Katha Ahura

? සමනල පියාපත් ? 83 වෙනි පියාපත්

කතාව කොහොමද?

83 කොටස

” අම්මා …… ”

මගෙ පිටි පස්සෙන් හිටගෙන හිටිය අම්මව දැක්කම මම ඉබේටම පුටුවෙන් නැගිට්ටවුනා.

ෂානිත් කලබල වෙලා පුටුවෙන් නැගිට්ටේ බය වෙලා වගේ.
කෙල්ල බය වෙන එක ඉතිං සාදාරණයි. එයා අපෙ අම්මව දැකලා නෑනෙ කවදාවත්.

” අම්මා ……. ”

අම්මගෙන් කිසි කතාවක් නැති නිසා මං ආයෙමත් කිව්වා.

පවනිව බදින්න බෑ කියලා මම කරපු රණ්ඩු නිසා අම්මා හිටියෙ හරි හිත් වේදනාවෙන්. මගේ කසාදෙටවත් එන්නෙ නෑ කියලා අම්මා කිව්වෙ මට. ඒත් අද අම්මව දැක්කම මගෙ හිතම පිරිලා ගියා.

” අම්මා කෙනෙක් කොහොමද එයාගෙ පුතාගෙ කසාදෙට නෑවිත් ඉන්නෙ ”

අම්මා එහෙම කියලා ෂානි දිහාවත් බලද්දි මමයි ෂානියි දෙන්නම පහත් වෙලා අම්මගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.

” තුනුරුවන්ගෙ සරණයි මගෙ පුතාටයි දුවටයි ……… ”

අම්මා එහෙම කිව්වෙ අපේ ඔලුව අත ගාලා. ඇත්තටම ජීවිතේ මොන දේවල් ලැබුනත් ඒ හැම දේකදිම අම්මගෙ ආශිර්වාදයත් තියෙනවා නම් ඒ ලැබීමේ වටිනාකම වැඩියි.

” අම්මා .. මං අම්මගෙ හිත රිද්දුවනම් සමාවෙන්න මට ”

” නෑ පුතේ .. මටත් තිබුණා ඔයාගෙ හිත තව ටිකක් තේරුන් ගන්න …… මේ පුංචි කෙල්ලට ආදරේ නොකර ඉන්න හේතු තියෙන්න පුලුවන්ද ”

අම්මා එහෙම කිව්වෙ ෂානිගෙ කම්මුලක් අතගාන ගමන්. ඒ වෙද්දි නම් ෂානිගෙ බය ඩිංගක් අඩුවෙලා මූණට එළියවැටිලා තිබ්බා.

” ඒයි මේ මාත් ආවා … .”

අම්මගෙ පස්සෙන්ම දුවගෙන ආව නංගි කිව්වෙ මගෙ කරේ එල්ලිගෙන.

” මගෙ පිස්සු කෝච්චිය ”

මං කිව්වෙ නංගිගෙ කනක් මිරිකලා.

” සුභ පැතුම් මගෙ නෑනන්ඩි ”

නංගි කිව්වෙ ෂානිව බදාගන්න ගමන්. කොච්චර කටකාර කෙල්ලෙක් උනත් අද නම් ෂානි හිටියෙ සිල් අරන් වගේ. මටම පුදුමයි කෙල්ලගෙ මේ සංවරකම දැකලා.

” අපි දුවගෙ අම්මලා එක්ක කතා කරලා එන්නම් ”

අම්මා නංගිගෙ අතිනුත් ඇදගෙන යන්න හැරුනා.
අම්මා යන දිහා බලාගෙන මම කල්පනා කලේ අම්මලගෙ ආදරේ මොනවගේද කියලා . ඒ ආදරේ නම් මොනවටවත් සමාන කරන්න බෑ. ඒ තරම්ම ආදරණීයයි.

” මේහ් ……. පට්ට කම්මැලියි …. ඩාන්ස් කරන්න යමුද …….. ”

කොයි වෙලාවෙත් සොමියෙ ඉදලා පුරුද්ද තිබ්බ අපේ මල්ලි ඇහුවෙ ෂානිගෙ නංගිගෙන්. කෙල්ලගෙ නම් අකමැත්තක් තිබ්බෙ නෑ. ඒ නිසා කෙල්ල මල්ලිත් එක්ක ඩීජේ එක ළගට ගියා.

” මේ කෙල්ල මටවත් නිකමට කිව්වෙ නෑනෙ ”

ෂානි මිමිනුවේ අපේ මල්ලිගෙ කෝට් එකේ කෙලවරකින් අල්ලගෙන යන ෂානිගෙ නංගි දිහාව බලලා.

මම නම් කට කොනකින් හිනාවෙලා අහක බලාගත්තා.පොඩි උන්ගෙ ලව් වලට පවුල් වෙච්ච අපි අත දාලා වැඩක් නෑ නේ.

” මොකද කියන්නෙ අපිත් යමුද ”

කවීෂ් ඇහුවෙ නයෝමදූගෙන්. කෙල්ල නම් ජම්බෝල ගෙඩිය වගේ රතු උනා කවීෂ් එහෙම ඇහුවම.

කවීෂ් වගේ වයසටත් වඩා හැන්ඩි කොල්ලෙක් එහෙම අහද්දි ඕනෙම කෙල්ලෙක් පොඩ්ඩක් ගැස්සිලා යනවා තමයි.

නයෝමදුත් ඉදගෙන හිටිය තැනින් නැගිටලා කවීෂ් එක්ක ගියේ ඩාන්ස් කරන්න. ෂානි නම් මේවා දිහා බලාගෙන හිටියෙ පුදුමෙන් ඇස් ලොකු කරන්. අන්තිමට ටේබල් එකේ ඉතුරු උනේ මමයි ෂානියි පවනියි ශානුයි ෂානිගෙ මල්ලියි විතරයි.

ශානුත් දෙතුන් පාරක් පවනි දිහා හොරාට බලනවා මම දැක්කා. මං ඉතිං නොදැක්කා වගේ හිටියා.

” උඹලා දෙන්න ඔතන බලන් ඉන්නැතුව ගිහින් ඩාන්ස් කරපන් ”

මුන් දෙන්නගෙ හොර ගල් ඇහිලිල්ල මට බලාගෙන ඉන්න බැරිම තැන මම කිව්වා.

” යමුද …… ”

ශාන් හෙමීට අහද්දි පවනි ඔලුව උස්සලා ශාන් දිහා බලලා හිනා උනා. ඒ කියන්නෙ ඉතිං ඒ මගුලත් හරි.

උන් දෙන්නත් ටේබල් එකෙන් නැගිටලා ගියාට පස්සෙ මම හොද හුස්මක් අරන් හැරුනේ ෂානි දිහාවට.

” ඔයා මේවා දැනගෙන හිටියද ”

ෂානි ඇහුවෙ සැකෙන් වගේ.

” මොනවද ”

” මෙයාලත් ආදරේ කරනවා කියලා ”

” නෑ බබා … අපේ මල්ලිගෙ හිතේ නංගි ගැන තිබ්බා කියලනම් දන්නවා .. .ඒත් අනිත් ඒවා නම් අද සෙට් වෙලා වගේ නේහ්”

මං ෂානිගෙ කම්මුලක් හෙමීට අතගාලා කිව්වා.

” හ්ම්ම් .. ඒකත් හොදයි….. ”

කෙල්ල කිව්වෙ මගෙ උරහිසට ඔලුව හේත්තු කරගෙන.

” දන්නවද සුදු නෝනා ……… ”

” ම්ම්ම්ම් …….. ”

” අපේ ආදරෙත් හරියට සමනල පියාපතක් වගේ ………. ”

මං එහෙම කිව්වම ෂානි මගෙ දිහාව ඔලුව උස්සලා බැලුවා.මං කිව්ව කතාව කෙල්ලට තේරිලා නෑ වගේ.

” එහෙම කියන්නෙ ඇයි ……”

” මේකනෙ මැණික සමනල තටුවක පාට ගොඩකින් එක එක රටා ගොඩක් මවලා තියෙනවා …..ඉතිං අපේ ආදරෙත් එහෙමයි … අපේ ආදර කතාව ඇතුලෙ තව ආදරකතා ගොඩක් ලියවිලා තියෙනවා …”

මං කිව්වෙ හිනාවෙවී ඩාන්ස් කරන අපෙ කට්ටිය දිහා බලාගෙන.

” හ්ම්ම්ම් ….. ඒක ඇත්ත මහත්තයෝ ”

ෂානිත් එහෙම කියලා මං බලන් හිටිය දිහාවට ඇස් දික් කලේ හිනාවේගෙන.

____________________________________

විළද පොරි ඉහලා අපට සුභ පැතුවා
අසිරි හඩ දීලා මංගලම් කිව්වා
සුවඳින් පිරී හසරැල් ඔබේ
මගෙ මුවගට ළං වූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා ,,,,,,

අපිට වෙලාව ඇවිල්ලා තිබ්බෙ හොටෙල් එකෙන් පිටත් වෙන්න. ඩීජේ එකේ මල්ලි ගානට වෙලාවට ගැලපෙනම සිංදුවක් දැම්මා. සිංදුවට වැඩියෙන් අපේ උන් කෑගැහලා සිංදුව කිව්වෙ ඇත්තටම විළද පොරි ඉහ ඉහ.

හැමෝගෙම හිනාහඩ ආශිර්වාදය මැද්දෙන් මම ෂානිව උස්සගෙන තමයි හොටෙල් එකේ පඩි පෙළ බැස්සේ.

” අක්කා …. මල් බොකී එක විසික් කරන්න ”

නංගි පිටිපස්සෙ ඉදන් කෑගහලා කිව්වා. ඔව් ඉතිං මුන්ට ඉවසිල්ලක් නැතුව ඇති ඊළගට බදින්නෙ කවුද කියලා දැනගන්නකල්.

ෂානි මගෙ කරේ එල්ලිගෙනම ඇස් දෙක පියාගෙන අපි දෙන්නගෙම ඔලුවලට උඩින් මල් පොකුර විසික් කලේ කෙල්ලෝ කෑගහන සද්දෙ මැද්දෙන්.

” හුරේ ……. ඊළගට බදින්නෙ අපෙ ශාන් කොල්ලා …..”

අපේ මල්ලිගෙ කටහඩ හැමෝගෙම සද්දෙ පරද්දලා ඇහෙද්දි මම ෂානිවත් උස්සගෙන පිටි පස්ස හැරුනා.

අපි දැක්කේ මල් බොකී එකත් අල්ලන් ලැජ්ජාවෙන් බලාගෙන ඉන්න පවනිව.

” කන්ග්‍රෑට්ස් පවනී අක්කා……… ”

ෂානි කෑගැහුවෙ පොඩි එකෙක් වගේ. ඊටත් මගුල් ගෙදර කට්ටිය උඩ බිම බලනවා ඇති අපේ මල්ලි කෑගැහුව විදිහට. ඒ මිනිස්සු දන්නෙ නෑනෙ මේක මගුල් සක්වලක් කියලා.

ඊළගට මම ෂානිව බිමින් තිබ්බෙ හොටෙල් එකෙන් යන්න කලින් අම්මලට කතා කරන්න ඕනෙ නිසා.

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ කල සුභ සිහිනයයි
සෙනෙහසින් කුළ ගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි ,,,,,,,

හිතට අමුතුම හැඟීමක් එක් කරපු ඩීජේ එකේ මල්ලි දාපු සිංදුවෙ වචන පේලි අස්සෙන් මං දැක්කෙ තාත්තගෙ කරේ එල්ලිගෙන අඩන ෂානිව.මගේ කෙල්ලගෙ මම දකින්න අකමැතිම දේ කදුලු උනත් අද ඒ ඇස් වලින් වැටෙන කදුලු නවත්තන්න මටවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.

මම ගිහින් ෂානිගෙ ඔලුව හෙමීට අතගෑවා.

” පුතේ … මේ ඉන්නෙ මගෙ පන ටික .. දැන් ඒක අයිති පුතාට … ප.. පරිස්සම් කරගන්න මගෙ පනටික ….. ”

ෂානිගෙ තාත්තට මගෙ අතකින් අල්ලලා කියාගන්න පුලුවන් උනේ එච්චරයි . ඒ කදුලු පිරිච්ච වියපත් පිරිමි ඇස් දෙක දැක්කම මට හිතාගන්න පුලුවන් උනා මේ කෙල්ලව හදන්න එයා කොච්චර දුක් මහන්සි වෙන්න ඇද්ද කියලා.

ඇස් වල කදුලු පුරවගෙන උනත් ෂානි වෙඩින් කාර් එකට ගොඩ උනේ මුලු ලෝකෙම එයා දිනාගත්තා වගේ හැඟීමකින්. ඒ දිළිසෙන ඇස් දැක්කම මට ඒක හිතාගන්න පුලුවන් උනා.

නුවර වෙඩින් එක ගත්ත නිසා අපේ හනිමූන් එකට අපිට යන්න තිබ්බෙ ගොඩක් දුරකට නෙවෙයි. කවීෂ්ලගෙ නුවර එළියෙ තිබ්බ හොටෙල් එකට තමයි අපිට යන්න තිබ්බේ .

” මහන්සිද මැණික ……. ”

කාර් එක ස්ටාට් කරලා පාරට දාපු ගමන් ෂානි මගේ උරහිසට ගුලි වෙච්ච නිසා මම හෙමීට එයාගෙන් ඇහුවා.

” නෑ මහත්තයෝ ”

” මහන්සි නම් ටිකක් නිදිගන්න ”

මම එහෙම කිව්වම ෂානි ඇස් දෙක පියාගත්තෙ හිනාවෙලා.

අපි හොටෙල් එකට යද්දි අටටත් කිට්ටුයි. ඒ වෙද්දි නම් ෂානිට සනීපෙට නින්ද ගිහිල්ලා. ඒ නිදාගෙන හිටිය විදිහට නම් මට ඇහැරවන්නත් ලෝභ හිතුනා.

මං කාර් එකෙන් බැහැලා ෂානිව අත් දෙකට උස්සගත්තා.

” සර් මං බෑග් දෙක අරගෙන එන්නම් ”

ඩ්‍රයිවර්ට හිටිය කොල්ලා එහෙම කියද්දි මං ඌ එක්ක හිනාවෙලා ෂානිවත් අරගෙන හොටෙල් එක ඇතුලට ගියා.

මනමාලිව උස්සගෙන හොටෙල් එකට එන මනමාලයා දිහා රිසෙප්ෂන්ට හිටිය කෙල්ල ඇස් දෙක නලලෙ තියන් බලද්දි මං හරි සැහැල්ලුවෙන් ඒ කෙල්ල එක්ක හිනාඋනා.

” සර්ගෙ නම … ”

” රවීන් අභිමාන් ”

” අහ් …..කවීෂ් සර්ගෙ යාලුවො නේද ”

” හ්ම්ම් … ඔව් … ”

” තර්ඩ් ෆ්ලෝ එකේ කෙලවරම රූම් එක. රූම් නම් 30 … ”

රෙසිප්ෂන් ගෑණු ළමයා එහෙම කියද්දි එතන හිටිය පිරිමි ළමයෙක් කී එකත් අරගෙන ඉස්සර උනා. එයා මාව එක්කගෙන ගියේ අපේ රූම් එකට.

රූම් එකට ගිහින් ෂානිව ඇද උඩින් තියලා මං බලාගෙන හිටියෙ බෑග් දෙක ගේනකන්. ඒවත් ගෙනාවට පස්සෙ මම හෙමීට දොර වහලා දැම්මා.

” අහ් … ඔයාට ඇහැරුනාද ….. ”

මං කාමරේ දිහාවට හැරෙද්දියි දැක්කෙ ෂානි නැගිටලා ඇස් පොඩි කරනවා.

” චේන්ජ් කරගමු මැණික .. ඔයාට අමාරු ඇති ඕවා ඇදගෙන ඉදලා ”

මං ෂානිට ඇදෙන් බහින්න උදව් වෙන ගමන් කිව්වා. ෂානිත් ඔලුව වැනුවෙ එයාට තනියම නම් ඒ ඇදුම් ගලවගන්න බැරි හින්දා.

ඩ්‍රෙසින් ටේබල් එකේ පුටුව උඩින් වාඩි කරලා මං පැය භාගෙකටත් වඩා එයාගෙ කොණ්ඩ කටු ගැලෙව්වා. හම්මේ … මේවා ඔලුවෙ ගහන් හිටියට කෙල්ලට වෙනම ගානක් දෙන්න ඕනා.

ඊට පස්සෙ ඔසරියෙ කටු ටික ගලවලා ඒකත් ගලවගන්න මම උදව් කලා.

” හෝව් හෝව් ……. ”

සෙටින් යට සාය අතින් අල්ලන් ඔසරි ජැකට් එක පිටින් ෂානි කෑගැහුවෙ මගෙ ළගින් එහාට පනිනගමන්.

” මොකද බං බෙරිහන් දෙන්නේ … හොටෙල් එකේ උන් මොනවා හිතයිද දන්නෑ ”

” ඉතුරු ටික මම වොශ් රූම් එකට ගිහින් ගලවගන්නම් ”

ෂානි ඒක කිව්ව විදිහට මට බකස් ගාලා හිනා ගියා .

” ඇයි බං හත්තිලව්වේ මං දැන් ඔයාගෙ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා … ”

” ඒ උනාට ඔහොම ඉන්න එහායින් … ”

” මං කවුද කියලා නොදන්න කාලෙ මට තුරුල් වෙලා ලිප් කිස් කරන්න හොදයි .. දැන් මේ ඇදුම ගලවන්න උදව් කරන්න හැදුවම තමා දුවන්නේ ”

මං එහෙම කිව්වම ෂානි රතු උනා.

” මට ඇදුම් මාරු කරගන්න පුලුවන් නේ ”

කෙල්ල කිව්වෙ බෑග් එකෙන් තුවායක් ගන්න ගමන්.

” කොරයි කොරයි මං ගලවලා නොදුන්නා නම් ……. ”

මං එහෙම කියලා පැන්නෙ ෂානිව අල්ලගන්න. ඒත් කෙල්ල මට ඉස්සරවෙලා තුවායත් කරට දාන් වොශ් රූම් එකට පැන්නා.

” පිස්සි …….. ”

මං මටම කියාගෙන ඇදුම් මාරු කරන්න පටන් ගත්තා.

විනාඩි හතලිස් පහකට විතර පස්සෙ ෂානි වොශ් රූම් එකෙන් එලියට ආවෙ ටවල් එකත් උඩින් ඇදගෙන.

තෙත බේරෙන කොණ්ඩෙ දැක්කම මට කෙල්ල එක්ක කේන්ති ගියත් ඊට පස්සෙයි මතක් උනේ හොට් වෝටර් තියෙනවා නේද කියලා.
ඒ උනත් සීතල නිසා වෙව්ලන ෂානිගෙ රෝස පාට තොල් දිහා මම බලාගෙන හිටියෙ ආසාවෙන්.

” ගිහින් වොශ් දාගන්න …… ”

මගෙ ළගට ඇවිත් කෙල්ල කිව්වෙ ඇහෙන නෑහෙන සද්දෙන්. නහයට දැනුන හීන් මල් සුවදත් එක්ක මගෙ හිතට දැනුනෙ නැවුම් හැගීමක්.

තවත් මෙතන හිටියොත් මගේ හැඟීම් මටම පාලනය කරගන්න බැරිවෙන නිසා මම නැගිට්ටෙ වොශ් රූම් එකට යන්න.

” මැණික … කෑම කන්න එළියට යනවද ”

” ම්ම්ම් … මහන්සියි වගේ මහත්තයෝ ”

” මටත් ….. එහෙනම් රූම් සර්විස් කෝල් කරලා කෑම රූම් එකට ගේන්න කියන්න ”

මං එහෙම කියලා වොශ් රූම් එක ඇතුලට පැනගත්තා.

උණු වතුර ටිකක් ඇගට වැටෙද්දි පුදුම සනීපයක් මට දැනුනෙ. ඒ අස්සෙ ෂානි තුවායත් ඇදන් මගෙ ඉස්සරහට ආව හැටි මතක් වෙලා මට තනියම හිනා ගියා.

දැන් ඉතිං මගේ නේ …….. මං මටම කියාගත්තෙ පුංචි ආඩම්බරේකින්.

නාලා ඉවර වෙලා තුවායත් ඉනේ පටලවගෙන එළියට ආව මං දැක්කේ කොට ශෝටකුයි ස්කිනි එකකුයි ඇදගෙන ඩ්‍රෙසින් ටේබල් එක ළග කොණ්ඩෙ පීරන ෂානිව.

” සීතල නැද්ද මන්දා මේ කෙල්ලට ”

මං හිතුවා.

” අම්මෝ බලන්නකෝ ලැජ්ජාවක් නැතුව ශෝටක් ඇදන් ඉන්න ලස්සන ”

මං කල්පනා කලේ හිනාවෙවී.

” මයි ස්වීට් හාට් …….. ”

මං පිටි පස්සෙන් ගිහින් කෙල්ලගෙ ඉනවටේට අත් දෙක දාලා උරහිස උඩින් නිකට තියාගත්තම කෙල්ල ගැස්සුනා. තාමත් තෙත බේරෙන මගේ කොණ්ඩෙ එක අතකින් අල්ලලා ෂානි හිනා උනේ හරි ලැජ්ජාවෙන්.

” රත්තරං ……. ”

මං එහෙම කියලා ෂානිව මගෙ දිහාවට හරවගත්තා. බිමටම බරවෙලා තියෙන ඇස් කොයි වෙලාවෙද මගෙ දිහාව බලන්නෙ කියලයි මම බලාගෙන හිටියේ.

ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් එක්ක කාමරේක මං මේ තනි උනාමයි. ඊට කලිනුත් තනි උනා. ඒත් මේ කෙල්ල එක්කම තමයි. හැබැයි එතකොට අපි දෙන්නටම මතකය නෑ.

” කෝ … ඔයාගෙ සුදු මහත්තයා දිහා බලන්නකෝ …. ”

මම එබුනෙ මගෙ පුංචි කෙල්ලගෙ ඇස් වලට.

ඉන වටේට අත් යවලා මම තව ටිකක් ෂානිව මගෙ ළගට කරගත්තා.හෙමීට ඒ කම්මුලක් උඩින් මගෙ තොල් තිබ්බෙ ඒකට මගෙ කෙල්ලගෙ රියැක්ෂන් එක මොකද්ද කියලා බලන්න.

ෂානි හෙමීට ඇස් පියාගත්තේ එයාගෙ අත් දෙකත් මගේ ඉනවටේට යවලා.

ඒ උණුසුම් කම්මුල් වල මම මගේ අකීකරු තොල් එහාමෙහා අරගෙන ගිය මම ඊළගට නැවතුනේ ඒ රෝස පාට තොල් උඩ.

නුවරඑළියෙ සීතල කාළගුණයත් එක්ක හැගීම් උණුසුම් වෙද්දි මම එහෙම්ම ෂානිවත් බදාගෙන ඇද උඩට පෙරලුනේ එක තප්පරේකටවත් ඒ තොල් අත් අරින්නෙ නැතුව.

තොල් වලින් නොනැවතුන මං හෙමීට එයාගෙ කන් පෙති දිගේ තොල් යැව්වා. ඒ සීතල කන්පෙති වල සනීපෙට මාව තවත් පිස්සු වැටුනා කිව්වොත් හරි.

පිච්ච මල් සුවදක් එන මගෙ පුංචි කෙල්ලගෙන් ඈත් වෙන්න මට මොහොතකටවත් හිත දුන්නෙ නෑ. දැන් ඉතිං කාගෙන් තහනමක්ද .
මගේ මැණික මගෙ වෙලා ඉවරයි නෙ දැන්.

” ආදරෙයි සුදු නෝනේ …… ”

කන්පෙති වලින් තොල් ඈත් කරපු මම හෙමීට මිමිනුවා.

” මමත් ආදරෙයි මහත්තයෝ ”

ආයෙමත් මම ෂානිගෙ බෙල්ලයි උරහිසයි අතරට මූණ ඔබාගත්තේ ඒ සුවද තව ටිකක් හොදට විදගන්න.

සිනිදු බෙල්ල වටේටම මගේ තොල් එහාට මෙහාට දුවද්දි මම ඩිංග ඩිංග පහලට ආවෙ මටත් නොදැනිමයි.

හෙමීට ස්කිනි එකේ පල්ලෙහායින් උස්සලා මම ෂානිගෙ ඉනෙන් අල්ලගත්තෙ මගේ හදවතේ ගැස්ම ටික ටික වැඩිවෙද්දි.

ආයෙමත් මම ඒ රෝස තොල් ආදරෙන් ඉඹිද්දි ෂානිත් මගෙ ඉනවටේම අත් දෙක යවලා මාව එයාට ළං කරගත්තා.

මම හෙමීට තව ඩිංගක් උඩට ස්කිනි එක ඉස්සුවේ පිස්සුවෙන් වගේ එයාගෙ උණුහුම හොයාගෙන .

” ටක් …. ටක් …. ටක් ……….”

මීක් සද්දයක් නොතිබුණ කාමරේ එක පාරම ඇහුන දොරට තට්ටු කරන සද්දෙන් මම හෙමීට ඔලුව උස්සලා බැලුවා .

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
ඔන්න මගේ දග සෙට් එක ??? කොහොමද වෙඩින් එක. … කෑම එහෙම හොදට තිබ්බා නේද … ???? දැන් නම් ඉතිං එන්ටර් වෙලා ඉන්නෙ හනිමූන් එකට. ???? ඒත් කවුද මන්දා ටොක් ටොක් ගෑවා නේද … නෑ නෑ බය වෙන්න එපා බාල්දි පෙරලන්නෙ නෑ මේ අවසානෙට ඇවිත්. ??
එහෙනම් ඉතිං අවසන් කොටස 2ත් ආසාවෙන් කියවන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා මගේ දග සෙට් එකේ හැමෝගෙන්ම ❤❤❤❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ click කරන්න

මම ඩී.සුමිත්

213 thoughts on “? සමනල පියාපත් ? 83 වෙනි පියාපත්”

    1. අසාධාරණයි…. ???? ශුවර් ආවේ රූම් සර්විස් එකෙන්… එක්කෝ කලින් එන්න ඕන.. නැත්නම් තව පරක්කු වෙලා එන්න ඕන.. අහිංසක බලාපොරොත්තු කඩ කොලානේ… ?? මට නිකමට හිතුනා අද ඕක කියලා ඉවර කරන් නැ කියලා… අපි පව් නැද්ද අප්පා..??

      ජය මංගලම්… සුභ මංගලම්… කියලා…
      මල්ලි ❤️ නංගි
      කවීෂ් ❤️ නයෝ මධූ
      ශාන් ❤️ පවනි ඕං ඒකත් හරි ⁣එහෙනම්… ?? අයියා අපි කියපු විදියටම කට්ටියව සෙට් කරා නේද…. ??

      අම්මාලා නම් හරිම පුදුමයි.. දරුවන්ට කොච්චර නම් ආදරේද.. මේ කතාවේ ගොඩක් තැන්වල අම්මගේ ආදරේ ගැන කියවෙනවා… ඒ වගේම තමා තාත්තාගේ නිහඩ ආදරේ… තාත්තලා ගොඩක් ආදරෙයි දුවලට… ගැනු ළමයෙකුට ඉස්සරෝම ලැබෙන පිරිමි ආදරේ ලැබන්නේ තාත්තගෙන්.. තාත්තලා ආදරේ පෙන්නන් නැ කිවට… ගොඩක් තාත්තලා තමන්ගේ ආදරේ දුවලට පෙන්නනවා… මගේ තාත්තත් එහෙමයි… ?… මේකෙදි ඒ නිහඩ ආදරේ ගැනත් චූටිවට තියෙනවා.. චූටිවට තිබ්බාට ඒක ගොඩක් දැනෙනවා… ??

      ආහ්… ලස්සන සිංදු ටිකක් තිබ්බා නේ.. මාත් වෙඩින් එකෙදි ඒ සිංදු ටික දාන්න හිතාගත්තා… තැන්කිව් අයියා මචං.. ???

      හෙට වෙනකල් ඉවසිල්ලක් නැ දැන් ඉතින්… ?? හෙට උදේම කතාව දෙන්න බැරි වෙයිද දන් නැ නේද… කතාව හලි ලත්තනයි නේ ඒකයි… අනික අපි තාම සූටි ළමයි…??

      ???????????
      දාරක ප්‍රේමය
      උතුරා යනවා
      අද දින ඔබ අප
      අතහැර යනවා

      දහසක් පැතුමන්
      සිතේ දරාගෙන
      සිටියා අද දින
      එළබෙන තුරු මම

      ඔබේ මනාපය
      ඉටු වී මෙලෙසට
      යනවා දුවණිය
      ඔහුගේ අත ගෙන

      දිවිය පුරා රැකි
      මාගේ පන ටික
      සැමදා රකින්න
      පුතුනේ අද සිට

      ජිවිත ගමනේ
      ඇරඹුම අද දින
      සැමදා සතුටින්
      ඉන්න දෙදෙනම

      – පියා(ෂානි) –
      ???????????

      කෝමද අයියා කොටේ… සතුටින් සනීපෙන් ඉන්නවැයි.. ?? ගෙදර වැඩ වගයක් තියෙනවා කිවා නේ… මහන්සි වෙලා ඇවිත් කමෙන්ට් කොටන්න ඕන නැ හලිද… ?? අද කමෙන්ට් ගොඩාාාාරියක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාට… සතුටින් ඉන්න… තෙරුවන් සරණයි !…
      ????❤️❤️❤️????

        1. නිෂා සශී ?

          දුලා මැණික congratulations ??????????????????????????? මංගානෙ ඔයාට පැට්ටෝ….. නිසදැස ලස්සනයි සුදූ……???

  1. සෙව්මි

    ??????????????????????????????
    කව්ද අනේ ඒ හෝතඹුවා.. කෑවනේ ඉතින් වැඩේ…

    ලොකු අයියේ හෙට නම් අම්මගෙන් ගුටි කාගෙන හරි දිග කමෙන්ට් එකක් දානවා.. හෙට මගෙ අන්තිම කමෙන්ට් එක වෙයි .. අයෙත් ඉතින් exam එකෙන් පස්සෙ තමයි .. මං යනෝ ලමයි . හැමෝම පරිස්සමෙන් ඉන්න්. හෙට හම්බෙමු..??????????????????????

    1. සෙව් නංගා… exam ඉවර වෙලා එන්නකෝ.. එතකොට නිදහස්නේ… හොදට පාඩම් කරන්න මැණික ❤️❤️❤️

    2. ? එරන්දි ?

      අනෙ අනේ පාඩම් කරන එක පැත්තක තියලා මෙයත් ඇවිත් මෙන්න.සුටි බබාලට තහනම් හෙට ඔන්න…අපිත් නැතෝ හෙට සුටීනේ තාම ඉතින්…??

  2. මදූ_දිල්ශා

    කවුද ඒ ඇනේ??? කතාව ලස්සනයි ඒත් ඉවරවෙනව කියලා මතක් වෙද්ද් නම් දුකයි හොදේ???? මොනා කරන්නද ඇරබුමක් තිබේ නම් අවසානයකුත් තියෙනවමයි නෙ???

  3. ? මහිංසා ?

    ???????????✍️✍️✍️✍️???? කතාව පට්ටම පට්ට …අම්මෝ rooms සර්විස් එකෙන් නේද ???? වෙඩින් එක ජයටම ගියා නේද කමෙන්ට් එකක් දාන්නං ඕෆ් වෙලා ගිහින් ????…????

      1. ? මහිංසා ?

        කමෙන්ට් එක පරක්කුයි නේද ලොකු ….මට ලොග් වෙන්න බැරිව මේක මොකද්ද උනා නේ …. කමෙන්ට් එකක් ගැහුවා ..ඒකත් අතුරුදහන්..????? මටමයි වෙන්නේ …..???????කතාව එකෙන්ම සුපිරියි…හරිම රොමෑන්ටික් නවල් එකක් …. අම්මගේ අකමැත්තෙන් ද රවීන් කසාද බැන්දේ …ඉතිං කොහොම හරි අම්මා ආශිර්වාදය කරා නේ …ශානි නෙමෙයි අපිත් පුදුම වුණා …ඇයි දෙයියනේ අපේ නයෝමධු කවීෂ්ට සෙට් වෙලා නේ …ශානිගේ මල්ලි කොල්ලා ඇර සේරම සෙට් වෙලා…ශාන් කොල්ලටත් පවනි කෙල්ලටත් ජයසිරි මංගලම් නේද ….ඇත්තට ම ඒ කපල්ටික නං සමනල පියාපතක එක සැහැල්ලුවට සෙට් වෙලා…හැබැයි ඉතිම් ශානි වටේ හිටිය සේරම …රවීන් එක්ක පට්ටම පිට් වුණා ….ශානි රවීන් ආදරේ අස්සෙන් සමනලුන්ගේ පාට තැවරුණු ආදර කතා තුනක් ම බිහිවුණා නේද …..ඒක නම් පට්ටම සුපිරියි ….?????

        ආදරේ හැඟීම් හරි ලස්සනට පුබුදුවලා…..මේ දඟ කෙල්ලලෝ නරක් වෙයිද මන්ද ලොකු …ආයේ කොහේ නරක් වෙන්නද….ගොඩක් ඉන්නේ සෙට් වෙච්ච කපල්නේ….??????????? මේවගේ ලස්සනට වෙඩින් එකක් ප්ලෑන් කරගන්න ….රතුවෙලා ද කට්ටිය …අද කතාව කියවලා….☺️☺️☺️☺️???

        ටොක් ටොක් ගාලා මූන්සීන් එක කෑවා නේද…Room Service එකෙන් ….දැන් දෙන්න රතුවෙලා ඉන්නේ නැති ව dinner ගත්තා නම් නරකද…???????. ආ ලොකු …රවීන් අභිමාන් බලන්න කිවුව කතාවක් …”පොඩි උන්ගේ් ලව් වලට බැදපු අපි අතදාලා වැඩක් නෑ ලූ….” අයියා ප්ලෑන් කරලා නංගාට මල්ලි කොල්ලා සෙට් කරලා…කසාද බැදලා කෙල්ල කැන්දන් යන්න කලින් කියන්නේ හරියට බැදලා අවුරුදු ගාණක් ගිහින් වගේ…කතාවක් ….????

        ඉතින් ලොකු නර්ස් නෝනාවත් සෙට් වෙයිද ….ඔයාගේ වෙඩින් එකත් ගන්න ….අපට වෙඩින් කේක් කන්න ….????

        බේත් බිවුවද …? නිදිද..ලොකු මං චුටි වැඩක් කලානේ ..පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්නවා නේද …
        බෑග් එ⁣ක ලෙහිලා.ඒක මැහුවා…ඉදිකට්ට ඇනිලා හතර පස් පොලක…මැහුවේ එච්චරයි …මගේ වරදක් නෙමෙයි …මහන්න ඉඩ නෑ ….බෑග් එක මහපු එකා අහු වුණොත් ඒකාවත් දාලා මහනවා …..???පරිස්සමින් ඉන්න හැමෝම …. ඉතිම් හැමෝටම ගුඩ් නයිට් …බුදු සරණයි ??????

        1. ? එරන්දි ?

          අම්මෝ මහී අක්කි එච්චර වසයිද අප්පා.ඕම දරුණු වෙන්න එපා සුදූ….පව් අනේ අර බෑග් එක මහපු කෙනා වෙලාවට ලගක ඒම නැත්තේ හිටියනම් ඒම ඒ මනුස්සයගෙන් බෑග් එකක් මහනවා අපේ අක්කි බබා…
          බුදු සරණයි මගෙ අක්කියෝ සුභ රාත්‍රියක් පරිස්සමින් ඉන්න හොඳද ….????

  4. ?නොහදුනන්නී ?

    ???කමෙන්ට් එක වැටෙයිද මන්දා ඩේටා ඉවරයි …හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි !!!!☸️☸️?

  5. Sadamali nuwanthika

    කතාව ගොඩාඅක් ලස්සනයි ලොකු අයියේ….මන් ගොඩාක් කල් ඉදන් කතා කියවනව…ඒත් රෙජිස්ටර් උනේ ලගදි…මන් දවස් කීපයක්ම කමෙන්ට් කලාට කාගෙන්වත් රිප්ලයි ආවෙ නෑ…ඒකයි දුක හිතුනේ…මන් තරහ නෑ අනේ මගෙ අක්කලා ,අයියලා ,නන්ගිලා,මල්ලිලා කාත් එක්කවත් …..❤❤❤ ඒත් ඉතින් මන් ඊයේ අර වගෙ කමෙන්ට් එකක් දැම්මේ නැත්තම් ඔයාලට මාව මග ඇරෙනවනේ….මමත් චූටි කපටි ප්ලෑනක් ගැහුව ඉතින්…??

      1. ..Sandashen..

        ටිකිරි නිසා හොදට ගියා නේද එරන්දියෝ…..කොහොමද නුවන්තියෝ ඔයා නංගියෙක් දෝ….????

    1. ආ.. සදා අක්කි… රත්ති ද බොන්නේ… මොලෙන් ගහලා අපිව රවට්ටලා.. ???

  6. ? එරන්දි ?

    අයියේ රෑ වෙලා කමෙන්ට් එකක් දාන්නම් බුදු සරණයි ඔයාට…???????

  7. Sadamali nuwanthika

    මන් සදමාලි නුවන්තිකා…මට පවුලේ හැමෝම ආදරේට කියන්නෙ සුදූ කියලා…???..මන් 1999 සිස්ටර් කෙනෙක් හොදේ ….?? නර්ස් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා…❤❤❤

      1. Sadamali nuwanthika

        මන් වාරියපොල …වාරියපොල කෙල්ලක් හොදේ …චන්ඩි මාත්..??

        1. ..Sandashen..

          මමනම් බය නැහැ අපි ගමෙ කෙල්ලොනේ ……ඔය වාරියපොල නංගිලාට ….?????????

          1. Sadamali nuwanthika

            අම්මොහ්…ඔය කෙල්ලක් ද අප්පා…මන් හිතුවෙ කොල්ලෙක් කියලා…මල්ලි කෙනෙක් කියල හිතන් හිටියේ….??

          2. දඟ පවුලෙ නර්ස් ලා වැඩිද මංදා… තව ටික දවසකින් ලොකූගෙ ලේ ගත්ත නර්සුත් එයිද මංදා… ??????

  8. නිෂා සශී ?

    අනේ අනේ ලොකු අයියේ මං කිව්වා නේද ශානුයි ඔයි පවනියි එකතුවෙයි කියලා එතකොට අර කවීෂුයි වූයේ නයෝ මධුයි. අම්මෝ ඉතින් හෙන සතුට ලොකු අයියෙ මෙහෙම අවසානයක් දැක්ක එක.??? ඒක නම් මගුල්සක්වලක් තමා ලොකු අයියේ කතා දෙකක් නෑ ආයෙ .?ඒකනන් පට්ට පට පට ඒ කෑම බුෆේ ඒක නං අයියේ මට මැවිලා පේනවා.?? කෝමන් ඉතින් ශානුයි පවනියිලු අයියේ. ??ලොකු අයියා මේ මට ශානි ව මැවිලාශානි කෙළ ජම්බෝල වගේ රතු වෙලා ඇති නේද ???අපි දැන් නෑනෙ ලොකු අයියේ රවීන් අයියගෙ අම්මා කිව්ව ද වෙඩින් එකට එන්නැයි කියලා. ලොකුයි අපි එහෙම දෙයක් කිව්වේ නෑ නෙ අප්පා.කොහොමහරි කමක් නෑ ඉතින් ඔන්න අම්මා වෙඩින් එකට ආවා නේද ලොකු අයියේ එකත් ඉවරයි.දැන් තියෙන්නෙ කින් පැණි හඬ යන්න තමයි කවුද අනේ අර disturb කරන මෝඩ බූරු පැටියා . ෂුවර් එකට රූම් සර්විස් එකෙන් වෙන්න ඇති. නැත්තං ෂුවර් එකටම ඩිනර් අරන් එන්නැති . යකෝ මුන් දෙන්නට පෙරළෙන්නේ ම බදින නිදහසේ ඉන්න වෙලාව ඇත්තෙම නෑ නේ . ඇයි අයියෝ මෙච්චර දුෂ්ට මේ වගේ චූටි හිත් වලට හුවා බර වැඩියි නේද .??අපේ දඟ පවුලෙ නං ඉන්නේ චූටිම චූටි චූටි චූටි චූටි චූටි ළමයි හරිද ඒ හින්ද මේ වගේ කොටස් එයාලා කියවන්නෙ නැතිවෙයි සමහරවිට. කෝ බලන්න චූටි ළමයි ටික අත උස්සලා මෙහාට වෙන්න….????අනේ පරක්කු උනාට සමාව භාජනයකට දාලා දෙනු මැනවි ලොකු අයියේ…?? අයියෝ ලොකු අයියේ අන්තිම කොටසේදී වත් බාල්දි පෙරලන් නැතුව ඉන්නකො . ඇයි දෙයියනේ මුන්ට හනිමුන් ගිහිල්ල වත් නිදහසක් නෑනේ.??….. අන්තිම කොටස පැණි හඳ බලන්නෙ මම කොටු කොටු ලේන්සුවකින් ….. මං ඒ තරම්ම හොඳයි අපේ අම්මා නං කියන්නේ මේ වගේ ලමයෙක් කොහෙන් වත් හොයාගන්න නෑ කියලා මං ඒ තරං අහිංසකයි …??? ලොකු අයියේ ඔයාට මේ දවස්වල වැඩ වැඩියි නේද.?? හරිය එහෙනම් හෙටත් පැණි හද අරන් එන්නකො අයියේ බාල්දි පෙරලනනැතුව හරිද ….බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ලොකු අයියේ හෙටත් කතාව අරන් එන්න…..????❤️

    රෝස මල් පොහොට්ටුවක්
    වගේ හිටිය නුඹ
    උවදුරු රැසකට
    මුහුණ දීලා අදත්
    ලස්සනට පිපිලා
    හිතාගන්න බෑ කෙල්ලෙ
    ජීවිතය හරිම පුදුමයි
    දෛවය හරිම කුරිරුයි
    දන්නවාද කෙල්ලෙ
    නුඹ තාමත් පුංචි මලක්
    විඳපු දුක් නම් මහා සාගරයක්
    අද ඉන්නේ හැමදේම ඉවරයි
    දෙන්නෙ නැහැ ඔය නෙත් වලට
    ආයෙත් නම් කඳුළක්
    රැක ගන්නම් ඔබ මගේ
    පපුවේ ම තියන්
    දෙනවද මගෙ මැණික මට
    තව එක දෙයක්
    ඔය අහිංසක ඇස් තියෙන
    ශක්තිමත් මල් පොකුරක්
    රකින්නන් මුළු ජීවිතේ ම කරන්……
    ?????සුදු මහත්තයා ????

  9. Sadamali nuwanthika

    අහ් තව දෙයක්…මන් අපෙ පවුලේ බඩපිස්සි…මට අයියා කෙනෙක් ඉන්නවා ….අප්පච්චි නම් නෑ….මටත් පිස්සු තමයි ඉතින් හොදටම ඔයාලට වගේ…….මන් අවුරුදු 1 හමාරකට වැඩි කාලෙක ඉදන් කතා අහුරෙ කතා කියවනව…වැඩියෙන්ම ආසා ලොකූගේ කතා වලටයි,මාදි අක්කිගෙ කතා වලටයි…අනිත් අය තරහ වෙන්න ඔට්ටු නෑ හොදේ එහෙම කීවට…මන් හැමෝගෙම කතා කියවනව…ඒව ඔක්කොම ගොඩාක් ලස්සනයි …ආදරෙයි මගෙ දග පවුලෙ හැමෝටම …???

    1. දේවාෂි

      මාත් අපේ පවුලේ බඩපිස්සි… සුට්ටක් නසරානි වැඩ කරන බාගෙට පිස්සු උනාට… මම හරි අහිංසක කෙල්ලෙක්… හැබැයි ඉස්කෝලේ යන කාලේ නම් ඕන තරම් පිට්ටනියේ දණ ගහලා ඇති …..???

  10. Sadamali nuwanthika

    මන් හිතනව දැන් මන් ගැන කිවුවා ඇති කියල…ඔයාල දැන් මාව අදුරනවනේ….???ඔන්න අද ඉදන් මාත් ඔයාලගෙ පවුලේ කෙනෙක් හොදේ …❤❤

    1. උක්කූං පුතා(SuMi )

      පොඩ්ඩක් හිඳලිලා රෑ වෙලා ඇවිල්ලා ඔය චුට්ටියන් ඔක්කොම අල්ලගන්නම් මම.. බලපල්ලා ඉතිං honeymoon එක කියවන්න තියෙන ආසාව

  11. Sadamali nuwanthika

    අප්පච්චිලාගේ ආදරේ ගැන නම් මන් දන් නෑ ලොකු අයියේ. .මට නොතේරෙන කාලෙමයි මගෙ අප්පච්චි නැති උනේ.. ඒත් ඒ ආදරේ හරිම සුන්දරයි කියල මන් දැකල තියනව …ගොඩාක් ලස්සනයි කතාව ලොකූ…තවත් ගොඩාක් ලස්සන කතාවක් ඕනි හොඳද ලොකු අයියේ …??

  12. ??කෞෂි??

    ???? mm nm mewa kiwwe nathooo.kuda appa me welaweth baldiyak peralanne.aiyo mn danna mun dennata bldimaine appa yalu una dawase idala me wage welwakth baldiagk dapu uguduwa mokada aththata.sha ehenam aoe garadi aiyatath hoda kala dasawak labuwa neda.ammo couple kiyakda …mm nam hithuwe ada kathawa iwarai kiyala .nane loku itin thawa baldiyak me dennata pearalalma iwara karai wage ???.kathwa nm itin supirima supiri aiyo eka newei chathura wedding eka iwara wennath kalin rata giyada eya hitiye na neda anthimata.eytath kauru set karanna thibunane …????????❤️❤️❤️.budu saranai aiye

  13. නිරෝෂා ලක්මාලි

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ඇති යන්තම් වෙච්ච සේරම හුටපට ටික දැන ගත්තා. නැත්තම් ඕවා හිතලා අපිට පිස්සු හැදෙනවා. මොනවා වුණත් අයියේ මං හිතපු විදිහටම ජෝඩු ටික සෙට් කරලා කපුකම කරලා තියෙනවා ආයේ නියමෙටම.
    අභිගේ මල්ලි ❤️ සෂානිගේ නංගි
    කවීෂ් ❤️ නයෝමධු
    ෂාන් අයියා ❤️ පවනි

    අම්මෝ හරිම සතුටුයි කොහොමින් හරි ඔක්කොම අභි සෂානිගේ වෙඩිමට පින් සිද්ධ වෙන්න ඉක්මනට පවුල් වෙයි වගේ. හැබැයි ඉතින් මට අර ආකාශ් කොල්ලවත් මතක් වුණා. අපේ සෂානි කෙල්ලට කැමැත්තෙන්නේ හිටියේ. එයාට මොනවා වුණාද දන්නේ නෑනේ. ???

    අම්මාත් සෂානිට කැමතියිනේ. දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑනේ. තාත්තාගේ ආදරේ ඉතින් නොපෙන්නුවට මං හිතන්නේ අම්මාටත් වඩා අපිට හිතින් ආදරේ කරන කෙනෙක් ඉන්නව නම් ඒ ඉතින් තාත්තාම තමයි.

    දැන් ඉතින් දෙන්නාට සතියක්ම තියේනේ හනිමූන් යන්න. අවසානේ චුටී බබෙකුත් ඉඳීදෝ කියලත් හිතෙනවා මේ යන විදිහට. ඔය නම් ටක් ටක් ගෑවේ කෑම ගෙනල්ලා වගේ. පව් අර අහිංසක අභියට වැඩක්වත් කර ගන්න දුන්නේ නෑනේ. ???

    ඔන්න අපි නම් මොකුත්ම දැක්කේ නෑ. දොර වහලානේ තිබුණේ.. ??

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. නිරෝෂා ලක්මාලි

      ???????????
      රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
      සුපෙම් හිත ළඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
      කඳුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
      පපුව මත සුවඳ විද දෙතොල් පෙති යාවේවී
      රෝස පෙති අතුරාලා

      තරු පේළි පීදීලා සඳ යහන පීරාලා
      නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
      තරු පේළි පීදීලා සඳ යහන පීරාලා
      නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
      ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා

      රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
      සුපෙම් හිත ළඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා

      පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
      පණ වාගේ පෑහීලා මතු ආයේ මාගේ සඳ වේවා
      පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
      පණ වාගේ පෑහීලා මතු ආයේ මාගේ සඳ වේවා
      ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා

      රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
      සුපෙම් හිත ළඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
      කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
      පපුව මත සුවඳ විද දෙතොල් පෙති යාවේවී
      රෝස පෙති අතුරාලා
      ???????????

      1. ? එරන්දි ?

        අනා මන් ආසම සින්දුවක් නිරෝ අක්කියෝ..කෝමද ඉතින් ..???

  14. Chamodya Madusanki

    හප්පුත්තියේ ??? මෙතන පොඩි අය ඉන්නෝ අයියේ සූටි අපි නරක් වෙනෝනේ ඕවා කියවලා???

    අම්මෝ තව මගුල් තුනක් සෙට් උනානේ කොම හරි මල්ලි❤️නංගි, ශාන්❤️පවනි, කවීෂ්❤️නයෝමදු සෝයි අප්පා. දැන් ඉතින් ආයේ බකට් පෙරලන්න කාලුත් නෑනේ ඒ හින්දා බය නෑ. වෙඩින් එකේ කෑම කෝනද දන්නෙ නෑ නේද මට කන්න බැරි උනානේ කාපු කෙනෙක් කියන්නෝ කෑම සසද කියලා. අප්පච්චිගේ ආදරේ ඒ ආදරේ කියලා නිම කරන්න බෑ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ තියෙන්නෙ අම්මයි අප්පච්චි ලග ඒ ආදරේට මිලක් නෑ.

    චතුර කොල්ලටත් කෙල්ලෙක් සෙට් කරන්නනෙ තිබ්බේ පව් කීලත් හිතෙනෝ ඒ උනාට හොද වැඩේ ඕකට.

    රවීන් අයියා මාර රොමෑන්ටික් පොරක්නේ අප්පා???. රවීන් අයියාට අර ආපු එකාගේ අම්මා මුත්තා මතක් වෙන්න ඇති නේ ඒ වෙලාවේ. රවීන් අයියගේ මූණ මැවිලා පේනෝ??? රවීන් අයියට කෑම ගැන මතයක් නැතිව ඇති නේ දැන් ඒ ගෙනාපු ටික අපිට දෙන්න කියන්න???

    ?????????
    නිල් කටරොඩු මල්
    පිපෙනා මේ යාමේ
    කෝල සිනා නෙතග බැලුම්
    කිමද හෙලන්නේ
    දෑස වසා සුවද උරා
    සිත සරසන්නේ
    පහන් සිලුව අදුරු කුටිය
    එලිය මවන්නේ
    රොන් සුවදේ මල් යහනේ
    සතපවලා
    හාදු දිදී
    සන්සුන් වී මන්මත් වී
    හිනහේවී තුරුලු වෙවී.
    ?????????

    කතාවනම් මාර ලස්සනයි අයියේ සුපිරී.
    ඉවර වෙන්න ලගයි නේද දුකයි අනෙ ඒකට☹️ තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. ඔයාට සනීපයි නේද අයියා. ඉකමනට එන්න. මගේ අක්කලා නංගිලා මචීලා පරිස්සමින් ඉන්නවා නේද
    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න
    ආදරෙයි හැමෝටම?????

        1. සඳ මගේ නුඹ
          නුඹ මගේ පණ
          මහද අරණේ
          කල්පයක් කල්
          පැතූ හීනය
          සැබෑ වී ඇත
          මටම හිමිවී
          දෙනෙත වාගේ නුඹව රැකගමී
          එයයි මාගේ මුල්ම
          පිළිනය
          මලකි නුඹ මට
          සුවද කැන්දන
          මගේ පිවිතුරු
          හද උයන් තෙර
          හිදිනු මැන මගේ
          හුස්ම වීලා
          පන ගැහෙන මගේ
          පපුව තුරුලෙම

          (සුදු මහත්තයා)

          දුටුව හීනය සැබෑ වී අද
          වුනානේ මම
          නුඹගේ පතිනිය
          හමුවුනත් ජිවිතයේ
          දුක්බර
          මතකයන් අපේ
          වුනින් අමතක
          ආදරයේ ඇති
          බෙලෙන් යලි අපි
          හිමි වුණා
          සදහටම අපිටම
          හුස්ම වාගේ
          ළගින් ඉන්නම්
          එයයි මාගේ
          පළමු පිළිනය
          නුඹත් සමවේ
          මාගේ දෙනෙතට
          රැදී ඉන්නම්
          ඇස් පියන් යට

          ( සුදු නෝනා)

          පොඩි පොඩි mistake ඇති ගනන් ගන්න එපා හොදේ. Comment කරන්න පලක්කු උනාට තලා වෙන්න එපා මැණිකලා. අනේ ඇත්තට මේ ලොකු මෙතනත් පෙරලුවා නේද බාල්දියක්. කැතයි කරපු වැඩේ කැතම කැතයි ලොකූ. මේ කොල්ලට සූටි පෙම් කූලූ ජෝඩුවට නිදහසක් දෙන්න බැරි හැටියක් අදවත්. පවුනේ අප්පා අච්චර යමර යුද්දයක් අල්ලා කෙල්ලව ලගට ගත්තම මේ ලොකූ පෙරලුවා නේද බාල්දියක්. අම්මපා මේ දොරට තඩිබාන හිපටුවට බැරි වුනාද අප්පා තව සූටි වෙලාවක් හලි පලක්කූ වෙලා එන්න. ඒත් කමක් නෑ කමක් නෑ එක්කෝ කලින්ම ආපු එක හොදා. නැත්තන් ඉතින් රවීන් කොලුවට පැණි හදේ යන්න කල්ප කාලයක් බලා ඉන්න වෙනෝනේ. ??? මේ සූටි අපි පව්නේ. අයියේ මම නම් කතාව කියෙව්වේ එක ඇහැක් වහගෙන හොදේ. මන් තාම සූටි බට්ටියෙක්නේ???.

          කතාව නම් ??????? (මල් 7ක් තියෙද බලන්ඩෝ) කීලා වැඩක් නෑ එලම එල පට්ට සුපිරි,එලකිරි, රත්ති කිරි, රබර් කිරි එකී නොකී මෙකී හැම කිරක්ම මතාක් වෙනෝ කතාව ගැන කියද්දී. ඒ තරම් කතාව නියමයි.නියමෙනුත් නියමයි. දුක තීන්නේ මේ කතාව ඉවල වෙන නිසා තමා ඉතින්. ඒත් හිත හදන් ඉන්නෝ ඉතින් ලොකූ තව කතාවක් දෙනෝනේ කියල. ම්ම්ම්ම්ම් අදට මේ කියෙව්වා හොදටම ඇති නේද? වැඩ ගොඩ ගැහිලනේ අනේ. පාඩම් පාඩම් පාඩම් තමා මේ දවස්වල. ඒත් ඉතින් ඔය මොන වැඩේ තිබ්බත් මේ පැත්තට නම් මන් ඇවිත් යනවා හොදේ. එහෙනම් මගේ අක්කිලා නන්ගිලා මචීලා හැමෝටම සුභම සුභ රාත්‍රියක්!!

  15. Chamodya Madusanki

    කෝ මගේ අක්කලා මචීලා
    දුලා අක්කා, දිල් අක්කා, දුල් අක්කා, සදී අක්කා, දේවාශි අක්කා, කෞශි මචී, මහිංසා අක්කා, අයේශා අක්කා, එරංදි අක්කා, කවී අක්කා, උක්කුං පුතා හෙවත් අපේ ලොකු අයියා කෝ ඔයාලා
    සදසෙන් අක්කා, නිෂා අක්කා නම් නොකීව අය තලා වෙන්න එපා හොදේ කෝ ඔයාලා ඉන්නෝද

        1. ? එරන්දි ?

          අනේ පරිස්සමින් යන්න අක්කි බබෝ හලිද …බුදු සරණයි ඔයාට.

  16. ..Sandashen..

    කොහොමද ලොකු දැන් .හොඳින් ඉන්නවද .මේ අර දවල් අපු සුට් නර්ස් නෝනා අයේ ආවෙ නැතෙයි….??????
    මේ ලොකු ඔයාට බැරිද මේ දෙන්නගේ හනිමූන් එක දවසේවත් පාඩුවේ ඉන්න.අම්මපා මේ ලොකු නම් මොකද ඔයා මේ දොරට තඩී බාන බූරුවෙක්ව කතාවට ගේනාවේ…..??? ශික් හොදම හරිය ය්ද්ද්ද්ද්දද්දිම දොරට ගැහුවනේ….ඔය දොරට තඩී බාපු බූරුවා ට බැරිඋනද තව ටිකක් පරක්කු වෙන්න ……ආදරේ පටන් ගත්ත දා ඉදලා මේ වෙනක්ම්ම බාල්දි පෙරලලා ලොකු ඔයා හනිමූන් එකටත් ඒකම කරන්න ද හදන්නේ ……
    මේ ඒක නෙමෙයි ලොකු හෙට කොටස අද රැට බෝනස් කොටසක් විදිහට දෙන්න බැරිද ??????
    ලොකු අපේ චතුරට මොකද වෙන්නෙ එයාට විතරයි නේ කෙල්ලෙක් නැත්තේ……මොනවා කරත් පවු අනේ ඔය ගස් ගෙම්බා ඌටත් ගස් ගෙම්බියක් ගේන්න ලොකු …. ????????

    රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
    සුපෙම් හිත ලගින් හිද සුසුම් දබු කොදූරාලා
    කදුලු බිදු වහේවී නිදන සිත ඇහරේවී පපුව මත සුවද විද දෙතොල් පෙති යාවේවී ………
    ලොකු සුභ රත්‍රියක් .දලදා සමිදූ පිහිටෙන් ඉක්මනට සනීප වෙන්න .බුදු සරනයි .

    1. මට දෙයක් කියන්න ඕනි හැමෝටම.. මේක කියන්න ගොඩක් කල් ඉදන් හිතේ තිබ්බත් අද කියන්නම ඕනි කියලා හිතුවා.. මේක කියවලා කවුරු කෝම මට මොනා කිව්වත් බැන්නත් කමක් නෑ මට.. මොකද මේ ඇප් එකේදි මන් තරමට කවුරුවත්ම බැනුම් අහලා නැතුව ඇති.. කොච්චර බැන්නත් මන් ඇප් එකට එනවා. ඒ මට රිදෙන්න හිතක් නැති නිසාවත් ලැජ්ජාවක් නැති නිසාවත් නෙමේ.. මන් මේ ඇප් එකට ගොඩක් ආදරේ නිසා.. මොකද මන් සතුටින් ඉන්න තැන මෙතන නිසා..

      ලොකු අයියේ… මතකද ඔයාට හැමෝම සුමී අයියා කියද්දි මාෂි බෝලෙ තමයි ඔයාට චූටි අයියා කියලා කතා කලේ එතකොට ඔයාට ලොකු අයියා කියලා මුලින්ම කතා කලේ මම.. මතකද ඒ දවස්.. අපි හැමෝම ගොඩක් සතුටින් ඉදියෙ.. දග පවුල මුලින්ම හැදුනෙ ඒ කාලේ.. ලොකු අයියෙ ඔයා දන්නවා මන් අපේ දග පවුලට කොයි තරම් ආදරේද කියලා.. ඒ නිසාමයි මන් මේ දේ කියන්න හිතුවෙ.. ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ එක දෙයයි හැමදාමත් වගේ මේ පාරත් මාව වරදවා තේරුම් ගන්න එපා.. ප්ලීස්… බැන්නටනම් කමක් නෑ ඔය බැනුම් මට හොදට පුරුදුයිනෙ කෝමත්..

      ඔයාලා හැමෝම දග පවුලෙ සාමාජිකයෝ.. එහෙමනෙ නේද.. ඒත් අපි හදපු දග පවුල මේක නෙමෙයි.. මේ විදිහට නෙමෙයි දග පවුල තිබුනෙවත් දග පවුල හැදුනෙවත්.. අපේ දග පවුල එක තැනකට සීමා උනේ නෑ කවදාවත්.. උදේ කෙටි කතාවෙන් පටන් අරන් උදේ නවකතාව හවස නවකතාව රෑ හොල්මන් කතාව මේ හැමතැනකදිම අපි හැමෝම එකතු උනා.. පුලු පුලුවන් හැමවෙලේම ඇවිත් කමෙන්ට් කලා පිස්සු නැටුවා රෑ එක දෙක වෙනකම් පාටි දැම්මා.. ගොඩක් විනෝදෙන් ඉදියා අපි හැමෝම.. මන් කියන්නෙ නෑ ඒ විදිහටම අපි දැනුත් ඉන්න ඕනි කියලා.. ඒත්……. හැමෝටම හැම කතාවටම අඩුම එක කමෙන්ට් එක ගානෙවත් දාන්න පුලුවන් නේද.. දාන එක කමෙන්ට් එක හරි ලස්සනයි ඔයා දක්ෂයිනෙ කියලා විතරක් කියන්නෙ නැතුව කතාව ගැන හිතට දැනෙන දේ කියාගෙන යන්න පුලුවන් නේද..? ඒ කතා ලියන්නෙත් අපි වෙනුවෙන්මනෙ නේද.. කතාවක් ලියන කෙනෙකුට වටින්නෙම කතාව කියවන අයගෙ අදහස්.. ඒ අදහස් වලිනුයි එයාලා තෘප්තියක් ලබන්නෙ ඒ අදහස් වලිනුයි එයාලා ඊ ලගට අලුත් කතාවක් ගැන හිතන්නෙ.. රිප්ලයි නැති නිසා කමෙන්ට් අඩුයි.. ඒ දේ පිලිගන්න බෑ.. මොකද ඉස්සරත් පබ්ලිෂ් උණු හැම කතාවෙම රයිටස්ලා කමෙන්ට් වලට රිප්ලයි කලේ නෑ.. ඒත් අපි කමෙන්ට් නොකල ඉදියෙ නෑ.. අපි හැමෝම කමෙන්ට් කලා සතුටින්.. ලොකු අයියා රිප්ලයි කරපු නැති උනත් අපි කමෙන්ට් කරනවා නිකන් නෙමෙයි දිග කමෙන්ට් නිසදැස් එක්කම.. ඒ ලොකු අයියා කමෙන්ට් පෙරේතයෙක් නිසා එයා කමෙන්ට් වලට ආස නිසා. තේරුම් ගන්න අනිත් අයත් ඒ වගේමයී.. රිප්ලයි කරන්න නිදහසක් නැත්තෙ එයාලා තාම ඉගෙන ගන්න අය නැත්තන් රස්සාවක් කරන අය සමහරු ඔය දෙකම කරනවා.. ඒ අතරෙ අපි වෙනුවෙන් ලියන කතාවලට ලස්සන කමෙන්ට් එකක් දාන්න නිහතමානි වෙන්න පුලුවන් වේවි නේද හැමෝටම..? හිතලා බලන්න ටිකක්..

      ලොකු අයියේ….. මන් වරදක් නම් කිව්වෙ සමාවෙන්න මට.. ඔයා ඉන්න තැන විතරක් දග පවුලක් තිබිලා වැඩක් නෑ නෙ නේද.. දග පවුල ඔයා නැති තැනත් තියෙන්න ඕනි.. මොකද දග පවුල කියන්නෙ ඔයාගෙ නිර්මාණයක්.. ඔයා තමයි මේ පවුලෙ තාත්තා.. හැමදාමත් දග පවුල කියද්දි මතක් වෙන්නෙ ඔයාව.. ඉතින් ඔයා ඉන්න කොට තීන දග පවුල හැමදාමත් වෙනස් නොවී තියෙන්නනෙ ඕනි.. ඔයා කාලයක් ඇප් එකෙන් ඈත් උනා යද්දි තිබුනු දග පවුල ආය එද්දි තිබුනෙ නෑ.. මතකද ඉදියෙ හතර පස් දෙනෙක් විතරයි. හරි අමාරුවෙන් අපි ටික දෙනත් එකතු උනේ.. මොකද අපිට ඕනි උනේ ඔයා එද්දි ඔයාගෙ පවුල ඒ විදිහටම රැකගන්න…. ඉස්සරහටත් ඒ විදිහටම මේ පවුල තියෙනවා දකින්නයි ඕනි.. ඒ නිසයි මේ දේවල් කිව්වෙ. මේ කමෙන්ට් එකෙන් ඔයාට වරදක් උනානම් ඔයාගෙ කතාව කැත උනානන් මට සමාවෙන්න ලොකු අයියේ..

      1. ඔයා හරි මැණික මං එකඟයි… අපි ඕක කොච්චර කියලා ඇද්ද.. ඒත් වැඩක් නෑ අනේ… ඒකයි දැන් මං කියන්නෙ නැත්තෙ… බීරී අලින්ට වීණා වයන එක ලේසි ඇති මීට වඩා… සමාවෙන්න ලොකූ මටත් මාත් දුල් එක්ක එකඟයි … මං දන්නවා ඔයත් මේකට එකඟයි කියලා.. මොකද ඔයත් 1 පාරක් මේක කිව්වා.. ඒත් අහන්නෙ නැත්තං අපි මොනා කරන්නද…

        1. අපි උනත් වැරදී අක්කි….. මන් ඇප් එකෙන් අයින් වෙලා ඉදලා ආයෙම ආපු දවසෙ ඉදන් දැන් දහ පාරකට වඩා කිව්වා.. මේම දකිද්දි ඇත්තටම දුකයි.. දග පවුල හැදුනෙ මේම නෙමේනෙ.. දග පවුලෙ තේරුමත් මේක නෙමේ.. අනේ මන්දා.. සත්තයි කලකිරිලා ඉන්නෙ.. දාලා යන්න බැරි නිසාමයි ඉන්නෙ..

          1. දාලා යන්න එපා මැණික … අක්කි පොරොන්දු වෙනවා අක්කි ඒ කතා වලටත් දොග කමෙන්ට් දානවා කියලා.. අනිත් අයවත් අපි ඒ ගානට ගමු…

          2. දාල යන්නෙ නෑ අක්කියෝ කවදාවත්… බැරි වෙලා හරි මැරුණොත් හොල්මනක් වෙලා හරි මන් එනෝ….

      2. ? එරන්දි ?

        දුල් මැණික දෙයක් කියන්නද ඇත්තමයි ඔයා ගැන හදවතින්ම සතුටු වෙනවා මන් අලුතින් ආව කෙනෙක් තමයි.ඒ කමෙන්ට් වලට විතරයි ඇප් එක පටන් ගත්ත කාලේ ඉදන්ම මන් මේ දග පවුලේ හිටියා හැම කතාවක්ම හැම කමෙන්ට් එකක්ම සතුටින් කියෙව්වා.ඔයාලා කියපු පිස්සු කමෙන්ට් වලට තනිවම හිනා වෙලා බැනුම් අහපු තරම් මන්.ඇත්තමයි ඉස්සර ඇප් එක මේ වගේ නෙවෙයි කතා පිරිලා.උදේ දවල් හවස රෑ කියලා නෑ කතාවක් දානවාමයි.කතා ලියන්න ගොඩාක් අය හිටියා.ඒ අයගේ හැම කතාවකටම කමෙන්ට සෑහෙනට තිබුණා.
        රෑට රෑ වෙනකන් පාර්ට් දානවා සින්දු කියන්වා ඩාන්ස් කරනවා කෝළම් ලෝකයක් මාත් සමහර දවස් වලට ඇහැරගෙන කියවනවා ඔයාලා දාන කමෙන්ට්
        ආයෙත් ඒ වගේම ඉන්න හැමෝම පරන අය අඩුයි තමයි ඒත් අලුත් අයත් දුල් මැණික කියනවා වගෙ හැම කතාවකටම එකතු වෙන්න.කතා ලියන අයව දිරි ගන්වන හොදම උත්තේජනය අපි දාන කමෙන්ට් එකම විතරයි.එයාලගේ සතුට ආත්මතෘප්තියත් එකම තමයි.අපි අපිට පුලුවන් උපරිමෙන් හැම කතාවක් එක්කම එකතු වෙලා කතා ලියන අයට තවත් ශක්තියක් වෙමු.
        දුල් නන්ගියෝ ඇත්තමයි ඔයා මෙහෙම කීව එක හොදයි.වැරැද්දක් නෙවෙයිනේ කීවෙ මැණික.දග පවුලට ආදරේ නිසානේ එහෙම කීවෙ.අපි කලින් වගේම දග පවුලේ ආදරෙන් ඉමු.දැකලවත් නැති අය මේකේ ඉන්නෙ.ඒත් අපි අපේ දුක සතුට මේ හැමදේම බෙදාගන්න තරම් ලන් වෙලා ඉන්නේ මේ කට්ටියම අපේ පවුලේ වගේම බැදීමක් හිතට දැනෙන නිසානේ.අපි අපේ දග පවුලට ආදරේ නිසානේ.අසනීප උනාම හොයලා බලනවා සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා පවුලේ අය වෙනුවෙන් කරන ප්‍රාර්ථනා පවා අපි කරන්නේ මේ නොදැකපු හැමෝම හදවතටම දැනෙන නිසානේ ඒ නිසා හැමෝම ඉස්සර දග පවුලේ හිටියා වගේම ඉමු.හොදද අනේ සමාවෙන්න සුදූලා වැරදි දෙයක් කීවනම්.හිතට එන හැමදේම අකුරු කලා.සුභ රාත්‍රියක් මගෙ දග පවුලේ හැමෝටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න අසනීප අයට ඉක්මනටම සනීප වෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ආදරෙයි ගොඩාරියක් ….?????????????

        1. ඇත්‍ත අක්කියෝ… ඒ පිස්සු වැඩ නිසාමයි ගොඩක් අය අපිට එකතු උනෙත්.. මට දුකයි කලින් වගේ ඔයාලා එක්ක ඉන්න බැරි එකට.. ඒත් පුලුවන් හැමවෙලේම මන් එනවා.. කොච්චර බැනුම් ඇහුවත් මන් එනවා.. ඒ මන් මේ පවුලට ආදරේ නිසා.. මන් සතුටින් ඉන්නෙ ඔයාලා එක්ක.. හැමෝම එකතු වෙලා සතුටින් ඉන්න.. හැම කතාවකටම ලස්සන කමෙන්ට් දාන්න…. අනේ මේ දග පවුල නැති වෙන්න දෙන්න එපා.. අත් දෙක එකතු කරලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නෙ එච්චයි…

          1. කවදාවත් නැති වෙන්න දෙන්නෙ නෑ මැණික … හැමෝම ගියාමත් හිටියෙ ටික දෙනයි .. ඒත් දැන් ආයෙම කස්ටිය ඉන්නවා… ඒ කස්ටිය හැමදාම ඉඳී කියලත් මන් හිතනෝ…

          2. ? එරන්දි ?

            අනේ එහෙම වෙන්නෑ නන්ගියෝ අපි හමෝම ඉන්නවනේ.හිතට දුකක් දැනුනත් ඇප් එකට ආවාම ඒ සේරම අමතක වෙනවා ඉතින් එහෙම තියෙද්දි මේ පවුල නැති වෙන්න දෙන්නෑ කවුරුවත්ම.මගෙ නන්ගත් පුලුවන් වෙලාවට එන්න හොදද.අනිත් කතා වලටත් දිග කමෙන්ට් දාමු අපි.ඔන්න මේ පාර මාත් ඉන්නවා.එක දිගට ටික කාලයක් එන්න බැරි උනොත් හොයන්න එපා ඉතින් ආයේ එන්න බැරිම නිසා තමයි ඒ වෙනකන් ඇප් එකේ ඉන්නවා මාත්.

      3. දේවාෂි

        නැහැ අක්කියෝ ඔයා හරී… සමහර වෙලාවට කවුරුත් බිසී ඇති තමයි… මාත් කොමෙන්ට් කරන්නේ සමහර දවසට පහුවෙලා නේ…. ඒකට සමාවෙන්න…??
        ඉස්සර තිබ්බ දග පවුලට මම කියන්න බැරි තරම් කැමති… මම ඔයාලා කවුරුත් දන්නවා… ඒත් ඉතින් ඔයාලා මාව දන්නේ නැහැ ඒක මගේ මෝඩ කම…???
        අපිට ආයේ ඒ විදිහට එකතු වෙන්න පුලුවන් වෙයි අනිවාරෙන්ම අක්කියෝ… අයියා එන්න ඉස්සෙල්ලා විසිරිලා තිබ්බ පවුලට වඩා දැන් ටිකක් හරි හොදයි නේ… අපි තව හදමු…. පුලුවන් හැම වෙලාවෙම මම එනවා… මම දන්නවා ඔයා තව ගොඩක් අය එනවා…
        ඉතින් ඒ නිසා අපිට ලස්සනට ඉන්න පුලුවන් සතුටින්…. කවුරුත් කොමෙන්ට් කරයි අක්කියෝ… අපි බලන් ඉම්මු… හැමෝම ඉක්මනට තේරුම් ගනී…??
        අනේ මම වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න… ඒත් ඔයාලා දන්නේ නැති උනාට… මගේ කොමෙන්ට් ලගදි ඉදන් වැටුනට… මම ගොඩක් පරන කෙනෙක්… මගේ දුකේදි මම ආවේ මේ ඇප් එකට… ඔයාලගේ කොමෙන්ට් බලලා ඒ බැදීම බලලා හිත නිවාගන්න… මම වැටුන තැන් වලදි මේ පවුල මගේ ලගින් හිටියා…ඒ නිසා මම මේ චූටි පිස්සු පවුලට ගොඩක් ආදරෙයි ඒකයි මෙහෙම කිව්වේ… වැරැද්දක් කිව්වා නම් සමාවෙන්න….???

      4. උක්කූං පුතා(SuMi )

        Dul නංගියා මට මේකට කේන්ති යන්නේ නෑ ඔයා ලග හිටිය නං බදාගෙන උම්ම එකක් දෙනවා… ඔයාට කලින් මං ඔය දේ ගොඩක් වෙලාවට මගේ කොමෙන්ට් වල ඇතුලෙම කියලා තියෙනවා.. මම කවදාවත් selfish කෙනෙක් නෙවෙයි නංගියා කතා ලියද්දි කොච්චර අමාරුද කියලා දන්නේ කතා ලියන අය විතරයි… ඒවට ලැබෙන වත්කම තමයි ඔයාලා දාන කොමෙන්ට් මොකද අපට සල්ලි ලැබෙන්න අපට කිසිම දෙයක් ලැබෙන්නේ කතා liua කියලා… ලැබෙන එකම දේ ඔයාලගෙ ආදරේ ඔයාලගේ ලෙන්ගතුකම ඔයාලා දාන මේ ලස්සන කොමෙන්ට්.. ඔයා බලන්න මාධවී නංගිගේ මේ ලඟදී ඉවර වෙච්ච කතාවේ අවසන්කොටසට මම දාපු කොමෙන්ට් එක..

        තව දෙයක් මම නෑ කියලා මේ දඟ සෙට් එක කවදාවත් කැඩෙන්නෙ නෑ ඒක මම දන්නවා මොකද මං මාස ගානක් හැවිල්ල හිටියේ නෑ මේකට ඒත් හතර දෙනෙක් අපේ දඟ සෙට් එක ආරක්ෂා කරගෙන.. එයාලා කවුරුත් නෑ කියලා බලන්නැතුව මේ අපේ දඟ සෙට් එක ළඟ පැමිළි එක ඇදගෙන ගියා.. සමහරක් විට ආයෙත් මේ කතාව ඉවර උනාම මාස ගානකට මම මේකට එන්නැතුව ඉදීවි ඒත් ඔයාලා හැමදාම ඉන්නවා… දඟ ෆැමිලි එක මම හැදුවට එකට මට වටිනාකමක් එපා කවදාවත්.. මොකෝ ඔයාලා ඔක්කොම නැතුව මම විතරක් make ඉඳලා වැඩක් නෑ කවදාවත්… මීට කලිනුත් මම දැක්කා සීන් එකක් ගියා කවි නංගි දාපු කොමෙන්ට් එකට… එදා තමයි මම දැනගත්තේ මට තියෙන තැන…. ඒක නිසා ඔයා ලොක්කෝ ම එකමුතුව ඉන්න කවදාවත් වෙනස් වෙන්න එපා මම නෙවෙයි මේකේ මුදුන්මුල ඔයාලයි මොකද මේ ගහට mudunmul ගොඩක් තියෙනවා.. ඒක නිසා රැකගන්න අපේ දඟ පවුල

        මං අදත් ඉල්ලනවා මාත් ගොඩක් වැඩ කරන කෙනෙක් මාත් ගොඩක් බිසී වෙන කෙනෙක් ඒත් මං ඔයාලට රිප්ලයි කරනවා බැරිම තැන මං පොදුවේ හරි කොමෙන්ට් එකක් දානවා මම වගේම ඔයාලත් ඒ රිප්ලයි එක බලාපොරොත්තුව කියන එක මම දන්නවා…එදා වගේම අදත් ඉල්ලන්නේ අනිත් කතාවටත් කොමෙන්ට් කරන්න රිප්ලයි බලාපොරොත්තු වෙන්නේ නැතුව.. මොකද එයාලා කතා ලියන්නෙ ඔයාලා වෙනුවෙන්… ඒකට වටිනාකමක් අනිවාර්යෙන්ම දෙන්න..

        ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි පුලුවන්නං හැමදාම එකමුතුව ඉන්න… තෙරුවන් සරණයි

  17. ? එරන්දි ?

    අම්මෝ කවුද අප්පා ඒ ආව හෝතඹුවා කෑවනේ ෆීලින් එක.අම්මෝ මන්නම් ඇහැක් වහගෙන කියෙව්වෙ ඔන්න ලැජ්ජයිනේ අප්පා??????.
    වෙලාවට ටක් ටක් ගෑවෙ.රූම් සර්විස් වෙන්න ඕනා කෑම ගෙනත් වෙන්න ඇති.එහෙම නැතිනම් මල්ලිලා සෙට් එක ආවොත් තමයි.දැන් ඉතින් ඒම බාල්දි පෙරන්නෑනේ අයියා.අපේ උක්කුං හොදයිනේ.ශෝයිම ශෝයි දැන්නම්.ලොකූ උම්මා එකක් දෙයි ශානි හෙට හොදේ… හෙට කොටසනම් කියවන්න බැරි වෙයි වගේ.හයියෝ අයියේ ඔයත්නම් සූටි අපිව නරක් කරනවනේ ඉතින්….

    ඇත්තමයි අයියේ වෙඩින් එක ගැන කියනකොටත් කදුලු ආවා කතාවෙ තිබ්බ වෙඩින් එකේ හැමදේම උනා වගේ මැවිලා පෙව්නා.ශානිගේ තාත්තා අඩන ව්දිය කිවාම මගෙ අප්පච්චිටත් මේ දුකම මේ වගේම මීටත් වඩා දැනෙයි නේද කියලා හිතුනා.හම්මෝ හිතම හිරි වැටුනා වගේ මතක් වෙනකොටත්…??

    රවීන්ගේ අම්මා කොච්චර ආදරෙයිද රවීන්ට හැබැයි පවනිව ලන් කරන්න එයා එහෙම උත්සහා කරන්නෑ ශානි ගැන කියලා තිබුණානම් රවීන්ගේ සතුට තමයි අම්මාගෙත් සතුට.හැම වෙලාවෙම අම්මාගේ ආශිර්වාදය තියෙනවනම් කවදාවත්ම වරදින්නෑ.ඒ ආශිර්වාදය ඒ තරමටම බලගතුයි.ඒක කියන්න වචන නෑ ඇත්තමයි….

    හපොයි කෝම හරි රවීන්ගෙ වෙඩින් එක අස්සේ කපල් ගොඩක් සෙට් වෙලානේ අප්පා.කපල් ටිකනම් මාර මැචින් අයියා මචෝ නියමෙට සෙට් වෙනවා.? ? ? ? ? ? .ඒකත් ජයසිරි මංගලම් කියලා අනිත් සෙට් ටිකත් ඉක්මනටම බන්දලා දැම්මනම් ඉවරයිනේ.එතකොට අවුලක්ම නෑ….

    ?????????
    මගේ නිවසේ මිණි පහන
    අද ඔබගේ පතිනියයි
    අප්පච්චි හට සමු දී
    ඔබ සමග පිටව යයි
    දරන්නේ කෙලෙස දුක
    දූවේ නුඹ මගේ ප්‍රාණයයි
    සතුටින්ම ඉනු නිබද
    පුතුගේ හුස්මත් නුඹයි….
    ?????????

    අයියා කොල්ලෝ කෝමද ඉතින් නර්ස් අක්කාව මතක් කර කර මනෝ පාර ගහගෙන ඉන්නවද අප්පා..තවම සනීප නැතිද අයියේ බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙලා එන්නකෝ අප්පා.පාලුයිනේ අයියා නැති උනාම.හොදටම සනීප වෙලා එන්නෙ හලිද රිප්ලයි දාන්න එයි නැතිනම් උඩ පැනගෙන කට්ටියට.හොදටම හොද උනාම ආවට කමක් නෑ ඉතින්.පරිස්සමින් ඉන්න අයියේ.වෙලාවට බේත් බීලා සනීප වෙන්න.හලිද ඉක්මනටම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලොකු අයියේ.සුභ රාත්‍රියක් බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට….

        1. කේන්ති යන්නෙ නැද්ද බන්???? හොඳම වෙලාවෙ කවුද ඇට ගෙම්බෙක් පැන්නනේ…. ???

        1. කට් කට් කට් ලොකූ… ශික් මුලු මූඩ් එකම අවුල් කරානෙ අනේ ඔයා මේ කාටදෝ කියලා දොරට තට්ටු කරවලා.. ??????????? මොන හැල ගෙම්බෙක් ද මන්දා මේ වගේ වෙලාවක එනවද යකූ….. මේ ලොකූ අම්මපා මුන් දෙන්නා බැන්දමවත් ඔයාට පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න බැරිද බාල්දිය ලඟින් යන එකක් හරි පෙරලන්නෙ නැතුව…?????? ශික් මොකාද ඒ ආවේ අම්මපා… දෙන්නෙ කොසු පාර මන් වගේ නම්… රූම් බෝයිද ආවෙ… කෑම ගෙනල්ලා නම් ඉතිං කමක් නෑ.. ඒත් ඉතිං කන්න ඊට වඩා හොඳ දේවල් තියෙද්දි අද මොකටද අනේ කෑම.. ???????
          මල්ලිලා නම් ආවේ ඒ න්ම්ම් හොඳකට නෙමේ …. ටෝච් 1 ගහන්නවත්ද දාන්නෙ නෑ නේද ආවෙ… ??????? රවීන්ට කලුවරේ ඇස් පේන්නෙ නෑලුද… ?????? බලමුකො ඉතිං හෙටම කවුද ඒ හෙණහුරා කියලා… පැණි හඳේ යන්නවත් නිදහසක් දෙන්නෙ නෑනේ අනේ මේ ලොකුවා… මොනා උනත් වැඩේ කැතයි ලොකූ… ?????????

          මන් ඒත් අහන්නමයි හිටියෙ රවීන්ගෙ අම්මයි නංගියි ආවෙ නැද්ද කියලා වෙඩින්ග් එකට… ඔය ඇවිත් තියෙන්නෙ අනේ… ඒකට තමයි කියන්නෙ මව් සෙනෙහසයි සහෝදර කැක්කුමයි කියලා.. අපි කොච්චර නපුරු වැඩ මුරණ්ඩු වැඩ කරත් එයාලගෙ ආදරේ වෙනස් වෙන්නෙ නෑ… ???????

          ශානිගෙ අප්පච්චිට දුක ඇති ශානිව යවන්න.. රවීන් කොල්ලා ගැන දන්නවා නම් ශානිගෙ අප්පච්චි කෙල්ලව ආයෙ ගෙදර එක්කන් යනවා.. ??????? ඕ යෑස්… මොකද බලන් යද්දි මේකා වල් කක්කුට්ටෙක්නේ.. ????????? ශානිව හදාගන්න ගත්ත ලමෙකුනත් ඒ අම්මයි අප්පච්චියි කිසි වෙනසක් කරේ නෑ නේද… එහෙම තමයිඅ ඉන්න ඕනේ… එහෙම පවුලක් ලැබුනෙ ශානිගෙ වාසනාවකට…

          ඇත්තනෙ ලොකූ ඔයා කියලා තියෙන්නෙ සමනල පියාපත අන්තිම වෙද්දි මල්සරාට වැඩ වැඩි වෙලාද කොහෙද… මේක යකූ මඟුල් සක්වලක් වෙලානේ… ???????????????????? හැබැයි ඉතිං මට දුකයි දුකයි දුකයි ????????? ඔයා මගේ ගැරඬි කොල්ලව අර පවන්සලාට දීලනේ.. මං මේ පටන් ගත්ත දවසෙ ඉඳලා හද පත්ලෙන් මැරීගෙන ගැරඬි කොල්ලට් ලව් කරද්දි ඔයා එයාව වෙන කෙනෙක්ට දීලනේ… ????????? කම්ක් නෑ කමක් නෑ.. ඌත් කකුල් නැතත් එක පයින් හරි දෙපයින් හරි පවනිටම සෙට් වෙලානෙ… මං ඉතිං මගේ ආදරේ පරිත්‍යාග කරනවලු ශාන් කොල්ලගෙ සතුට නිසා… ??????? ආදරේ කියන්නෙ හිමිකරගැනීමම නෙමේ කියලා කවුදෝ කාටද කියනවා මට ඇහුනලු… ???????

          කතාව මේ වගේ සුභවාදීව ඉවර කරපු එක ගැන නම් මගේ හද පිරි මෙව්වා 1 ලොකූට… ??????????? පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

          නර්ස් නංගි බැඳලා නිසා වෙන කෙනෙක් හොයමු අනේ… ශික් මං බලන් හිටියෙ කේක් කෑල්ලක් ඉල්ලගන්න ඒ වැඩෙත් හරි ගියෙ නැනේ… කොහෙද ඉතිං අපි වලක් කැපුවොත් ගෙම්බෙක්ලු… ???????

          හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ආදරෙයි ගොඩාක් හැමෝටම ?????????????????????

          1. අමාවකව හැංඟෙන්න
            සඳ එපා එළිය අද…
            නිවි නිවී දැල්වෙන්න
            තරු කැට හැංඟෙන්න..
            මං කියන දේ අසා
            මේඝය මෙහෙ එන්න…
            ඇගේ මූණේ එළිය
            දෑසේ දිස්නය
            මකා දමයි මගෙ දිවියේ කළුවර
            අද ඉඳලා නොපැමිනෙන්න
            ආයෙ ආයෙත් මගේ දිවියට …
            දැන් ඇයට බාරයි මම
            ඇගෙ ඒ එළියෙන්
            ආලොකවත් වෙන්න
            මට පමණක් ඉඩ දෙන්න…

          2. අනේ තැන්කූ මැණික … වචන හලියට ගැලපුනෙත් නෑ අනේ.. නිදි කුමාරයා ඇවිත් තුරුලටම එන්න එන්න කියලා අඬගහනවා කියහන්කෝ.. ????????? මාර වදේ මුගෙන්.. නිදි කුමාරයාට නින්ද යන්නෙ නෑලුනේ මං නැතුව…

          3. ? එරන්දි ?

            සදී අක්කියෝ ලස්සනම ලස්සනයි …..????

    1. අම්මපා අක්කි.. නිදි කුමාරයට පිස්සු හොල්මන් පේන්නෙ ටෙඩීලා වගේද දන් නෑ නේ…….. ??

  18. නිවාලන් ජීවිතේ කදුලු
    හිනාවෙන් ඔය මුවේ රැදුණූ…
    ???????
    නිවාලන් ජීවිතේ කදුලු
    හිනාවෙන් ඔය මුවේ රැදුණූ
    මගේ පෙම් හීනයේ ඇදුනූ
    ඔබයි දෙව්දූ //
    වශීයෙන් ඇස් ඔබේ ගැටුනු
    අනේ මං ආදරෙන් බැදුණූ
    හීනෙකින් වාගේ මුණ ගැහුනූ
    ඔබයි දෙව්දූ //
    ???????
    ලස්සන හිනාවක් කටකොනේ පුරවා
    ලොකු ඇස් වතාවක් මා දිහා හරවා
    හුරතල් කතාවක් ඔය මුවින් පවසා
    එක හාදුවක් දී සනසවන් හිත මා
    ???????
    විඩාවන් ජීවිතේ දැනුණූ
    නිවාලයි ආදරෙන් පිරුණූ
    දයාවෙන් ඔබේ හිත රැදුණූ
    තනාලයි රුවක් මට සොදුරූ
    වශීයෙන් ඇස් ඔබේ ගැටුනූ
    අනේ මං ආදරෙන් බැදුණූ
    හීනෙකින් වාගේ මුණ ගැහුනූ
    ඔබයි දෙව්දූ //
    ???????

    1. ? එරන්දි ?

      දිල් මචී නියමයි නේද ඒ සින්දුව.මොකෝ වෙන්නේ ඉතින් කෝමද ඔයාට..

    2. අද කොටස නම් පට්ට සතුටුයි වගේම ගොඩක් ආදරණීයයි.
      හැමෝම එකතු උනා.ඒ සතුට දැනෙන්නම ඕන විදින්න නම්.
      රවීන්ශා?නී වගේම.
      මාත් කීවා වගේ,
      නංගි❤️මල්ලී
      ශාන්❤️පවනි
      නයෝ❤️කවීශ් එකතු කරපු නිසා තවත් සතුටුයි. ඒකට නම් ???

      අම්මා තරම් කෙනෙක් ලොව නැතී මට නම්. ගෙදර නැතිවෙන්න ඕන පොඩ්ඩකට හරි.අම්මෝ මට නම් පිස්සු හැදෙයි. හැම අම්මා කෙනෙක්ම එහෙමයි.( සමහරක් අම්මලා ඇරෙන්න. )

      කතාව ගැන නම් කියන්න වචන නැති තරම්.සුපිරියටම ලියලා තියෙනවා. ඔයා ගැන කියන්න ඕන නෑ ලොකු ඔයාගේ හැකියාව හුගක් ඉහලයි. ඒ හැම දක්ෂතාවයක්ම, හැකියාවක්ම තවත් වර්ධනය කරගන්න සුභ පතනවා මං.
      පරිස්සමින් වැඩ කරන්න.මහන්සි වෙන තරමට රෙස්ට් කරන්න.
      කාලා , බේත් බීලා පරිස්සම් වෙන්න.
      හැමදාම සතුටින් ඉන්න.
      බුදු සරණයි

      පෙරුම් පුරන්න ඇති,
      ආත්ම ගනනක ඉදන්
      ඒ හැම ආත්මයකම
      අපේම වෙන්න ඇති

      හීන මවන්න ඇති,
      අහසක් තරමටම
      ඒ හැම හීනෙම
      අපි දෙන්නා ඉන්න ඇති

      ආදරෙන් බැදෙන්න ඇති
      ජීවිතේ පුරාවට
      ලංව හිද
      දිවි ගෙවන්න ඇති

      අදිටන් කරන්න ඇති
      සසර ගමන
      එකටම යන්නට
      එලෙසම වෙන්න ඇති

      ඔයත් , මාත්
      හරි අපූරුවට
      මේ ආත්මයෙත්
      මුණ ගැහෙන්න ඇති
      අදත් හෙටත් මතුවටත්
      පතමු එක සිතින්
      ආදරේ නාමයෙන්
      ආදරෙන් හිදින්නට.

  19. උක්කූං පුතා(SuMi )

    කෝමද මගේ දග සෙට් එක ???? ඔයාලා සතුටින් ඉන්නවා කියලා නම් මම දන්නවා… ?? මොකද මේ දවස් වල කතාවෙ ලස්සනම හරිය යන නිසා ඔයාලා සතුටින් ඉන්නෙ කියලා මම දන්නවා ????

    සැපෙන් සනීපෙන් ඉන්නවද කියලා තමයි මම අහන්නෙ ඔයාලගෙන් ???? ????

    ඉතිං මගෙ දග සෙට් එක අද ඉතිං මට මාර වැඩක් උනානෙ ??? මාර වැඩක් කියන්නෙ ඉතිං මම අසනීප උනා . ඒක නිසා මගේ අතින් ලේ ගත්තා. දැන් අත රිදෙනවා. ???? හැබැයි ඉතිං සුදු ලස්සන නර්ස් නංගි කෙනෙක් තමයි මගෙන් ලේ ගත්තේ ??? එයා ඉතිං මගේ අත ඇල්ලුවනේ ??? ඒක නිසා එච්චරම රිදෙන්නෙ නෑ ??????? ??? තාමත් ඒ සිනිදු අතේ සුමුදු පහස දැනෙනවා වගෙ ???? මං හිතන්නෙ වෙල්වට් සබන්ද කොහෙදෝ ගාන්නේ .. ???

    ඉතිං දග සෙට් එක මං අදත් සමාව භාජනේක දානවා මට ඔයාලට කමෙන්ට්ස් දාන්න බැරි වෙනවට.අවසන් කොටසට මං අනිවාර්යයෙන්ම ඔයාලට කමෙන්ට්ස් දාන්නම්. ඒක නම් පොරොන්දුවක් මගෙ හොදේ. ???

    හැබැයි මම ඔයාලගෙ කමෙන්ට්ස් නම් ඔක්කොම කියෙව්වා…. ??? බුදු අම්මෝ ???? මං පොඩියි පොඩියි කියලා හිතාගෙන හිටිය මේ පොඩි කෙල්ලො ටික ??? කමෙන්ට්ස් කියෙව්වම මට හික් ගෑවුනා ?

    ඔක්කොම අහලා තියෙන්නේ කවුද අර දොරට ගහපු එකා කියලා ??? මේ පුංචි උන්ගෙ ෆීලින් එක ඌ කාලා දැම්මලූ ??? මේහ් … මං මේ දන්නෙ නැති නිසා අහන්නේ …. මොනාද ඇත්තටම ඔයාලට නැති වෙලා ගිය ෆීලින්ස් …??? මාත් දැනගන්න ආසයි. ?? බලන් ගියාම මෙතන ඉන්න පොඩිම එකා මං නේ ???

    මං මේ අද හෙට නෑවිත් ඉන්න තව හේතුවක් තමයි ළමයි ඔයාලගෙ කමෙන්ට්ස් කියවන්න මට මාර ලැජ්ජයි අප්පා ???? මට නිකන් මොකද්ද මොකද්ද වගේ ???? අපි ඉතිං ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො නේ ??? ඒක නිසා ඒවා කියවන්න මට ලැජ්ජයි.

    ඔන්න හෙට කොට කියවන්නකෝ ??? එතකොට ඔයාලගෙ නැති වෙලා ගිය ෆීලින්ග්ස් ආයෙමත් ඒවි ????

    ඔන්න මං අද කිව්වා කියලා මතක තියාගන්න ?? අද ඉදන් මං තමයි මේ දග සෙට් එකේ මල්ලි බබා ??? …හරිද ළමයි ???

    එහෙනම් ළමයි ඔන්න මම පොරොන්දු වෙනවා අන්තිමට කොටසට මම අනිවාර්යයෙන්ම කමෙන්ට්ස් දානවා ඔයාලා හැමෝටම. ?? අවසන් කොටස වෙනකන්ම මේ ආදරේ මේ ලෙංගතුකම මේ විදිහටම තියාගන්න ළමයි හරිද ?
    දිගටම අයියට ලස්සන කමෙන්ට්ස් දෙන්න ? මොකද මම මේ ලෙංගතුකමට හරි ආදරෙයි … ඔයාලගෙ කමෙන්ට්ස් මේ ලස්සන නිසදැස් මට ලොකු හයියක් …. ඉතිං ඒ හයිය මට දිගටම දෙන්න. …

    එහෙනම් මගෙ දග සෙට් එක … ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ හොදේ ?? ආදරෙයි ඔයාලා ඔක්කොටම ?? සුභ රාත්‍රියක් මගෙ දග සෙට් එක .. බුදුසරණයි හැමෝටම ❤??❤??❤??❤

    දුක සතුට සිනහව කදුල මැද්දෙන්
    ගෙවීගිය කතාවක
    නිමාවට අප ළංවෙලා
    හරිම ඉක්මනින් ,,,

    දුකක් දැනුනත් හදවතට
    ඉවසන් ඉන්නේ
    කතාවක් නම් අවසන් විය යුතු නිසා
    ඇරඹුනා මෙන් ,,,,

    නැවත හමුවෙමු අලුත් කතාවකින්
    අමතක කරන්න එපා
    මේ ලෙංගතුකම කවදාවත්

    මේ ආදරේ සතුට
    දග පවුලෙ මේ එකමුතුව
    රකිමු අපි හැමෝම
    එකා මෙන් ,,,,

    දිවිය ඇති තුරා
    අපි එක්ව ඉමු
    එක පවුලෙ සොයුරු සොයුරියන් මෙන් ,,,

    සුමී අයියා ❤

    1. ලස්සනයි ලොකූ … ????? නර්ස් කෙල්ල නංගි උනාට… අත සිනිදු සුමුදු උනාට වැඩක් නෑනේ ලොකුවෝ ඒකි බැඳලනම්… ????????????? හැබැයි හොස්පිටල් එකට නම් වාසී… මෙයා නර්ස් ව බලන්න හරි යයිනෙ හැමවෙලේම… ??

    2. Chamodya Madusanki

      අම්මා ගහයි කිව්වලු ලොකුට හිත ගිහිල්ලද කොයිද ඒ නර්ස් කෙල්ලට දැන් අපේ ලොකු අයියා සතියක් නෙවී මාසයි දවසක් අත හෝදන්නෙ නැතුව ඉන්නොලු???
      ඒක ලස්සනයි ලොකූ

    3. අයියා මචන් ඔයා ලෙඩින්… ටිකක් නෙමේ ගොඩක් ලෙඩින්.. හොදටම දරුණුයි.. රෝග ලක්ෂන අනුව නම් අයියන්ඩිගෙ හිත අයියා ලග නෑ වගේ.. හිත නැවතිලා සුදු චූටි නර්ස් නෝනෙ කෙනෙක් ලග.. අසනීප වැඩි වෙන්න කලින් ඉක්මනටම ආය පාරක් සුදු චූටි නර්ස් නෝනේ ලගට ගියා නම් හරි වගේ… හාට් එක අරන් එන්ට……… ?????

    4. ? එරන්දි ?

      හපොයි ලොකූ ඔයාට ඒවා කියන්න හොදයි අපි බැලුවාම තමයි වැරදි..අම්මෝ ඔයා තවම හොස්පිටල් එකේද අයියේ කෝ කෝ ඇති අනේ හීන මැව්වා බහින්නයි කීවේ බිමට.අහසේ මාළිගාත් හදලා මේ ටිකට.නර්ස් අක්කාව හෑම තැනම පේනවා වගේද අයියේ ඒමනම් වැඩේ දරුණුයි ඔන්න.මුල්ලේරියාව පැත්තේ උනත් යන්න වෙන්න පුලුවන්…පරිස්සමින් හලිද …???? මෙයා මේ සුදු නර්ස් අක්කෙක් කියන්නේ කොන්ඩෙ සුදු කෙනෙක්ටද දන්නෑ අප්පා…නාකි උක්කුංනේ ඉතින්…..?????

      1. වැඩක් නෑ බං එ නර්ස් නංගි බැඳලලු… මට හිතෙන්නෙ ලොකූ රබර් ඇහැ දාන් ඉඳලා තියෙන්නෙ ඒ කෙල්ලගෙ වෙදඟිල්ලට.. ???? ශුවර් එකට මුද්දක් තියෙන්න ඇති… අයියෝ සාන්ත… පව් අනේ ලොකූ… මල්සරා අයියට විදලා තියෙන්නෙ මීට කලින් වෙන එකෙක්ට විදපු හීයකින් අමතක වෙලා… ??????

        1. ? එරන්දි ?

          අම්මෝ ඒකනම් සහතික ඇත්ත සදී අක්කා අපේ අයියට විදලා තියෙන්නේ කලින් විදපු හීයකින් තමයි හී හී පව් අප්පා…?????

          1. හයියෝ සාන්ත….. පව් අප්පා උක්කුං කොලුවා… ?????

    5. දේවාෂි

      චාමර ගහපන් මට පොල්ලකින්…..??
      ඔව් ඔව්… ඔයාට ලියන්න හොඳයි අපි මේ එක ඇහැක් වහගෙන කිය්වන්න තමයි හොඳ නැත්තේ….??
      මේවා මාර ලොජික් නේ සුසන්ත…..???

      ලස්සනයි ලොකූ… අනේ ඊයේ මේ ෆෝන් එක අයින් කරා මම… වෙන ලව් එකක් ගත්තා… දවල් ඒකයි එන්න බැරි උනේ….?
      බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ???❤

    6. දේවාෂි

      අහ්හ් අනික මචන් අයියේ ….සමාජ දුරස්ථ බාවය රැක ගන්න ඕන හොදේ … මෙතන අත් අල්ලා… දුරක් ගෙවලා… හිත් ඉල්ලා.. ගාගෙන ඉන්නේ නැතුව….??

        1. දේවාෂි

          ලේ නම් කොහොම ගන්න බැරිද සද… ඒ වගේද මුන් දෙන්නා මේ පොදු ස්ථාන වල කොරන දේවල්….???

  20. Sadamali nuwanthika

    අනේ අම්මෝ ලොකූ…මෙන්න මෙයා බබා වෙන්න හදනවා …එයා ඒවා කියනකොට හොදයි…අපි ඒවා කියවනකොට නරකයි….ලොකූ තමයි මේ චූටි කෙල්ලොන්ව නරක් කරන්නේ..??

  21. අනේ අම්මපා මේ රූම් බෝයිටත් එන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද මන්දා.. කුම්බාන්ඩයා..
    කතාව කියෙව්වෙ නෑ අයියා මචන් කියවුණා.. ? අනේ අපේ නයෝ අක්කී.. ඒකිටත් ලව් එකක් සැට් කොලා නෙව.. කවීෂ්.. ම්……….. නරකම නෑ ඉතින්.. පවන් සලාට ගැරඩි කොල්ලා.. අවුලක් නෑ ඉතින් ඒත් චතුර තමා සල සලාට වැඩියෙන්ම මැච් වෙන්නෙ.. එකම ගතිනෙ තියෙන්නෙ දෙන්නටම.. හිතන්නෙත් එක වගේනේ.. අම්මෝ……. එක්කො ශාන් හොදයි… බෝම්බ දෙකක් එක ලග ඉදලා පිපිරුණොත් අලාභ හානි වැඩීනෙ.. සල සලා පත්තු උනත් ගැරඩි කොල්ලා නිවිලා ඉදීනේ.. ඒ ජෝඩුව හොදයි ඒ නිසා..

    හෙටද දැන් මූන් එක කන්ටනිව් කරන්නේ.. අපරාදෙ.. දුවන් ආවෙ කවදාවත් දැකලා නැති මූන් එකක් බලන්න.. ෂික්.. ඒකත් කෑවා අර බස්සා.. දැන් ඇවිත් ” සර්…. ඩිනර් ගෙනාවා..” කියයි දැන්.. දෙන්න හිතෙනෝ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න ඇට ගෙම්බා..

    84 85 කොටස් දෙකම හෙට දෙන්න බෑද දන් නෑ නේහ්…. ? නෑ ඉතින් මන් හෙට විතරනෙ ඉන්නෙ ඒකයී.. බැරි නන් කමක් නෑ ඉතින්…

    කතාව ලස්සනයි අයියා මචන්.. සුභ පතනවා ඔයාට.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි..!!!

  22. නයෝ මධූ

    අම්මෝ අයියේ ඉතිං. නර්ස් නෝනාව ආයේ බලන්න යයිද මන්දා ඒ වර්ණනාවේ හැටියටනම්. එහෙනම් ඉතින් ඒකටත් ජය සිරි මංගලම් කියන්න පුළුවන්. අර රවීන් කොල්ලා ඔක්කොම සෙට් කළා වගේ… මේ මං විහිළුවක් කළේ හොදේ.

    කියන්නම වටින වැඩක් වුනානේ මට ඊයේ රෑ. මං රවීන්වයි ෂානිවයි හීනෙන් දැක්කනේ. මං ඊයේ කතාව කියවලා නිදාගත්තේ. ඇත්තටම රවීන් ෂානි දෙන්නව මගේ හිතේ ඇඳිලා තියන රෑප දෙකේ හැටියට මං එයාලව හීනෙන් දැක්කා. මාත් ඒ වෙඩින් එකට ගියානේ ඊයේ රෑ. මරුවට තිබ්බා අයියේ. මේ ඒ වගේ අදත් යයිද දන්නෑ හනිමූන් එක මැද්දට? අම්මෝ තිං ලැජ්ජාවේ බෑ අප්පා………????? අපි තාම චූටි කෙල්ලොනේ……………………… ???????????????

    මේ වෙඩින් එක ගැන කියද්දි මට මතක් වුනේ ඒ ටිකට් එක ලබන අවුරුද්දේ මට ඇදෙයි වගේ කියලා අනේ. රවීනුයි ෂානියි හොටෙල් එකෙන් යනවා කියලා කියද්දි මටත් මාරම අවුලක් දැනුනා. ඒ හැඟීමනම් මාරයි අනේ.. ඉපදුනු දවසේ ඉදන් හිටපු ගෙදර දෙමව්පියෝ සහෝදරයෝ දාලා යනවා කියන්නේ මොන තරම් දුකක්ද? මමත් යන්න ඉන්නේ ගොඩක් දුරකට. එතකොට ඉතිං ළඟ වගේ හිතුන ගමන් දුවගෙන එන්න බෑනේ. ?????

    අයියේ ඔයා රෙස්ට් කරන්න එහෙනම්. පරිස්සමෙන් හොඳේ. බෙහෙත් බොන්න වෙලාවට. බුදු සරණයි. ???????????????????????

    1. කෝමද නයෝ අක්කී…… ලබන අවුරුද්දෙ ඒනම් අපිට වෙඩින් කේක් කෑල්ලක් කන්ඩ පුලුවන් නේ…. ????

  23. කවී දේවාශී හිතෙශි අයේෂා හිම බෝලේ නයෝ මධු නම් කියපු නොකියපු කස්ටිය කො බොල… ?????

    1. ලුවීනා මැණිකත් ආගිය අතක් නෑ.. සහන් කොල්ලට තව පොඩි වැඩ වගයක් ඇති… රශ් කොල්ලා මොකක් ත්‍රාසජනක කතාවක හිර වෙලා ඇති… නේද ….. ???

      1. ඒක තමා අක්කියෝ.. රශ් කොලුවා ගොඩ ගන්නවා බොරු.. දිග……………………. කතාවක් කීවනේ ලියන්නෙත්… ??

    2. දේවාෂි

      අනේ සමාව හට්ටියකට දාන්න අක්කිලා පීස්….??
      මම මගේ ෆර්ස්ට් ලව් එක ඊයේ දවල් අතැරලා වෙන ලව් එකක් හොයාගත්තා..??
      ඒකයි ආවේ නැත්තේ…

  24. දේවාෂි

    කෑවා… කෑවා… කෑවා…?? අයියෝ කවුද අනේ ඒ තට්ටු කරපු රිලවා…. අනිවා රූම් සර්විස් එකෙන්….???
    මුන් දෙන්නට පැණි හදේ යන දවසටත් කන්න ඕන උනා නේ… ? ඔන්න ? එකක් වගේ නම් කමක් නැහැ කෑවට… ?? ඇයි ඉතින් ඔය මූන් එක වගේද නේ ? ?? බලහන් ඉතින් ඒකෙන් උනේ අහෝ දුකකි ඉරකි තිතකි කියලා අපේ මෙව්වා එකට තිත තියන්න…. ????
    අම්මෝ ඒක… මම නම් චුට්ටක්වත් කියෙව්වේ නැහැ…. ?? ඔක්කොම කියෙව්වා මිසක්…? අනික එක ඇහැක් වහගෙන කියෙව්වේ… මොකද නැතන්ම් මගේ බාලාංශ මනසට හොඳ නැහැ නේ….??
    යකෝ මෙතන එකක් මෙවෙයි මගුල් 4ක් 5ක් තියේ නේ… බලන්න ඉතින් ඒකෙත් හැටි… අන්තිමට මට තමයි එක්කෙනෙක් නැති උනේ…??? ඒකට කමක් නැහැ … අපේ දග පවුලේ ඉන්න.. ලස්සන සූටි අක්කා කෙනෙක් කැමති ද මාව බදින්න…. ඇබෑර්තු ඇත….??සැ. යු. මා වැනි පිස්සු නොමැති අහිංසක කෙල්ලෙක් විය යුතුය….??
    අම්මෝ යකෝ මේ රවී කොල්ලා මූට මාර හදිස්සියක් නේ තියෙන්නේ…. මේ තියන හදිස්සියට මොනාවෙයිද දන්නේ නැහැ ….???? ඒ උනාට ඉන්නේ නම් 4 පෝයට සිල් ගන්නවා වගේ…. ඒකෙන් වෙන්නේ මගේ සුට්ටන් හිත නරක් වෙන එක….??
    තාත්තා පවු…. හැම තාත්තා කෙනෙක්ම දූලට ගොඩක් ආදරෙයි ❤❤ මගේ තාත්තත් එහෙමයි… කොච්චර පිස්සු නැටුවත් එයාගේ දුවට ආදරෙයි …. හී කොහොමත් ඉතින් මම නේ අපේ තාත්තා ගේ වන් ඇන්ඩ් ඔන්ලි දූ සිගිත්ත…බලන්න ඉතින්… ආයේ මම වගේ එකෙක් හොයාගන්න බැහැ පංචිකාවත්තෙන් වත්….???
    අයියේ මේ මූන් එක මාසයක් වගේ අදින්න බැරි වෙයිද….? නෑ මේ නික්න් අහන්නේ…. මට නම් කියවන්න බැහැ නේ… ඒ උනාට අනිත් අක්කිලා සෙට් එක පවු නේ… හී…???
    කතාව නම් මාරයි… හී….. බෙහෙත් බීලා පරිස්සමින් ඉන්න අයියේ … බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….❤❤?

  25. Sadamali nuwanthika

    අද නැගිටින්න ටිකක් පරක්කු වුනා……අපේ අම්ම දේවාලෙ වැඩ පටන් අරන්…දෙහි කපනෝ හොදටම …??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.