Katha Ahura

සූරියකන්දේ අභිරහස (05. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(05. කොටස)

දෙවන අභිරහස් ඝාතනයත් සිදු වී දෙදිනක් ගත විය. එදින උදෑසන වෙනදා නොමැති පිරිසක් කඩය අසල නොවීය . වරින්වර කිහිප දෙනෙකු පැමිණියේය. එනිසාම සාන්ත මුදලාලිගේ බිරිඳ මඟ බලා සිටියේ තවකෙකුගේ පැමිණීමේ අපේක්ෂාවයි. නමුත් එම අවස්ථාවේ කඩයට පැමිණියේ මින් පෙර නොදුටු රුවකි. ඔහු පැමිණ තමා රැගෙන ආ ගමන් මල්ල බිමින් තබා කඩය අසල වූ බංකුවෙන් වාඩි විය.

” නෝනා කන්න මොනවද තියෙන්නෙ ? ”
” කොළ වණ්ඩු තියෙනවා , ලැවරියා තියෙනවා”
“මට කොළ වණ්ඩු දෙකයි තේ එකයි දෙන්න”
මුදලාලි නෝනා ඔහු දෙස ⁣දෙතුන් වතාවක් බලමින් ඔහු ඇණවුම් කල දේ ලබා දුන්නේය.
” මේ ළමයව මම මීට කලින් දැකලා නෑ”
ඔහුගේ පෙනුමෙන් එතරම් වයසක් නොපෙන්වුනු අතර එය අවුරුදු විසි පහක පමණ තරුණ පෙනුමකට සමාන විය.
” බංගලාවේ මුර කරන්න කෙනෙක් හොයනවා කියලා පත්තරේ දාලා තිබුනා . මම මේ ඒක බලන්න ආවේ”
” හැබෑටම රත්නෙ මැරුණට පස්සෙ දැන් බංගලාවේ මුරට කවුරුත් නෑ නොවෑ. ඒක නෙවෙයි මේ ළමයගෙ ගම් පළාත එහෙම?”
” නෝනා මම කුරුණෑගල , ඉස්කොලේ ගියේ දහය වසරට වෙනකන් විතරයි. ගෙදර ප්‍රශ්න නිසාම ඉස්කෝලෙ ගමන නතර කරලා කුලී වැඩ කරා”
තරුණයාගේ කතාවට මුදලාලි නෝනා තරමක අනුකම්පාවෙන් ඔහු දෙස බැලුවේය.
” ඒක නෙවෙයි නෝනා කලින් බංගලාව මුර කරපු මනුස්සයට ලෙඩක් හැදිලද මැරුනේ?”
තරුණයා කොළ වණ්ඩුවක් අතට ගනිමින් ඇසුවේය.
” මොන පිස්සුද ළමයෝ මේ හොඳට හිටිය මිනිහා. දැන් දවස් හතරකට කලින් කිසිම හේතුවක් නැතුව මිනිහව මරලා දාලා තිබුනා. තාම හෝඩුවාවක් නෑ කවුද කරේ කියලා”
” මිනිහට තරහකාරයෝ එහෙම ඉන්නැති එහෙනම්”
” පිස්සුද ළමයෝ, මේ වත්තෙ හැම එකාත් එක්කම ඌ හොඳට හිටියා.මට ගලේ කෙටුවා වගේ කියන්න පුළුවන් වත්ත ඇතුලේ කිසිම එකෙක් මේ අපරාදේ ක⁣රේ නෑ කියලා”
සුළු වේලාවක් තුල තරුණයාට වැටහී ගියේ මුදලාලි නෝනා කයිවාරු ගැසීමට උපන් හපන් අයෙකු බවයි.
” මිනිහා මේ වත්තෙම කෙනෙක්ද නෝනා ?”
” මිනිහා දරු පවුල් කාරයා. ගෙවල් නුවර. හැබැයි ළමයෝ කාලෙක ඉඳන් මට පොඩි සැකයක් තිබුනා මිනිහා ගැන . ඒක සැකයක් නෙවෙයි කියලා ඔප්පු වෙන්න මහ කාලයක් ගියේ නෑ”
මුදලාලි නෝනා වටපිට බලමින් ඔහුට යාබදව තිබූ බංකුවෙන් හිඳ ගත්තේය. තරුණයාද ඇයගේ කතාව මහත් වුවමනාවෙන් ඇසීය.
” මිනිහා නුවර වුනාට මාසෙට දවස් තුනයි ගෙදර ගිහින් ඉන්නෙ. වැඩි දවසක්ම වත්තෙ තමයි. මේ වත්තෙ ඉන්නවා……………………
……….”
මුදලාලි නෝනාගේ දීර්ඝ කතාවෙන් පසු තරුණයා ඇයට තමා මිලදී ගත් ආහාර වල මුදල් ගෙවා ඉතිරියද තියාගන්නා ලෙස පවසා යාමට පිටත් වුනි.
” මම යනවා නෝනා එහෙනම් ”
” මට නෝනා කියන්න ඕන නෑ .. අපේ කෙල්ලත් ඔය වයසෙම වගේ වෙන්නැති. අනිත් කාරනේ මම මේ දේවල් කිව්වා කියලා මේ ළමයා කාටවත් කියන්නෙ එපා. මම හැමදේම කිව්වෙ මේ ළමයගෙ හොඳට . මොකද මේ වත්තෙ සමහර ගෑනු ඉන්නවා ඇහැට කනට පේන පිරිමියෙක් දැක්කම ඇගේ එල්ලෙන්න හදන”
” හරි ඇන්ටි, ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම් ”
” හොඳමයි ළමයො”
තරුණයා සුහදශීලිව ඇයට සමුදී බංගලාවට පිටත් විය
????????????????????????

සිතුවාට වඩා දුරක් බංගලාවට තිබුනු අතර අඩ හෝරාවක පමණ කාලයකින් පසු තරුණයා බංගලාවට පැමිණියේ අතරමඟදී හමු වූ පුද්ගලයන්ගේද උපකාරය ඇතිවයි. බංගලාවට පැමිණි තරුණයා දුටුවේ මිදුලට වී සුරතල් බල්ලෙකු සමඟ සිටින තරුණ යුවතියකි. ඒ විලී මහතාගේ දියණිය චාපාය. ඕස්ට්‍රේලියාවේ සිටි කාලය තුල වෛද්‍ය විද්‍යාව පිළිබඳව බොහෝ දේ ඇය හදාරමින් සිටියද ලංකාවට පැමිණීමත් සමඟ එය අතපසු විය. සුරතලාව අතට ගෙන නිවස තුලට යාමට සැරසුනු ඇය දුටුවේ තමාට මදක් දුරින් සිටි තරුණයාවයි. ඇය ඔහු අසලට ගොස් සුහදශීලී සිනහවකින් ඔහු ඇමතුවේය.
” නෝනා විලී මහත්තයා ඉන්නවද?”
” අප්පච්චි ඉන්නවා . ඔයා කවුද ?”
ඇය තරුණයාගේ හිසේ සිට දෙපතුල දක්වා නිරීක්ෂණය කලේය.
” නෝනා බංගලාවකට මුරකාරයෙක් හොයනවා කියලා පත්තරේ දාලා තිබුනා .”
” ආ පොඩ්ඩක් ඉන්න මම අප්පච්චිට එන්න කියන්නම් ”
ඇය නිවස තුලට ගොස් විනාඩි කිහිපයකට පසු විලී මහතා පැමිණියේය.
” ඔයා පත්තරේ නිව්ස් එක දැකලද ආවේ?”
විලී මහතා දුර සිටම තරුණයා වෙත සිනහවක් පාමින් ඇසුවේය.
” ඔව් මහත්තයා ”
” ඔයාගේ නම , ගම එහෙම ?”
” නාලක , මම කුරුණෑගල , මෙන්න මහත්තයා ”
තරුණයා තම ජාතික හැදුනුම්පත විලී මහතා ⁣වෙත ඉදිරිපත් කලේය.
” හොඳයි නාලකට පුළුවන් අද ඉදලා වැඩ කරන්න. කලින් කෙනාට මම හතලිස් දාහක් පඩිය දුන්නා. මම ඔයාට තව පන්දාහක් වැඩිපුර දෙනවා. දවල් දවසට නම් ලොකු දෙයක් නෑ . රෑට පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න ඕන. මොකද මේ දවස්වල වෙන දේවල් එක්ක අපි ගොඩක් බයෙන් ඉන්නෙ”
” හරි මහත්තයා ”

තරුණයා තම පියා සමඟ කතා කරන අයුරු චාපා ඒ අසල වූ ජනේලයෙන් බලා සිටි අතර තම මව පිටුපසින් පැමිණෙන තුරුම ඇයට නොදැනුනේය.
” කවුද දුව ඒ ⁣කොල්ලා”
” අපි දාපු නිව්ස් එක දැකලා බංගලාවේ වොච්මන් වැඩේට ආපු අලුත් කෙනා”
තම දියණිය පැවසූ දෙය එකවර පිළිගැනීමට අපහසු කරුණක් බව ඇයට වැටහුණි.
” පුදුමයි, ඒ කොල්ලගෙ පෙනුමෙන් මම හිතුවෙ අප්පච්චිගේ යාලුවෙක්ගෙ පුතෙක්ද කියලා”
” අම්මට කියන්න මම ඊයේ බලපු ටැමිල් මූවි එකේ මේන් ඇක්ටර් ඔය වගේම කොල්ලෙක්”
චාපා පැවසූ අයුරින්ම නාලක පෙනුමෙන් අංග සම්පූර්ණ විය. ඇය නාලකව දුටු මුල් වරම සිතුවේ ඔහු නළුවෙකු යැයි සිතාය.

නාලක බංගලාවේ සේවයට පැමිණ දෙදිනක් ගත විය ඔහු තම රාජකාරිය නිසි අයුරින් සිදු කරනු දුටු විලී මහතා ඔහුව තම බිරිඳ හා දියණිය ඉදිරියේ ප්‍රශංසාවට ලක් කලේය. තවද ඔහු නිහඬ චරිතයක් බැවින් කාගෙත් සිත් දිනා ගත්තේය.
දිනක් බංගලාවට පහළින් වූ රබර් යාය අසලින් ගමන් කරන නාලකගේ නෙත ගැටෙන්නෙ රබර් ගස් කිහිපයකට මුවාවී දුරකථන ඇමතුමක සිටින පුද්ගලයෙකි . නාලක කුඩා හෝ ශබ්දයක් පිටතට නොඇසෙන ලෙස ඔහුට මඳක් ඈතින් වූ කැළෑ රොඳ අසලට මුවාවී ඔහුගේ කතාබහට සවන් දෙන්නෙ මතු වූ සැකය නිසාය.

***********************……………………………………………..***************
?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

38 thoughts on “සූරියකන්දේ අභිරහස (05. කොටස)”

  1. වාව් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??❤️❤️❤️❤️❤️?????❤️❤️❤️ නියමයි.

  2. නාලක පොලිස් කියලා හිතෙනවා. චාපා එක්ක අර මෙව්වා එකක් ඇති වෙයි කියලත් හිතෙනවා. ??❤️

    1. සෙසඳි

      මේ මට නම් හිතෙන්නෙ එකම සහන් තමයි ඩබල් ඇක්ටින් කරන්නෙ ලුවීනා මැණික අපිව මෝල් කරන්න… පේන්නෙ නැද්ද දෙන්නගෙම සෝස පාට උනු කම්මුල් 2 ?????

      1. වාව්…දැන්නම් කතාව සුපිරි .අනේ එකම දිගට කියවන්න තිබුනනම් ශෝයි අප්පා .එලකිරි සුපිරි පට්ටම නියමයි ලස්සනයි කතාව .?????

  3. නස්බුල් ඇන්ඩ් නිම්නාද අයියලා මං හෙට කොමෙන්ටුවක් දාන්නම්

  4. Dulanjali piumika

    අම්මෝ… අද තමා මං මේ කතාවට ඉස්සරෝම කමෙන්ට් කරන්නේ… තරහ වෙන්න නම් එපෝ… බොරු කියන්නේ මොකටද කලින් දවස් ටිකේ කතාව කි⁣යෙව්වට… එ්ක වැඩිය දැනුනෙ නැ.. ඒකයි කමෙන්ට් කරේ නැත්තෙ… හැබැයි ඔන්න මං හැමදාම රේට් කරා… බැඩ් රේට් නෙවේ ගුඩ් රේට් දැම්මේ…?

    කතාව ගැන කියනවානම්… දැන්නම් ලව් එකක් පටන් ගනි වගේ… එතකොට මේ අලුත් වොච්මන් ශුවර් එකටම අර මර්ඩ කේස් ගැන හොයන්න ආව කෙනා තමා.. ආ..තව දෙයක්… මේ විලි මහත්තයාගේ මල්ලි මේ හැම දෙයක්ම කරනවා ඇත්තේ කියලා මට හිතෙන්නේ… ගෙස් කරනවා විතරයි… බලමුකෝ නේද..

    කතාව නම් සුපිරි… අද තමා මං කතාවට ආස වුනේ… තව ඉස්සරහට තව තවත් රසවත් වෙයි… හැමදාම කතාව දෙන්නෝ…
    බුදුසරණයි ඔයාලට… පරෙස්සමින් ඉන්නෝ…
    ???

  5. Dulanjali piumika

    අම්මෝ… අද තමා මං මේ කතාවට ඉස්සරෝම කමෙන්ට් කරන්නේ… තරහ වෙන්න නම් එපෝ… බොරු කියන්නේ මොකටද කලින් දවස් ටිකේ කතාව කි⁣යෙව්වට… ඒක වැඩිය දැනුනෙ නැ.. ඒකයි කමෙන්ට් කරේ නැත්තෙ… හැබැයි ඔන්න මං හැමදාම රේට් කරා… බැඩ් රේට් නෙවේ ගුඩ් රේට් දැම්මේ…?

    කතාව ගැන කියනවානම්… දැන්නම් ලව් එකක් පටන් ගනි වගේ ??… එතකොට මේ අලුත් වොච්මන් ශුවර් එකටම අර මර්ඩ කේස් ගැන හොයන්න ආව කෙනා තමා.. ආ..තව දෙයක්… මේ විලි මහත්තයාගේ මල්ලි මේ හැම දෙයක්ම කරනවා ඇත්තේ කියලා මට හිතෙන්නේ… ගෙස් කරනවා විතරයි… බලමුකෝ නේද..

    කතාව නම් සුපිරි… අද තමා මං කතාවට ආස වුනේ… තව ඉස්සරහට තව තවත් රසවත් වෙයි… හැමදාම කතාව දෙන්නෝ…
    බුදුසරණයි ඔයාලට… පරෙස්සමින් ඉන්නෝ…
    ???

    1. Dulanjali piumika

      අයියෝ…එකම කමෙන්ට් එක දෙපාරක්ම සෙන්ඩ් වෙලා… ගනන් ගන්න එපෝ.. මට අද ටිකක් නට් ලූස්…මට විතරක් නෙවේ මගේ ෆෝන් බබාටත්.. මං කරන දේ නෙවේ එයා කරනනේ…එහෙමයි කියලා මෙයාව පොලේ ගහලා රිදවන්නත් බැනි… එතකොට රිදෙන්නේ ඉතිං මටම තමා… ඒ හින්දා ගනන් ගන්න එපෝ…
      ???

  6. සෙසඳි

    රශ් ඒ එනවකො හලෝ ඇවිත් කමෙන්ට් 1 දාලා යන්නකො අනේ අපිට… ඉස්සර නම් ඇවිත් ගියා.. මොකෝ වැඩද? වැඩ වැඩිද? කතාව නම් එළකිරි සුපිරි …. මේ නාලක කොල්ලා cid උනත් චාපාගේ මායමට අහුවෙයිදෝ මංදා… ????? මේ කතාව කියවද්දි මැවෙනවා…. ඔයා ඇවිත් කමෙන්ට් 1 දැම්මොත් මං හෙට දානවා දිගම දිග සුපිරි කමෙන්ට් එකක් සත්තම සත්තයි….

  7. කොල්ලා අනිවා cid තමයි…. හිකිස් …. ඒ උනාට ඔය මොන වැඩ්ඩා උනත්….. අර කෙල්ලට අහුවෙයිද මන්දා…… දැන් ඔන්න මෙ කොල්ලො ප්‍රජාව මට බනින්න එපා ඉතින්….. ඕක වෙනව නේ කොහොමත් …… හී…..

    කතාව ලස්සනයි සහෝ….. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න …..?❤

  8. Chamodya Madusanki

    ආව්ව් ආව්ව්??? චාපට නාලකට හිත ගීල්ලද කොයිද??
    කතාවනම් මාර ලස්සනයි අනා.. මේ කොල්ලත් අර මැර කල්ලියෙ එකෙකු නොවේව..

    කතාවනම් සුපිරි???
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න

  9. මේ දවස්වල මම පොඩ්ඩක් විතර Busy ..කතාව කියවලා comment කරන vote එක දෙන හැමෝටම ගොඩක් ස්තූතිය .. අපේ Friend Club එක දැන් පාළුවට ගිහින් වගේ..

  10. රශ් මල්ලියෝ & නිම්නාද මල්ලියෝ……… කතාවනම් සුපිරිම සුපිරි… නාලක CID OFFICER කෙනෙක්වත්ද…???? සුභ පතනවා මල්ලියෝ ඔයාලා දෙන්නටම… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි..!!!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.