Katha Ahura

සූරියකන්දේ අභිරහස (06. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(06. කොටස)

එදින අමාවක දිනයකි. දසතින් ගලා ආ මීදුම ඝන අන්ධකාරයත් සමඟ එක් වී පරිසරයට එක් කලේ මහත් මූසල ස්වභාවයකි. ඇතැම් දිනයන්හි රාත්‍රී අට පසුවත්ම ඇසෙන බියකරු මූසල හඬ මෙදින ඇසෙන්නෙ වතුයාය තුල භීතිය දෙගුණ තෙගුණ කරමිනි. ඇතැමුන් රැය පහන් කලේ නිවසේ දොරවල් අගුළු දමා මේසයක් ද දොරට හේත්තු කරමිනි. රාත්‍රී නවයේ කණිසම පසු විය. ඝන අන්ධකාරයේ විදුලි එළියකුදු නොමැතිව කැළෑව ⁣මැඳින් වැටී ඇති අඩිපාර දිගේ ගමන් කල අයෙකි. ඔහු පැළඳ සිටි කලු කබායෙන් ඔහුගේ ගතම වැසී ගියේ කිසිවෙකුට හඳුනාගත නොහැකි අයුරින්ය. අඩි පාර දිගේ පැමිණෙන ඔහු තම ගමන් මඟ වෙනස් කරමින් දෙපස තිබූ කුඩා පඳුරු ඈත් කරමින් එළිමහන් පෙදෙසකින් මතු වෙයි. මදක් වටපිටාව දෙසට නෙත් යොමු කල ඔහු තමාට ඉදිරියෙන් පෙනෙන්නට තිබූ නිවස දෙසට කිට්ටු කරයි. එහි ඉදිරිපස දොර වසා ඇත. ප්‍රමාද නොවූ ඔහු කිසිදු ශබ්දයක් නොඇසෙන පරිදි නිවසේ පිටුපස දෙසට ගමන් කරයි. එහි පිටතින් වූ කටුමැටි බිත්තියෙන් වට වූ කුඩා කොටසෙහි දැල්වෙන මළානික විදුලි ආලෝකයකි. අඳුරේම බිත්තියට මුවා වන ඔහු තම අත රැඳි ඔර⁣ලෝසුව දෙස විටින් විට දෑස් යවයි. එකවරම විදුලි බුබුල නිවුනේය ඒත් සමඟම තමා ⁣සැඟවී සිටි බිත්තියට අනෙක් පසින් ඇසෙන අඩි ශබ්දයකි. ඔහු සාක්කුවේ සඟවාගෙන සිටි කුඩා රෙදි කැබැල්ල තම අතට ගත්තේය. අඩි ශබ්දය නැවතුනි. ඔහු දකින්නෙ තමාට පිටුපා සි⁣ටින කාන්තාවකි . ඇය මැටියෙන් සාදා තිබූ කොටසෙහි දොරගුළු දැමීමට සැරසුනා පමණි. ඇය සිහිසුන් වූයේ තම වූයේ යමෙකු පිටුපසින් තම නාසයට තද කල රෙදි කැබැල්ල නිසාවෙනි. ඇයව එම ස්ථානයෙම බිත්තියට හේත්තු කර පැමිණි පුද්ගලයා නිවස තුලට ගොස් ඇයව සිහිසුන් කල පරිදි නිවස තුල සිටි කුඩා දැරියවද සිහිසුන් කරමින් තම වම් උරහිසට ගනී. පසුව දොර අසල වැටී සිටි කාන්තාව දකුණු උරහිසට ගත් ඔහු කිසිදු පරිශ්‍රමයක් ⁣ නොමැතිව තමා පැමිණි කැළෑබද මාර්ගයට පිවිසෙයි. නිවසින් පිටවීමට පෙර පැහැරගැනීමක් යැයි කිසිවෙකු⁣ට සැකයක් නොසිතෙන පරිදි කටයුතු කිරීමට ඔහු වග බලාගත්තේය. විනාඩි පහළවකින් පසු ඔහු කැළෑවෙන් මතු වූයේ වතුයායේ ප්‍රධාන මාර්ගයටයි. එය තරමක් හුදෙකලා ස්ථානයකි. ඔහුගේ පැමිණීමත් සමඟ මාර්ගයේ පසෙක නවතා තිබූ වෑන් රථය ඔහු අසලට පැමිණි අතර එයින් බැසගත් පුද්ගලයින් තිදෙනෙකු විසින් රැගෙන ආ කාන්තාව හා කුඩා දරුවාව වෑන් රථය තුලට දමා ගත්තේය.

” හොඳට මතකයිනෙ මම කියපු දේවල් ”
කාන්තාව හා දැරියව රැගෙන ආ පුද්ගලයා පැවසූ දෙයට අනෙක් අය හිස වනා එයට ප්‍රතිචාර දැක්වයි.පසුව වෑන් රථය එම ස්ථානයෙන් පිටත් වන අතර අනෙකා නැවත කැළෑවටම වදී.

?⚡⚡⚡⚡⚡⚡
සියල්ල සිදු වී විනාඩි කිහිපයකට පසු ⁣වතුයායේ පස්වන ලයිමට ඉහළින් වූ කැළෑව දිගේ ඇදී යන පුද්ගලයින් සිව් දෙනෙකි. ඔවුන් අදුරේ ගමන් කලද මාර්ය තරමක් හුරුපුරුදු වූවන් බව ගමන තුලින් වැටහී ගියේය. ඔවුන් පැමිණියේ කුඩා නිවසක් අසලටයි. ඒ අහල පහල කිසිදු නිවසක් නොතිබූ එහින් ඔවුන් සිව් දෙනා කිසිදු බියකින් තොරව නිවස වටා ගමන් කලේය. රාත්‍රී දහය පසුව තිබූ හෙයින් ඔවුන්ගේ නිගමනය වූයේ නිවැසියන් නින්දේ පසුවනවා යැයි සිතාය.

” බලන් ඉන්න එකේ තේරුමක් නෑ එහෙම වුනොත් අපිට කිසිම ආතල් එකක් ගන්න වෙලාවක් නෑ. ඉක්මනට දොර කඩපන්”
කණ්ඩායමේ ප්‍රධානියාගේ විධානයට අනුව ඔවුන්ගෙන් අයෙක් නිවසේ දොරගුළු කඩා දැමූ අතර පසුව ඔවුන් සියල්ල නිවස තුලට වැදුනි. සිහිනෙන්වත් සිදු වන්නෙ ඔවුන් නොසිතූ දෙයකි. සැලසුම් කල පරිදි රමණි හා ඇයගේ දියණිය ඝාතනය කර දැමීමට පැමිණියද ඔවුන් දෙදෙනා නිවස තුල නොවීය . සෑම අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කලද ඔවුන් පිළිබඳ හෝඩුවාවක් නොමැති හෙයින් පිරිස කෝපයට පත්ව සිටියේය.

” ෂිට්, කපටි බැල්ලි තෝ එහෙනම් මාරු වුනා”
කණ්ඩායමේ ප්‍රධානියා මිට මොලවා බිත්තියට පහරක් ගසමින් පැවසුවේය .
” මේකි වෙන කොහෙ යන්නද ලොක්කා . අනිවා වත්ත ඇතුලෙ ඉන්න ඕන . ශංකර්ට කියමු හෙට වත්ත පෙරලලා හරි හොයන්න කියලා”
ඔවුන්ගෙන් එක් අයෙකු තම ප්‍රධානියා හට පැවසුවේය.
………………………………..

⁣වෙනදාට තිප්පොලට පැමිණ සතුටින් පසු වූ බොස් මෙදින කෝපයට පත්ව සිටියේය. නමුත් එයට තම සහචරයන් වගකිය යුතු නොවන නිසාම ඔහු එය සඟවා ගත්තේය.
” රත්නෙ මැරුවා විතරයි ගෑනි බයවුනා. ඒකි දැනගත්තා ඒකිටත් ටිකට් එක හම්බවෙනවා කියලා”
බොස් කිරි වීදුරුවෙන් උගුරක් පානය කරමින් පැවසුවේය.
” මං හිතන්නෙ බොස් ගෑනි ඉන්නෙ වත්ත ඇතුලෙම තැනක. මොකද ගෑනිට හිටියෙ රත්නෙ විතරයි”
” උඹ හරි, ගෑනිට යන්න කියලා තැනක් නෑ . මේකි වත්තෙ කොහේ හරි හැංගිලා ඇති. බලපන් ගෑනුන්ට ඉව තියෙනවා කියන්නෙ නිකන්ද”
බොස් තම කණ්ඩායමේ ප්‍රධානියාගේ මතයට එකඟ විය.
” ගෑනි කාත් එක්ක හරි පැනලා ගියා වෙන්න බැරිද?”
” උඹලා හිතන ජාතියේ බඩුවක් නෙවෙයි ඕකි. මිනිහා මැරුණට පස්සෙ රත්නෙයා ඕකිටයි ළමයටයි ගොඩක් උදව් කරා . ඒ නිසාම තමයි ගෑනි රත්නෙට සරෙන්ඩර් වුනේ. නැතුව දකින දකින මිනිහා එක්ක නිදාගන්න ජාතියේ ගෑනියෙක් නෙවෙයි රමණි කියන්නෙ”
” බොස් අපි දැන් මොකද කරන්නෙ ?”
” ඒක තමයි බං මටත් හිතාගන්න බැරි .ඊයේ රෑම මේ ගෑනිත් මළා නම් අද උදේම වත්ත ඇතුලෙ ලොකු දෙයක් වෙන්න තිබුනා”
._________ __________________ ____________

එදින දහවල් වන විට වතුයායේ තරමක කලබලකාරී ස්වභාවයක් දක්නට ලැබුණි. රමණි හා ඇයගේ දියණිය අතුරුදහන් වී ඇතැයි යන පුවත ලද සැනින් තලෙයිවා තම පිරිසක් සමඟ වතුයාය තුල වැඩ වර්ජනයක් සිදු කිරීමට සැරසුනි.
එම ස්ථානයට විලී මහතා පැමිණියද ඵලක් නොවීය. නමුත් ඒ මොහොතේම වතුයායේ ඉදිරිපස පිවිසුමේ ප්‍රධාන මුරකරු වන චාලි ඔවුන් ඉදිරියට පැමිණියේය.
” කිසි කෙනෙක් කලබල කරන්න ඕන නෑ , රමණි ඊයේ හවස අක්කලගෙ ගෙදර යනවා කියලා ගියේ. මට ගේට් එක ලගදි හම්බුනෙ . ”
” මේ මාතියා . බොරු කියාලා අපිව ගොනාට අන්දන්න අදන්න එපා අරිද, අපි කෝමද ඕවා විස්වස කොරන්නෙ⁣”
තලෙයිවා චාලි ඉදිරියට විත් පැවසුවේය.
” මේ තියෙන්නෙ රමණි මට දීලා ගිය ලියුම කියවලා බලනවකො”
චාලි තම අත තිබූ ලියුම තලෙයිවා හට දුන්නේය. එය මුල සිට අගට කියවූ තලෙයිවා තම පිරිස සමඟ ආපසු හැරුනේය.
” ⁣ඔදයි, අපි යන්නම්. මේක බොරුවක් වුනොත් අපි බලාගන්නම් ”
**********************…………………………………………………..***************

?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

54 thoughts on “සූරියකන්දේ අභිරහස (06. කොටස)”

  1. Dulanjali piumika

    කවුද ඒ රමණිව එහෙම බේරුවේ.. මේ නාලකගේ වැඩක්ද.. ලියන්නෝ දනිති… අපි නොදනිති… බලමු මොකද්ද වෙන්නේ කියලා…

    කතාව සුප… කුතුහලය උපරිමයෙන් තියෙනවා… දැන් ඉතින් බලන් ඉන්න තමා තියෙන්නේ හෙට කතාව දානකන්.. පරෙස්සමින් ඉන්න දෙන්නම… දෙන්නටම බුදුසරණයි..
    ???

    1. උක්කූං පුතා(SuMi )

      මගේ සෙකට්‍රි නංගියෝ ඒකයි ඔය නිල් පාට වෙලා තියෙන්නේ

  2. Me kumakda siduvannee ??? ramaniva kidnap kare nalakada etakota ekat itin liyana ayane danne neda ???
    Tama me katawa hitha gnna ba ane kuthuhalaya pirila ☺☺☺☺
    Katawa nm pattama patta itin
    Budusaranai parissamin inna ?????????????

  3. නාලක වෙන්න ඇති රමණිව බේරගන්න ඇත්තෙ …..මිනීමැරැම්වලට විලීව කරන්නවෙන්න ඇති මිනීමරුවා හිතන් ඉන්නෙ ??????

  4. රමණිවයි දූවයි බේරුවෙ නාලක වෙන්න ඕනි… ඒත් කවුද මේ කණ්ඩායම…. විලීගෙත් එක්ක පරණ තරහක් පිරිමහනවා වත්ද… ??? කතාවනම් සුපිරිම සුපිරි මල්ලිලා…. සුභ පතනවා ඔයාලා දෙන්නටම.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි…!!! බුදුසරණයි….!!!!

  5. ..Sandashen..

    නියමයී කතව …මේ රමණීලාව බේර ගත්තේ අර අලුතින් ආව මුර කොල්ලා….??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.