Katha Ahura

බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020

3.7/5 - (4 votes)

වැස්ස..
හීනියට පටන් අරන් දැන් අනෝරාවක් වෙලා..
මම වැස්සට පුදුම තරම් ආසයි..
ආදරෙයි ..
වැස්ස බලන්න..වැස්සෙ තෙමෙන්න.. වැස්ස කිව්වම ඒක වෙනමම පිස්සුවක්..
කෙල්ලොනේ….. ??

වැස්ස දිහා බලන් ඉඳපු මගෙ ඇස් වලින් එළියට පැනපු කඳුලු බිංදුවක් හිමීට මූණ දිගේ ගලාගෙන ගියා..

අඬනවා කියන්නෙ මට හරි නුපුරුදු දෙයක්..ඇත්තටම මට අඬන්න තරම් ලොකූ හේතු තිබිලා නෑ..අඬනවා කියලා එහෙම බොක්කෙන්ම අඬලා නෑ මං..අනිත් එක මම ටිකක් වැඩියෙන් හුරතල් වෙන්න පුරුදු වෙලා හිටියා..ඉතිං බොරුවටත් අඬනවා..එතකොට කට්ටිය ළඟට අරන් මාව නලවන්න ඕනි වෙලාවට මං අඬනවා..එතකොට ඉතිං හුරතල් කරන්නම එපැයි..කෙල්ලන්ගෙ කපටිකම්..

“අම්මේ, මේ පොඩී ඉන්න දෙන්නෑ”
“බොරු අම්මෙ”
“බොරු නෙවෙයි අම්මෙ මේ බලන්න”
“ඇයි මොකෝ මං අල්ලන් හිටියද”

පොඩියි මායි ලොකූට ලණුවක් දෙනෝ.. ඔන්න එතකොට එනෝ ලොකූ (වලි මර්දන කාර්යාංශයෙන්.)

“මේහ්..තමුසෙලා දෙන්නා අල්ලන ගුටි කෙලියක් ඉඩ තියන තැනකට යනවල..”

ඔයා අන්දන්නැතුව කොහෙ යන්නද බබෝ..අපේ පළමු පියවර සාර්ථකයි..

“යකෝ…. ඒ මේකි බලනවකො හලෝ..”
“අනේද කියන්නෙ..මාර seen නෙහ්..”

කොහොමහරි අන්තිමට තුන්දෙනාම එකතුවෙලා මුලු ගේම අනිත් පැත්ත පෙරලනවා..කොට්ට ඇතුලෙ ඉන්න පුලුන්වලට නොමිලේ ගුවන් ගමන්..

මම තරූ..අම්මියි තාත්තියි ලොකුයි පොඩියි මමයි තමයි අපේ පවුල..ලොකූයි පොඩියි අම්මි වගේ..ලස්සනයි .. Real කෙල්ලො.. ඒකටත් එක්ක මම.. පිලිවෙලක් නැති වැඩ අපිලිවෙල ජීවිතේ ඕනිම දේ ඕනිම නැති වෙලාවෙ කරල ලෙසටම කෙලවගෙන ලෝකෙටම පොර talk දෙන ගෙදර ගිහින් ඔක්කොම කියලා හොටුපෙරන් අඬන මද්දුම එකී මම.. ගොඩක් හිතුවක්කාරයි..ගොඩක් හොඳයි ..ටිකක් නරකයි..අනේ මන්දා ඕයි..මේ කියලා තියන ටිකෙන් පොඩි image 1ක් තියාගන්නකො මං ගැන..

මෙහෙමයි..මොනවුණත් අපි අපිට පට්ට ආදරෙයි..අපිට අපි නැතුව බෑ..අපේ ගෙදර magic 1ක් තියනවා අම්මිගෙ.. එයා තමයි අපිට ආදරේ කියලා දුන්නෙ.. ඒ වගේම තාත්ති.. ආදරේට වෙන නම් මොකටද අපි ඉන්නකොට..

එදා අපේ ගෙදර පොඩි අලුත්වැඩියා කතාවක්..දන්නැද්ද කාලයක් යනකොට ඉතිං ගෙවල්වලට ලස්සන ඇඳුමක් එහෙම අන්දලා ගන්න ඕනිනෙ..මේක එහෙම එකක්.. වැඩ ඉවරවෙලා කට්ටියට හවස තේ දෙන්න හදන්නෙ..
වතුර එකත් ලිප උඩ musical show 1ක්..
ඔව් ඔව්..තේ බොන්නයි යන්නේ..
ප්ලේන්..ටී..
ප්ලේන්ටි තිබුණට කන්න දෙන්න දෙයක් තිබුණේ නෑ..
“ළමයි..කාටහරි කඩේ යන්න වෙනවා..බිස්කට් 1ක් ගේන්න..”
“අම්මා මං call 1k..”
ඒ ලොකූ..
“අම්මි මං හෙට submit කරන්න තියන assignment 1ක්..”

යකෝ එතකොට මටද යන්න වෙන්නෙ..තාත්තිට දැන් කඩේ යන්න බෑනෙ..සිමෙන්ති ඇඟපුරාම..එතකොට මේ ඌරුපැටික්කියො දෙන්නටම වැඩ..අම්මිව යවන්නැයි කඩේ.. අයියයියෝ කඩවලේ..
හිතෙන් හිත හිතා ඉද්දි ලොකූගෙ call 1 ඉවරවෙලා..අම්මෝ දැන් නම් 50 : 50.. මට වඩා ලොකු එයානෙ..එයාට යන්න කියමු..මම හිතෙන් plan 1 ගැහුවා..

“ඒ ඕයි..කඩේට ගිහින් එනෝ”
“මට බෑ..”
“අම්මෙ මේ තරූ කඩේ යන්නම්ලු..”

ඇනිමේශන්..යකෝ මේ ගෑනි මටම පංගාර්තු කලානෙ මේක..

“බොරු අම්මෙ..මට බෑ”
“යකෝ මේ අඩි 10ක් එහා තියන කඩේට යන්න මුන්ගෙ #කට වඳින්න එපැයි..හම්බ කරලා කන්න දෙන්න වුණොත් දෙයිද මුන්..”

ඒ වචනෙට නම් හිත රිදුණා..රස්සාවක් කරනකාලෙක නම් අර බඩතඩියගෙ ලොකුකම බලන්න මෙහෙ කඩයක් අස්සට රිංගන්න ඕනියැයි..ඒ කාලෙට අම්මි තාත්ති රජෙක් වගේ බලාගන්නෙ මං..හුහ්..යන්න කියනෝ ලොකූටම..ඇයි වදේ..දවල් පොල් ගෑවෙත් මම..රතු ළූණුත් සුද්ද කලා..

“අප්පෝ..ඔච්චර ටිකක් අහගන්න ඕනියැයි ඕයි..ගිහින් එනෝකො”

ඒ පොඩී..ආව මෙතන බෝතල් අස්සෙ කුප්පි ගහන්න..
“තමුසෙ යනවකො එහෙනම්..ඔය කඩේට ගිහින් එන්න පැයක් යනවයැ..”
කතාව මැද්දට ඊළඟට පැන්නෙ ලොකූ..
“ඔය ළමයට වැඩක් කිව්වා ඇහුණනෙ..නිකං මේ බූත කෙල කෙල ඉන්න වෙලාවෙ වැඩකට ඇති දෙයක් කරනවකො..”
මටම තමා යන්න වෙන්නෙ..මම ඇඳුමක් දාගත්තෙ ඔක්කොටම බැණ බැණ..
“එයාලා නෝනලා..මම අරන් හදාගත්ත එකානෙ..ඒකනෙ හැමඑකටම මට කියවන්නෙ..”
හිත රිදෙන්න මොනවා හරි කියන්න ඕනි වුණත් වැඩියෙන් කියවලා වැඩේ වණ කරගන්නත් බෑනෙ..අනික තරහවුණා වගේ නෙවෙයිනේ යාලු කරගන්න..තරහාවෙලා මුලින්ම මටම කතා කරන්න වුණොත් පට්ට නෝන්ඩිය ගොට්ට ගහලා..ඇත්තටම ඒ කාලෙ බැරක් ඔබාමටවත් මෙච්චර ප්‍රශ්න තියෙන්න නැතුව ඇති..

මම කුස්සියට ගියේ අම්ම්මිගෙන් සල්ලි ඉල්ලාගන්න..
“කෝ..සල්ලි ”
“මොකටද?”
“ඇයි දැන් කඩේක යන්න කිව්වෙ..මේ ගෙදර මගෙ විතරනෙ කකුල් දෙකෙන් ඇවිදින්න පුලුවන් ”
මම දැක්කා අම්මිට කට කොනකින් හිනා යනවා..මම අමාරුවෙන් හිනාව නවත්තගත්තා..ඇයි ඉතිං මගේ ලොකුකම පෙන්නන්නත් එපැයි..

“මං කිරි හැදුවා..කඩේ යන්න ඕනි නෑ”

හපොයි..මොනාවුණත් දැන් මං හිත හදන් ආවෙ කඩේ යන්නනෙ..මම නෝන්ඩි වුණාද මන්දා..

“ඒ ඉතිං මම යන්න බෑ කිව්වටනෙ..කෝ සල්ලි..මං යන්නම්..මලකරුමෙ..”
“සල්ලි නෑ”
“ආහ්..දැන් හොඳයිනෙ..ඕකනෙ වෙන්න ඕනිවුණේ..බොරු show නැතුව ඉන්නවා දැන්..”

අන්න ඉතිං නංගි කට වරද්දා ගත්තා..මට රතුකට්ට පැන්න නෙවෙයි ගැලවිලා ගියා..දැන් ගේම නෙවෙයි ගේයි වත්තයි දෙකම ඉල්ලන්නයි වෙන්නෙ..ඒකි මට එහෙම කියන්න..

යකෝ මං අක්කනෙ..මට කියලා ගරුත්වයක් නැති හැටි..හිතට මහ බූත අදහස් ගොඩක් ආවා..ඊට පස්සෙ මං අනුන්ට දෙන උපදෙස් මටම දී ගත්තා.. “තරුවෝ..කේන්තියක් තියෙන්නෙ විනාඩි 2යි..ඒක පන්නගන්න බැරිවුණොත් තමයි ප්‍රශ්න වෙන්නෙ..තරහ වුණා වගේ නෙවෙයි යාලුකරගන්න අමාරුය..කේන්තියට කියන වචනෙකට හිත රිදුණම ආයෙ වචන ඇදලා ගන්න බෑ..”
මොන බණද..ලොකූගෙ කින්ඩි හිනාවට මට මලම පැන්නා..ගස්සගෙන අනිත් පැත්ත හැරෙනකොට සලාං කියලා සිංදුවක් කියාගෙන මේසෙ උඩ තිබුණු වීදුරුවක් බිම වැටුණා..ඒක මං හීනෙකින්වත් හිතපු දෙයක් නොවුණත් මම ඒක දිහා බලලා හිනාවක් දැම්මෙ මට කේන්ති ගියා කියලා අනිත් අයට පේන්න..එයාලා වුණත් දැනගන්න ඕනි මටත් කේන්ති යනවා කියලා..ඒත් ඉතිං කුස්සියෙ දොරළඟ තාත්ති ඉඳලා..කොයිවෙලාවෙ ආවද දැක්කෙ නැති වුණත් තාත්ති වැඩේ බලන් හිටියා කියලා තේරුණේ ඒ සුදු මූණෙ තිබ්බ කලුපාට හින්දමයි..
“බොහොම හොඳයිනෙ ගෑණු ළමයා.. බඩු පොලේ ගහන්නත් පටන් ගත්තද.. ඒකත් අම්මි ඉස්සරහ..හරි ලොකු වැඩේනෙ..”
මෙහෙම මෙහෙම ගොඩක් දේවල් ටිකක් කියවුණු වෙලාවෙ මම හිටියෙ හීනෙක වගේ..මොනාද දෙයියනේ මේ වුණේ..මෙහෙම දෙයක් දන්නවා නම් බඩ තඩියගෙ කඩේ පදිංචි වෙනවා ගිහින්..මොනාවුණත් තාත්ති බනිද්දි මාර විදිහට දුක හිතුණා ..අනික මෙච්චර දුර අදින්න හිතුව කතාවක් නෙවෙයිනේ මේ..මම ගොනා වගේ කාමරේට ආවා..
“මොනාද තරූ මේ කරගන්නෙ”
මං මගෙන්ම අහගත්තා..
කොහොමවුණත් දැන් හැමෝගෙම හිත් රිදිලා..මොකද කරන්නේ..කොහොමද යාලු වෙන්නෙ..ඇයි දෙයියනේ මටම මෙහෙම ඒවා වෙන්නෙ..බෑ බෑ එයාලට මූණ දෙන්න බෑ..කාමරේටම වෙලා ඉන්නවා..රෑට කන්නෙත් නෑ..ඔව් ඔව්..හෙට උදේ කන්නෙත් නෑ..ඇතුලෙන් lock කරගන්නවා..මම මේක ඇතුලෙම ඉන්නවා..ඕනි නම් ඇවිත් කතා කරයිනෙ..එයාලා ගනන් ගන්නැතුව හිටියොත්..මමනෙ තනිකරම වැරදි..කතා කලාට දොර අරින්නෙත් නෑ..හපොයී..මට මේක ඇතුළෙ බඩගින්නෙ මැරෙන්න වෙයිද..
මෙකී නොකී දාහක් දේවල් හිත හිත මට නින්ද ගිහින්..අවදි වෙද්දි 7ත් පහුවෙලා..වැස්ස තිබුණෙ ඒ වෙලාවෙ..කල්පනාව පිට මට ගොඩාක් ඇඬුණා..කේන්තිය අයින් වෙලාම ගිහින් හිතේ තිබුණේ දුකක්..

“තරූ..තාම නිදිද?මේ කිරි 1 බොන්න ඇවිත්”
ඒ ලොකූගෙ කටහඬ..
අනේ මං හීනයක්ද දකින්නෙ..ඇහුණ හැටි වෙන්න ඇති..bag එකට ඇඳුම් ටිකක් දාගන්න ඕනි ටික දවසකට ලොකු අම්මලගෙ ගෙදරවත් යන්න..
“පුතේ දොර අරින්න..එන්න කුස්සියට ”
නෑ නෑ..හීනයක් නෙවෙයි..කනාපැලෙන්න දේශනයක් වෙයි වගේ..කමක් නෑ..ගොනාවගේ අහන් ඉන්නවා..වැඩි වැඩියෙන් සද්දෙ දැම්මොත් වලියක් දාන් යනෝ ලොකුඅම්මලගෙ ගෙදර..
කුස්සියෙ කට්ටියම ඉන්නවා..මං සද්ද නැතුව ගිය bathroom 1ට..මූණත් නිකන් හෝදගෙන කුස්සියට ගියේ උපරිම ශක්තිය අරගෙන…
“ආහ්..ආවද පිස්සු කෝච්චිය ”
ඒ තාත්ති..මගෙ හද සසල වුණා..ඇයි දෙයියනේ මම මෙහෙම දෙයක් හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නෑ..අනික තාත්ති එහෙම කියන්නෙ මට ගොඩාක් ආදරේ වෙලාවට..
අම්මිත් කෝප්පෙ අතටම දුන්නා..
“ආහ්”
“මොනවද”
“බිස්කට්”
කවුරුහරි කඩේ ගිහින්..මට ලැජ්ජාව දුක සතුට ඔක්කොම mix අමුතු හැඟීමක් දැනුණා..ඔක්කොටම වඩා ආදරේ..එයාලා හැසිරෙන්නෙ මුකුත්ම නොවුණගානට..වැරැද්දට සමාවත් දීලා..මම ගෙදරිනුත් යන්න plan කරලා.. මම හිතපු දේවල් ඇහුණා නම් විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ.. ඇත්තටම මං මහ දුෂ්ට කෙල්ලෙක්..
ලැජ්ජාවත් එක්කම මම ගිහින් අම්මි තාත්ති ඉඳගෙන හිටපු පුටුවෙ එයාලගෙ මැද්දට වෙන්න බිමින් ඉඳගත්තා..එයාලට තේරිලා වගේ මගෙ ඔලුව හිමීට අතගෑවා..ආදරෙන් බලන් ඉඳපු එයාලා දිහා ගොඩක් වෙලා බලන් ඉන්න මට හිතේ හයියක් තිබුණේ නෑ..මං බිම බලාගත්තා..
හැමදේම ලස්සනට විසඳුණා..අපි කට්ටියම එකතුවෙලා රෑට කෑමත් හැදුවෙ..
රෑ වෙලා නිදාගන්න ගියේ වෙනදට වඩා ගොඩක් පහුවෙලා..මගේ කාමරේ ළඟදි මං ලොකූගෙ අත අල්ලාගත්තා..
“ඇයි ඕයි කවුරුත් මට බැන්නෙ නැත්තෙ ”
“තමුසෙට පිස්සු කියලා අපි ඔක්කොම දන්නවනෙ..”

???????????????

ඔන්න ඔහොමයි බිස්කට් එකක් ගිය දුර..ඉතිං යාලුවනෙ මට app 1 හම්බවුණේ ගොඩාක් ළඟකදි.. ඔයාලගෙ ලස්සන කතා කියවනකොට මටත් ලියන්න හිතුණා..මගේ පළවෙනිම කතාව..ගොඩක් අඩුපාඩු වැරදි ඇති..ඉතිං මට ඔයාලා හැමෝම උදව් කරයි කියලා මම හිතනවා..තෙරුවන් සරණයි හැමෝටම..සතුටින් පරිස්සමට ඉන්න..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
? මම Nuwi ?

41 thoughts on “බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020”

    1. අනේ හරිම ස්වීට්… ලස්සනයි කතාව… පවුලක් ඇතුලේ තියෙන ආදරය.. තෙරුන් ගැනිම හොදටම ටම් කතාවේ තියෙනවා… හරිම ලස්සනයි all the best ?? තව කාතා ඕන… තෙරුවන් සරණයි !…

      1. තැන්කූ බබෝ..පළවෙනිම එක නිසා චුට්ටක් බයෙන් බයෙන් දැම්මෙ..හී..?..තව දාන්න හිතෙනවා..බුදුසරණයි..❤❤

        1. ඇත්තටම කතාව මරු මමත් ඔය විදිහම තමා අපේ ගදරත් ගෑණු ලමයි 3යි මන් තමා මද්දුමයා මටම ලියලා වගේ …congratulations akkee

        1. සමාවෙන්න පින්කි අක්කේ… මං 2000… ඔයාට නම කියලා කතා කරාට… ??

      1. කවී නංගා , පින්කි , උත්පලා මචී , ??? කෙල්ලේ ස්තූතියි හැමෝටම.. ???

  1. ❤කවී❤

    Eka nm patta machii attatama paulaka mehema dewal tinoo tamaii ammagei tattageii sahodaraingeiii adare taram wena adarayak koinda mmm attatama katwa patta anii

  2. ලස්සනම ලස්සන කතාවක්.
    මාත් ඔහොම ගෙදරින් යන්න ප්ලෑන් කරල තියනව අප්පා ?????????????

  3. වා…ව් නුවි ඒක නම් ශෝයි පට්ට කතාව .තව දිගට තිබුනනම් කියලා හිතුනා කම්මැලි කමක් නැතිව ආසාවෙන් කියවන්න පුළුවන් කියවන්න ආස හිතෙන විදියට ලියලා.පට්ටම ලස්සනයි .පලවෙනි කතාව උනාට ඒක මරු.තව කතාව ක් ලියමු.ඔයාට ලස්සනට ලියන්න පුලුවන් .සුබ පතනවා සුදූ හදවතින්ම .
    ජේසු පිහිටයි ඔයාට !!!!!

    ඔන්න තව කතාව ක් ඕනෙමයි හරිද.රිප්ලයි එකකුත් ඕනේ..??
    ?????????????

    ආදරය සෙනෙහස අඩුවක් නැති
    දුකේදි කරදරේදි ලග ඇති
    එකමුතුකම ගොඩක් ඇතී
    එකම තැන නම් පව්ල වේ

    සහෝදරයන් ගේ ආදරෙයි
    අපි හැමෝම එකා වගෙයි
    අම්මගෙ තාත්තගෙ හුරතලෙයි
    ඉතින් පව්ලම ලස්සනයි .

    ??????????????

    1. හී..තැන්කූ බබෝ.අනේ ඔහොම කියනකොට හරිම සතුටුයි..තව ලියනවා..???
      චුට්ටක් කොම්පියුස් වෙලා වගේ අනේ..comment godaaaaiii…සතූතූතූ………..ටුයි..ආදරෙයි හැමෝටම ..ලස්සනම ලස්සනයි වචන ගලපනව ඔයා..මම screenshot තියාගන්නවා..???

  4. Lassanama lassana kathawak?. Onna eka kathawakin nawaththanne ne. Apita thawa katha one akkiya. Akki karana kiyana hama wadakma saarthaka wenna one kiyala prarthana karanawa❤❤

    1. ???..තැන්කූ බබෝ..අනිවා..ලියන්න ආස හිතෙනවා..???..උදව් කරන්න මටත් දන්නෙනැති වැරදුණු තැන් හදලා දීලා

  5. හරිම ලස්සනයි කතාව….ආදරේ පිරුනු පවුලක් ?????….තවත් ලස්සන කතා ලියන්න Good luck ???????????????

  6. දේවාෂි

    අනේ ඒක සෝ කියුට් අනේ… හරීම ආදරණීයයි… ලස්සන පවුලක්..❤❤? ඒ බැදීම ගැන හොදට පැහැදිලි වෙනවා.. ලස්සනයි නුවී කතාව.. අක්කියෙක්ද නන්ගියෙක්ද්….❤❤?

  7. nayomi nadeera

    පළවෙනි කතාව වුනාට හරිම ලස්සනයි .. ❤️❤️ තව කතා ලියන්න

  8. නිරෝෂා ලක්මාලි

    මාර කතාවක්.. ඇත්තටම ගොඩක් ලස්සනයි. ගොඩක් ආසාවෙන් කියෙව්වේ. තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.