Katha Ahura

? ගිනි කිරිල්ලී | අවසන් කොටස | නවකතා

4.8/5 - (14 votes)

අවසන් පියාපත..

—————————————————————————————————————————————

එතකොට මගේ තාත්තගේ මිනීමැරුවා ශේශ්ගේ තාත්තද..???

මේක නම් පුදුම අහම්බයක්…!!

එහෙනම් ශේශ් පවා මුල ඉඳන් දැන ගෙන ඉන්න ඇත්තේ..

ඔහ්හ්.. දෙයියනේ…!!!

“නැගපන්..”

මගේ පස්සෙන් ආපු තොල් රතු යක්ෂනී මාව වෑන් එක ඇතුළට තල්ලු කරා..

ශේශ්ගේ මූණ දිහා බලාගෙනම මං වෑන් එකට නැග්ගා.. මට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ..

ඇත්තටම ශේශ් මේ හැමදේම මුල ඉඳන්ම දන්නවා නම් මේ පිස්සු ගිනි මුල ඉඳන්ම රැකවරණය පතලා තියෙන්නේ මගේ පවුලේ මාරයගේ පුතාගෙන්..

ගිනීට පිස්සු කියලා මිනිස්සු කිව්වේ නිකම් නෙවෙයිනේ..

මං ශීට් එකකින් වාඩි වෙලා ලොකූ හුස්මක් පපුවට ගත්තා.. මෙතනින් එහා සිද්ද වෙන කිසිම දේක මට ආයේ හිතන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ..

ශේශ් හයියෙන් හයියෙන් අර මිනීමැරුවාට මොනවද කිව්වා.. ඒ කිසිම දෙයක් අහන්නවත් මට ඕනකමක් තිබ්බේ නෑ..

ශේශ් එතන ඉද්දිම ශේශ්ගේ තාත්තා වාහනේට නැග්ගා.. ඒ තප්පරේම ශේශ් මං හිටපු වෑන් එකට ඇවිත් වෑන් එකට ගහ ගෙන ගහගෙන ගියා..

ඉස්සරහ වාහනේ ස්ටාර්ක් වෙද්දිම අපේ වෑන් එකත් ස්ටර්ක් කරා.. ශේශ් වෑන් එකට ගගහා කෑ ගහද්දිත් මට ඒ පැත්තවත් බලන්න අඩුම ගාණේ ශේශ්ගේ වේදනාවෙන් පිරුනු මූණවත් බලන්න මට හිතුනේ නෑ..

දැනටමත් මේ පපුවට දැනෙන වේදනාව ඕනවට වැඩියි.. මගේ මුළු ජිවීතේටම අවුලපු ගින්නෙන් ඔයත් දැවෙන්න ඕන..

මං දන්නවා මේ තරම් කවදවත් ඔයා වැටෙන්නේ නැතුව ඇති.. ඒත් අද අපි දෙන්නගෙම දෛවය හරි වෙනස්..

එක්කෝ අපේ කතාව අදින් ඉවර වෙයි.. නැත්නම් ඉවර වෙන්න කතාවක් නැති වෙයි..

අපේ වෑන් එකත් පාරට දාලා අර වාහනේ පස්සෙන්ම යන්න ගත්තා..

ශේශ් අන්තිමට ගිනී කියලා කෑ ගහපු ඒ හඬ මගේ කං අතර දෝංකාර දුන්නා..

ආදරේ.. ඒක උණ්ඩයක්.. එකපාර නොමැරෙන.. ටිකෙන් ටික මැරෙන..

මං පිස්සු ගිනී විතරක් වුණා නම්…??

අපි මේ යන්නේ මං දුවන් ආපු පාරෙමයි.. මගේ ගෙදරට.. මගේ කතාවත් මගේ ගෙදරදිම ඉවරයක් වෙයි…

වෑන් එකේ ඉන්නේ ගාඩ්ස්ලා හය දෙනයි.. තාමත් මට පුළුවන් මං ගාව තියෙන තුවක්කුවෙන් මේ හය දෙනාටම වෙඬි තියලා මෙතනින් පැනලා යන්න..

ඒත් මං මේ ජීවීතෙන් පැනලා දිව්වා හොඳටම ඇති කියලයි මට හිතුනේ. කිසිම දේක ලොකූ ආසාවක් නැති නිකම් නිකන් හිස් ආත්මයක් වෙලා මං.. ශේශ් ඔයාගේ ආදරේ නැතුව..

ලොකූ බ්‍රේක් පාරක් එක්ක වලව්ව ඉස්සරහ වෑන් එක නතර කරා..

වෑන් එක ඇරිය ගමන් කවුරුවත් මට මුකුත්ම කියන්න කලින් මං වෑන් එකෙන් බැස්සා..

ඒත් එක්කමයි ශේශ්ගේ වාහනේ ආවේ.. වාහනේ නතර වෙද්දිම ශේශ් බැස්සා..

දුවන් ඇවිත් මාව අල්ල ගත්තා..

“මං කිව්ව ගමන් මෙහෙන් යන්න..”

එක තප්පරේට ශේශ් මට කනට කොඳුරලා කිව්වා..

ඇත්තටම එයාට ඕනි මගේ ජීවීතේ බේර ගන්න විතරද..?? ඇයි මේ පිස්සු ශේශ්ට නොතේරෙන්නේ පිනී ගිනී වෙන්න නම් මට ශේශ්වම ඕන බව..

“මෙහේ එනවා. ”

ශේශ්ගේ පස්සෙන් ආපු තොල් රතු යක්ෂනී මගේ අත් ගොබේකින් ඇඳගෙන මාව වලව්ව ඇතුළට ගෙනිච්චා..

මගේම වලව්වට මාවම බලෙන් ගෙනියනවා.. හිනා වෙන්න ඕන මට..

තොල් රතු යක්ෂනී මාව සාලේ මැද්දටම ගෙනත් තල්ලු කරා පඩියක වැදිලා ලේ එන්නම..

මගේ කම්බුලක් තෙත් වෙනවා මටම දැනෙනවා.. මං හිස ඔසවලා බැලුවේ සාලේ ගාම්බීරව වාඩි වෙලා ඉන්න මගේ තාත්තගේ මිනීමැරුවා දිහා.. ශේශ්ගේ තාත්තා දිහා..

කිසිම ලැජ්ජාවක් නැතුව මගේ මුලු පවුලම විනාශ කරලා මගේම ගෙදර සාලේ මැද සැටියේ වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙලා ඉන්න ලස්සන..

මං මිනිස්සු නෙවෙයි තිරිසන්නු…!!

මගේ හිත හයියෙන් කොඳුරනවා..

තවත් විනාඩියකින් හැමෝම සාලෙට ආවා..

හරි.. දැනුයි ෆිල්ම් එක පටන් ගත්තේ..

මුළු ගෙදරම නිශ්ශබ්ධයි.. ඉඳි කට්ටක් වැටුණත් ඇහෙන තරම්..

කවුරුහරි කතාව පටන් ගන්නත් එපැයි..

මූණ පිරෙන්න හිනාවක් එක්ක මං නැඟිට්ටා.. බිඳින්න බැරි තරම් ලොකූ ශක්තියක් මගේ හිතේ මේ මොහොතේ මේ ගෙදර ඇතුළේ එකතු වෙලා..

සමහරවිට මේ ගෙදර ඇතුලේ මැරුණ මගේ තාත්තා මං දිහා බලන් ඇති..

“මගේම ගේ ඇතුළෙදිද දැං මාව මරන්න හදන්නේ..??”

හිනාව එක්කම මං ඇහුවා.. ඒ වෛරය පිරිච්ච ඇස් දිහා බලාගෙනම..

“තමුසෙත් හරියට තමුසෙගේ අම්මා වගේමයි.. පෙනුම විතරක් නෙවෙයි ඒ මෝඩකමත් එක්කම..”

ඔව්.. ඒ මිනීමැරුවා කතා කරන්න පටන් අරන්..

“ඒකි නම් හරිම වාසනාවන්තයි.. ලංකාවේ හිටිය ලොකුම පෝසතෙක්ව කසාද බැන්ඳා.. ඌ ඊට වඩා මෝඩයා… මේ හැම සැප සම්පතක්ම තියාගෙන මාව ළං කර ගත්තා.. අන්තිමේ මගේ අතින් ඌ මැරෙනකම් ඌම දන්නේ නෑ ඌ කිරි පෙව්වේ විස නයෙකුට කියලා..”

“තමුසේ.. පොඩි ඇටකිච්චි.. තමුසේ දැක්කා තමුසෙගේ තාත්තා බල්ලෙක් වගේ මැරෙන හැටි.. අන්න ඒ හින්දා උඹලා ඔක්කෝගෙම කතාවේ අවසානය මටම ලියන්න වුණා.. එදා උඹ පැනලා ගියා.. මගේ නංගිත් පැනලා ගියා.. අවුරුදු ගාණකට පස්සේ මං තමුසෙලාව දැක්කා.. හැබැයි එදා තමුසෙට පිස්සු.. අරකිත් හරකි වගේ තමුසේ මත්තෙම නැහුණා..”

මගේ ඇස් වලින් වැටෙන්න දඟලන කඳුලක් මං අමාරුවෙන් නවත්ව ගත්තා..

“උඹලට නොදැනෙන්න උඹව තවත් පිස්සු හදවන්න බෙහෙත් ඩොක්ටර්ස්ලා ලව්වා මං තමුසෙට දුන්නා.. උඹේ අම්මා දවසක් ලෝයර් කෙනෙක් ගාවට ගිහින් දේපල අයිතිය ගැන හොයන්න.. එදා තමයි මං පසුතැවුනේ ඒකිව නොමරපු එකට.. ඉතින් එතනදිම ක්‍රීක්ක්ක්ක්ක්.. හප්පලා දැම්මා.. කතාව ක්ලෝස්ස්..”

එතකොට මගේ අම්මා මැරිලා නෑ.. අම්මව මරලා.. ඒකත් මූමයි..

මෙච්චර වෙලා මට හිතුණේ මං අම්මා ගාවට ගිහින් මේ කතාව ඉවර කරන්න.. ඒත් තාත්තේ දැං මට හිතෙනවා සමාව ගන්න මූව තාත්තලා ගාවට එවන්න..

“ඒත් උඹ හොස්පිටල් එකෙන් පැන ගෙන.. අන්තිමේ උඹව මරන්න මෙයාව එව්වා.. එදත් උඹ පැනගෙන.. ”

“කොහේ හිටියත් අන්කල් අන්තිමේ මේකිව අපි හොයා ගත්තා.. මගේ ශේශ්ට තුරුල් වෙලා ඉද්දි..”

තොල් රතු යක්ෂනී මං ඉස්සරහට ආවේ මහ කැත හිනාවක් එක්ක..

“ඉතින් දැං ඉන්නේ මම.. ඉවර කරන්නකෝ..”

තොල් රතු යක්ෂනී හිනා වෙලා මිනීමරුවා දිහා බැලුවා..

“අර ෆයිල් එක ගේන්න.. ”

හ්ම්ම්ම්ම්… ඒ කියන්නේ මගෙන් තාම මුන්ට වැඩක් තියෙනවා..

මං බැලුවේ ශේශ් දිහා.. ඒ ඇස් වලින් පෙනිච්ච දේ මට හොඳටම තේරුණා..

ශේශ් මේ කිසිම දෙයක් දැන ගෙන ඉඳලා නෑ..

හිතට පොඩි හරි නිවනක්, සැනසීමක් දැනුණා.. ශේශ්ගේ ඒ බැල්ම..

තොල් රතු යක්ෂනී ෆයිල් එකක් අතේ තියන් මං ඉස්සරහ..

“මේකේ අත්සන් කරනවා..”

මෙච්චර කල් මගේ දේපල භුක්ති වින්දට ඒවායේ ලීගල් අයිතියක් මූට තිබිලා නෑ වගේ..

“අත්සන් කරපන් වේ# බලන් ඉන්නේ නැතුව”

තොල් රතු යක්ෂනී.. තමුසේ වගේ පොශ් අක්කලට ඔය වචන නම් ගැලපෙන්නේ නෑ..

මං මුකුත් නොකියම අත දික් කරා.. අර මිනීමැරුවට..

ඒත් තොල් රතු යක්ෂනී ඇවිත් මගේ අත උඩින් පෑනක් තිබ්බා..

ස්ටූල් එකට පහත් වෙලා ෆයිල් එකේ තිබ්බ හැමකොළයකටම මං එක හුස්මට අත්සන් කරා.. ඉංග්‍රීසියෙන්…

මටම හිනහයි.. මගේ දේපල මටම කියලා ලියාගෙන තමුසෙලා සතුටින් ඉන්නකෝ..

එච්චරකල් ජීවත් වෙලා හිටියොත්..

සමහරවිට මං කරන්න යන දේ ශේශ්ටවත් තේරුම් ගන්න බැරුව ඇති. මටත් තේරෙන්නේ නෑ..

“හරී.. ඉවරයි.. මං අත්සන් කරා.. ඉතින් තවත් මොනවද බලන් ඉන්නේ..?? වෙඬි තියන්න මට.. මටත් ඉක්මනට මැරෙන්න ඕනී..”

“හැබැයි මාව මරන්න ඕනි ශේශ්.. ශේශ් විතරමයි.. මගේ ආදරය මරලා දැම්මා වගේ මාවත් මරන්න ඕන.. ශේශ්ම..”

මං දන්නේ නෑ මගේ වචන කොයි තරම් ශේශ්ට වේදනාවක්ද කියලා.. හැබැයි ඒ වේදනාව ශේශ් ඔයා විඳින්නම ඕන.. අංශුවක්වත් අඩු නැතුව..

ලොකූ හුස්මක් පපුවට අරන් මං හැරුනේ ශේශ් දිහාවට..

ඒ ඇස් වල ලොකූ කඳුළු බිංදු දෙකක් එක්ක ශේශ් මං දිහා බලන් ඉන්නවා.. ඇහිපිල්ලමක්වත් නොගහා..

“ඔව්.. ගිනී.. මීට පස්සේ හැමදේම වෙයි.. හැබැයි ඒ කිසිම දෙයක් ඔයාට බලන්න වෙන්නේ නෑ.. මට දීපු මේ වේදනාවට මගෙන් සමාවක් නෑ.. කවදවත්..”

ශේශ්ගේ මුවින් පිට ඒ වචන මගේ හිතේ තිබ්බ ආත්ම ශක්තිය තව තවත් වැඩි කරා..

ගිනී කවදාවත් නැති තරම් අද මරණය ඉස්සරහ නිර්භීත වෙලා..

ශේශ් තුවක්කුව එසවුණා.. හැබැයි තුවක්කුවේ ඉලක්කය වුණේ මං..

“එකපාරින්ම..”

මං මුවින් කිව්වේ එච්චරයි.. ඒත් අපේ ඇස් ලොකූ කතාවක..

හැමෝම ඇස් දල්වගෙන බලන් ඉද්දි තවත් තප්පර පහක් ගෙවුණා..

ශේශ්ගේ තුවක්කුවෙන් වෙඬිල්ල පිට වෙද්දිම මගේ අත ගියේ මං ගාව තිබ්බ තුවක්කුවට..

ඩෝං…..!!!!! වෙඬි හඬින් කං පිරෙද්දීම මාත් මගේ තුවක්කුවෙන් වෙඬි තිබ්බා…

ඊළඟ තප්පරේ මගේ තාත්තගේ මිනීමැරුවා ලේ විලක් මැද වැටිලා හිටියා.. එහා පැත්තේ සැටිය උඩ තොල් රතු යක්ෂනී වැටිලා ඉඳියා..

ඔව්.. ශේශ් වෙඬි තිබ්බේ එයාගෙම තාත්තට.. තොල් රතු යක්ෂනීට ටිකට් එක ලියවුණේ මගේ අතින්…

ශේශ්ගේ හිතට ආපු සිතුවිල්ල එසැණින්ම මට දැනුණේ කොහොමද කියන්න මං දන්නේ නෑ.. ඒත් ඒක එහෙම වුණා..

“මෙතනින් පණ පිටින් යන්න ඕනව් කෙනෙක් ඉන්නවා නම් දැං යන්න පුළුවන්. නැත්නම් තමුසෙලගේ සල්ලිත් නැතුව බොස් ගියපු තැනටම යන්න පුළුවන්..”

ඉස්සර වගේම ශේශ්ගේ නපුරු කටහඬ ආයේත් මට ඇහෙනවා..

කියන්න ඕන දාහක් කාරණා මගේ තොල් අග එකතු වෙද්දිම ශේශ් අඩියට දෙකට මං ගාවට ආවා..

ඒත් එක්කම වටේ හිටපු ගාඩ්ස්ලා ශේශ්ගේ හැටි දන්න හින්දම මෙතනින් යන්න ගියා..

“ගිනී..”

ශේශ් මගේ ඉනෙන් අල්ලගෙන මාව එයා ළඟටම ඇඳලා ගත්තා.. ඊළඟ තප්පරේ ශේශ්ගේ දෙතොල් මගේ දෙතොල් අල්ලගෙන..

මගේ අතින් තුවක්කුව ගිලිහුණා… මාත් අත් දෙකෙන්ම ශේශ්ගේ කම්බුල් දෙපැත්තෙන් අල්ලගත්තා..

මේ තමයි ආදරය.. හැමදාම ගිනී උමතුවෙන් පතපු.. උමතුවෙන් හොයපු..

ට්‍රාස්ස්ස්ස්ස්ස්ස්ස්…!!!

මහා හඬක් පිටිපස්සෙන් ඇහෙද්දි අපි දෙන්නම ගැස්සිලා පිටි පස්ස බැලුවා..

උඩ තිබ්බ ලොකු ලයිට් පහන බිමට වැටිලා.. හරියටම අර මිනීමැරුවා උඩටම..

ඒක මට දැනුනේ හරියට…

“නෝනලා ඉක්මනින් මෙහෙන් යන්න.. සුදු මහත්තයා පුංචි නෝනව මෙහෙන් අරන් යන්න.. පරිස්සමින් ඉන්න සුදු මහත්තයෝ..”

එදා මාව දැකලා බය වුණු වයසක සීයා.. එයා මේ හැමදේම දකින්න ඇති..

මූණ පුරා ඉතිරෙන සතුටකින් ඒ සීයා අපිට සමු දුන්නා.

තවත් පැය හතරකින් අපි හිටියේ යූකේ බලා යන ගුවන් යානයක..

ඔව්.. අපි මේ රටින් යනවා.. ඉගිල්ලිලා යනවා..

ගෙවුණු පැයහතර පුරාම ශේශ් මට එක වචනයක්වත් කිව්වේ නෑ..

“ශේශ්… මට සමාවෙන්න.. ”

මං ශේශ්ගේ බාහුවකට බර වුණා..

එයා තාමත් ගහක්, ගලක් වගේ ඉන්නවා.. හරියට මං ගිහින් කසාද බැන්ඳා වගේ..

සමහරවිට පැය හතරකට කලින් මං ශේශ්ට දීපු දුක වැඩි ඇති..

“අනේ ශේශ්.. මේක දැං නවත්වන්න කියන්න.. මට බැහැලා අපේ පරණ ගෙදරට යන්න ඕන.. ”

“මේක බස් එකක් නෙවෙයි..”

ඇති යන්තම් නපුරු මිනිහා කතා කරනවා..

“බස් එකක් නෙවෙයි හින්දනේ දෙපැත්තෙන් පිහාටු දෙකක් තියෙන්නේ.. මං යනෝ යන්න ගෙදර..”

මං බොරු තරහක් අරන් සීට් බෙල්ට් ගලවලා නැඟිට්ටා..

“මෙන්න මෙහෙන් වාඩි වෙනවා.. පිස්සු කෝලම..”

ශේශ් මාව ඇඳලා සීට් එකෙන් වාඩි කරා..

“වාඩි වෙන්නම්.. හැබැයි මට ආයේම අරෙන් එකක් ඕනි..”

“පිස්සුව හොඳ වුණාම හිටපු ගිනී හොඳයි වගේ.. ”

ශේශ්ගේ මූණේ කාලෙකට පස්සේ ඇඳුනේ හරි ලස්සන හිනාවක්..

“මගේ පිස්සු ගිනී කිරිල්ලි…”

ශේශ් මගේ අතක් තද කරලා අල්ල ගත්තා..

“ශේශ් මං පිස්සුවෙන් වගේ ඔයාට ආදරෙයි.. ඔයා උමතුවක්…”

ශේශ් මගේ කම්බුලකට පුංචි හාදුවක් තිබ්බා..

දැං ඉතින් මේක තමයි මගේ ජීවීතේ.. පරණ කතාව ආයේම අලුත් වෙලා.. ඉතින් ශේශ් නුඹ දැන ගන්නම ඕනි මේ පිස්සු ගිනී නුඹට උමතුවෙන්ම ආදරය කරන බව..

ආදරෙයි ශේශ්…!!

නිමී….!!!!

————————————————————————-

සමුදෙන්න හරි ලෝභයි මට.. ඒත් කිරිල්ලිට පියාඹන්න දොර අරින්නම වෙනවා.. මොකද කිරිල්ලියොන්ට පියාපත් දුන්නේ ඉගිල්ලෙන්නම නිසා..

ආදරෙයි ගිනී… ලොකූ ආදරයක් මට ගෙනාවට.. මගේ පරණ යාලුවෝ ගොඩක් ඔය දෙන්නා එනකම් බලන් ඉන්නවා.. කවිකාරි එක්ක.. කළු කෙස් ලෙක්චර්.. නපුරොත් එක්ක නපුරි.. චණ්ඩි දේව් එක්ක චුක්කි.. පියාඹන්න ගිනි කිරිල්ලී.. ශේශ් එක්කම

අදින් ගිනි කිරිල්ලි ඉවරයි.. ඉතින් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම මගේ හිස නමා ආදරය පුදනවා..

ඉස්සරහටත් මාත් එක්කම ඉන්න..??❤?❤??

මතකනේ තහනම් වචනේ.. ලස්සනයි.. එහෙම නොකියා හිතට දැනුන දේ කියන්න..

ආදරෙයි පැලෙන්න.. මුල ඉඳලම මං කිව්වේ එහෙම.. අදත් කියන්න මං එහෙමමයි..

පසුවදනත් එක්ක තවත් පියාපතක් ගේන්නම්..

තවත් කතාවකින් හමුවෙමු..!
බුදු සරණයි…!!

මං ඔයාලගේ මාධවී ජයසිංහ…

48 thoughts on “? ගිනි කිරිල්ලී | අවසන් කොටස | නවකතා”

        1. මාධවී ජයසිංහ

          ??❤?❤???❤??❤???❤????❤????❤?❤??❤?❤❤?❤❤
          කට්ටිය බෙදා ගන්න හොදේ

    1. NAVODYA SATHSARANI

      ඇත්තටම කතාව ලස්සනයි අක්කි .මන් මෙක නිකමට කියෙව්වෙ ඊතින් මට ඉවර වෙනකම්ම කතාව කියවන්න ආස හිතුනා .මන් ඔක්කොම කියෙව්වා .ඇත්තටම ලස්සනයි.ගොඩක් .මේක තමා මන් කතා අහුර ඇප් එකෙන් කියවපු පලවෙනි කතවා .ඉතින් මටත් කතවක් ලියන්න ආස හිතුනා .ඔයාගේ ගිනි නිසා .අක්කි ප්ලිස් මටත් උදවි කරන්නකෝ කතාවක් ලියන්න.ආදරේයි අක්කි මන් ඔයාට ගොඩක් .මාරයි ඔයාගේ කතාව නියමයි .ඉල්ලිමක් මේ මන් මිට කලින් කතා ලියලා නෑ ප්ලිස් උදව්වක් දෙන්න ඔයා නිසා තමයි කතා ලියන්න ආස හිතුනේ.අක්කි ඔයාට බුදු සරණයි

  1. කියන්න වචන නෑ…මාර ලස්සනයි කතාව…අවසානයත් මරු….film එකක් වගේ අන්තිම වෙඩි හුවමාරුව …මැවිලා පෙනුනා..හැමදාම ආසවෙන් කියෙව්වා කතාව…සැබෑ ආදරේ අනිවාර්යයෙන් ජය ගන්නවා…ඒ වගේම වැරදි කරන අය හැමදාම දිනන්නෙත් නෑ…

  2. Sadamali nuwanthika

    ගොඩාක් ලස්සනයි අක්කි කතාව ….ලෝබයි ගිනි කිරිල්ලිව දාල යන්න වෙන එකට….හැමදාමත් හදවතේ කොනක ගිනි ඉදි …ශේශ් &ගිනී අමතක වෙන් නෑ කවදාවත්ම. …… මුල ඉදන්ම ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක් ….ගිනි නම් ඇත්තටම පිස්සු කෝච්ච්යක්…ආදරෙයි ශේශ් ගොඩාක් ඔයාටත්….❤❤ අක්කි ඉක්මනටම අලුත් කතාවක් අපට අරන් එන්න හොදේ….ඔයාගෙ කතා කියවන්න අපි හැමෝම ගොඩාක් ආසයි …ඒ නිසා ඔයාගෙ නපුරුකම් ආයෙත් බලන්න අපි බලන් ඉනනව…ඔයා කතාවක් අපට අරන් එනකම්…….ඔයාට ලස්සන කතා දිගටම අපි වෙනුවෙන් ලියන්න ශක්තිය දෛර්යය ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව…….දළදා සමිදු පිහිටයි අපේ මාධී අක්කිට…???

  3. Sadamali nuwanthika

    ශේශ් ඔයා නම් උමතුවක්
    කවදාවත්ම මග නොහැරෙන ඔයාගෙ නපුරුකම් අස්සෙ මට විතරක් දුන්නු අදරේ වින්දා මන් මදි නොකියන්න ඔයාගෙ ලස්සන හිනාවට නපුරු ඔය ඇස් දෙකට පෙම් බැන්දා මන් උමතුවෙන් කොහොම යන්නද ඔයාගෙන් දුරකට මේ කිරිල්ලිට ඔබම විතරයි සැනසුම….
    ~ ගිනී ~

  4. සතුටුයි සතුටුයි සතුටුයි… ??? මාරම සතුටුයි අක්කි… අන්තිමට ගිනි ශේශ්ගෙම වුනා… ශේශ් ගිනිට gun එක ඒම් කරද්දී මට හිතුනෙම දෙන්නට දෙන්නා වෙඩි තියා ගනි කියලා… ? ශේශ්ම තාත්තව මරන් නැතුව ගිනිට මරන්න දෙන්න තිබ්බේ… එතකොට ශේශ් කියන්නේ ගිනිගේ මාමගේ පුතා…? මොකෙද්ද මන්දා ඒ මිනිහා… තමන්ගේ නංගිවම මරපු තිරිසනෙක්නේ…?

    කොහොම හරි කතාව හිතපු නැති විදියට ඉවර වුනා… තව දිගට තිබ්බා නම් කියලා හිතෙනවා… කමක් නැ අක්කි අලුත් කතාවක් අරන් ඉක්මනටම එන්නෝ…. ⁣පරෙස්සමින් ඉන්න අක්කියෝ… තෙරුවන් සරණයි !…

    ?????????????
    අහඹු හමුවකි
    එකතු කල දෙදෙනෙක්…
    නොදැන සිටි ඒ අතීතය
    ගෙන හැර පෑ…
    හදවත් වලින් බැදි
    පිවිතුරු බැදීම…
    කෙසේනම්
    නිම වෙම් ද…
    සිදු වූ කිසිත් නොදත්
    අසරණ නපුරෙකි…
    මා සිත ඇද ගත්
    සහකරුවා ඔබයි…
    මෙතෙකින් අවසන්
    සියලු දේ…
    අමතක කරලමු
    සෑම දේ…
    අරඹමු දිවිය
    සතුටින්…
    පියඹා යමු
    ගිනි කුරුල්ලන් සේ…

    – ගිනි –
    ?????????????

  5. ෂා නියමයි මාධි හිතුවෙවත් නැති ලස්සන අවසානයක් දුන්න නේද ???…අන්තිම වෙනකම්ම හිතාගන්න බැරි වුනා මොනව වෙයිද කියලා ….මේක නම් පිස්සුවක් ගිනී ??????…අද ඉදන් කතාව ඉවරයි නේද හිතද්දි ගොඩක් දුකයි ….රතු තොල් යක්ෂනීටයි අර මිනීමරුවටයි කරපු වැඩේ නම් නියමයි…මේ වගේ ජරා මිනිස්සු ජීවත් වුනා කියලා කාටවත් වැඩක් නෑ ?????

    ගිනී ඉවර වුනාට තවත් ඔයාගෙ ලස්සනම කතාවක් අරං එන්න මාධි…අපි බලන් ඉන්නෝ ….මාධිටයි ඔයාගෙ ලස්සන කතා වලටයි කතා වල ඉනීන චරිත වලටයි ආදරෙයි පැලෙන්න ???????????????????????????????????????????????????????????????????

  6. නයෝ මධූ

    ගිනී කියන්නේ හිත හයිය කෙල්ලෙක්. ගොඩක් දේවල් දරාගන්න පුළුවන් වුනා එයාට. එයාට ආපු හැම කරදරේකදිම එයා එයාගේ ශේශ් හින්දම හරි හිත හයිය කරගෙන හිටියා. ආදරේට ඕනම දෙයක් දරාගැනීමේ හැකියාව තියෙනවා වෙන්න ඇති. ඒ අතින් ගිනී මාරම හයිය කෙල්ලෙක්.

    ශේශ් අන්තිම තප්පරෙත් ගිනීගේ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කළා නේද? අර යක්ෂනී එක්ක වුනත් හැප්පුනේ ආදරේ නිසානේ.

    හැමදාමත් ආසාවෙන් බලන් හිටපු කතාවක් නංගියෝ. දුකයි ඉවර වුනාට. අන්තිමට ඔයා ගිනීටයි ශේශ්ටයි සාධාරණයක් කරපු එකනම් වටිනවා. ආයෙත් කතාවක් අරන් ඉක්මනට එන්න. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

  7. නිෂා සශී ?

    ලස්සනයි නෙමේ මාධි අක්කි ඒක පට්ට හදවතට ගොඩක් දැනුනා ඒ දෛවයේ සරදම පිස්සු වගේ. ගිනීගෙ පිස්සු කෝලම් නයි කොල්ල අපේ ශේශ්ගෙ නපුරු ආදරේ එක්ක කතාව ගලාගෙන ගියේ ඒ චරිත් අපේ හදවතටම කාවද්දලා. ඉතින් මාධි අක්කියෝ ඔයා ගොඩක් වෙනස් කෙනෙක් ඒ නිසාමයි අපි ඔයාගෙන් හොයන්නෙ වෙනස්ම දේවල් තවත් ලස්සනම ලස්සන වෙනස් කතාවක් අරන් එන්න. දුකයි කිරිල්ලිට ඉගිලෙන්න දෙන්න කොච්චර ලඟ තියාගන්න හැදුවත් යන්න දෙන්නම වෙනවනෙ අපේ අනිත් යාලුවොත් එක්ක ගිනියි ශේශුයි සතුටින් ඉඳීයි. පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි අක්කියෝ. ???????❤️???❤️???❤️?????

    1. මාධවී ජයසිංහ

      බොහොම ස්තූතියි නංගි.. ඔන්න ඉතින් අලුත් කතාවක් අරන් එනවලු මං.. ??❤?? හැමදාම මාත් එඑක්කම ඉන්නකෝ ??

  8. සෙසඳි

    ගින්නෙන්ම ඉපදී…
    ගින්නෙන්ම දැවි දැවී..
    ගින්නෙන්ම මියැදුන..
    පුංචි ගිනි කිරිල්ලියේ….
    දුකක් නම් නෑ හිතේ
    සතුටක්මයි ඇත්තේ…
    ඔබේ මියැදුන ආත්මය
    ශේශ් නාගයගේ
    ජීවීතයේ පටන් ගැන්ම නිසා…
    ආදරේ කරන්න
    ඉස්සර වගේම..
    පිස්සුවෙන් වගේ…
    හපන්න, තුරුල් වෙන්න,
    කෑගහන්න , ඉඹින්න..
    අයිතිය ඉල්ලන්න
    අයිතිය පතුරන්න…
    ඉතිං ගිනි කිරිල්ලි …,
    සතුටින් සමුදෙන්නෙමි නුඹට
    සංචි , චුක්කි ඉඳී නුඹ එනතුරු බලාගෙන..
    ආදරෙයි ගිනි කිරිල්ලි.. ගොඩක්…

  9. උක්කූං පුතා(SuMi )

    පට්ට, එළකිරි, සුප්පා, ඔන්න මගේ භාෂාවෙන්ම කියල දැම්මා… ඇත්තටම අසනීපෙන් ඉන්නේ ඒත් අන්තිම කොටසට රිප්ලයි එකක් දැම්මේ නැති උනොත් කතා ලියන මම මේ කතාවට කරන අසාධාරණයක්…

    ඇත්තටම මට හිතුනා කතාව අවසානයේ මේ වගේ වේවි කියලා මොකද ගිනි කියන්නේ ශක්තිමත් කෙල්ලෙක් නිසා… මේ වගේ ශක්තිමත් කෙල්ලෝ අපේ දඟ සෙට් එකෙත් ඉන්නවා එක මං හදවතින්ම කියන්නේ… කතාව කියෙව්වා වගේම කතාවෙන් ගොඩක් දේවල් මං මගේ හදවතට ගත්තා… ඇත්තටම කතාවක් ලියන්න ඕනේ මේ වගේ තමයි සීනිබෝල කතා ලියන්න නැතුව… හදවතින්ම කතාව සුපිරියි හරිම සාර්ථකයි…❤️❤️???????????

    ඔයා ගොඩක් බිසී කෙනෙක් කියලා මං දන්නවා නංගියා ඒ හදවතින් එක දෙයක් ඉල්ලන්නම්.. ඔයාගේ පැන් කෙනෙක් විදියට… පුළුවන් වෙලාවට පොදුවේ හරි කොමෙන්ට් දාන ඔක්කොම වෙනුවෙන් පොදුවේ හරි කොමෙන්ට් එකක් දෙන්න.. ඒක අපි හැමෝන්ටම සතුටක් නං ගියා ඒක මං දැනගත්තේ මගේ කතාවට දාන්න රිප්ලයි වලින්…

    තවත් කතාවක් ඉක්මනටම ගේන්න බලාගෙන ඉන්නවා..හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට ජයෙන් ජය තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් බුදු සරණයි

    1. මාධවී ජයසිංහ

      අයියේ හැමෝටම රිප්ලයි නොකරන්නේ ඔයා කිව්ව හේතුව නිසාමයි.. පහුගිය කාලේ වැඩ ගොඩකට හිර වෙලා.. තාමත් එහෙමයි. හදිසියේ කාටහරි රිප්ලයි කරන්න බැරි වුණොත් ඉතින් තරහා වෙනවනේ මේ ලමයි ටික.. ඒත් ඔන්න අද හැමෝටම රිප්ලයි කරා..

      බොහොම ස්තූතියි අයියේ.. මේ වචන මට ලොකූ හයියක්.. ?❤?? ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

      1. උක්කූං පුතා(SuMi )

        මම ඒක අනිවාර්යෙන්ම දන්නවා මාධවී නංගියා ඒත් ඔයා දන්නවනේ දඟ සෙට් එක ගැන අපි වගේම එයාල හරි ආසයි රිප්ලයි කොමෙන්ට් එකට… හැමෝටම ඕන්නෑ පොදුවේ එකක් දැම්ම නං ඔක්කොම සතුටු වෙනවා

        ඔයාගේ කතාවලට comin නැතිවුනත් අවසාන කොටසට අනිවාර්යෙන්ම මං රිප්ලයි කරයි ඒ තැන කතාවටම excelent rate දෙනවා.. ඔයාට ජයෙන් ජය නං ගියා තෙරුවන් සරණයි සුභ පොසොන් මංගල්ලයක් වේවා

  10. harima lassana kathawak. kathawa hithatama wadhuna. akkata thawa thawath me wage katha liyanna shakthiya dhayraya labewa kiyala prarthana karanawa.

    1. මාධවී ජයසිංහ

      බොහොම ස්තූතියි පැට්ටෝ.. ඔයා කතාවක් දැම්මා නේද.. මං කියෙව්වා.. ඒත් කතාවේ වචන ප්‍රමාණය අඩුයි නංගා.. කොටසක් තව දිගට ලියමු.. පුලුවන් නම් පොඩි එඩිට් එකක් දාමු.. ආදරෙයි පැලෙන්න ?❤❤️❤? ඉක්මනටම කතාව දාමු ???

  11. දුකයි අක්කි කතාව ඉවර උනාට.හරිම ලස්සනයි. අපි බලන් ඉන්නවා තවත් ලස්සන කතාවක් අරන් එනකන් ?????

    1. මාධවී ජයසිංහ

      හාකෝ..ඉක්මනටම එනවා.. ?❤?❤ ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

  12. ගිනීගෙ ගින්දර නිමුවට thanks ??? මන් හරි ආදරෙයි මේ ගිනි කිරිල්ලිට….මේ වගේ තවත් සුපිරි කතාවක් අරන් ආයිත් එන්න..බුදු සරනයි??

    1. මාධවී ජයසිංහ

      බොහොම ස්තූතියි පැට්ටෝ ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

  13. අනේ කතාව ඉවරයි නේද.මම නම් කලින්ම කියෙව්වා ඉතින් කතාව .දෙවෙනිපාරට තමා ආය කියෙව්වේ.??????

    ගිනී නම් සුපිරි කෙල්ල.අවසානයට පට්ටම ආසයි.ඔයාගෙ කතා වල නංගියා මේ වෙඩි තියාගන්න සීන් නම් නියෙමෙටම දෙනවා.ෆිල්ම් එකක් වගේ.ඔයාගෙ කතාවල ඉන්න කෙල්ලො හරිම ශක්තිමත් ඒක නම් ශෝයි .තව කතාව ක් අරන් ඉක්මනින් එන්න නංගියෝ.

    පරිස්සමෙන් සතුටින් ඉන්න
    ජේසු පිහිටයි !!!!!!!

    කිරිල්ලි නුඹ මගෙ හදවතම ගිනි තැබූ
    මගෙ තුරුලෙම ඉදින් නොයන් පියඹා
    උමතුවෙන් මට ආදරේ කෙරූ
    උබයි මගෙ පන උමතුවූ ගිනි කිරිල්ලියේ …

    ? ???????????????????❤️❤️❤️❤️????

    1. මාධවී ජයසිංහ

      අන්තිම කවිය.. හරිම ආදරණීයයි ? බොහොම ස්තූතියි පැට්ටෝ.. කෙල්ලෝ වුණාම කොහොමත් ශක්තිමත් වෙන්න එපැයි.. ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

  14. Madhi akki pana kathawa iwarai neda? Hithata waduna kathawak akkiyo meka. Adarei ginita hamadama. Gini nm umatuwakma thamai akkiyo. Gini nisa apith umathu wela hamadama.

    Thawa kathawak aran ikmanta enna akkiyo. Oyage hama wadakma sarthaka wenna kiyala prarthana karanawa. Budu saranai parissamin sathutin inna hamoma

    1. මාධවී ජයසිංහ

      ?❤?❤?❤? බොහොම ස්තූතියි පැට්ටෝ.. ආදරෙයි පැලෙන්න ?❤❤️❤? අලුත් කතාවකුත් ඕනිද අනේ.. ????

  15. හිතෙෂි මෙත්දරා

    Madi akki umma hodeee shehwai giniwai ekathu kalane. Eth dukai kathawa iwara una ekata. Gini harima murandu wela. Sheshge adare nisama wanna athi. Godak lassanai mage akki kathawa. Parissamin inna. Budu saranai

    Aaa aluth kathawa ikmanata oni hode

    1. මාධවී ජයසිංහ

      තැන්ක් යූ හිතෙශි.. ? ම්ම්ම් ළඟදිම ගේන්නම්කෝ අලුත් කතාවක්.. ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

  16. මන් ඉතින් ගිනී කියෙව්වෙ දෙවනි පාරට නම් නෙමේ දහ වෙනි පාරට.. ගිනි කිරිල්ලි කට පාඩම් මට කලු කෙස් ලෙක්චර් ලේට් කමර් දෙන්නා වගේම. දන්නවද අක්කියෝ මන් අක්කිගෙ කතා කියවන්න හරිම ආසයි.. අක්කිගෙ කතාවල ආදරය දුක ත්‍රාසය භීතිය අතහැරීම කදුල ඉවසීම විරහව ශක්තිමත්භව වගේම හැමකෙනාටම ලොකු පණිවිඩයකුත් ලැබෙන විදිහට අක්කි කතාව ලියන නිසා. ඒ වගේම එක කොටසක් කියවලා අනිත් කොටස කියවනකම් අපිව නොයිවසිලිමත් කරන්න කතාවත් එක්ක දිගටම අපිව රදවගන්න කුතුහලය උපරිමෙන්ම දනවනවා.. අන්න ඒ කුතුහලයට තමයි මන් ගොඩක්ම කැමති.. කතාවක කුතුහලය කියන්නෙ ඒක ඒ කතාවට අමුතුම ලස්සනක් එකතු කරනවා. ඒ දේ කරන්නත් හැමෝටම බෑ.. ගොඩක් දක්ෂ කෙනෙකුට විතරයි ඒ හැකියාව තියෙන්නෙ.. මගෙ අහිංසක නපුරු අක්කි ඉතින් කෝමත් දක්ෂයි නේ…

    ශේෂ් ගිනී ආදර කතාව ටිකක් අමුතු විදිහෙ ආදරනීය Beautiful (ලස්සන විතරනි තහනන් වචනේ.. ?) කතාවක්.. හැබැයි ඔයා ගිනීට දුක් දුන්නා හොදටම වැඩී හොදේ.. ඒත් කෙල්ලෙක් ශක්තිමත් වෙන්නෙ ජීවිතේට කරදර දුක ප්‍රශ්න වැඩි වෙන තරමටම තමයි ඒ හැබැයි හිත හයිය කෙල්ලො විතරයි හැමදේටම හොටු පෙරන් අඩන වැලපෙන ජීවිතේම කලකිරව ගන්න ගොන් ගස් වලට නම් ඒම ශක්තිමත් වෙන්න බෑ ඉතින්.. මොනා උනත් ඒ ආදරේ ඒ අවසානෙ නම් ඉතින් සුපිරිම සුපිරි…

    අනේ මගෙ කිරි සුදු අම්මනන් කැටේනෙ අක්කි මැණික මාධි උයා… කලු කෙස් ලෙක්චර් එක්ක ලේට් කමර්ව එක්ක ඉන්නකෝ….. අනේ…………………………………….. ප්ලීස්…………. අක්කියෝ… හාද…. හා නේ.. හොද අක්කියනේ… ඒ දෙන්නා ගෙනාවොත් මන් අක්කිට දෙනෝ ලොකුම ලොකූ………………………………………………………………………………………………………………………………………………………………………………………………………. ම්………………………………………………………………………………….. කතාව ගෙනාවමම කියන්නන් හානේ… සුභ පතනවා අක්කියෝ ඔයාට… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… දළදා සමිදු පිහිටයි… බුදුසරණයි…!!!!

    1. මාධවී ජයසිංහ

      අම්මෝ දුල්.. ඒ කමෙන්ට් එකේ දිග.. තෙලි තුඩට පෙම් බඳිමි.. ? ඒකනේ ඉල්ලන්නේ.. ම්ම්ම්ම් අපි බලමුකෝ.. බොහොම ස්තූතියි පැට්ටෝ හැමදාම මාත් එක්ක ඉන්නවට.. ඔයාලගේ මේ වචනයක් වචනයක් ගාණේ මට ගේන්නේ ලොකු හයියක්.. ❤ ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

  17. මාධවී ජයසිංහ

    කොහොමද යාලුවනේ..
    අතිශය කාර්‍යබහුල සති ගාණකට පස්සෙ ඔන්න ආවා ඔයාලා බලන්න.. ම්ම්ම්ම්ම් අලුත් කතාවක් ඕනද එපාද කියලා කල්පනා කරන ගමන්.. ?

  18. උමතුවක් වි ඔබ
    මගෙ හද ස්පර්ශ කර
    ඇසට කදුලක් දී
    අද ඔබ ඉගිලුනා
    පිස්සු ගිනිට
    නපුරු ශෙශ්ට
    සමුදෙන්න
    අවසරය්

  19. ලස්සස කතාවක්න අක්කි මන් අාසාවෙන් කියෙව්වා .අද තමයි comment එකක් දාන්නන මaccount එකක් හැදූවේ . අගය කරන්නෙ නැතුව යන්න හිත දුන්නේ නෑ??????

  20. නිරෝෂා ලක්මාලි

    ඔන්න දෙවැනි වතාවටත් කතාව කියවලා ඉවර කරා. ලස්සනයි කියන්නේ නෑ ඔන්න අති විශිෂ්ඨයි. නැත්තම් ඉතින් කතාව මෙහෙම දෙපාරක් කියවයිද නේද. අම්මෝ අවසානය ගැන ඉතින් මාරම සතුටුයි. වෙන්න ඕන දේ නියමෙටම වුණා. ශේශ් ගිනී ආදරය ඉතින් සුපිරියි.

    තෙරුවන් සරණයි !

  21. ඇත්තටම ගොඩාක් ලස්සනයි අක්කෙ ඔයාගේ කතාව ඔයා තවත් අලුත් කතා ගොඩාක් ලීයන්න අක්කේ …..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.