Katha Ahura

? සමනල පියාපත් ? 75 වෙනි පියාපත්

5/5 - (1 vote)

75 කොටස

” ඔයා මොකටද මේවා බැලුවේ මේ හදිස්සියේ ………. ”

මං චතුර අයියගෙන් ඇහුවා.

” ඇයි ළමයෝ … මං අපේ පොරොන්දම් ගැලපෙනවද කියලා බැලුවා .. ”

චතුර අයියා උත්තර දුන්නෙ කිසි බරක් පතලක් නැතුව.

” ඉතිං හදිස්සියෙම පොරොන්දම් බැලුවෙ මොකටද … ”

මං එහෙම ඇහුවම එයා මගේ දිහා බලලා හිනා උනා .

” අනේ අනේ ළමයෝ … ඔයාගෙ හදහනෙයි තියෙන්නේ කේන්දර හොදට ගළපලා කසාදෙ කරන්න කියලා .. ඒකයි මං ඔක්කොටම කලින් ඒක බැලෙව්වේ …. ”

චතුර අයියා කියද්දි මං එයා දිහා බලාගෙන හිටියෙ ඇහිපිල්ලමක්වත් නොගහා.

” ඉතිං මෙච්චර හදිස්සියෙ බැලුවේ ”

මං ආයෙමත් ඇහුවා.

” අයියෝ කෙල්ල ….මොන හදිස්සියක්ද අහන්නේ .. මට ඕනි ඉක්මනටම ඔයාව මගේ කරගන්න නේ …… ”

චතුර අයියා කියද්දි මගෙ හිතට දැනුනෙ මහ මොකද්දෝ අමුත්තක්. මම එයා දිහා බලාගෙන හිටියෙ දෙගිඩියාවෙන්.

” දන්නවද ෂානි ….. හොද ළමයා වගේ ලෑස්ති වෙන්න ඕනා ඔයා මං එක්ක යන්න ……. ”

චතුර අයියා ආයෙමත් කිව්වා.

” කොහෙද ”

” කොහෙද අහන්නේ .. අපේ ගෙදර තමයි ඉතිං ……. ”

චතුර අයියා කිව්වම මම පුදුම උනා.

” මෙච්චර හදිස්සියෙ ඇයි … ”

” ඔයා බදින දවසෙ මෙහෙම නෙවෙයි මැණිකෙ ඉන්න ඕනා .. ඔයා ලස්සන මනමාලියක් වෙලා ඇවිදගෙන එන්න ඕනා මගේ ළගට …… ”

චතුර අයියා කියාගෙන ගියේ හරියට ෆිල්ම් එකක් විස්තර කරනවා වගේ.

ඇත්තටම කෙල්ලෙක් විදිහට මට මහ ලොකූ ආසාවක් නොතිබ්බා කියන්න බෑ මනමාලියක් වෙන්න. මොකද ඒක හැම කෙල්ලෙක්ගෙම තියෙන ලස්සන හීනයක්.ගෑණු ළමයෙක්ගෙ ජීවිතේට එන වැදගත්ම දවසක් තමයි එයාගෙ වෙඩින් එක දවස.

මොකද ගෑණු ළමයෙක් අවුරුදු විස්සක් විසි පහක් ජීවත් වෙන රටාව එහෙම පිටින්ම වෙනස් වෙනවා එයා කසාද බැන්දට පස්සේ. වගකීම් දරන්න වෙනවා.

හැබැයි අපි අපේ අම්මලා තාත්තලා එක්ක ගෙව්වා වගේ ලස්සන සුන්දර කාලයක් අපිට ගෙවන්න ලැබෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නෙ අපේ ජීවිතේට එකතු වෙන අලුත් කෙනා අනුව.

කොහොම කිව්වත් හදහන් වල තියෙන දේවල් ඇත්තද බොරුද කියලා අපිට හරියටම තර්ක කරන්න අමාරුයි. ඒත් ඉතිං පොරොන්දම් කොච්චර ගැළපුනත් දෙන්නගෙ හිත් ගැළපෙන්නෙ නැත්තන් ඒ කසාදෙ ගොඩක් දුර අරගෙන යන්න ලේසි වෙන්නෙ නෑ.

ඉතිං මගේ කසාදෙ පොරොන්දම් බැලුනෙ මංවත් දැනුවත්ව නෙවෙයි.

අනික මං තාමත් ඉන්නෙ රෝද පුටුවේ. කසාදයක් ගැන තියා මෙතනින් ඉස්සරහට ජීවිතේ කොහොම ගෙවන්නද කියලවත් මට අදහසක් තිබ්බෙ නෑ.

” අයියේ …. කසාදයක් ගැන මට හිතන්න බෑ අයියේ …. ”

මං එහෙම කිව්වම චතුර අයියව ගැස්සිලා ගියා. එයා ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ දිහා බැලුවේ.

” මොනවද කියන්නේ .. අපේ අම්මා බලාගෙන ඉන්නෙ කවද්ද ඔයා එයාලගෙම දුව වෙලා ඒ ගෙදරට එන්නෙ කියලා ”

චතුර අයියා කියද්දි මං එයා දිහා බලාගෙන හිටියෙ අසරණ වෙලා.

” ඒත් අයියේ …. මට ඔයාලගෙ අම්මලා හිතන විදිහෙ දුවෙක් වෙන්න බැරිවෙයි ..”

” ඇයි එහෙම කියන්නේ …. ”

” මට ඇවිදින්න බෑනෙ …. ”

” ළමයෝ ඒක තමයි අපි වෙදකම් කරන්න පටන් ගමු කිව්වේ .. ඔයාට ඉක්මනට හොද වෙයි … මට ඒක විශ්වාසයි … ”

චතුර අයියා එහෙම කිව්වම මං එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

” අයියේ … මට ඇවිදින්න බැරිම උනොත් ”

” ෂානි …….. අපේ අම්මලට ඕනෙ ඔයාට කියලා වැඩ කරවගන්න නෙවෙයි … ඔයා කොයි තත්ත්වෙන් හිටියත් මම ඔයාව බදිනවා ……. හරිද ”

චතුර අයියා ඒ ටික කිව්වෙ නිවිච්ච කටහඩකින්.
මම ටික වෙලාවක් එයා දිහාම බලාගෙන හිටියා.

කවදාවත් නැතුව මට චතුර අයියා ගැන ඒ වෙලාවෙ හිතට දැනුනෙ වෙනස්ම විදිහෙ හැගීමක්. මට සැරින් සැරේටම මතක් උනේ අපේ නංගි ..ෂාන් අයියා , නයෝමදූ කිව්ව දේවල්.
ඒ අස්සෙන් චතුර අයියා සැරින් සැරේට රවීන් අයියා ගැන කිව්ව දේවලුත් මට මතක් උනා. ඒත් මං මොනවා විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ.

” ෂානි ……… කල්පනා කරන්න තරන් දෙයක් කිව්වද මම දැන් … ”

චතුර අයියා කිව්වා.

” අපි ගේ ඇතුලට යන් … ”

” හ්ම්ම් යන් … ඔයාලගෙ අම්මට පෙන්නන්න ඕනි අපේ පොරොන්දම් හොදටම ගැලපෙනවා කියලා … අම්මා නම් ගොඩක් සතුටු වෙයි .. මොකද අම්මා තමයි ගොඩක්ම බයෙන් හිටියෙ ඔයාගෙ හදහන ගැන …..”

චතුර අයියා කිව්වෙ පිටි පස්සෙන් ඇවිත් මගෙ රෝද පුටුව අල්ලගන්න ගමන්.

මම කොහොම මේවට මූණ දෙන්නද කියලා මටනම් තේරුමක් තිබුණෙ නෑ. මගේ හිත ප්‍රශ්න ගානකින්ම පිරිලා ගිහිල්ලා තිබ්බා . රවීන් අයියට මොකද උනේ කියන ප්‍රශ්නෙ සැරින් සැරේට මගෙ හිතට ආවත් කවුරුත් මට ඒකට උත්තරයක් දුන්නෙ නෑ.

ඇත්තටම මම හිටියෙ හුගක් නොසන්සුන් වෙලා. මම මොන විදිහෙ තීරණයක්ද ගන්න ඕනෙ කියලා හිතාගන්න බැරුව මම හිටියේ.

දාහක් ප්‍රශ්න ඔලුව ඇතුලෙ හිර කරගෙන චතුර අයියා එක්ක මම ගේ ඇතුලට ගියා.

__________________________________

” මට ඔයාගෙ ඔලමොට්ටලකම ගැන නම් කියන්න වචන නෑ අක්කේ … ”

නංගි කිව්වෙ මගෙ ඇදුම් එකින් එක අල්මාරියෙන් ගන්න ගමන් .

” කෝ දැන් රවීන් අයියා ”

මම ඇහුවා.

” එයා ගැන කිසිම ආරංචියක් නෑ …. ”

” ඒ කියන්නේ … ශාන් අයියා මුකුත් කියන්නෙත් නෑ …… ”

” ඔව් ඉතිං … ඔයාට මොනවා කිව්වත් වැඩක් වෙන්නෙත් නෑනෙ අක්කේ …. ”

නංගි මාත් එක්ක කතා කලේ කේන්තියෙන්.

” නංගි මට වෙලාවකට හිතෙනවා ඔයාලා කිව්ව දේවල් වල ඇත්තක් ඇතියි කියලා ”

මං එහෙම කිව්වම නංගි මගෙ දිහා බලලා හිනා උනා. ඒ හිනාවෙ නම් තිබ්බෙ උපහාසයක්.

” අපි ඔයාට කිව්වෙ ඇත්ත තමයි … ඒත් ඔයා අපි කියන දෙයක් ඇහුවෙ නෑනෙ.
දැන් ඉතිං ඔයාට කරන්න තියෙන එකම දේ චතුර අයියා එක්ක ගිහින් ජීවත් වෙන එක තමයි ………”

නංගි ඒක ටිකක් සද්දෙට කිව්වා.

” ආන්න ඒක නම් ඇත්ත ….. ”

එහෙම කියාගෙන කාමරේට ආවෙ චතුර අයියා. එයා එක පාරම කාමරේට ඒවි කියලා අපි දෙන්නගෙන් කවුරුත් හිතුවෙ නෑ

” වැඩකට නැති දේවල් කල්පනා කරන එක නවත්තලා දාලා අනාගතේ අපි කොහොමද ලස්සනට ගත කරන්නෙ කියලා ප්ලෑන් කරන්නකො ෂානි .. පුලුවන් තරන් ඉක්මනට අපේ වෙඩින් එකත් මම ගන්නවා …….. ඔයා ආස විදිහ කියන්නකෝ ..”

චතුර අයියා මගේ රෝද පුටුවත් තල්ලු කරගෙන සාලෙට එන ගමන් ඇහුවා. අපේ පස්සෙන් නංගිත් හෙමීට ඇවිදගෙන ආවා.

චතුර අයියා අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ නෑ.

” කියන්නකො ළමයෝ … ඔයා එදාට ලස්සනට ඉන්න එපැයි …”

චතුර අයියා ආයෙමත් ඇහුවා.

” මොකද අක්කේ ඔයා කතා කරන්නෙ නැත්තේ … කියන්න ඔයා ඔසරියක් අදින්න ආසාවෙන් හිටියෙ කියලා…මාල හත දාලා චූටි මල් කිනිත්තක් කොණ්ඩෙට ගහලා චාම් සුදු පාට ඔසරියක් ඇදලා පොඩි මල් පොකුරක් අතේ තියන් ඉන්නයි ආස උනේ කියලා ඇයි ඔයා අයියට නොකියන්නේ ”

නංගි කියාගෙන කියාගෙන ගියා. එයා මේ කතා කරන්නෙ කේන්තියෙන් කියලා මට හොදටම තේරුනා.

” අයියෝ ෂානි … ඔයාට කොච්චර ලස්සන ඩ්‍රීම් එකක්ද තිබිලා තියෙන්නේ … අපි ඒක හැබෑ කරගමු …. ඔයා ආසයි නේද ඒක හැබෑ කරගන්න ……. ”

චතුර අයියා හිනාවෙවී කියද්දි මං එයා දිහා බලන් හිටියෙ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව.

” චතුර අයියේ …. අක්කට තිබ්බෙ හරි ලස්සන හීනයක් … ඒ හීන එකක්වත් බොද කරලා දාන්න නම් එපා … ”

නංගි කිව්වෙ චතුර අයියා දිහා බලලා.

” නංගි ….. ෂානි කියන්නෙ මගෙ ජීවිතේ…. මං එයාව සතුටින් තියනවා මට පුලුවන් උපරිමෙන්ම …… ”

චතුර අයියා කිව්වා.

” පුලුවන් උපරිමෙන්ම නෙවෙයි .. අයිතිකරගන්න තිබ්බ උවමනාවම ඒ දේ රැකගන්නත් තියෙන්න ඕනා …. ”

නංගි එහෙම කිව්වම චතුර අයියගෙ මූණෙ තිබ්බ හිනාව නැතිවෙලා ගියා.
එයා නංගි දිහා බැලුවෙ දෙගිඩියාවෙන්. වැරද්දක් කරපු පොඩි එකෙක් එයාගෙ අම්මා දිහාව බලන විදිහට තමයි චතුර අයියා නංගි දිහා බැලුවේ.

” මොකද්ද නංගි ඔයා ඒ කිව්වේ ….. ”

” නෑ අයියේ … මං කිව්වෙ දැන් තියෙන ආදරේ ඉස්සරහටත් ඔය වගේම තියාගන්න කියලා ”

නංගි කිව්වෙ මගෙ දිහා බලලා අමුතු විදිහට හිනා වෙලා.

” අහ්හ්… නංගි බයවෙන්න එපා ඒගැන නම් …මං අක්කව බලාගන්නම් මලක් වගේ.. මං ඒ තරමට අක්කට ආදරෙයි ”

චතුර අයියා ආයෙමත් කිව්වා.

” එහෙනම් කමක් නෑ ”

නංගි කිව්වා.

” අහන්නකෝ දෙන්නම …. මං ලස්සන හොටෙල් එකකුත් බැලුවා නුවරින් …ඔයාලා දෙන්නා නම් පුදුමවෙයි ඒ හොටෙල් එක දැක්කම. ….මට ඉවසිල්ලකුත් නෑ ඒක ඔයාලට පෙන්නනකන් …. ”

චතුර අයියා කිව්වෙ ඉස්සරහා තිබ්බ පුටුවකින් ඉදගන්න ගමන්.

” ඇයි මේ තරම් හදිස්සි ඔයාට ”

මං එහෙම ඇහුවම චතුර අයියගෙ මූණ ආයෙමත් වෙනස් උනා.

” ඇයි ළමයෝ .. මට එකම එක හේතුවක් කියන්න මේ කසාදෙ කල් දාන්න ”

” මට තාම විසි එකයි නෙ අයියේ ”

මං එහෙම කිව්වම චතුර අයියා හිනා උනා.

” අයියෝ කෙල්ලේ .. ඔය වයස වෙනකොට අපේ අම්මත් තාත්තව බැදලා …. ”

එහෙම කියලා චතුර අයියා ආයෙමත් හිනා උනා.

” ඒත් අයියේ … මං මෙච්චර අඩු වයසකින් කසාද බදින්න හිතුවෙ නෑ … ”

” ෂානි … බය වෙන්න එපා ළමයෝ … කසාද බැන්දා කියලා ඔයාව හිරේ දාන්නෙ නෑ මං … ඔයාට ගෙදර හිටියා වගේම ඉන්න පුලුවන් ”

” එතකොට අයියේ මං ඉගෙන ගත්ත ඒවා … ඒකට මොකද වෙන්නේ … ”

මං එහෙම ඇහුවම චතුර අයියා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා.

” ඔයාට අමතක උනාට ළමයෝ ඔයා අපේ බිස්නස් බලාගන්න අපේ ගෙදර ඇවිල්ලා නැවතිලත් හිටියා. ඒක නිසා ඔයා ඉගෙන ගත්ත දේවල් අපතේ යන්නෙ නෑ .. ”

චතුර අයියා කතා කරන දිහා මම කිසි හැගීමක් නැතුව ඔහේ බලාගෙන හිටියා. ටික වෙලාවක් එහෙම ඉද්දි වාහනයක් ඇවිල්ලා නවත්තන සද්දෙ අපිට ඇහුනා.

” නංගි ගිහිල්ලා බලන්නකෝ කවුද ආවෙ කියලා ”

මං එහෙම කිව්වම නංගි ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා ගියේ ගෙයින් එළියට.

මමයි චතුර අයියයි දෙන්නත් එක්කම බලාගෙන හිටියෙ ආයෙමත් නංගි එනකන්.

ටික වෙලාවකින් නංගි දුවගෙන ගේ ඇතුලට ආවා.

” කවුද නංගි ඇවිත් තියෙන්නේ …. ”

මං එහෙම ඇහුවම නංගි ටික වෙලාවක් මගෙ දිහා බලාගෙන හිටියා.

” රවීන් අ..අයි ……….”

” රවීන් ඇවිත් …….. ”

නංගිට කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ චතුර අයියා පැනලා ඇහුවා.

” නෑ නෑ … රවීන් අයියගේ මල්ලි ඇවිල්ලා ”

නංගි එහෙම කිව්වම මම පුදුම වෙලා එයා දිහා බැලුවේ.
ඒ එක්කම මං ඇරලා තිබ්බ ජනේලෙන් දැක්කා ගේ දිහවට එන රවීන් අයියගෙ මල්ලිව.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
මේ හදිස්සියෙ රවීන්ගෙ මල්ලි මෙහේ ආවෙ මොකටද …. ???? චතුරත් ඉන්න වෙලාවෙමයි එන්නේ… මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ….. එහෙන් ෂානිව චතුර එක්කන් යන්න හදනවා එයාලගෙ ගෙදර … ???? අනික පොරොන්දමුත් බලලා.. ඒවා ගැලපෙනවත් එක්ක… චතුර නම් ලෑස්ති පිට ඉන්නෙ ෂානිව ඉක්මනටම බදින්න.. බලමුකො මොකද වෙන්නෙ කියලා ඊළග කොටසින් ????❤❤❤❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ????❤️ click කරන්න

මම ඩී.සුමිත්

150 thoughts on “? සමනල පියාපත් ? 75 වෙනි පියාපත්”

    1. අනේ thankz හැමෝම ටම එකින් එකට reply දාන්න බැරි උනාට සමාවෙන්න ටිකක් වෙලාව මදි

  1. ඔයේ ශානි ට කොහොම හරි තෙරුනොත් ඇති අර හිපාටුවා ගේ බොරුව…දැන් චතුරයා දැගලුවා වැඩි අයියෝ…..

    1. ගන්න ගන්න එපා නංගා කකුළුවා උනත් නටන්නේ වතුර රත් වෙනකන් විතරලුනේ…චතුරත් එහෙම තමා.????

      1. මන් පස්සෙ කමෙන්ට් කරන්නම් කියල හිටියෙ දැන් මතක් වුනෙ දුලා ???????

    1. චතුර වගේම මාත් රැවටුනා ඒ ආවෙ රවීන් කියලා ???…කමක් නෑ මල්ලි හරි ඇවිත් රවීන් ගැන විස්තරයක් කියයිනෙ…චතුරට පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ අප්පා?…ෂානිගෙ ගෙදර අයටවත් තේරෙන්නැද්ද මන්දා චතුර කරන බොරුව ???…කතාව නම් ගොඩක් ලස්සනයි අයියෙ ???…අයියට තාමත් සනීප මදිද…ඉක්මනින් සනීප වෙලා එනාන අයියෙ…බුදු සරණයි ????????????

        1. සෙසඳි

          Kawadawath tharaha wenne na hitheshi manika.. duk wenna epaa kakul sdenawa qwa nda? Parissamen inna budusaranai ikmanata saneepa wela enna..

      1. සෙසඳි

        අද ඉතිං මගෙ බර්ත්ඩේ එකලු… කවුරුත් දන්නෙ නෑලූ… විශ් කරෙත් නෑලූ… ඒත් මං කේක් දුන්නලු… ??????

        1. අඩෝ මචියෝ ඇත්තටම බර්ත් ඩේ එකද….
          නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා!!!
          කරන කියන හිතන පතන හැමදේම සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා .ආදරෙයි ??????
          ???????????? ? ??????????

          පරක්කු උනාට සොරි ඉතින් .දන්නේ නෑනේ මැණික .

        2. අනේ ඉතින් අපි දන් නැ නේ අක්කි… ?? සොලි අනේ…
          ලැබුවා වු උපන් දිනය සාමය සතුට සනීපය සපිරි වාසනාවන්ත උපන් දිනයක් වේවා…??
          ???? හැමදාම සතුටින් ඉන්න අක්කියෝ සුභම සුභ උපන් දිනයක් වේවා ඔයාට…!
          ?????????

          1. සුභම සුභ උපන් දිනයක් වේවා මගෙ අක්කී
            සතුටින් ඉන්න
            පරිස්සමින් ඉන්න

        3. Chamodya Madusanki

          අක්කියෝ ඇත්තටම අද උපන් දිනේද?
          මගේ අක්කියට හිතේ තියෙන හැම දේම ඉශ්ට වෙන නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා!!! ????? ?????????????????????????????????? හැමදාම සතුටින් ඉන්න මගේ පණ

        4. ? එරන්දි ?

          අයියෝ අපි දන්නෑනේ සුදු අක්කියො ඉතින්.හොරා වගේ ඉන්නවනෙ අප්පා.

          ?????????
          පතන පැතුම් සඵල වන
          දුක් දොම්නස් දුරු වන
          සිත තුටින් බර වන
          දිවිමග සරු වන
          සුභම සුභ
          උපන්දිනයක් වේවා….???????????????
          හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙලා සතුටින් නීරෝගිමත්ව ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කියෝ.බුදු සරණයි ….

          1. මගෙ අක්කි කොටේ….. අද උයාගෙ හෙලි කොට්ටන් ඩේ එකද…….. අම්මෝ… දැන් 84ක් විතර ඇති නේ.. අද සමරන උපන්දිනේ හිතන පතන හැම පැතුමක්ම ඉෂ්ඨ වෙන සාමය සතුට වාසනාවන්ත නීරෝගී සුභම සුභ උපන් දිනක් වේවා මගෙ අක්කියෝ…

          2. සෙව්මි

            අනේ මගේ සදී අක්කි … සුභම සුභ උපන්දිනයක් ඔයාට… තෙරුවන් සරනයි .. ??????????????????????????????????????????????????????????????????????????????????????????????

        5. හිතෙෂි මෙත්දරා

          Suabama suba upan dinayak mage sadi akki. Oyata wasanawantha mal mal anagathayak prarthana karanwa mage menika. Sorry akki wish karanna parakku unata. Danne dakke. Parissamin inna budu saranai mage akkoooo

  2. Chamodya Madusanki

    රෑට කමෙන්ට් එකක් දාන්නම් ලොකූ

    කතාවනම් සුපිරි හොදේ..
    බුදුසරණයි

    1. ?නොහදුනන්නී ?

      දන්නෙ නෑ මං සුදු මහත්තයෝ
      සැරින් සැරේ උබේ මූන මට මැවි මැවී පේන්නෙ ඇයි කියල
      තේරෙන්නෙ නෑ මට,කිසිම දෙයක්
      උබේ සුදු නෝනා මහ,පැටලැවිල්ලක මහත්තයෝ
      විසදගන්න තේරෙන්නෙත් නෑ
      සත්තකින්ම මේ ජීවිතේ මට එපාම වෙලා රත්තරනේ
      කිසිම දෙයක් මතක නැති හරි වැරැද්ද නොතේරෙන මං මහ පවුකාර කෙල්ලෙක් දෙයියනේ
      දැන් දැන් උබ කිවුව හැම දෙයක්ම මෙ හිත පිලිගන්න පටන් අරන් රත්තරනේ
      උබ කොහේ කොතන ඉන්නවද කියන්න මන් දන්නෙ නෑ මට කියන්නෙත් නෑ කවුරුත්ම
      ඒත් මේ ඇස් හැමවෙලේම උබව හොයනව මගෙ මහත්තයෝ
      අනේ මට ව්ව්න කාගෙවත් වෙන්න හිතක් නෑ
      මේ හැමෝම බොරු කියල මාව රවට්ටනව දෙයියනේ
      කවුරු විශ්වාස කරන්නද නොකරන්නද කියලවත් හිතා ගන්න බැරි තරමට මං අසරන වෙලා රත්තරනේ
      දෙලොවක අතරමං වෙලා මාව
      අනේ උබවත් ඉක්මන්ට වරෙන් මහත්තයෝ මෙ පටලැවිල්ලෙන්
      මාව නිදහස් කර ගන්න
      තවත් ඉවසන්න දරාගන්න තරම් මේ හිත හයිය නෑ බන්
      සත්තයි දැන් මං මරනෙට විතරක්ම ආදරේ කරන රූකඩයක් මහත්තයෝ එක එකාගෙ පදයට නටන
      තේරෙන්නෙ නෑ මට,මොනා කරන්නද කියල
      ඉන්න තැනකින් ඇවිත් මට උදව් කරපන් රත්තරනේ
      මේ පටලැවිල්ලෙන් නිදහස් වෙන්න
      මේ වෙදනාව දරාගන්න….

      1. සනීප ද අක්කියෝ දැන්… බෙයි බිලා පරෙස්සමින් ඉන්න අක්කියෝ… නිසදැස ගොඩාාාාරියක් ලස්සනයි..
        ????

          1. ?නොහදුනන්නී ?

            අයියා පරිස්සමෙන් සනීපෙන් ඉන්නව නේද ???දේවාශි බබා කෝ ඔයා…සනීපෙන් ඉන්නව නේද???මහී අක්කි දිල් අක්කි අනේ නම් නොකිවුව අය තරහ වෙන්නෙපා කෝ ඔයාලා…චමෝ බබා…හැමෝම පරිස්සමෙන් සනීපෙන් ඉන්නව නේද ??????

          2. ? එරන්දි ?

            මාත් තරහම තරහයි සුදු මාවත් අමතක කරලනේ…දුකයි අප්පා.????

        1. ?නොහදුනන්නී ?

          අනේ මගෙ අයේෂා අක්කි තරහ වෙන්න එපා..මගෙ මතකෙ අමතක වෙලා කතාවෙ වගේ..ආදරෙයි අක්කි …පරිස්සමෙන් ඉන්න ???

      2. Chamodya Madusanki

        හරිම ලස්සනයි මගේ අක්කියෝ..???
        අක්කා පරිස්සමින් ඉන්නෝ නේද මැණික

  3. ❤කවී❤

    Mnwa kiynnda terenne na ane?????

    Raveen aiyge Malli awe ai danne na raveen aiyta karadarayak wela kiyla kiynnada dannet na ane Ara chathura hipatuwage dath dekak arinna Oni badata ????? ane attamai hadahanuth balala okkomt krla tamat me ahanilge mole padenne nane mta puluwan mm gin oya shanige oluwata hoda pollakin denva kalin mathake ennama ai ane ochchara nangi Shan aiyai nayo madui kiyana eka terum gnna bane e mati aleta

    Ane aiye raveen aiyta karadarayak krnna epa aiye katwa iwara wenna lagailu Neda ekata nm dukai

    Aiye oya parissamata innwa neda DN hdaida oyta hamadama sathutin parissamin Inna aiye budusaranai

      1. ❤කවී❤

        Oww akki mta ahu unot attamai oya chathurayawa dath set ekama badata ywala hoda polu parak denwa oluwata etakota shaniva amathaka welavat ynne Natha akkiyo

        1. හරියට හරි නංගි ගාමු ගාමු චතුරයාට මතකේ නැති වෙන්නම… සිහිය නැති වෙනකම් ගහලා කුණු ඇලකට ගිහින් දාමු…??

          1. ❤කවී❤

            Ekenma akkiyoo Kuda enne Mai dula akki ekka chathurata padamak ugannanna ynna atha ussanna ?????

  4. ❤කවී❤

    Aiye katwa nm patta maru apita katawa kiywala kenthi ynva Hina ynva duka hithnva kiynne attatama oya sarthakai kiyana eka tamai oyge Hama wadakma sarthaka wenna kiyla MMA parthana krnwa ?????????????

  5. හිතෙෂි මෙත්දරා

    Appochchiyeee hetath waliyak set weida. Chathurwanam mata maranna tharan kenthi. Mn okawa hapala kanwa. Unahapuluwa. Malli eka paratama awe ai dan na neda. Ravin gana wistharayak natte me para eya mokak hari loku game ekakata bahinna wanna athi. Ane Ravinwa hetawath gennako. Eya nathuwa kawe na wage appa. Chathuraya dagalanwa wadi. Okage adu kadala danna oni. Adare wenuwen oma pahath wada karanwada mn ahanne. Chiyaaaa ane police kottoruwa.

    Oyata dan kohomada loku. Parissamin innawa neda. Ikmanata beheth bila saneep wenna loku aiye. Wadiya hithanna yanna epa. Kala bila sathutin inna. Parissamin inna aiyeee. Budu saranai

    1. හිතෙෂි මෙත්දරා

      Mage akkala nangila parissamin innawa neda. Sadi akki mata oyawa amathaka wenne na kawadawathama . mata ekata duka hithuna. Mn tharahi onna hode oya ekka. Aye e wage katha kiyanne epa mage menik Katee.

      Mage mahi akki oya ko parissamin innawa neda. Anith hamomath parissamin sathutin inna.adarei hamotama. Budu saranai

      1. හිතෙශි නංගියා ඔන්න හෙට වලියක්ද දන්නෑ කෝකටත් අතට අහුවෙන මොකක් හරි අරන්න හෙට එන්ඩෝ…හැබැයි අඬන සීන් එකක් වෙයිද දන්නෙත් නෑ ඉතින් ????

    1. ඇඩෙනවා තනි ඇහට…( තනි ඇහැට ඇඩෙන ඉමෝජි එකක් නැනේ ??) මක්කා කොරනවද මන්දා… ඒයි… ෂානිගේ ගොන් බූරු මොලෙට තේරෙන් නැනේ චතුරයාගේ කපටි කම… කපටි නරියා… හරියට මතකයක් නැති අර අසරණ කෙල්ලව රවට්ටනවා… ???

      නංගි කොච්චර කියනවාද මේ බූරිච්චිට… මොන… ඒවා තේරුම් ගන්න මොලයක් තියෙන් එපැයි… අනේ මට එන තරහක්… ෂානිව හම්බුනොත් එහෙම පොල් ගහක් යට ඉන්දවලා ගහට නැගලා පොල් කඩනවා මං… ⁣??????????? පොල් ගෙඩියක්වත් ඔළුවට වැටිලා මතකේ එන්න… ?

      ෂානිට නොකිවට නංගි දන්නවා ඇති රවීන් අයියාට කොහොමද කියලා… හාල් ගැරඬි අයියා කියලා ඇති… ??? දැන් නම් ඒ නම කියන්නත් බැ වගේ… ඒ හින්දා ශාන් අයියා කියමු නේ… ෂානිට නොකීවට කමක් නැ අපිටවත් කියන්නකෝ අයියේ රවීන් අයියාට කොහොමද කියලා… ?????

      මල්ලි කොල්ලා මොකටද ආවේ.. ??? චතුරව දැකලා ෆයිට් එකක්වත් යයිද… ??? චතුරට හොම්බට එකසිය හැටක් විතර ඇන ගන්න තිබ්බොත් හොදටම ඇති… රවීන් අයියාට ගොඩක් අමාරුයි කියන්නද දන්නේ නැ ආවේ… අනේ එහෙම නම් වෙන්න එපා…??

      ලොකු අයියේ රවීන් අයියාට චතුර ඇනපු පිහියේ ඇගිලි සලකුණු නැද්ද අනේ… උට පිහේ ගලවගන්නත් බැරි වුනානේ…?? ඒ කෙන්වත් චතුරට ගේමක් දෙන්න බැයිද අනේ… අහිංසක ඉල්ලීමක් අනේ… චතුරව හිරේ දාමු…
      ??????

      ???????????
      ?
      ?සුදු නොනේ…
      ?උඹ තාමත් හිතන්නේ මං
      ?වැරදි කියලද මැණික…
      ?උඹ වැරදි නැ…
      ?උඹට කිසිම දෙයක් මතක
      ?නැනේ රත්තරනේ…
      ?මං නුඹට වැරැද්දක්
      ?කියන් නැ…
      ?මොකද මං දන්නවා
      ?මතකේ
      ?අමතක වුනාම දැනෙන්නේ
      ?කොහොමද කියලා…
      ?පුදුම අසරණකමක්
      ?දැනෙන්නේ…
      ?කවදා හරි උඹ හැමදේම
      ?තේරුම් ගනි…
      ?එදාට නුඹ ගොඩක් පරක්කු
      ?වෙලා තියෙයි…
      ?ඒත් මං තරහ නැ
      ?රත්තරනේ…
      ?උඹ වෙනුවෙන් මං හැමදාම
      ?ඉන්නවා මැණික…
      ?මාව ඕන වුනොත්
      ?දෙපාරක්
      ?නොහිතා එන්න
      ?රත්තරනේ…
      ?කොහොම ආවත් මං උඹව
      ?බාරගන්නවා…
      ?නුඹ සතුටින් ඉන්නවා නම්
      ?මට ඒ ඇති මැණික…
      ?නුඹ තමා හැමදාම මගේ
      ?රන් කද…
      ?
      ? – රවීන් අභිමාන් –
      ?
      ???????????

      කතව පට්ට එළකිරි සුප්පා… ගන්න දේවල් ගොඩකයි මේ කතාවෙන්…කතාව හරි ලස්සනට ගලාගෙන යනවා… ඒක ඉතින් ලොකූ අයියගේ දක්ෂතාවය තමා සුභ පතනවා අයියේ…. ???

      දැන් කොහොමද අයියේ… දැන් ටිකක් සනීපයි නේද…. ඒ වුනාට කමක් නැ දිග කමෙන්ට් එහෙම දාන් නැ හරිද… පරෙස්සම් වෙන්න අයියේ… ඔයා ලෙඩ වුනාම දුක් වෙන්න ගොඩක් අය ඉන්නවා… ඉක්මනටම සනීප වෙලා එන්න අයියේ… අයියාට දළදා සමිදු පිහිටයි…
      තෙරුවන් සරණයි !…
      ?????

          1. බොහෝමත්ම ස්තූතියි චමෝ නංගියා…
            ආදලෙයි ගොඩාාාාරියක්..
            ????

        1. බොහෝමත්ම ස්තූතියි අයේෂා අක්කියෝ…
          ආදලෙයි මගේ අක්කිට ගොඩාාාාරියක්..
          ???

        1. ගොඩක් ස්තූතියි එරන්දි අක්කියෝ.. ආදලෙයි ගොඩාාාාරියක්..
          ????

  6. නිෂා සශී ?

    මටනන් තේරෙන්නෑ මේ අයිය කොල්ල මොනා කලන්න යනවද කියල අප්පා… මගෙ මල්ලි කොල්ලට එහෙම සීරීමක්වත් වෙන්න බෑ හොඳද.??? ලොකු අයියේ ෂානිට තේරුන් කරන්නම බැරිද රවීන් අයිය ගැන. ?? රවීන් අයියගැන ආරංචියක්වත් නෑ අනේ ලොකු අයියේ එයා ගැනත් අපිට පුංචිමහරි ආරංචියක් දෙන්න හලිද අයිය හොඳ කොල්ලනෙ අපෙ. ලොකු අයියේ ඔයා අසනීපෙන්ද ඉන්නෙ අනේ ලෙඩවෙන්න එපා ලොකු අයියේ බේත් බීලා රෙස්ට් එකේ ඉන්නකෝ ??? ලොකු අයියේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න හලිද…..?????????????????????

  7. Madu dilsha

    චතුරයගෙ හොම්බට දෙකක් ඇනලා දත් තුන හතරක් ගලවන්න චාන්ස් එකක් අරන් දෙන්න බැරි වෙයිද දන්නෑ?????

  8. කව්රුන්ද ඔබ මගේ
    කව්රුන්ද මා ඔබේ

    දෙතොල් සලා මුදු සිනහා නගන්නෙමු
    දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක් තැන්වී ඉන්නෙමු

    ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
    ඔබ හද මා හද රිදවන මොහොතේ
    ජීවිතයට හුරු පැරදුම හමුවේ
    නොඳොඩා ගොළුවී බලා සිටින්නෙමු

    කව්රුන්ද ඔබ මගේ
    කව්රුන්ද මා ඔබේ ……..?

    මට හිතා ගන්න බෑ අදහා ගන්න බෑ හිතන්නවත් හිත නෑ.ඇත්තමයි .රවින් අයියා මොකක් කරන්න හදනවද මන්දා.ශානි චතුරව බදින සීන් එකක් වෙයි වගේ මෙහෙම ගියොත්.????
    මල්ලි නම් ආවේ හොදකට වෙන්න බෑ.හෙට අඬන සීන් එකක් වත්ද මන්දා.අන්තිමේදි මොකක් වෙයිද.හිතා ගන්න බැරියෝ.කතාව ඉතින් වෙනදා වගේම පට්ට ලස්සනයි .සුබ පතනවා අයියේ හදවතින්ම .තව කතාව ක් ලියමු නේද.
    ඉක්මනින් සනීප වෙන්න අයියා චූටියෝ .ඔයා නැතුව ඇප් එකම පාළුයි.වෙලාවට බෙහෙත් බීලා.කෑම කාලා සතුටින් ඉන්න .ඉක්මනින් සනීප වෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
    ජේසු පිහිටයි !!!!!
    ආදරෙයි අයියා චූටියෝ ?❤️?

  9. Chamodya Madusanki

    අම්මපා මේ ශානිට තාම විශ්වාස අර පොලොස් කොට්ටෝරුවමනේ දෙයියනේ?????? මේකිට තමනගේ නංගිට වඩා අර හිවල් පෝතකයවමනේ විශ්වාස. මේ හිවලා ශානිට මොනා හරි ගුලියක්වත් කවලද දන්නෙ නෑ? ඇයි යකූ මේකිට කොච්චර තේරුම් කරත් අර කොට්ටෝරුවා කියනදේමයි විශ්වාස ??????????????
    ??????????????
    අම්මාපා මට හිතෙනෝ රෑකට ගිහිල්ලා ශානියගේ ඔලුවට හොද දෙකේ දෙකේ පොල්ලකින් ගහලා එන්න?? කවුරු හරි එනෝද යන්න මා එක්ක.

    අපෙ හැන්ඩ්සම් මල්ලි බබා ආවේ ඇයි හොදකට නම් නෙවී. ඔතන අලි පත යුද්දයක් යයිද දන්නේ නෑ, මොනා උනත් අපේ මල්ලි කොල්ලට මුකුත් කරන්න එපා හොදේ. අපේ මල්ලි කොල්ලට තියෙන්නෙ ඩිෂුම් ඩිෂුම් කියලා අර චතුරයට මතකේ අමතක වෙන්න දෙන්න?? ලග පාතක හිටියනම් මාත් යනෝ උදව්වට.

    අම්මපා මට චතුරත් එක්ක එන කේන්තියක්, ගස් බැදලා දිමි ගොටුවක් දාන්න හිතයි???? අපේ සානියව ඉක්මනට බැද ගන්න හිතේ??? එව්වා ඉතින් හීන තමා චතුරයට.

    කතාවනම් එලකිරි සුපිරි කිරි හොදේ, මාරම ලස්සනයි කතාව. පරිස්සමින් සතුටින් ඉන්න ලොකු අයියේ. ඉක්මනට සනීප වෙලා ආයේ එන්න.

    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න මගේ අක්කලා අයියලා හැමෝම.
    ආදරෙයි පැලෙන්න?????

  10. නයෝ මධූ

    අයියා පන…. හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. වෙලාවට බෙහෙත් බීලා සනීප වෙන්න ඉක්මනට හොඳේ. බලන් ඉන්නවා අපි වෙනදා වගේම ඔයා එනකල්. අසනීපෙන් ඉන්න අනිත් අයත් ඉක්මනට සනීප වෙන්න හොඳේ..

    චතුරගේ ප්ලෑන්නම් මහා මාරයි අප්පා. පුදුම හදිස්සියක්නේ තියන්නේ ෂානිව එක්කන් යන්න. හෙට මොනවා වෙයිද මන්දා. ඇයි දන්නෑ රවීන්ගේ මල්ලි ආවේ? රවීන්ට කරදරයක් කරන්න එපා අයියේ. ෂානිට මතකය ආපු වෙලාවට එයා ගොඩක් දුක් වෙයි. චතුරට මොනාහරි කරලා එයාව අයින් කරමු අයියේ. ෂානිගෙයි රවීන්ගෙයි කතාව ආය පටන් ගමු.

    මටත් අද මීට වඩා කියන්න හිතෙන්නේ නෑ අයියේ. හිතට හරි දුකයි. ඒක කියාගන්න තේරෙන්නේ නෑ. හෙට එන්නම්කෝ මං. ඔයා පරිස්සමෙන් ඉන්න අයියේ. බුදු සරණයි.

    1. ? එරන්දි ?

      මන්නම් ඉන්නවා මැණික නගියෙක්ද අක්කෙක්ද දන්නෑ හැබැයි ..

  11. ලොකු හොදින් නේද.
    කාලා බෙහෙත් බිලා ඉන්වා නේද.
    පරිස්සමින් ඉන්නවා නේද

    ලොකු දැන් නම් කතාව හරිම දුකයි.
    මොනවා කියන්න ද කියලා හිතාගන්න බෑ.
    තේරෙන්නෙත් නෑ.
    රවීන්ට මොනා උනාද ?
    ශානී මෝඩ්ට මොලේ පෑදෙන්නේ කවද්ද?
    චතුර හරකට හොද රිටන් එකක් දෙනවද?
    ( මතකද හැරී පොටර්. මතකය අමතක වෙන මන්තරේ. එහෙම සීන් එකක්වත් දාලා මේ ගෙම්බව අයින් කරන්න )
    අනේ රවීන් ශානි එකතු කරමු.

    අපේ හොද අයියා පනනේ. ඉතින් පොඩ්ඩක් මේ ගැන සලකා බලන්නකෝ. පොඩි උන්ගේ ආසාවනේ.

    දිග කමෙන්ට් දාන්න බෑ අයියේ. තරහා වෙන්න එපා. මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මං.
    කාලා බේත් බීලා පරිස්සම් වෙන්න.
    හිනාවෙලා සතුටින් ඉන්න.
    බුදු සරණයි.

  12. ..Sandashen..

    hmmmmmmmm…….loku thama hithaganna behe monwa wenna yanawada kiyala ….lokuwooo me uyata berida apita poddak idiriya gena podi igiyak denna.anika loku me hadissiye weding walata yanna adum ganna selon walata yanna matanam welawak nethoooo.e nisa poddak parakku karamu me magula.??????
    A thawa deyak loku mama oya wedimata enawanam enne ravin & shani ge wedimata hide neththam man enne nethooooo.?????

    Loku kathawa den den rahas walin pirila ithirila degoda thalala thiyenne ….ikmanata monawa hari karanna loku neththam me mage suti mole ala wela chora wela narak welama yaiiii…????
    Kohomda loku oyata den .beheth biuwada welawata .ikmanata sanipa wenna loku.oya ohoma asanipa wela iddi ape asanipath hodawenne nehe loku e nisa ikmanata sanipa wenna.budusaranai parissamen enna.gn sd.??????

  13. ? එරන්දි ?

    හපොයි දෙයියනේ ඇයි අප්පා මේ ශානිට මොලේ කියලා දෙයක් දීලා නැත්තේ පොලොස් කොට්ටෝරුවා ගානට ගොනාට අන්දනවා ශානිව.පවුලේ අය කියන දේට වඩා එයාට චතුර කියන දේ තමයි විශ්වාස.මොනා උනත් චතුර නියම ව්දියට කරන බොරුව කරනවා සැකයක් නැති වෙන්නම.ඒකනේ ශානි මේ තරම් ඇන්දිලා ඉන්නේ.අනේ ඇත්තමයි ශානිට දෙන්න හිතෙනවා එලොව පොල් පෙන්න.මොඩකමේ සීමාවක් නෑ චතුරයා යන් කීව ගමන් ඇදුම් ටිකත් හදනවා.මටනම් හිතෙන්නේ ශානිට ඉක්මනටම මතකය එයි කියලා.චතුර හැමදේටම වඩා ඉස්සරහින් ඉන්නවා මොනා නැතත්.පොරොන්දම් ගැළපෙන්නම හදලද දන්නෑ හැබැයි විශ්වාස කරන්න බෑනේ මාස්ටර් ප්ලෑන් ගහන එක ඒ තරම් දෙයක් නෙවෙයිනේ පොලොස් කොට්ටෝරුවට….

    ශානිගෙ නන්ගි කියන එකනම් ඇත්තම ඇත්ත.ආදරේ ලබාගන්න වගේම ඒ ලබාගත්ත ආදරේ මැරෙනකන්ම රැකගන්න පුලුවන්කම තියෙන්න ඕනා.ගොඩක් අයට බැරිම ඒ දේ.මුලින් තියෙන ආදරේ ටික කාලයක් යනකොට නැති වෙනවා.මැරෙනකන්ම රැකගන්න ආදරයක් තමයි හැමෝගෙම ප්‍රාර්ථනාව.චතුරගේ හිතෙ තියෙන්නෙ ශානිව ලබාගන්න එක විතරමයි වගේ.රවීන්ගේ ආදරේ එක්ක බලනකොට චතුරගේ ආදරේ රැවටීමක්ම විතරයි.ශානිට ඒක තෙරුම් ගන්න මොලයක් නෑනේ අප්පා.හැබැයි දවසක පසුතැවෙයි ශානි මේ දේවල් වලට.එයා නැති කරගන්න හදන්නේ කලාතුරකින් ලැබෙන ආදරයක් කෙල්ලෙක් පතන ආදරයක් ඒකට පින ලැබිලත් ඒ දේ නැති කරගන්නවා.පවට පින් දෙන්න බෑනේ.ලැබීම තමයි ඉතින් ….

    රවීන්ගෙ මල්ලි බබා ආවෙත්නම් හොද දෙයකට නෙවෙයි වගේ.උක්කුං පුතාව ශුවර්ම නෑ මටනම්.මොන ගිනි ගෙඩියක් දෙන්න හදනවද දන්නෑ ඒ ගමන.රවීන්ට අමාරු වෙලාවත්ද…නෑ නෑ එහෙම වෙන්න බෑ වෙන මොකක් හරි කියන්න එන්න ඇත්තේ……

    සනීපෙන් ඉන්නවා නෙද අයියේ තවම දුකින්ද ඔයා…පරිස්සමින් සතුටින් ඉන්න අයියේ.බුදු සරණයි ඉක්මනටම එන්න අයියේ ඇප් එකම පාලුයිනේ අයියා නැතිව ….??????

  14. ..Sandashen..

    Ko me daga paule lamaiii tika…uyala sanipen innawada.asanipa aya ikmanata sanipa wenna .sanipa aya asanipa novi inna parissan wenna.mage sutilaaa hemotama budusaranai parissamen enna. gn.sd.?????????????????????????????

    1. ? එරන්දි ?

      අනා සුදු මන්නම් ඉන්නවා මේ.අනිත් අය නැතිද මන්දා අප්පා කාලුත් නෑනේ පේන්න….

  15. කොය් අලේ කස්ටිය.. මහී අක්කි නිරෝ අක්කි දේවාෂි මැණික කෞෂි නංගා ලුවි නංගා පුංචි සුරංගනාවි දුල් අක්කි නම් කියන්න බැරි වුන හැමෝම… ඔයාලා හොදින් නේද… අසනීපයක් නැනේ… ඉක්මනටම එන්න… පරෙස්සමින් ඉන්න… තෙරුවන් සරණයි හැමෝටම !…

  16. උක්කූං පුතා(SuMi )

    කෝමද කෝමද මගේ දග සෙට් එක. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා නේද .. මේ දවස්වල අයියා පොඩ්ඩක් විතර බිසී ??? ඒක නිසා තමා ඇප් එක පැත්තෙ එන්න බැරි උනේ. ඒ වගේම ඔයාලගෙ ලස්සනම ලස්සන දිග කමෙන්ට් වලටයි නිසදැස් වලටයි මට රිප්ලයි කරන්නත් බැරි උනා. ඒකට මම මගෙ දග සෙට් එකේ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. 

    කෝමද ඉතිං කතාව. අම්මෝ ඉතිං අහන්නත් බයයි මට . මේන් මේ බලන්න ….. මගෙ නහයත් දැවිල්ලයි මේ කෙල්ලො ටික බැනලම.

    මටත් ඉතිං ඇත්ත වශයෙන්ම දුකයි ???? මේ වෙන දේවල් දැක්කම. සමහර වෙලාවට මට හිතෙනවා මගේ දග සෙට් එක හරියි කියලා. මම මේ ආදර කතාවට බකට් පෙරලනවා වැඩියි කියලා. ඉතිං මට ඇත්තටම කණගාටුයි ඒ ගැන ???? 

    ඒත් ඉතිං අපි බලමුකො අවසානය කොහොම වේවිද කියලා ?????  ඒක හැබැයි ඔයාලා නොහිතන ආදරණීයම අවසානයක් වෙයි ???? ඔයාලත් ඒ අවසානෙට කැමති වෙයි. ???? මටත් වඩා එදාට ඔයාලා අනිවාර්යයෙන්ම සතුටු වෙයි. අම්මෝ එදාට මට භචිං යාවි සෑහෙන්න ???? මොකද මගෙ දග කෙල්ලො ටික මාව සෑහෙන්න මතක් කරාවිනේ. ?????

    ඔන්න දග සෙට් එක අයියගෙ කවි , රිප්ලයි කමෙන්ට් නෑ කියලා අයියගෙ කතාවට දාන කමෙන්ට් එහෙම අඩු කරනවා නෙවෙයි ඈ … එහෙම කලොත් මම පව්???? දුකයි දුකයි දුකයි එතකොට. මං පොඩ්ඩක් බිසී නිසා මගේ සමාව භාජනේක දාලා ආයෙමත් ආව දවසට මට දඩුවම් පමුණුවන්න. ???? හැබැයි කමෙන්ට් නම් අඩු කරන්න එපා හොදේ.

    ඔයාලගෙ කවි නිසදැස් හැම එකක්ම හරිම ලස්සනයි . මම ඒවා කියවන්නෙ හරිම ආසාවෙන්. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මගෙ දග සෙට් එක පුදුම විදිහට දක්ශ දහ පැටව් ටිකක්නෙ කියලා ?????

    අයියා ඉතිං හැමදාමත් ආදරෙයි මගෙ දග පවුලට. මොකද ඔයාලගෙ කමෙන්ට් නිසදැස් මට පුදුම තරන් ලොකු හයියක්. ඒ හයිය ලෙංගතුකම හැමදාම අයියට දෙන්න. අන්තිම වෙනකන්ම කතාවත් එක්ක එකතු වෙලා ඉන්නකෝ ??? ?????

    එහෙනම් මගෙ දග සෙට් එක , හැමෝටම ආදරෙයි. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි හැමෝටම. ගුඩ් නයිට් ??????

    එක පවුලේ එකා වගේ
    දග පවුලේ පැටව් අපේ
    රන් සමනල රෑනක් සේ
    පියා සලා ඉමු සතොසේ

    දුක් වේදනා සතුටු කදුලු
    බෙදාහදා ගන්නෙ අපී
    එක අම්මගෙ ළමයි වගේ
    හිනාවෙලා ඉන්නෙ අපී

    හදවතින්ම හිනාවෙලා
    දග පවුලේ සැවොම අපී
    ඉමු සතුටින් එකතු වෙලා
    දිවිය තියෙන තුරා අපී

    1. Chamodya Madusanki

      ??☺️☺️???? පරිස්සමින් සතුටින් ඉන්න ලොකූ හැමදාම
      බුදුසරණයි

    2. ????? සතුටින් ඉන්න අයියේ අනිවාරෙන්ම කමෙන්ට් කරනවා ඕන්…
      ගුඩ් නයිට් අයියා කොටේ…

    3. කොහොමද අයියේ සනීපෙන් නේද ? පුලුවන් හැම වෙලේම comment කරනවා පොඩියට හරි….පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි

    1. කෝමද කස්ටිය… කමෙන්ට් නොකලට සොලී…….. දැන් ආවෙ ඩොක්ටර් ලගට ගිහින්.. මේ ආවෙත් සමනල් පියාපතට මගේ අවසාන කමෙන්ට් එක දාලා යන්න.. මොකද මන් ආය එනකොට සමනල් පියාපත් ඉවර වෙලා තියේවිනේ….

      සෑම සියලු දෙනාගෙන්ම අවසරයී….. මන් අද ආවේ හෝමෝ සේපියන්ස් මානවයාගෙ සහෝදරයෙක් උණු වනචර සේපියන්ස්ගේ වගේම දුෂ්ඨවතී මානවිකාවිගේ පරපුරෙන් පැවත එන එම ජාන ලක්ෂන මනාවට ක්‍රියාවෙන් සහ වචනයෙන් පෙන්නුම් කරන චතුර වනචර දුෂ්ඨයා පිළිබද වචන සූට්ටක් කතා කිරීමයි.. උක්ත හැදින්වීමේ සදහන් වන චතුර වනචර දුෂ්ඨයා වූ කලී මහම මහා උරුලෑවෙකි.. ගද ගහන හිකනල් ඇහැටුල්ලෙකු වූ ඔහු යන සෑම තැනකම පාහේ තමාගෙ වල් ඌරු ගති ලක්ෂන මොනවට පෙන්නුම් කරනු ලබන්නේ තමාගේ හිකනල් වල් බූරූ හිපමොටේමස් ජාන ලක්ෂනද මතු කරමිනි.. මොහු කෙසේ උගුඩුවෙක්ද කිව හොත් මොහු හට ඇමතීම සදහා මාගේ කටට තවත් පැවසීම සදහා වචනද නොමැතිය… එමෙන්ම මේ අතර රැවටෙන සේපියන්ස්ලාගේ සෂානි නට්ලූස් මානවිකාව නම් ගොන් ගහක්ද සිටියී.. ඇය තම වරිග පරම්පරාවේ නාමය ඉදිරියට ගෙන යමින් චතුර වනචර දුෂ්ඨයා පවසන ඕනෑම ආකාරයේ පතරන්ග බේගල් හිස් මුදුනේ තබා පිළිගනී.. එමෙන්ම ඇයගේ මොළයේ සහ හදවතේ සන්නිවේදනයද ඉතා මත් අවධානම්සහගත ලෙස පහත වැටී ඇති බවද පෙනී යයි.. කොස් ඇට මී මානවයාගෙ පරම්පරාවෙන් පැවත එන රවීන් නම් මී ගොන් වස්සෙක්ද සිටින අතර ඔහුගේ මනස ක්‍රියා කරනු ලබන්නේ ඉතාමත් කල් පසු වී මන්දගාමි ලෙසින්ය..ගුටි කෑම සදහා කලු පටි ලබා සිටින ඔහු යන සෑම තැනකම පාහේ ඇටි හැලෙන්නට ගුටි පූජාව ලබා ගන්නට උපන් හපනෙකි… ඒ කෙසේ නමුදු ආදරය යන කාරනයේදී රවීන් කොස් ඇට මීයා ඉතා අවන්කයෙකි.. එම නිසාම යම් දිනෙක වනචර සේපියන්ස්ලාගේ චතුර දුෂ්ඨයා පරදවා කොස් ඇට මී මානවයාගේ රවීන් අවන්කයා රැවටෙන සේපියන්ස්ලාගේ සෂානි නට්ලූස් මානවිකාව සරණ පාවා ගන්නා බව නියත වශයෙන්ම මා දන්නා කරුණකී.. මාගේ කතාව මින් අවසානයී.. ලියූ මට බුදුසරණයි.. කියවූ ඔබ සැමට අබ සරණයී……

      1. Chamodya Madusanki

        මගේ අම්මේ ඒක, හිනා වෙලා මගේ බඩබොකු ඇබරුණාද කොයිද අප්පා,අම්මත් බනිනෝ 4න් එක දිහා බලන් තනියම හිනා වෙනෝ කියලා.??????
        මොනා උනත් ඇත්ත කතාව මැණික ඒක චතුරට කියන්න තව හොද වචන ටිකක් හොයගමු හොදේ ඔය හොදටම මදි. ඕකට තව හොද වචන ටිකක් හොයගමු කියන්න????

        1. අක්කි ටිකක් අසනීපෙන් ඉන්නෙ මැණික.. දවස් හතරකි පහකින් වගේ එනෝ ආයම..

          හප්පොයි දෙයියෝ…… බඩබොකුත් ඇඹරුනැයී… ඒනන්නම් ඉතින් රෙදි වැලක් ගැට ගහතැහැකි නී.. ලණුවක් වගේ ඇඹරෙන්න ඇත්තෙ නේහ්…………. ?????

          1. Chamodya Madusanki

            ඉක්මනට සනීප වෙන්න මගෙ අක්කියෝ, බෙයියන් බීලා ඉක්මනට හොද වෙලා ආයෙම එන්න මැණික.

            බුදුසරණයි
            පරිස්සමින් සතුටින් ඉන්න මගේ අක්කියෝ

      2. අයියා මචන්.. දැන් එතකොට උෂාන් කොලුවා එලොව සැපත් උණා වගේ රවීන් කොලුවත් එලොව යන්නෙ නැති වේවි නේ.. ? අම්මපා අයියේ මෙදා පාරත් අන්තිමට අඩන්න උනොත් සත්තයි මන් ආය උයාගේ කතා කියවන් නෑ නෑ නෑමයී.. හැමදාම අඩන්න බෑ අනේ… මගෙ ඇස් දෙක පව්…………. ඔක්කෝටම වඩා මට තීන පුරස්නෙ තමා මේ මල්ලි සුට්ටා මොකට ආවද කියලා.. මොකට ආවත් කමක් නෑ ඔන්න ඔය චතුර කියන කොකු පණුවගෙ දත් දහයක් පහලොවක්වත් බඩට යවපන් මයෙ අම්මා… උම්මා…. සමාවෙන්න කමෙන්ට් එක පොඩි උනාට්ස්.. හෙට ඉතින් මන් ලේ දෙන්න යනෝනේ.. කලින්ම දොයිය බබා කීන්න ඕනිනේ ඒ නිසා… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… සුභ පතනවා අයියෙ ඔයාට… දළදා සමිදු පිහිටයි… බුදුසරණයි…!!!!

      3. ❤කවී❤

        Ammooo akkii e comment eka mge hinavata gdra minissu tawa dingen angodta ticket book krla denwa nomilema ekta mm boku badawal akmawe ethila akmawa Kuda anthra wala ethila penahalu maha badawale ethila උණ්ඩුකපුච්ජයෙනුත් Hina giya akkiyoo

        Akkiyoo parissamin Inna budusaranai ikmnta Enna manika API oya enakan balan innwa ?????

        Adareii palenna akkiyoo ???????

        1. අම්ම්බෝ කවී මැණික ඒක කියවද්දි නිකන් මගේ අවයව ටිකත් උතුර දකුණ මාරු වෙලාද මන්දා.. ????

          1. ❤කවී❤

            Uthura dakuna maru unata kamak na akkiyoo homosepiyansla hoyagena ehma ynva newei onna oyva tiya gani eyla API nm danne nathoo itin

          2. මාව තියා ගන්න එයාලා…. හහ්……… ඒවා කොහෙද මේ මාත් එක්ක.. එලොව ඉදන් මෙලොව අතගාන්න වැඩක් දෙන්නෙ මන් ඔය සේපිලාට….

      4. කතා අහුර කියවන සේපියන්ලාගේ දුලාංජලි පියුමිකා වන මාගේ ශරීරයේ සෑම අංගයකින්ම හිනා වු බව කාරුණික දැනුම් දෙමි…හිනා යන කමෙන්ට් කරන සේපියන්ලාගේ දුල් අක්කිගේ මේ කමෙන්ට් රාජයා කියවීමෙන් පසු මාගේ සිරි යහනේ නිදා සිටි මා මැණියන් වහන්ස ද අවදි වි මා හට පොල් ටොක්කක් ඇන නැවත නිදාගත් බව ද ළගදිම මේ කතා අහුර කියවන සේපියන්ලාගේ දුලාංජලි පියුමිකා වන මා අංගොඩ ට්‍රිප් එකක් රැගෙන යන බවද මාගේ මැණියන් වහන්ස ඉතාමත් කාරුණිකව මා හට දැනුම් දුන් බවද කතා අහුර කියවන දඟ පවුලේ සේපියන්ලාට මම සතුටින් දැනුම් දෙමි… මේ සේපියන්ලා සැවොම මා සමඟ අංගොඩ ට්‍රිප් එක සදහා මා එකතු කරගන්නා බවද සතුටින් ප්‍රකාශ කර සිටිමි.. අවසානයි කියවු සැමට සුභම සුභ නයිට් එකක් වේවා…
        ????

        1. සෑම අංගයකින්ම හිනා උණා වගේ ඒම නෙමේ ඉතිහාසය හදාරන එකෙක් ඒම නඩු දැම්මොත්… මන් නම් කීන්නෙ ” මන් දන් නෑ…. මට මතක නෑ” කීලා තමා ඉතින්… ?? ෂුවර්නේ අම්මා ඇන්නෙ පොල් ටොක්කක් කීලා… පොල් ගෙඩියක් ඒම නොමේනෙ පතබෑව්වේ….. අංගොඩ යන්න දෙයක් මට නම් නෑ වට්ටුවේ මගෙ මහ ගෙදරම අංගොඩ හොස්පිට් එක නී…….. ??

          1. අම්මෝ අක්කි… දවස් හතරක් පහක් මේ පිස්සි නැතුව කෝමද ඉන්නේ කියලා මං කල්පනා කරේ… මේ වගේ පිස්සු කමෙන්ට් එකක් මං දැක්කමයි… පොල් ගෙඩියක් වුනානම් මටත් හැමදේම අමතක වෙයි අක්කියෝ එහෙම වුනොත්නම් ලොකු පාඩුවක්… එහෙනම් අක්කි එකකම ඉන්න පුළුවන් වෙයිනේ.. එ හින්දා එන්නම් අංගොඩ… හොද කෑම මේසයක් එහෙම හදලා තියන්න අක්කි අපිව පිලිගන්න..
            ??? සුභ රාත්‍රි⁣යක් අක්කියෝ ???

          1. අනේ වාසනාවක්…….. අංගොඩ ඉන්න කස්ටිය දුවනෝ අපිව එහෙ ගිහින් දැම්මොත් ඒම………………..

  17. නිරෝෂා ලක්මාලි

    ඔය සේරම චතුරගේ බොරුනේ. මොන පොරොන්දම් ගැලපෙන්නද ඒකත් බොරුවක් තමයි ඉතින්. නංගි නම් නියමයි එක අතකින් කියන එක චතුරට වදින්නම කියනවා. අභි ගැන මොකද කවුරුවත්ම කියන්නේ නැත්තේ. අභිගේ මල්ලි ඇවිත් චතුර එක්ක රණ්ඩු වෙයිද දන්නේ නෑ. සෂානිට තමන්ගේ අය කියන එකටත් වඩා පිට මනුස්සයෙක් කියන එක විශ්වාසයි. මහා මෝඩ හොල්මනක්.

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.