටන් අරන්..

“ගිනී..”

ශේශ්ගේ කට හඬ ඇහෙද්දිම මං දාඩිය පිහිද ගෙන කලබලෙන් වාඩි වුණා..

“මොකෝ මේ..?”

ශේශ් එක ඇහැක් පොඩි කරලා එහෙම අහද්දි නම් ලොකූ ආදරයක් දැනෙනවා..

මං බිම බලාගෙනම ඔලුව හෙලෙව්වා..

“තාම මුකුත් කරෙත් නෑ මං.. මෙයාට දැං ඉදලම අමාරුයිනේ..”

“හරි නරකයි ඔයා.. ”

“මොකක්ද මගේ නරක..?? ඉස්සර පිස්සු කෙල්ල කොච්චරවත් මගේ තුරුලෙමයි.. රෑට ඉන්න දෙන්නෙම නෑ. මගේ පපුව අස්සටමයි එන්නේ.. මං හොඳ හින්දා ඉතින් හරි අමාරුවෙන් ඉවසන් හිටියා..”

අපොයි දෙයියනේ…!!! ඒ කතාවට නම් මට ඇඳත් දෙකට කඩන් පොළවටම රිංගන්න හිතුණා..

ලැජ්ජාවේ බෑ..

“ආ මොකෝ කෙල්ලේ ලැජ්ජද..?? පස්සේ ඇඹරෙනවා.. දැං එනවා කන්න යන්න..”

මට මේ තරම් ආදරෙන් ඉන්න ශේශ් අතින් නම් මට කවදාවත් වරදක් වෙන්නේ නෑ. ඔව් මං ඒක විශ්වාස කරනවා.. හදවතින්ම අදහනවා…

ශේශ් ලොකූ බත් එකක් බෙදා ගෙන මට දුන්නා..

“මේකෙන් අනලා ඔක්කොම මට කවනවා..”

“එතකොට මට..??”

“තමුසේ කෙළ ගිලිනවා..”

ම්ම්ම්ම්ම්ම්ම්ම් ශේශ් නාගයා..!!

මං ශේශ්ට රවාගෙනම බත් අනලා කැව්වා.. පොඩි එකෙක් වගේ කන ලස්සන..

දීපකුත් ඇවිත් වාඩි වුණා..

දැං දෙන්නම් ජම්බෝ..

මට කන්න නොදී අලි බත් එක තනියම කනවනේ..

බත් එක අයිනේ තිබ්බ ලොකු මිරිස් කරල දෙකට තුනට කඩලා බත් එකට දාලා ශේශ්ට කැව්වා..

සැර වුණත් ඉවසන් ඉන්නේ නැතෑ.. දීපක් ඉන්න හින්දා මට බනින්නත් බෑනේ..

ශේශ් සද්ද නොකර බත් කට නම් කෑවා… මිරිස් වලට ප්‍රතිචාර නැද්ද..??

සමහරවිට කොයි වෙලෙත් ඉන්නේ කොච්චි මිරිස් වගේ හින්දා දැනෙන්නේ නැතුව ඇති..

මං ඊළඟ කටට කරපිංචා, සුදු ළූණු, කුරුඳු අනම් මනම් ඔක්කොම ටික දාලා කැව්වා..

ඒවා මං නොකෑවට ශේශ් නාගයා කනවද දන්නේ නෑ..

ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒත් කිසි ප්‍රතිචාරයක් නෑනේ.. මෙයා නම් කවුද මන්දා..

ඊළඟ කටට තව මිරිස් කරලක් ගන්න හදද්දිම ශේශ් මගේ ඉන ඇල්ලුවා..

ඊට පස්සේ මං මූණත් බෙරි කරන් බත් පිඟානම කැව්වා..

ඔක්කොම ටික කාලා වතුර වීදුරුවත් බීලා සද්ද නැතුව ගියපු හැටි.. දෙන්න හිතයි නපුරු මිනිහගේ තට්ටේට මේ පිඟානෙන්ම..

දැං නම් අප්පා බඩගිනිත් නෑ වගේ..

“මේක කනවා..”

මං බත් ටිකක් බෙදා ගන්න හදද්දිම ශේශ් ඇවිත් බෑග් එකක් දුන්නා..

අම්මෝ….!!! රයිස්ස්ස්ස්ස්ස්…

මං ආසම කෑමක්..

“මගේ හොඳ ශේශ් කොල්ලා…”

මං පට් ගාලා නැඟිටිලා ශේශ්ට කිස් එකක් දුන්නා.. රය්ස් දැක්ක ගමන් මට දීපක්වත් අමතක වුණා.. වස ලැජ්ජාව..

ශේශ් මුකුත් නොකිය මට රවන් යන්න ගියා..

එයා තව මොනා කියන්නද.. මට තියෙන්නේ කන්න..

මං රයිස් එකම කෑවා..

අපරාදේ ශේශ්ට මිරිස් කන්න වුණේ..??

මං කාලා ඉවර වෙලා කාමරේට ගියා.. ශේශ් ලැප් එකේ වැඩ..

මං ටීවි එක දාන් වාඩි වෙලා ඔහේ හිටියා..

එකපාරටම මට ඇහුණේ කවුරුහරි ගෙදර දොරට තට්ටු කරා වගේ..

දීපකුයි, ඇන්ටියි හිටපු හින්දා මං වැඩිය ගාණකට ගත්තේ නෑ..

දෙවෙනි පාරත් කවුරුහරි දොරට ගැහුවා..

මං හැදුවේ නැඟිටිලා යන්න..

“ඉන්නවා ඔහොම.. දොරට ගහන පාරට නැඟිටිලා ගිහින් බලන්න අපි ඉන්නේ බංගලාවක නෙවෙයි.. අපි ඉන්නේ හැංගිලා ගිනී..”

ටිකකින් ආවේ කවුරු වුණත් යන්න ගියා..

ශේශ් මට නොකිව්වට සීසීටීවී වලින් ආපු කෙනා දිහා බලන් හිටියා.. මාත් ඔළුව දාලා බැලුවා.. නිකන් ගමේ මනුස්සයෙක්..

අපි ලෝකෙන්ම හැංගිලා ජීවත් වෙන නිසාද මන්දා නිතරම ඉන්න ඕන බයෙන්..

සැනසීමෙන් ජීවත් වෙන්න මට කවදා වාසනාව ලැබෙයිද..??

එදා රෑත් ගිනී ශේශ් තවත් අනුරාගි හැඟීම් උතුරපු ලස්සන රැයක් වුණා..

ශේශ්… උමතුවක් තරම්ම මං ඔයාට ආදරෙයි…!!

ශේශ්ගේ මං කැමතිම උණුසුමේ ගුලි වෙලා සනීපෙට ඇස් පියා ගත්තා..

ටිකකින් මට ඇහුණේ කවුරුහරි ඇවිදින හඬක්.. අපේ ගේ වටේ..

අර හවස ආපු කෙනාද..?? ඒත් ඇයි..??

දහසක් ප්‍රශ්න එක්ක මං ශේශ්ව ඇහැරුවා..

“ශේශ්.. එළියෙන් සද්දයක් එනවා.. නැඟිටිලා බලන්නකෝ..”

ඇස් පිය ගහ ගහ ශේශ් සීසීටීවී කැමරා චෙක් කරා..

“හීනෙන් වෙන්න ඇති ගිනී.. නිදා ගම්මුකෝ..”

ඔව්.. ශේශ් කියනවා නම් හීනයක්ම වෙන්න ඇති.. මං ශේශ්ට තුරුල් වෙලා ඇස් පියා ගත්තා..

අනේ දෙවියනේ.. මේ සතුට හැමදාම අපිට දෙන්න..

මට යන්තම් නින්ද යාගෙන එද්දි කාමරේ ඇතුළේ මොකක් හරි වීදුරුවක් බිඳෙන හඬක් ඇහුණා..

මං හැදුවේ ඔලුව උස්සලා බලන්න..

ඒත් මොනවා වුණාද මන්දා.. මට එහෙමම නින්ද ගියා…

—————————————————————————————————————————–

ගිනී.. ඔයා නම් දඟ මල්ලක්..

ආදරෙයි පැට්ටෝ.. ශේශ් ඔයා නම් නපුරු කුමාරයෙක්..

බාල්දි සීසන් කමින් සූන්..!!!

ආදරෙයි හැමෝටම… හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ…

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..!
බුදු සරණයි..!

29 thoughts on “? ගිනි කිරිල්ලී | පනස් හතර වෙනි කොටස | නවකතා”

    1. කෝමද නිකන් රතු තොල් යස්සනී ශේෂ් නාගයව කසාද බැන්දොත් ඒම .. ??? නිකමට කිව්වේ.. ?

    2. මාධි අක්කියෝ……….. කෝ ඔයා……. ලග පාතක ඒම ඉන්නවැයී……… අර ඇමතියා ඇත්තටම ශේෂ් නාගයගෙ පිය නාගයද… අම්මෝ ඒම උනොත්……. ගිනී ආදරේ කරන්නෙ එයාගෙ පවුලම විනාස කරපු රාක්සයගෙ පුතාටද…… අනේ…… ගිනී කෝමද මේ දුක දරා ගන්නේ.? ඇයි අක්කි ඔයා ඕම… ප්‍රේම කුරුල්ලගෙ තාත්තවම ඇයි ඔයා ප්‍රේම කුමාරිගෙ හෙනහුරාගෙ චරිතෙට ගත්තේ… ???????? සෝචනීයයි අප්පා…. එතකොට මොකාද ඒ වීදුරු බින්ද පිසාචයා……. ?? ඒකා ආවෙ මොකටද… බාල්දි සීසනෙක පටන් ගන්නෙ වීදුරු බිදලද අක්කෙ උයා.. නිකමට වගේ අර ආකාෂ් කුකුළා සංචි කෙල්ලව බැන්දා වගේ රතු තොල් යස්සනී ශේෂ් නාගයව බැන්දොත්…. අනේ ඒ වගේ විනාසයක් නම් කරන්න එපා.. කතාව ලස්සනයි අක්කියෝ.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!!

          1. ඔය සියුමැලි සිතින් මම වගේ කෙල්ලෙක්ට ඔයා ඔහොම කිව්වේ කොහොමද දුල් බබියෝ….?????

          2. සියුමැලි සිතින් රලුපරුෂව හිතලා බබෝ……. ??

  1. ❤️?kaushi?❤️

    Mmm e mokakd uneee.ane shesh giniwa rawattanwa wathda….ane ehema nane.mn nm hithanne gini shesh denna nadayo kiyala…kathw nm ?

  2. අයියෝ…milk father ට dog barking කිව්වලු…. මම දැක්කේ නැහැ නේ කතාව දාලා..??
    හත්දෙයියනේ මේ ගිනි කිකිළි නම්…. පුදුමයි ශේශ් ඔහොම හිටිය…? රයිස් දැක්කම නම් ඉතින් ඉන්න තැන මටත් අමතක වෙනෝ.. මම නම් ඔහොම මේ නරක වැඩ කොරන්නේ නැහැ… පැනපු ගමන් මීටර් 100 දුවන්න වගේ කාගෙන කාගෙන කාගෙන යනෝ…..??
    ලස්සනයි අක්කියෝ කතාව ඒ උන දේ නම් එච්චර හොඳ නැහැ වගේ නේ… ආයේ බාල්දියක් වගේ…?
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ…❤?

  3. අනේ ශේශ් නාගයා ගිනී කෙල්ලව රවට්ටනවා කියලා හිතෙන්නෙ ඇයි මට….අනෙ එහෙම උනොත් පව් ගිනී…

  4. නිෂා සශී ?

    අනේ අක්කි මේ ආදරේනන් කැඩෙන්න දෙන්න එපා හලිද . එතකොට ගිනී මේ ලෝකෙ තනිවෙනවා. අක්කි කතාව ගොඩාක් ලස්සනයි ඇත්තමයි. මාධි අක්කි ඔයා බාල්දි සීසන් කියද්දි ගැඟත් සීතල වෙලා යනෝ අප්පා….. හෙටත් එන්න අක්කියෝ බුදු සරණයි දළදා සමිදු පිහිටයි ??????????

  5. Rasikala Erandi

    හයියෝ ආයේ බාල්දියක්නෙ ඉතින් ඔකනේ අප්පා කරන්න බැරි.කවුරු එන්න ඇතිද.හැබැයි කකවුරු ආවත් ඒ කෙනාව ශේශ් දන්නවාද මන්දා අප්පා ගිනිට ආයේ කරදරයක්වත් වෙලාද මටනම් හිතාගන්න බෑ මොනා වෙනවද කියලා.මන්නම් ආසම පිස්සු ගිනිට ඔන්න.එයා ශෝයි අනේ.
    අම්මෝ ගිනි ශේශ්ට කැවුවා නේද මිරිස් ගොඩාක් පව් අනේ ශේශ් සද්ද නැතිව කෑවා අනේ…

  6. දැන්නම් අක්කියා පෙරලන්න යන්නෙ ලොකුම ලොකු බාල්දියක් වගෙ ???

  7. නිරෝෂා ලක්මාලි

    ගොඩාරියක් ලස්සනයි මාධි නංගියා කතාව. ගිනීගේ වැඩ දැක්කම පව් කියලා හිතෙනවා. හැමදේම දැනගෙන ශේශ් මේ විදිහට ඉන්න ⁣හේතුවක් ඇති. ගිනී ශේශ්ව වැරදියට තේරුම් නොගෙන හිටියොත් හොඳයි.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.