Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් අටවෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

හතළිස් අටවෙනි පියාපත

——————————————————————————————————————————————

“මේ තමුසෙගේ කඳුලු නේද..???”

ශේශ් සමච්චලයෙන් වගේ ඔහොම අහද්දි සත්තයි හිත මහා ගොඩාක් රිදුනා..

“තමුසෙට එක තප්පරේකටවත් මතක් වුණේ නැද්ද අනිත් මිනිස්සුන්ටත් කඳුලු එනවා කියලා.. කියපන්…”

ශේශ්ගේ අත තව තවත් මගේ කොණ්ඩේ අස්සේ හිර වෙලා මට වේදනාවක් දැනෙද්දි මං ඇස් උස්සලා ශේශ් දිහා බැලුවා..

රතු වෙච්ච ඇස් අගින් යන්තම් කඳුලු බිංදු දෙකක් එලියට ඇවිත්..

දෙයියනේ මං මොන තරම් වේදනාවක්ද දුන්නේ මේ හැමෝටම..

“උඹ මාව හොඳටම රිද්දුවා… හොදටම රිද්දුවා.. මෙතන තාමත් රිදෙනවා තමුසේ හින්දා…”

මගේ මූණ මත තිබ්බ අත ශේශ් පපුව උඩට අරන් පපුව පෙන්නලා කියද්දී කොහොමද මං වාවගන්නේ…??

“උඹ දන්නේ නෑ.. මං උඹව හොයපු තරම්.. මගේ අහිංසක කෙල්ලව හොයපු තරම්..”

“උඹ කොහොමද තප්පරේකට හරි හිතුවේ මං තමුසෙව අවිශ්වාස කරයි කියලා.. උඹට ඇන්ටිව මරන්න බෑ.. ඒ උඹට මං නැති වෙලාවට තනි රැකපු ගෑණී..”

“එතකොට දීපක්.. උඹගේ ගඳ ගහන කැත සතා.. ඌ මං නැති වෙලාවට උඹව ආරක්ශා කරපු එකා.. ”

“උඹට කවුරුවත් මරන්න බෑ..”

“හැබැයි උඹ පැනලා ගියා..”

“කොහොමද උඹ හිතුවේ මං ගිනීව සැක කරයි කියලා.. කොහොමද බන් තමුසේ හිතුවේ..”

දෙයියනේ…!!! ශේශ් හැමදාමත් වගේ හැමදේම දන්නවා..

මගේ ඇස් වලින් වැටෙන කඳුලු ආයේම අලුත් වෙන්න ඇති..

ශේශ් පහත් වෙලා මගේ නළලට එයාගේ නළල ළං කරා..

“ගිනී.. තවත් ජීවිතයෙන් පැනලා යන්න එපා.. උඹට පැනලා යන්න දෙන්නෙත් නෑ.. උඹ ඉන්නේ මගේ පපුවේ ගිනී..”

මහා ගිනි කන්දක් ඇවිළුණු මුලු පපුවම ශේශ්ගේ වචන ටිකකින් නිවුණු අපූරුව…

“ශේශ්….”

ඔව්.. හුඟ දවසකින් මගේ උගුරින් පිට වෙච්ච එකම වචනය.. ඇහෙන නෑහෙන ගාණට..

ඊළඟ තප්පරේ ශේශ් මාව ඇදලා එයාගේ පපුවට තුරුල් කර ගත්තා..

මාව මිරිකන තරම් හයියෙන් ශේශ් මාව තුරුල් කර ගෙන..

මේ උණුසුමේම මගේ අවසන් හුස්ම ටික ගියත් සත්තයි මට දුකක් නෑ..

“කෙල්ලේ…”

දන්නෙ නෑ මං කොයි තරම් කාලයක් ශේශ්ට තුරුල් වෙලා හිටියද කියලා.. මැගී ඇන්ටිගේ කටහඬටයි මං පියවි ලෝකෙට ආවේ..

මං ශේශ්ගෙන් මිදිලා ඇන්ටි පෙන්නලා යමක් කියන්නයි ගියේ..

ඒත් ආයේම මගේ උගුර හිර වෙලා වගේ..

“කෙල්ලේ .. උඹට කතා කරන්න පුළුවන්ද දැං…??”

එතකොට නම් ශේශ් පුදුමයෙන් වගේ මං දිහා බැලුවා..

“ගිනී… ඔයාට කතා කරන්න බැරිද..?? කියනවා..”

අනේ මන්දා මං මොකක් කියන්නද කියලා.. කතා කරන්න පුළුවන්.. ඒත් හඬක් පිට වෙන්නේ නෑ..

මං දෙපැත්තටම මූණ වැනුවා..

“ගිනී….”

ශේශ් ආයේම මාව උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා..

මොකද අනේ.. හෙලෙව්වම කතා කරන්න පුලුවන්ද..??

තවත් දිගු නිහඬියාවක්..

ශේශ් මුකුත් නොකියම මං දිහා බලන් ඉන්නවා..

පාට ගියපු හොඳටම කිළිටු ගවුමක්, කවදාවත් නොපීරුරපු කුරුළු කූඩුවක් වගේ ඇවිස්සිච්ච කොණ්ඩේ.. කම්බුල් පිරෙන්න කඳුලු වලින් බාගෙට දිය වෙච්ච කුණු තට්ටු..

මොනවා හිතනවද ශේශ්…??

“ගොඩක් දුක් විඳලා ඔයා. මේ හොඳටම කෙට්ටු වෙලා.. මං සැප විදිද්දි ඔයා පාරේ හිඟා කාලා..”

මං ඔහේ බිම බලා ගත්තා..

“පහළ කොණේ කාමරේට ගිහින් ඇඳුම් මාරු කර ගන්න. ටිකකින් කොල්ලෙක් ඇදුම් ගෙනෙයි..”

“ඉතින් යන්න..”

ශේශ් ටිකක් සැරෙන් කියද්දි මාත් හැදුවේ නැඟිටින්න..

“තමුසේ ඉන්නවා ටිකක්..”

ශේශ් මගේ ඉනෙන් අල්ලලා මාව තවත් ළඟට ගත්තා.. ඇන්ටි මටත් හිනාවක් දාලා යන්න ගියා..

ශේශ් අතින් මගේ කොණ්ඩේ හදන ගමන් මගේ කම්බුල් පිරිමැද්දා..

“අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු.. ඔයාට කතා කරන්න පුළුවන් ගිනි..”

මං උඩටයි පහළටයි ඔළුව වැනුවා..

‘මාව හොයන් නාවේ ඇයි ගිනී…??”

නෑ ශේශ්.. මං ඔයාව හොයන් ආවා.. මං එද්දිත් ඔයා ගාව හිටියේ තොල් රතු යක්ෂනී.. මං කොහොමද ඔයා ළඟට එන්නේ.. ???

ශේශ් මගේ නළලට හාදුවක් දීලා ආයේ මාව තුරුල් කර ගත්තා..

මේක තමයි මට මේ ලෝකේ තියෙන එකම ආරක්ශාව..මේ උනුසුම..

ටිකකින් ශේශ් මාව දෝතට ගත්තා..

මං වැටෙයිද කියන බයටම ශේශ්ගේ බෙල්ල බදා ගත්තා..

“පිස්සු කෙල්ල.. මොනවා හරි කියනවකෝ..”

“තමුසේ ආයේ පැනලා ගියොත් මං මේ කකුල් දෙකම කඩලා මෙහෙම උස්සගෙන යනවා..”

එහෙමත් ශෝක්….!!!

වෙලාවට මට කතා කර ගන්න බැරි.. කතා කර ගන්න පුලුවන් වුණා නම් මං ඒකත් කියවයි.. එහෙනම් තව කනේ පාරක් තමයි…

අපි ආවේ පහල තට්ටුවේ තිබුණු ලොකූ කාමරේකට.. ශේශ් මාව උස්සන් කෙලින්ම ආවේ බාත් රූම් එකට..

“හෙමීට නාගන්න.. මං ඇඳුම් අරන් එන්නම්..”

ශේශ් හැරිලා යන්නයි හැදුවේ..

ඒත් මං ශේශ්ගේ කකුල් දෙක ළඟ දණ ගහ ගත්තා.. මට වචනෙන් ශේශ්ගෙන් සමාව ඉල්ලන්න බැරි වුණත් මට ශේශ්ගෙන් සමාව ගන්නම ඕන..

“දැං ඇති ගිනී.. අපි එකට ඉන්නවා.. හැමදේම හරි යාවි..”

ශේශ් මාව නැඟිට්ටවලා මගේ ඔළුව අත ගෑවා..

ශේශ් ගියාට පස්සේ මං එහෙමම ගිහින් ශවර් එක ඇරලා ඇස් පියා ගත්තා..

අම්මේ.. මගේ දෛවය… ලොකූ වටයක් මට දුවන්න සලස්වලා මාව ශේශ් ගාවටම ගෙනැල්ලා..

තවත් මට විඳින්න දුක් කන්දක් ඇති.. ඒත් ඒ හැමදේම ශේශ් ළඟ ඉන්නකම් මට දරා ගන්න පුලුවන් වෙයි…

පැයක් විතර නෑවා.. හොඳට කොණ්ඩේ හේදුවා..

මං සාලුවත් ඇඳන් දොර ගාවට ගියේ ශේශ් තාම ඇඳුම් ගෙනාවේ නැති නිසා..

මං හොරෙන් කාමරේට එබිලා බැලුවා.. ශේශ් ඇඳ උඩ.. ලොකූ කල්පනාවක..

මං හෙමින් හෙමින් සද්ද නෑහෙන්න ශේශ් ගාවට ගියා..

“මං ඇස් අරින්න කලින් ඔය තියෙන ගවුමක් ඇඳ ගන්න..”

අපෝ…! මෙයා නම් ඉස්සර වගේමයි.. ශේශ්ගේ ඇස් වහලා මෙලෝ හොර වැඩක් කරන්න බෑ..

මොන ගවුම්ද..?? මං එහෙමම ශේශ් ගාවින් වාඩි වුණා..

“ගිනී.. මාව ගිනි තියන්නද හදන්නේ…??”

මගේ සීතල වෙච්ච අතක් අරන් එයාගේ කම්බුලක තියා ගන්න ගමන් ශේශ් ඇහුවා..

මට ඒකට නම් හිනාවක් ගියා..

හිතා ගන්න බැරි තරම් අමාරු කාලෙකට පස්සේ මේ ගිනී හිනා වුණා..

“අපි ඩොක්ටර්ට කියලා තව ක්‍රීම් පහ හයකුත් ගම්මු.. අව්වුට සුදු බෝලේ පිච්චිලා..”

ශේශ් මගේ සාලුවෙන් නිරාවරණය වෙලා තියෙන උරහිස අල්ල අල්ල කිව්වා..

මේ ආදරයක් මට ගොඩක් ලෝභ හිතෙනවා ශේශ්..

“කෝ එන්න කොණ්ඩේ පිහිදාන්න.. ඔයා චුට්ටක්වත් කොණ්ඩෙට ආදරේ නෑ නේද..??”

අනේ මන්දා… කොණ්ඩේ පීරන්න මට හරි කම්මැලී… ඉස්සර අම්මා පීරුවා. දැං ශේශ්..

ශේශ් ඇඳෙන් නැඟිටිද්දිම ශේශ්ගේ ෆෝන් එක රින්ග්ස් යන්න පටන් ගත්තා..

මං ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන්නත් කලින් ශේශ් ඉක්මනටම ෆෝන් එකත් අරන් නැඟිටිලා කාමරෙන් එලියට ගියා…

කවුද ඒ…???

——————————————————————

ඔන්න අද නම් කට්ටියම නපුරිට ආදරෙයි කියාවී…

ගිනී.. මාවත් ගිනි තියන්නද හදන්නේ…???

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ.

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..!!
බුදු සරණයි..!!!

127 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් අටවෙනි කොටස | නවකතා”

          1. සතුටුයි බං එක අතකට ආච්චි නොකියා ඇන්ටි කියපු එකට.

    1. අනේ ජේසුනේ මම කාලෙකින් 1st වෙලා.සතුට වැඩි කමට හාක්‍රෝස් පටාස් එකක් බොන්න හිතෙනවා.
      ????????????

      ඔන්න හැමෝටම මගෙ ගානේ ? ????????? ? ???????????????
      ? ???????????????????????????????????????????????????????????????
      පහලට යද්දි අරගන යන්ඩෝ….

          1. අම්මෝ නැතුව ice cream නිකන් මගේ ජීවිතේ වගේ නේ……..i love ? ?❤?

      1. අයිස්ක්‍ක්‍රීම් එකකුයි චොකෝ එකකුයි ගන්නම් අක්කි ටොෆී කන්න හොද නෑලූ අම්මි කිව්වේ දත් පනුවො කනවලු චොකො කෑවාමත් ඒමලූ ඒ වුනාට මං සැලෙයිද අක්කි කටේ ඉන්න පනුවොත් මොනා හරිම කන්න එපැයි ඉතින් මං ටොෆී නොකා චොකෝ කන්නේ එහෙමයි ?????????????

  1. Ammooo ada mnwa kiynnda hitha gnna bane ane mta mnwa unat ada nm patta hina wevi aduna mta sathutata ?????????
    Akki sathuta tikak dila itin duka denna epa apita ton gnan ammoo giniva shesh saka krla na ammoohh

    Adath katawa maru e cl kre thol rathu yakshani wenna ati neda ekane shesh gini blnna kalin cl eka aran giye ?????????

    Ane ginita dn katha krnna barida aiyoo eyta ikmnta kata krnnat puluwan weii shesh doctor gawata yamu kiuwanee ??????????????

    Mnwa weida mnda ara yakshani tamai itin serama kree dipak ithuru wela ara yakshani marenna tibbe ????????

    Dn mnwa unt gini awane shesh lagata ?????????

    Kiywanva wadidath mnda sathutata wena nm mn mukut kiynnema namaii

    Puluwan nm itin madi akki ht apita duka hithena kotasak deii ada api hina una ekatat ekka hri ynna adanna ??

    Parissamin inna akki budusaranai

    Adareii palenna ❤❤❤❤❤❤

    1. Chamodya Madusanki

      පව් අපේ කැත සතා අර යක්සනී අපේ කැත සතාව මැරුවනේ???
      ආයේ බකට් පෙරලෙන එකක් නෑ නේද අක්කියෝ

          1. සෙසඳි

            ?????? එල එල අයේෂා මචී…. මාධි වෙනස් කියලත් මතක තියාගන්න නේද…???? පව් අනේ ගඳ ගහන කැත සතා.. ???????

  2. අම්මෝ සාන්ත ……. i can’t believe this…..❤❤????
    හරීම ලස්සනයි අක්කියෝ හරීම සතුටුයි අද නම් අනේ….
    අම්මෝ ශේශ් ටත් අදරේ හිතෙනවා අප්පා ඔහොම පූස් පැටියා වගේ ඉන්නකොට නම්….. හී බලන්නකෝ මම ලස්සන රොමෑන්ටික් සීන් එකක් බලන්න කට ඇරන් මේ බලන් හිටියේ?? නොදකින් ඔය call කරපු එකා නම් හ්හ්…..කෑවා…. ඔය ෆෝන් එක තියන්න කියන්න ඕන කෝච්චියකට….??

    ලාස්සනයි අක්කියෝ කතාව නම් …. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ……❤?

      1. එහෙම ඕන නෑ අලේ… ශේශ් කොල්ල මගේ නේ… ඒ නිසා මගේ ඇස්වහ කටවහ වදින්නේ නෑ ශේශ් පැටියට…..❤??

        1. අනේ ඉතින් මේවා දෙයියොම බලන්න ඕනේ.මම බොහොම අමාරුවෙන් අහිංසක ශේශ් කොල්ලට කෝල් කරලා ගෙන්න ගත්තේ.ඒ ටිකට අයිතිවාසිකම් කියලනේ.

          1. Kamak na akkiyo…. sahodara premaya kiyala hithagena shesh kolla mata denna….❤❤? mage wasthu kate ne oya….

          2. අනේ ඇයි සාන්ත මටම මෙහෙම කරන්නේ.මේ වෙලාවට තමා මටත් හිතෙන්නේ වෙස් මාරු කරන හැපින්නක් උනා නම් හොදයි කියලා.????

    1. ❤️?kaushi?❤️

      Ammo akki oya sheshwa gannad hadnne ane ginita denne nathuw…guti dei eya oyat…ane akki ohomath kenthi gann epa manik oya ikmant waysata yai aneeee.

  3. සිතකින් නොව ඔබ දමා ගියේ
    ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
    දුක පමණයි මට උරුම උනේ
    සමාවෙන්න කුමරානනේ…

    ඔබ හා මා යලි හමුවේ නම්
    ජීවිතයම ඔබ හට දෙන්නම්
    ඔබගේ සුසුමන් තුල ගිලිහී
    ඔබගේ තුරුලේ මියයන්නම්….

    ශේශ් කොල්ලා ආවා එහෙනම්.ඒකනේ මම කිව්වා කෝල්කරලා ඉක්මනින්ම එන්න කියලා.හැබැයි කොල්ලා හරි හොදයි මම කියපු ගම්න් ඇවිල්ලා කියාන්කෝ.
    මාධියෝ කතාව සුපිරි ලස්සනයි .අර පිස්සු ගිනිම හිටියනම් සුපිරි නේද.
    අපි ආය පිස්සු හදවමුකෝ.???

    සතුටින් පරිස්සමෙන් ඉන්ඩෝ …
    ජේසු පිහිටයි !!!!

    1. Chamodya Madusanki

      ලස්සනයි අක්කා මැණික..
      ආයේ කුරුලු ජෝඩුව එකතු උන එක හොදයි නේද අක්කියො

      1. ම්ම්ම් කොහොමද ඩබල අනේ ඉතින් මේ මාධි නංගියා රොමෑන්ටික් සීන් එකක් යනකොටම බාල්දියක් පෙරලුවනේ.පව් බං අපි.??

      1. ඇත්තටම මට බෙල්ලේ වැල දාගන්න හිතෙනවා ඇන්ටි කියද්දි.මාර සීන් එක කියන්නේ මට අර ගැටේ දාගන්න දන්නේ නෑනේ ශිට්…???

          1. ❤️?kaushi?❤️

            Lassani akkiyo….dekata kaduna hadawatha alwa gann wath wei neda akki patiyoooo???

  4. Chamodya Madusanki

    උම්ම්ම්ම්මා අක්කියෝ… ආයේ අපේ කුරුලු ජෝඩුවව එකතු කරලා, අනේ ආයේ බකට් එකක් නම් එපා අක්කා මැණික.. ඔය විදියටම හැමදාම සතුටින් තියන්න අපේ ගිනී කිරිල්ලිවයි ගේශ් නාගයාවයි.. කතාවනම් මාරම ලස්සනයි අක්කියෝ… මල් හතයි

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි…
    සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී…
    ඔබට සිත බැදූනේ කිමැයි මා තවම නොදන්නෙමී…
    ඔබට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමී…?????

    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න??? හැමදාම සතුටින් ඉන්න…
    ආදරෙයි හැමෝටම…

  5. නිරෝෂා ලක්මාලි

    ශේශ් මාරම ආදරෙයිනේ ගිනීට. කවදාවත්ම ශේශ් ගිනීව අවිශ්වාස කරන්නේ නෑ. ගිනීට කතා කරන්න බෑ කියලත් දැනගත්තානේ. ආයේ නම් ගිනීට කොහේවත් යන්න දෙන එකක් නෑ. වැරදිලා උස්සගෙන ආපු පිස්සු කෙල්ලට ශේශ් මෙහෙම පණ වගේ ආදරේ කරයි කියලා කවුද හිතුවේ. ගිනී ඒ අතින් වාසනාවන්තයි ශේශ්ගේ ආදරේ මේ විදිහට ලබන්න. ශේශ් දන්නවා මේ හැමදේම කරන්නේ කවුද කියලා. ආයේ නම් කෙල්ලට කරදරයක් නම් වෙන්න දෙන්න එපා.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. අක්කියෝ විශ්වාසය තියනවා කියන්නෙ ඇත්තටම පැලෙන්න ආදරෙයි කියන එක තමා අක්කි .ඒකනේ අපි ශෝශ් කොල්ලට මෙච්චර ආදරේ.

      1. අක්කි ශෝශ් කොල්ලා කියන්නේ කවුද ??
        මේ දන්නෙ නැති හින්දා ඇහුවේ ?????????????????

      2. නිරෝෂා ලක්මාලි

        හ්ම්ම් ඒකනේ අයේෂා නංගි.. ⁣ශෝශ් කොල්ලා ඔයාගේ වෙන්න ඇති ⁣ශේශ් කොල්ලා නම් ගිනීගේ හොඳද..
        ???

        1. ඔව් ඔව් ශෝශ් කියන්නේ පරන ලව් එකනේ.එහෙමවත් කියලා හිත හදාගන්නවා ඉතින් .

          1. නිරෝෂා ලක්මාලි

            මේ කෙල්ල තමයි කෙල්ල..
            ?????

  6. අම්මෝ අක්කියෝ දැනෙන… සතුට කියලා නිම කරන්න බැ… ඔයා නම් හලි නාකයි.. අපිව අඩවලා අඩවලා දැන් පපුව පිරෙන්න සතුටක් ගෙනල්ලා…

    යේ… මං කිවා හලි.. ගිනිට කතා කරගන්න බැරියෝ… මං මේ සතුටු වෙන්නේ ගිනිට කතා කරන්න බැරි එකට එහෙම නෙවේ ඕං… කට්ටිය ⁣එයි නැත්නම් මට ගුටි දෙන්න… අපි කොම හරි කතා කරමු සත්තලං… හොදේ.. දැන් ශේශ් ඉන්නවානේ…

    අක්කි මැගි නැන්දාවත් ගිනිත් එක්කම තියාගමු නේද… නැ ඉතින් ගිනිගේ ආරක්ෂාවටත් හොදයි නේ… ආපහු ආදර වදන් ටිකක් ඕනි අක්කියෝ.. මේ දවස් ටිකේම දුකනේ දුන්නේ…

    ම්.. අර ⁣ආව කෝල් එක මොකද්ද… අර තොල් රතු යක්ෂනිවත්ද… ඔය මී හරකි තමා ඔක්කෝටම මුල.. උනහපුලි…?…

    ම් …. කතාව ගැන කියනවානම්… කියන්න දෙයක් නැ අනේ… සුපිරිම සුපිරි කතාව… අදෙරෙයි පැලෙන්න අක්කියෝ.. සතුටින් පරෙස්සමින් ඉන්නෝ…
    තෙරුවන් සරණයි !…
    ❤❤❤

        1. අක්කි මොකටද ශේශ්ට කෝල් ගන්නේ… ආ ….
          ගිනිට පයින් ගහලා.. අක්කි යන්නද හදන්නේ….

          1. ❤️?kaushi?❤️

            Batakola aachchi newei akkiyo api eyata ගොටුකොළ ආච්චි kiyamu….?

          1. අක්කී මේක මට පුරුදුයි වගේ.හොර කෙල්ල

          2. මොකක්ද බං පුරුදු.කමක් නෑ මැණික ඇබිත්තක් හරි ආදරෙයි නේ

  7. දිවුරලා කියන්නම් මේ ලෝකේ
    කිසි දෙයක් නෑ ඔබ තරම්
    ආදරේ රකින්නම් මගෙ පන සේ
    මැරෙනකල්ම මා ඔබ නමින්

    මගෙ පන රැදුනේ – ඔබෙ පෙම ලගනේ
    මගෙ ලෙස දැනුනේ – ඔබ විතරයිනේ

    ?????ලස්සනයි මාධි නංගා කතාව.????
    තවත් ලස්සන කතා ගොඩාරියක් ලියන්න සුභ පතනවා.
    සතුටින් පරිස්සමින් ඉන්න.
    බුදු සරණයි

  8. අද නම් මාධිට ආදරෙයි ආදරෙයි අහස තරම් ???????…මැගී ඇන්ටිත් හරි හොදයි නේද…කොහොමහරි ගිනීව බලා ගත්තනෙ….????????????????කතාව ගොඩක් ලස්සනයි මාධි ????????????????????????

  9. ❤️?kaushi?❤️

    Ada nam kathawa shoi ane.ane ai nam giniwa adawanna epa akkiyooooo.aiyo ara yakshani gen wathda call ek.aiyo eyath ekka nm bane appa.oya thol rathu yakshanita mokk hari kranna barid akkiyo.mal wadyakne ey.eya nisane me prashna okkom..kathw nam supiri akki …❤️?❤️?❤️?❤️

  10. වාව් අක්කි…අද කතාව ගැන නම් ගොඩ ගොඩක් සතුටුයි….ගිනීට ආයෙත් පරන ශේශ්ව හම්බවෙලා…..❤️❤️❤️❤️☺️☺️☺️

  11. ..Sandashen..

    I ? U ….මාධී …… අම්මේ ගීනීට ශෙශ් හම්බ වෙලා ….☺️☺️☺️☺️☺️☺️ අයේ නම් මොන කරදර ආවත් මේ දෙන්නව වෙන් කරන්න එපා හාද….කතව ගොඩක් ලස්සනයි ….?????????????

  12. ??????????
    ඇයි අප්පා මේම……….. ??????? හොදම සීන් එක ලගට ඇවිත් නැවැත්තුවනී…………. තව ගොඩක් දරන්න බැරි තරම් දුක් ගොඩක් අත ලගයි ගිනී ඔයාට.. ඒත් ශේෂ් ලග ඉදීවද හැමතිස්සෙම හැමවෙලේම….

    ? ???????????
    ?ආදරේ කියන්නෙ ගින්දරක්….
    ?පිච්චිලා අලුවෙලාම යන..
    ?ඒ ගින්දරින්…
    ?ඕනාවටත් වඩා පිච්චෙන උබ…
    ?හැබෑවටම ගිනි කිරිල්ලියක්..
    ?ගින්දරින් ඉපැදිලා…
    ?ගින්දරින් හැදී වැඩුණු…
    ?ගින්දරින්ම මිය යන්න…
    ?පෙරුම් පුරන ඔය හිතට…
    ? පවන් පොදක් වන් ඔහුගෙ…
    ?ආදරයෙ සිසිලසට..
    ?හැකිවේද නිවන්නට…
    ?ගිනි කිරිල්ලියේ නුඹව….
    ????????????

    කතාව හරිම ලස්සනයි අක්කියෝ… සුභ පතනවා ඔයාට.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි..බුදුසරණයි… !!!!

  13. නයෝ මධූ

    අම්මෝ ඉතිං ඒ ආදරේ. ආයනම් ඒ දෙන්නට දුක් දෙන්න එපා හොඳේ. දුක් විඳින්න තිබ්බත් දෙන්නව එකටම තියන්න හොඳේ. පව්නේ නැත්නම්. හරි ලස්සනයි අනේ.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.