Katha Ahura

සූරියකන්දේ අභිරහස (14. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(14. කොටස)

එදින රාත්‍රීයේ අදීශට විලී මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර ඔහු පිටත් වූයේ අවන්තිගේ ආරක්ෂාව සැරයන්වරයාට බාර කරමිනි. එදින රාත්‍රී බෝජනයෙන් පසු ඔවුන් වැදගත් කතාබහකට මුල පිරුවේය. චාපාද සහකාර පොලිස් අධිකාරිවරයා අසලින් විත් වාඩිවිය.
” පුතා මං හිතනවා ඔයා තීරණයක් අරන් ඇති කියලා”
” ඔව් අන්කල් , මම කැමතියි චාපාව මැරි කරන්න. මේ ප්‍රශ්න ඉක්මනට ඉවර වුන ගමන් අපි එන්ගේජ්මන්ට් එක ගමු”
සහකාර පොලිස් අධිකාරිවරයා චාපා දෙස බලමින් පැවසුවේය . විලීට හා ඔහුගේ බිරිඳටද මහත් සතුටක් දැනුනි.
” මට ගොඩක් සතුටුයි අද…”
” හැබැයි අප්පච්චි සතුටුයි කියලා , සතුට සමරන්න බොන්න එහෙම නෑ හරිද”
විලී තම ජීවත කාලය සතුටින් සමරන අතර ඔහු එම අවස්ථා වලදී මදුවිත පානය කිරීමට පුරුදුව සිටියේය.
” ඒ සතුටු අපි එකටම සමරමු අන්කල් හැබැයි ඊට කලින් අන්කල් මම කියන දේ කරන්න ඕන ”
” ඒ මොකක්ද පුතා”
” ඔයාලා තුන් දෙනාට ටික දවසකට එස්ටේට් එකෙන් පිට තැනක ඉන්න වෙනවා”
” ඒත් ඇයි පුතා එහෙම ”
” බය වෙන්න එපා අන්කල් ..මම හැම දේම බලාගන්නම් . මේ වෙලාවෙ ඔයාලව ටාගට් කරන් කවුරු හරි ලොකු ගේම් එකක් ගහනවා. අන්කල් මගෙ කතාව ගැන හිතලා නෙවෙයි. චාපා ගැන හිතලා මේ දේ කරන්න ”
” අනේ අදීශ මම කොහොමද ඔයාව දාලා යන්නෙ?”
” බය වෙන්න එපා ළමයො , ටික දවසකට. මගෙ ආරක්ෂාව ගැන ඔයා බය වෙන්න එපා , අන්කල්ගෙ අකමැත්තක් නැත්නම් මේ දවස් ටිකේ වත්තෙ වැඩ ටික බලාගන්නම් , මිස්ටර් ඩන්කන් ඉන්නවනෙ”
” ඒකනම් ප්‍රශ්නයක් නෑ පුතා, පුතා කියනවනම් අපි එහෙම කරන්නම් නේද දිස්නා ?”
ඔහු තම බිරිඳ දෙසට නෙත් යවමින් ඇසූ දෙයට ඇයද එකඟතාවය පල කලේය.
” කොහෙද පුතා අපි ඉන්න ඕන”
” අන්කල් මේ වෙලාවේ ඔයාලට ඉන්න සුදුසුම තැනක් මම දන්නවා එතන ඔක්කොම පහසුකම් තියෙනවා.. හෙට පාන්දරම ලෑස්ති වෙන්න …මම පාන්දර පහ වෙනකොට එනවා”

………………………………………………..

චාපාගේ නික්ම යාම අවන්තිට දැනුනේ විශාල පාඩුවකි. ඇය අවන්තිට පැමිණෙන සෑම ගැටලුවකදීම ඇය අසලින් සිටියාය. රෝගය බෝ වනුයේ සතෙකුගෙන් යැයි වෙද මහතා පැවසුවද එය නිශ්චිතවම හදුනා ගැනීමට ඇයට හැකි නොවීය .. එයට පිළියමක් ලෙස ඔවුන් හතරවන ලයිම් පෙලට ඉහලින් කුඩා කූඩුවක දමන ලද පරීක්ෂණ වලට යොදා ගන්නා මී පැටවුන් කිහිප දෙනෙකු රෝගීන් වැටී සි⁣ටි ස්ථාන අසල තැබුවේය .අවසානයේ ඔවුන්ගේ ප්‍රතිඵලය සාර්ථක විය. මෙම රෝගය බෝ වනුයේ කූඩැල්ලෙකුගෙන් බවත් එම කූඩැල්ලා විෂ සහිත කූඩැල්ලෙකු විය.
” හරිම පුදුමයි සර්, මම මේ ජාතියේ කූඩැල්ලෙක් දැක්කමයි, සාමාන්‍යයෙන් කූඩෑල්ලෙක් කෑවම ශරීරයෙන් ලේ ටිකක් පිට වෙනවා. නමුත් මේ කූඩැල්ලගෙ ශරීරයේ යම් කිසි විශක් අන්තර්ගත වෙලා තියෙනවා”
අවසානයේ වෙද මහතාගේ අනුදැනුම ඇතිව සියල්ල එක්වී වතුයාය පුරා ඔවුන් සොයා ගත් බෙහෙත ඉසින්නට වූ අතර එයින් කිසිම සත්වයෙකුට හානියක් නොවූ අතර විශ අන්තර්ගතව සිටි කූඩැල්ලන් සියල්ල විනාශ වී ගියේය.
ඉදිරියටත් කරන ලද පරීක්ෂණ වලදී කැළබඳව තිබූ ගොඩනැගිල්ලක තිබී පරීක්ෂණයකට භාජනය කරන ලද කූඩැල්ලන් කිහිප දෙනෙකු හමු විය . නමුත් එය කවරෙකු විසින් සිදු කරන ලද්දක්ද යන්න තවමත් අභිරහසකි.
……………………………………………..

එදින රාත්‍රියේ සහකාර පොලිස් අධිකාරිවරයා කිසිවෙකුට නොපවසා තලෛයිවා හමුවීමට ඔහුගේ නිවසට ගියේය.
කවුරුන් හෝ දකිවී යැයි සිතා සහකාර පොලිස් අධිකාරිවරයා පයින්ම ඔහුගේ නිවසට ගමන් කලේය.
” ෂර් මොකද මේ අදිස්සියෙම මාව අම්බවෙන්න ආවේ”
” මට තමුසෙගෙන් උදව්වක් ඕන”
සහකාර පොලිස් අධිකාරිවරයා එසේ පවසමින් මුදල් පසුම්බිය අතට ගෙන පන්දාහේ නෝට්ටුවක් ඔහු අත තැබීය
” මේවා දෙනවනම් මොනවද ෂර් කරන්න බැරි”
” තමුසෙ මේ වත්තෙ මිනිස්සුන්ව හොඳට දන්නවනෙ”
” අයෙත් අහලා , මම මේකේ එකාලගෙ ඇම දේම දන්නවා ෂර්”
” මේ වත්තෙ ඉන්නවද කාටද බයික් තියෙන්නෙ ?”
” කොල්ලො හත් අට දෙනෙකුට තමයි තියෙන්නෙ , හැබැයි ඒ එකෙක්ටවත් ශංකර් එක්ක රේස් යන්න බෑ..ඌ යකා”
සහකාර පොලිස් අධිකාරිවරයා තවත් පන්දාහේ නෝට්ටුවක් ගෙන ඔහු අත තැබුවේය.
” මේ මොකද ෂර්, ෂර් මට සල්ලි දුන්නා නේ? ”
” මට ශංකර් ඉන්න තැන දැනගන්න ඕන ”
” ෂර් , ඔය කොල්ලා ගෙදර ඉන්නෙ රෑට විතරයි . ඇයි ෂර් ඒ කොල්ලව හොයන්නෙ?”
” ඔහේට ඒකෙන් වැඩක් නෑ . මේ දේවල් දන්නෙ තමුන් විතරයි . ඒවා රහස් විදිහටම ති⁣යා ගන්න ඕන හරිද?”
” හරි, ෂර්”
……………………………………………………………………………….

?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

23 thoughts on “සූරියකන්දේ අභිරහස (14. කොටස)”

  1. ආ…….. මල්ලිලා……. කෝමද ඉතින්… මන් කිව්වා හරි නේ මේ ගේම් එක ප්ලේ වෙන්නෙ විලී වටා…. එහෙම නෙ….. එතකොට විෂ කූඩැල්ලො හැදුනෙ කෝමද… කවුද කූඩැල්ලොන්ගෙන් පර්‍යේෂණ කලේ.. මොකා උනත් හොද මොළකාරයෙක් නේ….. ඒත් ඇයි මේ දේවල් කරන්නෙ… අසරණ මිනිස්සුන්ව පාවිච්චි කරන්නෙ ඇයි මේ දේවල් වලට… ඒ අස්සෙ අදීශට මල්සරත් බැල්ම හෙලලා.. අයියෝ කඩවලේ.. ආවෙ අභිරහස් විසදන්න අන්තිමට ප්‍රේම කුරුල්ලෙක් වෙන්න උනේ.. ඒකත් මරු.. කතාව නම් ඉතින් සුපිරි… කුතුහලය තීනවා ආය නෑ උපරිමේටම.. සුභ පතනවා මල්ලියෝ ඔයාලා දෙන්නටම..සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි….

  2. ඒ නියමයි මල්ලියො කතාව .හරි ම ලස්සනයි .සුපිරි පට්ටම හොදේ .
    කමෙන්ට් දාන අයට පොදුවෙ හරි එක රිප්ලයි එකක් වත් දාන්නකෝ මල්ලියෝ.
    ඉගෙන ගන්න ගමන් ඔයාලා කතා ලියන්නේ කියලා දන්නවා.ඒත් චූටිම හරි රිප්ලයි එකක් දාන්න පුලුවන් නම් විතරක්.එහෙම කිව්වට තරහා වෙන්න එපා හලිද.ආදරේටනේ කිව්වේ.

    ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
    ජේසු පිහිටයි ඔයාට !!!!!!!???

    1. චූටි රිප්ලයි එකක් දාන්න හිතෙයිද අක්කියෝ… මේ කමෙන්ට් දැක්කාම.. ගොඩක් අය ඇප් එකේ ඉන්නවා ඒත් කමෙන්ට් කරන් නෑ.. ඇයි එහෙම…? කතා ලියන කතුවරයට වටින්නෙ ඒ කතාව කියවන අයගෙ අදහස්… ඒ අදහස් තමයි එයාලට තෘප්තියක් දෙන්නෙ.. ඒ අය සතුටක් ලබන්නෙ අපි කතාව ගැන දැනෙන විදිහ ගැන කමෙන්ට් කලොත් විතරනෙ.. කාලය කැප කරලා ඉගෙන ගන්න ගමන් මේ වගේ කතා ලියන්නෙ එයාලට මිනවත් ලැබෙනවට නෙමේනේ.. අපේ රසවින්දනයට.. අපි වෙනුවෙන් මේ අය මේ දේවල් කරද්දි කතාව කියවලා පිට පාරෙන් නොගිහින් පුන්චි හරි කමෙන්ට් එකක් දාන්න බැරි ඇයි… මේ කතාවට විතරක් නෙමේ අනිත් කතා වලටත් එහෙමයි.. කතාව කියවන අයගෙන් බාගයකටත් වඩා අඩුවෙන් තමා කමෙන්ට් කරලා රේට් කරන් යන්නෙ.. හිතන්න පොඩ්ඩක් ඒක වැරදියි නේද…?

      1. Its ok comment දාන නොදාන හැමෝටම ගොඩාාාක් ආදරෙයි… මං මේ පොඩි අවුලක ඉන්නෙ… අපේ admin sir ට කියලා friend club එක හදාගෙන යාළුවො ටික හැමෝම සෙට් වෙමු

        1. මේ අනිත් කෙනා……. යකෝ…… කමෙන්ට් කියවලා නිකන් ඉන්නවා.. අවුලකින් ඉන්නවා කිව්වා නේ.. ඉක්මනින්ම ඔය අවුල වියවුල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්කො.. එතකොටවත් අර කලින් වගේ වචන දෙකක රිප්ලයි එකක් හරි දායිනෙ.. සතුටින් හිනාවෙලා ඉන්න මල්ලියෝ….

        2. ආ මේ ඉන්නේ හොර ගෙඩියා.සූටිත්තක් ඇවිත් යන්න ඉතින් අපි ආදරෙන් බලන් ඉන්නවනේ මල්ලි චූටියෝ.ඔයාගෙ අව්ල ඉක්මනින් විසදෙයි මල්ලියෝ.පරිස්සමෙන් සතුටින් ඉන්න .

      2. ඔයාගෙ කතාව ඇත්ත දුල්නංගියා.ඉන්න ටික දෙනා හරි පිස්සු වක් නටනමු මේ කතා වලත්.

  3. අම්මෝ ගෙම්බා පොලවේ ගැහුවා වගේ නින්ද ගියා කියහන්කො… දැන් තමයි කියෙව්වේ..ඉතින් මචං මල්ලියා කතාව වෙනදා වගේම සුපිරි…… ටැපලිලා තිබ්බ අවුල් ලිහෙනවා නේ… මොකාද අප්පා මේ කූඩැල්ලෝ… උන්ව හැදුවේ කවුද…. බලමු බලමු… ???
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හොදේ……??

  4. Its ok comment දාන නොදාන හැමෝටම ගොඩාාාක් ආදරෙයි… මං මේ පොඩි අවුලක ඉන්නෙ… අපේ admin sir ට කියලා friend club එක හදාගෙන යාළුවො ටික හැමෝම සෙට් වෙමු

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.