Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් පස්වෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

හතලිස්පස් වෙනි පියාපත…

———————————————————————————————————————————-

තවත් තප්පර දෙකකට පස්සේ කාර් එකෙන් බැස්සේ කාලෙකට කලින් අපේ ලස්සන පවුල විනාශ කරපු පව්කාරයා..

ඔව්.. තාමත් මගේ ඇස් වලට එයාව අඳුර ගන්න පුලුවන්..

දෙයියනේ… මේ මනුස්සයා.. මෙහේ..

එදා මගේ තාත්තට පිහියෙන් ඇන්නෙත් මූ.. මෙයාම තමයි.. මගේ අම්මා මට දුවන්න කියලා බිලි වුණේ මූට තමයි..

මගේ ඔලුව ඇතුලේ වැහි නැති අකුණු කොටනවා වගේ..

ඒ තප්පර දෙකේ තුනේ සිදුවීම මේ දැනුත් මං ඉස්සරහ මැවිලා පේනවා වගේ…

මගේ ඔලුව පුරාම දරා ගන්න බැරි වේදනාවක් පැතිරෙද්දි මං එහෙමම පුටුවකට බර වුණා..

තාමත් මගේ අතීතය අසම්පූර්ණයි.. මෙතුවක් කල් ගෙවපු ජීවිතේ මෙහෙමයි මෙහෙමයි කියලා කතාවක් වග්ව කියන්න මට තාම තේරෙන්නේ නෑ..

හිස්තැන් ගොඩක් පිරිච්ච ජීවීතයක් මේක.. ඒත් නැවතුමක් නැතුවම වේදනාවක් මට දුන්නු මතකයන් ගොඩක්..

“කෙල්ලේ.. උඹට අමාරුද..??”

මැගී ඇන්ටි එහෙම ඇහුවේ මං ඔලුව බදා ගෙන හිටපු හින්දා වෙන්න ඇති..

මං කොහොම කියන්නද මේ ජීවීතේ ගෙවෙන හැම දවසක්ම ගෙවෙන්නේ තව තවත් මේ හිත අමාරුවේ දාලා බව..

නැඟිටලා හිටපු කිසිම කෙනෙක් දිහාවත් නොබලා ඒ මනුස්සයා ඇතුළට ගියා..

ඒත් දෙයියනේ ඌ ඇයි මෙහෙට ආවේ..?? ශේශ්ගේ ගෙදරට..

මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ..

ඇයි දෙයියනේ මට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි..??

මං ඇසිපිය නොගෙනම බලන් හිටියා මේ වෙන්නේ මොකක්ද කියලා..

ගිනීගේ ජීවිතේ ගිනි ගොඩක්..

අඩුම ගානේ මේ මිනිහගේ නමවත් කියන්න තරම් මතකයක් මට තිබ්බා නම් .??

හැබැයි එක දෙයක් මට විශ්වාසයි.. මෙයාට ශේශ් එක්ක ලොකු බැඳීමක් තියෙන බව..

තවත් විනාඩි දහයකින් එයා එළියට ආවා.. හැබැයි තනියම නෙවෙයි..

තොල් රතු යක්ශණී එක්ක..

මොකක්ද මේ දෙන්නගේ සම්බන්දේ..? තව තවත් ගින්දරේම මාව පිච්චෙනවා..

ශේශ් ඇතුලේ ඉන්නවා.. මට ඒක දැනෙනවා.. මට එයා ළඟට ඕනි.. එයාගේ පපුවට තුරුල් වෙලා අඬන්න ඕනී..

මේ පපුව අස්සේ හැංගිච්ච ගිනි කන්ද නිවිලා යනකම්ම…

ඒත් තොල් රතු යක්ශණී ඉද්දි මං කොහොමද ශේශ් ගාවට යන්නේ.. ඊටත් වඩා අර මිනීමැරුවා ඉද්දී..

තවත් විනාඩි දහයකින් විතර ඒ මනුස්සයා යන්න ගියා.. ආවටත් වඩා ඉක්මනින් හතරවටේම දූවිලි අවුස්ස ගෙන ඌ යන්න ගියා..

මං මගේ දිහාම බැලුවා.. තොල් රතු යක්ෂනී දිහා නොබලා ශේශ් ගාවට යන්න තරම් හයියක් තාමත් මේ හිතේ ඉතුරු වෙලා තියෙනවද කියලා..

මං කල්පනා කර කර ඉද්දි අපිත් එක්ක ආපු හැමෝම නැඟිටිලා එකා දෙන්නා ගේ ඇතුළට ගියා අවසන් ගෞරව දක්වන්න…

අනේ අම්මා මට හයිය දෙන්න.. ඔයාගේ ගිනීට ජීවත් වෙන්න හයිය දෙන්න.. ඇස් ඇරන් ඉන්න හයිය දෙන්න..

මැගී ඇන්ටි නැඟිටිද්දි මාත් නැඟිටිලා හෙමින් හෙමින් ගේ දිහාවට ගියා..

තප්පරේට මගේ හදවත කී පාරක් ගැහෙනවද කියලා මටම දැනෙන්නේ නැති තරම්..

මං පුළුවන් තරම් හිතට ශක්තියක් එකතු කරන් අඩියෙන් අඩිය ගේ දිහාවට තිබ්බා..

දොර ගාවදි මං දැක්කේ මිනී පෙට්ටි දෙකක් සාලේ මැද.. දෙයියනේ… නැන්දා.. දීපක්..

උඩට ගත්තු හුස්ම පවා මටම අවනත නෑ වගේ.. කොහොමද දෙවියනේ මේ කාළකණ්ණි කෙල්ලගේ ජීවීතේ රැක ගන්න ජීවිතේ බිලි දුන්නු නැන්දගෙයි, දීපක්ගෙයි මැලවුණු ප්‍රාණය නිරුද්ධ සියුර දිහා බලන්නේ..

මටත් හොරෙන් මගේ ඇස් වලින් කඳුලු ගංගාවක් ගලන් ගිහින්..

දීපක්ගේ මිනී පෙට්ටිය කෙලින් අහම්බෙන් වුණත් මං දැක්කේ ශේශ්..

ඔව්.. නිදි නැති රෑ ගණනාවක්ම මේ ඇස් පිස්සුවෙන් වගේ හෙව්ව, මේ පපුව ගැහෙන හැම වාරයකම උමතුවෙන් මං පතපු මගේ ශේශ්…

මැගී ඇන්ටිට මුවා වෙලා මං බලන් හිටියේ ශේශ් දිහා.. වෙනදට පේන ආඩම්බර මූණ වෙනුවට බලපොරොත්තු සුන් වෙච්ච හැඟීමකින් ශේශ් දීපක් දිහා බලන් ඉන්නවා..

නෑ… නෑ.. !!!!

ශේශ් ගාවට ආපු තොල් රතු යක්ෂනී ශේශ්ගේ උරහිසකට බර වෙලා අඬන්න ගත්තා..

ශේශ් මුකුත් නොකියම තොල් රතු යක්ෂනීගේ ඔලුවට අත තිබ්බා..

මගේ ඇස් වැහිලා ගියේ ලොකූ කඳුලු පටලයකින්..

ශේශ්ට තුරුල් වෙලා හිටපු තොල් රතු යක්ෂනී මට පෙනී නොපෙනී ගියා..

තවත් නම් මට දරා ගන්න දෙයක් මේ මේ ලෝකේ තියෙද අම්මේ..?

මගේ පපුවේ හැම හැඟීමක්ම ගිනි කන්දක් පුපුරලා ගියපු ලෝදියට පිච්චිලා ගියා..

මගේ මුලු ඇඟම පණ නැතුව යද්දී මං මැගී ඇන්ටිගේ උරහිසකට අත තිබ්බා..

මගේ ජීවීතේ මට තවත් මොකටද…??

ඩෝං…..

කං බීරි කරවන තරම් හයියෙන් මහ හඬක් ඇහෙද්දි මිනිස්සු හැමෝම පිස්සුවෙන් වගේ දුවන්න ගත්තා..

මුලු මිදුලට දුම් වෙලාවකින් වැහිලා යද්දි ගේ ඇතුලේ හිටපු ශේශ්ගේ ගෝලයෝ අපිවත් පෙරලන් ඉස්සරහට දුවගෙන ගියා..

සෙනඟට තෙරපිලා මාව ඇදිලා ගියේ කොරිඩෝව පැත්තට..

වෙඩි හඬ හැමපැත්තෙන්ම ඇහෙද්දි මාව විසි වෙලා ගිහින් කොරිඩෝවේ කොණකට වැටුණා..

අතරින් පතර මිනිස්සු විලාප දෙනවා… මුලු මිදුලම විනාශ වෙලා..

මං අමාරුවෙන් ඔලුව උස්සලා බලද්දි දැක්කේ…

—————————————————————————-

ඔව්.. ඔව්.. ඔයාලා හිතන දේ මගේ කතාවල වෙන්නේ නෑ තමයි.. ඒකනේ වස්තුලා ඔයාලා මට නපුරි කියන්නේ..

ගිනි ගින්දර ගිනී.. ඔයා මොනවා කරාවිද දැං…??
ඔව්.. තවත් වසරක් ගෙවිලා ගිහින්..

ආදරෙයි මගේ කතා කියවන හැමෝටම..

ඉතින් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි..!

11 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් පස්වෙනි කොටස | නවකතා”

  1. ..Sandashen..

    අම්මෝ මෙ මධවී අක්කි අපිටත් පිස්සු හදවනවා…ඇයි අනේ ඊලගට අපි හිතන දේ නෙමෙයි වෙන්නේ….ඔය අපිව පුදුම කරනවා …..?????????????

    1. සත්තයි අක්කි ගිනීව පලවෙනි පාරම කියවපු වෙලේ මන් හිතුවා ආය නම් මේ කොටස් කියවන් නෑ මයි කියලා… ඒත් ඉතින් බෑනෙ අප්පාහ්……. කියවෙනවනී… ප්ලීස්……. ආ…….. අන්තිම කොටස ඉක්මනින්ම දෙන්න හොදේ………

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.