Katha Ahura

? උන්මන්තකයා ? | 02 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

? උන්මන්තකයා ?

02 කොටස

පෙර සිද්ධියට පසු වේඩ් කොලේජ් ආවේ දින තුනකට පසුව. නමුත් තවමත් සුව නොවූ තුවාලද සමඟ. මුහුණ පුරා ප්ලාසර් අලවා තිබීම නිසා දකින ඕනෑම කෙනෙක් ඔහුව දැක්කම සමච්චලේට වගේ හිනා උනා. තවත් සමහරු නම් ඔහුට අනුකම්පා කලා. ඔහුගේ දක්ශතා හේතුවෙන් ඔහුට මිතුරන්ට වඩා හිටියෙ හතුරන්. හිටපු එකම මිතුරියත් තමාගෙන් ඈත්වීම නිසා වේඩ් එදා දවසම ගෙව්වෙ තනියම. කිසිම කෙනෙක් එක්ක කතා නොකරපු වේඩ් පුලුවන් තරම් කට්ටියව මඟ ඇරියා.

“වේඩ්…”

කමින් සිටි සැන්විච් එක උගුරේ හිරවීම නිසා වේඩ්ට හුස්ම ගැනීමටත් අපහසු උනා. නමුත් ඔහුට දික් කල වතුර බෝතලය කාගේද කියා හඳුනාගත් වේඩ් එතනින් දුව ගියේ කැන්ටිමේ සින්ක් එක ලඟට. වතුර ලීටර් බාගයක් විතර බිව්වට පස්සෙයි ඔහු තමන්ගෙ හිස එසෙව්වෙ.

“වේඩ් ප්ලීස් මාත් එක්ක කතා කරන්නකෝ…” ඔහු ලඟට ආවෙ වෙන කවුරුවත් නෙමෙයි ජූලියානා. ඒත් වේඩ් ඇයව මඟ ඇරලා එතනින් යන්න හැදුවා.

“වේඩ් ප්ලීස් නවතින්න… අනේ ඇයි දෙයියනේ මාව තේරුම් ගන්නැත්තෙ…? මං අසරණයි වේඩ්… ප්ලීස්…” ජූලියානගෙ හැඬුම්බර වදන් එක මොහොතක් වේඩ්ව නතර කලා. ඒත් කැන්ටිමේ තවත් සිසුන් හිටපු නිසාත් ඇයගෙන් ඈත්වීම දෙන්නටම හොඳයි කියලා හිතුණ නිසාත් වේඩ් එතැනින් ඉක්මණින් යන්න ගියේ ජූලියානා කැන්ටිමේ මේසෙකට ඔලුව තියන් අඬද්දි.

“හේයි ජූලි බේබ් මොකද උනේ…? කවුද ඔයාව ඇඬෙව්වෙ ආ…?” හදිස්සියෙන්ම එතෙන්ට කඩන් පාත් උනේ ජේ.ඩීගෙ යාලුවෙක් වෙච්ච රිච්ඩ්. ඔහු තොලකට ලෙව කෑවෙ ජූලියානගෙ කොට සායෙන් පිටතට නිරාවරණය වෙලා තිබ්බ කිරිගරුඩ පාට කකුල් දෙක දැකලා. ඔහුගෙ එක අතක් ජූලියානගෙ කලවයක් උඩ තිබ්බා.

“අත ගන්නවා රිචඩ්…!” වේගයෙන් ඔහුගෙ අත ගසලා දාපු ජූලියානා නැගිට්ටා. ඒත් රිචඩ්ගෙ මුවේ ඇඳුනෙ නම් අවලං හිනාවක්.

“කමෝන් ජූලි බේබ් මොකද මේ..? කොහොමත් ජේ.ඩී කාපුවා අපිත් කනවා උට ඇති උනාම… මං හිතන්නෙ දැනටමත් ජේ.ඩී ඔයාව කාලා ඉවරයි… සෝ අපිටත් ටිකක් දුන්නම මොකද වෙන්නෙ…?” රිචඩ්ගේ ඒ කතාව ඉදිරියේ ජූලියානාගේ කෝපය ඉහවහා ගියා. ඇගේ වමත වේගයෙන් ඔහුගේ කම්මුල වෙත එල්ල උනා.

“ඒයි..!! බැල්ලි මගෙ යාලුවන්ට ගහන්න උඹ…? ච්ටා…ස්…!!!” එක්වරම එතනට පැමිණි ජේ.ඩී ඇයගේ අත දැඩිව අල්ලාගෙන ඔහුගේ දකුණතින් ඇගේ කම්මුල වෙත පහරක් එල්ල කලා. ඇගේ දෑසින් කඳුලු කඩා හැලෙද්දී වාඩිවී සිටි පුටුව මතටම ඈව ඇද වැටුණා.

“ඇයි ඔයාලා මට මෙහෙම කරන්නෙ…? හ්ග්ග්… පාඩුවෙ ඉන්න දෙන්න මට… ප්ලීස්….” ජූලියානා ඉකි ගහද්දි ජේ.ඩී ඇතුලු පිරිස කලේ ඇයට සමච්චලේට හිනාවුන එක.

“පාඩුවෙ ඉන්න දෙන්නලු… හහ්…? රිචඩ් උඹේ ආසාව ටිකක් ඉෂ්ට කරගනින්… මේකි මොනාහරි කලොත් මං බලාගන්නම්… කොහොමත් මේකි අපේ බඩුවනෙ… හහ් හහ්….” ජේ.ඩී ගේ වදනින් ක්‍රියාත්මක වූ රිචඩ් ඔහුගේ සිතැඟි අනුව ජූලියානාගේ කලවා පෙදෙස අතගාන්නට වූයේ ඇගේ ඉකිබිඳුම වැඩි වන විටය.

“හා හා ඇති දැන් යමල්ලා… කමෝන් ජූලි බේබ්…” විනාඩි පහකට වැඩියෙන් රිචඩ්ගේ ආසාවන්ට ඉඩ දුන් ජේ.ඩී තම මිතුරු කැල හා ජූලියානාවද බලෙන් මෙන් ඇදගෙන කැන්ටිමෙන් එලියට ආවේ එදෙසට ආ විදුහල්පති මේ සිද්ධිය දැක්කොත් තමාගේ පියාට සැල කරාවි යැයි බියෙනි. ජේ.ඩී කොලේජ් එකෙන් මදකට හෝ බිය වූයේ ඔහුට විතරමය.

“ඒ ජේ.ඩී මං ටොයිලට් එකට ගිහින් එන්නම් බ්‍රෝ…” ඇසක් ඉඟිමරමින් එසේ කිවූ රිචඩ් එතනින් හෙමීට ලිස්සා යද්දි අනිත් අය සමච්චලේට හිනාවුනා.

කොලේජයේ පිරිමි වැසිකිලිය තිබුණේ ප්‍රධාන ගොඩනැගිලි වලින් තරමක් දුරින්. ගොඩනැගිලි ඇතුලෙත් වැසිකිලි පහසුකම් තිබුණත් බොහෝ තරුණයන් නිදහසේ මෙතැනට එන්නේ එතැන ඕනෑම දෙයක් කිරීමට නිදහසක් තිබුණු නිසා. සමහරුන් එතැනට සිසුවියන්ද රැගෙන ඒමට හුරුවී සිටි අතර සමහරු සිගරට් හා මත්පැන්ද, ගංජාද මෙතනට ගෙනවිත් පාවිච්චි කරන්නට පුරුදු වී සිටියා. මේ අතර රිචඩ් වැසිකිලියට රිංගාගෙන එහි කෙළවරම කුටිය වෙත ගියා. ඔහු එහි යන විටත් කිසිම කෙනෙක් සිටියේ නැත. තමන්ට බාධා කිරීමට කිසිම කෙනෙක් නැති නිසා යට කලිසම ඇතුලෙ හංගන් හිටපු සිගරට් එකක් ගත්තු ඔහු එය පත්තු කරගත්තා. එයින් දුම් උගුරු කීපයක් පිට කල ඔහු හැඳ සිටි කලිසම හා යට කලිසම පහත් කලේ නිදහසේ ස්වයං වින්දනයක යෙදීමටය. නමුත් ඊලඟට ඔහුට ඇසුණේ යකඩයක් ටයිල් පොලොවේ ඇතිල්ලෙන හඬකි. මඳක් එයට සවන් දුන් ඔහු ‘කවුරුහරි කොල්ලෙක් වෙන්නැති..’ කියා හිතාගෙන තම කාර්‍ය පටන් ගත්තා පමණි.

“දග්…!!!”

කවුරුන් හෝ ඔහු සිටි කුටියේ දොරට යමකින් තදින් ගැසුවේය. එක්වරම ගැස්සුණු රිචඩ්ගේ මුවින් ගිලිහුනු සිගරට් එක වැටුනෙ ඔහුගෙ ළිඟුව උඩට.

“ආ…..ව් යකෝ…. මොන හු….ද දොරට ගහන්නෙ…??” ඇතුලත සිට ඔහු බෙරිහන් දුන්නේ වේදනාවෙන් ඇඹ‍රෙමින්.

“දග්… දග්… දග්…!!!” පිටත හිටි පුද්ගලයා කිසිම වදනක් නොදොඩා ලී දොර වෙත යකඩයක් වැනි යමකින් තඩි බාන්නට උනේ මේ පාර නම් රිච්ඩ්ව හොඳටම බය කරමින්.

“තොගෙ අම්මට…..” කෑගැසූ රිචඩ් පහත්වී තම කලිසම උස්සගන්නට හැදුවා විතරයි.

“ද්ක්ස්…!” හඬින් ලී දොර හිල් උනේ පොරෝ පහරකින්. ඊලඟට රිචඩ්ට කිසිම දෙයක් හිතාගන්න නොදී අත්භූත පුද්ගලයා විසින් ලී දොර වෙත උමතුවෙන් මෙන් පොරෝ පහරවල් එල්ල කලේ රිචඩ් මර බියෙන් කෑගහද්දි. වෙන්නට යන්නෙ මොකක්ද කියලවත් ඔහුට හිතාගන්නට බැරුව ගියා.

“වරෙන්…!!”

ගොරෝසු හඬකින් රිචඩ් ඇමතූ අත්භූත පුද්ගලයා කලු පැහැති අත්වැසුම් යෙදූ හැඩිදැඩි අතකින් ඔහුව ග්‍රහණය කරගත්තා. ඊලඟට දොරත් ගලවාගෙන රිචඩ්ව පිටතට ගත් අත්භූත පුද්ගලයා පුළුන් කැබැල්ලක් විසි කරන්නාක් මෙන් රිචඩ්ව වැසිකිලියේ ටයිල් පොළොව මතට විසි කලේ ලිස්සා යන විදිහට. වේගයෙන් විසිවී ගිය ‍රිචඩ් බිත්තියක වැදී නතර උනා. ලිස්සමින් දඩිබිඩි ගා නැගිටගත් රිචඩ් තමන්ට පහර දුන්නේ කවුදැයි හිස ඔසවා බැලුවේ එතරම්ම ඔහුගේ ශක්තිය දැනී තිබුණු නිසාවෙනි. නමුත් ඔහුට හඳුනාගත නොහැකි වන අයුරින් අත්භූත පුද්ගලයා සැරසී සිටියා. සම්පූර්ණයෙන්ම කළු පැහැති කබායක් හා කලිසමක් හැඳ කළු පැහැතිම උස බූට් දෙකක් පැළඳ සිටි අත්භූත පුද්ගලයා නින්ජාවරයෙක් මෙන් තම දෑස් පමණක් පිටතට පෙනෙන ලෙස මුහුණ ආවරණය කරගෙන පැලඳ සිටි කලු කබායේ හිස් ආවරණයෙන් තම හිස වසාගෙන සිටියා. ඔහුගේ එක් අතක තිබුණේ තියුණු අත් පොරොවකි. තමා නැරඹූ හොල්මන් චිත්‍රපටියකත් මෙලෙස මිනිමරුවා හැඳ පැලැඳ සිටි අයුරු සිහිවූ රිචඩ් දැඩි ලෙස බියට පත් උනා. මෙම ශක්තිවන්තයා සමඟ හැප්පීමට තරම් තමා සුදුස්සෙක් නොවන බව ඔහුට තේරුම් ගියා.

“ක්..ක..වු..ද උ..ඹ…?” රිචඩ් ඇහුවෙ ගොත ගගහා. නමුත් එයට පිළිතුරු දෙනවා වෙනුවට කළු කබාකරු ඔහු වෙත අඩියක් ඉදිරියට තැබුවා. “කි…කියපං කවුද උඹ…? උදව් කරන්න…. උදා….ව්….!!!”

නමුත් ඔහුට තවත් කෑගසන්නට ඉඩක් නොතබාම ඔහු ඉදිරියට පීනූ කළු කබාකරු උඩ පැන එල්ල කල පා පහරින් විසිවූ රිචඩ් බිත්තියෙහි වැදීමෙන් බිමට වැටුණේ බිත්තියෙහි ලේ පැල්ලමක් සටහන් කරමින්. නමුත් රිචඩ්ට සිහිය තිබුණු අතර ඔහු නැගිටීමට උත්සාහ කලා. නමුත් ඊලඟ පා පහරත් එල්ල උනේ ඔහුගේ හිසට. යලිත් හිස බිත්තියේ තදින් ගැටීම නිසා මෙවර නම් ඔහුගේ සිහි මුර්ජා උනා.

තමා මේ දකින්නේ සිහිනයක් විය යුතු යැයි සිතමින් දෑස් හැරිය රිචඩ්ගේ දෑස් එකට ඇලී තිබූ අතර කවුරුන් හෝ සීතල දියරයක් ඉසීමෙන් ඔහු අපහසුවෙන් දෑස් විවෘත කලා. ඔහුට තම අත පය වේදනා ගෙන දුන් අතර හිසද වේදනා ගෙන දුනා. නමුත් දෑස් හැරිය ඔහු ඉදිරියේ දිස් වූයේ කාගේ හෝ එල්ලන ලද අමු ලේ පෙරෙන කකුල් දෙකක් හා අත් දෙකකි. දැඩි පිළිකුලකින් ඔහු වමනය කරන්නට අනිත් පැත්ත හැරුණා පමණි සමබරතාව ගිලිහුණු ඔහු බිම ඇද වැටුණා.

“ආ….. අම්මෝ….. ආ…..ව්” ඔහුගේ වේදනාබර හඬ මුළු වැසිකිලිය පුරාම දෝංකාර දුන්නත් ඉන් පිටතට ගියේ නෑ. අතට වාරු ගෙන කෙලින් වෙන්නට හැදුවද……

“අනේ දෙයියනේ….!!! නෑ…..!!!” භීතියෙන් විලාප දුන් රිචඩ් සිහිසුන් නොවූවා විතරයි. ඔහුට දැකගන්න හම්බුනේ ඔහුගේ දෑත් හා කකුල් ශරීරයෙන් වෙන්ව ඇති බවයි. ඔහුගේ අවයව කපා දමා තිබුණා. ඉදිරිය බැලූ රිචඩ් එල්ලා තිබූ කකුලක් දෙස බැලූ අතර එහි එක පාදයක තිබූ සර්පයෙකුගේ පච්චය දුටු ඔහු නැවතත් භීතියට පත් උනා. ඒ ඔහුගේම ශරීරයේ අවයව. තමන් තව දුරටත් ජීවත් වන්නේ කුමටද කියා ඔහුට හිතුනා.

“උඹ…? ඇයි කාටවත් වරදක් නොකරපු මට මෙහෙම දෙයක් කලේ…? ඇයි කියපං මිනිහෝ…!!”

ඔහුගේ ඉදිරියට පැමිණි අත්භූත කළු කබාකරුට ඔහු විලාප තිබ්බා. ‍රිචඩ්ගේ වදන් කිසිම ගණනකට නොගත් කළු කබාකරු ලේ ගලන පොරෝ තලය ඊලඟට එව්වේ ඔහුගේ ගෙල වෙතයි.

*********************************************************************

“ජීසස් ක්‍රයිස්ට්… වට් ද හෙල්…?”

“හෝලි ෂිට්…!”

“දෙයියනේ මේ මොන අපරාධයක්ද…?”

මුළු මැන්චෙස්ටර් කොලේජ් එකම එකම කළබලයක්. කඩි ගුලක් වගේ ඇවිස්සුණ ශිෂ්‍යයො වගේම ගුරුවරු පවා දුවමින් හිටියෙ කෙළවර පිහිටි පිරිමි වැසිකිලිය දිහාවට. එතැනට රැස් උන ගොඩක් අයගෙ මුවින් පිටවුනේ එවැනි වදන්. සමහර සිසුන් වගේම ගුරුවරියන්ද එතැනම වමනය කල අතර තවත් සමහරු එම දර්ශණය දැකීමෙන් ක්ලාන්තය සෑදී ඇද වැටුණා.

“වට් ද ෆක් මිනිහෝ…. අයියෝ අපේ රිචී…!” එම දර්ශණය දැකීමෙන් දැඩි ලෙස කම්පනයට පත්වූ ජේ.ඩී දෑතින්ම හිස බදාගත්තා. ඔහුගේ අනෙක් සගයන් ඔහුව සනසන්නට වූවත් ඔවුනුත් සිටියේ දැඩි කම්පාවෙන්.

“කරුණාකරලා මේ ළමයින්ව මෙතනින් අරන් යන්න සර්… අපිට අපේ රාජකාරිය කරගන්න ඉඩ දෙන්න…” එතැන සිටි පොලිස් නිළධාරියෙක් කම්පනයට පත්ව හිටපු විදුහල්පතිතුමාගේ උරහිසට අත තියමින් පැවසුවා. ඔහු ගැස්සී ගිය නමුත් අවට රැස්වෙලා හිටපු සියලු දෙනාවම පිට කිරීමට දැඩි වෙහෙසක් ගත්තා.

“ජේසුනී… අනේ…!!”

එතැනට ආපු ජූලියානගේ දෑස් විසල් උන අතර සුලු දෙයටත් කළබල වෙන වේඩ් වමනය කලේ එම දර්ශණය එතරම් ජුගුප්සාජනක වීම නිසා. නමුත් ජූලියානා කිසිවෙකුට හොරෙන් වේඩ් වෙත ගොස් ඔහුගේ සුරතින් අල්ලා ගත්තද ඔහු බියෙන් මෙන් ඒ අත ගසා දැම්මේ වටපිට බලමින්. ජූලියානා ඔහු දෙස අහිංසකව ආයාචනාත්මකව බැලුවද ඔහු එතැනින් ඉවත් වූයේ ජේ.ඩී ගේ උකුසු ඇස් තමන් වෙත එල්ල වී ඇතිදැයි බයෙන්.

වැසිකිලිය තුල වහලයේ එල්ලෙමින් තිබුණේ රිචඩ්ගේ තවමත් ලේ ගලමින් තිබූ අවයව සියල්ලම. දෙපා දෙපැත්තටත් දෑත් යුගල ඒ මැදිනුත් ක්වන්ධය මැදටත් වන ලෙස එල්ලා කවන්ධයේ බඳ පෙදෙසින් එල්ලා තිබුණේ ඔහුගේ හිසයි. දිව එලියට ඇද දමා තිබූ අතර ඔහුගේ ළිඟුව මුව තුලට ඔබා තිබුණේ ඒ දෙස බලන්නන්ට භීතිකාවක් ඇති කරමින්. කෘර ලෙස ඔහුව ඝාතනය කලත් උමතු ඝාතකයා තමන් ගැන කිසිදු සාක්ශියක් ඉතුරු කර තිබුණේ නැත. නමුත් රිචඩ්ගේ ලෙයින්ම වැසිකිලි බිත්තියේ ලොකු අකුරින් යමක් සටහන්ව තිබුණා.

“This is only the beginning…”

*********************************************************************
ඊලඟ කොටසට….

මීලඟ ඉලක්කය කවුරුන් වෙයිද…? අත්භූත කළු කබාකරු කවුරුන් විය හැකිද..? රැඳෙන්න මාත් සමඟ.
?Lone Wolf?

8 thoughts on “? උන්මන්තකයා ? | 02 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    මම හිතන්නේ වෙඩ් වෙන්න ඇති මේ දේවල් කරන්නේ.. ජේ.ඩීද ඊළඟ ඉලක්කය…හැමදාම දාන්න බැරිද කතාව. ගොඩක් ලස්සනයි අනේ ඔයාගේ කතාව.
    Wish your all the best dear. Have a bright future..

  2. Hashini Nimasha

    නියමයී කතාව. ? අනේ හැමදාම කතාව දාන්නකෝ.. සතියක්ම ඉවසලා බලන් ඉන්නේ කොහොමද අනේ… ??????????
    හරිම ආසාවෙන් කියවන්නෙ …
    Best of luck.. ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  3. Priyadarshani

    කොහොම උනත් එයා ඔය නපුරු කොල්ලො සෙට් එක ඉවර කරන්න තමයි ඇවිත් තියෙන්නේ ….
    කතාව නියමයි ….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.