Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් හයවෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

හතළිස් හයවෙනි පියාපත..

———————————————————————————————————————————–

මං අමාරුවෙන් ඔලුව උස්සද්දි දැක්කේ මං දීපක් එක්ක එකතු වෙලා මගේ උපන් දිනේ දවසේ පැළ කරපු රෝස පැළේ…

ඒක මැලවිලා, වේළිලා ගිහිල්ලා…

හරියට දැං මගේ ජීවීතේ වගේ.. ශේශ් නැති මගේ ජීවිතේ මටත් අයිති නැති මැලවිලා ගියපු හුස්ම ටිකක් විතරයි..

මේ හැම දේම පැත්තකට විසී කරලා දාලා මට ශේශ් ගාවට දුවන් යන්න ඕන වුණත් තොල් රතු යක්ශණී එක්ක ළං වෙලා හිටපු හැටි මතක් වෙද්දි මගේ හිතේ අන්තිම හයියත් හීන වෙලා යනවා.. ශේශ්.. ඔයාට මාව දැනෙනවානම්…

ඔව් ශේශ් ඔයාට මාව පේනවා නම්…

ඇවිත් මාව තුරුල් කර ගන්න.. Oය උණුසුමේ මාව සනසවන්න… ඉස්සර වගේ මට ජීවත් වෙන්න බලාපොරොත්තු දෙන්න…

මං බිම වැටිලා ඔහේ කල්පනා කර කර ඉද්දි මං ගාවට ආපු මැගී ඇන්ටි මාව කෙලින් කරලා මගේ අතෙකුනුත් ඇඳන් සෙනඟ අස්සෙන් පීරලා පාරට ආවා..

මං ඔළුව උස්සලා ආයේම ශේශ්ගේ ගේ දිහා බැලුවා..

වෙඬි හඬවල්, මිනිස්සුන්ගේ විලාප හඬවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ..

මිනිස්සු හිස් ලූ ලූ අත දුවනවා..

පොලිස් ජිප් හතරක් ඇවිත් අපි ඉස්සරහම නතර කරා..

එතනින් එහා කිසිම දෙයක් මගේ මතකයේ නෑ.. මට පෙන්නෙත් නෑ..

ඇස් පිය ගහන හැම තප්පරේකම මට පෙනුනේ තොල් රතු යක්ෂනී, මගේ ශේශ් එක්ක හිටපු හැටි..

උඹ මොකටද දුක් වෙන්නද ගිනී…??? ශේශ් කොහොමත් තොල් රතු යක්ශණී කසාද බඳින්නනේ හිටියේ.. උඹ තමයි ගින්නක් වෙලා උන් දෙන්නා මැද්දට ගියේ..

ඉතින් උඹ තමයි වැරදී….!!!

හැමදේකම වැරැද්ද මගේ පැත්තට දාගෙන වැරදිකාරියක් වෙලා හරි මට හිත හදා ගන්න පුළුවන් නම්…

“උඹ අඬන්න එපා කෙල්ලේ.. උඹට ඕවා පුරුදු නැතුව ඇති.. මෙහේ ඔහොම තමයි..”

මැගී ඇන්ටි හිතන්නේ මං බයට අඬනවා කියලා..

මේ වැටෙන හැම කඳුලක්ම වැටෙන්නේ වේදනාවට.. මේ ලෝකේ මං ආදරය කරපු හැමකෙනාවම මට අහිමි වෙච්ච වේදනාවට..

ඉතින් ගිනී.. උඹට කෙදිනකවත් සැනසීමක් නැති වේවී…

එදා හවස මුඩුක්කුවේ හැමෝම කතා වුණේ උදේ වෙච්ච දේ..

මුඩුක්කුවේ හය දෙනෙක්ට තුවාල වෙලා ඉස්පිරිතාලේලු.. තව දෙන්නෙක් මැරිලලු..

කවදා ඉවර වෙන විනාශයක්ද මේක..??

ශේශ්.. මේ තරම් ගින්නක් අවුලවන්න එපා..තවත්…

මේ හැමදේම කොහොම වුණත් ශේශ්ට කරදරයක් නෑ.. මට ඒක දැනෙනවා..

මට නුඹව දැනෙනවා වගේම නුඹටත් මාව දැනෙනවා නම්…??

දවස් තුනක් ගෙවුනේ කිසිම දෙයක් සිදු නොවී ගිනී කෝවිලේ හිඟා කන හිඟන්නියක් කරමින්..

කෝවිල දිහා බලන් මං පතන එකම පැතුම.. ගිය ආත්මේ මං කරපු හැම පවක්ම මේ ආත්මේ ගෙවන්න මට ශක්තිය දෙන්න කියලා..

මං දන්නවා මං තවත් පව් කරලා ඇති…

හිරු අහසට ඇවිත් කොයි තරම් දින ගත වුණත් මේ හිත පුරාම මැවෙන්නේ ශේශ් විතරමයි..

එදා රෑ මට නින්ද යාගෙන එද්දි ඇහුනේ පාරේ දෙන්නෙක් කතා කරන සද්දේ..

“ඔව් බන්.. ශේශ් ලොක්කා රට ගිහින්ලු.. මට කිව්වෙත් ලෝක්කගේ ළඟම එකෙක්..”

“ලොක්කා රට ගියා කියන්නේ මෙහේ සොක්කෝ ෆෝම් වෙලා අපිට නෙලනවා කියන එක තමයි..”

“අර සූවිස් එකේ මැඩම්ව බඳින්න නම් එයි.. ඇමතිතුමා ලොකුවට වෙඩින් එක ගනීවී. ”

“ඇමතිගේ ඔක්කොම හොර ගේම් ටික හැන්ඩ්ල් කරේ ශේශ් ලොක්කා තමයි ඉතින්”

මට ඇහුන කිසිම දෙක අගක් මුලක් ගලපා ගන්න බැරි වෙද්දි මට දැනුනේ එක දෙයයි..

ශේශ් රට ගිහින්.. හැබැයි එයා කසාද බඳින්න ආපහු එනවා.. ඒත්…??

තොල් රතු යක්ෂනී අර කිව්ව මොකක්ද එකේ මැඩම් කෙනෙක්ද.. ශේශ් කියන්නේ කොහොමත් මං වගේ හිඟන කෙල්ලෙක්ට අයිති කර ගන්න පුලුවන් කුමාරයෙක් නෙවෙයි..

තොල් රතු යක්ෂනී නැති වුණත් පොහොසත් තරුණියක් තමයි ශේශ්ට ගැලපෙන්නේ..

ඒත්…???? තව කොයි තරම් නම් දේවල් දකින්න මං පව් කරලද…??

එදා රෑ පුරාම කොට්ටෙ තෙමුවේ මගේ ඇස් වලින් ගලන් ගියපු කඳුලු..

ඉතින් ශේශ් මේ තරම් ආදරයක් හිත යට තියන් මං කොහොම ජීවත් වෙනවද කියලා නුඹට දැනෙනවා නම්…??

ඔව්.. ආදරේ කියන්නෙම වේදනාවක්.. නෑ.. වේදනා කන්දක්.. නිමාවක් නැති..

තවත් මාසයකට ගෙවිලා ගියේ මාව කෝවිලේ ඉස්සරහ පඩියේ හැමදාම දකින හිඟන්නියක් වෙලා..

එකම ඇඳුම කොයි තරම් ගඳ ගැහුවත්, කුනු තිබ්බත් එක්කම ඇඳගෙන සතියක් දෙකක් ගෙවන එක මටත් දැං පුරුදු වෙලා..

ඉස්සර තිබ්බ සුදු හම් ආවට කලු වෙලා ගිහින් පිච්චිලා.. කැරලි කැරලි කොණ්ඩේ මං පීරලා නැතුව ඇති..

මූණ පුරාම දාඩිය , දූවීලි , කුනු තට්ටු ගනන් ඇති..

ඔව්.. ඉස්සර සැප විඳපු පිස්සු ගිනි අද කවුරු හරි දීලා යන බත් පැකට් එකක් කාලා බඩ පුරවා ගන්න හිඟන ගිනී වෙලා..

මාව අඳුර ගන්න බැරි තරම් වෙනස් වෙලා..

ඒත් හිතේ ඇවිලෙන දුක් ගින්න එහෙම්මයි..

හැබැයි කාලයත් සමඟ නුඹට සතුටම පතන්න මං පුරුදු වෙලා.. කවදාවත් නුඹට අයිතියක් කියන්න මට බැරි වේවි..

ඒත් ලෝකේ කොණක හරි නුඹ සතුටින් සිහිය යුතුමයි.. තොල් රතු යක්ෂනී ගාව නම් ඒ සතුට.. එයත් නුඹට හිමි වේවි..

මේ ගත වෙච්ච මාසෙට මගේ පෙනුම විතරක් නෙවෙයි මගේ හැඟිම් පවා වෙනස් වෙලා.. හිතන විදියත් වෙනස් වෙලා..

හැබැයි එදා ගෙදරින් ආවට පස්සේ මං තාම එක වචනයක් කතා කරේ නෑ.. ශේශ් නුඹට ඇරෙන්න මං අකට කතා කරන්නද..??

ටික දවසකින් ගිනීගේ කටහඬත් මාව දාලා යන්න යාවී..

ඉස්සර වගේ පිස්සු තිබුන නම් මට කවදාවත් දුකක් දැනෙන එකක් නෑ..

අනේ මට පිස්සුවට හැදෙනවා නම්..??

තනියම ඉන්න හැම මොහොතකම මට එහෙම හිතෙනවා.. මං බලෙන්ම පිස්සුව ඉල්ලනවා වගේ..

වෙලාවකට මට තේරෙන්නේ නෑ මගේ දෛවය මට තව මොනවා විඳින්න දෙයිද කියලා..

අම්මේ… ඔයාගේ ගිනී ඇත්තටම ගිනි මලක්.. ගින්දරේ පිච්චි පිච්චි ගින්දරම හොයන..

මං කරන්නේ මැගී ඇන්ටි කරන දේ විතරයි.. හිතලා බඩගින්නට කන්නවත් මට හැඟීමක් නෑ..

එයා පාර දිගේ මගේ අත අල්ලන් යද්දි මං කරන්නේ ඔහේ ඇවිදන් යන එක..

ජිවීතේ පුරාම මං ඔහේ ඇවිදන් යාවි..

සැනසීමක් මට හම්බෙනකම්..

කරුවලටත් බැන බැන ඇන්ටි මගේ අත අල්ලන් ඉස්සරහට යනවා..

මේ මනුස්සයාත් පව්.. ඇවිදින මළ කඳක් බලා ගන්නවා වගේනේ..

එකපාරටම පාලම උඩදි වාහනයක් රිවස් කරලා අපි ඉස්සරහා නැවැත්තුවා..

මං ඒත් මැගී ඇන්ටි පස්සෙන්ම ඇවිදන් ගියා…

“ගිනී….”

———————————————————————————————————-

ගිනි මලක් වෙලා හිත අස්සේ හැමදාම පිපෙන්න වරම් මටත් තිබ්බා නම්…???

ආදරෙයි ගිනී…

ශේශ්.. ඔයා කොහෙද..?? මෙන්න යාලුවෝ හොයනවා..

ආදරෙයි පැලෙන්න.. නපුරිනේ මං…

හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

හොරෙන් කතා කියවලා යන අය කොටියෝම කාපිය.. !!!! ඒස්වා පුහ්හ්හ්හ්..!!!

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..!!
බුදු සරණයි..!!

129 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් හයවෙනි කොටස | නවකතා”

      1. Dul akka
        Sesadi akka
        Sandashen akka
        Ayesha akka
        Kawee akka
        Uthpala akka
        Dilll akka
        Maharaja

        තැන්කු ආ………………..????????????????????????????????????????????????????????????????

        1. මාධි අක්කියො කතාව නම් සුපිරි කියන්න වචන නෑ අනෙ හෙටත් අරන් එන්න මං ගොඩක් ආසාවෙන් කියවන්නෙ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

      1. මන් සතුටින් සනීපෙන් හොදින් ඉන්නවා පැටියෝ… ඔයාට කෝමද…….?

    1. ඒ ආවෙ ශේෂ් නාගයා…….. අයියෝ…… මට බෑ අප්පා….. ???????? ඇයි මාධියෝ ඔයා ඔහොම…. පිනි බිංදුවක් වගේ සූට්ටක් සතුට දීලා බාල්දි බර ගානක් පිරෙන්නම කදුලු වැස්සක් දෙන්නෙ… දැන් ඉතින් සතුටක් ලගයි කියන්නෙ ඇඩීමක් ලගදිම ෂුවර්…… ගිනි මලක් වෙලා එක හිතක් ලග පිපෙන්න පෙරුම් පුරන කෙල්ලො අනන්තවත් ඉන්නවා ඒ වරම නොලැබුණු… කතාව ලස්සනයි අක්කියෝ…. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න ඕනි.. දළදා සමිදු පිහිටයි… බුදුසරණයි…!!!!!

      1. සතුටින් සනීපෙන් ඉන්නවා කියද්දිත් ආය අහලා නේද.මගෙ ඔලුව අඹ ගෙඩියක වැදුනා දැන් ටිකක් අව්ල් අනේ ගනන් ගන්න එප.??

          1. අයියා මචන් දැන් ඇයි මන් කේක් දෙන්න ඕනි…….?????

      2. මේ දවස් වල නම් පට්ටම හැපී එකේ ඉන්නෙ හබී ගෙදරනී… ??? ඒ නැතත් අවුලක් නෑ….. උදේ ඉදන් හවස් වෙනකම්ම ඒ චැනල් එකෙන් මේ චැනල් එකට මේ චැනල් එකෙන් අනිත් චැනල් එකට මාරු කර කර තරගෙට කාටූන් බල බල ඉන්නෝ අලේ…………???????????

        1. සෙසඳි

          කොහොමද දුල් මැණික ? ඉස්සර බලපු කාටූන් ආයේ බලද්දි දැනෙන ආසාව නේද?….

          1. කීලා වැඩක් නෑ අක්කියෝ…. පට්ටම ආසයි….. ??????

        2. අපේ දුල් නංගානම් මේ ටිකේම පට්ට සතුටින් .හැමදාම සතුටින් ඉන්න නංගා.

          1. මට දාපු කොමෙන්ටුව මං කියව්වා එත් මට ඒ ගැන කතා කරන්න ආස නෑ අනී

          2. ආය ඉතින් මැරෙනකල්ම සතුටින් තමා මගෙ දිල් අක්කියෝ….

    2. අකමැති දේවල් ගැන කතා කරන් නැතුව ඉමු පිනි පැටියෝ ඔයා ආයම කමෙන්ට් කරන එකට සතුටුයි නංගියෝ…..

    1. ඔව් අනේ ශේශ් ගියා.ආවම කියන්නම් කො ඔයා ඇහුවා කියලා ශේශ් ව.

      කොහොමද ඉතින් ඔයාට ..

        1. සෙසඳි

          ආ… අනෝමා මගේයි අයේශාගෙයි මචං සෙට් එකට වෙල්කම්… අපිත් 95

          1. උක්කූං පුතා(SuMi )

            මම 2019 මාවත් අඳුන ගන්න කො

          1. උක්කුං පුතා අම්මිගෙ උකුලෙන් බැහැලද දුවන් ආවේ.2019 නේ

          2. අනෝමා අක්කියෝ මං මේකේ ඉතින් සෙකට්‍රියා උක්කුං තොත්ත බබා මහරජ මෙයාට බබා කිව්වොත් පව් මේයාට බබාලම ඉන්නවා 12ක් බිසව් ටික ගනන් කරන ගමන් ?

          3. අනූ..❤❤

            Ah උක්කුං පුතා 2019da.හාකෝ හාකෝ ඕං ඔයාවත් අදුනගත්තා එහෙනම් ????

          4. අනූ..❤❤

            Ah luvina nangi.sathutui oyalage දඟ pawulata ekathu wenna ලැබීම.❤❤.

          5. සෙසඳි

            අනේ උක්කුං පුතා… පව් නේද බං… ඔන්න ඔහේ අත්පුඩියක් ගහලා වෙල්කම් 1 දෙමුකො ආසාවනේ… ?????

  1. ..Sandashen..

    මාධී අක්කියො මොකද්ද ඒ පාර ගිනිට කරන්න යන්නේ ශේෂව රට පටවලා….ඔයාට බෙරිද අර් යක්ශනීට මොකක් හරි කරලා රට පටවන්න ….ඔය යක්ශනී නිසා නේ මේ කරදර …..අපරදේ අර දීපක් මැරුණු වේලාවේ මේ යක්ශනීව මැරෙන්න තිබ්බේ…..?????????????????

      1. අයේෂා අක්කී දුල් නංගා ඔය දෙන්නගෙම බැජ් එකේ නෙමේ එයා චූටික්කියක්

    1. මාත් අහන්න ඉදියෙ…. ඔයා අක්කෙක්ද නංගෙක්ද…. මන් ඉතින් 97 තමා…….

        1. ..Sandashen..

          අයියෝ අලේ මන් එච්චර සුට් නැහැ මන් සුට්ත්තක් ලොකුයි මන් 96

          1. හලෝ sandashen අක්කි මං නම් මෙකෙ ඉන්න බඩ පිස්සි
            කෝමද ඉතින්

  2. Ee kiynne shesh nagaya rata gihinda ehma nm wenna epa mn hithnne eka plan ekak wenna ati ehenm ara awe kuda sheshda ??? hitha gnna ba ane gust krnne nm namaii mn ??
    Wenada wagema adath katwa gdak lassanai akkiyo ane itin ohoma baldi peralanna epa apita sathuta kiyla dekut itin dennako tikak ???
    Parissamin inna akkiyo budusaranai ????????

        1. හලෝ kawee අක්කි ඔයා හොඳින් කියලා කියලා තියනවා මාත් හොඳින් මේ දවස් වල කෝමද ඉතින්

  3. පාලුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද මා එය ඉවසන්නේ
    ලගින් නොසිටියත් දෙතැනක සිටියත්
    ඔබේ සුවඳ මා ලග රැදුනේ…..
    ..
    I miss you ….. soooooo much .?

    අනේ ශේශ් ඉන්න තැනකින් ඉක්මනින් එන්නකෝ…….?

    කතාව ගොඩක් ලස්සනයි .දුකයි ඉතින් .ගිනී පව්.ඉන්නකෝ මම කොහොම හරි ශේශ් ගෙ numbere හොයාගෙන කෝල් කරලා දෙකක් කියන්න.ගිනිට මෙහෙම දුක් දෙන්න එපා කීලා.හදවතට වාවන්නේ නෑනේ සාන්ත.

    මාධි නංගියා සුබ පතනවා ඔයාට.හදවතින්ම .
    ජේසු පිහිටයි !!!!??

    1. කෝමද මචෝ….. ශේෂ්ගෙ නම්බර් එකද අයියෝ….. කලින් ඉල්ලන් එපැයි……. බින්දුවයී……..000000000 කතා කරලා බලන්නකෝ………

      1. ශේශ් ගෙ නම්බර් එක හොයා ගත්තා බං.ශේශ් ඉක්මනින් එනවා කියන්න කිව්වා.ගිනීගෙ දුක් ගිනි නිවන්න.

    1. ඔව් ඔව් ශේශ් රට ගියා.ඇයි ඔයාට කිව්වේ නැද්ද.බලන්නකො ඉතින් නේද මේ කොල්ලා…..

        1. කවුරු උනත් මට කමක් නෑ වයස කියන්ඩ අනී.මේ සෙකට්‍රියාට ඉතින් ඒක නම් ඔනිමයි කොහොමද ඔයාට

  4. සෙසඳි

    රුවින් කෙතරම් වෙනස් වූවත්
    සුවඳ නුඹේ හදුනන්නෙමි තාමත්
    නුඹට නොගැලපුන පෙම්වති මම නම්
    අවසරද සැඟවෙන්න ලොවටම රහසින්…

    දන්නෙමි හදවත විඳවන බව තාමත්
    සැනසුම මමමද කොයි කා සිටියත්
    හැඬවුව සිත සනසන්නට පෙර මෙන්
    හැකිනම් ගනු මැන තුරුලට නැවතත්

    මම සඳ ( මහී අක්කිගෙ සඳ)

          1. ලස්සනයි අක්කියෝ.ඔයගෙ කවි හිත නම් පට්ට ආ…..

    1. සෙව්මි

      කතාව ලස්සනයි මාදි අක්කි
      ඔයා මොනවා කරන්න යනවද කියලා හිතා ගන්න බෑ අක්කි … ගිනී පව් අනේ .

      අද ඇප් එක දැක්කම ගොඩක් සතුටුයි .. ලොග් වෙන්න බැරි අයටත් ඉක්මනට එන්න පුලුවන් උනොත් කොච්චර දෙයක්ද.. ඔයාලා එක්ක මටත් මෙහෙම හිනා වෙලා ඉන්න තිබුනා නම්.. හැමදාම හැමෝම මේ විදියට ඉන්න… ආපහු ඇප් එක කවි නිසදැස් වලින් පිරිලා තියෙයි.. හැමෝටම ගොඩක් ආදරේයි … පරිස්සමෙන් ඉන්න… ?????????????????????

      1. හොදට එක්සෑම් කරලා මිසක් පිස්සු නටන්න මේ පැත්තට එන්න තියා හිතන්නෙවත් නෑ හරී……..

        1. සෙව්මි

          අම්මෝ හලී දුල් අක්කි … හැබැයි ඉතින් විභාගෙ ඉවර උනාම මාව එලවගන්න බැරි වෙයි ඇප් එකෙන්..

  5. නිෂා සශී ?

    අනේ මාධි අක්කී ඒ ආවෙ අපේ නයි කොල්ලවද්ද . අනේ ඉතින් අපේ මේ නපුරු අක්කි පෙරලන්නෙ බාල්දිමනේ ඊළඟට මොනාවෙයිද මන්ද. ඇත්තටම ගිනී ගැන පට්ට දුකයි. හරි හරි හෙටත් එන්න අක්කී. පරිස්සමින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි…. ?????

      1. අනේ මෙ මගේ හෙදිය නේද කලින් ඉන්ශුවරන්ස් නංගී අක්කා මාව මතකත් නෑ කෝමද ඔයාට

  6. අනේ සාන්ත….. ඔය කතා කරේ අපේ ශේශ් බබා නේද අක්කියෝ…. මගේ සුදු මනික එහෙමයි කියල කියන්නකෝ…….

    පව් අනා අර ගිනි…. ඔහොම කරල ඔය සතුටින් ඉන්නකො සුදු….. කතාව නම් වෙනද වගේම ගොඩක් ලස්සනයි අක්කියෝ ………
    ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න …..❤❤??

  7. Dulanjali piumika

    ම්… මොනවද කියන්නේ අද කතාව ගැන…?? ගිනිට මේම දුක් දෙන්න එපා අක්කියෝ… ශේශ්ව ඉක්මනටම ගිනිට මුන ගස්වන්න අක්කි… අර ආවෙනම් ශේශ් වෙන්න බැ… මාධි අක්කි එච්චර ඉක්මනට ශේශ්ව ගේයි කියලා හිතන්න ආමාරුයිනේ… හැබැයි ශේශ් වුනොත් නම් හොදයි…ගිනිගේ පවුල විනාස වෙන්න ඇත්තේ අර තොල් රතු යක්ෂනිගේ තාත්තා හින්දා තමා…මං⁣ නම් හිතන්නේ… දන්නැ ඉතින් අපි බලමුකෝ නේද…

    කතාව ගැන නම් කීලා වැඩක් නැ… සුප…….. අක්කිගේ කතා කොහොමත් සුප නේ …. එහෙනම් අක්කි පරෙස්සමින් ඉන්නෝ…. බුදුසරණයි…
    ❤❤❤

      1. Dulanjali piumika

        හොදයි නංගියෝ… ඔයාලනම් නිදි වගේ…මං නම් ඕන් නිශාචර සත්වයෙක් හොදේ…
        ???

  8. උක්කූං පුතා(SuMi )

    අම්මේ දැනෙන සතුට මගේ දඟ සෙට් එක ආයෙත් එකතු වෙලා.. එල එල..
    ඔන්න මාධවී නංගී හැම එකටම කොමෙන්ට් නැති උනත් පුළුවන් හැම වෙලාවෙම කොමෙන්ට් එකක් දානවා කතාවට හරිද.. ඒත් හැමදාම කතාව කියවනවා.. මගේ වචනයෙන් කියන්නේ ඉතිං කතාව සුප්පා තමයි.. ඔයාට ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි

        1. සෙසඳි

          මේකී යකූ… අයියගෙ කතාවෙ අපි ඉල්ලපු කේක් කෑල්ලට බකට් 1 දාලා දැන් මාධි ගෙ කතාවෙ මේකිම කේක් ඉල්ලලා… අහුවෙයන්කො…

  9. අයියෝ ශෙශ් රට ගියොත් ගිනී …..පව් අනේ ගිනී…..???
    කතාව නම් සුපිරි මං සුපිරි…..

  10. නයෝ මධූ

    කතාවනම් දුකයි නංගියෝ. පව් අනේ. ගිනී එක පැත්තක විඳවනවා. ශේශ්ට මොකද දන්නෑ ඉතිං. ඇත්තටම එයා රට ගිහින්ද දන්නෑ නේද?

  11. Dulanjali piumika

    ඒපාර මොකද්ද වෙන්නේ… ශේශ් රට ගිහින් නැ.. ඒකනම් හොදයි.. ඒත් දැන් ගිනිට මොකද වෙලා තියෙන්නේ.. මට නම් හිතෙන්නේ… නැනදයි දිපකුයි මැරුණ දවසේ වුන ශොක් එක හින්දා කෙල්ලට කතා කරන්න බැ කියලා… අක්කි පෙරලන්නේ ඉතින් ඔය වගේ බාල්දිනේ.. බලමුකෝ අපි…

    කතාව නම් සුපිරි අක්කියෝ… පරෙස්සමින් ඉන්නෝ… බුදුසරණයි…
    ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.