Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් හත්වෙනි කොටස | නවකතා

4/5 - (4 votes)

හතළිස් හත්වෙනි පියාපත…

————————————————————————————————————————————————–

“ගිනී…”

ඒ හඬ මගේ මුළු ආත්මයම දවා අළු කරන්න ඇති.. මට දැනුණේ ඒ කටහඬ මගේ හදවතේ අස්සකින් මට ඇහෙන්න ඇති කියලා..

“ගිනී…”

දෙවෙනි පාරත් මට ඒ හඬම ඇහෙද්දි සත්තයි තවත් ඉවසන් ඉන්න බැරි වුණා..

මං පුලුවන් ඉක්මනින් අනිත් පැත්ත හැරුණා..

යන්තම් අඬ අඳුරේ වුණත් ඒ රූපය අඳුර ගන්න තරම් මගේ ඇස් රුවම හොයන්න ඇති..

තව මොහොතක් වත් ඉවස ගන්න බැරි තරම් මගේ හිත නොසන්සුන් වෙද්දී මටවත් වාරු නැති දෙපා නිකම්ම ඇඳිලා ගියේ ශේශ් ගාවට..

ඔව්.. මේ මගේ ශේශ්… මගේම ශේශ්…

මං මුකුත් නොකියම ශේශ්ව තුරුල් කර ගත්තා..

දෙවියනේ…!! මං දැං මැරුණත් ළතවුලක් මගේ හිතේ නෑ..

මේ උනුසුම අදටත් මගේ හිතම සනසවනවා..

මං සැනසීමෙන් ඇස් පියා ගත්තා..

මගේ ශේශ්…!!!

ඒත් නොහිතපු මොහොතක මගේ උරහිස් වලින් ඇඳලා ශේශ් මාව තල්ලු කරා..

මාව ගිහින් වැදුනේ ශේශ්ගේ වාහනේ..

ඊළඟ තප්පරේ ශේශ් මගේ කම්බුලට හයියෙන් පාරක් ගැහුවා..

මාව විසි වෙලා මහපාරටම වැටුණා..

ඇයි…?? ඇයි ශේශ්….????

කම්බුලම රත් වෙලා වේදනාවෙන් දැවෙද්දි මං ඔළුව උස්සලා ශේශ් දිහා බැලුවා..

ඒ ඇස් රතු වෙලා.. ඔව් කේන්තියෙන්..

එතකොටමයි මැගී ඇන්ටි එතනට දුවන් ආවේ..

“ලැජ්ජ නැද්ද මහත්තයෝ කෙල්ලෙක්ට ගහන්න.. තමුසෙලත් පිරිමිද..??”

මැගී ඇන්ටි මාව කෙලින් කරන ගමන් මහ හයියෙන් එක එක ඒවා කියලා ශේශ්ට බනින්න ගත්තා..

අනේ ශේශ්.. දෙයියනේ මං ඒ මිනීමැරුම් කරේ නෑ.. සත්තයි..

මට කෑ ගහලා කියන්න ඕන වුණත් මගේ උගුරින් එක වචනයක් වත් පිට වුණේ නෑ..

ආයෙත් පාරක් මං ඉස්සරහට ආපු ශේශ් මට ගහන්න වගේ අත උස්සද්දී මං බයටම මූණ වහගත්තා..

“ඒයි.. ඒයි මහත්තයා.. මේ කෙල්ලට තව අතක් හරි තිබ්බොත් මහත්තයට මේ පාලමෙන් පහල්ලෙහාටම තල්ලු කරනවා.. ආවා මෙතන අහිංසක කෙල්ලෙක්ට ගහන්න..”

මැගී ඇන්ටිගේ සද්දෙට මං ඔළුව ඉස්සුවා..

මැගී ඇන්ටි ශේශ්ගේ ශර්ට් එකේ එල්ලිලා බනිනවා.. ඒත් ශේශ්ගේ ඇස් තිබ්බේ මං ගාව..

මං හෙමීට ශේශ්ගේ නම මිමිණුවා..

“තමුසේ මගෙන් මැරුම් නොකා වාහනේට නගිනවා..”

මං අහලා තිබුනු සැරම කට හඬින් ශේශ් මට කෑ ගහද්දි සත්තයි මට පලවෙනි වතාවට හිතුණා මං එදා ගෙදරින් පැනලා ඇවිල්ලා කරේ වරදක් කියලා..

“එහෙම මහත්තයලට ඕන කෙල්ලොන්ව වාහනේට නග්ග ගන්න මේක මහත්තයලට ගියපු රට නෙවෙයිනේ.. මේ මහත්තයා පාඩුවේ යනවා යන්න.. අපිට පව් නොදී..”

මැගී ඇන්ටි තාමත් ශේශ්ගේ ඇඟේ එල්ලිලා කෑ ගහනවා.. පව්.. මං වෙනුවෙන් ශේශ් කියන මැරයා කියලා නොදැන ශේශ් එක්කම රන්ඩු කරනවා..

තප්පරෙන් තප්පරේ ශේශ්ගේ ඇස් වල කේන්තිය මහා ගිනි දළු වගේ තව තවත් ඇවිලෙනවා..

“ගිනී… මට තව පාරක් කියන්න තියන්න එපා..”

ඔව්… මේක තමයි ශේශ්ගේ ලාස්ට් වෝර්නිං එක..

මං වාහනේ දොර ඇරලා ඇන්ටිගේ අතින් අල්ලලා ඇතුළ පෙන්නුවා..

ඇන්ටි මං දිහා මොහොතක් බලන් ඉද්දි මං වාහනේ ඇතුලෙන් වාඩි වුණා..

ඇන්ටිත් මුකුත් නොකියම ඇවිත් මං ගාවින් වාඩි වුණා..

ශේශ් ඇවිත් වාහනේ ස්ටර්ට් කරන් හිතන්නවත් වෙලාවක් නොදී වේගයෙන්ම යන්න ගත්තා..

අනේ දෙයියනේ..!!

ඇස් වලින් නොනවත්වා ගලන කඳුලුවත් පිහිද ගන්න තරම්වත් මට සිහියක් නෑ..

ශේශ් මාව මැරුවත් මට දුකක් නෑ..

ඒත් දෙයියනේ… මං ගැන වැරදියට හිතද්දි මං කොහොමද දරා ගන්නේ..

ඇන්ටි මගේ මූණයි, කණ්ණාඩියෙන් පේන ශේශ්ගේ මූණයි දිහා මාරුවෙන් මාරුවට බලනවා..

මට නම් ශේශ්ගේ මූණ දිහා බලන්නත් බයයි.

මං තප්පරේකට ඇස් පියන් එදා සිදුවීම මතක් කරා..

හැමදේම කරේ තොල් රතු යක්ෂනී… එයාට මාව මරන්න ඕන වුණා…

ඒත් අන්තිමේ මේ කාළකණ්ණි කෙල්ල බේර ගන්න ගිහින් ඇන්ටියි, දීපකුයි දෙන්නම ජීවිතේ දුන්නා..

එකපාරටම ගහපු බ්‍රේක් පාරට මාව විසි වෙලා ශීට් එකේ වැදුණා..

කොහෙට ආවද කියන්නවත් මං දන්නේ නෑ..

ශේශ් වාහනෙන් බැහැලා මගේ පැත්තේ දොර ඇරලා මගේ වැලමිට ගාවින් අල්ලගෙන කලුවරේම මාව කොහෙටද ඇඳන් ගියා..

ඇන්ටිත් මගේ පස්සෙන් ශේශ්ට බැන බැන දුව ගෙන ආවා..
මේක ගෙදරක් වගේ..

ශේශ් සාක්කුවෙන් ගත්තු යතුරකින් දොර ඇරියා..

ඊට පස්සේ කලුවරේම මාව ඇඳන් ගේ ඇතුළට ගිහින් මාව ඉස්සරහට තල්ලු කරා..

මාව බැලන්ස් නැතුව ගිහින් මොකක් හරි එකක් උඩට වැටුණා..

ඊළඟ තප්පරේ මුලු ගෙදරම එළිය වුණා..

මං වැටිලා තිබ්බේ සැටියක් උඩට..

තාමත් රිදෙන කම්බුලත් අත ගාගෙන මං කෙලින් වුණා..

ඒත් ශේශ්ගේ කේන්තිය පිරිච්ච මූණ දිහා නොබලා ඉන්න මං පරිස්සම් වුණා..

ශේශ් මං දිහා බල බල ළඟ තිබ්බ මල් පෝච්චියක් පොළවේ ගැහුවා..

“තමුසේ… ”

“තමුසේ.. යනවා… ඇතුළට යනවා.. නැත්නම් තමුසේ මට මැරෙනවා පේන්නේ නැති වෙයි…”

ශේශ් කේන්තියටද මන්දා වෙව්ලනවා..

අනේ දෙයියනේ…!!!

පුදුම වරදකාරි හැඟීමකින් මාව දැවෙද්දි සත්තයි මට ඕන වුණේ ශේශ් ගාවට යන්න..

“අනේ කෙල්ලේ.. වරෙන් යන්න. අපි ගෙදර යමු..”

මැගී ඇන්ටි මගේ අතකින් ඇඳ ගෙන කියද්දි මං බලන් හිටියේ ශේශ් දිහා..

එයා හයියෙන් හුස්ම ගන්න ගමන් සැටියෙන් වාඩි වුණා..

එකපාරම සැටිය ඉස්සරහ තිබ්බ වීදුරු ස්ටූල් එකට ශේශ් පයින් ගැහුවා..

කං බීරි කරවන සද්දයක් එක්ක වීදුරු ස්කූල් එක කෑලි කෑලි වලට බිඳිලා ගියා..

මෙතුවක් කාලෙකට ශේශ් මේ තරම් කේන්තියෙන් ඉන්නවා මං දැක්කමයි…

මට බය හිතුනේ දරා ගන්න බැරි කේන්තියට ශේශ් මොනවා හරි නපුරෙක් කර ගනී කියලා..

අනේ දෙයියනේ එහෙම නම් වෙන්න එපා…

මේ පව්කාරි මේ ආත්මේ කරපු පව් ඇති..

මං ඇන්ටිගේ අත, එහෙමම අත ඇරලා දුවලා ගියේ ශේශ් ගාවට..

මෙතරම් කාලයක් පුරාවට මගේ ජීවීතේ මට ආදරය දුන්නු, මාව ආදරෙන් බලා ගත්තු, මගේ මතකයේ ඉන්න එකම පිරිමියා ශේශ්..

කොයි තරම් කේන්තියෙන් හිටියත් ඒ බැඳිමෙන් ඈත් වෙලා ගෙට යන්නවත්, ඇන්ටි එක්ක යනවත් මට බෑ..

ශේශ් තමයි මගේ හුස්ම.. මගේ පණ, මගේ මුළු ආත්මයම… ඊටත් වඩා මේ පව්කාරි උමතුවෙන් ආදරය කරන එකම පිරිමි හිත මගේ ශේශ්…

තව තප්පරයක්වත් පමා නොවී මං ශේශ් ගාව බිම වැඳ වැටිලා ශේශ්ගේ කකුල් දෙක අල්ලා ගත්තා..

දෙයියනේ මට ශේශ්ගෙන් සමාව ඉල්ලන්න දවස් වාරයක් ඕන වුණත් තාමත් මගේ උගුරෙන් එක වචනයක්වත් පිට වුණේ නෑ..

මං එහෙමම ශේශ්ගේ කකුලට ඔලුව තියන් හඬා වැළපුණා..

මගේ ඇස් වලින් කඳුලු ගංගාවක් ගලන් යන්න ඇති..

ශේශ්ගේ අතක් මගේ ඔලුව උඩට නිකම්ම වැටුණා..

මං හිස ඔසවලා ශේශ් දිහා බලද්දි ශේශ් මගේ මූණට පහත් වුණා..

ඒත් එක්කමයි මගේ ඔලුව උඩ තිබුණු ශේශ්ගේ අත කොන්ඩෙට හිර වෙලා මගේ ඔලුවෙන් ඇඳලා ශේශ්ගේ මූණට ඉස්සුවේ..

අනිත් අතින් ශේශ් මගේ කම්බුල් මතින් ගලා ගියපු කඳුලු පේළිය පිහි දැම්මා..

ශේශ් මගේ කොණ්ඩෙන් හිර කරන් ඉද්දි මගේ හිස දෙපැත්තෙන් දැනුනේ වේදනාවක්…

“මේ තමුසෙගේ කඳුලුද…???”

—————————————————————————————-

ඔන්න වස්තුලා කියපු හින්දා ශේශ්ව මුණ ගැස්සුවා.. මෙතනින් එහා වෙන ඒවා ඔයලාම බලා ගන්න.

ආදරෙයි ගිනී..

ශේශ්… උමතුවෙන් ආදරෙයි මං…!!!

මගේ කතා කියවන ඔයාලටත් මං පැලෙන්න ආදරෙයි…!!

හැමදාමත් මාත් එක්ක ඉන්නකෝ…!!!

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි..!!!

84 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් හත්වෙනි කොටස | නවකතා”

  1. නයෝ මධූ

    ගිනීට මොනවා කරයිද මන්දා. ශේශ් වෙච්ච දේවල් දන්නේ නෑ වගේද මන්දා නේද?

  2. ඒ කියන්නේ ශේශ් රට ගිහින් නෑ… කතාව නම් වෙනද වගේම ගොඩක් ලස්සනයි…..

    1. මෙ කවුද ………….. අක්කෙක්ද අයියෙක්ද නංගියෙක්ද මල්ලියෙක්ද

        1. සෙසඳි

          ….Hiru…. මැණික ඔයා මේ කතාව විතරද කියවන්නෙ…? Kaushi මැණික ඔයත්…. ? ඇයි සමනල පියාපත් කියවන්නෙ නැද්ද ලොකු අයියා ලියන..??? මං දැකලා නෑනේ දෙන්නා ඒකට කමෙන්ට් කරනවා… ඇයි ඒ…???

          1. තාම කියෙව්වේ නෑ මං…. ලොකු අයියාගේ කතාවත් කියවලා කමෙන්ට් දෘන්නම් කෝ……

          2. .......Kaushi......

            Eka mula idalama kiyawanna bari una akkiyo ekai .kiyawal comment ekak dannam akkiyo

  3. .......Kaushi......

    Aiyo ane me mokada wenne pau ane gini….habi mechchara ikmana sheshwa hamba wei kiyala nm hithuwe na akkiyo…..ai ane shesh mehem karanne me shinsaka gini kirillat….???.lassani akkiyo kthaw…..

          1. .......Kaushi......

            Man hithuwe okkoma akkila wenna athi kiyal….ehenam hodi mtath yaluwek innwneeee?

  4. ..Sandashen..

    Monwa unath kamak nh ginita shesh hamba unane….a nisa sathutuiiii….kathawa godak lassanai akkiyooo ?????

    ඔන්න ලමායි හෙට ඉදලා මට මේ වෙලාවට එන්න වෙන්නෙ නැහැ …..?????

      1. සෙසඳි

        අනූ… අනිත් එක්කෙනා ඔයා… ලොකූගෙ කතාව කියවන්නෙ ඒකට කමෙන්ට් කරන්නෙ නැද්ද.. සමනල පියාපත් එකට… ?

  5. අනූ..❤❤

    ඇතියාන්තම් ශේෂ් රට ගිහින් නෑ..??.දැන්වත් දෙන්නා සතුටින් ඉදියොත් හොඳයි..❤❤
    වෙනදා වගේම අදත් කතාවලස්සනයි ??

  6. Ane ai akki mema duk denne gini paune shesh mechchara napuru une ai akki sheshut hithnvda gini tamai me dewal kree kiyla anee akki ikmntama sheshvai ginivai yalu krnnko ginita duk denna epa ginita wagema apitat hitheno dn gini pissuwenma hitiya nm shoii kiyla ane??

    Adath wenada wagema katwa hrima lassanai akki hetat enna diga kotasak aran ada kotasa tikak madi madi wage ane eka husmatama mn kiyeuwa hetat enna akki digaa kotasak aran budu saranai parissamin inna akki
    Oyge wachanenma kiynva nm adarei palenna ❤❤❤❤❤❤❤

  7. හරිනෙ හරියටම හරි.. ඒ ආවෙ ශේෂ් නාගයා තමා… ඔයා දැන් අපිට කියන්නෙ ශේෂ් ආවට හිනා වෙන්නද… නැත්තන් ලගදිම අඩන්න ටිෂූ බොක්ස් ලන් කර ගන්නද අක්කියෝ…….. කතා කියවලා පිට පාරෙ යන අයයි කමෙන්ට් කියවලා පිට පාරෙන් යන ඈයොයි ඔක්කෝම කොටියම කාපිය.. ඒස්ස්ස්ස්ස්වාහ් පුහ්හ්හ්හ්හ් පුහ්හ්හ්හ්හ් පුහ්හ්හ්හ්හ් පුහ්හ්හ්හ්ජ්

      1. පිනී මැණික……

        කොටි නෙවේ පැටියෝ අපේ පැත්තෙ ඉන්නෙ වල් අලි නෙව… දැකලා දැකලා එපා වෙලා ඉන්නේ….. ????????

          1. මෙහෙ අලි ඔහේට එවන්නද….. අලි වද වෙලා තීන්නෙ ගෙවල් කඩනෝ, කුඹුරු විනාස කරනෝ… ඒ මදිවට අපි පස්සෙත් එලවනීනෙ…… ?????

        1. .......Kaushi......

          හායි අක්කියෝ …. මම නම් ඉතින් අලුත් එක්කෙනෙක්….. ඔයාලා ගැන හරියට දන්නෙත් නෑ අනේ…කෝමද අක්කි ඉතින්….

          1. හොදින් ඉන්නෝ වස්තුවේ….. මමත් අනිත් අය වැඩි විස්තරයක් දන්නෙ නෑ හැබැයි ෆන් එකේ ඉන්නෝ…. වෙල්කම් මැණික අපේ දග පවුලට….. ????

  8. ශෙශ් නාගයා ඉන්නවා එහෙනම්.අනේ ගිනී වැරදි නෑ කියලා කොහොම හරි ඉක්මනට හොයා ගනි නේද ? ගිනී කෙල්ල පව්.කතාව ලස්සනයි

  9. නිරෝෂා ලක්මාලි

    අයියෝ මේ ශේශ් ගිනීට ගැහුවානේ. ගිනී පව්නේ. කෙල්ල ගොඩක් දුක් වින්ඳානේ. වෙච්ච දේවල් නිසා කෙල්ලගේ කටහඬත් නැති වුණානේ. ශේශ් හැමදේම දන්නවනේ වුණ දේවල්. කෙල්ලව හොයාගන්න බැරි වුණ තරහා තමයි ඔය ඇත්තේ. තාමත් දන්නේ නෑනේ ගිනීට කතා කරන්න බෑ කියලා. දැනගත්තම නම් ශේශ්ටට ගොඩක් දුක හිතෙයි.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  10. Ammo saantha….. පට්ට සතුටුයි ඉතින්….ලස්සනයි අක්කියෝ කතාව ….. ශේශ් අනිවා ගිනිව විශ්වාස කරයි නේ…..
    එයාලා සතුටින් ඉදී ඉතින්….. හී එහෙම වෙයි කියලා හිතමුකො…. බකට් නම් තාම ඉවර නැතුව ඇති නේ අක්කියෝ ….

    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ …❤❤?

  11. Shesh awata wadiya sathutu wenna epa lamaaaaaaaii tissue box ekak ehma lagin tiyan lasthi wennko mkda igawata madii akki lokuu baldiyak peralanvane sathuta kan handen bedala duka denne apita savalen savalen ??????

  12. Chamodya Madusanki

    අනේ අපේ ගිනි කිරිල්ලි පව් අප්පා.. ශේශ් නපුලු වෙලාද ???
    කතාවනම් මාරම ලස්සනයි අක්කියෝ
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න..

  13. Dulanjali piumika

    ඒ පාර මොකද්ද වෙන්නේ… ශේශ් රට ගිහින් නැ.. ඒකනම් හොදයි… ඒත් මට හිතෙනවා එදා නැන්දයි දිපකුයි මැරුණ දවසේ වුන ශොක් එක හින්දා කෙල්ලට කතා කරන්න බැරි වෙලා කියලා… බලමුකෝ නේද… අක්කි වෙනස් නේ…
    කතාව නම් සුපිරි අක්කියෝ… පරෙස්සමින් ඉන්නෝ… බුදුසරණයි…
    ???

  14. ඇති යන්තන් ශේශ්ව හම්බුනා ….ඒත් මේ වැරදි වැටහීම නැති කරන්න පුලුවන් ගිනීටම තමයි ????…කතාව නියමයි මාධි ??????????????????????????????????

  15. උක්කූං පුතා(SuMi )

    මාධවී නංගියෝ ඉන්න තැනකින් ඇවිල්ල මේ අයියගේ කොමෙන්ට් එකට රිප්ලයි එකක් dahanko.. රිප්ලයි එකක් නැතුව නිකන් කෑවේ නෑ වගේ..

    කතාවනම් පට්ට හොඳේ සුපිරියටම යනව ජය වේවා ඔයාට තෙරුවන් සරණයි

  16. සෙසඳි

    දැනගනින් ගිනී..
    මෙච්චර රිද්දන්නෙ..
    කඳුළු දෙන්නෙ..
    හිතේ තියෙන තරහකට නෙමේ….
    මගේ හිතේ තියෙන දුකට…
    නපුරු වෙලා හිටපු මේ ශේශ් ට
    කිසි හැඟීමක් නොතිබ්බ මට
    උණුසුම දීලා.. හැඟීම් දීලා…
    මාව දුර්වලයෙක් කරේ
    උඹමයි….
    එහෙම කරලා..මාව තනිකරලා..
    මාව දාලා ගියෙත් උඹමයි …
    හිතුනෙ නැද්ද කවදාවත්
    එක තප්පරේකටවත්..
    උඹ නැතිව මම කවුද කියලා…
    මං හුස්ම ගන්නෙ කොහොමද කියලා…
    දැනුනා නම් නුඹට
    ඉන්නෙ නෑ නුඹ මේ තරම් දුරින්..
    මේතරම් දවසක්…
    නුඹව දැක්කම මේ පපුව
    සතුටු උනු තරමක්
    දන්නෙ නෑ නුඹ තාමත්…
    නමුත් රිද්දනවා මං නුඹව
    දැනෙන තුරු උඹට..
    උඹ නැතිව මං විඳපු දුක…
    මං දන්නවා දැනුනු පසු එය
    නුඹ නොයන බව නැවත
    කිසිදිනක මා තනිකර…

    – ගිනීගේ ශේශ් –

  17. අනේ මගෙ ශේශ් ඔයා ආවද.මගෙ හදවත ගල් වෙලා තිබුනේ.??
    කතාව ගොඩක් ලස්සනයි නංගියා ආදරෙයි ?????? .

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.