Katha Ahura

නේවි (navy) කොල්ලෙක් | කෙටි කතා | 2020 කතා අහුර කෙටි කතා තරගය

කතාව කොහොමද?

නේවි (Navy) කොල්ලෙක්

මගේ නම ශලිත බංඩාර … මගේ ගම මාතලේ … මං බැදලා ඉනේ.. මගේ වයිෆ් නර්ස් කෙනෙක් මහනුවර ජාතික රෝහලේ.. මට දුවෙක් ඉන්නවා, මේ අවුරුද්දේ වයස අවුරුදු තුනයි.. මගේ රස්සාව නේවි .. ඔව්.. ඔව්.. මේ දවස්වල සමහරු කොරෝනා රටටම බෝ කරා කියලා බනින නේවි එකේ තමා..

ගොඩක් අය හිතන්නේ හමුදාවට යන්නේ අට පාස් වෙන ජොබ් එකකට යන්න බැරිනිසා කියලා .. ඒත් ඒක එහෙම නෙවෙයි කියන්න මං දන්නවා.. මොකද ඩිග්‍රි පවා තියෙන අය හමුදාවේ ඉන්නවා .. ඒ වගේම හමුදාවට බැදුනට පස්සේ එයාලා වැඩිදුර ඉගෙන ගන්නවා… මං ඒක හොදටම දන්නවා .. මං මෙඩිකල් ෆැකල්ටි යන්න සිලෙක්ට් වෙලා තියෙද්දි කැම්පස් නොයා නේවි එකට ගියේ රට වෙනුවෙන් මොනාම හරි කරන්න මට තිබුන ආශාවට.. මගේ රිසල්ට්ස් නිසා මට නේවි එකේ හෙද නිලධාරියෙක් විදියට වැඩ කරන්න අවස්තාව ලැබුනා..

ඒත් කාට වුනත් ආධුනික අවස්තාවේ මිලිටරි ට්‍රේනින් එක අනිවාර්යයි… ගොඩක් අය හිතන තරම් සිම්පල් නෑ.. මුල් කාලේ මං මාස තුනක් එක දිගට මහ මුහුද මැද.. ගොඩබිමක් පේන්න නෑ.. පුරුදු නැති නිසාම සති ගානක් වමනේ දානවා.. ඒත් කට්ට කාගෙන කොහොම හරි පුරුදු වෙන්න ඕනි.. ඒක තමා ටාගට් එක… මං විතරක් නෙවෙයි නේවි එකට ආව ඕනි කෙනෙකුට මේ අත්දැකීමට මූණ දෙන්න වෙනවා..

යුද්ධ කාලේ ආමි, එයා ෆෝස් වගේම නේවි එකත් ලොකු කැපකිරීමක් කරා ඔයාලට නිදහසේ ජීවත් වෙන්න රට බේරලා දෙන්න .. මරණ සහතිකේ අතේ තියාගෙන තමන් ආදරේ කරන අය දාලා රට බේරෙන්න ඉස්සරහට යන්න හැමෝටම බෑ.. ඒත් අද අපේ මිනිස්සු බනින නේවි කොල්ලෝ මරණ සහතිකේ අතේ තියන් රට බේරෙන්න ඉස්සරහට ගියා..

එදා වගේම අදත් ඉස්සරහට යන්නේ අපේ කොල්ලෝ … දියුණු රටවල් කියාගන්න ගොඩක් රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න බෑ කියලා අඩද්දි මූලික ආරක්ෂිත පහසුකම්වත් නැතුව අපේ රටේ අය පුලුවන් විදියට මුඛ ආවරණ , ආරක්ෂිත ඇදුම් හදාගෙන බෑ නොකියා කැපවීමෙන් වැඩට බැස්සා. ඒ වගේම අපේ රටේ මානව හිමිකම් ගැන කියලා රණවිරුවන්ට්ටට අපහාස කරන්න උත්සාහ කල ගොඩක් බටහිර රටවල් ඒ රටවල කොරෝනා හැදුන අයව මැරෙන්න දාලා බලාගෙන හිටියා ..

ඒත් අපේ රටේ මානුෂවාදී හමුදාව එදා වගේම අදත් ඉස්සරහට ගියේ මැරෙන්න බය නැති නිසා වගේම රටට රටේ මිනිස්සුන්ට ආදරේ නිසා.. ජාති, ආගම්, කුල මල, ලස්සන , දුප්පත් පොහොසත් කිසිම දෙයක් ගැන හොයන්නේ නැතුව කොරෝනා හැදිලා තියෙන අය හොය හොයා ගිහින් ප්‍රතිකාර කරන්න උත්සාහ කරන ලංකාව වගේ රටක් ලෝකේ කොහෙවත් නෑ කියලා නම් මට විශ්වාසයි ..

ලක්ෂ ගානක් රටේ සල්ලි වියදම් කරලා රෝගීන් නිරෝධනයට දාලා සියලුම පහසුකම් ලබාදෙන අපේ රට වගේ වෙන රටක් නෑ.. නේවි එකේ කොල්ලෝ සුදුවැල්ලේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න පිරිසක් අසීරුවෙන් හොයාගන ගිහින් නිරෝධනයට දැම්මේ කොරෝනා රෝගය අනික් අයට පැතිරෙන එක වළක්වගන්න… ඒත් නොහිතපු විදියට එක් රෝගියෙක් යන්න බෑ කියලා අරගල කරද්දී කරුණු පැහැදිලි කරලා බොහොම අමාරුවෙන් අරං ගියත් අවාසනාවන්ත විදියට අපේම නේවි කොල්ලෙක්ට කොරෝනා හැදිලා තිබුනේ රට බේරගන්න ගිය නිසා මිසක් හිතලා හදාගෙන රටටම බෝ කරන්න නෙවෙයි ..

මේ කිසිම දෙයක් නොදැන දවස් ගානක් නිදිමරාගෙන රට වෙනුවෙන් වැඩ කරපු වැලිසර කෑම්ප් එකේ අපි නිවාඩු ගියේ දවස් ගානක් වෙන්වෙලා හිටිය ගෙදර අය දකින්න ගොඩක් ආශාවෙන් … මැයි 5 මගේ චූටි දූගේ තුන්වෙනි උපන්දිනේට මේ පාර ගෙදර ඉන්න පුලුවන් කියන සතුට මට තිබුනේ මීට කලින් එහෙම ඉන්න බැරි වුන නිසා.. ගිය පාර පාස්කු ප්‍රහාරය නිසා ගෙදර යන්න බැරි වුනා .. ඒත් මේ පාරත් නිවාඩු කැන්සල් ආපහු කෑම්ප් එන්න කියලා මැසේජ් එකක් ආවේ අපේ කොල්ලෙක් නොහිතපු විදියට අසනීප වුනු නිසා..

පහුවදාම වැඩට යන්න හිතාගෙන මං නිදාගත්තේ මාස අටක බඩගෙඩියත් තියාගෙන අවුරුදු තුනේ දූ පැටියා තුරුළු කරගෙන නිදාගෙන ඉන්න මගේ වයිෆ් දිහා දුකින් බලාගෙන … නොකිව්වට හරිම හිත් වේදනාවක් හිර කරන් ඉන්න බව මං දන්නවා … පහුවදා ගෙදර දොර ඇරපු වයිෆ් ශාලිත… කියලා කෑගහද්දි මං බයවෙලා දිව්වේ වැටුනාවත්ද කියලා..

නෑ.. ගෙදර දොර ඉස්සර මල්වඩමක් ගෙනත් දාලා තියලා… ගමේ මිනිස්සු මිහිපිට දෙවියෝ කියලා කියපු කටවල්වලින්ම කොරෝනා බෝ කරපු උඹලා මැරිලා පලයල්ලා කියලා ලියලා මල්වඩමක් ගෙනත් දාලා.. මැරෙන්න බය නම් කවදාවත් මං නේවි එකට යන්නෙ නෑ කියලා ගමේ අයට අමතක ඇති.. ඒත් ළමයෙක් හම්බෙන්න ඉන්න මගේ නෝනා මේක දැක්කම කොච්චර පීඩනයක්ද කියලා ටිකක් හිතන්න තිබුනා මිනිසුන්ට ටිකක්…

වයිෆ්ගේ කදුලු පිරිච්චි මූණ දිහා බලපු මං මල්වඩම පැත්තකට අරං ගිහින් ගිනි තියලා දාලා ඕවා වැඩිය හිතන්න එපා කියලා ආදරෙන් ඔලුව අතගාලා කිව්වා.. අප්පච්චි යන්න එපා කියලා පොඩි දූ අඩද්දි අප්පච්චි ආයේ ඉක්මනින් එනවා පුතේ … කියලා බොරු කියලා පාරට බැස්සේ ආපහු කෑම්ප් එකට යන්න.. හවස ආරංචි වුනේ ගමේ මිනිස්සු මට කොරෝනා හැදිලා කියලා අපේ අප්පච්චිට ගහලා කකුල කඩලා කියලා…

ඇත්තටම මට මිනිස්සු ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ… මේජර් කමල් ගුණරත්න සර් නන්දිකඩාල් පොතෙන් කියලා තියෙනවා ප්‍රභාකරන් හැමවෙලාවෙම කිව්වේ සිංහලයාට මොනා හරි මතක තියෙන්නේ මාසයක් විතරයි කියලා… ඒක ඇත්ත… මට හිතෙන්නේ මාසයක්වත් මතක නෑ.. සතියකට අඩු කාලයක් තමා හැමදේම මතක… මැරෙන්න බය නැති මගේ ඇස්වලට කදුලු ඉනුවේ මිනිස්සු ගැන කලකිරිලා..

පීසීආර් එකේ ප්‍රතිඵල ආවම මට කොරෝනා නැහැ … නෙගටිව් කියලා දැනගත්තා … යාලුවො කිහිප දෙනෙක්ටම පොසිටිව් වුනත් මට විශ්වාසයි රටේ ඉහළම විනය තියෙන අපේ හමුදාවට කොරෝනා පරාජය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා .. නේවි එකේ කොල්ලෝ හැමෝටම තියෙන්නේ ලොකු දුකක්.. ඒ තමන්ගෙම රටේ මිනිස්සු සලකන විදිය දැකලා… ඒ කොහොම වුනත් මං වගේම අනික් කොල්ලෝ හැමෝමත් මගේ රටේ මිනිස්සු වෙනුවෙන් ඕනිම වෙලාවක ඉස්සරහට යනවා.. කිසිම තරහක් නෑ.. මැරෙන්න බයත් නෑ.. අපි අපේ රටට ගොඩක් ආදරෙයි …

—–නිමි——

මං මේ කතාව ලිව්වේ ඇත්තම සිදුවීම් දෙකක් මූලික කරගෙන.. මල්වඩම සහ පියාගේ කකුලක් කඩපු කතාව ඇත්ත … ටිකක් හිතන්න හමුදාව අපේ මිනිස්සු වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරාද.. බහුතරයක් නැතත් සුලු ප්‍රමාණයක් මිනිස්සු හමුදාවට මේ විදියට දෝෂාරෝපණය කරලා අමානුෂික විදියට හැසිරෙන එක අපට අනුමත කරන්න බෑ.. ඒ නිසා මං ආදරෙන් ඉල්ලනවා අපිට ආදරේ කරන අපේ රටට ආදරේ කරන අපේ ආදරණීය හමුදාවට අපි ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු..

– නයෝමී නදීරා ධීරසිංහ-

කතා අහුර රචක තරගය 2020 සතියේ හොදම කතාව කරමුද?

මෙන්න විස්තරය

49 thoughts on “නේවි (navy) කොල්ලෙක් | කෙටි කතා | 2020 කතා අහුර කෙටි කතා තරගය”

    1. ? මෙහෙම ඇවිල්ලත් මට 1 st වෙන්න බැරි උනානේ.තව කොහෙද පයින් ආවානම් උදේට තමාඑන්න වෙන්නේ ????

      1. Thanx ayesha akkiyoo ❤❤❤
        Thanx dil akki
        Thanx kaushi nanga pana❤️❤️❤️
        Thanx kawee manika❤️❤️❤️
        Dewashiyoo math 2000 matti thanx machi ❤️❤️❤️

    2. අනේ අක්කි අද වගේ දවසක දාන්න වටිනම කතාවක්… ඇඩුනා අක්කි..?
      සමහර මිනිස්සුන්ට හමුදාවේ කොල්ලෝ උත්තරීතරයි කියලා මතක් වෙන්නේ මොකක් හරි කරදරේකද් පිහිට වෙද්දි තමා.. එතකොට දෙවියෝ දෙවියෝ කියන කටවල් වලින්ම මොකක් හරි චූටි වැරැද්දක් වුනාම අට පාස් ආමි කාරයෝ කියනවා.. මේ මිනිස්සු කොච්චර කුහකද…

      මෙච්චර මේ කොරෝනා නැති කරන්න වෙහෙසෙන හමුදාවේ කොල්ලෝ කෙල්ලොන්ට වැලිසර සිද්දිය හින්දා කොච්චර කතා කිවද.. කොච්චර අවමන් කරාද.. තවමත් බනිනවා… කැම්ප් එකේ ඉන් නැතුව ගෙදර ආවා කියලා… ඇයි ඒ නොමිනිසුන්ට හිතන්න බැරි හමුදාවේ කොල්ලෝ කෙල්ලෝත් පවුලක් ඉන්න අය කියලා… මාස ගානකින් නිවාඩු එනනේ තමන්ගේ අම්මගේ තාත්තගේ සහෝදරයගේ බිරිදගේ සැමියගේ දරුවන්ගේ මුනු බලලා යන්න… ඒ මිනිස්සුන්ට ඒ සැනසීමත් නැති කරන්න තමා සම හරක් මිනිස්සු හදන්නේ.. කොච්චර පව්ද ඒ වැඩේ…

      ⁣රට වෙනුවෙන් කැප වෙලා ඉන්න මේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කර ගන්න ඕන…
      ඔවුන්ගේ ජිවිත ගැනවත් හිතන් නැතුව වෙන අයගේ ජිවිත ආරක්ෂා කරන මේ මිනිස්සු කොච්චර උත්තරීතර ද.. රණවිරුවනි ඔබට දීර්ඝායු වේවා !..

      කතාව ලස්සනයි අක්කියෝ.. ආදර්ශමත් කතාවක්… අද කාලෙට ගැලපෙනම කතාවක්… සුභ පැතුම් අක්කියෝ… සතියේ හොදම කතාව වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..!
      බුදුසරණයි අක්කියෝ පරෙස්සමින් ඉන්නෝ
      ❤️❤️❤️❤️

      1. nayomi nadeera

        ගොඩක් ස්තූති නංගි ඔයාගේ අදහස්වලට ❤️❤️ අපේ පරම්පරාවට පුලුවන් හමුදාව ගැන හිතන විදිය වෙනස් කරන්න .. අපිට පුලුවන් නිවැරැදි දේ මොකක්ද කියලා අනිත් අයට කියලා දෙන්න.. ඔයා වගේ තව කිහිප දෙනෙක් හිටියොත් අපිට ඒක කරන්න පුලුවන් ❤️❤️

  1. Chamodya Madusanki

    මං ආසම නේවි එකට.. මිහිපිට අපි දකින දෙවියෝ රණවිරුවෝ කියන්නේ.. අපෙන් හින්දා එයාලා ලෙඩ උනා මිසක් එයාලා හින්දා කවදාවත් අපිට හානි වෙලා නෑ… එයාලා අද මෙහෙම මේ වගේ දුක් විදිනේ අපිව ආරක්ශා කරන්න ගිහිලා..
    මගේ අයියත් ඉන්නේ නේවි එකේ ඒක එයාගේ හීනේ ඒයාට ඕනියෙ රටට සේවය කරන්න.. ඉතින් මේ ඔක්කෝම රටට සේවය කරන අය..
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාම….
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න අක්කියෝ… සතුටින් ඉන්න හැමදාම,

    1. nayomi nadeera

      ගොඩක් ස්තූති නංගි ඔයාගේ අදහස්වලට ❤️❤️ මාත් ආදරෙයි නේවි එකට… ?

    1. මේ කතාව දාපු ඔයාට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පිං.
      හිතට තදින්ම දැනුනා.
      දුකයි අපේම කොල්ලෝ කෙල්ලෝ ගැන.

      ඇත්ත ප්‍රභාකරන් කිව්ව කතාව සහතික ඇත්ත. අපේ උන්ට මතක තියෙන්නේ උපරිම සතියයි. එකම එක නොහිතා වෙන දේකින් කරපු හොද ඔක්කෝම යටයි. අමතකයි.

      තමන් අන්ත අසරණ වෙද්දී .
      ස්වාභාවික විපත් වෙද්දී ,
      ඒ තැන් වල අව්ව වැස්ස දවල් රෑ නොබලා වැඩ කරද්දිද ,
      තම තමන්ගේ ගෙවල් හදන්න අතපයේ වීර්යයෙන් වැඩ කරද්දී ,
      රට වෙනුවෙන් මැරෙද්දී
      කොරෝනා වෛරසය නිසා නිවාඩු නොතකා වැඩ කරද්දී , අපේ රණවිරුවෝ දෙවියෝ.
      ඒත් කියන්න ලැජ්ජයි .
      නේවි එකට කොරෝනා හැදිලා කියලා දැනගත්තම අපේම උන් කී දෙනෙක්ගේ කටවල් වලින් දොස් තියන්න ඇතිද.

      ඔයා හරි අපේ රටේ හමුදාව තරන් නැහෙන, කැපවෙන රනවිරුවෝ කොහෙවත් නෑ.

      තවත් ලස්සන කතා ලියන්න.
      සතුටින් ඉන්න
      බුදු සරණයි

      1. Chamodya Madusanki

        ඔව් අක්කියෝ හොද කියපු ඒ කටවල් වලින්ම කොච්චරනම් බනින්න ඇතිද.. කොච්චර කොන් කරන්න ඇතිද ඒ අහිංසයන්ව..

      2. nayomi nadeera

        ගොඩක් ස්තූති දිල් ❤️❤️ ඔව් අපේ මිනිස්සු හරි අමුතු ජාතියක් අනේ.. ?? අපි වෙනුවෙන් කැප වෙන අපේ රණවිරුවන් අපි මතක තියාගමු.. එතකොට පුලුවන් අපිට මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න ?❤️

  2. ..Sandashen..

    අපේ ගොඩාක් අයට මුල අමතකයී ….මීට අවුරුදු දහයකට දොලහකට කලින් නම් මේ අය දෙවිවරුන් වගේ මිනිස්සුන්ට පෙනුණේ .ඒත් අද වෙනකොට ඒ දෙවිවරුන් මේ මිනිස්සුන්ට දූවිල්ලක් තරම්වත් වටිනාකමක් දෙන්නේ නැහැ …..?????

    1. Chamodya Madusanki

      ඒ අපේ ජාතියේ හැටි වෙන්න ඇති අක්කා… ජාතියට ⁣අගෞරව කරනවා නෙවී ඒත් මේ ජාතියේ හැටියක්නේ අක්කා ඒක හොද කියලා බනින එක

  3. e mnwa kiynnda kiyla hithnna ba hrima dukai ada rate thathwe oka tamai ata pass ami karayo kiyla hanwadu gahana minissu tamai mihipita devivaru ara mal wadam tiyla kakul kadapu minissunta attatama terune ndda danna e minissu hinda tamai api ada mehemavat inne kiyla atta sinhalayanta deyak mathaka masayai kiynne masayakvat mathaka na tamai ekat itin bahutharayak minissunta

    Akki oya me wage katawak dapu eka hdai gdaak parissamata inna budusaranai

  4. අනේ… අද කාලෙට ගොඩක්ම වටින කතාවක් මේ… නේවි, ආමි, එයාෆෝස්, පොලිස්, වෛද්‍ය වරුන්, හෙද හෙදියන්, ගිලන් රථ සේවා, සුව සැරිය මේ හැම කෙනෙක්ම තමන්ගෙ ජීවිත පරදුවට තියලයි අපේ ජීවිත රකින්නෙ.. දන්නවද මේ දවස් වල ඔය අත්දැකීම අත් විදින කෙනෙක් මේ මමත්.. මහත්තයා සෞඛ්‍ය සේවයෙ නිසා මගෙ මහත්තයට ගමට පවා එන්න එපා කියන්න තරම් මිනිස්සු කුහක වෙලා.. ඒත් ඕනිම හදිසි ලෙඩකදි මතක් වෙන්නෙ 1990… හැබැයි ජීවිත මහ ගොඩක් බේරපු 1990 කොල්ලො කෙල්ලොන්ට ගමට යන්න බෑ.. බෝඩිමකට යන්න බෑ… අදාල ලොකේෂන් එකේ (පොලිස් ස්ථානයේ) පුටුවක තමයි නිදා ගන්නෙ… තාත්තගෙන් වෙන්වෙලා දරුවෙක් විදින දුක දරුවෙක්ගෙන් වෙන් වෙලා තාත්තා කෙනෙක් විදින දුක සැමියගෙන් වෙන් වෙලා බිරිදක් විදින දුක බිරිදගෙන් වෙන් වෙලා සැමියෙක් විදින දුක තේරුම් ගන්න පුලුවන් හිතක් නෑ දැන් සමාජයේ.. ඒත් රණවිරුවන් සුව විරුවන් සියලුම දෙනා කැප වෙන්නෙ අපි වෙනුවෙන්.. තමන්ගෙ ආදරණීයන්ගෙන් වෙන් වෙලා දුක් විදින්නෙ මේ අපි හැමෝගෙම සතුට වෙනුවෙන්… ඒදේ තේරුම් ගන්න පුලුවන් උනා නම් මුලු ලෝකෙම ලස්සන වේවි…. කතාව ලස්සනයි ගොඩක්ම.. සුභ පතනවා ඔයාට.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… දළදා සමිදු පිහිටයි..බුදුසරණයි…!!!

    1. Chamodya Madusanki

      ඒක ඇත්ත අක්කා ගොඩක් මිනිස්සු එයාලට වාසිනම් ගොඩාක් හොද කියනවා ඒත් අමාරු වෙලාවක අහක බලා ගන්නවා.. අද අපේ රණවිරුවෝ වෛද්‍යවරුන් පොලීසිය නැත්තම් අද අපිත් මේ වෛරසෙන් මැරෙන්න තිබ්බ අපි වෙනුවෙන් ලස්සන ජීවිත කැප කරන මේ දෙවිවරුන්ට අද අපේ මිනිස්සු බනිනවා.. ඒ තරම්ම පහතට වැටිලා..

  5. Aththatama gdk minissunta mula amathakai.. ape rate minissuta ehema chodana karanna saadarana hethu thiye aniwarenma…. eda yudde thiyana kaale kawruwath ape aadaraneeya ranawiruwanta ata pas amikarayo kiwwe na..eth tika kalekt passe ehema kiyanna gaththa…. ada warthamaneth udaw karanakota parawal bus stand pirisidu karanakota mechchara udaw karana eyalawa samahara nominissu pahath karala katha karanawa….

    Aththa akkiyo me kathawa gdk adarshamath. Nevi eke ape sahodarayo wagakiyanna ona na mekat. But ada godak aya eyalata baninawa… mama nm kiyanne e ayata aniwa swbawa darmayenma daduwam dei….

    Lassanai akkiyo kathawa…. budu saranai … parissamin inna …❤❤?

  6. උක්කූං පුතා(SuMi )

    මහ මුහුද පරදන
    එඩි බලය හදවතේ
    සයුරු රළ පරදන
    වීර දෑසක් ඇතේ
    රට රකින විරු දෑස
    ඔබමවේ සයුරු තෙරේ
    රුපු ගොසට නෑ බයක්
    සවිය ඇත හදවතේ
    රට වටේ මහ මුහුද
    රළ නගා ඇත්තේ
    එය වටකර නැගෙන පවුරයි
    අපේ නාවික විරුවන් අප දැයේ ……

    ඇත්තටම වටින කතාවක් අද වගේ දවසක මේ වගේ කතාවක් දැම්මට ඔයාට බොහොමත්ම ස්තුතියි.. මමත් ජීවමාන දෙවිවරු ඇස් දෙකෙන්ම දැක්කා ඒ තමයි මාව දවස් 14කට නිරෝධානය කරපු වෙලාවේ කොච්චර සැලකුවද ගෙවල් වලවත් ඒ විදියට සලකන්නේ… ඇත්තටම හරිම ලස්සන කතාවක් කියවද්දි ඇත්තටම වේදනාවක් ඇති වුණා එහෙම උනේ නැත්නම් මේ කතාව කියවිල්ල වැඩක් නෑ.. ඇත්තටම කතාව සාර්ථකයි ඔයාට ජයෙන් ජයයි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

    1. nayomi nadeera

      ගොඩක් ස්තූති අයියා ❤️❤️ චන්දිම මල්ලීට ස්තූති වෙන්න ඕනි අද මේ කතාව දැම්මට.. මං ලියලා ටික දවසක් .. අද දායි කියලා මං දැනගෙන හිටියේ නෑ ? ඔව් රණවිරුවන් ගැන හරියටම තේරෙන්නේ එයාලා ලගින්ම ආශ්‍රය කරන අයට තමා අයියා ❤️

  7. ලස්සනයි අක්කි කතාව.ඇත්ත තිත්ත උනත් ඒ තිත්ත ඇත්ත ඔයා හරියටම ගලපලා තියනවා. ඒ මොකක්ද දන්නවද සින්හලයට ඉක්මනටම මුල අමතක වෙනවා කියන එක.එදා ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි කාලෙ ඉදන් උනෙත් මේදේමයි දැන් වෙන්නෙත් ඒ දේම තමයි……

  8. නිරෝෂා ලක්මාලි

    අන්තිම සටනේ හුස්මට සම වී විශ්මිත වු ගමනේ
    දස්කම් පානා සිංහ පුතුන් ඒ වන්නියේ මහා කැලයේ
    බලාපොරොත්තුව රටට ගෙනල්ලා අත දිග සීමාවේ
    උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ…..

    ගිනියම් වැල්ලේ ලෙයින් ලියා වී උස් අරමුණක හැටී
    දුක් විඳ සිත්සේ නෑ පසු බැස්සේ මරගුල් වලට ගැටී
    යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී
    එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇඳේ…..

    ගොඩ දිය ගුවනේ රට වට පවුරේ මුළු විසි හතර පැයේ
    නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කලේ
    පළඳින දවසේ ලක් මවගේ හිසේ කිරුළක් අතින් ඔබේ
    කරනා සටනේ දහදිය රතු ලේ සුවඳයි හෙටත් රටේ…..

    අන්තිම සටනේ හුස්මට සම වී විශ්මිත වු ගමනේ
    දස්කම් පානා සිංහ පුතුන් ඒ වන්නියේ මහා කැලයේ
    බලාපොරොත්තුව රටට ගෙනල්ලා අත දිග සීමාවේ
    උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ…..

    හැමදේම හැමෝටම මතක ටික කාලයයි. හැබැයි ත්‍රිවිධ හමුදාවේ විරුවෝ නම් කාටවත්ම ලේසීයෙන් අමතක කරන්න බැරි හැම හදවතකම ජීවත් වෙන පිරිසක්. මෙහෙම කතාවක් දැම්මට ගොඩක් ස්තූතියි..

    ත්‍රිවිධ හමුදාවේ සියළුම දෙනාට හදපිරි උත්තමාචාරය..
    ??????????

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.