Katha Ahura

? සමනල පියාපත් ? 80 වෙනි පියාපත්

5/5 - (1 vote)

80 කොටස

” එයා ඇස් අරිනවා ………. ”

කන ළගින්ම වගේ ඇහුනෙ හීන් ගෑණු කටහඩක්. ගම් එකකින් අලවලා වගේ තදට පියවිලා තිබ්බ ඇස් මම හෙමීට ඇරියෙ බොහොම අමාරුවෙන්.

මගෙ ඉස්සරහම හිටගෙන හිටියෙ තරුණ නර්ස් කෙනෙක්කුයි මැදිවියේ ඩොක්ටර් කෙනෙකුයි.

” මිස් ෂානි …….. කොහොමද දැන් ඔයාට ”

ඩොක්ටර් මට ළං වෙලා අහද්දි මං ඇස් දෙක කරකවලා වටපිටාව බැලුවා. පෙනුමෙන් නම් ප්‍රයිවට් හොස්පිට්ල් එකක් වගේ.

” ආහ් …. ”

මම අත එහාට මෙහාට කරන්න ගියාම මගෙ අතින් දැනුනෙ ලොකු වේදනාවක්. දෙයියනේ මම තාමත් ජීවතුන් අතරද. මම ආයෙමත් ඩොක්ටර් දිහා බැලුවෙ අසරණ බැල්මකින්.

” මිස් ෂානි …… දන්නවද ඔයා දවස් තුනක් සිහිය නැතුව හිටියා…. ”

ඩොක්ටර් කිව්වෙ නලලත් රැලි කරගෙන.

” දවස් තුනක් …… ”

” හ්ම්ම් ඔව් … දවස් තුනක් …. ඔයා කොහොමත් වයසට වඩා පොඩි දරුවෙක්. ඒ හින්දම ඇග ටිකක් දුර්වලයි. ඔයා කරගන්න ගිය අනතුරෙන් ඔයාගෙ ඇගේ ලේ සෑහෙන්න ප්‍රමාණයක් පිටට ගිහින් තියෙනවා …හොද වෙලාවට මිස්ටර් චතුර එතනට ගිහින් තියෙන්නේ …..එයාම තමයි ඔයාට ලේ දුන්නෙත් …..”

ඩොක්ටර් කියද්දි කාමරේ කොනක හිටගෙන හිටිය චතුර අයියා ඇද ළගට ආවෙ බිම බලාගෙන.
ඒත් මම එයා එනවා දැකලා අහක බලාගත්තා. මගේ ලේ වලට එයාගෙ ලේ එකතු උනා කියද්දිත් මට දැනුනෙ පුදුම කේන්තියක්.

” ඩොක්ටර් …. දැන් ෂානිට ප්‍රශ්නයක් නෑ නේද ”

චතුර අයියා ඩොක්ටර්ගෙන් ඇහුවා.

” නෑ … දැන් නම් ප්‍රශ්නයක් නෑ … එයාව හොදට බලාගන්න …….. ”

ඩොක්ටර් එහෙම කිව්වෙ මගෙ දිහාත් බලලා. ඊට පස්සෙ එයා නර්ස් එක්ක කාමරෙන් එළියට ගියේ චතුර අයියවයි මාවයි කාමරේ ඇතුලෙ තනිකරලා.

” ෂානි … මුරණ්ඩු වැඩ කරන්න එපා .. ඔයා ඔය සෙල්ලන් කරන්නෙ ඔයාගෙ ජීවිතෙත් එක්ක ……….. ”

චතුර අයියා එහෙම කියලා එහායින් තිබ්බ පුටුවක් ඇදන් ඇද ළගින්ම වාඩි උනා. මම මුකුත්ම නොකියා බිම බලාගෙන හිටියා.

” ෂානි .. ඔයාගෙ කේන්තිය යනකන් මට බනින්න මැණික … ඒත් ඔයාට මුකුත්ම කරගන්න එපා …. ඊට වඩා හොදයි ඔයා මාව මරලා දානවනම් ……..මං .. මං දන්නවා මගෙ අතින් ලොකු වැරැද්දක් උනේ කියලා … ඒත් ඒ හැමදේම කලේ ඔයාට මං ආදරේ නිසා ……… ”

චතුර අයියා කිව්වා.

ටික වෙලාවක් එයා දිහා බලාගෙන ඉදලා මම කතා කරන්න පටන් ගත්තා.

” එදා මං කොච්චර ආසාවෙන්ද මාළිගාවට යන්න හිටියෙ … ඒත් මට සිද්ද උනේ අර පාලු මූසල ගෙදර හිරකාරයක් වෙන්න ..ඊට පස්සෙ මට වෙඩිත් වැදුනා.. ..මේ හැමදේම කලේ ඔයා කියලා මං දැනගත්තෙ මාව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා සිහියත් ආවට පස්සේ ….. කොළඹින් තමුසෙ මාව නුවර එක්කන් ආවා … ඊට අස්සෙයි මං එතනින් පැනලා ගියේ ”

මං කිව්වෙ චතුර අයියගෙ මූණ දිහා බලාගෙන.

” ඊට පස්සෙ මොකද උනේ.. කොහොමද ඔයා වෙද ගෙදරට ගියේ ”

චතුර අයියා ඇහුවෙ ඇස් දෙක නලලෙ තියන්.

මම කට කොනකින් හිනා වෙලා චතුර අයියා දිහා බැලුවා.

” හොස්පිට්ල් එකෙන් පැනලා මට ඕනි උනේ ගෙදර එන්න ……ඒ උනාට මගේ ජීවිතෙත් තියෙන්නෙ පුදුම කරුමක්කාරකමක් … මම සෑහෙන දුරක් පයින් ආවා … ඒත් හදිසියෙම මම පාර පනින්නද කොහෙද ගිහින් ඇක්සිඩන්ට් උනා .. එතනින් එහාට තමයි මට මතකෙත් නැති උනේ ………. ”

මං එහෙම කියලා බිම බලාගත්තා.

” ෂානි මේ අහන්න …… ”

චතුර අයියා මගෙ අතක් අල්ලගනිද්දි මම ඒක ඇදලා ගත්තෙ කේන්තියෙන්.

” මට ඔයා කියන කිසි දෙයක් අහන්න ඕනි නෑ ”

” ඒක මම දන්නවා මැණිකේ ……. ඒත් මමත් ඔයාට ආදරෙයි …..”

චතුර අයියා එහෙම කියලා ඇද උඩින් ඔලුව තියාගත්තා.මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා.

” ආදරේදි මිනිස්සු පිස්සු වැටෙනවා ෂානි .. මමත් එහෙමයි ….මට ඕනි උනේ ඔයා මගේම වෙනවා දකින්න …. හැමදාටම මගේ විතරක් වෙනවා දකින්න …. එහෙම නැතුව ඔයාගෙ ජීවිතේ විනාස කරන්න මට ඕනෙ උනේ නෑ …. මට රවීන්ගෙ ජීවිතේ විනාස කරන්න ඕනෙ උනෙත් නෑ .. මම ආදරෙන් පිස්සු වැටිලා හිටියෙ …… ”

චතුර අයියා ඇදට ඔලුව තියාගෙන කියෙව්වෙ පිස්සුවෙන් වගේ. එයා ගැස්සෙන විදිහට එයා අඩනවා කියලා මට හිතාගන්න පුලුවන් උනා.
ඒත් මම මොනවත් ම කියන්න ගියේ නෑ. මොකද මට එයාට දෙන්න සමාවක් නැති නිසා.

” මට ඕනෙ උනේ ඔයාව … ඔයාව …. ඔයාව විතරයි … මට සමාවෙලා මගේම වෙන්න මැණිකෙ … ”

චතුර අයියා කිව්වා.

” මට චපල වෙන්න බෑ … මං ආදරේ මගෙ සුදු මහත්තයට .. ඒ ඇර මට වෙන කෙනෙක් බදින්න බෑ ….. මං දැනටමත් කරගෙන තියෙන පව් හොදටම ඇති ”

මම කියද්දි චතුර අයියා ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.

” නෑහ් ….. මං බදින්නෙ ඔයාව … රත්තරන් .. මං ඔයාව බදිනවා …. ඊට වඩා හොදයි මමත් මැරෙනවා … .”

චතුර අයියා එහෙම කියලා එතනින් නැගිටලා කාමරෙන් එලියට ගියා.

ඇත්තටම මට චතුර අයියා ගැන පුංචිමවත් අනුකම්පාවක් දැනුනෙ නෑ. ඒ වෙනුවට මම කල්පනා කලේ රවීන් අයියා ගැන.

අතේ ගහලා තිබ්බ කැනියුලා එක දිහා බලාගෙන මම කල්පනා කලා.මං හොස්පිට්ල් ඉන්නෙ කියලා අපෙ අම්මලවත් දන්නෙ නැතුව ඇති. ඇත්තටම චතුර අයියා මහ පුදුම මිනිහෙක්. එයාට ඕන මට වෙන කාගෙවත් හුළගක්වත් නොවැදි තියාගන්න.

එක්කො මේක මගේ කරුමෙ වෙන්න ඇති. මට මැරෙන්න ඕනෙ උනත් මැරෙන්නෙවත් නෑ.

ඇස් වලට උනපු කදුලු වලින් මගෙ ඇස් දෙක බොදවෙලා ගියා.
ඒවට කම්මුල් දිගේ ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා මම ඇස් පියාගත්තෙ මෙතනින් එහාට ජීවිතේ වෙන ඕනෙම දෙයක් භාරගන්න හිත හදාගෙන.

____________________________________

” බලන්නකෝ කෙල්ලගෙ ලස්සන … චුට්ටක් හිනාවෙන්න බලන්න …… ”

එහෙම කිව්වෙ මාව අන්දන අක්කා.

හොස්පිට්ල් එකේ ඉදන් ඇවිල්ලා මට සතියක්වත් නිදහසේ ඉන්න චතුර අයියා ඉඩක් දුන්නෙ නෑ . එයාට ඕනෙ උනේ මාව බදින්න.
හිත ඇතුලෙ ඒ මනුස්සයා එක්ක කැකෑරෙන වෛරෙකුත් තියාගෙන කොහොම නම් මේ මිනිහව බදින්නද කියලා මම තනි හිතට හිතුවා.

බැන්දත් මේ මිනිහට මාව පන පිටින් දකින්න ලැබෙන්නෙ පැය කීපයයි. කවදාවත් මේ වගේ ආත්මාර්ථකාමී මනුස්සයෙක් අතින් මගෙ ජීවිතේ කිලුටු කරගන්න මම ඉඩක් තියන්නෙ නෑ. ඊට වඩා මගෙ අතින්ම මගෙ ජීවිතේ නැති කරගන්න එක මට නම්බුයි.

මම එහෙම හිතාගෙන තමයි කෙල්ලෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස , ඒත් මගේ ජීවිතේ අවාසනාවන්තම දවසට ලෑස්ති උනේ.

සුදු පාට නෙට් ඔසරියට මම හැඩට පෙනුනත් රෝද පුටුවෙ ඉන්න මේ කාලකන්නි කෙල්ලගෙ මොන සිරියාවක්ද කියලා මට හිතුනා.

” කෝ …..ඩිංගක් හිනාවෙන්න ”

සැලූන් එකේ අක්කා මගෙ මූණෙ එක එක පැත්තට හරව හරව මේකප් කරනගමන් කිව්වා. කොණ්ඩෙ ලස්සනට පිටි පස්සට කරලා බැදලා තිබ්බෙ උඩරට මැණිකෙ කෙනෙක්ගෙ වගේ.

කොණ්ඩෙ වටේටම ගහලා තිබ්බෙ ලස්සන සුදු පාට චූටි මල් පොකුරු . ඉර හද , තැලි එක්ක මාල හත දාලා හිටිය මම ඇත්තටම අද නම් උඩරට මැණිකෙ කෙනෙක් වගේ කියලා මටත් හිතුනා.

ඒත් අද මං මේ යන්නෙ මගෙ මංගල්ලෙට නෙවෙයි මගේ අවමගුලට කියලා හිත සැරින් සැරේට මතක් කරලා දුන්නා.

” මේකත් ගන්නකෝ ”

ලස්සන සුදු පාට මානෙල් මල් මිටියක් එකට බැදලා තියලා ගැට ගහපු මල් පොකුරක් සැලුන් එකේ අක්කා මගෙ අතින් තිබ්බා. ඇත්තටම ලොකූ මල් බොකීස් වලට මම කොහොමත් ආස උනේ නෑ.

සුදු පාට මානෙල් මල් පොකුර දැක්කම මගෙ හිතට පුංචි සතුටක් දැනුනා. ඒත් …. මේක හිද හදාගෙන යන්න පුලුවන් ගමනක් නෙවෙයි ෂානි. මගෙ හිත ආයෙමත් කිව්වා.

” අක්කේ ………. ”

මගේ ඔසරියට සමාන ලා රෝස පාට ඔසරියක් ඇදගෙන කාමරේට ආවෙ අපෙ නංගි. එයාගෙ මූණෙ නම් තිබ්බෙ හරි අමුතුම පෙනුමක්.

මට නම් ඒ බැල්ම තේරුන් ගන්න පුලුවන් උනා. නංගි තාමත් ඉන්නෙ මං එක්ක කේන්තියෙන් කියලා මට තේරුනා. නංගිගෙ පස්සෙන් ආවෙ නයෝමදූ ,,, එයත් නංගිගෙ වගේම ඔසරියක් ඇදගෙන ඇවිත් තිබ්බා.

” කෙල්ල … අපි මොන දේ කලත් අන්තිමට වෙන්නෙ වෙන්න තියෙන දේ … හිත හදාගෙන මේ ඉරණම් ගමන යන්න මැණික ”

නයෝමදූ එහෙම කිව්වෙ මගේ උරහිස් දෙකෙන් අල්ලලා.

නංගි මගෙ ඔඩොක්කුවෙ තිබ්බ මල් පොකුර ගනිද්දි නයෝමදූ මගේ රෝද පුටුවත් තල්ලු කරගෙන කාමරෙන් එලියට් ගියා.

අපි හිටියෙ හොටෙල් එකේම වම් පැත්තට වෙන්න තිබ්බ රූම් එකක. ඊළගට අපිට යන්න තිබ්බෙ හොටෙල් එකේ ප්‍රදාන ශාලාවට.

නයෝමදුයි නංගියි එක එක දේවල් කියව කියව ගියත් ඒ කිසිම දේකට මගේ හිත යොමු උනේ නෑ. මගේ පපුව වේගෙන් ගැහි ගැහි තිබ්බේ. හදවතේ තිබුණ වේදනාව මම හිරකරගෙන හිටියෙ සෑහෙන්න අමාරුවෙන් .

ලස්සනට සරසලා තිබ්බ උත්සව ශාලාවට අපි ඇතුල් උනේ පිටිපස්සට වෙන්න තිබ්බ දොරකින්.
ඒ වෙනකොටත් හැමෝම ලෑස්ති වෙලා හිටියෙ රෙජිස්ට්‍රේෂන් එකට. අපේ අම්මා තාත්තා , චතුර අයියගෙ අම්මා තාත්තා .. අපේ පැත්තෙ නෑයෝ …හුග දෙනෙක් හෝල් එකේ හිටියා.

මම ආවෙ බිම බලාගෙන. නයෝමදූ මාව රෙජිස්ට්‍රේෂන් එක කරන්න ලෑස්ති කරලා තිබ්බ ටේබල් එක ගාවට අරන් ගියා. මගෙ එහා පැත්තෙන්ම හිටගෙන හිටියෙ මගෙ ඔසරියෙ කලර් එකට ගැලපෙන්න නැෂනල් එක ඇදගෙන හිටිය චතුර අයියා .

මට කෑගහලා අඩන්න හිතුනා. අනේ දැන් මාව මැරිලා යනවනම් කොච්චර දෙයක්ද කියලා මට හිතුනා.

හිත කීරි ගැහිලා ගිහින් තිබ්බෙ මගේ. තවත් රිදෙන්න තරම් දෙයක් මගෙ හදවතේ ඉතුරු වෙලා තිබුනෙ නෑ. මම හිටියෙ භාගෙට මැරුන කෙනෙක් ගානට.

” එහෙනම් අපි පටන් ගමු. වෙලාව හරි .. ”

රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඇවිත් හිටිය මිස් කිව්වෙ මගෙයි චතුර අයියගෙයි මූණ දිහා පිළිවෙලට බලලා.

චතුර අයියා නම් ඔලුව වැනුවෙ මූණ පුරා හිනාවෙලා.

” හරි එහෙනම් මුලින්ම මනමාල මහත්තයා මේ වාක්‍ය මං කියනකොට කියන්න ”

රෙජිස්‍ටාර් මිස් කියද්දි චතුර අයියා ඔලුව වැනුවා.

” හේරත් මුදියන්සේලාගේ ……….

අවසානයට පෙර කොටසින් හමුවෙමු
????????????????????
එහෙනම් ෂානි කෙල්ල චතුර අයියව බැන්දා ?????? ගෑණුන් ලෝකේ ස්තිර නෑ චපලයි කුහකයි කියන්නෙ නිකමටද ඈ …. ??? කොහොම හරි පන දාගෙන ආදරේ කල රවීන් කොල්ලට බූට තියලා කෙල්ල කරකාරෙක ගියා……………………………………………..එහෙම කියලා ඔයාලා කලබල වෙන්න එපා ???? තව කොටසක් තියෙනවා … බලාගෙන ඉන්නකෝ ????❤❤❤❤❤❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️ click කරන්න

මම ඩී.සුමිත්

303 thoughts on “? සමනල පියාපත් ? 80 වෙනි පියාපත්”

    1. සෙව්මි

      ලොකු අයියේ සමාවෙන්න කතාව නම් කියවන්න වෙන්නෙ නෑ වැඩ ගොඩයි. පොඩි කමෙන්ට් එකක් දාලා යන්න කියලා ආවෙ.. ඒත් කව්රුත් ඇවිත් නෑ .. අන්තිම කොටසට අනිවාර්යයෙන්ම දිග කමෙන්ට් එකක් දාන්නම්. මං යනෝ.. හැමෝම පරිස්සමෙන් ඉන්න. ??????????????????????

    2. දේවාෂි

      Congratulations සෙව් බබෝ… යන්න යන්න පාඩම් කරන්න… වැඩ ටික හොඳට කරන්න මැණික … කාල බීලා පරිස්සමින් සතුටින් ඉන්න හොදද…❤❤?

  1. ? එරන්දි ?

    හවස එන්නම් අයියේ කමෙන්ට් එකක් දාන්න.බුදු සරණයි ඔයාට අම්මෝ ඔයා වැඩනේ ඉතින්.පරිස්සමින් හොදේ…??????

      1. ? මහිංසා ?

        එරන්දි මගේ නංගා …ගොඩක් පින් මැණික ආශිර්වාදය ප්‍රාර්ථනා කලාට ….?????

    1. ?නොහදුනන්නී ?

      අනේ සුදු මහත්තයෝ ඉන්න තැනකින් ඉක්මන්ට වරෙන් මගෙ රත්තරනේ
      මට බෑ වෙන එකෙක්ගෙ වෙන්න තියා හිතන්නවත්
      හිතන්නවත්
      මේ හිත පිස්සුවෙන් ආදරේ කරන්නෙ උබට උබ නම් පිස්සුවක් තමා මහත්තයෝ මගේ හිතම හොල්මන් කරන
      දෙයියනේ කොහොමද රත්තරනේ මන් මෙච්චර වේදනාවක් දරා ගන්නෙ බෑ තවත් මට විදවන්න
      සත්තකින්ම මැරෙන්නම් මම උබ නැත්නම්
      බෑ මට බොරුකාරයෙක්ගෙ පතිනිය වෙන්න
      හැමදාම ප්‍රාර්ථනා කලේ උබේම පතිනිය වෙන්න උබ නැත්නම් මැරෙන එක,සැපයි මට මහත්තයෝ මේ බොරුකාරයො එක්ක ජීවත් වෙනවට වඩා
      බලන් ඉන්නම් මන් අන්තිම,මොහොතෙවත් උබ එයි කියල රත්තරනේ
      නැත්නම් මියදෙන්නම් මන් මතු ආත්මෙකවත් උබේම වෙන්න පතලා
      උබ,නැතිව ජීවිතයක් මට නෑ මහත්තයෝ ….

      1. දේවාෂි

        තව දුක හිතුනා… ලස්සනයි මගේ චූටි අක්කියෝ…❤❤❤?
        දැන් මගේ අක්කියාට කොහොමද ….. බෙහෙත් බිව්වද … බොන්න හොදද මතක් කරලා….???❤
        පරිස්සමින් සතුටින් ඉන්න මැණික ??❤

      2. හරිම දුකයි අක්කි… ඒ වචන.. හිතට දැනෙනවා මාර විදියට.. අක්කිගේ නිසදැස් මාරම ලස්සනයි අක්කි… පරෙස්සමින් ඉන්න ???

          1. ?නොහදුනන්නී ?

            හැමෝටම ගොඩක් ස්තූතියි ..අද එක එක්කෙනාට තෑන්ක්ස් කරන්න බෑ….මන් හෙට එන්නම්…..හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න !!!☸️????ආදරෙයි හැමෝටම …

          2. ? මහිංසා ?

            ඔයාට දැන් හොඳයි ද ….ඉක්මනින්ම සනීප වෙලා එන්න …?????????

      3. ❤කවී❤

        දුක හිතුනා රත්තරනේ ඒකට නම් ඒක මරු මගෙ අක්කි මැණික

          1. කදුලු පිරිලා දුකට
            ඇස් වල
            දැකලා කවි සිතුවම්?

            Lassanai akki babo duka hithuna ekata nm godak

    1. හෝ හෝ…. දැක්කනේ ෂානි මැරෙන් නැ.. ෂානිට තියෙන්⁣නේ බළල් පණක්ද කොහෙද… ?? මං හිතුවා ගල් මූසලයා බේර ගනි කියලා…ගල් මූසලයා වුනත් මොකෝ ෂානි බේරෙනවනම්… දුකකට තියෙන්නේ චතුරයාගේ ලේ ෂානිගේ ඇගේ දුවන එකට.. එක අතකින් හොදයි… එහෙම හරි ෂානි බේරුනේ රවීන් අයියාටම අයිති වෙන්න තමයි…?

      නංගිගෙයි නයෝ මධූගෙයි වෙනසක් තිබ්බා… දෙන්නම මොනවා හරි දෙයක් හිතේ තියාගෙන හංගගෙන ඉන්නවා වගේ…? පව් ෂානි කොච්චර දුකක් ඇද්ද… එයා එයාගේ සුදු මහත්තයාට සලකපු විදියට… ?

      මට නිකමට හිතෙනවා අර වෙඩින් එකෙදි.. අර වාක්‍ය චතුර වෙනුවට රවීන් අයියා කියයි කියලා… එහෙම වුනොත් නම් මරු..? අර “සුවද දැනුනා ජීවිතේ” ෆිල්ම් එකේ වගේ වුනොත් නම් හොදයි…? එහෙම වුනොත් මං චතුරයා එක්ක තියෙන ඔක්කෝම තරහ මරහ අමතක කරලා චතුරයාට දිගගගගගගගගගග උම්මියක් දෙනවා.. ??

      හෙටයි අනිද්දායි කතාවේ යන්නේ වෙඩින් එක.. ඊට පස්සේ දවසේ පැණි හද ?????… ආන්න එතකොට ඔය චූටි බට්ටෝ ටික නාවට කමක් නැ… ?… එතකොට යන්නේ 83,84 නේ… මං නෙවේ කියන්නේ අපේ ලොක්කයියා තමා.. ??

      කතාව සුපිරි අයියේ… ඉවර වෙන්න ලගයිනේ ඉතින්… හෙට වෙනකල් දැන් ඉතින් බලන් ඉන්නේ… මට නම් හිතෙන්නේ ම හෙට රවීන් අයියා වෙඩිමට එනවා කියලා… ගේනවා නේද අයියේ.. ???

      කොහොමද අයියේ.. ඔයා සනීපෙන් නේද… ගෙදර වැඩ කරලා මහන්සි වෙලා රිප්ලයි කරන්න ඕන නැ හලිද අයියේ… පරෙස්සමින් ඉන්න..
      තෙරුවන් සරණයි !…
      ?????

      ???????????

      ඉන්නේ කොතැන ද
      ඉන්නේ කොහොම ද
      මා ගැන කෙලෙස ද
      නොසොයන්නේ…

      සමාව දෙනව ද
      ඔබ මගහැරියට
      මතක නොමැති
      වී සිටි කාලේ…

      පසුතැවී කුමට ද
      ඔබව සිහි වෙලා
      එනවා ඔබව මං
      සොයාගෙන…

      ඉන්නව ද ඔබ
      මා එනතුරු යලි
      පියාඹලා මං
      හොර රහසේ…

      නොයෙන ගමන් ගිය
      ඔබව සොයාගෙන
      නොයෙන ගමන් මං
      හනිකට එනවා…

      ~ සුදු නොනගෙන් සුදු මහත්තයාට ~

      ???????????

        1. තැන්කිව් මගේ මහී අක්කි… අක්කි සනීපෙන් ඉන්නවා නේද.. ???

  2. දේවාෂි

    අනේ… මට දුකයි….?????
    මම යනෝ නිල්වලා ගගට පනින්න….? ඔයා නම් මාරම කූරයි ලොකූ…. හ්හ්හ්හ්…. අම්මපා ලස්සනට ඉන්න අහිංසක කපල් එකක් පේන්න බැහැ නේ… ??? හුම්… ඇස් දෙක වහන් හිටියා නම් ඉවරයි නේ…. ? කමක් නැහැ ඔයා ඔහොම කරලා සතුටින් ඉන්නකෝ…
    චතුර……….??? තෝව හම්බවුනොත් නම් අම්මපා…. මැරෙන්න ගහනවා මම…. දන්නේ නැහැ මගේ හැටි….???
    හ්හ්…. ආදරේ …. යකො මේ මූකලන් බස්සා…. ගල් මූසලයා…. කටින්ද කියන්නේ ආදරෙයි කියලා….??? මේක යාකාගෙ ආදරයක් නේ…? මම ශානි උනා නම් මෙතන අත කපාගන්න එක පැත්තකින් තියලා අරුගේ බෙල්ල කපනව ? කපන්න වගේ……⚔️ යකෝ අඩුගානේ දතක්වත් යැව්වේ නැහැ නේ බඩට….? අම්මපා ඕකට නම් හොඳක් වෙන්නේ නැහැ ….. ඌ මෙතන කරන්න තියෙන ඔක්කොම කරල දැන් මෙතන එනෝ මුකුත් කරේ නැහැ වගේ ඉන්න….? එතකොට මෙච්චර දේවල් කරේ මුගේ හොල්මනද….???
    ශානි ව බදින්න දෙන්න බැහැ බැහැ බෑමයි….. එහෙම කරොත් නම් මම ඇවිල්ලා අර චතුර කියන උරුලෑවාටයි ඕකට එන කාටත් පැණි බේරෙන්න ගහනව…..?????
    අනික කොහෙද අර රවී කියන එකා චුත වෙලා ඉන්නේ… මූත් ඕන වෙලාවට නැහැ … පුලුවන් නම් වරෙන්කො මුන් දෙන්නා පැණි හදේ ගියාටත් පස්සේ…. ගොන් වස්සා…. ??

    අනේ කතාව නම් ලස්සනයි අයියේ …. ඒ උනාට මට දැන් ? එකක් උනත් පොලවේ ගහන්න තරම් තරහ ගිහින් තියෙන්නේ….?….
    බුදු සරණයි දළදා සමිදු පිහිටයි අයියේ …. වෙලාවට බෙහෙත් බීලා පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ??❤

      1. දේවාෂි

        ඒකනේ බන් කියන්නේ… මගේ තරහ දැන් උච්චතම අවස්තාවේ තියෙන්නේ…???
        ටැංකූ වේවා මැණික …..?? මම ඕක බොන්නම්…?❤

        1. ??කෞෂි??

          දෙව් අක්කි ගොඩක් දවසකින්…අම්මෝ අක්කි මෙච්චරම සැරයිද….. කේන්ති නිවාගන්න මැණික …. ඉක්මනට වයසට යයි නැත්තම්…❤️❤️❤️❤️???

          1. දේවාෂි

            මම ඊයෙත් ආව බන්.. හැබැයි ඉතින් යක්කු ගස් නැගලා බැස්සටත් පස්සෙ…??
            සැර නැහැ අලේ…. සුට්ටක් තරහ යනවා….??❤?

    1. මචී පොරුවේදි චතුරයා උස්සලා නිල්වලා ගගට ගිහින් දාමු ගලකුත් බෙල්ලේ බැදලා…?? උඹේ අහිංසක ජිවිතේ අපරදෙනේ බං..? ඒකරලා ගග ලග ඉදන් ??? ලොරියක් විතර කාලා චතුරට නිවන් සුව පලා එමු… ??

      1. දේවාෂි

        අන්න අන්න ඕවට නේ එලකිරි අයිඩියාස් කියලා කියන්නේ… එල එල… අනික ? කන්න තියේ නම් කොහොමත් කරමු….???

          1. දේවාෂි

            අන්න ඒකනේ බබෝ… හරීම සුට්ටයි… අපේ අම්මා නම් කියන්නේ මම තරම් අහිංසක කෙල්ලෙක් අගහරු වලින් වත් හොයගන්න වෙන්නේ නැහැ කියල…???

          2. ? මහිංසා ?

            දේව් ….මගේ චූටි නංගා ….????????????????? කූල් වෙන්න

          1. දේවාෂි

            නැතුව සතුට වැඩි කමට කාලා වැඩි වෙලා හොටුත් බේරෙනෝ….????

    2. දේවාෂි

      හී ඔඕම ? දෙනකොට කූල් නොවි බැහැ නේ මහී අක්කියෝ… උම්මා…?????❤

      1. අම්බෝ මේ කෙල්ලගෙ වස… කොහොමද දේවාශී මැණික ..? පරිස්සමෙන් ඉන්නවා නේද ? ලස්සනයි මැණික කමෙන්ට් 1 ????

        1. දේවාෂි

          මම හොදින් ඉන්නවා සද අක්කියෝ… ඔයා හොදින් නේද….❤
          හී… සුට්ටයි අනේ වස…. නැත්නම් මම නිකන් බෝ පැළේ වගේ….???❤
          තැන්කු වේවා අක්කේ….???

  3. Oya kasadhe wenne nehene ayye??. Mata chooti wishwasayak thiyenawa ayya monama hari karala wenna yana magula nawaththai kiyala. Thawa kotas 7k thiyenawa kiwwane ane. Adha dhala thiyenne awasanayata pera kotasin hamu wemu kiyala ethakota thawa kotas 2ydha?. Heta mokakdha wenne kiyala balannath ennam.??

    1. දේවාෂි

      මට නම් සත අරික්කාලක විශ්වාසයක් නැහැ අයියා ගැන… ???

      1. දේවාෂි

        ලොකූ පුලුවන් නම් ශානි කෙල්ලවයි අපේ කොල්ලවයි පරලොව යවලා.. එහෙදී වෙඩින් එක ගනිවි….???

        1. wenna puluwan akkiya.ayya ithin baldhi peralanna hari dhaksayane. dhan ithin apita koranna thiyenne ayyama mona hari karanakm balan inna witharai.

  4. එක අතකට ඉතින් චතුරයත් පව් කියල හිතෙනවා අප්පා.
    කතාව නම් ගොඩක් ලස්සනයි අයියේ?????????

        1. ❤කවී❤

          පව් නම් තමා බං ඒත් පොඩ්ඩක් ඒ හෝතබුවා හිතන්න එපැයි ආදරයක් බලෙන් ගන්න බෑකියලා

  5. ____හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ____ මේක තේරෙන්නෙ නෑනෙ මේ චතුරයට.. කොච්චර නැටුවත් ශානි අයිති රවීන්ට රවීන් අයිති ශානිට.. මෙයා මෙතන අහින්සක ලව් ස්ටෝරි එකක දුශ්ටයා වෙන්නැතිව අනාගතේ ගැන හිතලා කෙල්ලෙක් හොයා ගත්තා නම් ඉවරනෙ.. දැන් නම් චතුර නිකන් නිමි පරාල ඇනයක් වේගන වගේ එන්නෙ.. අයියේ මේ ඔයාගෙ අවදානය පිනිසයි… වහා ක්‍රියාත්මක වන පරිදි චතුරයගෙ හොම්බයි කටයි බොම්බයි මුටයි කරන්න ඕනෙ…???????

    කතාව නම් ගොඩාරියක් ලස්සනයි අයියෙ.. ටග්ගලා රවීන්ව ඔතන්ට ගේමු නේද.. හෙටත් කතාව ගේනකම් බලන් ඉන්නවා අයියෙ… පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි???
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සුදු මහත්තයෝ…
    ඉවසන්න බෑ තව මොහොතක්වත්..
    හිතන්නවත් බෑ…
    වෙන්නට තව කෙනෙකුගෙ පතිනියක්…
    සදහටමා මා පැතුවෙ ඔබව පමනයි ජීවිතය තුරාවටම..
    ඉතින් කොහොමද හීනෙකින්වත්…
    තව කෙනෙකුට ලන් වෙන්නෙ…
    කොහෙද සුදු මහත්තයෝ ඔයා…
    සුදු නෝන අසරන වෙලා…
    ඔව් ඔයාගෙ සුදු නෝනා..
    ඉක්මනට ඉන්න තැනකින්…
    එන්න මගේ සුදු මහත්තයෝ…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ❤කවී❤

      අප්පච්චියේ කෙල්ලේ ඔයා කියපු එකම මාත් මුලින්ම කියලනේ

  6. නිරෝෂා ලක්මාලි

    ????????????

    අයියෝ මේ සෂානි කෙල්ලට නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නෑනේ මේ චතුරයා. මේ පාර ඒකාගේ ලේත් දීලා බේරගෙන. මෙච්චර කියද්දිත් මේ මෝඩ මිනිහට තේරෙන්නේ නෑනේ අකමැත්තෙන් බැඳගෙන ඇති වැඩක් නෑ කියලා.

    මට එන කේන්තියට කියන්න දේවල් මතක් වෙන්නෙත් නෑ. මේ චතුරයට වැඩක් දෙන්න කාටවත්ම බැරි වුණානේ. ගෙදර මිනිස්සු ඔක්කොටම වඩා පිස්සෝ. එයාලා එක්කත් තරහා එනවා. ඔහොම බන්ඳලා දෙනවද මං අහන්නේ.

    මෙච්චර බාල්දි පෙරලලා අපේ ලේ කෝප කරන්න එපා අයියා. යකෝ මේක එකක් ඉවර වෙද්දි එකක් පෙරලනවනේ. හොඳ දෙයක් වෙන්නෙම නෑනේ. දැන් වෙන දේවල් දරාගන්න බැරුව හාර්ට් ඇටෑක් හැදෙනවා මෙහෙම ගියොත් අපිට. ??

    අභිට වුණ දෙයක් දැනගන්නත් නෑ. හිතන්න සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. පවනිට එහෙම මොකෝ දන්නේ නෑනේ වුණේ. කොහොමින් හරි කිසිම දෙයක් හිතාගන්න බැරි විදිහට මේ කතාව ගලා ගෙන යනවා ලස්සනට.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    ????????????

      1. ? මහිංසා ?

        නිරෝ මගේ නංගා …මට කියන්න ගොඩක් දේවල් තියෙනවා …..අපි දෙන්න ම අසනීප වෙලා නේ….????

        1. නිරෝෂා ලක්මාලි

          ඒකනේ අක්කි. ගොඩක් අය අසනීපෙන් නේද. අනේ අසනීපයි කියන්න තියා නැගිට ගන්නවත් බැරුව හිටියේ අක්කි. ෆෝන් එක තිබුණ තැනක් දන්නේ නෑ. දවස් දෙකක් ඇඳේමයි.

          ඉක්මනට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි.
          ?????
          තෙරුවන් සරණයි !

      2. නිරෝෂා ලක්මාලි

        ඒකනේ කෞෂි නංගියා. අසනීප වෙලා හිටිය නිසයි එන්න බැරි වුණේ. දැන් එනවා දිගටම. දැන් හොඳයි.

    1. නිරෝෂා ලක්මාලි

      හැමෝගෙම නිසදැස් කවි ගොඩාරියක් ලස්සනයි..
      ??
      ??
      වෙන වෙනම දාන්න සෑහෙන වෙලා යනවා. එතකොට ෆෝන් එක විකාර නටනවා.
      ඒ නිසා පොදුවේ දානවා.
      ?????

        1. නිරෝෂා ලක්මාලි

          අයේෂා නංගියා..
          ???????
          ———————————————
          දැන් සනීපයි දුලා නංගියා.
          කාටවත්ම කියන්නේ කොහේද නංගියා දවස් දෙකක්ම ඇඳ බදාගෙන නිදිනේ. නැගිටින්න ඔළුව උස්සගන්න බැරුව හිටියේ.
          ???????
          ———————————————
          දැන්නම් හොඳයි හිමා..
          ????????
          ———————————————
          මට දැන් හොඳයි සඳිනි නංගියා..
          ??????
          ———————————————
          දැන් හොඳයි දිල් නංගියා..
          ආදරෙයි පැලෙන්න..
          ?????
          ———————————————

    2. දැන් සනීපයි නේද නිරෝ අක්කි… දවස් ගානක් කමෙන්ට් දදා හෙව්වා… කාලුත් කිවේ නැනේ අසනීපයි කියලා… පරෙස්සමින් ඉන්න අක්කියෝ… බුදුසරණයි !…
      ????

        1. අනේ මගෙ නිරෝ අක්කි.. මහී අක්කි… දෙන්නම ඉක්මනින් හොඳටම සනීප වෙලා එන්න … දළදා සමිඳු පිහිටයි ???????

          1. මගෙ අක්කීලා දෙන්නම ඉක්මනට සනීප වෙලා එන්න . බුදු සරණයි
            ආදරෙයි

  7. ??කෞෂි??

    කසාද බඳින්න නෙවෙයි ඔය චතුරයාව පොල් ගහක බැදලා ගහන්න ඕනි පොල් පිත්තකින් ?පොල් පිත්තකින් ???එහෙම ගහලත් මදි ෂානිගේ ජීවිතේ විනාශ කරන්නම ආපු හෙනහුරෙක්? කීපාරක් එයාගේ ජීවිතේ නැති වෙන්න ගියාද. ඒ විතරක් නෙවෙයිනේ රවීන්ගේ ජීවිතෙත් නාස්ති කරා..මට හිතෙන්නේ රවීන් මැරිලා නම් නැතුව ඇති.. ඒත් දැන් ෂානි ඊලඟට මොනා කර ගනියිද… ආදරේ නෑ කියලා දැන දැනම අර කෙල්ලට වද දෙනවනේ බලෙන් ආදරේ ගන්න බැහැ කියලා කියලා තේරුම් ගන්න බැරි හැටි මේ ගොන් වස්සට.මට නම් චතුර ගැන සාධාරණව හිතන්නම බෑ.ෂානිගේ හිතේ එයා නෙවෙයි ඉන්නෙ එයා වෙන කෙනෙකුට ආදරෙයි කියලා දැනගෙන හිටියනේ මුල ඉදලම.මී හරකා?????????? .කාතාවේ අවසානය හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… නැත්තම් අඩන්න වෙයි අන්තිම දවසෙත් ?.
    දුකයි දුකයි දුකායී ????? කතාව ඉවර වෙනවනේ …??…?? කාතාව ඉතින් වෙනදා වගේම…
    ?????????????????
    ?මට සමාවෙන්න සුදු මහත්තයා….
    ?මම මහ කරුමක්කාර කෙල්ලෙක්…
    ?මගේ මෝඩ කමට මම තේරුම් ගත්තේ නෑ ?මගේ මහත්තයා කිව්ව දේ…
    ?මම විශ්වාස කරේ වෙන කෙනෙක්…
    ?මම මගේ සුදු මහත්තයා නැති කර ගත්තා…
    ?මට සමාවෙන්න සුදු මහත්තයෝ…
    ?සමාව දෙනවා නේද මේ පව්කාර කෙල්ලට…
    ?මගේ අතින් ලොකූ වැරද්දක් වුනේ…
    ?ඒත් සුදු මහත්තයෝ මම හිතලා කරේ නෑ…
    ?මතකේ නැති නිසයි මේ හැමදේම වුනේ…
    ?මට නැති වෙන්න තව දේවල් නෑ…
    ?මට තිබුණ වටිනාම දේවල් නැති වෙලා ඉවරයි..
    ?මගේ පණ ඔයත් මට නැති වුණා….
    ?මමත් ඉක්මනටම මගේ මහත්තයා ලගට ??එනවා…. ඔව් අපිට අපි නැති කරපු මේ පව් ?කාරයගේ වෙන්නේ නෑ මම ….
    ?මම එනවා ඉක්මනටම….
    ?මට සමාවෙන්න රත්තරං…❤️❤️❤️❤️❤️❤️
    ~සුදු නෝනා~
    ❤️??????❤️?????????

  8. Chamodya Madusanki

    අනේ ලොකූ මේ ඔතනින් කසාදේ නවත්තන්න හොදේ. අපේ රවීන් කොල්ලට බූට් තියන්න එපා අප්පා.??? ඔතනට රවීන් කොල්ලව ගෙනල්ලා තියන්න බැයිද චතුර වෙනුවට. ?? ඔච්චර කෲර වැඩ කලන්න අපා අනේ???

    චතුර කියන ඇටිකුකුළාට හිතක් පපුවක් කියලා එකක් නැතිද අප්පා.. ඇයි මේ හැලයට තේරෙන්නේ නැත්තේ ආදරේ බලෙන් ලබා ගන්න බෑ කියලා???? මේ චතුරයව අහු උනොත් සීනියි පැණියි ඔක්කොම දාලා වෙඩි තියනෝ කූඹී කාලා මැරෙන්න?????
    ???????????
    මට සමාවෙන්න
    මා නිසා ඔබට දුන්නු වේදනා
    මට හිතාගන්න
    බැරි තරමට
    ඔබ ආදරේ කරා
    ඇති දේ නැති වෙලා
    මා නිසා ඔබ හිරවෙලා
    එනමුත් මගේ ආදරේ ඔබටයි සදා…
    ??????????
    අයියේ කතාවනම් මල් හතයි හොදේ..
    ඔන්න මං ආවා ෆෝන් එක තව ඩිංගෙන් කුඩු කරනවානේ අම්මා?? නූලෙන් ෆෝන් එක බේරගෙන අප්පච්චිගෙන් ගුටිකෑවා. කාපුවට පින්සිද්ද වෙන්න දවසක් ඇදේ , ගුටි කෑවට මොකෝ අම්මට දුක හිතිලා අප්පච්චි ගියාට පස්සේ ෆෝන් එක දුන්නා. කෝම හරි ඔන්න ආවා මගේ අක්කලා අයියලා ටික බලලා යන්න.

    පරිස්සමින් සතුටින් ඉන්න
    බුදුසරණයි
    ආදරෙයි හැමෝටම

    1. දේවාෂි

      අනේ මැණික… ප්‍රශ්න දාගන්න එපා ඉතින්… පුලුවන් වෙලාවට ඇවිත් යන්න.. අපි තරහ වෙන්නේ නැහැ නේ….???❤
      ලස්සනයි නගෝ…. ආදරෙයි මැණික … පරිස්සමින් සතුටින් ඉන්න හොඳද….?❤

      1. Chamodya Madusanki

        ඔයාලව නොබලා ඉන්න බෑනේ අනේ, කෝම හලි ආයේ ෆෝන් එක හම්බුණානේ මගේ අක්කියෝ
        ස්තූති මගේ පණ

    2. අනේ ඔයා පව් නංගා.අව්ලක් දාගන්න එපා.පරිස්සමෙන් ඉන්න .අම්මයි අප්පච්චියි ආදරෙයිනෙ ඉතින් .

      1. Chamodya Madusanki

        හිතලා අවුලක් දාගත්තේ නෑ අක්කියෝ, ඉබේ වැටුනා අවුලක් ඒකයි පස්සනේ උනේ??
        ආදරෙයි අක්කියෝ

    3. අනේ මැණික ප්‍රශ්න දාගන් නැතුව ඉන්න බලන්න මැණික… ඔයාගේ අම්මා නම් හොදයි… අපේ අම්මා තාම තාත්තට බනිනවා මට ෆෝන් එකක් ගෙනත් දුන්නා කියලා..?? පරෙස්සමින් ඉන්න නංගා.. නිසදැස ගොඩාාාාරියක් ලස්සනයි ???

      1. පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න චමෝ මැණික … ???????? පව් කෙල්ලට සිදුනද ගැහුවම??

        1. Chamodya Madusanki

          තාත්තා ගියාම දෙන්නම් කිව්වා. ෆෝන් එක අද 8 වෙනකම් තියා ගන්න පුලාම්, අප්පච්චි එන්න කලින් දෙන්න කිව්වා.

      2. Chamodya Madusanki

        ස්තූති දුලා අක්කා මැණික,
        අම්මාතමා වෙනදට සැල දෙන්නා මාරු වෙලාද කොයිද අප්පච්චි සැල උනා??

        1. අනේ මාග නංගියා ඔයා පරිස්සමින් ගුටි කන්න වෙයි ආයම ෆෝන් නැතත් කමක් නෑ ඔයා හොදින් ඉන්න

  9. දේවාෂි

    කෝ අද කස්ටිය… දිල් අක්ක… සද අක්කා… මහී අක්කියා… එතකොට තව ගොඩක් අය නැහැ නේ තාම….???
    මම මේ ශානිගෙයි චතුරගෙයි වෙඩින් එකට මගේ ගානේ පාර්ටි එකක් දෙන්න හැදුවේ…??

        1. දේවාෂි

          මොකො කියන්නේ සද… පටන් ගන්නෙයි පාර්ටි එක… කට්ටියට විස්කි බ්‍රැන්ඩි ද ඕන නැත්නම් ගල් එකක්ම ගේන්නද….??

          1. විස්කි බ්‍රැන්ඩි වලින් පටන් අරං ඉවර වෙද්දි ගල් වලට එමු මැණික…. පහු පහු වෙද්දි කොහු කොහු වෙනවනෙ බං ඒකයි… ?????

        2. දේවාෂි

          අහ් හා හා… එහෙනම් ඔයා බෝතලයක් කඩන්න… අක්කියෝ… මම ඉතින් ? එකක් කාලා එන්නම්…????

      1. දේවාෂි

        නැතුව දුකයි කියලා අපරාදෙ නේ පර්ටි එක…?
        ඕන නම් බන් නගෝ විරහ ගීතයක් කියලම පාර්ටි එක ආරම්භ කරමු…. හාද….????

  10. හිතෙෂි මෙත්දරා

    Apo ane chathurayata pisssuda manda balen kasada badinna. Okata gahanna hithei wam pain. Mokak hari case ekak wei. Shani eyawa badina ekak na. Ravin kolla awoth hodai ikmanata. Api kiyana dewal nemeine loku oya liyanne. Anthima wenakmma inna wenawa.

    Sorry loku ada digata comment ekak danna ba. Kakula godak sidenawa. Shanita wagema thama roda putuwe idalama epa wela inne. Mata heta idan sathi dekak withara enna bari wei aiye. Mn anthima kotasatat kohom hari comment ekak dannam passe hari. Heta idan treatment patan gannawa mata.

    Daga paule hamoma parissamin inna. Budu saranai hamotama. Hamogema kavi nisadas lassanai hode. Byeeeeee

  11. ? මහිංසා ?

    නිදහසේ මේ ඇස් පියාගන්නට ….
    ඉඩහසරක් කෝ සුදු නෝනට ….
    ඔබෙයි මගෙයි ආදරේ අතරට ….
    ආවා ඔහු මේ අප වෙන් කරනට ….

    දිවියේ සැනසුම ඇත අහිමි වෙලා….
    හදවත කකියයි අද වියරු වෙලා….
    ජීවත් වෙන්නට බෑ ඔහුගේ වෙලා….
    අවසන් ගමන් යනවා ඔබේ වෙලා….

    පෙර කල කරුමයක් මේ ලෙස පල දුන්නා ….
    මතකයත් අමතක වී හිටිය මං නුඹේ වූවා….
    තවකෙකුගේ වෙන්නට සුදු නෝනට
    බැරුවා…
    එනවද සුදු මහත්තයෝ යන්නට මා කැඳවා ….

    ✍️✍️✍️✍️✍️ෂානි ….????

          1. ? මහිංසා ?

            ස්තූතියි අමා මගේ නංගා ?????

        1. ? මහිංසා ?

          ලොකු කමෙන්ට් එකක් දාන්නම් පස්සෙ ….අසනීපයෙන් හිටියත් ඔන්න අද ආවා ඔයාලා බලලා යන්න ….නැත්තං ඉතිං හැමෝම හොයනව නේ ….හැමෝම පරිස්සමෙන් ඉන්න අසනීප අය ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින්ම පතනවා ????????

          1. ලොකු කමෙන්ට් නැතුවට කමක් නැ මගේ අක්කියෝ… දැන් අඩුයි නේද.. පරෙස්සමින් බෙයි බිලා ඉන්නෝන හොදද… කවි ටික මාරම ලස්සනයි අක්කි.. බුදුසරණයි !…???

          2. ? මහිංසා ?

            ස්තූතියි දුලා මගේ නංගා …??????? බේත් බිවුව ම අඩුයි …ආයේ හැදෙනවා

    1. ලස්සනයි මගෙ මහී අක්කියෝ… ????????? ඉක්මණට සනීප වෙන්න අක්කි…

          1. ? මහිංසා ?

            මාලී මගේ නංගා …ස්තූතියි මැණික ?????????

        1. ? මහිංසා ?

          දිල් මගේ නංගා ….ස්තූතියි මැණික …????????ඔයා මං වෙනුවෙන් ආශිර්වාද කලා නේද ඇප් එකේ …..ගොඩක් පින් මගේ මැණික …?????

          1. මාත් ආදරෙයි ගොඩාක් මගෙ අක්කි.. ??????

          1. කමෙන්ට් 1 කෙටුවෝ… යකූ මෙච්චර දිගයි කියලා දැන්නෙ දැක්කෙ…. දිග වැඩිද මංදා.. ??

    1. ලොකු අයියා ඇතුළු දඟ පවුලෙ හැමෝගෙන්ම අවසරයි…
      මුලින්ම සමාවෙන්න රත්තරං මැණිකෙලා ටිකයි… මගේම ලොකු අයියෙ ඔයයි.. සමාව දෙන්න බැරි නම් ඉතිං කමක් නෑ… අඩුම ගානෙ සමාව භාජනේකට හරි දාන්ඩෝ… ????????????
      ඇත්තෙන්ම කිව්වොත් සෙනසුරාදා උදේ මං බලද්දි රවීන් කොල්ලට කලින් මගේ ෆෝන් 1 සෙත්තපෝච්චි වෙලා තිබ්බා අනේ.. අපොයි මං වින්ද දුකක්… කෑවෙත් නෑ මං හලියකට.. මට ඉන්න මගේ කස්ටිය බලන්න එන්න විදිහක් නෑ… මගේ කට්ටියට ප්ණිවිඩයක් දෙන්න විදිහක් නෑ… කිසිම ඇප් එකක් වැඩ කරේ නෑ අනේ… මේල් 1 දාන්නවත් මැසේජ් 1 එවන්න වත් විදිහක් තිබ්බෙ නෑ… ඔන් කරාට ඉක්මණට ආයෙත් ඕෆ් වෙනවා… ඒ අතින් නම් මහ කබලක් වෙලා අප්පෙ තිබ්බෙ මේක… ඇත්තමයි මට ෆෝන් එපා උනා…. ??????? මාව හොයලා තිබ්බා ගොඩක් අය… හැමෝටම ගොඩක් පින්… ගොඩක්… සමහර අය මට මේල් එවලා තිබ්බා… ඇත්තමයි ඒවා දකිද්දි මට දුක හිතුනා.. දවසක් හරි ඈත් වෙලා හිටියෙ මං හිතකින් නෙමේ… කවදාවත් ඔයාට නොකියා මේ දඟ පවුලෙන් මං යන්නෙ නෑ… එන්නම බැරි උනොත් මං ඒත් ඔයාලට කොහොමහරි කියනවා… සත්තයි… කවදාවත් මං ගැන එහෙම හිතන්න එපා.. ඔයාලා මගේම අය… ඒක වෙනස් වෙන්නෙ නෑ…. ආදරෙයි ගොඩාක් ?????????????????

      1. ලොකූ.. තලහද ඔයා මාත් එක්ක..? දවස් 2 කමෙන්ට් 1 දැම්මෙ නෑ කියලා… අනේ තලහා වෙන්න මුකුත් හිතන්න එපා හොඳඳ? මේ මගේ ෆෝන් මෝඩයා තමයි ඔක්කොටම මුල… මෙයාව ඕනේ නම් උල තියන්න.. උල මං ගානේ… නැත්තං දඬු කඳේ ගහන්න.. ඒකත් මං කොහෙන් හලි ගෙනත් දෙනෝ හොයලා.. ඒ තරම් එපා උනා අයියෝ… ?????????????? ඔයාගේ කතාව කියවන්න විදිහක් තිබ්බෙත් නෑ… ???? මට ඉතිං හැමවෙලේම මතක් උනා… අපේ ලොකූ මේ වෙද්දි මොන බාල්දියක් පෙරලලා ඇතිද කියලා… ඔය පෙරලලා තියෙන්නෙ සුපිරි බාල්දියක් …මේක නිකන් බාල්දියක් නෙමේ හරියට PE + වතුර ටැංකිය වගේනේ අනේ…

        කොහෙද ඉතිං අපි දවස් දෙකක් වත් අතුරුදහන් වෙලා ඉන්නෙ කොහොමද.. මේ පේන්නෙ නැද්ද නැති දවස් දෙකට වෙලා තියෙන දේවල්… ????????
        ශික් ලොකූ අර ශානි කෙල්ලගෙ ගිය ටිකේ නම් සිකුරා ලබලා ඌ උච්ච වෙලානේ හිටියේ… ??? ඒකටත් එක්ක මං හිතන්නෙ දැන්නම් සෙනසුරු නීච වෙලාද කොහෙද…????????????? යකූ ආදරේට මේ තරම් බාල්දි බැරල් බේසම් පෙරලෙනවා කියලා දන්නවනම් අර අහිංසක ගැරඬි කොල්ලට වත් මං මගේ හද පත්ලෙන්ම ලව් කරන්නෙ නෑ දෙයියො… ??????? ඇයි බොල මේ එකෙක්ට ලව් කරලා මෙච්චර කට්ටක් සූප්පු කරන්න වෙනවා නම් කොහොමද දන්නෙ නෑ නේද සමහර කෙල්ලො කොල්ලො ලව් 2 3 මේන්ටේන් කරන්නෙ කිසි ගේමක් නැතුව…???????????? මාරයි… නේ…

        කොටියෝ දැන් තමයි වෙලාව… ? ?????? ඇයි ඔයාලට එහෙම හිතුනෙ නැද්ද ? ??? චතුරව කොටියම කන්න ඕනනේ කියලා… මූ යකූ පොලීසියේ ඉන්න ගමන් SPBR ඩිග්‍රි 1 කරන්න ඇති අනිවාර්යයෙන් cupid institute එකේ… ?????? දැන් ඉතිං මගෙ මැටි අල ටික අහන්න එපා ඒ මොකද්ද කියලා… ?????????? අනංගයා එකෙන් සත්‍ය ප්‍රේම බෘංග රාජයා ඩිග්‍රි 1 තමයි ඒ… ????? හැබැයි මූ ඉගෙන ගද්දි ඩෙස් එකක් හරි ඔලුව වැදිලා තියෙනවා සුපිරි පාරක්.. ඒකයි ඔය තාමත් ලව් වලට බකට් දාන්නෙ… ???????

        මොනාද ලමයි මේ ඔයාලා හිතින් හොරෙන් කියන්නෙ… අපෙ ලොකූගෙත් ඔලුව වැදිලා කියන්නෙ එයත් ලව් වලට බකට් දාන නිසාද? ?????? මොනා උනත් එහෙම හිතුනා නම් අපෙ මහරජ පව් අනේ… සැර වැඩිද මංදා නේද ලොකූ… හිමින් සැරේ කම්මුල පොඩ්ඩක් අතගාගන්න… ?????????

        දැන් ඔයා මොකද්ද මේ කරන්න හදන්නෙ ලොකූ…අපේ කැමැත්ත බල්ලට දාලා ඔයා ශානි කෙල්ලව චතුර පොලිස් කොට්ටෝරුවාට බන්දවනවද? දුකයි දුකයි දුකයි ????????? කමක් නෑ කමක් නෑ.. පොඩි එකාගෙ ආසාවනේ කියලා අපිත් හිත හදාගන්නම්කෝ.. ??????? හැබැයි ඉතිං චතුරට බැන්දුවට කමක් නෑ… ශානි කෙල්ලව රවීන් කොල්ලා එක්ක පැණි හඳේ යවමු… ????????? හාද? මං දාන්නම් චතුර කොල්ලගෙ බීම එකට නිදි පෙත්තක්… ඕනෙ නම් 10 15 උනත් දාන්නම්.. පොඩි තරහකුත් තියෙනෝ පිරිමහගන්න…. ඕවර් ඩෝසේජ් උනාට කමක් නෑ.. රැයක්ම නිදාගන්න කියන්න අනේ 20 + කෑල්ලට එයා ඕනේ නෑ කියන්න… ????????

        ලොකූ.. ඔයාට ඔය තරම් ශානිගෙ හස්බන්ඩව තෝරගන්න අමාරු නම් අපි චන්දයක් තියලා වැඩි කැමැත්තෙන් තෝරා පත් කරගමු… ඔයාටත් කරදරයක් නෑනේ එතකොට…. ??

        ඒක නෙමේ තාම ඔයා කියලා නෑනේ අර ගේට් එක ගාව හිටියෙ කවුද කියලා.. අනික අර ලියුම ගැනත් මට හරි සැකයි… ඇත්තටම චතුරට කොහෙන්ද මෙච්චර හයියක් ශානිව බලෙන් බඳින්න තරම්… ?????????? මං වගේනම් අම්මපා ඇත්තමයි කෑගහල අඬලා වැලපිලා හරි මට ඕනේ කෙනාව තමයි බඳින්නෙ… ඇයි යකූ.. මංනෙ බැදලා ඉන්න ඕනේ… ආ නැද්ද.. ? බලන් යද්දි ශානිගෙත් කොන්ද පණ නෑනේ අනේ… හරිනේ… රෝද පුටුවෙනෙ ඉන්නෙ… මට නම් කේන්තී අම්මපා… ??????? මැරෙන්න හැදුවට ආදරෙයි කිව්වට වැඩක් නෑ… මොන දේ උනත් තමන් ඒක දරාගෙන ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ.. නැතුව ජීවිතෙ නැති කරගන්න එක නෙමේ හරි දේ.. කොහෙද ඉතිං ශානිට ඒක තේරෙන්නේ නෑනේ … අර හිපාටුවත් ඒකෙන් උපරිඅම ප්‍රයෝජනේ ගන්න හදනවා… මහ ගොන් වස්සෙක්… ??????

        මේ ඔයා හරි වැරදී ලොකූ… මේ කොරෝනා අස්සෙ කොහොමද ඔයා ඔච්චර කට්ටියට එන්න කියලා වෙඩින්ග් 1 ගන්නෙ..? නිරෝධායන නීති වලට ඒක පටහැනි.. අනිත් එක කට්ටිය මාස්ක් දාලද ඉන්නෙ…? ???????? ????? කොරෝනා නිසාවත් ඔය වෙඩිම කල් දාන්න බැරිද අනේ… රවීන් එනකම් වත්…? ????? ප්ලීස්

        මං මොනා කිව්වත් ඉතිං මගෙ හිත කියන්නෙම රවීන් කොල්ලා ඇවිත් ශානි කෙල්ලව එක්කන් යයි කියලා.. වෙන කෙනෙක් බැන්දත් මොකෝ අනේ තාම ලව් නම්… කී දෙනෙක් ඉන්නවද බැඳලත් වෙන අයත් එක්ක ලව් කරන..????
        මේ අපේ අහිංසක හීනේ බොඳ කරලා නම් ගුටි කන්න එපා ලොකූ…
        අපි හලි වසයි මෙහෙම හිටියට… ????????

        කොහොමද අන්තිමට චතුරට වැරැද්ද තේරිලා එයාම රවීන්ට එන්න කියලා ශානි කෙල්ලව දුන්නොත්?? මේ වෙඩිම ශානිගෙයි රවීන්ගෙයි කරොත්… ?? කවදා මේ හීන හැබැ වෙයිද මංදා.. ???

        පරිස්සමෙන් ඉන්න ලොකූ .. ඔයා හොඳින් නේද ? කාලා බේයි බිව්වා නේද? ම්ං නෑ කියලා දුකින් හිටියෙ නෑනේ… ?????????????? සතුටින් ඉන්න
        ???????????
        ආදරෙයි ගොඩාක් හැමෝටම ?????????????????????

        1. කාත් කවුරුවත් නොමැති මා හට
          ඔබත් අහිමිව ගියපු අරුමය..
          අපට අප හිමි නෑ ලොවෙ…
          ඔබට මා හිම් නෑ…
          මටද ඔබ හිමි නෑ…
          ?????????

        2. අම්මෝ අක්කි.. ?? අද episode එකට වඩා දිගයි අක්කිගේ කමෙන්ට් එක.. හිනා ගිහින් පණ යනවා කියලා තියෙන දේවල් වලට… ෆෝන් වෙලාවකට පිස්සු කෙලනවා තමා අක්කි පෙරේදා මාත් කමෙන්ට් එක දාගත්තේ බොහොම අමාරුවෙන්… අක්කි අසනීපෙන් ද කියලා හිතුනා… පරෙස්සමින් ඉන්න අක්කියෝ… බුදුසරණයි !…
          ???

        3. අක්කී මැනික සුපිරි කමෙන්ට් එක. ගෙදර කට්ටිය ගොඩයි. ඔක්කෝම මං දිහා බලනනේ අමුතු සතෙක් දැක්කා වගේ.
          ඇයි ඉතින් මේම කමෙන්ට් කියවද්දි නට් ලූස් වගේ පේනවා ඇති. ???

  12. මොකක්ද බොලේ ඒ වෙන්න යන්නේ හිතා ගන්න බෑනේ අප්පා .අන්තිම මොහොතේ රවින් කොල්ලා කඩන් පාත් වෙයි ඉතින්.චතුර අයියට අර ඉතුරු ටික කියන්න වෙන එකක් නෑ නේ.කොහේ හරි ඉදලා සොනික් වගේ අර මැටි ගහ දුවන් එයි ඉතින් .එහෙමත් නැත්නම් රවින් අයියගෙ අන්තිම කැමැත්ත කියලා ශාන් අයියා ශානිව උස්සයිද කියලත් හිතෙනවා.චතුර අයියා මැටි වැඩක් අනේ කරන්නේ.බලෙන් බැද ගත්තට බලෙන් ආදරේ ගන්න බෑනේ.දෙන්නගෙම ජීවිත අව්ල් වෙන එක විතරයි වෙන්නේ.ඇයි බං මේ ලෝකේ කෙල්ලන්ට සුනාමි ඇවිත් නෑනේ.ඔය ඉන්නේ තව ඕන තරම්.ඇප් එක පැත්තේ ආවනම් අපේ සූටිත්තන් නංගි පැටියෙක් සෙට් කරගන්න තිබුනා.හා නැද්ද කියාන්කෝ.ඔන්න ඔහෙ ශානිව රවින්ට හරි ශාන් අයියට හරි දීලා චතුර අයියට මෙහෙට එන්න කියමු.?????
    දැන් නම් අවසාන හරියට එද්දි හාට් එක ටිං ටොං ගානවා අප්පා.සතුටු හිතෙන අවසානයක් උනොත් හොදයි.

    ඔය අත අල්ලගෙන
    හරි ආදරයෙන්
    අපේ ආදර කතාවට
    අරුතක් දෙන්න
    මම ගොඩක් හීන දැක්කා
    සුදු මහත්තයෝ
    හිතුවෙ නෑ කවදාවත්
    තවකෙකුගෙ අත ගෙන
    පතිනිය වෙලා යුගදිවි අරඹන්න
    හීනෙන්වත් පැතුවේ නෑ මගෙ පන
    මේකද අපේ දෛවය
    අපිටම සරදම් කරන
    බැහැ මට දරාගන්න
    තව නම් මේ දුක
    මගෙ ආදරේ
    මගේ ජීවිතේ ඔයා විතරමයි
    අන්තිම මොහොතෙ හරි
    නුඹ එයි කියා
    බලාන ඉන්නම්
    අවසන් හුස්ම පොද
    නුඹ වෙනුවෙන්
    පපුවට තද කරන්……
    ??????????????

    සතුටින් පරිස්සමෙන් ඉන්න චූටි අයියේ.
    ජේසු පිහිටයි !!!!!!!

  13. ❤කවී❤

    සිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ……මේක මේ මෝඩ චතුරයට තේරෙන්නේ නෑනේ අප්පා ?? ගස් නරියට මගුල ෂානිව බැද ගන්නමයි ඕනි අනේ ෂානියො අර.අත කපා ගත්ත වෙලාවේ චතුරයගෙ බෙල්ල කපලා දාන්න එපැයි කෙල්ලේ ???
    අනේ වෙඩිමේ අන්තිමට රවීන් කොල්ලා සම්ප්‍රාප්ත වෙයිද ඒත් ඉතින් අන්තිමට ඇවිත් මොනවා කරන්නද

    නංගිගෙයි නයෝ මදූගේ හිතෙයි මොනවම හරි තියෙනවා රවීන් අයියගෙ ගැන්සිය එකතු වෙලා මොකක් හරි මාස්ටර් ප්ලෑන් එකක් ගහලා ඇති අනේ එහෙම වුනොත් රවීන් අයියා නිකන්ම ෂානිව චතුරයාට දීලා බලන් ඉදී කියන්නත් බෑනේ

    ෂානිට නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නෑනේ ඒ අතින් නම් චතුරයා හරී පව්? මොනවා වුනත් ඒ මී හරකා දැන ගන්න ඕනි ආදරයක් බලෙන් ලබා ගන්න බෑ කියලා

    ලොක්කයියේ??? දැන් ඇති අනේ බාල්දි පෙරලුවා අර චතුරයට ඕන බාල්දියක් පෙරලලා අපේ ෂානි කෙල්ලවයි රවීන් කොලුවවයි එකතු කරන්නකෝ ??ප්ලීස්…ප්ලීස්…ප්ලීස් ??

    කොහොමද ලොකූ ඔයා සනීපෙන් ඉන්නවා නේද ඉතින් ඔයාගේ වගාවත් පරිස්සම් කරගෙන ඔයත් පරිස්සමින් ඉන්න ලොකු ??

    කතාව ඉක්මනට ඉවර කරන්න නේද හදන්නේ අයියේ ඒකට නම් පට්ට දුකයි ලස්සන අවසානයක් දීලා කතාව ඉවර කරන්න හරිද මගෙ සත්තලන් පෙම් පුරානේ ? නැත්තම් ඉතින් අපේ දග පවුලේ යක්ෂ කෙල්ලො සෙට් එක බලපිටිය පැත්තේ ටුවර් එකක් එහෙම එන්න බැරි නෑ හොදේ ??

    පරිස්සමින් ඉන්න අයියා බුදු සරණයි ????????

    1. ❤කවී❤

      සුදු මහත්තයෝ
      මං මහ හීන ගොඩක් දැක්කා
      ඔයයි මමයි
      අත් දෙක අල්ලගෙන
      ලස්සන පෝරැවක් උඩ
      අපේ ආදර කතාවට
      අරැතක් දෙන්න
      ඒත් සුදුමහත්තයෝ
      ලෝකයම අපිට විරැද්ධව
      ඇත අද
      නමුත් වංචා කාරයෙකුගේ
      පතිනිය නොවී මා එමි
      හැකි ඉක්මනින් නුඹව සොයා
      එතෙක් සිටිනු මැන
      ඉවසා

  14. Chamodya Madusanki

    කාලුත් නැතිදෝ මහී අක්කී, දේවාෂි අක්කි, දුලා අක්කි, දිල් අක්කි,දුල් අක්කි,සදා අක්කියෝ, අයේශා අක්කියෝ නම් කීවේ නැති අය තලා වෙන්න එපා, කෝ ඔයාලා කෞෂි බබා ඔයාලා නැතිද?

      1. Chamodya Madusanki

        මම යනෝ මැණිකලා
        පරිස්සමින් ඉන්න අප්පච්චි එන්න කලින් අම්මට ෆෝන් එක දෙන්න ඕනි.
        හැමෝටම ලස්සන හීන පේන සුබ රාත්‍රියක් වේවා.
        බුදුසරණයි
        ආදරෙයි හැමෝටම
        පරිස්සමින් සතුටින් ඉන්න මැණිකලා?????

  15. I????????????????? චතුරයා අඩා වැලපුනාට මගේ නම් හිත උණු වුනේ නෑ හොදේ ?????…කමන් නෑ තව කොටස් දෙකක් තියනවනෙ ඒ කොටස් දෙකේදි මොනවමහරි දෙයක් වෙලා වෙඩින් මගුල කණපිට හැරෙයි ??…ෂානිට ඇවිදින්න පුලුවන් වුනා නම් අත්සන් කරන වෙලාවෙදි හරි පැනලා යන්න තිබ්බා ???..අනේ මංදා අයියගෙ මාස්ටර් ප්ලෑන් එක කොහොම එකක්ද කියල හිතාගන්න අමාරුයි ???…කතාව නභ් ඉතින් පට්ටම ලස්සනයි …මේක ඉවර වුන ගමන් අයියා තව කතාවක් ලියනවනෙ …බෑ කියන්න බෑ හොදේ ?????????????????????????????????????????????????

  16. උක්කූං පුතා(SuMi )

    කොහොමද මගේ දග සෙට් එක. කට්ටියගෙ හදවත් ලබ් ඩබ් ලබ් ඩබ් ,,,, ඩක ඩක ඩකස් ඩකස් ගාලා ගැහෙනවා ඇති නේද ?????

    මට මෙහෙට ඇහෙනවා ඔයාලගෙ හෘදස්පන්දන වේගය. ????? අම්මෝ හුගක් වැඩී …. ???

    කොහොමත් හෙට කොටස දැම්මට පස්සෙ මට මේ පැත්ත පලාතෙවත් එන්න ලැබෙන්නෙ නෑ. මොකෝ මම හෙට පෙරලන බාල්දියෙ හැටියට මගෙ දග සෙට් එක හෙට නම් මට ගෙදරටම ඇවිල්ලා ගුටි දීලා යයි. ?? ඒක නිසා මම දැන්ම දුවනවා ??? දුවලා දුවලා දුවලා ගිහින් හැංගෙනවා ????? . ඊට පස්සෙ මම හෙට එන්නෙත් නෑ ..මම එන්නේ 83/84 කොටස් වලද ??? එතකල් මම හැංගිලා ඉන්නේ හොදේ ??

    ඉතිං මගේ දග සෙට් එක. අදත් ඉතිං සමාව භාජනේක දාන්න හොදද. ඇත්තටම මම අද ඔයාලට කමෙන්ට් දාන්න හිටියෙ . ඒත් එක පාරම මට වමනෙ යන්න පටන් ගත්තා. ඔලුවත් ටිකක් රිදෙනවා . ඇගටත් අමාරුයි ??? ඒක නිසා මට කමෙන්ට් දාන්න විදිහක් නෑ මගේ දග සෙට් එක.

    අයියත් එක්ක තරහා වෙන්න එපා. අනේ ඔයාලගෙ කමෙන්ට් කවි , නිසදැස් හරිම ලස්සනයි .මං මග අරින්නෙ නැතුව ඒවා කියවනවා. ඉතිං ඔන්න මට රිප්ලයි දාන්න බැරි උනාට මං එක්ක තරහා වෙන්න එපා. ඒ වගේම අයියගෙ කතාවට කමෙන්ට් නොදා ඉන්නත් එපා. මං දන්නවා මගේ දග සෙට් එකත් බලාගෙන ඉන්නෙ මගෙන් රිප්ලයි එකක් එනකන් කියලා.
    ඉතිං ඇත්තටම මට සමාවෙන්න . මං අනිත් කොටස් වල නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉක්මනට සනීප වෙලා එන්නම් හොදද .

    තව දෙයක් කියන්න තියෙනවා ? අන්තිම කොටස් නම් මිස් කරගන්න එපා හොදේ. මොකද ඒවා තමයි ලස්සනම කොටස්. ඒක නිසා අනිවාර්යයෙන්ම අන්තිම කොටස් ටික මග ඇරගන්නෙ නැතුව කියවන්න. ????

    ඉතිං මගේ දග සෙට් එක මං දන්නවා ඔයාලා අයියා එක්ක තරහා නෑ කියලා ??? ඔන්න ඊළග කොටස් වලටත් ලස්සනම ලස්සන කවි නිසදැස් දිග කමෙන්ට් ඕනා හොදේ. ??? මොකද ඔයාලගෙ කමෙන්ට් නිසදැස් තමා මගෙ හයිය. හැමදාම කියනවා වගේ ලෙංගතුකමට මම හරි ආදරෙයි .

    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න හොදද. හැමෝටම ගොඩක් ආදරෙයි. එහෙනම් මගේ දග සෙට් එක ? දවසකින් පස්සෙ හම්බෙමු හොදේ ??????? එතකන් පරිස්සමින් ඉන්න.

    බුදුසරණයි හැමෝටම . ගුඩ් නයිට් දග පවුලෙ ඔක්කොටම ❤???❤❤

    කොතැනක හිටියත්
    හිත විමසන්නෙම
    දග සෙට් එක ගැනමයි
    මතකෙට එන්නෙත්
    සිහියට එන්නෙත්
    දග සෙට් එක ගැනමයි

    කතා ලියන්නෙත්
    කතා බලන්නෙත්
    දග පවුල එක්ක ඉන්නයි
    එකම පවුලෙ එක දරුවො වගේ
    අපි ඉන්නේ ඒ හින්දයි

    තරහා මරහා නෑ
    කදුලු සුසුම් නෑ
    හැමෝම එක පවුලයි
    සතුට තියෙන්නේ
    කොහෙද කිව්වොතින්
    ඒ දග පවුල ළගමයි

    සුමී අයියා ?❤

      1. ? මහිංසා ?

        හරි ලස්සනයි ලොකු ….???? ඔයා ගොඩක් මහන්සි වෙන්න ඇති …මහන්සි වෙන්න එපා …කාලා බීලා බෙහෙත් බොන්න …ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින් ම පතනවා ?????

    1. සොරි… ???? ඉක්මණට සනීප වෙන්න ලොකූ… දළදා සමිඳු පිහිටයි ???????

      හැබැයි ඩක ඩකස් ගගා පපු ගැහෙනවද අයියො? ඔයා හිතන්නෙ මේවා ට්‍රැක්ටර් කියලද? ????

    2. මේ අයියේ ඇත්තටම ගෙදර හොයන් ඇවිත් වේවැල් පාරක් දුන්නොත් මොකද කියන්නේ.
      ගුටි දීලා මදි.
      අම්මේ මට නම් දුකේ බෑ සිත්මි නංගා ගැන. ඇයි දෙයියනේ ලව් වලට පෙරලන්නේම බාල්දි.

      මේ ඉක්මනට සනීප වෙලා එන්න.
      පරිස්සම් වෙන්න ලොකූ මහන්සි වෙන්න එපා හොදද.
      බුදු සරණයි

      1. ඔයා හැන්ගුනාට වැඩක් නෑ. දග පවුල දක්ෂයිනේ අයියේ. අපි ඔයාව හොයාගෙන එනෝ කෝම හලි. ම්ම්ම්ම්ම් ඉක්මන්ට සනීප වෙන්න අයියේ. දළදා සමිදු පිහිටයි ඔයාට. වෙලාවට බේත් ටික බොන්න හොදේ

        1. නිරෝෂා ලක්මාලි

          ඉක්මනට සනීප වෙලා එන්න අයියේ. ඊට පස්සේ ඕන නම් අපෙන් ගුටි එහෙම කන්න බැරියැයි මේ අතාරින තඩි බාල්දිවලට.
          වෙලාවට බෙහෙත් බීලා පරිස්සම් වෙන්න අයියේ..
          වැඩිය මහන්සි වෙන්න එපා..
          ??????
          තෙරුවන් සරණයි !

      1. අද කියාගන්න දෙයක් තෙරෙන් නෑ අක්කී. මට හොදටම මල. ඇත්තමයි මේ ලොකුගේ හොම්බ කට සමතලා කරන්න තරම් තරහයි.අපි කියන එක දෙයක් අහන් නෑනේ.

  17. ? එරන්දි ?

    අනා ලොකු අයියේ ඔයානම් ශෝයිම ශෝයි අප්පා.දෙන්න හිතෙනවා දෙකක් අපිව කරකවලා අතඅරිනවට.ඕමත් කරනවද අප්පා.හයියෝ ශානිට චතුරව බන්දන්න එපා අයියා බබෝ…ශානි කෙල්ල පව් අප්පා.හයියෝ දැන් ඉතින් උන්නත් එකයි මලත් එකයි වගේ තමයි.????

    හැබැයි අයියේ මටනම් මේමත් හිතෙනවා චතුර ශානිව බදින්න වගේ කරන්නේ රගපෑමක් වගේ.රවීන්වම තමයි ශානි බදින්නේ අපේ රවීන් කොල්ලා එනව ඇති මෙලහට හාල් ගැරඩිය පැටියයි අපේ මල්ලි පැටියයි යාලු මනමාලයන්ට ඇදලා රවීන්ව මනමාලයට ඇදලා.ආව් ආව් අනේ මේම උනොත්නම් හොදයි අප්පා.අපි පව්නේ අයියේ දුක හිතෙන දෙයක් කරන්න ඒම එපා ඔන්න.හලිද …..

    චතුරට තෙරෙන්න ඇති ශානිව බැන්දත් චතුරට ආදරේ කරන්න තරම් ශානිගේ හිතේ ඉඩක් නෑ කියලා.ශානිගෙ මුලු හිත පුරාම ඉන්නේ රවීන් විතරමයි.පහු වෙලා හරි ඒක චතුරට තෙරුනොත් ඇති.එක්කෙනෙක් විතරක් ආදරේ කරලා වැඩක් නෑනේ අනිත් කෙනාගේ හිතෙ ඉන්නේ වෙන කෙනෙක්නම් ඒ බැදීමට වැඩි ආයුශ නෑ.දෙන්නගෙම ආදරේ තියෙන්න ඕනා බැදීම ශක්තිමත් වෙන්න වගේම ආදරණීය වෙන්න.අකමැති කෙනෙක් ජීවිතේට ලන් කරගත්තාම ඒකෙන් දෙන්නම විදවනවා විතරමයි.චතුරගේ ආදරේ ඇත්තම ඇත්තනම් ශානිවයි රවීන්වයි එකතු කරන්න උදව් කරන්න ඕනා.ශානිගෙ සතුට රවීන් ගාව කියලා දන්න නිසා ශානිගේ සතුට වෙනුවෙන් චතුරගේ ආදරේ කැප කරන්න තරම්ක්
    චතුර පරිත්‍යාගශීලී වෙන්න ඕනා.ඒම උනොත් විතරයි චතුරගේ ආදරේ ගැන කාට උනත් යහපත් සිතුවිල්ලක් ඇති වෙන්නෙ.පහු වෙලා හරි තමන් කරපු වැරැද්ද තෙරුම් අරගෙන චතුර ශානිව රවීන්ටම දෙනවානම්……..????

    ????????????
    දන්නවද රත්තරං
    ජීවිතේ සමහර තීරණ
    අපේ හිතට එකගව
    අරගන්න බෑ අපිට
    හිතම හිරිවැටිලා
    පපුවට දරන්න බැරි තරම්
    වේදනාවක් දැනුනත්
    මේ තීරණේ වෙනස් කරන්න
    හිතට හයියක් නෑ
    සුදු නෝනට අද
    ඔබම නමින් පේවී
    ඔබේම පතිනිය වී
    මියන මොහොතෙත්
    ඔය තුරුලෙම
    අවසන් හුස්ම හෙලන්නට
    හීනයක් තිබුණා මේ හිත පුරාම
    සිහින සිහිනයක්ම පමණක් බව
    පසක් කළ අද දවසේ
    වෙන්නම් මගේ සුදු මහත්තයාට
    පපුවෙ ගැඹුරින්ම
    එකම එක පොරොන්දුවක්
    ” මේ හදවතේ ගැස්ම නවතින තුරුම
    ඔබේ ආදරේ පමණක්ම හිත දරා
    මියෙන තුරුම ඉන්නම්
    ඔබගේම පතිනිය පමණක්ම වෙලා.”
    ????????????

    හම්මෝ ඇති අයියේ මීට වඩානම් ටයිප් කරන්න බෑ අප්පා.ඔලුව පැලෙන්න වගේ අයියට කමෙන්ට් එකක් දාන්න ඕනා නිසාමයි ආවෙ මේ.

    සනීපෙන් පරිස්සමින් ඉන්නවා නේද අයියේ මේ ටිකෙ වැඩ නේද ඔයා.පරිස්සමින් හොදද බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙලා ආයේ කතාවක් ලියන්න අයියේ.නොලියා ඉන්න එපා.සනීප වෙලා ලියන්න හොදද.මහන්සි වෙන්න එපා පරිස්සමින් සතුටින් ඉන්න.බුදු සරණයි දළදා සමිදු පිහිටයි සුභ රාත්‍රියක් ….?????

  18. අනේ සත්තලන් අයියේ දැන් මොන විදිහේ බාල්දියක්ද ඔයා පෙරලන්න හදන්නෙ? මොනා කරනවද මන්ද අපපා මේ කොල්ලා. දග සෙට් එක යමුද ලොකුලා ගෙවල් පැත්තේ ගිහින් එන්න. මේ ලොකුට දඩුවමක් දෙන්නම ඕනී අනේ මේ අහින්සකයෝ දෙන්නට පෙරලන බාල්දි වලට. නේද????

    ????????????
    ?හීනෙන්වත් හිතුවෙ නෑ
    ?මගේ මහත්තයෝ
    ?වෙනකෙකුගෙ වෙන්න මම
    ?දිවා රෑ සිතුවෙ මම
    ?නුඹේ උණුසුමේ ගුලි වෙන්න
    ?සරදම් කරනවා අපේ ඉරණම
    ?පුරවා කදුලින් දෑස
    ?සමුගනිමි ඉතින් මම
    ?හදවතේ සගවා නුඹව
    ?දෙනු සමා මට
    ?නොවුනාට නුඹේ හුස්ම
    ?ඉරි තලා හදවතම
    ?මතකයෙන් නුඹේ සුවදේ
    ??????????

    (සුදු නෝනා)

    1. Nimesha perera

      ලස්සනයි නිසදැස…. හැබැයි අක්කියෙක්ද නන්ගියෙක්ද දන්නෑනේ…..?❤️?❤️

  19. Nimesha perera

    kohema oyalataa… mn thama aluth?Ithin math asai mage akkila nangila gena denaganna. Mata kiyanawada hemooma genaa….❤️❤️❤️?
    Hemootama adareiiii….????

    1. මගේ නම සඳ… මං 95 ???? සාදරයෙන් වෙල්කම් කරනවා දඟ පවුලට.. ??????

  20. Nimesha perera

    ආනේ…… දෙන්නම අක්කි බබාලා දෙන්නෙක්නේ…..???
    කොහොමද අක්කිලා…. මන් 2001

  21. ..Sandashen..

    Loku man nam dannawa othana inne chathura nemei ravin ….chathura hadanne shani ta ravinwa denna.hammo loku hariiiiii sathutuiiii ehema unoth …man uda pena pena natanawa heta onna hode ….
    Hmmmmmmmm thawa deyak loku heta oyata beri weida oya thun hathara denagema wedin eka ganna.ethakota sallith ithuruine….. anika loku oya kiuwata shani denne ravinta nemei kiyla man nam poddakwath vishwasa karanne nh .
    Loku kohomda sanipen innawada .sathutin parissamen inna .budusaranai .gn sd.

  22. ගුඩ් මෝර්නින්ග් හැමෝටම ?????????????????????????????????????????? මං ගානේ මල්… වැස්සක්…

    මගෙ ලොකූ…. බෙහෙත් බොන්න වෙලාවට කාලා බීලා.. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

    අසනීප වෙලා ඉන්න මගේ දඟ පවුලෙ හැමෝම ඉක්මණට සනීප වෙලා එන්න …. මහී අක්කි නිරෝ අක්කි කවී මැණික හිතෙශි මැණික අඳුනන්නෙ නැති කෙල්ල.. sandashen කෙල්ල ඉක්මණට සනීප වෙන්න… නම් කියපු නැති අසනීපෙන් ඉන්න හැමෝම…. බුදුසරණයි ආදරෙයි ගොඩාක් ?????????????????

    1. උක්කූං පුතා(SuMi )

      Virus එකක් පොඩ්ඩි මට විතරක් නෙවෙයි නංගිටත් එක්ක… ඔකි තමයි අදාගෙන ඇවිල්ල මට බෝ කරේ… කනවා දානවා කනවා දානවා… වමනය පෙත්තක් දුන්න ඒක බීපු වෙලාවේ ඉඳලා නීදි…

      සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක ඔන්න අද නම් මම එන්නේ නෑ අද චතුරයි shani බඳින දවස නේ.?? සුභ දවසක් මගේ රත්තරන් දඟ සෙට් එකේ ඔක්කෝටම

      1. නිෂා සශී ?

        සඳ අක්කියෝ මාව හෙව්ව නේද. මං අදනන් එනෝ හලිද මේදවස් ටිකේම අසනීපෙන් හිටියෙ මගෙ අක්කී අද තමා ඔලුව උස්සලා පොඩ්ඩක් ඉන්නෙ. පරිස්සමින් සතුටින් ඉන්න අක්කී. අද එනෝ හලිද අක්කියෝ

        1. නිෂා සශී ?

          මගෙ ලොකු අයියේඉක්මනට සනීප වෙන්න හලිද සිත්මි අක්කියි අයියයි මාර වැඩ තමා කලගන්නේ බේත් බීල ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි මගෙ ලොකු අයියටයි අක්කිටයි දෙන්නටම

      2. අයියාටත් නංගිටත් තෙරුවන් සරණින් සනීප වෙයි.
        ඉක්මනට සනිප වෙලා එන්න ලොකු
        බුදු සරණයි

  23. ? එරන්දි ?

    සුභම සුභ උදෑසනක් මගෙ දග පවුලේ හැමෝටම ..??????????
    අයියෝ අයියේ ඒ පාර virus එකක් හදාගත්තද …අනේ පවුනේ ඒම කියන්න එපා ඔයාගේ නන්ගියාට මොනා උනාත් සේරම අයියා එක්ක බෙදා ගන්නවා අප්පා.??
    ඉක්මනටම සනීප වෙලා එන්න අයියේ අයියටයි අයියගේ නන්ගි බබාටයි ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අම්මට එහෙම බෝ කරන්න එපා හලිද …

    මගෙ මහී අක්කියෝ නීරෝ අක්කියෝ එතකොට ලුවිනා මැණික sadashen නන්ගියා තව අර අපේ අදුනන්නැති නන්ගි බබා මෙත්දාරා මැණික ආ අපේ ඒන්ජල් මේ හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම සනීප වෙලා එන්න හැමෝම අනේ නම අමතක උනානම් සමාවෙන්න හදිස්සියට මතක් වෙන්නෙත් නෑ අප්පා…
    බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න හැමෝම …?????

  24. නයෝ මධූ

    දැන්නම් බෑ අයියා පන……….. ඉවසන්නේ කොහොමද දෙයියනේ……………………???????????????????????????????????????
    චතුරයනම් මහම මහ කපටියෙක්. ආදරේ නිසා ඔහොමත් මිනිස්සු කපටි වෙනවද අනේ? අන්තිමට මොකක්ද ඒකෙන් ලැබෙන්නේ? ෂානි විඳවනවා අනේ. නංගියි නයෝයි දැන් පැත්තකට වෙලා බලන් ඉඳියි මොනවා කරන්න කියලාද? ඇත්තටම ෂානිලගේ අම්මලා කිසිම දෙයක් හොයන්නේ නැතුවද මෙහෙම කරන්නේ? එක්කෝ දැනගෙන නොදැන වගේ ඉන්නවද? ඒත් ඒකෙන් ෂානිමයි අමාරුවේ වැටෙන්නේ.

    අයියේ ඔයා කාලෙකින් ආවේ නෑ වගේ. ඔයා හොඳින් නේද? බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න අයියා පන….. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.