Katha Ahura

? සමනල පියාපත් ? 82 වෙනි පියාපත්

කතාව කොහොමද?

82 කොටස

” උඹ කිව්ව බන අහලා ෂානිව උඹට දෙයිද අයියේ ”

මල්ලි ඇහුවෙ මගෙ එහාපැත්තෙන් වාඩි වෙලා.
මම මල්ලි දිහා බැලුවෙ දෙගිඩියාවෙන්. ඇත්තටම චතුර මොනවගේ කෙනෙක්ද කියන්න මම හොදට දන්නවා. ස්වභාවෙන්ම දරදඩු ගති තියෙන චතුර මං කිව්ව දේවල් අහලා එක පාරටම වෙනස් වෙයි කියලා මට හිතුනෙත් නෑ.

” ඒ කොහොම උනත් මිනිහා ඉන්නෙ දැන් ෆුල් අප්සට් එකේ. ෂානි දැන් ඉන්නෙ ලෝක දෙකක රවීන් අයියේ …පරණ දේවල් අමතක උනත් කෙල්ල දැන් අර පොත කියවලා පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නෙ ”

ශාන් කිව්වෙ ඇත්තටම බලාපොරොත්තුවක් තියන්න පුලුවන් කතාවක්.

” ඒක හරි ගියේ නැත්තන් ඊළග ස්ටෙප් එකට යන් …… ”

මල්ලි කිව්වෙ කටකොනකින් හිනා වෙලා. මමත් ඒකට ඔලුව වැනුවා.ඊළග ස්ටෙප් එකේ අපි හිතුවෙ ෂානිව බලෙන් හරි අරගෙන එන්න. ඒත් ඒකට මගේ වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද කිසි කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න මම කැමති නැති නිසා.

ට්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් …….. ට්ර්ර්ර්ර්ර්ර්ර්…

මගෙ ෆෝන් එක රින්ග් වෙච්ච නිසා මම බැලුවෙ මේ හදිස්සියෙ කවුද කෝල් කරන්නෙ කියලා.

” කවුද ”

මගෙ මූණ වෙනස් උන විදිහ දැකලා ශාන් මගෙන් ඇහුවා.

” චතුර ”

” කතා කරලා බලන්න …… ”

එහෙම කිව්වෙ මල්ලි.

” හෙලෝ කියන්න චතුර …….. ”

මමත් කෝල් එක ආන්ස්වර් කලේ , හදිස්සියකට ඇරෙන්න ඌ මට කතා නොකරන බව දන්න නිසා.

චතුර කතා කරපු විදිහෙන්ම මට තේරුනා මොකක් උනත් ලොකු අවුලක් දාගෙන කියලා. ඌට ඕනෙ උනේ පුලුවන් ඉක්මනට මාව හම්බ වෙන්න.

” හරි ….. උඹ මීටර් දෙසීයක් විතර ඉස්සරහට වරෙන්. ශාන් එයි උඹව එක්කන් එන්න …. ”

මං එහෙම කියලා කෝල් එක කට් කලා.

” ඒ පාර මොකද ”
මල්ලි ඇහුවෙ නළලත් රැලි කරන්.

” මොකක් හරි අවුලක් දාන් … මාව හම්බ වෙන්න එන්න ඕනිලු …ශාන් පොඩ්ඩක් පාරට පලයන් …. ඌ ආවම එක්කන් වරෙන්”

මං කිව්වම ශාන් අතුරු ප්‍රශ්න මුකුත් නාහා කාමරෙන් එලියට ගියා.
මල්ලිත් මගෙ දිහා බලලා පුටුවෙ පිටි පස්සටම හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා.

කාමරේ පුරාවටම පැතිරිලා තිබ්බ ලා කහ පාට මලානික එළිය දිහා මම බලාගෙන හිටියෙ දෙගිඩියාවෙන් . ඊළග මොහොතෙ මොනවා වෙයිද කියලා කිසිම දැනීමක් මට තිබ්බෙ නෑ. ඇත්තටම මේ දෙපැත්තට ඇදලා වද දෙන්නෙ අහිංසක පුංචි කෙල්ලෙක්ට නේද කියලා මට හිතුනා.

” රවීන් …….. ර…ර..රවීන් ……. ”

චතුරගෙ කලබලකාරී කටහඩෙන් මම ඇත්තටම ගැස්සිලා ගියා. මොන දේ උනත් චතුර කියන්නෙ ලේසියෙන් කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඒත් ඉහින් කනින් දාඩිය පෙරාගෙන බයවෙලා අපේ කාමරේට දුවන් ආව චතුරව දැක්කම නම් මාව පුටුවෙනුත් නැගිට්ටවුනා.

මොකක් උනත් ලොකු දෙයක් සිද්දවෙලා තියෙනවා කියලා මට තේරුනා.

” මොකද උනේ …… ”

මට මූණ දෙන්න බැරුව වගේ බිම බලන් ඉන්න චතුරගෙන් මම ඇහුවා.

” ර.. ර.. රවීන් …… ඕ නෙගටිව් බ්ලඩ් ගෲප් එකේ කෙනෙක්ව දන්නවද … ”

චතුර ඇහුවේ මගෙ දිහා බලලා.

” ඔව් .. .මගේ ඕ නෙගටිව් … ඇයි .. කාටද මේ හදිස්සියෙ ලේ ඕනෙ ”

මගෙ පපුව වේගෙන් ගැහෙද්දි මම චතුරගෙන් ප්‍රශ්න කලා.

” ෂ… ෂා… ෂානිට ………… ”

” උඹ මොකද්ද යකෝ මගේ කෙල්ලට කලේ ……මං මෙච්චර දවසක් ඉවසුවා පර$%#&@ ”

ෂානිගෙ නම කියවෙනවත් එක්කම මට ඉවසුම් නැතුව ගියා. මම චතුරගෙ කොලර් එකෙන් අල්ලලා ඌව ඇදලා ගත්තෙ මරන්න තරන් කේන්තියකින්.

” එ.. .එයාට …. මතකෙ ආවා … බං ”

” ඉතිං …… ”

මං තවත් චතුරගෙ බෙල්ල අත් දෙකට තද කරගන්න ගමන් ඇහුවා.

” එ.. එ.. එයා …. පේපර් කටර් එකකින් අත කපාගෙන. …. ලේ ගොඩක් ගිහින් .. බේරගන්න නම් පැයක් ඇතුලත ලේ දෙන්න ඕනි කිව්වා ……. ”

චතුර එහෙම කියද්දි උගෙ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ආවා.

” මං උඹට කිව්වා ඕක වෙයි කියලා ”

මං එහෙම කියලා ඌව අතෑරියේ කේන්තියෙන් .

” මට … සමාවෙයන් රවීන් ….. අනේ රවීන් … උඹේ කෙල්ලව බේරගනින් රවීන් …. මගේ පව් වලට ඒ අහිංසකී පලි නෑ බං …… ”

චතුර කිව්වෙ ඇස් වල කදුලු පුරවගෙන.

” උඹ කිව්වත් නොකිව්වත් මගෙ පණ ටික දීලා හරි මං මගෙ කෙල්ලව බේරගන්නවා යකෝ ………. ”

” ෂානි අයිති උඹට බං …… මමයි වැරදි කලේ .. .මං කලේ ලොකු පවක් බං .. .අනේ …ඉක්මනට යමන් ….උඹේ කෙල්ලව බේරගනින් රවීන් ..උඹට විතරයි කරන්න පුලුවන් …….. ”

චතුර කිව්වෙ බැගෑපත් වෙලා.

අනිත් පැත්තට අපි හතර දෙනා හොස්පිට්ල් ආවෙ ෂානිව බලන්න. එතකොටත් මගෙ කෙල්ල අයිසීයූ එකේ මාරයත් එක්ක සටන් කරනවා.

මට චතුර එක්ක නොසෑහෙන්න කේන්තියක් තිබ්බත් දැන් මේක රණ්ඩු කරන වෙලාවක් නෙවෙයි කියලා මං හිතුවා.

ඊළගට ඩොක්ටර්ස්ලා ඇවිත් මගේ ලේ චෙක් කරලා මගෙන් ලේ ගත්තේ ෂානිට ඉක්මනටම දෙන්න.

මීට කලින් ඇත්තටම මම බ්ලඩ් ඩොනේට් කරලා තිබ්බෙ නෑ. වැඩි කාලයක් ලංකාවෙ නොහිටිය නිසා බ්ලඩ් ඩොනේට් කරන්න මට අවස්තාවක් ලැබිලා තිබ්බෙත් නෑ. හැබැයි මේ තරම්ම ආදරේ කල මගෙ කෙල්ලටම මට බ්ලඩ් ඩොනේට් කරන්න වෙයි කියලත් මම හීනෙකින්වත් හිතුවෙ නෑ.

හොස්පිට්ල් එකෙන් අපි ආයෙමත් එළියට ආවෙ සැනසුම් හුස්මක් අරන් පපුව ඩිංගක් හෑල්ලු කරගෙන.

………………………

මෙච්චර දවසක් මම , චතුර , මල්ලි , ශාන් විතරක් දැනගෙන හිටිය කතාව මං හැමෝම ඉස්සරහා කියලා ඉවර කලා. ඒ වෙද්දි ෂානි නම් හිටියෙ ඇස් වල කදුලු පුරවගෙන.

” එතකොට අක්කව සප්‍රයිස් කරන්න ඕනෙයි කියන යෝජනාව කාගෙද ”

එහෙම ඇහුවෙ ෂානිගෙ නංගි.

” ඒකත් අයියගෙ තමා ……… ”

මල්ලි එහෙම කියලා හිනා උනා.

” හ්ම්ම් ඔව් ……… චතුර මං එක්ක කිව්වා … ෂානිට ඇවිදින්න බැරි එක ගැන ඉන්නෙ සෑහෙන්න හිත් වේදනාවෙන් කියලා. … ඉතිං මං දැනන් හිටියනෙ එයා මේ රෝද පුටුවට වෙලා ඉන්නෙ ශොක් එකකට මිසක වෙන අමාරුවකට නෙවෙයි කියලා . .ඒකයි මම හිතුවෙ එයාව මෙහෙම ස්ප්‍රයිස් කරන්න .. එතකොට මං හොල්මනක් කියලා බය වෙලා හරි නැගිටීවිනේ කියලා හිතුවා ”

මං එහෙම කිව්වම ඔක්කොටම එක පාර හිනා ගියා.

” මං හිතුවෙ මට ඇවිදින්නම බැරි වෙයි කියලා .. මට තිබ්බෙ ශොක් එකක් කියලා මං දැනන් හිටියෙ නෑනෙ .. චතුර අයියා මට කිව්වෙත් නෑ ”

මගෙ කෙල්ල මූණ කලු කරන් එහෙම කියද්දි මම ඒ රෝස පාට කම්මුලක් හෙමීට ඇගිලි තුඩු වලින් අල්ලලා මිරිකුවා.

” පිස්සි … හැමදේම වෙන්නෙ හොදට කියලා හිතන්නකෝ ….. ”

” හ්ම්ම් ……… ”

හිනාවෙද්දි රෝස පාට වෙන කම්මුල් දිහා මම බලාගෙන හිටියෙ ලෝභකමින්. එක පාරක් ඉඹින්න තිබ්බනම්. කොහෙද මුන් ටික කන්න වගේ බලන් ඉන්නවනේ.

ඒත් ඉතිං කමක් නෑ .. දැන් මගේනේ.

මං එහෙම හිතලා හෙමීට මගෙ පුංචි කෙල්ලගෙ කම්මුලක් ඉම්බා. ඒ සිනිදු කම්මුල් අද හරිම සුවදයි. මල් පෙති වගේ.

” මේ … මේ … ෆ්‍රී ෂෝ එපා … .මෙතන පොඩි උන් ඉන්නවා ”

මම එතනින් නවතින්නෙ නෑ කියලා දැක්ක අපේ මල්ලි කෑගැහුවෙ මාවයි ෂානිවයි ලැජ්ජාවෙන් රතු කරලා.

” අන්න චතුර මේ පැත්තට එනවා ”

ශාන් මගෙ උරහිසට තට්ටුවක් දාලා පෙන්නුවා.
එතකොටයි මම දැක්කෙ අපේ පැත්තට හිනාවේගෙන එන චතුරව.

____________________________________

” කොහොමද කට්ටියට , හොදින් නේද හැමෝම ”

කිසි වෙනසක් නොපෙන්නා මගෙ ළගින්ම ඉදගත්ත චතුර දිහා අපේ එවුන් නම් බැලුවෙ හොරාට. උන්ට තාම පුදුමයි මිනිහගෙ මේ වෙනස්වීම.

” මීට වඩා හොදක් කොහෙද තියෙන්නෙ අයියේ ”

අපේ මල්ලි එහෙම කිව්වම චතුරගෙ මූණෙ ඇදුනෙ හීන් හිනාවක්. ඇත්තටම මං මීට කලින් උගේ මූණෙ ඒ වගේ හිනාවක් දැකලා තිබ්බෙ නෑ.

” මං මෙහෙම ඇවිත් කතා කරනවටත් ඔයාලා කැමති නැතුව ඇති නේද ”

චතුර ඇහුවෙ දෙගිඩියාවෙන් වගේ. ඇත්තටම මිනිස්සුන්ට පල නොකියා පලා බෙදන්න නම් මං පොඩ්ඩක්වත් ආස නෑ. දෙයක් කියනවා නම් කෙලින් කියන්න ඕනි.

” ඇත්තටම ඉස්සර නම් මට උඹව පේන්න බෑ චතුර …. හැබැයි දැන් නම් එහෙම දෙයක් මගෙ හිතකවත් නෑ. ”

මං ඒක කිව්වෙ හදවතින්මයි.

” මං දන්නවා බං ඒක. … මගෙ අතින් උඹලට උනේ ලොකු වැරැද්දක් … .මම කලේ උඹලා දෙන්නගෙනම ජීවිත අනතුරේ දාපු එක ”

චතුර කිව්වෙ හැබෑවටම කළකිරීමකින්.

” මට වැරදි වැඩ කරන මිනිස්සුන්ව පේන්න බෑ… ඒත් වැරද්ද පිලි අරන් ඒ වරද හදාගන්න මිනිස්සුන්ට මං ආදරෙයි ”

මං කියද්දි ෂානිත් චතුර දිහා බලලා හිනා උනා.

” ෂානි …. දැන් සතුටින් නේද … සමාවෙන්න නංගි …මම ගොඩක් ආත්මාර්ථකාමී උනා….. ඇත්තටම ඔයා බලහත්කාරෙන්ම අරගෙන ගිහින් මම ඔයාගෙ ජීවිතේ ලොකු අනතුරක දැම්මේ … ඒක මට තේරුනේ ඔයාට වෙඩි වැදුන වෙලාවේ …. ”

චතුර කිව්වෙ පසුතැවීමෙන්.

” අනේ අයියේ … දැන් ඔය පරණ දේවල් ආයෙ ආයෙ මතක් නොකර ඉමු. මොකද ඒවා අපිට සතුටින් මතක් කරන්න පුලුවන් දේවල් නෙවෙයි නෙ ”

ෂානි කිව්වෙ අපි හැමෝගෙම දිහාව බලලා.

” ඔව් මචං … උඹ අන්තිම මොහොතෙ හරි ඇත්ත තේරුන් ගත්තා … ඒ හින්දා අපි හැමෝම සතුටින් නේ අද …..”

මං කිව්වෙ චතුරගෙ උරහිසට තට්ටුවක් දාලා .

” උඹ කිව්ව දේවල් නිසා තමයි බං මට ඇත්ත තේරුනේ … නැත්තන් මම හැඟීම් අස්සෙ හිරවෙලා හිටියේ ….. මට .. ඇත්තටම උඹලට මූණ දෙන්න බෑ වගේ මම කරපුවා එක්ක බැලුවම ”

චතුර කිව්වෙ බිම බලාගෙන.

” අනේ අයියේ … වැරදි වෙන්නෙ මිනිස්සුන්ගෙ අතින් … ඒත් ඒ වැරදි හදාගෙන හොද මිනිහෙක් වෙන්න පුලුවන් නම් අන්න ඒක තමයි වටින්නේ … ඔයා අද මට මගේ ජීවිතේ වටිනාම දේ මගෙ ළගටම ගෙනල්ලා දුන්නා … ඒක නිසා ඔයා ගැන ඇත්තටම සතුටුයි ….අන්තිම මොහොතෙ හරි ඇත්ත තේරුන්ගත්ත එක … ”

ෂානි කිව්වෙ ලස්සනට හිනා වෙලා.

ඇත්තටම මට මේ කෙල්ල ගැන පුදුමත් හිතුනා. ඇත්තටම අපි හැමෝම අපි හැමෝම ගැන මොහොතකට පුදුම උනා.

” මචං මේ දේවල් අපෙ අම්මලාට කියන්නෙපා ”

චතුර කිව්වෙ පොඩි එකෙක් වගේ.

” පිස්සුද බං …. එහෙම කරනවද … උඹ හිතුවද අපි මොන්ටිසෝරි යන උන් කියලා ”

මං කිව්ව කතාවට අපේ සෙට් එකම හිනා උනා.

ඇත්තටම අපිට අපි ගැනම පුදුමයි. අපිට තිබුණා චතුර ගැන හැමදේම පොලීසියට කියලා උගේ රස්සාව නැති කරලා ඌව හැමෝම ඉස්සරහා නෝන්ඩි කරලා ඌව හිරෙත් යවන්න.

මොකද ඇත්තටම චතුර කලේ ඒ තරම්ම ලොකු වැරදි. ඒත් අපි කවුරුත් ඒ දේවල් කලේ නෑ. මොකද චතුර එයාගෙ වැරැද්ද පිළිගත්තා .

මිනිස්සු හැමෝගෙම අතින් වැරදි වෙනවා. ඒවට එක එක හේතු තියෙනවා. ඉතිං චතුරත් මෝඩ උනා. හැඟීම් වලට වහල් උනා.ඒ උනාට අවසානෙට එයා ඇත්ත තේරුන්ගත්තා. ඉතිං එයා එයාගැනම කලකිරිලා එයාම වැරැද්ද පිළිඅරන් ඉන්නේ. තවත් මොකටද එහෙම කෙනෙක්ට දඩුවම් කරන්නේ. හෘද සාක්ෂිය තමයි තියෙන හොදම දඩුවම.

” මං ආයෙමත් උඹලා හැමෝගෙන්ම සමාව ගන්නවා …… ”

නිහැඩියාව බිදගෙන චතුර ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

” මටම මං ගැන ලැජ්ජයි .දැන් ඉතිං වෙලා තියෙන දේවල් වෙලා ඉවරයි. කොහොම උනත් මම කල වැරදි එක්ක ආයෙමත් මට මගේ යුනිෆෝම් එක අදින්න හයියක් හිතේ නෑ. ඉතිං මම මගේ ජොබ් එකෙන් ඉල්ලා අස් වෙනවා ……….. ”

චතුර එහෙම කියද්දි ඇත්තටම අපේ ඇස් උඩ ගියා. චතුර අත දික් කරලා කිව්වෙ පුදුම වෙන්න එපා කියලා .

” මගේ හෘද සාක්ෂියට එකගව දැන්වත් වැඩ කරන්න ඕනෙ.. ඉතිං මං හිතුවා ලංකාවෙන් යන්න ….තව දවස් දෙකකින් මම ලංකාවෙන් යනවා … ආයෙමත් සැරයක් මං ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ස්පෙශලි ෂානි නංගි … ඔයාගෙනුයි රවීන් උඹගෙනුයි ……. ”

චතුර එහෙම කියලා හැරුනේ අපි දෙන්නා දිහාවට.

” මං ඔයාට සමාව දෙනවා අයියේ ”

ෂානි කිව්වෙ හිනාවෙලා.

” මං උඹට සමාව දීලා ඉවරයි බං ..එදා උඹේ කටින් පිටවුනේ මගෙ කෙල්ලව මට දෙනවා කියලා .. අන්න එදයි මම උඹට සමාව දුන්නෙ ”

මං එහෙම කිව්වම චතුර මගේ එක අතක් අරන් ඒක එයාගෙ අත් දෙකෙන්ම තද කරලා අල්ලගත්තා.

” එහෙනම් මංගලම් ජය මංගලම් නේද ”

මල්ලි කෑගහලා කිව්වෙ මුලු වෙඩින් හෝල් එකේම අවදානය අපේ පැත්තට හරවලා.

” අයියෝ නංගි මෙන්න මූව පොඩ්ඩක් හදලා ගන්නකෝ “,

කවීෂ් ෂානිගෙ නංගි දිහාවට හැරිලා කිව්වම කෙල්ල රතු උනා.

” මොකද්ද මොකද්ද ඒ කතාව ”

ෂානි නංගි දිහා බැලුවෙ ඇස් දෙකත් පොඩිකරන්.

” සුදූ …ඔයා මැදට පනින්නෙ නැතුව ඉන්නකෝ ….එයාලත් දැන් ලොකු ළමයි ”

මං කිව්වෙ ෂානිගෙ ඉන වටේ අතක් යවලා එයාව මට තවත් ළං කරගන්න ගමන්.

කෙල්ල මගේ දිහාවත් බැලුවේ ඇස් චූටි කරලා කේන්තියෙන් වගේ .

” ඒයි…. ඔහොම මගෙ දිහා බැලුවොත් මෙතනම කිස් කරනවා ”

මම කනට කරලා කිව්වම ෂානි රතු උනා.

” මේන් මෙයා ජම්බු ගෙඩියක් වගේ ”

කවීෂ් කිව්වෙ ෂානි දිහා බලලා හිනාවෙවී.

” අයියා කිව්වෙ නැද්ද ෂානිට මං ගානෙ ඔයාලට දීපු ගිෆ්ට් එක ගැන ”

කවීෂ් මගෙන් අහද්දි ෂානි ඇහිබැමත් අකුලන් මගෙ දිහා බැලුවා.

” මොකද්ද බබා …… ”

ෂානි ඇහුවෙ හොරෙන් වගේ.

” නුවර එළියෙ කවීෂ්ගෙ තාත්තගෙ හොටෙල් එකේ සතියක හනිමූන් පැකේජ් එකක් ”

” සතියක් ! ”

ෂානි ඒක කිව්ව විදිහට කට්ටිය හිනා උනේ මේසෙ බදාගෙන. මට නම් හිනාවෙලා හිනාවෙලා කදුලුත් ආවා. මගේ කෙල්ල බය වෙන්න ඇති.

අපි හැමෝම හිනා වෙච්ච නිසා ෂානිට මල පැනලා. ලැජ්ජාවට රතුවෙලා වැඩි කමට දම් පාට වෙලා කෙල්ල.

” සුදු මැණික ”

මං ෂානිගෙ කම්මුලක් හෙමීට මිරිකුවෙ කෙල්ල මං එක්ක කේන්තියෙන් අහක බලන් ඉන්න නිසා.

ම්ම්හ්හ් ……. කිසි සද්දයක් නෑ . අම්මපා කසාදෙ දවස නොවුනානම් මේකිව කරේ තියන් යන්නෙ මං . මටම ලව් කරලා මටම ගෑස් පෙන්නන ලස්සන බලහන්කෝ.

මම හෙමීට හෙමීට කෙල්ලගෙ කම්මුල මිරිකුවා. කොහොම හරි ඉතිං යාලු කරගන්නත් එපැයි . නැත්තන් මේක පිටින් දාලා හනිමූන් ගිහිල්ලත් ඉදී මූණ ඔහෙක් කරන්.

” පුතා ………..”

ෂානිගෙ සිහියෙන් හිටිය මගේ උරහිසට අතක් තියලා කතා කල සද්දෙන් මාව ටිකක් ගැස්සිලා ගියා.

මං බැලුවෙ කවුද මගේ පිටි පස්සෙ ඉන්නෙ කියලා .

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
කොහොමද මගේ දග සෙට් එක කතාව. දැන් ඔයාලට කතාව හරියටම තේරෙනවා ඇති. දැන් ඉතිං ඔයාලා හෙමින් හෙමින් ළං වෙන්නෙ කතාවෙ අවසාන කොටසට. තවත් කොටස් දෙකකින් ඔයාලා හරිම ආසාවෙන් කියවපු සමනල පියාපත් කතාව නිමාවෙනවා . ඉතිං මේ අන්තිම කොටස් දෙක නම් මිස් කරගන්න එපා ??? ඒවා තමයි ලස්සනම. ???❤❤❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️click කරන්න

මම ඩී.සුමිත්

155 thoughts on “? සමනල පියාපත් ? 82 වෙනි පියාපත්”

      1. ටන්කූ ටන්කූ අක්කිලා නංගලා හැමෝටම ?????????????????????????????????????????????????????????????????????

  1. Loku aiye kathawanam godak lassanai…..habai awasana wenna lagai kiyaddinam godak dukai…..kohoma hari awasaneta raveen ape shanita hambunane………….????

    1. මොනා කරන්නද අප්පා ඉතින් ආරම්භයක් තීණවනම් එතන අවසානයකුත් තියෙනවනී…

  2. ? එරන්දි ?

    රෑ වෙලා එන්නම්කෝ අයියේ කමෙන්ට් එකක් දාන්න.හැමෝම සනීපෙන් ඉන්නවා නේද…ඔයාටත් අඩුයි නේද අයියේ දැන්..බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ..?????

    1. දේවාෂි

      අද කොමෙන්ට් එකක් දෙන්න බැරි උනොත් සමාවෙන්න අයියේ..එහෙම උනොත් හෙට අනිවාරෙන්ම එන්නම්… හැමෝම සතුටින් ඉන්න… අයියා චූටි අක්කි ලෙඩ වෙලා ඉන්න හැමෝම පරිස්සමින් බෙහෙත් බීලා ඉන්න… ❤❤??

      1. චූටි අක්කිට ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික ???????

      2. ? එරන්දි ?

        Dew menika ikmanatama enna hodada …leda wela inna hemotama ikmanatama sanipa wenna kiyala prarthana karanawa .gn mage nango.budu saranai..???

  3. ?Devil fish?

    ayya me kotasa kiyawanna epa kiwwa hindha mama kiyewwe ne. kiyawapu, puluwan kenek innawanm kotase mokakdha wune kiyala cmmnt ekak dhanawadha.

  4. සෙව්මි

    ?හෘදසාක්ශිය තමයි හොඳම දඩුවම… ?

    ? අමතක කරන්න හදන
    ?ගොඩක් දේවල් මතක් කරපු
    ? ඇස් වලට කදුලු ආව
    ?හිතටම වැදුනු
    වචන ටික.. ?????????

  5. ❤කවී❤

    Awasaneta lan wenva kiuwama n attatama dukai aiye gdaak aswen kiyawapu kathawkne itin hbaii antimeta ara polos kottoruwa terum aran shaniva chathura aiyta dunnu eka nm watinva ane ahinsaka apiva mini maruwo nokara e gana nm patta happy ????? ekta nm aiyta umma kotiyak vitra denna onii shanivai raveenvai ekathu kalata ane aiye dn nangita malliva set krpu eke kaveeshta nayo kellavavt set krla ape shan ?? (dn nm hal garadiya kiyla kiynna hitha denent na wagee appa ) kollatat kellek set krnnko ar chathurta pawaniva set krnna tibbe ane denna nm niyemata mathchinene ??

    Aiye katwa nm ela kiri suppa kiyla wadak na mare maru aiya oya parissamin innwa neda loku sithmi akkit parissamin innwa neda dennatama dn hdai neda iye enna bari una loku ekta sama wenna hadissi wada wagayak hinda iye tikak busy una katwa nm kiyhwa tawa dingen huart attack hdenwaa mta iye koatasa kiywaddi ammee adare balaya kohomada shniva issuna avidinna abruwa hitiya kella hita gtta ekat maru neda loku ????

    Aparade loku balapitiya pattata da gttu trip ekat dn cansel krnna wenvane oya itin rveenvai shnivi ekthu kalene hoda patiya oya nm loku ???????????

    Asanipen inna hamadenekma ikmnt sanip wenna kiyla hadawathinma prarthana krnwa ?? adareii hamotama

      1. ❤කවී❤

        Mn hdin dul akkiyo anee mta chuti patiya blnna bari unane akkiyii mn ape aiya kollage 4n eken akki kiuwa name eka search krla baluwa et aiyva prnnuwe na akkiyo ??

  6. නිරෝෂා ලක්මාලි

    අම්මෝ සෑහෙන දේවල් සිද්ධ වෙලා රහසිගතව. ඇත්තටම සෂානි විතරක් නෙමෙයි අපිත් සප්‍රයිස් වුණා ඒකට නම්. සෂානිට මතකය ඇවිත් පේපර් කටර් එකෙන් කපා ගත්තම චතුරට හිතෙන්න ඇති සෂානි අභිට ආදරේ කරන තරම. ඒත් මේ කිසිම දෙයක් දෙම්පියෝ හොයලා බලන්නේ නැතුව හිටියේ කොහොමද කියලත් හිතෙනවා මෙච්චර දේවල් වෙද්දිත්.

    මොනවා වුණත් චතුර කරපු වැරැද්ද තේරුම් අරන් ඒක නිවැරදි කරගන්න හදපු වෙලාවෙම එයා හරි මඟට ඇවිත්. ඉතින් දඬුවම් කරන්න ඕන නෑ තමයි. එයාගේ හෘද සාක්ෂි ගොඩක් හොඳට දන්නවනේ තමන් කරේ වැරැද්දක් කියලා ඒනම ඇති. ඒ වගේම ඒ රැකියාව අත් ඇරපු එකටත් කැමතියි. වැරදිකරුවන්ට දඬුවම් කරන්න ඕනම කෙනෙක් වැරදි කරා නම් ඒ රැකියාවටත් කරන අගෞරවයක්නනේ.

    අනේ ඉතින් පව් කවීෂ් කොල්ලා. හැම පාරම සෂානිට වටිනම ගිෆ්ට් එකක් දෙනවා. ශාන් අයියාත් නියමයි අභිට සෑහෙන උදව් කරලානේ. බ්ලඩ් ඩොනේට් කරන්න මාත් මාරම ආසයි. ඒත් තාම බැරි වුණා. බර නෑ අප්පා 50kg ක් ඉතින් ලේ ගන්නේ නෑ. දවසක කොහොමහරි ඒ දේ කරන්න ඕන.

    කතාව ඉවර වෙනවා කියලා හිතෙද්දි හරි දුකයි අයියේ. මෙච්චර දවස් කතාව ඇතුලේ දුක සතුට වේදනාව බය තරහා හැමදේම එක්ක ජීවත් වුණා. තව කොටස් දෙකකින් ඒ හැමදේම ඉවරයිනේ. තවත් කතාවක් දෙන්න කියලා ඉල්ලන්න බෑ. අයියා අසනීපෙන්නේ ඉන්නේ. කතාවකට වඩා වටින්නේ අයියගේ සෞඛ්‍ය තත්ත්වය. පුළුවන් වෙලාවට කෙටි කතාවක්වවත් දෙන්න. ගොඩක් ආසාවෙන් ආදරෙන් තරහෙන් බයෙන් හැම විදිහකින්ම මෙච්චර දවස් කතාව කියෙව්වා. ඉතින් මේ වගේ කතාවේ අවසානයක් දකින්න තමයි හැමදාම බලන් හිටියේ. ඒකට ⁣ගොඩක් ස්තූතියි අයියේ.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

        1. නිරෝෂා ලක්මාලි

          හොඳින් සඳිනි නංගියා.. සනීපයි දැන්..
          ඔයාට කොහොමද නංගියා..
          ??????????

      1. නිරෝෂා ලක්මාලි

        අවුලක් නෑ අක්කි. සීතල මොකුත්ම කන්නේ නෑ. ඒ නිසා දැන් හොඳයි..
        අක්කිට කොහොමද..
        ??????????

  7. ? මහිංසා ?

    ????????කතාව පට්ටම පට්ට ලස්සනයි ….??????????????????????????????????? ඔන්න මං ගානේ හැමෝටම වෙඩින් කේක් …. හේ හේ….??????????????????????????….කතාවට හරි ලස්සන අවසානයක් දෙයි කියලා හිතනවා ….ඒත් ඉතින් මේ ලොකු නම් ෂුවර් නෑ ??????….තමන්ගෙ සුදු මහත්තයාගේ ලේ කියලා දැන ගත්තහම ශානිට පට්ට හැපි ඇති…..ඉවසීම සැනසීම ගේනවා කියන කතාව පසක් කරල අන්තිමට ශානි රවීන් එකතු වුණා ….?????????

    ශානිගේ නංගීයි රවීන් අයියාගේ මල්ලියි සෙට් ද ලොකු ….???? ඒකත් අපි දන්නේ නැති ලොකු කතාවක් ද….?????? කවුද ඒ පුතා කීවේ…..කවුරුහරි වැඩිහිටියෙක්….???? ….ශාන් කොල්ලා හරි හොඳයි නේද … කවීෂ් කොල්ලත් මාර ගිෆ්ට් එකක් නේ දීලා තියෙන්නේ …චතුර රට යන එකනම් හොඳයි …තාමත් චතුර ෂුවර් නෑ …පවනි නෑනා කෝ…ශාන්ට සෙට් කරමු එයා…ශාන් අයියා නෑයෝ වෙනවානේ රවීන්ගේ….ලොකු මේ රවීන් අපෙත් නෑයෝ හරි ද….දෙන්න එක්කම ඇවිත් යන්න කියන්න අනුරාධපුරයේ ඔන්න ….නෑකම කොහොමද අහන්න එපා ….හේ හේ…????රවීන්ගේ වාසගමේ හැටියට රවීන් අපේ ලග ම නෑයෝ….?????????….

    හෙටයි අනිද්දයි කතාවේ ලස්සන ම කොටස් දෙකලුනේ….?????රවීන් අභිමාන් ,සෂානි පැහැසරණිගේ ජීවිතේ ලස්සන ම ජීවිතේ වටින ම දවස…නේ…දෙන්න ම ආසාවෙන් ඉන්නවා ඇත්තේ …ශානිගේ මතකය අහිමි මොහොතක රවීන්ට ළං වුණා ඇරෙන්න…ශානි රවීන් මුණගැහුනේ නෑනේ… ????? හැමහැමෝගෙන්ම ඈත් වෙලා එයාලගෙම ලෝකයේ තනිවෙන්න …????????????
    ඉතින් ලොකු කොහොමහරි ඔයා කසාද බැන්දා නේද …අඩුම කේක් කෑල්ලක් වත් දෙන්න ….surprise කළේ ශානි ව….අන්තිමට surprise උනේ මේ අපි ….ඒකත් ජයසිරි මංගලම් …අභීට ශානිට …ජීවිතේ සතුටින් ඉන්න ශක්තිය ධෛර්යය වාසනාව ආශිර්වාදය ලැබෙන්නේ කියලා හදවතින්ම පතනවා …????.ඉතින් මේ වගේ ලස්සන මංගල දිනයක් නුදුරු අනාගතයේ දවසක ඔයාගෙ ජීවිතේත් උදා වෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා ලොකු ඔයාට ….?????

    හා හා බේත් ටික බීලා කාල බීලා පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්නව නේද ….දග පවුලෙ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා …අසනීපයෙන් ඉන්න හැමෝම ඉක්මනින්ම සනීප වෙන්නේ කියලත් ආශිර්වාද කරනවා …ජය ශ්‍රී මා බෝ සමිඳුන් පිහිටයි හැම දෙනාට ම …..නිදුක් නිරෝගීමත් සතුට සැනසුම රැඳුණු සුභ සනධ්‍යාවක්…..?????????????☕☕☕☕☕☕☕?????තෙරුවන් සරණයි හැමෝටම

    1. ? මහිංසා ?

      අද කමෙන්ට් ගොඩක් අඩුයි …නිසදැසක්වත් ලියන්න කෙනෙක් නැද්දෝ ….මං ඊයේ නිසැදැසක් ලිවුවා …මගේ එකක් නෙමෙයි…ඒක බලලා ඔයාලා කියපු දේවල් කියන් කිවුව ….වැඩේ කියන්නේ කවුරුත් මුකුත් ම කියලා නෑ …???? ලොකු කවුරුත් කියෙවුවේ නැතත් ඔයා කියවනවනේ….ඒ ඇති…

      1. මගෙ මහී අක්කි… කොහොමද? අක්කි දුකයි නේද මෙහෙම කමෙන්ට් පොඩ්ඩක් දකිද්දි… මාත් දැන් අක්කි ආවේ… මහන්සී… ඒත් කමෙන්ට් නොකර ඉන්නෙ කොහොමද අරයා කමෙන්ට් පේරේතයා කියලා දැන දැනත්… ?????

          1. ? එරන්දි ?

            අනේ ආයේ අසනීප වෙලාද මගේ අක්කියෝ ඔයා.අපේ ලොකූ වගේමයි අනේ ඔයත් පරිස්සම් වෙන්නකෝ රත්තරන් මහන්සි වෙලා අසනීප වෙන්න එපා ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියට…????

      2. ? එරන්දි ?

        අයියෝ මගෙ මැණික කවියක් දාලනේ ඊයේ ඉතින් මට එන්නත් බැරි උනානේ ඊයේ..
        කමෙන්ට් අඩුයි තමයි අක්කියෝ අපෝ කමෙන්ට් පෙරෙතයනේ අපේ අයියා ඉතින්.පව් කමෙන්ට් අඩු උනාම දුක හිතෙයිනේ අයියට.පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාන්න ඒ නිසා…???

    2. මගෙ අක්කියෝ… කෝමද අක්කිට හොදින් නේ…. ගොඩ දවසකින්… අමතක් වෙලාද මන්දා මාව.. ????

  8. ???????

    ගමනක් ගියා ලමයී.දැන් ආවේ කතාව කියවලා කමෙන්ට් එකක් දාන්නම් වස්තුලා ….

    1. දන්නවද මගෙ ශානි
      ආත්මාර්ථය මුල් කරගෙන උනත්
      මම උඹට ගොඩක් ආදරේ කලා
      උඹ මට ආදරේ නොකලත්
      මේ හිතින් මහ ගොඩක් උබ ගැන
      හීන මැව්වා
      ආදරේ හරි පුදුමාකරයි
      මගෙ හිත උබ ලඟ
      ඔය හිත රවින් ලඟ
      ඊර්ෂ්‍යාව දැනුනා මහ ගොඩක් මට
      ඒකයි මේ හැමදේකටම මුල
      පහුවෙලා හරි තේරුනා මට මැණික ……
      උබ අයිති මට නොවන බව
      උබේ ඔය අහිංසක සතුට වෙනුවෙන්
      මගෙ හිත හදාගන්නම් මම
      හැමදාමත් සතුටි දිවි ගෙවන්න
      කිසිදා අඩු නොවන ආදරයකින්
      ගෙවන්න මුළු ජීවිතේම
      මතු දිනෙක මුන ගැසුනොත් මඟතොට
      සිනාසෙන්නම් උබට තිබූ
      ආදරේ ගුලි කරගෙන හද තුල
      ඉතින් මට සමුගන්න අවසරයි
      මගේම නැගණියක් උබ මින් මතුවට….

      ✍️✍️✍️✍️චතුර….

      සතුටු කඳුලු තුරුළු කරන්
      ඔය හිනාව දෝත දරන්
      ආදරයෙන් තුරුළු කරන්
      පියනගමු යුග දිවියට
      ඇරඹුමම ආදරත් වෙලා
      අවසානයත් ආදරයම වෙලා
      ඉතින් සැනසෙමු හැමදාමත්
      සදහට නුඹ මගෙ වෙලා
      මියෙන තුරුම ඔය අත අල්ලන්
      ආදරෙන් හිනැහිලා
      රැක ගනිමි නුබ හදවතින්ම මම
      නුබ මගේ හුස්මම වෙලා….
      ????❤️❤️❤️????

      ආදරේ හිතෙනවා අප්පා.නියමෙටම දැනෙන්න ලියලා අයියේ.හරි ම ලස්සනයි .අනේ චතුර අයියා යන්නද යන්නේ දුකයි දුකයි.පව් අනේ මොනා උනත් චතුර අයියා ශානිට ආදරේ කලානේ.හිත හදා ගනින් කොල්ලෝ ඔය ඕන තරම් නැට්ට පිටින් අලි මැරෙන්නේ.මොනා කලන්නද ඉතින් .දුක තමා සාන්ත.

      ඔක්කොම හරි කියමුකෝ ඒත් අපිට කේක් දුන්නේ නෑනේ.කමක් නෑ ඉතින් පැණි හදේ යන සිහියෙන්නේ ඉන්නේ.

      ඔන්න ඉතින් අයියා සූටි මහන්සි බලන්නේ නැතුව දැම්මා කමෙන්ට් එකක් හලිද.කතාව කියවන්නේ නැතුව ඉන්න හිත දුන්නේ නෑ අලේ ඉතින් .
      අදට නවතින්නම්.සතුටින් පරිස්සමෙන් ඉන්න .
      චූටි අයියේ …
      ජේසු පිහිටයි !!!!!!

    1. උක්කූං පුතා(SuMi )

      Ane ehema na manika aiyya Nam me dawas Wala Mara busy nathi Nam dannawa ne samawenna hode budusaranyi sadamali nangiya

      1. කෝ බලන්න කෙල්ලගෙ මූණ පොඩ්ඩක් ??????? අයියෝ කෙල්ලට දුක හිතුනද? අනේ සමාවෙන්න පැටියෝ … අපේ කස්ටිය මේ ටිකේ ඉන්නෙ රවීන්ගෙයි ශානිගෙයි වෙඩින්ග් එකේ අනේ… ඒකයි ඔයාව හරියට වෙල්කම් කරලා නැත්තේ… මුන් ටික බලන් ඉන්නෙ උන් දෙන්නා පැණි හඳේ යනකම් ?????? සාදරයෙන් වෙල්කම් කරනවා මැණික ??????????????????

    2. Ane ema hithanna epa manika.. reply karanna puluwan unu gamanma me hama comment ekakatama aiya reply karanawa… aiya neme anith hamomath ehemaiman itjin ada thama oyawa dakke.. sadarayen adaren kadaren piliganno ane oyawa ape paulata. Hamadama comment ekak dala sathutin inna pattooooo.. eka neme oya gana hadinweemak karanawada suttak… ????????????

    3. ? එරන්දි ?

      හපොයි සදෝ එහෙම නෑ අනේ.හැමෝම රිප්ලයි කරනවා.ඒම හිතන්න එපා.අදුරගත්තාම හරියනවා.

    4. දේවාෂි

      අය්යෝ මැණික එහෙම නැහැ අනේ… ඔයාව සාදරයෙන් කෑදරයෙන් වෙල්කම් කොරනවා හොදේ….❤❤??
      මම දේවාෂි අශිංසා …. 2000.. ටිකක් පිස්සු…???
      ඊයේ ආවට ඔයාව වෙල්කම් කරන්න උනේ නැත්තේ මගේ ෆර්ස්ට් ලව් එක පිස්සු නටන නිසා…???

    5. අනේ සදා.. එහෙම නැ අනේ අපේ දඟ පවුල.. මේ දවස් වල කට්ටිය ගොඩක් බිසි සමහර අය අසනීපෙන්… මගෙත් ඇගට ෆිට් නැ… ඒ හින්දා ඔයා එහෙම හිතන්න එපා… ඔයාව සාදරෙන් පිලිගන්නවා දඟ පවුලට.. සමාවෙන්න පරක්කු වුනාට… ⁣ඔයාගේ වයස කියද.. කොහෙද ඉන්නේ… දැන ගන්න ආසයි… මං 2000 අක්කියෙක්ද නංගියෙක්ද කියලා කියන්නකෝ…. තරහ වෙන්න ඔට්ටු නැ… දග පවුලේ හැමෝම සතුටින් ඉන්න ඕන… දඟ පවුල කියන්නේ වෙනස්ම විදිහක බැදීමක්… ඔයත් ඉතින් එකතු වෙලා ඒ බැදීම විදගන්න… welcome to our daga family.. ????

  9. Sadamali nuwanthika

    මන් කමෙන්ට් කලාට කවුරුත් රිප්ලයි කරන් නෑනෙ අප්පා …ඒ නිසා මන් තරහයි….???අලුත් අයට මෙහෙමද සලකන්නෙ අප්පා…. ???

    1. ❤කවී❤

      Anee manik kote oya akkiyekda nsngiyekda mn 2001

      Oyva sadarayen welcome krnwa ape daga paulata

      Kattiya busyne itin chuttak vitra oyta welcome krnna maga arenna ati tharaha wenna epa ma manika??
      Nttam me ape daga paule kello tikai kollo tikai oyva amathaka krnne na alee ????????????

  10. අම්මෝ රවීනුත් මාර surprise නෙ දෙන්නෙ ???….හැමදේම හීන් නූලෙන් plan කරලා ??…ඒ වුනාට ෂානි ආයෙත් මොනව හරි කරගත්ත නම් තමයි රවීන් surprise වෙන්නෙ…හොද වෙලාවට ෂානි අකමැත්තෙන් හරි චතුර බදින්න කියලා හිතන් ආවෙ ☺…චතුර අන්තීමේදි හරි එයාගෙ වැරදි තේරුම් ගත්ත නිසා රවීන් සමාව දීපු එකත් හොදයි…හෙට ඛොටස කොටු කොටු නේද අයියෙ ???මන් නම් ඇස් වහගෙන කියවන්නෙ හෙට ???…..

  11. උක්කූං පුතා(SuMi )

    මගේ දඟ සෙට් එක ඊයෙ රිප්ලයි දාපු නැති නිසා ද අද මේ කොමෙන්ට් 30 ගානක් තියෙන්නේ.. අනේ මා කරන්න එපා ඉතින් අයියා පොදුවේ හරි දානවනෙ කොමෙන්ට් එකක්..

    කොහොමද මගේ දග සෙට් එක. ??? ඔයාලා හැමෝම සැපෙන් සනීපෙන් සතුටින් ඉන්මවයි කියලා මම හිතනවා. මොකද දැන් බයවෙන්න දෙයක් නෑනෙ. එයාලා බැදලා ඉවරයි නේ ????

    අදත් ඉතිං මට සමාව භාජනේක දාලා ඉල්ලන්න වෙනවා මගේ දග සෙට් එක ??? ඒකට නම් ඉතිං සමාවෙන්න මට. ගෙදර පොඩි වැඩ වගයක් කලා. ඉතිං මේවා ඔවර වෙද්දි හයත් පහු උනා. දැන් ඉතිං නාලා කාලා එද්දි මට නිදි කුමාරයට වගේ නිදි මත එනවා ???? ඒක නිසා මගෙ දහ සෙට් එක ඔයාලගෙ සුදු ලොකු අයියා ගැන අනුකම්පා කරලා සමාව භාජනේක දාලා දෙන්න හොදේ. ???

    ඔන්න හෙට කොටස නම් කියවන්න පුලුවන් ලොකු ළමයින්ට විතරයි. ඒ කියන්නෙ 20+ අයට ??? මොකද ඒක චූටි ඇච්චො බැච්චන්ට හොද නෑ. නරක් වෙන්න පුලුවන් ????

    හැබැයි ඉතිං මගේ දග සෙට් එක අනිවාර්යයෙන්ම අවසන් කොටස කියවන්න හොදේ. ඒ වගේම අවසාන කොටසට ඔයාලා හැමෝගෙන්ම ලස්සනම ලස්සන කමෙන්ට්ස් ඕනි. ???? ඔයාලා දන්නවනේ මම කමෙන්ට්ස් පෙරේතයෙක් කියලා… ??? ඉතිං අවසන් කොටසට මට කමෙන්ට්ස් වැස්සක් ඕනි … වැස්සක් .. ??? ????

    මං දන්නවා දැන් මගේ දග සෙට් එක සතුටින් ඉන්නෙ කියලා . මොකද කතාවෙ ලස්සන අවසානයක් තියේවි ඔයාලා හිතුව විදිහටම. ඒ විතරක් නෙවෙයි දැනටත් ඉතිං එයාලා කසාද බැන්දනේ. ඔයාලා ඒ ගැනනෙ බයෙන් හිටියෙ… ?? දැන් ඒ බයත් නෑනෙ ???

    මගේ දග සෙට් එක ඊළග කොටස් වලටනම් අනිවාර්යයෙන්ම අයියා කමෙන්ට් දානවා ????? හෙහේ… මටත් ඕනි කමෙන්ට්ස් ගොඩක්. කොච්චර වැඩ තිබ්බත් මම ඔයාලගෙ කමෙන්ට්ස් නම් එකක් නෑර කියවනවා. ඒව හරිම ලස්සනයි . හිතට ගොඩක් සතුටුයි ඒව කියෙව්වම.

    ඉතිං මගේ දග සෙට් එක , තව කොටස් දෙකකින් කතාව ඉවර වෙනවා. ඇත්තටම මට දුකකුත් තියෙනවා. මොකද දග්ග් පවුල එකතුවෙච්ච ලස්සන කතාවක් මේක. ඒ හින්දා අවසානය වෙනකන්ම මේ කතාවත් එක්ක රැදිලා ඉන්න.

    ගොඩක් ස්තූතියි මගේ දග සෙට් එක ඔයාලගෙ මේ ලෙංගතුකමට. ඒ වගේම ඔයාලගෙ මේ ආදරේට. ඒක අඩුවක් නැතුව කතාව පුරාවටම මට දැනුනා. ඉතිං ඒකට හදවතින්ම ස්තූතියි . මට හයියක් වෙනවට මගේ දග සෙට් එකත් හදවතින්ම ස්තූතියි . ඉතිං අවසානය වෙනකන්ම මේ ලෙංගතුකමින් එකතු වෙලා ඉන්න හැමෝම. ????

    එහෙනම් මගේ දග සෙට් එක ..හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනෙ හොදේ. බුදුසරණයි ඔයාලා හැමෝටම. ගුඩ් නයිට් මගේ දහ පැටවුනේ ❤????? ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤??

    ෂානී රවීන් ආදරය අස්සෙන්
    සමනල් පියාපත්
    මුදු සිසිල මැද්දෙන්
    සත්තකින්ම යා වුනේ
    අපේ බැදීමයි
    දග පවුලෙ සදා නොවෙනස් වූ
    ආදරයයි ,,,,,

    ඒ ආදරය ලෙංගතුකම මැද්දෙන්
    කතාව ගලාගෙන ගියා
    දැනුනෙවත් නෑ
    අවසානෙටත් ළං වෙලා
    හිතට දැනෙන්නෙ නම්
    ලොකු වේදනාවක් ,,,,,

    ඒත් දග පවුලෙ මේ බැදීම
    මේ ආදරය
    අත් නොහල මිතුදම
    එක පවුලක වන් වූ සහෝදර බැදීම
    සදා නොවෙනස් නොවේවා කියා
    හැමදාම පතමි මම ,,,

    මම දන්නවා
    ඔයාලත් ප්‍රාර්ථනා කරන්නේ
    එයම බව ,,,,

    සුමී අයියා .

  12. අම්මෝ… කතාව කියවන්න හදිස්සියට කලින් කමෙන්ට් එකක් වත් දැම්මේ නැ… ?? දෙන දෙයියෝ ටොකු ඇන ඇනම දෙනවා… මං හිතුවෙම ෂානිට බ්ලඩ් ඩෝනේට් කරේ චතුර කියලා… ඒක එහෙම නෙවේනේ… මාර හැපි.. ?? මං චූට්ටක් විතර දුකෙන් හිටියේ ඒකට.. දැන් නම් දුකක් ඇත්තෙම නැ… ??

    ශාන් අයියායි මල්ලි හිටිය එකනම් හොදයි… උන් දෙන්නානේ රවීන් රජාගේ ප්‍රධාන නයිට් වරු… රජාව ආරක්ෂා කරලා.. රැජිනව බේර ගත්ත…? නංගි මල්ලි සෙට් එකේ.. ශාන් අයියායි පවනි සෙට් කරමු අයියේ… රවීන් අයියාටත් නංගියෙක් ඉන්නවානේ… එයාගේ වයස එහම කොහොම ද දන් නැ… මේ ගමන්ම මඟුල කතා කරන්න… ?

    චතුර හොද වුන එක කොච්චර දෙයක්ද… යකා කලුයි කිවාට එච්චරම කලු නැ වගේ..?️?️ චතුර පොලිසියෙන් අයින් වෙන එක හොදයි… පොලිසිය ඉන්නේ වැරදි කරන අයට දඩුවම් දෙන්නනේ… එහෙව් එකේ තමන් ගොඩක් වැරදි කරා කියලා දැන දැනම එයා තවත් පොලිසියේ හිටියොත්.. ඒක සමාජේට ලොකු වැරදි අවබෝදයක් වෙනවා… ඒ හින්දා එයා අයින් වෙලා රට යන එක හොදයි… ඒක ලොකු ආදර්ශයක් මේ කතාව කියවන අයට… වැරැද්දක් කරලා හෘදශාක්ෂියට අනුව එතන වැඩ කරන්න බැනේ… ?

    අනිත් එක රවීන් ෂානි කියන්නේ කොච්චර හොද අයද නේද… තමන්ට මෙච්චර කරද කරපු චතුරට එයාලා හරි ඉක්මනටම සමාව දුන්නා… මං නම් එහෙම කරන එකක් නැ.. අඩුම කම්මුලවත් අත ගායි රත් වෙන්නම.. මගේ ඉවසීම නම් බිංදුවයි බිංදුවයි බිංදුවයි දශම බිංදුවයි.. ?? මට ඉවසීමක් ඇත්තෙම නැ.. ඒ හින්දා මං නම් චතුරගේ දත් දෙක තුනක්වත් ගලවලා දායි මේ කරපු වැඩ වල හැටියට.. ?? ඒ අතින් මේ දෙන්නා දෙවිවරුද කොහෙද.. සමාව දීම දේව ගතියක්ලුනේ..

    පවනි ගොලු වෙලාද අයියේ… ටිකක් කතා කරවලා ෂානිගෙන් සමාව ගන්න සැලැස්සුවොත් නරකද… මට තාම තරහයි පවන්සලා එක්ක… චතුර නම් හැමෝම ඉස්සරහ වැරදි පිලි අරන් සමාව ගත්තනේ.. ඒත් අර පවන්සලා සමාව ගත්තේ නැනේ… බලෙන් වෙඩින් එකත් කරන්න හැදුවේ.. ෂානි ඉන්නවා කියලා දැන දැනමත්… ? ඒකයි තාමත් තරහ.. උනහපුලි…

    කවීෂ් කොල්ලා වගේ යාළුවෙක් හොයාගන්න ඕන.. පෝරිසාදයා හොද වුනෙත් ඉතින් ෂානි හින්දනේ.. කවීෂ් නුවරඑළියෙදිත් ෂානිට ගිෆ්ට් එකක් දුන්නා නේ.. දැනුත් පැණි හදට ????? සතියක්ම.. අම්මෝ.. ඒකත් මරු.. ??

    හෙටත් එන්න ඕන මං දැන් ලොකුයිනේ.. හොද හොද දේවල් එළිවෙන ජාමෙට කියනවා⁣නේ… ඒ වගේ තමා කතාවෙත් අන්තිම හරියේ තමා ⁣⁣හොදම දේවල්…?? 2002 පස්සේ නංගිලා හෙට එහෙම කතාව නැලු ඔයාලා එන්න එපා හොදේ… අයියාට වැඩ ගොඩයිලු කතාව දාන්න වෙන් නැලු.. චුටි නංගිලා එන්නෙ එහෙම නැ කතාව දාලාද බලන්නවත් ???

    කතාව ලස්සනයි හිත් පොජ්ජ කීන් ගාන කොටස් තියෙනවා.. ආසාවෙන් කියෙව්වා.. ඔක්කෝම හරි.. ඒත්… දුකයිනේ අප්පා ?????.. කතාව ඉවර වෙනවානේ… මෙච්චර ලස්සන කතාවක් ඉවර වෙන එකට හදවත හඩා වැටෙනවා… අලුත් ලස්සන කතාවක් ඉක්මනටම ඕන අයියා කොටේ හොදේ… දුක දරාගෙන වැඩි දවසක් ඉන්නනම් බැරි වෙයි…??

    ?????????????
    හිතුවේ මගේ මනමාලිය
    කරගන්න…
    දැන දැන ඔබේ හදවත ඔහු ළග
    බවට…
    මසිතේ හැඟීම් පෙර දැරි වු බව
    එදින…
    කෙරුවා වැරදි එක පිට එක මම
    බෝම…

    ආල කලත් මා ඔබ හට මුළු
    හදින…
    ඔබේ ආලය ඔහුටම බව දනිමි
    මම…
    ප්‍රේමය පරිත්‍යාගය බව මම
    හැදින…
    පිදුවා ඔබව ඔහුටම යලි එක
    සිතින…

    සසරෙන් සසර එකටම ඉන්නට
    දෙපල…
    පැතුමන් පතමි මගේ සතුටත්
    එයම නිසා…
    ඉදිරි දිවිය සැමදා සතුටෙන්
    ඉන්න…
    පතමි සුභ පැතුම් මංගල දිනයේ
    අද…

    – චතුර –
    – (පොලිස් කොට්ටෝරුවා?) –
    ?????????????

    කෝමද අයියේ ????????? සනීපෙන් ඉන්නවා නේද.. පරෙස්සමින් ඉන්න ඕන හොදද.. ඇගට මහන්සි වගේනම් කලා බිලා නිදාගන්න හරිද.. කමෙන්ට් කරන් නැතුව… පරෙස්සමින් ඉන්න අයියේ ?????????
    තෙරුවන් සරණයි !…
    හැමෝටම සුභම සුභ රාත්‍රි⁣යක් වේවා.. ආදරෙයි හැමෝටම ..❤️❤️
    ?????

    1. ලස්සනයි නංගි බබෝ…. හඩා වැටෙන හිත කඩා වැටෙයි මයෙ මැණික.. බලාගෙන…… ?

      1. සුභ උදෑසනක් හැමෝටම.. ???
        ස්තූතියි සදී අක්කි..???
        ස්තූතියි දුල් අක්කි… ඉක්මනටම කතාවක් දුන් නැති වුනොත් නම් කඩාගෙනම වැටෙයි වගේ .. ?????
        ස්තූතියි රශි අක්කි.. ???

          1. ඇගට ටිකක් හරි නැ මචී උන ගැනෙන්න වගේ ඒකයි වැඩිය කමෙන්ට් කරේ නැත්තේ.. ?

  13. ☔ ☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔

    වැස්සක්නේ ලොකූ ඉල්ලුවෙ… ඔන්න වැස්සක්…. ??????

    1. ? එරන්දි ?

      හපොයි සදී අක්කියෝ තෙමලා හෙම්බා හදවන්නද හදන්නේ ඇ….???
      නිසදැස පට්ට මගෙ අක්කියෝ…???

      1. ? එරන්දි ?

        හපොයි නිසදැස දුලා මැණිකගෙනෙ අක්කිගෙ නම උඩින් වගේනේ දැක්කේ මන්.සොරි වෙන්න ඕනා හොදේ….

        1. මාත් බැලුවා මගේ නමින් වෙන කවුරු හරි නිසදෙසක් ලියලදෝ කියලා.. ????

    2. සමාවෙන්න ලොකූ මං හෙට දිග කමෙන්ට් 1 දාන්නම්…. කොටපු කමෙන්ට් 1 මිසින්ග් උනා.. ෆෝන් 1 රීෆ්‍රෙශ් උනා අනේ… කෙහෙල් මල… කේන්ති මට.. ??????????????? මං දොයියනවා ගුඩ් නයිට් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

  14. ? එරන්දි ?

    අයියේ මේක හීනයක් එහෙම නෙවෙයි නේද…හම්මෝ ඇත්තමයි ශානිට වඩා අපි සර්ප්‍රයිස් උනා ඔහොමත් කරනවද අප්පා.මාර ප්ලෑන් එකක්නේ රවීන් ගහලා තියෙන්නේ.කොහොම හරි හදවතටම කතා කරලා වැඩේ ගොඩ දාගත්තා නේද රවීන්.මොනා නැතත් කතාවෙන් අල්ලගන්නවා අප්පා.චතුරත් ඒකනේ හැමදේම තේරුම් අරගෙන ශානිව රවීන්ටම දුන්නේ.චතුර තමන්ගේ වැරැද්ද තෙරුම්ගත්තට හිතට එකගවනම් ශානිට රවීන්ට කතා කරන්න බැරුව ඇති.මොනා උනාත් කාට උනත් හිතෙනවනේ මේ වැරැද්ද මන් කලානේ කියලා.රටකට ගියත් තමන්ගේ හෘද සාක්ෂිය හැම වෙලාවෙම මතක් කරලා දෙයි මේ කරපු වැරැද්ද .ඒක තමයි චතුරට ලැබෙන්න ඕනා දඩුවම ආයේ මේ වගේ වැරැද්දක් කරන්න බය වෙන්න ඕනා.

    මොනා උනාත් රවීන් අපේ හාල් ගැරඩි අයියා ඒ කීවේ ශාන් අයියා එතකොට රවීන් අයියගේ මල්ලි මේ හැමෝටම උතුම් හදවත් තියෙන්නේ.නැතිනම් අච්චර වැරැද්දක් කරපු ජීවිතෙ පවා නැති කරන්න හදපු චතුරට කිසි දෙයක් කලේ නෑනේ.හැමදේම තෙරුම් කරලා දුන්නා විතරයි ඒක තමයි රවීන්ලගේ තියෙන මනුස්සකම.තමන්ට වැරැද්දක් කල කෙනෙක්ට උනත් අනුකම්පා කරලා සමාව දෙනවා.වැරදී කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා අර කවුදෝ කාටද කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයිනේ. රවීන් වගේමයි ශානිත්.ඒකනේ අපේ රවීන් කොල්ලට ශානිව මේ තරම් ගැළපෙන්නෙම .හොද මනුස්සයන්ට නරකක් වෙන්නෑ කවදාවත්ම දෙවියෝ උනත් හැම වෙලාවකම එයාලා එක්ක ඉන්නවා.

    කෝ මේ පාවි පාව් පවනි හිටියේ නෑනේ අප්පා.වෙඩින් ඒකේ දැක්කෙවත් නෑනේ.කොහෙ ගිහින්ද දන්නෑ..ආවත් මොකද දැන් රවීන් ශානිගෙම වෙලා ඉවරයිනේ යේ යේ වෙඩින් එකනම් මරේ මරු සර්ප්‍රයිස් උනා නියමෙටම අපි.හාර්ට් ඇටෑක් හැදෙන වැඩමනේ කරන්නේ මේ රවීන් කොල්ලා.දෙන්න හිතෙනවා වොන්ඩබාර් එකක්.

    ඉතින් කොමද මගෙ දග සෙට් එක.හැමෝම සතුටින් සනීපෙන් ඉන්නවා නේද …. මගේ මහී අක්කි ,දෙව් මැණික ,අයේශා අක්කි ,දිල් මචී ,දුලා මැණික, අනේ නම් අමතක උනානම් සමාවෙන්න හැමෝටම ගොඩාරියක් ස්තූතියි මන් ගැන ඇහුවට අව්ල් සේරම හරි ගියා ඔන්න ආදරෙයි ගොඩාරියක් මගේ සුදූලට…?????????

    කොහොමද අයියේ ඔයාට සනීපයි නේද දැන් ඔයාගේ නන්ගියාටත් සනීපයි නේද …වෙලාවට බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙන්න මහන්සි වෙන්න එපා අයියේ ආයේ අසනීප වේවි…පරිස්සමින් ඉන්න බැලුවොත් මොකක් හරි වැඩක්නේ ඔයා ඉතින්….කියන දෙයක් අහන්නෙම නෑනේ…..කතාව අන්තිම කොටස් ටික කියලා හිතෙනකොටනම් හිතට ලොකු දුකක් දැනෙනවා.ආයේ මෙහෙම කියවන්න වෙන්නේ අයියා කතාවක් දැම්මොත් විතරනේ.අපි සනීප වෙලා කතාවක් දාමුකෝ අයියේ…අසනීපෙන් ඉන්නකොට ඔයාට කතාවක් ලියන්න කියන්න බෑනේ.සනීප උනාමනම් කතාවක් ඕනමයි …හොදද ….???

    සුභ රාත්‍රියක් මගෙ දග පවුලේ හැමෝටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න…. ආදරෙයි ගොඩාරියක් …????????

  15. ..Sandashen..

    loku oyata kohomda .ayeth asanipa unada loku .oya nethuwa paluiiiii loku ikmanata sanipa wenna .loku oya anakan maga balan innawa…..bs loku …?????????

  16. මගෙ අම්මෝ….. මේ රවීන් කොස් ඇට මීයා මාරයි නෙ අප්පා… ප්ලෑන් ගහන්න නම් ඩිග්‍රි ගහලද කොහෙද ඉන්නෙ.. ඒ මදිවට ගැරඩි කොල්ලයි මල්ලි පැට්ටයි… ඒ දෙන්නා නොහිටින්න රවීන්ට බෑ කවදාවත්ම ෂානි ලගට එන්න.. හිත හොදයි නම් ආදරේ අවන්කයි නම් වරදින්නෙ නෑ කවදාවත් ඒ වගේමයි වරද්දන්නත් බෑ කාටවත්.. ජීවිතේදි දුක් විදින්නම ඕනි.. නැත්තන් කිසි ගතියක් නෑ… සතුටක් නොලැබුණත් දුකෙන් ලැබෙන හයිය ගොඩක් වටිනවා ජීවිතේ ඉස්සරහට යද්දි.. හැබැයි ඉතින් රවීන් ෂානි දෙන්න නම් මාර ලකී….. දුක් විදලා දුක් විදලා ඒ හැම දුකක්ම අමතක් වෙලා යන්න සතුටක් ලැබුනනෙ ඉතින්… කෝම හරි ඉතින් දෙන්නා බැන්දා නෙව.. ඒ ඇති…

    අර බ්ලඩ් ඩොනේට් කරපු සීන් එකට නම් මන් ගොඩක් කැමතී.. මාත් ඉතින් අවුරුද්දකට පාරක් බ්ලඩ් ඩොනේට් කරනවනෙ.. ඒත් ඉතින් මේ සීන් එක හරිම වෙනස් ඒ වගේම හරිම ආදරණීයයි… තමන්ගෙ හදවතේ අයිතිකාරියට තමන්ගෙම ලේ දෙන්න ලැබුණ එක වගේම තමන්ගෙ හදවතේ අයිතිකාරගෙ ලේ තමන්ට ලැබුණ එක….. ඒක වෙනමම එකක්.. ඒ සතුට කියන්න වචන නෑ.. මොකද කලාතුරකින් නේ ඔය වගේ චාන්ස් ලැබෙන්නෙ… හැබැයි ඉතින් පොඩි අවුලක් තීනෝ.. රවීන් කොස් ඇට මීයගෙ ලේ ෂානි කෙල්ලට දුන්න නිසා ෂානිගෙත් නට් ලූස් වේවිද දන් නෑ…. ?

    චතුර බැබුන් අන්තිමට හරි හැමදේම තේරුම් ගත්තු එක නම් ඇත්තටම ලොකු දෙයක්.. පහු වෙලා හරි එයා එයාගෙ වැරදි තේරුම් අරන් ඒ වැරදි හදා ගත්තු එක හරි වටිනවා.. මොකද හැමෝටම එහෙම කරන්න බෑ.. තමන්ගෙ වැරදි තේරුම් ගන්න ඒ වැරදි හදාගන්න පුලුවන් නිහතමානී හිතකට විතරයි… ඒ වගේ හිත් තීන අය වැඩිපුර ඉදියනම් මේ ලෝකෙ හරි ලස්සන වේවි ඒ වගේමයි දුක් විදින… ජීවිතේ විදවන… ගොඩක් අය අඩු වේවි එතකොට..

    ඒ වගේමයි අයියා මචන් ඔයා කියපු ඒ කතාවත් ඇත්තම ඇත්ත.. ” හෘද සාක්ෂිය තමයි හොදම දඩුවම” මොකද කාගෙන් කෝම බේරුණත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ කාටවත්ම.. ලෝකෙට පේන්න කෝම ජීවත් උණත් කාට කෝම මොන දේ කිව්වත් කලත් තමන් වරදක් කලානම් හෘද සාක්ෂියෙන් ඕනම කෙනෙකුට දඩුවම් දෙනවා.. කාලයත් එක්ක ඒ දඩුවම අනිවාර්යයෙන්ම කොයි විදිහකින් හරි ලැබෙනවම තමා… එතකොට ඉතින් පසුතැවීම විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ….

    අර නංගි බබාගෙයි මල්ලි කොල්ලගෙයි වෙඩින් එකත් ඉක්මනට කරලා දෙන්නනෙ තිබ්බෙ අප්පා.. පව් උන් දෙන්නා.. නිකා…….න් වේලෙනවා.. කරවල වේලෙනවා වගේ… කවීෂ් බට්ටිච්චා නම් සෝයි අප්පා.. නුවරඑළියේ සතියක් හනිමූන්…… අම්මෝ…. ෂානි කෙල්ල ඉතුරු වෙයිද මන්දා.. මොකද රවීන් කොලුවා කියන්නෙ දග මල්ලක් නෙව.. හුරතලේට හපන් දගකාරකම දගකාරකමට හපන් ඒ හුරතලේ… අබ සරණයි කෙල්ලට.. හැබැයි ඉතින් කෙල්ල ලකී…. කොස් ඇට මීයා වගේ හබියෙක් ලැබුණ එක…

    හෙට එපියනන් මන් කියවන් නෑ මයී… ??? අපි තාම සූටි ළමයිනෙ අප්පා.. ?? නිකන් ඇයි මේ මල් වගේ හිත් වල් වගේ කර ගන්නේ.. ??

    කතාව පට්ට ලස්සනයි අයියා මචන්.. අවසානය ලගයි නේ.. ඕනිම කතාවක අවසානයක් තියෙන්නම එපැයි නේද ඉතින්.. අවුලක් නෑ ඉතින් එන්ඩ් එක හැපී නිසා… හැබැයි මේ කතාව හැපි එන්ඩින් නිසා ඊලග කතාව සෑඩ් එන්ඩින් වේවිද මන්දා.. මොනා උනත් කමක් නෑ ආය ඉක්මනින්ම තව කතාවක් ඕනි හොදේ… දැන් අසනීප හොදයිද අයියේ.. බේත් එහෙම බොනවා නේද වෙලාවට.. සුභ පතනවා ඔයාට.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!!

    1. ආ…… බඩ්ඩක් අමතක් උනානෙ කියන්න.. සෂානි චතුරට සමාව දීපු එක.. සත්තමයි තමන්ගෙ ආදරේ තමන්ගෙන් වෙන් කරපු තමන්ට ජීවිතේ ලොකුම වේදනාව උරුම කරපු කෙනෙක්ට සමාව දෙන එක… ඒ දේ කරන්න පුලුවන් ලස්සන හදවතකට විතරයි.. තමන් කරන කියන දේවල් තමයි තමන්ට ඉතුරු වෙන්නෙ හැමදාමත්… තරහ කියන දේ හිතේ තියන් ඉන්න ඉන්න නැති වෙන්නෙත් තමන්ගෙ සැනසීමම විතරයි.. හිත නිදහස්… කිසිම කෙනෙක් ගැන තරහක් වෛරයක් හිතේ කොනකවත් නැති උනාම.. ජීවිතේ තමන්ට වරදක් කරපු ඕනිම කෙනෙකුට දෙන්න පුලුවන් හොදම දඩුවම සමාව.. අපි දඩුවමක් නොදුන්නත් සමාව කියන්නෙ කෙනෙකුට ගොඩක් වටින දෙයක් වගේම කෙනෙකුට ලැබෙන ලොකුම දඩුවමත් ඒකම තමා.. ඒ දඩුවම ඒ කෙනාගෙ හිතට ඕනාවටත්වඩා දැනෙන නිසා.. ඒක එයාගෙ හිතට බරක්… ඕනිම කෙනෙකුට සමාවදෙන්න පුලුවන් නම් හදවතින්ම දන්නවද ඒ ජීවිතේ හරි නිදහස්…

    2. ????????????
      ?මගෙ ලෝකේ මහ ගොඩක්
      ?හීන තිබුණෙ නෑ කවදාවත්
      ?එකම එක හීනයක්
      ?දැක්කෙ මන් හදවතින්
      ?ඒ
      ?ඔයයි මමයි එකතු වෙලා
      ?තරු පිරුණු අහස යට
      ?පෙම් වර්ෂාවෙ නැහැවෙමින්
      ?ගෙත්තම් කරන්න
      ?අපේම වසත් කවියක්…..,
      ?අපි අපේම වෙලා
      ?බාධක මහ ගොඩක්
      ?වේදනා සාගරයක් මැදින්
      ?අද ඒ දවස උදා වෙලා
      ?දන්නවද මගේ හිතේ
      ?සතුට කොයි තරම්ද කියලා
      ?ඒ සතුට
      ?ඔයාට තරම් හොදට
      ?තේරුම් ගන්න වෙන කාටවත්ම බෑ
      ?මන් දන්නවා මේ හිත කියවන්න
      ?මටත් වඩා හොදට
      ?මගෙ සුදු මහත්තයා දන්නවා කියලා
      ?මන් ආදරෙයි
      ?මේ සාගරයට
      ?මේ නිල් අහසට
      ?මේ තරු මන්දාකිණියටත් වඩා
      ?මන් ඔයාගෙම
      ?සුදු නෝනා……,
      ????????????

  17. Chamodya Madusanki

    අම්මෝ සෝයි අනේ. මාර ප්ලෑනක්නේ ගහලා තියෙන්නෙ රවීන් අයියා. ශාන් කොව්වයි මල්ලි කොව්වයි රවීන් කොව්වයි එකතු උනාම ආයේ ශක්‍රයා කියන කව්ද ආවත් දැන්නම් පරද්දන්න බැරි වෙයි.

    “හෘද සාක්ශිය තමා හොදම දඩුවම” එකෙන්ම ඒක තමා හොදම දඩුවම. මම හිතන්නේ ඕනිම කෙනෙක්ව නොමරා මරන්න පුලුවන් හොදම ආයුධය හෘද සාක්ශිය කියලා. ඒක මට හිතුන විදිය. පඩි වදන් කියවනෝද මන්දා මම???

    අන්තිම මොහොමතේ හරි චතුර හොද මිනිහෙක් උන එක ගැන ගොඩක් සතුටුයි. එයාම එයාගෙ වැරදි තේරුම් ගත්ත එක වටිනවානේ.
    කතාවනම් එලකිරි සුපිරි ගොඩාක් ලස්සනයි අයියා. තවත් මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න ඕනියෙ.
    ??????????
    ඉරක්‍ ය ඔබ මට
    සදක් ය ඔබ මට
    මගේ ලෝකයට එලිය
    ගෙන දුන්…
    මලය ඔබ මට
    සුවද මලක්මය
    මගේ හදවත සුවද කර වූ
    තරුවක්‍ ය ඔබ මට
    පහන් තරුවක්‍ ය
    පාලු මගෙ හිතට තනිය මකාලන
    ජීවයට ජීවයක් ගෙන දුන්
    දෙවියන් ය ඔබ
    සැබෑවටම මෙමට…
    ??????????
    අද ටිකක් සෑ උනා කමෙන්ට් එක දාන්න අද මෙච්චර වෙලා මේ ෆෝන් කට්ට අතේ තියෙන්නෙ අපේ අප්පොච්චා ගෙදර නැති නිසා.
    ලොකූ ඔයාට තාම අසනීපයිද? ඉක්මනට සනීප වෙලා එන්න. මගෙ මැණිකෙලා ටික පරිස්සමින් ඉන්නෝනෙද?
    පරිස්සමින් සතුටින් ඉන්න
    බුදුසරණයි
    ලස්සනයි හීන පේන සුබ රාත්‍රියක් වේවා!!!
    ආදරෙයි මගේ අක්කලා අයියලා නංගිලා යාලුවෝ හැමෝටම??????

  18. නයෝ මධූ

    ඉස්සල්ලම සමාව ඉල්ලනවා එහෙන් මෙහෙන් පැන පැන දවසක් ඇර දවසක් කමෙන්ට් කරනවට. අයියේ සමාවෙන්න ඒකට. ඔලුවට මාරම ටෙන්ෂන් මේ දවස්වල. ඒකයි අයියේ. කතාව කියෙව්වා. ඒත් කමෙන්ට් කරන්න තරම් හිතට ෆිට් එකක් තිබ්බේ නෑ. ආයෙත් එහෙම නොවෙන්න වග බලාගන්නම්කෝ හොඳේ……..

    ඉතිං කතාව ගැන කිව්වොත්නම්…… ???????? මොනාද කියන්නේ මං? මොනාද කියන්න ඕනේ? ?????? මටත් ඒ වගේ ආදරයක් ලැබුනානම් කියලා හිතුනා. රවීන් අයියගේ මනමාළ හිනාව එහෙම මැවිලා පෙනුනා අයියේ. අම්මෝ ඉතිං ලොකු වීරක්‍රියාවක් කරලානේ ආදරේ ජය ගත්තේ නේද? ඔයා ඉතිං අයියේ කොහොමත් අපිව ඔලුව වටේම වට දහයක් විතර ගිහිල්ලා ආයෙත් කල්පනා කරලා බලන්නම කියලානේ කතා ලියන්නේ. ඒකනේ අපි කියන්නේ හැමදාමත් ඔයා මාර ටැලන්ටඩ් කියලා………………… ???????

    අන්තිමට චතුර සේරම තේරුම් ගත්ත එකනම් කොච්චර දෙයක්ද? මිනිස්සු අතින් වැරදි වුනා කියලා ඒ මත්තෙම ඉන්නත් බෑනේ. සමාව දීලා හදාගන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. ඒ වගේම සැබෑ ආදරේට බොරු කරන්නත් බෑනේ.

    අයියේ ඔයා හොඳින් ඉන්නවා නේද? මමනම් දවස් ගානකින්ම දැක්කේ නෑ වගේ. වෙලාවට කාලා බෙහෙත් බීලා ඉන්න හොඳේ. එහෙනම් ඉතිං හෙට එන්නම්කෝ. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියේ. ???????????????????????????????????

    1. කෝමද සුදු අක්කියෝ.. හොදින් ඉන්නෝ නේ.. මාෂියවත් මතක් කළා කියන්නකෝ..

  19. ගුඩ් මෝර්නින්ග් හැමෝටම …. ????????????????????????????? මගෙ ලොකු අයියා අද නම් ගොඩක් දුකින් ඇත්තෙ… වෙනදා කමෙන්ට් 300 පනිනවනෙ… ඊයෙ එහෙම වෙලා නෑ… ඒ නිසා අද හැමෝම දිග කමෙන්ට් දාමු… මගෙ 4n මඟුල පිස්සු කෙලිනෝ… අනේ.. ඒත් කියන්නම ඕනෙ නිසයි කිව්වෙ.. හැමෝම එන්න .. අයියා අපි වෙනුවෙන්නෙ කතාව ලියන්නෙ… අපිට හාර්ට් ඇටෑක් දුන්නත් අපේ ලේ කෝප කරත් අපි වෙනුවෙන්නෙ මෙච්චර මහන්සි වෙලා කතාව ලියන්නෙ… අනික එයා අසනීපෙන් ඉද්දි ඇඟිලි සිදෙද්දි ඔලුව සිදෙද්දි ගෙදර වැඩ තියෙද්දි තමයි කතාව ලියන්නෙ… ඒ නිසා ඒකට කරන ගෞරවයක් වශයෙන් වත් අපි කමෙන්ට් දාලා ඒ හිත් පොජ්ජ පොඩ්ඩක් සතුටු කරමු.. එයා අපිට කමෙන්ට් දාන්නෙ නැත්තෙ අසනීප නිසා.. නැත්තං අපි හැමෝටම පොඩි රිප්ලයි 1 හරි දානවනේ.. කොච්චර අසනීප උනත් පොදුවෙ හරි කමෙන්ට් 1 දානවනේ… මෙහෙම කමෙන්ට් අඩු උනාම එයා හිතනවා එයා රිප්ලයි නොකරන නිසයි අපි කමෙන්ට් අඩු කරන්නෙ කියලා… ඔයාලා දන්නවනෙ තාම අපෙ ලොකූ පොඩි එකා වගෙ කියලා ලොකුයි කියලා හිතන් හිටියට… ඒ නිසා කමෙන්ට් අඩු උනාම මේ මැට්ටා අසනීප් උනත් එයි අපිට රිප්ලයි කරන්න.. එයා ලෙඩ උනාමත් අපිටනෙ කරදරේ… ඒ නිසා අපි කමෙන්ට් ගොඩක් දාමූ…. ?????????????????????????????

    1. දේවාෂි

      Good morning හැමෝටම…?❤
      ඔව් නේ සද අක්කියෝ.. ඊයෙ නම් කොමෙන්ට් අඩුයි.. මට දාන්නත් බැරි උනා…?
      කොහෙද මගේ ෆර්ස්ට් ලව් එක එකෙන්ම පිස්සු නටනවා.. මෙයත් එක්ක බලනකොට මම හොඳයි …??
      දාමු දාමු හොඳට කොමෙන්ට්…?? කොහොමත් අද නම් අනිවා දානවා කතාව කියවන්න නම් බැහැ මොකද මම තාම ගොඩක් සූටි නේ…???

    2. Chamodya Madusanki

      අනිවාර්යයෙන්ම අක්කා දිග කමෙන්ට් දාමු. අයියා ආස දිග…. කමෙන්ට් වලටනේ. අයියා හැමතිස්සෙම කියන්නේ අපේ කමෙන්ට් කියවලා ඒ එයාගෙ වත්කම කියලනේ එතන තමා අයියගේ සතුට තීන්නේ කියලයි මට හිතෙන්නෙ. අපි දිග…. කමෙන්ට් දාමු අද අයියාගේ හිතේ සතුට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා ලියලා අපේ හිත් සතුටු කරන ලේඛකයා වෙනුවෙන් දිග… කමෙන්ට් එකක් දාන් යමු.
      කියෙව්වා වැඩි වගේ? වැරදි දෙයක් කියලනම් සමා අයදිමි ඔබ සැමගෙන්

    3. ? එරන්දි ?

      Good morning මගේ සදී අක්කියෝ දග පවුලේ හැමෝටමත් good morning ….???
      අනේ ඒකනම් ඇඇත්තම ඇත්ත මගේ අක්කියෝ අයියා රිප්ලයි දාන්නැති උනාම කමෙන්ට් අඩු වෙනවා.පව් කොච්චර අමාරුවෙන් හිටියත් එයා කමෙන්ට් කරන්නෙත් ඒකමයි.ඊයේ කමෙන්ට් ගොඩාක් අඩුයි.මටත් නින්ද ගියානේ සුදු..
      කොච්චර කීවත් ලොකූ කියලා පොඩි එකා වගේ තමයි කීව එකනම් ඇත්තම ඇත්ත සදී අක්කියෝ කමෙන්ට් පෙරේතයනේ අපේ අයියා.අසනීප උනත් පොදුවෙ හරි කමෙන්ට් එකක් දානවනේ.අද දාමු අපි ලොකූම ලොකූම ලොකුම ලොකු කමෙන්ට් ගොඩාරියක් අපේ ලොකු අයියට සතුටු හිතෙන්නම.නැතිනම් අසනීප වෙලා ආයේ එකක්.එපා කියද්දී එයි පණ දාගෙන රිප්ලයි කරන්න කියන දෙයක් අහන්නෙම නෑනේ..ඊළඟට අපිටම තමයි කරදරේ එයා අසනීප උනාම.මොකද කියලවත් දැනගන්න විදියක් නෑනේ.අද දාමු අපි කමෙන්ට් හෙනටම….???????

    4. සුභ afternoon හැමෝටම.. ??????????
      අනේ ඔව් සඳ අක්කියෝ … ඒකනම් ඇත්ත… මාත් ඊයේ මගේ කමෙන්ට් එක විතරයි දැම්මේ අනිත් කමෙන්ට් කියෙව්වෙත් උඩින් පල්ලෙන්… මට ටිකක් උන හැදෙන්න වගේ මුළු ඇගම රිදෙනවා එකයි ඒ.. ඒත් මං කමෙන්ට් එකක් දැම්මා… අයියා හරි ආසයිනේ දිග කමෙන්ට් වලට… දිග කමෙන්ට් දකින එක අයියාගේ සතුටනේ… කිසිම ලාභ ප්‍රයොජනයක් නැතුව අපි වෙනුවෙන් ලියන කතාවට කමෙන්ට් එකකින් හරි සතුටක් දෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද.. කතාව රේට් කරලා කමෙන්ට් එකක් දාලා කතාව ලියන කෙනාව සතුටු කරන්න විතරයි නේ අපිට පුළුවන්… කිසිම කුහකකමක් නැතුව අපි ඒකවත් කරමු… අයියාට බැරිම වෙලාවක් වුනොත් විතරයි එයා රිප්ලයි කරන් නැත්තේ… අපි එයා ගැනත් හිතන්න ඕනි නේ… හැමෝටම වැඩ තියෙනවා.. ඔයාලා ගොඩක් බිසි ඇති… මං දන්නවා… ඒත් පොඩිම හරි කමෙන්ට් එකක් දාලා අපි අයියාව සතුටු කරමු.. මොකද අපි දාන මේ කමෙන්ට් තමා අයියගේ වත්කම සතුට.. කමෙන්ට් එකක් දාන්න ලොකු වියදමක් යන් නැනේ… චුට්ටක් ඩේටා කැපෙයි එච්චර නේ… අයියාගේ මහන්සිය වෙනුවෙන්වත් අපි කමෙන්ට් දාමු… අද කතාවට වඩා කමෙන්ට් බොක්ස් දික් කරමු… ඔයාලා එහෙම කරනවා නේද… එන්න යාළුවනේ හවසට හොද පිස්සුවක් නටලා… අයියාට දිගගගගගගගගගග කමෙන්ට් දෙමු… හැමෝටම බුදුසරණයි !… ආදරෙයි හැමෝටම …❤️❤️❤️❤️

  20. ??කෞෂි??

    Hmm aththa thamai api waraddak kara nm eka piligena samawa aragena niwaradi kenek wenna puluwan wenna oni…chathura e athi baluwama dan hari hodai itin…anthim dawasata digama digaaaa comment ekk dennam aiya.ehenam shanitai raveentai ජය සිරි මංගලම්…❤️❤️❤️.budu saranai aiya parissamin sathutin inna.
    Daga paule hmotama adrei godaaaaaariyak…❤️❤️❤️

    1. දේවාෂි

      ඔව් ඔව් චතුර පුතා තේරුම් ගත්ත ඉතින්… හිතින් යන අය අතින් නෙවෙයි කකුලෙන් අල්ලලා වත් නවත්තන්න බැහැ කියලා…??

      1. යන උන් නවත්තන් ඇට තම්බන්නද බන්… මොනා උනත් චතුර සූට්ටක් විතර හොද එකා… ????

  21. ..Sandashen..

    සුභ උදෑසනක් ලමායී……කොහොමද හොඳින් ඉන්නවද ……ඔන්න ලමායි මට නම් හොදටම සනිපයි……☺️☺️☺️☺️☺️ඔන්න අද ඉදලා මත් එනවෝ…..????????
    මෙ එක නෙමෙයි මට කවුරු හරි කිය්නව්ද අපෙ ලොකු කෝ කියලා…..අද වත් කොමන්ට් එකක් දන්න කියන්නකෝ ලොකුට එවිත් .නැනැත්තං මන් අයෙත් අසනීප වෙනෝ….ලොකු මන් බලන් ඉන්නෝ …..

    1. උක්කූං පුතා(SuMi )

      ????? අම්මෝ ලෙඩ වෙන්න එපා අමාරු කියාගෙන හරි මං එනවා ???

  22. උක්කූං පුතා(SuMi )

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක… අද සුදු චූටි ලස්සන නර්ස් නෝනා කෙනෙක් මගේ අතින් ලේ ගත්තා චුට්ටක්වත් සිදුණේ නැහැ මට ????.. අද දිග කමෙන්ට් නැතිවුනත් අසූ පස් වැනි කොටසට අන්තිම කොටසට මට අනිවාර්යෙන්ම හැමෝම කමෙන්ට් ඕනෙමයි… ආදරේ මගේ දඟ සෙට් එකේ හැමෝටම තෙරුවන් සරණයි ලස්සන දවසක්

    1. සුදු චුටි ලස්සන… ?? තව විශේෂණ පද තිබ්බේ නැද්ද අයියේ ??… උස කෙට්ටු කොණ්ඩේ දිග වගේ එහෙම… ??

    2. ඇබින්දක්වත් සිදුන් නැත්තෙ සුවු චූටි නර්ස් නෝනෙ දිහා බලන් මනෝ ලෝකෙ ට්‍රැවලින් කලාද අයියා මචන් ඔයා…. ????

    3. ඇබින්දක්වත් සිදුන් නැත්තෙ සුදු චූටි නර්ස් නෝනෙ දිහා බලන් මනෝ ලෝකෙ ට්‍රැවලින් කලාද අයියා මචන් ඔයා…. ????

        1. නර්ස් නෝනා ලේ විතරක් නෙමේද මංදා අරං තියෙන්නෙ ලොකූගෙ… හිතත් අරගෙනද කොහෙද… ??????

          1. ..Sandashen..

            අම්මේ ලොකු ඔය කට දෙපැත්ත පිහිද ගන්ඩෝ…..ම්ම්ම්ම් නැත්තං ඇබලයෝ කයී කට…..???????

  23. ? එරන්දි ?

    අනේ ඇත්තද අයියේ නර්ස් අක්කා දිහාම බලාගෙන ඉන්නකොට ලේ ගන්නවා දැනුනෙවත් නෑ නේද…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.